.

.

Jul 21, 2013

අන්වර්, පාතිමාට කී කවිය.. - To Fathima with love.... From Anwar


අඩෝ අන්වර්....!
මොකෝ මචෝ සීන් එක..??
මූඩ් ඔක්කොම් අප්ෂට් වෙලා..........?????


බලාපන් වෙච්චි දේ..
සල්වාරිය ගහලා,
තද ඩෙනිම් එක ගහලා,
ඔළුව වත්, වහපු නැති,
මුස්ලිම් කෙල්ලෙක්
මගෙ සුදු ෆාතිමා......
පලාතෙම හිටියාද...
ඒ වගේ කෑල්ලක්...????

ෆෝන් එක නෝ කතා..
ටී වී එකත්, නැහැලු...
උදේ සිට රෑ පුරා,
ප්‍රේයස්ම විතරයිලු....
මැසේජ් එක මට දුන්නේ,
එහා ගෙයි රමීනා....

ලෝගුවට නොබැස්සොත්,
මා එක්ක එන් නැතිලු...
බෙකම් කට් විසි කරලා,
එළු රැවුල වවන්නලු....

එහෙම නම් මම යනවා,
ඔසාමගෙ සෙට් එකට....
මට ඕන ෆන්කියට,
මේ රටේ සෙට් වෙන්න....

ගෙයින් එලියට ගියත්,
මුස්ලිම් කොල්ලෙක්
සෙට්වෙන්න බෑ මචෝ...
ඔක්කෝම එක වගේ,
ගෝනි බිල්ලෝ ගොඩක්...

කව්ද දන්නේ... යන්නේ,
මහ එකා නවුෆර්ද...?
මාමස්මි අයියාද...?
කන්න බෑ පෝරියල්,
අම්මනම් ෆේරියල්...

අහෝ... අල්ලා දෙවියනේ...!!!
මගේ දුක ගැන බලන්නේ...!!!
තලෙයි බානේ වගේ,
බිල්ලලා.. එපා මට..
මා පෙරදි පෙම් කරපු..
ෆාතිමා දෙනු මැනේ...!!!!


-x-

ශිවශංකර් මෙනන් මෙහේ ඇවිත්, වෝනින් (WARNING) දෙන්න බොහෝ කලකට පෙර, අති පූජ්‍ය බොදු බල සේනවටත් කලින්, හලාල් කේස් එක යන කාළේම, බුර්කාවේ අනතුර ගැන මාතලන් ලියා ඇත.

බොහෝ දෙනෙකු, බුර්කාව හා නිකාබය අතර වෙනස දන්නෙ නැත. සිනහවට කාරනය නම්, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින්නන්, මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින්නන්, පට්ට සිවිල් පොරවල් පවා, බොදු බල සේනාවට එරෙහිව බුර්කාව වෙනුවෙන් පෙනී සිටීමයි.


නමුත් පුදුමයට කරුනක් නොවන්නේ. ත්‍රස්තවාදයට, තම පනටත් වඩා, ඔවුන් පෙම් කරනා නිසාය.

අප නම් බුද්ධාගමේ එකා කලත්, දෙමළා කලත්, මුසලමානුවා කලත්, මොකා කලත් ත්‍රස්තවාදයට හා ප්‍රචන්ඩත්වයට විරුද්ධය.

85 comments:

  1. මුස්ලිම් එවුන්ට මුකුත් කියන්න බැ බන් අපි කබුරන්නේ උන්ට උන්ගේ රටේ ඉදන්නේ...... බොරුනම් ඇවිත් බලන්න මේ පැත්තේ
    http://onemalaysiasinhala.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි මම මගේ ඇඩ් එකනේ මෙතන 1ටම දල තියෙන්නේ මාතලන් කමක් නැ නේද මචෝ..... ඒ පැත්තේ කට්ටිය එනවා අඩුයි වගේ මචෝ .... එකයි මෙතන ඇඩ් කොරේ ....

      Delete
    2. මචෝ උඹට නම් මොකක් හරි මානසික අවුලක්!රටකට ගියාට ඒක ඇඩ් එකක් කර ගන්න එපා.මැලේසියාවට වඩා ගොඩක් දියුණු රටවල් වලට ගිය උන් මේ බ්ලොග් අවකාශේ ඉන්නවා.අර අරුණි නෝනා හැර ඒ කවුරුවත් තමුන් රටකට ගියපු එක ඇඩ් එකක් කර ගෙන නැහැ.අරුණි නෝන නම් කමක් නැහැ බරසාර වචන ටිකක් හරි දාල ෂේප් වෙනව.

      Delete
    3. ඒ උනාට ඔය රටවල මේ මළ විකාර නැහැනේ. අපිත් ගිහින් තියෙනවා ඕවල.

      Delete
    4. මෙහෙ තියෙන්නෙ යට පැත්තෙන් මාතලං.. අරාබිකරෙ එලිපිට මෙහෙ යටිං..

      Delete
    5. මම කිව්වේ ත්‍රස්තවාදය ගැන නෙමෙයි. මේ ඇඳුම ගැන...සරත්

      Delete
  2. අපද එසේමය. කවිය නියමය.

    ReplyDelete
  3. me katawa hariyatama hari. eth ape sinhala buruwanta meka terenne naha. un hitagena inne tambiyo hari ahinsakai kiyala. tawa tika kalayak yanakota balaganna puluwan unge wada.

    ReplyDelete
    Replies
    1. මේක තම්බින්ගේ ප්‍රශ්ණයක් නෙමෙයි. අන්තවාදින්ගේ වැඩක්. මොළේ තියෙන තම්බි මේ ගොන් වැඩ කරන්නේ නෑ. උන් ඉන්නේ සුද්දෝ වගේ. මේ නූගත්, දුප්පත් ප්‍රජාව. සමහර අය කියන්නේ පාදඩ පන්තිය කියලා. මම ඒ වචනයට කැමති නෑ. මොකද ඒ අය අතරෙත් හොඳ මිනිස්සු ඉන්න නිසා.

      Delete
    2. මාතලන් ඔබ නොදන්න දෙයකුත් මෙතන තියෙනවා. අපි හිතන්නේ හිජාබ් දාන්නේ නැති එළු රවුල් + ලෝගු අඳින්නේ නැති තම්බි මොලේ තියෙන තම්බි කියල ඒත් ඇත්තටම එහෙම නෑ ඔවුන් කොහොම ඇන්දත් පැළැන්දත් හැමදේම කරන්නේ තමන්ගේ ආගම වෙනුවෙන්. මගේ ධනවත් මුස්ලිම් ජාතික මිතුරියක් ඉන්නවා විවාහ වෙලා ඉන්නෙත් මුස්ලිම් කෙනෙක් එක්ක දරුවන් තිදෙනෙකුගේ මවක්, අඳින්නේ පළඳින්නේ හිර ඩෙනිම්, ටී ශර්ට්, කොට ස්කර්ට් නමුත් ඇය තම ධනයෙන් විශාල මුදලක් නූගත් දුප්පත් මුසල්මානුවන් මත අන්තවාදී ආගමික මත බලයෙන් පටවන මද්රාසා කියන පාසැල් සහ ඒවායේ දේශන සඳහා අරාබියෙන් පැමිනෙන දැඩි මතදාරී මුසල්මානුවන් වෙනුවෙන් යොදවනවා. ඔබ කියන විදිහේ මොළේ තියෙන තම්බිත් ඇති ඒ අත ලොස්සක් විතරයි, බහුතරයක් කරන්නේ රඟපෑම.

      (අද මම මද්රාසා එකකින් එළියට එන පොඩි තම්බි කෙල්ලෝ 8 දෙනෙක් දැක්ක ඔක්කොම නිකාබ් ඇඳල හිටියේ, මේක හරිම භායානක තත්වයක්.)

      Delete
  4. //අප නම් බුද්ධාගමේ එකා කලත්, දෙමළා කලත්, මුසලමානුවා කලත්, මොකා කලත් ත්‍රස්තවාදයට හා ප්‍රචන්ඩත්වයට විරුද්ධය.//
    විය යුත්තේ එයයි.
    ආගම මත පමණක් නොව, කුලය, ජාතිය, කළු-සුදු,.... බේද අනුව සලකා බැලුවද කිව යුත්තේ එයම නොවේද?
    ත්‍රස්තවාදයට හා ප්‍රචන්ඩත්වයට විරුද්ධයි....

    ReplyDelete
    Replies
    1. ඔය සියළුම දේට විරුද්ධ උනත්, මම මේ රටට ආදරෙයි. අනෙක් රටවලත් වීසා නැතුව යන්න දෙනවනම් මම ළෝක පුරවැසියෙක්. නමුත් එහෙම තත්වයක් නෑනේ. ඒ නිසා මගේ රටට මම ආදරෙයි.

      Delete
  5. ඇයි අනේ අන්වර්ටම ඕක වෙලා තියෙන්නෙ. :)

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ වැඩේ කියන්නේ ඒකනේ.

      Delete
  6. කවි ටික නම් සුපිරිය...
    +++++++++++++++++

    ( ඕවා ගැන නහුතෙට කතා කර ඇති නිසා කවිය රස විඳ ආතල් එකක් ගැනීම පමණක් වටී )

    ReplyDelete
    Replies
    1. ඒක හරි.. මම මේ ලිව්වේ ඇත්ත කතාවක්..

      Delete
  7. කවියනම් මරුය. එහෙත් මලාලාට මෙන් තලේබාන් ප්‍රහාරයක් එල්ලවිය හැකි බැවින් මෙවන් දෑ ලියද්දී ප්‍රවේශම් වන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම බය උනොත් ලියන්න වෙන්නේ නෑ නන්දේ. ලියන්නෙක් උනාම නිර්භීත කමත් තියෙන්න ඕන. මේ වගේ දේ ලියන බලාපොරොතුවක් මුල ඉඳලම තිබුන නිසා තමයි ඇනෝ ලියන්නේ..

      Delete
  8. කවි ටික නම් මල් හතයි මාතලන්.

    ReplyDelete
    Replies
    1. මමත් ඔය ටිකම කියන්න හිතුවෙ වෙද මහත්තයො.

      Delete
    2. ලට්ට පට පට. දැන් ඉතින් මාතලන්ගේ වාරය.

      Delete
    3. එහෙම නම් එච්චරයි.. ඇනෝට ඉරිසියයි ඉතින්...

      Delete
  9. වචන වලටම බර නොදා සරලවම ලියැවුනු විරහ වේදනාවක්.මේකම තමයි හඬ හඬා ගැයිය යුතු,ගය ගයා හැඬිය යුතු ,ඔවුන්ගේ ගීතය.
    සැ.‍යු.
    * මාතලන්ගේ කට පිසනවා යැයි වරදවා ගත යුතු නොවේ.

    ReplyDelete
    Replies
    1. මේ ඇත්ත සීන් එකක් අරූ. මම ඉන්නේ මුස්ලිම් ප්‍රජාවත් එක්ක. මම මේ දේ හැමදාම දකිනවා. නිදහස් මුස්ලිම් මිනිස්සුත් මේකට කැමති නෑ.

      Delete
  10. අන්වර් නම මට පෙනුනෙ පරම්පරාගත ශ්‍රී.ල.නි.ප යෙ මුනුබුරන් ගෙන් සම්මුක පරීක්ෂණ යෙදි ගොන් ප්‍රශ්න අහපු හරක් අස්වර් වගෙ.

    ReplyDelete
    Replies
    1. අන්වරයා නැමෙනකන් ඉදලා දෙමුද ගේමක් අන්කල් කෙන්ජි.

      Delete
    2. පුත්තලම් බූරුවෝ පාර්ලිමේන්තුවේ ඉන්න රටකට, කෙදින පායයිද සූර්යයා.. මේ ක්‍රමේ කලින් තිබුන නම්. ප්‍රේමේගේ සපත්තු පොලිෂ් කරපු මොහොදීනුත් පාර්ලිමේන්තුවේ. නැත්නම් මහ ඇමති කෙනෙක්. ඒ නැතත් ෂුවර් එකට අග්‍රාණ්ඩුකාරකමක් නම් බුදු ෂුවර්....

      Delete
  11. වැදී පරපුරට කැබ් දීල එයාලවත් JVP පරපුරට දාලද මාතලන්?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ඒ දෙකේ වෙනසක් නෑ..

      Delete

  12. නිර්නාමික permalink
    2013 ජූලි 21 13:45

    සමාවෙන්න මාතෘකාවට අදාල නැති දෙයක් අහන්නේ.
    Flying Fsh (ඉගිල්ලෙන මලුවො) චිත්ත්‍රපටය ගැන ඔබේ අදහස කුමක් ද? එය හමුදාවට අපහසයක් ලෙස ඔබ දකිනවාද?
    (එම නිර්මාණය ප්‍රදර්ශණය නොකෙරුනත් ඒ ගැන බ්ලොග් අවකාෂයෙ ලියවුන ලිපි දින්න ඇති කිය සිතනවා, ඒ නිසා ඔබට යම් අදහසක් ඇතියි කිය උපකල්පනය කරලයි මෙම ප්‍රශ්නය ඇසුවේ.)
    පිළිතුරු සැපයීම

    wicharaka විචාරක permalink*
    2013 ජූලි 21 14:26

    මේ චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටිය trailer එක පමණයි මම දැක්කේ. ඒ කොටසේ නම් මම කිසිම දෙයක් දැක්කේ නැහැ රටට හෝ හමුදාවට අපහාස වන ආකාරයේ දෙයක්. මිනී කාමරයේ ඉන්න මිනී කපන්නා විශේෂඥ වෛද්‍ය වරයකු වෙන්න යනවානම් ඒ තමයි සියවසේ හොඳම විහිළුව. රටක ආරක්ෂක අමාත්‍යාංශයක් තියෙන්නේ දේශීය විදේශීය වශයෙන් එන හමුදාමය ආක්‍රමණ පිළිබඳව පියවර ගැනීමට විනා සංස්කෘතික ආක්‍රමණ වැලක්වීමට නොවේ. එය සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට අයිති දෙයක්. මේ විදිහට හෙට අනිද්දා වෙනකොට දේශීයව නිපදවෙන පාසල් නාට්‍යයක් වුනත් ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ව අනුමැතියට යොමු කරන්න වෙයි. ඉගිල්ලෙන මාළුවෝ ටොරන්ට් මගින් බාගෙන බලන්න මම විශාල උත්සාහයක යෙදී සිටිනවා. බලන්න හැකිවුනොත් ඒ ගැන ලිපියක් ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. මිනී කාමරයේ ඉන්න මිනී කපන්නා විශේෂඥ වෛද්ය වරයකු වෙන්න යනවානම් ඒ තමයි සියවසේ හොඳම විහිළුව.
      ඔබ හැමිල්ටන් නේකි ගැන අසා තිබෙනවාද .නැත්නම් හොයා බලන්න .මේක මෝඩ කතාවක් බව ඔබටම වැටහෙයි

      Delete
  13. රිදෙන්න ගහපු කවි ටිකක්. ඒත් අනේ මන්දා අපි කියනවා විතරයි මේවා.

    ReplyDelete
    Replies
    1. මාතලන්ට රිදිලා රිදෙන්න ගහපු කවි.

      Delete
    2. එහෙම දෙයක් කියලා තිබුනා හරි කියලා සැනසෙන්න පුළුවන්නේ...

      Delete
  14. කවි ටික නම් සුපිරිය,ටිකක් වෙන්න ඊර්ෂ්‍යාය

    ReplyDelete
    Replies
    1. අර මක්කටෙයි හැලපේ ඉරිසියා හිතෙන්නේ...

      Delete
  15. සරල වචන ටිකක් කියවා ඉතාම මිහිරි වේදනාවක් ගැන කියෙව්වෙමි. ඒ රසය වෙනත් දෑ ගැන පවසා කුරුවල් කර ගැනීමට නොකමැත්තෙමි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... නිකං ලේ පුච්ච ගන්න නරකයි..

      Delete
  16. වරදක් ඇති තැනද නොපැකිල එය පෙන්නා
    දෙන්නට එන උන්ට බිම පෙරලං දෙන්නා
    සිංහල උනා අපි පූරුවේ පව පෙන්නා
    යන්නේ අපි කොහිද දැමු දින අපි පන්නා

    ReplyDelete
    Replies
    1. උඹට අපිට තේරෙන දේ, ඔය බුද්ධිමත් කියලා එයාලම කියාගන්න අයට තේරෙන්නෙ නැති එකයි දුක.

      Delete
  17. පොලිටිකලි කරෙක්ට් වීම අද ෆැෂන් එකක් වෙලා නේද.
    අන්තිමට ඒ අනතුරේ තමන් ගොදුරක් වෙනකම්ම දන්නෙ නැහැ.
    අද කොලොඹ සරසවියෙ ආට් ෆැකල්ටි පැත්තෙ ගියා නම් මූණත් වහගෙන ඉන්න ලෝගු කාරියෝ ගණන දැක්කම ඉන්නේ ඊජිප්තුවේද කියා සිතේ.

    ReplyDelete
    Replies
    1. උන්ගේ ව්‍යාපාරය උන් නියමෙටම කරගෙන යනවා. කොහොමත් අපේ අය, ඉස්තාල වහන්නේ, අශ්වයා පැන ගියයින් පස්සේ නේ. ඉන්දියාවේ බුද්ධි අංශවලට දැනෙන දේ. අපේ බූරුවන්ට නොදැනෙන එකයි දුක.

      Delete
  18. අන්වර්ට ඉන්න ඇරහංකෝ පාඩුවේ... :D

    ReplyDelete
    Replies
    1. ඔයාට හම්බ උනේ නැද්ද මෙයා කැබ් එකක්...

      Delete
    2. බෑ බං... දුකයි ඌ නාහෙන් අඬනකොට.. මේක ඇත්ත කතාවක්.. නම් ගම් මනඃකල්පිත...

      Delete
  19. මාතලන්ගේ කවි හින්දම කියෙව්වා.. අනිත් ඒවා ගැන කුමන කතාද... අපි ඕවා කලින්ම කිව්වා... නැද්ද මාතලන්...

    ReplyDelete
    Replies
    1. හි..හී...
      හි..හී...
      හි..හී...
      හි..හී...
      හි..හී...

      Delete
    2. නැද්ද මාතලන්...

      Delete
    3. අනේද නෝනේ කියන්නේ. මේකට ආගිව් කරපු උන්, අන්තීමෙදි මම කියන දේ පිලිගත්තා. අද උන් පේන්න නැත්තේ ඒකයි.. උනුත් බුර්කාව කියන්නේ මොකක්ද කියන එක දැන ගෙන උන්නේ නෑ.

      Delete
  20. අච්චර නිදහස් රටක් වන ප්‍රංශයත් මේ ගෝනි බිල්ල කිට් එක තහනම් කලා.අපේ දේශප්‍රේමී සිංහල ආණ්ඩුවට ඒක කරන්න බැරි ඇයි.ඇමරිකාවටත් ගේම ඉල්ලන චන්ඩි ආණ්ඩුව බොදු බල සේනා බළලා ලවා කොස් ඇට බාවන්නේ නැතිව මුස්ලිම් අන්තවාදයට විරුද්ධව කටයුතු කරන් නැත්තේ ඇයි.රටේ ප්‍රධාන අදායම් මාර්ගය වන (විලිලැජ්ජයි) හවුස්මේඩ් කෝටාව මැද පෙරදිගින් නොලැබේවි කියන බයටද ?නැත්නම් ස්වාසිලන්තය වගේ කට්ටිය සහ චීනය හැරුනම ලෝකෙ අපිට මිතුරු රටවල් කියල ඉතුරුවෙලා ඉන්න අරාබි රටවල් ටිකත් තරහ වෙයි කියන බයටද ?

    ReplyDelete
    Replies
    1. මොනවා උනත් ඇමරිකන්කාරය නැත්නම් මෙලහකටත් මේ ලෝකෙ තාලිබන්කරණය වෙලා ඉවරයි.සෑම මුස්ලිම් අනතවාදියෙකුගේම ප්‍රධාන සතුරා ඇමරිකන් ජනාධිපති වන හේතුව ඒකයි!

      Delete
    2. නෑ ඇත්තම හේතුව නම්.... මේ ආන්ඩුවේ වැඩ හා ප්‍රතිපත්ති, පොඩි උන් කක්කා දැම්මා වගේ. කක්කි දාලා, අල්ලලා, ඇඟෙත් දාගෙන අන්තිමට කනවා. මේවට කතා කරන්න සප් එක දුන්නේ මඤ්ඤං සේනාවලටයි, රාවයන්වලටයි, එක එක බලයන් වලටයි, අන්තිමේදි මොකෑ උනේ. බුද්ධගයාවත් කුඩු කරගෙන තමයි නැවතුනේ. මෙහේ අය වගේම අවුන් සාන් සූකිත් නෝ කතා. දැන් හත් පොලේ ගාගෙන කාපුවා, වමාරන්න විදියක් නැතුව හොයන්නේ. දැන් ඇමතිවරුන්ටත් නෙලනවා. අන්තීමට ලොක්කටත් නෙලපු දාට තමයි නවතින්නේ.

      ඇමරිකාවට තලෙයිබාන් නවත්තන්න බැරුව ගෙදර යන්නයි යන්නේ. අමතකකරන්න එපා රුසියාවට එරෙහිව තලෙයිබාන් ඇති කලෙත් ඇමරිකාව බව.

      Delete
    3. //මොනවා උනත් ඇමරිකන්කාරය නැත්නම් මෙලහකටත් මේ ලෝකෙ තාලිබන්කරණය වෙලා ඉවරයි//
      තලිබාන් කියන්නෙ ඇමරිකාව විසින්ම කිරි දීල ඇති දැඩි කරපු නයි පැටියෙක් . . .

      Delete
  21. සිනහවට කාරනය නම්, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින්නන්, මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින්නන්, පට්ට සිවිල් පොරවල් පවා, බොදු බල සේනාවට එරෙහිව බුර්කාව වෙනුවෙන් පෙනී සිටීමයි.
    මාතලන්, ඔය කියන ඇස් දෙක විතරක් පෙනෙන ලෝගුවට මමත් මුලුමනින්ම විරුද්ධයි. මම ඉස්සරහට එන්නෙ ගැණියෙක්ද පිරිමියෙක්ද, හොරෙක්ද, මංකෙල්ලකාරයෙක්ද කියල දැනගන්න මට ශුද්ධ අයිතියක් තියනවා.
    නමුත්, ඒවට අපි විරුද්ධ වෙන්න ඕනැ නිත්‍යානුකුලවයි. බලු සේනාව වගේ තක්කඩි රුලක් යොදාගන බලහත්කාරකමෙන් නෙමෙයි. එහෙම උනොත් වෙන්නෙ තක්කඩීන්ට නිත්‍යානුකුල ආරක්ෂාවක් ලැබිල, අවශ්‍ය සහ අනවශ්‍ය සියලු දේට ඇගිලි ගැසීමට අවස්තාව සැලසීමක්. කුඩුකාරයෝ, පාතාලයෝ මර්දනය කරන්නත් ඕනෙ. ඒක වෙන්න ඕනත් නීත්‍යාණුකුලව. නැති නම් තවත් පාතාලයකින් නෙමෙයි. දැන් වෙන්නෙ, තමන්ගෙ අනුග්‍රහයකයොන්ගෙ කුඩු බිස්නස් එක නග්ගන්න, අනුග්‍රහයොකයො නොවෙන කුඩුකාරයෝ මර්ධනය කිරීම. පාතාලය මර්ධනය කරන්නෙ තවත් පාතාලයක් නම් අවසානයේ ඉතිරි වෙන්නෙ ඒ පාතලය. ඒක මර්ධනය කරන්නෙ කවුද ?
    ඒ නිසා අපි උත්සහ කරන්න ඕනෙ කුමන ක්‍රමයකින් හරි නීතිය ස්ථාපිත කිරීමට. බලු සේනාව ගෝනි බිල්ලො ඇඳුම නැති කරන්න ඕනැ. නමුත් බලු සේනාවක් හරහා නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. 100% එකඟයි. මම කිසිම තැනක කියා නෑ. මේ ප්‍රශ්ණය විසඳිය යුත්තේ බොබසේ මෙතඩ් වලට කියලා. නමුත් ඔවුන්ටත් තම මතය ප්‍රකාෂ කිරීමට ඉඩක් තිබිය යුතුයි. එසේ කිරීමේදි, ඔවුන්ගේ වාග් විලාශය හේතුවෙන් වෙන ඩැමේජ් ගැන, බුද්ධාගමේ අයිතිකාරයෝ බලාගනීවි. එයාලගේ විරුද්ධත්වයක් නැති එකෙන් පේන්නේ එයාලගේ අදහසත් ඒකමද කියන එක දන්නෙ නෑ. කොහොමත් කාටවත් අත තියන්නවත්, රෙදි ගලවන්නවත් කාටවත් අයිතියක් නෑ. ඒවා කල යුත්තේ, රජය හා මුල්ලාවරුන් අතර අවබෝධයකින් පමණයි.

      නමුත් මට දුක මෙනන් පෙන්වනකම්, මේ දේ අපේ අයට නොපෙනීමයි.

      Delete
  22. මට තේරෙන විදියට ඕනෑම දෙයක් පවතින්න, ඒකට විරුද්ධව තිබෙන බලවේග විශාල මෙහෙයක් කරනවා. මේ විරෝධය නිසාම එය වැළඳ ගන්න කොටසකුත් නිර්මාණය වෙනවා. මේක කොතැනට වුනත් සත්‍ය දෙයක්.

    ඔයාගේ කවි ටිකෙන් කියවෙන දේ ගැන මගේ අදහස : උන් ඔය විදියට බුර්කා ඇන්දම තම්බි ටික ආතල් ගන්න සෙට් කර ගන්නේ අපේ කෙල්ලන්ව. මට තියෙන දුක අන්න ඒක. ඒක මම දෑසින් දැකපු උදාහරණ ගොඩක් තියෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. කොළඹ ජීවත් වෙන එකා ඕක දන්නවා. වල බහින සෙට් වලින් බහුතරය මුස්ලිම් කොල්ලෝ. උන් ඔක්කෝම අළුත් හෙයා ස්ටයිල් දාලා රෑටත් සන් ග්ලාස් දාලා ඉන්නේ.. හැබයි කොට කලසන් අඳින්නේ නෑ. උන් ආතල් ගන්නේ අනිත් කෑලි වල ගල් බලලා. ඇයි ඉතින් බැන්දත් බලන්න වෙන්නේ එකයිනේ. සල්ලි තිබුනොත් හතරයි.

      Delete
  23. අන්තවාද කරපින්නා ගන්නේ පැවැත්මක් නැති උන්ය...කුමන අන්තවාදයක් වුවද එක හා සමානය...

    ReplyDelete
    Replies
    1. එකඟ වනවා හැර වෙන කුමක් කියන්නද...

      Delete
  24. දවස් දෙකකට පස්සේ ආවේ..
    කෙටියෙන්ම
    +++++++++++++++++++

    ReplyDelete
  25. අන්තවාදය,ජාතිවාදය දුටු තැන පහරදී විනාශ කර දැමිය යුත්තක්.

    ReplyDelete
    Replies
    1. මක්කයි පුතා දොඩන්නේ.. ඩබල් එකේම ගේම දෙන්න ඕන. පුක නැතිවෙන්න..

      Delete
  26. මාස ගානක් තිස්සේ මම නිහඬවම කියවන, මේ වෙනකොට මම කැමතිම බ්ලොග වෙච්චි මාතලන්ගේ බ්ලොග් එකට .. අද නම් කමෙන්ට් එකක් නොදා යන්න බෑ ..

    කවිය මරු මචං

    ReplyDelete
    Replies
    1. අප්පට හුඩු.,........ අම්මා තාත්තා දැක්කා වගේ. මොකෑ බන් උනේ. උඹේ බ්ලොග් එක තවමත් කියවනවා කියලා පේන්නේ. ඒකෙන් මේක බලන්න එන උන් ගොඩක් ඉන්නවා..

      ජයවේවා...!!!

      Delete
    2. මේ අර හැමෝම කතා කරන සදරූ ද?
      ඔබගෙ ලිපි කියවල නැහැ.හැමෝම ඔබ ගැන කතා කරනව.
      නැවත අප අතරට එන්න.

      Delete
    3. ආ ... සඳරු, දැක්ක කල්. කොහේද බං අතුරුදන්වෙල හිටියෙ.

      ඉඳල හිටල හරි ආයිත් ලියපන්කෝ.

      Delete
    4. @ DDT........

      සඳරු,ඉඳල හිටල හරි ආයිත් ලියපන්කෝ +++++++++++++++++++++++++++

      Delete
  27. මොන ආගමෙ අන්තවදෙනුත් වෙන්නෙ මිනිස්සු පෙලන එක.මෙව සමහරුන්ට නම් බඩ රස්සාව.කවි ටික ලස්සනයි.
    සදරු අනිත් අය නිතරම කියන නිසා මමත් හිස් අහසට ගියා.දෙන් නිතරම ගිහින් පරන එව කියවලා එනව.ආපහු ලියන්න.මරු ලිපි ටික.ගාමනි එකෙ නොතිබුනු ආදර කතාව නම් මාර කතාව

    ReplyDelete
    Replies
    1. මේක තමයි මෝඩ ජනතාවක පාළණය කරන්න පුළුවන් පහසුම ක්‍රමය..

      Delete
  28. ඔය ඇඳුමට මන් නම කවදත් අකමැතියි . මුස්ලිම් ගැහැණු අය මේකට බහින්න කලින් හිතන්න වෙනවා ආයේ එලියට එන්න බැරි බව .

    ReplyDelete
    Replies
    1. ඒ උනාට බින්දි අරාබියේ මේවා ගලවලා විසි කරනවා. දැන් මෙහෙයි අරාබිය කරන්න යන්නේ. අන්වර් මනතුංග ගෙන ඇහුවම ඌ කියනව දැන් තමයිලු නියම ඉස්ලාම් ධර්මය ඇදහීම තියෙන්නේ. එතකොට මුන් මෙච්චර කල් ඇදහුවේ අල්ලා නෙමෙයිද?

      Delete
  29. ලියන්නම ඕන කයියක්.
    මටත් අවුල් තමයි අර මානව හිතවාදීන්ව, මොනව කරන්නද!

    ReplyDelete
    Replies
    1. මට නම් අවුලටත් වඩා තියෙන්නේ කලකිරීමක්..

      Delete
  30. //අප නම් බුද්ධාගමේ එකා කලත්, දෙමළා කලත්, මුසලමානුවා කලත්, මොකා කලත් ත්‍රස්තවාදයට හා ප්‍රචන්ඩත්වයට විරුද්ධය.//
    +++++++++++++++++++++++++++++++++++
    ඕක ගැන මාත් ලියුවා.... ගෝණි බිල්ලන් සහ සමාජවාදය

    ReplyDelete
    Replies
    1. ඒක ඉතා වටිනා ළිපියක්, ඒත් ඔබ පැය කීපයකින් තවත් පෝස්ටුවක් දැම්මා. එයින් මෙය යට ගියා. එවන් වැදගත් දෙයක් ලියූ විට දින දෙක තුනක් වත් තිබෙන්නට හරිනවානම් තමා වඩා හොඳ...

      Delete
  31. නිදහස්ව හිතන මුස්ලිම්වරුන්ට ඔය ඇදුම හිසරදයක්. මාල දිවයිනේ තරුන පරම්පරාවෙ බහුතරයක් එවුං හිජාබ් අදින්නෙ නෑ කියන එක හෙන ආඩම්බරයට කාරනාවක් විදියට සලකන්නෙ (බලෙන් ඇදුම දාගන්න එවුනුත් නැතුවම නෙමේ)

    ReplyDelete
    Replies
    1. කොයි කෙල්ලද බන් ෆැෂන් වලට ආස නැත්තේ. ඕක අඳින කෙල්ලොත් ඕවා ගලවලා සැක්සි විදියට ඉන්නේ ගෙවල් වල. අපිත් අරාබි රටවල ඉඳලා තියෙනවනේ..

      Delete
  32. ආගම් අන්තවාදේ කියන්නේ එක්තරා පිස්සුවක්.උංට ඒකෙන් පිට හිතන්ඩ හැකියාවක් නෑ.චින්තන අවස්තිථිය නේ.ඒ උනාට අන්වර්ගේ බ්ලොග බලන්ඩ විදිහක් නැතුව හරි පාළුයි අප්පා.

    ReplyDelete
    Replies
    1. මම නම් ප්‍රොකිසි වලින් කියවනවා. දැන් ඌ කොමෙන්ට්ස් දාන්නේ නෑ. පොර මාත් එක්ක බෙට් එකක් අල්ලලා කිච වෙලා ඉන්නේ. මොනවා කලත් හොඳ එකා.

      Delete
    2. ඕක බ්ලොක් කරල දමාපු එක හොඳා නැත්නම් තවත් ත්‍රස්තාවාදියෝ බිහිවෙන එක විතරයි වෙන්නේ. ඔය අන්වර් කියන එකත් හැංගිලා ඉන්න සිප්පි කට්ටකින් එළියට ඇදල අරගෙන මාමාස්මි යැව්ව දිහා යවන්ට ඕනි.

      Delete
  33. කවිය ට මල් මිටක්...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න