.

.

May 9, 2013

අධ්‍යාපනය අනුභව කරණා වෘෂභයෝ - Privatization (SB Theory)



94 ඉඳන් බලේ ඉන්න මැටි මෝල් හරක් ටික, දේශපාලන වාද බයිලාවලට ආවාම කියන්නේ හැම දේටම වැරදි අලි පාටිය හා ඒකේ ඉන්නා අලින්යැයි කියාගන්නා හරක් සෙට් එක කියාය. ඒ හරක් ගෙදර යවලා, මේ හරක් පත් කර ගත්තේ, උන් එපා උන නිසාය. එක බලවේගයක් නොව බලවේග කට්ටල පහකින් අදින කෝච්චියක් නිසා කස්ටිය ඒකට ගොඩ උනේය. සෝබෝන් උපාධියක් ගත්ත, සමාජවාදී මත දරන, රැඩිකල් ඇන්ජින් ඩ්‍රයිවර් අන්තිමට කරේ, සිග්නල් කනුවේ වමට යන්න කියා සිග්නල් දී තිබියදී, එකසිය ගානට දකුණට හරවා, අවුරුදු 11 ක් තිස්සේ පට්ට ආතල් එකක් ගැනීමය. ඒ කාළේ රට පාළණය කළේ, නන්දිකඩාල් වලින් අවසන් ගමන් ගියපු, ප්‍රභාකරන් මැතිතුමාය (ජීවත්ව සිටියා නම් අද සිරි ලංකා නිදහස් පක්ෂයේ උප් නායක් වී, අගමැති කමට පත්වී සිටිනවා නො අනුමානය.)

94 ඉඳන් උසස් අධ්‍යාපනය බාර දී තිබුනේ මහාචාර්වරයකුටය. (Vishva Warnapala) අපි හිතුවේ, ලංකාවේ උසස් අධ්‍යාපනය ඉහලම තත්වයට ගෙන යාවි කියාය. අන්තීමට උනේ එහෙම එකෙක් උන්නාද කියාවත් කාටවත් මතක නැති එකය. ඒ යකා උන්නද මළාද කියා අප දන්නේ නැතිය. හැබයි පින්සිපොල් කමක් කරපු, රිචඩ් පතිරණ නම් අවංකවම අධ්‍යාපනයට යමක් කොළේය. සිසුන්ට, සිලබස් වලට, කෙසේ වෙතත් හිඟන්නෝ වගේ උන්න ගුරුවරුන්ටත්, වැදගත් ලෙස ජීවත් විය හැකි, පඩියක් නම් ලබා දුන්නේය. කිසිම ගුරෙක් ඒ මනුස්සයාට බනිනවා නම් මම අහලාම නැත්තේය.

ජාතියේ දරුවන්ගේ තාත්තා, අජ්ජාපනේ බාරදි තියෙන්නේ ටියුෂන් මාස්ටර්ලාටය, උන් අජ්ජාපනේ ගොඩ ගැනීම කෙසේ වෙතත්, බයිට් එකට නම් අරගෙන තියෙනවාය. බන්දුල, අජ්ජපනේ ඇර අනික් ඕන එකක් දන්නවාය. ඉන්කම් ටැස් ගෙවන්නේ නැතුව හිරේ යන්න ගිය එකා, අධීක්ෂණය කරන්නේ, ඇමතිකම ගන්නේ කෙසේද කියාය. ඌ කිව්වේ ඌ ගාව මාර සිස්ටම් එකක් තියෙනවා කියාය. එක්කෝ ඌ ගාව එහෙම එකක් නැත. නැතිනම් සිස්ටම් එක, තියෙන එකට වඩා අවුල් විය යුතුය.

උසස් අධ්‍යාපනේ දීලා තියෙන්නේ උගත්, බුද්ධිමත් මැරයෙකුටය. එහෙම කියන්නේ, එයා කැමපස් ගියපු කාළේ, අද කාළේ කොල්ලො කෙල්ලෝ කරන ඔක්කෝම එයත් කරලා තියෙන නමුත්, නරි කොල්ලෝ ටිකක් හූ කිව්වාම, උන්ට කැම්පස් තහනම් කොරනා නිසාය. ආපු ගමන් කිව්වේ උසස් අජ්ජාපනේ ප්‍රයිවටයිස් කොරනවා කියාය. පිටරට ගිහින් ඩිග්‍රි ගැනිල්ල නවත්වා, සුද්දන්ට කැම්පස් මෙහේ අරිනවා කියාය. කැම්පස් හතරක් පහක් හදන්න ගිවිසුම් ගහලාත් ඉවරයි කියාය. අපිත් බලාගෙන උන්නේ, සල්ලි තියෙන උන්ට උනත්, පොඩි සහනයක් ලැබෙනවා නේද කියාය. මේ ඔක්කෝම හඟුරන්කෙත බයිලාය.

ප්‍රයිවට් ඒවා ඕපන් කිරිල්ල කෙසේ වෙතත්, මුන්ගේ නෑයින්ගේ දරුවෝ ටිකක්, ලක්ෂ 75 ගානේ අරගෙන, මැඩිකල් කොලේජ් වලට රිංගවලාය. කවදත් කෙප්ප කෙලින ඇමතියා කියන්නේ, විදෙස් සිසුන් කියාය. ඇත්තය එහෙම වෙන්න ඇතිය, ඒත් මේ ඔක්කෝම ලංකාවේ උන්ය. පිටරට ඒවාත් එක්ක බැලුවාම හොරකම් වංචා දූෂණ කොරණා උන්ට ලක්ෂ 75 නිකං කජු කනවා වගේය. මුන් ප්‍රයිවට් කැම්පස් අරිනවා කියා, "අරින්න" හදන්නේ මෙඩිකල් ෆැකල්ටි ටිකටය.

රටේ නායකයා වෙන්න හිටපු එකාට, එක කැම්පස් එකක් හදන්නට බැරි උනාය, නොමිලේ ඩිග්‍රි දෙන ඒවා නෙමේය, අඩු ගානේ ප්‍රයිවට් එකක් වත් ඇරගන්නට බැරි උනාය. ඇත්තටම මේකේ ඉන්න උන්ට, "බැංකු ණය"ක් වත් අරගෙන කැම්පස් එකක් වගේ එකක්, ඌගේ නෝනාගේ නමටවත් අරින්නට බැරිය. ඇත්තටම උන්ට එහෙම ඕනා කමක් නැතිය. මොකෝ උන්ගේ පැටව් පිටරට ගිහින් කප් ගහලා එන නිසාය. මෙහේ අයට හුලංය. උන් කරන්නේ ලෝන් අරන් අරක්කු කම්පැනි ඕපන් කරන එකය. එතකොට මුන්ගේ අදිස්ටානේ මොකක්ද කියලා අපට තේරෙනවාය. ලොක්කා කියන්නේ "ක්ෂිතිජයෙන් එහා බලන උන්" හදනවා කියාය. සමහර විට එහෙම කියනවා ඇත්තේ ඩ්‍රින්ක් එකක් දා බලන ක්‍රමේට වෙන්න ඇතිය. එහෙම නැතිනම් තනමල්විල මල් ගැහුවාම පේන ක්ෂිතිජය ගැන වෙන්න ඕනාය.

මේ ආන්ඩුවේ ගොඩක් උන්ගේ හඬ මිස වැඩ නැත, කිසිම ඉනොවේටිව් වැඩ නැත, කරන්නේ ඔක්කෝම පාජා වැඩය, ජිල්මාට් වැඩය, ගල් ආඳා වැඩය, අටුව කඩා පුටුව හදනා වැඩය, අලුතෙන් පුටුවක් හදන්නට ඉගෙන ගෙන නැතිය. 48 නිදහස ලැබිලා, උසස් අජ්ජාපනේට තේරෙන සිසුන්ගෙන් කැම්පස් යන්නේ 20% ක් ය. ඉතිරි උන්ට හුලන්ය. තරුණ සේවා සභාව වගේ ඒවා හැදුවේ රනිල්ලාය. ඩලසුත් යමක් කොරන්නේය, ඒවා නම් මොකා කලත් අගේ කල යුතු දේවල්ය. ලංකාවේ ජොබ් නැතත්,  දොස්තරවරු, ඉංජිනේරුවරු හැකි තරම් බිහි කරනවානම් අඩු ගානේ වොදේශවල ඇති ඉල්ලුමටවත් සැපයිය හැකිය. මේ නිස්කාරන වියදම් කරන වෙලේ කරන්න ඕනේ, සියළුම විෂයන් වලට 50% ට වඩා වැඩියෙන් ගන්නා හැම එකාම කැම්පස් එකට දමා ඩිග්‍රියක් දෙන එකය.

අනෙක් උන්ටත් මොන අංශයේ හෝ ඩිප්ලෝමාවක් දෙන එකය. ඉංගිරිසි පුණුවක් දෙන එකය, පරිඝනක පුණුවක් දෙන එකය. මාතලන් නම් කියන්නේ මේ රටේ අජ්ජපන කොරමේ සම්පූර්ණයෙන්ම උඩු යටි කුරු කල යුතුයයි කියාය. පොඩිම් එකා ඉස්කෝලේ යන්නේ, "එඩ්මන් හිලරි", "එවරස්ට්" කන්ද නගින්න යනවා වගේ "බැග් පැක්" එකක් කරේ දාගෙනය. ඒවා බර වැඩි නිසා, ඒවා උස්සගෙනයන්නේ අම්මලාය. පොඩි එකා ඒක උස්සගෙන ගියොත්හෙම, ගම්පහ වෙද මහත්තයාගෙන්, කොන්දට ගාන තෙල් ගේන්න වෙනවාය. මේයට සොලියුෂන් එකක් දෙන්න, එකෙකුටවත් බැරිය. අනික උවමනාවකුත් නැතිය, උන්ට ඕනා රටට සේවය කරන්න නෙමේය. කරටි කැඩෙන පච කෙල කෙල පුලුවන් තරම් හම්බ කරගැනිල්ලය.

අද ඉස්කෝල කියන්නේ, ප්‍රොෆිට් සෙන්ටර්ය, විදුහල්පති කමක් කියන්නේ හත් මුතු පරම්පරාවම ගොඩ යන සුවිප් එකක්ය. පාසල් අජාපනේ අනුභව කරලා හමාරය, දැන් කෙලවන්න යන්නේ කැම්පස් ටිකටය, ඒකත් පටන් ගන්න යන්නේ, හොඳම එකෙන්ය. මම නම් කොල්ලන්ට කෙල්ලන්ට කියන්නේ, මේවාට විරුද්ධව මරාගෙන මැරුණත් කම් නැතයි කියලාය. මොකෝ එහෙම නොකලොත් මුන් ප්‍රයිවට් කැම්පස් ඇරිල්ල කෙසේ වෙතත්, තියෙන ටික නම් ප්‍රයිවට්යිස් කොරලා දාන එකනම්, ගඟුරන්කෙත මාලිගා හැදුවා වගේ ෂුවර් නිසාය. ඒ වගත් මෙසේය....

62 comments:

  1. උඩම ඡායාරූපයේ වස්සාගේ මුහුණ රන්දුල ඇමතිගේ වැනිය. රජුගේ දෑත ශක්තිමත් කිරීමට පසුකාලීනව පැමිණි හොද උගතෙක් වන මොහාන් ලාල් ග්‍රේරුට මොකදු වුනේ හැබෑටම... දක්ෂයින්ට තැන නැති අදක්ෂයින් බඩ පිණුම් ගහනා සිරිලංකාවේ වල පල්ලට යන අධ්‍යාපනය....

    ReplyDelete
    Replies
    1. ඉතුරු වෙලා තියෙන්නේ කැම්පස් ටික විතරයි. ඒ දෙමව්පියන්ට අත පොවන්න බැරි නිසා. පාසල නැති කළේ දෙමව්පියන් හා එකවයි. ඒ නිසා ආන්ඩුව ගුරුවරු පමණක් නොවේ දෙමාපියන්ද වග කිව යුතුමයි.

      Delete
  2. මේ ලිපිය සමගින් සම්පුර්ණයෙන්ම එකග වෙනවා..
    දැන් මේ අධ්‍යාපන විෂයට කොච්චරනම් ඇමතිවරු ඉන්නවද....??
    උන් ඇමතිවරු නෙමේ ඇමතිහොරු...

    අධීක්ශන උන්නැහේ ගැනනම් ඉස්සර පොඩි ගරුත්වයක් තිබුනා.හැබයි දැන්නම් නෑ.

    ReplyDelete
    Replies
    1. මම හැමදාම කියන්නේ, ඔය සුසිල්ලට, මොහාන් ලාල් ග්‍රේරෝලාට වඩා, මර්වින් සිල්වාල හොඳයි. ඒ තමයි යථාර්තය, අරුං කරන්නෙත් ඒකමයි, නමුත් ගරු රඟපෑම්...

      Delete
  3. මහාචාර්ය මාතලං කියා පැවසීමට හැකිවීමම ආඩම්බරයට කරුණකි..

    ReplyDelete
    Replies
    1. කාටවත් කියන්න එපා.. මට ලැජ්ජයි ඕයි..... (ටෙනියගෙ කෑල්ලක්)

      Delete
  4. මග අරුණු ටික,

    අධ්‍යාපනයට හිටපු ඇමතිවරු කරපු කෙරිල්ලට අනුව (සොරි - කියවපු කියවිල්ලට අනුව)කෙරුනානම් අද වනවිට ලෝකයේ බුද්ධිය විකුණා මුදල් හොයන රටවල් අතර පළමු තැන සිටිය යුත්තේ මේ සිරි ලංකාව නම් ආශ්චර්යමත් දේශයය. නාසා එකේ පිරිලා සිටිය යුත්තේ අපේ කොල්ලෝ කෙල්ලොය, සොෆ්ට්වෙයා කොම්පැනි වල අපේ ඔළුගෙඩි පිරිලා තිබිය යුතුය,ඒත් ඒ හැම තැනම පිරිලා නොව ඉතිරිලා ඉන්නේ ඉන්දියානු කොල්ලෝ කෙල්ලොය, ඒත් අදටත් අපි පම්පෝරි ගගහා විකුනනේ ශ්‍රමයය. මැදපෙරදිගට, කොරියාවට,සයිප්‍රසයට පමණක් නොව ඉතාලියට, කැනඩාවට,ඊශ්‍රායලයට පවා විකුනන්නේ ශ්‍රමයය, විකුණලා පම්පොරිත් ගහනවාය.ඒ ශ්‍රමයෙනුත් 75% කම කාන්තාවෝය,උන්ගේ 90% ටම වෙන දේ හැමෝම දන්නවාය.ඒ මදිවෙලා බාල වයසේ කෙල්ලොත් වයස හදලා යවලා මරවලා විශ්වාස භන්ගයෙනුත් දිනනවාය.
    ඒ මදිවාට මහරජාගේ පුතා ඒ.සී. කාමරේක තනියෙන් විභාගයක් ලියා ඇවරේජ් ඒක 99.98% ගන්නවාය. ඒක ලෝ කොලීජියේ වාර්තාව්ක්ය. මහාචාර්ය ජී.ඇල්.ටත් එහෙම නැතිය. එකනම් බේබිගේ දක්ශාතාවය නිසා ලබාගත් එකකි. අවුරුදු දවසේ මහාචාර්ය නලින්ද සිල්වා මහතා දෙකට නැවී මෝල් ගහක් වගේ කෙලින් ඉන්නා බේබිට වඳින්නේ ඒ නිසාය.

    ලියන්න ගියොත් ඉවරකරන්න බැරිය. බලෙන්ම නවතමිය. මාතලන්ටත් එහෙම වෙන්ට ඇතිය.

    ReplyDelete
    Replies
    1. @“අවුරුදු දවසේ මහාචාර්ය නලින්ද සිල්වා මහතා..........“ - ඔබ ඔය කිය න ඡායාරූපයේ ඇත්තටම ඉන්‍ෙන් ඒතුමා ට සමාන හැඩරුව අැති ගැමිෙයක්.ෙබ්බි ෙග් ඡන්දදායකෙයක්. අැත්තටම මමත් මුලදි රැවටුණා. ෙම් ගැන සංවාද මූණුෙපාෙත් ගියා. නලින් ද සිල්වා මාධ්‍ය ෙවත දක්වපු අදහසුත් සමඟ ෙපාස්ට් ඒකකුත් තිබ්බා. ඒ නලින් ද සිල්වා මහතා ෙනාෙව්.

      Delete
    2. එහෙම වූවානම් හොඳයි,ඒ මහාචාර්ය නලින් ද සිල්වා මහතා නොවේවායි අපගේද පැතුමයි.

      Delete
    3. මමත් හිතන්නේ නෑ. නලීන් ද සිල්වා එච්චරම පිස්සෙක් කියලා. මට දුක උඹ මේවා උඹේ බ්ලොගේ නොලියන එක. ඇත්තටම මේ මට මග ඇරුන ටික. අපි විදෙස් රටක සේවය කරන කොට හොඳට දැකපු දෙයක් තමයි. පිල්ලන්ගේ අජ්ජාපනේ. අපේ 8 පාස් වෙච්ච එකා තරම් දැණුමක් නෑ. හැබයි හැම එකාටම අඩුම ගනේ ඩිප්ලොමා එකක් වත් තියෙනවා. ඒකයි මම කිව්වේ මේ සුද්දා දීලා ගියපු එකේම එල්ලිලා ඉන්නේ නැතිව. දියුණු රටවල අජ්ජාපන ක්‍රමයක් හඳුන්වලා දෙන්න ඕන. ඊට වඩා වටින්නේ අපේම දෙයක් කළොත් තම්යි ඉතින්.

      Delete
  5. මේ රට කොරවන කෙරවිල්ලට මෙහෙම ලියන්න හිතිලා මදි ය. මුන් ඔක්කොම මරාගෙන මැරනේන හිතෙන එක සාධාරණය. ප්‍රභාකරන්ට හරි ඒක හිතුනේ මොනතරම් පීඩනයක් තියෙන්න ඇති නේද කියා හිතේ. පුදුමේ කියන්නේ අපිට මේ දැනෙන පීඩනය අපි වගේම ජීවත්වෙන ගමන්, අයිටීඑන් බලා ජිවිතය විඳින හැත්තට දැනෙන් නැද්ද කියන එක ය. කොහොමත් මුන්ට දැනෙන්නේ තමුන්ට කෙළින්ම බලපාන ප්‍රශ්නෙකදි විතරය. ඒක පෞද්ගලික සේවක විශ්‍රාම වැටුප් යෝජනාවෙදි අපිට හොඳටම පෙනුනි. ඒත් ඒ ජනතා නැගිටීමත් එතනින් ඉවරයි මිසක් දිගට ගියේ නැත. ඒක හරියට 53 හර්තාලය වගේ සෝඩා සැරයක් විතරකි. විදුලි බිලේ ප්‍රශ්නෙ එහෙම නොවේවා කියලා පතන අතර, එහෙම නොවන්නට අපිට කරන්න පුළුවන් දේත් කළ යුතු ය. නැත්නම් අපිට විතරක් නෙවෙයි, අපේ අනාගත පරම්පරාවල්ටත් මිනිස්සු හැටියට ජීවත් වෙන්න රටක් ඉතුරු වන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්න පුතේ. "අපේ රටේ මිනිස්සු, අනෙක් රටවල මිනිසුන්ට වඩා බොහෝ වෙනස්".... 77 දී 94 දී පෙරලුවේ මීට වඩා පවර්ෆුල් ආන්ඩු...

      Delete
  6. මාතලන් ඔබගේ අවසන් පැතුම සියලු දෙනා නැවත හැරී බැලිය යුතු අතීතයක් ද සිහි ගන්වයි.
    නමුත් අපේ මිනිස්සු බහුතරයක් කුහක වෙලා. ඊට ළඟම හේතු සඳකය වනුයේ අර්ථික ක්‍රමයේ එරී සිටීමයි. දේශපාළුවා පමණක් නොවේ සමහර මිනිසුන්ද එදා වේල කා ගන්න සහ මඩිය තර කරගන්නේ කෙසේද කියන අදහසින් සිටින්නේ.
    අයි ටී එන් දිනක් ප්‍රවෘත්ති සඳහා රූප රාමු සකසනු ලැබුවා. පොළේ එළවළු මල්ලක් රැගෙන එන (පෙනෙන පරිදි දිළිඳු) කාන්තාවකගෙන් ප්‍රයිවට් කැම්පස් මේ රටේ හදන එකට විරුද්ධද කියලා අසනවා. ඇය එක වරම කියා සිටින්නේ “විරුද්ධ නෑ. ප්‍රයිවට් කැම්පස් අපිට ඕනෑ“
    නමුත්, එය කැමරාකරනයට පෙර කටපාඩම්කළ එකක් බව අප දනිමු.
    අධ්‍යාපනය පෞද්ගලීකරණය - මෙම උවදුරට එක් විය යුත්තේ ඉන් පීඩාවට පත් වූ දරුවන් පමණක් නොවේ. පසුගිය ෆූටා එකේදී අරගල කිරීමේදී සමහර මිනිසුන් සිනාහසුනා. හරියට එය ඔවුන්ගේ හෝ ඔවුන්ගේ හත්මුතු පරම්පරාවේ අයෙකුවත් කැම්පස් කිසිදා යන්නේ නැතිය කියා සිතා සිටිනවා හා සමානය. පක්ෂය වංශය මෙන් රකිමින් දැන දැනත් උන්වම රජකරවන ගොන් රැළක් ද සිටින අපේ රටේ සිදුවෙන්නාවූ විනාශයන්ගේ හවුල්කරුවන් ය.
    ඇනෝලට ඇති තරම් බනින්න පුළුවන්. නමුත් ඔබට බුද්ධිමත්ව එසේකල නොහැකිය.

    ReplyDelete
    Replies
    1. අනේ නංගි....මට ඔයාගේ අදහස් ගැන පුදුම සතුටක් එන්නේ...ඔයා වගේ නංගිලා මේ බ්ලොග් අවකාශේයේම පීදීලා මේ බ්ලොග් අවකාශය නැමැති කෑලෑවේම පරවෙලා යයි කියලා මට බයක් දැනෙනවා. ඔයාගේ අදහස් මීට වඩා පලල් සමාජ කථිකාවකට ලක් විය යුතුය. මාක්ස් ලෙනින් අදහස් යම් කිසි සමාජ ප්‍රගමනයකට හේතු උනාද ඒ හා සමානව නැතහොත් ඊටත් වඩා සමාජ විප්ලවයකට සුදුසු ජීවමාන අදහස් ඔබ සතුයි....ඔබගේ සුන්දර මූණද ඕබගේ අදහස් මෙන්ම ජීව ගුණයෙන් ඇතැයි මා කල්පනා කරනාව...ඒ නිසා මේ ටිං ටිං පූස් මූණ ඉවත් කර ජීවගුනයේන් යුතු ඔබගේ මුහුණු පොඩ්ඩ ප්‍රොෆයිලයට යොදනු මැනවි......

      Delete
    2. බොහෝ දෙනෙක් අනුවර්ත නාමවලින් සහ Profile logo වලින් එද්දී මා පමණක් විශේෂ විය යුතු නැතැයි කියා සිතනවා. අප ඉපදුනු රටට, ඇසුරුකරණ සමාජයට බරක් නොවෙන්න උත්සාහ කරමු. එය බොහෝ දෙනෙකුගෙන් ඉටු වෙනවානම්, අපේ රට සහ අපි අසරණ වනුයේ නැහැ. එසේනම් මාතලන්ටත්, අපිටත්, අනෙක් අයටත් මෙසේ කෑ මොර දෙන්න අවශ්‍ය වනුයේ නැහැ.
      අද පෞ: වෛද්‍ය විද්‍යාල ගැන කතා කළද, රෝහල් සහ ඖෂධ මාෆියාව ඉතා හොදින් රජකරවන යුගයක්. මාෆියානම් කෙළවරක් නැහැ. නමුත්, මේ සියල්ලෙන් බැට කෑ ජනතාව එය තේරුම් නොගෙන්නේ නම්....
      අපි කතා කරනුයේ, ලියනුයේ, අරගල කරනුයේ මෙවන් මිනිසුන් ද සිටිනා සමාජයක. එබැවින් බැනුම් ඇසීමටද අනන්ත සිදුවේ.

      Delete
    3. අජ්ජාපනය පෞද්ගලීකරණයට මම එකඟයි. නමුත් මේ ක්‍රමයවත්, මාලබේ ක්‍රමයවත් නෙමෙයි. ඔරිජිනල් පෞද්ගලීකරණය. පවතින ක්‍රමය අවශ්‍ය වන්නේ බහුතරය කළු සල්ලි ආර්ථිකයට අයත් නොවන පිරිස නිසා. මොකෝ සුපිරි පන්තියට උපරිම සහන දෙන්නේ, හිඟන්නන්ගේන් ගන්න බදු වලින් නිසා. ඉතින් බදු ගෙව්වයින් පස්සෙ, ඒ මිනිස්සුන්ට වෙන දේකට වියදම් කරන්න දෙයක් නෑ.

      හොඳම උදාහරණය - විදුලි බල මණ්ඩලේ දැවි තෙල් හා කුඩා ජල විදුලි බලාගාර හිමියෝ. ඕනම නම් 30 දෙනෙක් වෙන්න ඇති. ඒ තිස් දෙනාට ආතල් දෙන්න ලක්ෂ 55 ජනතාවගේ පොකට් එකට ගහනව. මාර ආශ්චර්යනේ.......?

      Delete
  7. ඇයි යකෝ මුන් මෙඩිකල් ෆැකල්ටිම අරින්න හදන්නෙ. මට පෙන්නෙ හොදටම සල්ලි ගරන්න පුලුවන් එකෙන් වෙන්න හින්ද ඇති. ලගදිම නවලෝකෙත් එකක් අරින්නයි යන්නෙ

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතින් හැම එකාටම ඕන, දරුවෝ දොස්තරලා කරන්න නේ. මම නම් ඒ කාළේ ඉඳලා පුතේ ඔයා ළොකු උනාම කවුරු වෙන්නද ආස ඇහුවම කියන්නේ, ලෙඩෙක් වෙන්න කියලා.. ඇයි යකෝ දොස්තරලගෙන් වැඩක් තියෙයි ලෙඩ්ඩු නැතුව.....

      Delete
    2. ඒකනෙ මාතලන් කවුරුවත් වෙදෙක් වෙන්න ආස නෑනෙ.....

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මාතලන් අයියා කියලා ඇත්තේ ඇත්ත ම කතාවකි. ඔන්න දැන් වහා ක්‍රියාත්මක වන පරිදි අපේ ආදරණීය බන්දුල මාමා ව්‍යාපාර සංඛ්‍යානය විෂයය උසස් පෙළ කලා විෂය ධාරාවෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත. තවත් ඉදිරියට තව තවත් විෂයයන් ඉවත් කර උසස් පෙළ නැත්තට ම නැති කරනු ඇත. නොඑසේ නං එය ද පෞද්ගලීකරණය කරනු ඇත. ආර්ථික විද්‍යාව පිළිබඳ උ‍ගතෙකු වන බන්දුල මාමා අප සියලු දෙනාට ම වඩා පෞද්ගලීකරණයේ සමාජ ප්‍රතිලාභ ගැන දන්නේ නිසා මෙසේ සිදු කරන බව සිතා අපි නිහඬ වීම වඩා හොඳ ය. මක් නිසා ද යත් අද වන විට (අම්මට) සිරි ලංකාව ආශ්චර්යයමත් දිවයිනක් බවට පත් වී හමාර බැවිනි.

    ReplyDelete
    Replies
    1. ඒක පෞද්ගලිකරණයේ වරදක් නොවේ. පුද්ගලීකරණය කියලා, රජයේ දේ විකිනීමවත්, රජයේ දේ කියලා, ලාභ ලබන ඒවා පවර ගන්න දේ වත් නෙමෙයි කල යුත්තේ. අළුතෙන් ආයෝජකයන්ට එන්න ඉඩ සලස්වන එක. එහෙම නැත්නම් ඒ සහන සියල්ලම දේශීය ව්‍යාපාරකයින්ට දෙන එක. ප්‍රමිතිය පවත්වාගෙන යාම අධීක්ෂණය පමණයි රජය කළ යුතු වන්නේ. නියම පෞද්ගලීකරණයකනම්, ඒකත් අවශ්‍ය නෑ. මොකෝ මිනිස්සු බාල කොලිටි බඩු ගන්න යන්නේ නෑ.

      Delete
  10. විදුලි බිල නග්ගලා
    ඒ අස්සේ උන්ගෙ කස්ටියව
    මෙඩිකල් ෆැකල්ටියට රිංගවලා
    ක්‍රිකට් කණ්ඩායමටත් කී දෙනෙක් රිංගවලාද?

    උතුරෙ චන්දෙ ගෙනා ගමන්
    ගොන්නු තප්පුලුලන්න ගන්නවා
    අවුල් වියවුල්
    දිය හොඳටම බොරයි
    උන්ගෙ හොද්ද බොර වෙයි.

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් කාපු තරම අයි පී එල් එකෙන් පේනවනේ. ඒක ඉවරයි. දැන් ඔය කම්බ හොරුන්ගේ පවුල් වල උන් විත්‍රයි ක්‍රිකට් බලන්නේ, ඉස්සර අන්නාසි විකුනන එකත් නම්බර් වන් ක්‍රිකට් ලෝලියෙක්.. අනික්වල තත්වෙත් එසේමැයි....

      Delete
  11. අපි ඉගෙන ගන්න කාලේ අගමැතිය මොකාද,අජ්ජාපන ඇමතිය මොකාද කියල අපිට ගානක් තිබුනේ නැත.ඒ අපට උගැන්වූ ගුරු මෑණියන්/පියන්,ඔළුවට ටොක්කක් ඇන හෝ තට්ටම් පුපුරු ගහන්න තඩි වේවැල් පහර දීල හරි පාඩම් කර විභාග ජය ගත යුතු මාර්‍ගය පෙන්වා දුන්නෙ තමන්ගෙ ගෙදර දරුවන් සේ හිතල.
    පස්සෙන් පහු කාලේ එහෙම හිටපු පින්සිපල් ලොක්කල අජ්ජාපන ඇමතිලා වෙලා හොදට තිතට මත් වෙලා දෙනෝ දහක් බලා ඉද්දි සරම උස්සල ෆූල් එකට හුජ්ජ කරල,නවතින්නෙ නැතිව පරලොව ගියෙ මිනිබිරියක් වගේ දැරිවියකගේ පහස ලබමින් සිටියදී.
    අර හගුරන්කෙත කොට චන්ඩිය හිරේ ඉද්දි නාවල කොස්වත්තෙ මාලිගාවක් හැදුව.ඒවලින් පේනවා මිනිහ වගේම නෝනත් චන්ඩි කියල.
    අර වන්දුලය ගැන කතා කරල වැඩක් නැහැ.ඇහැට කනට පේන කොන්ඩ පටි ඉස්සරහට ගෙන්නගෙන පැණි හල හල බුලත් විට පෙට්ටි කඩ කරන විජ්ජාව උගන්නපු පරය.
    අධීක්ෂණයට දාපු එකාට තමන්ගෙ දුවව හදාගන්න බැරි උනා ෆේස් බුකියෙ පොඩි කාලෙ ඉදල වල් වැදිල.
    >>මෙහෙම පරයෝ ඉන්න අජ්ජාපනෙට කවදා පායයිද 'හිරු'<<

    ReplyDelete
    Replies
    1. හිරු?

      හි...හී....
      හි....හී....

      Delete
    2. මුන් ඔක්කෝම පිස්සෝ රැලක්. ඩිලාන්ට විරුද්ධ විශ්වාස භංගේ දිනන බව දැන දැනත් ඔක්කෝම හැසිරුනේ පිස්සෝ ටිකක් වගේ. එකෙක්ටවත් රිසානා ගැන මතකයක් තිබ්බේ නෑ. රිසානාලා 1000 මැරුණත් අපේ උන්ගේ තත්වේ ඒකයි. මුන්ට මිනිස් ජීවතවල අගයක් නෑ.

      Delete
  12. මැඩම් ගේ කාලේ අධ්‍යාපනය ගැන කියද්දී අමතක කරන්න බැරිම චරිතයක් තමයි තාරා (පීප් ගාපු මගේ පොඩි තාරා නෙවෙයි, තාරා දි මෙල්).එයා තමයි උසස් පෙල විශය 4 , 3කට අඩු කළේ.මැඩම් ගේ ක්ලාස් මේට් කෙනෙක්ලු එයා. අපේ උසස් පෙල කොලිටිය බැස්සේ ඊට පස්සේ.

    ReplyDelete
    Replies
    1. ඒවා නම් කවුරු කලත් හොඳ වැඩ. 3 නෙමෙයි, 2 තිබුනම හොඳටෝම ඇති. මේක අජ්ජාපනයක් නෙමෙයි විකාරයක්...

      Delete
  13. ප්‍රයිවට් කැම්පස් වලින් ශිෂ්‍යයෝ විතරද ගොඩ යන්නේ?

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රයිවට් කැම්පස් ගැන නෙමෙයි බන්, මෙඩිකල් කොලේජ් වලට හොරුන්ගේ ළමයි රිංගවීම ගැන.

      Delete
  14. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය කොහොම හරි මර්දනය කරනවා කියලා මේ මහත්හොරු චොකා බයිලා ගහන්නේ මේ ටික කරන්න තමයි!
    දැනටමත් විදෙස් සිසුන් කියලා අය අපේ විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුල් කරලා! ඒ අයට වෙනම සැප කාමර! සැලකිලි! මාසෙකට තවත් දීමනාවක්!
    විශ්ව විද්‍යාල උප සංස්කෘතිය කියන එකත් නැති කරගෙන යන්නේ! නවක වදය පිටු දකිමු කියලා කරන්නේ තවත් ඉස්කෝල මානසිකත්වයෙන් පිරිච්ච කට්ටිය හදන එක!
    මාතලන් අයියේ.... අපේ අය මරාගෙන මැරෙන්න සූදානම්!!!!!

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඔය අයියා අක්කා කීමත් ඉස්කෝල මානසිකත්වයේ කොටසක්.

      http://kathandara.blogspot.com/2011/11/comradery-or-decadency.html

      ඒඛ විශ්ව විද්‍යාල උප සංස්කෘතියේ පරිහානියේ ලක්‍ෂණයක්!

      Delete
    2. @ නාඩියා
      විය යුත්තේ එයයි...

      @ කතන්දර
      කැම්පස් එකෙන් එලියෙ උනත් ඒ දේ නැතිවෙනවනම් හොඳයි, ඒත් ඒ අපේ හැදියාව. ඒවා නැතිවෙන්න සෑහෙන කාළයක් යයි. මොකෝ බැක් වර්ඩ්ස් යන නිසා. දැන් වඳින එක රජ වෙච්ච කාළයක් නේ.. කැම්පස් වල නම් එහෙම වෙන්න ඕන නෑ කියලා තමයි මමත් හිතන්නේ.. එක්කෝ මච්ං නැතිනම් සහෝදරයා...

      Delete
  15. පස්සේ වෙන දේවල් හැටියට වර්ණපාල වගේ මොකුත් නොකර සිටීමත් එක අතකට හොඳ දෙයක් නේද?

    යර්ස් මිනිස්ටර් බලා ඇතිනේ?

    ReplyDelete
    Replies
    1. ඒකනේ අද හැමෝටම චන්ද්‍රිකා හොඳ වෙලා තියෙන්නේ. ඉයස් මිනිස්ටර් නයිටීඇන් එකේ යන කාළේ නොවරදවාම බලනවා. ඒත් යූ ටියුබ් එකේ නම් බලන්නේ නෑ. ඒවා බැලුවාම වැලක් බලන්න බැරි වෙනවා, හදිසියකටවත්....

      Delete
  16. ලාබ ලබන ව්‍යාපරයක් විදියට හොඳ විශ්ව විද්‍යාල මූලික අධ්‍යාපනයක් දෙන්න බෑ මට හිතෙන විදියට.

    එහෙම විශ්ව විද්‍යාල මේ ලෝකේ නෑ. පුළුවන් නම් හොයා දෙන්න.

    ඇමරිකාවේ පවා අපේ අය පුද්ගලික යැයි කියන විශ්ව විද්‍යාල ලාභ ලබන ව්‍යාපාර නොවේ. පුද්ගලික දානපතියන් විසින් පොදු ජන හිත සුව පිණිස ඇරඹූ ඒවා.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් හරියට කියන්න දන්නේ නෑ කතෝ. අරුණිගෙන් තමයි අහන්න වෙන්නේ. ඒත් මම හිතන්නේ නෑ ලාබ නොලබන දෙයක් නම් පවත්වාගෙන යාවි කියලා. එහෙම නැතිනම්, ෆ්‍රැන්චයිස් හරි කොන්සොලිඩේටඩ් කොම්පැනීස් වලට අයිති ඇති. නමුත් ඕවල පර්යේෂණ සඳහාත් අධික වියදමක් යන බවත්, ඒවා කිසිම හිඟයක් නැතිව ලැබෙන බවත් නම් දන්නවා. කෙසේ වෙතත් ස්ටෑන්ඩර්ඩ් එකට නැති උනත් මාලබේ නම් අම්බ ප්‍රොෆිට්.

      ජාත්‍යන්තර පාසල් වල තත්වයත් එහෙමයි. කොලිටිය කෙසේ වෙතත්, පට්ට ලාබ...

      Delete
    2. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් ලාභ නොලබනවයි කියන්න බෑ....උදාහරනයක් ලෙස ඕස්ට්‍රේලියාවේ පස්වෙනියට විශාලතම විදෙස් විනිමය ඉපයීම සිදුවන්නේ විශ්ව විද්‍යාල නිසා....ඒ වගේම එවායේ ධනාත්මක අතුරුපලත් සමාජයට ලැබෙනවා...

      Delete
    3. ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රශ්ණයට විසඳුම පුද්ගලික විශ්ව විද්‍යාල නොවේ, මෙන්න මේකය! දැවෙන ප්‍රශ්ණයකට කතන්දරකාරයා ගෙන් පිදුරු ගොඩක්!! - Private money for higher education industry

      http://kathandara.blogspot.com/2012/01/private-money-for-higher-education.html

      !

      Delete
    4. මයියා, ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ලාභ ලබන ආයතන නොවේ. අධ්‍යාපනය විකිණීම මගින් රටක් වශයෙන් ඕස්ට්‍රේලියාව විදේශ විනිමය උපයනවා තමයි. හැබැයි විශ්ව විද්‍යාල නඩත්තුව (බහුතරයක) සඳහා මුලික ප්‍රතිපාදන සපයන්නේ රජයයි.

      Delete
    5. එහෙ ජූලියාට සැන්විච් එකෙන් ගහපු එකාට දුන්න දඬුවමත් අයින් කරන්න කියලා, ඉස්කෝලේ යන උන් ඔහොම තමයි කියලා. මෙහේ ගැහුවනම් හෙම. ගහපු එකා අතුරුදන්..

      Delete
    6. ඒ උනාට කතෝ මෙහේ කරන්න යන ඔය කියන එකක්වත් නොවෙයිනේ.. වෙන අටමගලයක් නේ...

      Delete
  17. විදෙස් සිස්සයෝ 1000කට සිරි ලංකාවේ විස්ස විද්යාල වල ඉඩ තියෙනවලු. හැබැයි සිරි ලංකාවේ සිස්සයෝ ඇතුලත් කර ගන්න නම් ඉඩක් ඇත්තෙම නෑලු.......

    ReplyDelete
    Replies
    1. මුන්ට ඉතින් වැහි නැති හෙන එපාය ගහන්න.....

      Delete
  18. මම නම් කියන්නේ විධිමත් ක්‍රමයකට පෞද්ගලික විශ්ව විද්‍යාල විවෘත කල යුතුයි .එයින් එන ආදායම රජයේ විශ්ව විද්‍යාලවලට ලබාදිය යුතුයි.රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය බිද වැට්ටීමටද ඉඩ නොදිය යුතුයි.නැත්නම් ඒකත් පෞද්ගලික බස් මාපියාව වගේ වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මේ රටේ හැම දේම දැන් මාෆියා වලින් තමයි රන් වෙන්නේ...

      Delete
  19. ෂික්... ඇයි මන්දා අපෙ තාත්තා විදුහල්පති වෙන්න අකැමැති :(

    ReplyDelete
    Replies
    1. තාත්තගෙ පත්තර ඒජන්සිය දැන් වහලද?

      Delete
    2. උඹලගෙ පින් නෑ.. නැතිනම් ඉතින් රාජපස්ස කුමාරවරු විඳින සැප තමයි පුතේ...

      Delete
  20. අතීතයේ යම්කිසි පුත්ගලයෙක් සැලසුම් කළා රටේ සියලුම උසස් තාක්ෂණික ආයතන ඔක්කොම අධ්‍යාපන අමාතියංශය යටතට ගෙනත්, 1 වසර සිට ඉහලට අවස්ථා 4 කදී සිස්ටම් එකෙන් එලියට යන අයව එකතු කරලා ඒ ඒ අයගේ දක්ෂතාවය සහ හැකියාව අනුව පාඨමලා වලට ඇතුලත් කරගන්න.ඒ කාලේ මහපොළ හැදුව මුල. මහපොළ අරමුදල මගින් දුප්පත් ළමයින්ට මුදල් ලබාදීමටත් පලවන හා දෙවන කොටස් වලදී සිස්ටම් එකෙන් ඉවත් වූ අයට හැකි ඉක්මනින් ස්වයන් වියාපාර පටන් ගැනීමටත් පහසුකම් ඇති බැංකුවක් නිර්මාණය කිරිඉමටත් සැලසුම් කලා.මෙවිට වයස අවරුදු 18 වෙනකල් සෑම ලමයකුම අධ්‍යාපන අමතියංශයේ ආයතනයක ඉගෙන ගන්නවා.කිසිම ලමක් අවරුදු 18 වෙනකල් රස්තියාදු ගහන්න බැරි වෙන විදියට මේක සැලසුම් කලා.මේක හැලුව දේශපාලන නායකයෙකුත් හිටිය . . . මේගැන මාතලන් දන්නවා ඇති සිතමි.දන්නවා නම් වැඩි විස්තරයක් දාන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ රටේ කාළකන්නි දේශපාළඥයෝ මිනිස්සු දැණුවත් වෙනවට කැමති නෑ. දූපතක් නිසා ඒ දේ කරන්න ලේසියි. ඒ නිසා තමයි විමල් වීරවංශලා වගේ අය වීරයෝ වෙන්නේ. නමුත් හැමදාම මෙහෙම තියෙන්නේ නෑ. තාක්ෂණයත් එක්ක ඒ දේවල් වෙනස් වෙන්න ඕන. ඒත් මේ බ්ලොග්වලිනුත් කීයෙන් කී දෙනාද සමාජය දැණුවත් කරන්න වෙහෙසෙන්නේ.. වැඩි දෙනෙක් කරන්නේ මල් පත්තර කාරයෝ කරන වැඩ.. මම පෞද්ගලිකව උගතුන්ට ආරාධනා කරලා තියෙනවා මේකට ගොඩවෙන්න කියලා. ඇත්තටම ඔවුනුත් කැමති නෑ සමාජය දැණුවත් කරන්න. ඒකයි අපේ රටේ කරුමය.

      Delete
    2. කොහොමත් තව කාලයකට කිසි දෙයක් කරන්න බැරි වෙනවා.එතකන් වෙන දෙයක් බලාගෙන ඉන්න තමා වෙන්නේ.දැන් කොහොමත් මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු නිසා ඔය කැරකෙන දුෂණ චක්රයටම යට වෙන්න වෙනවා.විකල්පයක් නෑ.අර නිව්ස් ව්කක් ගියේ පාරේ යන ලොරි වලින් වැලි කොට්ට 5 ගානේ එලි පිටම බානවා.ඒ වගේ මිනිසුන්ගේ සල්ලි දේපල එලි පිට කොල්ල කන වෙලාව එනකල් මේක යනවා.ඔය දුෂණයෙන් හම්බ කරන අයම එදාට ඔය ඇත්තන්ට විරුද්ද වෙනවා.ඔය ලුණු දිය කරන්න වෙන්නේ හදුනා වතුරෙන්ම තමා දැන් නම් . . .

      Delete
    3. අනිවා අන්තීමට භාරත දුමින්ද වගේ ගැටුම් කරලියට එනවා... එතනින්ම මොවුන් අවසන් වෙයි...

      Delete
  21. අපේ රටේ ලමයි ගැන කිසිම කැක්කුමක් කිසිම මන්ත්‍රී, ඇමති කෙනෙකුට නැ.අපේ අනගතය විකුනලා එයාල සැප ගන්න තමයි උත්සාහ කරන්නේ. ඉස්කෝලෙක උගන්නන කොට තමයි ඒව කොච්චර අවුල්ද කියල තේරෙන්නෙ. ලමයින්ගෙ ප්‍රස්න එතනමයි. ගුරුවරු අඩුයි. පාසල්වලට මුදල් නැ.හැමෝටම අඩුපාඩු පේනවා. ඒත් නොදැක්ක වගේ ඉන්නවා. ගුරු උපදේශකගෙ ඉන්දන් අද්යක්ශක දක්වා.

    ReplyDelete
    Replies
    1. පාසල් අධ්‍යාපනය විනාශ කරලා ඉවරයි. ඒකයි දැන් අත ගහලා තියෙන්නේ උසස් අධ්‍යාපනයට. මට දුක තමන්ගේ පඩිය වැඩි කර ගන්න 6% බොරුවට ඉස්සරහට දාගෙන ආපු ආචාර්ය සංගම් පවා සද්දෙ වහලා ඉන්න එක ගැනයි..

      Delete
  22. උසස් අධ්‍යාපනේ පාට පෙනී පෙනී ඉන්නේ . තව ටික කාලෙකින් අපිටත් මේ කතාව අත්දැකීමෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි මම හිතන්නේ ..

    ReplyDelete
  23. පුද්ගලික විශ්ව විද්‍යාල වල නම් වරදක් නොදකිමි. හැබැයි ඒ පිටිං තියා දරුවන්ට "ඇන්නවීම" ට එරෙහි වෙමි.

    ReplyDelete
  24. i do not agree with u 100% on this,, government should provide free education to the smartest bunch but what happns to the ones who dont get in to the uni system... if u look at all the students who are overseas aussie n uk,, almost 90% of them are from middle class families and i am payin a loan of 1mn to support my sisters education overseas and its tuff,, i hv to manage my own studies work and expences for my sister ,,if she had access to a local uni with a lessfer fee it will b a great relief for us and u know how much money is beein sent out of the country for the students annaully,,,, if government is trying to cut down on free edu then its should be holted at the same time we should encourage private uni's and the best example u can find from our neighbour .indians hv reached to the managements level of some lolcal software companies as well, purely cz eudcation is readily available for a affordable price in inidia, unlike sl,,,but mr.mathalan thinking of how this govenrment does things very differntly than they describe,, its safe to b suspicious over this,, how ever as a whole,, its a good idea

    ReplyDelete
  25. ලංකාවේ විශ්ව විද්‍යාල ගැන අපට දුකයි. මේවා ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1500 අතරවත් නැහැ , බටහිර විශ්ව විද්‍යාල එක්ක බලනකොට එහෙ ඉගන ගන්න ළමයි සහ ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගන ගන්න ළමයි අතර විශාල වෙනසක් තියනවා. බටහිර විශ්ව විද්‍යාල වල ඉගන ගන්න ළමයි තුල විනය අනුන්ට හිරිහැර වන විදියට නොහැසිරීම, නවක වද නොකිරීම වගේ උසස් ගති තියනවා. සංස්කෘතික මට්ටමිනුත් ඒවා උසස්. ලංකාවේ විශ්ව විද්‍යාල බටහිර විශ්ව විද්‍යාල මට්ටමට එන්න තව අවරුදු 150 වත් යයි එතකන් මේ අය මහ පාරේ තමයි ඉගෙනීමක් නැහැ . මේ නිසා දැන් පුද්ගලික අංශයේ රැකියා දෙන්නේ පිටරට විශ්ව විද්‍යාල වලින් උපාධි අරන් එන අයට. ඒ අය දක්ෂයි, භාෂා හැකියාව, නායකත්වය වගේ දේවල් තියනවා. ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගන ගන්න ළමයි ඒවා බලලා හැදෙන්න බලන්න ඕනේ.

    ReplyDelete
  26. උඹලට අමු කැවිලද ලංකාවේ හිඟන විශ්ව විද්‍යාලවලට යන්න. ඕවා අර අප්‍රිකාවේ අසාර්ථක රටවල් වල විශ්ව විද්‍යාල වලටත් වඩා අධ්‍යපනික ශ්‍රේණිගත කිරීමෙන් පහලයි. මෙහෙ ඉන්න ලේක්චරයෝ මොකුන්ද? මෙහෙ ඉන්නේ කබ්බෝ වගේ කිසිම පරියේෂණ පත්‍රිකාවක් කරගන්න දන්නේ නැති සතියට පැය 2-3 උගන්නලා බොරුව කරන , රෙදි උස්සන නංගිලට ක්ලාස් එක දෙන විශ්ව විද්‍යාල ආචාර්යවරුනේ . යන එක කොලිටි එකකට පලයල්ලා. අර සෝමවංස අමරසිංහගේ පුතා එංගලන්තේ ශේෆිල්ඩ් විශ්වවිද්යාලේ , කුමාර් ගුනරත්නම්ගේ පුතයි දුවයි හෙට අනිද්දා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් එකට යනවා . වාසුගේ පුතා මේරිලන්ඩ් වල විශ්ව විද්‍යාලයක . උඹලා මෙතන ලංකාවේ විශ්ව විද්‍යාල නොහොත් හරක් මඩු වලට යන්න ට්‍රයි කරනවා . ඕවා වලට ගියොත් අනාතයි , යන එක ප්‍රිස්ටන් , හාවර්ඩ් , යුනිවර්සිටි ඕෆ් සිඩ්නි , සයිමන් ෆ්රේසර් , මැගිල් වගේ බටහිර රටක රැග් නැති අන්තරේ හිගන්නෝ නැති වැදගත් ශිෂ්ඨ උගත්තු ඉන්න ඒවලට පලයල්ලා මිනිස්සු වෙන්න ඕනේනම් . ඉඩම් උකස් කරලා හරි පලයල්ලා ඒක උනත් වටිනවා මෙහෙ හරක් මඩු වලට වඩා . දන්නවනේ මෙහෙ ඒවලට ගියොත් හැම නරියගෙන්ම කුණුහර්ප අහගෙන , රැග් කකා , කුණුවතුර බකට් පාරවල් වැදී වැදී , කැට හොල්ල හොල්ල පෝස්ටර් ඇඳ ඇඳ ඉඳලා ජොබක් ගන්න උපවාස කරන්න වෙයි. ලංකාවේ විශ්ව විද්‍යාලවලට ඩිග්රි කාරයන්ට ප්‍රයිවෙට් සෙක්ටර් නෝ ජෝබ් . කොම්පැනි ඩිරෙක්ටර්ලා ඒක එළිපිටම කියනවා. දැන්වත් ලිං මැඩියෝ වගේ නොවී ලෝකය දිහා ඇහැ ඇරලා බලපල්ලා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න