.

.

Apr 28, 2013

ගේල්ට ආච්චි වැහීම - Gayle, The Superman


මේ ළෝකේ හාස්කම් ඇති බව, බොහෝ දෙනෙක් විශ්වාස කොරන්නේ නැතිය. ඒත් එහෙම එව්වා ඇති බව සැමාත් පිලිගෙන ඇත. විශබීජ යන නිසා, අළුත්කඩේ පැත්ත පලාතේ එන්න බැරියැයි කියපු, දුමින්ද සිල්වා, කොළොන්නාවේ කුණු කන්ද පැත්තේ කුඩ්ඩෝ ගේන මල් මාලා දාගෙන යන්නේ එහෙම හාස්කම් තියෙන නිසාය. ඒත් ඉතින් ඒකට කීර්ති වර්ණකුලසූරිය වගේ ගුරාලාත්, අළුත්කඩේ වගේ දේවාලත් තියෙන්නම ඔනෑය. සචින් තෙන්දුල්කාර්ට ආච්චි වැහෙන එක ගැන, "සාමි" කෙනෙක් කිව්වේ, සචින් බැට් කරන වෙලාවට එයා සචින්ට ආවේස වෙන බවය, ආවේස වෙනවා කියන්නේත් වැහෙන එකටමය. එහෙම ආවේස වෙන අයත්, ආවේස උන් සනීප කොරන ගුරාලත්, අද ළෝකයේ ඕනෑ තරම් ඇත. අපේ නැන්දා කෙනෙක්ටද අපේ ආච්චි ආවේස වෙලා මල ගිනි විජ්ජුම්බරයක්ම උනේය.

තොවිල් නටන්න ආපු සෙට් එකේ එකෙක්ම, වත්තේ කොඩිවිනේ වලලනවා අපේ අතටම අහු උන නිසා. යකදුරාට, අපේ මාමා, බතින් බුලතින් නොව, අතින් පයින් සංග්‍රහ කොරන්නට යෙදුනු නිසා, යකදුරාට කරාපිටියේ දවස් දෙකක් තුනක් ඇඳක් උඩට වී මතුර මතුර ඉන්නට සිඳුවුනාය. අන්තීමේදි, නැන්දා සනීප කොළේ හරිස්චන්ද්‍ර මහත්තයාය. අද හරිස්චන්ද්‍ර මහත්තයාත්, නැන්දාත්, අපිට නෑ කමකුත් තිබු ගුරාත්, මේ ළෝකෙන් චුත වෙලාය. එයාලා ගියපු දිහාවකත්, පට්ට ආතල් ගන්නවාදෝයි නැතිදැයි මට නම් හරියටම කියන්නට දන්නේ නැතිය.

ඩෙස්මන් හේන්ස්
ගේල් නම් කිව්වේ, එයා කොහේද දේවාලෙකට ගියාම අමුත් ශක්තියක් ආවා වගේ දැනුනා කියාය. දුර්ගා දේවී තියා මොකා හෝ වේවා, ගේල්ට ගේල්ගේ ආච්චි විතරක් නොව අපේ ආච්චිලත් වැහුනාය. කස්ටිය අහන්නෙ බ්ලොග් ලියන්නේ නැත්තේ මොකෑ කියාය. මට අහන්න තියෙන්නේ මේවා බලන කොට බ්ලොග් ලියන්න වෙලාවක් තියෙන්නේ කොහේද කියාය. එකෙක් බෝඩ් එකක ලියා තිබුනේ ෆීල්ඩර්ස් = ස්පෙක්ටේටර්ස් සහ ස්පෙක්ටේටර්ස් = ෆීල්ඩර්ස් කියාය. තව එකෙක් ලියා තිබුනේ බෙන් ගේල් ලෝරූ කියාය (Ben "Gayle" Loru). ගවස්කාර් කිව්වේ ඒක ලියපු එකාටත් සුපිරි තෑග්ගක් දෙන්නම ඕන කියාය. හයේ ඒවා 17 ක්ම නෙලුවේය. ඊළඟට වැඩිම හයේ ඒවා ගහපු එකා ගහලා තියෙන්නේ, ඔක්කෝම මැච් වල හයේ ඒවා 17 යිය. ඔක්කෝටම වඩා වටින්නේ, නොටාවුට් වෙලා උන්න එකය. මට නම් ඒක සුපිරිම ඉනිමක්ය, ගේල් කැඩුවේ, බ්‍රෙන්ඩන් මැකලම් පළමු අයි පී ඇල් එකේ තියපු 158 වාර්ථාවය.ඒ කාළේ ක්‍රිකට් වල දෙවිවරු වෙලා උන්නේ බටහිර ඉන්දීය කොදෙව්වෝය. ගහන ගහන මැච් දිනනවාය. ක්ලයිව් ලොයිඩ්, විවියන් රිචඩ්ස්, රිචී රිචඩ්සන් ඔක්කෝම අතරේ මගේ ෆේවරිට් උනේ ඩෙස්මන් හේන්ස්ය. මොකෝ බින්දුවට අඩු උනත් චුවිං ගම් එක හප හපා හිනාවෙවි යන නිසාය.

කර්ට්ලි  ඇම්බ්‍රොස්
බෝලර්ස්ලාත් එහෙමය, ජොයෙල් ගානර්, මැල්කම් මාෂල්, මයිකල් හෝල්ඩින්ග්ස්, කොට්නි වොෂ් වගේම මගේ ප්‍රියතමයා වූයේ කර්ට්ලි  ඇම්බ්‍රොස්ය. පට්ට විකට් කීපර් කෙනෙකුත් උන්නේය. ඒ ජෙෆ්‍රි ඩූජෝන්ය. අදටත් ඒ වගේ එකෙක් නම් දැකලාම නැත්තේය. ඒ කාළේ මේ ඔක්කෝටම ආච්චි වැහෙනවා උනාට. විවියන් රිචඩ්ස්ලා ගේම් එකෙන් ගියපු කාළේ පටන් කස්ටියට ආච්චි වැහෙන එක අඩු උනේය. ඉඳ හිට බ්‍රයන් ලාරාට ආච්චිලා දෙන්නාම වැහී ළෝක වර්ථා තිබ්බද, ආච්චි තියා ගෙදර උන්න බල්ලාවත් වැහෙන්නේ නැති තැනකට පත් උනේය.

එහෙම උන්න කොදෙව්වන්ට දැන්නම් සුපිරිම කලක් ලබලා තියෙනවාය. ටී 20 ළෝක ශූරතාවත් අපෙන් උදුරාගෙන ගියේ මාර්ලන් සැමුවෙල්ස්ට ආච්චි වැහුන නිසාය. ඒ 1979 ශූරතාවයක් දිනා ගත්තායින් පසු කොදෙව්වෝ දිනපු මුල්ම සම්මානයය. දැන් නම් අයි පී ඇල් එකෙත් සුපිරි වීරයන් වෙලා ඉන්නේ කොදෙව්වෝය. ගේල්ට විතරක් නොවේය. උන්ගේ ඔක්කෝටම වගේ ආච්චිලා වැහිලාය. ඇත්තම කිව්වොත් මේ ආච්චි වැහිලි කතා  බොරුය. මේ මුන්ගේ ටැලන්ට් එකය. අපේ නමවත් බේරගෙන ඉන්නේ පරණ සෙට් එක නිසා නොව. තිසර, මාලිංග හා සචිත්‍රයා නිසාය. පරණ අය බංකුවේවත් පේන්න නැත. මහේල ගොයියා ගහන ගහන එක පරදිනවාය.
ජෙෆ්‍රි ඩූජෝන්

කෙනෙක් කියා තිබුනේ ගේල් ගහන්නේ පොල් අඩි කියාය. අද තියා, එදා උනත් පොතේ ක්‍රිකට් ගහන උන් කොහොමත් අතේ ඇඟිල ගනනට වඩා අඩුය. ලංකාවේත් උන්නේ රෝයි ඩයස්, මාවන්, මහේල හා සංගා පමණය. අනික් උන් ගහන්නේ උන්ගේ ෂොට්ය. ඩිලා නම් තමන්ගේ නමින්ම ෂොට් එකක් එස්ටැබ්ලිෂ් කොරලා හමාරය. කවදත් වගේ ටී 20 ත් හඳුන්වලා දුන්නේ ඔස්ට්‍රේලියාවය. (මෙය එංගලන්තය ලෙස වෙනස් විය යුතුය. ස්තූතියි! අසරණයා..)ඒත් ටී 20 නැගලා යන්නේ ඉන්දියාවේය. අද ඉන්දියාවේ ච්‍රිත්‍රපටි කර්මාණ්තයත් පරදා මුදල් උපයන තත්වයට ක්‍රිකට් පත්වෙලා හමාරය. ඒය අපි ආදරය කරන ක්‍රිකට් වලට හොඳය.

අළුත් දෙයක් කරනා කෙනා හැමදාම ළොව ජයගන්නේය. පොතේ තිබුන විදියට ක්‍රිකට් ගැහුවානම්, මුරලිගේ දුස්‍රා, මාලිංගගේ ස්ලිංගා, මෙන්ඩියාගේ කැරම් බෝල් වගේම ඩිලාගේ ඩිල්ස්කූප් එන්නේත් නැත. ඉස්සර බෝලර් කෙනෙක් දාපු බෝල හයම් එක විදියය. ඒත් බැට්ස්මන්ලාට ගහගන්න බැරුව ඇඹරුනේය. අද බෝල හය දාන්නේ හය විදියකටය. ඒත් ඒවාට ලනුව උඩින් යන්න නෙලන්න පුළුවන් උන් අපේ රටේ ඉන්නේ තිසරයා පමණක් උනාට අයි පී ඇල් එකේ නම් වැහි වැහැලා ඉන්නවාය. මම නම් මේ වෙනසට කැමතිය.

අපේ උන් ක්‍රිකට් එපා කරලා තිබුනත්, ටුවෙන්ටි ටුවෙන්ටි නිසා ආයෙත් ක්‍රිකට් බලන්නම හිතෙනවාය. ඒ ක්‍රිස් ගේල්ලා වගේ අය නිසාය.ක්‍රිස් ගේල් විතරක් නොව, ඩ්වේන් බ්‍රාවෝ, ඩැරන් සමී, කිරන් පොලාඩ්, ඩ්වේන් ස්මිත් බෝලේ පැලෙන්නම දෙනවාය. සුනිල් නාරායන් අපේ සචිත්‍රත් එක්ක පොරි හැලෙන්නම බෝල් කරනවාය. මේ ඔක්කෝම ට්‍රැඩිෂනල් ගහන අය නෙමේය. කස්ටියම පිත්ත අල්ලන්නේ මිටේ උඩ කෙලවරින්ය. ක්‍රීස් එකේම ඉන්නේ නැත. එහෙට මෙහෙට පනිනවාය. ඉස්සරහට එනවාය. ලනුව උඩින් අරිනවාය, ලනුව යටින් අරිනවාය. ක්‍රිස් ගේල්ගේ 175 වගේම, ඊයේ මාලිංගයා ගේල්ට යවපු ඕවරයත් මට අර තරම්ම වටිනවාය. මේ මොනවා තිබුනත්, ප්‍රේක්ෂකයෝ නැති තැනක ගැහුවානම්, මෙළෝ රහක් නැතිය. පිස්සු හැදෙන කෑලි එක්ක ක්‍රිකට් දන්න ප්‍රේක්ෂකයෝත් සිටිනවාය. ඒ මදිවාට චියර් ලීඩර්ලා ටික දැක්කාම ක්‍රිකටුත් අමතක අමතක වෙලා මල්ලි පිස්සු කෙලිනවාය. මේ ඔක්කෝම මැද්දේ අපේ උන්ටත් ආච්චි වැහේවා කියා, ඉත සිතින් පතනවාය. ආසියාවේ ආශ්චර්යයේ කොල්ලෝ, බල්ලෝ වගේ බංකුවේ ඉන්න ඕනා නැතිය. හාස්කමක් හෝ සිද්දවී, ජාමත් බේරාගෙන, ලක් මාතවගේ රෙද්ද ගලවගන්නේ නැතුව ආවොත්, ජයලලිතාට කින්ඩියක් දමා "කෝ ඔහේ අපිට කොලාද...? නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න...." කියා අහන්න ඇහැක් වෙනවාය.

73 comments:

  1. පවිත්‍රාදේවි ටත් ආච්චි වැහිල තමයි දිගට හරහට කෙලියෙ මං හිතන්නේ.
    දැන් ඉතිං කට්ටිය ආච්චිට හාල් ගරයි.

    ReplyDelete
    Replies
    1. පවිත්‍රාදේවී කියන්නේ ගිගාවොට්ස් මෙගාවොට්ස්වත් දන්නෙ නැති එළදෙනක්. ඒ වගේ උන් ඇමතිවරු කලාම ඔහොම තමා. ලියලා දෙන දේ ඇවිත් කියවනවා. කියවන්නේ මොකක්ද කියලවත් දන්නෙ නෑ. මාළු මාකට් එකේ ඉන්න ඕන ගෑණු පාර්ලිමේන්තු එවන උන්ට පින් දෙන්න ඕන.

      Delete
  2. ආ පස්සේ මතක් උනේ. ජේආර්ලොක්ක ගේ කාලේ අපි කොදෙව්වෝ පරද්දල ඒකට සංතොසේට දවසක් නිවාඩු දුන්නලු රටට ම නේද?

    ReplyDelete
    Replies
    1. J R නිවාඩු දීලා තියෙන්නෙ කොදෙව්වො පරාද කලාට නොවෙයි, කපිල්දේව්ගෙ නායකත්වයෙන් අාපු ඉන්දියන් ටීම් ඒක පරාද කරලා පලමු ටෙස්ට් ජයග්‍රහනය ලබා ගත් නිසා. ඒදා කපිල්දේව් කිව්වලු උඹලා ලංකාවෙදි දින්නට පිට රටකදී ලවදාවත් දිනන්න බැහැ කියල. නමුත් අවුරුද්දක් යන්නත් කලින් නිව්සීලන්ඩ් වලදී අපේ ඒවුන් විදෙස් ජයග්‍රහනයත් ලබාගත්තලු.

      Delete
    2. උත්තරේ කීර්ති දීලා තියෙනවා නේද?

      Delete
    3. මට මතක හැටියට නිවාඩුව දුන්නේ 1986 දි පාකිස්තානය අවසාන තරඟෙදි පරාද කරලා අපි ආසියානු කුසලානය දිනපු එකට.

      කපිල් දේව් ඕක කිව්වෙ 1985දි අපි පළමු වෙනි ටෙස්ට් ජයග්‍රහණය ලැබුවට පස්සෙ.

      පළවෙනි විදෙස් ජයග්‍රහණය 1995 නවසීලන්තය පරාජය කිරීම සිද්ධවුනේ ඊට අවුරුදු 10 පස්සෙ.

      Delete
    4. ජේආර්. සතියක් නිවාඩු දුන්නෙ ඡන්දෙ දින්නට පස්සෙ උසාවි වලටයි බොලවු!

      Delete
  3. අද ගේල් 20 වල ඔහොම ගහලා මෙහෙම පිස්සු වැටුන නම් එදා අපේ සනතා බෝල 40 ගානකින් 1997 ද කොහෙද ගහද්දි කොහොම තියෙන්ඩ ඇත්ද?

    ReplyDelete
    Replies
    1. 1997ක් ? බෝල 40ටම 6 ඒවා ගැහුවත් 1997 ගන්න බෑ හලෝ ... සාමාන්‍ය දැනුම අන්තිමයිනේ

      Delete
    2. හ්ම්, මම හිතන්නේ එලිෂා කියන්නේ වර්ශ 1997 දී සනත් පන්දු 40කින් ශතකයක් රුස්කිරීම ගැන වෙන්න ඔනි(ලකුණු 1997ක් නෙවෙයි).(ඔය සිද්ධිය මටත් මතක නෑ හරියට).හැබැයි මට මතක හැටියට සනත් පන්දු 17කින් අර්ධශතකයක් රැස්කළා, ඒක අදටත් නොබිඳුන ලෝක වාර්තාවක්.

      Delete
    3. සනත් කියන්නෙත් ක්‍රිකට් උඩු යටිකුරු කරපු ක්‍රිඩකයෙක්. එපමණයි. එයා ගැන දැන් කතා කරන්නත් ලැජ්ජයි.

      Delete
  4. //කවදත් වගේ ටී 20 ත් හඳුන්වලා දුන්නේ ඔස්ට්‍රේලියාවය.// මේක වැරදි. ක්‍රිකර්ට් හඳුන්වලා දුන්නේ එංගලන්තය.ටි 20 හඳුන්වල දුන්නෙත් එංගලන්තය.

    ReplyDelete
    Replies
    1. වැරද්ද නිවැරදි කලා. බොහෝම ස්තූතියි. ඒත් ඕන දෙයක් මාකට් කරන්නේ නම් ඔස්ට්‍රේලියන් කාරයෝ තමයි.

      Delete
  5. දැන් අයි.පී. ඇල් බලන්නෑ...ලයිට් බිල වැඩි හින්දා...
    අනේ......ගේ ආච්චිට ...%$&@*^... නෑ එක්කෝ ඕන නෑ.....

    ReplyDelete
    Replies
    1. කොහොම නොබලා ඉන්නද පනේ....

      Delete
  6. ක්‍රිකට් එපා වෙච්ච මට අයෙත් පොඩි ආතල් එකක් අවා තමා බං........

    ReplyDelete
    Replies
    1. මැරෙණකන් ක්‍රිකට් නම් එපා වෙන එකක් නෑ.

      Delete
  7. මං නං ඉස්සර ආසම වැඩක් තමා එංගලන්තෙයි ඕස්ට්‍රේලියාවයි අතරෙ තියෙන අළු බඳුන තරඟ මාලාව බලන එක... ටෙස් මැච් උනාට ඔහේ බලං හිටියැකි. අරුංගේ පොතේ පාරවල් බලන්න තමා මං වැඩියම කැමති... ටෙස් මැච් එහෙක ඉඳ හිට වදින හයේ හතරේ පාරවල් මාර ගති... හැබැයි ලංකාවයි තවත් කවුරු හරියි ඉන්න ටෙස් මැච්නං ඒ තරංම වැඩක් නැහැ... අපේ උන් ඒවත් වන් ඩේ වගේ නෙලනවනේ...

    T20 අනං මනං හින්දා ටෙස් නැති කරලාම දායි කියලයි මට දුක...

    ReplyDelete
    Replies
    1. උඔ දැන් බොන්නෑනේද? :D

      Delete
    2. උබ බය නැතුව ඉඳහං එහෙම වෙන්නේ නෑ :පී

      Delete
    3. ටෙස්ට් නැති වෙනවා පුතා , දැනටත් අර ටෙස්ට් ගහන්න ඕනිම නිසා ගහනවා මිසක් මිනිස්සු බලනවද . එංගලන්තේ ඔස්ට්‍රේලියාවේ ඇරුණාම පැල් බැදෙගෙන ටෙස්ට් බලන අය අඩුයි . උඹට උනත් දවස් 5ම බලන්න බැනේ . ඉතින් දැන්වීමුත් අඩුයි . තව අවුරුදු 10ක්-15 තමයි උපරිම ආයු කාලය ඔය දැන් තියන විදිහට ටෙස්ට් ගහන්න (ජාත්‍යන්තර වශයෙන් )

      Delete
    4. අපේ රට වගේ රටකට ටෙස්ට් ක්‍රිකට් ගැලපෙන්නේ නෑ. කොහොමත් ටෙස්ට් තරඟ අභාවයට යාවි ළඟදීම. විශේෂයෙන් දකුණු ආසියාවේ.

      Delete
  8. අපිට ආච්චිලා ඩබල් වැහිලා,ඔළුවෙ මල් පිපිල තියෙන වෙලේ කිරිකැට් රෙද්දක් කියවනවා.
    අර ඉටිකිරිස් චියලිඩර්ස් කෑලි දැකල මෙයාට පොර මාන්දම හැදිල.

    ReplyDelete
    Replies
    1. එවා දැක්කම පිස්සු නොහැදි තියෙනවද බන්. මම කියන්නේ පූනේ වොරියර්ස්ලගේ සාරි ඇඳන් නටන කෑලි නෙමෙයි. අර සුද්දියෝ....

      Delete
    2. පුනේ වොරියර්ස් ල පරදින්නෙත් ඔය සාරි චියර් ලිඩර්ස්ල නිසාමද කොහෙද :p

      Delete
  9. අබුදස්ස කාලේ නේ මාතලන්.සල්ලි වලට මිනිසුන් මොනවද නොකරන්නේ.ඕවා හදන්න පුළුවන් ඒවා නෙමෙයි.එවා හදනවා කියන්නේ ගල් යුගයකට යාමක්.එක නිසා වෙන දෙයක් බලන් ඉන්නවා ඇරෙන්න මොනවා කරන්නද?හැබැයි තවම ස්වභාවධර්මය විතරක් ඉන්නවා කියන එක අමතක නොකරමු.

    ReplyDelete
    Replies
    1. සොබාදහමත් වෙනස් වෙලා නේද මෙයා. මතක ඇති කාළෙක මෙහෙම් රස්නයක් තිබුනේ නෑ නොවෑ....

      Delete
  10. ක්‍රිකට් ගැන නම් මෙලෝ ආසවක් නෑ... අයි පී එල් එක මැච් එකක්වත් බැලුවෙත් නෑ... ඒත් මේ ගේල් කස්ටියට ග්‍රවුන්ඩ් එක මැද්දෙම බලහත්කාරකමක් කලා කියන එක ජංජාලෙන්වත් හොයාගෙන බලන්න ඕන වෙලාවක... ;)

    ReplyDelete
    Replies
    1. පලවෙනි මැච් එක ගහපු එකෙකුත් හිටියා. ගහනවා කියලා මෙහෙමත් ගහනවද බන්. හරියට මහින්ද මහත්තයා අපිට ගහනවා වගේ නේ බං.....

      Delete
  11. cricket ගැන ලියපු ගොඩක් දේවල් වලට වඩා, සිල්ව මහත්තය ගැන ලිව්ව පොඩි දේ මගෙ හිතේ ලොකු ඉඩක් වෙන් කරගත්තෙ ඇයි

    ReplyDelete
    Replies
    1. බලාගෙන මුළු මෙමරියම රාජසන්තක වෙන්න පුළුවන් ..!

      Delete
    2. අපි සියළු දෙනාම දේශපාළණ සත්වයෝ නිසා....

      Delete
  12. වලත්තයාApril 28, 2013 at 7:18 AM

    හාස්කම් ගැන කිසිවක් නොකියමි.මේ හාස්කම සිදුවන බව කලින් දැන සිටි නිසාවෙනි.එහෙම නොවුනා නම් පුදුමය.....ක්‍රිකට් පට්ටම ආතල්‍ එකකි.කොදෙව්වන් ගේ අතීතය ලෙසටම ලියා තිබේ.ගේල් ගේ ඉනිම සජීවීව නැරඹුවෙමි.මට නම් එය තවමත් සිහිනයකි....

    ReplyDelete
    Replies
    1. හාස්කම සිඳුවන බව නම් මමත් දැන උන්නෙමි....
      අල්ලපු ගුරා නියමය...
      කීර්ති වර්ණකුලසූරිය යනු නම්බර් වන් ගුරෙකි..
      හිරුනිකාට අල්ලන්න තිබුනේ ඔහුවය..
      එහෙනම් වෙන කතාවක් කියනවාය....

      Delete

  13. ගැහුව ගැහිල්ලනම් ලොවෙත් නැත...සුපිරිය!!
    කෝම වුනත් මේ දවස්වල හාස්කම් ගැන හැමතැනම කතාව.... :D

    ReplyDelete
    Replies
    1. ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත....

      Delete
  14. ඊරිශියාවේ බැහැ! මම ක්‍රිකට් වලට ගොඩක් කැමතියි ඒ අතරින් ලංකාවේ උන් ටික කැපී පේනවා නම් ගොඩක්ම කැමතියි ඒත් මේ යන විදියට පට්ට ඊරිශියාවක් හිතෙන්නේ ගහන උන් ගැන.

    අනේ අපේ උන් කවදා ගහයිද ඔය වගේ ගැහිලි?

    ReplyDelete
    Replies
    1. යථා කාලයේදී -ලඟදීම බං

      Delete
    2. අපේ ක්‍රිඩකයෝ ගහන්නෙ නැති උනාට ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න උන් ගහන ගැහිලි, ගෙල්ට තියා, ගේල්ගේ ආච්චිටවත් ගහන්නට බැරිය...

      Delete
    3. මාතලන්, පෝස්ට් එක තරම්ම වටින රිප්ලයි එකක් ඇ

      Delete
  15. මාතලන්ට මතකද ඒ කාලේ කොදෙව්වෝ හෙල්මට් දාන්නෙ ම නෑ. හැට් එක දාගෙනත් රිචි රිචඩ්සන් බැට් කරනවා මම දැකලා තියෙනවා....

    මමත් හිතාගෙන හිටියේ ටී20 පටන් ගත්තෙ ඔස්ටේලියාව කියලා. කොහොම වුනත් ටුවෙන්ටි මැච් කරලියට එන්න කලින් ඔසී වල ටුවෙන්ටි මැච් තිබ්බා. මට මතක හැටියට එක නිතියක් තිබ්බා 50 ගැහුවම පොර අයින් වෙන්න ඕනේ.... කස්ටිය අවුට් වුනොත් විතරක් ආයිම ආවැකි...

    ලංකාවේ උන් නැත්තම් හිතේ කහටක් නැතුව චියර් කරන්න පුලුවන් ටීම් වලින් මටත් ඉන්නෙ ඔය කල්ලෝ සෙට් එක තමා.

    හාස්කම් ගැන නං කතා කරන්න දෙයක් නෑනේ.... අපිට තියෙන්නෙ හාස්කම් දිහා හාස් හාස් ගගා බලා ඉන්න විතරයි.

    ReplyDelete
    Replies
    1. හෙල්මට් ආවයින් පස්සේ සමහර උන් හෙල්මට් දැම්මා. ඒත් මම දන්න විදියට සර් විවියන් රිචර්ඩ්ස් නම් කවදාවත් හෙල්මට් දැම්මේ නෑ කියලයි කියන්නේ. මම දැකලත් නෑ.

      Delete
  16. ගේල් ගහනව නම් ලංකාවෙ උන්ට පට්ටම ආතල්. මොකද අපෙ උන් දන්නව මනුස්සකම තියෙන්නෙ කොදෙව්වන්ගෙ කියල. සමහර විටක අපෙ උන්ගෙත් නැති මනුස්සකමක් උන්ගෙ ටීම් එකෙ උන්ගෙ තියෙනවා..

    සිරා පෝස්ටුව ඇහ් !

    ReplyDelete
    Replies
    1. සිරාවට මචෝ කොදෙව්ව්න්ගේ හිත හොඳයි

      Delete
    2. මනුස්සකම අතින් නම්, කොදෙව්වන්ටත් එහා නවසීලන්තෙ උන් ඉදිරියෙන් ඉන්නවා. ගොඩක් ටීම් වලත් හොඳ උන් වගේම නස්කූනියොත් ඉන්නවා...

      Delete
  17. ඔන්න ඔහොම ගහනව නම් මැච් බලන්න හරි හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. දැන් ඕවර් 20 ට ලකුණු 170-180 ක් නැත්නම් බලන්න හිතෙන්නේ නෑ. විස්සයි විස්සෙ පරමාර්ථයත් ඒකයි.

      Delete
  18. විඳින්න පුලුවන් ක්‍රීඩාවක්. රෑවෙනකම් IPL බලලා ඊලඟමාසෙදි විඳවන්නත් පුලුවන් වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා....

      Delete
  19. මොනා උනත් ගේල් ලස්සනට සෙල්ලම් කල බව නම් ඇත්ත.:)

    ReplyDelete
    Replies
    1. අනිවා කෙල්ලේ.. ඔක්කෝම වගේ ක්‍රිකට් ෂොට් ගැහුවේ. හැබයි පාර සැරයි...

      Delete
  20. ලිපිය නිකන් මගේ හිතේ තියන ඒවා ලිව්වා වගේ තමා ++++

    කොදෙව්වො සෙට් එකට අමතරවා , මයික් හසී , ඩිවිලියර්ස් දෝනි වගේ අයගේ නෙලිල්ලත් බලන් ඉන්න ආසයි . ස්ටෙන් උන්නැහෙගේ බෝලත් එහෙමම තමා .

    ReplyDelete
    Replies
    1. මාලිංගයත් විකට් නැති උනාට, රන්ස් දෙන්නෙත් නෑ....

      Delete
    2. අනිවා. මාලිංග නැති මුම්බායි ඉන්ඩියන්ස් පරිප්පු නැති හෝටලේ වගේ . මාලිංගයි ජොන්සනුයි හිර කරපු නිසා තමයි හරිබජාන්ට ගෙල්කේ විකට් එක ආවෙත්

      Delete
  21. හාස්කම් නම් බොහොමයි මේ රටේ. ගේල් මොන ගැහිල්ලක්ද ගැහැව්වේ? අපේ පවිත්‍රා නොනෙ නෙ ගැහැව්වේ. ඔන්න ගැහිලි. දැන් ඒකත් අමතක යි මේ හාස්කම් කෙස් එක නිසා. එහෙනම් තවත් හාස්කමක් වෙන්න කලින් කැපුනා ඈ ...........ගෙදර ලයිට් එකක් නිමන්න අමතක වෙලා ඒක නිමන්න යනවා.

    ReplyDelete
    Replies
    1. අපි නම්, දවල්ට තියා රෑටවත් ලයිට් දාන්නේ නෑ.. ආසියවේ ආශ්චර්යය විඳිනවා.

      Delete
  22. මේ මැච් එක ගැන මම පට්ට විචාරයක් ලියන්න සෙට් වෙන කොට මට මතක් වුනා මම ඕක බැලුවේ නැති බව. ඒත්...

    ඇයි ඔයා ඒත් කිව්වේ?

    ඒත් මම කල්පනා කලේ, පොත බලපු නැති වුන් පොතේ පිටකවරේ බලලා අනිත් උන්ගේ විචාර කියවලා පොරි හැලෙන පොත් විචාර පොත් විචාර ලියනවානම්, ‍ෆිල්ම් එක නොබලා , අනිත් උන්ගේ විචාර කියවලා ඇට්ටි හැලෙන්න විචාර ලියනවා නම්, ඇයි මට බැරි කියලා.

    ගැහුවා ඕයි මාර ගැහිල්ලක්...

    ReplyDelete
    Replies
    1. ඒ ඉස්සර නේ. දැන් පියෝ ටී වී තියෙනවා ලංකාවෙත්. ඒ නැතත් වේලෙන්නත් කලියෙන් යූ ටියුබ් එකේ බඩු බනිස්...

      Delete
  23. "ඒත් ඉතින් ඒකට කීර්ති වර්ණකුලසූරිය වගේ ගුරාලාත්, අළුත්කඩේ වගේ දේවාලත් තියෙන්නම ඔනෑය"
    අලුත් කඩේ පැත්තේ ඉන්නේ කීර්ති වර්ණකුලසුරිය නෙවි නේද හේමන්ත වර්නකුලසුර්ය නේද. කීර්ති ඉන්නේ දිවයින පත්තරෙනේ.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන.. ඔය නම් දෙක මට එකසිය ගානට ටැපලෙනවා....

      Delete
  24. ගේල්ට වගේම අපේ උන්ටත් හාස්කමකින් ආචිචි නැත්තං සීයා හෝ වැහේවා...

    ReplyDelete
    Replies
    1. ක්‍රිකටර්ස්ලට නැති උනාට පාලක මණ්ඩලේ උන්ට නම් එකසිය ගානට වැහිලා ඉන්නේ. උන් ගහන ගැහිලි.. ළොවෙත් නැති ගැහිලි...

      Delete
  25. හාස්කම් තියෙන්නේ ලංකාවේ. ජැමෙයිකානුවා මතකද ටී 20 වර්ල්ඩ් කප් සෙමි ෆයිනල් එක ඉවර වෙලා ලංකාවේ ඕඩියන්ස් එකට සද්දේ දාපු හැටි.. “සමාවෙන්න මේ පාර අපි තමයි කප් එක ගන්නේ කියලා“.

    වෙස්ට් ඉන්ඩියන්ස වැටිල හිටිය කාලේ ඉවරයි මං හිතන්නේ හැබැයි ටෙස්ට් වන්ඩේ ගැන තාම කියන්න අමාරුයි ටී20 ට. ගේල්, නාරින්, ස්මිත්, බ්‍රාවෝ, සැමුවෙල්ස්,සැමී, සෙට් එක හැදිල ඉන්න විදිය දැක්කම ආයේ ලොවෙත් නැති 20-20 ටීම් එකක් තමා උන්ට ඉන්නේ.. ගේල් බැට් කරනවනං අපි පරාද උනත් ඒ මැච් එක අනිවා බලන්න හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. මැච් දිනන පරදින එක මොනවා උනත්. ක්‍රිකට් කියන දේ එන්ජෝයි කරන්න පුළුවන් සෙට් එකක් නම් ඉන්නවා..

      Delete
  26. වන්ඩේ කෙසේ වෙතත් ටෙස්ට් මැච් වලට නම් තව වැඩිකල් පවතින්න බැරිවේවි. හැබැයි ටෙස්ට් මැච් අද කාලෙට එච්චර ගැලපෙන්නෙත් නෑ. සමහර විට එංගලන්තෙයි, ඕස්ට්‍රේලියාවයි ටෙස්ට් අත අරින එකක් නෑ ඈෂස් හින්දා. ගේල් ගේ ඉනිම නියමයි... හැබැයි මම ඊට වඩා බලන්න ආස පරාද වෙන්න යන තරඟ ගොඩ ගන්න ඉනිමවල්.

    ReplyDelete
    Replies
    1. දැන් තියෙන ගොඩක් මැච් නේල් බයිටින් ෆිනිෂ් තියෙන ඒවා. ක්‍රිකට් කියන්නේ ඒකයි. අනික 180 ක් වත් ගහන්න ඕන. නැත්නම් ඉතින් ටෙස්ට් වලයි මේකෙයි වෙනසකුත් නෑ..

      Delete
    2. මොන එහෙකටද හැමදාම ටෙස් කොර කොර ඉන්නේ. ඕක ඉවර නොවෙන ටෙස්ටින් එකක් නෙව... කාලේ ගෙවෙනවා.. එතකොට වෙනස් වෙනවා.. ඕක බුදු බන නෙව...

      Delete
  27. හාස්කමකින් විදුලි සැර අඩු වේවා....!!

    ReplyDelete
    Replies
    1. බොහෝ විට එහෙම වෙන්නත් ඉඩ තියෙනවා.

      Delete
  28. සුරාජ් හා ඩි සිල්වාගේ ඉනිම, ගේල්ගේ ඉනිමට වඩා වේගවත් කියා ඔබට හිතෙන්නේ නැත්ද මාතලන්!

    ReplyDelete
    Replies
    1. මම උඩ රිප්ලයි වලත් දැම්මා. එහෙම ගැහිල්ලක් නම් ළොවෙත් නෑ. ඔන්න සුරාජ් කාරයා බැඩ්මින්ටන් එකට රිංගලා. ඒකටත් සම්මා සම්බුදු සරණයි...!!!

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න