.

.

May 5, 2013

දුමී ආයෙත් ඉස්පිරිතාලේ...!!! - Dumi, hospitalized again...!!!



අති විශේෂ :-.
මම තව බොගක් දානව "පද්‍ය කවී ඒ වගේ එව්වා..."(<<<< මෙතනින් බලන්න) කියලා.. මට හිතුනා ඒක ආයෙත් යාවත් කාලින කොරන්න ඕන කියලා.. මීට පස්සෙ මේ වගේ ඒවා එතන තමයි දාන්නේ... කීප දෙනෙක් ඉල්ලපු නිසා අදට ඕන් මෙතනත් දානවා....

පින්වත් අපේ දුමින්ද සිල්වා මැතිදා,
ආයෙත් වරක් නවළොවකට ගෙනිහිල්ලා...
ඇස් වහ, කට වහ, හෝ වහ වැදුනාදෝ...?
ෆේස් බුක් එකේ මළ මූසලයන්ගේ....

තාමත් නඩුව යනවානේ අළුත්කඩේ,
ඊළඟ නඩු දිනේ ඇත එන්නට කියලා....
හේමන්තයේ කුළසූරිය ගුරාගේ,
නවතම ගුරුකමයි මට නම් පෙනෙන්නේ...

නඩු පිට නඩු දැම්මත් උඹ හිරු නංගී..
දුස්..සා...ධ්‍ය රෝගයකුයි තියෙන්නේ.
එව්වත් ඔයා මට පිට පිට සිතාසී
නවළෝකේ ඉන්නවා මම සිනාසි....!!!


ප: ලි:
අද නම් වහිනවා, කොළඹ යට වෙන්නම. අපේ දුමී අළුත්කඩේට ඇවිත්..... කාට බය වෙන්නෙයි කියලද අම්මේ..... 

50 comments:

  1. මේවගේ සුදු මුනත් දැක්කම හසන්ත මහත්තයෝ, අපේ උන්ට මල් මාලා දාලා පිළිගන්න හිතෙන්නේ නැද්ද, මන් අහන්නේ.

    ReplyDelete
    Replies
    1. අපේ මිනිසුන් තවමත් මානසික වහලුන් කියල හිතෙන්නේ නැද්ද

      Delete
    2. අනේද කියන්නේ. හා නැද්ද.

      Delete
    3. තියෙනවා.

      Delete
    4. හසන්ත මහත්තයට කියන්නේ ඔය් කොරියාවෙත් එහෙමනේ. කොයි තරම් දියුණුද කියනවනම් හසන්ත මහත්තයෝ, වෙඩි වැදිලා මැරුණයි කියනා එකා, පර්යේෂණ මගින්, වෙඩි තියාගෙන මැරුණයි කියලා ඔප්පු කරනවනේ.

      Delete
  2. දැන් ආණ්ඩුව පෙන්වන නාට්‍යවල මේක එක ජවනිකාවක් විතරයි.

    ReplyDelete
    Replies
    1. මටනම් තේරෙන්නේ මේක වෙන නාට්‍යක් කියල. මේකේ අමුත්තක් තියෙනවා

      Delete
    2. ගොඩක් ඒවල පිටපත අවුල්, අනුර කුමාරයා කියනවා වගේ... මට පේන්නේ තිර පිටපත ලියන එකා මාරු කරලා වගේ..

      Delete
  3. ඕකා මේ පාරවත් කම්මුතු වෙයිද?

    ReplyDelete
  4. ගුද මාර්ගයෙන් හිනා යනව ඕය් මේව දැකල.
    ඇයි අපේ ඇස් අන්ධ නොවුනේ.

    ReplyDelete
    Replies
    1. ගුද මාර්ගයේ කතාව කෙනෙජිට එහෙම ඇහෙන්න කියන්න එපා.
      සොරි ඩොට් කොම්

      Delete
    2. හැබෑටම කෙනෙජි නම් දරාපු කො** කාරයෙක්. දැන් නම් පතෝල විතරයි හොයන්නේ කියලා කාකාගේ බොගේ බෙට්ටක් දාල තියෙනවා.

      Delete
    3. ඇස් දෙක තට්ටම් දෙකට හයි කරගෙන පුකෙන් බලන්න ලැබුනා නම්...

      Delete
  5. මෙන්න හාස්කම් ............

    "හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති උපදේශක භාරත ලක්‍ෂමන් ඝාතන නඩුව අද දිනයේ කොළඹ අලූත්කඬේ උසාවියේදී විභාගයට ගැනේ.

    අද දිනයේ එම නඩුව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනීමට විත්තිකාර දුමින්ද සිල්වා මහතාද පැමිණ තිබින.

    පෙරේදා රාත‍්‍රියේ මන්ත‍්‍රීවරයා නවලෝක රෝහලට ඇතුල් කරන ලද්දේ ඔහුගේ රෝගී තත්වය වැඩි වූ බව කියමිනි.

    මෙම නඩුව සම්බන්ධයෙන් විත්තිකාර දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා උසාවියේ පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි"

    ReplyDelete
    Replies
    1. මේ ඔක්කෝම ඇත්ත කතා...

      Delete
  6. බොරු කිව්වම මෙහෙමත් බොරු. මට ඒකට දුක නැහැ. නමුත් අපි කවුරු කියලා හිතාගෙන ද මෙහෙම බොරු කරන්නෙ. මෙගා නාට්‍යයක් බලනව වගේ. මේ සෙල්ලන් කරන්නෙ රටේ නීතිය, යුක්තිය, අනාගතය එක්ක නේද කියලා හිතෙන කොට ........?

    මතකද මේක කවි පද ටික,
    එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට වුණු කාරියා
    දෙකක් කඩතොළු හදා දුන්නැයි ඉඳුරුවේ ආචාරියා.

    වසන්තය ඉවර වෙනකොට දුමී බබාටත් එහෙම හිතෙයි.

    ReplyDelete
    Replies
    1. +++++++උපහැරණේ මරු
      මහා එකාගේ ඉදල පොඩි එකාට වෙනකම් අවංක බව යුක්තිගරුක බව මානව දයාව පුරුදු පුහුණු කරන්න ඕන කාලයක් මේක වේද මහත්තයෝ...

      Delete
    2. දැන් ඉතින් මෙතන ඉඳන් කියන ඔක්කෝම බොරු නේ. බොරුව රජ කරන සමාජෙක ඒක ළොකු දේකුත් නෙමෙයි වෙද මහත්තයා...

      Delete
  7. ෂුවර් එකට මෙව්වා අහන දකින අපිටම තමයි හොඳටම පිස්සු...

    ReplyDelete
    Replies
    1. පිස්සු හොඳ එක. මම නම් මඤ්ඤං තත්වයට පත් වෙලා බොහෝ කල්.

      Delete
  8. ආණ්ඩුවට මේ තරම් ගූ නාගන්න ලැජ්ජා නැත්නම් අපි කලබල වෙන්නේ මක්කටෙයි?.මේ තරම් මෝඩ, දුරදිග නොබලන රජයක් ලංකා ඉතිහාසයේම නැහැ.ඇතිවෙනතුරුම තොපි ගූ නාපියව්.

    ReplyDelete
    Replies
    1. ආන්ඩුව ගූ ගාගන්නේ අපි උඩ බලාගෙන ඇති තරම් කන්න දෙන හින්දනෙ. කාල කාල රීලා අන්තිමට හත්පොලේ ගාගන්නවා. නහය වහගනින් ගඳයිනම්.

      Delete
    2. මම වහගන්නම්, උඔත් වහ ගනින්.

      Delete
    3. මිනිස්සු බොරුවලට පුරුදු වෙලා තියෙන්නේ.

      Delete
  9. පින්කම් කල ඇත්තො එපිනේ ආනිසංස විඳිත්වා .....

    ReplyDelete
    Replies
    1. මුන් නම් මාර පිං කරපු ඇත්තෝ...

      Delete
    2. නෑ මම කියුවෙ විලෝමය

      Delete
  10. පොරට හෙන නාකි පෙනුමක් ඇවිල්ල නේද ? අයියෝ දුමින්ද අයියේ... ඉන්න ටිකේ හොදට ඉදින් මැරෙද්දි අරන් යන්නකියල ඇඃ

    ReplyDelete
    Replies
    1. පොර කොහොමත් එළකිරිස් එකට ඉන්නේ. යන පැත්ත පලාත සුවඳයි දවසක් විතර යනකම්, මම හිතන්නේ නාන්නේ සෙන්ට් වලින්ද කොහෙද?

      Delete
  11. මොළය 40% විනාශ වෙලා අසාධ්‍ය තත්වයක හිටපු ලෙඩා නිදහස ලබලා පහුවදා රෝහලෙන් පිටතට එන උද්වේගකර දර්ශනය අන්තර්ජාලයෙන් දුටු මා හට දැනුනේ දැන් නම් ලංකාව ආශ්චර්යයේ රජදහනක් වී ඇති බවයි..අනේ වාසනාවන්...

    ReplyDelete
    Replies
    1. මේක ආසියාවේ නෙමේ. විශ්වයේ ආස්චර්ය...

      Delete
  12. වලත්තයාMay 6, 2013 at 6:53 AM

    මම මේ බල්ලොත් එක්ක බෑ වේදිකා නාට්ටිය බලලා ඉවර වෙලා හොරැ සමග හෙලුවෙන් වේදිකා නාට්ටිය බලන ගමන් ඉන්නේ මාතලන්...

    ReplyDelete
    Replies
    1. නරි බුරති

      Delete
    2. ඔන්න ඔය පිස්සු නාට්ටි බලන්නෙ නැතිව, ඒකාධිපතියා වගේ සම්බහිය නාට්ටියක් බලාන ඉන්න මෙයා...

      Delete
  13. ලංකාව සිරිලංකාව..!!!

    ReplyDelete
  14. මොලේ කලින් ඉදලම විනශ වෙලා තිබ්බ නිසාත්, හිස භාවිතයට නොගැනිය හැකි තරමට අකර්මණ්‍ය වෙලා නිසාත් සිරි ලාංකීය දේස පාලනයට වඩාත් සුදුසුය.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම. අනිවා. පටිරෝල්. ආටක නාටක. සල්ලිතමා.
      ප්‍රචාරක අනුග්‍රහය ABC මාධ්‍යන ජාලය

      Delete
    2. දැන් නම් අගමැති කමටත් සුදුසුයි.. ඉහලින්ම..

      Delete
  15. මේවා ඔක්කොම යට ගියාට පස්සේ රගපෑමට පිවිසෙයි සුවර් එකට,රන්ජන්ලා පිට පිට වසරේ ජනප්‍රියම නළුවා සම්මානේ ගත්ත ඒවාත් ඉවර වෙයි.අනික ඔය වගේ රඟ පෑමක් බොලිවුඩ් වල නළුවෙක්ටවත් පුලුවන්ද සැබෑ ජීවිතයේදී?

    ReplyDelete
    Replies
    1. හොඳම නළුවා මෙයා තමයි වෙන කව්ද?

      Delete
  16. Replies
    1. ශා පුදුම විදිහට වටිනා කරුණු හොයලා මහන්සිවෙලා ලියපු මාර ආතල් කොමන්ට් එකක්!

      Delete
    2. කොමෙන්ට් එකට වඩා රහයි රිප්ලයි කොමෙන්ට් එක...

      Delete
  17. උතුරු මැද චන්දයක් තිබ්බා
    ස්ටේජ් උඩ සිංදු කිව්වා,
    ඔක්කොමල්ලා වැරදි කිව්වා,
    ඒත් මාමා හොඳයි කිව්වා,

    වෙඩි තිබ්බේ අයියා දුමී,
    දන්නෙත් නෑ සුදු මාමී,
    උපදේශක මගේ මමී ,
    තව තව සින්දුම කියමී,

    දුමියා ආව හොඳවෙලා,
    මගේ සින්දුව නැවතිලා,
    පස්ස පැත්ත මිරිකලා,
    මාමා කොකා පෙන්නලා,

    මීට හිරුණිකා

    ReplyDelete
    Replies
    1. අනේ හිරු නිකා ඉනු.....

      Delete
  18. 1. මොළේට වෙඩි වැදිලා කිසිම දෙයක් මතක නැතුව ගිය දුමින්ද සිල්වා සිංගප්පූරු ගිහින් වෛද්‍ය ප්‍රතිකාර කරනවා.

    2. ඔලු කට්ට හාරලා මොළේ යන්තමින් හරි බේරගන්න සැත්කම් කරනවා.

    3. වෛද්‍ය වාර්තායි ෆොටෝයි එවනවා උසාවියට.
    අපේ අති විශිෂ්ඨ උසාවිය ඔලුව නමලා දොහොත් මුදුන් දිලා ඕකේ කරනවා.

    4. සිංගප්පූරු නිවාඩුව ඉවර කරලා දුමින්ද සිල්වා ලංකාවට එනවා.
    හරි අමාරුවෙන්.

    5. නවලෝකෙ සැප ගනිද්දි මොළේ ඉතුරු වෙලා තියෙනවද කියලා විනිසුරෝ අහනවා.
    අපට හිනා යනවා.

    6. තිර පිටපත අනුව දුමින්ද සිල්වා නවලෝකෙන් එළියට එනවා.
    ඔන්න එතකොට අපිට පිස්සු හැදෙනවා.
    ඒ කොණ්ඩෙ ඒ විදිහටම.

    7. සිංගප්පූරු දොස්තරලා කොණ්ඩෙට අතවත් තියන් නැතුව මොළය ඔපරේෂන් කරලා !
    හිනාවෙන්න එපා !

    8. මැරෙන්ඩ ගිය මනුස්සයා හෙම්බිරිස්සාවක්වත් නැතුව දුව පැන ඇවිදිනවා.
    යස අගේට වොයිස් කට් දෙනවා....!
    ඇත්තටම මේක නම් පුදුම ආශ්චර්යයක්.
    අද අපි ආසියාවේ විතරක් නෙමේ මුළු ලෝකයේම ආශ්චර්ය වුනා.

    9. නවලෝක රෝහල හාස්කම් මන්දිරයක් වුනා.
    සුවච කීකරු අහිංසක බලු පැටියා ආශිර්වාද ගත්තට පස්සෙ මහින්ද රාජපක්ෂටත් හරි සතුටු ඇති.


    හැබැයි ඉතින් අද මුළු ලෝකෙම දැනගත්තා ශ්‍රි ලංකාව කියන්නෙ හරි හමන් නීතියක් නැති - කොන්ද පණ නැති නිවට ජනතාවක් සිටින රටක් කියලා.

    ඇත්තටම අද මං ලැජ්ජා වෙනවා ශ්‍රි ලංකාවේ ඉපදිම ගැන.

    ශ්‍රි ලංකාවේ මිනිස්සු ගැන.
    දුමින්ද සිල්වා බේරුනේ දෙවියන්ගෙ හාස්කමෙන් කියලා ආඩම්බරෙන් කියෙව්ව කොන්ද පණ නැති කොල්ලො ගැන.


    මේ මෝඩ වන්දිභට්ටයෝ එකක් බලද්දි ආණ්ඩුව හොඳයි කියලත් හිතෙනවා.
    ඇත්තටම ශ්‍රි ලංකාවට ගැලපෙන්නෙ '' ශ්‍රි ලංකා මාතා.... '' නෙමේ,
    දිපාල් සිල්වාගේ '' මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු... '' සිංදුව !
    අද අපි ඒක ඔප්පු කරලා පෙන්නුවා.......

    - උපුටා ගැනීමකි -

    ReplyDelete
  19. තව ඉස්සරහට හොද හොද සෙල්ලම්.
    මේ දවස් වල පිටපත් ලියන්නෙ හදහන් කාරය එක්ක එකතු වෙලා ලොක්කමයි.
    රනිල් ලොක්ක මේ දවස් වල ගෙනියන වැඩ වලට රටේ පියා මා පිලා වෙලා.

    ReplyDelete
    Replies
    1. රනිල් මගේ ගරිල්ලා මාකටින් කියවලාවද්ද.. හෙහ් හෙහ්...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න