.

.

Apr 29, 2013

විදුලි මාෆියාව, පිරබාහරන්ටත් වඩා බලවත්ද? - Electricity Power & Man Power


හෙට මැයි පළවනදාය. කම්කරුවාගේ දිනය වගේම, කාන්තා ශෝක දිනයත් යෙදී ඇත්තේ හෙටය. (දන්නෝ දනිති) . 70-77 කාළේ මැයි පෙළපාලි බලන්න ගියා අද වගේ මතකය. මැතිනිගේ පෙළපාලියේ ගියපු දේශප්‍රේමී ජනතාව කෑ ගැහුවේ. "සීනී නැතිව තේ බොන්නම්...., මිරිස් නැතිව හොදි කන්නම්...." කියාය. ඒ මොකෝ, ඒ කාළේ ඒවා "අධි සුඛෝපභෝගී" භාන්ඩ වෙලා තිබුන නිසාය. හෙට ආන්ඩුවේ පෙලපාලියේ යන උන්, "ලයිට් නැතුව අපි ඉන්නම්....., ඒ උතුමා කියනවනම්....." කිය කියා ගියෝත් ඔහේලා එච්චර අප්ෂට් ගන්න එපාය. මොකෝ, අද බහුතරයක් ඉන්නේ දේශප්‍රේමී ජනතාව නිසාය. අනික ගෙදර ප්‍රශ්ණ ඕසෙට තිබුනත්, බත් පැකට් එකටයි, ගල් කාලටයි, මිනී මරන උනුත් ඉන්න එකේ, එහෙම කියන්නේ බොක්කෙන්ම නොවන බවත්, ඒවා බලා ආතල් ගන්න අය හිත ගත්තොත් හොඳය.

ඒ කෙසේ වෙතත්, ලයිට් බිල වැඩි කරපු එක, ජනමාධ්‍ය ඇමතිතුමාට දැණුනේ නැති උනාට, අනිත් ඔක්කෝටම වගේ, නප්පෙටම දැනිලා තියෙන බව, පාරේ තොටේ කතා බහෙන් පේනවාය. එයා කියන්නේ තව දුරටත් සහන දෙන්න බෑ කියලාය. ඒ උනාට එයාගේ නිල නිවසේ ලයිට් බිල රුපියල් 61,000.00 ක්ය. ඒ මළදානේ ගෙවන්නේ, එයාගේ අම්මගෙ බූදලෙන් නෙමේය. අපේ සාක්කුවෙන්ය. ආන්ඩුවේ ඉන්න ලක්ෂ ගානක්, පරපෝෂිතයන්ගේ බිල් ගෙවන්නේත් අපය. එහෙම තියෙද්දි, මහ එකාට පොඩ්ඩක් වැඩි කොට, දුප්පත් එකාට 60% කින්ම කෙලලා තියෙන්නේ, ජාතියෙම දරුවන්ගේ තාත්තාය, දුප්පත් මිනිහාගේ හිතවතාය, ජනාතාවාදී ආන්ඩුවය. එයා ඒ වගේ දේවල කරන්නේ, වෙන කරන්න දෙයක් නැති නිසා කියා බව එයාගේ හාල්පාරුවෝ කියනවාය. ඒ උනාට බැසිල් මහත්තයාත් කියන්නේ මණ්ඩලේ ඇතුලේ මාෆියාවක් තියෙනවා කියාය.

ලංකාව, විදුලි ඒකක අඩුවෙන්ම පාවිච්චි කරන රටක්ය. පාරිභෝකියයින්ගෙන් 50% පමණ කරන්ට් එක පාවිච්චි කොරන්නේ ලයිට් දෙක තුනක් දාගෙන, ටෙලි නාට්ටි බලන්නය. ඒ අයට ඉස්තිරික්කයක් වත් නැත. ඒ උනාට වැඩියෙන්ම කෙලවෙන්නේ එයාලාටය. ඊ ළඟට ඉන්නේ නිර්ධන මධ්‍යම පන්තියය. ඒ අය වැඩ්පුර, ඉස්තිරික්කයක්, අයිස් පෙට්ටියක් පාවිච්චි කොරනවාය. දැන් ඉතින් ඒවා භාවිත කොරලා හමාරය. ඊළඟ පන්තිය, නොනා බත් පිඟාන මේසයට දමලා ගහන නිසා ගෙනාපු වොෂින්  මැෂිමක් පාවිච්චි කොරනවාය. මේකෙනුත් වැඩියෙන්ම විකිනෙන්නේ, සෙමි ඔටෝමැටික් එක බව වෙළඳ සැල්වලින් ඇහුවාම හොයාගන්න පුළුවන්ය. ඒ කස්ටියටත් ආයෙත් රෙදි හෝදන්න වෙන්නේ අතේ ගහලාය. පිඟාන මේසෙට විසි කරාට, වැඩක් නැත. අඩු ගානේ, ප්‍රාදෙශීයට පත් කරපු එකාගේ ගෙදරට ගිහින්, බත් පිඟාන පොලොවේ ගහලා ආවොත් නම්, පොඩි ආතල් එකක් තියෙන්න පුළුවන්ය.

ඊළඟ සෙට් එක, ඒ සී, මයික්‍රො, ග්‍රයින්ඩර්, මික්ෂර්, පොලිෂර්, අරක මේක භාවිතා කොරනා කස්ටියය. එයාලාගේ ලයිට් බිල එයාලාගේ ආදායමෙන් 1% හෝ 2% ක්ය. (දුප්පත් එකාගේ ඒක 12% - 15% අතරය). ඒ නිසා, එයාලාට අවුලක් නැතිය. අනික, එයාලාට වැඩි කරලා තියෙන්නේ සොච්චමක්ය. කොහොමත්, එයාලා ආරක්ෂා කොරන එක කොයි ආන්ඩුවෙත් සිරිතය. සහනාධාරේ දෙන්න බැරි උනාට, බලාගාර දහයක්  විතර හදන්න පුළුවන් සල්ලි, එයාර් ලංකා එකට ජම්බෝ 13 ක්ද කොහේද ගේන්න, වියදම් කොරන්නේ, ඒ පන්තිය මේන්ටේන් කොරන්නය. ඉතින්, පෙරටුගාමී එකේ කස්ටිය පන්දම් අරගෙන යන උන්ට කින්ඩිය දා, ලයිට් බිල නොගෙවා ඉන්න කිව්වාට, මේ ක්ලාස් එකේ අය ගෙවනවාය. එයලා අපේ අයිඩෙන්ටි කාඩ් උස්සගෙන ගියාට, මේ පන්තියේ ගෙවල්වල, මල් පෝච්චියක්වත් උස්සගෙන ගියේ නැත. අයින්ටි එකතු කරා වගේ, ඒ අයගේ ලයිට් බිල් එකතුකර. අපිට ගෙවන්න එපා කිව්වානම්, ඕන් නොගෙවා සිටිය හැක.

මාෆියාවක් තියෙනවායැයි කීවාට, ඒ කව්ද කියන්න, ආන්ඩුවේ එකෙක්වත්, විපස්සේ එකෙක්වත් නැතිය. ලොක්කා කියන්නේත්, අනුන්ගේ පව් අපිට ගෙවන්න වෙලා තියෙනවා කියාය. අලි පාටියෙන් පටන් ගත්ත පවර් හවුස් වල ගිවිසුම් අහවර වෙලා අහවරය. ඒවා තුනක් තිබුන අතර, අද ඒවා තුනෙන්ම කරන්ට් එක ගන්නේ නැත. දැන් තියෙන්නේ 14 ක් ය. ඒකෙනුත් වැඩිම පිරිවැයක් යන්නේ කෙරවලපිටියේ "යුගදනවි" එකේ කරන්ට් එකටය. ඒක පටන් අරගෙන තියෙන්නේ මණ්ඩලේට කොටස් වැඩි පුර තිබියදීය ඒ 63% ක්ය. එහෙත් අද තියෙන්නේ 23% ක්ය. ප්‍රයිවටයිස් අරහං ආන්ඩුව, හෙමීට ගේම දෙන්නේ එහෙමය. මේක අයිති කාටද කියන්න, එකෙක්වත් දන්නේ නැතිය. රාජපක්ෂ සමාගමටනම් වෙන්නට බැරිය. මොකෝ එයාලාට තේ කඩයක්වත් නැතෙයි කියා, පපුවේ අත් දෙක ගහලාම කීවේය. එහෙනම් හිතන්න තියෙන්නේ එයාලාගේ, "හාල් මාෆියාව" වගේම, එයාලාගේ කෙනෙක්ගේ කියලාය.

එහෙමනම් ,මේ එකෙක් දෙන්නෙක් සනසන්න ලක්ෂ 51 කට ඇරලා හරියන්නේ නැතිය. ඒක මහපොළොව උහුලන්නේ නැති අපරාධයක්ය. ගිනිදේවී නෝනා පාර්ලිමේන්තුවේ කියවන්නේ, මේ මාෆියා එක ලියලා ගෙනත් දෙන ඒවාය. නැතිව එයා දන්න ගිගාවොට් එකක් නැතිය. චම්පික, මේ සිස්ටම් එකට වැඩි කරන්න යන එකට විරුද්ධ උනා කියා, කවුරුත් දන්නවාය. අනික සබ්ජෙක්ට් එක දන්න එකා නිසා, එයා ගාව වෙනම සිස්ටම් එකකුත් තියෙනවාය. විමල් කුමාරද කොස්තා පරදන්න දාලා තියෙන, "කමිටුවේ කොස්තා" මේවා බලනවා තියා, අහලාවත් නැතුව ඇතිය. මොකෝ එයා ඉන්නේ මිළ වැඩි කරන්න මිසක්, අඩු කරන්න නොවන නිසාය. එතකොට ගිනිදේවී නොදන්නවා උනාට, ආන්ඩුවේ හැලපයෝත් දන්න, බැසිල් මහත්තයාත් දන්න, අපේ දේශමාමක පචවංශ මැතිතුමාත් දන්න, හිටපු ඇමතිත් දන්න ඔක්කෝම දන්න මාෆියා එක කව්ද.?

ගිවිසුම් ගහලා තියෙනවා කියන කතා බයිලාය. එහෙම ගහලා තියෙනවානම් "දයාගේ", "සෙවනගල" අරගෙන "සීනී"යාට දෙන්නේ කොහොමද කියා අහන්න සිද්දවෙනවාය. එක්කෝ මේ මාෆියාව ආන්ඩුවට සම්බන්ධය, එහෙම නැතිනම් ප්‍රභාටත් බය නැති ලොක්කා මේ මාෆියාවට බයය. එහෙම වෙන්න බෑ කියා හිතෙන්නේ. ළෝකෙම පන බයේ උන්න ප්‍රභාටත් කෙලපු නිසාය. ඒ මදිවාට ඌට කෙලපු එකාත්, කකුල් දෙකෙනුයි අත් දෙකෙනුයි උස්සාගෙන ගොස් වැලිකඩ දමපු නිසාය. තේ එකක් බොන්න එන්නෙයි කිව්වාම, ඒ පැත්තේ නොගිය "චීෆ් ජස්ටිස්", මාසයක් යන්නත් ඉස්සර නඩුත් අසා, කින්ඩියත් දා, "චීප් ජස්ටිස්" කරපු නිසාය. අපි ලොක්කාගෙන් ඉල්ලන්නේ මේ මාෆියාවටත් කෙලලා, ආයෙත් හීරෝ වෙන්න කියලාය. එහෙම කලොත් නම් ආයෙත් "මහරජානනි" සෝන්ග් එකට වෙස් මූනක් දාගෙන, තොරණක් ගාව නටන්න ඇහැක් වෙනවාය.

කෙසේ වෙතත්, මේ, ජාතියේ දරුවන්ගේ තාත්තාගෙන්, පොදු ජන නායකයාගෙන්, ජනතාවාදී ආන්ඩුවෙන්, හෙට මැයි දිනයේදි යම් කිසි සහනයක් ලැබෙයි කියා, සියල්ලෝම බලාගෙන සිටිනවාය.  අරථසාධකේට කෙලින්න ගිය එක නැවත්තුවා වගේ, මේකටත් සහනයක් දෙයි කියලා සියල්ලෝම බලාගෙන ඉන්නවාය. ජනවාරි මාසේ බිල අඩු කරනවා කියන කතා, අට කොන බයිලාය. ජනවාරි වෙනකොට සාම්පූර් හදනවා තියා, තවම් ගිවිසුම ගහලාත් නැතිය. ඒක හදලා ඉවර කරන්න වෙන්නේ 2016 දී විතරය, ඒ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි, පවිත්‍රා දේවීගේ ගින්දර දේවී විදුලි බල සංසෝදනේ අකුලා ගත යුතුය, එහෙම නැතිනම් පඩි වැඩි නොකර, වැඩි වෙන විදුලි බිල ආන්ඩුවෙන් ගෙවන්න ඕනෑය. එහෙම කොරන්න බැරිනම් ආසියාවේ ආශ්චර්යේ ඉන්න වෙන්නේ, අර උඩින් තියෙන පින්තූරේ තියෙන, "චිමිනි ලාම්පුයි", "පැට්‍රෝල් මැස්" එකකුයි දල්වාගෙනය. ඒ වගත් මෙසේය.............

ඔබ සැමට,

සුබ අනාගතයක්...!!!

67 comments:

  1. මචං, ලංකාවේ විදුලි බිල් ප්‍රශ්ණෙ අල් ජසීරා එකෙත් පෙන්නුවා. මගේ කොලුවා බලං ඉඳලා මට කිව්වේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඇල් ජැසිරා එකෙන් කිව්ව කතාව නාමල් පුතත් දැකල ලොක්කට කියල.
      කෂ්ටිය බලන් ඉන්න තියෙන්නෙ මල පුදින්නේ කවදද කියල.

      Delete
    2. අල් ජසීරා එකේ නොපෙන්නුවනම් තමයි පුදුමේ. හෙන ගහන වැඩි කිරිල්ලක් නේ වැඩි කරේ...

      Delete
  2. ඇත්තම ඇත්ත තිත්ත ඇත්ත... ඒත් අයියේ... මේව දැකල හිත් වෙනස් කර ගන්න තරම් සංවේදී නායකයො ඉන්නවද අපේ රටේ....

    සුබ අනාගතයක් කියන වචන දෙක දකිද්දිත් බයයි.... ඔය වචන ඉස්සරහට දාගෙනනෙ ගහන තරමක් දුප්පතාට ගහන්නේ.....

    ඓශ්චර්ය කියන වචනෙත් ඒ වගේම පණ යන වචනයක්....

    ReplyDelete
    Replies
    1. දුප්පතාට විදුලි බිලෙන් නම් සහනයක් දුන්නා. ඒත් බඩු මිළ වැඩි එක නවත්තන්න බෑනේ..

      Delete
  3. ඔය විදුලි බලය නැති වීමේ හොඳ පැත්ත මාතලන් දැකලා නෑනේ. ඉස්සර කාලේ ගම්වල පවුලේ සංඛ්‍යාව ඉහල ගියේ කලුවරේ හිටපු නිසාලු. විනෝදෙට බලන්න ඒ කාලේ කම්පියුටර, ටී වී අනම් මනම් තිබුනේ නැති නිසාලු. ඉතින් අපි මේ කාලය තුල අපේ සිංහල ජනගණය වැඩි කරගත්තොත් මොකද? දැන් රටේ හාමුදුරුවරු පවා ඒ ගැන දේශනා කරනවනේ.

    අනේ හැබෑටම ඒ සඳහා කරපු කුමන්ත්‍රණයක්වත්ද මේක? :)

    ReplyDelete
    Replies
    1. අම්මපා හැබෑව. බොබසෙ කස්ටියත් ආන්ඩුවට සම්බන්ධයි කියන නිසා. එහෙම වැඩක් වෙන්නත් ඉඩ තියෙනවා...

      Delete
  4. එසේම වේවා සුභම සුභ අනාගතයක්.. කාන්තා ශෝකී දිනය හෙටය කියල ඔක්කොම දන්නව නෙව..

    ReplyDelete
    Replies
    1. පව් නේ කාන්තාවෝ

      Delete
    2. පවු බන් නලීන් අය්යේ උඹ ...උමබටත් මේ වගේ ප්‍රශ්නවලදී කසුරිට වගේ ජෝක් කෑල්ලක් දාන්න තමයි වෙන්නේ ..බඩ රස්සාවනේ ..

      Delete
    3. සමහර විට කන්කරුවෝ පෙලපාලි යන නිසා වෙන්ටෑ එහෙම වෙලා තියෙන්නේ...

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. විදුලි බිල ගැන දිවයිනේ පළවූ තවත් එක වාර්තාවක් බැලුවා. එකිනෙකට පරස්පර මත තිබියදී එම ලිපියේ තිබුණේ, මේ බිල ගෙවා ගන්න බැරිය කියා කෑ ගහන්නේ ‘බොරු තර්ක පෙන්වමිනි‘ යනුවෙන් එම ලිපියේ කියනවා.
      http://www.divaina.com/2013/04/28/politics01.html

      කෙසේ වෙතත් බිල වැඩි කර අවසන්. සමහර විට මැයි 01 රැලියේදී මම බිල 10% ක් පමණ අඩු කරනවා කියන්න පුළුවන්. නැතිනම් එවැනි රාවයක් පැතිරෙන්නේ මැයි දිනයේ දී සිදී ගිය ජනතා ආකර්ෂණය ගැනීමට විය හැකියි. ගල් අඟුරු බලාගාර ඉදිරිටය ව්‍යාප්ත කිරීමෙන් බිල අඩු කළ හැකි බව මෙගා/ගිගා පවිත්‍රා හෙවත් අඳුරට අරක්ගත් යක්ෂණීයක් පවසයි. ඇය ගල් අඟුරු කියනුයේ මොනවාගේ දෙයක් ද කියා දැන සිටිනවාද මා දන්නේ නැත. නැතිනම් චීන සුඳු අලි බලාගාර ගැන දන්නේ නැතිව විය හැකිය. මාතලන්ට ඇය දේවි වූවාට මට එලෙස පෙනෙන්නේ නැහැ.
      විදුලි කතන්දරය අමතක කරවීමට පාටලී සමඟ ගැටුමක් නිර්මාණය කරවීමට තැත් කළත්, පාටලී එයට අසුවූවේ නැහැ. පළමු අවස්ථාවේදීම පාටලී විවාදයකට කැඳවීම ඊට හේතු සාධක විය හැකියි. තවද මෙගා/ගිගා ගැන අල්ප මාත්‍රයකුදු නොදත් පවිත්‍රා එම වාදය කරනුයේ කෙසේ ද? (පබා දෙරණ 360 ට ගියා වාගේ විය හැකියි) කිසිවක් නොදන්නා එවුන් මැති-ඇමති වූ පසු ජනතාවට ද කිසිදු වාදයකින් තොරව එහි පළ විපාක විඳ ගැනීමට සිදුවීම අරුමයක් නොවේ.
      අද දිනයේ වී ඇති ජනතා පීඩනයටන්ට විපක්ෂ කිහිපයක් පාරට බැස්ස ද, ජනතාවට ඒ සම්බන්ධයෙන් ඍණ ප්‍රතිචාරයක් ඇත. ඔහුන්ගේ බහුතරයක් බලා සිටිනුයේ කවුරු හෝ යමක් දිනා ළඟට ගෙනවිත් පුජා කරන තෙක්ය.

      * ආයතනයක, සේවය කරන කිහිපදෙනෙක් නිසි වැටුප ඉල්ලා අරගල කරයි. අමුත්, තව පිරිසක් නිහඩව බලා සිටී. වැටුප වැඩිවුවහොත් ප්‍රතිලාභ ඔහුන් ද භුකිති විදී. නොහැකි වූවහොත් හෝ අරගලය යන අතරතුර අවලාද අරගල කරුවන්ට පමණී....

      Delete
    2. මේ ඉන්නේ අපේ බුද්ධිමත් බ්ලොග්කාරිනිය.
      එන්නකො... ඇවිත් කකාගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාන්නකො.

      Delete
    3. 60 ට අඩු උන්ට මුළු ගානම කපලා, 180ට අඩු උන්ට ප්‍රතිශතයක් අඩු කරනවයි කිව්වට, බඩු මිළ අඩු වෙන එක වලක්වන්න බෑනේ. ඒ නිසා විරෝධය ඉදිරියට යයි මයෙ හිතේ. දැන් විරෝධතාකරුවන්ට තියෙන ප්‍රශ්ණේ විරෝධතාවලට වැඩියෙන්ම සහභාගී වන නිර්ධන කම්කරු පන්තියට මේක අවබෝධ කරල දෙන එකයි.

      Delete
  6. පාන් කන එක නවත්තන්න නෙ පාන්පිටි මිල වෑඩි කලෙ......? මුන් විදුලි බිල වෑඩි කලෙ මොකටද මන්දා

    ReplyDelete
    Replies
    1. විදුලි බලය පාවිච්චි කරන එක නවත්තන්ට.:)

      Delete
    2. ඔය පොකු දීලා තියෙන්නේ උත්තරේ. ඊයේ ලොක්කත් කිව්වා, අර පරෙස්සමෙන් පාවිච්චි කොරන්නෙයි කියලා. අහවල් එකටද දුන්නෙ මහත්තයෝ කියලා තමයි දැන් ඉතින් අහන්න තියෙන්නේ.

      Delete
  7. මාතලන්,
    මේක විදුලි බලය පිළිබඳ ගැටළුවක් නෙමේ. මෙතැන ඇත්තේ කළමණාකරණ ගැටලුවක්. බිල වැඩි කිරීම විසදුමක් නෙමෙයි. කළ යුත්තේ හොද දක්ෂ කළමණාකරුවන් අතර වි. බ. ම. පවරන එකත් උන්ට වැඩේ කරගෙන යාමට අවශ්‍ය බලය පවරන එකත්ය. මෙ යන විදියට නැවත විදුලි බිල වැඩි කරන්න වෙනවා ඉක්මනින්ම.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මාතලන්ගෙ යොමුවට මම පිලිතුරු දෙනවාට.
      කළමණාකරන අවුල තිබෙන්නේ විදුලි බල මන්ඩලයේ නොව රජයේයි. දක්ෂ කළමණාකරුවන් පත් කල යුත්තේ රජයටයි.

      මාතලන් කියලා තිබුන වාගේ ප්‍රභාකරන්ට, සරත් ෆොන්සේකාට, ශ්‍රියානි බන්ඩාරනායකට, වාගේ තවත් ලොකු කුඩා සෑහෙන පිරිසකට කෙලවපු මහ රජාට විදුලි බල මන්ඩලයේ කලමනා කරුවන් ලොකු පොරවල් විය නොහැක.

      Delete
    2. කිසිම තරහක් නැහැ. මාතලන් මේවා ලියන්නෙ අපිට බෝල ගහන්න තමයි.
      ඔබත් එක්ක එකඟයි. යුද්ධයෙන් පසු මේ රටට නායකත්වයට ඕනෙ කරලා තියන්නෙ හොද කළමණාකරුවන් තමයි. ඒක තේරුම් ගන්න පුළුවන් ජනතාවක් නැතිකමයි අපේ ප්‍රශ්නෙ.

      Delete
    3. කළමණාකරනයේ ඉන්නේ. පෞදගලික විදුලි බලාගාර අයිති කාරයෝ කියලයි ඇතුලෙන් එන ආරංචි කියන්නේ. කොහොමත් මේ මාෆියාවට ආන්ඩුවේ ළොකු සම්බන්ධයක් තියෙනවා. ඊයේ ලොක්කා නෙමෙයි වචනයක් ඒ ගැන කතා කළේ, ඔක්කොම කුණු ගියේ පී බී ලොක්කගෙ බොක්කෙන්. පට්ට මුව හමක් තමයි ආන්ඩුවට සැට් වෙලා තියෙන්නේ.

      Delete
  8. ලයිට් නැතිව අපි ඉන්නම්
    එතුමා අපිට කියනවනම් රෙද්ද නැතුව කඩේ යන්නම්

    මීට පචවංශ

    ReplyDelete
    Replies
    1. දැන් කරන්නෙත් එකමනේ බන්,
      උන් කඩේ යන හැටියට අපිට ලැජ්ජාවේ බෑ.....

      Delete
    2. බොරුවේ උල්පත...

      Delete
  9. කොහොමත් හෙට තියෙන කම්කරු සංදර්ශනේ එක එක මුහුනු දාල කරයි.
    ලොක්ක විදුලියට ලකුනු ගන්නෙ හෙට නොවෙ.
    මැයි එක කියන්නෙ සිංහලයො රතිඤඤා සමග කිරිබත් කාපු රටක්.
    මැයි 20න් පස්සෙ හැමෝටම යමක් දැනෙයි.

    ReplyDelete
    Replies
    1. ලොක්කා අම්බෙට ලකුණු දාගත්තා ඊයේ. ඒත් සටන දිගටම යයි මයෙ හිතේ. මොකෝ ලාල් කාන්ත කියන්නේ, මේක අකුලගන්න කියලා. ඇත්තටම වෙන්න ඕන ඒක.

      Delete
  10. හාස්කමකින් දුමින්ද සිල්වා උන්නැහේට සුවය ලැබුනා වගේ පොදු ජනතාවට මේ පාලකයන්ගෙන් සහනයක් ලැබේ කියලා බලාපොරොතු වෙන්න බෑ.

    එහෙම වෙවී කියලා හිතනවානම් එක මුළාවක්.

    හැබයි ඉතින් දැන් රට යන හැටියට හාස්කමකින්ම සංවේදී මාම ගෙදර යනකම් බලන ඉන්න වෙවිද මන්ද....??

    ReplyDelete
    Replies
    1. ෂ්‍රී අයිවන් තුමා මේ ගැන 2005 විතර 'කාලිංග ගේ දේශපාලන විග්‍රහය' නම් විශිෂ්ඨ අනාවැකි ලිපියේ ලිව්වා, හාස්කම් පාන්න හිටපු උන් ඔක්කොටම කෙළ වුනා නේ. දැන් පුකේ ඇඟිල්ල ගහගෙන ඉන්න තමයි වෙන්නේ.

      Delete
    2. ඔහේ එහෙම කිව්වට, අනිවාර්යයෙන් ලොක්කා මේකෙන් ළොකු ළකුණු ගානක් දාගන්න බව මම කලින්ම දැනගෙන උන්නා. ලොක්කා ආරක්ෂා කරන කස්ටියට උපරිම සහන දීලා තියෙන්නේ. දැන් ඉතින් කෙහෙලියට හෙළුවෙන් තමයි ඉන්න වෙන්නේ.

      Delete
  11. අයනෙස්කෝ ගෙ නාට්‍යයක තියෙනවා, අමෙඩී හා මැග්ඩලීන් යුවල තමන්ගෙ ගෙදර ඇතුළෙ අවුරුදු 15ක් තියෙන මිනියක් ගැන අවිඥානකව රණ්ඩු වෙන පලහිලව්වක්. විදුලි බිලත් ඒ මිනිය වගේ. හේතුවක් ඵලයක් නෑ, ඕපපාතිකයි. මේ ඉස්සරහ ඉල්-ලංකාවෙ ගොඩක් දේවල් වල ඉරනම තමයි.

    ReplyDelete
    Replies
    1. තාමත් තත්වේ එහෙමම තමයි. පී බී තාත්තා කියලා පචවංශයා කෙප්ප කෙලියට. මේක වෙන සීන් එකක් කියලා, දන්නෝ දනිති...

      Delete
  12. හෙට හැම කාන්තාවකගේම ශෝක දිනය ලෙස සාමාන්‍යකීරීමට මා විරුද්ධය.එය ආප්ප නොකන කාන්තාවන්ගේ ශෝක දිනය ලෙස ස්පෙසි‍ෆික් විය යුතුය.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන. දැන් එයාලත් සෑහෙන පිරිසක් ඉන්නවනේ..

      Delete
  13. //හෙට මැයි පළවනදාය. කම්කරුවාගේ දිනය වගේම, කාන්තා ශෝක දිනයත් යෙදී ඇත්තේ හෙටය.//

    ලයිට් බිල වැඩි කරපු හින්දද?

    ReplyDelete
    Replies
    1. ඕව පොඩි උන්ට තේරෙන්නෙ නෑ.

      Delete
    2. :D
      ඇත්තටම මේ කුමරිහාමිය බයිට් හොයාගෙන යන හැටි :P

      Delete
    3. නෑ සත්තරනේ... "මැයි පළවෙනදා" කියන එක පද පෙරලලා බලන්නකෝ...

      Delete
  14. මොන ඇන්නෑවක් කොරන්ටද? අර කව්දෝ ලිපියක දාලා තිබුන ඩඩ්ලි සේනානායකගේ ආත්මය බලයට එනකන් බලං ඉමු මේ රට ලෝකෙන් උතුම් රට කොරන්ට. ඉච්ජා භංගත්වය කියන්නේ මේ අපිට දැනෙන දේට වෙන්ටෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් වෙනවා කියලා මමත් දැක්කා. 2014 දී එයා එනවලු දේශපාලනයට. මට හිතෙනවා ශිරාණි බන්ඩාරනායක නෝනාවත්ද කියලා...

      Delete
  15. මේ මොනව කියනවද! විදුලි බිල කියන්නෙ අඩුකරන්න පුළුවන් එකක් නෙවේ. එහෙම කරන්න පුළුවන් නම් අපේ ජනාධිපතිතුමා නොකර ඉන්නවද? අනෙක දැනටත් සහනාධාරයක් දෙනව.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අඩු කළේ. මෙයාට පිරිමි ගෑණු විතරක් නෙමෙයි පොන්නයොත් කරන්න පුළුවන් එකේ, ඕවා නිකන් කජු කනවා වගේ වැඩ.

      Delete
  16. වැඩ කරන ජනයාට ජයවේවා!

    ReplyDelete
    Replies
    1. පහළම පන්තියේ උන් නම් දිනුවා....

      Delete
  17. මේක කියවද්දි මතක් උනේ. පහුගිය ජනාධිපතිවරන සමයෙදි ගම්පොල නගරයෙ බැනර් එකක තිබුන "ජනපති තුමනි මැරුනත් අපි ඔබ සමගයි " කියල. ඔහොම මිනිස්සුත් එක්ක මොන කලටිපොල්ද මාතලන්.

    දැන් මිනිස්සුන්ට හාල් පොලු, මිරිස් පොලු මතක නෑ. මතක් කරන්ටත් එක්ක ලගදිම එයි විදුලි පොලු, තෙල් පොලු, වගේම බැටන් පොලුත්,

    දැන් එතකොට මාතලන් ගොයියටත් අතේ ගහල හෝදගන්න වෙලා ඇති නේද? මං කිව්වෙ රෙදි.

    ReplyDelete
    Replies
    1. "ජනාධිපති තුමනි මළත් අපි ඔබ සමගයි" කියන උන් ගොඩ ගියා.. අපිට නම් ඉතින් අතේ ගහලා තමයි හෝද ගන්න වෙන්නේ. ලොක්කා උන් රකිනවා, මාක්ස් දාගන්නවා.. උන් ලොක්කා රකිනවා, රනිල්ලට කින්ඩිය දානවා...

      Delete
  18. චික් උබලට මේක ආයෙම මතක් උනාද මමහිතුවේ දුමා ආවට පස්සෙ ඒක අමතක උනා කියලා

    ReplyDelete
    Replies
    1. මේ සටන ඉදිරියටම යනවා ජෝන් මහත්තයෝ...

      Delete
  19. මෙතන අපි හිතන් ඉන්නවට වඩා ලොකු කතාවක් තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. මොකක්ද දන්නෙ නෑ කතාව. බොගක් තියෙනවා නේද? දාන්නකෝ ඒකේ අපිටත් දැන ගන්න...

      Delete
  20. වලත්තයාApril 30, 2013 at 7:33 AM

    /ඒ කස්ටියටත් ආයෙත් රෙදි හෝදන්න වෙන්නේ අතේ ගහලාය.// සහතික ඇත්ත මාතලන්....අපිටත් දැන් ජීවත් වෙන්න වෙලා තියන්නේ අතේ ගහලාය.තියන තරහට වෙන කියන්න දෙයක් නෑ මාතලන්..

    ReplyDelete
    Replies
    1. අතේ ගහන්නත් වෙන්නේ බනිස් ගෙඩිය ප්ලේන්ටියේ ඔබලා බීලා තමයි..

      Delete
  21. ම‍ට පෙනෙන හැටියට විදුලි බිල වැඩි වීම මහජනයාට ඒ තරම්ම ගැඹුරු අර්බුදයක් නොවේ. මේ ආණ්ඩුවෙන් ඊට වඩා බොහොම ලොකු අර්බුද රැසක් මහජනතාව මතට කඩා පාත් කර තිබේ. ඒ නිසා, විදුලි බිල වැඩි වීමේ ගැටළුව වැනි පහසුවෙන් බිඳවැට්ටීමට හැකි තර්කයක් පසුපස හඹා යාම ආණ්ඩුවේ මහජන විරෝධී වැඩට උඩ ගෙඩි දීමකි.

    ReplyDelete
    Replies
    1. මේක දැනෙන්න විදුලි බිල එනකන්ම ඉන්න වෙනවා. මොකෝ අපේ රටේ ජනතාව මාර බුද්ධිමත්නේ..

      Delete
  22. නිවාඩුව අපරාදෙ..

    ReplyDelete
    Replies
    1. බත්තරමුල්ලෙත් සෑහෙන සෙනගක් හිටියා.. එයත් සල්ලියි බත් පැකට් එකයි දුන්නද දන්නෙ නෑ...

      Delete
  23. ලං.වි.ම ට විදුලි ඒකකයක් සඳහා රු23 ක පමණ පිරිවැයක් දරයි. ජාත්‍යන්තරය හා සැසඳීමේදී එහි අසාමාන්‍යය බවක් ද නැත. නමුත් තවමත් මාසික පරිභෝජනය ඒකක120ට අඩු පාරිභෝගිකයන් ගේ ඒකකයක විදුලි ගාස්තුව (ස්ථාවර ගාස්තු හා ඉන්ධන ගැලපුම් ගාස්තු සහිතව) රු23 ට අඩු අගයක පවතී.විශාල පාර්භෝගික පිරිසක් සිටින්නේ මේ ඛාණඩයේය. එනම් විශාල පාරිභෝගික පිරිසක් විදුලිය සඳහා ගෙවන්නේ නිශ්පාදන පිරිවැයට ද වඩා අඩු ගාස්තුවක්. එසේ නම් සැබෑ අර්බුදය කුමක් ද?

    සවිස්තර වාර්තාව සඳහා පහත යොමුවෙන් පිවිසෙන්න,

    http://meeghaya.wordpress.com/2013/04/21/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b6%bd%e0%b7%92-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b6%ba-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba/

    ----ස්තුතියි!---


    ReplyDelete
    Replies
    1. මචන් ඔය අනිත් රටවල විදුලි ඒකකයකට ගෙවන්නේ අපි ගෙවන මිලම වෙන්නැති.හැබැයි ඒ මිල ගෙවන්න උන් උපයන්නේ අපි උපයන ආදායමමද ?

      Delete
    2. මම දන්නේ නෑ ඔබ කොමෙන්ට් කලේ ලින්ක් එකෙන් දාපු ලිපිය සම්පූර්ණයෙන් ම කියවල ද කියල. ඒ ලිපියේ තියෙන්නේ විදුලි බිල අර්බුදය රටේ සමස්ථ ආර්ථික අර්බුදයේ ම කොටසක් බවයි.ඒ කියනනේ “අප උපයන ආදායම අඩුවීම“ කියල ඔබ කියන අර්බුදයම තමයි.

      Delete
    3. ආදායම අඩු වෙනවා තමයි රටේ නිශ්පාදන ක්‍රියාවලිය බිඳ වැටුනම. අද ඇත්තටම අපේ රට හිඟන්නෙක්. එදිනෙදා කීයක් හරි හම්බ උනේ නැතනම්, නොකා නොබී ඉන්න තමයි වෙලා තියෙන්නේ. කොහොමත් 70-77 යුගය ළඟදීම උදා වෙන බව තමයි රූපවාහිනියේ සිරිමගෙ කාළේ ගීත ආයෙත් ප්‍රචාරය වීමෙන් පෙනෙන්නේ..

      Delete
  24. කිසිදේකට බය වෙන්න එපා. අපිට ඡන්දෙ දෙන්න අපි දවස් 2න් ආසියාවේ ආශ්චර්ය කාරා මේ රට ගෙනයන්වා හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. අපිට කිව්වේ පෙරමුනටමද...?

      Delete
  25. ලොකු පුටු වල තියන අවුල් වලට පලි පොඩි උන්.....

    ReplyDelete
    Replies
    1. පහත් තැනින් යයි ගලා ජලේ.... කියන්නේ නිකන් නෙමෙයිනේ...

      Delete
  26. හුරගෙන කෑමට සීමාවක් මායිමක් නැ

    ReplyDelete
    Replies
    1. තව කන්න දෙයක් ඉතිරි වෙලා නෑ.. ඇන් ඇම් කරපුවත් කරයි ළඟදීම...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න