.

.

Dec 20, 2013

අනර්කලී, ස්වර්ණමාලී හා හේමමාලී - Anarkali, Swarnamali & Hemamali


කුඩු කාරයෝ බඩු කාරයෝ රජ කරනා                     රටේ
මිනී මරුවෝ මැති ඇමතිලා වෙලා ඉන්න                 රටේ
අගමැතිඳා නැව් පුරවලා කුඩු ගේනා                          රටේ
ඇනකොන්ඩිලා ඇනකොන්ඩෝ ගිලිනා මේ             රටේ


ගලක් එහෙම දැක්කෝතින් කෙලින් වෙනා               රටේ
තනක් එහෙම දැක්කොතින් ලීක් හතර                      වටේ
එහෙව් රටක උපන් එකත් පෙර පිනක්ලු                   ඇටේ
පොන්නයන්ට රජ මගුලකි නෙලති හතර                  වටේ




මිනිහා මල ගමන් ඇවිත් හෙලති කඳුලු                     කැටේ
විහාර මහ දෙවීලාලු අනේ උඹේ                               ඇටේ
ගැණූන්ගේ මොළේ තරම දිගලු හැන්දේ                    මිටේ
සිරිමාවොලා සැටලයිට්ලා ඔප්පු කලා                        හැටේ


ඇමතිවරුන් ප්‍රසිද්ධියේ බඩු ගහනා                            රටේ
කඟවේනා වගේ යන්නේ කහනවාද                          ඇටේ
අලි පාටියේ නිසා හැවොම නෙලති හතර                    වටේ
ලොක්කා ළඟ දනගැහුවම පත්තිනි රන්                    කැටේ



අලි පාටියේ කොල්ලෝ නැතිලු හපලා කියයි              විටේ
එහෙම එයිද කොලු කාරයෝ බලන හතර                    වටේ
හේමමාලි දුවේ ඇවිත් අල්ලලා අලි                            ඇටේ
කෙලින් කරලා ගන්නකො කරු ගැහුවට මුන්             වැටේ


මෙළෝ දෙයක් කරන් නැතිව ඇට කහනා                   රටේ
නිකන් දෙතොත් ගු බෙට්ටත් දාගන්නවා                     කටේ
එහෙව් උන්ට වඩා උඹලා මට නම් මිණි                     කැටේ
ගෝනී නැතුව උඹ නැගපන් රන්කඳ මගෙ                   පිටේ


-x-

ප: ලි:
හුඟක් උන් කලබල වෙලා, මොකෑ දැන් බොග දාන්නේ නැත්තේ කියලා. මගේ ලැපාට කෙල උනානේ. ඉතින් ගෙදර ඉන්න වෙලාවකට විතරයි, බොග දාන්නයි, අනෙක් උන් දාපු ඒවල ගඳ සුවඳ බලන්නයි වෙලා තියෙන්නේ. මේ දවස්වල පොඩ්ඩක් බිසි. නැතුව හින්ගල බ්ලොග් බලන එක නවත්තලා දාලා, ඉන්ගිරිස් ඒවා කියවනවා හෙම නෙමෙයි. ඒවා කියවන්න අපි දන්න ඉන්ගිරිසියක් තියෙනවය ආයිබෝවන්ඩ. ඒ නිසා කවුරුත් කළබල වෙන්න වත් දුක් වෙන්න වත් එපා.. මේකත් මේ කළබලේ ලිව්වේ නොලියා බැරිම නිසා..මාතලන් එළකිරි...

153 comments:

  1. ශරීරයේ යට අර්ධයෙන් දේශපාලනය ගමන් කිරීමේ තියරියෙන් තමයි සොලමන් ඩයස් ගෙන් සිරිමාවෝට දේශපාලනය එන්නෙ..
    ඒ කියන්නෙ ජැක් එක වැදුනම ඒ ජැක් එක හරහා දේශපාලන ස්පර්ම්ස් ඇවිත් ගැහැනිය දේශපාලනී කරණය වෙනවා කියල ලංකාවෙ බුද්ධිමත් ජනතාව සිතනවා..
    නමුත් කකුල් පෙන්වලා ජනප්‍රිය වූ කත දිහ ාබලන්නෙ වැරදි කෝණයකින්.

    ReplyDelete
    Replies
    1. අමිල කියන කතාව හරි. මටත් ඔය කරුණ ගැන සිතුනේ ඔබ පැහදිලි කරාට පස්සේ තමයි.
      මම දැක්කා පැරකුම් සහෝදරයාත් මේ ගැන ලියලා තිබුනා.

      තවත් ලිපියක් මම දැක්කා ගොසිප් සයිට් එකක තිබිලා. මම ඒක දැක්කේ මාතලන්ගේ සින්ඩිය බලන වෙලාවක. ගොසිප් කාරයෙක් ඒ වගේ එකක් ලිව්ව එකත් ලොකු දෙයක් කියලා මට හිතුනා.

      මේ තියෙන්නේ ඒ ලිපිය.

      නදීෂා හේමමාලිට ඔච්චර බය ඇයි?

      Delete
    2. බුරියෙන් පහලට බය වීම තමයි.

      Delete
    3. අපේ රටේ සාමාන්‍ය මිනිස්සු නොවිඳින ලිංගික නිදහසක් වගේම සමාජයේ පිළිගැනීම සහිත නිදහස් ජීවිතයක් සහ ලස්සන රූපයක් නළු නිළියන්ට තියෙනවා. ඒ නිසයි අපි ඔවුන්ට ඉරිසියා කරන්නේ. කෙළින්ම කිව්වොත් කුහක බව. අපිට බලය තිබුණා නම් ලස්සන සහ සල්ලි තිබුණා නම් අපි කරන්නේත් ඕකමයි. ඒවා නැති නිසා ඔවුන්ට "ගණිකාව", "පිම්පි" පට්ටම් ගහලා සතු‍ටු වෙනවා.

      අපිට ඕනෙ නැති ප්‍රශ්න අපිම ඔළුවට දාගෙන අපිම විඳවනවා ....

      සල්ලි හම්බු කරපල්ලා, පින් දහම් කරපල්ලා, ඒ වගේම හරි විදියට විනෝද වෙයන්. අන්තර්ජාලයෙන් එපිට සතුට හොයාගන්න පුළුවන්. :)

      Delete
    4. තව එකක් දේශපාලනය කියන දේ හරියට තේරුම් ගන්න ඕන. දේශපාලන ලිපි සහිත බ්ලොග් කියවන්න මම කැමති ඒකයි. පාලකයෝ කරන විකාර වලට පිළිතුරු අපිට ඡන්දයෙන් දෙන්න පුළුවන්. ඒත් අපි අර ලස්සන කතාවට රූපයට ‍රැවටෙනවා. මන්ත්‍රී කෙනෙක් හිනා වෙලා කතා කරලා පිටට තට්‍ටුවක් දාලා ගියාම ආයේ අපේ උන්ගේ චන්දේ පිට යන්නේ නෑ.

      Delete
    5. මටත් තියෙන ප්‍රශ්ණය ඕකමයි.. අඩුගානේ මුන්ට හොඳට ඇක්ට් කරන්නවත් පුළුවන්.. අනික උන් ඒ තත්වෙට ඇවිත් තියෙන්නේ හොරකම් කරලා, වංචා කරලා නෙමෙයිනේ.. හැම අතින්ම කවුරුන් හෝ සනසවලා..

      Delete
    6. මේකයි සහෝ උඹල මට එකග වෙයිද නැද්ද මංද. මං කෝමත් මේ මඩ වගිරෙ ගිලෙන්න කැමති එකෙක් නෙමෙය්. ඒත් මේ ටික කියන්නම්...
      අපේ රටේ ඉන්න තරමක් දේසපාළුවො හොරු සහ තක්කඩි. (හොද උන් වද වෙලා කියල රතු දත්ත පොතේ තිබුණ) ඒ අතරෙ දේසපාලන ගණිකාවොත් ඉන්නව. කවුරු ගැනද මං කියන්නෙ කියල දන්නවනෙ. නදීෂා ලස්සනයි. කොටට තමයි අදින්නෙ. ඇත්ත ඒක එයාගෙ කැමැත්ත. අනික උප්පත්තියෙං එයාට ලැබිල තියෙන දේවල් ඒව එයා කේම පාවිච්චි කළත් කාටවත් මොන රුදාවද. ඒ එයාගෙ කැමැත්තනෙ නැද්ද. . ඒත් ඒකෙ අවුල මොකක්ද දන්නවද. අපේ රටේ ඉන්නෙ බොරු සංස්කුරුතික වාදින්. උන් දවල්ට බණ අහල ඒ ගමන් බණ තලල රෑට කොහෙහරි වේස බඩුවක් හොයාන ඇගේ හිරි ඇරගන්නව. එහෙවු උන්ට තමා ඕක පුරස්නෙ වෙලා දගලන්නෙත වෙන එකියක් එක්ක නිදි වදින ගමං දැං මේ ඉන්නෙ නදීෂා එක්ක කියල හිතාන කී දෙනෙක් රෑට හැ******* කියල දන්නෙ උංම තමයි. මං මේ ලංකාවෙ පාහර තුච්ච කුහක සහිස්කුරුතිය භක්ෂනය කරන නපුංසකයන්ට නං කැමතිම නෑ. ඒ වගේ පාහරයන්ට තමා නදීෂව ප්‍රහ්නයක් වෙලා තියෙන්නෙ.
      මංද ඔය මට හිතෙන හැටි. අවුල් වැඩී වගේ නං මාතලං ගොය්යට පුළුවං මේක ස්පෑං කොරල දාන්න මට කමක් නෑ

      Delete
  2. කොලු පාටිය ට කෙළි පොඩ්ඩක් එන එක ලොකු දෙයක්. හැබැයි නංගියා ට බයවෙන්න දෙයක් නැහැ කොලු පාටියේ අයියලාගෙන් කෙල්ලොන්ට කරදරයක් නැහැ නේ. සුදු කොල්ලෝ තමයි කැම්පේන් යද්දී බේරගන්න බැරි.

    ReplyDelete
    Replies
    1. කෙල්ල එතනින් බේරුනාට.. තව කී දෙනෙක්ගෙන් කියලා බේරෙන්නද ආයිබෝවන්ඩ. හැබයි දැන් යූ ඇන් පී උන් කෙලින් කරන් ඇත්තේ.. රෝසිලා නාකියිනේ.. තලතලා, රේණිකාලා සෙක්සී කෑලී නෙමෙයිනේ.. පබා අතේ අතේ හයිය වැඩි කොරන්න ඒ පැත්තට ගියා.. ලොක්කා නම් පයිසෙකටවත් ගනන් ගත්තේ නෑ. දැන් පාරේ ඉන්න බල්ලෝ නලවනවා..

      හැබයි මොකා කලත් මරු වැඩේ. අර හාමුදුරු පිරිත් වලට නටන සජිතට වඩා කොල්ලෝ ඔක්කෝම කෑල්ලා ගැන කතා කොරන්නේ...

      Delete
  3. කියලා වැඩක් නැත ලොක්කා.....

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ටිකද මල්ලි ? :D

      Delete
    2. වැඩිහිටියන්ට මෙසේ ඇමතීම සුදුසු නොවේ!

      Delete
    3. නැහැ අක්කි කතාව :)
      මම ෆොටෝ තියෙන හරියේදී ඇස් වහගත්ත :)

      Delete
    4. අන්කල් කෙන්ජි, නොටි කොල්ලා.

      Delete
  4. >> නැතුව හින්ගල බ්ලොග් බලන එක නවත්තලා දාලා, ඉන්ගිරිස් ඒවා කියවනවා හෙම නෙමෙයි. ඒවා කියවන්න අපි දන්න ඉන්ගිරිසියක් තියෙනවය ආයිබෝවන්ඩ.<<
    හැක්...හැක්.... මම නම් එහ්මමයි හිතුවේ... :)
    ඒකයි අඩල ඊයක් විද්දේ... :)

    ReplyDelete
    Replies
    1. පිස්සුද පනේ.. මේක කුඩු ගැහුවට වඩා හපන්...

      Delete
  5. ඔයා මේ ගැන නොලිවොත් අහන්න ඕනේ කියලා හිතන් හිටියේ ...
    අපේ රටේ දේශපාලකයෝ බයයි ගැහැණු එනවට ගීතා බෙන්තරින් එන්න හදන එකට කතා කරපු සහ හැසිරිච්ච විදිය දකිද්දී හිනා යනවා ..ගීතාගේ කටත් ඉතින් එච්චර හරි නැහැ ..ගැහැණියක් දේශපාලනයට එන්න යද්දී ඒ ගෑණිට ගණිකාවක් කියන මැති ඇමතිවරු සෝවාන් වෙච්ච අයද..එහෙම නැත්තම් උගත් බුද්ධිමත් අයද...

    එක ගැහැණියෙක් දේශපාලනයට එද්දී ඒක මහා ලොකු කරගෙන අපේ රටේ දැගලුවට මෙහෙ බලන්න ඕනේ මිට අවුරුදු 6 කට විතර කලින් ගැහැණු 3 දෙනයි පාර්ලි‌‌මේන්තුවේ හිටියේ දැන් 60 ක් විතර ඉන්නවා 120 වෙච්ච පාර්ලිමේන්තු ඇමති මණ්ඩලේ 60 කියන්නේ භාගයක් කොච්චි කරල් වගේ කතා කරද්දී භාෂාව නොතේරුණත් ආසයි අහන ඉන්න ,,, ඒ නිසා පිරිමි ඇමතිලා හරි පරිස්සම් ඒ වගේම ගැහනුන් කරන අමාත්‍යංශ වල අල්ලස් දුෂණ නැහැ..

    මෙහෙ පාර්ලිමේන්තුවේ විවාද වලදී එක්කෙනෙක් නැගිටලා කතා කරද්දී ඒකට විරුද්දව පිස්සෝ වගේ විකාර කියා කියා කෑ ගැහුවොත් එක පාරක් වර්නින් දෙනවා ඊලග පාර ආරක්ෂකයෝ ඒ අදාළ කෙනාව සභාගර්භයෙන් එලියට දාලා දොර වහනවා නෙත්න්යාහුට කරන්නෙත් ඒක කෑගහන ගැහැණු ,පිරිමි සාමාජිකයන්ටත් ඒක... මෙහෙ ඉන්න අයට අහන්න පුළුවන් HOT 99 චැනල් එකෙන් දවස පුරාම සජීවී පාර්ලිමේන්තු චැනල් එක :)

    මටත් චන්දේ ඉල්ලන්න හිතෙනවා ආවම එක්සත් ජාතික පක්ෂෙන් :D
    හි හි

    අනාර්කලීගේ ශරීරය දැක්කම එපා වෙනවා ආච්චි කෙනෙක් වගේ සැක් !!

    ReplyDelete
    Replies
    1. අන්තිම වාක්‍ය දැක්කම සමාජෙ තියෙන කියමනක් ඇත්ත කියලා හිතුනා.
      "කාන්තාවක් ඊර්ශ්‍යා කරන්නේ තවත් කාන්තාවකටමයි"

      Delete
    2. මං මිනිසුන් දකින්නේ ගැහැණුන් සහ පිරිමින් ලෙස නොවේ,වත ඇතුලේ තියෙන දෙයින් නෙමේ හිත ඇතුලේ තියෙන දෙයින් මිනිසුන් වෙන්කරන එකයි මගේ ක්‍රමේ එනිසා මා දිහා ගැහැණියක් ලෙස ඔබ දැකීම හරිම ප්‍රාතමිකයි මගේ දැක්මේ හැටියට . ඇයගේ ඊර්ශ්‍යා කරන්න ඇත්තේ මොනාද ?

      Delete
    3. අප නම් එතරම්ම මනසින් උසස් වී නැත.අපි ගැහැණියක්, ගැහැණියක් ලෙසටත් පිරිමියෙක් පිරිමියෙක් ලෙසටත් තමයි දකින්නේ.
      ඉතාම කලාතුරකින් ඉහත ප්‍රත්‍යක්ෂය වෙනස් වන අවස්ථාවන් ද නැතුවා නොවේ!

      මේ ප්‍රත්‍යක්ෂය ප්‍රාථමිකයි කියන ජාතියේ අමුතු දැක්මක් තියෙන තව එවුන් ඉන්නවනම් කොටපල්ලා!

      Delete
    4. :D හ්ම්ම් බලමුකෝ අනිත් අය කොටනකල් මෙතන ඇනෝ ඔට්ටු නැහැ හොදේ

      Delete
    5. කොහොමත් නායක තුමා ලිස්ට් එකට දාල තියෙන්නෙ කරු අංකල්ගේ කීමට.
      එන පරක්කුව ඔබගේ...

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. @ අපූර්වි
      //මටත් චන්දේ ඉල්ලන්න හිතෙනවා ආවම එක්සත් ජාතික පක්ෂෙන් :D
      හි හි //
      ඇවිත් ඉල්ලන්නකෝ අනිවා කතිරේ දෙනවා..

      @ කෙන්ජි
      කරූ අංකල් ගියපාර ස්වර්ණමාලි දාල කෙලවගත්ත වගේ මේ පාර හේමමාලි දාල කෙලවගනියි වගේ..

      Delete
    8. @ඔමා,

      මම ඇත්තටම අනාර්කලී දැකලා තියෙනවා. එයා ලස්සණයි.:)

      Delete
    9. මට පේන හැටියට නං අනර්කලීට තියෙන්නෙ අසියානු ලස්සනක් නෙවෙයි... අර සිකුරු හතේ ෆිල්ම් එකේ කොට කිට් එකක් ගහලා පොලීසිය ඇතුලට යන තැනදි තියෙන ලස්සනයි, ඔසරිය ඇන්දම ඒක එයාට ගැලපෙන්නෙ නැති බව පේන නිසයි එහෙම කිව්වෙ.. මට නං ඇත්තටම අනර්කලී මාර හැඩයි.. හැබැයි එයාගෙ කතා කරන ස්ටයිල් එක නං මට අල්ලන්නෙ නෑ..

      Delete
    10. @ පොඩි කුමාරිහාමි @හිරු
      ++++++++++++++++++++

      @ඔමායා
      ඇත්ද????????

      Delete
    11. මං කීවේ අනාර්කලි කැතයි කියලා නෙමේ එයාව මං කීප වතාවක් දැකලා කතාකරලා තියෙනවා.එයාගේ හම හරිම දීප්තිමත් ලස්සනයි මං අදහස් කලේ එයාගේ මේ ෆොටෝ එකේ උඩුකය ගැන ,,,වහරුණ ස්වභාවයක් තියෙන්නේ කියලා ..

      Delete
    12. දුලා @ පොඩි දරුවෙක්ද ලොකු කෙනෙක්ද දන්නේ නැහැ ඔයා ,,මං කමෙන්ට් කරන්නේ සාමන්යෙන් මං දකින දේ අනිත් මිනිස්සුන්ට ඕනේ දේ නෙමේ .

      Delete
    13. අර උඩ නෝනලා දෙන්නට අනාර් කෙලි ගැන ලොකු ඇම්මක් තියෙනවා වගේ.
      ලගට දැක්ක එකයි,මාර හැඩයි ගැන පෝසට් එහෙකින්ම දෙන්නද ඔහෙලට... :) ?

      Delete
    14. කිසි ඇම්මක් නෑ කෙන්ජි. පෙනුනු දේ මම කීවේ. :)

      Delete
    15. එහෙම ද ...පොඩ්ඩි :) ?
      ලගකදී ඉදල සම හරක් ඇනෝ එන ඇනිච්චියන් දාපු ගොන් කොමන්ට් එකක් වගේ නිසයි ඇහැව්වේ...
      මොකද ඔය කට්ටිය ව සජීවී ව දැකල තියෙන බුවෙක් මම නිසා...
      දුරට හෝ බයිස්කෝප් වලින් නැතිව..

      Delete
    16. අයියෝ දැන් ඇති අනාර්කලී ,,

      Delete
    17. @ O M A Y A දියණිය

      ඒ කාන්තාව ආච්චියක් මෙන් යැයි කියමින් ඇයට අපහාස කොට,

      තවදුරටත් //ඇයගේ ඊර්ශ්‍යා කරන්න ඇත්තේ මොනාද ? // කියූ ඔබ

      ඒ සියල්ල නැවතත් හකුළා ගැනීමට උත්සහ කරන්නේ

      "කීප වතාවක් දැකලා කතාකරලා තියෙනවා.එයාගේ හම හරිම දීප්තිමත් ලස්සනයි" කියමින්

      ඉතින් මෙවන් දිව දෙකේ බාල දැරිවියක් සමග තවදුරටත් වාද වන්නේ කුමටද? එය මටත් මහා අපකීර්තියකි!!!

      Delete
    18. ඒ වගේම තව දෙයක් ඔබ වගේ වැඩිහිටියෙක් මේ වගේ දේකට පොඩි කෙල්ලෙක් එක්ක වාද කරනවට වඩා ඔබට ඔබින දෙයක් කරන්න,, මුළු කොමෙන්ට් එකෙන්ම ඔබේ හාර්ට් එක ටච් කරපු එකම පොයින්ට් එක ගැන හරිම කනගාටුයි ,, මගේ කොමෙන්ට් කිරීම අවසානයි අනාර්කලි වෙනුවෙන් මට ඊට වඩා වැඩ තියෙනවා

      Delete
    19. දුලා...මචං....?????????????????????????

      Delete
    20. මට නම් මතක් වෙන්නේ අමාරිස් අයියා කියපු කතාව මේක දකිද්දී ..... :D

      Delete
    21. හ්ම්ම්..සහන් මල්ලි අමාරිස් අය්යල වින් කරපු ගේම් හුගක් තිබ්බා....

      Delete
    22. අපිත් යමු ඒ පාරේ... මොකෝ අපි අත පල්ලෙන් වැටිලය ...

      Delete
    23. එහෙමද...බලාගෙන..මෙතන ඉදල...හැක්..හැක්...

      Delete
    24. අයිබෝං මාතේ
      ආයෙ හංගන් නැතුව ඇත්ත්ම කියන්නෙයි ?

      මං ඔය අනර්කෙලීව දැක්ක මයෙ ඇස් දෙකට ම බොරැල්ලෙදි හරිය !!

      අනේ අම්මපා මුං කටවල් ඇරං බලන්නෙ මොකද්ද කියාල හිතුන බං .

      මගෙ වෙලාවට මේකප් එක නැතුව හිටියෙ එයා !!

      අම්මප බං රෝස් පාං කාලක් කන්න මස් නෑ ඇඟේ !!
      මහා ලොකු ලස්සනක් නෑ ෆොරින් ලුක් එකක් තියන කෑල්ලක් !! එච්චරයි !!

      ඒ නගාට මෙව්ව සෙල්ලං කොරනවා අපේ අයියල කියද්දි ඇඟත් එක්ක හිරිවැටෙනවා !!

      ඇටෙයි හමයි විත්‍රනේ මචංලා !!

      අත පය හීරුනා වගේ නෙවෙයි , නෑ එක්කො ඒ ටික ඕන් නෑ !!

      Delete
    25. හැක්..හැක්... දාපන් මල්ල පහක්.
      එල......උඹ වගේ රියල් කොල්ලන්ට මගේ උත්තමාචාරය.....!!!

      Delete
    26. දැන් මේ මෙතන මරාගන්නේ, කොහේවත් ඉන්න අනර්කලී ගැන නේ. එක එකාගේ රුචිකත්වය වෙනස්, සමහරුන්ට ලස්සනයි, සමහර උන්ට කැතයි, සමහර උන්ට ඕන එකක්. අපි බලන්න ඕනා අනර්කලී මේ තරම් ජනප්‍රිය ඇයි කියන එක. පඳුරු ගානේ නිලියෝ ඉන්න රටේ, අනර්කලී අයිකන් එකක් වෙනවා. මම නම් අනර්කලීගේ හැම දේටම කැමතියි.. වැඩියෙන්ම ආස හුරතේලටයි, කතාවටයි. හැබයි ඒක ඔරිජිනල්. සම හරක් උන් අනර්කලීලා වෙන්න ගියාට එහෙම වෙන්න බෑ. මොකෝ ඒක ඩුප්ලිකේට්. මට වටින්නේ මෙන්න මේ අනන‍යතාවය කියන එක. මොකක්ද? අනර්කලී කිව්වොත් නොදන්න එකෙක් නෑ.. ආන් ඒක මාර වටිනවා..

      Delete
    27. හි හි ෂෝයි කාකා

      Delete
    28. කෙන්ජි මාමේ
      ආයෙ බොරුවක් මුසාවක් නෙවෙයි සහතිකෙන්ම ඇත්ත ඕං .
      හිතට ආව දේ ඒ හැටියෙංම කීව !

      මහචාරිය තුමෝ
      ඔහේගෙ පැහැදිලි කිරීම සාර්තකයි මට හිතෙන්නෙ.
      නත්තං හැම එකාම මං වාගෙ හිතුවනං අනර්කලීට ඇඩ්‍රසුත් නෑ නෙව
      ඔව් ඔව් උඹ හරි !!!!

      ඒක නෙවෙයි
      අර හුරතලේ ගැන කීවම බං ඒ දැරිවි කතා කරන විදිය නං මට දිරවන් නැ !!
      අපේ ගෙදර ගි‍රවෙක් උන්න ඌත් ඔහොමයි කතා කොරේ .
      ඌ ගිරව කියමුකෝ
      මෙයත් ගිරවද ??? සොරි සොරි .
      මේං මේකා

      මයින කූඩු කූඩු !!!!!!

      Delete
    29. @ කතන්දර,

      I really enjoyed it Kaka. Thanks. :D

      Delete
    30. තෑන්ක්ස් කතා.. පට්ටයි.. මම ඕක ලයිව් බැලුවා.. මම නම් මෙයාට මාර මනාපයි..

      Delete
  6. නිළි දේශපාලකවරියන්ට බණින අයගෙන් අහන්න තිබෙන්නෙ නදීශලට පබාලට තිබෙන දැන් දේශපාලනය කරන අයට නැති නරක මොකක්ද කියලයි.බ්‍රෝතල් හවුස් එකේ ඉදන් එළියට ආපු වෙලේ ඉදන් ඔය ඊනියා සුචරිත මහත්තුරු ගෑනුන්ගෙ කකුල් වලට බය වෙනවා.සදාචාර මහත්තුරුනේ උඹල හීනෙන් දකින අතේ ගහන කකුල් වලට චන්දෙ දෙන්නත් අවස්ථාවක් ඇවිල්ල.උඹලගෙ අත් වලට වඩා මේ ගෑනුන්ගෙ කකුල් පිරිසිදුයි.බඩුකාරයන්ට දොස් නොකියන සමාජය ගොන්නුන්ට දොස් කියන්නෙ ඇයි කියන එකයි මට තිබෙන ප්‍රශ්නෙ.රං බන්ඩ කිව්වට ගොන්නු අහිංසකයි කියල මම කියන්නෙ නෑ.බඩුකාරයන්ට වගේම ගොන්නුන්ටත් සිවිල් බලයක් තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++=

      Delete
    2. මෙන්න මේ වෙලාවට තමයි අපේ ජනතාවගේ හෙළුව පේන්නේ. රං බන්ඩා ලියාපු, කපුගේ ගයාපු ඒ ගීය අහලා අනේ පව්, අපිට හරිම දුකයි කියන්නේ පට්ට පල් බොරු.. ඒ දෙන්නා අවංකව එහෙම වෙන්න ඇති. නමුත් අනික් උන් ඔක්කෝම පට්ට බොරු කාරයෝ.. උන්ට ගෑණු ඔක්කෝම වේසියෝ..

      Delete
  7. වහෙන් ඔරෝ නැතිව කියන්න තිබුණු දේ කෙලින්ම කියල ලියල දාල තියෙන නිසා කවි පද ටික ට මගේ උත්තමාචාරය. වේදිකාවට ගිහින් හොටු පෙරාගෙන ඇඩුවාම , දනිස්සට ඉහලින් ටිඅකක් වැඩිපුර පෙන්නපුවම ( ඔක්කොම පෙන්නුවත් OK) , ඉංග්‍රීසි විදියට සිංහල කතා කලාම දකුණේ බුද්ධිමත් දේශප්‍රේමී ජනතාව ඔනෑම නාරි දේහයකට චන්දෙ දෙනවා.මගේ කතාව ෂුවර් නැත්නම 60 ඉඳන් ලංකාවේ දේශපාලන ඉතිහාසය ටිකක් හදාරන්න. දකුණේ මේ වගේ විකාර වෙද්දී ටිකක් බලන්න උතුරේ දේශපාලනය දිහා. සිංහල ආණ්ඩුවක් විසින් තමන්ට ජීවත් වීමේ නිදහස අරන් දුන්නත් ඒ මිනිස්සු කලේ දෙමල දේශපලකයන් පිරිසකට උතුර භාර දුන්නු එක. එකේ හරි වැරැද්ද නෙමේ මම කතා කරන්නේ. ඒ මිනිස්සු කලේ තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න පුළුවන් කියල විශ්වාස කරපු කෙනෙක්ව තමන් වෙනුවෙන් තෝරා පත් කරගත්තු එකයි. නමුත් දකුණේ අපි පබාට , අනර්කලීට චන්දෙ දෙනකොට මොනව සලකල් බලල ද ඒ දේ කලේ. අපිට හැදෙන්න නම් ඕන තරම් උදාහරණ අපි අවටම තියෙනවා. එත් වැරැද්ද අපි ඇස් වහගෙන අපේම මනෝ ලෝක වලට වෙලා ජීවත්වෙන්න දඟලන එකයි. ඔන්න ඔහේ ඕන එක ප්‍රීති වෙසක් කියල නදීෂා නංගිවත් parliament නග්ගමුකෝ. අපිට ජය වේවා.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++=

      Delete
    2. දෙමළ සමාජයට වඩා අපේ උන් සෑහෙන ඉදිරියෙන් ඉන්නවා. දෙමළ ගෑණුන්ට තැනක් හම්බ උනේ, ප්‍රභා යටතේ විතරයි. මේ බ්‍රාහ්මන පුත්‍රයොන්ගෙන් උන්ගේ ගෑණුන්ට කිසිම නිදහසක් හම්බ වෙන්නේ නෑ. කෝ ඒක ගෑණියෙක් ඉන්නවද උන්ගේ. ඒ කාළකන්නි ක්‍රමයට වඩා අපේ උන් පොඩ්ඩක් හරි ඉස්සරහින් ඉන්න එක ළොකු දෙයක්.

      Delete
  8. මේකේ ලොකු ඩිජිටල් මුද්‍රිත පිටපතක් දියවන්නා පිස්සන්කොටුවේ ඇතුළුවන දොරකඩ ඉදිරිපිට ගසනු.

    නොම්මර එකයි මාතලං ඈ.

    ReplyDelete
    Replies
    1. උන් තප්පුලන ඒවා ලයිව් ඔක්කෝම ටික එලියට යනවා කියලා, ආන්ඩුවේ හරක්, ලයිව් ටෙලිකාස්ට් එකට කැමති නෑ කියන්නේ.. අර කෝහේදෝ සිංහයගෙ පුතත් බුරන එකම නේ කරන්නේ.

      Delete
    2. //අර කෝහේදෝ සිංහයගෙ පුතත් බුරන එකම නේ කරන්නේ.//
      සිංහයෙග පුතා දැන් බලු ෙවලා....

      Delete
  9. විපක්ෂයේ දේශපාලකයින් සහ සමාජ ක්‍රියාකාරීන්ම තමයි උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි කියලා කෑ මොර දෙන්නේ. එහෙව් විපක්ෂයෙන්ම තමයි ඔක්කොටම කලින් දකුණට නිලියක් තෝරාගෙන අඬබෙර ගහන්නෙත්. අපේ දේශපාලනයේ ගමන් මග ප්‍රචාරකවාදී කතිර ගොඩගසා ගැනීමේ උවමනාව තමයි මේ පෙන්වන්නේ.

    ගැහැනියක්, නිලියක් කියන තර්කයට වඩා මෙතන අදාල විය යුත්තේ අපේ පසුගාමි තේරීම් සම්බන්ධවයි. නිවැරදි නියෝජිතයින් තෝරා පත්කර ගත යුත්තේ වැදගැම්මකට නැති චරිත අතරින්ම පමණක් නම් නදීශා හේමමාලි පමණක් නොව කොළඹින් නයි නළඟණ ඉදිරිපත් කලත් කමක් නැති බව නම් පෙනෙන්නට තිබේ. අපි බලා සිටිමු. දේශපාලකයිනේ තොපි තොපේ ගමන තොපට රිසි අයුරින් බව අපි දනිමු.

    ReplyDelete
    Replies
    1. ඇත්තට දැන් නයි නලගනට මොකද වෙන්නෙ.ඒ මනුස්සය ට රට වෙනුවෙන් කාර්යභාරයක් නැද්ද? කෙළින්ම දෑත් ශක්තිමත් කරන්නෙ නැත්නම් එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලල කේවෙල් කරල පස්සෙන් පහු හරි මොනව හරි කරන්න එපායැ.

      Delete
    2. මේ ක්‍රමය යටතේ ජනප්‍රිය නැති උගත් වැදගත් උන් දාලා වැඩක් නෑ. දැක්කනේ මහනුවරට වරාවැව දාලා උන දේ. එක්කෝ ජූලම්පිටියේ අමරේ වගේ එකෙක් දාන්න ඕන. නැත්නම් මුරලිලා නදීශලා දාන්න ඕන.. ඔය මොකා හරි දාගෙන ක්‍රමේ වෙනස් කරනවා නම් ඕන එක.

      වත්මන් තත්වය යටතේ මේක නොවැරදි තේරීමක්.. පස්සෙ මොනවා වෙයිද දන්නේ නෑ..

      Delete
    3. Ai warawewata mokada une?eya dinna ne?awage ugath budhimath minissu thamai me deshapalanayata enna oni

      Delete
  10. මටත් වෙලා තියෙන්නේ උඹට වෙච්ච සන්තෑසියමයි මාතලන්. ලැපට කෙලවෙලා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.මමත් දැක්ක ...හෙන්රිය....
      දෙයියනේ කියල නිවාඩුව ගත කරලා ආපහු යමන් මචන් ...

      Delete
    2. අනේ උඹවයි, සරතවයි මට මිස් උනානේ.. දුකේ බෑ..

      Delete
  11. මාතෝ..
    මෙව්වට අපි කෑ ගැහුවට වැඩක් නෑ තව ටික දවසකින් මේකිත් මහරජුගේ දෑත් මෙව්වා කොරන්න යයි වගේ.. (මෙවුංට ඉතින් ඡන්දෙ දෙන්නෙත් අපිමනේ...)

    ReplyDelete
    Replies
    1. එව්වා කියන්න බෑ විදානේ.. කාට කියන්න පුළුවන්ද එව්වා...

      Delete
  12. හැමෝම කරන්නේ හොද හොද ගල් දිහා බලලා තමන්ගේ ඇට ලොකු කරගන්න එක....
    අන්තිමට ජනතාවට හුලං.....

    ReplyDelete
    Replies
    1. එහෙමත් නෑ.. ඔය ඉතින් ජනතාවත් අම්බානට කෙලින් කොරන් ඉන්නේ.. ඒ පිනම මදෑ මුන් පාර්ලිමේන්තු යන්න..

      Delete
  13. ඔබ පසකින් දක්වා තිබෙන හැරල්ඩ් ජේ. ලැස්කි ගේ පද පෙළ,

    "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."

    මීට වඩා යමක් කිව හැකිද?
    හැකිය....
    "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් පමණක් නොව නගඟනන්ද වේ නම් සහ ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."

    ReplyDelete
    Replies
    1. නලඟනන් වේදීකාවේ සුන්දරලෙස රඟ දැක්වුවද, එය දේශපාලන වේදීකාවක්නම්....?

      Delete
    2. මෙතනදි අපි බලන්න ඕන එයා නිලියක්ම විතරක්ද කියන එක. ඔවුන් සාර්ථක ව්‍යවසාකයින් නම්. හොඳ නායකයින් නම්. ජනප්‍රිය නම්, ඔවුන්ටත් දේශපාළණයට එන්න අයිතියක් තියෙන්න ඕන. ඩිග්‍රියෙන්ම ඔක්කෝම මනින්න බෑ. ඩිග්‍රි ගහපු උන් ඉන්නේ මෙළෝ රහක් නැති. දේශපාළණයට එන්න, දේෂපාළණ විජ්ජාව කරලම තියෙන්න ඕන නෑ..

      Delete
  14. රටක් කරන්නට මල්ලියේ ඒ ගැන දත යුතේ
    ගැහැණු පිරිමි වුව කම් නැත වැඩ තියෙන්නේ හිතේ
    නිළියෝ උවත් අවුලක් නෑ සෙතක් වෙතොත් පුතේ
    ඒත් අනේ අපේ නිළියෝ නහුතෙට ගම කතේ

    දන්න වැඩේ කර ගෙන සිටියානම් හොඳ නැතේ
    කලාවේ වටිනා ගුණයත් මේකෙන් $ක වෙතේ
    අලි මදිවට හරක් රැලක් රට කරන්ට යතේ
    ලංකාවට දෙවි පිහිටයි බුදුනුත් එහෙ
    නැතේ

    ReplyDelete
    Replies
    1. අපූරුයි.. මම මාර මනාපයි... කවි වලට කවියෙන්ම උත්තර දෙන එකට.. ස්තූතියි..

      Delete
  15. හොදටම ශුවර්ද අනිත් ඔක්කොම 'ලී' ලා වගෙ මේ 'ලී' ත් මහරජතුමාගෙ දෑත් ශක්තිමත්
    නොකරයි කියලා.

    ReplyDelete
    Replies
    1. එව්වා එහෙම නොවෙයි කියලා කාටද බන් කියන්න පුළුවන්...

      Delete
  16. ඔය මොන "ලී" ආවත් අන්තිමට කරන්නේ අනික් පාටියේ අත් කකුල් සවි ශක්තිමත් කරන එක හරි එහෙම නැත්නං කෙලින් කරන් කරන එක තමයි!

    ReplyDelete
    Replies
    1. දැනට වෙලා තියෙන්නේ නම් එහෙම තමයි..

      Delete
  17. මේ පාර යූ ඇම් පී ලොක්කො නියම ගේමක් ගහල තීනව. කොටිම්ම ගීත දාල චීෆ් මිනිස්ටර් රේස් දුවන්න තියා කිට්ටුවෙන්නවත් අමාරුයි. අනික කෝටි කීයක පබ්ලිසිටි එකක්ද. කරු තුමත් දැන දැනම පබා දාල චන්ද ඇද්දෙ ඕකනෙ. ඒ අතින් ආන්ඩුවට බැරි උනා ඔහොම ඉටිකිරිස්ල දාන්න තාම. අනර් ගාල්ලෙන් දැම්ම එක උනත් හිතපු තරන් හිට් උනේ නෑ වගේම සුසන්තා ආන්ටි හම්බතොටින් ඇපත් නෑ. ඒකට පබා ඒ පාර, නදී මේ පාර. එළ එළ...ඔහොම යන්...

    ReplyDelete
    Replies
    1. අනර්කලීටත් නොසලකා උන්නේ නෑ නේ.. ගීතා නම් ෆේල්, මම හිතන්නේ නෑ දෙරණෙන් උඩ දාගෙන දැඟලුවට ගීතා මේ පාරත් ගොඩ එයි කියලා.. ඔතන කුල බේදේත් සෑහෙන දුරට ඇදිලා එනවා.. ගීතා එයාගේ ටෝන් එකෙන්ම ඔප්පු කරනවා එයා කවුද කියලා.. ඒක එයාට අවාසියි.. මොකෝ දකුණෙම උනත් ගීතගෙ පැත්ත ටිකක් චාටර් පැත්තක් විදියටයි සලකන්නේ..

      නදිෂාට තැනක් එයි..

      Delete
  18. නදීශා "පබා"වාගේ නැගලා යන ටෙලියක ලඟදී හිටියද?
    එහෙම එකක ඉන්නේ නැතිව දඟකාර චරිත විතරක් කරලා මනාප ලිස්ට් එකෙන් එක වෙන්න අමාරුයි.ගමේ ජන්දදායකයන්ට ආතල් එකක් දෙන චරිතයක් කළේ නැත්තම් අපි වාගේ බඩුකාරයින්ගේ මනාපෙන් විතරක් එක වෙන එක අමාරුයි.

    ReplyDelete
    Replies
    1. බඩු කාරයා බොට නදීශා පෙන්නන්න බැරිද?

      Delete
    2. කා වා. නදීශා අපේ ගෑණිටනම් පෙන්නන බෑ. මාගේ නම් ෆෙවරිට්. වොල් පෙපර් එකත් නදීශා තමයි

      Delete
    3. කළබල නොවි බලාගෙන ඉමු.. මක්කා හරි වෙයි නේ..

      Delete
  19. කවුරු ඉල්ලන්න ආවත් දෙන නොදෙන එක ජනතාවගේ බුද්ධියෙන් තිරණය කරා නම් හිස් චරිත උඩට එන්නේ නෑ. කාන්තාවන් දේශාපාලනයට එනවට මම නම් පුද්ගලිකව කැමතියි. ඒත් එන්න ඕනේ දේශපාලනය ගැනත් සමාජය ගැනත් අවබෝදයක් තියෙන උගත් බුද්ධිමත් කාන්තාවන්..

    එහෙම නැතිව "අක්කිලා, නැන්දිලා"... කිය කිය විහිලුවක් වෙන. රටේ ඉතිහාසය තියා තමන් ගැනවත් නොදන්න. ලියලා දුන්න දෙබස් ටික අමාරුවෙන් කියන කාන්තාවන් නම් නෙමෙයි.

    මාතලන් කියවපු ඉංග්‍රීසි බ්ලොග් එකක ලිංක් එකක් මටත් දෙන්නකෝ.. :D

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. කාන්තාවො කියල ඔය ඇවිත් ඉන්න පබාලා, ගීතල මොනවද දේශපාලනේ ගැන දන්නෙ. මන් තමා පොර තියරිය විතරයි තියෙන්නෙ. ප්‍රාදේශීය සභාවට වත් ආවෙ නැති එක්කෙනා මහ ඇමති මන් කියලා කෑ ගහන්නෙ ඒකනෙ. ඔය නදීෂත් එච්චරම තමා. ඒ අතින් රෝසි මොනවා නැත්ත් තමන්ගෙ තැන තියාගෙන දේශපාලනේ කරනවා දැනුමක් ඇතිව...

      Delete
    2. නදීෂා හැම අතින්ම ජීවීතය ජය ගත්ත ගැහැණියක්. එයාලටත් දේශපාළණයට එන්න අයිතිය තියෙන්න ඕන. මොකෝ පිස්සු හාමුදුරුවරුත් ඉල්ලන එකේ. නිලියකට ඡන්දෙ ඉල්ලන්න බැරි කමක් නෑ නේ. එයාලා මේ ලියන මමත් කොමෙන්ට් දාන අයටත් වඩා රට පිලිගන්න උදවිය..

      ඉන්ගිරිස් බ්ලොග් බලනවා විතරයි, කියවන්න ඉන්ගිරිස් දන්නෙ නෑ නේ..

      Delete
  20. ඔන්න දැන් නායකත්ව මණ්ඩලේ කම්ම්පනා කරොත් ,ආණ්ඩුවේ තරුණ ජවය විපක්සෙ වෙනුවන් වැය කොරගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. එහෙම කළබල වෙන්න නරකයි.. කොහොමද ආන්ඩුවෙන් නෙහාරා එහෙම දැම්මොත් හෙම.. මාරයිනේ.. මම නම් ඔය ඔක්කෝටම මනාපයි.. ඡන්ද කොමසාරිට කියනවා.. මනාප කොරමේ සන්සෝදනේ කොරන්නෙයි කියාලා...

      Delete
  21. මටන ගෑනියෙක් දෙශපාලනෙට ආවයි කියල අවුලක් නැ.අවුල තියෙන්නෙ ගැනියක් හරි පිමියෙක් හරි මොකෙක් හරි තොරගන්න අපි බුරුවො ගැන.කතිරෙ ගහල යවන්නෙ බ්ලු ෆිල්ම් එකකටවත්.ක්‍රිකට් ගහන්නවත්,මමයි චන්ඩියා ෆිල්ම් එක රගපාන්නවත් නෙමෙයි මෙ අපෙ (අ )මුත් ඇටෙ පාලනේ කොරන්න.එකට හරියන හැකියාව තියෙන වුන් නැතුව වෙන මොකකට හරි දැක්ශ එකෙක්ව ඔකට යවල හරියනවද? හරියට ලෙඩකට බෙහෙත් ගන්න වඩුබාස් ගාවට යනව වගෙ වැඩ කොරන්නෙ අපෙ ජනමනය.කොරල බනිනව මුන් හරියට කොරන්නෙ නැ කියල.අපි තොරල යැවුවම උන්ට තෙරෙන දේ උන කරනව.

    ReplyDelete
    Replies
    1. එහෙම නම් ඉතින් දේශපාළණ විජ්ජා උපාධියක් තියෙන උන් විතරයි යවන්න වෙන්නේ.. ඒක හරියන වැඩක් නෙමෙයි නේ බන්.. වෙනස් වෙන්න ඕනා ඕවා නෙමෙයි නායකයගේ දැක්ම, දර්ශණය, වැඩ පිලිවල හා සෘජූ බව.. එතකොට ගෝලයොත් හැදෙයි, රටත් හැදෙයි..

      Delete
    2. වර්ථමාන දෙශපාලනෙ ඉන්න වුන් ට හරි දර්ශනෙ තියෙනව.උන් දන්නව කතිරෙ ගන්නෙ කොහොමද කියල.මට දැනෙන විදියට කතිරෙ දෙන්න බලන්න ඔන ටිකයි වෙනස් වෙන්න ඔන.එතකොට කතිරෙ ගන්න එ විදියෙ කෙනෙක්ව දාන්න වෙනව.කලමනාකරන හැකියාව නම් සම්පුර්නයෙන්ම උපධියකින් දෙන්න බැ.

      Delete
  22. නදීෂා පැමිණීම ගැන හිත නරක කරගත යුතු නැත , නමුත් නදීෂාට කල්පනා කිරීමට දෙයක් තිබේ , ඒ නම් ඇය පබා ගියමග යනවාද නොයනවාද කියන කාරණාවයි. පවතින සන්ධර්භය තුල වඩා වැඩියෙන් ඇත්තේ ඇය දෑත් ශක්තිමත් කිරීමට යාමටයි.
    සමහර විට මෙය මහින්ද රාජපක්ෂ නම් නූතන මකියාවෙල්ලි ගේ තවත් එක සාර්ථක උපක්‍රමයක් වීමටද ඉඩ ඇත. මන්ද කෙලින්ම සන්ධානයෙන් චන්දය ඉල්ලා නදීෂා දිනවනවාට වඩා වැඩි ප්‍රචාරාත්මක වාසියක් ඇයට එ.ජා.ප. යෙන් දිනීමට සලස්වා පක්ෂමාරුවක් ඔස්සේ ලබාගත හැකි බැවිනි.

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් නොවෙයි කියා කාටද කියන්න පුළුවන්.. හැබයි මේ ලොක්කා නම් අත අරින එකකුත් නෑ.. ඕනම නම් ඕන එකා මොන නස්සස්තරකාරයා කිව්වත් ඇදලා ගන්නවා.. උඹට මතකද ශ්‍රීපතිගේ හාමිනේට වෙච්චි දේ.. සල්ලි දීලා ගෙදර තිබ්බා..

      Delete
  23. දැං පෝස්ට් කීපයක්ම කියෝගෙන එනකොටනෙ අප්ප මේ කතාව දැන ගත්තෙ.. ඇත්තටම පහුගිය ටිකේ මෙලෝ නිවුස් එකක් දැක්කෙ නෑ... ඒ පෝස්ට් ටික කියෝනකොට හිතිච්ච එකම දාලා දාන්නං නේ..

    ඔච්චර හොරුයි, කුඩුකාරයොයි, මිනීමරුවොයි ඉන්න තැනට ගණිකාවක් ආවට මොකද වෙන්නෙ... ඕන්නං ඔය හොයා ගන්න ගානෙං කීයක් හරි ඒ ගෑණිට යයි...

    මට තියෙන ප්‍රශ්නෙ ඔය ඉන්න ලී ලා සෙට් එකටම ඡන්දෙ ඉල්ලුවට “දේශ-පාලනයක්” කරන්න පුළුවන්කමක් තියෙනවද කියන එක... ගෑණුද පිරිමිද නෙවෙයි දේශපාලනේ පුළුවන් කීයෙන කීයද ඕකෙ ඉන්නෙ..

    ReplyDelete
    Replies
    1. Hiru......++++++++++++++++++++++++++++++++++++

      ////මට තියෙන ප්‍රශ්නෙ ඔය ඉන්න ලී ලා සෙට් එකටම ඡන්දෙ ඉල්ලුවට “දේශ-පාලනයක්” කරන්න පුළුවන්කමක් තියෙනවද කියන එක... ගෑණුද පිරිමිද නෙවෙයි දේශපාලනේ පුළුවන් කීයෙන කීයද ඕකෙ ඉන්නෙ..//////

      Delete
    2. එයාලා ගනිකාවෝ නම් අනික් උන් ඔක්කෝම වේසාවෝ.. ඉතින් අවුලක් නෑ නේ.. හාමුදුරුවොත් බඩු ගහන රටේ..

      Delete
  24. මම ඡන්දෙට මහන්සි වෙන්නේ නෑ - හාන්සි වෙනවා විතරයි

    පබා, අනර්කලී, ගීතා ගේ උදාර වාක්‍ය නදීෂාටත්. හැක් හැක්, නැද්ද මාතලන් මේක අම්මට සිරි ලන්කාවනේ.

    ReplyDelete
    Replies
    1. ඊළගට ගයේෂා

      Delete
    2. ඒවා ඉතින් පොන්න තර්ක නේ.. එහෙම නම්.. පිටකොටුවේ ඉන්න කෑල්ලක් ජනාධිපති වෙන්න එපායා.. දවසකට කී දෙනෙක් එක්ක නිදියනවද...?

      Delete
    3. අන්න මාතලංන් පටලවා ගත්තු තැන.
      පිටකොටුවේ ගණීකවයි, ප්‍රබූ පැලැන්තියේ ගණිකාවයි අතරේ වෙනසක් දකින්නේ නැද්ද?
      උන් දෙගොල්ලම එකම සමාජ අයිතිවාසිකම් ලබනවාද?

      Delete
  25. දැනටමත් ගණිකාවන් කිහිපදෙනෙක් පාර්ලිමේන්තු ගත වෙලා ඉන්න එකේ තව එකෙක් ආව කියල වැඩි වෙන එකක් නැහැ මයේ හිතේ. පුරස්නේ තමයි ඉලෙක්සන් එකට පස්සේ මහා රජාගේ අහවල් එක ශක්තිමත් කරන්න යයිද ඉලෙක්සන් එකට කලින්ම යයිද කියන එකයි. බිකිනි ඇඳන් පාර්ලිමේන්තු යන මන්තිරි අක්කල ඉන්න එක අපේ වාසනාව.

    ReplyDelete
    Replies
    1. උඹට ඉතින් උඹේ ගැණියි අම්මයි ඇර, රට ඉන්න අනික් ඔක්කෝම ගෑණුත් වේසියෝ නේ..

      Delete
    2. මම එහෙම ඇඟවෙන කිසිම සටහනක් කරලා නැහැ. පාර්ලිමේන්තු ගණිකාවන් කිව්වේ හේතු සාදක ඇතිව අනර්කලී නෝනා රෝසි එතකොට මාලනී පබා ගණිකාවෝ කරලා තියෙන්නේ මම නෙවෙයි නේ. උන්ට ඒ තියෙන පදවි මම හදලා දීල නෙවෙයි නේ.

      Delete
    3. ඒත් ඉතින් උඹ වගේම උන් තමයි.. වෙනසක් නෑ..

      Delete
    4. කොච්චර සුදු හුණු ගෑවත් ඇත්ත හංගන්න බැහැ

      Delete
  26. ඔය දේශපාලනේ ගැන නම් මම වැඩිය කියන්න යන්නෙ නෑ. නමුත් මම හිතන විදියට අපේ මැතිසබේ ගණිකාවො නැතිව ඇති.මොකද තාම ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කරල නැති නිසා.ඒ නිසා කිසිම කෙනෙකුට කියන්න බැ ගණිකාවො සබාවෙ ඉන්නව කියල. මොකද මේ හුගත් අය කියනවා ගණිකාවො දෙතුන් දෙනෙක් දේශපාලනේ කොරනවා කියලා. ඒක එහෙම නම් පිරිමි?

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන ප්‍රශ්ණේ.. පිරිමින්ට අවුලක් නැති එක.. මේ පෙන්වන්නේ අපේ ගෝත්‍රිකත්වය මිසක් වෙන මොකක්ද...?

      Delete
  27. මට මේක කියෝලා මුකක්ද උණා.. හෑ... මෙව්වා වෙනවද බොල රටේ... :D

    ReplyDelete
    Replies
    1. කළබල වෙන්න මේක අළුත් දෙයක් නෙමෙයි නේ.. සති දෙකයි ඔක්කෝම ඉවරයි..

      Delete
  28. අනේ මන්දා මාතලන් ....

    ReplyDelete
    Replies
    1. මට නම් කිසි අවුලක් නෑ.. අර ගීතා කියලා තියෙනවා වගේ.. අනික් හාල්පාරුවන්ට වඩා මේකී මට නම් හොඳා.............................යි..

      Delete
  29. මම හැමදාමත් කියන්නේ, මේ වරද වෙන්නේ මේ ක්‍රමය නිසා. පැරණි චන්ද ක්‍රමයේ යම්-යම් අඩුපාඩු තිබ්බත් මේ වගේ සල්ලි වලට චන්ද ගන්න බෑ. අනුපාත මනාප ක්‍රමය නිසා, අනවශ්‍ය පුද්ගලයන් උඩට එන එක නවත්වන්න බෑ. එය තනිකරම ජනප්‍රියත්වය මත පදනම් වෙනවා. ඉස්සර ආසනය දිනවන්නේ ඉදිරිපත් වෙලා ඉන්න පුද්ගලයා දිහා බලලා. දැන් මෝඩ ජනතාවක් වැඩි නිසා මේ වගේ පුහු චරිත දිනන එක නවත්වන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මමත් හැමදාම ඉන්න මතයත් එකමයි. ක්‍රමේ වෙනස් නොකරනවනම්, ප්‍රේමේ රනිල් තියා ෆොන්සේකාවත් ඕන නෑ.. උන්ට වඩා අපිට දන්න යකා හොඳයි.. තියෙන ක්‍රමය යටතේ මේ කෙල්ලෝ ආවට මගේ නම් කිසිම අමනාපයක් නෑ..

      Delete
  30. මොනවා උණත් ඒකෙන් අලියා පණ ගහලා එයි ටිකක්. ඔය කිව්වට හැමෝම නඟාට මනාපයි

    ReplyDelete
    Replies
    1. ඒ කෙල්ලට කව්ද බන් ආස නැත්තේ.. ෆෝටෝ බලාගෙන අතේ ගහන උන් තමයි, වැඩියෙන්ම ඒකිට ගහන්නේ.. ඒකත් එක්තරා ආතල් එකක්..

      Delete
  31. වැසිකිලි වලකට තව එක බෙට්ටක් වැටුනාට කොලිටියේ වෙනසක් නොවන්නේ යයි හිතීම එක් අතකින් නිවැරදි‍ය.

    අනෙක් අතට වැරැද්දෙන් වැරැද්ද , නිවැරදිද කියා ද ගැටලුවක් මතුවේ

    ReplyDelete
    Replies
    1. මටත් තියෙනවා දෙවනියට කිව්ව ගැටළුව. නමුත් වෙන්නේ පළමුව කියාපු දේ නිසා.. ඒච්චරම අවුලක් නෑ..

      කොහොම හරි පට්ට කතාව මචෝ...

      Delete
  32. පබාගේ වගේම නදීෂාගෙත් දේශපාලන දැනුම ගැන ප්‍රශ්නය සාධාරණයි.. දැන් ගොඩක් කොමෙන්ට් වලින් මට හිතුණේ මෙයාලා ගණිකාවො කියලා. දැන් ගණිකා වෘත්තිය නීතිගත කරලද? ඇඟ පෙන්නන නිළියෝ ඔක්කොම ගණිකාවොත් වෙලාද? මේ අයගේ සේවය ලබාගන්න පුළුවන් තැන්, මිල ගණන් එහෙම දන්නවද?

    ReplyDelete
    Replies
    1. එතකොට ඔය ඉන්න ඔක්කෝම දෙශපාළණ දැණීමක් තියෙන උන්ද..? බඩුවක් ගහන්නම ඕන නම් සල්ලිත් අරන් වරෙන් මටත් එක්ක..

      Delete
  33. හොරුන් මිනීමරුවන් හා පගාකාරයින්ට වඩා ගනිකාවන් (මොවුන් එහෙමද මම නොදනිමී) වුවද හොඳය. SL දේශපාලකයො හොඳ කරන්න බෑ. නරක අඩු කරනවා විතරයි. Damage control only.

    ReplyDelete
    Replies
    1. මගේ නම් පැතුම සිස්ටම් එකම වෙනස් වෙනවට. ඒත් තියෙන විගඩම් වල හැටියට මේවා විගඩම් නෙමෙයි..

      Delete
  34. මාතලන් උඹ ඔය උඩ එල්ලගෙන ඉන්න දැන්වීමට මම එකඟ නැහැ. එක අතකින් යම් යම් දේට විරුද්ධව කරුණු ඉදිරිපත් කරන අයව අධෛර්යය කිරීමක්... අනිත් එක එහෙම එවුන්ට (උන් නගන ප්‍රශ්නයට පිළිතුරු නොදී) ගහන්න පසුබිම හදා ගැනීමක්. ඕක අර ජවිපෙ, උන්ව විවේචනය කරන හැමෝටම දේශද්‍රෝහී ලේබලය ඇලෙව්වා වගේ. බ්ලොග් වල එක එක ආකාරයේ සංවාද, මතභේද ඇති වුණා කියලා, උඹලා ඔහොම වෙන්න නරකයි... උඹ කරලා තියෙන්නේ උඹට එකඟ නොවෙන පිරිසගේ කොමෙන්ට් අඩු කරගැනීම කියලා හිතලා බැලුවොත් තේරෙයි. උඹේ අරමුන ඒක නම් අවුලක් නැහැ.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කියන්නේ මොනවද කියලා අඳුනගෙන, ගෝත්‍රික ගති නැති වෙන කොට ඒ ලේබල් එකත් නැතිවෙයි. එතකන් ඒක තියෙයි මචන්.. මේ කතා කරන්නේ විවේචන ගැන නෙමෙයි.. සමාජය නොදැන කතා කරන උන්ට විතරයි..

      Delete
    2. බොහොම ස්තූතියි මචෝ උඹේ අදහසට..

      Delete
  35. මේ ඉන්න හොරුන්ට වඩා මෙහෙමවුන්ව හරි දානඑක හොදයි එක අතකට.දේශපාලනය කියන විෂය ගැන තියෙන දනුම බිංදුව වෙන්න ඇති.එත් ඉතින් දැන් ඉන්න බහුතරයක් වුන්ගෙත් දේශපාලන දැනුම බින්දුවනේ.

    ReplyDelete
    Replies
    1. මගේ තර්කයත් ඕකමයි..!!!

      Delete
  36. ජයලලිතත් හොදට නටපු නිළියක් වෙච්ච කොට..දේශපාලනයට තෙංපරාදු වෙන්න ඕනෙ කෙනෙක්ට පුලුවන්...මොකද ඔය දේශපාලනය කරන හොරු සැට් එකෙන් කීයෙන් කී දෙනාද 9 වසරවත් සමත්...මට ෂුවර් මේ කෙල්ල ඊට වඩා ඉහළ පන්තියක් සමත් බව...

    ReplyDelete
    Replies
    1. පසුව පැමිණ දැකගත්තෙමි...මහාචාර්ය මා තලන්ට සුභ උපන් දිනයක් වේවා....බෝතලයක් එහෙම කැඩෙන්නෙ නැද්ද ?

      Delete
    2. නෙද්දකින්. බෝතල් මතක් කරන මෙහෙමත් පවුකාර යාළුවෝ.

      Delete
  37. සුබම සුබ උපන් දිනයක් වේවා මහාචාර්‍ය තුමා! දැන් උඹ හොදටම තරුණයි හරිය!

    ReplyDelete
    Replies
    1. මැරෙණකන් කොල්ලෝ තමයි හරිය...

      Delete
  38. දැනුයි දන්නේ උපන් දිනේ කියලා. සුභම සුභ මෙව්වා එකක් ඔන්න ඈ

    ReplyDelete
  39. සුභ උපන් දිනක් වේවා !!! කියල මාත් පතනව එහෙනං..

    ReplyDelete
  40. http://kaushgossip.blogspot.com/2013/12/blog-post.html
    මේකත් කියවන්න කැමතිනම්....

    ReplyDelete
  41. පබා අබා වගේ ඔරේ රන් දීලා වටේ
    කතිරෙ අරන් දියවන්නා පැන්ා රන් කොටේ
    නදී ඇවිත් ඉල්ලුවාම දීල මෙදා පොටේ
    කියාපියව් අනේ මගෙ බටේ උඹේ කටේ

    ReplyDelete
  42. නිලියක් දේශපාලනයට සුදුසුද කියලා ගැටලුවක් තියෙනවනම් දොස්තර කෙනෙක් පෙරකදෝරුවෙක් දේශපාලනයට සුදුසුද කියල අහන්න වෙනවා හැබැයි මෙතන තියෙන ගැටලුව කිසි සූදානමක් නැතුව නදීශා වගේ අය දේශපාලනයට කඩා වැටීම නිසා මෙයාල ගැන විශ්වාසයක් තියන්න බැරිවීම
    මම ගෝත්‍රිකයෙක් නිසා මට තවත් ගැටලුවක් තියෙනවා
    නදීශා කියන්නේ සිංහල ගෑනියෙක් ජේවීපී කාරයෝ අන්ජාන් උම්මමව දැම්මා වගේ යූ ඇන්පී එකත් සිංහල නොවන ගෑනියෙක් දැම්මනම් මීට වඩා හොඳයි

    ReplyDelete
    Replies
    1. තවත් ගෝත්‍රිකවාදි සිතිවිල්ලක් පමණි... අවුලක් නෑ... කොමෙන්ට් එක වටිනවා...

      Delete
  43. මාතලන් දේශපාලන ලිපියක් දැම්මෝත් මාසයකට විතර හැංගෙනවා. අම්මෝ මෙයා තියෙන බය!

    ReplyDelete
    Replies
    1. අනේ නෑ බබෝ.. මට වෙලා තියෙන්නේ වෙන වැඩක් නේ...

      Delete
  44. නදීශා ගේ ගලට විතරක් නෙමේ අපේ අය සිවුරටත් බයයි
    පාඨලී චම්පිකගේ තට්ටෙටත් බයයි ගම්මන්පිලගේ පනාවටත් බයයි

    ReplyDelete
    Replies
    1. අපි නම් ඒවට බය නෑ... ඒත් අප්පිරියයි...

      Delete
  45. එහෙම නොවෙන එක නේ කරුමේ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න