.

.

Feb 13, 2013

වැලන්ටයින් සිහිවෙන්න ගේමක් දෙමු - Lets pray for Valentine


වැලන්ටයිගේ දවසෙ කරන්න කියලා විශේෂ දෙයක් ගැන කල්පනා කර කර ඉන්න කොට, දුකාගේ පෝස්ට් එකක් දැක්කා අහම්බෙන්. පස්සේ ඒකේ තියෙන් නොම්බර වලට කතා කරලා බැලුවම, කැළණියේ කොල්ලෝ සෙට් එකක්. මර්වින් සිල්වගේ කස්ටිය නෙමෙයි අනේ.... මුන් විස්ස විජ්ජාලේ ෆයිනල් ඉයර් එකේ කොල්ලෝ සෙට් එකක්. පාඩම් කරන අතරෙමයි කතාකලෙත්.

දුකා දැකලා තියෙන්නෙත් වචන ටැක්සි කියන බ්ලොග් එකේ තිබිලා. වචන ටැක්සිට ඇවිත් තියෙන්නෙත් ඇස් ඇම් ඇස් එකක්. කොල්ලෝ දෙන්නට කතා කලාම, උන් කිව්වේ, අම්පාර වරාපිටියේ දුප්පත්ම දුප්පත් ඉස්කෝලෙකට පරිතාග්‍ය කරන්න පොත් ටිකක් එකතු කර ගන්න එකයි උන්ගේ ට්‍රයි එක කියලා. 

අපේ බ්ලොග් ලියන කියවන අයත්, පිනට දහමට බොහෝම ලැදි අයනේ. දෙන දෙයක් තමයි අන්තීමට ඉතුරුවෙන්නේ. ඒ නිසා හැමෝම එක පොතක් හරි දන්දීලා, ආදරවන්තයින් වෙනුවෙන් දිවි දුන්, වැලන්ටයින් තුමාටත් ඒ පින් අනුමෝදම් කරානම්. මම හිතන්නේ ඒක තමයි වැලන්ටයින්ට කරන්න පුළුවන් ළොකුම උපහාරේ කියලා.

කතා කරන්න ඕන මේ දෙන්නට -

                                      ගාමිණි බස්නායක - 0716  015  434
                         ලහිරු කිතලගම - 0715  468  431 

පොඩි උන් පොත පත කියවන්න පුරුදු කරාම උන්ට තේරේවී වැලන්ටයින් කියන්නේ කව්ද. එයාව සමරන්න ඕන කොහොමද කියලා..

ස්තූතියි....

19 comments:

  1. හොද වැඩක් ආදර්ශමත්

    ReplyDelete
  2. මම වැලන්ටයින් පෝස්ට් එක විදිහට දාන්න හැදුවෙ අර දෙරණ ලිට්ල් ස්ටාර් එකේ ඇස් නොපෙනෙන් පුංචි කොල්ලට එස්.එම්.එස් එකක් දාලා දිනවන්න කියල. ඇත්තටම ඒක මගෙ මිත්‍රෙයක් කරපු ඉල්ලීමක්.

    මේකත් හොද වැඩක් මාතලන්..

    ජය !

    ReplyDelete
  3. හරි හරි වැලංටුයිං දවසෙම ඕව කරන්න බෑ.. දුකා ගාවින් මම ඒ විස්තර ගත්තා. දෙයක් කරන්නං.. අඩන්නැතිව ඉදිං

    ReplyDelete
  4. අන්න අයියේ වැලන්ටයින්, ඕවගේ දේවල් වලට තමයි දවසක් හරි වෙන්කරන්න ඔනේ.. පුළුවන් විදියට උදව් කරන්නම්, මේ පොත් කියන්නේ ලියන පොත්ද? පුස්තකාල පොත්ද?

    ReplyDelete
  5. ස්තුතියි මාතලන්... මේ වැඩේට දායකත්වයක් දෙන්නම්.

    ReplyDelete
  6. ආදර්ශවත් වැඩක් මාතලන් . මම දන්න ඔහොම වැඩා උදව් කරන අය කීප දෙනෙක් ඉන්නවා මම නොම්මරේ දෙන්නම්

    ReplyDelete
  7. ඔන්න ඒකත් කොලා...

    තව මොනවාහරි තියෙනවද මචන්.....

    ReplyDelete
  8. පොඩි උන් පොත පත කියවන්න පුරුදු කරාම උන්ට තේරේවී වැලන්ටයින් කියන්නේ කව්ද. එයාව සමරන්න ඕන කොහොමද කියලා..//

    ඇත්ත!

    ReplyDelete
  9. මොන උනත් ඒක හොඳ වැඩක්....... මටත් තියේ ඔය පොත් කියවන රුදාව

    ReplyDelete
  10. ආදර්ශවත් වැඩක් ,

    ReplyDelete
  11. ලව් කරන අස්සේ පොත් පරිත්‍යාගයක් කරන්න කතා කරන්නෙ මුන්ට අප්සැට්ද,
    මේක ලව් දන්සැලක්; පෙට්ටි දන්සැලක්; පොත් දන්සැලක් නොවේ!
    ඒකට වෙසක් එකට එන්න.

    අපෙ මිනිස්සු හැම දේම පටලෝ ගන්නව.

    there is time there is time there is a time for love.
    -nana maskoori

    ReplyDelete
  12. menna wada labana paara machan Feb 01
    indamma mehema deyak sanwidanaya karanam hari...
    othokota 14 weddi poth malla aran ampare yanna puluwan( kella ekka:D )

    ReplyDelete
  13. //පොඩි උන් පොත පත කියවන්න පුරුදු කරාම උන්ට තේරේවී වැලන්ටයින් කියන්නේ කව්ද. එයාව සමරන්න ඕන කොහොමද කියලා..//
    ++++++++++++++++++++

    ReplyDelete
  14. කෝල් කරලා බලන්නෝනා...

    ReplyDelete
  15. පොත් වගයක් තියෙනවා එයාලා ගෙදට්ට එයි නම් ඒ ටික දෙනවා.කෝල් කරලා බලන්නම්කෝ.

    ReplyDelete
  16. අගේ ඇති වැඩක්....හැකියාව ඇති අය වැඩි වැඩියෙන් සහයෝගය දෙන්න...

    ReplyDelete
  17. හොද වැඩක්...පුළුවන් විදිහට උදව් කරන්නම්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න