.

.

Dec 6, 2012

ගෝල්ඩන් සිරප් ඌරුමස් හා ප්‍රජාතන්ත්‍රවාදය..... - Golden Syrup, Pork & Justice



තීරණය පැහැදිලිය. ගෙදර යාම අනිවාර්යය. සියළු වරප්‍රසාදයන් අහිමිවීම අනිවාර්යය. සමහර විට තීන්දුව හෙටම ලැබෙනු ඇත. බොහෝ දෙනෙකුට ඇය වීරවරියකි. මමද ඇය වෙනුවෙන් පෙනී සිටිමි. ඒ ඇය නිර්දෝශී නිසා නොව, සමාජ සාධාරණත්වය උදෙසාය. ඇයගේ වැරදි තිබුනද, නඩු විභාගයේ විනිවිදභාවයක් තිබිය යුතුය. මන්ද ඇයද ශ්‍රී ලාංකික පුරවැසියකු නිසාය. එහෙත් සාධාරණයක් නැත ඇත්තේ ඒකපාර්ශවික තීන්දුවකි. ඇය බොහෝ අයට වීරවරියක් වනු ඇත. එහෙත් මට නම් ඇය වීරවරියක් නොවේ. 18 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව තීන්දුවක් දුන්නේ නම් ඇය මට වීරවරියකි. දිවි නැගුමට එරෙහිව දුන් තීන්දුව පලි ගැනීමක් ලෙස පෙනිම සාධාරණය......

-x-
අපේ ඩීව් සහෝදරයා, මරු කතාවක් කියුවේය. ඒ දෙපැත්තට මඩ ගහ ගැනීම තුලින්, අධිකරණයේ මෙන්ම, ව්‍යවස්ථාදයකයේද විස්වාසය බිඳ වැටෙන බවයි. අපටනම් ඔය දෙකේ විශ්වාසය බිඳ වැටි බොහෝ කල්ය. ඩීව්ලා, පුකට පයින් ගසා එලවද්දීත්, රෙදිත් ඇඳගෙන, ඔතන ලග්ගැහුවාට. අපට නම් සිතෙන්නේ එයා කතාකරන්නේ අධෝමුකයෙන් කියාය. "ඉල්ලා අස්වීම" කියා වචන දෙකක්, සිංහල භාෂවේ ඇති බවක් ඔවුන් බොහෝ විට නොදන්නවා ඇත. අනික එහෙම ඉල්ලා අස් උනොත් සිඳු වන්නේ සහෝදරයොත් එක්ක උදේට කසියා පාරක් ගසන්නය. ගෝල්ඩන් සිරප් බීලා අහවරය.

ඔය මලදානෙන් මෙළෝ වැඩක් නැති බව කියන්නේ අප නෙමේය. කථානායක තුමාමය. අමාත්‍යංශයේ විවාදයට ඇමතියා නැතිය, නියෝජ්‍ය එකාද නැතිය, අඩු ගානේ, අධීක්ෂණද මොකාද කියන එකාත් නැතිය. 150 ට හැම් බේකන් කා ගෙදර ගිහින් දොයියනවා වෙන්ඩ ඕනය. අමාත්‍යංශෙට ගියත්, කෑම බීම ලෑම ඔක්කෝම ලැබෙනවාය. ආන්ඩු පක්ෂේ තියා විපස්සෙ උනුත් නැතිය. ඉන්න එකාත් කට ඇරගෙන නිදාගන්නවාය. හිටපු ගමන් හීනෙන් බයවෙලා වගේ ඇහැ ඇරිලා, කථානායකගේ පුටුව පැත්තට ඔළුව නවා, සභාවට පුක පෙන්නා එළියට යනවාය. කරන මලදානෙකුත් නැතිය.

විපස්සේ පොන්නයන්ටත් දැන් නම් ඇහැ ඇරිලා වගේය. ඒ උන්ට නැගිටින්නවත් බැරි වෙන්න ඉස්ථාවර නියෝගයෙන් කෙලලාය. උන් නිදාගෙන ඉන්න ආකාරයට, ඉස්තාවරෙන් ඇරියාට අවුලක් නැතිය. දැන් නම් මෝල් ගහක් ඇරියාත් ගානක් නැති සයිස්ය. ඒත් හිනා වෙවි ඉන්නවාය. දැන් විපස්සයක් නැත්තේය. 225 ම ආන්ඩුවේය. අපරාදේ කියන්නේ අර මහෝෂධ පඩි ගොම්මන්පිලයා පලා බබා එපා කියා ඒක ඇතුලේ ඉඳන් කෑ ගහනවාය. මේකේ ඉන්න හැත්ත, කාර් පර්මිට් විකුනන්න දෙනවාට කටක් හොල්ලන්නේ නැතිය. උන් ඉල්ලන්නේ ගෝල්ඩන් සිරප්ය. මේ පැත්තේ ආවානම් රෝස නෝනාට දෙන්න හොඳ ගෝල්ඩන් සිරප් එකක් මගේ ලඟ තියෙනවාය, හැබයි වයිට් ගෝල්ඩන්ය.

ඒ උනාට, තමා පත්කල ජනතාවගේ, හද ගැස්ම හඳුනන, බබා වගේ කතා කරන, පබා නෝනා ඉල්ලපු සාධරන යෝජනාව ඉවත දැම්මේය. ඇය ඉල්ලුවේ වෙළඳ පොලේ ඇති ලාබම මස් වන් පෝක්ය. ඒත් ඒකට හලාල් කස්ටිය කොක්ක දැම්මෙය. පබාට, ලාබම පෝක් දෙන්න බැරි කථානායක තුමා, එයාලාට හරක් මස් දෙනවාය. දැන් ඒකට තමන්ගේ මස් නොකන හරක් රැල, කුලප්පු වෙලාය. ඔය චීප් ජස්ටිස්ලා වගේ නෙමෙය. ඔය බල සේනාවට යකා වැහුනොත් එයාලා ඇවිත් කථානායක අසුනෙ ඉඳන් පොරි හැලෙන්න බනක් දෙසනවාය. මේ ළඟදි පුරා විජ්ජා ඇමිතිටත්, අමාත්‍යංශේටම ගොස් බනක් දෙසා ආවාය. සේප් කොර ගන්න නම් ඉතින්, බැන්ස් එකක් වත් නොදී බැරිය. නැත්තන් ඉතින් සගිස්කුරුතිය ශරීරක්කුරුතිය එක්ක යන්න දෙනවාය.

අධිකරනෙට වඩා පාර්ලිමේන්තුව බලවත්ය. ඒ කියන්නේත් මම නෙමේය. ඉතින් මලදානේ... ඔය සත පහක වැඩක් නැති පාර්ලිමේන්තුව වහ දාලා, කට්ටිය නඩු අහන්න යැව්වා නම් ඉවරය. එතකොට මෙයාලට තව කීයක් හරි හොයාගන්න පුළුවන්ය. ඔය කළු කෝට් කාරයෝ හද්ද පිටිසර පවා තියෙන, ෆියුන්ලර් පාලර් වල මිනී කාරෙක ඉස්සරහින් යවන්න පුළුවන්ය. මොකෝ දැන් කරන්නෙත් ඒ වගේ ජොබ් එකක් නිසාය. ගෙදර නඩු බලවන්න බැරිනම්, ගස් යට නඩු බැලෙව්වත් අවුලක් නැතිය. එහෙම ඇක්ස්පීරියන්ස් තියෙන අයත් ඔතන ඉන්නවාය. නඩු බැලවිල්ල විතරක් නෙමේය, මරණ තීන්දුව දී, ක්‍රියාත්මක කල කස්ටියත් ඔතන ඉන්නවාය.

අධිකරණයට කෙලවෙලා බොහෝ කල්ය. අපරාධකාරයන්ගෙන් 96% කට එලියේ ඉන්න දෙන අධිකරණයක් මම හිතන්නේ ළොකේ දියුණුම රාජ්ජයක් වන ස්වාසිලන්තයේවත් නැතුව ඇතිය. සමහර උන් කතා කරන්නේ මිනීමරුවන්ගේ, පාතලයන්ගේ, කුඩු කාරයන්ගේ ඒවා විතරය. කෙහෙල් කැන කපපු එකා කූරූ ගනිනවාය. පාතාලේ උන් සීනී කූරූ කනවාය. මරු..... සැමටම පොදු නීතියක්ය. ඒ නිසා වහාම පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කෝම, තමන්ගේ ආසනවලට ඇරලා, නඩු බලවන්න දැමිය යුතුය. හවස මළ ගෙවල්, කොටහලු ගෙවල්, බන ගෙවල්, පැදුරු පාටි තියෙන නිසා, උදේ වරුවේ නඩු බැලවිල්ල කළ හැකිය. එක නඩුවක් අහන්නේ විනාඩි 10-15 ක් නිසා ගොඩක් කේස් එතනම සෙටල් කල හැකිය. එහෙම නැත්නම් අළුත්ම ක්‍රමේට අනුව හෙට තියෙන නඩුවේ තීන්දූව කලින්ම ලියාගෙන එත හැකිය.

අපායේ පිරබාහරන් ඉන්න පැත්තේ හයියෙන් හිනා වෙන හඬක් ඇසි, යම රජතුමා, යම පල්ලෝ පිටත් කර හැරියේය. නිව්ස් එක ආවේ, ප්‍රභා මැරෙණ සයිස් එකෙන් හිනාවෙනවා කියාය. වාහාම එක්කගෙන එන්න කීවේය. මොකෝ ප්‍රභෝ හිනාවෙන්නේ කියා ඇසුවාම, ඌ කිව්වේ අනේ රජතුමනි, මේ හිනාවෙනවා නෙමේ ඉකි ගගහා අඬනවා කියාය. ඒක ඇත්ත.... කේ පී ට තියෙන සැප දැක්කාම, මටත් ඇඬෙනවා ඔයි කිව්වාම, ප්‍රභා කිව්වේ, ඔහේ මේ මගුලක් කතාකරනවා. මට ඇඬෙන්නෙ ඒක...කට නෙමේ රජතුමනි කිව්වාම. යමාකින් ඇහුවේ, එහෙනම් අහවල් කාරනේටද යකෝ තෝ අඩන්නේ කියාය. ඇයි ඕයි... මම ඔය රෝම ලන්දේසී නීති නැතුව, ලස්සනට නඩු ඇහුවේ. සල්ලි අච්චු ගැහුවේ, පෙට්ටෝල් ඩීසල් බූමිතෙල් ගාන වැඩිකරලා, මම ගානක් ගහගත්තේ, හැම බඩුවෙම මිල වැඩිකලේ, මම කරපු ඔක්කෝම මුන් කොපිකරනවනේ, හරි ජරා මිනිස්සු, ඇයි ඕයි මාව මැරුවේ, මරන්නෙ නැතුව තියාගත්තා නම්, තව මෙතඩ් කියල දෙනවනේ ඕයි. ඒකයි මම අඬන්නේ ඕයි...  කියලාය

99 comments:

  1. ඇත්ත තමයි ප්‍රභා අඩනවා ඇති...ඇයි දෙවියනේ ඒ යෝධයා කරපු ඔක්කොම අඩු නැතුව මුන් කරනවනේ.මම අහල තියෙන්නේ හින්දු අය ගව මස් පාවිච්චි කරන්නේ නෑ කියලා..එතකොට ඒවා දෙන එක ගැන ඔය දෙමල සන්දානේ කියාගෙන ඉන්න අයට අව්ලක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. මුන් ඔක්කෝම එකයි වගේ බන්...

      Delete
  2. පබා පන්සලේ නෝම්බි ඇරිය එකට බැන්න උන්දැ කෙනෙක් ඊයෙ පෙරේදා පබාට ඌරු මස් නොදුන්නාට ඉක පුරාගෙන කෑ ගහනවා දැක්කා.

    කමිටුවේ වෙච්ච දේවල් වෙබ් එකේ උන් කොහොඅම් දන්නවද කියල ඇමැත්තෙක් දෝස් මුරයක් දැම්මා. ඒ කියන්නේ වෙබ් වල යන්නේ ඇත්ත. එහෙනම් වීරසංගිලියා ලොකු නෝනාට බේබි ටෝක් දුන්න ඒවත් ඇත්ත. අනේ අනිච්චං. ඔය දියවන්නාවේ හරක් රැලට බෝම්බයක් තියන්නවත් එකෙක් නැති වෙච්ච හැටි.

    යුද්දේ නැතුව හරියට පාළුයි බං.

    ReplyDelete
    Replies
    1. නෝම්බි අරින්න ඕනි පල්ලියේ මිසක් පන්සලේ නෙවෙයි . ආගමික සහජීවනය කියන්නේ තම තමන්ගේ ආගම් නිදහසේ හදන එක මිසක් ආගම් වලින් සැලඩ් හදන එක නෙවෙයි . අනික මොන මුස්ලිම් පල්ලියේද වෙනත් ආගමික කටයුත්තක් කලේ ?

      ඌරුමස් කන්න නොදීපු එකත් වැරදියි , මුස්ලිම් නොවන මන්ත්‍රිලට ඌරු මස් කන්නත් නොකන උන්ට නොකන්නත් අවස්ථාව තිබිය යුතුයි

      Delete
    2. අකිල ශ්‍රීනාත්December 6, 2012 at 10:51 PM

      මොකක්ද ඔය පන්සලේ නෝම්බි ඇරිය කතාවයි, පබාට ඌරඅ මස් කන්න නොදුන්න කතාවයි... ඒ ගැන විස්තර කරන්න හරි විස්තර තියෙන ලින්ක් එකක් හරි දෙන්න බැරිද?

      Delete
    3. බෝම්බ තියන්න උන්න එකා නන්දිකඩාල වලින් දිවිය ළෝකේ ගියානේ. උගේ අඩුව නම් එකසිය ගානට දැනෙනවා දැන්නම්...

      Delete
    4. ඇයි වතාවක් ගැහුවෙ එකෙක් ඔතෙන්ට බෝම්බයක් (1987දිද කොහෙද). කරුමෙ කියන්නෙ ඒ බෝම්බෙත් මොලේට විතරක් හානි කරන එකක්

      Delete
  3. පාර්ලිමේන්තුවේ කෑම පිඟන් වල මිල දැක්කාම රටේ මිනිස්සු තමන්ටත් ඒ ගානට ලැබෙන්නෙ නැත්තේ ඇයි කියලා නිකම් වත් අහනවා ද?

    වෙළඳපොලේ මිලට ඒ කෑම සල්ලි දීලා ගන්න වත්කමක් නැති අයෙක් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා ද?

    එහෙම අයව නැවත නැවත පාර්ලිමේන්තු යවන රටේ මිනිස්සු කන්නේ මොනවා ද?!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මිනිස්සු නම් කන්නේ මොනවාද කියා අපි දන්නේ නැතිය.... මිනිස්ස්සු උන්ට ඕන එකක් කා ගත්තාවෙ... අපි කන්නෙ බත්.

      Delete
    2. අරුණි කියපු දේමයි මටත් හිතෙන්නේ.
      ඇයි අපිට මේක ගැන ප්‍රශ්න කරම මිනිස්සු වෙන්න බැරි.
      ඔය මහජන නියෝජිතයෝ පත්කරගත්තෙත් අපිම නේද? උන්ව ගෙදර යවන්න ඕනෙත් අපිමයි. එහෙම නැත්නම් අපි පිදුරුවත් කන්න හෙටක් ඉතිරි නොවෙන එක නම් විස්වාසයි.

      Delete
    3. ඒ ගොල්ල ඕන එකක් කාපුවාවේ. අපි අපේ උත්තරිතර පරම සහ එකම ප්‍රජාචන්ත්‍රවාදී අයිතිය වන කතිරය ගසා උන් පිනවමු.. සදා සැනසෙමු

      Delete
    4. මේ ක්‍රමය වෙනස් කිරීමේ කතිකවක් ඇතිවිය යුතු කාළයයි මේ. එය අතිවියස යුත්තේ ජනතාවගෙන්මයි. මන්ද මේ එකෙක්වත් ජනතා නියෝජිතයන් නොවනා බැවිනි. මේ ළඟදි පලාත් සභාවේ එකෙක් කියනවා. පලා බබා අහෝසි කලොත් ඌගේ රස්සාව නැති වෙනවලු. මේවා ගැන ජනමාධ්‍යවේදියෝ කියන උන් එකෙක් වත් නෑ කතා කරන්න. මේක රස්සාවක් නෙමෙයි මේක සේවයක් කියලා දෙන්න.

      Delete
  4. අනේ බුදු මාතලන් මාමේ..... ඕවට කේන්ති අරගෙන නිකං ප්‍රෙෂර් නග්ග ගන්නෙ මොටෙයි......!

    උසාවි බිමකට දෙතුන් පාරක් පය ගහලා තියෙන එකෙක් විදිහට මට නම් ඔය අසරණ මිනිස්සුන්ගේ රීරි මාංසේ බොන කුණු ලෝයර්ලාගේ සබ්බ සකල සණුහරේම අරහං....!

    ඔය පඩිපෙල උඩට නගින්න පටන් ගන්නෙ කුණු ලෝයර් කෙනෙක් වෙලා ඉඳලනේ. උඩට යන්න යන්න ඒ සිස්ටම් එකේම තව පුරුකක් වැඩි වෙනවා මිසක් ජරා ගති නැති වෙන්නෙ නෑ....

    ඒක පැත්තකට දාමුකෝ.....!

    මම අදහන තියරිය එක "මම දුක් විඳලා හම්බ කලොත්, මගේ දරු පවුලට සහ මට කාල ඇඳලා ඉන්න පුළුවං......!" සිරප් එක්ක පෑන් කේක් කන්න පුළුවන් උනොත් එහෙම කනවා, පෝක් කන්න පුළුවන් උනොත් පෝක් කනවා.... නැත්නම් කිරි හොදියි බතුයි හරි කාල බඩ පුරෝ ගන්නවා......!

    ඊට එහා බලාපොරොත්තුවක් තියා ගන්න එක නිකං ප්‍රෙෂර් එක වැඩි කර ගන්න හේතුවක්.....! හා නැද්ද මම අහන්නෙ...?

    ReplyDelete
    Replies
    1. දුමී අයියේ තරහ ගන්නෙපා...උඹ ඔහෙම හිටහං. මෙහෙ එන්න එපා...තමන් හම්බ කරන දේ කාලා අපිට කොහොමත් දැනටමත් ප්‍රෙෂර් නැගල ඉන්නේ. මේවට කෑ ගහල බ්ලොගේ දාල තමා ප්‍රෙෂර් එක ටිකක්වත් අඩු කරගන්නේ. උඹ මෙහෙ ආයෙත් ආවොත් ඕක දරා ගන්න බැරි වෙයි. දුකා මෙහෙ ආව නේද? උගෙන් අහපංකෝ වියදම එහෙම කොහොමද කියල.

      Delete
    2. කේන්තියක් නෙමේ බන් තියෙන්නේ කනගාටුවක් සහ කළකිරීමක්. කේන්ති අරගෙන වැඩක් නෑනේ. කේන්ති අරන් ප්‍රශ්ණ විසඳන්නත් බෑ. උසාවිය ගැන නම් කතා කරන්න එපා. ඊයේ අම්මා කෙනෙක් උසාවියේදිම මැරිලා. අවුරුදු 30ක් ඉඩම් නඩුවට. මුන්ට ඒ ගෑණි මැරෙනකම් තීන්දුවක් දෙන්න බැරිඋනා. උසාවියට හෙන ගැහුවේ ජනතාවම දෙස් දීලා. නමුත් මේ නෝනා නම් ලෝයර් වැඩ කලේ නෑ.

      Delete
    3. තොට පිස්සුද යකෝ ජනවාරි ඉඳන් තෝ හම්බ කරා කියල තොට ඕන දේ කන්න බොන්න බැ. ඒ උත්තමයෝ අනුමත කරන දේ කාලා ඒ උත්තමයෝ අනුමත කරන දේ ඇඳලා ඒ උත්තමයෝ අනුමත කරන විදිහට රීලා හිටු.
      itnishantha

      Delete
  5. ඇටමැස්සට , ටැබූ ට වෙච්චදේ වෙලා අපිට මේ අඩවියත් බලන්න නැතිවෙයි, ඇත්ත කියන්න කට අරින්න දැන් ඒ කාලෙට වැඩිය බයවෙන්න ඕන. දුප්පතාට දුක විතරයි එදාවේල හම්බකරන් කන එක දවසින් දවසම නැතිකර කර උන් වැජබෙනවා ජාති ජාතිත් සාපවෙන්න ඕන මුන් 225ටම

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් නෑ. මම නම් ආන්ඩු විරෝධියෙක් නම් නෙවෙයි. විවේචකයෙක් පමණයි. මේ දේවල් ඉවසන්නත් බැරිනම් අවසානය ඉතාම ළඟයි කියන්න තමා වෙන්නේ.

      Delete
  6. මොකුත්ම ලියන්නට හිතෙන්නැතිය.... ඒත් උඹලා ඉඳහිට මතක් කර දෙන එක හොඳය. නැත්නම් අපේ ආතල් වලට අපිම රැවටී, ජීවිතේ සුඛිතමුදිත වී, ජාති ආලය දෙකංසෙන් බේරෙන්නට ඉඩ ඇති බැවිනි. ඔය මදෑ.. යං කවියක් දෙකක් කියවන්ට.

    ReplyDelete
    Replies
    1. මචෝ, මම ආපු නැති අඩුව උඹ පුරවලා වගේ. මම ඔරිජිනල් තිසර හරිය.

      Delete
    2. මේ මොකෝ බොල.. දැං තමා අර රජ කතාව මතක් වෙන්නේ.. යසලාලක තිසර

      Delete
    3. @ අළුත් තිසර
      එහෙම ඉඳලා හරි යන්නේ නෑ. අන්තීමට එන්නේ උඹට....

      @ ඔරිජිනල් තිසර
      උඹට හොඳ වැඩේ. මේ පැත්ත පලාතෙවත් නාවට.... හෙහ් හෙහ්....

      Delete
  7. ජනතාව දැනුවත් වෙන ඉතාම හොඳව අවශ්තාවේ අවදිව සිටි යුතු තරමට නායකයින් අවදිවෙලාද
    ව්‍යවස්තාවක් සැදී තිබෙන්නේ රටේ ජනතාවගේ ඓතිහාසික අවශ්‍යතාව අනුවයි.
    එය අර්ථදැක්වීම භාර අධිකරණයටයි. ඓතිහාසිකව එය ආරක්ශාකිරීමේ වගකීම පවරා තිබෙන්නේ අධිකරණයටයි.
    අද ඉඳ හෙට යන දේශපාලකයින්ගේ දුර නොදකින සැලසුම් පරීක්ශාවට භාජනය වෙන්නේ මෙතැනදියි.
    පක්ශග්‍රාහී තීරන දී තිබෙන්නේ නම් අධිකරනයේ ලොක්කාවද චෙක් වෙන්නේ මෙතැනදියි. එය කරන ක්‍රමය පක්ශග්‍රහ නොවිය යුතුයි.
    හොඳට කන්න බොන්න හා වැදගත් ලෙස ජීවත් වීමට සරිලන දීමනාවක් දේශපාලකයනට ලැබිය යුතුයි. එහෙම තියලත් මෙහෙම අනෙක් අයව කනව නම් ඒව නොලැබුනොත් කොහොම හිටීද ?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔතන තමයි දයාල් කාටත් වැරදුනේ. දේශපාලනය කියන්නේ රස්සාවක් නෙමෙයි සේවයක්.... මේක රස්සාවක් කලේ ජේ ආර්. වහාම කළ යුත්තේ මේ දීමනා හා වරප්‍රසාද අඩු කරන එකයි. පැන්ෂන් එකම බලන්න. මොන තරම් අසාධාරනද කියලා. ඒත් ජෙප්පෙක් වත් නෝ කතා.

      Delete
  8. කියෙව්වෙමි .

    ReplyDelete
  9. //මමද ඇය වෙනුවෙන් පෙනී සිටිමි. ඒ ඇය නිර්දෝශී නිසා නොව, සමාජ සාධාරණත්වය උදෙසාය. ඇයගේ වැරදි තිබුනද, නඩු විභාගයේ විනිවිදභාවයක් තිබිය යුතුය//

    ++++++++++++++++++

    විපක්ෂේ උන්(සජිත් , සුජිව, දයාසිරි ) ඊයේ වටකරගෙන ගොං වංශයට ගහපු ටිකත් , රන්ජන් උන්නැහේ කොන්ද පණ තියාගෙන දීපු ටෝකත් කාලෙකට පස්සේ විපක්ෂය ගැන ප්‍රසාදයක් ඇතිවෙන්න මට නම් හේතුවක් . හොඳම කැල්ල - බැන් කි මුන් නිවාස අධිකාරියේ කොම්පියුටරයට රිංගපු එක. ක්‍රමයේ ප්‍රායෝගික අඩුපාඩු කම් නිසා ක්‍රමය ග්න කලකිරෙන්නේ එපාය කියලයි මම කියන්නේ.

    ප.ලි - අපේ රෝස නෝනට අනන් මනන් කියන්නේ නෑ හරි
    මීට - *ල්ගම

    ReplyDelete
    Replies
    1. රෝස නෝනා සහ සියලුම කරුණු වලට මමත් ලැයික්ය.

      Delete
    2. එදානම් දුන්නා කට උත්තර නැති වෙන්න. එයාට ගොඩක් අය අතරේ ජනප්‍රිය නෑ කියලා. ආන්ඩුවේ අයගෙ සපෝට් එකක් නැති කමෙන් පැහැදිලිව පෙනුනා.

      Delete
  10. අනේ මං මුනා කියන්ඩද කියල කම්පනා කොරනව.
    @කම්පනා කොරමින්

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ පස්සෙ කියන්නකෝ....

      Delete
  11. මේ ගැන ඉතිං කියන්න තියෙන්නෙ...... එක්කො ඕන නෑ මාතලන් අයියා..

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න එපා සාතන් මල්ලී....

      Delete
  12. මම සිරාවටම දන්නැති නිසා අහන්නෙ
    මොනවද බන් ගෝල්ඩන් සිරප් කියන්නෙ
    මොකටද ඕව බොන්නෙ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටත් ඔය ප්‍රශ්නෙම ඇති වුණා.කැස්සට බොන බෙහෙතක් ද බං?

      Delete
  13. මට මල පැනලා ඉන්නේ රු3000 විතර වටින කෑම එකක් මුන් රු 80 ට 150 ට දෙන එක....මේ හරක් ටික විතරක් නම් මදෑ උන් ගේ ඩ්‍රයිවර් ලයි, බොඩි ගාර්ඩ් ලයි ඔක්කොම මේක් මේ ගානට ගිලිනවනේ.....

    ReplyDelete
    Replies
    1. ඔච්චර අඩු ගාණට දෙන්නෙ උන්ට මාරුවක් නැති හින්දනෙ මයියො... මොකද ඕවා උන් ගෙදරින් ගේන සල්ලිද ?

      Delete
    2. අර ඒදා වේල කන්න නැති සිරියාවතීලාගේ සීනී කිලෝ එකෙනුයි භූමිතෙල් කාලෙනුයි ගහන බද්දෙන් නේ මුන් මේවා කරන්නේ කියලා මතක් වෙන කොට....අම්මපා මේ රටේ ඉඅපදුන එකටත් මල පනිනවා....

      Delete
    3. ඩැයිවර්ලටයි ගාඩ්ලටයි දුන්නත් කමක් නෑ.. මාර කට්ටක් නේ උන් කන්නේ.... ඒත් මේ සුපිරි සෙට් එකට... කටද කියන්නේ.. විපස්සෙ උන්ට නේ වැඩියෙන් අහේනිය....

      Delete
  14. මට තේරෙන්නේ නෑ බං.. ඇත්තටම අප්පිරියාවක් තියෙන්නේ. තේරිම් කාරක සභාව යන නාමයෙන් නීතිය බල්ලට යැවීම.. මොක්ක්ද බං මේ කියන උත්තරීතරබාවය.. පාර්ලිමේන්තු බිල්ඩිමට එහෙම එකක් ඇති. ඒත් ඒකේ ඉන්න නරුමයන්ට පුළුවන්ද බං මෙහෙම උත්තරීතර වෙන්න. අපිව මරල කෑලි වලට කපන්න ඕන බං මේ පාහර වැඩ වලට උඩගෙඩි දෙනවට... රෝසි නෝනට ගෙදර බොන ගෝල්ඩන් සිරප් ටික මදි වෙලා වගේ..

    ReplyDelete
    Replies
    1. මටත් අප්‍රිය උනා ක්‍රියාවලිය ගැන නම්.... විශේෂයෙන් ඒකට පත්කල පුද්යලයන් ගැන. ආන්ඩුවේ උනත් වැදගත් මිනිස්සු ඉන්නවනේ....

      Delete
  15. උඩම රතු පාටින් තියන ටිකටත්, අවසාන යේ ඇතින්ප්‍රභාගේ කෑල්ලත් මම ඉහලින්ම අනුමත කරමි. මෙහි ලිවීමට මට කාරණා දෙකක් තිබේ.

    1. පාර්ලිමෙන්තුවේ ඕනෙම බඩකඩුත්තුවක් කන්න දුන්නම මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි නියම මිලට.

    2. එක එක ආගම අනුව ඌරු මස්, හරක් මස්, මාලු, බිත්තර, එළවළු, කොත්තු රොටි වෙන් කරන්නේ කොහොම ද, විශේෂයෙන්ම පාර්ලිමෙන්තුව, එතැන දී තමන් කැමති දෙයක් කැමති කෙනෙක්ට නියම මිලට ගැනීමේ හැකියාව තිබිය යුතුයි.

    රටේම එම නිදහස සියළු කුළ, ගෝත්‍ර, ආගම්, කල්ලි, ඇතුලු සියල්ලන්ට තිබිය යුතුයි. කැමති කෙනෙක්ට තමන් අකමැති දෙයක් නොකා සිටීමේ නිදහසත් තිබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ යෝජනා දෙක මමත් පිලිගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදයේ දේවාලෙත් ප්‍රජාතන්ත්‍රවාදයක් නැත්නම් තව කුමන කතාද....?

      Delete
  16. ඊයේ අහම්බෙන් වගේ රෑපවාහිනී ප්‍රවෘත්ති බැලුනා... දන්නවද මට හිතිච්ච දේ... ගොසිප් සයිට් වල යන දේවල් වලට මුන්දලා මෙච්චර කළබල වෙනවා නම්, මුන් මේ බ්ලොග්සුත් බලනවා ඇති කියලා...

    මේක මධ්‍යයට එළිකරන්නේ නැතුව කරන එකේ වැදගත්කමක් තියෙනවා කියලා මම මුලින් හිතුවා... මේ වගේ එකකදි මාධ්‍ය වලින් ප්‍රතිරෑප හදන්නයි විනාස කරන්නයි පුළුවන් කියලා ගොඩක් ආන්දෝලනාත්මක නඩු විභාග එහෙම, ඒ වගේ කරලා තියෙන නිසා... නමුත් අර එදා Breaking news දි දී නටපු නාඩගම දැක්කම නං මට හිතුනේ අම්මපා මුන් මොනාද හිතාගෙන ඉන්නවා ඇත්තේ කියලා... නමුත් කරන්න දෙයක් නෑ... කට මාතලන් කියනවා වගේ කට ඇරලා “ඇත්තක්” හරියට කතා කරන්න පුළුවන් කොන්දක් තියෙන එකෙක්වත් නෑ...

    ReplyDelete
    Replies
    1. එහෙම එවුන් උන්නා නම් රටට මෙහෙම දේවල් වෙයිද හිරුවො.. මුන් ආතල් ගන්නෙ අපෙන් ගන්න සල්ලි වලින්. කොටින්ම අපේ පඩියෙනුත් බද්දක් ගන්නවනෙ මේ හිපාටුවො..මිනිස්සුන්ට අමාරුකම් දැනෙන්න දැනෙන්න සද්ද වහගෙන ඉන්නවා කියලයි මට හිතෙන්නෙ.

      පව් ඉතින් රෝසි නෝනටගෙදර සල්ලි වලින් ගෝල්ඩන් ෂිරප් ගන්න වත්කමක් නෑනෙ..එච්චරට අහේනිය. ඒකත් අපේ සල්ලි වලින්ම අර ගත්තා. නාකි නොවී ඉන්න දඟලන දැඟලිල්ලක්...දැන් නම් තියෙන්නෙ කලකිරීමක් නෙමේ අප්පිරියාවක්...

      Delete
    2. @හිරු ,ලිහිණි
      මෙහෙම ගියොත් කවදහරි ගෑනු ටික ඉස්සරහට ඇවිල්ල තමයි රට බේරලා ප්‍රජාතන්ත්‍රවාදී රටක් හදල දෙන්න වෙන්නෙත් පිරිමි නිදි. රට හදනකන් පිරිමින්ට ඇඳට එන්න දෙන්නැ කියල ස්ට්‍රයික් එකක් වත් කරානම් මොකද?

      Delete
    3. කවුදෝ කිව්වනේ උදිත.. මේක හැමදාම ගෑණුන්ගෙන් කාපු රටක් කියලා.... එහෙම බැලුවාම මේ පිරිමින්ට වඩා යමක් ගෑණු කරයි තමයි.. ටෙලි නිළියෝ 1 -2% ඉන්නේ.. උන්ට වඩා මේ පොළවේ පය ගහලා ඉන්න ගෑණු ඉන්නවා මේ රටේ...

      හැබැයි මුන්ට ඇඳට එන්න දෙන්නෑ කියලා අපි ස්ට්‍රයික් කලොත් ඊළඟ දවසෙම තායි කෙල්ලො ටිකක් ඉම්පෝර්ට් කරයි...

      මොකද හිතන්‌ෙන්.. නොකර ඉඳියිද....? හි හි....

      Delete
    4. @උදිත , හිරු - මේ අන්තර්ජාලෙ කරක් ගහන කාන්තා පරපුරයි , අයිටීන් එකේ මෙගා අස්සෙ පෙන්වන ආශ්චර්යට අප්පුඩි ගහන බහුතර කාන්තා පරපුරයි කියන්නේ සම්පූර්නයෙන්ම වෙනස් කාණ්ඩ දෙකක්

      Delete
    5. @බුවා,
      +++++++++++++++++++++++

      Delete
    6. ගෙදර මිනිස්සුන්ට කන්න දෙන්න ගියාම තියෙන තත්වේ එක්ක ආශ්චර්යේ ඇත්ත තත්වේ වැඩිපුරම තේරුම් ගන්නේ ගෑණු තමයි බුවා... හැබැයි මුටිටියේ අඩිය හූරගෙන කාලා හරි, ගෙදර අනිත් උන්ගේ බඩ පුරෝන ගෑණු ඉන්නේ මේ රටේ... නොකා නොබී හරි අනිත් උන්ට හොඳක් කරන අය, නරකට වඩා හොඳ දකින්න පුරුදු කරපු ගෑණු.... ඒකයි මම ඔය උඩ කතාව කිව්වේ...

      මෙගා ගැන කියන්න දෙයක් නෑ.. ඉන්දියාවේ ටෙස්ට් කරලානේ ලංකාවට ගෙනාවේ......

      Delete
    7. තේරුම් ගන්න බව පේන්න තියනව කොලඹින් පිට ගැනු පරාණ එක්ක කතා කලාම :p

      Delete
    8. සියල්ලන්ම නිහඬ කරලා තියෙන්නේ. නමුත් නිහඩවීම අති භයානකයි.. අපි මේක වහනකම් ලියමු. මොකෝ අපි ආන්ඩුවට විරුද්ධව කරන දෙයක් නෙමෙයිනේ. ආන්ඩුවේ වැරදි පෙන්වා දෙන එක පමණයි නේ කරන්නේ...

      Delete
  17. කිසිවක් නොකියමි. ලංකාවේ දේශපාලනයට වෛර කරමි.අපි කොච්චර කෑ ගැහුවත් උන්ට ගානක් නැත. උන්ට ඒවා ආතල්ය. කිසිදින ඦන්දය නොදෙමි. සේරම එකය.

    ReplyDelete
    Replies
    1. ඡන්දය නොදෙනවා කියන්නෙ, හරි තීරණයක් නෙමෙයි. විරුද්ධ නම්, විරුද්ධව ඡන්ද්ජය භාවිතා කල යුතුයි. එහෙම නැතිනම් ඡන්දය කටුගෑ යුතුයි. ඔතන තමයි ලොකුම වැරැද්ද....

      Delete
  18. අනේ මන්ද මාතලන්, නිකන් ලේ කෝප වෙනව විතරයි. මට දැන් ඇතිවෙල.

    ReplyDelete
    Replies
    1. කේන්ති අරගෙන කිසිම ප්‍රශ්ණයක් විසඳන්න බෑ සහෝ...

      Delete
  19. කියෙව්වා.. මොනවා කියන්නද මන්දා?

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ... සමහර වෙලාවට එහෙම වෙනවා....

      Delete
  20. ගෝල්ඩන් සිරප් - නිකන් බොන්නද පෑන් කේක් දෙන්නත් එපැයි
    ඌරුමස් - පව් පබාට. ඇඩෙනවා දුන්නනම් හොඳයි හරිම අසාධාරණ ලෝකයක්
    ප්‍රරජාතන්ත්‍රවාදය - ඇත්තේ නැති දෙයක් නැති කරන්නත් බෑ ඉල්ලන්නේ නැති දෙයක් දීල වැඩකුත් නැ
    අනේ ඔන්න ඔහේ රජතුමාට කැමති අග විනිසුරුවරයෙක් දාගන්න ඇරපන්. කොහොමත් වෙන්නේ ඕකනේ මොකද්ද වෙනස අපේ අයට ඕක ටික දවසකින් අමතකයි.අපරාදේ කමිටු වලට යන වියදම් පැට්‍රොල් උන්ට කෑම

    ReplyDelete
    Replies
    1. එතුමාට කැමති දේ කොරාන්ඩ බැරිනම්. ඒ රජකමෙන් ඇති පලේ කිමා....

      Delete
  21. ප්‍රභා ගේ කාලෙට වඩා වැඩි වෙනසක් නැහැ තමයි ..ඒ කාලේ යුද්දයෙන් බැට කැවා දැන් ජිවන වියදම දරාගන්න බැරිව බැට කනවා ..කොහෙන් ගියත් තැලෙන්නේ මහජනතාව තමයි

    ReplyDelete
    Replies
    1. පොර හිනාවෙනවා ඇති අපිට වෙච්චි දේ බලාගෙන...

      Delete
  22. මචන් ඔය පාර්ලිමෙන්තුවේ එක එකාට ගෝල්ඩන් සිරපුයි ඌරු මසුයි තව තව දේවල් ඉල්ලනවට වඩා වෙන කිසිම දේකට ඉඩක් නැතිව ඇති නේද?
    ඒ විතරක් නම් මදිවයැ අපිටත් ඒවා කියව කියව ඉන්න එක ඇරෙන්න වෙන කරන්න දෙයක් ඇත්තේම නැද්ද?
    මේ වගේ මහජන නියෝජිතයෝ පත් කර ගන්න අපිටයි ගහන්න ඕනේ. වෙන උපමා මොකටද උන්ගේ කෑම වේලෙන්ම පේනවනේ උන්ගේ මහජන සේවය ගැන. රුපියල් පනහට සීයෙට කන රුපියල් තුන්දාහක කෑම එකක් කන එකම මහජන සේවයක්නේ. ඇති හැකි අය කරවන්න නේද අපි චන්දේ දුන්නෙ?...
    අපිටයි ගහන්න ඕනේ බූවල්ලෙන්.
    (පබාටවත් රෝසිටවත් නෙමෙයි මේ වගේ බූරුවෝ ඔක්කොම පාර්ලිමේන්තුවට ගෙනාවට)

    ReplyDelete
    Replies
    1. ජනතාව වැරදි නෑ. ඡන්දෙ දෙන මිනිස්සු, නොදෙන අයට වැඩියේ ශ්‍රේෂ්ඨයි මචෝ. මෙතන තියෙන්නේ පොලිටිකල් කල්චර් එක, එහෙම නැත්නම් සිස්ටම් එකේ වැරද්දක්. ඒක පෙන්වලා දෙන්න ඕන ඒකට පිටින් ඉන්න අය. ඇතුලෙ ඉන්න අයට ඒක පේන්නේ නෑ....

      Delete
  23. මෙව්වට විසදුම් කොතනින් පටන්ගන්නද මාතලං.දැන් තේරෙනවනේ පක්ෂ විපක්ෂ භේදයක් නෑ එයාලට මොනව හරි ලැබෙනව නං.

    ReplyDelete
    Replies
    1. බේදයක් නැය කිව්වට විපක්ෂෙ තමා වැඩිය නරක , ආණ්ඩුව අඩු තරමේ යුද්ධෙ හරි දින්නනේ , මුන් ගොල්ඩන් සිරප් ඉල්ලනවා විතරනේ

      Delete
    2. @ බුවා

      ++++++++++++++++++++ නියම කතාව ...

      Delete
    3. කොහෙන් හෝ පටන් ගන්න එපාය. මේ විදියට ගියොත් .. රටක් ඉතුරු වෙන්නේ නෑ නෙව. මේ ඔක්කෝම අපේ සල්ලි නේ. හම්බ කරන එකෙනුත් කනවා. කන එකෙනුත් කනවා, බොන එකෙනුත් කනවා. අන්තිමට රෙන එකෙනුත් කන්න ගනිවී..

      Delete
  24. මට නම් ඕවා වැඩක් නැහැ හැමදාම අහන්න ලැබෙන්නේ අපේ සල්ලි වලින් එක එකා ආතල් ගන්න එක විතරයි.අපි කන හැම කෑම වේලක් සඳහාම සල්ලි හොයන්න මහන්සි වෙනවා ඒ සල්ලි වලින් ගන්න බදු වලින් උන් හැම්බෙකන් කනවා.මට නම් ඕවා ගැන මාර තරහක් වගේම දුකකුත් ඇති වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒවා තමයි මේ වචන වලින් පිට කරන්නේ....

      Delete
  25. "අනුන් නිසා ඔබ කෝප විය යුතු නැත.
    සසල විය යුතු ද නැත.
    ඒ ඔවුන්ගේ වර්තමාන ස්වභාවයයි.
    ඔවුන් තනනු නොහේ නම් නිහඬව නොතකා පසු වෙන්න.
    මේ ආතුර වූ මිනිසුන් අතරේ අනාතුරව ජීවත් වෙන්න.."

    ඔන්න මම නම් මේ දවස්වල මේ විදිහට ඉන්න තමා ට්‍රයි කරන්නේ.අපි කියල මොනා කරන්නද..??

    ReplyDelete
    Replies
    1. //.අපි කියල මොනා කරන්නද..??//

      ඔහොම හිතනකං අපි මෙතනම තමයි

      Delete
    2. ඇත්ත... නමුත් එහෙම ඉඳලා හරියන්නෙ නෑ පනේ....

      Delete
  26. පොස්ට් එකයි කමෙන්ට් ටිකයි ඔක්කොම කියෙව්වා.
    ඒ දේවල්ම තමා මටත් කියන්න තියෙන්නේ..
    කියල තියෙන දෙයක් කාල බුදිය ගන්නවා...
    හැබැයි උබල විප්ලවේ කරන්න යන්න කලින්
    මාව කූද්දපල්ලා.ඇගේ මහන්සියට නින්ද යාගෙන එනවා...

    ReplyDelete
    Replies
    1. ඒ විප්ලවේ තමයි මේ කරන්නේ. ඒ නිසා අවදියෙන් ඉඳපන්....

      Delete
  27. මේහෙම වෙන්න හේතුව තමයි දේශ ප්‍රේමීන් බහුල වීම. මුන් දේශය හැටියට දකින්නෙ වර්ග කිලෝමීටර 65610යි මහ රාජෝත්තමයයි විතරයි.

    ReplyDelete
    Replies
    1. ඉතින් බන් මාත් දේශප්‍රේමියෙක්නේ.. ඒත් මම ලොක්කා වගේ සිතිජයෙන් එහා ළෝකයත් දකිනවා.....

      Delete
    2. ලියන්න පටන් ගන්න කලින්ම මම දැන ගත්තා මට දේශද්‍රෝහී ලේබලය ඇලවෙයි කියල. ඒක තමා මේ නම දා ගත්තේ..දැන් කාටවත් කියන්න බෑ දේශද්‍රෝහී කියල...හැ...හැ....

      Delete
  28. ගෝල්ඩන් සිරප් කතාව මම මුලින්ම දැනගත්තේ රාවයැන් කියවලා ඒ වෙලාවෙ නම් මට අර පබා කියන එකීව මරාගෙන කන්න කියලා තරම් හිතුණා. ඒ වුණ්ත් මම හරක් මස් කන්නේ නැති නිසා කරබාගෙන හිටියා. (නරියා මිදි තිත්තයි කිව්වලුනේ )

    ReplyDelete
    Replies
    1. පබා ඉල්ලපු සිරප් එකක් නෑ බන්. උඹත් නිකන් තේරිම් කමිටුවේ ආන්ඩුවේ සාමාජිකයෙක් වගේනේ....

      Delete
    2. ඔව් පබා සිරප් නම් ඉල්ලුවේ නෑ තමයි ,,එත් ලන්ච් එකට බීෆ් සහ පෝක් ඉල්ලුවෙ පබා මැඩම් කියලයි මට ආරංචි වුණේ. සිරප් ඉල්ලුවේ කොළඹ එකියක් නේ .

      Delete
  29. අධිකරණයට වඩා පාර්ලිමේන්තුව උත්තරීතරයි - නෑ පාර්ලිමේන්තුවට වඩා අධිකරණය උත්තරීතරයි - නෑ විධායක ජනාධපති සේරටම වඩා උත්තරීතරයි - ඔය හැමදේටම වඩා ජනතාපරමාධිපත්‍ය උත්තරීතරයි.
    හැබෑට ඔය ජනතාපරමාධිපත්‍ය කියන්නේ මොකක්ද දන්නවද? ඡන්දෙ දවසට ගිහිල්ල කතිරෙ ගසා අනෙක් දවස් වල කටවහගෙන ඉදීමයි.හැබැයි එකපාරක් ගහපු කතිරෙ ආපහු ගන්න බෑ - එහෙමවත් පුලුවන් නම්?
    (මට පිස්සු ද බන්? මොනවද මම මේ දොඩවන්නේ?)

    ReplyDelete
    Replies
    1. නෑ උඹ හරි... අන්න ඒවා තමයි කතා කරන්න ඕන. මිනිස්සු දුන්න ඡන්දය පාවා දෙන එක වහාම නවත්වන්න ඕන. ඒක මහා හෙන ගහන අපරාධයක්.....

      Delete
  30. මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු, අර බබා මඩම් නම් සිරියාවේ බැහැ. අපේ හරක් පට්ටියට දැම්මනම් කිරි ලීටර් 5ක් 6ක් දවසකට ගන්න හැකිවෙයි. හිකිස්.........

    ReplyDelete
    Replies
    1. අලි පාටියේ කෙනෙක්නේ.. රනිල්ගෙ වැඩ තමයි ඔය....

      Delete
  31. ලංකාවෙ නීතිය, ව්‍යවස්ථාදායකය...බම්බුව... මේවා නිකං සුරංගනා කතාවගේ ලස්සන වචන... ලංකාවෙ නීතියක් තියෙනවා නම්.. යකඩ හොරා සුධර්මන් කොහොමද පොලිස් පති පවා සහභාගිවෙන උත්සව වලට එන්නෙ...

    ReplyDelete
    Replies
    1. නීතීය බල්ලට ගිහින්... බල්ලො පාරේ පුරා.... ලොක්කා බල්ලො මරන එකත් නැවත්තුවා නේ....

      Delete
  32. කැම්පස් එකේ ඉන්න කාලෙ ජී ඇල් ලොක්කට ගොට්ට ඇල්ලීමේ ඉදල තියන ගොටු ඉතිහාසෙත් එක්ක බලද්දි 18වෙනි සංසෝදනේට උන්දැගෙන් ඔයිට වඩා තීන්දුවක් බලාපොරොත්තු වෙන්න අමාරුයි බං මාතලං . . .අපරාදෙ උඹේ වීරවරියක් ගැන පහලඋන සිතුවිල්ලට ගිය බයිට් ගානත්

    දිවිනැගුමේ තීන්දුවත්, දැන් පවතින තත්වයත් ගැන නයි ටී ඇන් එකයි හඩ්ඩයි මොන බනේ කීවත් මට නං හිතෙන්නෙම
    "අලි *කනව අපි තැලෙනව" කියල විතරයි.

    ප.ලි.
    මොකෝ උඹේ ජංගමේ වැඩ නැත්තෙ ?

    ReplyDelete
    Replies
    1. කොතනද බන් මගේ වීරවරියක් උනේ..

      ඒක නැති උනා... ඊයක් එවපන් අළුත් එක දෙන්න.. දැන් අලුත් රස්සාවක් කොරන්නේ...

      Delete
  33. අපෙත් ලේ පිච්චෙනවා. මේවා අහන දකිකොට ඒත් මේරටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට ගියාවේ කියල හිතාගෙන ඉන්න ඇම්බැට්ට ඡන්ද දායක පිරිසකුත් ඉන්නවා. කොටින්ම මේ තත්වය නැති කන්න ජනතාව‍ගේ බ්‍රේන් වොෂ් කල යුතු කාලය එළඹ ඇත

    ReplyDelete
    Replies
    1. දැන් නම් ටිකක් අවදි උන ගතියක් පෙනෙනවා. ලොක්ක මේ විදියට ගියොත් නම් රට විනාශයි. යුද්දේ විතරයි හරියට කරේ. ආර්ථිකය හා යහපාළනය අතින් නම් නිල්.....

      Delete
    2. අවදි උනාට මේ වගේ කස්ටියනේ ගොඩක් ඉන්නේ. http://maathalan.blogspot.com/2012/12/i-o-maharaja.html?showComment=1354472046668#c4029921845728727829

      Delete
  34. සේරම නවත්තලා දාලා යමුද පාර්ලිමෙන්තු ?

    ReplyDelete
    Replies
    1. අන්න ධනාත්මක සිතුවිලි....

      Delete
  35. අපි පොන්නයෝ
    itnish

    ReplyDelete
  36. කිව්වට තරහගන්න එපා අයිබෝන්. නින්ද යාගෙන එනකොට හිතට අපු දෙයක් මේක.

    ප්රාභාකරන් මැති සඳ
    ඔබ අද කොහිද

    ReplyDelete
  37. අන්න ප්‍රජාත්‍රන්ත වාදය...........

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න