.

.

Nov 1, 2012

දෝසාබියෝගේ - Impeachment


ප්‍රියන්ත රත්නායකගේ ඉරහඳ පත්තරේ කියව කියවා උන්න ජනාධිපති තුමා නෝනාට කතා කර කිව්වේ, බලනවකෝ නෝනේ මේ යකා කියලා තියෙන්නේ, මේ දවස්වල ගෑණු අයට අපලෙයි කියලාය. ඒ මට නෙමේ අනේ, අනිත් ගෑණු අයට වෙන්න ඇති කිව්වාම, කාන්තාවන්ට කවදත් ආදරේ කරන ජනාධිපති තුමා කිව්වේ, එහෙම නෙමෙයි අනේ ඔයාටත් බෝලයක් දෙන්නෙයි මිරික මිරික ඉන්න කියාය. රජා උනත් වල්කම නම් ගිහින් නෑ කියා, මල පැන්න ශිරන්ති නෝනා සිතින් කියාගෙන ගියේ, රාජ යෝගයක් බදාගෙන අනෝමා ෆොන්සේකා නෑවට අපි මොනවා කරන්නද කියාය.

ඔය අස්සේ කඩා පාත් වෙච්ච බැසිල් මලයා අඬ අඬා කිව්වේ, අනේ අයියේ මම මිනිස්සුන්ගේ දිවි නගන වැඩේට අර ගෑනී ලෙඩේ අදිනවනේ කියලාය. මෙයා ඉතින් දිවි නගන්න යන්නේ ඇට බෙදලනේ කියා තමාටම කියාගත්ත ජනාධිපති තුමා කිව්වේ, අපි ඉතින් දුන්න ගේම් වලට එයා ලෙඩේ අදිනවා ඇති, ඔහෙත් අර සරත් ගුණවර්ධන වගේ වලියෙන්ම ඉන්නවා, නැත්තං ඉතින් එයැයි එක්ක වාසේ ටිකක් අමාරු තමයි කිව්වාම, බැසිල් අඬන ගමන්ම කිව්වේ අයියා කියන්නේ මොන ගෑනියෙක් ගැනද කියලාය. උඹ ඔය කියන්නේ අර චන්ද්‍රිකා මැඩම් ගැන නේද කියා කින්ඩි හිනාවකුත් සමග අහපු ජනාධිපති තුමාට බැසිල් මලයා කිව්වේ අයියා මගුලක් කතාකරනවා, එයා නෙමෙයි අනේ අර අළුත්කඩේ එක්කෙනා කියාය.

අම්මට හුඩු එහෙමත් එකක්ද, මොකක්ද කේස් එක කියා අහපු අයියාට, බැසිල් මලයා සාටකෙන් හොටු හූරන ගමන් කිව්වේ, එහෙම මට ඕනේ විදියට දිවි නගන්න බෑරියෙයි කියන්නේ, පලා බබාලගේ අවසරේ ඕනෙයි කියන්නේ කියාය. බබ්බුන්ගේ අවසරේ එයැයිගේ අහවල කාරනේ කරන්නදැයි කියා මලේ හොඳම එකත් පැනපු ජනාධිපති තුමා කිව්වේ මම ඔය බබ්බු ටිකටත් ගේමක් දෙන්න, අර හදාගන්න කොල්ලටයි, චම්පිකයටයි, බොරළුගොඩ සිංහයගේ යටිගිරියෙන් කෑ ගහන පුතාටයි පවරලා තියෙන්නේ කියලාය.

හරි හරි මම මොකක් හරි කොරන්නම්කෝ, ඔහේ යනවකෝ මෙතන අඬ අඬ ඉන්නේ නැතුව, මොකෝ රොයිටර් කෙනෙක් දැක්කොත් වෙන කතාවක් හදයි කියපු ජනාධිපති තුමා, ආ පොඩ්ඩක් ඉන්නවා මටම හැම එකම කොරන්න බෑ, තමුසෙත් ඔය ගෑණු ටිකකුත් එක්ක ගිහින් පොඩි පිකට් පාරක් දානවා, මම ඉක්මනටම මක්කා හරි කොරන්නම්කෝ කියා. අරන් හදාගන්න කොළුවටයි, ඩෝබිටයි, කතන්දර ලියන ඩල්සටයි ඇවිත් මාව හම්බ වෙන්න කියන්නෙයි කියා ලේඛම්ට කෝල් එකක් දීලා, එක කෝල් එකෙන්ම වැඩේ ශේප් කොර ගත්තේය.

අරන් හදාගන්න එකා කිව්වේ මට ඉතින් ගෙම දෙන්න පුලුවන් කටෙන්නේ මම දෙන්නම් පොරි හැලෙන්න කියාය. ඩෝබී මහත්තයා කිව්වේ සෑර් ඔතන ඉන්නේ මාර ගල් ආඳෝ අර මංජුලයා කරා වගේ කැලේ නීතී ගේම් එකක් කියලා පෙන්නන්න ඌම ගහගත්තා වගේ අපිව කිච කොරන්න ඉස්සර, ව්‍යවස්ථාවෙන්ම ගහමු ඔලුව කුඩුවෙන්න කියාය. ඩල්ස් කිව්වේ මම ඕන දේකට සප් එක දෙන්නම් ව්‍යවස්ථාවට අනුව කරන නිසා කියලාය. එහෙනම් ජී ඇල්ට කතා කොරලා එහෙම කොරනවා කියපු ජනාධිපති තුමා, ඩෝබිගෙන් ඇහුවේ ඇත්තද ඕයි නෙහාරා අරූ බඳින්න යනවා කියන්නේ කියාය. එහෙම කතාවක් තියෙනවා තමයි කියපු ඩෝබීට ලොක්කා කිව්වේ මේනකත් ඔක්කෝටම කොටලා අන්තීමට කෙහෙල ගහකට කෙටුවා වගේ කියලාය.

කැබිනට් එකේ තියෙන, චෝදනා පත්තරේ දැකපු වාසු කිව්වේ. මේක ඉතා සාධාරන එකක් නිසා එයා ජනතාව දැණුවත් කරන්නම් කියාය. දැන් මේක අපේ අයියට දෙන්නේ කවුද කියා ඇසුවාම ඉස්සරහ පේලිවල ඉන්න උන් පෙරලගෙන පස්සෙම පේලියේ උන්න අරුන්දිතයයි, ශාන්ත බන්ඩාරයයි, නාමල් බේබිවත් පෙරලගෙන කඩාගෙන ලොක්කගේ ඇඟටම ආවේය. උන්ගේ සයිස් එකට බය උන ජනාධිපති තුමා කිව්වේ මර්වින් හිටියනම් මට එකෙක්වත් ඕන නෑ එහෙනම් ඌ මේක දීලා අයියට වැඳලත් තමයි එන්නේ කියාය. සෑර් ඕක ගෑනියෙකුට විරුද්ධ එකක් නිසා මාත් යන්නද කියාගෙන පවිත්‍රා දේවි ජනාධිපති තුමාගේ ඇඟටම තුරුල් උනේය. පොඩ්ඩක් අප්සෙට් උන ජනාධිපති තුමා එක ගෑනියෙකුට ලව් කරලා කට්ට කන උන් ගැන දන්න නිසා, සීට් එක මාරු කරන ගමන් කිව්වේ තවත් බවලත් කෙනෙක් යනවනම් හොඳයි නේද කියාය.

කට්ටිය එක්ක චෝදනා පත්තරේ දීපූ වෙලේ ඉඳන් අරලිය ගහ මන්දිරේ ගෑණුන්ගෙන් පිරෙන්නට විය. පවිත්‍රා දේවී කිව්වේ අනේ සෑර් මගේ ජොබ් එක නිසා මටම දෙන්න කියාය. ප්‍රනාන්දුපුල්ලේ නෝනා ඇමතිකමක් ඉල්ලුවේය. ගෑනු ගොඩේ උන්න අරුන්දිතයි ශාන්ත බන්ඩාරයි දැකපු ජනාධිපති තුමා ඇහුවේ ඈ ඕයි උඹලටත් චීප් ජස්ටිස් වෙන්න ඕනද කියාය. දෙන්නාම එකට කිව්වේ ඕන් නෑ සෑර් අර මුතුහෙට්ටියා ඉල්ලපු එකක් හම්බ උනානම් හොඳටෝම ඇති කියලාය. පලයන් පලයන් යන්න ගෑණු ගොඩේ රිංගන්නේ ඒවට නෙමෙයි මම දන්නේ නැද්ද උඹලැයි හැටි කියූ ජනාධිපති තුමා දැක්කේ, මාලනි, අනර්කලි, ගීතා, කමලා රණතුංග අස්සේ චාන්දනී බන්ඩාරත් ඉන්න බවය.

ජනාධිපති තුමා ගෑණු වට කරගෙන ඉන්න කතාව ශිරන්ති නෝනාගේ කනට ගියේ එයාගේ චර පුරුෂ සේවයේ එකෙක්ගෙන්ය. හබියගෙ හැටි ඒ කාළේ ඉඳන්ම දන්න නෝනා, මල පැන්නත් ඒ බව නොපෙන්නා එතනට ගියේ මොකද වෙන්නේ කියලා බලන්නය. ආ ඔහෙත් ආව එක හොඳා කියා මල වනයක් වෙලා උන්න ගෑණු ගොඩෙන් පැනගන්න වෙලාවක් බලාගෙන උන්න ජනාධිපති තුමා එහෙනම් ඔයාලා මැඩම් එක්ක කතා කරගන්නකෝ කියා හෙමීට මාරුවිය. ටික වෙලාවකින් ජනාධිපති තුමා ගාවට ගියපු නෝනා කිව්වේ. මේ ඔය සෙල්ලම් නටන්න තියා ගන්න එපා. බහින්නේ එහෙම නෑ ගෙයින් එලියට කියාය. එහෙම කොහොමෙයි බජට් එකට මම යන්නම එපාය කියූ ජනාධිපති තුමාට නෝනා කිව්වේ. ඔය ඉන්නේ අමු ගොම හාල්පාරුවෝ ඕන තරම් එයින් එකෙක් යවනවා. මම නැතුව මීට පස්සේ එලියට එහෙම බහිනවා නෙමෙයි කියාය.

ප: ලි:
කොට කලසන් එකට හෝ ගාලා හිට්ස් එන වෙලාවේ උනත් මේක දැම්මේ මේක වෙන වෙලාවක දාලා වැඩක් නෑ..


68 comments:

  1. ඇත්තටම මාතලන් ඔබගේ දේශපාලන ප්‍රහසනයන් එලම කිරි.. ශිරානි කියන කෙනාගෙ පෞද්ගලික විෂමාචාර වගේ දේවල් අපිට වැඩක් නෑනෙ, මංජුලට ගහල මෙයාට දෝශාභියෝග ගෙනල්ල රටේ ස්වාධීන අධිකරණ පද්ධතියට මේ ඒකාධිපතිය කරන බලු වැඩේට එරෙහිව රටේ ප්‍රධාන විපක්ෂය (නායකතුමා ඇතුලූ) දක්වන ප්‍රතිචාර ගැන ඔබට සෑහීමකට පත්විය හැකිද? මේවට විරුද්ධව කොතරම් සටන් කල යුතුද ?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ඒත් පුදුම නිහැඬිතවයක් නේ තියෙන්නේ. කැලෑ පත්තරයකට දෝශාභියෝග ගෙන්න පුළුවන්නම් මේක පුදුම රටක්නේ. ඒවා ගෙනාපු අයට තියෙන විශමාචාර චෝදනා ගැන කවුද කතා කරන්නේ.

      Delete
  2. ආ.. හරි.. එතකොට අයවැය නෑ.... ලට්ට ටික පට්ට තමා...

    ReplyDelete
    Replies
    1. මාතලං ඉන්නවද..අන්න සීගිරයේ ඔටුනු හොයන්න ගිහිං එකෙක් අහුවෙලා..
      මාතලං ගියදා සිට සීගිරියට සෑහෙන අපල නෙව.. lankadeepa

      Delete
    2. අප්පා මාත් ඒක දැක්කේ දැන්නේ!

      Delete
    3. මගේ බ්ලොග් එක දැක්කම උන්ට හිතෙන්න ඇති නොමිලේ පබ්ලිසිටියක් දෙන්න..

      Delete
  3. මරාට හීනෙන් හෝ 'ශිරා' යන්න මතක් වනවිට චූ යන්නේ මේ දවස්වල ඇති සීතල නිසා නම් නොවේ. නැත්නම් මරාගේ මුත්‍රා බොක්කේ ශිරාවක ඇති ඇදයක් නිසාද නොවේ. හේතුව මරා 'ශිරා' නැමති නමට 'මර බියක්' දක්වන නිසාය. කොටින්ම ශිරා දෙපළම මරාට මළ වදයකි.

    ReplyDelete
    Replies
    1. කෝ කෝ. පැටිරියට් මලයා දැං මුකුත් ලියන්නේ නැද්ද??

      Delete
    2. අනේ මන්දා මහත්තයෝ..මට හදිස්සියෙම රාජපාක්ෂිකයෙක් වෙන්න වෙලා. දැන් වෙලාවක් නෑ හොයා ගන්න. ඒත් ලගදිම ආයෙ එනවා

      Delete
    3. දෙවන එපාවීම නම් පොදු දෙයක්

      Delete
  4. ඇතුලෙ වෙච්චදේ ඔච්චර හොඳට උඹ දැනගත්තෙ කොහොමද? :)

    ReplyDelete
    Replies
    1. මාතලන් චර ස්ත්‍රී සේවයක් පවත්වා ඇත !

      Delete
    2. කෝ උඹල ඒවල ඉඳලත් වැඩක් නෑ නේ.. ඔය සැමා කියල තියෙන්නේ ක්‍රමේ...

      Delete
  5. මම නම් මෙතන කැමතිම චරිත තමයි හදාගත්ත කොලුවා සහ ඩෝබි... උන් දෙන්න දෙන ආතල් කොමිට් වලට ඇනස්ලි /බර්ටි/සැමුවෙල් තුන් කට්ටුවත් පරාදයි මගෙ හිතේ... හදාගත්ත කොලුවගෙ පංචායුදේ කවුරු හරි හුරතල් කරන ගමන් කඩාගෙනද හැබෑවටම ?

    ReplyDelete
    Replies
    1. අළුතෙන්ම ඩිලාන් මහත්තයත් බැහැලා.. පොරත් බලන්න ඇති අපි මක්කටෙයි සැකොන්ඩ් වෙන්නෙ කියලා...

      Delete
  6. මේක නම් එළ මොනාද දන්නෙ නෑ

    ඔය කියන පෞද්ගලික විසමාචාර?

    ReplyDelete
    Replies
    1. ඇයි අර ජයරත්න හේරත් මහත්තයා කැලෑ පත්තරයක් ගෙනත් සභා ගත කොලේ.. ඒකේ තියෙන එක හරිම දරුණුයි නේ. කරුමෙ කියන්නෙ චෝදනා පත්තරේ දීපූ අයටත් එ චෝදනාම තියෙනවලු..

      Delete
  7. සුපිරියි.උඹත් රජමැදුර පැත්තෙ කරක් ගහනවද දන්නෑ ඕව දැනගන්න.

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් දේශප්‍රේමී ජනතාව නේ ආයිබෝවන්ඩ..

      Delete
  8. මාර ඉන්ට් එකක්

    ReplyDelete
  9. නියම දේශපාලන ප්‍රහසනයක්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දොරේ...

      Delete
  10. හිකිස්....... මරු එකට ලියලා තියෙනවා...... :)

    ReplyDelete
    Replies
    1. හිතේ අමාරුවට නිකන්ම ලියවෙනවා අනේ..

      Delete
  11. සරම් මාමට මෙතනනම් ටිකක් වැරදිලා වගෙයි තියෙන්නේ. මුලදීම පවුලේ එකෙක් ඔතනට දාගත්තනම් ඔය කරදරයක් නැහැනේ. අහලින් යන්නවත් සුදුසුකමක් තියෙන එකෙක් පවුලේ නැතුව ඇති තමයි, එත් ඔය දුරින් නෑ වෙන සමාදාන විනිශ්චයකරයෙක්වත් ඔය හම්බන්තොට පැත්තේ නැතෑ. එහෙමත් බැරිනම් ඔය හැන්දෑවට ගේ පිටිපස්සෙන් ඇවිත් දන්කුඩයක් කෙළලා යන පීරිසා වගේ එකෙකුට හරි ඕක දෙන්න තිබුනනේ.

    දැන් මේ වැඩෙන් මාමා හත් පොලේ ගාගෙන තියෙන්නේ. ඔය හැමදාම චන්දෙ දෙන අපේ ගමේ සුවරිස්ල උනත් ලොක්කගේ වැඩේ ගැන ටිකක් වපර ඇහින් තමයි දැන් බලන්නේ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද අනේ දේශප්‍රේමී ජනතාව මීට වඩා පෝද්දල සමූහ ඝාතනේ ගැනයි ගාල්ලේ පාරෙ මරමු එක ගැන උනන්දුයි. බලන්නකො බුකියේ පුරවලා ඒ මනුස්සයා මැරෙණ පින්තුර.. ලැජ්ජාව කියන්නෙ විකල්ප මාධ්‍යවේදියෙක් කියන චන්දන සිරිමල්වත්තත් බුකියේ ඒවා දාලා..

      Delete
  12. සුදු වෑන් එකක් එයිද මන්ද..

    ReplyDelete
    Replies
    1. නෑනේ... ඒවට බාලතෙලාගේ බාල තෙල් ගහල කොට උඩලු..

      Delete
  13. කච්ච්පුටාව ඊයේ නියෝජ්‍ය කෙරුවේ ඒකනේ,බ්‍රිෆ්කේස් එකේ කොළ ටික අරගෙන ගිහිල්ල කියෝලා වරෙන් කියල.සුපිරියටම ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ශේෂ්ඨ සිවිල් සේවකයකුට ගික කල... අමු ගොමනේ..

      Delete
  14. කවුරු හරි වුණත් කවුරු වැරදි වුණත් අන්තිමට වරදින්නෙ නම් අපිට.

    ReplyDelete
    Replies
    1. අපිට තව වරදින්න දෙයක් තියෙනවද ලොක්කා...

      Delete
  15. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද ? මේක මේ වෙලෙ නැතුව පස්සෙ දාන්නයැ

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ නැත්තන් උඹලම කියයි. අරූ කොට කලිසමක් දාගෙන සද්දෙ වහල ඉන්නවා කියලා...

      Delete
  16. නියමයි. ඇත්තටම සාටක මාමා නලකයිද.....?

    ReplyDelete
    Replies
    1. කවුද අනේ කියන්නේ. ඔය අදත් මාධ්‍යවේදියොන්ට කාරුයි ලැප්ටොපුයි දීලා කිව්වේ ඕන දෙයක් ලියන්න කියලා. ඒත් මේ ජඩ මාද්දිය වේදියෝ ලියන්නෙ නෑනේ. රජතුමා හෙළුවෙන් කියලා...

      Delete
  17. විකල්ප මාධ්‍යයක තීරු ලිපියකට නම් මරු මාතලං

    ReplyDelete
    Replies
    1. දිනමිණට හොඳ නැතෙයි.. හික්ස්...

      Delete
  18. උපහාසයෙන් වුවත් මේ කියන්නේ අපේ අනාගතේ ගැන. මම නම් හිතුවා ජනරාල්ට වැඩේ දෙන්න කට්ටිය සැට් වෙනකොටම ලබ්බට තිබ්බ අත පුහුලටත් කියලා. දැන් නම් ඒක හරි. මේ කට්ටිය ඒ කාලේ හිටිය හැටි මතක් වෙනකොට මට මතක් වෙන්නේ පැණි වරකාවට හෙන ගහපු කතාව.
    කොහොම වුනත් අපේ අනාගතේ බොහෝම අඳුරුයි. ඒ ගැන නම් මෙන්න කැට.

    මාතලන්ගේ සුවිශේෂී හැකියාව පිළිබඳ මගේ බලවත් ප්‍රසාදය.

    ReplyDelete
    Replies
    1. සිරාවට වෙද මහත්තයෝ මං ඉන්න රටේ වැඩි හරියක් පකිස්ථානුවෝ ඉන්නේ උන්ගේ රටෙත් තනිකරම යන්නේ මිලිටරිකරණය උන ඒකාධිපති පාලනයක් අනික් පැත්තෙන් අන්තවාදය.හොර මැරකම් පිරිල.ඉතින් උන් කීයටවත් තමන්ගේ රටට යන්න කැමති නැහැ.පුළුවන් තරම් කල් මෙහෙ වැඩ කරලා විශ්‍රාම ජීවිතේ ගෙවන්න කැනඩාව වගේ රටක් සෙට් කර ගන්නයි ලෑස්තිය.අපිත් සීග්‍රයෙන් එතෙන්ට යනව ඉගෙන ගත්තු තමුන්ගේ දහදිය මාන්සියෙන් හම්බු කරන මිනිහෙක් අද බලන්නෙ කොහොම හරි මේකෙන් පිට වෙන්න.හෙට අනිද්ද වෙද්දී තවත් හොඳ හොඳ සෙල්ලම් එලියට ඒවි. අපි තවත් දේශප්‍රේමී නිදි පෙත්තක් ගහල නිදා ගම්මු.

      Delete
    2. වෙද මහත්තයත් ටික දවසකින් ටටා බායි කියයි.. අපිට තමයි පෙරදිග සෝමාලියාවේ ඉඳන් සාගතයෙන් මැරිල යන්න වෙන්නේ..

      අර ඇනෝ කියලා තියෙන පකිස්ථාන් කතාව සහතික ඇත්ත. මම සාජාවලදි මගේ ඇස් දෙකෙන්ම දැක්කා...

      Delete
  19. නියම ලිපියක්..

    ReplyDelete
  20. විමලනාත්ගේ ආභාෂය ලැබිල තියෙනව......

    ReplyDelete
    Replies
    1. අද රාවය බලලා ඉවර වෙලා ලිව්වේ.. මගේ ප්‍රියතම තීරූ ළිපිය..

      Delete
  21. විමලනාත් වීරරත්නයාව මතක් වුණා.පට්ට මචං --ඊට වැඩිය දේශපාලනික ඌණපූරන එකතු කරන්න ඕනෙ නෑ කියලා හිතුණේ උබ මේක උපරිමෙන් කියලා තියෙන හින්දයි.

    ReplyDelete
    Replies
    1. උඹට මොකද ඉතිං. පට්ට ගහන්න කලිං තව කෙප්පයක් ලියපිය!!

      Delete
    2. මගේ ප්‍රියතම තීරු ළිපි රචකයා.. ඒ විදියටත් ලියනවා ඉඳ හිට... අවුලක් නෑනේ... හොඳ දෙයක ආභාෂය ගත්තට...

      Delete
  22. මදැයි හොඳ කොට කලිසමක් තෝරල අපේ උන්දැට අරන් දෙන්න ආවා.... දැන් ඉතින් එක පසුවට.... මුන් මෙහෙම උන්ගේම රොත්ත හැමතැනටම ඔබාගෙන ඔබාගෙන ගියොත්, මේ කපේදි අපිට ගොඩ යන්න බැරිවෙයි.... සිරානි නෝනා හිතුවට වඩා තදයි වගේ නේද? අනේ මන්ද බං හිනාවෙනවා තමයි... ඒත් අඬන්නයි ඕනෙ....

    ReplyDelete
    Replies
    1. මම අනාවැකියක් කියන්නම්. ජනරාලට වෙච්ච එකේ අනිත් එක වෙන්නේ. පෙන්ෂන් එකත් නැතුව ගෙදර යන්න තමයි වෙන්නේ. දැන් ආපස්සට ගත්තොත් ළෝක පුදුමයක්. නෝනටත් කොන්ද කෙලින් තියාගෙන ඉන්න තිබුනා. මහත්තයට පත්විම් දෙනකොට ගත්තෙ නැත්නම්.

      Delete
    2. //නෝනටත් කොන්ද කෙලින් තියාගෙන ඉන්න තිබුනා. මහත්තයට පත්විම් දෙනකොට ගත්තෙ නැත්නම්//

      මෙන්න මේක තමයි පොයින්ට් එක , මුලදි වාසි ගත්තාම පස්සෙ අනික් පැත්ත ගහන්න ඔට්ටු නෑ ,

      Delete
    3. කුම්බලා මාළු කෑවනම් විඳවපන් බලලෝ කිව්වලු...

      Delete
  23. බලමු නීති ගරුක රනිල් තුමා මොකද කියන්නෙ කියල

    ReplyDelete
    Replies
    1. රනිල් මොනව කරන්නද තුනෙන් දෙකක් තියෙන කොට. තවත් ඒවුන් සල්ලි වලට ගන්නයි කල්පනාව. එකෙක්ට ලක්ෂ 400. ජයරත්න හේරත් කිව්වේ ගනන් මිමි ඔක්කෝම..

      Delete
  24. Replies
    1. එව්ව නම් අහන්න එපා පනේ. රාජ්‍ය රහස් නේ...

      Delete
  25. මම බ්ලොග් එක කියෙව්වාට මේ තරම්ම සීරියස් කියලා දැනගත්තේ අද උදේ යාළුවෙක්ගෙන්.
    අපි කොහෙටද මචන් යන්නේ මේ?
    ඒ විතරක් නම් කමක් නෑ දවස් කීයකටද අපේ මිනිසුන්ට මේ දේවල් මතක තියෙන්නේ? බත් පැකට් එකටයි ටී ශර්ට් එකටයි චන්දේ දෙන රටෙනේ මචන් අපි ඉන්නේ කියලා මගී යාළුවා උදේ කීවේ...

    ReplyDelete
    Replies
    1. දුකා කියනවා වගේ සති දෙකයි මහත්වරුනී නෝනා වරැනි.. සති දෙකයි.... හි හි...

      Delete
    2. අපි මේ ආස්චර්යෙ බලන්න යනවා මචන් සෝමාලියාව පැත්තේ..

      Delete
    3. මේවා සති දෙකක් වත් මතක හිටින්නේ නෑ , මොකද අධිකරණය ලංකාවේ බහුතර ජනතාවගෙන් සැහෙන දුරස්ථදෙයක් . අධිකරණයට හෙන ගැහුවත් ගොඩක් උන්ට ගාණක් නෑ

      Delete
    4. කෝ ඉතින් මේවා ගැන උනන්දුවක් තියෙන උඹලත් සයිලන්ස් නේ.. ඉතින් තව කුමන කතාද...?

      Delete
  26. ‍මොනවද කියන්නේ මම..............
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. කියන්න දෙයක් නෑ.. බලාන උන්නම් ඇති...

      Delete
  27. අරුන්දිකයට දැන් සංසලා නැති නිසා කරන්න වෙන වැඩක් නෑ ඒකයි ඔය පැනලා දෙන්න ගියේ,,හික් හික් මරු කතාව

    ReplyDelete
    Replies
    1. එහෙම කතා කරන්න එපා ආන්ඩු පස්සෙ හොඳම කතිකයෝ දෙන්නගෙන් එක්කෙනෙක්.. කුකුලන් කෙටවිම් වලට මරු...

      Delete
  28. ඔන්න මාතලන් අද ඉදන් මමත් මේ පැත්තේ එනො

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වේවා කිව්වා.. ඕන් නොවරදවාම එන්ට ඕන ඈ....

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න