.

.

Jul 12, 2013

බස් ගැමුණු පාපුවරුවෙන් විසිවීම - End of the Bus Gemunu

 
පලා බබා සුදු අලියෙක්ය යන මතයේ, මාතලන්ද සිටියේය. ඒත් තව දුරටත් එහෙම නම් ඉන්නේ නැතිය. පලා බබා, ජනතාවට බොහෝම හිතවාදී සීන් එකක් බව, මේ ලිවිල්ලේ අන්තීමේදි පෙන්වා දෙනවාය.

ගැමුණුට කෙලවිය. ගැමුණු හිතාගෙන හිටියේ ඌත් හෙණ පොරක් කියාය. ඕනෑ එකෙකුට පොරක් වෙන්න හැක්කේ, ඌ මහින්ද මහත්තයත් එක්ක ඉන්නවානම් විතරය. ඒ බව මේ ගොන්නුන්ට තේරෙන්නේ නැතිය. තේරෙන එකා ආතල් එකේ ඉන්නවාය. මේ ගැමුණු යුගය නෙමේය. හත් වන මහින්දගේ යුගයය. මේ ගැමුණුට මෙන්ම, කැළණියේ ගැමුණුටද බඩුම තමයිය.

විරුද්ධව යනවානම් පෝරියල් කන්නත් ලෑස්ති වෙලා ඉන්න ඕනෑය. ඒක මේ, මහින්ද රාජ්‍ය සමයේ කේස් එකක් නෙමේය, නැවේ දාලා එළවපු විජේගේ කාලයේ හිටන් තියෙන, අපේ සඟිස්කුරුතියය, සබ්බත්වයය, හැදියාවය, ඉතිහාසයය, බව් බව් මික අණ්ඩවාතයය, ඒකය, මේකය.

රජතුමා එන්නෙයි කිව්වාම මාලිගාවට ගියේ නැත්නම්, පවුල් පිටින් හිස ගසා දැමුවේ ඒ කාලයේය. අද නම් එහෙම කරන්නේ නැතිය. එහෙම එන්නෙයි කියලා නොගිහින් උන්න චීෆ් ජස්ටිස්, අන්තීමට ගෙදර ගියේ චීප් වෙලාය. කියන්න තියෙන මලදානයක්, මන්දිරේට ගිහින් කිව්වානම් සමහර විට රජතුම වෙනස් වෙන්නත් තිබුණේය.

ගැමුණුටත්, එන්නේයි කිව්වාම, ගියේ නැතිය. ගැමුණු හිතුවේ, මම රජ්ජුරුවොන්ටත් එහා ගිය එකා කියලාය. මෙතුවක් කල් ජෝගී නැටුවේ, රජ්ජුරුවෝ ෂේප් එකයි පාරයි නිසාය. එහෙම ගියා නම්, බජාර් එකේ චණ්ඩි පාට් තව දුරටත් කරහෙන යන්න තිබුණේය. මේ සැරේ හැප්පෙන්න ගියේ, සී බී එක්ක නෙමේය. රජ්ජුරුවෝ එක්කය. අන්තිමේදි පුක බිම ඇනගෙන හොටු පෙර පෙරා අඬනවාය.

බස් කාරයන්ට, ඔය කියන තරම් අහේනියක් නැතිය. එහෙම කේස් එකක් තියෙනවානම්, බස් එක විකුණලා වෙන ඕන මලදානයක් කර ගත්තාට මගී ජනතාවට අමාරුවක් නැතිය. මොකෝ පෝමිට් ගන්න පෝලිමේ ඉන්න නිසාය.

ගැමුණුලා එයාගේ අයිතිවාසිකම් ඉල්ලුවාට, මගියාගේ අයිතිවාසිකම් තුට්ටුවකට ගණන් ගත්තේ නැතිය. එහෙම උනානම් මගියත් ගැමුණු එක්ක ඉන්නවාය. බස් කාරයන්ට තියෙන කේසුත් අපි දන්නවාය. ඒවාට විරුද්ධ වෙන එක උන්ගේ අයිතියක්ය. ඒත් ඉතින් කප්පම් ගෙව ගෙව දුවලත්, ප්‍රොෆිට් තියෙන එකා දුවනාවානම්, ගැමුණුටත් කරන්න දෙයක් නැතිය.

බස්, කොට කොටා යන එක අද වෙනකන් නැවතිලා නැතිය. අපි කැමති උණත් අකමැති උණත්, කොන්දා කැමති මියුසික් එක අපි අහගෙන යන්න ඕනාය. ඒ මදිවාට, පිකොටුවේ ඔටුවෝ විකුණනවා කියා, කන පැලෙන්න කෑ ගහනවාය.

සුද්දෙක් මගෙන් ඇහුවේ, උඹ කිව්වට, ලංකාවේ උන්ට අකුරු කියවන්න බෑ කියලාය. මම කිව්වේ පුළුවන් කියලාය. ඌ මට කිව්වේ, බොරු කියන්න එපා කියලාය. එහෙම කියවන්න පුළුවන්නම්, බස් එකේ ඉස්සරහයි, පිරිපස්සෙයි, දොර ගාවයි ගහලා තියෙන එක, කොන්දා මර හඬ දිදි එනවුන්ස් කරන්නේ අහවල් එකටද කියාය.

බස් මගියා හිතාගෙන හිටියේ පර්ස් එකට කෙළින්නේ පික්පොකට් කාරයෝ කියලාය. ඒකට ඔය බස් එක ඇතුළේ හිටන් "ගැට කපන්නන්ගෙන් ප්‍රවේසම් වෙන්න" කියා, ඉස්ටිකර් හිටන් අලවලා තියෙනවාය. ගොඩක් වෙලාවට පෝර්ස් නැති කර ගන්නේ, ජැක් ගහන උන්ය.

ඒක එක අතකින් අර ස්වභාව ධර්ම තියරිය අනුව ඔටෝ පනිස්මොන්ට් එකක් විදියටත් කැගරයිස් කොරන්න පුළුවන්ය. පෝර්ස් එක ගැන සිහියෙන් යන එකාගේ පෝර්ස් එකට කෙළින්න සුන්දර ගෑල්ලමයෙකුට වුවද අමාරු කාරියක්ය.

බස් එකේ එහම ගහලා තිබුණාට, ගැමුණු අවුරුද්දට සැරයක්, මගියාගේ පොකට් එකට කෙළියේය. එහෙම අවුරුද්දට එක සැරයයි කිව්වාට, ඒක ඉතින් හැමදාම පොකට් එකට ගැහිල්ලක්ය. ඒ අස්සේ, හිඟන්නොයි, කවි කොළ කාරයොයි, සර්කස් කාරයෝයි, පොත් විකුණන උණුයි, ලොතරැයි විකුණන උණුයි මදිවට "මනස" විකුණාගෙන කන උනුත්, පෝලිමේ ඇවිත් පෝර්ස් එකට කෙළිනවාය.

සමහර උන් කප්පම් ගන්නවා වගේ, කොළ කෑල්ලක් ඔඩොක්කුවට දාලා, බලෙන් කප්පම් එකතු කරනවාය. මගේ ඔඩොක්කුවට දාපු ගමන්, මම නම් බස් එකෙන් එළියටම විසි කරනවාය. ඒවා නවත්තන්න ගැමුණුට තියා එකෙකුටවත් බැරිය.

ඒ උණාට පුකෙන් අල්ලලා, පිටෙන් අල්ලලා ඇතුළට දාගෙන, පුකට පයින් ගහලා, බස්සන එකනම් එදා ඉඳන් අඩු වැඩියක් නැතුව වෙනවාමය. අපේ පුකට ගහන්න ආපු, ගැමුණුගේ පුකට කෙලියාට අපට නම් බොහොම මනපය.

එහෙම කියලා ගොන් ආතල් ගන්නත් ලෑස්ති වෙන්න එපාය. ලොක්කා මේක වැඩි නොකළේ, පලා බබා නිසාය. ඒ නිසා මින් මතුවට පලා බබාට විරුද්ධව කෙළ බින්දුවක් හෙම හෙලනවා නෙමේය. හැමදාම මැතිවරණ තිබ්බානම්, මේකත් ආසියාවේ ආශ්චර්යයම් වෙනවාය.

අති විශේෂ



ඔය ඉහළින් තියෙන්නේ, අපේ බ්ලොග් කියවන රසිකයෙක් වන කුමාර අමරසිංහ එවපු, බොහොම වටිනා කියන පින්තූරයක්. මේ වගේ එකක් මේකේ එල්ලුවම, අර කටු ගෙට වගේම ආරක්ෂාවකුත් දාගන්න වෙනවා. මොකෝ මේක බොහොම ඇන්ටික් වටිනාකමක් තියෙන පින්තූරයක්. අර මොනාලීසා වගේම වටිනවා. නෑ බං හැලපයගේ මොනාලිසා නෙමෙයි. ඩාවින්චිගේ මොනාලිසා..

ටිකට් එක හොඳට බැලුවද....
ටිකට් එකේ වටිනාකන ශත තුනයි...
සිලෝන් ටකරං බස් දුවපු කාලේ, එයාලගේ ටිකට් එකක්...
උන්නැහේ කියන් විදියට, මේක 1960 ගනන් වල වෙන්න ඕන...

දැන් නම් මෙහෙම එකක් පරෙස්සම් කරලා තියාගන්න, ටිකට් එකක් දෙන්න එපාය. මේක අපි වෙත එවපු කුමාර මහත්තයට, බස් තියන් පයින් යන්න නොලැබේවා කියා ප්‍රාර්ථනා කරන ගමන්, මෙවන් වටිනා දෙයක් අපි සමග බෙදා ගත්තාට අපේ ඉස්තූතියත් මෙයින් ප්‍රකාශ කර සිටිමු.

ප: ලි:
බස් ගාස්තුවට කෙලියේ නැති උනාට. ලොකු ලුණූ වලට නම් කෙලලා ඇරලාය...

75 comments:

  1. මොනා කියන්න ද? සියල්ල එලෙසින්ම ලියා ඇත.

    ReplyDelete
    Replies
    1. sirawatama me gamunuwa nam gema illanawa wadi hodatama, privet bus karayo hitanne hama dama minissu kata waha gena idiwi kiyala un karana okkama wada walata. pvt bus karangen gama illana eka aulak ne.. ath antimata tamanta witarai face karanna wenne, bus eke inna anith un ponnayo tika wage balan innawa.. this is experience in 163 root, mother fucking bus conductor come to challenge passengers when they even late much time in each bus stop, finally i decided to ask that from conductor, and he come to against me and fight, no even fucking man support me about there violence, thats the sri lankan nature which i realized, go hell all fucking blasters who working like pussy.

      Delete
    2. @ සොසී

      තව එකතු කරන්න මුකුත්ම නැතෙයි. ඔය ඇනෝ ලියලා තියෙන්නේ තව කතන්දර..?

      @ ඇනෝ

      අපේ අයට ඉක්මනින් කේන්ති යනවා. ඔය තරහෙන් දෙයක් පෙන්වා දෙනවට වඩා, විහිළුවෙන් දෙයක් පෙන්වා දෙන්න පුළුවන් නම් ඒක. සෑහෙන දැනෙනවා..

      Delete
    3. ගැමුණු උන්දෑ නෑවේ අමර නෑමකි . ඉතුරු ජීවිත කාලේ රෙදි අඳින්න බලාපොරොත්තුවක් තිබේ නම් යලි කරලියට නොඑනු ඇත .
      අපේ උන්ට රෑට උදේට දවල්ට කියන්නේ , ප්‍රවෘත්ති වලින් අහන්නට ලැබෙන්නේ සම්පත් වලින් පරිපූර්ණ රටක් ගැනය,ජනතාව ප්‍රබෝදයෙන් අවධිවෙන,සම්පත් ඉතිරෙන,මිනිසුන් සමගියෙන් වාසය කරන,රටක් ගැනය. දියුණුවේ මූලස්ථානය,සංවර්ධනයේ දොරටුව..ආරක්ෂාවේ කේන්ද්‍රස්ථානය ලෙසින් ඇති එකම රට අපේ රටවී හමාරය . ඉතිං මිනිස්සුන්ගේ අතමිට උතුරන..මිනිස්සු නිදහසේ ස්වඅභිමතය පරිදි වෙසෙන රටක ගැමුණුට කෙලවීම අරුමයක් ද නොවේ !!!!
      අනිත් අතින් බලද්දි පෙනෙන්නේ අපේ උන්ට ආණ්ඩුවෙන් මොනතරං කෙලියත් ගානක් නැති බවයි . මොකක හරි මිල වැඩි උනාම ඒ ගැන අපේ උන් දැන ගන්නේ මාසයක් හමාරක් ගියවිටය . ආශ්චර්ශ යනු එය විය හැකිය .දැං අපේ උන් විරෝධය පල කරන්නේ ගාස්තු වැඩිවීම සාධාරණීකරනය කරන්නටය , බැරි වෙලාවත් බස් ගාස්තු වැඩි විනිනම් ඒ වෙනුවෙන්ද රජතුමා වෙනුවෙන් උත්සව සංවිධානය වීම වලක්වන්නට බැරිය..

      Delete
  2. පෙරේද ලොක්ක TNA එකත් එක්ක කතා කරල නේද?

    ReplyDelete
    Replies
    1. කතා කරන්නේ නැතුව. ඉන්දියාවෙන් නෝන්ඩි උනයින් පස්සේ..

      Delete
  3. කාල් ලාන්තට වඩා උස්මුරුත්තෙට හෙම්බිරිස්ස හැදෙන්න ගැමුණුව නා ගත්ත නොවැ.

    ReplyDelete
    Replies
    1. එකනෙ කෙන්ජි.

      {මමත් මෙතනට ආවා මොකද අපේ ත්‍රිවිධ රත්නෙට අඩුපාඩු වෙනවට අපි කැමති නැහැනෙ.}

      Delete
    2. අනිවා!වචන දෙකක් හරි කෙටුවෙ නැත්නම් අපේ සහෝදර ඇනෝලට කරන විශාල අපරාධයක්.

      Delete
    3. මාත් මේ සංඛේතාත්වමකව කොටන්නේ, කැළෑ වදින්නයි යන්නේ.. ආයේ එලියට එන්නේ දවසක් විතර ගිහින්.. මුන්ගෙන් හෙන වදේ එන්න කියලා..

      Delete
  4. අපරාදෙ ගැමුනුට තිබුනෙ කොහෙහරි හැංගිලා ඉන්න ටික දවසක්. ඒතකොට රට්ටු කියයි ලොක්කා ගැමුනුව උස්සලා ඉස්ට්‍රැයික් එක බාල කොලා කියලා

    ReplyDelete
    Replies
    1. ඇඟිල්ලේ තරම ඉදිමෙන්න කියන් දේ මූට කියලා දීලා නෑ...

      Delete
  5. ගැමුණු අමු මෝඩයෙකි. මේකා කොච්චි ඉස්ටැයික් දවසෙම මුගේ එකත් කොලා නං ටිකක් හෝ ගොඩ යන්න තිබුනා. චන්දය ඉවරවු ගමං බඩු ලැබෙයි ගානට.
    සෙන්කෝලය අලුත්ම ලිපිය මෙතැනින්

    ReplyDelete
    Replies
    1. //මේකා කොච්චි ඉස්ටැයික් දවසෙම මුගේ එකත් කොලා නං ටිකක් හෝ ගොඩ යන්න තිබුනා.//

      පිෂ්ෂුද බං, දෙයියනේ කියල කීයක් හරි වැඩිපුර හොයා ගන්න පුළුවන් දවස්වලට ගෙදර නැවතිල පුළුවනෑ. උන් බැලුවෙ ඒකත් කරන් මේකත් කරගන්න. ඒ විදියට තමන්ගෙ අරමුණ වෙනුවන් එකතුවෙන එවුන් ලංකාවෙ නෑ. පස්සෙන් පිහියෙන් ඇනල තමන් මුදුන වෙන්න යන එවුන් තමා වැඩි. කොටින්ම එහෙම නැති උනානම් මේ රජයවත් මෙච්චර කල් දුවනකන් නෑ සමහර විට. මංගලලටම ආණ්ඩුව ගලවගෙන යන්නත් තිවුන.

      Delete
    2. මම කියන්න ඕන දේ DDT කියලනේ...

      Delete
  6. බුකියේ දැමු කමෙන්ටුව

    // මා ආණ්ඩුවට අකමැතිය, ගැමුණුට ඊටත් වඩා අකමැතිය. ඒ නිසා ගැමුණුගේ කෙලවීම පිලිබඳ සතුටුය //

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන්නේ එහෙම කේස් එකක්ය. මුන් ජනතාව ගැන අබ මල් රේණුවක් හිතන උන් නෙමෙයි..

      Delete
  7. මාතලන්,
    ගැමුණුව ගැන නම් කතා කරන්න ලැජ්ජයි. මේකා අපේ අසල් වැසියා. පොඩි හිතවත් කමකුත් තියනවා. ඒත් දැන් ටික කාලෙක හිට වැඩිය කාටවත් මුහුණ දෙන්නෙ නැහැ. දන්නවනේ අර ලොක්කා පයින් සංග්‍රහ කළා කියන කතාව ආවට පස්සෙ. ටික දිනකට පෙර පොර රට ඉදලා එනකොට කස්ටම් එකට ලොකු පොර ටෝකක් දෙන්න ගිහින් එතන ඉන්න ඔෆිසර් කෙනෙක් දුන්නලු දුං දාන්න. වයිෆරේ එකපාරටම කිව්වලු හොද වැඩේ තමුසෙට කියලා. ගෙදර ගිහින් මොනවා වුනා ද දන්නෙ නැහැ. මොනව වුනත් පව් අප්පා කාගෙ හරි දරුවෙක්නෙ. එහෙම එකාටමනෙ මාතලනුත් බ්ලොග් පෝස්ට් දාන්නෙ.

    ReplyDelete
    Replies
    1. මූ මහින්ද මහත්තයා ගාවට ගිහිල්ලත්, මහින්ද කව්ද කියලා දන්නෙ නෑනේ. කොහොමද කාළගුණ කමිටුවෙන් රාජිතට ගහලා තියෙන ලස්සන...

      Delete
  8. මාත් බැලුවෙ කෝච්චි දවසක් නවත්තගන්න පුලුවං වෙච්ච එකේ බස් ස්ට්‍රයික් එක 9.30 වෙනකොට නැවතුනේ මොකද කියල.

    ReplyDelete
    Replies
    1. කොහොමත් මූගේ පවර්ස් ඉවරයි. දැන් තවත් සංගම් බිහිවෙලා තියෙන්නේ.. අනික පාරේ දුවන බස් වැඩි ප්‍රමාණයක් ආන්ඩුවේ උන්ගේ..

      Delete
  9. මං දන්න විදිහට බස් අයිතිකාරයන්ට නම් ඒච්චර ලොකු ලාභයක් ඇත්තේ නෑ..‍ෆිනැන්ස් එක ගෙව්වම අන්තිමට යකඩ ගොඩක් විතරක් ඉතුර් වෙනවා..

    එත් ඉතින් කොන්දෝස්තර කොළුවයි, ඩ්‍රයිවර් මහත්තයයි නම තුන් වේලටම හොදටම නෙලලා හැන්දැවට අඩියකුත් ගහලා ගේදරටටත් දෙදාහක් විතර ගෙනියන හින්දා බස් කෙරුවාවා නැති වෙලා යන්නේත් නැතිය...මොකද ඊලගට බස් පර්මිට් එක ගන්න ඉන්නෙත් මේ දෙන්නම ය..

    එහෙම පර්මිට් එක අරං බස් පාරට දැම්මම් උදේට බස් එක උඩ වැඩ කරන අතර හැන්දෑවට බස් එක යට වැඩ කරයි..

    ReplyDelete
    Replies
    1. ඒවා ප්‍රසිද්ධ බොරු. බස් වලින් 100% ප්‍රොෆිට්. මමත් සුළු කාළයක් ඔය ෆීල්ඩ් එකට සම්බන්ධ තැනකත් වැඩ කල නිසා. ඒක හොඳටම දන්නවා..

      Delete
  10. බස් ගමන් බොහෝ දුරට අඩු නිසා ළඟකදි නං බස් වලට බැන බැන යන්න ඕනේ උන් නෑ.. හැබැයි වැඩට ගිය කාලෙ නම් ජීවිත කාලෙට ඇතිවෙන්න බස් වල කරදර වින්දා... බස් ... හාපෝ... කෝච්චි දාහෙන් සම්පතයි..

    ReplyDelete
    Replies
    1. එක එකාගෙ චොයිස් තමයි. මාත් ආසම ප්ලේන් එකේ යන්න. ඒත් ගාන වැඩියි නේ..

      Delete
  11. (නොතේරුම් කමටද මන්දා ටිකක් මඤ්ඤං වී..) ඇත්තටම බස් වර්ජනයක් තිබ්බාද? අර ඉස්සර හිටපු හෙන සැර බස් ගැමුණු ගැනමද ඔය කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔව්... ඔව්...

      අර හෙන චන්ඩි ටෝක් දුන්නේ..
      එයාම තමයි මේ..
      අනිත් ගැමුණු.. අපේ කැළණියේ පින් කඳ නේ...

      Delete
  12. ගැමුණු හූ (who?)

    ReplyDelete
  13. බස් අයිති කාරයන්ට ෆිනෑන්ස් ගෙවාගන්න බැරි වෙන නිසයි, දවස් පඩිගන්න ඩ්‍රයිවර් කොන්දොස්තරට ආදයම අහිමි වන නිසා ඇත්තටම පුද්ගලික බස් වලට දවස් දෙක තුනකට වඩා වර්ජනය කිරීමේ හැකියාවක් නෑ.ඒත් පාලකයෝ හැමදාම කළේ දවසක් වර්ජනය කලාම මස් රාත්තල ම ලබා දී වර්ජනය අවසන් කිරීම.නමුත් ඇත්තටම කලින් කිව්ව හේතු නිසා දවස් දෙක තුනකින් ඉල්ලීම් ලැබුනත් නැතත් මේගොල්ල බස් පාරට දානවා ස්වේච්චාවෙන්ම වර්ජනය නවත්තල.
    මාතලන් කියනව වගේ පලා බබා අනුහසින් වත් මේ පාර වෙනත් දෙයක් වීම ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. හැමදාම ඡන්ද තියනවනම් හරි ෂෝක් නේ...

      Delete
  14. සෞඛ්‍ය සේවයටත් මේ ටික කරපු දාට මාත් මහින්ද මහත්තයට කතිරේ ගහනවා...

    ( පසුව එන්නම් )

    ReplyDelete
    Replies
    1. එක උනත් එච්චර ළොකු නෑ මෙයාට නම්...

      Delete
  15. කව්රු හරි කියාපන්කෝ මෙහෙ ඉදල හම්බකරලා හම්බකරලා ලංකාවට අවම ගන්න ඕන ප්‍රයිවට් බස් එකක්ද ලංගම බස් එකද්ද නැත්නම් කොච්චියක්ද කියලා

    ReplyDelete
    Replies
    1. සල්ලි තියෙනව නම් ලංකාවට ගිය ගමන් කෙලින්ම හමුවන්න දේසපාලුවෙක් දවස් හතෙන් ලංකාවෙන් ආපහු යන්නම වැඩේ කරල දෙයි.
      යන දවසට කියන්න ඕන නම් නම් ටිකක් දෙන්නම්.

      Delete
    2. එන්නේ නැතුව ඉන්න තරමට හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ..

      Delete
  16. දැන් ටික ටික දැන් මහින්ද 'දාස'ම වෙනවා..

    (දාස යනු ප්‍රේමයට දාසකම් කළ රණශුර සිංහයෙක් බව සළකන්න)

    ReplyDelete
    Replies
    1. දාසටත් පොලිට්‍රික්ස් උගන්වයි මෙයා. එකම දේ ඉන්දියාව ටැකල් කර ගන්න බැරි එක විතරයි. අනිත් අතින් නමිතින්. ප්‍රේමේ තෙම්පරාදු කරපුවා මෙයා දෙන්නේ ඩෙවල් කරලා..

      Delete
  17. ගැමුණු අසාර්ථක වීම සමස්ත මඟීන්ට වාසියක්. එහි වරදක් නැහැ. නමුත් එය කියව කියවා තලු මැරුවාට අපට ද මේ කාලීන සමාජ යථාර්ථය අදාළයි.
    මන්ද, ජීවන වියදමට, විදුලි බිලට, තෙල් මිලට, වැටුපට, නිදහස් අධ්‍යාපනයට, සෞඛ්‍ය සේවයට, ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියට සහ සාධාරණයට, රටේ දූෂණ/වංචාවලට, අධික බුදු බරට.... කෑමොර දෙන යම් පිරිසක් වේනම්.... ඔවුන්ටද එය අදාළයි.

    බස් ගාස්තු වැඩි නොවනුයේ අපි වෙනුවෙන් නොවේ, ඡන්දය වෙනුවෙනි. නැතිනම් උන් වෙනුවෙනි.

    එබැවින්, මාතලන් ඔබ මතුකරනා දෙය අපිට කාලීනව වාසි සහගත වුවද, එය කිසිවෙකුට තලු මැරීමට තරම් දෙයක් නොවිය යුතුය.
    ---------------
    තවත් කාරණයක්. බස් දුවවන මුදලාලිලාට පාඩු නැතත්, ඉතා අපහසුවෙන් ආර්ථිකය ගොඩනඟාගන්න වෙර දරන සුළු ආදායම් බස් හිමියන්ට මරු පහරකි.
    බස් ගාස්තු වැඩි නොවුනාට මීළඟ අය-වැයට පෙර බඩු මිල සහ අනෙකුත් සේවාවන්ගේ මිල ඉහළ නංවන අයුරු බලා සිටින්න....

    ReplyDelete
    Replies
    1. මිළ අඩුකරන්න ක්‍රම කවුරුත් කියන්නේ නෑනේ. යූ ඇන් පී යෙන් හදපු එකෙත්, සෝභිත සාධු ගෙනාපු එකෙත් ඒවට සොලියුෂන් නෑ. ඔහේලවත් ඒකට පිළියම් ගෙනාවොත් තමයි වටින්නේ..

      Delete
    2. මීගමුව නගරයේ වැඩිම ආදායම කප්පම් කල්ලියකට
      http://www.unpbrescia.it/2013/01/blog-post_2047.html

      අපි ඉස්සරම වංචාව සහ දූෂණය අවම මට්ටමකට හෝ ගෙනවිත් සිටිමු....

      Delete
    3. බස් වලින් කප්පම් ගන්න එක නතර කරන්න කියලා ජනධිපති උපදෙස් දුන්නාලු.දැන් ඔන්න මාසයක් ඇතුලත බස් වලින් කප්පම් ගන්න එක නතර කරනවා කියලා. පුද්ගලික ප්‍රවහාන ඇමති ඊයේ කිවේ.මේ යකාට මේක ජනධිපතිම කියන්න ඕනෙද.?මුන් මොකට ඇමතිකම් කරනවද දන්නේ නැහැ ?

      Delete
  18. (වයස අහු උනාට කමක් නෑ!)

    මට මතක අඩුම ගනන, ශත 5 ටිකට්.

    ReplyDelete
    Replies
    1. ඔබේ මතකය තරමකට හරි මොකද එක සෙක්ශන් එකක වැඩිහිට්ගාස්තුව සත පහයි.බාගෙ ටිකට් එක සත තුනයි.

      Delete
    2. බස් නවත්වන හෝල්ට් වලට එක එක නම් තියෙනව නේ.ඒ නම් හැදෙන්නත් එක එක හේතු තියෙනවා.දෙල් කඳක් කපල දාල තිබුණ තැන දෙල්කඳ හංදිය උනා ලු. මම දන්න හෝල්ට් එකකට කියන්නේ “දහයේ බෝඩ්“ කියල.ඉස්සර එතනට බස් ගාස්තුව සත දහයලු. හැබැයි දැන් එතනින් සෙක්ෂන් එකක් කැඩෙන්නේ නෑ.ඉස්සර දෙවෙනි සෙක්ෂන් එක පටන් ගත්තේ එතැනින්ලූ.

      Delete
    3. ටිකට් එක ගැන කතා කලාට ස්තූතියි. මටත් හරි මතකයක් නැතත්. ශත ගනන්වල ටිකට් තිබුන මව නම් මතකයි..

      වයස ගැන මොකට කරදර වෙනවද.. ආඩම්බර වෙනවා මිසක්...

      Delete
  19. ලොකු ලොකු ඈයො කෙල ගන්නකොට අතපල්ලෙන් වෑටෙන දෙවල් ටිකක් පොඩි අපිටත් ලෑබෙනව.කමක් නෑ ඔයත් මදෑ. .නෑත්තන් මුකුත් නෑ නෙ

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් ජනතාවට වදින පරිප්පුව මාසෙකටවත් නැවතුන එක ළොකු දෙයක්නේ..

      Delete
  20. මේ සියලු දෙනා එකම චෙස් පුවරුවේ එහේ මෙහේ වන ඉත්තන් ය මාතලන්. කොහොමත් අවසන එක් රජෙක් හා පිරිවර පුවරුවේ ඉතිරි වේ. මේ පුවරුවේ අපි පෝන් ලා වෙමු.

    ReplyDelete
    Replies
    1. ගැඹුරුන් බැලුවම... ඇත්තක් නැත්තෙමත් නෑ...

      Delete
    2. Aula thiyenne pone la kohoma game dunnath rajata ganakwath nane..

      Delete
  21. ඔය ගැමුණු එක පාරක් කොළඹට අලි පක්ෂෙන් චන්දේ ඉල්ලුව මතකයි.
    මම හිතන්නේ මිනිහාට ලැබුනේ දිස්ත්‍රික්කේ අන්තිම තැනයි.

    අර ලොකු ලුණූ වලට කෙලලා තියෙන්නේ මම හිතන්නේ ඔය දඹුල්ල පැත්තේ ඉන්න ලොකුලුණු ගොවින් ගැන උපන් අනුකම්පාවෙන් වෙන්න ඇති මයේ හිතේ...:D

    ReplyDelete
    Replies
    1. මටත් පොඩි මතකයක් තියෙනවා ඡන්දෙට ඉදිරිපත් උනා වගේ..

      උඹ කිව්වා වගේ... ඒක තමයි එක්ස්කියුස් එක..

      Delete
  22. Geek.lk Blog Geek Awards හොදම ශ්‍රී ලාංකීය සිංහල බ්ලොග් අඩවිය 2013
    ඔබගේ අඩවියත් දැන්මම එකතු කරන්න.
    http://geek.lk/plugin/webgeek/bloggeek

    ReplyDelete
    Replies
    1. සම්මානයක් දෙන්න එකතු වෙන්නම ඕනද. නැත්නම් දෙන්නෙ නැද්ද?

      Delete
  23. දෙහි වලට කෙලින් නැතුව ලූනු වලට කෙලියට කමක් නැහැ මචං. මේ දවස්වල ආශ්චර්යයේ දුකට අපි බොනවා. වැඩි වුනාම දෙහි තමා උලනවා..

    ReplyDelete
    Replies
    1. ආන්.. පාලිත රංගේ බන්ඩාරත් යන්න ගිහිල්ලා..

      Delete
  24. //ලොක්කා මේක වැඩි නොකළේ, පලා බබා නිසාය. ඒ නිසා මින් මතුවට පලා බබාට විරුද්ධව කෙළ බින්දුවක් හෙම හෙලනවා නෙමේය. හැමදාම මැතිවරණ තිබ්බානම්, මේකත් ආසියාවේ ආශ්චර්යයම් වෙනවාය.//

    බය වෙන්න එපා. ඒ අතින් නම් ලොක්ක හෙන.....ජනතා වාදී නායකයෙක්. ඉස්සර එකට තියපු පලා බබා ඡන්දෙ මේ ගොල්ලො එක දෙක වෙන වෙනම කෑලි කෑලි තමා තියන්නෙ. මුලදි නම් යුද්ධය නිසා එකවර ආරක්‍ෂාවක් දෙන්න අමාරුව තමා ලොකුම හේතුව උනේ. තාමත් හේතුව ඒකමද මන්දා, කොහොම හරි ඡන්ද නම් තියන්නෙ කෑල්ල කෑල්ල. මුළු ආණ්ඩුවේම හයිය දාලා ඒක දිනනව. ඊට පස්සෙ නිකන් රටක් රාජ්‍යයක් දිනුව වගේ හුරේ දානව. එකාතකට එයාලටම එයාල ගැන නිසි තක්සේරුවක් නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. රටේම තිබ්බත් ඕක තමයි රිසල්ට් එක. විපස්සේ දැනටම පරාජය සමරනවා..

      Delete
  25. අම්මට සිරි කිව්වලු. ලුණුයි ගොරකයි ගලේ අඹරලා අරන් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. මාර දුකක් තියෙන්නේ...

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. දැන් ඉන්න බස් ගැමුණු ඉස්සර අලියගෙන් ඡන්දය ඉල්ලූ බස් ගැමුණු නොවේය. ඔහු මෙතන

    රගපෑවේ "බීඩි කාරයා" ගේ චරිතයක්ය. බස්හිමියන් සහ රජය අතරඅැති ඒකගතාවය මත සැම

    වර්ෂයකම ජූලි මස බස්ගාස්තු සංශෝධනයක් ලබාදීමට රජය බැදී සිටී. ඒය මේ වසරේ සියයට

    දහයකින් වැඩි කිරීමට අනුමැතිය ලැබී තිබියදීත් සියයට පහලොවක්ම අවශ්‍යයි කියමින් බස් ගැමුණු

    වර්ජනයකට ගියේ ලොක්කාගේද අනුමැතිය අැතිවය. මෙතනදී ගැමුණු පොඩ්ඩක් කිච වුනාට

    හොර පාරෙන් හෝ රාජ්‍ය වරප්‍රසාද ලාභියෙක් වීමේ වාසනාව ලැබීම ඊට වඩා වටිනවාය. දැන්

    ලොක්කා වීරයෙකි. ගැමුණු නිකන් පඹයෙක් ගානට වැටිලාය. ඒ අපට පේන හැටිය, උන් අපට

    පෙන්නන්න උත්ස්ාහ කලේත් ඔය ටිකමය. මාතලන් කියලා තිබුනු අාකාරයෙන්ම පලා බබාලාගේ

    ඡන්දය අවසන් වූ ගමන් ගැමුණුට ඉල්ලපු සියයට පහලොව ගෙඩිය පිටින් දෙනවාය. ඒතකොට

    මහින්දත් දිනුම්ය. ගැමුණුත් දිනුම්ය. අපි.........?


    ප.ලි. පෞගලික බස් අමාත්‍යාංශයේ පාලනය ගෝඨාභයට දෙන්න යයි ගැමුණු ප්‍රකාශ කරන

    අාකාරය මීට පෙර ප්‍රවෘත්ති සාකච්චා දෙකකදීම දුටිමි.


    ReplyDelete
    Replies
    1. ඔහොම දෙයක් උනත් වෙන්න බැරි කමක් නෑ. හැබයි මම හිතනවා එහෙම දෙයකට තිබෙන සම්බාවිතාව බොහොම අවමයි කියලා..

      Delete
  28. අහෝ ගැමුණුට ගිය කල .
    සද්දතිස්සලා මේවා බලලා හැදෙත්වා !

    ReplyDelete
    Replies
    1. "සද්දතිස්ස" මරු කෑල්ල...

      Delete
  29. සත තුනේ ටිකට් එක දැකලා මාර ආතල් එකක් දැනුනා මලේ. ඉස්සර ඉස්කෝලෙ යන කාලේ සත පහක් දීලා සත තුනේ ටිකට් එක ගත්තහම කොන්දා නොවැරදීම සත දෙකක් ඉතුරු දෙනවා.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය සතය නම් අමතක වෙන්නේ නෑ කවදාවත්ම. එදා සතේ අදනම් රුපියලටත් වඩා වටිනවා මයෙ හිතේ. මතකද තඹ කාසි වලට වෙච්චි දේ..

      මේ ටිකට් එක ළොකු කතාවක් කියනවා.. ඒ ගැන සඳහන් කළාට බොහොම ස්තූතියි...

      Delete
  30. Thuttu dekata thattu weema kal yama pilibada balawath sathuta...

    ReplyDelete
    Replies
    1. මාසයක් දෙකක් හරි පරන ගනනට යන්න පුළුවන්නේ..

      Delete
  31. මං හිතුවෙ මූට මීට වැඩිය හයියක් තියනව කියල

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න