.

.

Mar 20, 2013

කරුණා නිදි නෑ වගේ - Karunanidhi The Actor


ආන්ඩු කිරිල්ල, අපි මේ කතා කොරනවා වගේ, ලේසී වැඩක් නෙමේය. ඊටත් වඩා අමාරු කේස් එක, ජාත්‍යන්තරයත් එක්ක ගණුදෙනු කරනා එකය. ඒවාට ඩිග්‍රි වලට උගන්වන විදේශ සේවය වගේම, ගල් ආඳා වැඩ සටහනුත් තියෙන්න ඕනාය. පිළිගත් සම්ප්‍රදායන් තිබුනත්, ඕන එකෙක් බලන්නේ යටි කූට්ටූ වැඩක් කොට, ෂේප් එකේ ඉන්නය. හැබයි ඉතින් ඔහොම දෙන ගේම් වල, හරියන ඒවාත් තියෙනවාය, කෙලවෙන ඒවාත් තියෙනවාය. ජේ ආර් දුන්න ගේම් කෙලවෙලා, අන්තීමට ගාගත්ත ටිංකිරි, අද වෙනකනුත් ඉවත් කර ගන්න බැරුව දඟලනවාය. අපිට කිට්ටුවෙන්ම තියෙන රට නිසා, ඉන්දියාව එක්ක ගහන ගේම් ගහන්න ඕනා ඉතාම පරෙස්සම් සහගතවය.

හාමුදුරුවන් දෙදෙනෙකුටම කෙලලා තියෙද්දිත්, ආන්ඩුව කටක් හොල්ලන්නේ නැත්තේ ඒ නිසාය. මොකෝ ඒවාට විරුද්ධ වෙනවා කියන්නේ ඉන්දියාවට විරුද්ධ වෙනවා කියන එකය. එහෙම උනොත් කොළඹ පැරිස් එකක් කරණ සිහිනය බොඳවෙලා යනවාය. කොළඹට වැඩියෙන්ම ආයෝජකයෝ එන්නේ ඉන්දියාවේ ඉඳලාය. ටුවරිස්ට්ලාත් එහෙමය. ඉන්දියාවෙනුත්, වැඩියෙන්ම එන්නේ චෙන්නායි වල සිටන්ය. ඒ කියන්නේ තමිල්නාඩුවේ සිටය. එහෙම එකේ, අනං මනං ටෝක් දෙන්න යන එක, ඉල්ලන් කෑමක්ම වන්නේය. විමලේ උනත් සද්දයක් නැත්තේ ඒ නිසාය.

අපේ විමලේ කෑ ගැහුවේ නැති උනාට. ඉන්දියාවේ විමලේ නම් ගේමට බැහැලාය. ඒ කරුණානිධිය. කරුණා නිදි කියලා අපි හිතුවාට එයා ඉන්නේ නැගිටලාය. ඊයේ ළෝක් සභාව නියෝජනය කරන, කරුණානිධිගේ සැට් එකම මධ්‍යම ආන්ඩුවට සහාය දෙන එක නවතලා දැම්මාය. මේක නම් අපේ ලොක්කා විමලේ ලවා කොස් ඇට බාවනවා වගේම කේස් එකක්ය. ඉන්දියාවට ඇමරිකාවට කෙලින්න බැරිය, ලංකාව තරහ කරගන්නත් බැරිය. ඒ උනාට ඇමරිකාවට සපෝට් කරන එකට අපිට පෙන්නන්න හේතුවක් තියෙන්න ඕනාය.

දැන් සෝනියාට මහින්ද අයියාට කියන්න කතාවක් තියෙනවාය. දැන් එයාට මැරිච්ච හබියාට වඩා ජීවත්වන ඔබාමා වටිනවාය. ඒ නිසා එයා මහින්ද අයියාට කියන්නේ, "බලන්නකො අනේ.. මේ කරුණා නිදි වගේ හිටියාට මේ යකා නිදි නෑනේ... ගේමම නේ ඉල්ලන්නේ... ඔයා වගේම අපිත් ආසනේ රජ කරන්න, ඒ නිසා ඔයා තරහ වෙන්න එපා, අපි ඔබාමට ඇල්ලුවට, ඔයාට දෙන ඒවාත් ඔක්කෝම දෙනවා..." කියලාය. එයා කියන්නේ මානව හිමිකම් ගැන හොයලා බලන්න කියලාය. ඒ මොකෝ එයාලා, ඔබාමලා මානව හිමිකම් නියමෙටම රකිනා කස්ටිය නිසාය.

ඔබාමලා, වියට්නාමයේ, ඉරාකයේ, තලෙයිබානයේ, ලිබියාවේ වගේම දැන් සිරියාවේත් මානව හිමිකම් රකින ආකරය, ටැලිවිසොන් වලට පින්සිද්ද වෙන්න අපේ ඇස් දෙකෙන්ම දකිනවාය. සමහර විට එයාලා කියන්නේ අපි ඒ විදියට දෙමළ ජනතාවට කරන්නේ නෑ කියාලා වෙන්න ඇතිය. හැබයි ඉතින් එයාල වටවෙලා ගහන පොකුරු බයිලා වලට උත්තර දෙන්න මෙහෙන් යවලා තියෙන්නේ එක බයිලා කාරයෙක්ය. එයාගේ සද්දේ නම් බොහෝම මදිය. අනික එයා හැමදාම කියන්නේ අපේ හංදියේ පොඩ්ඩෙ අයියා කියනවා වගේ එකම බයිලාවය. අනිත් ටීම් එකනම් වැඩේට එන්නේ ආයුධ සන්නද්ධවය. එහෙත්, ඒවාට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ, හෙල්මට් එකක් වත් නැතුව කටෙන්ය. ඝෝඨාභය මහත්තයා හදලා දුන්න සෝ එකවත් අරගෙන ගියානම් ඒකවත් පෙන්නන්න තිබුනාය.

සෝනියාලා මානව හිමිකම් රකින ආකාරයත් අපි දැකලා තියෙනවාය. හිටපු ගමන් යන  ඉන්දියන් ප්‍රොටෙස්ට් වලදි එයාලාගේ පොලෝසියේ මානව හිමිකම්, ඇස් දෙකෙන්ම දැකලා තියෙනවාය. අනිත් එක මානව අයිතිවාසිකම් රකින් හැටි ටැමිල් සෝ වලත් පෙන්නනවාය. එහෙම එකේ එයා කියන්නේ අපිටත් ඒ වගේ කරන්න කියාද නම් දන්නේ නැතිය.ඊටත් වඩා ලස්සනට ටැමිල් සෝ වල පෙන්නනවාය. ආන්ඩුවේ මැති ඇමතිවරු ගම් පිටින් ගිනි තියන හැටි, කැතිගාන හැටි, කඩුගාන හැටි, බෝම්බ දාන හැටි ප්‍රභා ඉගෙන ගන්න ඇත්තේත් කරුණානිධිලාගේ, ඇම් ජී ආර් ලාගේ, සිවාජිලාගේ, කමලා හසන්ලාගේ, රැජිනිලාගේ ගේම් දැකලා වෙන්නත් ඇතිය. පොලීසියේ ගේමුත් නියමටම පෙන්නනවාය. අපේ උන්ට සෝ එකක් හදා ගන්න බැරි එකේ ඔය ටැමිල් සෝ එකක් ගෙනිහින් පෙන්නුවානම්, චැනල් ෆෝ එකට සුම්මා පෝ කියනවා නොඅනුමානය.

මෙව්වාට අපි කලබල වෙන්න ඕනා නැතිය. අපිට ෂපෝට් එකට, ජෙයලලිතා අක්කා කතා කරලා තියෙනවාය. ඒයා කියන්නේ කරණා නිදා ගන්නේ නැතුව තාමත් ඇක්ට් කරනවා කියලාය. ඒ නිසා අපි කලබල වෙන්න ඕනා නැතිය. මේක ඉන්ටර්නැෂනල් සෝ එකක්ය. තිර පිටපත, ඇමරිකාවේය, අධ්‍යක්ෂණය,  OHCHR එකය, කෙල්ල, ජිනීවාය, කොල්ලා ඉන්දියාවය, දුෂ්ඨයා ලංකාවය. ගරු රඟපෑම් තමිල්නාඩුවය. සෝ එක මේ දවස්වල බොක්ස් ඔෆීස් කුඩු වෙන්න යනවාය. ඒත් ඉතින් එහෙම සෝත් ටී වී එකකටවත් විකුණගන්න බැරි කලක් එනවාය. 

63 comments:

  1. නියම උපහැරනේ හා කතාව... ඉන්දීය විමලේ භූමිකාව හා ලෝකල් විමලේ ගේ කෙරුවාව එකය. ඒ මොකද කියන්නේ නං දෙන්නාම ආණු්ඩු ඉදිරියේ කරන දේ ගැන පෙන්වන කසකාරයන් නිසාය.

    ReplyDelete
    Replies
    1. මේ යකා හැම වෙලාවෙම එකට එනවා. හිටුකො. *^&*^&%^&)@

      Delete
    2. මේ ප්‍රශ්ණයට අදාලව එකම චරිතයක් වූවද, කරුණානිධි යනු මුළු ළෝකයෙම දෙමල ජනතාව නියෝජනය කරනා නායකයෙකි. විමල්ට නම් මහින්ද අයියා නැති උන දවසට අබ සරණයි. ඊයේ දැක්කානේ පාර්ලිමේන්තුවේ උන දේ.

      Delete
  2. කවුරු කොහොම කිව්වත් ඉන්දියාවයි , ලංකාවයි අතරේ එලියට අඩබෙර ගහලා කියන්නේ නැති අන්‍යොන්‍ය අවබෝධයක් තියෙනවා...

    ලංකාව ඉන්දියානු මධ්‍ය රජයට තමිල්නාඩුවේ තියෙන බලපෑම හොදාකාරව තේරුම් අරං තියෙනවා..ඒ නිසා පොඩි පොඩි කෙණිත්තිලි ඇරෙන්න , සදහටම වෛර කර ගන්නා ස්ථාවරයකට ලංකාව යන්නේ නෑ...

    ඉන්දියාවත් ලංකාවේ මේ ස්ථාවරය හොදට තේරුම් අරං තියෙනවා..ඒක හින්දා තමයි ඇමෙරිකාවේ යෝජනා වල සැර බාල කරන්න ජීනීවා ඉන්න ඉන්දියන් නියෝජිත්ය්යන් උත්සහ කරන්නේ..

    ඔන්න දැන් අමෙරිකාව තමන්ගේ සැර බාල කරපු යෝජනවාඅ නැවත වරක් සභාගත කරලා..

    ලංකාවයි ඉන්දියවයි අතර තියෙන්නේ ලව් ඇන්ඩ් හේට් සි‍ටුවේශන් එකක්..මේක සමතුලිත තාවයක් තියෙනවා..මෙකේ සමතුලිතතාවය බිද ගන්න දෙපාරශවයටම ඕනා කමක් නෑ...

    දෙපැත්තම පොඩි පොඩි ගේම් ගැහැව්වත් කවදාවත් අචසාන සටනකට එන්නේ නෑ.....

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපේ ගෙවල් ගාව ජෝඩුවක් උන්නා. ලස්සන පොඩි උන් දෙන්නෙකුත් උන්නා. දෙන්නම රස්සාව කරණවා. හැබැයි පොර එන්නේ අනිවා ෂොට් එකක් දාලා රෑ වෙලා තමයි. ඔන්න ඉතින් වලිය පටන් ගන්නවා ගෑණි කියනවා මූ වල් කමේ ගිහින් එනවයි කියලා. මිනිහා ගෑණිට ඔෆිස් එකේ උනුයි අහල පහල උනුයි පාවලා දෙනවා, පොඩි දෙන්නා හූ තිය තිය අඬනවා, අහල පහල උන් ආතල් එකේ අහගෙන ඉන්නවා. දරුණුම තත්වයක් ආවෝත් අපේ එකෙක් ගිහින් සද්දයක් දැම්මාම. ඔන්න සද්දේ නවතිනවා. කස්ටිය හිතන්නේ අරු ඔක්කෝම මැරුවා කියලා. අනේ ඕන් උදේ පාන්දර දරුවො දෙන්නා ඉස්සර කරන් අර ජෝඩුව යනවා ඇඟේ හැපි හැපි...

      Delete
    2. ඉන්දියාවට පකිස්ථානෙ තරම්ම හෝ ඉට්ටත් වඩා වැදගත් අස්ල්වැසිය ලංකාව. බලන්න පහුගිය කාලෙ ඉන්දියාවෙන් අපිට එවපු තානපතිල ටික. ඉන්න ස්පිරිට් එකෙන්ම තමයි නිතරම මෙහෙ එව්වෙ. හරියට අපි හොඳම උන් ජිනීව යවනව වගේ. ඒ මය්ය කියනව වගේ පාරෙ නොහැප්පි මැදින් තුරුල් වෙලා යන්න වග බලා ගන්න ඕන නිසයි.

      Delete
    3. //ජෝඩුව යනවා ඇඟේ හැපි හැපි//
      බලකෝ මාතලංගේ ඉරිසියාව. කුරුණා නිධිම කාපන්.

      Delete
  3. හික් හික් ඉන්න ඩිංගට බලය රැකගන්න කරන රඟපෑම් බලමුකො තව ඉස්සරහට ....

    ReplyDelete
    Replies
    1. අද ඉන්න ගොඩක් උන් පෞද්ගලිකත්වය ගැන මිසක් රට ගැන හිතන්නෙම නැති තරම්..

      Delete
  4. මයියාගේ කතාව තමා ඇත්ත. මාතලන් නියම පෝස්ට් එක. මමත් හිතන්නෙ ඉන්දියාව නියමෙට වැඩේ කරනවා. ඉන්දියාව ඉන්නකන් ලංකාවට අත තබනවා බොරු මොකද ඉන්දියාවෙත් කැරැට්ටුව හොද නැහැ. එහෙත් මානව හිමිකම් තඹ සතේකට ගණන් ගන්නේ නැහැ. ඒ නිසා ලංකාවට අත දැමීමේ පූර්වාදර්ශේ ගන්න ඉන්දියාව ඉඩක් තබන්නෙ නැහැ. කරුණා නිධි වගේ හිටියොත් ලංකාවයි ඇමරිකාවයි දෙකම ෂේප් කර ගන්න බැහැ. ඒ නිසා නියමම තුරුම්පුව තමයි කරුණා නිධි ඇහැරලා ඉන්න එක.

    හැබැයි කවුරුත් මතක තියා ගණ්න ඕනෙ මේ හැමදේම එයාලගේ වාසියට විතරයි.

    ReplyDelete
    Replies
    1. >>හැබැයි කවුරුත් මතක තියා ගන්න ඕනෙ මේ හැමදේම එයාලගේ වාසියට විතරයි<< වෙද මහතාගේ මේ කියමන හරියට හරි.

      Delete
    2. ඉන්දියාවේ දේශපාලඥයාට වඩා තැනක් තියෙනවා නිළධාරීන්ට ඔවුන් උගත් පමණක් නොවේ බුද්ධිමත්. දේශපාලකයන්ට තියෙන්නේ තියරිය දෙන එක විතරයි. නිළධාරින් ප්‍රැක්ටකලි ඒ වැඩේ කරණවා. හොඳම උදාහරණය තමයි බලන්න ඉන්දියාවේ තානාපතිවරු. විදේශ සේවයේ වසර ගනනක් අත්දැකීම් ඇති උගත් බුද්ධිමත් පිරිස. රටේ ඉන්න සුපිරිම ස්පිරිට් එක තමයි එතන ඉන්නේ. අනික ඔවුන්ට ජාතික ප්‍රතිපත්තීන් තියෙනවා. පක්ෂ මාරු උනාට ප්‍රතිපත්ති මාරු වෙන්නේ නෑ. සුළු කාලයක් ඇතුලත් උන් නරා වලෙන් මිදී ළෝක බලවතකුගේ තත්වයට පත්වෙන්න පුළුවන් උනේ ඒ නිසා.

      Delete
    3. වෙද මහත්තය මාතලන්ගෙ පිට කසනව... මාතලන් වෙද මහත්තයගෙ පිට කසනව.... කෙන්ජිය දෙන්නගෙම පිට කසනව.... අනේ මන්ද... ලන්කාවෙ සාහිත්‍ය සම්මාන උලෙලක් වගේ.... පව්....

      Delete
    4. ඉති ඔයත් අල්ලනකෝ පිට.. අපි ඔක්කෝම එකතු වෙලා කහන්නම්..

      Delete
  5. ඉන්දියාවට තමන්ට අතපෙවීම ගැන නම් ලොකු බයක් වෙන්න දෙයක් නෑ කියලයි මට හිතෙන්නෙ , නිති විරෝධි න්‍යෂ්ටික ආයුධ වලට , කටක් අරින්නේ නැති එවුන් කාශ්මීරේ උන්ගේ , නක්සලයිට් කල්ලි වල මානව හිමිකම් හොයන්න එන එකක් නෑ . කොහොම වුනත් ලංකාව තව දුරටත් චීනේ පැත්තටම තල්ලු කරන්න කලින් පොඩියක් හිතනවා වෙන්න පුලුවන් . මමත් මයියාගේ අදහසට එකඟයි . කරුණා නිදිට විරුද්ධව ඡන්දය දුන්නට විතරක් මදිලුනේ , එක්කො යෝජනාවේ බර වැඩි කරන්නලු නැත්නම් ඉන්දියාවේ පාර්ලිමෙන්තුවට යෝජනාවක් ගේන්නලු කියල . ජයලලිතා නෝනා කියන්නේ ඉන්දියාවේ පාර්ලිමෙන්තුවට යෝජනාවක් ගෙනාවට කරන්න පුලුවන් ලබ්බක් නැති නිසා ජාත්‍යන්තර ගේමම තද කරන්න ඕනිලු . කරුණා නිධි පාර්ලිමෙන්තු යෝජනාවේ කථාව ගෙනත් තියෙන්නේ ආයෙම ආණ්ඩුව අස්සට රිංගන්නලු . මට හිතෙන්නෙත් ජයා නෝන හරි , පාර්ලිමෙන්තු යෝජනාවක් ගෙනල්ල අල හාරන්නයැ .

    ReplyDelete
    Replies
    1. බුරු වංශය කට වහන් ගියට ගෝඨා ලොක්කා කියන්න ඕනි ටික කියලා "සාරාංශය - තමිල්නාඩුවට යන්න එපා , ද්ඹදිව වඳින්න යනවා නම් වෙනත් ප්‍රාන්තෙක ට ගිහින් පලයල්ලා " ..ඔන්න දැන් සමහර විට බුරුවංශය ෆෝම් වෙයි

      Delete
    2. විමලෙට, සුජීව සේනසිංහයා දුන්නා පොරි හැලෙන්න. සපෝට් එකට හිටියේ ගොන් බූරූ අර්ල් ගුණසේකරයි, පුත්තලබ් බූරූ අස්වරුයි විතරයි.

      Delete
    3. ඒ උනාට බුවා ඉන්දියාව සුළුවෙන් තකන්න ගිහින් තමයි අන්තීමට ලක් මාතාවට පලා බබා වදන්න උනේ...

      Delete
    4. විමලයගේ එක මම අද උදේ දැක්කේ යස වැඩේ , ඔයිට කලිනුත් සජිත්ලා , දයාසිරිලා එකතු වෙලා ඕකව බයිට් එකට ගත්තා ආණ්ඩුවෙ කවුරුවත් ගණන් ගත්තෙ නැ .

      ඉන්දියාව සුලුවෙන් තකන්න බැ කියටවත් . පලා බබාගේ කාලේ ඉන්දියාවේ අගමැති සෝවියට් වාදී මැට්ටෙක් , අද ඒක වෙනස් , ඒ නිසා හරියට ගේම ගහන්න දන්නවා නම් වැඩේ ගොඩ දාගන්න පුලුවන්

      Delete
  6. අහ්තටම මමත් හිතාගෙන හිටියේ කරුණා නිදි කියලා.

    ReplyDelete
    Replies
    1. පිස්සු.... මැරෙනකම් බඩු වැඩ....

      Delete
  7. ලෙසටම ඔය ලියල තියෙන්නෙ.බලන්න මාතලන් අර හාමුදුරුවන්ට කෝච්චිය ඇතුලෙ නෙලද්දී නම් පුදුම තරහක් ආවෙ.අපේ විමලයගේ කටේ යතුර තියෙන්නෙ ලොක්ක ගාවනේ.

    ReplyDelete
    Replies
    1. //අපේ විමලයගේ කටේ යතුර තියෙන්නෙ ලොක්ක ගාවනේ//
      කෝ කෙන්ජිගෙ යතුර? කෙන්ජිට රුපියලක් දාන්න.

      Delete
    2. හහ්....හහ්....හා ...:).

      Delete
    3. මොකද කෙනෙජිගෙ බඩේ හිඟන්නෙක් ද?

      Delete
    4. එකත් නියම පුරස්නෙ.හහ්...හහ්...හහ්...හා...:).

      Delete
    5. තිරිසන්නු කොහෙත් ඉන්නවා මචෝ...

      Delete
  8. මූව සදාතනික නින්දකට යවනවා නම් හොදය.

    අපේ උන්ද පන නැතිය. ලොක්කා ඉන්දියාවට කොකා පෙන්නා පකිස්ථාන් සහයෙන් යුද්දෙ ගැහුවට, ඉන්දියාවට බයය. කොටින්ට පට්ටම බයය. අපේ උන් ගිහින් අයි.පී.එල් පවා ගහනවා ෂුවර්ය. ඒ සල්ලි කීය හරිත් රටට නිසා ලොක්කා සද්ද වහන් ඉනු නියතය.

    සෑමා මේ පෝස්ටුව බුකියේ ෂෙයාර් කරන්නේය.

    ReplyDelete
    Replies
    1. සෑමා අපි තේරුම්ගන්න ඕන කාරණාව තමයි ඉන්දියාව කියන්නෙ තමිල්නාඩුවම නෙවේ. ඒ වගේම තමිල්නාඩුව කියන්නෙ ගහපු දෙතුන්දෙනාත් නෙවේ කියනඑක.

      Delete
    2. @ සැමා
      ඉතින් බන්... උඹ හිතන විදියටම නේ එයත් හිතලා තියෙන්නේ.. ඒක ප්‍රශ්ණවලට විසඳුමක් නම් නෙමෙයි..

      Delete
  9. ඉන්දියන් රජය එක්ක අපිට ගේමක් නෑ. නමුත් මධ්‍යම රජයට අවශ්‍ය විදියට වැඩකරන්න තමිල්නාඩු පාලකයන් ඉඩ දෙන්නෙත් නෑ. හරියටම කියනව නං මේක ආණ්ඩුවයි හාමුදුරුවරුයි වගේ කේස් එකක් තමයි. ආණ්ඩුවට හාමුදුරුවරු ඕන. කවුරු මොනව කිව්වත් "සිවුරට වඳින" ජහමනය ඉන්නවනේ. ඉතිං බොබසේ වගේ පිස්සු කෙලින සෙට් එකක් හිටිය උනත් කට වහගෙන ඉන්නෙ ඒකයි.

    ඉන්දියාවෙදි සිදුවූ පහරදීම අනුමත කරන්න බෑ. ඒත් ඒ පහරදීම මුස්ලිම් අන්තවාදීන් කලා කියල බොබසේ කියල තිබුන. ඒක ඇත්ත නං එයාල වැපිරූ දේයි නෙලාගන්නෙ

    ReplyDelete
    Replies
    1. මේ ආන්ඩුවනම් සිවුර ගනන් ගන්නේ නෑ බං. මතකනේ සරත් ෆොන්සේකා සිද්දිය. නමුත් මහින්ද මහත්තයා සිවුරත් කඩේ යවන්න දන්නවා ලස්සනට.

      Delete
  10. නියම විග්‍රහය....
    +++++++

    ReplyDelete
    Replies
    1. මචං මාතලං, නලීටත් ලැප් එකක් ලැබුනනේ. ආරංචි නැද්ද?

      Delete
    2. මචං ඇනෝ;නලීන් කරන්නෙ රස්සාවක් බං.ඒක අපි තේරුම් ගන්න ඕන.යුද්දෙ කාලේ විදල තියෙන කට්ටෙ හැටියට ලැපේට වඩා දේවල් ලැබෙන්න ඕන.ඉස්සර මම හිතුවෙත් ඔබ හිතපු විදියට.පස්සෙයි දන්නෙ නලී කියන්නෙත් අපි උඹල වගෙ බොක්කෙ පොරක් කියල.

      Delete
    3. @ ඇනෝ

      නලීන් කරන්නේ රැකියාවක්. මම ආදරය කරන්නෙ නලීන් රැකියාව කරන ස්ථානයට නෙමෙයි. නලීන් කියන පුද්ගලයාට. ඒ මනුස්සයට ජීවත් වෙන්න ඊට වඩා හොඳ රස්සාවක් ලැබුනොත් එයා ඒකට යයි. එයා නෙමෙයි මම උනත් එහෙමයි.

      Delete
    4. අපි දන්නව මාතලන් ඔයා ආත්ම ගරුත්වෙ සල්ලි වලට විකුනනවා කියල....

      Delete
    5. ආත්ම ගරුත්වේ කන්න බෑනේ.. ඇත්ත කියන්න එපයි.. නිකං මොකටද බොරු කියන්නේ.. නලින් කියන්නේ ළෝකේ ඉන්න නරකම මිනිහවත්.. හොඳම මිනිහවත් නෙමෙයිනේ.. මමත් එහෙමයි... ඔයත් එහෙමයි... ඇත්ත ඒකයි..

      Delete
  11. මේ දෙමල උන්ට නම් මාර අමාරුවක් තියෙන්නේ.උන්ට ඉන්දියාව ලංකාව කියලා නැහැ කොහෙන් හරි රාජ්‍යයක් ඇති කරගන්න තමා හදන්නේ.ඉන්දියාවෙනුත් ඕකුන්ව ත්‍රස්තවාදීන් ලෙස නම් කරන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. දෙමල මිනිස්සු ඔක්කොම එක ගොඩට දාන්න එපා . ඉන්දියාවේ කෙසේ වෙතත් ලංකාවේ ඕනි තරම් හොඳ දෙමල මිනිස්සු ඉන්නවා

      Delete
    2. ත්‍රස්තවාදය අනුමත කරන්නේ ඉතා සුළු පිරිසක්.. බහුතර ජනතාව ඕවාට කැමති නෑ.

      Delete
  12. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  13. ආගම්වාදී වට පිටාවක් සහිතව ඇති දැඩි වුන පුද්ගලයෙකු බොහෝවිට බුද්ධියෙන් විමසා ක්‍රියා කරන්නේ නැත.ඔවුන් ජීවත් වන්නේ ආගම විසින් ඔවුන්ට පෙන්වා ඇති මනඃකල්පිත මනෝ ලෝකයකය.තේරෙන භාෂාවෙන් කියනවනම් බහුතරයක් ආගම් වල මිනිසුන් මෝඩයෝය.එයට හොඳම උදාහරණයක් ලෙස නිකන්ම නිකන් චිත්‍රපට නළුවකු වන රජිනි කාන්ත් දකුණු ඉන්දියාවේදී දෙවියෙකු බවට පත් වන්නේ එම ජනයාගේ නොදැනුවත් කම නිසාය.ඔවුන් සිතන්නේ චිත්‍ර පටියේ අඩංගු සියලු දර්ශන වල අදාළ චරිතයට ඇති අධි මානුෂික හැකියාවන් සැබෑ ජීවිතයේද එම නළුවා සතුවන බවය.ඔවුන් ප්‍රචණ්ඩ වන්නේද ඔවුන්ගේ ආගම මගින් ඔවුන්ට උගන්වා ඇති දේ නිසාය.හින්දු දෙවි කෙනෙක් ප්‍රසිද්ධියේ පාරක ගමන් කළහොත් ඔහුව අත් අඩංගුවට ගෙන අඩුම තරමේ අවුරුදු දෙකකට වත් ඔහුව සිරගෙට යැවීමට තරම අවි ආයුධ ඔහු සතුව ඇත.දෙමළා ප්‍රචණ්ඩ වන්නේ ඒ නිසාය.හේතුවක් උවමනා නැත.කවුරු හෝ මෝඩයෙකුගේ උසිගැන්වීම උවමනාවටත් වඩා ප්‍රමාණවත්ය.

    ඉන්දියාව ලංකාවේ අක්ක කියනවා නේ....මම නම් හිතන්නේ අක්ක නෙවෙයි නෑනා කියල.

    ReplyDelete
    Replies
    1. උඹගේ මතයට සම්පූරණයෙන් එකඟයි. ඒකට ඉන්දියාව, ලංකාව කියලා වෙනසක් නෑ..

      Delete
  14. අපටත් මෙහෙම ගියොත් උතුර දකුණ මාරු වෙන කාලය වැඩි ඈතක නොවෙනවාය!

    ReplyDelete
    Replies
    1. කොහොමත් දෙමළ ජනතාවටගේ ජීවන තත්වය නගා සිටුවන තෙක්, මේ පරිප්පුව කන්න වෙනවාය.

      Delete
  15. දැන් පෙන්නන්න සිරි ලංකාවේ නාඩගම චිත්‍රපටියේ නළු නිලි සෙට් එක
    තැටිය රත් වෙනකොට රොටි පුච්චන්න දගලන දකුණු ඉන්දීය දේසපාලුවෝ.
    යු එන් එක ඇමරිකාව ප්‍රමුක බටහිරට විකුණන පිල්ලේ ඇතුළු එන් ජි ඕ
    සිරි ලංකාවේ පිස්සු නටන ම.රා, රනිල්, ෆොන්සේකා ඇතුළු සියලුම දේසපාලුවෝ

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම නාඩගමක් තමයි නටන්නේ. මේ ඔක්කෝම කරන්නේ එකිනෙකා රවට්ටා ගැනීම ඇර වෙන කුමක්ද...?

      Delete
  16. කරුනා කොයිවෙලෙත් කරුවලේ තමයි, රෑටත් සංගලාස් දානවනේ!

    ReplyDelete
    Replies
    1. අප්පට බොල... ඇත්ත නේන්නං

      Delete
  17. ලංකාව දැන් ගිරයට අහු වෙච්ච පුවක් ගෙඩිය වගේ බං දැන්...........විමල්ට ලංකාවේ තියන් හක්කේ බුදුරැස් ටෝක් වලට වඩා, ඉන්දියාවේ කරුණා නිධිට තැනක් එහෙ තියෙනවා......

    ReplyDelete
    Replies
    1. අනිවා ඔය මම උඩ කොමෙන්ට් වලත් කියලා තියෙන්නේ ඒකම තමා...

      Delete
  18. ඉන්දියාව අමනාප කරගත්තේ අපේ ලොක්කන්ම තමයි මාතලන්! ඉන්දියාවේ ඉහල රාජ්‍යත්‍රන්ත්‍රිකයන් මෙහෙ ආවම ඒ අයට එක කතාවක් කියනවා එදා හවසම පන්සලකට ගිහින් සිංහලෙන් පොර ටෝක් එකක් දෙනවා.අපේ ගොන් හැත්ත රවටනවා වගේ ජාත්‍යන්තරය රවටන්න බැරිබව අපේ වගකිවයුත්තෝ තේරුම් ගන්න තුරු තත්වය ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. අනිවා... 100% එකඟයි.. අපේ ගොන්නුත් එක්ක බොරුවෙන් ජීවත් උනාට. ජාත්‍යන්තරයත් එක්ක ඒක කරන්න බෑ..

      Delete
  19. කොහොම උනත් මාතලන් අයියේ මේ දවස් වල ලියලා තිබුන ලිපි වලින් මෙම ලිපියට මම වැඩිපුර ලයික්ය. කරුණා නිධිගේ රෙද්ද ගැලවෙන්නම දීලය.

    ReplyDelete
    Replies
    1. මෙව්ව ඉතින් උන්ට තේරෙනවයැ

      Delete
  20. සුජීව විමලයට රෙද්ද ගැලවෙන්නම කියලනෙ.දැනුයි දැක්කෙ.

    ReplyDelete
    Replies
    1. කුඩු වෙන්නම දුන්නා...

      Delete
    2. ඒ උනාට වැඩිය කෑගැහුවෙ රිදිච්ච කෙනා

      Delete
  21. විමලයට රෙද්ද ගැලවෙන්න දුන්නත් සුජීව ඕනෑවට වඩා ඔතන කලබල වුනා. හදාගත්ත ප්‍රතිරූපය පොලේ ආච්චි කෙනෙක් ගාණට දා ගත්තා.

    කොහොම වෙතත්, සක්කිලි විමල් මේ ප්‍රශ්ණේ ගැන කතා නොකල කියන එක බොරු. විමල්ගේ මෙච්චර කල් කරපු ප්‍රකාශ වලින් මම කැමතිම එකත් ඒකම තමා.

    මෙන්න බලන්න.

    සමහරුන්ට ඕන සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකිනෙකාට ඈත් කරලා හැමදාම කොටවල තියාගන්න. ඒ කෙටවීමේ උපරිම ප්‍රතිඵලය තමයි අර උතුරේ ඇතිවුණු ගින්න. නැවත මේ ජන සමාජය කොටවන්න හදන අයට අපි කියනවා, නැවත ඒ අපරාධය කරන්න හදන්න එපා කියල. ජයලලිතා නෝනා දකුණු ඉන්දියාවේ ඉඳගෙන බලනවා මේ රට ගිනි තියන්න. එතන අවුලවනවා මෙතන ගිනි තියන්න. අපි ජයලලිතා නෝනාට කියනවා බොහොම ආදරයෙන් ලෝකය පුරා ඉන්න කෝටි සංඛ්‍යාත ජනතාවට දෙමළ රාජ්‍යයක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම්, ඒකට සුදුසුම ස්ථානය තමයි ද්‍රවිඩ පවුල් වලට අයිති භාෂා සියල්ල කතා කරන දකුණු ඉන්දියාව ඇතුළු කෙරලේ, කර්නාටක ඇතුළු මුළු භූමිභාගය බව. පැරණි චෝල අධිරාජ්‍යයේ සිතුවමට අයිති භූමි භාගයේ කියල. එතන තමයි දෙමළ ශිෂ්ඨාචාරයේ තොටිල්ල. ද්‍රවිඩ ආර්ය භාෂා පවුලට අයිතිවන හැම භාෂාවක්ම කතා කරන තැන. එතුමියට වෙනම රටක් හදා ගන්න හොඳම තැන එතනයි. සෑම ද්‍රවිඩ ගණයට අයිතිවන ද්‍රවිඩ භාෂා පවුල් සියල්ලම ජීවත් වන රට කේරල, කර්නාටක. දැන් මෙතන ඉන්නේ අපේ දෙමළ සහෝදරයෝ, ඔවුන් ද්‍රවිඩ නෙවේ. ද්‍රවිඩ කියන්නේ ඊට වඩා පුළුල් පරාසයක් ගැන කියන කතාවක්. ද්‍රවිඩ කියන එකට තමයි කර්නාටක, කේරල කියන මේ හැම එකක්ම අයිති. එතන තමයි දෙමළ ජනතාවගේ ශිෂ්ඨාචාරය. එතන තමයි කලාව ඉපදුනේ. එතන තමයි සාහිත්‍ය නිර්මාණය වුණේ. එතන තමයි හින්දු ආගමේ උපත. එතන තමයි හදනවා නම් නියම තැන. ජයලලිතා නෝනේ අනේ අපිට කරදර නොකර මේ අල්ලක් තරම් ශ්‍රී ලංකාව පුංචි රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ඉන්න අපි ටික දෙනා අපේ පාඩුවේ අමාරුවෙන් හරි, දුකෙන් හරි, හොඳින් හරි, නරකින් හරි අපි ඉන්නම් අපේ වැඩක් අපිට කරගන්න ඉඩ දීල ජයලලිතා නෝනේ මෙහෙට කරදර නොකර හදාගන්න වෙනම රටක් එහෙ හදාගන්නවා නම් තමයි හොඳ. එහේ හදාගන්න කතා කරන්නේ නැහැ. අපිට කියනවා මෙහේ හදපල්ලා කියල. මෙහෙ අපේ දෙමළ සහෝදරවරුන්ට කියනවා එහේ හදන්න බැහැ මෙහේ හදන්න කියලා. මෙහේ සටන් කරන්න කියලා කියන්නේ ඇයි එතකොට මෙහෙ ඉන්න සියලුදෙනා බැට කන නිසා. අපි එකිනෙකා මරා ගන්නවා. අපි එකිනෙකා දුක් විඳිනවා. අපේ දෙමළ අම්මත් අඬනවා. සිංහල අම්මත් අඬනවා. හමුදාවට ගිය දරුවගේ අම්මත් අඬනවා, කොටින්ට සම්බන්ධ වුණු දරුවගේ දෙමළ අම්මත් අඬනවා. අපි අඬනවා ජයලලිතා ජොලියේ හිනාවෙලා ඉන්නවා. ජයලලිතාට ඒ තරම් වේදනාවක් තියෙනවා නම් දෙමළ ජනතාවගේ අනාගතය ගැන, හදන්න කරුණාකරලා දකුණු ඉන්දියාව පදනම් කරගෙන චෝල අධිරාජ්‍යයට සිතියමේ තිබුණු සියලුම කොටස් ටික එකට එකතුකරලා කරුණාකරලා වෙනම රාජ්‍යයක් එතන හදන්න. උදව්වක් ඕනේ නම් අපි දෙන්නම්. මෙහෙ ගිනිතියන්න ජයලලිතා නෝනට අපි ඉඩ දෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒවා ගැන කතා කරන දෙයක් නෑ. පොරගේ පොත කියෙව්වනම්. පොරගෙ දැක්ම අඳුනාගන්න පුලුවන්. මෙයා කියපු දේ කරානම් ජෙප්පොන්ට බලේ අල්ලන්නත් තිබුනා. ඒත් හොරකම් කරණ එක තමයි කැත වැඩේ.

      Delete
  22. මේ නාකියා අමරණියයිද අප්පා සික් විතරක් මූ මැරෙන්නෑනෙ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න