.

.

May 28, 2013

"රාවය", කොටස් නිකුතුව - "Ravaya", Share Issue


මම රාවය කියවන්නේ පළමු සඟරාවේ සිටමය. එකල "රාවය' මෙන්ම, 'යුක්තිය" පත්තර ඉතා ජනප්‍රිය පත්තර වී තිබුනේය. එමෙන්ම කලක් සිනමා පත්තර හා කුණුහරුප පත්තර ලියු "රෝහණ කුමාරගේ", "සටන්" පුවත්පතද, වෙළඳ පොළේ හොඳ ඉල්ලුමක් තිබූ පුවත්පතක් විය. "චන්ද්‍රිකා' බලයට පත් කිරීම සඳහා, "සිංහ රැජිණ" කැසට් පට නිපදවූ රෝහණ කුමාර, තම නිවස අසලදි, බල්ලෙක් මෙන් මරා දැමුවේ ඒ සිංහ රැජිණගේ පාලනය යටතේමය. ඒ ඔහු සිංහ රැජිණගේ බලු වැඩ රටට කියූ නිසාය.

එකල ප්‍රේමදාස පාලායට එරෙහිව තීරූ පුවත් පත් රාශියක් වෙළඳ පොලේ විය. මේවායෙහි නම් අමතක වූවද, කැලෑ පත්තර වන් මෙවන් පත්තර සඳහා, ඉතා හොඳ වෙළඳ පලක් විය. අද මෙන්ම, සෑම නාලිකාවකම එකම පුවත විකාෂණය වූ යුගයක, සත්‍ය හෝ අසත්‍ය වේවා, මේ ගොසිප් පත්තර, ප්‍රේමදාස අප්‍රිය කරවීම සඳහා මහඟු කාර්යයක නිරත විය. මේ කැලෑ පත්තර අතර, රාවය හා යුක්තිය, ඉතා උසස් විකල්ප පුවත් පත් දෙකක් විය.

රාවය පුවත්පත, ආන්ඩුවේ දූෂණ වංචා පමණක් නොව. අධිකරණයේ, සිවිල් සේවයේ, සමාජයේ ප්‍රසිද්ධ ව්‍යාපාරකයින්ගේ හා ප්ලේබෝයි චරිතයන්ගේද සළු පිළි ගලවා දැමුවේ, සියළු සාක්ෂින්ද සහිතවය. විශේෂයෙන්, අධිකරණයේ දූෂණ හා වංචා පමණක් නොව, අධිකරණ ක්ෂේශ්ත්‍රයේ සුදුසුකම් ලද පුද්ගලයකු වූවද, පෙර වැරදි හා වංචා හේතුවෙන් අග විනිසුරු ලෙස පත්වූ "සරත් නන්ද සිල්වාගේ" පත්වීමට එරෙහිව විශාල හඬක් නැගුවේය. අධිකරණයෙන් යුක්තිය ඉටු නොවු පිරිස් වෙනුවෙන් පැහැදිලිවම පෙනි සිටියේය. අග විනිසුරු පාතාලය හා සම්බන්ධ පුද්ගලයකු බව ශාක්ෂි සහිතව ඔප්පු කළේය.

එසේ නොනැවතී, චන්ද්‍රිකා බලයෙන් පහවූ පසු, කුප්‍රකට "චෞර රැජින" කෘතිය ලියා, ඇයට විරුද්ධ වූ පිරිසගේ හා ගොසිප් ප්‍රිය පාඨකයාගේ මන දොළ පුරවාලූවේය. එහෙත් මහින්දාගමනයෙන් පසු, සියලුම අදීන මධ්‍යවේදින්ට, සංවෙදී කලාකරුවන්ට, බුද්ධිමත් සිවිල් පොරවල්ට වැළඳුණු රෝගයට, මහා මාධ්‍යවේදී වික්ටර් අයිවන්ටද ගොදුරු විය. එතැන් පටන් රාවයේ උන් සුපිරි මාධ්‍යවේදීන් රාවය හැරදමා ගියේය. පත්තරය විකිණීම අඩු විය. මාධ්‍යවේදීන් පිරිසක් ඉවත් කිරීමෙන් පසු, පුවත් පතේ මිල වැඩි කරමින් නැවතත් ගොඩ ගැනීමට උත්සාහ කළ මුත්, එම ප්‍රයත්නය සාර්ථක වූයේ නැත.

අද රාවය විකිනෙන්නේ නැත. පත්තර තට්ටුවල රාවය පත්තර ගොඩ එසේම තිබෙන්නේය. රාවය මිළදී ගන්නේ කුඩු ගහනවාක් මෙන් එයට ඇබ්බැහි වූ පිරිස පමණය. මා මෙන්ම ඔවුන්ද පත්තරය රුපියල් සීයක් වූවද එය මිළදී ගැනීම නවත්වන්නේ නැත. එහෙත් තිසරණි ගුණවර්ධණගේ ළිපිය හා විමලගේ කොළම නැති වුවහොත්, මමත් එය මිළදී ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දමමි. රාවය තව දුරටත් විකල්ප පුවත් පතක්ද? නැත.. එදා රාවය පුවත් පත තිබූ මට්ටමෙන් එය තව දුරටත් විකල්ප පුවත් පතක් නොව, ආන්ඩුවට ෂෙප් එකේ කඩේ යන පුවත් පතක් පමණි.

අද රාවයේ වික්ටර් අයිවන්ගේ දේශපාලන විග්‍රහය නැත. මෙතෙක් මෙරට පාලනය කළ දූෂිතම ආණ්ඩුවේ දූෂණ, මහා පරිමාණ වංචා, කොමිස් ගැහිලි, මාෆියාවන්, පාතාල ක්‍රියාකාරකම්, අති දූෂිත ගනුදෙනු, වංචනික පුද්ගලයින්, ව්‍යාපරකයින් කිසිවකු ගැන හෙලිකිරීමක් තබා ලිපියක්වත් නැත. වෙනදා අයිවන් මැද පිටු පිරවූයේ මේවාගෙන්ය. සරත් නන්ද සිල්වා පත් කළ විට, පුවත් පත කළු පාටින් මුද්‍රණය කොට පත්තරේ ඔළුවෙන් හිටවූ අයිවන්ට, අද අධිකරණයේ දූෂිත ක්‍රියාකාරකම්, අසාධාරණකම් නොපෙනෙන්නේ, අද ඔහු ඔළුවෙන් සිටගෙන සිටින නිසාවෙන්දයි නොදනිමි.

එදා ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ වැටුප හා පෞද්ගලික ජීවිතයේ සිඳුවීම, මුල් පිටුවේ පොල් ගෙඩි අකුරින් පල කල වික්ටර්ට, ක්‍රිකට පාළක මණ්ඩලය බංකොලොත් කල දන්දෙණියලා, ඩී ඇස්ලා, නිශාන්ත රණතුංගලා පෙනෙන්නේ නැත. අද ඔහු අපට විචාරයන් ලියා කියා දෙනුයේ ළමයි හදනා අකාරය, චෙස් අදින්නේ කෙසේද, දවැදි නැතුව දූවරුන් දෙන්නේ කෙසේද, කියවීමෙන් මිනිසා සම්පූර්ණ වන්නේය වැනි බක පන්ඩිත දේශනාවන්ය. මේවා කියවන්න රාවය මිළදී ගැනීමට ඕනා නැත. කාන්තා පුවත් පතක් මිළදී ගත්තාම මීට අමතරව, මැලේ අච්චාරුවක් හදා ගන්නා හැටි වුවද ඉගෙනගත හැක.

හැරි ජයවර්ධණ කිසිම කොන්දේසියක් නොමැතිව දෙන මුදල ප්‍රතික්ෂේප කරන අයිවන්, අද මුදල් ලබා ගන්නට යන්නේ මිලින්ද මොරගොඩගෙන්ය. මටනම් මේ දෙදෙනාගේ කිසිම වෙනසක් පෙනෙන්නේ නැත. ඒකම වෙනස නම් හැරිට කට වටේට රැවුලක් තිබීම හා මිලින්දට එසේ නැතිවීම පමණි. හැරිගේ මුදල් නරක් වන විට මිලින්දගේ මුදල් හොඳ වන්නේ කෙසේද කියා පිටු එකහමාරක් පුරා පව් සමා කිරීමේ ළිපියක් ලියා, ඒය නොපිලිගන්නේ නම් වෙනත් විකල්පයක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලීමක්ද කලේය.

ඉතාමත් දුකට පත්වන කාරණය නම්, දැන් රාවය බේරාගැනීමට ඉදිරිපත්වී සිටින්නේ රාවයේ 25 වන පටිසෝතගාමි තොවිලය විවේචනය කිරීම නිසා, අයිවන්ගේ මුග්ධ ප්‍රහාරයට ලක්වූ පිරිසම වීමයි. ඔහු ඔහුගේ සුපුරුදු මාධ්‍ය භාවිතයේ යෙදෙමින් මේ පුද්ගලයින්ගෙ පෞද්ගලිකත්වයට පවා නිර්දය ලෙස පහර එල්ල කළා පමණක් නොව. තම තීරණය ඉතා නිවැරදි බවත්, සියලුම දේශපාලකයින් එක් කල බවත්, දැන් රටේ සියලුම ප්‍රශ්න සංසිදි, රට ආසියාවේ ආශ්චර්යය වන බවටත් උඩඟු ලෙස පාරම් බෑහ. මේ තොවිලය නිසා සිඳුවූ එකම දේ නම් තවත් පාඨක පිරිසක් රාවයෙන් ඇත් වීම පමණි. මාද එදා ඒම උළෙලට ගොස් හැරි ආවේ, රාවය සමග විශාල ඉච්ඡා භංගත්වයක් ඇතිවයි.

දැන් මේ පිරිස එක්ව මිලියන 20 ක් පොදු ජනතාවගෙන් ඉල්ලයි. එය රුපියල් 1000 සිට ලක්ෂ පහක් දක්වා දායකත්වයක් හෝ කොටස් මිලදී ගැනීමකි. ඒ මුදල් ලබාගෙන ඔහු කරන්නට යන්නේ කුමක්ද? රාවය පුවත් පත බලි තොවිල් ඕපාදූප, පලාපල, නලු නිළි ගොසිප්, රේප් කේස්, ඉවුම් පිහුම්, ලිංගික ගැටලු, හොල්මන්, වලින් පිරි තවත් සති අන්ත පුවත් පතක් කිරීමටය. ඒ ඇර වෙබ් පිටුවක් පවත්වාගෙන යාම හා මාධ්‍යවේදීන්ගේ ජීවන තත්වය නගා සිටුවීමද තවත් පරමාර්ථයන්ය. ඔය මුදල් ලබා දුන්නා කියා, විකටර් අයිවන් වෙනස් වන බවට ඔවුන් අපට ලබා දෙන සහතිකය කුමක්ද?

එසේ ආදයම වැඩි කර ගැනීමට නම් කළ යුත්තේ, කොටස් නිකුත් කිරීම් නොව, රාවයේ ගුණාත්මක භාවය හා රාවයේ මුල් පරමාර්ථය අනුව පුවත් පත පවත්වාගෙන යාමයි. අද ආණ්ඩුවේ වංචා දූෂණ එළිකරනා විකල්ප පුවත් පතක අඩුව සමාජයට හොඳින්ම දැනේනා යුගයකි. තම "විෂන්" හා "මිෂන්" වෙත නොයා, දුවන්නන් වාලේ තවත් කුණුහබ්බ පත්තරයක් සමාජයට දායාද කිරීමට මුදල් එකතු කිරීම මට නම් විහිළු සහගත කාරණයක් පමණි. ජනතාවගෙන් මුදල් ඉල්ලන බුද්ධිමතුන් හා කළාකරුවන් කළ යුත්තේ, විකටර් අයිවන්ට කඩේ යන්න මුදල් එකතු කිරීම නොව, ජනතාව බුද්ධිමත් කිරීම සඳහා රාවයේ පිටු තවත් වැඩි කොට, ආන්ඩුවට හා පවතින මජර ක්‍රමයට විරුද්ධව ලියන්නන්ට ඉඩ කඩ විවර කර දීමයි.

ප: ලි:
මගේ අදහස කෙසේ වෙතත්, ඔබ රාවයට උදව් කිරීමට කැමතිනම් පහත් දුරකථන අංකයන්ට කතා කොට ඒ පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැක. මා මෙය පල කරණුයේ, අප දෙමව්පියන්, ගුරුවරුන්, හා වැඩිහිටියන් මෙන්ම අපේ ජීවිත හැඩගැස්වීමට හා බුද්ධිය පුලුල් කිරීම සඳහා රාවය මෙන්ම වික්ටර් අයිවන්ද දායකත්වයක් සැපයු නිසාමය.

0777 664 757 - - ගාමිණි වියන්ගොඩ
0773 508 328 - - කුසල් පෙරේරා
0714 204 092 - චූලානන්ද සමරනායක

රාවය වෙනුවෙන් ඉදිරිපත් වන කළාකරුවන් හා බුද්ධිමතුන්

ධර්මසේන පතිරාජ, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, අශෝක හඳගම, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, කුසල් පෙරේරා, චූලානන්ද සමරනායක, චන්ද්‍රගුප්ත තේනුවර, අනෝමා රාජකරුණා, උදාන් ප්‍රනාන්දු, ධර්මසිරි බන්ඩාරනායක, ප්‍රසන්න විතානගේ, මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණි වියන්ගොඩ, විජයානන්ද ජයවීර, විමුක්ති ජයසුන්දර, සුදර්ශන ගුනවර්ධන, ජාක ඉනිමංකඩ.

ඊ: ප: ලි:
වසර 25 ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවය ගැන කළකිරීමෙන් පල කල පෝස්ටුව..

වික්ටර් අයිවන්ගේ පටිසෝතගාමී කයිය.

අඩෝ තොපිලා දැනගනියව්...!
ලෝකේ ඉන්න හොඳම කර්තෘ,
ඒ විතරක් නොවෙයි යකෝ..
මාක්ස්, ලෙනින්, ගාන්ධි මොන බලු කුක්කොද
වික්ටර් අයිවන් කිව්වම
ෆිලෝසිපර් වන් ඇන්ඩ් ඔන්ලි...
පාන්ඩු වැනි ආන්ඩු දෙන
හිතුනම ඒවා පෙරලන

ජේ. ආර්. නම් මූසලයගේ,
මළ මූසල ව්‍යවස්ථා..
රටට කොඩිවිනේ මේකයි.
ක්‍රමේ වෙනස් කළ යුතුමයි...!
18 එක් කරලා හරි

ප්‍රේමදාස, විජේතුංග, චන්දිරිකා.
වගේ නෙමෙයි..
ඕන තැනක, දැක්ක ගමන්,
බඩ මිරිකනවා හයියෙන්..
සල්ලි දීලා රාවය කන
තොපි වගේද මහ රජානෝ..

යූ ඇන් පී මට අරහං..
මට හිතුනම ඕන එකෙක්.
කරනවා මම සුපර් මෑන්...
ප්‍රභා පවර් ෆුල් කාලේ,
ඌ මගේ හීරෝ රාළේ
යුද්ද කොරලා හරියන් නෑ
බලේ බෙදමු අපි රාලේ..
වට කරලා දෙන කාළේ,
"විප්ලවයෙන්" බෑනේ මලේ..
උගේ ඔළුව පැලු කාළේ,
දැන මොකටෙයි බෙදා බලේ..

තොපි දකින්නේ දවල් හීන..
කරනවා මම ප්‍රතිශෝධන..
සම්පන්තන් රනිල් සැවොම,
මම කියනා දේම අසන,
අපි ඔක්කොම එකතුවෙලා,
ගේනවා සුභ අනාගතේ...!!!
අඩන් නැතුව එතකන් තොපි
බලන් හිටන් දෙන දේ කා..
-x-.


සිල්වර් ජුබිලි කයිය

ජනරංජන, විමලරත්න,
නුවන් උදය, රුහුණුගේලා...
ටිරන් කුමා, කුසල්, එරික්,
පාඨකයොයි එකතුවෙලා..
ගං ඉවුරේ බලා සිටියි,
අත් දෙක කම්මුලේ උලා..

බුදු අම්මෝ මට බැරියෝ...!!!
"අයිවනයා පීනනවෝ".
උඩ පැත්තට නෙමෙයි යකෝ,..
ගලන අතට අමු හෙළුවෙන්...

සුනිල් වෙජේ සිරිවර්ධන,
වියන්ගොඩද, කම්මැල්ල වීර..
රාවය අද තෙක් කියවන.
මුදල් දිදි ඇදගෙන යන,
බුද්ධිමත්ම පාඨක කැල..
"හූ" තියනවා උඩ පැන පැන
අයිවන් හෙළුවෙන් පීනන
ඒ ගං ඉවුරේ හිටගෙන...
කකුල් දෙකෙන්,
කොන්ද කෙලින්....

-x-

87 comments:

  1. මම මෙවැනි දෙයක් කිසි විට කොතනවත් මොන එකාගෙන්වත් අහලා හෝ දැකලා නැත්. උඹ බුදු වන්නට මේ කම ඇත...

    ReplyDelete
    Replies
    1. අනේ මෙතන රෙන්න එපා

      Delete
    2. බලන් සකි නයි දේශකයා, කොයි මේ ඇනෝ දේශකයා???????????

      Delete
    3. මොකක්ද බං මේ කොමෙන්ට් එක.. උඹත් අර අටමා වගේ කොමෙන්ට්ස් පටලව ගන්නවද?

      Delete
  2. ආණ්ඩුවේ දේශපාලන භාවිතය සංකීර්ණයි මාතලන් අයියා. විරුද්ධ මත මර්ධනය දරුණුයි. රාවයත් ඒකෙ ගොදුරක්. මේ තත්ත්වය දිරවන්නැති ජනතාවගෙ නැගිටීම එනකොට, ඒක තවත් දරුණු වෙයි. අපේ වගකීම ඒ නැගිටීම වෙනුවෙන් පාර කපන එකයි.

    ReplyDelete
    Replies
    1. ආන්ඩුවේ කෙහෙල් මලක් නෙමෙයි බන්. මේවා මේ ඉල්ලගෙන කෑම්. පුතා රට යැව්වා කියලා ගොසිප් එකකුත් තියෙනවා. ඇත්තද බොරුද දන්නෙ නෑ. රාජපක්ෂලට බයයි කියමුකෝ. ඒත් අනික් උන්.

      Delete
  3. අපේ තාත්තා ඉස්සර ගෙදර තිබ්බ පත්තර මිටි ගනන් අයින් කළත් රාවය ටික අයින් කරන්න දුන්නේ නෑ.. පස්සේ මොකද්ද එකක් ගැන කළකිරිලා ගිනි තියලා දැම්මා ඔච්චර පරිස්සම් කරපු පත්තර මිටියම... මට මේක කියෙව්වමයි තේරුනේ තාත්තා ඇයි එහෙම කළේ කියලා...

    ReplyDelete
    Replies
    1. තාත්තා පත්තර මිටිය ගිනිතියනකොට ඔයා හිනා උනේ නැද්ද? හි.. හී... හි..හී ගාලා...

      Delete
    2. රාවය පත්තරේ අඩංගු කිසිම කරුනකට මම එකඟ නැතත් රාවය පත්තරයක් විසිකරන්න මටත් හිත දෙන්නෙ නෑ.මොකද වෙනත් පත්තර වගේ නොවෙයි ලිපි සාරගර්භ නිසා.රාවයේ හැම ලිපියක්ම සාරගර්භයි.රාවය කියන්නේ තියෙන්න ඕන පත්තරයක්

      Delete
    3. දැන් තේරෙනවනේ ගිනි තිව්වේ ඇයි කියලා. පාඨකයා ගැන හැඟීමක් නෑ මෙයාලට.

      Delete
  4. කිසිම විකල්ප මාධ්‍යකට අද පවතින්න බෑ.මාධ්‍යකට විතරක් නෙමේ කිසිම විකල්පයකට පවතින්න දෙන්නේ නෑ.ලොක්කගේ නම හෝ පව්ලේ නම කියවෙන ඕනෑම තැනක් විශේෂ අවදානයට ලක්වී "ප්‍රතිසන්විදානය" වෙනවා ඇත.එම නිසා මේ වෙලාවේ බෙල්ල බෙරා ගත යුතුව ඇත.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං. ඔය ඇවිල්ලා ජනප්‍රිය බොරු. එතකොට "ජනරළ", "ලංකා" මුද්‍රණය වෙන්නෙ කොහොමද...?

      Delete
  5. දැන් ඉතුරු වෙලා තියෙන එකම පත්තරේ රාවය නිසා. දිගටම රාවය පවතින්න ඕනේ කියලා මන් හිතනවා. මාත්හැමදාම රාවය ගන්නවා හැබැයි බැලෙන්නේ අන්තිමට තියෙන පිටු 8 අතිරේකේ විතරයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත අනිත් පිටුවල බලන්න තියෙන්නේ ළිපි දෙක තුනයි..

      Delete
  6. රාවයේ දේශපාලන ලිපි කෙසේ වෙතත් දේශපාලනය ගැන යන ශ්‍රාස්ත්‍රීය ලිපි වල නම් වැදගත් දේවල් තියෙනවා.....තිසරණී ගේ ලිපි කියවන්න ඔනේ නම් ඔය කල්ම්බෝ ටේලිග්‍රප් තියෙන්නේ...පත්තරේ යන ඒඅවම තමයි ඒකෙත් යන්නේ....

    ReplyDelete
    Replies
    1. ජන්මෙට වඩා පුරුද්ද ළොකුයි නේ....

      Delete
  7. මාතලන් මේකට වැටෙන්න ඕනේ කමෙන්ට් ටික තමයි " මාධ්‍ය භාවිතය ගැන පෝස්ට් එකේ තියෙන්නේ " ..මේ කුණු මාධ්‍ය ප්‍රෝඩාව ගැන එතන ලස්සනට කතා උනා..එතැනදී නලින් , රත්තගේ සහ තව කීප දෙනෙක්ගේ නොයෝජනය එක්ක ප්‍රශ්නයේ හැම පැත්තම සම්පූර්ණ උනා..


    මේකට අදාළ නැති උනත් මම එකක් කියන්නම්.ඒ තමයි ලෝකෙට උදව් කරන්න ඕනේ බව හැබෑව..ඒත් පුස් බයිසිකලෙන් පැදලා ලෝකෙට උදව් කරන්න යන්න බැහැ.ඒකට ගොඩක් වෙලාව යනවා..මූල්‍ය ස්ථාවරයක් තියෙන කොන්දක් තියෙන දැනුමක් තියෙන මිනිහෙක්ට විතරයි නොවැටී නොසැලී ඉන්න පුළුවන්..

    නැත්නම් වෙන්නේ අහේනි කාලයක් එද්දී තම මත වාදයම පාවා දෙන්න වෙනවා...මේ සත්‍ය තේරුම් ගන්න ඕනේ..ව්‍යාපාර සහ තම මතය කියන්නේ දෙකක්..මතය කරා යන්න නම් ව්‍යාපාරිකව ස්ථාවරත්වයක් තියෙන්නේ ඕනේ..( සමහර විට ව්‍යාපාරය අන්තිම ධනවාදී වෙන්න පුළුවන්..ඒත් කරන්න දෙයක් නැහැ..ඊයෙත් මම ඔය ගැන කතාවකට සම්බන්ධ උනා ...)

    ReplyDelete
    Replies
    1. රාවය මධ්‍යස්ත මාධ්‍ය කලාවක කවදාවත් නියැලුනේ නෑ.හැබැයි රාවයට හොද විචාර කලාවක් තිබුනා.ලිපි සාරගර්භයි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හරියට හරි.දැඩි ලෙස ද්වේශ සහගතව තමයි සියල්ල උනේ එදා ඉඳන්.වික්ටගේ මූලික අරමුණ සද්භාවය උනේ නැහැ කවදාවත්..නමුත් ගොඩක් දෙනෙක් තේරුම් ගත්තේ නැහැ පුද්ගලයා කව්ද කියලා..

      විකල්ප පුවත් පතක් විදිහට තියෙන්නේ මෙච්චරයි කියන හැගීමෙන් හිටියා මිසක් මම නම් වික්ටර් ව ගරු කටයුතු තැනක තිබ්බේ නැහැ කවදාවත්..

      නමුත් බහුතර මතය තිබුණේ " අන්න මාධ්‍ය වේදියෝ නම් මාධ්‍ය වේදියෝ වික්ටර් " කියලා..ඒ කාලේ මම වික්ටර්ට රෝමෙට ටෝක් කරා නම් මාත් ඉවරයි...

      උදිත කියනවා වගේ " පුකත්වය " හෙළි වන තුරු නටන්න දෙන්න වෙනවා...

      ( අකුරු වැරදි ලෙස ටයිප් උන නිසා උඩ කමෙන්ටුව මැකුවා )

      Delete
    4. අවි වෙළඳාම,රාත්‍රී සමාජ ශාලා,TVචැනල් කරාට කමක් නැද්ද ආර්ථික ශක්තිය සඳහා?

      (කොක්කට නෙවේ දැනගන්න අහන්නේ)

      Delete
    5. පුකත්වය ගැන තවමත් මා කියවා ඇති එක ලිපිය මෙයයි.

      http://kathandara.blogspot.com/2013/02/arseholedness-exposed.html

      Delete
    6. ( කොක්කට නෙවේ කකා හොඳේ )

      පුකත්වයේ නිර්මාතෘ ඔබ බව මා දන්නවා කකා..මා පැවසූයේ ඔබ නිර්මාණය කළ පුකත්වය උදිත විසින් නව මානයකට ගෙන ගිය බව පමණයි ...

      Delete
    7. මොකා නිර්මාණය කළල් පුකත්වයේ පරිබෝජනකරු, අපේ කෙනජි අංකල්.

      Delete
    8. පළමු වෙනි ඇනෝ වෙනුවෙන්.

      //අවි වෙළඳාම,රාත්‍රී සමාජ ශාලා,TVචැනල් කරාට කමක් නැද්ද ආර්ථික ශක්තිය සඳහා?//


      මේ දේවල් වැරදි උනත් දැන් වෙන්නේ මේක නේද? අම්මා අප්පා විකුණලා හරි සල්ලි හොයන පහත් මානසිකත්වයට වැටිලා නේද?

      Delete
    9. ඇත්ත එයාටත් හිතිලා ඇති එදා එයත් එක්ක හිටපු උන් ඉන්න ලෙවල් එකට ඉන්න. නමුත් ඒ දේ කරන්න පුළුවන් නේද පත්තරේ කරන ගමන්ම. රාවය පබ්ලිකේෂන් එකෙන්. එතකොට වෙනම පත්තරයක් පටන් ගැනීමෙන්. හොඳ පොත් සාප්පුවක් දැමීමෙන්, ඇයි රාවය මරන්න හදන්නේ.

      Delete
  8. වික්ටර් අයිවන් වේදිකාවට එන්නේ 1971 අප්‍රේල් කැරැල්ලත් එක්ක. බෝම්භ නිෂ්පාදනය සහ ප්‍රවාහණය බාරව සිටි ඔහු විප්ලවය අවසාන වන විට අතක් අහිමි පුද්ගලයෙක්. ඒ බෝම්භයක් අත්හදා බැලීමක දී වන අනතුරක් නිසාවෙන්. සිරගත දිවියේදී ඉතාමත් දැඩි විදියට විජේවීර මතවාදීන් සමඟ ගැටෙන ඔහු 1977 ආණ්ඩු පෙරලියත් එක්ක නිදහස් වෙනවා.

    ඊට පසු ජීවිතය පිළිබඳ විස්තර නොදනිතත්, රාවය ඇති වීමත් සමඟ ඔහු පිළිබඳ සියලු දේ මම දන්නවා. ඔහු එකල 1988/ 89 කැරැල්ල වෙලේ මගේ ජීවිතය බේරා ගැනීමටත් උදව් වනවා. දැනට ආණ්ඩුවේ සිටින කරපිංචා ගානට වැටී ඇති බුද්ධිමත් ඇමතිවරයෙක් මරණයෙන් බේරා ගන්නෙ ඔහු. ඒ විස්තර අයිවන්ගේ මිතුරා රංජිත් හොදින් දන්නවා. එකල අපේ ශිෂ්‍ය දිවියේ කෙම් බිම් වෙලා තිබ්බ තැන් කීපයක් තිබෙනවා. වෝක්ෂෝල් වීදියේ නව සමසමාජ කාර්යාලය. බොරැල්ල බෞද්ධ මන්දිරයේ ලක්දිව කාර්යාලය, රාවය කාර්යාලය, දේශප්‍රියගේ යුක්තිය කාර්යාලය. දිනක් යුක්තියේ ගබඩා කාමරයක් විශාල පත්තර තොගයක් දුටු අප ඒ පිළිබඳ අපේ මිතුරෙක් ගෙන් (අද එහි නැති අප්‍රිකානු රටක වසන ) ප්‍රශ්න කළා. ඔහු දුන් පිළිතුර තමයි මේවා වික්කත් නොවික්කත් සුනන්දට සල්ලි ලැබෙනවා යන්න. රාවය එකල ඒ තරමට වැටුනේ නැහැ.
    රාවය ලාංකීය සමාජයේ ප්‍රගමනයට විශාල සේවයක් කළා. මට හොදට මතකයි. සූරිය කන්ද බලා ගිය ගමන. එහෙව් පත්තරයක් අද ලබා ඇති තත්ත්වය ගැන මට පුදුම දුකයි. රාවය කියන්නෙ එකල ටැබලොයිඩ් පත්තර කළාවේ රජු.
    අහෝ මා මිත්‍ර වික්ටර්???????

    ReplyDelete
    Replies
    1. එන්න මාතලන්... එන්න කෙන්ජි...
      අපි පිට කසා ගමු !!

      Delete
    2. අර බ්ලොග් එකක් ලියලා නවත්තපු මාලන් කියන ඩයල් එක ඇවිල්ලා කියල තියෙනවා ඇනෝ කොමෙන්ට් බ්ලොක් කරන්න කියලා.... උන් ඇනෝලට බයේ බ්ලොග් ලියන එකත් නැවැත්තුවා... දැන් අනිත් එව්ව්ත් වහන්නයි ලෑස්තිය....

      Delete
    3. අනේ ඇනෝ මචෝ. මැදට පනින්නේ නැතිව මෙයාලාට එක දවසක් හරි පිට කසා ගන්න දීහං මචෝ. පවුනේ..............

      Delete
    4. අද සමාජය ඊට වඩා කොච්චර පිරිහිලාද.. කෝ ඒ හඬ... කෝ ඒ පෑන...

      Delete
  9. ටික දවසකට කලින් චාමි සෑම් බුකියෙ දාල තිබුන මෙහෙම,
    //අද රුපියල් පනහකින් කරන්න පුළුවන් හොඳම දේ තමයි රාවය පත්තරයක් ගැනීම. නැත්තං කාට හරි පත්තරේ අරං දෙන්න. රාවය ඉස්සරට වැඩිය හොඳයි//

    වින්ටර් අයිවන් කතෘ කමෙන් ඉවත් උනාට පස්සෙ රාවය හොඳයි මට නම්. විකල්ප අදහස් ටිකක්වත් තියෙන්නෙ රාවයේ විතරයි. සල්ලි දීල ගන්න වටින පත්තරෙත් එච්චරයි.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත. ඒත් ඉස්සර තිබුන කොලිටිය නෑ.. සටන්කාමි බව නෑ...

      Delete
  10. RAVAYA PATHTHARE PATANGATH KALE INDALAMA GANNAWA, EHETH, RAVAYA MILINDA GATHTHAYA KIYANA RAVAYA NISA NAWATHWIMI.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නෑ කවුරුත් ගනීවී කියලා. එක්කෝ කොච්චර ගැහුවත්, සද්ද නැතුව ගනුදෙනුව කරන්න තිබුනා. හැමෝම කරන්නේ ඒකනේ...

      Delete
  11. වික්ටර් අයිවන් කියන්නේ ලංකාවේ යම් යුගයක යම්කිසි වැදගත් මෙහෙවරක් කරපු කෙනෙක් . කරන්න ඕනේ කාලේ ඔහුගෙන් වියයුතු දේ සිදු වුනා. දැන් ඔහු වයසයි. පෙර තිබුණු ජවය නැහැ. මේ ලෝකේ කවුරුවත් 100% පෆොර්මන්ස් මුළු ජිවිත කාලෙම 0-100 අවුරුද්ද දක්කවා එක දිගටම දෙන්නේ නැහැ. ඔහු දැන් හොඳ මදි නම් ඒ වෙනුවෙන් ඔහේ ඉදිරිපත් වෙන්නේ නැත්තේ මොකද ?

    විවේචනය කරනවට වඩා එක අමාරුයි නේද ?
    කාට හරි බැනල හෑල්ලක් දාන එක යම්කිසි සමාජ මෙහෙවරක් කරනවට වඩා කොච්චර ලේසිද ?
    හඃ හඃ හඃ

    ReplyDelete
    Replies
    1. උඹේ හිනාව හරි කැතයි බං.ගෝඨා ඔළුව අනිත් පැත්තට කැරකෙව්වට පස්සේ වෙන්නැති ලෙඩේ එන්න ඇත්තේ?

      Delete
    2. බලාතම්පෝ කියන මනුස්සයා ජීවත් වෙන්නෙත් මේ රටේ...

      Delete
  12. ප්‍රේමදාස පාලන කාලයේ ත්‍රිශූලය කියලා විකල්ප පුවත්පතක් තිබුනා මතකයි. ප්‍රේමදාස උන්නැහේ බෝම්බෙට අහුවෙලා කෑලි වෙලා ඉන්න ඡායාරූපය වතාවක් ඒ පත්තරේ මුල පිටුවෙ විශාලව පල කරලා තිබුනු ආකාරය මට තවම මතකයි.

    ReplyDelete
    Replies
    1. සිරා,

      ඒකත් රෝහණ කුමාරගෙම වැඩක්. මට මතක විදියට ලංකාවෙ එකම හෝ පළමු හාෆ් ටැබ්ලොයිඩ් පත්තරේ. ගැහුවෙ කළාප දෙකයි. මොකද දෙකේ තමයි ප්‍රේමෙගෙ මිනියෙ පින්තූරෙ දාන්න වෙන්නෙ. ඉන් පස්සෙ රෝහණ සොඳුර පත්තරේ පටං ගත්ත ඩී බී ගෙ කාලෙ. පස්සෙ චන්ද්‍රිකාට කඩේ ගිහින් ආයි වැඩේ දෙන්න ගියාම චන්ද්‍රිකා ඉස්සර උනා.

      Delete
    2. නම නම් මතක නෑ. ඒත් සිද්දිය නම් මතකයි. පුදුම පත්තර තොගයක් නේ තිබුනේ ඒ කාලේ...

      Delete
  13. කියලා තියෙන දෙවල් බොරුම නෙමෙයි. මම පිළිගන්නවා එදා තිබූ රාවය නෙමෙයි අද තියෙන්නේ, නමුත් මචං දැන් තියෙන අනෙක් පත්තරත් එක්ක බලනකොට තාමත් රාවය මේ ජරාජීර්ණ වූ දේශපාලනයේ සමහර තැන් ප්‍රශ්න් කරනවා.. සහ විවේචනය කරනවා ඒක නැහැයි කියන්න බැහැ. රාවය සහ වික්ටර් කියන්නේ දෙන්නෙක් මට නම්. ඉතින් වික්ටර්ගෙ කෙරුවාවෙන් මට ඇති වැඩක් නැහැ,පත්තරේ නම් ලංකාවේ අනෙක් පත්තරවලට වඩා තාමත් ඉදිරියෙන් ඉන්නවයි කියලයි මගේ අදහස නම්.

    ReplyDelete
    Replies
    1. මචං මගේ අදහසක් තියෙනවා විකල්ප පත්තරයක් පටන් ගන්න. උඹ උදව් කරනවද මට?

      Delete
    2. උඹ ඒකෙත් කුලවාදෙ ප්‍රමෝට් කරනවද?

      Delete
    3. ඒවගේ දේවල් මෙතන කතාකරනවද බන්, වික්ටර් අයිවන් වගේ එක්කෝ ප්‍රභූ ගෙදරක, එහෙම නැත්නම් තරු පන්තියේ හෝටලයක නේ ඒවා කතා කරන්නේ... මේක මිනිහගේ තියෙන හීනමාන කමක්. පත්තර පොරක් උනාම අනික් අයගෙත් ජීවන රටාව එහෙම තමයි. ඒත් අනික් උන් ඒවා ලියන්නෙ නෑ.

      Delete
  14. ඉස්සර රාවය පුවත්පතක් අනෙක් ඒවා (කැලෑ)පත්තර.එදා උඩුගං බලා පීනපු රාවය අද ? වික්ටර් අයිවන් හිතන විදිහට නම් රාවය තාම උඩුගං බලා පීනනවා. හැබැයි බලන් ඉන්න අපිට පේන විදිහට ගඟ අනිත් පැත්ත හැරිලා.

    ReplyDelete
    Replies
    1. මම කවියෙන් කිව්වේ ඒක තමයි... රෙද්දේ පටිසෝතගාමි...

      Delete
  15. >>රාවය<<කියන වචනයෙ හරිම සිංහල තේරුම කුමක්ද කියල මට කවුරු හරි පින්වතෙක් කරුණාකර පවසනවද.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. රාවය කියන වචනේ පැහැදිලි කරන්න එන පින්වතාට සොරි ඩොට් කොම් !!!

      Delete
    3. ඒක නම් කියන්න දන්නෙ නෑ කෙන්ජියෝ.. "උස් හඬ" කියලා මම හිතන්නේ..

      Delete
  16. ලෝබකමක් නැතිව ගන්න හිතෙන එකම පත්තරේ රාවය...

    මං දැනගෙන උන්නෙ නැහැ රා‍වයෙ මේ අතීත විස්තර... කො‍හොම උණත් රාවය ඔය කියන විදියෙ වෙනසකට යනවට වඩා අතීත විකල්ප ධාරාවට යනවට මං කැමතියි...

    ප්‍රබල විකල්ප පත්තරේක අඩුව අද හරියට දැනෙනවනේ...

    ReplyDelete
    Replies
    1. මම කියන්නෙත් ඒකයි. මිලින්ද "රාවයට" සම්බන්ධ කර ගන්නවට වඩා හොඳයි, "බාර් ලයිසන්" එකක් ඉල්ල ගත්තනම්...

      Delete
  17. මමත් රාවය සඟරාවෙ පටන් පාඨකයෙක්,සඟරා සහ පත්තර මිටි ගනනාවක් ම ළඟ තියෙනවා අපේ අවාසනාව මේ පත්තර සඟරා මිටි ටික බෝතල් පත්තර කාරයෙකුටවත් විකුනගන්න බැහැ. එත් වික්ටර් අයිවන් රාවය කෝටි ගනනකට විකුනන්න හදනව.ධනපති පංතියේ සූරාකෑම ගැන පත්තර පි‍ටුගනන් පුරවපු වික්ටර් අයිවන් ජනතා විමුක්ති පෙරමුනෙන් පනින අය අන්තිමේදි නවතින තැන තමයි අද නැවතිල ඉන්නෙ.අනේ අපරාදෙ නෙලුන්දෙනියෙ කිරිටින් බෝම්බෙ හරියට පිපුරුනෙ නැහැ කිව්වලු.

    ReplyDelete
    Replies
    1. රාවයට කෙලින්නේ. වෙන විකල්පයක් ඇත්තෙම නැද්ද?

      Delete
  18. පවතින ක්‍රමය තුල උඩුගන් බල පිනිම තනියම කරන්නට නොහැකි බව වික්ටර් අයිවන් තේරුම් ගන්න ඇති.
    ලසන්ත වික්‍රමතුංගට උන දේත් මතකයිනේ.

    "ගමන් මගේ මගියා" උඩ කියා තියෙනවා වගේ විකල්ප කිසිම දෙයකට පවතින්න ආණ්ඩුව දැන් ඉඩ තියන්නේ නැහැ.එක පැහැදිලියි.
    එක්කෝ ආණ්ඩුවේ මතවාදය තුල ඉන්න ඔනේ නැතිනම් දේශද්‍රෝහි ලේබලය පිටේ අලවන් එන ඉරණමකට මුහුණ දෙන්න ඕනේ...

    කොහොම උනත් විකල්ප මාද්‍යක අවශ්‍යතාව අද තදින් දැනෙනවා.....

    ReplyDelete
    Replies
    1. මේ කරන්න යන්නේ ආන්ඩුවේ කිසිම බලපෑමක් නැතුවනේ. පොරට සල්ලි හදිස්සි වෙලා. මේක නිකන්, අම්මා විකුනන් කනවා වගේ...

      Delete
  19. තව දුරටත් ලංකාවේ පැවතිය යුතු පත්තරයක් රාවය.එහි විශේෂාංග ලිපි සාරගර්භයි.

    ReplyDelete
    Replies
    1. අනේ මචන් මේ "ලන්කාව" කියන එකේ බින්දුව යුනිකෝඩ් එකෙන් ලියන්නෙ කෝමද?

      Delete
    2. ලංකාව... හුරේ... හුරේ...... තැන්කූ ඇනෝ....
      මම හි.. හී ඇනෝ.... ඇනෝලාට පිහිට ඉතින් ඇනෝලාම තමයි....

      Delete
    3. බිංදුව ලියන්න X අකුර පාවිච්චි කරහං මචං

      Delete
    4. අනිවා... ඇයි මේක නැති කරන්න යන්නේ...

      Delete
  20. අතීතය ගැන නං මම දන්නේ නැහැ. තාත්තා ඉස්සර ඉඳලා "රාවය" ගත්තත් ඒ කාලේ මට ඒ පත්තරේ කියවන්න තහනම්! ඒ නිසා මම ඒක කියවන්න පුරුදු වුණේ මෑතක ඉඳලා. දැන් තියෙන අනිත් පත්තරවලට වඩා නං හොඳයි. මට පේන විදියට තාමත් වැදගත් විදියට ලියාගෙන යනවා. අපි බලමුකෝ ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. එදා පත්තරේ මීට වඩා බලවත්. ඒ පවර් එක අද නෑ...

      Delete
  21. මා නම් රාවය බැලුවේ පත්තරේ කාලේ. මං හිතන්නේ 1991 විතර වෙන්න ඕනෑ.

    රාවය යුක්තිය හැර වෙනත් පුවත් පත් තිබුණාද? මට මතක විදියට තිබුණා නම් ඒ රාජාලියා පමණයි. ඒකත් සුලු කාලයක් විතරක් පලකෙරුණු එකක්.

    මාතලන් කියා ඇති විදියට 1994 මැතිවරණයට රාවය සහ යුක්තිය සෑහෙන බලපෑමක් කළා. සිරිමා වෙනුවට චන්ද්‍රිකාව ප්‍රමෝට් කලේ අයිවන් තමයි.

    ඒ දවස්වල සමහරු හිතුවේ චන්ද්‍රිකා ආවාම ආණ්ුඩව යහපත් වෙන හින්දා විකල්ප පුවත්පත් නැතිවෙයි කියාලයි.

    මාතලන්, මේ කතන්දරේ කියෝලා තියෙනවාද?

    http://kathandara.blogspot.com/2010/10/blog-post_06.html

    ?

    ReplyDelete
    Replies
    1. Charmi October 7, 2010 at 7:09 PM

      ඔය කාලෙ තිබුන තවත් ටැබිලොයිඩ් ටිකක් තමා ලක්දිව/හිරු/රාජාලියා...
      ඊට අමතරව කොලම් පත්තර තොගයකුත් ආවා. ත්‍රීශූලේ/කපුටා/කොලම/සටන....
      කිණිහිර කියලා එකකුත් තිබුනා. මතක විදිහට එකත් කොලමක්.
      චින්තන ජයසේන තමා මං හිතන්නෙ හොඳම කොලම් රචකයා. මොනවා ලිව්වත් මාර ගතියක් තියෙන්නෙ. එයා තමා මටත් කොලම් පිස්සුව හැදුවේ. ගෙදරින් ක්ලාස් යද්දි දෙන සල්ලි වලින් කොලම් පත්තර අරගෙන බස් එකේ හොරෙන් ඇවිල්ලත් තියෙනවා.
      කොලම් වැඩේ මඩ කලේ රෝහන කුමාර.

      Delete
    2. කොහොමහරි කමන් නෑ එතනත් ලින්ක් එකක් ඔබලා !!
      කකාට ඉතින් ලින්ක් දාන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් තියේ යෑ... හිහ්.. පුග්...

      Delete
    3. චින්තන ජයසේන ගැන මම කලින් පෝස්ට් එකක ලිව්වා. කතා කියනවා වගේ, දේශපාලණය ප්‍රිය විෂයක් උනේ, චින්තක නිසාම තමයි... පුදුම ලිවිල්ලක් නේ ඒක. වචනෙන් වචනෙට රස උතුරනවා. ඒ වගේම තමයි සිරත්..

      Delete
  22. සති අන්ත පුවත් පත් අතරින් යමක් කියවන්න හික් දෙයක්, හොද විචාරයක්, දකින්න ලැබෙන්නේ රාවයෙන් පමණයි. විශේෂයෙන්ම සම්පූර්ණ පුවත්පත කලුසුදු වෙන් මුද්‍රණය වන නිසාත් ඇතැම් ලිපිවල ගැඹුරත් නිසා සතිඅන්ත අනෙත් පත්තර විකිණෙන ප්‍රමාණයට වඩා අඩුවෙන් විකිනෙන්නේ.

    අනෙක් පත්තර සති අන්තයේදී පිටු සියගනනකින් වෙළඳ දැන්විම් පළ කර සරල විශේෂාංග පිටු පුරා ගෙනෙන නිසා සීමිත වෙළඳ දැන්වීම් ප්‍රමානයක් එක්ක මෙවන් පුවත්පතක් පවත්වාගෙන යන්න තරමක් අපහසුයි. ඒත් පුවත්පත නවත්වා දානවාට වඩා අමාරුවෙන් හෝ ගෙන යන්න හැකි නම් ඒක උඩුගං බලා පීනීමක් විය හැකියි.

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන ප්‍රශ්ණය ඒකයි. ඇයි රාවය මරන්නේ. වෙන එකක් පටන් ගන්න පුළුවන්නේ. නැත්නම් වෙන බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්නේ..

      Delete
  23. මොන සම්මාදම් කරල පටන් ගත්තත් මේ යක්කු එක්ක කාටවත් කරන්න බැහැ.
    අයිවන් ලොක්කත් හිතපු නැති දෙයක් උනේ.අනිත් අය එක්ක දාපු සෙල්ලම් දාන්න බැලුවෙ.එතකොට ගොනා කානුවෙ.

    ReplyDelete
    Replies
    1. අද තනියෙන් මා..... අඬන්නේ නෑ මා....

      Delete
    2. ඔය එකෙකුටවත් ලොක්කව තම්බන්න හම්බ වෙන්නෙ නම් නෑ. ඒත් ලොක්කගේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදේවත් වික්ටර්ලා ලඟ නෑ. ලොක්කා ස්ට්‍රයික් එක වෙලාවේ අනික් උන්ට කියලා තියෙනවා. ඒක අසාර්ථක උනා කියලා, අපි කරන හැම දේම හරියි කියලනම් හිතන්න එපා කියලා.

      Delete
  24. ලක්දිව හිරු කරපු ලියපු ඩලස්ල, සුනිල්ල, විමල්ල කඩී යද්දි, ඇයි වික්ටර් විතරක් මේ තරංවත් කාලයක් ඇදං ගිය එක ගැන සතුටු නොවෙන්නෙ. ඒකත් හරියට අර සුනිල් නන්ද විතරයි විකල්ප ගී කියන ඕන, අනික් උන් කඩේ ගියාට මොකෑ වගේ තමයි. කලකදි වහළු කලදි රස වෙනවාලු. එහෙව් එකේ මැරෙන ගස් වෙනුවට අළුත් පැළ නොඉපදීමේ කරුමය ගැන කතා කමු පරන හමට තල තල අතීත කාමෙ පීනන්නෙ නැතුව. අඩුගානෙ එහෙම හැදෙන බව පේන එකෙකුටවත් අතක් දෙන්න මගක් හොයමු ( අර ශ්‍රී ලාල් ගෝමස් කියන පත්තර කරයට මොකෑ උනේ - ආරංචියක් දන්න එකෙක් ඉන්නවද?).

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා එහෙම දෙයක්. ඒත් පොස්ට් එකේ දාන්න බෑ. එතකොට අපිත් වික්ටර් අයිවන් වගේ වෙනවා. නෝනා කිව්වද දන්නේ නෑ.. ඔය ඇති .. දැන් අපි ගැනත් බලනව ඕයි කියලා....

      Delete
    2. ගෝමස් නෙවෙයි ශරී් ව ලාල් පරිද යන්ත. කසාදයක් බැ`දලා පැත්තකට වෙලා ඉන්නවා. පොලිසියෙන් ගුටිකන- සුදු වෑන් වල යන්න වෙන ලිපියක් ලියන නිදහස් ලේඛකයෙකුට ඉරිදා පත්තරේකින් ලැබෙන්නෙ රුපියල් දාහයි. එක පිටුවක දැන්වීම් වලින් විතරක් ලක්ෂ දහයක් විතර හොයනවා. ලියලා හෙලිකලාම වෙන්නෙ මැරෙන්න. කවුද ලසන්ත ගැන දැන් දන්නෙ. රෝහණ කුමාර ගැන දන්නෙ?

      Delete
  25. රාවයට වන්නට යන දේ ගැන කනගාටුයි....විකල්පයක් කියල නාමයක්වත් අනාගතේ ඉතුරු වෙයිද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඕක විනාශ කරලා දායි වගේ....

      Delete
  26. ඊලඟ පරපුර බැටන් එක ඔහු අතින් භාර ගත යුතු කාලයයි!

    ReplyDelete
    Replies
    1. පිස්සුද... අර අපේ ඇගමැති තුමා ඉන්නේ කොල්ලා වගේ තාමත්.. ජේ ආර් පප්පා බලේට ආවේ කීයෙන්ද...?

      Delete
  27. දොස්තර ජයලත් ජයවර්ධන අභාවප්‍රාප්ත වේ

    ReplyDelete
    Replies
    1. අපට මතකයි අවසන් වරට ඔහු විදුලි බිල අඩු කිරීමේ සටනේ ද සිටියා. ඔහු කළ සේවයට අපි ගෞරව කරමු.

      Delete
  28. විකල්ප පත්තර නිසා දැන් සිද්ද වෙන්නේ catharsis එකක්. ඒක ටෙලි නාට්‍ය බලනවාට වඩා වෙනස් නෑ.
    රාවය මැරෙන්න ඕන නම් මැරෙන්න අරිනවා මිසක් සේලයින් දීලා වැඩක් නෑ.ඒ ඉඩත් ඒ එක්කම වැහිලා යන්න ඕන. එතකොට මහරජා ගේ ගේම සම්පූර්නයි. ඒ මරණය විසින්ම ඒකෙ ප්‍රතිවිරෝධය උප්පාදනය කරයි.
    උප්පජිත්වා නිරුජ්ජන්ති.

    ReplyDelete
    Replies
    1. හොඳම කොමෙන්ට් එක මේක තමයි...

      Delete
    2. \\\රාවය මැරෙන්න ඕන නම් මැරෙන්න අරිනවා මිසක් සේලයින් දීලා වැඩක් නෑ.\\\
      +++++++++++++++++++

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න