.

.

Feb 2, 2014

අනුර කුමාර දිසානායක.. සුභ ගමන්..!!! - Anura, Wish you all the Success...!!!


ජෙප්පන්ගේ නායකයා ලෙස, අනුර කුමාර දිසානායක පත්වී ඇත. රූපවාහින් පත්තර වැඩ සටහන් වලින් විමසු අවස්ථාවෙදි, හතර වරම් කීවේ.. එයාලාගේ, කාටවත්ම නොතේරෙන..., එහෙත් ඕනා එකෙකුට තේරෙන වචන සැට් එකෙන්, වෙන වෙන කතාවන්ය. ඒ කියනා කොට, මෙයා තමයි ඊළඟ ලීඩර් කියා ඕන හරකෙකුට තේරෙනවාය. කෙසේ වෙතත්, පක්ෂ නායකත්වයකට තරුණ, එඩිතර, නිර්භීත, ජව සම්පන්න, නායකයකු පත්වීම, අප කුමන පක්ෂයට ඡන්දය භාවිතා කලත් රටට යහපත් දෙයක්ය.

පක්ෂ විපක්ෂ හැම එකාම, ජෝක්ස් දදා, කවි කිය කියා, පාර්ලිමේන්තුවේදි බයිලා ගසද්දි, තහවුරු කල හැකි වාර්ථාවන් සමඟ, පෙර සැලස්මක් අනුව, මාතෘකාවට අදාලව ජනතාව හා අනෙක් ගොන් බූරූ මැටි ඇමතිවරු දැණුවත් කරන්නේ ජෙප්පෝම පමණි. රුපවාහිනියේ කුකුලන් කෙටවීමේ වැඩ සටහන් වල තත්වයද, එසේමය.

විමල් සහෝගේ පැලෑන අනුව වැඩ කලේ නම්, ඊළඟ ඉලෙක්සොන් එකේ, ජෙප්පන්ට බලයට පැමිණිමට වුවත් අවස්ථාවක් ඇති බව, අද සිරි ලංකා නිදහස් පක්ෂයේ ඉන්නා හරක් රැල දෙස බැලු විට ඔවුනට පෙනෙනවා නොඅනුමානය. (කොළඹ කන්ඩායම් නායකයා ලෙස, සිරි ලංකා කාරයෙක් පත් කර ගත නොහැකි තරමට, පංච මහා බලවේගයට කෙලවී ඇත.) එසේ වූවා නම්, අද සිරි ලංකා නිදහස් පක්ෂයේ බඩ පිනුම් ගසනා හොර අලින්ට ඉන්නට වන්නේ, පාර්ලිමේන්තුවේ නොව, වැලිකඩ හෝ බෝගම්බරය.එසේම, සන්ධානයේ තව දුරටත් කට්ට කාගෙන හෝ උන්නේ නම්, ජනතාව හා සමාජය, මෙතරම් පීඩාවට පත් වන්නේ නැති බවත්, අපගේ විශ්වාසයයි. නමුත් ඒ සියල්ල අවසන්ය.

අපි ජෙප්පන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද...?

කරුණාකර තමන්ගේ ගොඩ කෙසේ හෝ වැඩිකර ගන්නා ලෙසය. එයට හොඳම උපක්‍රමය නම්, පසු ගිය දේ සියල්ල අමතක කොට එජාපය හා එක්වීම පමණි. එජාපයේ සියළුම මනාප, ඔවුන්ගේ උන්ට වැටෙනවා නොඅනුමානය. ඔවුන් රටේ බලයට එන්නට ආසාවක් ඇති නම් කළ යුත්තේ, එම ක්‍රියාවලිය පමණක්මය. එසේ නොමැතිව, පක්ෂයේ කාඩර් වරුන් සියල්ලම කොළබට ගෙන්වා පෙලපාලි ගියාට, ආන්ඩු පෙරලෙන්නේ නැතිය. බඩු මිල අඩු වන්නේත් නැතිය.

එමෙන්ම හැකි තාක් බුද්ධිමතුන්, සිවිල් ක්‍රියාකරකයින් හා යොවුන් පිරිස, තමන් වෙත, ගොනු කර ගත යුතු වන්නේය. ඒය කළ යුත්තේ, කැම්පස්වල කරනා නවක වද වැනි ක්‍රියාදාමයන්ගෙන් නොව. ආකර්ශනීය ප්‍රතිමත්ති මාළාවක් ඉදිරිපත් කරමින්, එය සංවාදයකට ලක්කිරීමෙන් පමණය. නමුත් එය සාම්ප්‍රදායික සමාජයවාදයම නම්, උඹලාට ලෙනින් හා මාක්ස්ගේම පිහිට ඇර, වෙන පිහිටක්ද නැත්තේමය.

මේ රටට ජනාධිපති ක්‍රමය හෙනයක් මෙන්ම, ශක්තිමත් විපක්ෂයක් නැති කමද, ඊටත් වඩා හෙනයක්ව පවතින්නේය. එජාපයේ රනිල්, කරූ හා හැමෝම ඉල්ලනා, සජිත්ද, හාල්පාරු නායකයන්මය. ඔවුන් කිසිම කෙනෙකුට, මහින්ද මහත්තයාට කිට්ටු කිරීමටවත් නොහැකි අතර, මන්ඩලේ කචල් නිසා මේ සැරේ තිබුන ඡන්ද ටිකටත් කෙල වෙලා යනවාමය.

අනුර, අප ඔබෙන් බලා පොරොත්තු වන්නේ, වොයිස් කට් දේශපාළණයක් නොවේ. රටේ බලය ඇල්ලීමවත් නොවේ. ප්‍රභල විපක්ෂයක් ගොඩ නගා ගැනීමයි. ඒ සඳහා ආකර්ෂණිය පිරිසක් ඔබලා සතුව උන්නද, කෙදිනකවත් කාඩර්වරුන්ගෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදිව බලය ලබා ගැනීමට නම් හමුවන්නේ නැතිය.

ඒ නිසා, වමේ බංකොලොත් පාරේ ගම කළා හොඳටෝම ඇතිය. අප කියනා යෝජනාවට දැන් පරමාද නිසා. කොලොම් තොටින්, කෙසේ හෝ නැවතත් රටේ තුන් වන බලවේගය බවට පත්වන්න, හේතු වාසනා වේවා කියා පතන්නේ, උඹලාද අනිවාර්යයෙන්, දේශපාළණයේ සෑම අස්සක මුල්ලකම සිටිය යුතු පිරිසක් බැව් අප විශවාස කොරනා නිසාය.. එයින් පසුව වත් නව මාවතකට යොමු වන්න.

ජය වේවා... !!!

වමේ ගියා ඇති.. අඩු ගානේ චීනා යන පාරේ හෝ ගමන් කරමු..

සුබ අනාගතයක්...!!!

128 comments:

  1. ///අනුර, අප ඔබෙන් බලා පොරොත්තු වන්නේ, වොයිස් කට් දේශපාළණයක් නොවේ. රටේ බලය ඇල්ලීමවත් නොවේ. ප්‍රභල විපක්ෂයක් ගොඩ නගා ගැනීමයි./// මේ ටික එයාගේ ඇස ගටේවිද

    There is an evil which I have seen under the sun, as an error which proceedeth from the ruler: Folly is set in great dignity, and the rich sit in low.

    Ecclesiastes 10:5-7 from holly bible :)

    ReplyDelete
    Replies
    1. හප්පේ බයිබලෙත් තියෙන් එව්වා..................

      Delete
  2. මාතලන් මම ඉතා හොදින් දන්නා jvp ,unp අභ්‍යන්තර කරුණක් සටහන් කිරීමට කැමතියි .2010 මහා මැතිවරණය අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ විසින් jvp වෙත දන්වා සිටියේ පක්ෂ දෙකම එක ලැයිස්තුවකින් තරග කලහොත් අවම වශයෙන් එක දිස්ත්‍රික්කයකින් අවම වශයෙන් එක මන්ත්‍රී ධුරයක් හෝ විපක්ෂයට වැඩිපුර ලැබෙන බවත් සන්ධානයට 3/2 ලබාගැනීම ඉතා දුෂ්කර වන බවත්ය .ඒසදහා දිස්ත්‍රික්කයකට jvp ය සදහා අවම වශයෙන් අපේක්ෂක ධුර 2 ක් ලබාදීමට හා කොළබ ,හම්බන්තොට සදහා 3බැගින් ලබාදීමටත් ඉතා වගකීමෙන් යෝජනා කල අතර ඒසදහා කිසිදු සාධනීය පිළිතුරක් ජවිපෙන් නොලැබුණි .එක්ව තරග කිරීම සදහා දැඩි විරෝධය දක්වා ඇත්තේ මෙම අනුර කුමාර මන්ත්‍රී වරයාය . unp යෙන් දැඩි විරෝධය දැක්වුයේ ,සජිත්,රන්ජිත් මද්දුම බණ්ඩාර ,තලතා , සහ හැරිසන් යන අයවලුන්ය . එදා එසේ එක්ව තරග කලානම් සෑම දිස්ත්රික්කයකින්ම jvp මන්ත්‍රී වරයකු ලැබෙන අතර කොළබ හා හම්බන්තොට දෙදෙනෙකු ලැබේ .තවද සෑම දිස්ත්‍රික්කය කටම දැනට වඩා අවම වශයෙන් විපක්ෂයට මන්ත්‍රී වරයෙකු ලැබෙන අතර විපක්ෂයේ මන්ත්‍රීන් ගණන 24 කින් වැඩිවේ . එසේ වූවානම් 18 ගැන කදුළු සැලිමට ජනතාවට සිදුනොවනු ඇත

    ReplyDelete
    Replies
    1. ජවිපෙ සහ යුඇම්පීය සන්ධනෙට යන තරම් වෙන සරදමක් මේ ලෝකේ තියෙන්න පුළුවන්ද?

      Delete
    2. කොහෙත්ම නැත එයිට විකල්පයක්ද නැත යතාර්ථය එයයි

      Delete
    3. කතන්දරකාරයා.....(Y)

      Delete
    4. @කතන්දර කාරයා

      ගිය පාර ජනාධිපතිවරණයේ දෙගොල්ලොම එකම වේදිකාවක හිටියේ....

      Delete
    5. හිතවත් මාතලන්
      ජවිපේ සහ එජාපය සංධානගතවීමක් සිදු නොවීමට ඉඩ ප්‍රස්ථා බොහෝමය. තම පක්ෂය දියාරුකළ බව චෝදනාව රනිල් මහතා ලබා ගැනීමට අකැමැතිය.
      කෙසේ හෝ සංධානගතවී ජයක් ලැබුවද, එය සංශුද්ධ සැබෑ ජයක් නොවන බැවින් ජවිපේ ඉදිරි ගමනට පිටුවහලක් වේයැයි සිතිය නොහැක.
      මෙම පක්ෂ දෙකටම ප්‍රතිපත්‍යමය වශයෙන් එකඟතාවල වලට ඒමට ඉතා අපහසුය.

      ඔබ මතුකළ කරුණක් වන ප්‍රබල විපක්ෂයක් වෙන්න කියන එක අදට හෝ ප්‍රමාණවත් විය හැකිය. (ඇත්තෙන්ම කියනවානම් හදවතින් විමසීමක් කර බලන්න. අද විපක්ෂයේ කාර්ය භාරය කරනුයේ ජවිපෙය) නමුත්, මහරජාට කන්න දී ප්‍රබල විපක්ෂයක් වීමෙන් පමණක් රටට පලක් වේද. අවශ්‍ය බලය ලබා ගන්නාතෙක් ගමන් කිරීමයි. නමුත්, ඒ බලය වෙනුවෙන් ගමන්කරනුයේ පටු අරමුණු සඳහා නොව.

      Delete
    6. ජෙප්පෝ සරත් ෆොන්සේකා රජ කොරන්න අලිත් එක්ක නෙමෙයි හැම එකා එක්කම එකතු උනා..

      ඒ වගේම අනුර නායකත්වයට පත් උන ගමන් කිව්වේ පොදු බල කඳවුරක් වටා ගොනුවෙනවා කියලයි. ඊයේ දෙරණෙදි ලාල් කාන්ත් කිව්වෙත් කොළඹදියි දකුණෙදියි පොඩ්ඩක් උස්සලා දෙන්න.. ඊට පස්සේ ඊළඟ පියවරට යමු කියලයි.. ඔවුන්ගේ අරමුන සිස්ටම් එක වෙනස් කරන එක. ඒක ළොකු දෙයක්.. අපි බලමු..

      Delete
  3. අනුර හොඳ ගමනක් යනු නියතය.එබැවින් ශක්තිමත් ගමනක ආරම්හය වනු ඇත.

    ReplyDelete
  4. ජෙප්පන්ගෙන් ඔයා බලාපොරොත්තුවෙන දේ අනුරගෙන් ඉටු වෙයි කියලා හිතනවානම් එක තවත් ලොකු හාස්කමක් මාතලන් ගොයියෝ

    ReplyDelete
    Replies
    1. අනුර පොඩ්ඩක් විමල් වගේම චරිතයක් කියන මතය පක්ෂය තුල පවා තිබෙනවා. පොරගේ ඇබිලිටි, පර්සනැලටි වගේම පී ආර් එකත් නම්බර් වන්ය..

      Delete
  5. මමත් මෙ වෙනසට හරි කැමතියි.බලපොරොත්තුවක සෙවනැල්ලක් දකින්න කැමතියි.එත මාතෙ යුඇන්පියෙ සරනට යන එකනම් මම හොදයි කියල දකින්නෙ නැ.තවත් විනාසයක් විතරක් වෙවි.

    ReplyDelete
    Replies
    1. ගොඩ වැඩිකර ගැනීමට වෙන විකල්පයක් නොමැත..

      Delete
  6. අනුර පේරාදෙනියේ පොරක්.

    http://sinhala.lankanewsweb.com/news/11191-2014-02-02-12-22-21

    කැම්පස් සින්ඩියෙත් දාන්න වෙයි නේද, මාතලන්?

    ReplyDelete
    Replies
    1. No he is from Kelaniya University

      Delete
    2. අනුන්ගේ දෙයක් දාන එක කැතයි නේද කතා.. අනික මට විසිට්ස් තියෙන අඩවියක්. තවත් හේතුවක් තියෙනවා.. ඒක ප්‍රොක්සි නැතුව බලන්න බෑ මෙහේ..

      Delete
    3. ඒක වෙබ් එකක් නේද කකා බ්ලොග් එකක් නොවේ.

      Delete
    4. නෑ, නෑ , මං ලින්ක් එක දැම්මේ මං මේ අනුර+පේරා නිවුස් එක දැකපු තැන කියන්නයි.

      කැම්පස් සින්ඩියේ දාන්න යැයි සරදමට කිව්වේ කැම්පස් පොරක් ගැන ඊයේ ලද මේ පුවත මිස ඒ LankaNewsWeb අඩවියට ලින්ක් එකක් නොවේ.

      Delete
    5. දන්නේ නැති කෙහෙල්මල් කියන්න එපා කකා. අනුර කැළණියේ විද්‍යාවේදී උපාධිධරයෙක්.

      Delete
    6. @රජරට
      මං උපුටා දැක්වූවේ LankaNewsWeb හි තිබූ නිවුස් එකය. අනුර කැලනියේ නම් එසේ ම වේවා.

      කැම්පස් සින්ඩියේ හැම වි.වි.යම තියෙනවානේ.

      Delete
    7. කොහේ උනාම මොකෑ බං.. ඌ කතාකරනවනේ ඔක්ස්ෆර්ඩ් ගිය උන්ටත් වඩා හොඳට.. ලාල්කාන්ත කොහේද දන්නේ නෑ.. ඌත් මගේ ප්‍රියතම.. මම වඩාත්ම කැමති රාවයට කියලා තිබුනා මත්පැන් භාවිතය පෞද්ගලික කාරනයක් කියන එකට..

      Delete
    8. @ Rohana
      I was just cracking a joke with Maathalan. I dont know where he studied. I got all info from that website. Let me copy and paste:

      අපිත් එක්ක හිටපු එකෙක් පක්ෂ නායකයෙකු වීම!

      අනුර දිසානායක හා අප අතර පවතින සබදතාවය තිස් අවුරුද්දකට ආසන්නය. 87-90 බියකරු ධවලභීෂණ සමයේ ඔහු අප හා උරෙන් උර ගැටෙමින් දේශපාලනය කළ අයෙකි. දිවංගත ජනාධිපති නීතිඥ නිමල් සේනානායක මහතාගේ මාර්ගෝපදේශකත්වයෙන් අප සැම ඇරඹූ ‘මානව හිමිකම් සදහා වූ ශිෂ්‍ය ව්‍යාපාරය' (SHR) තුල අනුර කැපී පෙනුන චරිතයක් විය. එකල ඔහු අරවින්දයක් විය. අරවින්දය පළමුව සුපිෂ්පිත වූයේ පේරාදෙණියේය.

      87-89 ජවිපෙ දෙවන නැගිටීම ලෙයින් යකඩින් මර්ධනය වූ අවස්ථාවේ අපට අප මග හැරී ගියේය. ගැමුණු, කොල්ලුරේ, නිශ්මි, අප අතහැර ගොස් මෙම වසරට වසර 25 කි. එදා අප සමග උන් කීප දෙනෙකු අද ඕස්ට්‍රේලියාවේ නිහඬ ජීවිත ගත කරති. අනුර යනු අයෝමය චරිතයකි. එය ලෙයින් යකඩින් මර්ධනය කළ නොහැක. එදා අප සමග සිටි සටන් සගයන් සිය දිවි පුදා වසර විසි පහක් ගතවන මේ මොහොතේ ‘අපේම එකෙකුට' එදා අප රොද බැද වුන් පක්ෂයේ නායකත්වය හිමිවීම දෛවෝපගත සිද්ධියකි.

      එදා අපේ ගමන් සගයා - අනුර යටතේ ජනතා විමුක්ති පෙරමුණ දෘෂ්ඨිමය සංකූලතාවයන්ගෙන් මිදී තැලෙන පෑගෙන සුවහසක් මිනිසුන් වෙනුවෙන් හඬක් නගනු දැකීම අපගේ පහන් පැහැදුල් පැතුමයි! එය එදා අප සමග වුන් මානව වර්ගයා වෙනුවෙන් සිය ජීවිතය මුදා හළ අපේම සගයින්ට කළ හැකි ඉහළම උත්තමාචාරයයි! අනුර අප ඔබ දෙස බලා සිටින්නෙමු.

      http://sinhala.lankanewsweb.com/news/11191-2014-02-02-12-22-21

      This may e helpful.
      http://www.w3lanka.com/2011/11/blog-post_07.html

      Delete
  7. මෙන්න මාතලන්ට මගෙන් කතන්දරයක්!

    කතන්දරකාරයා අනුර කුමාර දිසානායකගෙන් ඇසූ ප්‍රශ්නය - Anura Kumara Dissanayake F2F with KK
    http://kathandara.blogspot.com/2011/07/anura-kumara-dissanayake-f2f-with-kk.html

    ReplyDelete
    Replies
    1. ඒක නම් පට්ට ප්‍රශ්ණේ... හැබෑට ඕක තාම ඉස්තාපනය කොර ගන්න බැරි උනා නේ අම්මපා....

      Delete
    2. එකට මොකක් හරි උත්තරයක් දීපු එකෙන්ම පේනවනේ අනුර කුමාර නායකත්වයට සුදුසුයි කියලා

      Delete
  8. අනිවා දැනටත් අනුර තනියෙන් විපක්ෂයේ කාර්‍යය කරනවා ජෙබ්බො ටිකක් පසු බැලා වගේ පෙන්නන්ඩ හැදුවාට අනිවා ඉස්සරහට අනිවා අනුර එක්ක පිළිතුරු ලැබෙයි ,මොකද දැන් U.N.P එකක් නැති එකේ මෙක ජෙබ්බන්ට හොද අවස්ථාවක් ...

    ReplyDelete
    Replies
    1. පැහැබර අනාගතයක් ඕන නම් වෙන සොලියුසන් නොමැත

      Delete
  9. ඇත්ත. අනුර තමයි මේ දිනවල විපක්ෂ නායකයා. මම බොහෝ ප්‍රිය කෙනෙක් වගේම මගේම වයසේ අපි එකට වි වි සමයේ ආශ්‍රය කළ කෙනෙක් විදියට ඔබට සුභ පතනවා. මම දැන් දේශපාලන කතා වලට අනුකූල නොවී සිටියත් ඔබට මේ රටට යමක් කළ හැකියි. ජය!!!!!!!!!!!!
    මාතලන්, අධික වැඩ නිසා විවේකය අඩුයි. බ්ලොග් කියවෙන්නෙම නැති තරම්. ඒත් ඔබ මේ කරන මෙහෙයට මම ඔබටත් හිස නමා ආචාර කරනවා!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි වෙද මහත්තයා.. විශාල කාර්යභාරයක් මැද අදහස්ක් ඉදිරිපත් කිරීම ගැන.. ඔබටත් ජය...!!!!

      Delete
  10. අනුර දිසානායකට මගේ සුභ පැතුම්. පසුගිය මැතිවරණ වලදී සැබවින්ම පරාජය උනේ සන්ධානය වත් UNP වත් නොව JVP එකයි. ඔවුන් කාලයක් තිසී රටේ තුන් වෙනි බලවේගය වෙලා හිටියත් විවිධ අභ්‍යන්තර අර්බුධ හා තවත් හේතු නිසා ඒ තුන්වෙනි ස්ථානයෙන් පල්ලම් බහින්න සිදුවුනේ රටේ අවාසනාවටයි. තමන්ගේ බඩ, තමන්ගේ පවුල වෙනුවෙන් වැඩකරපු බහුතරය අතර රට වෙනුවෙන් වචනයක් හෝ කතා කලේ මේ JVP එකයි. කලක් රටේ පාලක පක්ෂය ප්‍රාණ ඇපයට අරගෙන රට වෙනුවෙන් එකල පවතී අවශ්‍යතාවය අනුව ක්‍රියා කලේ JVP එකයි. 17 වෙනි සංශෝධනය, අමාත්‍ය මණ්ඩල කප්පාදුව සහ තවත් දේ ඒ අතර වෙනවා.රට මෙතෙක් පාලනය කල පක්ෂ දෙකටම තිබුණු සැබෑ අභියෝගය උනේ මේ JVP එකයි.UNP එකට මේ අබියෝගය පරාජය කරන්න බැරි උනා. සිද්ධ උනේ JVP එක තවත් ශක්තිමත් වීම පමණයි.විවිධාකාර කුමන්ත්‍රණ ඇති කරමින් මේ අභියෝගය යම් තරමක් දුරට සාර්ථකව මැඩපවත්වන්න මහින්ද රාජපක්ෂ මහත්තය ගේ ආණ්ඩුව සමත් උනා( අකමැත්තෙන් උනත් එක පිළිගන්න වෙනවා). එත් දැන් දැන් සංක්‍රාන්ති සමයක සුභ ලකුණු පහල වෙනවා වගේ දැනෙනවා. UNP එකත් ඔවුන්ට ආවේනික වූ ක්‍රමයකට නිදි ගැට කමින් අවදිවන බව පසුගිය කාලේ සනාත උනා. දැන් JVP එකත් අලුත් ගමනක ට සැරසෙනවා වගේ දැනෙනවා. යුද්ධය අවසන් කිරීම යන යහපත පමණක් සිදු කල මේ පාලනය රට ජනව්තාව සූරා කමින් ඔවුන්ව තව පරම්පරා කීපයකටම ණය කාරයන් කරමින් තම බඩ වඩා ගන්න පමණක් කටයුතු කරන මේ පාලනයට එරෙහිව විපක්ෂ බලවේග දැන් දැන් සාර්ථකව සටනට එළඹෙන බව පේනවා. මේ සැමගේ අභියෝගය වන්නේ නව ගමනක් ආරම්භ කිරීමයි. පරණ පාර අත හරිය යුතුමයි. UNP යට වඩා ජනතාව බලාපොරොත්තු තබා ගන්නේ JVP එක මතයි. ඒ බලාපොරොත්තු මල් පල ගැන්වීම JVP එකට බාරයි.

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට මර බියක් නැතුව රටේ දිවි ගෙවන්න වාතාවරණය හැදුවේ කවුද කියා අමතයකයි නේද දැන් සති දෙකයි සිංහලයට මතක. විභාගයක් කරන්න හැදුනුම්පත නැතුව දුක් වින්ද අතීතය මතකද.

      Delete
    2. නලින්,

      යුද්දෙ ඉවර කරා, නිදහසේ පාරෙ බැහැල යන්න දුන්න කියන එක යම් තරමකට හරි. ඒත් එහෙම කියල කරන හැම ගොං කමක්ම ඉවසන් ඉන්න ඕනද?

      මතක තියා ගන්න දේෂපාලකයො කියන වචනෙ තීන "පාලකයො" කියන කෑල්ල කාගෙ හරි බූරුවෙක්ගෙ ඔළමොට්ටල පරිවර්තනයක් බව. ඔය පාර්ලිමේන්තුවෙ ඉන්නෙ ජනතා නියෝජිතයො මිස ජන "පාළකයො" නෙමෙයි. ඒ අයට චන්දය දුන්නා නැද්ද යන්න නොසලකා අපිට පුලුවන් වෙන්න ඕන කරන හරි වැරැද්ද ගැන ප්‍රස්න කරන්න. එතනදි ඇයි ඔහොම බනින්නෙ යුද්දෙ ඉවර කරපු නායකයට කියන එක ගොන් තර්කයක්.

      මොකද ඔය කට්ටිය ඔක්කොම කන්නෙ අපි හම්බු කරන දෙයින්. මහින්දට විකල්පයක් නැති නිසා කරන ඕනම ගොං කමක් ඉවසන් ඉන්නවට වඩා වෙන්න ඕන සුදුසුම දේ තමයි මේ වගේ කීප දෙනෙක් හරි උස්සල අරන් අන්ඩුවට පිට පනින්න නොදී තියා ගන්න එක. කොරන හොර මැරක්ම් වලට පුලුවන් තරම් ප්‍රථිරෝධයක් දක්වල ඒ මගින් නරක අඩු කරගන්න එක. විකල්පයක් නැති තැනක තීන එකම විකල්පය ඒකයි.

      එහෙම නැතුව මොන බලු වැඩේ කරත් අපේ ගොනා අපිට හොඳා කියල තුනෙන් ධෙක දුන්නොත් වෙලාවක තුන කදං යනකල් දන්නෙ නෑ.

      Delete
    3. නලින් කඩේ ගියාට කම් නැත..මහින්ද අබේසුන්දරගේ මට්ටමට වැටීම ඔබට තරම් නොවේ.ඔය අසූ අට අසූ නමය දැන් පට්ට ගැසුවා හොඳටම ඇතිය,.අසු අටේ භීෂණ පාප වට්ටියට ඇත ගැසිය යුත්තේ වර්තමාන ජේවීපී කාරයන් පමණද? ඔහෙලගෙ ආණ්ඩුවේ ඉන්න ඇමති මණ්ඩලයෙන් දුසිම් දෙක තුනක් සහ කොලපාට කට්ටියේ සෑහෙන දෙනෙක් අසු නමේ භීෂණයේ වගකිව යුත්තෝය.පන් මල්ල අතට ගත පමණින් මෙවන් හම්පඩ ගැසූ අවුට් ඩේටඩ් ගොන් පාට් ඔබ වැනි පළපුරුදු මාධ්‍යවේදියෙකුට නොගැලපේ.

      Delete
    4. //ඒ වුණාට මර බියක් නැතුව රටේ දිවි ගෙවන්න වාතාවරණය හැදුවේ කවුද කියා අමතයකයි නේද දැන් සති දෙකයි සිංහලයට මතක// අයෙක් කාන්තාවක් දුෂකයෙකුගෙන් බේරා ගනී .එහෙමයි කියා අර බේරා ගතපු එකා කාන්තාව දුෂණය කරන්නට හදන විට ඔහෙනේ බේර ගත්තේ ඒක හින්ද ඔහේට ඕන එකක් කියා ඉවසා සිටිය යුතුද ?

      Delete
    5. නලින් මර බිය නැති කරපු කතාව කිය කියා ලොක්ක කියන කතාවම මෙතන කියල අපේ අරක විකසිත නොකර ඉදහන් බන්.
      ඕක කන්තෝරුව ඇතුලේ සද්දෙට කියහන්.
      මෙච්චර ජනතාවට හිරිහැර වෙද්දී රෙද්දක් කියනවා...

      Delete
    6. පරණ කෙන්ජි පොඩ්ඩක් ඔලුව දාලා වගේ කේස් එකට

      Delete
    7. අපේ කෙන්ජි අපට ඕන......

      Delete
    8. කෙන්ජි මාමෙ .. ප්ලේන්ටියක් හදල ගේන්ඩද ??

      Delete
    9. @ ඉන්දික
      සම්පුර්ණයෙන්ම එකගයි.

      Delete
    10. මමත් ඔය ගැන දන්නවා. කපු කම කලේ මංගල. ජෙප්පන්ගේ අනුර.. දෙන්නම දැන් ඊටත් වඩා පවර්ෆුල් නිසා.. අපි කියනා දේ නොවෙන්නත් බැරි කමක් නෑ..

      Delete
    11. හීන කොච්චර සැබෑ වෙනවද? බල්ලනකෝ මංත්‍රීවරු 6ක් ඉන්න ඒ උත්තමයා දැන් විපක්ෂ සංවිධායක. පත් කොරන්නේ සම්බන්ධන්. ලස්සනයි නේ!

      Delete
  11. ඉක්මනින්ම විපක්ෂ නායක වේවා කියා පෙරලි කුමාර දිසානායකට සුභ පතමු. !!

    ReplyDelete
    Replies
    1. සංධානයක් නැතිව එහෙම වෙන එක නම් සිහිනයාක්ම පමණි..

      Delete
  12. සරසවියට පය තැබීමට පෙර, එනම් පාසල් සමයේ මට ජෙප්පෙක් වෙන්න තිවුනා මාර උණක්. ඒත් ඇතුලට ගියාට පස්සෙ ජෙප්පන් සරසවියේ ඇතිකර ඇති විකාර නීතිරීති නිසා කලකිරුන මම නවකවදයට එරෙහි අලයන්ට එකතු වුනා. ජෙප්පන් වර්තමානයේ සරසවිවල දාන ගොන් පාර්ට් අතහැර බුද්ධිමත් සංවාදයකට පිවිසුනොත් සරසවි සිසුන් සීනියර්ස්ලාට බයේ නොව හදවතින්ම ජෙප්පන් හා එක් වේවි.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++
      තිබූ ගෞරවට නැතිකරගත්තේ ඔවුන් විසින්මයි..............

      Delete
    2. @naleen
      ඔවු ඔබ රැකියාව රැක ගත යුතුය!මහින්ද අබේසුන්දරට කසුරිට අච්චර කඩේ ගිහිනුත් එච්චරටම කෙල උනා නම් ඔහේ ගැන කවර කතාද ? කමක් නැත මේ කොමෙන්ටු ටික හෙට උදේට මල් කුමාරට වත් පෙන්නන්න! මොනා කරන්නත් බඩ රස්සාව බේරා ගත යුතුය!

      Delete
    3. යකා ,මන් ඔයාට පැරාගේ බ්ලොග් එකේදීත් කිව්වා නේද මෝඩ කතා කියන්නට කලින් පොඩ්ඩක් හදාරලා බලන්න කියලා.ඇත්තටම ඔයාට ලජ්ජාවක් නැද්ද මෙවැනි ගොන් කතා කියන්න.

      Delete
    4. නලින් ඔය අතෙනි ලියන මහරජාගෙ ගුණ ගායනා වලින් හම්බකරනවට වඩා නම්බුයි ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගෙන මුදල් උපයන එක...

      Delete
    5. නලීන් එහෙම ඒවා ලියනවා මම නම් කවදාවත් දැකලා නෑ. අනික ලිව්වත් මොකෝ ඒ මිනිහගෙ නිදහස. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ වෙන මොකක් හරිද..? අපිට තියෙන ප්‍රශෙණේ මහින්ද මහත්තයා ගැන ලියන එක නම් නෙමෙයි. විරුද්ධ දේ නොලියන එක.

      Delete
    6. කවුද මාතලං කිරි සුදු බණ්ඩා කියන්නේ?

      උඹ හෙන ගේම් එකක් ගහනවා නේද බ්ලොග් හරහා. එකවුන්ට් හත අටක් රන් කරන ගමන් සින්ඩියක් හරහා අනිත් බ්ලොග් ලියන උන්ගේ තියෙන හිටිස් මේනියාව කියන රෝගය හින්දා උන්ව උඹට ඕන අතට නම්මගෙන. බොරුවට මහින්දට පක්ෂයි වගේ ලියන ගමන් සිරිකොතේ දීමනාවට වැඩ නේද?

      Delete
    7. කිරි සුඩු බන්ඩා කියන්නේ මම බ්ලොග් පාඩම සඳහා හදාපු අළුත්ම බ්ලොග් එක.. ඒකේ ඉන්න ගමන් කලබලේ කොමෙන්ට් කලේ.. දන්නෝ දනිති.. ඒ උනාට මම මගේ නමටත් වඩා කැමති.. ප්‍රියන්ත හේවගේ නොහොත් මාතලන් කියන නමට.

      Delete
    8. ජෙප්පන්ට වැරදුන තැන එතනයි.. ජෙප්පෝ මිනිස්සු බය කරලා තමයි සාමාජිකත්වය ගොඩ නගන්න යන්නේ. මේ රටේ ප්‍රචන්ඩත්වය වැපිරුවේ ජෙප්පෝ. වෙන කවුරුවත් නෙමෙයි.. දැන්වත් ඒවායෙන් මිදී, වෙනත් මං ඔස්සේ ගමන් නොකරන්නේ නම්.. නායක්ත්ව වෙනසකින් අති ඵල කිම.

      Delete
  13. ඔන්න අනුර දැන් ඉතින් මාතලන් කියන විදියතම කරන්න ඕන හොඳේ... නැත්තං පස්සෙ කෙළ උනොත් අපි දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. මාතලන් කියූ දෙයක් වැරදිලා නැත.

      Delete
  14. අනුරට හදවතින් ම සුභපතමි!

    ReplyDelete
  15. ජේ වී පී හා ශ්‍රීලනිප සංධානගතවූවිට ශ්‍රී ලංකා කාරයෝ තම දිස්ත්‍රික්කයේ ජේවීපී අපේක්ෂකයන්ටද මනාපයක් දුන්හ.මේ පක්ෂ දෙක වාමාංශික නැඹුරුවක් සහිත වීම ඊට හේතුවයි.එහෙත් නිෂ්පාදනයට දක්ෂ වූත් සූරාකෑම තම ප්‍රතිපත්තිය වූත් එජාපය හා ජවිපය එකට සිටීම යනු එලහරකයි මීහරකයි එකට ඈදීම සේය.අනෙක යූ ඇන් පී කාරයා යනු අන්ධ භක්තියෙන් ඡන්දය දෙන්නෙකි.එසේම ඔහුට 87-89 කාලය ගැන ජවිපෙ ගැන වෛරයක්ද තිබේ.මේ නිසා එජාප ජවිපෙ හවුලකින් එම පක්ෂ දෙකටම යහපතක් නැත.

    ජවිපෙ නායකත්වය වෙනස් වීම සතුටකි.එහෙත් අය තව දුරටත් න්‍යායාත්මක පක්ෂයක් වන්නේනම් බෝඩ්ලෑලි පක්ෂයක් වනු ඇත.2004 දී එය ජාතිකත්වය හා බද්ධ විය.ජාතිකත්වයෙන් බැහැර වූ විට ජනතාව ගෙන් ප්‍රතික්ෂේප විය.යල්පැන ගිය මාක්ස්වාදය සරන යන්නේනම් අර කීවා වගේ මාක්ස්ගේත් ලෙනින්ගේත් පිහිටය.

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි... වුණු වරද පිළිගෙන නව න්‍යාය පත්‍රයකින් නේන්නේ නම් වැඩක් නොවනු ඇත.

      Delete
    2. අනේ ඔය කෙහෙම්මල් ජාතිකත්වය විකුණලා තමයි මහින්ද මාමිත් වැඩේ දුන්නේ.ඔහෙලගෙ ජාතිකත්ව ඔස්තාර් නලින් ද සිල්වාට වඩා තැනක් අද උපේක්ෂා ස්වාර්ණමාලිට ලැබුනේ ජාතිකත්වය වෙනුවෙන් කතිරේ ගහපු ගොන් හරක්ට පින් සිද්ද වෙන්න තමයි!

      Delete
    3. යකා ,මන් ඔයාට පැරාගේ බ්ලොග් එකේදීත් කිව්වා නේද මෝඩ කතා කියන්නට කලින් පොඩ්ඩක් හදාරලා බලන්න කියලා.ඇත්තටම ඔයාට ලජ්ජාවක් නැද්ද මෙවැනි ගොන් කතා කියන්න.

      Delete
    4. මේ "යකා", 1956 විතර ජීවත්වෙන එකෙක්ගේ කොමෙන්ට් එකක්.. වර්ථමානය ගැන නෙමෙයි කතා කරන්නේ.. අතීතය ගැන.. දැන් ඉන්න "යක්කු" මීට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ..

      Delete
    5. නව ප්‍රතිපත්‍ය මාලාවක් 2 දින දී, එළි දැක්වීය. එයද ඒකච්ඡන්දයෙන් සම්මත විය. මාතලන් මහතාගේ ලිපින ලබා දිය හැකිනම්, එහි පිටපතක් ලබා දිය හැකිය.

      Delete
  16. Un bon poste. Je souhaite Anura Kumara bon.

    ReplyDelete
  17. යකෝ ටොපික් එක දැක්කම මම හිතුවෙ මේ යකා මැරිලා කියල... අයියෝ යුනිකෝඩ්

    ReplyDelete
    Replies
    1. ඕන විදියකට ගන්න පුළුවන්.. ඒක භාෂාවෙ පොහොසත් කම...

      Delete
  18. ඇතුලේ මොනවා තිබුනත් UNP කට්ටිය වගේ හත් පොලේ ගා ගෙන කා කොටා නොගෙන නායකයෙකු පත් කර ගැනීමට තරම් විනයක් ජවිපෙ සතුව තවමත් තිබීම සතුටක්! කිව්වත් වගේ ජවිපෙ කියන්නේ මේ රටට අවශ්‍ය, සිටිය යුතුම දේශපාලන පෙරමුණක්.විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂය බරපතල දුෂණ වංචා සහිත මොනෝපොලි එකක් ගෙන යන, ප්‍රධාන විපක්ෂය අන්ත දුර්වල ජෝකරයන් පිරිසක්ව සිටින තත්වයක් තුල ජවිපෙ භුමිකාව වැදගත්.ජවිපෙන් එක එක හේතු කියාගෙන කැඩිල ගිය උදවිය අද ඉන්න තැන් සහ කරන කියන දේ බැලුවම ජවිපෙ මේ ඉන්න තත්වය ගැන සතුටු විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත... නමුත් යූ ඇන් පීයේ තියෙන්නේ නියම ප්‍රජාතන්ත්‍රවාදය..

      Delete
  19. අනුර කතාවෙහි දක්ශයෙක්.. අපි බලමු ඔහුගේ ගමන කොයි වගේ වෙයිද කියලා.. මොකද ඉතින් අපි බලාපොරොත්තු තියන් බලන් ඉන්න හුඟක් දේවල් හරි ඉක්මනට වෙනස් වෙලා තියෙනවනේ මේ දේශපාලන ලෝකේ..

    ReplyDelete
    Replies
    1. කාටවත් අනාවැකි කියන්න අමාරු සබ්ජෙක්ට් එකක්... මොහොතකින් සියල්ල වෙනස් වෙන්න පුළුවන්...

      Delete
  20. මට මේ මොහොතේ දැනෙන්නේ අප්‍රමාණ සතුටක්.වෙන එකක් නිසා නෙවෙයි රජරටින් පක්ෂ නායකත්වයක් දක්වා ගමන් කිරීමට තරම් ඔහු කට්ට කාල කළ කැපකිරීම ගැන ඇත්තටම සතුටුයි. අනුර කුමාර දිසානායාක, මමත් එකම අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර එකම පාසලක හෝඩියේ පන්තියේ ඉඳල උසස්පෙළ දක්වා ඉගන ගත්තා. ඔහු මට වඩා එක පන්තියක් ඉහළ හිටියේ.ඒනිසා බාල කාලේ පටන් ඔහු දැන හඳුනගන්න ලැබිමත් මේ මොහොතේ වාසනාවක්. ඒත් පාසලෙන් ඉවත්ව යනතෙක්ම අප අතර තිබුනේ හොඳ මිත්‍රත්වයක්. අදටත් ඔහු හමූ විට තාමත් දැනේනෙ ඒ සුන්දරම අතීතයේ ඔහු සිටිනා බවයි. එකම පාසලෙන් ඉගෙනුම ලබා මෙවන් තැනකට පැමිණි අනුරට මිත්‍රත්වයේ හෘදයාංගම අනුරට.. දිග ගමනක් යමු.... වමේ සැබෑ වෙනසක් ඇතිකරමු. හුදලා සටන් පාඨ ලිප්ටන් වටරවුම පසෙක ලා අලුත් ගමනක් අලුත් දැක්මක් සහිතව යමු... සුබ පැතුම් සහෝදරයා....

    ReplyDelete
    Replies
    1. අළුත් ගමනක් නැත්නම්.. උන්න තැනිනුත් පහළ තමා ඉතින්..

      Delete
  21. ඉතුරුවෙලා ඉන්න පිරිස අතරේ අනුර කුමාර කියන්නේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් පොරක්. පොරගේ දූෂණ වංචා හෙළිකිරීමේ ක්‍රමවේදයට මම කැමතියි. ඒවා තර්කානුකූලයි.

    ReplyDelete
    Replies
    1. අපි නෙමෙයි ආන්ඩුවේ උනුත් කැමතියි...

      Delete
  22. සුභ ගමන්...
    සුභ අනාගතයක්....
    වගේ දේවල් කියල අපි බලාගෙන ඉමු මචෝ...
    අපියි කියල මක්ක කොරන්නෙයි..

    ReplyDelete
    Replies
    1. උඹලට නම් මක්කත් කොරන්න බෑ.. ඒත් අපිට පුළුවන්... ඡන්ද බලයෙන්..

      Delete
  23. බලන්න මචන් ඉස්සර බදු මිල ඉහල දැම්මේ චන්ද අහවර කොරල
    දැන් වැඩි කොරන්නෙ චන්දෙ අත ලග තියන්
    ලොක්කට කොච්චර ෂුවර් එකක් ඇද්ද?

    ReplyDelete
    Replies
    1. කස්ටිය විදුලි පුටු සීන් එකෙන් "බය" කරලා ලොක්කා මේ පාරත් උඩින් දිනනවා බුදු ෂුවර්.. මොකෝ අපේ ජාතිය නිර්භීත ජාතියක් කිව්වට, ගූ බය ජාතියක්. පොර ටෝක් දුන්නට ඇමරිකාවට ගූ බයයි කියලා ලොක්කා දන්නවා. ඉතින් ඔන්න බබෝ ඇමරිකන් බිල්ලා එනවා. ඔන්න බබෝ මාව අල්ලගෙන යනවා, කියපු ගමන් අපේ උන් ලොක්කව බේර ගන්නවා.. ඒවා සුම්මා අපෙත් එක්ක කියලා.. නියම මාකටින් ඕයි..

      Delete
  24. මම නම් ක්‍රෙඩිට් එක දෙන්නේ සෝමවංශ අමරසිංහ මහත්තයාට. පරාණබුක්තිය තියාගෙන ලියන්නේ නැතුව සින්නක්කරම දීලා දාපු එකට, පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරලා මැරෙනකම් බලයේ ඉන්න දැඟලුවේ නැතිවට,ඒ වගේම නායකත්වයෙන් ඉවත් වෙලා අනුර කුමාර වගේ තරුණයෙක් යටතේ පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් කම දරමින් තවදුරටත් පක්ෂය වෙනුවෙන් වෙහෙසෙන්න තරම් නිරහංකාර වුනාට.

    ReplyDelete
    Replies
    1. මහින්ද රාජපක්‍ෂත් එහෙම කෙරුවා.

      ඒත් ඒ ටෙලි නාට්‍යයක ඔහු රඟපෑ ඇමති චරිතයේ තිර රචනය ලියා තිබූ ආකාරයයි.

      !!!

      Delete
    2. ලොක්ක තව දේවල් කොරනව ඉස්සරහට..

      Delete
    3. එහෙම එක එකාට ඕන විදියට සෙල්ලම් දාන්න එතන බෑ.. සෝමවංසට යනවා ඇර වෙන කොරන්න දෙයක් නෑ. ඕක කලින් වෙන්න තිබුන දෙයක්. සෝමේ බෑ කිව්වනම් වෙන්නේ, තවත් සෙට් එකක් කඩාගෙන යනවා.. ඒ බලපෑමට තමයි සෝමේ අයින් වෙන්නේ..

      Delete
  25. ජෙප්පන්ද දෙශපාලනයේ සිටියයුතුය යන්න මාගේද අදහසය නමුත් මාගේ අදහස නම් ඔවුන් ගේ වැඩි හැකියාව ඇත්තේ කියවිමට බවයි සංධාන ගතවූ කාලයේ ඔවුන් විදින් ලද පසුසම්පත් අමාත්‍යංශය සහ පුරාවිද්‍යා සම්බන්ධ අනේක් අමාත්‍යංශයේහි සිදුවූ සංවර්ධනයක් සහ පැහැදිලි වෙනසක් පිළිබඳව සතුටුවිය හැකි සාධනිය වෙනසක් සිදුවූයේ නැතිබව මාගේ අදහසයි යුද්ධය සහ 80 ගනන්වල අඳුරු යුග අපුල්ල අපුල්ලා මඩේ දැමීම සිදු නොකල යුතු වුවත් අතීත පාඩම් සහ අද්දැකීම් සිහිකොට තීන්දු තීරන ගැනිමේදි සලකා බැලීම වෙනත් කරුනක් බවද මාගේ අදහසයි එසේම සුමිත් නිරිඇල්ලයන්ගේ කොමෙන්ටුව කුමක්ද යන්න දැනගැනිමටද කැමැත්තෙමි

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, ඒත් තිස්ස නගර සභාවේ බලය මුලුමනින්නම දරපු කාලේ. ළොකු ආදර්ශයක් මුළු රටටම දුන්නා.. අමාත්‍යන්ශ නම් ඇදගෙනම නෑවා..

      Delete
  26. ජේ.වී.පිය. නායකයෙකු නිසා ඉහලටවත් පහලටවත් යන පක්ෂයක් නොවේ. එය එක්තරා සැලසුමක් අනුව ක්‍රියාත්මක වන පක්ෂයකි. නායකයා වුවද කතා කරන්නේ දේශපාලන මණ්ඩලයේ තීරණ අනුවය. මෙම පක්ෂයට වෙනත් පක්ෂ වල ආකර්ෂණය කර ගැනීමක් (විශේෂයෙන්ම සන්ධානයෙන්) අනුර සහෝදරයාට සිදු කල හැකිද ? එසේ නොවේ නම් මේ වෙනසට සාපේක්ෂව චන්ද පදනමද වෙනස් නොවනු ඇත. නමුත් කරුණු කාරණා සහිතව ඔවුන් පාර්ලිමේන්තුවේ කරන කතා අගය කරමි.

    ReplyDelete
    Replies
    1. 200% එකඟයි... පක්ෂය ගැන නියම කියවීම. මේක බොහෝ දෙනෙක් දන්නෙ නෑ..

      Delete
  27. සෝමවන්ශ මහතා කතා පෑවෑත්වීම නතර නොකරතෑයි බලාපොරොත්තු වෙමි. හෑමදාම රනිල් (සමහර කතා) සහ අනර්කලී, , ගුනදාස අමරසේකර, අගමෑති (සියලු කතා)ආදීන් ගේ කතා ඈසිය නොහෑක. රතු ජෝකරයෙක්ද සිටිය යුතුය.

    ReplyDelete
    Replies
    1. ඊට වඩා ජෝකර්ලා ආන්ඩුවේ ඉන්නේ..

      Delete
  28. මේ දවස් වල ඔය කියන මහත්තය නොහිටින්න මොන්ටිසෝරිය අවුල් වෙලා..පොඩි එවුන් ටික පොඩ්ඩක් සද්ද වහල ඉන්නව මොකද මේ මනුස්සය මොකක් හරි ලොක්කන්ගේ හොරයක් හොයාගෙන එනවනෙ..

    ReplyDelete
    Replies
    1. ඌ කතා කොරනකන් තමයි, ආන්ඩුවේ උනුත් බලාන ඉන්නේ...

      Delete
  29. කොහොමත් දැන් විපක්ෂයේ කාර්ය ඉටු කරන්නේ JVP එක විසින් බව පැහැදිලිව පේන්න තියෙන දෙයක්.මාතලන් කියා තියෙනවා වාගේ ජේවීපී ය දැන් තමුන්ගේ චන්ද වැඩිකර ගැනීමයි.අපිට ඕනේ ශක්තිමත් විපක්ෂයක් එකේ කිසිම තර්කයක් නැහැ.ඒ ශක්තිමත් විපක්ෂය ගොඩනගන්න පුළුවන් ජේවිපි එකට කියා මටත් හිතෙනවා.ඒ උදෙසා මෙවර මැතිවරණයේ මගේ මනාපය පළමු වරට ජේ.වී.පි එකට ලබා දෙනවා.

    ReplyDelete
    Replies
    1. මනාපය JVP එකට දුන්නම ඡන්දය දෙන්නේ හිරුනිකාටද? :D

      Delete
    2. මාර කේස් එකත් මටත් වෙලා තියෙන්නේ. හිරුනිකාද, ලාල්කාන්තද...? තවම තීරණයකට ඇවිත් නෑ.. හිරුනිකාට දෙන්නේ ලස්සන නිසා නෙමෙයි. ඒකත් එකක්. නමුත් එයා තාත්තා වගේම ජනතාවත් එක්ක ඉන්න නිසා..

      Delete
    3. ජවිපේ ඡන්දය බලාපොරොත්තු වේ. නමුත්, ජවිපේ අපේක්ෂකයින් මානප පිළිබඳ සටනක් නැත. එවැනි මනාප සටනකින් එකිනෙකාගේ හුදෙකලා ප්‍රතිපත්‍යම ගමනක් දැකිය නොහැක. නමුත් මනෝජ්ගේ අදහසත්, ඉවාන්ගේ හාස්‍යත් පිළිබඳව කිසිදු විවේචනයක් නැත.

      අපි උත්සාහ කරමු! පටු අරමුණ වෙනුවෙන් නොව. අප සැමටත්, රටටත්, අනාගත පරපුරටත් .........

      Delete
    4. ඡන්දය කොහොමත් මෙවර JVP එකට තමයි මම දෙන්නේ.හිරුනිකා මේ පාර ඇති වෙන්න චන්ද ගනීවි.විශේෂයෙන් දුමින්දට විරුද්ධ අයගේ පළමු තේරීම හිරුනිකා බවට සැකයක් නැහැ.නමුත් අපි බලාපොරත්තු වෙන ක්‍රමයේ වෙනසක් හිරුනිකා ගෙන් කිසි දින බලාපොරත්තු වෙන්න බැහැ.
      ජනතාවත් එක්ක ඉන්නාවයි කියන කරනවා ගැන බැලුවොත් ඇයටත් වැඩියෙන් ජනතාව සමගින් ඉන්නා අය කොයි තරම් සිටිද...?

      Delete
  30. ධනපති පන්තිය සමග සංවාසයට ගැලපෙන නායකත්වය ! අනුර දිසානායක

    ReplyDelete
    Replies
    1. හරියට හරි

      2000 දශකයේ මුල හරියෙ අනුර කුමාර කියන්නේ පක්ෂයේ ඇජෙන්ඩාව ඉදිරියට ගෙනයාමට විමල් සමග එකතු වී සටන් කළ දක්ෂ කතිකයෙකි. අග වෙනකොට විමල් ජාතික බලවේග එක්ක එකතු වෙලා එයාගෙ පුද්ගලික ආතල් ගන්න තියා ගත්තේය හැබැයි පක්ෂෙන් කැඩිල. අනුර කුමාර ධනපති බලවේග බලට පක්ෂෙ ඇතුලෙම බලල් අතක් උනි. සුළු වැරදි තිබුනත් සෝමෙ පක්ෂෙ නායක ලෙවල් එකේ ඉන්න අවංක මිනිස්සු කීප දෙනා ගෙන් එක්කෙනෙක්

      ජේවීපී එකට හරි යනව නම් කාටත් හොඳයි. ඒත් මේක නම් කටේ සද්දෙන් ගත්තු තනතුරක් වගෙයි පේන්නෙ

      Delete
    2. //"විමල් ජාතික බලවේග එක්ක එකතුවෙලා ...."// හැක හැක වසරේ විහිලුව

      Delete
    3. ගොඩක් උන් එහෙම කියනවා...

      Delete
    4. //ජේවීපී එකට හරි යනව නම් කාටත් හොඳයි. ඒත් මේක නම් කටේ සද්දෙන් ගත්තු තනතුරක් වගෙයි පේන්නෙ//
      ඒ ඔබේ උපකල්පනයකි.
      සද්දෙට, මුදලට, වෙනත් බල පුලුවන්කාරකම්වලට තනතුරු දෙන පක්ෂයක් ලෙස ජවිපේ තේරුම් ගන්න එපා.
      ප්‍රතිපත්‍ය ගරුකබව, නිවැරැදි දෘශ්ධියකින් යුතු වීම, කාර්යශූරත්වය, තාර්කිකබව, කැපවීම ආදී ලක්ෂණ අරවින්ද සහෝදරයා නායකත්වයට සුදුස්සෙක් කිරීය.
      අරවින්දගේ (අනුර දිසානායක) නම නායකත්වයට යෝජනා වූයේ මීට මාස 03කට පමණ පෙරය. ඒ මධ්‍යම කාරක සභාවේදීය. එම යෝජනාව සමුළුවට ඉදිරිපත් වී සම්මත වූයේ පසුගිය 02 වන දිනය.

      Delete
  31. මාතලන් .. පෝස්ටුවට අදාල නැති පුංචි උපකාරයක් බලාපොරොත්තු වෙනවා උඹෙන් හරි දන්න කෙනෙකුගෙන් හරි.

    මචං ඉතාලි කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා ලංකාවට ඇවිත් බලල යන්න කංකෙඳිරි ගාන සති දෙකකට විතර..වයස 24 විතර ඒත් උන් ගාව ලොකු සල්ලියක් නෑ !! මගෙ ෆිට්ම බොක්කවල් දෙකක්.. වැඩිහරියක් ඕනෙ අලි බලන්නයි මූදෙ නාන්නයිලු

    පුලුවන්නම් ලෝ බජට් ටුවර් එකක් කරන විදිය ගැන අදහසක් හරි ඇරේන්ජ්මන්ට් එකක් හරි කියපං..මට ඉන්න කාලෙට ගේකුයි තෙල් ගහල කාරෙකකුයි දෙන්න
    පුලුවන් මම නාවත්.

    කමෙන්ට් එකක් විදියට දැම්මෙ මේකෙන් තව කෙනෙකුට යමක් දැනගන්න ලැබෙයි කියල හිතන නිසා ..උඹට ඊයක් විදින්නං.

    ReplyDelete
    Replies
    1. Lowest budget travel- බාවනාකර අහසෙන් යාම- consult KK

      Delete
    2. ප්‍රා ජේ.
      කට කහනවා උඹට කියන්න මට.

      Delete
    3. ඒකට් උත්තරේ පෞදගලිකව දුන්නා.. වැඩේ හරිනේ..

      Delete
  32. අනුර මහත්තයා රටට හා ජේවීපීයට හොඳ වෙනසක් කරාවි කියා හිතනවා..

    ReplyDelete
    Replies
    1. රටට කරන්න ඉස්සෙල්ලා ජේ වී පී එකට මොකද කරන්නේ කියලා බලමුකෝ..

      මහත්තයා නෙමෙයි... සහෝදරයා...

      Delete
  33. මොනව වුනත් අනුර කිව්වාම පොඩි කික් එකක් එනවා..
    කටක් ඇරල හරියට කතා කරන්න පුලුවන් මනුස්සයෙක් නිසා...

    ReplyDelete
    Replies
    1. පොයින්ට් එකට කතා කරන එකෙක්.. ඒකයි වටින්නේ..

      Delete
  34. රනිල්ටත් සොමවංශගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා!

    ReplyDelete
    Replies
    1. රනිල්ට කාගෙන්වත් ඉගෙන ගන්න ඕන නෑ.. අනික් අයට රනිල්ගෙන් ඉගෙන ගන්නයි තියෙන්නේ..

      Delete
  35. මම ෆේස්බුක් එකේ ශෙයා කරපු පෝස්ට් එකේ තිබ්බ දේ උඹ කියෙව්වනේ . .

    "ජේවීපී එකේ ප්‍රතිපත්ති ප්‍රකාෂනයක්, 5අවුරුදු / 10 අවුරුදු හා 25 අවුරුදු සැලැස්මක්, අපේක්ෂකයන්ගේ උගත්කම් සහ වත්කම් වල පාරදෘෂ්‍ය තොරතුරු ලබාගන්න තැනක් එහෙම දැක්කොත් ඒවා කියවලා සෑහීමටක පත්වෙන්ට පුලුවන් තරමින් තිබ්බොත් මාත් දෙනවා සීනුවට. ."


    අනුරගේ නායක කමත් එක්ක ඇතිවුනු ජේවීපීය වෙනුවෙන් මගේ සතපහ දාන්න ලෑස්තියි ඒත් හොයලා බලලා හිතලා මතලා . . .

    ReplyDelete
    Replies
    1. පැහැදිලි වෙනසක් නැත්නම්. ඡන්දේ වටිනාකම නැති කර ගන්න මම කැමති නෑ.. ඡන්ද ප්‍රතිඵල එනකොට මගේ ඡන්දයට වැලිව් එකක් ඇඩ් වෙලා තියෙන්න ඕනා.. නැත්නම් ඊළඟ එක එනකන් අප්ෂට්...

      Delete
  36. "ඒ නිසා, වමේ බංකොලොත් පාරේ ගම කළා හොඳටෝම ඇතිය. අප කියනා යෝජනාවට දැන් පරමාද නිසා. කොලොම් තොටින්, කෙසේ හෝ නැවතත් රටේ තුන් වන බලවේගය බවට පත්වන්න, හේතු වාසනා වේවා කියා පතන්නේ, උඹලාද අනිවාර්යයෙන්, දේශපාළණයේ සෑම අස්සක මුල්ලකම සිටිය යුතු පිරිසක් බැව් අප විශවාස කොරනා නිසාය.. එයින් පසුව වත් නව මාවතකට යොමු වන්න." +++++++++
    ගොළුබෙල්ලා දැන් කට්ට අතෑරලා යයි කියල මං හිතන්නෙ නෑ. කාලයක් කරතියන් ගිහින් ඒක දැං බිම තියන්න බෑ..

    ReplyDelete
    Replies
    1. මට පේන්නෙත් ඒ වගේ.. හරිම අමාරුයි කට්ටෙන් එළියට ගන්න.. කට්ටට බෙර ගහන උන් ඉන්නකන්..

      Delete
  37. මා දුටු සැබෑ දේශපාලනඥයෙක්. සත්තකින්ම සුභ පතමි!

    ReplyDelete

  38. මාතලන්ගේ කපුකම
    මල්පල ගැන්වී
    මගුල ගන්නව නම්
    මාත් සාක්කිකාරයෙක්

    ReplyDelete
    Replies
    1. මාත් එනවා මංගල්ලෙට...

      Delete
  39. නායකත්වය වෙනස් වූ පමණින් ජවිපේ ක්‍රියාමාර්ග වෙනස් වෙයිද? එය නාමික තනතුරක් පමණයිනේ. මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මංඩලයට පිටින් අනුරට ගත හැකි ක්‍රියා මාර්ග ඇත්තෙම නැහැනේ. කෙසේ වෙතත් අනුරට සහ ජවිපෙට සුභ පතමි.

    ReplyDelete
  40. යෝජනාව නම් කදිමයි. මම වෙන තැනකත් ලීවේ JVP රන් මොළ වලින් වැඩක් ගන්ඩ නම් වගකීම් භාර දෙන්ඩ ඕනෑ කියලා. මේ සහෝදරවරුන්ගේ තනිව ආණ්ඩු පිහිටුවීමේ සිහිනය නම් කවදාවත්ම සැබෑ වෙන්නේ නෑ . අන්තවාදී සටන් පාට ගිරවුන් මෙන් ජප කරමින් "මව්බිම නැත්නම් මරණය", "බලය ලැබෙන්නේ තුවක්කු කඳ තුලිනි" වැනි වැනි පිස්සු විකාර දොඩවමින් මැරෙන තුරු විරුද්ධ පක්ෂයේම රැඳී සිටීමට මේ සහෝදරවරු තීරණය කරනවා නම් අපට කරන්නට දෙයක් නැත. හිතෙන හිතෙන වෙලාවට පයින් ගසා එලවන්නට බැරි විදියේ ගිවිසුමක් අත්සන් කරන්නට UNP බලධාරීන් කැමතිවෙනවා නම් අනුර ප්‍රමුඛ දක්ෂ සහෝදරවරු කිහිප දෙනාගෙන් රටට වැඩක් ගන්නට ලැබෙනවා ඇත. අනුර කුමාර දිසානායක, විජිත හේරත්, ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක වැන්නන්ගෙන් රටට වැඩක් ගැනීමට නම් ඔවුන් පාලනයට සහභාගී කරගත යුතුය. මේ අය විමල් විරවංශ වැනි හිස් බෙලෙක්ක නොවේ.

    ReplyDelete
  41. අනුරයව අප් කොරලා කොමෙන්ට් දාපු උන්ට දැන් සැපද? අන්න ඌ රනිල්ගේ ගොට්ට අල්ලනවා

    ReplyDelete
  42. හීන කොච්චර සැබෑ වෙනවද? බල්ලනකෝ මංත්‍රීවරු 6ක් ඉන්න ඒ උත්තමයා දැන් විපක්ෂ සංවිධායක. පත් කොරන්නේ සම්බන්ධන්. ලස්සනයි නේ!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න