.

.

Nov 23, 2013

මුද්දර එකතු කිරීම (23+) - Stamp Collecting (13+)

 

කාලෙන් කාලෙට මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් වෙනස් වෙනවා. ඒකට තමයි දියුණු වෙනවයි කියන්නේ. ඒ වගේම තමයි විවේක වෙලාවට කරන විනෝදංශ කියන දේත්. එක එක අයගේ විනෝදංශ එක එක විදියයි. සමහර උන්ගේ විනෝදේ තමයි කන පැලෙන්න නිදා ගන්න එක. සමහර උන්ගේ විනෝදේ හිනාවෙන කොට සමහර උන්ගේ අඬන එක.

ඒ වගේම වයස අනුවයි, ලිංග බේදය අනුවත් විනෝදංශ වෙනස් වෙනවා. පොඩි උන්ගේ ආතල් එක තමයි සෙල්ලම් කරන එක. අහුවෙන ඕන දෙයක් කියන්නේ, කක්කා එක්ක උනත් සෙල්ලම් කරනවා. පිරිමි අය විනෝදෙට බොන කොට, ගෑණු අය බීලා ආතල් එකේ එන උන්ට කොක්ක අදිනවා, වින්ඩෝ ෂොපින් යනවා. තරුණ වයසට ආවම, ඔය ෂොපින් මෝල් එකකට ගිහින් කොල්ලෝ නම් කෙල්ලන්ගේ පුකවල් දිහයි, කකුල් දිහායි බල බල ඉන්නවා. කෙල්ලෝත් කරන්නේ ඒකම තමයි.

දැන් ඉස්කෝලේ යන උන්ගේ විනෝදේ තමයි, ඩේ කාඩ්ස් එක්කාසු කරන එක. ඒ වගේ, අපි පොඩි කාලේ තිබුන නොම්මර එකේ විනෝදංශයක් තමයි, මුද්දර එකතු කරන එක. ඒ කාළේ, පණිවිඩ යවන්න තිබුන එකම ක්‍රමේ තමයි තැපෑලෙන් ලියුමක් යවන එක. එක එකාගේ අතේ යවපු ලියුම් වලට මුද්දර ඕන නැති උනාට, තැපෑලෙන් යවන කොට අනිවාර්යයෙන් මුද්දරයක් අලවන්නම ඕනා. මුද්දර අලවන්නේ නැතුව යවන්නත් පුළුවන්. එතකොට ලියුම ලැබෙන එකා මුද්දරේ වටිනාකම ගෙවන්න ඕනා.

ඔය තොටගමුවේ රාහුලලා යවපු ලියුම් වලට මුද්දර ගහලා නෑ. ඒ උනාට ලබපු එකාට දඩයක් ගෙවන්න වෙලත් නෑ. ලියුම ගෙනියපු සැළලිහිණියට, කීයක් වත් දුන්නද දන්නෙ නෑ. සැළලිහිණියා ඒ කාලේ ගෙනාපු පණිවිඩේ බොහොම රසවත් උනාට, දැන් නම්, සැළලිහිණියා ගේන එවා දැක්කම, සැළාව මරාගෙන කන්න හිතෙන්නේ.

ඔහේලට කියන්න, දැන් කාලේ "ඉස්කයිප්", "ෆේස් බුක්" වගේ තමයි, එ කාලේ ලියුම් බෙදන පියුම් එනවයි කියන්නේ. අපි පොඩිම කාලේ නම්, පොර ආවේ කාකි කොට කලිසමක් ගහලා, කාකි ෂර්ට් එකක් ඇඳලා, කයි බෝයි හැට් එකක් එහෙම දාලා. පොලිස් කාරයන්ගේ කිට් එකත් ඕකමයි, දුෂ්කර පළාත් වල ලියුම් බෙදන පියුම් මහත්තයට බයේ, බූරූ පොලවල් වල උන්, කසියා ගහපු උන්, ලයිසන් නැති තුවක්කු තිබුන උන්, පැනලා දුවපු කතා අනන්තයි අප්‍රමාණයි.

ඔහොම පැනලා දුවන එක ට්‍රෙන්ඩ් එකක් වෙලා තිබුන නිසා, "සරා" කියලා පිස්සු පොරක්, පොළිස් රාළහාමි කෙනෙක්ට දුන්න පරිප්පුවක් ගැන අපූරූ සින්දුවක්, ඒ කාලේ පැරණි රසංඟ වලට නිතරම වාදනය උනා. එකේ නම "සරා ගොයියා හරි මිනිහා.." බොහොම අපූරූ සින්දුවක්. සින්දුවලට වීඩියෝ නැති කාලේ අපූරූ රූප රාමු පෙලක් සිතේ මැවුන ගීතයක්. ගීතය මෙතනින් අහලා බලන්නකෝ බොරුද කියලා.



දිග කලසන් මහන්න, ඒ කාලේ රෙදි තිබුනෙත් නැති නිසා වෙන්න ඇති, ආන්ඩුවේ අයට කොට කලසන් දුන්නේ. කොහොම හරි වැඩේ අවුල් උනේ, හික්කඩුවට සුද්දෝ එන්න පටන් ගත්තම. මොකෝ මේ කොට කලිසන් ගහලා ඉන්න පොලිස් කාරයන්ට, සුද්දන්ගෙන් බේරෙන්නම බැරි උනාලු. දැක්ක ගමන් පොලිස් කාරයෝ පස්සෙ සුද්දෝ එලවනවලු, ගලක් කපන්න ඕන කියලා. ඊට පස්සෙ තමයිලු ඔය පොලිස් කාරයන්ටයි, තැපැල් මහත්තුරුන්ටයි, දිග කලසන් අන්දලා ඒ අයව සුද්දන්ගෙන් බේරගෙන තියෙන්නේ.

ලියුමක් එනවයි කියන්නේ රටක් රාජ්ජයක් ලැබුනා වගේ, "ටිලිං.... ටිලිං...." ගාලා, ෆුට් සයිකලේ බැල් එක වදින කොටම පොඩි උන් ටික වට වෙනවා, ඒ අස්සේ ඉතින් සෙනෙහෙ කොලේ එනකල් බලාන ඉන්න ලමිස්සියෝ වගේම, ජොබක් සෙට් වෙනකල් බලාන ඉන්න කොල්ලොත් ඉන්නවා. අපේ වත්තේ පළවෙනි ගෙදරට ලියුම් මාමා ආපු ගමන්, මුලු වත්තෙම උන් තියෙන වැඩ ඔක්කෝම දමලා ගහලා ගේට්ටු ගාවට එනවා.

එහෙම ඇවිත්, ලියුමක් තිබ්බේ නැත්නම්, ඕක්කෝමගේ මූණූ, මළ ගෙවල් වල වගේ. ලියුම ආපු එකා, ඒක දිහා බල බල ගෙවල් වලට යන්නේ හරියට අයි පෝන් දිහා බල බල, ඉයර්පෝන් කනේ ගහන්, තනියෙන් කතා කර කර, ආඩම්බරෙන් යන උන් වගේ. අපිට ඉතින් ලියුම ආපු එකත් එක්ක මාර ඉරිසියයි.

ඔය පියුමා, ඒ කාලේ ලියුම් බෙදන ගමන්, අපේ මැණිකගේ අත අල්ලලා. මම පොඩි එකා උනත්, මටත් ඕකට මල පැනලා උන්නේ. ඒ කියලා පියුමා තරහ කර ගෙනත් බෑ. මොකෝ මූ මට පරණ මුද්දර එහෙම ගෙනල්ලා දෙනවා. ඒත් තාත්තා නම් දවසක් පොරට කිව්වා, තමුසෙ ලියුම අතට දුන්නම ඇති, මිරිකන්න කරන්න ඕන නැතෙයි කියලා.

මොකෝ දවසක් දෙකක් නෙමෙයි, කීප දවසක්ම අත මිරිකලා. මට තිබුන ප්‍රශ්ණේ තමයි, ඔක්කෝම වටවෙලා ඉන්න තැන, මූ කොහොමද මැණිකගේ අත මිරිකුවේ කියන එක. හොඳ වෙලාවට ලියුම් ආපු ගමන් අපි ඔක්කෝම වට වෙන්නේ. නැත්නම් ඉතින් මූ මැණිකගේ මොන මොනවා මිරිකයිද කියන්න දන්නේ කව්ද ආයිබෝවන්ඩ.

ඒත් ඉතින්, කීප දවසක් මිරිකනකන් උන්නේ, මැණිකගෙත් අකමැත්තක් තියෙන්න නැතුව ඇති නේද කියලා, මටත් යමක් කමක් තේරෙන කාළේ මම මැණිකගෙන් ඇහුවම, ඇඹරුන ඇඹරිල්ලෙන් කියන්න පුළුවන්, භාරත ලක්ෂ්මන් නඩුවේ වගේ, මේකෙත් තව ටිකෙන් වින්දිතයා, චූදිතයා වෙනවා නේද යකෝ කියලා. මම ඉතින් මැණිකට මුකුත් කියන්න ගියේ නෑ. නිකං මක්කටෙයි හිතවත් අයත් එක්ක තියෙන ඇයි හොඳැයිය නවත්ත ගන්නේ..

දැන් බලාවී. මේකේ (23+) දැම්මේ අහවල් එකටද කියලා. අම්මමෝ නැතිව දෙස් තියයි.. ලියන්න ගියේ මුද්දර එකතු කිරීම ගැන උනාට, ලිය උනේ පියුම් මාමා ගැන. මුද්දර ගැනයි, පොඩි ජෝක් එකකුයි එක්ක, ඊළඟ පොස්ට් එකෙන් හම්බ වෙමු. එතකන් අපේ අම්මට එහෙම මුකුත් කියනවා නෙමෙයි..

135 comments:

  1. දැන් මක්කටෙයි කමෙන්ට් කොටන්නේ????? මුද්දරේට ද? ලියුං කියුන් ද? මැණිකෙ ගැන ද? පියුන් ගැන ද? මක්ක වුනත් මාත් ඔහේ යන අතකට ඇදලා දාන්නම් මාතලන් මගේ මිත්‍රයා වෙච්චි කොට එකම තුන් කට්ටුව නොවැ.
    පොඩි කාලෙම මමත් පටන් ගත්තා මුද්දර එකතු කරන්න. ඊළඟට මාලු හදන්න. ගප්පියාගේ ඉඳලා වටිනා මාලු දක්වාම හිටියා. නාරහේන්පිට තිබ්බ ජාතික පොලේ පොට් එකකින් තමයි මාලු ගන්නෙ. ඊළඟට පටන් ගත්තා පොත් කියවිල්ල තාම කියෝනවා. මෙහෙ ආපු කස්ටිය දන්නවා එකෙ වග.
    අපෙත් හිටියා වගකට නැති පියුමෙක්. ඌ හැමදාම මාත් එක්ක මල. මොකද අල්ලපු ගෙදරට ලියුන් ආපුවහම අපිට දීල යනවා එහෙට දෙන්න කියලා. මම ගෙදර දාට මම ගන්නෙ නැහැ. ඔහේම ගොහින් දෙන්න කියනවා. බලද්දි ඌට එහෙට යන්න බැරි ඒ ගෙදර කෙල්ලට ලියුන් නැති නිසා මූම ලියලා තෑපෑලෙන්ම ලැබෙන්න සලස්සලා. ඔන්න ඔහොමලු වුනේ.............

    ReplyDelete
    Replies
    1. ඔය පියුන් ජොබ් එක හබ්බ වෙන්නේ පෙර පිනකට කියලා කතාවකුත් තියෙනවනේ.. ගොඩක් තැන්වලින් තෑගී භෝග, කෑම බීම වගේම ලෑමත් හබ්බ වෙනවා.

      නාරහේන්පිටට ගේන්න කලින්, ජාතික පොල තිබුනේ.. රූපවාහිනිය එහා පැත්තේ, ජාතික චිත්තරපටි සංස්ථාවයි, තර්ස්ටන් ග්‍රවුන්ඩ් එකයි තියෙන තැන්. බෞද්ධාලෝක මාවතේ. අපිත් 154 නැගලා ඔතනින් බැහැලා, මාළු අරගෙන එනවා ඇති කරන්න. විනෝදෙට කලාට.. ඒ වැඩෙන් හොඳ ආදායමකුත් ලැබුවා ඉස්කෝලේ යන කාලෙම. මාළු විතරක් නෙමෙයි, හාවෝ, ලව් බර්ඩ්ලත් ඇති කලා, එළවළු කොරටුවක් කලා.. ඕවා ගැන මම කලින් ලිව්වා මයෙ හිතේ...

      Delete
    2. එලොලු කතා ඔබ ලියල තිබුන.

      Delete
    3. දෙකම ලිව්වා මචෝ...

      Delete
    4. අර ඇනෝ නැතිව උඹලගේ මේ පිට කැහිල්ලේ කිසිම ගතියක් නෑ

      Delete
    5. අම්මපා සහතික ඇත්ත.. මෙළෝ රහක් නෑ.. අද නිවාඩු ඇති...

      Delete
    6. ලෑම කිවේ මොකක්ද මාතලන් :)

      Delete
    7. ඒකත් මේ කෑම වගේම... ජීවත් වෙන්න අත්‍යාවශ්‍ය දෙයක්..

      Delete
    8. හෙහ්..හෙහ්හ්..සත්‍ය තේරුම දරුවෙකුට වටහා ගන්න ලෙසට පිළිතුරු දීල ලොක්ක...

      Delete
    9. මාතලන් පොඩි එකී නොදන්නකමට අහපුදේට පැහැදිලි පිළිතුරක් දීපං,ඔහොම නිකං වටින් ගොඩින් උත්තර දුන්නම කෙල්ල කරකෝල අතැරිය වගේ කල්පනා කොර කොර ඉන්නවා.
      උඹගෙ උත්තරේ සත්‍යයි ඒ වුනාට අපට තේරුණාට කෙල්ලට තේරෙන්නෙ නෑනෙ,දැන් ඉතිං ගලේ රීපු බළලා වගේ ඉඳපන් බැරිනං කෙන්ජිය උත්තර දෙයි.

      Delete
    10. යකෝ මේ රෝත්තම රිංගන්නේ වෙද පප්පා ගවටනේ. පිට කසන එක් ඒ තරම් ආශ්වාදජනක ද?

      Delete
    11. @ හැලපේ

      අපි, උඹලා වගේ නෙමෙයි, වැදගත් පවුල් වල වැදගත් දරුවෝ..

      Delete
    12. ලෑම කියන්නේ ලනවා කියන එක. බෑග් වල බහාලනවා කියන්නේ. ඒ වගේ මේකත් බෑග් වලට ඔබනවා වගේ වැඩක්.

      Delete
    13. අපොයි මං දැනුයි දැක්කේ.

      Delete
    14. ලෑම මොකෝ ඒ ගැන අහලා නෑම මොකෝ...

      Delete
  2. ඇත්ත නේන්නං....මේකේ මුද්දර ගැන මිකුත් නෑ නේ...

    මාත් මුද්දර වලට කැමතියි....ඔය මුද්දරත් නිකං අපේ රජා වගේ තමයි.....හරිතැනට යනකං කොහොම හරි අදාල තැන ඇලවිලා ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. තව කතාවක් තියෙනවානේ.. "පෝස්ට්මන් ඕල්වේස් රින්ග් ට්වයිස්..." කියාලා..

      Delete
  3. මගේ නම් තිබුනේ අමුතු විනෝදාංශයක් කොල්ල කාලේ.
    එකසිය ගානක් එකතු කරල නවත්වල දැම්ම...අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. මට මතකයි ඕක.. මේ පෝස්ට් එකේ ලියන්නත් හදලා, මක්කටෙයි චරිත ඝාතන කොරන්නේ කියලා නිකන් උන්නා.. උඹ හොඳයි.. අපේ එකෙක් උන්නා.. ඌ පෑන්ටිය ගලවගෙන එනවා, එකතු කරන්න.

      අපි නම් කිව්වේ, වැල් වලින් උස්සපුවා කියලා..

      Delete
    2. එවුවා විනෝදාංශ නෙමේ මානසික රෝග

      Delete
    3. ඒ උනාට ඒ වයසෙදි ඒක ජොලියට කරන දෙයක්.. ඔය දැන් කක්කා අතගාන එකත් මානසික රෝගයක්නේ.. ඒත් පොඩි කාළේ කක්කා කන්නෙ හිටන්.. ඉඳගෙන...

      Delete
    4. මොන රෙද්දේ චරිත ගාතනයක්ද මචං,
      ලියන්න තිබුනේ..

      Delete
    5. කෙනජියේ,
      අද හරි පාළුයි බං. පිල්ලි ජීත් නෑ, පත්තරේ මලයත් නෑ.

      Delete
    6. කාවා මුන්නා කෙසේ හෝ තුම් ... තූ ට forget හුවාද මේ දිදී

      Delete
  4. මෑත කාලයේදී මාතලන්ගේ අඩවියේ මගේ සිත බැඳගත් ලිපියක් ලෙස අගය කරනවා. ඒ අතීතයට යලිත් රැගෙන ගියාට ස්තුතියි.

    ඒ කාලේ පියුං උන්නැහේ එනකල් වැඩිපුරම මග බලාගෙන ඉන්නෙත් 'ප්‍රේමවතීලා' සහ තමන්ගේ සුවාමියා ඈත ප්‍රදේශයක සේවය කරණ බාරියාවෝ තමයි. ඒ වගේමයි ගුවන්විදුලියේ සින්දු ඉල්ලලා දාන 'පෝස්කාට්' දෙන්නෙත් පියුං උන්නැහේට. පියුමාත් සැමියා නැති ගෙවල් වලින් තේ බීලා බුලත් විටකුත් 'කොටලා කාලා' තමා යන්නේ. ඒ වගේම තමයි ඒ කාලේ ගමකට ටැලිගිරං එකක් ආවොත් මුළු ගමම බයවෙනවා මරණයක් ගැන තමයි පණිවිඩේ කියලා. මොකද ඒ කාලේ බහුලවම ටෙලිග්‍රෑම් එව්වේ කවුරුන් හෝ මියගිය බව දන්වන්නයි.

    අනේ නොදකින් දැන්නම් තැපෑලෙන් එන්නේ බිල් විතරයි.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවෙ නම් ටෙලිග්‍රෑම් නවත්තලා දැම්මා.. මම හිතන්නේ මෙහෙත් ළඟදිම නවත්තලා දායි.. කොහොමත් ඇමතියයි.. නියෝජ්‍ය ඇමතියයි එක්ක තැපෑල ඉතුරු කළොත් ඇති.. මම දැක්කා අනුරාජපුරේ තට්ටු පහකට හදන්න ප්ලෑන් කරපු තැපැල් ගොඩනැගිල්ලේ තියෙන්නේ තට්ටු දෙකයිලු.. අනිත් තුන බහිරවයා ගිලලලු..

      Delete
    2. ලංකාවේ විදුලු පණිවිඩ සේවය නතර කලේ ගිය මාසේ
      වෙලාව තියේ නම් කියවල බලන්න ආරාධනා කරනවා.(මාතලන් මිත්‍රයා නම් කිවා ඇත)

      Delete
    3. අම්මට... හැබෑව නේන්නම්.. මට අමතක උනා නේ ඒක...

      Delete
    4. අතීතයට රැගෙන ගියාට,
      යමුද 83, 89 අතීතයට................. පුහ්. 71 ට ගීයාට වැඩක් නෑනෙ, එදා මර බයේ හැංගිලනේ හිටියේ.

      Delete
  5. සිංහලෙන් 23+ දාල ඉංග්‍රිසියෙන් 13+ දාල තියෙන්නෙ ඇයි ඈ?...මාත් හරි ආසාවෙන් පොඩි කාලෙ කරපු දෙයක් තමයි මුද්දර එකතු කිරිල්ල.

    ReplyDelete
    Replies
    1. මේකට වැඩිහිටි පොඩි උන් ආවම හරිම වනේ.. කුණුහබ්බ ලියනවා කියලා.. 23+ දැම්මම, එහෙම කොමෙන්ට් දාන්නේ නෑ.. මොකෝ 23+ එකෙකුත් මේවා කුණුහබ්බ කියනවනම්.. ඌට ඉතින් සදාසරණ මෑණියන්ගෙම පිහිටයි..

      Delete
    2. "සදාසරණ මෑණියන්" අලුත් එක්කෙනෙක්ද ?? කොහෙද දේවාලේ තියෙන්නේ ???

      Delete
    3. ඔය හැම තැනම තියෙන්නේ.. දේවාල නෙමෙයි පල්ලි...

      Delete
    4. \\\\\\සිංහලෙන් 23+ දාල ඉංග්‍රිසියෙන් 13+ දාල තියෙන්නෙ ඇයි ඈ?\\\\\\\\

      සුද්දෝ අපිට වඩා අවුරුදු 10 ඉස්සරහින් නෙව ඉන්නේ.. ( අපි 10 ක් පිටිපස්සෙන් කිව්වත් හරි )

      Delete
    5. මැලේ මල්ල වෙන්නප්පුව පැත්තේ ඉදන් හලාවත පැත්තට ගිහිල්ල බලන්න ...
      දේවාල නොවෙයි පල්ලි...
      පිල්ලියෝ නෙමෙයි...

      Delete
    6. සදාසරණ මෑණියො කියන්නෙ ජේසුස් වහන්සේගේ මව හෙවත් මරියතුමීටමයි. ඇයව හදුන්වන නම් බොහෝමයක් තියනව. පරලෝක රාජේශ්වරිය, මඩු මෑණියො, ජපමාල රාජිනිය ආදී බොහෝ නම් වලින් ඇයව හදුන්වා ගරු කරනවා..

      Delete
    7. සන්තානං මෑනියනේ කියලා මාතලනෝ කියන්නේ

      Delete
    8. සදාසරණ මෑණියන් වෙනුවෙන් හදපු පල්ලි බොහෝ ඈත කාලයේ සිට තිබිලා තියෙනවා.

      Delete
    9. සන්තානම් මෑණියෝ කියන්නේ සාන්ත ආනා එහෙමත් නැත්නම් සෙන්ට් ඈන්ස්ට නේද?

      Delete
    10. සන්තානම් මෑණියෝ කියන්නේ මරියතුමියගේ අම්මාට. ඒ කියන්නේ ජේසුස් වහන්සේගේ මිත්තණියට. සාන්ත ආනා ඉංගිරිසියෙන් නං සේන්ට් ඈන් කියන්නේ සන්තානම් මෑණියන්ටම තමයි.

      Delete
  6. මමත් මුද්දර එකතු කලා බන් අයියෙ... පස්සෙ ඔක්කොම ටික මලයට දීල දැම්මා දැන් එව්වා කොහෙද දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. මගේ එව්වට වෙච්චි දේ ඊළඟ එකේ ලියන්නන්කෝ...

      Delete
  7. අපොයි ඒ වගේ සුන්දර තැපෑලක් දැං නෑ. කොටිංම දැං වෙසක් කාඩ් එකක්වත් යවන්නෙ නෑනෙ. ඒකත් ෆේස් බුක් තමයි.

    ReplyDelete
    Replies
    1. මම දැක්කා මරණෙක පොටෝ එකකටත් "ලයික්" ගොඩක් දාලා තිබුනා.. උන් බලාගෙන ඉන්න ඇත්තේ, අර මනුස්සයා මැරෙණකන් වෙන්ටෑ...

      Delete
  8. ප්‍රවෘත්ති සිරස්තල 12.12.2025

    ** ජාතික කෞතුකාගාරයට කඩා වැදුණු කන්ගැට්ටේකු එහි තබා තිබූ පැරණි ව්දුලි පනිවිඩ පුවතක්, තැපැල් ලියුමක් සහ තැපැල්පතක් සොරාගෙන ගොස් ඇත.

    ReplyDelete
    Replies
    1. බොහෝ විට ඇත්ත වෙන්න පුළුවන් නිව්ස් එකක්...

      Delete
  9. අපේ කාලේ නම් ඔය මුද්දර සීන් එක තිබුනේ නැහැ ඩේ කාඩ් නම් තිබුනා එව්වත් ඔය රෙස්ලින් කාරයෝ තමයි. අපේ තාත්ත ඔක්කොම ටික අල්ලලා ගිනි තියන කම් මමත් ඔය වැඩේ කළා.

    ReplyDelete
    Replies
    1. අපේ මෑන් ගාවත් තියෙනවා හැටකෝටියක් විතර.. මේ දවස්වල මර්ලින්ම තමයි...

      Delete
    2. අපේ පුංචිගේ පොඩි එකා ළඟ බෙන් ටෙන් කාර්ඩ් ඇති මගේ හිතේ ගෝනියක් විතර.. ඒ කාර්ඩ් එකක් ඇල්ලුවත් උගේ මූණ සවුත්තු වෙනවා..

      Delete
    3. //උගේ මූණ සවුත්තු වෙනවා..//
      කාගේ මූණ ද බං රතු වෙන්නේ,
      පොඩ්ඩගෙද............. බෙන්ටෙන්ගෙද..............

      Delete
  10. මුද්දර එකතුවක් කියන්නේ ඉතිහාසය පිලිබඳ වාර්තාවක් වගේ.මුල්දින කවර වගේ දේවල් ද ඊට එකතු විය යුතුයි.

    ReplyDelete
  11. අර ටෙලිග්‍රෑම් නවත්තලා ටෙලිමේල් හැදුවා වගේ තව ටික දවසකින් ඔය ලියුම් යැවිල්ලත් පාඩුයි කියල වෙන මොකක් හරි පටන් ගනී. අපේ සනත් ඇමති තුමත් ලඟදිනේ ආවේ.

    ReplyDelete
    Replies
    1. එයා ඔක්කෝම තියෙද්දි අළුත් ඔෆීස් එකක් අරන් තියෙන්නේ පොඩි ගානකට...

      Delete
  12. ඔය ලංකාවේ තියෙනවා නේද මුද්දර ගම කියලා ගමක් ...... ඕකට ඒ නම අවේ කොහොම වෙන්න ඇතිද ????

    ReplyDelete
    Replies
    1. ගමේ උන් හැම තැනම මුත්තර කරනවලු...

      Delete
    2. මුද්දරගම තියෙන්නෙ අපේ ගම් පළාතෙනෙ බං

      Delete
    3. එහෙනම් හැලපෙත් අහු වෙන තැන මුත්‍රා කරනවා ඇති...

      Delete
    4. ගම්පහ පැත්තේ ගමක්.මුද්දරගම කුකුල් චාලි ගැන අහල තියේද?

      Delete
    5. කුකුල් චාලි කියන නම නම් සෑහෙන හුරුයි

      Delete
  13. විදුලි පණිවුඩ සේවාවත් නවත්තල දැම්ම නේ ලඟදි ?

    ReplyDelete
    Replies
    1. වැඩක් තියෙන එකක්ය. හිඟන්නෝ ගාවත් සැල්පෝන් තියෙන කොට...

      Delete
  14. මාත් ඉස්සර මුද්දර එකතුකලා ,ඉස්කෝලෙදි මුද්දර පොත් යාලුවන්ට පෙන්නලා අපි සතුටු වුණා.ගොඩක් දුර්ලබ සහ වැඩියෙන්ම මුද්දර තියෙන එක හරිම ලොකු කමක් අපිට ඒ දවස් වල ,. පස්සේ මුද්දර පොත මල්ලි ඉස්කෝලේ ගෙනියලා ,මුද්දර කෙල්ලන්ට බෙදලා ඒකට මල්ලි එක්ක මරාගත්තා මං. එකෙන් පස්සේ මුද්දර එකතුකිරිල්ල එපා වුණා. දැන් කොහොමත් ගෙදරට එන්නේ බිල් ,බැංකු වලට බඩුඋගස් තියපු කොළ වල එඋවා විටරණේ

    ReplyDelete
    Replies
    1. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියනවනේ. කොයි දේටත් කාළයයි තියෙන්නේ.. ආදරේ උනත් එහෙමයි..

      Delete
  15. එක වතාවකදී අපේ අල්ලපු රටේ නිකුත් කරපු මුද්දර සෙට් එකක් ඇලවෙන්නේ නැහැ කියල පැමිණිල්ලක් ඇවිත්.
    ඒ ගැන ආණ්ඩුවේ කොමිසමක් පත් කරලා කරුණු හෙව්වලු.
    කොමිසමේ වාර්තාවට අනුව මුද්දරවල වැරද්දක් නෑ.වැරැද්ද තියෙන්නේ අලවන්න කියල කෙල ගාන පැත්තේ.
    මුද්දරය එක්තරා ප්‍රසිද්ධ පුද්ගලයෙක් ගැන සමරු මුද්දරයක්.පුද්ගලයා කවුද කියලා සිතීම ඔබට බාරයි.:D :D

    ReplyDelete
    Replies
    1. උඹ මෙතන හතර වෙනි තට්ටුවට යන කොමෙන්ට් එහෙම දාන්න එපා හොඳෙයි...

      Delete
    2. අපොයි නැහැ බං
      මුද්දරේ මෙයාගේ
      http://hdwallpaper2013.com/celebrities/aishwarya-rai-hot-hd-wallpaper.html

      Delete
  16. තව ටික කාලයක් ගියහම ලියුම් යැවීම ගැන කතා කරන්නෙත් ඊ තලේ ගැට ගහල ලියුම් යවපු ක්‍රමය ගැන කතා කරනව වගේ තමයි.

    ලොකුම පාඩුව වෙන්නෙ ලියුම දෙන ගමන් වත් අත පොඩ්ඩක් මිරිකගන්න චාන්ස් එකක් වත් නැති වීම තමයි. ඒක නෙවෙයි, මුද්දර එකතු කිරීම 23+ වෙලා ස්ටෑම්ප් කලෙක්ටින් 13+ වුනේ කොහොමද කියල කියන්නකො.

    ReplyDelete
    Replies
    1. මේකට වැඩිහිටි පොඩි උන් ආවම හරිම වනේ.. කුණුහබ්බ ලියනවා කියලා.. 23+ දැම්මම, එහෙම කොමෙන්ට් දාන්නේ නෑ.. මොකෝ 23+ එකෙකුත් මේවා කුණුහබ්බ කියනවනම්.. ඌට ඉතින් සදාසරණ මෑණියන්ගෙම පිහිටයි..

      Delete
  17. කාලයක් යද්දී ඔය මුද්දර සීන් එකත් නැති වෙලා යයි බං...

    ReplyDelete
    Replies
    1. මේ විශ්වයේ සියළු දේ අනිත්‍යයි පුතා...

      Delete
  18. මාතලන් අයියට පියුම් කමක් ලැබුනොත් මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? :D ;)

    ReplyDelete
    Replies
    1. අපේ එකා කරපු එකම තමයි.. ආයේ ඉතින් වෙන මොකක්ද...?

      Delete
    2. අනේ උඹනම් අත මිරිකලා නිකන් ඉදියි....

      Delete
    3. පිස්සුද මචෝ.. අපි බොහෝම වැදගත් විදියට හැදුනු මල් වගේ ළමයි..

      Delete
  19. මට නම් තිබ්බේ වයර් කෑලි එක්ක සෙල්ලම් තමයි.. මුද්දර අයිටම් මාළු අයිටම් පරෙවි අයිටම් තිබ්බේ නැහැ.. අදටත් ඉතින් වයර් වැඩ වලට තමයි මනාප ..

    ReplyDelete
    Replies
    1. එක තමයි හිටපු ගමන් වයර් ෆයර් වෙන්නේ...

      Delete
  20. මටනම් එකතු කිරීමේ පුරුද්දක්ම නැති නිසා මුද්දර එකතු කිරීමෙ විනෝදාංශය තිබ්බෙ නෑ.

    මුද්දර එකතු කිරීම ගැන කියපු ගමන් එක පාරට මට මතකෙට ආවේ කාලෙකට කලින් කුරුළු පිහාටු එකතු කරපු පොඩි ලමයෙක්ව පැහැර ගෙන ගිහින් මරපු සිද්ධියක් උනා නේද මාතලන් අයියේ.

    පොලිස් උන්දෙලාට ආයෙත් කොට කලිසම දෙනවද? මන් මෑතකදිත් එකෙක්ව දැක්කනෙ පෑලියගොඩ පොලිසිය ගාව.

    ReplyDelete
    Replies
    1. ඒ මචෝ ට්‍රේනින් පීරීයඩ් එකේ ඉන්න ඇස් ඇයි මහත්තුරු..

      කුරුළු පිහාටු කතාවේ යම් මතකයක් තියෙනවා...

      Delete
  21. මටත් පොඩි කාලේ ලියුම් එනකම් ඉවසිල්ලක් තිබ්බේ නෑ. දැන් නම් ගෙවන්න බිල් විතරයි එන්නේ. ලියුම් පෙට්ටිය අරින්නෙම ටෙරර් ඇටෑක් එකකට ලෑස්ති වෙලාමයි.
    පොඩි කාලේ ටෙලිග්‍රෑම් කතාවක් මටත් මතක් වුනා. හික්ස්.. සමහරවිට ඒ ටෙලිග්‍රෑම් එක නො ආවා නම් මගෙ ජීවිතේ අද වෙනකොට බොහෝ වෙනස් වෙලා තියෙයි.
    මුද්දර කලෙක්ශන් එකක් මටත් තිබුනාද කොහෙද. මම පොඩි කාලේ ආසාවෙන් වෙසක් කාඩ් නම් එකතු කලා. ඒ කාලේ වෙසක් කාඩ් එකක්, බර්ත්ඩේ කාඩ් එකක් තෑන්කීන් කාඩ් කොච්චර ආවද? දැන් නම් එහෙම එකක් එනකොට ඉහේ මල් පිපෙනවා. මට ඉන්නවා වයස අසූ ගණනක ක්ලයන් කෙනෙක්. මම බ්ලොග් එකෙත් ලීවා ඇ‍ය ගැන. ඇය පොඩි දේටත් මට කාඩ් එකක් එවනවා. කොටින්ම ඒක තවදුරටත් අපේ ජෙනරේශන් එකේ දෙයක් නෙවෙයි හින්දමද කොහෙද මට ඇයව විශේසයි. ඊයේද පෙරේදත් ලස්සන තෑන්කින් කාඩ් එකක් ලැබුනා.

    ReplyDelete
    Replies
    1. අපිත් වෙසක් කාඩ් එක්කාසු කරලා, වෙසක් එකට මහ තොරන් රාජයොත් ගහලා තියෙනවා..

      Delete
  22. කීවොත් පුදුම වෙයිද දන්නෑ.මම තවමත් මුද්දර එකතු කරනවා. පුංචි කාලේ මට පොතක් තිබ්බෙ නැහැ මුද්දර එකතු කරන්න.ඒ නිසා මම මුද්දර එකතු කළේ අලියා ගිනි පෙට්ටියක.මුද්දර පොතක් කවද හරි අරගෙනම මුද්දර ටික ඒකෙ අලවනව කියලයි මම හිතාන හිටියේ.දැන් නම් මට ලස්සන ලස්සන මුද්දර අලවන පොත් ගතෑකි....ඒත්.....ඒත් මුද්දර පුරවපු ලොකු අලියා ගිනි පෙට්ටි තුනක්ම ඒ කාලෙම නැති වුනා....ඒ කාලෙ පරණ මුද්දර තිබ්බ නම් කොච්චර හොදද.ඒත් මම තාමත් මුද්දර නම් අපතේ යවන්නෑ...හිටින්කෝ ෆොටෝ එක් දාන්න.

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ටිකක් දාලා මටත් එවන්න. ඊළඟ පෝස්ට් එකට දාතෑකී...

      Delete
  23. මමත් පොඩි කාලෙ මුද්දර එකතු කලා. ඒකාලෙ කවුද මන්ද එකෙක් මගෙ කොලබොක්කටම වදින්න ටොම් පචයක් කිව්වා අර තැඹිලි වල්ල තියෙන මුද්දර වල තැඹිලි ගෙඩි 8ක් තියෙනවා. හැබැයි තැඹිලි ගෙඩි 7ක් තියෙන මුද්දර 7කුත් ගැහුවා. ලෝකෙටම තියෙන්නේ 7යි. එයින් එකක් තියෙනවනං මාරම වටිනව , කෝටි ගානකට විකුනන්න උනත් පුලුවං කියලා. කාලෙ ගතවෙද්දි මුද්දර පිස්සුව ඉලෙක්ට්‍රොනික් සර්කිට් පිස්සුවකට මාරු උනා. මට අර පචේ කෙලපු 1කා කවුද කියලවත් මතක නෑ. හැබැයි තවමත් මම තැඹිලි වල්ල තියෙන මුද්දරයක් දැක්කොත් ගෙඩි ගණන් කරනවා... :( :( :(

    ReplyDelete
    Replies
    1. ගඟේ පාවෙයි තැඹිලි ගෙඩි දෙක දෙක කිව්වලු
      තැඹිලි වගේ උළුප්පල පෙන්නන්න හැදුවට වැඩිහරියක් ඒවා කුරුම්බැට්ටි.

      Delete
    2. පාවෙයි තැඹිලි ගෙඩි දෙක දෙක කැළණි ගඟේ
      දවස පත්තරෙන් කරපු දිය කිඳුරි තරඟෙට තමයි ඔහොම කවියක් ලියල තිබුනෙ.

      Delete
    3. ඇත්ත මචෝ, ඔය වගේ කටකතා අනන්ත තිබුනා.. ඒ කාලේ ත්‍රිකෝණ මුද්දර එහෙම මැජික් වගේ. කොහොම හරි එකෙක් කිව්වා වගේ, හොර නෝට්ටු වගේ හොර මුද්දරත් ඕසෙට තිබුනා..

      Delete
  24. පියුන්ට තිබුන චන්ස් එක තමයි ඉතින් බය නැතුව බෙල් ගහල කතා කල හැකිනෙ.ඉතින් සැමියගෙ ලියුම් එනකන් ඉන්න අය්ට උදවුවක් කරල යනව ඇති

    ReplyDelete
    Replies
    1. ඒ වගේම මුන් සල්ලි තියෙන ලියුම් ඉවෙන් වගේ දන්නවා. ඒවා ඉතින් අමතර ආදායම් නේ..

      Delete
  25. මුද්දරත් එකතු කලා....ඒත් ඊටත් වඩා එකතු කලේ මිස්ටර් පොප් ටිපි ටිප් පැකට් එකට හම්බුන මැජික් කාඩ්...අර අර වාහන,රොබෝලා එහෙම හදන්නෙ.මහ ගොඩක් තිබුනා ඒ කාලෙ ඉදන් එකතු කරපුවා ඒත් ඉතිං දැන් ඒවා කොහෙද දන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. අපේ එකත් අර චොකලට් බිත්තර වල තියෙන එවා එකතු කරනවා. කරුමේ කියන්නේ ඒවා පට්ට ගනන් නේ.. ඒත් ඉතින් එකක් අරගෙන දෙනවා..

      Delete
  26. මමත් මුද්දර එකතු කලා ඒක නවත්තලා,,දැනට ලෝකෙ රට රටවල සල්ලි කොල එකතු කරනවා

    ReplyDelete
    Replies
    1. ඒක හොඳ විනෝදංශයක්.. මෙහේ දේශපාළඥයොත් ඔය විනෝදංශේ නම් කරනවා මක්කා නැතත්..

      Delete
  27. මම එකතු කලේ බුක් මාකුයි ස්ටිකරුයි.තාම තියෙනවා පෙට්ටියක් පුරවලා.තාත්ත නම් කියන්නේ කවදාහරි දෑවැද්දට දෙන්නේ ඒ ටික කියල :D

    ReplyDelete
    Replies
    1. ඇයි අපේ හාමිනේ. එයා ගාවත් ගොඩක් ඒවා තියෙනවා යනකොට ගෙනියන්න. මම කියලා තියෙන්නේ මැරුණම, මිනී පෙට්ටි දෙකක් ඕන වෙනවමයි කියලා. එකක් එකතු කරලා තියෙන බඩු ටික දාන්න.

      Delete
  28. මගේනම් විනෝදාංශේ ගේම් ගහන එක තමයි. මුද්දර නම් එකතු කරලම නෑ, අපේ අයියා නම් ඉස්සර එකතු කලා. :)

    ReplyDelete
    Replies
    1. අපෝ ඕක අපේ ජාතික විනෝදංශයක්නේ.. ගේම් ගහන එක.. පට්ට ගේම් කාරයෝ නේ ඉන්නේ..

      Delete
  29. මචෝ....රස පෝස්ට් එකක්....මුද්දර නැතුව නෝ පෝස්ට්.

    අපි හබරකඩ ඉන්න කාලේ පියුම් තමයි සෝමපාල අයියා. අපේ තාත්තා විශ්‍රාම ගිහින් හිටියේ. පියුම් සහ ඩැඩී රිංගනවා හොර පොට් එකට..පියුම් ලියුම් බෙදන ගමන්..
    බීලා දෙන්න දෙපැත්තට යනවා. ඩැඩී මදි පාඩු ගහන්න ආපහු යනකොට සෝමපාල අයියා බයිසිකලෙයි, ලියුම් මල්ලයි එක්ක වෙලක පාරක වැටිලා ඉන්නවාලු...මිනිස්සු දැකලා තියෙනවා, පියුම්වත් කුදලගෙන අපේ ඩැඩි ලියුම් බෙදනවා. අන්න යාළුවෝ.

    අපි තරුන කාලේ විජෙරාමේ පැත්තේ ලියුම් බෙදුව පියුම්........පියුමුත් නෙමේ පියුමිත් නෙමේ..මැද්දේ බුවෙක්. මගේ කසින් කාරයා බයිසිකලේ පිටින් පියුම්ව ගෙට අරන් *** දෙනවා. ඌ තනියෙන් හිටියේ....දැන් බොහෝ කාලයකට පෙර ජපානෙට ගියා.

    ReplyDelete
    Replies
    1. අර කොල්ලෝ කියන්නැහේ.. කෙන්ජියට අහු උනොත් බඩුම තමයි..

      Delete
  30. මුද්දර එකතු කිරිල්ල මත ජයටම කළා..හොර මුද්දර එන්න ගත්තට පස්සේ තමා මට එක එපා උනේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. ඕන එකක් මාකට් වෙනකොට, ඒකේ ඩුප්ලිකේට් එන එක සිරිතක්. ඔය නෝට්ටු හොරට ගහන්නෙත් ඒකනේ..

      Delete
  31. දැංනං පියුං කාරයා දකිනකොටත් කේන්ති ( ඒකා ගේන්නෙම බිල්නේ)
    මාත් ඒ කාලෙ මුද්දර එකතු කලා එකතු කරල පොතකුත් හැදුවා අන්තිමට රු 20 කට ඒක විකුනල LED බල්බ් ටිකකුයි වයර් ටිකකුයි අරං මොනවාදෝ අටමගලයක් කරා...
    අපේ විනෝදාංශ ඉතින් දවසින් දවස මාරු වෙනවනේ.

    ReplyDelete
    Replies
    1. අපේ කියලා වෙනසක් නෑ ඉතින්.. කාළෙන් කාළෙට ඕවා වෙනස් වෙන්න ඕන. නැතිනම් ඉතින් ගතියක් නෑ නේ.

      Delete
  32. ඉස්කෝලෙ යන කාලෙ මමත් ඔය විනෝදාංශයෙ නිරත වුනා...අපේ පන්තියෙ බාලදක්ෂ ව්‍යාපාරයේ හිටිය උන් තමයි මේ ලෙඩේ බෝ කලේ...ටික දවසකින් අපේ පන්තියට විතරක් නෙමෙයි සමස්ත වසරටම මුද්දර ලෙඩේ බෝ වෙලා මුද්දර සමාජ පවා හොයාගෙන ගිහිල්ලා කොල්ලො මුද්දර ගත්තෙ.. ඒ මුද්දර එකතුව අදත් මගේ ලග තියෙනවා....ලංකාවෙ සුද්දගෙ කාලෙ බොහොම පැරණි මුද්දරත් එතැන තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒවා පරිස්සමෙන් තියා ගනින්.. බොහොම වටිනවා. කොහොම හරි උඹේ අර පරණ පත්තර කොලෙක්ෂන් එකත් තෙලේ තෙල්..

      Delete
  33. උඹ දන්නවද කන්තොරුවක් අහලක නැති උනාට, තැපැල් මහත්තුරු පදිංචිව නොඋන්නට තැපැල් මහතුන්ගේ මාවත කියල පාරක් මේ ලංකාවෙ තියෙනව කියල. මම දන්නෙ නෑ ලංකාවෙ තැපැල් මහත්තුරු කීයක් ඕක දන්නවද කියල. බලමු මේ බ්ලොග් ලෝකෙ කවුරුත් මේක තියෙන තැන දන්නවද කියල?

    මමත් මුද්දර එකතු කරා. ඒ මුද්දර පොත මේ පර නිවඩු ගියාම හම්බුවෙලා අක්කගෙ දූට දීල අව. අර තැඹිලි මුද්දර විතරක් නෙමෙයි අද දකින්න නැති රොඩේෂියාවෙ, යූ එස් එස් ආර් ගහපු සෝවියට් මුද්දර එහෙමත් තිබ්බ.කොටිම්ම මන් මුද්දර සමාජෙකටත් බැඳිල උන්න. ඒ ඒ කලෙට ඒ ඒ දේ කරන්න ඕන. දැන් උන් එකතු කරන්නෙ ප්ලේ ස්ටේෂන් ගේම්ස්. එව්ව ඉතින් කාලෙ හැටි.

    ReplyDelete
    Replies
    1. මමත් මුද්දර සමාජෙක උන්නා. මුද්දර එකතු කිරීම නිසා, ලැබුන දේ බොහෝමයි..

      Delete
    2. ප්‍රැන්සිස් පී. පෙරේරාගේ පිනිබිඳු මුද්දර සමාජේද ? මෑන් හොර මුද්දර ගැහුවා කියලා අරන්චියකුත් ආවා.

      Delete
    3. නෑ මේ අපේ පැත්තේ තිබුන පොඩි සමාජයක්. ඒ ගැන ඊළඟ එකේ තියෙනවා..

      Delete
  34. මගේ ගාව තියෙන මුද්දර කොලේච්ෂන් එක උඹලා කා ගාවවත් නැහැ.ලංකාවේ දුර්ලබම මුද්දරේ වන තැඹිලි වල්ලේ මුද්දර 200 ගානක් මා ගාව තිබේ

    ReplyDelete
    Replies
    1. උඹ ගාවම් 200 ක් තියෙනවනම්. ඒක කොහොමෙයි බන් දුර්ලබ එකක් වෙන්නේ..

      Delete
  35. මම තාම මුද්දර එකතු කරන හන්දා හිතුවා වැදගත් දෙයක් දැන ගන්න තියෙයි කියලා.. බැලින්නම් මේ පියුං ගොයියා ගැනනේ ලියලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඉවසහං පපුව මයෙ අම්මා..

      Delete
  36. ඔය ලියුම් බෙදන්නාට තියෙන් නම් ගාන හොයලා තියෙනවද මාතලන්. පුලුවන් නං හොයලා බලන්ටකො..පියුමා..පියුං ගොයියා..පෝස්ට්මන් (පොෂ් අය ), තැපෑලා, ලියුමා, තව ඇති ඕන තරම් :-)

    මුද්දර එකතු කරන කෙටුවාව තවත් කරනවා.. ඉස්සර වගේ හම්බ වෙන්නෙ නෑ.. නමුත් වැඩේ යනවා.. පොඩි ආතල් එකක් තියෙනවා මුද්දර පොත පෙරල පෙරලා බලනකොට.

    ReplyDelete
    Replies
    1. ඔය පරණ ඒවා අවුස්ස අවුස්ස බලන එකයි.. මේ වගේ පරණ කතා ලියන එකයිත් පිස්සුවක් බන්.. පිස්සුවක් ඉතරක් නෙමෙයි, ලෙඩක්.. ඒ උනාට ඒ ලෙඩේට මම හරි මනාපයි..

      Delete
  37. මැණිකගේ අත අල්ලපු එකට උඹට මොකද ඔච්චර මල පැන්නේ

    අනේ උඹත් පුංචිකමට කොරල තියන එව්වා

    ReplyDelete
    Replies
    1. ප්‍රේමනීය හැඟීම් නේ මචෝ.. මැණිකා ගෙදරින් ගියයින් පස්සෙ සාංකාවෙන් වගෙත් උන්නා..

      Delete
  38. ඊලඟ කොටස බලලම ඉමුකො... දැනුත් අපේ දිහාට ලියුම් එනවා... බැංකු වලිනුයි ඔය ක්ලාස් වලිනුයි..ඒ ඇරුනම වෙන ලියුම් නං මට ජිවිතේට ඇවිල්ලා නෑ හැබැයි.. අර ... පරම්පරාවෙන් පරම්පරාවට එන එකක්ද මන්දා ලියුම් බයික් එකේ හොඳ එක ඇහෙනකොට මල්ලි මම අපි සේරෝ ගේට්ටුව ගාව :3

    ReplyDelete
  39. මුද්දර එකතු කිරිල්ල කෙසේ වෙතත් මං ගාව හෙන මුද්දර තොගයක් තිබ්බ.. අපේ මාමල එකතු කරලා හදපු පොත්... හි හි...

    දැං අපේ එක මාම කෙනෙක්ගෙ එකෙක් ඉන්නවා... උෟ පොඩි කාලේ සෙල්ලං කරනවා කියලා කරන්නෙම තාත්ත එකතු කරලා තියෙන රට කාසි මල්ලක් තියාගෙන ගනින එක.. අපි දැනටත් උෟට කියන්නෙ බඩ මුදලාලි කියල... හි හි...

    ReplyDelete
    Replies
    1. ෂුවර් එකටම මුදලාලි කෙනෙක් වෙයි..

      Delete
  40. අපේ පැත්තට විවිධ රටවලින් ලියුම් එන නිසා මුද්දර වැහි වහැලා. මමයි මගේ කල්‍යාන මිත්‍රයයි එකතු කරා එකතු කිරිල්ලක්. මගේ යාලුවා පිනිබිඳු මුද්දර සමාජෙටත් බැඳුනා. මට සල්ලි නැති නිසා නිකං හිටියා. මේක නිසා අපේ තැපැල් කන්තෝරුවේ මහත්තුරු ටික කරපු අපූරු වැඩක් මතක් වුණා මම දාන්නම් පොස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. ලියන්නයි තියෙන්නේ පොරි හැලෙන්න...

      Delete
  41. මමත් මුද්දර එකතු කළා ඉස්සර... දැන් නම් ඒව කොහෙද මතකත් නෑ.

    ReplyDelete
    Replies
    1. මගෙත් තියෙන නරක පුරුද්දක් තමා ඒක. කිසිම දෙයක් තියාගන්නේ නෑ. කිසිම දේක වටිනාකමක් නෑ.

      Delete
  42. ////ඔය තොටගමුවේ රාහුලලා යවපු ලියුම් වලට මුද්දර ගහලා නෑ. ඒ උනාට ලබපු එකාට දඩයක් ගෙවන්න වෙලත් නෑ. ලියුම ගෙනියපු සැළලිහිණියට, කීයක් වත් දුන්නද දන්නෙ නෑ. සැළලිහිණියා ඒ කාලේ ගෙනාපු පණිවිඩේ බොහොම රසවත් උනාට, දැන් නම්, සැළලිහිණියා ගේන එවා දැක්කම, සැළාව මරාගෙන කන්න හිතෙන්නේ.///
    පට්ට කතාව

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතින් බොරුවක්ය...

      Delete
  43. පසුව ඇවිත් කියවන්නම්

    ReplyDelete
    Replies
    1. ඉස්මනට කියවන්න වෙයි.. අනිකත් අද රෑට දානවා..

      Delete
  44. ඔං බලාගනිල්ලා වැඩිකල් නොගොස් ආණ්ඩුව මේ බ්ලොග් "පොස්ට්" ලියන උන්ටත් ගහනවා මුද්දර බද්දක්...:D

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ පාඩුයි.. කී දෙනාද ලියන්නේ.. ඊට වඩා හොඳයි බුකියට ටැක්ස් එකක් ගැහුව නම්.

      Delete
  45. මමයි මගේ යාලුවයි නම් වෙලාවක් ලැබුනොත් දැනුත් ලියුම් ලියනවා...තැපෑලෙන් ලියුමක් ලැබුනම තියන සතුට....:D

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න