.

.

Nov 10, 2012

කූඩැල්ලා (පොඩි අය අම්මලගෙන් අහලා බලන්න) - The Leech...

කෙහෙල් කොට පාරුව.. මේ ඉන්නෙ නම් අපි නෙමෙයි

කලින්ම කියනවා මේක මට මතක් උනේ, "හෙන්රි බ්ලොග්වෝකර්" ලියන ඇන්ඩි ග්‍රිෆිත් ගේ පට්ට කතා දැක්කමයි. හෙන්රී වගේ ලස්සනට ලියන්න මට නම් බෑ. ඒත් මේ කතාවේ... ඒ අභාෂය නම් එකසිය ගානට තියෙන්න පුළුවන්. මොකද මම ඒ ශෛලියට ((හරිද මන්දා වචනේ), ඇල්කේමියාට තුති) කැමති නිසා. විශේෂයෙන්ම "කැරපොත්තා " කතාව කියෙව්වයින් පස්සේ. ඔයාලා ඒක බලලා නැත්නම් බලලම එන්න. එතකොට තේරේවී අපි පොඩි කාළෙත් මේ වගේ දේවල්, අපිටත් කොච්චර නම් වෙලා ඇතිද කියලා.

කැළණිය අපේ ගේ ගාවට කොළඹ ඉඳලා හරියටම 8 Km. ඒත් අපි පොඩි කාළේ මේක තනිකරම ගමක්. 77 ට පස්සේ සීඝ්‍ර දියුණුවකට ලක්වෙනවා. අද ඉන්න අයට මේ දේ වල් නැති උනත්. අපි ගමක ළමයෙක් විඳින සුන්දර ළමා කාළයක් මේ ගමේ ගෙව්වා. අපේ ගේ පිටිපස්සෙ කුඹුරක් තිබුනා. නමුත් කැළණි ගඟ ගලන කාලේට මේක යටවෙනවා. කුඹුර උනාට අපි ඕකට කියන්නේ වෙල කියලා. මේක යටවෙනවා කිව්වට අද වගේ නෙමෙයි. කුඹුරු කරන ප්‍රදේශයේ අඩි තුනක් විතර. ඒ උනාට ඒ කාළේ අපිට ඒක ළොකු වතුරක් ඇයි අපිට වයස දහයක් විතර ඇති මේ කතාව කියන කාළේ.

කතාවේ පාත්‍ර වර්ගයා තමයි මම, අපේ මල්ලි, කනිෂ්ක - එහා ගෙදර මගේම වයසේ මැන්ගෝ ෆ්‍රෙන්ඩ්, ගීතංජලි - මැන්ගෝ ෆ්‍රෙන්ඩ් ගේ නංගි, උන් අපේ ළඟම නෑයෝ. මැනිකා - එතකොට වයස 18 ක් විතර ඇති මාර ලස්සන, අපේ නංගි බලාගන්න ඉන්න අක්කා - ගමේ නාඩගං නටනවා කියලා,  අපි ගමේ ගියපු වෙලාවක මැනිකගේ ගෙදරින් බලෙන්ම දීලා.. එයාගේ කැමත්තෙන් අපේ ගෙදර ආවේ. ප්‍රේමසිරි - කනිෂ්කලයි කඩේ වැඩ කරන කෙනෙක්ගේ පුතා, වයස 16 විතර, ඉස්කෝලෙත් යනවා, නසරානියා. අපි වගේම තමයි.

වෙලේ වතුර පිරුණ ගමන් අපි කෙහෙල් කොටන් පාරු හදනවා. ඒ කතා කියන්න ගියොත් මේක ඔයාලට එපා වෙනවා. ඕක ටික වෙලාවක් පැදලා, වෙලට පනිනවා. අපේ බෙල්ල ගාවට තමයි වතුර. ටික වෙලාවක් පීනනවා කියලා වතුරේ ඇවිදලා, කස්ටියම එනවා, සිමෙන්තියෙන් වට කරලා ලස්සනට බැඳලා තියෙන ළිඳට. බාතෘම් වල නාන්න අපට පිස්සුය. මේකේ ඇදගෙන නානවා තරම් පට්ට ආතල් එකක් තව තියෙයි. අනික ඔක්කෝටම බාතෘම් එකේ නාන්න බෑනේ. ඊළඟට කූඩැල්ලෝ ඇදලා දානවා.

ඔන්න ඉතින් කූඩැල්ලෝ ඇදලා දාලා අපි කස්ටියම එකට නානවා. මැණිකා මේ හැම දේම බලන් ඉන්නවා. අම්මලාට අපි ගැන බලන්න වෙලාවක් නැති නිසා වෙන්න ඇති. කවුරු හිටියත් උයන්නේ අම්මනේ. කස්ටියම ඉන්නේ ජංගි ගහල. ජංගි කියන්නේ අම්මලගේ ගවුම් මහලා ඉවරවෙන, බූමිතෙල් ගඳ ගහන චීත්තවලින් මහලා, ඉනට ඉලාස්ටික් එකක් අල්ලලා තියෙන කොට කලිසම්.  බාල්දි දෙකෙන්ම ඇදගෙන නාපු අපි කට්ටියම එකට සබන් ගානවා.

බේබී හොඳට සබන් ගා ගන්න මූනේ... මැණිකා කියනවා.

එයානම් කියයි... ඇස් දෙක දන්න ගත්තම එයා මොනවා කරන්නද....? උදේට ඉස්කෝලේ යනකොට, අම්මා මූණේ සබන් ගාන කොටත් මම ඇස් දෙක තද කරගෙන ඉන්නේ.

හරි හෝදලා ඉවරයි... ඒ අම්මා.

ඇස් අරින්නද....?

හා අරින්න හෝදලා ඉවරයි.

හොඳටම හේදුවද අම්මේ....?

ඔව් දරුවෝ ඔව්,

ඔන්න එහෙනම් අරිනවා......?

අරින්න පුතෙ අරින්න...

ඒත්... තද කරන් ඉන්න එක පොඩ්ඩක් අඩු කරලා, දෙකට නැමිලා, බේසමෙන් වතුර ටිකක් අරගෙන ආයිත් ඇස් දෙකේ ගාගන්නවා. අම්ම අවිස්වාස නිසා නෙමෙයි, එයාටත් අහු උනේ නැති, අර ඇස්වලට අගුණ පෙන ජාතියෙන් පොඩි බින්දුවක් හරි අම්මට පේන්නේ නැතිව හැංගිලා හිටියොත්. ඇහේ වතුර ගාගත්තත් අරින්නේ නෑ. මූන පිහදාලා ඉවර උනයින් පස්සේ, ආයිත් ඇස් තද කරලා බලනවා. තුවායෙන් ආයිත් හොඳට පිහිනවා.

ඔන්න එක පාරක් ඇරලා ටක් ගහලා වහනවා. තොටළඟ තොරනේ වගේ මොනවද වගයක් එක පාරටම පේනවා. ආයිත් ඇරලා බලනවා.

ඒ පාර නම් අම්මව දැක්කා. ඔය ඉන්නේ සීදේවී වගේ හිනා වෙවි. ඒ උනාට ආයිත් වහනවා.

හ්ම් දැවිල්ලක් නෑ. බඩු ෂුවර්.. දැන් නම් හොඳටම ෂුවර්.. අර මූසල පෙන බෝල එකක්වත් නෑ කියලා.

ඒ උනාට, මැනිකගේ හිත නරක් කරන එකත් හොඳ නෑනේ. බොරුවට සබන් ටිකක් මූනේ අතුල්ල ගන්නවා.

ඔය මොකක්ද කරන්නේ... කෝ දෙන්න සබන් කෑල්ල.
අයියෝ..!!! ඉවරයි ඉතින් ආයෙත් අර කෝස් එක තමයි. අම්ම වගේම තමයි මෙයත්...

මූන හොදන්න කිව්වම ඉතින් ඒක කරනවනේ.. ඇස් වල ගාන්නම ඕනද...? ඔය සබන් හදන අයට බැරිද ඇස් දන්නෙ නැති.. නිකන් වතුර වගේ දෙයක් හදන්න. වතුරෙන් හේදුවට කිසි අවුලක් නෑනේ.. අනේ මන්දා කවුරු මේවා මොනවට හදනවද කියලා....? එක්කෝ කියන්න ඕන පොඩි ලමයින්ට නොවේ කියලා. අර අම්මයි තත්තයි විතරක් බලන්න යන ෆිල්ම් වගේ. ..

ඔන්න කරුම වැඩේ ඉවරයි... අනික් උන්ට නම් හිනා මමයි මගේ ඇස් දෙකයි විතරයිනේ දන්නෙ ඒකේ දුක.

ඔය ජංගිය අස්සෙත් ගාගන්න.

ඇයි මැණිකම ගාන්න.

අනේ මට බෑ.... ඕවයෙ ගාන්න..

එහෙනම් නංගිගේ ගාන්නේ...?

ඒ... නංගි පොඩියි නේ...

ඉතින් අපිත් පොඩියිනේ...

ප්‍රේමසිරියට හරි හිනා... අපිත් පොඩියි කියන්නේ එච්චර හිනා යන කතාවක්ද...? මමත් හරියට ප්‍රෙඩී සිල්වා වගේනේ.. මරු වැඩේ... ආයිත් කියන්න ඕන...

ඉතින්.. අපිත් පොඩියිනේ මැණිකම ගාන්නකෝ..

ප්‍රේමසිරියට හරි හිනා.. අපිත් ඉතින් හයියෙන් හිනාවෙනවා.. මේන් මැණිකට කේන්ති ගිහින්.. මොකටද කේන්ති ගන්නේ....?

ඉස්සෙල්ලා මගේ මූනේ සබන් ගාන වෙලාවේ කට්ටියම හිනා උනාම මැනිකත් හිනාඋනේ.. ඒ වෙලාවේ මට කේන්ති ගියාය....? ඇස් දෙක වහගෙන මමත් හිනා උනේ...

මම කියන එවටයි කරන ඒවටයි හිනාවෙන එක කොච්චර ෂෝක්ද...? මමත් එතකොට අර ෆිල්ම් වල ඉන්න ජෝකර්ලා වගේ නේ...එයාගේ ලස්සන මූන. අලිකලසමයගේ  මූන වගේ වෙලා. මට නම් ඔය අලිකලසමයගේ මූන පෙන්න බෑ..

හිනා උනා වගේ නෙමෙයි... මැණිකා තරහ උනොත්...!...? මම එක පාරටම ලයිට් එක ඕෆ් කලා වගේ හිනාව නවත්ත ගන්නවා....

ඉතිරිය පසුවට....

  

71 comments:

  1. මේ මොකද බං හිටි ගමන් තිරේ වැහුවේ...

    ReplyDelete
    Replies
    1. ඉතිරි කොටස ලබන සතියේ... හික්ස්....

      Delete
  2. මාතලන්ට මොකද මේ හිටි ගමන් වුනේ.........මොනා වුනත් නියමයි.මාතලන්ට වෙනස් වෙනස් ‍ශෛල්‍ය (හරිද මන්දා) වලට ලියන්න පුලුවන් නෙව...

    ඉතින් ඊට පස්සේ..............?

    ReplyDelete
    Replies
    1. හොඳම හරිය ඉතුරු හරිය...

      Delete
    2. හොදම තැන නවත්තලා අපව අතරමං කළානේ.

      Delete
    3. @ නලීන්
      දිග වැඩියි කියලා හිතුනා...

      Delete
  3. ෂා ... මාතලන්ටත් වෙලේ පාරු පැද්ද අතීතයක් තිබිල එහෙනං.

    මෙයත් ඒ පාර කඩ කඩ බෙදන්ට අරගත්තද?

    ReplyDelete
    Replies
    1. අපිත් හොඳ ගං කබරයෝ තමයි මහින්ද මාමා වගේ. හැබයි ගිරුවාපත්තුවේ නෙමෙයි. කොළොම්තොටේ....

      Delete
    2. @ සුජියා
      මොකෝ හක හක ගාන්නේ...

      Delete
  4. හොඳ තීරණයක් කථාව දිග වැඩි නිසාත් රසවත් නිසාත් මතු සම්බන්ධයි වගේ

    ReplyDelete
    Replies
    1. මේ විදියට ලියනවනම් පොතක් උනත් ලියන්න පුළුවන්. අතුරු කතාත් එක්ක. ඒත් තකොට බෝරින් නේ. ළබන සැරේ ඉවර කරණවා කොච්චර දිග උනත්.

      Delete
  5. වෙනස්ම ජාතියේ එකක්! එල එල!

    ReplyDelete
    Replies
    1. ග්‍රිෆිත් ස්ටයිල්. ඉන්ට්‍රොඩියුස් බයි වන් ඇන්ඩ් ඕන්ලි හෙන්‍රි ද බ්ලොග් වෝකර්

      Delete
  6. පොඩි කාලෙට ආපසු ගියා වගේ ඔය විදියටම කෙහෙල් කොට පාරු මාත් පැදලා තියනවා. දැන් කොටස් වශයෙන් හෙට අනිද්දට මැදට ඇඩ් දාන්න ගනීවිද?

    ReplyDelete
    Replies
    1. කීයක් හරි හොයාගන්න ගියොත් තමයි ඔහේලටත් අමාරුව. අපිත් ආසයි ලැම්බා ගිනි වල යන්න...

      Delete
  7. අපිත් ඔය කෙසෙල්කොට පාරුව හදනවා වැහි කාලෙට.අපේ ගමේ නම් මාතලන්ලට වගේ ගඟක් නැහැ.ඒ වුනාට ලොකු වෙල්යායක්ම තියනව.වෙල මැදින් යන ඇල තමයි ගලන්නෙ.ඒ ඇල ගිහින් බොල්ගොඩ ගඟට එකතු වෙනවා.ලොකු පෑවිල්ලකට පස්සෙ වහින වැස්සට අලුත් වතුර ඇවිත් යට වුනාට පස්සෙ මාලු එනවා කොහෙ ඉඳල එනවද කියල හිතාගන්න බැහැ. වැඩියෙන්ම එන්නෙ මගුරො.උන් වතුරට යටවෙලා තියන ඕවිටි වලට,වෙල අයිනෙ තියන රබර් වතු වල තියන කානු වලට එනකම්ම එනවා.ගමේ මිනිස්සු යකඩ පටියක් හරි ලොකු ලීයක් හරි අරගෙනගිහින් උන්ව මරල අල්ලගන්නවා.ගොඩට එන ඉබ්බන්ව අල්ලගෙන උඩු අතට හරවල තියාගෙනෛඳල රෑට උගෙ පිටේ ඉටිපන්දමක් ගහල යවනව.හැබැයි ඌ ගිහින් ගමේ කාගෙහරි පිදුරු මඩුවකට රින්ගුවිත් නම් ඉවරයි.දැන් ගමක ඉන්න ලමයින්ටවත් මේව බලන්න හම්බවෙනවද මන්දා?

    ReplyDelete
    Replies
    1. ගඟේ කෙහෙල් කොටන් පාරූ පැද්දොත් මෝදර මෝය කටෙන් තයි එන්න වෙන්නේ. මේකත් වෙලක්. අපිත් පොඩි කාළේ ඉබ්බන්ට ඉටිපන්දම් ගහලා යවනවා. කටුස්සන්ට දුම්කොළ කවනවා. මාළු බානවා (උන් නම් ආයිත් වෙලටම දානවා) අපායේ යන්න බය නිසා. මොනවද් නොකලේ. පොඩි එකාට ගමේ ගියාම ඒ ආතල් ගන්න දෙනවා. නැත්නම් අපි අපායේ යනවා.

      Delete
  8. මටත් පොඩි කාලෙ මතක් උනා.
    ගංවතුර කාලෙ පොඩි එවුන්ට අවුරැදු වගේ තමයි. පාරැ පදින්න ගිහින් අම්මගෙන් බැනුන් අහන එක කෙලවරක් නෑ.

    ReplyDelete
    Replies
    1. අපිටත් එහෙම තමයි. ඒ කියලා කවදාකවත් ගහලා නම් නෑ.

      Delete
  9. wow....
    නියමයිනේ. මට හිතෙන්නේ අර ඩර්ටි ජෝක්ස් වලට වඩා උඹට ගැලපෙන ලිවීම තමයි මේ...

    ReplyDelete
    Replies
    1. මේකත් මචෝ ඕපන් ගැන්ගම් ස්ටයිල් වගේ උස්සපු එකක්...

      Delete
  10. අපේ ගමෙත් මෙහෙම කෙහෙල් කොටවලින් පාරු හදන් යනවද? ඒ කතාවෙත් ඔය වගේ ලොකු අක්කෙක් හිටියා වගේ මතකයි.

    ඉතින් මැණිකා සබන් ගෑවලුද? :D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්නකෝ අනේ.. ඔහේව මට මතක් උනා. අර පින්තූර බ්ලොග් එක ආයෙත් පටන් ගත්තම. එකේ වැඩියෙන්ම හිට් වෙලා තිබුනේ මම ඔහේට ලියපු කවිය. දැන් නම් වෙන එකක්

      Delete
  11. ඉතින් බං ඔය දීලා තියෙන්නෙ ලෙසටම. ඇයි බං මග නැවැත්තුවේ කියන එක ගිලගන්නවා. ඒ වුනාට ඕං මමත් අතීතයට ගියා නොදැනිම. සබං මූණෙ ගාන සීන් එක නම් ඔය ආකාරයම තමයි. මමත් හැමදාම හිතනවා ඒයි මුන්ට ඇස් දන්නෙ නැති සබන් ජාතියක් හදන්න බැරි කියලා. පස්සෙ අපේ පුතාලා පොඩි කාලෙ ජොන්සන් නෝ ටියර්ස් කියලා ෂැම්පූ එකක්ම හොයලා ගානකොට මට අපේ පොඩි කාලෙ මතක් වෙනවා. අනික මොන විදියෙන් ගෑවත් ඇහැට යන්නම තමයි සබන් කියන ජාතිය ඩිසයින් කරලා තියෙන්නෙ. අර අම්මා ඕකේ එක දීලත් පොඩ්ඩක් තනියෙම වතුර ගාගන්න සීන් එක නම් මාරයි.

    කැළණි විහාරෙ ගාවද කිලෝමීටර් හතරෙ කනුව තියෙන්නෙ කියලා මම කල්පනා කලේ. එතකොට ඔය තල්වත්තද?
    ඔය හරියෙ හිටිය මගෙ දීපගෙ ගෝලයෙක් කෙහෙල් කොට පැදලා, අම්මට බයේ වතුරට පැනලා මැරුනා බං. උඹ දන්නවත් ඇති.

    උඹට බොහෝම ස්තුතියි මට දීපු පබ්ලිසිටියටයි වර්ණනාවටයි.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. උඹ අගේ කර කියන්නේ මේකේ ගත යුත්තක් තියෙනවා කියන එක නේ. මට කතා ලියන්න එච්චර බෑ. බෑ කියලා හරියන්නෙ නෑ නේ මේවා කොහොම හරි ලියන්නත් එපයි. මේ මචෝ තොරණ හන්දිය. අර සීන් එක මට හොඳට මතකයි. එතකොට අපි ටිකක් ළොකුයි. උඹව වර්ණනා කළා මදි. මොකෝ උඹ ටැලන්ට් සාගරයක්නේ. මම නිකමට අහන්නේ මට පේන විදියට උඹට ලස්සනට සින්දු කියන්නත් පුළුවන් වෙන්න ඕන. මම හරිද වැරදිද...?

      Delete
    2. අටේ කනුව කිව්වම මාත් බැලුවා ...හෙන්රි හතර කනුව කියන්නේ බියගම පාරයි නුවර පාරයි එක්කහු වෙන තැන . පන්සල ගාවට කිට්ටු හයේ කනුව . ඔය ඉතින් බියගම පාරේ . මාතලන් ඉඳල තියෙන්නේ නුවර පාරේ .

      අපේ පළාතෙත් කොල්ලෝ කෙහෙල් කොට ඔරු පදිනවා මට මතකයි. ගංවතුර ගැන මතක ගොඩයි . ස්තුතියි මාතලන්ට .

      Delete
    3. @මාතලන්: කතාව පට්ටයි මාතලන්. මම මේ උඹව මුරුංගා අත්තෙ තියෙනවා නෙවෙයි. මම හිතුවෙ උඹ බියගම පාර ගැන කතාකරනවා කියලා. දීපා ගුරුකුලේ ඉගැන්නුවා 92 ඉඳලා 2001 වෙනකල්. ඔය ළමයා මැරුනේ ඒ කාලය තුල. සමහර විට උඹ කියන්නෙ වෙන සිද්ධියක් ගැනද දන්නෙත් නෑ. ඒ මචං බියගම පාරෙ. මම වැඩ කලේ කොටහේන සෙන්ට්‍රල් එකේ. සින්දු කතාව මොකක්ද? අර මං ගිටාර් එක උස්සගෙන ගිය කාලයක් තිබ්බ හන්දා උඹට ඒ වගෙ ආරංචියක් ආවද දන්නෙ නෑ.

      @ බින්දි ඔය හතරෙ කණුවට හතරෙ කණුව කියන්නෙ ඉස්සර කොළඹ රජගේ ගාවා ඉඳලා ඔතනට හැතැප්ම 4ක් තිබ්බ නිසා වෙන්න ඇති. එහෙම නැතුව පාරවල් හතරක් එකතු වෙන්නෙ නෑනෙ ඔතනට. එතකොට එතන ඉඳලා තමයි ආයෙම කිලෝමීටර් පටන් ගන්නෙ බියගම පාරෙ. නුවර පාරෙත් එහෙමද කියලා මට මතක නෑ.

      Delete
    4. 4රේ කනුව කියන්නේ බියගම පාරයි නුවර පාරයි එකතු වෙන තැන තමා.. හැබැයි ඒ අර කිව්වා වගේ කලින් තිබුන හැතැම්ම ක්‍රමය යටතේ හතරේ කනුව ඔතන තිබුන හින්දා... දැන් තියෙන කිලෝ මීටර් ක්‍රමය යටතේ ඔය හරියට එද්දී කිලෝ මීටර් 6.7ක් විතර තියෙනවා වගේ මට මතක... ඉස්සර ඔය කනු හරි ප්‍රසිද්ධයි.. හතරේ කනුව.. එතකොට පත්මා සයිලන්සර් හයේ කනුව... මහර නවයේ කනුව... 14 කනුවේ ලී මෝල... ඔන්න ඔය වගේ... නුවර පාරේ කනු දැන් යන්නේ කිලෝමීටර්වලින්නේ පටන් ගන්නේ කොටුවෙන්... බියගම පාරේ ඒවා පටන් ගන්නේ ඔය කිව්ව හතරේ කනුව ගාවින් වෙන්න ඕන...

      Delete
    5. @ Bindi
      ඔයා ඒ පැත්ත දන්නවනේ. ඔයාටත් ස්තූතියි,

      Delete
    6. @මාරයා. ඒ දවස් වල කොන්දොස්තර වැඩේ ඒ පැත්තෙද කොහේද??

      Delete
  12. හෙන්රිගෙ (හෙන්‍රි නෙවෙයි බං - මූ සිංහල හදනව)ශෛලිය (මූ නිකං ජේ ආර් වගේ) නිකං ලාවට ලාවට ඇවිත් තියෙනවා. අපිත් ගිං ගඟ පිටාර ගැලුවම ඔය වගේ අළුගුත්තේරු වැඩ කළා. හැම සැරේම ගංවතුරට එකෙක් දෙන්නෙක් මැරෙන්න ගත්තට පස්සෙ ගංවතුර "බලන්න යන්න" විතරයි අවසර ලැබුණෙ. නැත්තං මෙලහකට අවුරුදු 30 අනුස්මරණ දානෙත් දීලා...
    මටත් ලියන්න නං කතා එමට තියෙනවා.... ඒ වුනාට දෙයියනේ මේ කතා ලියන කට්ටියගෙ හැටියට මට ලියන්න දෙයක් නෑ වගේ හිතෙනවා. දවසක ලියන්න ඕන ඒවත්..... ලියන්න වෙලාව තියෙනව නං කොඩ්ඩර ශෝක්ද ?

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචෝ සිංහල කියලා දෙනවට... "හෙන්රී" මම ටයිප් කරන්නෙ "හෙන්" වෙනම "රි" වෙනම... ඉඳලා හිටලා හෙන්‍රි කියලා වදිනවා ඒත් හරිනේ බන්... සද්දය එකයිනේ... අනේ මන්දා.. ලියන්නයි තියෙන්නේ පොරි හැලෙන්න..

      Delete
  13. කෙහෙල් කොට පාරු වලට අපි කිව්වෙ තෙප්පම් කියලා... ඒවා හදාගෙන ගංවතුර කාලෙට පදිනකොට මී හරක් කූඩැල්ලො හිටි ගමන් කෙහෙල් කොට අතරින් මතු වෙනවා... ආන්න ඒ වෙලාවට තමයි දෙවියන් සිහිකරගෙන ඉක්මනට තෙප්පම ගොඩබිමකට යාත්‍රා කරන්නෙ... කූඩැල්ලන්ට පොඩි කාලෙ හරිම භයයි මම නම්...

    ඒ උනාට මහාචාර්ය මාතලන් මෙතන කියලා තියෙන්නෙ වෙන කූඩැල්ලෙක් ගැන නෙව... කූඩැල්ලා මෙට්ටෙන් තිබ්බට වැඩක් නෑලු නේද...

    ReplyDelete
    Replies
    1. මට හිනා ගියා මේ කියන්න යන්නේ මී හරක් කූඩැල්ලෙක් ගැන තමයි.. ඔන්න කස්ටිය ඉඟියක් දුන්නා....

      Delete
    2. නැහ්........ ආබාධයක් නැහැනේ. මැණිකෙ අක්කා හිටිය නේ.අනික සබනුත් තිබ්බනේ.

      Delete
    3. @ සොසි
      දැන් කතාව කියන්න වෙන්නේ නෑ. මී හරක් කූඩැල්ලෝ සබන් ව්ලට යන්නෙ නෑ ලේසියෙන් ..

      Delete
  14. ඔව්සම්....කොහෙද ඉතින් ඒත් ඉතිරිය ලබන සතියේ නේ...

    [ මාතලන් අයියේ අර පෝල් එක මට ලෝඩ් උනේ නැහැ හරියට ( ප්‍රතිපල සෙට් එක ) ]

    ReplyDelete
    Replies
    1. මොන ප්‍රතිඵලද මහත්තයෝ. අර ඔබාමාගේ එකද...? ඒකේ 66% ඔබාමට මනාපේ දීලා තිබුනා..

      http://polldaddy.com/polls/results.php?id=6636999

      Delete
  15. අනේ මරු මචං, අපි කෙසෙල් කොට ඔරු පැද්දෙ ඇලේ. අපි ජනපදකාරයෝ නේ. කුඹුරු යායට වතුර ගෙනියන ඇලක් හැම ගමකම මැද්දෙන් වැටිලා තිබුණා. අර අම්මා මූනේ සබන් ගාන හැටි. මගේ අත්දැකීමත් ඒ වගෙමයි. ඇස්වල කදුළු මචං, ආයෙ කොහින්ද එහෙම ජීවීතයක් ?

    ReplyDelete
    Replies
    1. ජිවිතේ කියන්නෙ ඒක තමයි. හැමදාම වෙනස් වෙනවනේ. කාලයත් සමඟ.

      Delete
  16. පුංචි කාලේ සබන් සිද්දියනං මටත් පොදුයි. අපේ තාත්තා ඔහොම කෙසෙල් කොට පාරු පැද්ද විස්තර කියනවා අහගෙන ඉදලා අපි තුන් හතර දෙනෙක් වෙලේ ඇලේ පාරු පැද්දා. එකම එක වතාවයි ඒත්.
    මී හරක් කූඩැල්ලෝ හෙන දිගයි නේද??

    ජය..

    ReplyDelete
    Replies
    1. අඟල් හයක් විතර ඇති.. සමහර උන්....

      Delete
  17. ඉහතින් ම දක්වා අැති ලින්කුව බුකියෙහි share කරන ලදී! :)

    ReplyDelete
  18. ෂා නියමයිනෙ...මේ මාතලන්ද?

    ලොකු වැස්සකින් පස්සෙ ගෙවල් පහල වෙල් යාය එකම ජලාශයක් විදිහට වතුරෙන් යට වුනාම අපි පුංචි කාලෙ කෙහෙල්කොට ඔරු පැදපු හැටි සිහියට ආවා...

    බේබිගෙ හිත ඇතුලෙන් මැණිකව දකින හැටි මටනම් දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. හික්ස්... මේ ඒ මාතලන්ම තමයි...

      අවංකව කතාව ලියන්න එපයි.. තේරෙනවනේද යමක්... ඒකත් මාර වැඩක් නේ....?

      Delete
  19. ගංවතුර කිව්වහම මතක් උනේ ගං වතුර කාලෙ මන් කල වැඩකුත්.

    කඩේ ගිහින් එනවා මිසක් වතුරෙ බහින්නෙ නෑ කියල මාව අම්ම කඩේ යැව්වා.
    මං අවවාදය හොඳට පිලිපදිමින් හික්ස් එනගමන් වතුරෙත් බැහැලා තමයි හොඳ ලමය වගේ ගෙදර ආවේ.

    මං කිව්ව නේද වතුරෙ යන්න එපා කියල

    ඉතින් මං ගියෙ නෑ.

    නෑ එහෙනම් කොහොමද කකුලෙ කූඩැල්ලෙක්

    කකුලෙ බත්කෙන්ද පිටුපසට වෙන්න හිටිය කූඩැල්ල මං දැක්කෙ නෑ, හදිසියට

    ReplyDelete
    Replies
    1. මම පොඩිම කාළේ පොඩි ධර්මාළෝකෙට ගියා.. මට නිතරම හතිය හැදෙන නිසා කේරී එකෙන් අස් කරලා ඒකට දැම්මා එතන පන්ති තිබුනේ හැන්දෑවේ නිසා. ඒ කාළේ ලස්සන පොල් අතු මඩුවකුත් තිබුනා. අපි ඉස්කෝලේ ගියේ සෙරෙප්පු දාලා. මට මාර ජොලි. වැස්ස දවසට සෙරෙප්පු දෙක අතේ.. ඔක්කෝම මඩ වලවල් වැඳලා තමයි ගෙදර එන්නේ..

      Delete
  20. fattay aa මටනං සුරන්ඟනා කතාවක් වගේ... අපිට ඔය වගේ අත්දැකීම් නැහැනේ

    ReplyDelete
    Replies
    1. මම නම් අපේ පොඩි මහත්තයට ගමේදි මේ දේවල් ලබා දෙන්න උපරිම උත්සාහ කරණවා.. එයා පුදුම ආතල් එකක් ගන්නේ...

      Delete
  21. ඔය ලියල තියෙන්නේ තියෙන්නේ "බුරි උල්"[නෙන්රි ගේ වචනයකි] වෙන්නම ලියල.ඇත්තටම සුපිරි ලෙසටම ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. නෑ කෙන්ජි. ඕක මම ඉගෙනගත්තෙ අනිත් බ්ලොගර්ස්ලගෙන්. උදාහරණයක් හැටියට මාරයත් ඕක පාවිච්චි කරලා තිබ්බා මාර චාරිකාවක. ඊට කලිනුත් මම දැකලා තියෙනවා බ්ලොගර්ස්ලම පාවිච්චි කරනවා. නිර්මාතෘ දන්නෙ නෑ.

      උඹ දන්නවද මචං මම දකින සිංහල අකුරු මේ කම්පියුටර් ස්ක්‍රීන් එකේ විතරයි. සිංහල අප්ඩේට් කරගන්නෙ අනිත් බ්ලොග් යාලුවන්ගෙන්. මට තාමත් තේරෙන්නෙ නැති කීපයක් තියෙනවා.

      මෙන්න මේවා:
      ඔන්න ඕකයි පුල්මුඩේ තත්වෙ.
      දුක තමයි රංජනී
      ඊ ලඟ වංගුවෙ චාරුලතා
      අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු

      මේකෙන් කියවෙන අදහස නම් (ඊ ලඟ වංගුවෙ චාරුලතා ඇරුනාම) මට තේරෙනවා. නමුත් මේ හැම එකකටම ලස්සන කතාවක් ඇතිනෙ. දන්න එවුන් කියාපල්ලකො මටත් දැනගන්න.

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    2. බුරි උල්වෙන කතාව නම් මගෙත් බුරියටම වැදුනා.. මමත් හිතුවේ හෙන්රි ගේ වැඩක් කියලා.. ඒත් එයාගේ නෙමෙයිලුනේ.... බඩුම තමයි

      Delete
  22. මොකෑ බං කතාව පටන් ගත්තේ නැත්ද නිකං ස්තුති කතාව වගේ. ඉතිරි කෑල්ල දාපියෝ

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටස ලියලා ඉවරයි... පට්ට දිගයි... කරන්න දෙයක් නෑ... දාලා දානවා.. නැත්නම් කොල්ලෝ බනිනවා.. ඒත් මේකේ හිට්ස් ගාන ඇචීව් කළේ නෑ...

      Delete
  23. සුපිරි වෙනසක් මාතලන්

    ReplyDelete
    Replies
    1. සැබෑ වෙනසක් සඳහා ඔසී
      තොටලඟ බෝම්බෙන් නසී

      Delete
  24. එළ! ලෙසටම ලියල තියනව. මේ ජාතියෙ කතන්දර වලට මම නං බොහොම මනාපයි. සිංහල ලේඛකයන්ගෙන් වැවදෙනියේ ඩීඇල් මැනිදිස් මහත්තයගෙ කතා මේ ශෛලියේ. උඹ කියවල තියනවද?
    ගංවතුරෙ පාරු පැදපු කතා මගෙත් ගොඩක් තියනව.

    ReplyDelete
    Replies
    1. බොරු කියන්නෙ මොකටෙයි බන්. ඇහුවෙත් අදයි.. එතකොට ඇන්ඩියා මැන්ඩියාගෙන් කොපි කරලද...? මැන්ඩියා ඇන්ඩියාගෙන් කොපි කරලද....? මොකක් උනාම මොකෝ බන් මගේ හිතට ඇල්ලුවාම මම ඒ විදියට ලියනවා..

      Delete
  25. ඔක්කෝටම වඩා ආතල් "ඔන්න එක පාරක් ඇරලා ටක් ගහලා වහනවා. තොටළඟ තොරනේ වගේ මොනවද වගයක් එක පාරටම පේනවා. ආයිත් ඇරලා බලනවා." මේ ටික...

    මාතලන් අන්කල් (උඹම තමා කිවුවේ අන්කල් කියන්න කියලා) ඉතුරු කොටස ඉක්මනට දාන්නෝ...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉවසපං අම්මා...
      කුක්කු තාම උණුයි....

      Delete
  26. හොඳා හොඳා අපේ ශෛලියටත් මෙහෙම ලියන්න එකෙක් ඉන්නවනේ.

    ReplyDelete
    Replies
    1. ආන්න ඒකනේ කියන්නේ.....

      Delete
  27. meya apiwath podi kaleta geniyanawane. Ape podi kaleta nam mathalan aiyalata wage aurudu 60k 70k apassata ganan karanna ona nehene.
    Monawa unath man nam athitheta e tharamma kemathi ne. Apahu herila beluwahama wediyenma penne sundara dewal walata wada asundara dewal.

    Ithuru tikath ikmanata denna wei. Nokiwwai kiyanta epa oon

    ReplyDelete
    Replies
    1. අවුරුදු 60 70 ක් ඒ උඹලෑ සීයලට වෙන්ටෑ.. මටත් මලක් තියෙනවා පුතෝ....

      Delete
  28. උබ හැම අතටම ලියන්න පුලුවං එකෙක් කියල ඔප්පු වෙනවා..

    අර අම්ම මූනෙ සබන් ගාන කතාව මාර අත්දැකීමක් බං..

    උපරිමයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව ඒකනේ.. ඒකයි රහ..

      Delete
  29. Hi there, for all time i used to check webpage posts here in the early
    hours in the dawn, for the reason that i enjoy to gain knowledge of more and
    more.

    Take a look at my web-site: soulcraft 2 cheats

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න