.

.

Mar 7, 2013

කාන්තා දිනය (කාන්තාවන්ට පමණක් නොවේ) - Women's Day (Not for Ladies Only)



මාතෘකාව ලෙස යෙදිමට සිතා උන්නේ, කාන්තාවන්ගෙන් හම්බකරන, කාන්තාවන්ගෙන් කන, කාන්තාවන්ට ගරහන, ළෝකෙන් උතුම් රට ලෙසය. මා මේ ලිපිය ලියන්න සිටියේ මීට බොහෝ කාලයකට පෙර සිටය. එහෙත් මෙය සංවාදයට ලක්විය යුතු අවස්ථාවක් එන තෙක් මා බලා සිටියේ, එය අවදානයට ලක් නොවී, මතකයේ නොරැදෙන දෙයක් නම්, ලියනා දෙයින් පලක් නොමැති නිසාය. රනිල්ගේ "ගරිල්ලා මාකටින්", ළිපි පෙලක් සේ පල කිරීමට අදහස් කරගෙන උන්නද, අපේ හිතවත් නලීන් මහතාගේ "සමකය වටේ" බ්ලොග් අඩවිය තුලින් අතිවූ සංවාදය, ඉදිරියට ගෙනයාමක් ලෙසත්, මාර්තු 8 වන දින ළෝක කාන්තා දිනය වන නිසාත්. මේ ළිපිය ලියා පල කිරීමට සිත් විය.


ඇත්ත වශයෙන්ම, පිරිමින් ලෙස අප ලැජ්ජා විය යුතුය. මාතලන් වන මමද, එහා ගෙදර සෝමේ අයියාද, ඉක්බාල් නනාද, සුන්තරම් තම්බිද, අපේ ජනාධිපති තුමාද, විපක්ෂ නායක තුමාද, සියළුම මැති ඇමතිවරුද (පිරිමි) ලැජ්ජා විය යුතුය. ඒ මන්ද? අප සියළුදෙනාම ජීවත් වන්නේ කාන්තාවන් නිසාය. ඒ අප මවකගේ කුසෙන් බිහිවන නිසාද? නැත. අද අප සියළු දෙනාම කන්නේ බොන්නේ, කාර් රේස් දුවන්නේ, එයාර්පෝට් හදන්නේ, හාබර් හදන්නෙ, කොටින්ම අපේ ආර්ථිකය දුවන්නේ කාන්තාව නිසාය.

ලංකාවේ ප්‍රධානම ආදායම් මාර්ගය, විදෙස් ශ්‍රමිකයින් මෙරටට එවන මුදල් ප්‍රමාණයයි. එයින්ද විධායක ශ්‍රේණියේ රැකියාවලට වඩා. ඉතා සුළු වැටුපකට, තම දහඩිය හා කඳුළු හෙලනා පිරිස ප්‍රමානයෙන් වැඩිය. එයිනුත් කාන්තාවන්ගේ ප්‍රතිශතය 60% කට වඩා ඉහල අගයක් ගනී. එමෙන්ම, ඔවුනට මෙරටදී හා විදේශයන්හී ලැබෙනා සැලකීම, ඉතාම පහත් හා අවම මට්ටමක පවති. එවන් දුක් විඳින මැද පෙරදිග ගෘහ සේවිකාවන්ගේ සංකේතයක් බඳුවූ, රිසානා රෆීක් බේරා ගැනීමටවත්, මේ කාන්තාවන් නිසා ජීවත් වන මැති ඇමතිවරුනට, නිළධාරීන්ට හා ආයතනවලට නොහැකි විය. කොටින්ම ඇය මරා දැමුවාදැයි, ඇමතිවරයාවත් දැන සිටියේ නැත. වෙන රටක නම්, ඇමතිවරයා ඉල්ලා අස්වනවා ඇත. ඉන්දියාවේ වරෙක එවන් තත්වයක් ඇතිවූ කල ඔවුන් සවුදියට ගෘහ සේවිකාවන් යැවීම නවතා දැම්මේය. බංගලාදේශයද එසේය. පිලිපීන කාන්තාවන් ගැන සෙවීමට, තානාපති කාර්යාලයේ වෙනම සේවක පිරිසක් ස්තාපිත කර ඇත. නමුත්, ලංකාවේ මේ දේවල් අනාගතයේවත්, බලාපොරොත්තු විය නොහැක.මේ ගැන ඔවුන් ලැජ්ජා විය යුතුය.

ඉන්පසු වැඩිම ආදායම ලැබෙනුයේ, කලක් ප්‍රථම ස්ථානයේ පසුවූ, ඇගළුම් කර්මාන්ත ක්ෂේශ්ත්‍රයයි, එහි 95% පමණ ප්‍රතිශතය කාන්තාවන්ය. අද ඔවුන් තම වෘත්තිය අයිතිවාසිකම්, කම්කරු සටන් තුලින් අත්පත් කරගෙන ඇත. එහෙත් නිසි විදේශ ප්‍රතිපත්තියක් නොමැති කමින් හා ජී එස් පී ප්‍රශ්ණය හේතුවෙන් ඒ කර්මාණ්ත ශාලා වැසී යන තත්වයක් උදාවෙමින් තිබීම, ඉතාම කනගාටුදායක තත්වයක්ය. විදේශ ආයෝජයකින් නොපැමිනෙන වාතාවරනයක් තුල, තිබෙන කර්මාණ්ත ප්‍රමාණය හෝ රැකගැනීම, රජයේ යුතුකමය. කිසි ප්‍රයෝජනයක් නොමැති, "සීනි ඇමති" කෙනෙකුන් පත් කලා වෙනුවට, රටේ ප්‍රධානම කර්මාණ්තය වන, ඇඟලුම් කර්මාන්තය වෙනුවෙන්, ඇඟළුම් ඇමති කෙනෙකු පත් කලේ නම් කෙතරම් අගනේද?

ඉන් පසු වත් පිරිමින්ට තැනක් ඇතිද?, නැත. ඉන් පසු, ආර්ථිකයට වැඩිම දායකත්වයක් ලබා දෙනුයේ, තේ කර්මාණ්තයෙනි. කිසි දිනෙක තේ වත්තක් හෝ දැක නැති නිළධාරීන්, අධි සුඛෝපභෝගී සැප පහසුකම් ලබද්දි, වැඩිම ශ්‍රමයක් ලබාදෙන, තේ දළු නෙලනා කාන්තාවන් අදටත් ජීවත් වනුයේ ලැයිම් කාමරවලය. අද යම් තාක් දුරට, තත්වය යහපත් වූවත්. මේ කාන්තාවන්ට, මීට වඩා බොහෝ දේ ලබාදීමේ හැකියාව වතු සමාගම් වලට ඇත. පාදඩ දේශපාලඥයන් ඔවුන්ගේ ඡන්දයේ බලයෙන් අධි සුඛෝපභෝගී ජීවත ගෙවද්දි, අද ඔවුනගේ අයිතිවාසිකම් ගැන කතා කිරීමට කෙනෙකුන් නොමැතිවීම රටක් වශයෙන් ලැජ්ජාවට පත්විය යුතු තත්වයකි.

එමෙන්ම, තවත් අතකින් අප ලැජ්ජාවට පත්විය යුතුය. මෙවන් උදාර සේවයක් ලබාදෙන කාන්තාවන්ට සමතැන තබා, නිසි තැන වත් ලබා දීමට රට ක්‍රියාකර තිබෙනවාද. අද පුවත් පත් ජීවත් වන්නේත් කාන්තාවන් විකිණීමෙනි. ඒ අඩ නිරුවත් කාන්තා රූප වලින් හා කාන්තාවන් දූෂණය කිරීම් රසකර ලියා පලකිරිමෙනි. ඇත්තටම, ජේෂ්ඨ යයි කියාගන්නා සියළුම සිංහල ජාතික පුවත් පත් කර්තෘ වරුන් ලැජ්ජාවට පත් විය යුතුමය. මන්ද ඉංග්‍රිසි පුවත් පත් තුල මේ කිසිවක් නොමැති බැවිනි. ඒ මහත්වරුන්ගේ තත්වයට පත්වීමට අදවත් සිතට ගන්නේ නම් ඉතා අගනේය.

ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර අද බහුලව සිඳුවීම, උදේ හවා කන් අඩි පුපුරන්න පිරිත් දමාගෙන නටනා රටක, ලැජ්ජාවට කාරනයකි. එමෙන්ම, කාන්තාවන්ට එරෙහිව ඇති ගෘහස්ත ප්‍රචන්ඩත්වයද අද සීඝ්‍ර ලෙස ඉහලගොස් ඇති බව වාර්ථා විය. මේවා පොලිසිවලට විසඳිය නොහැකිද..? කාන්තා කටයුතු ඇමතිවරයා, පුහු ප්‍රචාරණයට, රූපවාහිනීවල නිව්ස් කට් වල පෙනි සිටීමට, අරක කරනවා මේක කරනවා කියා පලක් නැත. කරලා පෙන්විය යුතුය. එසෙ කල නොහැකි නම් ඉවත් විය යුතුය. අද පාර්ලිමේන්තුව නියෝජනය කරනා කාන්තාවන්ගෙන්ද, කිසිම ප්‍රයෝජනයක් නැත. රිසානා වෙනුවෙන් කතා කලේ කෝන්ගහගේ මැතිනිය පමණය. අනෙක් අය කාන්තාවන් ලෙසද ලැජ්ජාවට පත් විය යුතුය.

අනෙක් කරුණ මෙවන් ක්‍රියා වැඩි වශයෙන් සිඳුවන්නේ ග්‍රාමීය ප්‍රදේශයන් තුල වීමයි. තවමත් ගමක හොඳ බැදීමක් පවති. එසේනම් එදා තිබු ගම අද නැත්තේ ඇයි. පන්සල තමන්ගේ යුතුකම ඉටු නොකිරීම නොවේද..? අද ප්‍රාදේශීය සභාවේ සභාපති අත්කරගෙන තිබෙනා බලය එද තිබුනේ ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ට නොවේද..? යලිත් ඒ තත්වය උදකර ගත නොහැකිද..? මිනිසුන් පන්සලෙන් ඈත් වන්නේ ඇයි.. මේ වෙනම කතා කල යුතු මාතෘකාවන්ය.

කෙසේ හෝ තම මවට, ආදරය කරන්නා සියළුම කාන්තාවන්ට ආදරය කරන්නෙකි. බොහෝ විට මේ දූෂණ ක්‍රියා සිඳුවන්නේ, මව් සෙනෙහස නොලද පුද්ගලයන්ගෙන් බව, අද සමාජ විද්‍යාඥයන් සොයාගෙන අවසානය. එම නිසා තම දරුවාට උගන්වනවා මෙන්ම, ආදරය කරන්නත් වෙලාවක් වෙන් කර ගන්න. කාන්තාව යනු සොඳුරු වස්තුවකි, අප ඔවුනට ආදරය කළ යුතුය, රැක බලා ගත යුතුය, කරුණාවන්ත විය යුතුය. එසේ කියා ඔවුන් තව දුරටත් කුස්සිය මුල්ලේ සිටිය යුතු නැත. මතක තබා ගන්න, ළොව මුල්ම අගමැතිනිය බිහි වූයේ අප රටින් බව. ඊට පෙර ඈත අතීතයෙද අප රට පාළනය කළ රැජිනන් වූ බවට නොහෙකුත් ශාක්ෂි ඇත.


තව දුරටත් ලඳ බොළද ලෙස සිටිය යුතු නැත. අපේ රටේ කාන්තාවන් බොහෝ ඉදිරියෙන් සිටිති. ඒ කාන්තාවන් එම තනතුරු ලබාගෙන ඇත්තෙ ඔවුනගේ ඇති ධෛර්යයමත් භාවය නිසා මෙන්ම, උඩු ගම් බලා පිහිණු බැවිනි. ඉතින් ඔබ ජීවන ගඟේ පහලට ගලා යන පොල් ලෙල්ලක් වනවාද, උඩුගම් බලා පිහිනා ළෝකය ජයගන්නවාද යන්න, රැදී පවතිනුයේ ඔබ ගන්නා තීරණය මතය. එවිට ළෝකයා ඔබට නිසි තැන නොව සම තැනටත් වඩා ඉහල තැනක් ලබා දෙනු නො අනුමාය. අප කල යුත්තේ ඔවුනට නිසි තැන ලබා දීමයි..

ප: ලි: 
මානසික රෝගීන් කිහිප දෙනෙකුන් හා "ගයිනෝෆෝබියාවෙන්" පෙලෙනා රෝගීන් කිහිප දෙනෙකුන්, බ්ලොග් ළොව සැරිසරනා බැවින්. නොහොබිනා කොමෙන්ට්ස් සියල්ලම ඉවත් කරණවා ඇත. කාන්තාවන් වෙනුවෙන් ලියු ළිපියක් බැවින්. විනය ගරුකව හැසිරෙනු ඇතයි උදක්ම බලාපොරොත්තු වෙමි.

248 comments:

  1. පෝස්ට් එකේ පාට වෙනස් කරපං මාතලන්.. කියවන්න අමාරුයි..

    කාන්තාවට සම තැන අමුතුවෙන් දිය යුතු නැත. ඔවුන් ප්‍රාෙයා්ගිකව ඒ තැන ලබාගෙන ඇත්තේ ආර්ථිකයට ශක්තිමත් දායකත්වයක් දෙමින්ය.

    ජය !

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සෑම්... ඔන්න පාට වෙනස් කලා.. එයාලගෙ පාට දාලා තිබුනේ..

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  2. ස්තුතියි ඔබට, මාත් එකක් ලෑස්ති කළා හෙට උදේට. ඒත් මේක මගේ එකට වැඩිය හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. බලමු බලමු...

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  3. හත් දෙයියනෙ මේ පෝස්ටුව කියවන්නෙ කොහොමද ? අනේ මාතලන් මේකෙ පාට වෙනස් කරලා හිටු...

    ReplyDelete
    Replies
    1. වෙනක් කලා අනේ... තාමත්.... අප්ෂට්ද...?

      Delete
    2. තාම සෝස පාටයි අප්පා. කලු පාට කරන්නකෝ. උදේ ඉඳන් ඇස් වෙහෙසලා ඉන්න නිසා අමාරුයි කියවන්න :(

      Delete
    3. ඔන්න කාන්තා ඉල්ලිමක් ඉටු කලා...

      Delete
    4. අන්න ඒ පාට හොඳා ^_^
      අපිට එපා සෝස පාට.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
  4. සමකය වටේ බ්ලොග් එකේ මම දාපු කමෙන්ට් එකම මේකෙත් දාන්නම්.

    /කාන්තාවන් කරන්න ඕනේ හැකිතාක් පිරිමින් කරන කරන දේ කරන්න නොයා තමන්ටම සුවිශේෂී විදිහට හිතල කාන්තාවන්ටම විශේෂ වන ක්‍රියාකාරකම් පද්ධතියක් ගොඩනගාගැනීමයි. ඉහමොළයක් ඇති පිරිමින් කළයුත්තේ ඒ සඳහා නියම ස්වභාවික ස්ත්‍රී හැඟීම් දැනීම් තිහිබෙන කාන්තාවන්ට නිසි සහයෝගය ලබාදීමයි./

    දුලන්තගේ කියමන තමා මගෙත් මතය.
    ඔය විදිහට කරන්න ගියාම වැඩිපුරම එකට හරස් කපන්නේ කාන්තාවෝ වීම කනගාටුවට කරුණක්.
    ඒ නිසයි මම කිව්වේ බාධා කරන බහුතරයක් පිරිමි නම් එහෙම කරන්නේ එයාලගේ ආධිපත්‍ය නැති වෙන නිසා,ඒත් ගෑණු එහෙම කරන්නේ ඇයි කියල මට තේරෙන්නේ නෑ කියල.

    මාතලන් මම කියන්නේ පසුගාමීව හිතන එකක් නෙවේ.ගෑණු අපිටත් පුළුවන් පිරිමි හා සමව වැඩ කරන්න.පිරිමි කරන දේ කරන්න යන්න ඕනි නෑ කියල කිව්වේ පිරිමි කරන ජරා වැඩ අපි කරන්න යන්න ඕනි නෑ කියල.උදාහරණයක් විදිහට තමන්ට අරක්කු බොන්න සිගරට් බොන්න තමන් කැමති මනුස්සයෙක් එක්ක නිදාගන්න ඕනි නම් ඒක කලාට කමක් නෑ.ඒක ඒක එක්කෙනාගේ කැමැත්ත.තමන්ට අනුන්ට හානියක් නොවෙන විදිහට තමන් කැමති දෙයක් කරන්න ගෑනියෙක්ට අයිතිය තියෙන්න ඕනි.

    ඒ වුනාට පිරිමි මෙහෙම කරනවානම් අපි මෙහෙම කලාම මොකද කියන මානසිකත්වය අත් ඇරගන්න ඕනි.
    අපි අපිටම අනන්‍ය විදිහට හිතන්න ඕනි.එතකොට කාගේවත් වහලියෝ වෙන්න වෙන්නේ නෑ අපිට.

    උදාහරණයක් අද කාලේ පුතාට ගේන ගෑනිගේ සුදු රෙද්ද බලන්න දුවගෙන එන්නේ කවුද? නැන්දම්මයි නෑනලයි.ළමයෙක නැති ගානියෙක්ට වඳ ගෑනි කියල අපහාස කරන්නේ කවුද,ඒත් ගෑණු..මේ වගේ තව උදාහරණ අනන්ත තියෙනවා.මේවා හදන්න පුලුවන්නම් ගෑණු නට මේ සමාජේ මීට වඩා ඉස්සරහට යන්න පුළුවන්.

    අනික පිරිමි,බහුතරයක් පිරිමි ගැන නම් කියන්න දෙයක් නෑ.මොකද එයාලා කරන්නේ බුර්කාව හින්දා මුස්ලිම් ගෑනුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියල කිය කිය අපි දනිස්ස ලඟට කොටට ඇන්දොත් එයාලට මෝල් කලන්තේ හැදෙන නිසා ගෑණු දූෂණය කලාට කමක් නෑ කියන අයනේ.
    අනික අද කාලේ කියන්නේ දූෂ්‍ණය වෙනවා නවත්තගන්න මේ විදිහට කරන්න මේ විදිහට අඳින්න කියල මිසක් දූෂණය කරන්න එපා කියල නෙවේ නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය දුලන්තගෙ මතය තමයි. සම්ප්‍රදාය කියන්නෙ.. ඊට ඉස්සරහටයි යන්න ඕන..

      Delete
    2. ඇත්ත නේ.
      ටිකක් හිතුවම තේරෙන්නේ ඒක.අපිට විශේෂිත දේවල් කියල නම් ජාතියක් නෑ තමා.
      එහෙම ගෑණු වැඩ පිරිමි වැඩ කියල ජාතියක් නෑ නෙ.
      එතනිනුත් වෙන්නේ එයාලගේ ආදිපත්‍ය තහවුරු කරගන්න එකනේ.
      මොලේ පෑදුවට ස්තුතියි මාතලන්..!! :) :)

      Delete
    3. ඇත්තටම ඔයාලා, ළිහිනිලා, එතන කතා කරලා තිබුන ඒවා දැකලා දුක හිතලා තමයි කලබලේ මේක ලිව්වේ..

      Delete
    4. පිරිමි කරන ඒ වැඩ ගෑනුත් කළ යුතු නෑ කියපු ඔබතුමියට මගේ ප්‍රනාමය.හැබැයි ගෑනියෙක් නිතරම ගෑනියෙකුගෙ පැත්ත ගන්න ඕන කියන බර්ගර් රෝසි චින්තනයටත් මම කැමති නෑ.අපි ගන්න ඕන් හරි පැත්ත.

      Delete
    5. @ ස්ත්‍රීවාදය
      දැන් ප්‍රමුදි ඒ මතයේ නෑ..

      Delete
  5. ගෑනුන්ට සමතැන...රෙද්ද තමයි...උන් කොහොමත් සමතැනේ...මන්ද මේ ජරාජීර්ණය වෙච්ච චින්තනය වෙනස් කරන්න පුළුවන් නම්...

    ReplyDelete
    Replies
    1. මානවක.. ඔබ ඔබේ මවට ආදරය කරන්නෙක්ද. එමෙන්ම සියළුම කාන්තාවන්ට ආදරය කරන්න. ඉන් පසු පුලුවන් වෙනත් දේවල්. ඔබ කියනා තත්වයවත් නොමැති එකයි දුක් විය යුතු කාරණය.

      Delete
  6. ස්තුතියි මාතලන්. කාන්තාවක් හැටියට කාන්තාවන්ට වෙන අසාධාරණකම් කතා කරන්න ගියාම බහුතරයක් හිතන්නෙ ඒක රැඩිකල් අදහසක්. එහෙමත් නැත්තම් පිරිමි විරෝදියෙක්, එහෙමත් නැත්තම් පිරිමින් ගැන වෛරයෙන් ලියනවාය කියලයි.

    මාතලන් කියනවා වගේ අපේ ආර්ථිකයට කාන්තාවකගෙන් ලැබෙන දායකත්වය සුළුපටු නැති උනත්...තවමත් කාර්‍යාලවල පවා කාන්තාවන් ඔවුන්ගෙ දැනුමෙන් ඉදිරියට එනවට හුඟාක් පිරිමින් අකමැතියි. ඇය එන්නෙ තමන්ගෙ දැනුම උපයෝගි කරගෙන කියන එකත් මතක කරලා දාන්න තම ඔවුන් කුහක වෙනවා.

    කාන්තාවකට සමතැන, නිසි තැන කෙසේ වෙතත් කාන්තාවක් හැටියට ඉන්න ලැබෙනවා නම් ඒකත් ලොකු දෙයක් කියලයි මට හිතෙන්නෙ.

    ප්‍රමුදි කියනවා වගේ පිරිමින් කරනා සියළුම දේ කාන්තාවන් කරන්න අවශ්‍ය නෑ. නමුත් කාන්තාවන් කාන්තාවන්ට අවශ්‍ය දේ ලබා ගන්න කාන්තාවක් හැටියට කරන්න ඕනෙ දේවල් කරන්න ඕනේ...

    අඩුම තරමින් කාන්තාවන්ට පාරක තොටක නිදහසවත් ලැබිය යුතුයි.තව දුරටත් කාන්තාවන් කුස්සියට පමණක් අයිති අය නෙමේ. ඊට වඩා බොහෝ ඉදිරියෙන් . ඒ නිසා අඩුම තරමි කාන්තාවන් හෑල්ලුවට පත් කරන්නෙ නැතුව ඉන්න එක පිරිමි අයගෙ වගකීමක්. කාන්තාවකට ගෞරව කිරීම පිරිමි කමට මදි පාඩුවක් නෙවේ.

    ReplyDelete
    Replies
    1. ඊට සමගාමීව කාන්තාවන් ගෙ යුතුකම් හා ඔවුන්ගෙන් සමහරකුගෙ වෙන වැරදි ගැනත් කතා කළා නම් සමබරයි නේද ලිහිනි.මාර්තු 8 වෙනිද දෙස් දෙවොල් තියනවට වැඩිය.මේවගෙන් වෙන්නෙ ලිංගික වශයෙන් බෙදුනු සමාජයක් ඇතිවීම නේද ඇමරිකාවෙ වාගෙ

      Delete
    2. ළිහිණි එය කාන්තාවන්ට පොදු දෙයක් නොවේ. ශ්‍රී ලංකික මිනිසා නැමැති පොදු සාධකයේ තිබෙනා පරම්පරා ගත රෝගයක්. ඔය විහිළුවකුත් තියෙන්නේ, "කෙනෙක් හොඳට කාලා බීලා ඇඳලා ඉන්නවා දැක්කම, මයි බොඩීස් ෆිෂ් ඩාන්සින්" කියලා. ඒක තමයි ඇත්ත තත්වය. ඔබ හිතවනද පිරිමින් ගෙන් තවත් පිරිමියෙකුටත්, කාන්තාවකගෙන් තවත් කාන්තාවකටත් ඒ තත්වය නෑ කියලා. ඒ නිසා කල යුත්තේ, සියළු බාදක ජයගෙන ඉදිරියට යාමයි. හොඳම උදාහරණය මේ කුණුහරුපු ලියන වැදගත් මහත්මයා. ඔහු මානසික රෝගියෙක්. මුලින් ඇනෝ ලෙස ඇවිත්, දැන් ප්‍රෝෆයිලයක් හදාගෙන ඇවිත්, හැමතැනම කුණුහබ්බ කොමෙන්ට්ස් දානවා. මේක නවත්වන්න කියලා. එයාගේ බ්ලොග් එකට කොමෙන්ට්ස් නෑ කියලා මම මැරෙන්නද..? දැන් දැක්ක ගමන් මකලා දානවා. මේ වැඩෙත් එපා වෙන වෙලාවක් තියෙයිනේ. එතකන් ඔහේ දාපුවාවේ. විය යුත්තේ එයයි. ඔබ සිටිනා මානසිකත්වය නම්, වෙන කෙනෙක් ඔබ වෙනුවෙන් ඔබේ අයිතිවාසිකම් රැකදෙයි කියායි, එහෙම උන්නොත් සොරි ඩොට් කොම් තමයි.

      Delete
    3. //ඔබ සිටිනා මානසිකත්වය නම්, වෙන කෙනෙක් ඔබ වෙනුවෙන් ඔබේ අයිතිවාසිකම් රැකදෙයි කියායි, එහෙම උන්නොත් සොරි ඩොට් කොම් තමයි.//

      නෑ නෑ කොහෙත්ම නෑ. ඒකයි අර මම කිව්වේ කන්තාවන් හැටියට කාන්තාවට අවශ්‍ය දේ ලබා ගන්න ඕනෙ කියන එක. කාන්තාවක් හැටියට මම නම් කතා කල යුතු තැන වල කතා කරනවා. නමුත් පිරිමින් කාන්තාවන් කෙරෙහි තියෙන ආකල්පමය තත්වය වත් වෙනස් කරන්න ඕනෙ. එතකොට ඔවුන්ට කාන්තාවන් කාන්තාවන් හැටියට දකින්න පුළුවන් වේවී..

      අර කතාවට කියන්නෙ " කාන්තාවන්ට තියෙන්නෙ එක දවසයි. අනිත් ඔක්කොම දවස් පිරිමින්ට " කියලා

      Delete
  7. අනේ මාතලං මේ..වැඩක් ඇති වැඩක් කොරහං..අන්න අර රනිල්ගේ මොකක්ද එක දාහං අපිටත් කියවලා පතුරු ඇර ඇරවත් ඉන්න... කාන්තාවොත් නොදන්න කාන්තා දින... ඔව්වත් හොදා කාලා කාලා කෑම දිරවගන්න බැරිව ඉන්න කොළඹ හතේ ඇන්ටිලට ෂෝ එක දාන්න...

    ReplyDelete
    Replies
    1. ඔයත් දැන් කොලබ7 නේ?

      Delete
    2. තරහ ගන්න එපා මාර අයියේ නිකමට කිව්වේ,

      Delete
    3. කොළඹ හතේ නෙමෙයි, ඕක ළෝකෙම තියෙන දෙයක්. උඹ මෙහෙම කිව්වට, උඹ කාන්තාවන්ට ගරු කරන කෙනෙක් කියලා මම දන්නවා. එයාලා ගැනත් යමක් ලියන්න එපාය මචෝ.. අපි කාලා බීලා ඉන්නෙ එයාලා නිසානේ..

      Delete
    4. @ඇනෝ...

      ආන්න ඒම එන්න... :D

      @මාතලං...

      මංනං ඉතිං එයාලට ගරු කිරිල්ලටත් වඩා එයාලට ආදරේ කරනවා නෙව... මාත් කැමතියි එයාලා මටත් ගරු කිරිල්ලක් නැතිව ආදරේ කොරනවනං... ඔය වාද බේද මොන එහෙකටද.. :D

      Delete
    5. ඒක තමයි බන් විය යුත්තේ.. මම නම් අසල් වැසියාටත් ප්‍රේම කරනවා...

      Delete
    6. අක්කේ මෙන්නෝ ... මාතලන් අයියා වැට පනිනෝ .....

      Delete
    7. මාරයා අයියා ඔයාට මන් උඩයන්න දෙයක් කිව්වේනෑ, ඔයා කොහොමද මට ඇනෝ කියන්නේ? මන් නමකින් ඇවිත් ඉද්දි?
      ආන්න ඒම එන්න... ඇයි එහෙම නැත්නම් මොනවා කරන්නද? අනේ යනවා මනුස්සයෝ යන්න

      Delete
  8. මම දන්න විදියට කාන්තාවන්ට හිංසාකරන තරමක් කරන්නෙ කාන්තාවොම තමයි. ඉස්සෙල්ලම නැන්දම්මා. එතකොට නෑනලා.

    උඹ අහලා තියෙනවද ලේලි කෙනෙක් මාමන්ඩි එක්ක හරි මස්සිනාලා එක්ක හරි කොකු ඇදගන්නවා? :D

    ReplyDelete
    Replies
    1. මාමණ්ඩිලාගෙ අධික ආදරය නිසා ලේලියන්ඩිලාට බබාල ලැබිච්ච අවස්ථාත් නැතුවා නොවේ :).

      Delete
    2. කෙන්ජිගේ කතාවට නම් හිනා ගියා හෙන්රි යෝ ඒ වගේම කරුමක්කාරයෝ නවකතාවයි ෆිල්ම් එකයි දෙකම මතක් උනා. ඒ වගේම ත්ම දරුවන්ට වගේ ආදරය කරන නැන්දම්මලා අනන්තවත් ඉන්නවා. ප්‍රතිශතය නම් අවමයි. මගේ යාලුවෙක් ඉන්නවා මචං පට්ට ඩයල් එකක්, ළොකු ළමයි පවා ඉන්නවා. ඒ ගෙදර තියෙන්නේ ජෙන්ඩර් වලියක්. උගේ අම්මයි, නෝනයි, දූලා දෙන්නයි එක පැත්තක්, ඌයි, තාත්තයි,පුතයි එක පැත්තක් වලියට හේතුව පුරුෂ පාර්ශවයේ රහමෙර පානය. අපි ඇහුවම් ආන්ටිගෙන්, ඇයි ආන්ටි මේ අපේ යාලුවගේ ෆයිෆ්ට කොක්ක අදින්නෙ නැතුව ෆුල් ෆිට් එකේ ඉන්නේ කියලා. ආන්ටි කියන්නේ ඒ මගේ ගිය ජාතියේ දුව කියලා. ගිය ජාතියේ නෙමේ දෙන්නම එක ජාතියේ කිව්වා කියලා. මටත් මාසයක් විතර ඒ පැත්තේ යන්න බැරුව උන්නා.

      Delete
    3. නැන්දම්ම ලේලි වලියට මුල මං හිතන්‌නේ මං හොයා ගත්තා කියලා...

      නැන්දම්මා ලේලිට වලි දාන්නේ පුතා ගෙනාපු ගෑණි හින්දා... ලේලි නැන්දම්මත් එක්ක වලි දාන්නේ ආදරේ වැඩි හින්දා... ( එකම පිරිමියෙක්ට දෙන්නෙක් ලවු කරන්න ගියාම )

      නැන්දම්මා බෑනට වලි දාන්‌ෙන් නැත්තෙ දුව ගත්ත එකා හින්දා... ( වලි දැම්මොත් තමන්ගේ දුවනේ දුක් විඳින්නේ)

      මාමණ්ඩිලා බෑනලා වලි නැත්තේ එක්කෙනෙක් ගෙදර ඉන්න වෙලාවට එක්කෙනෙක් ගෙදර නැති හින්දා... ඉන්න වෙලවටත් මැච් එකක්, බෝතලයක් සෙට් උනාම ගානක් නැති හින්දා... හි හි...

      ඕනෙ තැනකදි වැඩක් පලක් කරන මිනිස්සුනේ අප්පා වලි දාගන්නේ.. පැත්තකට වෙලා ඉන්න අය වලි දගන්නවයැ කවදාවත්... හි හි

      Delete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. ඇත්ත, වත්මන් සමාජයේ කාන්තාවට නිසි තැන ලැබී නැත. එමෙන්ම, කාන්තාව අප සමාජයේ කරපින්නා ගෙන ඇති බහුතරයක් මති මතාන්තරවල ගිලී එයින්ද පීඩා ලබයි. ඇය මවක්, නැගණීයක්, බිරිඳක් හෝ දියණියක් විය හැකියි. නමුත්, එය දැකීමට හෝමෝ සෙපියන්ස් සේපියන්ස් වූ මිනිසා කෙතෙක් දුරට සමත්වී දැයි විමසිය යුතු පැණයකි....
    මේ සියල්ලන් වෙතම ඇඟිල්ල දිගු කිරීමක්ද නොවේ. නමුත්, මේ සමාජයේ ඔබත් මමත් මෙන්ම තව බෝහෝ අය ජීවත් වේ.

    ReplyDelete
    Replies
    1. කානතාවන් එසේ පීඩනයකට ලක්වීමට. ඔවුන්ගේ පසුගාමි මානසිකත්වය මුල් තැනක් ගනී.

      Delete
    2. මේකනේ මාතලන් යමක් තේරෙන වයසේ ඉඳන්ම ගෙදරින් ඉස්කෝලෙන් හැමතැනින් මැ ඔලුව හදන්නේ එහෙමයි.හැමතිස්සෙම ගෙදර අනිත් අය වෙනුවෙන් කැපවෙන්න තමන් ගේ සුබසාධනය ඒ අය වෙනුවෙන් කැපකරන්න කියල.එකේ කිසි ප්‍රශ්නයක් නෑ.ඒ වුනාට අවුල ගෑණු කෙනෙක් වීම නිසාම එහෙම කැප කරන්න ඕනි කියල උගන්නන එක.ඉතින් එකෙන් එලියට ඇවිත් නිදහසේ හිතන්න ටිකක් අමාරුයි.

      Delete
    3. ඒකයි මම කියන්නේ සම්ප්‍රදායේ ජීවත් වන එක ලේසියි. ඒක කඩාගෙන යන එක අමාරුයි. හැබයි එහෙම යන අය දිණුම්.. අර අය එතනමයි...

      Delete
  12. ඔවුන්ට අවැසි සමතැන නොවෙයි. නිසි තැනයි! එය ලබා දීම අපඒ යුතුකමක්!දිරිය කතුන්ට අපේ ප්‍රණාමය!

    ReplyDelete
    Replies
    1. මට උඹ ගැන ආඩම්බරයි සබියෝ.. උබ කොහොමත් රැඩිකල් පොරක් කියලා මට තේරෙනවා.. තාම වැඩේ ඉවර නැද්ද...?

      Delete
  13. අර ආර්ථිකේ සීන් එක ගැන අද රනිල් නියම කතාවක් කරලා තිබ්බා කාන්තා අයිතිවාසිකම් කමිටුව ආරම්භක දේශනය තියලා....
    කාන්තාව අයිතිවාසිකම් ආරක්ෂා කර ගත යුත්තේ කාන්තාවගෙන්මයි කියලයි මටනං හිතෙන්නේ...
    මොකද ලේලිලට අංචිය අදින්නේ නැන්දම්මලා මිසක් මාමන්ඩිලා නෙමේනේ...

    ReplyDelete
    Replies
    1. නැන්දා ලේලි කේස් එක එයාලගේ කේස් එකක්නේ. මම මේ කතා කරන්නේ පුරුෂයන්ගෙන් ඔවුනට වන නොසැලකීම, හිරිහැර, පීඩා හා අවතක්සේරු කිරීම් ගැන.

      Delete
  14. ඔක්කොම හරි.. දැන් මොකද්ද මේ ගයිනොෆෝබියාව කියන්නේ? මටනං නිකං ගේ කුරුළු කතාවක් තමා හැඟෙන්නේ.


    හරි හරි..මෙන්න ලිපියේ අන්තර්ගතය ගැන මගේ සිතුවිල්ල.......................... කාන්තාවට සම තැනක් දෙන්නවත් නිසි තැනක් දෙන්නවත් කවුරුත් දඟලන්න ඕනේ නෑ. එයාල ඒ තැන තමයි දැනටත් ඉන්නේ. නිකං දඟලල නැති ප්‍රශ්න ඇති කරන්න හදනවනං ඔය තියන විදියම හොඳා..වෙනස් කරන්න ඕනේ නෑ. ඒ නැතත් වෙනසක් ඕනේ නෑ.

    ReplyDelete
    Replies
    1. නිර්භීතව අදහස් ප්‍රකාෂ කිරීම අගය කරනවා. ඒ වගේම මට උඹෙන් අහන්න තියෙන්නේ. උඹ ඉන්නේ ලංකාවෙද නැත්නම් වෙනත් රටකද කියන දේ. වෙනත් රටක නම් උඹේ තර්කය සාධාරනයි. නමුත් එය ලංකාවට නම් අදාල නොවේ...

      Delete
  15. මේ ලිපිය ඉතාම වැදගත් ලිපියක්.උදේ පාන්දරම මේක කියවන්න ලැබීම නිසා පුදුම සතුටක්.ඇත්තටම මෙහෙම ලිපියක් අද මාර්තු 8 වෙනිදා මම බලාපොරොත්තු වුනේ නෑ.මම නම් කාන්තාවන් රට යැවීමට 100% ක් ම විරුද්ධයි.රට ගියා කියල යපපතක් වෙලා තිබෙන්නෙ රටයන පවුල් වලින් 1% ටත් අඩු ප්‍රමානයකට
    මාතලන් තවත් වැදගත් දෙයක් කියල තිබුනා පිරිමින් හැමෝම ලැජ්ජා විය යුතුයි කියල.ඔවු රතු කමිස ඇදගෙන පඩි වැඩි කරවු කියල කෑ ගහන්නෙ අර අහිංසක ගෑනු ජීවිත අවදානමක් මැද දුක් විද හම්බකරන තුට්ටු දෙකෙන්.මේක අමුනුගම ඇමති කියපු කතාවක්

    මැද පෙරදුග සේවය නම් තනිකරම වහල් සේවයක්.මට පුදුම මෙහෙම දෙයක් ඒ රටේ සැල්සුම් කළ එක ගැන.ජේ ආර් හෝ සිරිමාගෙ කාලෙ වෙන්න ඇති මේ ගෑනු විකුනල කන ක්‍රමය පටන් ගත්තෙ.මීට වඩා හොදයි මේකෙන් රටටත් විශාල අවමානයක්

    විදේශ රැකියා පමනක් නොවේ ගාමනට් වලිනුත් කළේ කාන්තාව විනාශ කිරීමක් .ගොයම් පැළ හිටවඉන් සිටි ගම්බද ගෑනු කලාප වලට දාල අමුතුම සංස්කෘතියක් බිහි කළා.ප්‍රේමදාස කරපු ඒ වැඩෙන් පස්සෙ තමයි මේ රටේ සංස්කෘතිය සදාචාරය බින්දුවට බැස්සෙ.කොල්ලන්න්ට රැකියා නොදී කොල්ලො ටයර් උඩ යවල කෙල්ලො ගාමන්ට් යැවීම තුලින් ලොකු හානියක් ප්‍රේමදාස කළා.
    ගණිකා වෘත්තිය ,ගබ්සා ඉහල යාම මේ හැම දෙයක්ම වුනේ මින් පසුවයි
    කාන්තාවන් රට යැවීම,ගාමන්ට් යැවීම වැනි දේවල් වලින් මුලු සමාජයම උඩු යටිකුරු වුනා

    මේ ලිපියෙ විවේචනය කරන්න දෙයක් නැති තරම්
    එවැනි ලිපි සිය ගනනක් අවශ්‍ය යුගයක අපි ඉන්නේ

    මේක මුලින් කියවාගෙන යද්දි මේක දුලන්ත හරි ප්‍රතිවාදිය හරි නැත්නම් අලුතෙන් අපිට එක් වුන සහෝදරයෙක් හරි දැම්මද කියල නිකමට හිතුනා .ඒ තරම් අපේ මතයට කිට්ටුයි

    ඔබට ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් එකක්වත් හා ම එකඟ නැත. එතකොට මැද පෙරදිග කඹුරන කාන්තාවන්ගේ පවුල් වලට, ඇඟළුම් කම්හල් වල වැඩ කරන කාන්තාවන්ගේ පවුල් වලට, ගනිකාවන්ගේ පවුල් වලට කන්න බොන්න දෙන්නේ ඔබද.. මට තේරෙන ආකාරයට ඔබ මේ මහ පොළොව මත ජීවත් වන ජීවීයකු නොවේ. එය ඔබගේ ප්‍රශ්නයක් නොව, ඔබේ පරිසරයේ ප්‍රශ්ණුයක් විය හැක. විවිධ රැකියාවන් කර ඇති මා ඔබ වන් අය අනන්තවත් දැක තිබේ. වරෙක මා සේවය කල ස්ථානයක පාන් මිල වැඩිකල අවස්ථාවක ඇතිවූ සංවාදයකදි එක නෝනා කෙනෙක් ඇසුවේ "අනේ බටර් ටිකක් නැතුව පාන් කන්නේ කොහොමද" කියාය, ඇයි මාගරින් අප්ෂට්දැයි මා ඇසු කල ඇය පැවසුවේ ඒවා දාන්නේ ටෙම්පර්ඩ් කරන්න කියාය. මෙවන් අය ජීවත් වනා රටක ඔබ වැන්නන් ජීවත් වීම අරුමයක් නොවේ.

      කෙසේ වෙතත් ඔබගේ මහත්මා කමට නැවතත් මගේ ආචාරය.

      Delete
    2. මාතලන් මම මේ ගැන නලින්ගේ ලිපියත් ඔබේ ලිපියත් දැන් ටික කලක පටන් ස්ත්‍රීවාදය කියල අදහස් ප්‍රකාශ කරන කෙනාගේ අදහසුත් කියවනවා.
      මේ ස්ත්‍රීවාදය කාන්තාව ගැන කියන්නේ නලින් සිල්වා දෙමලා ගැන කලකට ඉහත කියූ දේට සමාන අදහසක් .
      නලින් සිල්වා අහපු ජනප්‍රිය ප්‍රශ්නය තමයි'දෙමළාට දෙමල වීම නිසා තිබෙන ගැටළුව කුමක්ද?" යන්න. නලින් සිල්වා සිය ජිවිත කාලය කැප කරේ දෙමළාට ප්‍රශ්නයක් නැහැ කියල ඔප්පු කරන්න.
      ස්ත්‍රීවාදය මට තේරෙන විදියට දාර්ශනිකව අහන්නෙත් මේකමයි. "ස්ත්‍රියට ස්ත්‍රියක් වීම නිසා ඇති වී ඇති ගැටලුව කුමක්ද? කියන එකයි
      ස්ත්‍රීවාදය කියන පුද්ගලයා දැන් කැපවෙලා ඉන්නේ අපේ සමාජය ඇතුලේ ස්ත්‍රියට ප්‍රශ්නයක් නැහැ කියල ඔප්පු කරන්න. එයා ඒක එයාගේ ඔලුව ඇතුලේ කරගෙන ඉවරයි ඉතින් දැන් එයා කැප වෙලා ඉන්නේ අනිත් අයටත් ඒක පෙන්වලා දෙන්න.
      මට කියන්න තියෙන්නේ මෙච්චරයි. තුවාලේ තියන එකා තමයි වේදනාව දන්නේ.

      Delete
    3. මෙහෙම පොරවලුත් එදත් උන්නා අදත් ඉන්නවා හෙටත් ඉඳි මචෝ.. අපි මැරෙන්නය. උගේ අදහස් ඌ ළඟ තිබුනාවේ අපි අපේ ගමන යමු.

      Delete
  16. ඉතා හොද ලිපියක්. කාන්තාවන්ට,දැරියන්ට වන අතවර වලට රජය පැත්තෙන් ආරක්ෂාව ලබාදීම නම් සෑහීමකට පත්වෙන්න බැහැ.දැනට වඩා ශක්තිමත් වැඩ පිළිවෙලක් ගෙන ආයුතුයි.

    ReplyDelete
    Replies
    1. අලි මෙල්ල කරන්න බෑ මචං වේවැල් වලින්, ඒකට හෙන්ඩුවක් ඕන, මේ වල් වැදිච්ච රට හදන්න දරුණු නීතී රීති ඕනා. උඹ දැකලා තියෙනවද අද කොළඹ කුණු පොඩ්ඩක්වත්. නෑ ඇයි ඒ නීතී තදයි. මේ රට හදන්න ඕන එහෙමයි.

      Delete
  17. ස්ස්තුතියි මාතලන් .. ඇත්ත .. රට වෙනුවෙන් හම්බ කරල දහ දුක් විදින කාන්තාවෝ වෙනුවෙන් පියවරක් ගන්න එකයි කාන්තා දිනේට පාටි දාන නෝනල කරන්න ඔන... එහෙම උනා නම් මේ ප්‍රශ්න විසදගනන් තිබුනා ....

    ReplyDelete
    Replies
    1. කාන්තාවනුත් බොරු වැඩ කරන වෙලාවේ අපි මේවා කතා කරන්නෙ අපේ ඇස්වලින් මේ දේවල් දැකලා තියෙන නිසා, අපි ඒ වෙනුවෙන් වචනයකින් හෝ උදව් කර තියෙන නිසා. ඇත්තටම මේ දේවල් කරන්න අවශ්‍ය ඉතාම සුළු වෙනස්කම් විතරයි.

      Delete
  18. ගොඩක් හොඳ ලිපියක් මාතලන්. කාන්තාවන් වෙනුවෙන් පිරිමින් ඉදිරිපත් වෙනකල් කාන්තාවන්ට නිසි තැනක් ලැබෙන්නේ නෑ. ඒක් තමා ඇත්ත. මේ වගේ ලිපියකින් හරි ඒ වගේ සහයෝගයක් දීම ගොඩක් වටිනවා.

    මේ පැත්තේ එන්නේ නැත්තේ ඇනෝලා හන්දා.:D

    කාන්තාවන් වෙනුවෙන් සටන් කරන පිරිමින්ට ජයවේවා...:-)

    ඒ එක්කම වියලුම කාන්තාවන්ට මේ ස්තානය ලබා දුන් කාන්තාවන් හැමදෙනාටමත් ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දැන් ඇනෝලට එන්න බෑ. ප්‍රෝෆයිල් එකෙන් ආවත්. කුණුහබ්බ ලියලා තිබුනොත් කපනවා.. පිස්සන්ට බෙහෙත් තියෙනවා... මෝඩයන්ට බෙහෙත් නෑ..

      Delete
    2. ඕන අපිනම් දැන් අනෝ එන්නැ.. මගේ අවවාදයෙන් පස්සේ අද අවජාතකය ''මම නම් අසල් වැසියාටත් ප්‍රේම කරනවා''...කියල ලියල තියෙනවා, ඒ කියන්නේ මු මොකක්හරි ආගමක් යම්දුරකට අදහන බවයි,
      අනිත් කියමන ''මේ වල් වැදිච්ච රට හදන්න දරුණු නීතී රීති ඕනා. උඹ දැකලා තියෙනවද අද කොළඹ කුණු පොඩ්ඩක්වත්. නෑ ඇයි ඒ නීතී තදයි. මේ රට හදන්න ඕන එහෙමයි.'' එකියන්නේ අපේ බය ගොතගේ වැඩවලට කැමතියි, ඔන්න දැන් ටිකක් හැදීගෙන එනවා

      Delete
    3. කුණුහබ්බ කියන්නෙ නැතුව මේ විදියට දාපන් මම ලිව්වෙ මොනවද කියලා මුල ඉඳන් කියවපන්.. එතකොට උඹටත් ඉඩක් තියේවී.. අකුරු ලියන්න කියවන්න පුළුවන් උනාට.. උඹේ නොහැදිච්ච කම මෙතන පෙන්නන්න එපා...

      Delete
  19. හොඳ ලිපියක් මාතලන්. ඔය කාන්තාවන්ගෙන් හම්බකරන් කෑම අද ඊයෙ දෙයක් නෙවේ. මාතෘ මූලික සමාජයක් තිබුන කියන ඉස්සර කාලෙ ඉඳලම තිබුන කියන දෙයක්. දැන් බලන්න විලෝපිකයන් අතරෙ දඩයම් කරන්නෙ ගෑණු සතා. සිංහ ‍ධේනුව දඩයම් කරගෙන ආවම සැරදදා කන "ආඩම්බර" සිංහයො වගේ උදවිය තමයි අපි. :)
    නලින්ගෙ ලිපියට දාපු කමෙන්ටුව මෙතෙන්ටත් දාන්නං

    කාන්තාවන් වෙනුවෙන් එයාලගෙ නිදහස වෙනුවෙන් පිරිමින්ට කරන්න පුළුවන් එකම දෙයයි. 'තමා වෙනුවෙන් තීරණ ගැනීමේ නිදහස ඔවුන්ට දීම. කාන්තාවන් කරන්න ඕන දේ පිරිමින් බලාත්කාරයෙන් තීරණය නොකිරීම

    ReplyDelete
    Replies
    1. //කාන්තාවන් වෙනුවෙන් එයාලගෙ නිදහස වෙනුවෙන් පිරිමින්ට කරන්න පුළුවන් එකම දෙයයි. 'තමා වෙනුවෙන් තීරණ ගැනීමේ නිදහස ඔවුන්ට දීම. කාන්තාවන් කරන්න ඕන දේ පිරිමින් බලාත්කාරයෙන් තීරණය නොකිරීම//

      මෙන්න මේ වගේ සැමියන් නම් ඉතින් 'සැමියා බිරිඳගේ දෙවියාය' කියලා ඇදහුවට කමක් නෑ. :D:D:D

      Delete
    2. ස්තූතියි රාජ්, ඇත්තටම විය යුත්තේ කාන්තා පිරිමි බේදයකින් තොර සියළු දෙනා මිනිස් පවුලේ සාමාජිකයින් ලෙස ගැනීම.

      Delete
  20. කාන්තා දිනේදී අප මතක් කරගත යුතු දෙයක් තිබෙනව. එනම් කාන්තාවට කියන එක් නමක් තමයි ක්ෂේත්‍ර කියන එක. එහි අර්ථය වන්නේ කෙත, කුඹුර, ගොවිබිම වගේ දෙයක්. ඇයි කාන්තාවට එහෙම කියන්නෙ? ඒ කියන්නෙ කාන්තාව කෙතක් වගේ කියන එක. නව ජීවයක් පැලවෙන්න කෙතක් අවශ්‍යයි. කාන්තාවත් එහෙමයි. මිනිස් බීජ පැළවෙන්නෙ කාන්තාව කියන කෙතේ.

    මේ කෙත සරුවට තබා ගන්න මොකක්ද කරන්න ඕනෙ?
    එතන තමයි අපි වරද්ද ගත්තේ. කාන්තාව සරු වෙනවා කියන්නේ නීරෝගී ජාතියක් ඇති වෙනවා කියන එක. එහෙමනම් නිදහස් මනසින් සිතන, කායික නීරෝගීතාවය ඇති, කාන්තාව තමයි රටට අවශ්‍ය. අන්න ඒකයි කාන්තාව, රටක ජාතියක ඉරණම තීන්දු කරනවා කියලා කියන්නේ.

    එහෙම කාන්තාවන් අප අතර රැදේවා. මේ ගැන ලිව්ව මාතලන්ටත් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. අතීතයේ ඒ තැන කාන්තාවන්ට ලැබුනා. බලන්න අවුරුදු සිරිත් විරිත් වල පවා, පහන පත්තු කිරීම හැර අන් සෑම දේම කලේ කාන්තාව. අම්මා තමයි උතුම්, අක්කලාට නංගිලාට පන මෙන් සැලකුවා. කොටින්ම ගමේ කේලම් වපුරවපු මැගී ආත්තටත් මිනිස්සු ආදරය කලා. ඒ තියා කාගෙත් සුන්දරිය වූ චාලට් අක්කාත් කඩ පිලේ හැසුරුනේ එක සමානව. ඇය කිසි දින කොන් කලේ නෑ, අවඥාවට ලක් කලේ නෑ. ඇයටත් නිසි ගෞරවය ලබා දුන්නා. එවන් සමාජයක් මේ ලෙස වෙනස් වූයේ ඇයි...? කොතනද වරද...? ස්තූතියි වෙද මහත්තයා..

      Delete
    2. මේ කතාවනම් ඇත්ත. අතීත සමාජයේ කාන්තාවන් සතු ස්ත්‍රීත්වය හරියට හඳුනගෙන තිබුණා. ඒ නිසාම ස්ත්‍රීත්වයට හරි වටිනාකමකුත් ඒ සමාජයේ තිබුනා. අද ඒ සේරම නැතිවෙලා තියෙන්නේ කාන්තාවන් පිරිමින් කරන සියල්ල උන්මත්තක ස්වරූපයකින් කරන්න යන නිසා. ඒ කාලෙත් ගෑනුන්ට පිරිමින් කරන හැමදේම කරකර පිරිමින් වගේ හැසිරෙන්න ඉඩජ් තිබුනනම් කිසිවිටක කාන්තාවන්ට ඒ වටිනාකම සමාජයෙන් ලැබෙන්නේ නෑ.

      Delete
    3. අනේ දුලන්ත මහත්තයෝ.. ඒ කාලෙත් ගෑණි එනකොට හංදියේ, කඩපිලේ පැත්ත පලාතේ නොයිද දුවන පිරිමිත් ඕනා තරම් හිටියා. කොහු පාරවල්, ඉලපත් පාරවල් කාලා අපේ වෙද සීයගෙන් පත්තු බැඳන් ගියපු උන් අනන්තවත් හිටියා. ඒත් ඒ ගෑණුන්ට ගමේ කවුරුත් මුකුත් කරන්න ගියේ නෑ. ඒ පිරිමින් වැරදි නිසා. අනික ගැනිට ගහන මිනිහ පහත්කරලා සැලකුවේ. ගෑනිට ගහන එකාට පන්සලේ ලොකු හාමුදුරුවේ සරම ගැලවෙන්න දුන්නේ. අර වගේ ගෑණුන්ට නම් ගමම බයවෙලා උන්නේ.

      Delete
  21. ස්තුතියි මාතලන් . මෙහෙ නම් පාර පුරාම මල් විකුනනවා අද. හැමෝම නෝනට මලක් ගෙනියනවා වෙන්න ඕන .

    ReplyDelete
    Replies
    1. එහෙනම් මෙන්න මගෙනුත් මලක්...

      Delete
  22. පොඩි අහන්න ලැබුන දෙයක් කියන්න කියලා හිතුනා. අපේ ගෙවල් ලග ගැනු කෙනෙක් ගිය සවුදි අරාබියට මිට අවුරුදු 2 කට විතර කලින්. ඒ කෙනාටත් ගොඩක් වද හිංසා වෙලා තිබුනා ඒ රටේ හිටපු මාස 3ක කාලයට. කොහොම හරි ලංකාවට අවේ ලංකාවේ තානාපති කාර්යාලයන් ටිකට් එකක් ලැබුනට පස්සේ. මේ ගැනු කෙනා මුස්ලිම් මනුස්සයෙක් මෙයාට එහෙ අපේ තානාපති කාර්යාලයේ පිටපු අය කියලා තියනවා

    "අරාබිකාරයින්ගේ ...... හෝදන්න එන්නේ නැතුව ලංකාවට වෙලා මොනවා හරි රස්සාවක් කරන්න "

    එච්චරටම අපේ ගැනු ඒ රටේදී විවිධ වද හිංසා වලට ලක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒයා කියපුව ලියනවා නම් වෙනම කතාවක් ලිව්වැකි.

      Delete
    2. ඔබ තවම කුඩා දරුවෙක් පුතා. ළෝකය තව විශාලයි. එවිට ඔබට තේරේවි. එතෙක් ඉවසන්න. ඔබ දකින්නේ එක පැත්තක් පමණයි. මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය එයයි. කෙසේ වෙතත් අදහස් පල කිරීමට ස්තූතියි. මටත් ඔය තානාපති කාර්යාල ගැන ඕනා තරම් දේ කිව හැකියි. ඒ සඳහා අත්දැකීම් ඕනා තරම් මටත් ඇත.

      Delete
  23. මාතලන් ඔබ මහ මෝඩ කතානෙ කියන්නෙ.තමන්ගෙ අම්මට වාගෙ හැම ගෑනියෙකුටම ආදරය කරන්නලු.ඔබ මානසික රෝගියෙක්.වීදි ගණිකාවන්ට ත් ගරු කරන්න පුලුවන්ද? ඔබට නම් පුලුවන් ඇති.ජෙසී බර්නාඩ් ල වගේ මාතෲත්වය හෙලා දකින අයට ගරු කරන්න පුලුවන්ද?
    තමන්ගෙ අම්මට වාගෙ මාතෲත්වය හෙළා දකින ජෙසී ලට ,ජෙනීලටත ගරු කරන්නලු
    තව දෙයක් ඔබට ශිෂ්ට භාෂා විලාස සහ අන්‍යමත ඉවසීමත් පුරුදු නෑ වගෙ නේද?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ අන්මත ඉවසීම හොඳට හුරුයි. නැතිනම් සංවාදයක් නෑනේ. ඔව් මම ගණිකාවන්ට ආදරය කරනවා, එමෙන්ම අනුකම්පා කරනවා, විශේෂයෙන් වීදී ගණිකාවන්ට, ඔවුන්ටත් ප්‍රභූ පන්තියේ ගණිකාවන්ගේ තත්වය හිමිවිය යුතුමයි. ගණිකාවන් ගැන මගේ මතය එයයි.

      Delete
    2. කවුද අප්පා මේ ස්ත්‍රීවාදය නිතරෝම කියවන ජෙසී බර්නාඩ් ?? අනික මේ බටහිර රවල ඉන්න ගෑණුත් එක්ක හැමතිස්සේම අපේ රටේ ගෑණු අයව සමාන කරන්න යන්න එපා. තමන්ගේ අම්මට වගේ " ආදරය " කිරීම කෙසේ වෙතත් " ගරු " කිරීමක් කරන්න පුළුවන්නේ. ඒක කලාම ඇති..ගරු කිරීම කියන්නෙ කාන්තාවන්ට කාන්තාවන් හැටියට සලකන්න කියන එකටයි..

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. //.වීදි ගණිකාවන්ට ත් ගරු කරන්න පුලුවන්ද? ඔබට නම් පුලුවන් ඇති.//

      වීදි ගණිකාවක් යනු තවත් මනුස්යෙක් විතරයි. මනුස්සයෙක් වීම නිසාවෙන් යමෙකුට ගරුසරු ලැබීමක් උරුමද . . . වීදි ගණිකාවකට එය වෙනස් වෙන්න බෑ නේද ??

      සත්‍රී වාදය කියල නමක් දාගත්ත ඔයා ඔය විදියෙ කතාවක් කියද්දි අපිය පල්ලෙහායින් හිනා යනව නේද ?

      Delete
  24. //කොටින්ම ඇය මරා දැමුවාදැයි, ඇමතිවරයාවත් දැන සිටියේ නැත. වෙන රටක නම්, ඇමතිවරයා ඉල්ලා අස්වනවා ඇත. //

    පිස්සුද බන්, අපේ ඇමතිවරු එහෙම ප්‍රශ්නවලට බයේ පැනලා යන්නේ නැහැ.


    //කෙසේ හෝ තම මවට, ආදරය කරන්නා සියළුම කාන්තාවන්ට ආදරය කරන්නෙකි. බොහෝ විට මේ දූෂණ ක්‍රියා සිඳුවන්නේ, මව් සෙනෙහස නොලද පුද්ගලයන්ගෙන් බව, අද සමාජ විද්‍යාඥයන් සොයාගෙන අවසානය. එම නිසා තම දරුවාට උගන්වනවා මෙන්ම, ආදරය කරන්නත් වෙලාවක් වෙන් කර ගන්න. //

    මවට ආදර කිරීම, ගරු කිරීම දරවන්ට ඉගැන්වීමේ සම්පුර්ණ වගකීම රැඳී ඇත්තේ පියා මත බව මගේ හැඟීමයි. ඒ හඳහා පළමුවෙන් පුරුෂයා බිරිඳට ගරු කරන, ආදරය කරන කෙනෙනු විය යුතුය.

    ReplyDelete
    Replies
    1. හරියට හරි අයිලාෂ්.. සහතික ඇත්ත...

      Delete
  25. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් දැන් අර මුලින් ඇනෝ ඇවිත් දැන් ලංකෝනිස් කියලා ප්‍රෝෆයිල් එකක් හදාගෙන බුල් කෙලින එක්කෙනාගේ ලෙඩේ බෝවෙලා තියෙන්නේ. ඔයාට හිට්ස් නෑ කියලා මට මැරෙන්නද කියන්නේ. අපිටත් මුල් කාලේ හිටිස් තිබුනේ නෑ. කොහොමත් මගේ යාළුවොත් මට බනිනවා. උඹ අනිත් උන් පිස්සු වට්ටනවා කියලා. ඉතින් ඔයත් ඒ තත්වෙට පත් වෙන්න එපා. අපි සංවාද කරමු. මඩ ගහගන්නෙ නැතිව.

      Delete
  26. හොඳ ලිපියක් ."කාන්තාවන් වෙනුවෙන් එයාලගෙ නිදහස වෙනුවෙන් පිරිමින්ට කරන්න පුළුවන් එකම දෙයයි. 'තමා වෙනුවෙන් තීරණ ගැනීමේ නිදහස ඔවුන්ට දීම.".
    මැණික්

    ReplyDelete
    Replies
    1. කාන්තාවන් නෙමෙයි මැණික්.. ඒක පුද්ගල නිදහස යනුවෙන් වෙනස් විය යුතුයි.

      Delete
  27. ලංකාවේ කාන්තාවන්ට නීතිමය පැත්තෙන් අසාධාරණයක් තියනවා කියලා මම හිතන්නේ නෑ. නමුත් වෙලා තියෙන්නේ සමාජයේ තියන මති මතාන්තර නිසා කාන්තාවෝ එම නීති වලින් ප්‍රයෝජන නොගැනීම. ලෝකේ පලමුවෙනි අගමැතිනිය වගේම, ජනාධිපතිවරියක් ද, දේශපාලනයේ යෙදෙන බොහෝ කාන්තාවෝ ඉන්න රටක්. ඒ වගේම හිටපු අගවිනිසුරුතුමිය කාන්තාවක්. රැකියා ස්ථානවල පවා කාන්තාවන් මුල්පුටු වලට පත්වෙන අවස්ථා දැන් අහන්න දකින්න ලැබෙනවා වැඩියි. අපේ මෙන්ම බොහෝ රටවල පවුල් ඒකකය සැකසිලා තියන අකාරය අනුව කාන්තාවක් රැකියාවෙන් ඉහල යාම කියන්නේ තරමක් දුර්ලභ දෙයක් වෙන්න පුළුවන්. නමුත් මේ තත්වය ඉස්සරහට වෙනස්වෙයි කියලා මම හිතනවා. දැන් පවුලක දෙන්නටම රැකියා නොකර ජීවත්වෙන්න අමාරු කාලයක් තියෙන්නේ. රැකියා අවස්ථාවන් හෝ නීතිය, අධ්‍යාපනය පැත්තෙන් ගත්තහම කාන්තාවන්ට දැවෙන ප්‍රශ්නයක් ලංකාවේ තියනවා කියලා මට හිතෙන්නේ නෑ.

    නමුත් කාන්තාවන්ට ප්‍රශ්නයක් තියනවා. ඒ තමයි අපේ සමාජයේ ඔවුන්ට ආරක්ෂාවක් නොමැති කම වගේම නීතිය ඉෂ්ඨ කරගැනීමේදී තියන ගැටළු. මේවා සමාජයේ මුල් බැසගත් මත සහ සම්ප්‍රදායන් නිසා වෙලා තියෙන්නෙ. කාන්තාවන්ට සිද්ධවෙන අසාධාරණ ඉවසාගෙන සිටියයුතුයි කියන මතයේ තමා අද සමාජය ඉන්නේ. මේ ඉවසීමේ සීමාවක් කවුරුවත් දක්වන්නේ නෑ. මේ නිසාම කාන්තාවකට යම් යම් හිරිහැර කලත් එයින් තමන්ට සිදුවන අයහපතක් නෑ කියලා ගොඩක් පිරිමි හිතනවා. කාන්තාව උනත් හිතනවා තමන්ට වෙන හිරිහැර ඉවසාගෙන සිටියයුතුයි කියලා. නීතිය ක්‍රියාත්මකවීමේදි උනත්, දූෂණයට ලක්වෙච්ච කාන්තාවක් නීතිය ඉදිරියට යන්න මැලිවෙනවා ඒ ක්‍රියාදාමයේදි සිද්ධවෙන්නෙ තමන්ගේ චරිතයට ඇතිවූ කැළල තවත් වැඩිවීමක් කියලා හිතලා.

    කුඩා දැරියන්ට සිදුවෙන හිරිහැර නම් පහුගිය කාලේ වැඩියෙන් අහන්න ලැබුනා. නවීන තාක්ෂණය, අන්තර්ජාලය වගේ එක්ක එක පැත්තකින් ඉදිරියට යද්දි තවමත් ගතානුගතික අදහස් නිසා ලිංගික පීඩනය කියන එක සමාජයේ දකින්නට ලැබෙනවා. ලිංගික බලහත්කාරකමකදී 99% ම අගතියට පත්වෙන්නේ කාන්තා පාර්ශවය. අපේ රටේ ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනය සහ සමාජගත අදහස් වල වෙනසක් නම් අනිවාර්යයෙන්ම අවශ්‍යවෙනවා. මේ අස්සේ පිරිසක් ආපහු හැරෙන්න හදනවා. මුළු ඇඟම වැහෙන්න ඇඳුම් ඇන්දහම කාන්තාව ආරක්ෂාවෙනවා වගේ කතා කියලා. තරුණ පරපුරෙන් සැලකියයුතු කොටසක් මේ වගේ මත දරන එක නම් හොඳ තත්වයක් නෙමෙයි.

    අපේ රටට කාන්තාව සම්බන්ධයෙන් අවශ්‍ය සිස්ටමැටික් වෙනසක් නෙමෙයි. ඒ කියන්නේ නීතිරීති වෙනස්වීම, තව නීති හඳුන්වාදීම වගේ දේවල් නෙවෙයි. අපිට අවශ්‍ය ආකල්පමය වෙනසක් මූලිකවම. ඊට අමතරව විදේශසේවාව, ලිංගික අධ්‍යාපනය කියන්නෙ පොදුවේ තදබල වෙනසක් අවශ්‍ය ක්ෂේත්‍ර.

    තව එකක් කියනන් ඕනේ. ඉස්සෙල්ලම මාතලන්ට ස්තූතිවන්ත වෙනවා කාන්තා දිනය වෙනුවෙන් ලිපියක් පල කලාට. අපේ බොහොමයකගේ මතය, මේ දින තියෙන්නේ එදාට ඒ දිනයේදි මාතෘකාවට අදාල දේ කරලා සමරන්න කියලා. ඒ නිසා මේ දින ගැන ඔවුන් කතා කරන්නෙ උපහාසයෙන්. මව්වරුන්ගේ පියවරුන්ගේ දින තියෙන්නේ එදාට විතරක් අම්මලට තාත්තලට සලකන්න, ආදරවන්තයන්ගේ තිනය තියෙන්නේ එදාට විතරක් ආදරේ කරන්න වගේ මතයකින් තමයි ගොඩක් අය කතා කරන්නේ. නමුත් මේ දින තියෙන්නේ ලෝකයේ අඳුනාගත්ත ප්‍රශ්න මිනිස්සුන්ට නැවත නැවත මතක් කරදෙන්න, ඒ ගැන තියෙන කතිකාව අඩුම ගානේ අවුරුද්දකට සැරයක්වත් මතු කරන්න. අපි අලුත් අවුරුද්දට, උපන්දින, සංවත්සර වලට තෑගි දෙන්නේ පවුලේ අය එකතුවෙන්නේ එදාට විතරක් ආදරේ එකමුතු බව පෙන්වන්නද? නැහැනේ. එවැනි දින තුලින් අපි අවස්ථාවක් හදාගෙන තියනවා අපේ හිත ඇතුලේ තියන හැඟීම්, දිනපතා කාර්යබහුලත්වය නිසා අපට අමතක වූ දේවල් මතු කරලා දක්වන්න. පොඩි පොඩි තරහමරහ තිබ්බත් නෑදෑයෝ එකතු වෙන්න. එකම ගෙදර හිටියත් විශේෂයෙන් කියලා යමක් කරන්න බැරි උන සහෝදරෙක් සහෝදරියක් සතුටුකරන්න යමක් කරන්න.

    අපේ සමාජයේ 'බටහිර' ලේබලය ගහලා තියන මව්වරුන්ගේ, පියවරුන්ගේ, ආදරවන්තයන්ගේ දින අපේ රටට කොච්චර අවශ්‍ය ද? රැකියාව නිසා හෝ විවාහ නිසා වීම නිසා හෝ දෙමාපියන්ගෙන් වෙන්වෙලා ඉන්න අයට එදාට අම්මට තාත්තට අඩුම ගානේ කෝල් එකක් දීලා කත් කරන්න. සුළු තැග්ගක් අරන් දෙන්න, කෑමකට එක්කන් යන්න මේ දින හොඳ අවස්ථාවක්. කරනවද නැද්ද කියන එක තමන් සතුයි. ඒත් මේ දින වලට විරෝධය පාන එක නම් මෝඩ වැඩක්. ආදරවන්තයන්ගේ දිනය නම් අපිට අවශ්‍යම එකක් කියලා මට හිතෙන්නේ. ඔය ගොඩක් බටහිර රටවල ආදරවන්තයන්ට නැති ප්‍රශ්න අපේ රටේ තියනවා. සමරන්නේ කොහොමද කියන එක තමන්ගෙ වැඩක්. අර සෝම හාමුදුරුවෝ කලා වගේ ජෝඩුව ගිහින් සිල් ගත්තත් කමක් නෑ. ආදරවන්තයන්ට සමාජයේ පිළිගන්මක් ලබාදීමයි අවශ්‍ය.

    මෙවර කාන්තා දිනයේ තේමාව.... "පවුල සුරකින ඇය සුරකිමු".

    ReplyDelete
    Replies
    1. -මධ්‍යස්ථ විචාරකයා

      Delete
    2. කාන්තාවන්ගේ ප්‍රශ්ණ කාන්තාවන්ගේ දිනේ විතරක් කතා කිරීමෙන් නම් පලක් නෑ. නමුත් ඒ දිනය විශේෂිත නිසා මමත් මේක අද දිනයේ පලකලා. කාන්තාවන් වෙනුවෙන් අපි හැමදාම කතා කල යුතුයි. උඹේ අදහස් හා 100% එකඟයි, මහා ලොකු සංස්කෘතියක් සභ්‍යත්වයක් ගැන කතා කලාට කාන්තාවන්ට ගරහන්න තමයි බොහෝ දෙනා බලා සිටින්නේ. ඒ තත්වයට කාන්තාවනුත් වග කිව යුතුයි. ඔවුන් කල යුතු වන්නේ. මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටීමයි. නැතුව කාමාතුරයින්ගේ හා මන්දබුද්ධිකයන්ගේ ගොඳුරු බවට පත්වීම නොවේ. බ්ලොග් ළෝකයේ එවන් පිරිසක් අතේ ඇඟිලි ප්‍රමානයෙන් හෝ සිටීම සතුටට කාරනයක්.

      Delete
  28. මේක දැක්කහම කොහෙන්ද මන්ද අහපු කතාවක් මතක් වුණා
    ඇනකොන්ඩට. කෙටියෙන් කියන්නම් කමෙන්ට් එක පෝස්ට් එකක් නොකර,

    ඔන්න එකමත් එක කාලෙක එකමත් එක රටක රජතුමෙක් මොකක් හරි වැඩකට අල්ලපු රටට හොරෙන් ගිය වෙලාවක ඒ රටේ රජ්ජුරුවො දේශසීමා උල්ලංඝණය නිසා අල්ල ගත්තලූ. මෙයත් ඉතිං රජෙක් හින්දම ඒ රටේ රජ්ජුරුවො දුන්නලූ වරයක් වගේ එකක්. ඒ මාස හයක් ඇතුලත ගෑණියෙක් කැමතිම දේ හොයාගෙන, ඇවිත් කියනව කියන එක. මේ අහුවෙච්ච රජාත් මේකට කැමති වෙලා, මාස හයක් ඇතුලත හරි උත්තරෙත් එක්ක නැවත පැමිණීමේ පොරොන්දුව පිට තාවකාලික නිදහසක් අරගෙන ආවලූ තමන්ගෙ රටට.

    පස්සෙ රජා තමන්ගේ උපදේශකවරු කැදවල ඇහැව්වලූ ගෑණියෙක් කැමතිම දේ මොකද්ද කියල. ඇත්තටම මොකද්ද ගෑණියෙක් කැමතිම දේ????
    ගැණියෙක් කැමති ලස්සනට අදින්න..
    නෑ.... නෑ.... ගෑණියෙක් කැමති එයාගෙ සැමිය, පෙම්වතා ගොඩක් ආදරේ කරනවට..
    ගෑණු කැමති කිසි වැඩක් නොකර ඔහෙ පුටුවක් උඩට වෙලා කකා බිබී ඉන්න...
    උපදේශක වරුත් හරි එක තීරණයක් නැතිව ඔහොම එක එක උත්තර දෙන්න පටන් ගත්ත.

    ඔය විදිහට හරි තීරණයක් නැතුව මාස පහක්ම ගෙවිල ගියාලූ. දැන් රජාත් නොසන්සුන්,

    මේ වෙලාවෙදි රජතුමාගෙ රාජ සභාවෙ හිටපු තරුණ කඩවසම් ඇමතියෙක් ඇවිත් රජතුමාට මෙහෙම උපදේශයක් දුන්නලූ. රජතුමනි අහවල් කැලේ ඉන්නවලූ නාකි මායා කාරියෙක්. ආරංචියෙ හැටියට නම් උන්දැ නොදන්න දෙයක් නැතිලූ. අපි ගිහින් එයාගෙන් ගෑණියෙක් කැමතිම දේ මොකද්ද කියල අහල දැනගමු. වෙන කරන්නම දෙයක් නැති හින්ද රජාත් මේකට කැමති වෙලා පහුවදාම දෙන්න එක්ක ගියාලූ මේ මායාකාරිව හම්බවෙන්න. ගිහින් කිව්වම ප‍්‍රශ්නෙ මායාකාරි කිව්වලූ හරි මං දන්නව ඕකට උත්තරෙ. හැබැයි රජෝ නිකම් කියන්න බෑ. මං ඉල්ලන දේ දෙනවනම් කියන්න පුළුවන් කියල.

    රජා ඇහැව්වලූ මොනවද ඔහෙට ඕන?
    ඔය දෙන්නගෙන් කෙනෙක් මාව කසාඳ බැදල මෙහෙ නතර වෙන්න ඕන අදම. මායාකාරි කිව්ව.

    වෙන කරන්න දෙයක් නැති නිසි ඇමති කැමති වුණා මේ නාකි මායාකාරීව කසාද බදින්න. ඒ කැමැත්ත මත මායාකාරී උත්තරෙ කියල දෙනවා රජතුමාට මෙහෙම,

    ගෑණියෙක් කැමති හැම වෙලේම තමන්ට කැමති විදිහට ඉන්න.

    මේ උත්තරේ අරන් අල්ලපු රටට යන රජතුමා උත්තරේ දීලා නිදහස් වෙලා එනවා ආපහු තමන්ගෙ රටට.
    මේ අතරෙ අර ඇමති මායාකාරී එක්ක කසාද ජීවිතේ පටන් අරගෙන පලවෙනි රැය උදාවෙනවා. එදා අර මායාකාරී ලස්සන ගෑණු කෙනෙකුගේ වේශයකට මාරු වෙනවා. රැය ගෙවිල පහුවදා උදා වුණාම මායාකාරී අහනව ඇමතිගෙන් ඔයා කැමති මේ පේන මටද නැත්නම් අර මායාකාරිටද කියල. ඔයා කැමති විදිහට මාත් කැමතී, අලූත් පාඩමක් ඉගෙන ගෙන ඉන්න මේ ඇමති උත්තර දුන්නා. එදා ඉදන් මායාකාරීත් තරුණ විදිහටම ජීවත් වුණාලූ.

    මේ කතාවෙ වගේ ගෑණු කැමති කාටත් යටත් නොවී තමන්ට කැමති විදිහට ඉන්න කියලයි ඇනකොන්ඩත් හිතන්නේ. ඒ වගේම ඇනකොන්ඩ කැමති ගෑණුන්ට සම තැන දෙනවට වඩා නිසි තැන දෙන්නයි. මොකද මගේ අම්මත් මගේ ආදරෙත් මට සම කරන්න බෑ කාටවත්. අඩුගානේ අම්මව තාත්තටවත් මගෙ ආදරේ මටවත්.

    ReplyDelete
    Replies
    1. ලස්සන කතාවකින් දුන් උපදේශය නම් ඉතා වටිනවා.

      Delete
    2. ඇත්තටම ඇත්ත ඇනකොණ්ඩා.. මාත් ඒ ජාතියේ... හි හි .. ( මායාකාරී නෙවෙයි.. කාටවත් යටත් වෙන්න , කවුරුවත් කියන විදියට, වෙන කාටවල් ඕනේ විදියට ජීවත් වෙන්න අකමැති, මගේ කැමැත්තෙන්, ආසාවෙන් කරන හැමදෙයක්ම කරන්න ආස කෙනෙක්)

      Delete
    3. මාත් ඒ ජාතියේ.
      එපා,ඕක ඔයාට බෑ,ඔයා ගෑණු ළමයෙක් ඕක ඔයාට ගැලපෙන්නේ නෑ කිව්වොත් කොහොමහරි ඒක කරලම පස්ස බලන ජාතියේ කෙනෙක් මමත් :D
      මට යක්ෂයා ආරූඪ වෙන්නේ මොනා හරි කරන්න යනකොට "ඔයා ගෑණු ළමයෙක් නේද" කියල කවුරුහරි ඇහුවොත් තමා :D :D

      Delete
    4. සුපිරි කතාව සත්තරන්.. බොහෝම ස්තූතියි මෙතන දැම්මට....

      Delete
    5. ඉතිං බං ඇනකොන්ඩා, හිරූ සහ ප්‍රමුදි, පිරිමියෙන් වන මාත් කැමති ඒ විදියට ජීවත් වෙන්නනෙ. මට ෂුවර් අනිත් පිරිමිත් එහෙම වෙන්න ඇති.

      වැඩේ කෙල වෙන්නෙ:

      එක කිරුළක් පළඳින්නට බෑ,
      එකම සිහසුනේ ඉන්නට බෑ
      සුලෝචනා....ආ...ආ..ආ..ආ..ආ..ආ
      අප දෙදෙනාටම එක රජදය්හනක රජ වෙන්නට බෑ... ටැං ... ටැං... ටැං... ටැං...

      වුනාමයි. නැද්ද?

      Delete
  29. මට මාර ප්‍රහේලිකාවක් ඔබ ගැන තිබෙන්නේ.ගෑනු කුලප්පු කිරීමෙන් ඔබට ලැබෙන ලාභය මොකක්ද?බලන්න අර ප්‍රමුදි ඇය දුලන්තයි මායි එක්ක කතා කළා පස්සෙ ඇත්ත දැනගත්තා.ඔබ ඇවිත් ඇයව ආයෙත් කුලප්පු කෙරුවා.
    ප්‍රමුදි,නදිනි,පොඩි කුමාරිහාමි වැනි අය යම් ප්‍රමානයකට දැනුවත් වුනා.හිරු මහත්මිය වැදගත් මහත්මියක්.එතුමිය අපි එක්ක වාද කරල යහමගට ආවා.කරුනාකර ඇයව නම් අවුල් කරන්න එපා

    අමතක කරන්න එපා අපි බ්ලොග් ලෝකෙට ආධුනිකයන්.අර කලින් කියපු මහත්මීන් අපෙන් දැනුම ලබා ගත්තට ඔය ගොල්ලො බ්ලොග් ලෝකෙ ජ්‍යේෂ්ටයන්.අපට හිට්ස් වැඩිකරගන්න උදව් කරන්න

    මගෙ බ්ලොග් එකට එන්න මට කුනුහරපෙන් බැන්නත් කමක් නෑ .කිසිම ප්‍රතිචාරයක් වාරනයක් නෑ.හැබැයි මම උත්තර දෙනවා.ඉදිරියේදී ස්ත්‍රීවාදයට අමතරව විවිධ විශයන් ගැන විදේශීය භාෂා වලින් ලියැවුන ලිපි සිංහලට පරිවර්තනය කරලා පළ කරන්නත් බලාපොරොත්තු වෙනව .මේක ජනතාවගෙ බ්ලොග් එකක් කිරීම මගෙ අරමුණ.කරුණාකර මට උදව් කරන්න ඔයගොල්ලො සමහරු හිතන් ඉන්නවා වාගෙ මම අන්තවාදියෙක් නොවෙයි

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න .. ඒත් ඔබ කියපු කිසිම දෙයක් නිසා මම ඉන්න කිසිම මතයක් වෙනස් උනේ නෑ.. ඔබ කතා කරන දේ සහ මම කතා කරන දේ වෙනස් නිසා, කොච්චර කතා කළත් එකම තැන කැරකෙන නිසා මම කතාවෙන් ඉවත් උනා පමණයි..

      Delete
    2. :D :D :D
      අදහසක් දෙන්නම් ඔබට.අපි වගේ සාමාන්‍ය ගෑනුන්ට බටහිර ස්ත්‍රීවාදය ගැන දැනගන්නවට වඩා කරන්න වැඩ තියෙනවා.අපිට ඕවා වැඩක් නෑ.ඒ නිසා නරකද ගෑණු පිරිමි දෙගොල්ලොන්ටම වැදගත් වෙන දෙයක් ගැන කතා කරන්න ඔය බ්ලොග් එක යොදාගත්තනම්.
      අද අපේ රටේ ඇති තරම් ප්‍රශ්න තියෙනවනේ කතා කරන්න.ඒ වගේ දෙයක් ගැන බුද්ධිමත් සංවාදයක් ගොඩනගමුද..??
      ඇත්තටම ඔබතුමාගේ බ්ලොග් එකේ තියෙන මෙලෝ මලදානයක් මට නම් තේරෙන්නේ නෑ.අනිත් අයටත් එහෙම වෙන්න ඇති.
      අනික ඔබට බොහොම ස්තුතියි මහත්මයෙක් වගේ තමන්ගේ මතවාදය ඉදිරිපත් කරමින් වාද කරනවට...!!

      Delete
    3. හිරු අක්කේ බලාගෙන ලිස්සලා වැටෙයි ඔයා..බටර් පාර ටිකක් වැඩි වගේ :D ;)

      Delete
    4. ස්ත්‍රීවාදය??????

      //ප්‍රමුදි,නදිනි,පොඩි කුමාරිහාමි වැනි අය යම් ප්‍රමානයකට දැනුවත් වුනා.//

      සමාවෙන්ට ඕනි මෙහෙම කියනවට. මම මේ බ්ලොග් එක මොකක්ද කියලවත් දන්නේ නෑ.:D

      Delete
    5. මම ගෑණු තියා කවුරුවත් කුලප්පු කරන්නේ නෑ. සියල්ලන්ටම සත්‍ය පහදා දෙනවා වෙතරයි. පිලිගන්න කෙනෙක් පිලිගනියි, නොපිලිගත්තා කියලා මට ඇති පාඩුවකුත් නෑ. මම කියන ඔක්කෝම හිස් මුදුනින් පිලිගන්න ඕනත් නෑ. මම මට අවශ්‍ය දේ මගේ බ්ලොග් එකේ කියනවා මෑතක් වෙනකම් සියල්ලන්ටම අදහස් දක්වන්න දීලා තිබුනා. ඒත් බ්ලොග් ලියන අය ඇනෝ ඇවිත් මෙතන කුණුහබ්බ ලියලා යනවා. දැන් එන්නේ එකයි. ඌ කොච්චර පිස්සෙක්ද කියලා දාලා තියෙන කොමෙන්ට්ස් ප්‍රමාණයෙන් පේනවනේ.

      Delete
    6. @Pramudi

      ++++++

      මටත් මේ හිතා ගන්න බැරි ස්ත්‍රීවාද ලියන කෙනා මේ බටහිර ස්ත්‍රීවාදයක් අපේ ඇතුලට රිංගවන්න හදන්නෙ ඇයි කියලා. කතා කරපල්ලකෝ අපේ රටේ ස්ත්‍රීන් ගැන. අඩුම තරමින් අපිට හැඟීමක්වත් දැනෙයි.

      Delete
    7. මම බැලුවේ මේ මොකටද මගේ නම කියලා... මම ඔය කිසි දේකින් විශේෂ දැනුවත් වීමක් උනේ නෑ, මම මගේ ඒ වචන වලට තියන අකමැත්ත ප්‍රකාශ කල විතරයි. අර ප්‍රමුදි කියනවා වගේ අපිට බටහිර ස්ත්‍රීවාදය ගැන කිසිම වැඩක් නෑ, අපිට විසදගන්න කොයි තරම්නම් ප්‍රශ්න තියනවද ලංකාවේ, අනික අපිට බ්ලොග් එකකින් අපේ දැනුම වැඩිකරගන්න පුලුවන් නම් ඒක තමයි විය යුත්තේ. ඒ නිසා මම හිතන්නේ එකම මාතෘකාවක් කතා කරනවට වඩා හොදයි වෙනස් මතෘකා යටතේ කතා කරන්න පුලුවන් බ්ලොග් එකක් කරනවනම්...

      Delete
  30. මාතලන් අනේ මට සමාවෙන්න .ඔබ වෙන කෙනෙක් ගැන කළ සදහනක් මම ගැන කියල මම වරදවා හිතුවා.ඒකට මම ඔබේ දෙපා වැදලා සමාව ඉල්ලනවා.මගේ ප්‍රතිචාර වල සාමාන්‍ය වාග් විලාසය වෙනස් වුනේ ඒකයි අනේ ඒක වැරදීමක් මට සමාවෙන්න

    ReplyDelete
    Replies
    1. ඔවා ගනන් ගන්න එපා මචං. අපේ අම්මටත් බැනලා තිබුනේ. අම්මට තිබුන රෝගත් සුවපත් උනා මේ ආශීර්වාද වලින්. ලැජ්ජා වෙන්න ඕන කාගේ අම්මලද කියලා ඔහේට තේරනවා ඇති නේ. වඳින්න ඕන නෑ. ඔය වැඳිල්ලටත් මම සම්පූර්ණයෙන් විරුද්ධයි. මගේ පොඩි එකා අම්මට වඳිනවා. මට වඳින්නේ නෑ. මම එපා කියලා තියෙන්නේ. ඒත් මම ඌව හැම තිස්සෙම වැළඳගන්නවා. ඒකයි නියම දරු සෙනෙහස.

      Delete
    2. මචං ස්ත්‍රීවාදය උඹ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ගේ මල්ලිද? මොකක් හරි නෑදෑ කමක් තියේද?

      Delete
    3. @ ස්ත්‍රීවාදය ;
      මාතලන් ලොක්කට පැණි ටෝක් එපා මචං,වරදක් උනානම් සිංග්ලිෂ් වලින් ෂොරි කිව්වනම් ෂරි නේ.

      Delete
  31. "පවුල සුරකින ඇය සුරකිමු".

    මේ අදහස එකදවසකට සීමා නොවෙනවානම් හොඳයි. කාන්තාවන් ගැන සාධාරණව ලියල තියන විදිහ දැක්කම ලොකු සතුටක් ඇතිවුනා. උපන්දා ඉඳල මැරෙන මොහොත දක්වාම කාන්තාවන්ට නිවනක් ( මට හිතෙන්නේ හොඳම වචනෙ ඒක තමා ) නැහැනේ. හැබැයි කාන්තාවන්ව ආදරෙන් බලාගන්න පිරිමින් හුඟක් ඉන්නවා.අර කව්ද කියල තිබුනෙ වගේ කාන්තාවන්ට වැඩියෙන්ම කරදර ඇතිවෙන්නෙ කාන්තාවන්ගෙන්ම තමා.


    මේ දවස්වල හරියට ඊමෙල් එනවා කාන්තාවන්ගෙ ඇඳුම් නිසා ඔවුන් දූෂනයට ලක්වෙනවා කියල. එහෙනම් ඉති රජ කාලෙ කාන්තාවො උඩුකයට ඇඳුම් නැතිව යටිකයට පොඩිරෙදි කෑල්ලක් එහෙම ඇඳල හිටිය විදිහට ඒකාලෙ පිරිමින්ට වෙන වැඩක් කරන්න වෙලාවක් නැතිව මේ වගේ හිතුව නම් :)






    ReplyDelete
    Replies
    1. සෝන්යා,
      >>කාන්තාවන්ගෙ ඇඳුම් නිසා ඔවුන් දූෂනයට ලක්වෙනවා කියල.<<
      මේ වගේ අමන තර්ක ගැන වාද කරන්න වචන නාස්ති කරන එකත් මෝඩ කමක් හැටියට මම දකින්නෙ. ඒකෙන් ඒ මෝඩ අදහසට අනවශ්‍ය පිළිගැනීමකුත් ලැබෙනවා.

      Delete
    2. එහෙම කියන කොට අඳින්නම ඕන කොටට. දැන් ඔය ගමේ කෙල්ලෝ කොටට ඇඳන් ගිය නිසාද රේප් කලේ..

      Delete
    3. @DUDE
      ++++++++++++++++++++++++++

      Delete
  32. අපිට සෙට් නොවන කෙල්ලන්ගේ දිනය සාතිශය ලෙස හෙලා දකිමු!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹ ඕක කෙලින්ම කිව්ව එක හොඳයි. ඕකකෙලින් කියා ගන්න බැරි උන් තමයි මෙතන රීලා වනසන්නේ..

      Delete
    2. සෙට් වෙන කෙල්ලන්ගේ දිනය සැමරුව නම් ඉවරනේ.

      Delete
  33. @ Pramudhi
    //ඇත්ත නේ.
    ටිකක් හිතුවම තේරෙන්නේ ඒක.අපිට විශේෂිත දේවල් කියල නම් ජාතියක් නෑ තමා.
    එහෙම ගෑණු වැඩ පිරිමි වැඩ කියල ජාතියක් නෑ නෙ.
    එතනිනුත් වෙන්නේ එයාලගේ ආදිපත්‍ය තහවුරු කරගන්න එකනේ.
    මොලේ පෑදුවට ස්තුතියි මාතලන්..!! :) :)//


    ඔබ හිතපු විදිහ මාතලන්ට වඩා බොහෝ ඉදිරියෙන් තිබියදී මාතලන්ගේ බංකොලොත් මතය තුල්ට යෑමනම් බොහෝ අනුවන ක්‍රියාවකි.

    ReplyDelete
    Replies
    1. /අපි වගේ සාමාන්‍ය ගෑනුන්ට බටහිර ස්ත්‍රීවාදය ගැන දැනගන්නවට වඩා කරන්න වැඩ තියෙනවා.අපිට ඕවා වැඩක් නෑ.ඒ නිසා නරකද ගෑණු පිරිමි දෙගොල්ලොන්ටම වැදගත් වෙන දෙයක් ගැන කතා කරන්න ඔය බ්ලොග් එක යොදාගත්තනම්.
      අද අපේ රටේ ඇති තරම් ප්‍රශ්න තියෙනවනේ කතා කරන්න.ඒ වගේ දෙයක් ගැන බුද්ධිමත් සංවාදයක් ගොඩනගමුද..??/

      ඔන්න ආයේ කිව්වා.කොහොමත් දුලන්ත මාතලන් කියන විදිහටවත් ඔයා කියන විදිහටවත් නෙවේ මම ජීවත් වෙන්නේ මට ඕනි විදිහට.ඒ නි‍ා කාගේවත් මත ඇතුලට යන්නවත් කුලප්පු වෙන්නවත් උවමනාවක් නෑ.මම හිතන හැටියට ඔබ මූණු පොතේ සිංහල බෞද්ධ මතවාදය නියෝජනය කරන කෙනෙක් වෙන්න ඕනි.ඒ නිසා මම කියන්නේ මමත් බෞද්ධයෙක්,පිළිගන්න ඕනි මොකක්ද එපා මොකක්ද කියල කාලාම සූත්‍රයට අනුව තීරණය කරගන්න මට පුළුවන්.බොහොම ස්තුතියි..!!

      Delete
    2. ඔයා අපි කවුරුවත් කියන විදිහට ජීවත් වෙන්න ඕනනෑ, හැබැයි එකක් කියන්න ඕනේ. ඒ තමයි ඔයාට ස්ත්‍රීවාදය ගැන දැනගන්න ඕන නෑ කිවුවට මේ මතය ඔයගොල්ලො වගේ අයව ඔයගොල්ලන්ටවත් නොදැනෙන්න මෙහෙයවනව ඒ අයගේ අවශ්යතා වෙනුවෙන්. අන්න එතනදි ඔයගොල්ලන් ජීවත් වෙලා තියෙන්නේ බටහිර ස්ත්‍රීවාදීන්ට ඕන විදිහට.

      Delete
  34. මාතලන් තම සුපුරුදු මෝඩකම ප්‍රදර්ශනය කර තිබෙන්නේ ලස්සන වචන යොදාගෙන වචනයෙන් අලංකාර කරපු ලිපියක් සපයමින්. මෙහි පෙන්වාදී තිබෙන කරුනු සියල්ල ඇත්තය රටේ ආර්ථික බරෙන් වැඩි කොටසට කරගසන්නේ කාන්තාවන්ය. මාතලන්ට අමතක වූ තවත් එකක් මතක් කරන්නම්. කාන්තාවන් රට යවල හම්බකරගන්න තුට්ටු දෙකටත් කසිප්පු බොන කුඩු ගහන කාලකන්ණි පිරිමින් සිටිනවා. ප්‍රශ්නය එය නොවෙයි. මාතලන් තුමා මේ ගැටලුවලට යෝජනා කරන විසඳුම මොකක්ද යන්නයි. මේ කාලකන්නි තත්වය සැමදා තිබියයුතු නැත. මෙයට විසඳුම බටහිර කාන්තාවාදය අනුව කාන්තාවන් මානසිකව පුරුෂකරණය කිරීම නෙවෙයි. මේ රටේ කොන්ද පනනැති වැඩ කරන්න මහන්සි වෙන්න කම්මැලි පිරිමින්ගේ ඒ කාලකන්ණි ගතිය හැදීමයි. මාතලන් වගේ අඳබාලයො කිසිවිටක ඒ දේට කැමති වෙන්නේ නෑ. මොකද ඒ අය හුරු වෙලා තියෙන්නේ කම්මැලි කමට නිකන් ඉඳගෙන කාන්තාවන් ලවා සියල්ල කරගෙන කාන්තාන්තාවන්ගේ හපන්කම් ගැන කියව කියව පිස්සු ආතල් ගන්නයි ඒ තත්වයෙන් ගොඩ එන්නේ නැතුව කාන්තාවන් සම්ප්‍රදාය බිඳදැමියයුතු යැයි කියමින් ගෑනුන් දුක්විඳින කාලකන්ණි කම තවත් ඉදිරියට ගෙනගොස් එතන තියෙන ප්‍රශ්නේ වහන්න අනෙක් ගෑනුන්ටත් ස්ත්‍රීත්වය ණතිකර පිරිමිකමක් බලෙන් පටවන්නයි විතරයි. මාතලන් වගේ අයගේ මේ ගොබ්බ අදහස් වලට ජනප්‍රිය කමක් තිබුනේ සමාජයම අවිචාරවත්කමෙන් වහගන තියෙද්දි විතරයි. ඒ තත්වේ හැමදාම තියෙන්නේ නෑ. මේ කාන්තාවන්ට තියෙන හැබෑ ප්‍රශ්නය විසඳෙන්නනම් පිරිමින් කම්මැලිකමයි කාලකන්ණි කමයි පැත්තාක තියල මහන්සි වෙලා වැඩක් කරල රටේ ආර්ථිකය හැදන්න ඕනේ ඒ වගේම මතවාදීව අපි බටහිර ආක්‍රමණයෙන් ගැලවෙන්නත් ඕනේ.

    ReplyDelete
    Replies
    1. ගයිනෝෆෝබියා කියන්නේ මේ ලෙඩේටයි. සාස්තර කියන්නේ කොහේද..? මටත් ඇවිත් සාස්තරයක් අහගෙන යන්න...

      Delete
  35. මාතලන් වැනි මෝඩ හිතන්න බැරි පිරිමින් වැඩිපුර ඉන්න එකත් කාන්තාවන්ට තියෙන ප්‍රශ්න ත්වත් වැඩි කරන හේතුවක්. මොකද එහෙම එවුන් රටට කරන වැඩකුත් නෑ එහෙමත් තියෙද්දි කාන්තාවන්ට රටේ ආර්ථික බරෙන් වැඩි හරියට කරගහන්න වෙන එක තව දුරටත් එහෙමම තියාගන්න බොරු සම්ප්‍රදායන් ගැන බයිලත් ගහනව.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔයා මහන්සි වෙලා වැඩකරලා මේ කාන්තවන් ඒ තත්වයෙන් නිදහස් කරගෙන, ගෙදර දාස කමේ තියාගන්නකෝ.. හැබයි ඉඳිද කියලා කියන්න නම් දන්නෙ නෑ..

      Delete
  36. මාතලන් වගේ කුහක පිරිමින් තමයි ගෑනුන්ට ගෑනුන් විදිහට තමන්ට උපතින් ලැබෙන මොළෙන් හිතන්න නොදී බොරු නූතනත්වයක් මවාගෙන බටහිර ස්ත්‍රීවාදයෙන් හැමෝගෙම මොළ හෝදන්නයන්නේ. අපි ඉන්නකල් උඹල වගේ එවුන්ට ඒටික කරන්නතියන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ගැන කලබල වෙන්න එපා. ඔයාලගේ ටීම් එක කොහොමත් වැඩියි.. ඒකයි මේ රටට හෙන ගහලා තියෙන්නේ. භාෂා විලාශය වෙනස් වේගන යනවා. ස්ත්‍රීවාදියා තරම් වැදගත් නැති පාටයි..

      Delete
    2. ගෑනු ටීම් එකකට හොද නමක් යෝජනා කරපංකෝ මාතලං

      Delete
    3. දුලන්ත වගේ ටීම් හදාගෙන ඉන්න අය කියන්නෙ ගෑණුන්ට හැමදාම කුස්සිය මුල්ලේ ඉඳන් බත් තම්බපල්ලා, දරුවන් වදපල්ලා, උන් හදපල්ලා. දුක් විඳපල්ලා වගේ කතාවක්නේ..දැන් නිකන් මේක අමුතු ස්ටයිල් එකක් වෙලා. " බටහිර ස්ත්‍රීවාදය " මෙයාලා කියනකම් අපි එව්ව දන්නෙ නෑ.එහෙම එක්ක තියෙනවද දන්නෙත් නෑ.

      Delete
    4. ඕකට මරු නමක් තියෙනවා. අපේ ගමේ නම් කුලඟන සමිතිය නම් කරලා තියෙන්නෙත් ඒ නමින්. ඒත් ඒක මෙතන කිව්වොත් කෙල්ලෝ මාව මරන් කනවා.. උඹත් දන්නවා ඒ නම. ඔය ජිප්සීස්ලගෙ සින්දුවකුත් තියෙන්නේ..

      Delete
  37. @ ඉන්දුවරි
    "සෙට් වෙන කෙල්ලන්ගේ දිනය සැමරුව නම් ඉවරනේ"

    ඔබනම් හරියටම හරි, මෝඩ යක්කු ඒක කරන්නෙ නැතුව සමරන්නේ උන්ටම කෙලකරවන ගෑනුන්වනේ.

    ReplyDelete
  38. ළිහිණි
    @
    //දුලන්ත වගේ ටීම් හදාගෙන ඉන්න අය කියන්නෙ ගෑණුන්ට හැමදාම කුස්සිය මුල්ලේ ඉඳන් බත් තම්බපල්ලා, දරුවන් වදපල්ලා, උන් හදපල්ලා. දුක් විඳපල්ලා වගේ කතාවක්නේ..දැන් නිකන් මේක අමුතු ස්ටයිල් එකක් වෙලා. " බටහිර ස්ත්‍රීවාදය " මෙයාලා කියනකම් අපි එව්ව දන්නෙ නෑ.එහෙම එක්ක තියෙනවද දන්නෙත් නෑ.//

    උම්බලගෙ අම්මලයි ආච්චිඅම්මලයි තමයි වැරැද්ද කරල තියෙන්නේ උඹල වගේ එවුන්වයි උඹලගෙ පරම්පරාවයි හදල බත් තම්බ තම්බ කන්න දීල උඹලව ලොකුකරල. ඒටික ඒ කාලෙම නොකරනම් ලොකු දෙයක් එතකොට උඹත් මෙතන නෑනේ.

    ReplyDelete
    Replies
    1. වැරදිලා ...අපේ අම්මට බත් තම්බ තම්බ ඉන්න වෙලාවක් තිබ්බෙ නෑ. මොකද තාත්තා නැති ගෙදර පාලනය කරන්න රස්සාවකුත් කරන්න උනානේ. එදා තමයි අම්මට තේරිලා තියෙන්නෙ උගත්තෙ නැති මෝඩකම. ඒක හන්දමයි අම්මා දුක් විඳ විඳා හරි අපිට ඉගැන්නුවේ. බත් තම්බනවට වඩා දෙයක් ගෑණියෙක් උනාම කරන්න තියෙනවා කියලා. ඒ හන්දා අපි රස්සාවක් කරලා දැන් අම්මලාව දුකක් නොදී බලා ගන්නේ..

      ගෙම්බර් දාලා බජාර් බාසා දාලා ගෑණු ගේ මුල්ලෙ තියන්න බෑ දැන් කාලේ. ඊට වඩා හිතන්න පුළුවන් දැන් ඉන්න ගැහැණුන්ට.

      Delete
    2. "පුතේ හොඳට ඉගෙන ගනින්.ඉගෙන ගන්න එකට වයස් සීමාවක් නෑ.කවදාහරි යාලුවෙන කොල්ල හරි බඳින මිනිහ හරි කිව්වත් ඉගෙන ගන්න එක නවත්තන්න එපා.
      ගොඩක් පිරිමි කොහොමත් කැමති නෑ තමන්ගේ ගෑනි තමන්ට වඩා ඉගෙන ගන්නවට.ගෑණු ළමයෙක් සැප විදින්නේ තමන්ගේ අම්ම තාත්ත ළඟ ඉන්න කාලේ විතරයි"

      මේ ටික කිව්වේ අපේ අම්ම නෙවේ තාත්ත.මම කැම්පස් එන්න සතියකට විතර කලින්.

      Delete
    3. වරේවා.... මම කැමති මේ වගේ කෙල්ලන්ට..

      Delete
  39. @ මාතලන්
    //ඔයාලගේ ටීම් එක කොහොමත් වැඩියි.. ඒකයි මේ රටට හෙන ගහලා තියෙන්නේ. භාෂා විලාශය වෙනස් වේගන යනවා. ස්ත්‍රීවාදියා තරම් වැදගත් නැති පාටයි..//

    රටට හෙන ගහල තියෙන්නේ අපි හින්ද නෙවෙයි NGO පිංබත් ගිල ගිල බටහිර කාන්තාවාදය වපුරන කාලකන්ණියො නිසා.

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඔය මහත්තයගේ ඇන් ජී ඕ එක...

      Delete
    2. මුන් සෙට් එක තමයි තමයි අර නාථ දෙවියන්ගේ අවජාතක පුත්‍රයෝ ඉස්සර දේව කතා උඹ අහල තියනවද මාතලන් සමහර දෙවි පොරවල් දිව්‍ය ලෝකේ හිටියත් හරි මනුස්ස ලෝකේ පැත්තේ වල් ටුවර් එනවා.....මේ සෙට් එක ඇවිල්ල ඒ අය. දැන් ලංකාව කියන්නේ මේ නාථ දෙවියන්ගේ අවජාතක පුත්තු ජංගි කොල්ලෝ සෙට් එකක් අර විදුසර පත්තරේ සයිකොසික මානසික රෝගියෙක් ලියපු වචන සෙට් එකක් කටපාඩම් කරගෙන කෑ ගහන කාලයක්. මේ සෙට් එක බටහිර බටහිර කියල පස්ස පැත්තෙන් කෑ ගහන්න විතරයි දන්නේ. හෙට අනිද්දට මේ අයගේ පුක නැතිවෙනවා එතකන් ඔන්න ඔය තියන පුකෙන් කෑ ගහන්න ඇරපන් මාතලන්

      Delete
    3. මේකට කියන්නේ ගයිනෝෆෝබියා මචෝ.. බෙහෙත් නෑ.. වෙනත් ප්‍රතිකාර ක්‍රම තමා තියෙන්නේ.. මුන් වියදම් කරනවනම් අපිට සප් එකක් දෙන්න පුළුවන්...

      Delete
    4. දුලන්ත ඔබේ කතාව හරි කාන්තාව්න් බලහත්කාරෙන් පුරුෂ කරනය කරල ලිහිණිල කියනවා වාගෙ බත් තම්බන්නෙ නැතිව ,ළමයි හදන්නෙ නැතිව හැම දේටම හොර වෙලා ස්ත්‍රීත්වය නැතිකරගෙන තවත් එක්තරා පුරුෂ ලිංගයක් නැති ඇට නැති මහත්තයෙක් කරන එකයි ස්ත්‍රීවාදය.ගෙදරට තාත්තලා දෙන්නෙක් අවශ්‍ය නෑ

      ගෘහ කටයුතු තමන්ට අයිති නැතිබව තමයි ලිහිණිලා වාගෙ අය හිතන්නේ හැමෝම මෙහෙම හිතන්න ගියොත් මානව සංහතියම වද වෙලා යයි.කාන්තා සිරුර හැදිලා තිබෙන්නෙ දරුවන් වදන්නත් හදන්නත්.ඒකම කරන්න කියල කවුරුවත් කියන්නෙ නෑ.නමුත් ඒක සම්පූර්නයෙන්ම ප්‍රතික්ෂේප කළොත් මොකද වෙන්නෙ.අද බටහිර රටවල ජනගහනය අඩුවෙමි න් යනවා

      Delete
    5. මෙතනදි ලිහිණි, ප්රමුදි කවුරුවත් දරුවන් හදන්න බැහැ, බත් තම්බන්න බෑ කියල තියනවා නම් මම දැක්කෙ නෑ, මොකද ගෑණු ලමයෙක් ඔය දෙකටම ආසවෙන්නෙ පිරිමියෙක් ගැන හීන මවන කාලෙදිමයි. අනික ගැහැණියක් කැමති තමන්ට රැකවරනයක් ලැබෙනවා නම්. කොහොමත් මේ වගේ ප්රශ්න හරි පිරිමියෙකුට තියෙයි කියල මම හිතන්නෙ නෑ. මොකද මම දැකපු හුගක් උගත් බුද්ධිමත් පිරිමි තමංගේ බිරිද ඉහලට ඉගෙන ගන්නවට, හොද රැකියාවක් කරනවට කැමති අය. මගේ සැමිය උනත් ගොඩාක් කැමති ඉහලට ඉගෙනගන්නවට ඔහු වගේම උසස් රැකියාවක් මමත් කරනවට, හැබැයි කොයි වෙලාවකවත් මම ඔහු පාලනය කරන්නෙ නෑ. කොටින්ම අපි දෙන්න අපි දෙන්නව බලහත්කාරයෙන් පාලනය කරගන්නෙ නෑ. මොකක් හරි වැරැද්දක් කරනවා නම් අපි දෙන්නම අපි දෙන්නට තේරුම් කරල දෙනවා. මම දන්නවා ඔහු තමයි මට මග පෙන්නවන්න පුලුවන් හොදම කෙනා කියල. මම කවදාවත් මම පාඩම් කරනවා ඒ නිසා ඔයා උයන්න, මට දරුවො හදන්න බෑ කියල නෑ. පාඩම් කරන ගමන් මම උයල ගෙදර වැඩත් කරනවා
      ඒහා සමානව ඔහුත් මට උදව් කරනවා, සමහර වෙලාවට ඔහු උයනවා, අපි දෙන්න අපි දෙන්නගෙ වැඩ කරගන්නවා. අපිට තාම දරුවො නෑ. නමුත් මම කැමති වෙලා ඉන්නවා දරුවෙක් ලැබුනම රස්සාවක් නොකර ගෙදර නවතින්න.ඒකට සැමියත් කැමතියි, ඒ අපි දෙන්නගේ දරුවෝ හොද ඉගනීමක් එක්ක ඉදිරියට ගේන්න. හැබැයි හුගක් පිරිමි කුස්සිය බිරිදට විතරයි අයිති කියල හිතනවා, මම දන්න අය ඉන්නවා එහෙම, තමංගේ බිරිද උදේම නැගිටලා, අනිත් අයට බත් උයලා සේරම ඉවර උනාම එයා කොහොමද ඔෆිස් යන්නෙ කියල අහන්නෙ නැති පිරිමි ඉන්නවා. මට දැනිල තියන විදිහට නම් ඒක කම්මැලිකම සහ තියන ආත්මාර්ථකාමීත්වය.මොකද මාසේ අන්තිමට බිරිද හම්බකරන දේත් ගෙදරටම වියදම් කරනවා කියල ඔවුන් නොදන්නවා නෙමෙයිනෙ. අන්තිමට බැලුවම ගැහැණු ගෙදර වැඩත් කරල, හම්බකරල අන්තිමට පිරිමියට යටත් වෙලත් ඉන්න ඕනි.

      Delete
    6. කොයි රටේද දන්නෙ නෑ ජනගහනය අඩුවෙලා තියෙන්නේ. මේ ළෝකේ රටක් නම් වෙන්න බෑ. ඉතින් එහෙම අඩු වෙනවනම් හොඳයි නේ. ඒ කියන්නේ බටහිර කුමන්ත්‍රණ කාරයන් අඩු වෙනවා කියන් එකනේ.

      Delete
    7. මෙතනදි හිතන්න එපා මගේ ජීවිතේ විස්තරය විතරයි කිව්වේ කියලා ඒත් මම ඉන්න සමාජයේ නම් ගැහැණු බත් තම්බල, දරුවො හදල, සැමියට සවියක් වෙලා (යටත් වීම හා සවියක් වීම දෙකක්)හොද රැකියාවල් කරන අය.. කවුරුවත් මේ දේවල් අපිට අයිති නෑ කියල ඉන්න අය නෙමෙයි. ඒ වගේම එයාලගෙ සැමියන් බිරිද හොදින් තේරුම් අරගෙන ජීවිතේ ගෙනියන අය, මම හිතන්නේ ලිහිණි උනත් කියන්නෙ එහෙම ඉන්න බෑ කියල නෙමෙයි ඒත් සැමිය ඇයට නිසි තැන දෙන්න ඕනි කියන එක විතරයි. ඉගෙන ගත්ත, උසස් රැකියවක් කරන ඕනම කෙල්ලෙක්ගෙ පැතුමක්නෙ ඒක.

      Delete
    8. මේ ගොන් ස්ත්‍රීවාදියාට මොළේ කඳුලක් නෑ නදිනි. උන්ට නොතේරෙනවා නෙමේ. නොතේරෙන විදියට හැසිරෙනවා. අපි බත් තම්බන්නෙ නැතුව උන්ගෙ ගෑණුද අපිට බත් තම්බලා දෙන්නෙ ? අපි ළමයින් හදන්නෙ නැතුව උන්ගෙ ගෑණුද අපිට ළමයින් හදලා දෙන්නේ? මෙතන මේ අපි කියන එක නෙමේ උන් හිතට ගන්නෙ. වෙන කෙහෙල් මලක්. ඔළුව පුරෝගෙන තියෙන කුණු කන්දල් ස්ත්‍රීවාදයක් හන්දා මොළේ කොලොප්පන් වෙලා. ගැණියෙක් අම්ම කෙනෙක් වෙන්න කොයි තරම් ආසද කියලා මූන්ට තේරෙන්නෙ නෑ. ඇයි ඔළුවෙ තියෙන්නෙ ජෙසී බර්නාඩ්ගෙ වචන. එතකොට මේ ලෝකෙ ඉන්න මුළු කාන්තා පරපුරම නියෝජනය කරන එකම ගෑණි තමා ජෙසී. ඒ ගෑණි දෙයක් කිව්වම ඒක තමා අපි කරන්නෙ. මොන ගොන් කතාවක්ද මේ කියන්නෙ?

      Delete
    9. ළිහිණි ඔයාලා කලබල වෙන්න ඕන නෑ.. මෙයාලා මේ ජෙසීට ලව් කරන්න ගිහින් හොඳ කම්මුල් පාරක් කාලාද කොහෙද...

      Delete
  40. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. Lankonis gb කියන එකේ GB කියන්නේ ගොඩේ බයියා කියන එකද මචං

      Delete
    2. නෑ ගොන් බූරූවා කියන එක...

      Delete
  41. @ මාතලන්
    //ඉතින් ඔයා මහන්සි වෙලා වැඩකරලා මේ කාන්තවන් ඒ තත්වයෙන් නිදහස් කරගෙන, ගෙදර දාස කමේ තියාගන්නකෝ.. හැබයි ඉඳිද කියලා කියන්න නම් දන්නෙ නෑ..//

    මේ ටික මට ඔයාගෙන් අහල දැනගන්නනම් අවශ්යනෑ. මම කොහොමත් මහන්සිවෙල වැඩත් කරනව, එහෙමකරන එක ඔයගොල්ලන් වගේ මදිපුන්චිකමක් විදිහට හිතන්නෙත් නෑ. මම පෞද්ගලිකව කැමතියි අපේ රටට හරි නායකයෙක් ඇවිල්ල රටට වෙලා තියෙන ඇත්ත දේ කෙලින් කියල අපට මහන්සි වෙලා වැඩකර්න්න එකතුවෙන්න කියල කියනවනම්, අනුන්ට හිඟන පාත්තරේ යවන්නේ නැතුව.අනෙක පිරිමින්ට මහන්සි වෙලා වැඩක් කරන්න පුලුවන්නම් ගෑනුන්ට කුස්සියේ වැඩක් කරන එක අමාරු නෑ. ඒක වහල් කමකුත් නෙවේ. ගෑනුන්ගේ ඔලු වලට විෂබීජ දානේ ඔයගොල්ලන් වගේ අය.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔයාලා ඒ විෂබීජ ඉවත් කරලා එයාලගේ ඉහට ඉස කුඩිච්චියක් එහෙම දාලා. වහල් කමට ගන්නකෝ සත්තරන් දුලාන් මහත්තයෝ...

      Delete
    2. @ Dulantha;
      දුලා මචෝ,මාව මතකද?උඹ තාම පුකේ කර ගැටේ ඔපරේට් කරගත්තෙ නැද්ද?NGO එව්වන්ටම දීල නේද ගැට පිට ගැට ආවෙ.තංගල්ලෙ වැඩ කරද්දී ගෙදර තිබුන ලඩ කොම්පීටරේ මාරු කරල අලුත් එක ගෙදර අරන් ඇවිත් පඩ ටෝක් දෙන්නෙ ඒකෙන් අකුරු කොරෝලද බන්.

      Delete
    3. 40,000/= දහ මදියි කියල 65,000/=ඕන කිව්ව එක හරි ගියාද මචං?

      Delete
    4. දුලා,අන්න පේරා වත්ත වටේ කවුද ගොබ්බයෙක් CCTV හයි කරන්න යෝජනා කරල.කෙල්ලෙක් සෙට් කරගන්න බැරි වෙච්ච තොපි සැප ගන්න එවුන් දිහා බලන් ගත්ත "අතේ සැප"නැති වෙන්න යන්නෙ.ඒ වගේ බලු වැඩ කරන එව්වන්ගේ කටේ දාපන්කො බන් බෙටි,

      Delete
    5. උඹට තියෙන විදිහේ මානසික ලෙඩ අපට නෑ. හිතේ අමාරුවට කටට එන ඕන දෙයක් එලියට දාන්නෙ නැතුව වැඩකට ඇති දෙයක් කතා කරපන්.

      Delete
    6. දුලාට ඇත්ත කියද්දී කොච්චර තැන්පත්ද අප්පා!!!!!

      Delete
    7. This comment has been removed by the author.

      Delete
  42. [. කාන්තාවන් වෙනුවෙන් ලියු ළිපියක් බැවින්. විනය ගරුකව හැසිරෙනු ඇතයි උදක්ම බලාපොරොත්තු වෙමි.]

    මාතලන්ටත් වික්ටෝරියානු සදාචාරය ඔලුවට ගහලා වගේ
    ගෑනුන් ඉදිරිපිට විනීතව හැසිරෙන්න ඔ්න නෑ
    මට නම් ගෑනු පිරිමි නපුංසක ඔක්කොම එකයි

    ReplyDelete
    Replies
    1. කුණුහබ්බ අනුමත කිරීම වික්ටෝරියානු සදාචාරයේ කොටසක්ද...?

      Delete
    2. මොනවටද කුනුහරුප කියන්නේ

      Delete
  43. අද ස්ත්‍රි වාදය බටහිර අධිරාජ්ය වාදීන් ආයුධයක් හැටියට පාවිච්චි කරනවා
    බලන්න නොඛෙල් සාම තෑග්ග මුස්ලිම් කෙනෙක්ට දෙනවනම් දෙන්නේ මුස්ලිම් ගෑනියෙක්ටමයි
    ඇයි මුස්ලිම් පිරිමි කලුද

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔයා ඒක නොබෙල් ත්‍යාග කමිටුවට කියලා, ඔයාලට ඉල්ල ගන්නකෝ. මාර චින්තනයක්නේ තියෙන්නේ. ඒයාලත් නොසලකා ඉන්න එකක් නෑ. සලකා බලයි..

      Delete
    2. රූප රාජිනී තාර්ග බලන්න වෙනිසියුලාවතෙ එක්ක ඇමරිකාව ප්‍රශ්න තියන කාලෙ රූප රාජිනිය ඒරටේ.ඉරාක යුද්ධ කාලෙ ඉරාක ගෑනියෙක්,ඉරානෙත් එක්ක ප්‍රශ්න ආවම ඉරාන ගෑනියෙක්.ඊලඟ රූප රැජින සිරියානු ගෑනියෙක් විය හැකියි
      නොබෙල් ත්‍යාගයත් බටහිර ආධිපත්‍යයේ පරබල ලකුනක්

      Delete
    3. ඉතින් ඔයාලා ඒක මෙහේ තියලා. ඔයා කැමති එක්කෙනෙක් රූප රාජිනි කරන්නකෝ. වැඩේ ඉවරයිනේ. සුදුසුකම් වලට දාන්න, උයන්න පිහන්න කැකිවීම, ගේ දොර අතුපතු ගා සුද්ද පවිත්‍ර කිරීම, ගොයම් කැපීම, ගල් වංගෙඩියේ පිටි කෙටීම. කුරහන් ගලේ කුරහන් ඇඹරීම, බාල්දියෙන් වතුර ඇදීම, මිරිස් ගලේ මිරිස් ඇඹරීම.. ඔක්කෝම කරලා රැට මහත්තයා ඉල්ලන දේවල් දීම වගේ ඒවා.. කෙල්ලෝ එයි හෝ ගලා.. ඇමරිකාවෙන් හිටන්...

      Delete
  44. කෙසේ හෝ තම මවට, ආදරය කරන්නා සියළුම කාන්තාවන්ට ආදරය කරන්නෙකි

    dawase kathawa :)

    ReplyDelete
    Replies
    1. මම කිව්වද... අනේ... මට මතක නෑනේ අනේ... හිකිස්...

      Delete
  45. රනිල් මාමා කාන්තාවන් වෙනුවෙන් කමිටුවක් පත් කරා.බලන්නකෝ ඒකෙත් හැටි කාන්තාවක් කාන්තාවන් වෙනුවෙන් එහෙම දෙයක් හරි කරපු එකම මදැයි!

    ReplyDelete
    Replies
    1. එතුමා කොල්ලන්ට ආදරේ කරනවයි කියන අයට කනේ පාරක් නේද දීල තියෙන්නේ.එය විය යුතු දෙයක්.

      Delete
    2. කෙල්ලෙක් කිව්වා. පැත්ත පලාතේ යන්න එපා. අපි ඕවට වග කියන්නෙ නෑ...

      Delete
    3. දැන් ගෑනුත් අයිටම් ඉනේ හයිකරගෙන පොර පස්සෙ එලොනවද දන්නෙ නෑ.උඹ නම් ගෑනුන්ගෙත් ගෑනියෙක් ඔහෙ හිටු කියලා

      Delete
    4. හා හා ස්ත්‍රීවාදී මහත්මයා... භාෂාව.. භාෂාව....

      Delete
  46. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  47. මම දැනුයි ගෙදර ආවෙ දුලන්ත මහතා කීදේ මේ සමහර මහත්වරුන්ට තේරුම් ගන්න බැරිවෙලා.උගත් මහත්වරුනි දුලන්ත කියන්නේ ස්ත්‍රීවාදය බටහිරයන්ගේ අවියක් බවයි.ඒක පැහැදිලි මදිනම් මෙහේ හිතමු.ස්ත්‍රීවාදීන්ට අවශ්‍ය කාන්තාවන්ට යහපතක් කරන්න නොවෙයි .පිරිමින් පරාජය කරන්නයි.සංඛ්‍යාලේකන වල පිරින් මෙච්චරකට මෙච්චරයි කියල ගනන් හදන්නෙ.අද කියන්න දෙයක් නැති නිසා හිංසනය ඇදගෙන දගලනවා.විශ්ව විද්‍යාලවල හැම ෆැකල්ටියකම කාන්තාවන් වැඩියි.හැම උසස් රැකියාවකම කාන්තාවන් වැඩියි.කාන්තා නියෝජනය අඩු දේශපාලනයේ පමනයි.මේ අර්ථයෙන් ගත්හොත් අද පිරිමියා තාප්පෙටම හේත්තුකරලා.නන්දිකඩල් කලපුවෙ කොටු වුන කොටි රැල වගේ
    ඉතින් මාධ්‍ය වල තොරතොන්චියක් නැතිවම කාන්තා හිංසනය.මේ ස්ත්‍රීවාදීන්ට පිරිමින්ගෙ ලේ බොන කන් ඉවසිල්ලක් නෑ. එච්චරයි උන්ට අඩු.

    කාන්තාවන් ගෙදර බත් තම්බන්න ඕන කියල කවුරුවත් කියන්නෙ නෑ.හැම ප්‍රශ්නෙකදිම පිරිමින්ට වරද පටවන එක වැරදියි.ඒ වාගෙම හැම ප්‍රශ්නෙකටම මුල පිරිමියා කියන ස්ත්‍රීවාදී මතය වැරදියි.

    යම් කාර්යයක් පිරිමින්ට කරන්න පුලුවන් ලිංග සමානාත්මතාව 50% කරන්න කියල බලහත්කාරෙන් කාන්තාවන් ඒවට යොමු කිරීම වැරදියි

    ස්ත්‍රීවාදය ප්‍රචාරය කරන්න විශාල මුදලක් බටහිර රටවලින් එවන්නෙ ඇයි?
    කිසිම ප්‍රතිලාභයක් නොලබා බටහිර ගැතිකම නිසාම ස්ත්‍රීවාදයට් පක්ශ ය ඉන්න පුලුවන්.නමුත් අපි හිතනවාට වඩා විශාල මුදලක් මේ ක්ශෙත්‍රයෙ සංසරනය වෙනවා

    ස්ත්‍රීවාදය ප්‍රචාරය කරන ප්‍රධාන පෙලේ පුද්ගලයන් මට හමුවුනාම ඔවුන් මෙහෙම කියනවා .උපක්‍රමශීලී වෙන්න ඕනලු ස්ත්‍රී පුරුෂ සමාජ්භාවය සම්බන්ද වැඩ වලදි.උදාහරනයක් කියන්නම්.පරිසර වැඩමුලුවක් තියන කොට කියන්නෙ අම්මා වැඩට යයි තාත්තා බත් උයයි කියල .මෙතන පරිසරය ගැන කතාවක් නෑ.මේ අය ට අවශ්ය ස්ත්‍රීවාදයයි.පරිසර සාමය කිය කිය මොනවා කලත් ඇතුලෙන් ස්ත්‍රීවාදයලු.ඇයි මේ වාගෙ උපක්‍රමශීලී හොර වැඩ කරන්නෙ

    කාන්තාවන් රැකියා කිරීමේ කිසි වරදක් නෑ කියල අපි කොච්චර කිව්වත් මේ අය අපිට ස්ත්‍රීභීතිකාවක් ඇතැයි පවසන කොටම මොනවා හරි මේ අය හංගන්න හදන බව පේනවා.අපි පැහදිලිව කියනවානෙ කාන්තාවන් රැකියා කරනවාට අපි කැමතියි හැබැයි ඒවා කාන්තාවන්ට ගැලපෙන ඒවා වියයුතුයි කියලා

    හැබැයි පැය 24 ම ගෙදරින් කාන්තාව පිට මන් කරන ප්‍රතිපත්තිවලට අපි කැමති නෑ.
    ජෙනී මුරේල,ජෙසී බර්නාඩ්ල නම් වශයෙන් දන්නෙ නැතිව ඇති.ඒ අය විතරයැ.එන් ජී ඕ එකේ පඩි ගෙවන සරප් නෝනව දැක්කට ඒ සල්ලි එවන සුද්ද දැකල නෑනෙ.ජෙසීල ජෙනීල හදන ප්‍රතිපත්ති තමයි බලහත්කාරෙන් අපිට ගිල්ලනෙ

    දැන් ඊලගට කරන චෝදනාවකට මම උත්තර දෙනවා.අපි බටහිරට බැන බැන ඉන්ටනෙට් පාවිච්චි කරනවා ඒක වැරදිද?

    මේ උත්තරේ ඔය ප්‍රශ්නෙට මීට ඉස්සර කවුරුත් දීල නෑ.මම අද දෙනවා නියම උත්තරේ.අපි මේ තාක්ෂනය ගන්නේ වන්දියක් විදියට.බලහත්කාරෙන් මතවාද ගිල්ලනවට වන්දියක් මේක.

    ReplyDelete
    Replies
    1. ගරු ස්ත්‍රීවාදියා මහතානනි. ඔබට වැළඳි ඇත්තේ, ගයිනෝෆෝභියා නැමති භීතිකාවයි. මේ සඳහා බෙහෙත් මෙතෙක් සොයාගෙන නොමැති අතර, වෙනත් ප්‍රතිකාර ක්‍රම ඇත. කරුණාකර මේ ළිපිය කියවන්න. මා වරදවා වටහා නොගන්නා මෙන් ඉල්ලමි.

      http://www.psychforums.com/social-phobia/topic55971.html

      Delete
    2. මතලන් , ඔබ ක්යන දේ මෙතන ප්‍රශ්නයට පිලිතුරක් නෙවෙයි.

      Delete
    3. දැන් මොකක්ද දුලන්ත මහත්මයා ඔබේ ප්‍රශ්ණය. මට නිදිත් මතයි..

      Delete
  48. ලංකාවෙ කාන්තාව ගැන ලියවුණ වටිනාම ලිපියක් අද දවසේ මගේ ඇහැ ගැටුණ... මාතලන් අයියට ස්තුතියි.

    අපි දෙගොල්ලම අත් අල්ලන් ජීවිතේ ඉස්සරහට යන්න ඕන.. එතකොටයි ලෝකෙ ලස්සන වෙන්නෙ... දෙපාර්ශවය අතරෙ ආදරයයි, තේරුම් ගැනීමයි, එකිනෙකාට ගෞරවයයි තියේ නම් අනිත් ප්ර්ශ්න ඉබේම විසදෙයි...

    බෙදීම් ඕන හැටියෙ ලෝකෙ පුරාම තියෙනවනේ... ආයෙම ගැහැණු පිරිමි කියල බෙදීමකුත් මොකටද?

    ReplyDelete
    Replies
    1. එකිනෙකාට ගෞරවයක් නැත්නම් එතන බැඳීමක් නෑ. මේ අය කිසි කෙනෙක්ට තේරෙන්නෙ නෑ ලංකාව ජීවත්වෙන්නේ, පවතින්නේ කාන්තාව නිසා කියලා, මහ ලොකු දෙයක් කියලා නෑනේ. ඔවුන්ට ගරු කරන්න පමණයි කියලා තියෙන්නේ..

      Delete
  49. යමෙක් පිරිමියෙක් වෙන්නනම් මොකක් හරි වාදයක් තියෙන්න ඔ්න ජාති වාදය ආගම් වාදය බැරිමනම් කුල වාදය හරි
    ගෑනියෙක්ට තියෙන්නේ පවුල් වාදය විතරයි
    කවුරු හරි කියනවනම් සිංහල දෙමල මුස්ලිම් අපි ඔක් කොම එක සමානයි කියලා උA නපුංසකයෙක්

    ReplyDelete
    Replies
    1. එතකොට ඔයා මොන කුලකයටද අයත් වන්නේ මහත්මයා...

      Delete
    2. ජාති වාදියෙක් ඒ වගේම බුද්ධාගමට කඩේයන කෙනෙක්
      උඹ මොකෙක්ද

      Delete
    3. ඇත්තද මහත්මයා මාත් ජාතිවාදියෙක්.. මනුෂ්‍යයා කියන ජාතියේ.. මා ඔය උපාසක මහතාට වඩා පිරිසිඳු නියම බුද්ධාගම පිලිපදිනා මනුෂ්‍යයෙක්.. සෙත්වේවා....!!! බුදු සරණයි මහත්මයාට...!!!

      බුද්ධාගමට කඩේ යන්න එපා.. පන්සල් යන්න පින්වත....

      Delete
  50. @ Kenji@japan
    // දුලා මචෝ,මාව මතකද?උඹ තාම පුකේ කර ගැටේ ඔපරේට් කරගත්තෙ නැද්ද?NGO එව්වන්ටම දීල නේද ගැට පිට ගැට ආවෙ.තංගල්ලෙ වැඩ කරද්දී ගෙදර තිබුන ලඩ කොම්පීටරේ මාරු කරල අලුත් එක ගෙදර අරන් ඇවිත් පඩ ටෝක් දෙන්නෙ ඒකෙන් අකුරු කොරෝලද බන්.//

    එක එකාට පුකදීලා කරගැට හදාගන්නේ උඹල වගේ පොන්න යක්කු. උඹට ඕනනම් ඒ වැඩේ කරහැකි. මොකදා බටහිර ස්ත්‍රීවාදී ගෑනුත් උඹල වගේ අයට කැමතියි. කරුනාකරල මම දාපු comment වලට උත්තර දෙන්න තර්කයක් නැත්නම් අතාර්කික බොරු බයිල ගහන්නේ නැතුව උඹේ වැඩක් බලාගෙන හිටපන්. උඹ හිතන්න එපා කුනුහරප දන්න උඹ විතරයි කියලා.

    ReplyDelete
    Replies
    1. දැන් ඔය ස්ත්‍රීවාදින් කුණුහබ්බත් දන්නවද... මම හිතුවා වැදගත් මහත්වරුන් පිරිසක් කියලා...

      Delete
  51. හිරුලා ලිහිණිලා ප්‍රමුදිලා කියන විදියට ඔවුන් සියලුම ගෘහ වගකීම් දරුවන්ගෙ කටයුතු ප්‍රතික්ෂේප කරනවා.ඒවා නූතන ස්ත්‍රීවාදී කාන්තාවන්ට නොගැලපෙන බව කියමින්.ස්ත්‍රීවාදයට එරෙහි බිම් මට්ටමේ ව්‍යාපාරයක අවශ්‍යතාවයයි මේ අය අවධාරනය කරන්නේ

    ReplyDelete
    Replies
    1. බලාගෙන බිම් මට්ටමට යන්නේ මහත්තයෝ. ඉලපත් අරවා මේවා නැති නිසා. පොලිෂර් වලින් තමයි කන්න වෙන්නේ...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අනේ ස්ත්‍රීවාදය මට ඉස්සරලම කියපන්කො ඔයාගේ ගෑනි ඔයාව ඔය කියන විදිහට කුස්සියට කොටු කරලද තියාගෙන ඉන්නේ..?? එකද මේ තරමට ගෑනුත් එක්ක වෛරයෙන් ඉන්නේ..??
      ඔයා ඔය කිව්ව කතාවට නම් මට කියන්න තියෙන්නේ අපේ අම්මලා තාත්තලා අපිට නිදහසේ හිතන්න විතරක් නෙවේ අපෙන් වෙනං ඕනි යුතුකම් වගකීම් මොනාද කියලත් උගන්නලා තියෙන්නේ.
      ඒ නිසා මගේ බඩින් ළමයි වදන එක ගැනයි,උන්ව බලාගන්න එක ගැනයි,ගෘහ කටයුතු ගැනයි,අනිත් කරන එව්වා මේවව ගැනයි මායි මගේ වෙන්ට මනුස්සයයි බලාගන්නම්.ඔයාලා ඒවාට හොට නොදා ඉන්න.
      මීට වඩා දෙයක් කියන්න නෑ ඔයාට.බායි වේවා හොඳේ..!!

      Delete
  52. @ළිහිණි
    උඹල වගේ බටහිර කාන්තාවාදය ඔලුවේ දාගත්ත කාලකන්ණි ගෑනුන්ට උයන පිහන එක කරදරයක් උනාට රටේ ගෑනු වැඩිදෙනෙක් එහෙම හිතන්නේ නෑ. උඹලගෙ අම්මටනම් ඇත්තටම වැරදිලා තමයි උඹ වගේ ගෑනියෙක්ව හදලා තියෙන්නේ. රස්සාවල් කරනවයි කියන ගෑනු තියා සමහර පිරිමිවත් රටට හරිහමන් ප්‍රයෝජනවත් දෙයක් කරන්නෙ නෑ. උයන්න පිහන්න දන්න, ඒ වගේම ගෘහ කර්මාන්තයක් කරන්න දන්න ඒකාලේ හිටපු ආච්චිඅම්මලත් උඹලවගේ බොරුවට රස්සවේ පුරාජේරුව ගහන ගෑනුන්ට වගේම රටට කිසිම ප්‍රයෝජනවත් වැඩක් නොකර ලොකු පඩි ගන්න ගොන් පිරිමින්ටත් වැඩිය ලොකු වැඩකොටසක් රට වෙනුවෙන් කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කෙල්ලෝ ටික දැනගත්තා ඔයාලා කියන ඒවා කරන්න ගියොත් එයාලට සන්තානම් මෑනියන්ගේ පිහිට තමා කියලා... ඒකයි මේ මම උත්තර බඳින්නේ...

      Delete
    2. මේ මිනිහෝ, අපිත් ජුණු හරුප දන්නවා. ඒත් උබ වගේ පිස්සෙක්ට කුණු හරුපයක් කියන එකත් අපරාදයක්. උබට අමු විතරක් නෙමේ ගූත් කැවිලා. ඒකනෙ මේ ඌරෙක් වගේ දඟලන්නෙ. අපි ගෙවල්ව උයන්නෙ නැත්තම් උඹලගෙ අම්මද අපිට බත් එවන්නේ ? නැත්තම් උඹේ සූචව කීකරු කුස්සිය මුල්ලෙ ඉන්න ගෑණිද ?

      අපි කොතනකවත් කියලා තියෙනවද බත් තම්බන්න බෑ කියලා ? නොදකින්. ඒකවත් තේරෙන්නෙ නෑ. අපි කියන්නෙ අපේ නිදහස ගැන විතරයි. ගැහැණියක් හැටියට ජීවත් වෙන නිදහස. එහෙම නැත්තම් ළමයි හදන්න බෑ කියන එකවත්..උයන්න බෑ කියන එකවත් නෙමේ.ඒක තේරෙන්නෙ නැති උඹේ මොලෙ දාපන් ඇළේ ..ලංකාවේ ජීවත් වෙලා යුරෝපයේ කුණු ඔළුවේ පුරෝගෙන කෑ ගහන උඹලා වගේ නෙමේ. අපිට අපෙ අම්මලා කියලා දුන්න හොඳ නරක තියෙනවා. යුතුකම් තියෙනවා. ඒවා කරන්න උඹලා වගේ අයගෙන් උපදෙස් අවශ්‍ය නෑ. උයන්න පිහන්න, ගේ දොර බලාගන්න, වගේම ඉස්සරහට කසාද බැදලා ළමයි දෙතුන් දෙනෙක් හදන්නත් අපිට පුළුවන්. ඒක උඹේ වචන හන්දා නෙමේ. ඒ අපේ ගැහැණු ජීවිතය හන්දා. අපි බලාපොරොත්තුවෙන හන්ද.

      (උඹට මෙහෙම කතා කරන්නෙ උඹ පිස්සෙක් හන්ද.)

      Delete
    3. අපි නොදන්න...කවදාවත් අහලත් නැති " බටහිර කාන්තාවාදයක් " උඹලයි අපේ ඔළුවලට දමන්න හදන්නෙ. වෙන කවුරුත් නෙමේ.

      Delete
    4. මම කිව්වනේ මේ මහත්වරුන්ට, ඉලපත් පාර තමයි කන්න වෙන්නේ කියලා.

      Delete
    5. මේ විදිහට ගෑණුන්ට කතා කරන එකෙන්ම තේරෙනවා ඔයාලගේ ගෙවල්වල ගෑණුන්ට තියන තත්වය... මම අර ඉස්සෙල්ල කියපු ආත්මාර්ථකාමී මිනිස්සුවත් ඔය වගේ කතා කරනවා මම අහල නෑ.. අනික මම ගොඩාක් පින් දෙනවා දෙවියන්ට මට මේවගේ මිනිස්සු මට ගැටෙන සමාජයේ ඇසුරට ලැබිල නැති එක ගැන. මෙහෙමද ඔයාල තමංගේ අයටත් කතා කරන්නේ? නෑ නේද? හැම ගැහැණියක්ම තමංගේ කවුරුවත් කියල නොහිතුවට කමක් නෑ අඩුම තරමින් මනුස්සකමින් ගරු කරල කතා කරන්නවත් ඉගෙනගන්න...

      Delete
    6. ඔබලා කලබල විය යුතු නෑ... මේ ගැමෝෆෝබියා නම් භීතීකාවෙන් පෙලෙනා රෝගීන් පිරිසක්..

      Delete
  53. @ස්ත්‍රීවාදය
    මේවගේ ස්ත්‍රීවාදය අනුගමනය කරන කාලකන්ණි ගෑනු වැඩි වශයෙන් ඉන්නේ අපේ සිංහල ජාතියේ. අපේ ජාතියට වැදිල තියන ලොකුම හෙනේ මේකයි. මේවා මේ විදිහට වෙද්දි අපේ රටයි ජාතියයි මුස්ලිම් වියාප්තවාදයට ගොදුරු වෙන එක පුදුමයක් නෙවෙයි. ඇත්තටම මුස්ලිමුන්ට අමුතුවෙන් වියාප්තවාදය ගෙනියන්න ඕන නෑ. මේ ගෑනු ටික අපේ සමාජයේ ස්ත්‍රී පුරුෂ වයිරයක් ඇතිකරවලා සිංහලයගේ ජනගහන වර්ධනය අඩු කරල ඉවරයි. සිංහල ජාතිමාමකයින් මොකක් කිවුවත් ජාතියට විනකරන්නේ අපේ ජාතියේම ඉන්න ස්ත්‍රීවාදය අනුගමනය කරන ගෑනු.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔයාලත් හතර දෙනා වෙනුවට 10-20 කසාද බැඳගෙන, ඔය කුඹුරක් වපුරගෙන, රා ටිකක් බීලා. නිකං විනෝදාංශයක් විදියට ළමයි හදන එක කරන්නකෝ. ඒ කරලත් ඉතිරි තියෙනවනම් අපිටත් කීයක් හරි දෙන්න ඉන්න එකා දෙන්නටත් කන්න දීලා අපි බඩගින්නේ ඉන්නේ මේ දවස්වල..

      Delete
  54. @මාතලන්
    //එකිනෙකාට ගෞරවයක් නැත්නම් එතන බැඳීමක් නෑ. මේ අය කිසි කෙනෙක්ට තේරෙන්නෙ නෑ ලංකාව ජීවත්වෙන්නේ, පවතින්නේ කාන්තාව නිසා කියලා, මහ ලොකු දෙයක් කියලා නෑනේ. ඔවුන්ට ගරු කරන්න පමණයි කියලා තියෙන්නේ..//

    කාන්තාවන්ට ගරුකරනවා කියන්නේ ස්ත්‍රීත්වය හරියට පිලිගන්න එකයි, කාන්තාවන්ට පිරිමි ක්‍රියාකාරකම් වලට සමාන්තරගතව ඒ සමග එකට අනුගත වෙමින් ඒහා ගැලපෙන ස්ත්‍රී ක්‍රියාකාරකම් පද්දතියක් ගොඩනගාගැනීමේ හැකියාව අගය කොට සැලකීමයි මිස තමන්ට පිරිමි ලිංගයක් තියෙනව කියල හිතාගෙන පිරිමින් කරන සේරම කරන්න යන උන්මත්තක ගෑනුන්ට ආවඩන එකයි ඔවුන්ට දණ්ඩ නමස්කාර කරන එකයි නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. මහත්මයගේ භාෂාව අවුට් වේගන එන ගතියක් පෙනේ.. අනේ සත්තරන් මහත්තයෝ ඔයා හොයන ජාතියේ කාන්තාවෝ එහෙම නැත්නම් ගෑණු ඕනතරම් ඉන්නවා. මැරුවත් හූම් කියන්නෙ නැති. ඔයාලා ඒ අයට පනිවිඩේ ගෙනිච්චනම් හරි.. මේ ඉන්ටනෙට් එකේ ඉන්නේ නෝටී ඇමරිකා බලන කෙල්ලෝ...

      Delete
  55. සමා වෙන්න. පොඩි විහිළුමය දර්ශනයක්. සිනහ වීමට නොවේ. යමක් අවබෝද කරවීම පිණිසයි.

    http://www.facebook.com/photo.php?v=261079724026210&set=vb.100003725540741&type=2&theater

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න