.

.

Dec 2, 2013

ගාළු පාරේ තාර දාලා.. - Galle Road Tar is putting.....

ඩෙස්මන්ඩ් ද සිල්වා කියන්නේ මාතලන්ගේ ප්‍රියතම ගායකයන්ගෙන් මුලින්ම ඉන්නා එක්කෙනෙක්ය. ඩෙස්මන්ඩ් සිල්වාගේ ගම මාතරය. ඉන්නේ ලන්ඩන්වලය. මේ ළඟදිත් ඇවිල්ලා මාතර සෝ එකක් කෙරුවාය. පට්ට සෙනගය. ඔය ඩෙස්මන්ඩ් ද සිල්වා, මාතර යන්නේ ගාළු පාරේය. ඒ නිසාද මන්දා ඩෙස්මන්ඩ්ගේ "පොල් කටු හැන්දෙ මිට වගේ...." ගීතයේ "ගාළු පාරේ තාර දාලා බසුත් යනවා...." කියා කෑල්ලක් තියෙන්නේය. මේ ලියන්න යන්නේ පරණ ගාළු පාරේ ගාළු ගිය හැටිය.


දෙයක් කියන්නට අමතක උනාය. ඔය සින්දුව ලියලා තියෙන්නේ හඩ්සන් සමරසිංහය. ඒ කිව්වේ අර හුලං විදුලියේ, උදේ පාන්දර, බව්... බව්..,

හෝ.........ව් බස් එක...හෝව්...හෝව්...හෝව්.... ආන්න එයාම තමයිය. හුලං කියන කොට්, සී අයි ඩී යත් හොයන "හුලා" මතක් උනාය.

අගමැතිතුමා කටේ විටක්ද කොහෙද දමාගෙන, දියවන්නාවේ බයිලා මඩුවට ඇවිත් කීවේ, පොලිස් දෙපාර්තමේන්තුවෙන් එහෙම එකෙක් ගැන හෝඩුවාවක් හොයා ගන්න නැතෙයි කියලාය. ඒ උනාට, ගොන්පීටරේ ගූ ගල් සොර්ච් එකෙන් "හුලා" කියා ගහපු ගමන් බඩු මාට්ටු වෙනවාය. මේන් හුලා.. වැඩි විස්තර ඕනා නම් මෙතනින් බලා ගන්න පුළුවන්ය.

මේ නොස්ටැලජියානු ලෙඩේ බෝ උනේ බූරූ බබාටත් ඒ ලෙඩේම හැදිලා ලියාපු පෝස්ට් එක නිසාය. ඒකේ, ගාළු පාරේ තියෙන සුප්‍රසිද්ධ "මෝනිස් බේකරිය" ගැන ලියලා තිබුන නිසාය. ඒ කියවන කොට මතක් උනේ, ගාළු පාර කියන්නේ අතීත මතක රාශියක් තියෙනා, කේස් එකක් නේද කියාය. අර සින්දුවේ "ගාළු පාරේ තාර දාලා කියන්නේ, ඉස්සර තිබුනේ බොරළු පාරක් නිසා කියා කිව්වේ, අපේ සීයාය. ඕකට තාර දාපු එකත්. දැන් කාපට් දානවා වාගේ මැජික් එකක් වෙන්න ඇතිය.

ඔය ගාළු පාර, අද පරණ ගාළු වෙලා තියෙන්නේ, මහින්ද මහත්තයා ගාල්ලට දාපු ආස්චර්යේ පාර හින්දාය.
සමහර උන් කියන්නේ, ඒ ගිය වියදමෙන්, ඔය වගේ පාරවල් තුනක් හදන්න තිබුනා කියාය. ඒ උනාට වැඩේ වෙලා තියෙන්නේ, ඒ සම හරක් පාරක් හදනවා තියා, එහෙම එකක් ගැන හිතලාවත් නැති එකය. අනික් වැඩේ, ඒ සම හරක්, හදපු පාරේ ආතල් එකේ යන එකය. ඒකේ යන්න කැමති නැත්නම්, යන්න ඕන පරණ ගාළු පාරේය. අළුතෙන් පාරවල් දැම්මාට, සම හරක් කැමති, පරණ පාරේම යන්නය. ඒවාට ඉතින් අපට කරන්නට දෙයක් නැතිය. එහෙම උන්ට කියන්නේ හණ මිටි කාරයෝ කියලාය. උන් මක්කා කිව්වත් අපි යන්නේ අළුත් පාරේය.

පොඩි කාළේ, ඔය පාරේ ගාළු යන්න, කොච්චර වෙලා ගියාද කියා, මතකයන් නම් නැතිය. පෙලවහක් කර ගත්තායින් පස්සේ, හාමිනේගේ බත් දෙන ගමට යන්න නම්, පැය 4-5 ක් ගියා නම් මතකය. අද කොට්ටාවෙන් ආස්චර්යෙට දැම්මාම විනාඩි 40 න් ගමේ පැලස් එකේය. හැබයි ඉතින් කොට්ටාවට යනකන් සංසාර ගමන වගේය. එක්කෝ කොස්ටාව හන්දියේ ගුවන් පාළමක් දාන්න ඕනාය. එහෙම නැත්නම් මගී පාලම් දාන්න වෙනවාමය. නැත්නම් ඉතින් හයිවේ එකේ ගියාට, නිකන් නෝ වේ ගියා වගේය.

පරන පාරේ ගොහින්,  බද්දෙගමට යන්න, ගාල්ලටම යන්න ඕනා නැතිය, හික්කඩුවෙන් හරවලා ගිය හැකිය. හැබයි ඉතින් ටවුම පටන් ගන්න කොටම, වමට හරවන නිසා, සුද්දියන්ගේ පුකවල් ටික මිස් වෙනවාය. එක අතකින් ඕකත් හොඳය. නැත්නම් ඉතින් පොඩි එකාත් නරක් වෙනවාය.

වාහනේට නැග්ග ගමන්, අපෙ පොඩි හාදයාට, බඩි ගිනි, තිබහ, අරවා, මේවා වැනි, අට අනූවක් රෝග බෝ වෙනවාය. ඒක එන්න ඇත්තේ, අම්මාගේ ජාන වලින් වෙන්නට ඇතිය. එයාටත් රථ ගාය මෙන්ම, මේ කඩචෝරූ ලෙඩේ, ඕසෙට තියෙනවාය. එයාට එන්න ඇත්තේ, එයාගේ අම්මා නොහොත්, මාගේ ආදරණිය නැන්දම්මාගෙන් වෙන්න ඕනාය. මට එහෙම පුරුද්දක් නැති උනාට, මම ඔය ලෙඩේට කැමතිය. මොකෝ, මාතලනුත් එකම හෝටලෙන් කනවාට වඩා, හැම හෝටලෙන්ම කන්න මනාප නිසාය.

ඕන් ඉතින් ගාළු පාරට වැටුන ගමන්, මට තියෙන්නේ, අසන්නන්ගේ ඉල්ලීම ඉටුකරන්නටය. ගල්කිස්ස හරියේ ලිට්ල් හට් ඉස්ටාර් එක ගාව නවත්තලා, කෙටි කෑම ගන්න ඕනාය. ඒ අපේ පොඩි මෑන් ගේ ඉල්ලීමය. හැබයි ඉතින් පුරුදු කලේ මමය. හාමිනාගේ චොයිස් එක ෆැබ් එකය. ඉන්සෙන්ටිව් එහෙම වැදිලා තිබුනොත් නවත්තන්නේ එතනය. එතකොට ඉතින් මාතලන් බොහොම මනාප, චොකලට් ෆජ් කේක් එකකුත් ලැබෙනවාමය.

ඊට පස්සේ, වාද්දූව ටවුමේ බේකරියෙන්, නැන්දම්මා ගානේ උණු බනිස් හම්බ වෙනවාය. දැන් එන්නේ, ඉල්ලීම් ඉටු කරන්නාගේ වාරයය. වාද්දුවෙන්, කොක්කේ එල්ලිලා රතු පාටට දිලිසි දිලිසි ඉන්නා, නැට්ට කොටාගෙන් පොඩි කොටසක්, ඩිකියට යනවාය. එයා තනියම යන්න හොඳ නැති නිසා, ඉස්සරහා දැල් කඩෙන් ගලකුත් අරගන්නවාය. ඕකට කවුරුවත් මක්කත් නොකීවේ, හාමිනාත් නැන්දම්මාත් ඕවාට කිසිම අකමැත්තක් නැති නිසාය.

නැට්ට කොටා ගෙනියන කොට, යකඩ ඇනයක් දාගෙන යන්න කිව්වේ, හදිසියේ හරි මහසෝනා ඕක කෑවොත්, උගුරේ හිරවෙලා හරි, පිට ගැස්ම හැදිලා හරි, මැරෙන්නට වෙන්න ඇතිය. අපි මේකට මේ තරම් මළ පෙරේත නම්. මළ පෙරේතයෝ මේකට වහ වැටෙනවා කියන එක, අහන්නත් දෙයක් නෙමෙයිය.

දැනටමත් පානාතිපාතා හා සුරාමේරය පූජාවන් දෙකකටම සම්මාදම් වෙලා උන්නත්, හමිනාත්, නැන්දම්මාත්, වාහනෙන් බැහැලා, බිස්නස් එකට සප් එකක් විදියට, කැටේට පඬුරුත් දාලා, දොහොත් මුදුන් දීලා, බෝධියටයි, චෛත්‍යටයි, හැරි හැරි වඳින්නේ, බුදු හාමුදුරුවෝ ඔය හරියේ පේන්න නැති නිසා වෙන්න ඕනාය.

අනික ඉතින් ඒ කාළේ ඔය බලු සේනාවල්, බලුකායවල් තිබුනේත් නැති නිසා එච්චරම බය වෙන්න ඕනාත් නැතිය. හොඳ වෙලාවට, එයාලා හරක් මරන්න එපා කිව්වාට, ඌරා මරන්න එපා කියන්නේ, එයාලත් ඌරෝ වගේ නිසාද, එහෙම නැත්නම් බුදු හාමුදුරුවෝත් සූකර වළඳලා තිබුන නිසාද කියලා කියන්න වෙන්නේ, නානසාර උන්නාසේගෙන් අහලාමය.

කළුතර ටවුමට යන්නේ ඊළඟටය. එතකන් කළුතර බෝධිය ලඟ පොඩ්ඩක් නවතිනවාය.

පොඩි කාළේ ගියපු හැටි ලියන්නේ පස්සෙන් පහුය. මේ ලියන්නේ මෑත ඉතිහාසයේ ගාළු පාරේ ගිය කතන්දරය.

95 comments:

  1. Replies
    1. ටීන් ට්‍රී ට්‍රී න්................
      ටීන් ට්‍රී ට්‍රී න්................
      "කවුද මේ රජ වාසලට කතා කරන්නේ"
      "ආ............... එතුමා එහෙම කීවද?, එළ කිරි නිවුස් එක! ටුක් ගාලා දාන්නම්"
      <<<<------ මෙන්න දැන් ලැබුණ පුවතක් ------>>>>
      එතුමා : "එඩුවාන්ගල් වන්ගිපුරම් භයන්කර වාදන් එන්ඩු පෝම්...! පෝම්!! හාමුදුරුවනේ! මට මේ අය වැයෙන් මීට වැඩිය දෙයක් දෙන්න බෑ මගේ හාමුදුරුවනේ!!......."
      හාමුදුරුවෝ : "එහෙයි එහෙයි."

      Delete
  2. වලිගෙ කොටාගේ කෑලි පෙන්නලා මට ඌරු ජුවල් නැග්ගුව අෆ්ෆා....

    ReplyDelete
    Replies
    1. ඇයි ඔහේ ඒව නැතිද?

      Delete
    2. තිබුනට කන්නෙ කොහෙද බං...
      නැන්දම්මා උත්තමාවිය කන්න එපා කියද්දී...

      Delete
    3. ඔය ගැන ඊශ්‍රාලයේ වෙච්ච මරු සීන් එකක් තියෙනවා. වෙලාවක ලියන්නම්..

      Delete
  3. කාලයක් මම වැඩකලේ ඩවුන් සවුත් කියන ඒරියා එක... පටන්ගන්නෙ වැලිගමින් , ඉවරවෙන්නෙ කතරගම හරහා මොණරාගලින්... ඒ අවුරුදු දෙකම, සඳුද යනව සිකුරාද එනව... ඒ දවස්වල ඔය පාරේ ලොරි කඩ ලඟ නවත්තල ආප්ප වඩේ කාල ප්ලේන්ටි ගගහ යන්නෙ... මාතරටම යනවනම් පැය හතරක් යනව...

    මාතලන් ඔය කියන බද්දේගම පැත්තෙත් මම වැඩකරල තියෙනව... හික්කඩුවෙන් හරවල ගෝනාපීනූවල හරහ මට මතක විදිහට බද්දේගමට යන්නෙ...

    ......

    කලුතර ලඟ වැඩි වගේ නැද්ද ඉන්ටිබල් එකට..?

    ReplyDelete
    Replies
    1. හරියට හරි. දැන් ඒ හිච්චි පාර පලල් කොරලා හදනවා. හයිවේ එන්ට්‍රන්ස් ඇන්ඩ් එක්සිට්.. ආයෙත් ගියෝතින් වරෙන්. හල්පාතොට බාර් එකෙන් ඇහුවම ගේ කියයි.

      Delete
    2. බාර් එකෙන් පාර ඇහුවට පස්සෙ මාතලංට ගෙනියන්න අනිවාර්යන් බෝතලේකුත් ගන්න වෙනව සපතේරුට.

      Delete
  4. අප්පා මාතලෝ උබ අපිව පණ පිටින් අපායේ ගෙනියනවා වගෙනේ...

    ඔය දකුණ පැත්ත කීවම බුරු බබාට ඇලජික්නේ. කොළබින් යන්න පටන් ගත්තම අළුත් පාලම හරියට යනකොට ඔන්න මාළු බලන්න ඕනේ වෙනවා. එතන නතර කරනවා. ඊට පස්සේ ආයේ වාද්දුවේ තියෙනවා මායි මගේ යාළුවයි අඳුනගත්තු රෙස්ටුරන්ට් එකක්. ඒකේ ගමේ කෑමත් තියෙනවා. ඒකෙන් කිරිබත් කාලා තේ බීලා යනවා. ඔයිට කලින් තැඹිලි දෙකක් විතර බීලත් ඉන්නේ. ආයේ කළුතරත් නතර කරනවා. ඊට පස්සේ මෝනීස්, සිංහරාජේ හා එකී නොකී හැම කඩයකම තියෙන කෑම වැඳ පුදාගෙන තමයි අපි නම් යන්නේ. ඒ විතරක්‍ යැ මට හිතෙන්නෙම ආපහු මුහුද අනිත් දවස වෙනකම් තියෙන්නේ නෑ කියලාමයි. ඉතින් මුහුදක් දැක්ක ගමන් කාර් එකෙන් පැනලා වගේ මුහුදට දුවන එකත් දුවලා වැලි පොඩ්ඩක් පාගලා දුමක් දාලා මුහුඳ විඳිනකොට නිකම් ජීවිතේ සුන්දරයි කියලා ඉබේට කියවෙනවා. අම්බලන්ගොඩ ඉන්නවා අපේ ඉස්සර ඉඳන් යාළු පොලිස් බුවෙක්. ඌවත් හම්බ වෙලා ලෑන්ඩ් මාක් කරලා ( මොකද ඌ හම්බ වුනාම අපි දෙන්නටම බනින්නේ එකම කියලා. ) ආයේ හික්කඩුව හරියෙන් මොනා හරි කාලා ( මේ කන්නම ඕනේවට වත් බඩගින්නටවත් නෙමෙයි ආතල් එකට.) ගාල්ලට එහෙම නැත්නම් කොග්ගලට යන්නේ රෑ වෙලා.
    මගේ ජීවිතේ සුන්දරම ගමන වෙන්නේ හැමදාම ඩවුන් සවුත් මුහුදු තීරය. අළුත් පාර හොඳයි තමයි ඒත් අපිට ඕනේ කරන විනෝදය ඒකේ නෑ. රටක සිරි නරඹන්න නම් ඉතින් අර වගේ ඉබි ගමනේ යන්නම ඕනේ.

    උඹ කීව ලිට්ල් හට් මවුන්ට් ලැවීනියා නේද? ඒකේ සිංහල කෑම තියෙන තැන නේද? කොහෙද මගේ යාළුව යනකොට ඒක වහලා තිබිලා. (කේක් තිබ්බා කියලත් මතකයි.)

    ReplyDelete
    Replies
    1. ඔය අළුත් පාළම ගාව ඉන්න එකා විකුනන්නෙම කුණු මාලු. අනේ ඉතින් නෝනා මහත්තයලා අරගෙන යනවා. ඌත් ගොඩක් වෙලාවට දෙන්න. හොඳට හොයලා බලලා. එක දවසක් කුණු මාලු ගෙනත් ඔතනින්. නැන්දම්මා එක්ක ආයේ මොරටු ගියා රිටන් කරන්න. අපේ නැන්දම්මගේ හැටි එකෙම තමා.

      Delete
  5. කතාව බස්නාහිරය...
    පොටෝ N ' එලිය...

    ReplyDelete
    Replies
    1. මමත් ඕක දැක්කා ,මොකද මේ නුවර එළියේ බාර් එකක් දාලා කියලා .....

      Delete
    2. හරි ...අලි.... කොමන්ට් එක දැම්ම වගේම මගෙ මල්ල දැන් ගිහිල්ල හොද සිතිවිල්ලක් අකුරු කොරනවද අපිලට හෙට කියවන්න..

      Delete
    3. මම හිතන්නේ මාතලන් කියන්නේ ලිට්ල් හට් නෙවෙයි ලිට්ල් ස්ටාර්.

      Delete
    4. ගූගල් එකේ වෙන බාර් නෑ මචෝ.. සූදීක හරි වැරදි නිවැරදි කලා..

      Delete
  6. කාලයක් මමටත් ගාලු පාරේ සතියට සැරයක් විතර යන්න කරුණු කාරණා සැට් වුනේය. ඒ ලව් කරනා කාලයේය. උදේම වෙන්න හාමිනේව කොළඹ බස් නැවතුම්පොලෙන් මාතර බසයකට ගොඩකරන් කට්ට කාගෙන මාතරටම ගිහින් අයියගේ වෙන්න වයිෆ්ගේ පොට් එකෙන් කෑමත් කාල ඒ සුනංගුවෙන්ම කොළඹ බලා එනවා. ගමනට දවසයි. මගේ මව්තුමිය මෙන්ම මම ගරු කරන මගේ නැන්දම්මා මේක දැන ගෙන දවසක් මට එන්න කියලා ඔය ළමයා කෙලින්ම මෙහෙ එන්න කියලා ගේට් පාස් එක ලියලා දුන්නා.
    මුලින්ම තනියම වාහනයක් එලවගෙන ගිය ලොකුම දුරත් කොළඹ මාතර.
    මට නම් ගාලුපාර මතක බොහොමයි.
    දන් මමත් වැඩිය පාවිච්චි කරන්නේ ආස්තැරිය පාරම තමයි.
    ඒත් ගාලු පාර නම් අමතක වෙන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. මාතලන් කියන්න ගිය එකත් අමතක වෙනවා. ඩෙස්මන්ගේ නංගිලා ගැන ලියන්නෙ නැද්ද පුදුමම සීදේවි ළමයි. හරිම ලස්සනයි.

      Delete
    2. මට මතකයි ඩෙස්මන්ගේ නංගිලා ගැන වෙද මහත්තයා ලියලා තිබුනා. ඩෙස්මන් වගේම කිරි කෑලී ටිකක් වෙන්න ඇති. ඕන් නැන්දම්මා මතක් කල නිසා ඊළඟ එකේ උන්දැ ගැන ලියනවාමයි..

      Delete
  7. "එක අතකින් ඕකත් හොඳය. නැත්නම් ඉතින් පොඩි එකාත් නරක් වෙනවාය." පොඩි එකා මාතල්න්ට වඩා නම් නරක් වෙන්න විදිහක් ඇත්තෙම නැත. අපේ ඉස්ස්සර එක විනෝදාංශයක් වන්නේ යාළුවො සැට් එකත් එක්ක පුස් බයිසිකලෙන් කතරගම යෑමය.(බදුල්ලේ සිට) ,කෑම බීම හැකි තරම් ගෙදරින් අරන් ගියෙමිය .මොකද ඒ කාලේ කොහොම ඉල්ලුවත් රුපියල් පහකට වඩා ගෙදරින් නොලැබීමය. හැබැයි ඉල්ලන ඕන කෑමක් හදලානම් දෙනවාය. ඉතින් කඩවල් වල සුවඳ අරන් අපි ගෙන කෑම කනවාය.

    ReplyDelete
    Replies
    1. එල.. අපේ බුවාලා ගොඩක් හිටිය මල්ල...ඒ වගේ...උනුත් රසයි...ගේන කෑම පට්ට රසයි..

      Delete
    2. @ ප්‍රගීත්
      ලියහන්කෝ ඒවාත්,හරි ලස්සන ඇති නේ ඒ අතීතය.

      Delete
    3. අපිත් කතරගම ගිහින් තියෙනවා ගාල්ලේ ඉඳලා. එන කොට පුක නෑ. මම පාගන්නේ හෙමින් කියලා. දුර ගමන් වලට මාව හලලා ගියේ. මම උන්ට කලින් බස් එකේ ආතල් එකේ ගිහින් පැය ගානක් ආතල් එකේ හිටියා.

      Delete
  8. මේවගේ රහට ලියන්න විස්ස විද්‍යාලවම යනනට ඕනෑ නැතිය. අද හැලපගේ ලියැවිල්ලත් මෙයිට නොදෙවෙනිය. // උන් මක්කා කිව්වත් අපි යන්නේ අළුත් පාරේය// යමු යමු අපි කැමති පාරේ අපි යමු.

    ReplyDelete
    Replies
    1. එසේය...නලින් ..මල්ලි...!

      Delete
    2. අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ. නලියා නම් පොඩ්ඩක් අඤ්ඤකොරොස් වෙලා වගේ. මම නම් ගමන නවත්තන්නේ නෑ.. ඒ මගේ හැටි.

      Delete
  9. අම්මටසිරි මාතලන් අයියා අපි ගෙදර යන පාර ගැන දාලා....අපිටනම් ඉතිං ආස්චරියේ පාරට වඩා පරන පාර හොදයි.අලුත් රේල් පාර හදලා ඉවර උනාම බෙලිඅත්තෙන්ම බැහැල ගෙදර යන්න බැරිය.ගිය කාලයක් මතක නෑ

    ReplyDelete
    Replies
    1. හයිවේ එකනම් මාතරට ළඟදීම ඕපන් කරනවා. බෙලිඅත්තේ නම් බලාගෙන, බිමට වැටෙයි.

      Delete
  10. මං යන්නෙ රෑ දහයෙන් පස්සෙ කොළම එන්නෙ උදේ දෙකෙන් පස්සෙ.. මට හැමදාම මුහුදෙ සද්දෙ විතරයි ඇහෙන්නෙ.. දවල්ට යන්නෙ එන්නෙ ඉතාම කළාතුරකින්..

    ReplyDelete
    Replies
    1. අපිත් සමහර වෙලාවට රෑ යනවා. සිකුරාදා රෑට. ඒ වෙලාවට නම් නෝනා තමයි එළවන්නේ. මොකෝ හැම සිකුරාදම අපි අනුමත වෙලා නේ ගෙදර එන්නේ. නැන්දම්මගෙන් කුණු බැනුම් එදාටත් රෑ වෙනවා කියලා.

      Delete
  11. අඩෙ අෆ්ෆා හඩ්සන් උන්දැ සින්දුත් ලිවුවද?
    දැන්නම් සින්දු කියනවා විතරනෙ.

    ReplyDelete
    Replies
    1. හඩ්සන් සමරසිංහ සෑහෙන සිංදු ලියපු පොරක්. රඟහල දැන් ඇත අඩ අඳුරේ සිංදුව ලිව්වෙත් පොර තමයි.

      Delete
    2. හඩ්ඩා කියන්නේ මල්ටි ටැලන්ටඩ් පොරක් ඒත් අද බල්ලා මාක්. පෞදගලිකව පොරට හොඳයි. පිහියෙන් පාන් කපන්නත් පුළුවන්. මිනී මරන්නත් පුළුවන්.

      Delete
    3. හඩ්ඩා ගැන හොඳ කියන්න තියන්නේ බුවාගේ ඉතිහාසය අරගෙන විතරයි. දැන්නම් හඩු විතරයි..මමත් දන්න පොඩි පොඩි දේවල් තියෙනවා...එක්තරා බුවෙක් ඒ කාලේ..මට මතකයි බුවා යුඇන්පී කාලේ. රේඩියෝ සිලෝන් එක කිට්ටුව හැටේ වත්ත සොඳුරු මතකයක්.

      Delete
    4. හඩ්සන් සින්දු ලීව කියල මමත් අදයි දන්නෙ.

      Delete
  12. මොකෝ බං දැල් අස්සෙන් ගල් ගන්නෙ. ඒවයෙ බඩු ෂුවර් නෑනෙ. ගාලු පාරේ 'ගෙදර යන ගමන් පොට්' නැත්ද?

    ReplyDelete
    Replies
    1. ඩේලි කස්ටමස්ලට එහෙම කරන්නේ නෑ කොතනවත්. අනික ඉතින් සමහර ගෙදර යන ගමන් තැන්වල බෝතල් පෝලිමේ ඉන්නකොට නිකන් කිචි වගේ ගතියක් එනවා.

      Delete
  13. හැලපෙයි බුරු බබයි මාතලනුයි තුන්දෙනා කතා වෙලාද කොහෙද කටට කෙළ උනන පොස්ටු තුනක් දාලා තියෙන්නේ එක ළඟ ළඟ . ඒත් මගේ හිතනම් යන්නෙම අර නැට්ට කොටා එක්ක ඩිකියේ යන ගල් මෙව්වා එක පස්සෙමයි.

    ReplyDelete
    Replies
    1. ඕක හැරෙන්නත් මදි. අපි එනවා කිව්වම මස්සිනා තව එකක් ගේනවා. සමහර වෙලාවට යාළිවෝ සෙට් උනොත් 4-5 ක් කුඩු..

      Delete
  14. කතාව ඇත්ත.ගාල්ලට දැන් පැයෙන් යන්න පුළුවන්.ඒත් හොදම වැඩේ කියන්නෙ කොට්ටාවට යන්න කොටුවෙ ඉදල තවත් පැයක් යනවා.කොළබ වට රවුම් පාර දැම්මම ඔක්කොම හරි නේද?

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා ආස්චර්ය නැගලම යනවා..

      Delete
  15. ගාළු පාරට "පරණ ගාළු පාර" මුලිම්ම කියන නම දුන්නෙ බොලෑ ලොක්ක නෙමේ ප්‍රේමෙ ලොක්කගෙ කාලෙ ඉවර කොරපු මොරටුවෙ ඉඳන් වලානට හදාපු අළුත් පාර නිසා. ඉස්සර පල්ලිමුල්ල කෙසෙල්වත්ත අස්සෙන් තමයි ගාළු පාරෙ කොයි ලොක්කත් ගියෙ කියල අද අමතකයි ගොඩක් අයට.

    ගාළු පාරෙ ඔය පින්තූරෙ වගේ වයින්ස්ටෝර් එකක් තීනව වාද්දුවෙ, මුහුද පැත්තට වෙන්න. අනික ගාළු යනකොට නවත්තන තැන් කීපයක් මිස් වෙලා නෙව.

    බොලා ලිට්ල් ස්ටාර් එකට ගියා වගේම, නැති බැරි උන් කටුබැද්දෙ මල්ලිකා එකෙන් මාළුපාන් අරන් තමයි පටන් ගන්නෙ. ඉන් පස්සෙ අර කියාපු වාද්දුවෙ බඩු, පස්සෙ උතුරු කළුතර මැංගුස්. ඉන් පස්සෙ අළුත්ගම සුද්දගෙ සිංහරාජෙ කෑම. බලපිටියෙ සංචි බත් කඩේ ජාඩි සමග දවල් බත.

    ඔය හික්කඩු පුකවල් බලන්න ගාළු පාරෙ ගියාට බෑ. යන්න ඕනෙ නාරිගම සුනිල් එකෙන් වැල්ලට බැහැල කොරල් ගාර්ඩන් එක පැත්තට පයින්. අනික මේ දෙසැම්බරේ අගට වෙන්න රෑකට හික්කඩුවෙ පරණ පොළිසිය ගාව ඉඳන් නාරිගම පැත්තට පයින් ගිහින් බලන්න ඕන සිංගප්පූරුවෙ ලෙඔකල් මොඩල් එක බලාගන්න. ලයිට් දාල, සරසල පුදුම ලසනයි, හිතා ගන්න බැරි තම් පිරිසිදුයි.

    ReplyDelete
    Replies
    1. 1. කොයි ලොක්කත් අපේ ලොක්කා තමයි. එහෙම හැඩ ගැහෙන එකයි අමාරු. මට ඔය පාර හොඳට මතකයි. අර තඩි කළු යකඩ පාලම. ඒක පහු උන ගමන් ලී මෝලක්ද කොහෙද තියෙනවා. අපි එනකන් පාලම ගාව බුදු සාධු බලාගෙන ඉන්නවා හිටගෙනම කරාටේ පාරක් ගහන්න බලාන. ඒත් කවදාවත් එහෙම ගහලා නම් නෑ.

      2. මම හිතන්නේ උඹ කියන්නේ මම බඩු ගන්න පොට් එක තමයි. මිස්ට් පෝක් ඉස්සරහා ඉන්නවනම් තැන එතනම තමයි.

      3. පොඩ්ඩක් හිටහන් කළබල නොවී ඉඳගෙන.

      4. හික්කඩුවේ බීච් එකට කතා කරන්න පුළුවන්නම් කියයි මාතලන්ගේ කෙරුවාව. සමහර දාට අපේ පුකේ වැලි. සමහර දාට අන් අයගේ පුකේ වැලි. මේ ළඟදිත් ඩිස්කෝ ගියා කොල්ලෝ සෙට් එක. වයස නම් 50 ටත් කිට්ටුයි. ඒත් අපි කොල්ලෝ හොඳෙයි.

      Delete
  16. අපි නම් ගාලු පාර පැත්තට යැවෙන්නේ ගමේ යද්දි ... අධිවේගී මාර්ගේ හින්දා ඉස්සර තරම් පාරේ රස්තියාදු වෙන්නේ නැති එක නම් හොඳයි...

    ReplyDelete
    Replies
    1. මාත් ඉතින් මජ්ජපමා දට්ටානා කොරන්න තියෙන නිසා, කොස්ටාවෙන් හයිවේ දාලා පාගනවා ලෑල්ලට. ඒත් ඉතින් අර ගතිය නෑ.. ඒ කියලා පරණ විදියට ජීවත් වෙන්න මාතලන් කැමති නෑ.

      Delete
  17. නියම ගමන බං....මමත් ඉස්සර ගාළුපරේම තමයි එක කාලයක්...වැලිගම සහ හම්බන්තොට හිටිය කාලේ...ඔය උඹ කියන තැන්වල චාටර් වෙවී යනවා කාගේ හරි වාහනයක සෙට් වෙලා ගියොත්.

    ඩෙස්මන්ඩ් කාලයක් ඔබරෝයි නයිට් ක්ලබ් එකේ සිංදු කිව්වා 1980 ගනන් වල. ආතල් එකේ ඉන්නේ නිතරම..හැම දෙයක්ම කරපු බුවෙක්. පුතා ස්ටීව් මතකද? මාත් එක්ක සෙට්වෙලා හිටියා කාලයක්. ස්ටීව් මාර ජනප්‍රිය වුනා කාලයක් ලෝකල් මයිකල් ජැක්සන් කියලා.

    නියම පෝස්ට් එක...තව ටිකක් දිග වුනත් ගානක් නැහැ කියලා හිතෙනවා රස නිසා.

    ReplyDelete
    Replies
    1. ස්ටීව් මොකෑ බන් මතක නැත්තේ. ඉස්සර නයිට් ක්ලබ් මරපු කාළයක් තිබුනා. ඔය ඔක්කෝම ඉතින් මල් මාමලා නේ.

      Delete
  18. මාතලන් අයිය ගහෙ බඩ්ඩට මනාප නැතෙයි.නැත්තන් ඔය පාර අයිනෙ බඩු හැව්

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටහන් බන් මේ බෝධිය වඳින්නවත් දෙන්නේ නෑ නේ. පව් කාරයෝ..

      Delete
  19. මමත් වාහන එලවනකොට කෑම කකා තමයි යන්නේ. වෙලාවකට හිතෙනවා ස්ටියරිං වීල් එක මැද්දට පිඟානක් හයි කරගත්ත නම් ලේසියි කියලා.

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු ජපනට ලියලා යවන්න ඕන. ඩ්‍රින්ක් එක දාන බව දන්න නිසාද කොහෙද කෝප්පේ තියන්න නම් තැනක් හදලා තියෙන්නේ. පොඩි මේසෙකුත් තිබුන නම් එළම තමා.

      Delete
  20. ගල් විකුණන කඩේ ෆොරීන් ලිකර් ෂොප් වෙන්නේ ගල්ඔය තියෙන්නේ සියඹලාණ්ඩුව නම් වෙනම රාජ්ජයේ නිසාද?

    ReplyDelete
    Replies
    1. කකා, ඕක පර්මිට් එක සම්භන්ද දෙයක්. අරක්කු පර්මිට් එක, අරක්කු සහ රටබීම, බියර්, සහ මේ සියල්ල බොන්න දීම වගේ කැටගරි කීපයකට ඔඅක බෙදෙනව. කකාට ලිහිණි පොත් කියවල තියෙනවනං ඒවගෙ කතා සීරීස් එකක් තිබ්බ කන තැන බොන්න දෙන පර්මිට් එකට කන්න නොදී අරක්කු විතරක් විකුනල බාර් වහන්න වෙච්චි හැටි ගැන.

      Delete
    2. ඉන්දික.......මෙහේ පලාතේ On-License සහ Off-Licence කියන්නේ ඔය දේ තමයි.

      On-Licence ඇතුලට ගිහින් බොන්න පුළුවන් තැන්.


      Off-Licence --විවෘත නොකර බෝතල් පිටින් හෝ කෑන්ස් පිටින් විකුණන තැන්.
      සාමන්‍යයෙන් බෝතලයක් ගන්න යනවාට කියන්නේ ඕෆ් ලයිසන් එකකට යනවා කියලා.

      Delete
    3. සුද්දා ගෙනාපු ඒවා නිසා වෙන්න ඇති. අපේ උන් සුද්දා ලේ බොනවා කියලා බය උනාලු නේ. ඒ උනාට අද බඩු නැතුවම බෑ. ඒ අපේ හැටි අළුත් දේට මාර බයයි. පස්සේ ඒවා නැතුවම බෑ..

      Delete
  21. අම්මපා ඉතින්, පොඩි එකා නරක් වෙනවා කියලම මෙයා ඒ පාරෙන් නොගිහින්ම ඉදීවි..

    ReplyDelete
    Replies
    1. යනවා. දෙකක් දාලා රෑ වෙලා කොල්ලෝ සෙට් එක විතරක්. දිවියළෝකේ ආයිබෝවන්ඩ..

      Delete
  22. ගාලු පාර කියන්නේ මටත් හොඳට හුරු පුරුදු තැනක්...මම කැම්පස් යන කාලේදී ඕනෑකමින් පානදුර - මොරටුව අලුත් පාර කෑල්ලේදී ෆුට් බෝඩ් එකේ යනවා. උදේ ට මුහුදු හුළං එක්ක මුහුද බල බල යන්න!

    මාතලන් ගිහින් නැද්ද ඔය ඉඳුරුව, පයාගල හරියකදී තියෙනවා කඩයක් - ඒකෙ නම මොකද්ද මන්දා- එයාලගේ තියෙනවා ජාඩි එක්ක බතුයි කොසු යි! අම්මේ... මාරම රසයි!
    (හැබැයි ඉතින් උෂ්නේ නිසා ජාඩි කන්න බැරි අයට නම් ඇලජික් වෙයිද දන්නේ නෑ ! අපි නම් ඉතින් උපන් දා ඉඳන් බල මාළු කාපු කට්ටිය නේ :D )

    ReplyDelete
    Replies
    1. මම හරි ආසයි ජාඩි කන්න. කොහෙද අපේ එකෙක්වත් කැමති නෑ නේ. මම තනියෙන් හරි යාළුවෝ එක්ක හරි ගියෝතින් අනිවාර්යයෙන් කනවා. කොස් නම් මම කැමති නැති කෑමක්.

      Delete
    2. පයාගල කියන නම වැරදියි නේද?
      ඒකට වෙන නමක් තිබුනා ස්ටේෂන් එකේ ගහල තිබුනා...

      Delete
    3. පයියාගල... ඒ ගැන ඊළඟ එකේ තියෙනවා..

      Delete
  23. ඉස්සර පාරක් කිව්වොත් ගාලු පාර නිසා සින්දුවට එහෙම දාන්න ඇති. දැන්නම් ඉතිං කොයි පාරත් එක වගේනේ. මටත් ඉතිං ගාලු පාර ඇර වෙන පාරක් ගැන හිතා ගන්නවත් බෑ.

    ReplyDelete
    Replies
    1. මම නම් ඔය ඔක්කෝම පාර වල් වලට වඩා කැමති පොරෝ පාරට.

      Delete
  24. 1.ගාලු පාරෙ නං වැඩිය ගිහිං නෑ.
    2.මම නං වැඩිය කැමති ඩෙස්මන්ගෙ පුතාගෙ වර්ෂන් එකට.
    3.//ඕකට කවුරුවත් මක්කත් නොකීවේ, හාමිනාත් නැන්දම්මාත් ඕවාට කිසිම අකමැත්තක් නැති නිසාය.// සීදේවි කාන්තාවො!

    ReplyDelete
    Replies
    1. අපි ළමයි හදලා තියෙන්නේ ඒ විදියට. බුදු කාමුදුරුවෝ උනත් මාතලන් එක්ක සෙට් උනා නම් නිවන් යනවා බොරු.

      Delete
  25. මොන වාහනේ ගියත් මම පොරකන්නෙ මුහුද පැත්තෙ සීට් එකක් අල්ල ගන්න..වාහන වල යන කොට කන එක නම් මට හරියන්නෙම නෑ..ඇරියස් එකත් එක්ක ගන්නෙ ගමන ඉවරවෙලා තමයි !

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපි කෝච්චියේ යන කොට ඒ පැත්ත අල්ලගන්න වලි කනවා.

      Delete
  26. ගියෙ නෑ නෙ කාලෙකින් ඒ පැත්තෙ.

    ReplyDelete
    Replies
    1. කුරුළු පිහාටුවක් එවන්නද ගමට යන්න..

      Delete
  27. "දේශීය විදේශීය රටබීම සාප්පුව" කිව්වහම මාර ආතල්

    ReplyDelete
    Replies
    1. එහෙම බෝඩ් එකක් තියෙනවද කියලා ගොඩක් බොන උන් දන්නේ නෑ..

      Delete
    2. ආතල්ම එක ඒක නෙමෙයි වයින් ස්ටෝර්ස් ඒත් එක වයින් එකක්වත් නෑ.

      Delete
    3. පට්ට කතාව. සහතික ඇත්ත. ඒත් ඕන් දැන් යුනියන් ප්ලේස් එකේ තියෙනවා වයින් ෂොප් එකක්. හැබයි ඉතින් ඒවා බොන්න නම්, කුඩු බිස්නස් එකක් පටන් ගන්න වෙනවා.

      Delete
  28. ගාළු පාර මටනම් ඒ තරම් අල්ලන්නේ නැහැ අප්පා.එක දිගට තියෙන මුහුද මටනම් ලොකුම හැගීමක් ගේන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. එක දිගට කොහෙද බන් මුහුදක් තියෙන්නේ. එහෙනම් උඹ යන්න ඇත්තේ සුනාමිය එන වෙලාවේ වෙන්න ඇති.

      Delete
  29. මාතලං මල්ලිත් හැලපෙගෙන් ඉගෙනගෙන පඳුරු තල තලා ගාළු යනවාය.

    ReplyDelete
    Replies
    1. මම කලිනුත් පඳුරු තලලා තියෙනවා. ඒ උනාට හැලපෙගෙ තරම් රහ නෑ..

      Delete
  30. කොච්චර හොඳ හයිවේ එකක් තිබ්බත් මාත් අපෙ කට්ටියත් යන්න කැමති පරණ පාරෙ. ඔහේ කඩචෝරු කකා තැඹිලි බිබී(ඊට පස්සෙ වතුර දාන්න සුදුසු තැන් හොය හොය) හෝගාන පොකුණ බල බල යන එක තරං අරකෙ ජොලියක් නෑ. ගමනෙ හොඳම හරිය තියෙන්නෙ යන පාර දෙපැත්තෙනෙ.

    ReplyDelete
    Replies
    1. දැන් නම් බස් කාරයෝ එක්ක යන්න මාර බයයි. ජීප් වලට විතරයි උන් සරෙන්ඩර්. අනෙක් එක වාහනයක්වත් ගනන් ගන්නේ නෑ.

      Delete
  31. අර ෆොරිජින් ලිකර් බෝඩ් එක දැක්කම කේඨ ග්‍රන්ථිවලට පිස්සු වැටෙනවාය.

    මේ වගේ පාරවල් හදාපු ඇත්තනට ඉතින් බුදු බව අත් වෙන්න ඕනය, එනපාරත් ඉලෙක්ශොන් එකෙන් ජය ලැබෙන්න ඕන අම්මප, අවුරුදු පනහකට හැටකට කලින් හදන්න තිබුනු පාරවල්වලින් ඒ දවසවලට වැඩියෙ ලාබෙට හදන්න ඇති මේව.

    ජාතිවාදය, පක්ශවාද වපුරමින් ජාතිය පස්සට ගෙන ගිය කොටස් වලට බුදුබව අත්වේවා අපේ මඩිය දැන්........

    ReplyDelete
    Replies
    1. ඊළන්නග අතත් ලොක්කාට වාසි වගේය. කැමරන්ලා, මන මෝහනලා තුරුම්පු ඔක්කෝම ලොක්කාට දෙනවාය.

      Delete
  32. ගිහිං නැති නිසා බලන්නත් එක්ක එක දවසක් ආශ්චර්යයේ අධිවේගයෙ ගියාට ගාලු යනවනං යන්න කැමති ගාලු පාරෙ.ඒ පාරෙ තියෙන නොස්ටැල්ජික් ගතිය අර පාරෙන් ගන්න බෑ.
    මග දිගට හෝටල් කඩ එහෙම වන්දනා කරගෙන දකින දකින දේ කකා යනකොටනේ ගතිය තියෙන්නෙ.අනික අතීත මතක සටහන් කළුතර පහුවුණු තැන ඉඳන්.
    හැබැයි මාතලන් මම නැට්ට කොටාට බොහොම මනාප උනාට දැන් තහංචියක් වැටිලයි තියෙන්නෙ.දුක තමයි කිව්වලු.

    ReplyDelete
    Replies
    1. ඩෙස්මන් ගැන කියන්න අමතක උනානෙ,මම නං ඩෙස්මන්ඩ් ගෙ පුතාගේ සින්දු අහල නෑ ඒ කාලෙ අපේ ගායකයා තමයි ඩෙස්මන්.

      Delete
    2. කලින් කෝටා ඉවර කර ගත්තහම ඔහොම තමයි. අපිටත් ඉතින් මක්කා වේවිද කියන්න කව්ද දන්නේ.

      Delete
  33. .මොකා මොනවා හිතුවත් ජීවිතය කියන්නේ සමාජය….අධ්‍යාපනය කියන්නේ ඒකේ පොඩි කොටසක් විතරයි…හැමෝටම අමතක වෙන දෙයක් තමයි, සමාජය අපිට උගන්නපු දේවල් සහ තමා, පවුල, ගම, පාසල, විවිය, රැකියාව කියන්නේ සමාජය කියන රයිනෝගේ එක් එක් ශෛලයන් පමණයි කියන එක. සහතික වශයෙන්ම හැමෝම කරන්නේ ඉදෙන්න ඉස්සෙල්ලා බත බෙදාගෙන අමුයි කියන එක..බෙරි වෙන්න ඉස්සෙල්ලා ලිපෙන් බාන එක ,බත ලිපේ තියන එකාගේ වැඩක්.

    මේ කමෙන්ට් එක ඕන තැනකට ඔට්ටුයි…සිංහල බ්ලොග අමුවෙන් බුදින උදවියටත්….බෙරි වෙනකම් ඉඳලා කිරි දාලා කිරිබත් කරන අයටයි උත්තර දෙන්න පුළුවන්…

    ReplyDelete
    Replies
    1. අපේ රටේ දරුණු රෝග කීපයක් තියෙනවා එයින් කීපයක් මචං මේ....
      මුල අමතක වීම
      නැග්ගාට පසු ඉනිමගට පයින් ගැසීම
      නැති කොටියෙක් එනාවා කියා ආතල් ගැනීම
      කොළයක් වැටුනාම ළෝකේ පෙරලගෙන එනවෝ කියා පන කඩා ගෙන දීවීම.
      ලංකාව කියන්නේ ළෝකයයි සිතීම.
      මේ ආගම හා ජාතිය ඇර අනෙක් උන් හාල්පාරුවෝ යැයි සිතීම.
      අනිත් එකා කාලා බීලා ඉන්නා විට ගඟේ මාළු ඇඟේ නැටීම.
      අළුතෙන් එන ඕනා දෙයක්ට බය වීම

      ඉතින් මෙහෙම සෙට් එකක් එක්ක තමයි අපි මේ ඇමරිකාව ගොඩ නගන්න යන්නේ.

      ඒත් ඉතා ඔය වගේ අට අනූවක් රෝග ටතරේ ඉතා සිත් ගන්නා සුළු හොඳ රෝගයකුත් තියෙනවා

      සති දෙකයි... මෙමරි ලොස්..

      Delete
  34. ඇත්තටම අලුත් ගාලු පාර ඉතා වැදගත්. මොකද පරණ ගාලු පාරෙන් ගාල්ලෙ ඉදන් කොළඹට ඇවිත් කඩුවෙලට හරි කඩුවෙල ඉදන් කොළඹට ගිහිං ගාල්ලට හරි එන්න පැය පහක් විතර යනවා එතකොට අලුත් පාරේ පැයයි. පැය හතරක් ඉතුරුයි ඉතින් ඔය පැය හතරේ දේශීය විදේශීය රට බීම සාප්පුවකට එහෙම ගොඩවැදිලා අර නැට්ට කොට එකාගේ කෑල්ලක් දෙකක් හප හපා මදක් අනුමත වෙලා එගෙම පරණ පාරේ ආවා කියලා ගෙදර යන්න පුලුවං..
    කොහොමද ටිකිරි මොලේ..

    ReplyDelete
    Replies
    1. මේන් නව නිපැයුම් කරුවෝ කියන්නේ මේ වගේ සත්තරන් මිනිස්සුන්ට.

      ඕක තව දෙකටත් පාවිච්චි කරන්න පුළුවන්. බොහෝම පින්..

      Delete
  35. ගාලු අධිවේගයෙන් ලැබෙන ආදායම ගත්ත ණය වල පොලිය ගෙවන්නවත් මදි කියලා කියන්නෙ ඇත්තද බොලං...

    ReplyDelete
    Replies
    1. ඉතින් අපිට මොකද බන්. පැය තුනක මාරක් ගිය එක විනාඩි 40 න් යන්න තියෙනවනම්.. අපි ගෙවන්න තියෙන ගාන ගෙවනවා.. ආන්ඩුව චීනට ගෙවයි.. මුකුත් බැරි උන් බයිලා ගගහා ඉන්නවා.. කටුනායක එකේ මීගමු යන් උන් කටුනායකට යනකන් 300 දීලා යනවා..

      Delete
  36. ආශ්චර්ය පාර හදන කාලෙ මමත් පරන ගාලු පාරෙ ගියා.හික්කඩුවෙන් බැහැල බද්දේගම යන්න බස් එක එනකල් අපිත් ඔය සිරි නැරබුවා.

    ReplyDelete
    Replies
    1. අපෝ බස් හෝල්ට් එක කියන්නේ පටන් ගැන්ම විතරයි. තව ගාල්ල පැත්තට යන්න ඕන...

      Delete
  37. සමාවෙයන් මාතලන් මලේ මේ පැත්තේ එන්න සුනංගු උනේ වැඩපොලේ නහුතෙට වැඩ නිසාය. උඹගේ රචනා කලාවට මම යහමින් කැමතිය. සමහර කෑලිවලදී සිනහව නතර කර ගැනීමට බැරි උනාය. හාමිනේ එය දැක දැන් තමුසෙට පිස්සුත් හැදීගෙන එනවාදැයි ඉතා ආදරයෙන් විමසුවාය. ආයිත් අපි එනවාය. උඹට ජය හා සතුට පතමින් අදට නවතිනවාය....

    ReplyDelete
    Replies
    1. ඒකට ගානක් නෑ ආවනේ.. මේකේ තව තියෙනවා..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න