.

.

Aug 26, 2012

විශ්‍රාම ගිය කතු තුමාට - Editor Quit



මගෙ යුග මෙහෙවර නිමවිය
නිරුවතින්ය චෞර රැජිණ
දියසෙන් කුමරා රජවිය
මුළු රටටම කිරි උතුරයි
මටත් සහෝ.. 
බොහො වෙහෙසයි
විශ්‍රාමය, විවේකයයි....

දූෂණ නැති, භීෂණ නැති,
හොරකම් නැති, යුද්දෙත් නැති,
ළොවේ උතුම් ජනරජයේ..
කතු කම් කොරලා කුමටද...?
ලියන්නේ මම මොන රෙද්දද...?

රිදී ජුබිලියෙන් එක්කළ,
රටේ උතුම් නායක කැළ,
ජහ මනයා ගැනම හිතන,
ස්විස් ගිණුමෙ ඉතිරි කරන..
මිනිස්ටර්ලා.. බට්ටො පනින,
සිසුන් ගුරුන්.. ඇදන් නාන...
කවුද කියන්නේ අසමත්...?
ළොවේ උතුම් ජනරජයට...!!!

දැන් කියලා දෙන්නම් මම,
චෙස් අදිනා නියම විදිය..
ඔනෑ නෑ කිසිම දෙයක්,
නින්දේදිත් චෙස් ඇදපන්.
(අපි නොදන්න චෙස්)
දැන් මම කියලා දෙන්නම්,
විශ්‍රාමය ගෙවන විදිය..
83 වර්ජකයෝ,
කරන්නෙ නම් වැරදි විදිය.
දැන් මම කියලා දෙන්නම්,
දරුවෝ දීග යවන විදිය..
ධනය බලය කුළය මලය
බලලා දෙන එක කදිමැය

රට යවන්න එපා ගෑණු..
ගිය අය ඔක්කෝම කැඳවන්..
රස්සාවට යවන්නෙපා..
ළමයි බලන් ගෙදර හිටින්..
අග විනිසුරු නෝනාටත්,
ගෙදර ඉන්න කියාපියව්..
ඒ වගේ තනතුරු දරන්න,
මේ වගෙ උන් දමාපියව්..

සංවර්ධන කෙසේ වෙතත්,
ගල් යුගයට රට ගෙනයන,
පාළකයන්ටම.. ගැලපෙන,
කතුවරුන්ය රට රවටන,
අනේ හුකේ මේ අහපන්..
වැඩ බැරි නම් ගෙදර ඉඳන්,
ගල් කාලක් නීට් ගහලා,
බයිට් එකට චෙස් කාපන්..

නිමිත්ත..
රාවය කර්තෘ තුමා කතුකමින් විශ්‍රාම ගෙන පවුල් සෞඛ්‍ය පන්ති පවත්වයි...

61 comments:

  1. ela kawi tika. Victor Ivan kiyannea paharayek

    ReplyDelete
    Replies
    1. ඒ වචනය හා එකඟ විය නොහැකියි. නමුත් ඔහු අදීන මාධ්‍යකරුවකු නොවේ. තවත් එක් පෘතග්ජන පුද්ගලයකු පමණක් බව ඔප්පු කොට හමාරය.

      Delete
  2. නිමිත්ත නොදැම්මට හිතාගත්ත හැකියි

    ReplyDelete
    Replies
    1. සම හරක් ඔය පත්තරෙ දැකලත් නෑ.. ඒකයි රටට හෙන ගහලා තියෙන්නේ.

      Delete
    2. විකල්ප කියවීමේ පුරුද්ද සෑහෙන්න වටිනවා

      Delete
  3. කතුවරයා සාම විටම මධ්‍යස්ත විය යුතුය.. ඔහුගේ අරමුණ විය යුත්තේ සාධාරණය හා අසාධාරණය පිළිබඳව ජනතාව එක ලෙස දැනුවත් කිරීමය..
    එකට මුන්...
    ලංකාවේ හොර ගැණු විතරක් ඉන්න එකනේ පුදුමේ.. මේ තියෙන හොර ගුහවල් අස්සේ එක රජෙක්වත් නෑනේ.. මෙ ටික රාවයේ දැම්මොත් මොකෝ..?
    මොකෝ කවි ටික එල
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. මේවා රාවයේ දාන එකක් නෑ කවදාවත්. නමුත් මම ලියපු ලිපි කීපයක්. මාතලන් නමින් හා වෙනත් නම් වලින් රාවයේ පලවී තිබෙනවා.

      Delete
  4. මං අදයි දැනගත්තෙ පල් හෑලි..ඕප දූප ලියන අයටත් කතුවරු කියලා කියනවා :-)

    ReplyDelete
    Replies
    1. නෑ කාළයක් ඔහු විශාල සේවයක් කළා..

      Delete
  5. කාලෙන් කලට වරමාදර්ශි චරිත හීන වෙන දැකි දකිද්දිත් දුකයි මචං

    ReplyDelete
    Replies
    1. අන්න එකයි මචං මටත් තියෙන හිතේ අමාරුව. ෆලෝවර්ස්ලා අනාතයිනේ..

      Delete
  6. ඒ කාලේ චෞර රැජින ලියපු අතේ මෑත කාලේදී කක්කා ගාගෙන හිටිය හැටි, ඒ විතරද කැත නැතිව ඇඟිලි ලෙවකමින් ඒවා කෑ අරුමේ.

    ReplyDelete
    Replies
    1. ඒ මදිවට අපිටත් කන්න කියනවනේ..

      Delete
  7. මං කිව්වෙ දැන් කතන්දර කරන්නෙත් ඔය ටිකනෙ. ලව් කරන හැටි උපදෙස් දෙනවා. තව තව දේවල් කියල දෙනවා. ඉතින් තව කතන්දර කෙනෙක් මොටද? :-)

    ReplyDelete
    Replies
    1. කතන්දර කියන්නේ ඇමරිකාවේ සුපර් මාර්කට් එකක් වගේ.. ඕන දෙයක් තියෙනවා..

      Delete
  8. මාතලන් මොකෝ මේ .. ආයේ ගොඩ බැහැපු වෙලේ ඉඳන් ආවේශ වෙලා වගේ .., මොනවා උනත් මම හිතන විදියටත් වික්ටර් අයිවන් කියන්නේ ,අවස්ථාවාදී දේශපාලනයේ කස කාරයෙක් ..

    ReplyDelete
    Replies
    1. ආවෙශ වෙන්නෙ නැද්ද මුවෝ.. ආදරය කරන උන් පිස්සු කෙලින කොට.

      Delete
  9. මාතලන් කට්ටඩි තුමා පරල වෙලා රසටම කවි ටික ලියලා...!

    ReplyDelete
    Replies
    1. මීට පෙරත් එකක් ලිව්වා මෙතනින් කියවලා බලන්න

      http://maathalan.blogspot.com/2012/03/ravaya-silver-jubilee.html

      Delete
  10. මූට බනින්න එපා මාතලන්. මේකා අයුක්තිය පෙනෙන්න බැරි එකෙක්. ඔං බලන්ඩකෝ "චෞර රජා සහ පවුල් හැත්ත" කියන පොත එලියට ආපුවම. තවම පරක්කු පොතේ වෙළුම් පහක් විතර තියෙන නිසා. ලියල ඉවර කර ගන්න බැරුව රැවුල අත ගගා ඉන්නවා අහිංසකයා.

    ReplyDelete
    Replies
    1. බොහෝ විට ඇත්ත කතාවක් වෙන්නත් පුළුවන්..

      Delete
    2. සමහර විට මෙයා බලයෙන් පහ වුණාම එළියට එයි ඒ පොත.

      Delete
  11. නියම කවි සෙට් එක අයියේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි... එහෙම දැනෙන්නේ කතාව ඇත්ත නිසා...

      Delete
  12. මේක මරැ..මාතලන්.. නමුත් මම හිතන හැටියට ලංකාවේ අනිත් පත්තරකාරයො කඩේ යන්නෙ තමන්ට ආවේනික තර්කයක් නැතිව. වික්ටර් අයිවන්ට තවමත් කඩේයැම පිළිබදව තමන් ගැන තර්කයක් තියනවා. එක නිසා අයිවන් අනිත් උන්ට වඩා හොදයි.


    http://bumuthurunu.wordpress.com/2012/07/11/%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%96%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%92-%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-2/

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙ ඒකම තමා. අපට ව්වෙචනය කරන්න ලේසියි. ඒත් අපි ඔහු හිටි තැන හිටියා නං මොකක් වෙයිද?

      කෙනෙකුට තම මුළු ජීවිතයම "පීඩිත ජනතාව" වෙනුවෙන් කරන සටනට කැප කල හැකිද? කිසිදිනක සාරථක නොවූ පන්ති සටනක් කල කෙනෙකුට, ඒ සටනේම පාවාදීම්, කළකිරීම් මැද කොතෙක් කලක් තම ප්‍රතිපත්ති පවත්වාගෙන ගිය හැකිද? සැබෑ සටන් කරුවෙක්, මාධ්‍යවේදියෙක් වීමට, ජීවිතයේ අතරමැද සාක්කි නැති මරණයක් උරුම විය යුතුමද?

      Delete
    2. දිසාගේ කාරණාවෙහිද යම් සත්‍යයක් ඇත, ඇනෝගේ අදහස හා එකඟ විය නොහැක. මන්ද යුක්තියේ දේශප්‍රිය හා එකම මතයක් උන් පුද්ගලයකු අද කීකරු බලු කුක්කගුගේ තත්වයට වැටීම නින්දා සහගතය. එසේනම් සුනන්ද දේශප්‍රිය හා සනත් බාලසුරියලාත් එසේ විය යුතුය. ඔවුන්ගේ අදහස් හා 100% එකඟ නොවූවද ඔවුන් තම මතය වෙනුවෙන් අදටත් පෙනී සිටී, වත්මන් ආන්ඩුවේ ඇති කිසිම වංචාවක් දූෂණයක් හෙලි නොකොට, මුව හමට තඩි බාන්නක් මෙන් ජේ ආර් ගේ ව්‍යවස්ථාවට හා ජේ ආර් ගේ හම ඇර. වත්මනෙයි නම රැකදීම මෙවන් පුද්ගලයකුගේ කාර්යය නොවේ. ඔහුට වැළඳි ඇති රෝගය බොහෝ දෙනෙකුට වැළදී ඇත. එම රෝගය උත්සන්න වූයේ රිදී ජුබිලිය විවේචනය කළ තම සඟයන් පාවා නිර්දය ලෙස පොළොවේ ගස දැමු අවස්ථාවේය. කරුමෙක මහත.

      රාවය හා වික්ටර් අයිවන් පිළිබඳ මගේ අදහස කලින් මා ළියූ සටහනකින් උපුටා දක්වමි.. සම්පූර්න පෝස්ටුව මෙතනින් බලන්න..

      http://maathalan.blogspot.com/2011/05/25-25-years-of-experience-with-ravaya.html

      // රාවයටම වෙන්වූ වෙනම පාඨක සමජයක් වෙයි. මගේ අදහස අනුව ඔවුන් බොහෝ විට මධ්‍යස්ත මතධාරින් වෙයි. අධ්‍යාපන තත්වය, ආර්ථික තත්වය, සමාජ තත්වය කුමක් වූවද ඔවුන් වෙනම සමාජ කුලයක් ලෙස හැඳින්වීමෙයි වරදක් නැත. කෙටියෙන් සඳහන් කළහොත් ඔවුන් සාධාරණ සමාජයක්, නීතීගරුක සමාජයක්, සාමකාමී සමාජයක් ප්‍රාර්ථනා කරන ශ්‍රි ලාංකිකයෝ වෙති.

      රාවය විකල්ප පුවත් පතකි, අතීතයේ සිට පෙනී සිටියෙ ගැලරිය සතුටට පත්කරමින් ජනප්‍රිය දේ ඉදිරිපත් කිරීමට නොව එයට සම්පූර්ණයෙන්ම විරුද්ධවූ තිත්ත සත්‍ය ගවේශනාත්මකව, මධ්‍යස්තව ඉදිරිපත් කිරීමටයි. විශේෂයෙන් උතුරේ පැවති ත්‍රස්දවාදය (මේ මගේ දැක්මයි.) පිළිබඳව ද්‍රවිඩ ජන සමාජයේ අදහස් පළකිරීමක් පලවූ එකම පුවත් පත රාවයයි. අදටත් ද්‍රවිඩ ජනතාව විඳින්නාවූ පීඩනය සිංහල පාඨකයාට ලබා දෙන්නේ රාවය පමනි. එය ඉතා අගය කළ යුතු කරුනකි. යුධ ජයග්‍රහණය, ඉන් පසු ඇතිවූ තත්වය, බෑන් කී මූන් ප්‍රශ්නය, ක්‍රීඩාව, ආර්ථිකය, විදේශ විත්ති විචාර, කළාව යන යන කුමන කරුණක් ගැන වුවද සමබර තොරතුරු අදටත් විචාරාත්මකව ඉදිරිපත් කරනේ ඔවුන් පමණි. උසස් රස වින්දනයක් සහිත යහපත් පුරවැසිකයකු ලෙස ජීවත් වීමට රාවය සෑහෙන දුරට ඉවහල් වූ බව සඳහන් කළ යුතුමය. විශේෂයෙන් ළොව උසස් කළා කෘති පිළිබඳව අදටත් අප දැනුවත් කරනුයේ ඔවුන්මය.

      මහින්ද මහතා බලයට පත්වන තුරුම රාවය කතුවර වික්ටර් අයිවන් මහතාගේ මත පිළිබඳව සුලු සුලු මත බේදාත්මක කරුණු තිබුනද සෑහෙන දුරකට එකඟ විය හැකි තත්වයක් තිබිනි. මන්ද රාවය මැද පිටුවෙන්, ලංකාවේ ඉහළම පුරවැසියාගේ පටන් මැති ඇමතිවරු, රාජ්‍ය නිළධාරීන්, අග විනිසුරු ඇතුලු විනිසුරුවන්, තානාපතීවරුන්ගේ සිට වංචාකාරී ව්‍යාපරකයින්, ක්‍රීඩකයින්, පැවිද්දන්, ආයතන යන එකි මෙකී සියල්ලන්ම කළ වැරදි. අකටයුතුකම් ගවේශ්නාත්මකව හෙලිදරව් කළ බැවිනි

      සැබවින්ම වංචාකාරී පුද්ගලයින් සහ ආයතන රාවයට දැඩ් බියක් දැක්වීය. එමහින් ලබාගත් සිවිල් බලය හේතුවෙන් ආන්ඩු පෙරලීමට පවා අත්‍යාවශ්‍ය පුද්ගලයකුගේ තත්වයක් හා සිවිල් සමාජයේ ගෞරවය දිනාගත් පුද්ගලයකු වන්නට ඔහුට හැකි විය. සත්‍ය වශයෙන්ම ඔහු අපගේ වීරයෙක් විය. එහෙත් මහින්ද මහතා බලයට පත්වීමෙන් පසු ඔහුගේ මෙම අනගි මෙහෙවර නිමාවට පත්වී ඇත. දැන් ඔහුගේ කතුවැකිය හා මැද පිටුව කියවීමට අවශ්‍ය වන්නෙ නැත. මන්ද යුද්ධය දිනා ගත් දවසේ පටන් ඔහු ලියන්නේ එකම දෙයක් බැවිනි.

      එනම් මැක්කාගේ කතාවයි. මහින්ද මහතා ශක්තිමත්ම් ජනාධිපති බවත් ඔහු ඔප දමා ගත යුතු බවත් ජාත්‍යන්තරය බුද්ධිමත්ව හසුරුවා ගත යුතු බවත් සුභ අනාගතය උදාවන බවත් එතෙක් ජනතාව ඉවසා සිටිය යුතු බවත් පමනි. 18 වන ව්‍යවස්ථාව සම්මත කර ගත් විටත් එහි වරද ජූනියස් රිචඩ්ටම පවරා නැවතත් මැක්කාගේ කතාව ලිවීම පටන්ගනී. සරත් නන්ද සිල්වාට එලව එලවා ප්‍රහාර එල්ලකල වික්ටර් නිහාල් සිල්වාගේ කිසිම වරදක් නොදකී. (මෙය වික්ටර් අයිවන් මහතාට පමණක් වැළදුනු රෝගයක් නොවේ. තවත් පත්තර කාරයන්ටත්, ජනතාවාදීයයි කියු කළාකරුවන්ටත්. වමේ පචෝරිස් නායකයන්ටත් ඇතුලුව බොහෝ දෙනෙකුට වැළඳි ඇති රෝගයකි. මේ පිළිබඳව වෙනම ලිපියක් ලියන්නට බලාපොරොත්තු වෙමි.)

      සමාවන්න ඔබව විවේචනයට භාජනය කිරිමට මා මොකෙක්දැයි ඔබට සිතෙනු ඇත. නමුත් ජනතාව ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මැක්කාගේ කතාව නොවේ. පෙර මෙන් හොරුන්, වංචා කරුවන්, දූෂිත දෙශපාලුවන්, නිළධාරීන්, ව්‍යාපාරකයින්, දේවගැතියන්, පූජයකින් සමාජයට හෙලි කරන, ඔවුන්හේ සිල්වත් සළුපිළි ගලව නිරුවත් කරන, ගවෙශනාත්මක, නිර්භීත, සත්‍යවාදී පත්තර කරුවායි.(මන්ද ජනාධිපති තුමා කොතරම් ජනප්‍රිය වූවත් ඔහුගේ අඩුපාඩු ඔහුට් පෙන්වා දෙන පිරිසක් ඔහුගේම යහපත සඳහා අවශ්‍ය වන්නේය.) //

      Delete
  13. අපූරුයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරුහිමා.. එහෙම දැනෙන්නේ කතාව ඇත්ත නිසා...

      Delete
  14. අපේ තාත්තත් රාවය අරන් ගොඩ ගහගෙන හිටියා.... පස්සේ කාලෙක ඔක්කෝම එකතු කරලා වේයෝ ගසලා ගිනි තියලා දැම්මා......

    දේශපාලනික දේවල් ගැන කතා කරන්න තරම් මට දැනුමක් නෑ කියලයි මට හිතෙන්නේ... ඒත් මේ කවි පෙල නම් හරිම අපූරුයි....... විශේෂයෙන්ම මේ අන්තිම ටික....

    //අනේ හුකේ මේ අහපන්..
    වැඩ බැරි නම් ගෙදර ඉඳන්,
    ගල් කාලක් නීට් ගහලා,
    බයිට් එකට චෙස් කාපන්..//

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා. ඔබ වත්මන් සිද්දීන් ගැන පැහැදිලිව නිරවුල්ව ලියන කෙනෙක්. ඒ දක්ෂතාවය තව තවත් වර්ධනය කර ගන්න. දිගටම ලියන්න. මොකෝ වැඩියෙන්ම බැට කන්නේ ගෘහනියන් නිසා.

      Delete
  15. මට හිතෙන්නෙ සුදු ඇඳුම අන්දල තිබුන කෙනෙක්ගෙ ඇදුමෙ කුණු ටිකක් ගෑවුන පලියට පොරව කළු චරිතයක් කරන්න හොඳ නෑ කියල... මනුස්සයෙක්නෙ... හැම මිනිහෙක්ගෙම සීමාවක් තියෙනව... ඒක පැන්නහම කළු පැත්ත එළියට පේනව...

    ReplyDelete
    Replies
    1. කුණු ගෑවුන එක ඉවසන්න පුළුවන්. ඒත් අපිටත් ගාගන්න කියන එකනේ දුක. අනික තමන් සමග හැමදාම උන් සඟයනට. ඒක වැරදියි නේ. එයා මඩ නෑවත් අපිට අවුලක් නෑ.

      Delete
    2. මමත් මේ කියන්නෙ ඒකම තමා, අයිවන් කලදේ හරියි කියල නොවෙයි. මිනිස්සු වැඩි දෙනෙක් - අපිත් ඇතුලුව, ඔක්කෝම කළු-සුදු චරිත. පුලුවන් තරම්කල් සමාජසේවේ කොලා, හම්බ වෙච්ච දෙයක් නෑනෙ. කාටත් අන්තිමට හරි තමන්ගෙ දු, දරුවො ගැන බලන්න වෙනවා. ඉතිං ඒකට හිලව්ව්වට මිනිහට කඩේ යන්න වුනා ,ගියා එච්චරයි

      මාතලන්, ස්තූතියි කලින් දීපු දිග පිලිතුරට. මම ඔයා කියල තියෙන දේට විරුද්ධ වෙනවම නෙමෙයි, මට කියන්න ඕනෙ වුනේ අයිවනුත් අපි වගේම පෘථක්ජනයෙක්, මිසක් අපි බලාපොරොත්තුවෙන සුපිරි මාධ්‍යවේදියෙක් නෙමෙයි කියලයි.

      Delete
  16. කෙනෙකුට පෞද්ගලික දේවල් වලින් ගහන එක හරි නෑ තමයි. ඒත් වික්ටර් අයිවන් තමන්ගෙ පෞද්ගලික දේවල් කියල තියෙන නිසා මේක කියන්නම වෙනවා.

    ඔය පවුල මම ටිකක දන්නවා. දැන් වික්ටර් අයිවන් කියනවා බැන්දයින් පස්සෙ දියණියන්ට ගෙදර ඉන්න උපදෙස් දුන්නා කියලා. ඇයි ඒ? ඒ දුවලා දෙන්නටම රස්සාවක් කර ගන්න බෑ. ඉතින් තාත්තගේ කීම අහලා ගෙදර ඉන්නවා වගේ තමයි පෙනෙන්නේ. පුතා වැඩිදුර අධ්‍යාපනයට රට යවලා මහින්දගේ පිහිටෙන්. ඒක ඇරුණාම ඔතැන මේ දරුවන්ට ලැබුණු මහා දෙයක් නෑ, මේ වගේ තාත්තා කෙනෙක් නිසා. ඔහු ඉතාම දුර්වල පියෙක්.

    දරුවන් හදන හැටි ගැන ආදර්ශ අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂගෙන් ගන්න. මේ වගේ හාල් පාරුවෙක්ගෙන් අපට ආදර්ශ මොකටද?

    ReplyDelete
    Replies
    1. ඔහෝ ඒකයි එහෙනම් මේ හැම එකාටම වලිය අදින්නේ. ජල භීතීකාව හැදිච්ච එකා වගේ..

      Delete
  17. දේශපාලනය......ඈක්කා......

    ReplyDelete
    Replies
    1. මම දෙන්න ඕන පිළිතුර පහල ඇනෝ දීලා තියෙනවා.. හැම එකාම දේශපාළන සත්වයෙක් බව අමතක කරන්න එපා

      Delete
  18. පිශාචයා@ දේශපාලනයෙන් අද තරුණ පරපුර ඈත් වීම නිසයි ආණ්ඩුව මේ තරමට පිස්සු කෙලින්නේ.තමන්ගේ පවුලේ එකෙක් දේශපාලක මැරයෙක් විසින් මැරුවත් ගොබ්බයො වගේ කට සහ *** වහගෙන ඉන්න සමාජයක් ඇතිවී තිබෙන්නේ මහජනයාගේ මේ නිහැඩියාව නිසයි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. වෙන දෙයක් ඕන නෑ. කොට කොටා යන ප්‍රයිවට් බස් වලට කෑ ගැහුවේ නෑ කට වහගෙන උන්නා. අද ඒක උන් ටයිමින් ෂෑඩූල් එක කරගෙන.

      Delete
  19. AnonymousAugust 26, 2012 10:47 PMඅන්තිම කොටස වෙනුවෙන් මේ කුණු බිත්තරේ පිළිගන්න.

    ReplyDelete
  20. දෙපැත්ත කාපු එකෙක් තමා මේ ...

    ReplyDelete
    Replies
    1. ඒකනං එච්චර අවුලක් නෑ.. නැතුව පත්තර කාරයෙක් වෙන්න බෑනේ. ඒත් ලොක්කා පැත්තක තියන්න. බාල පෙට්‍රල් ගැනවත් කටක් අරින්නේ නෑ නේ ඇමතියට විරුද්ධව වත්.

      Delete
  21. කවි ටික පට්ටය
    රට ගැන පට්ට බොරු ලියලා
    අපි ඉන්නේ ඔය කියන විදිහේ රටක නෙමේ :P
    අපිට හැමතිස්සෙම කිරියෙන් පැණියෙන් උතුරලා හරිය ඔහෙට වැරදිලා මාතලන්

    ReplyDelete
    Replies
    1. එහෙමනම් ඉතින් ෂොරි වෙන්න ඕනෑය..

      Delete
  22. FYI, I saw you commented on “නිලියක් සමග රැයක් ගත කලෙමී” blog post of චමී4යූ~chami4u, And he is lying, he just copied someone’s article. I am fully against on this kind of things in Sinhala blogs, so I just letting you know. Below is my reply to him, but he didn’t publish it. hope you against this kind of actions, same thing happen to me for some of my articles so I am doing this.
    -----------------------------------------------------
    I think you are copied exactly same product of original author's. This was long time ago circulated among FB and some mail groups, I also gotten from such and it was a scanned document from original book/article.

    I hope you have enough backbone to tell that you copied this from someone and show the original. with this wordings, I can guaranteed that you have very recently read this, perhaps you type this by looking the original one. why I saying that, these are the exact words in the original article.

    but with the reply comment to "රශෝද්", you are trying to say that you done this with little memory of another story.

    It's a shame, and you can do one more thing to prove it, just delete my comment.

    ReplyDelete
    Replies
    1. මේ මොන උලව්වක්ද කියන්නෙ මහත්තයෝ? කියනවකො තේරෙන හිංගලෙන්. සිංහල කියවන්න පුළුවනි නං ඇයි ලියන්න බැරි. අපිත් මේ බැරි මරගාතෙ කොටන්නෙ මේක හිංගල බ්ලොග් එකක් නිසානෙ

      Delete
    2. මෙවන් විවේචනයක යෙදෙන්නේ නම් ඔබ ගේ අනන්‍යතාවය හා උපුටා ගැනීමට හා සොරකමට ලක්වූ ඔබේ නිර්මාණ මොනවාද යන්න සමග ලින්ක් සමග පැමිණියේ නම් පිලිගැනීමට හැක. සමහර විට ඉංග්‍රීසියෙන් තිබු දෙයක් සිංහලට නැගුවානම් එය චමීගේ දක්ෂතාවයකි. මන්ද එය එතරම්ම රසවත්ව ලියා ඇත. නිර්මාණ මංකොල්ලයන් නම් ඒ ගැන ඔහු ලැජ්ජා විය යුතුය.

      Delete
    3. ඔය උඩ කොමෙන්ට් එක දාපු මහත්තයාට කියන්නෙ, කියන දෙයක් සිංහලෙන් කියන්න. දන්නෙ නැත්නම් මෙන්න මෙ ලින්ක් එකෙන් ගිහින් බලා ගන්න. මේක සිංහල බ්ලොග්ස් හින්දා සිංහලෙන් දාන එක තමයි අපි අනුමත කරන්නෙ.

      http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      අර පෝස්ට් එක ගන කියනවානම්, මම හිතන්නෙ ඕක පරන පත්තරයක තිබ්බ කතාවක්. පෝස්ට් එක ලියපු කෙනාට තියෙන්නෙ කොමෙන්ට් එක මකන එක නෙවෙයි, එයා හරිනම් හරි කියන එකට පිලිතුරු දෙන එක. මමත් කොමෙන්ට් එකක් දාන්න හදලත් ශුවර් නැති නිසා දැම්මෙ නෑ


      කොහොම හරි කවුරු කවුරුත් මේ සිංහල බ්ලොග් ලෝකෙ චාර්ටර් කරන්නෙ නැතුව ඉන්නවනම් හොඳයි, දැක්කනෙ පහුගිය දවස්වල වෙච්ච සීන්.

      මාතලන් ගොයියා : පට්ට කවි ටික ඈහ්.. ලොවෙත් නෑ.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ඇත්ත නේන්නම්.. මේ මොන මලඉලව්වක්ද? සිංහල බ්ලොගේ සිංහලෙන් ලියනවකො උන්නැහෙ....නැත්නම් යන්න බැරියැ ඔය ඕනතරම් තියෙන්නෙ කඩ්ඩෙන් බ්ලොග්..

      දැන් බලනව.."මලඉලව්වක්" කියල ඉංග්‍රීසියෙන් බනින්නවත් පුලුවන්ද ඔහෙට?

      Delete
  23. මම නම් ඉතිං ඉරිද පත්තරවලින් නොවරදවම බලන එකම පත්තරෙත් රාවය. ඒක අනිත්වට සාපේක්‍ෂව හොඳයි. වික්ටර් අයිවන් මහත්මය ගැන කියනව නම් ඔහුගෙ ලිවීම කාලයක් තිස්සෙ කියවපු කෙනෙක්ට ඔබ කියන වෙනස පැහැදිලිවම පෙනෙනව. ඒත් මේ යුගයෙ මහ රූස්ස ගස් විදියට රටට ලෝකෙට පෙන්නගෙන හිටපු හුඟක් අය ඇද වැටුණු හැටි අපි දැක්ක, මේ සිස්සටම් එකට අනුගත වීම හැර වෙන විකල්පයක් හුඟ දෙනෙකුට නැතිව ගිය බවක් එක් වරම පෙනෙන්නට ගත්ත වගෙයි මට නම් හැඟෙන්නෙ. කෙහොම වුනත් මට කියන්න ඕන වුනේ එකිනෙකාගෙ ඇද වැටීම ඔවුන්ගෙ දුර්වලකමක් කියල වෙන වෙනම සලකනවට වටා මරාගෙ දක්‍ෂකමක් කියල එකට සලකන එක වඩා පහසුයි කියල.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. එකඟ විය හැකි කරුනක්. ඒක ලොක්කගේ ටැලන්ට් එක. නමුත් ලොක්කගේ ඉනා වලට අහු නොවී නිහඬව උන්නා නම් මීට වඩා හොඳයි. ඉනා බේත් අපටත් කන්න කියනවට වඩා. ලොක්කා හිනා උනාම ඇති අපේ උන් මාට්ටු..

      Delete
  24. ප්‍රේමදාස යුගයේ මොහු රාවය පුවත්පත මගින් විශාල නිර්භීත සේවයක් කලා. ඉතාම දුකයි මොහු මේ ලෙස පීචන් වී ඉවත යන එක ගැන. මොහු ප්‍රතාක වීරයෙක් ලෙසයි මේ ගමන යන්න තිබුනේ.

    මොනවා කරන්නද, විවිධ ක්ෂේස්ත්‍ර වල ප්‍රවීනයන්ට අත් වුනු සාටකයේ සාපයෙන් මොහුටද ගැලවෙන්න බැරි වුනා. එදා රටේම ආදරයට පාත්‍ර වුනු සනත්, සූරියප්පෙරුම, රෝහණ වීරසිංහ, ජැක්සන්, පබා (අනේ මන්දා) වගේ අය රජාගේ මොකක්දෝ අවයවයක් ශක්තිමත් කරන්න කියල ගිහිල්ල වලව්ව පිළිකන්නේ පවුලේ ජංගි හෝදනවා. රටෙන් වැඩි කොටසකට දැන් මෙයාල දැක්කහම අධෝ මුකයෙනුත් හිනා යනවා.

    ReplyDelete
  25. එක්තරා යුගයක් තුළදී ඔහු‍ගේ මාධ්‍ය ක්ෂේත්‍රයේ භූමිකාවට මම කැමතියි. මෙකද ඒ ඔහුගේ පෑන අදීනව ක්‍රියා කළ නිසා. අනෙත් අතට මේ පුවත්පත විකල්ප වුණත් අනෙක් පත්තර එක්ක බලන විට ටිකක් තර්කානුකූලව බුද්ධියට ආමන්ත්‍රණය කරනවා. ඒනිසා තමයි මම පුවත්පතට කැමති.

    ReplyDelete
    Replies
    1. අදත් පත්තරේ වැරද්දක් නෑ. එහෙමම යනවා. අයිවන් මහත්තයට තමයි කෙල උනේ. සමහර විට ඒ නිසා වෙන්නැති කතු කමෙන් අයිනි උනේ.

      Delete
  26. අපූරුයි.ඔය චෞර රැජින පොත මම හෙවුවා හම්බ උනේ නෑ.දැන් රට කරන පාලකයො ගැනත් ඔය වගේ පොතක් ගහලා තියන බවයි ආරන්චිය..

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂලට කෙල උන දාට එළියට දායි.

      Delete
    2. @ ඉබ්බා,
      මමනම් ඒ දවස්වලම අරගෙන කියෙව්ව. ජංජාලෙත් සමහර තැන්වල පීඩීඑෆ් ෆයිල් එක තියෙනව මම දැකල තියෙනව, පොඩ්ඩක් සර්ච්කරල බලන්න.

      http://www.scribd.com/doc/58368666/Chaura-Rejina

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න