.

.

Jan 30, 2014

කෙසෙල් ගෙඩි පිරිමින්ට වඩා හොඳා.........යි (23+) - Why Banana is Better than Men (13+)


* කාන්තාවන්ට පමණයි...

කෙසෙල්ගෙඩි වල ගුණ අගුණ තියෙන මේල් හැමදාම එනවාය.  ඒවා වලත්, කළු තිත් තියෙන එක වඩා හොඳයි කියා ඊයේ පෙරේදා එකක් ආවේය. කෙසෙල්, එහෙම නැත්නම් බනානා වල විටමින් බී හා සී ද, යකඩද, පොටෑසියම්ද තවත් බොහෝ සංඝටක තියෙනවාය. ප්‍රෝටින් අධික ආහාරයක් නිසා ක්‍රීඩාවේ යෙදෙන කස්ටියත්, බනානා ඇදලා ඇරිනවා ඔයාලා අනන්තවත් දැකලා ඇතිය.

බනානා ගෙවත්තේ වගා කොරන්න පටන් අරන් තියෙන්නේ, පැපුවා නිව් ගීනීයා වල ජහමනතාවය. අද බනානා ආර්ථික බෝගයක් හැටියට ඉන්නේ හතරවන ඉස්තානයේය. පිලිවෙලින් අනික් ඒවා නම්,සහල් තිරිඟු හා බඩ ඉරිඟු වන්නේය. ළෝකේ වැඩියෙන්ම බනනා වවන්නේ ඉන්දියාවෙය. එය මුළු ප්‍රතිශතයෙන් 20% විතර වෙනවාය.

අම්මට සිරි ලංකාවේත්, බනානා හැට හුටාමාරක්ම තියෙන්නේය. හිච්චිකිතර "සුවඳැල්" බට්ටගේ පටන්, යාපනේ පැත්තේ, අතක් විතර සයිස් ඒවා වෙනකන්, එක එක සයිස් එකෙනුත් තියෙනවාය. අපේ රට ළෝකේ අනික් රටවලට වඩා වෙනස් නිසා, අපේ රටේ හැම පාටම බනානාත් තියෙනවාය. කහ පාට, කොල පාට විතරක් නොව දම් පාට රත්නමාළු නොහොත් රත් කෙහෙල් පවා මෙහේ තියෙනවාය.

ඒ මදිවාට කුකින් බනානාත් තියෙන්වාය. ඒවාට කියන්නේ "අළු කෙසෙල්" කියාය. ඒවායේ ලෙල්ල තෙම්පරාදුවටද, මදේ තෙලේ දා කුඩා කුට්ටි කපා තෙලේ දා බැදලාද, පෙති කපා කිරටද හදනවාය. සම හරක් නම් කියන්නේ අළු කෙහෙල් කෑවෝත් ජුන්ඩාට කෙළවෙනවා කියාය. ඒ නිසා තම්බි ගෙවල් වල වම්බොටුත් එක්ක හදනා පට්ට රස කෑම, තම්බි පොරවල් කන්නේ නැතුව, පැත්තකින් තියන්වාය.

කෙහෙල් ගහේ ගෙඩි විතරක් නොව, ඕන කෙහෙල් මලක් කියා, කෙහෙල් ගහේ මලද, බඩේද, එළකිරි වගේ හදන්න අපේ නෝනලා දන්නවාය. 70-77 කාළයේ රටේ මාර දියුණුවක් තිබු නිසා, සම හරක් කෙහෙල් බඩේ තම්බාගෙන කාලා බඩ පුරවා ගත්තේය. කෙහෙල් කොළේ ඔතාපු බත් එකක, ඉඳියප්පන් ටිකක රස, සීනී සම්බෝල ටිකක රස දන්නේ, එහෙම කාපු එකෙක්ම විතරය.

ඕවා, කෙහෙල් කොලේ නිකන් ඔතලා හරියන්නේ නැතිය. ඔතා අහවර වෙලා, ආයෙත් ගින්දරට පොඩ්ඩක් අල්ලා ගන්න ඕනාය. කෙහෙල් කොලේ දාලා තෝසේත් දෙනවාය. ඒකත් පට්ටම රහය. අද, කෙහෙල් කොලේ වෙනුවට තියෙන්නේ ඉටි කොලේය. කෙහෙල් කොලේ ඔතාපු බත් එකක් කන්න නම් ලෝකේ ශක්තිමත්ම මුදල් ඒකකයක් වන, සුපියල්වලින් 350 - 600 දක්වා වියදමක් කරන්න වෙනවාය.

එහෙම ඔතලා තියෙන ඒවාට කියන්නේ, "ලම්ප්‍රයිස්" කියලාය. ඒ කියන්නේ, ලම්ප් රයිස් (Lump Rice) කියනා එකය. එහෙම කියන්නේ, ඔතාපු බත් ගෙඩිය කියනා එකටය. මොකා හැදුවත්, ඉස්සෙල්ලාම හදන්නේ දිවිය ළෝකයේ වෙන්න ඇතිය. ඔය මොන මළදාන තිබුනත්, එදා අම්මාගේ ආන්ඩුවේ කෙහෙල් බඩ කෑවා වගේ, අද කන්න වෙලා තියෙන්නේ තම්බා ගත් කරවිලය. පවුලක්, කන්න දෙයක් නැතිව, දවස් පහක්ම, තම්බපු කරවිලම විතරක් කාලා, ලෙඩ වෙලා, ඉස්පිටිතාලේ ගිය කතාවක් අද පත්තරේ දැක්කාය. ඒ අපේ ආස්චයිර්යද මොකක්ද එකය. ඒක නම් අම්මටම සිරිය.

මේ කියන්න යන්නේ ඒ කෙහෙල් මලක් නොවෙය. කෙහෙල් ගෙඩි පිරිමින්ට වඩා හොඳ වෙන්නේ මොකෑ කියලාය. ඒ නිසා මෙතැන් පටන් වත් හොරෙන් හරි බලපු පිරිමි උන් ටික මාරු වෙනවානම් හොඳය.


කෙසෙල් ගෙඩි පිරිමින්ට වඩා හොඳ වන්නේ ඇයි?

  • බනානා ගෙඩියක්, සතියක් පමණ ඝන තත්වයේ පැවතීම.
  • සාමාන්‍යයෙන්, අඟල් 6 ක පමණ දිගෙන් යුතු වීම.
  • තම කාර්යය ඉටුකිරීමේදි, අලස බවක් නොදැක්වීම.
  • එකම රස, මුල සිට අග දක්වා රඳවා ගැනීම.
  • ආරක්ෂක කොපුවක් සමඟ පැමිණීම.
  • පහසුවෙන් සොයා ගත හැකි වීම.
  • අල්ලා, මිරිකා, ඔබා, ඔබ කැමති ආකාරයකින් තෝරා ගත හැකි වීම.
  • "මමද පළවෙනිය.." කියා, කිසි ඩින විමසා නොසිටීම.
  • ඔබ "කන්‍යාවියක්දැයි", විමසා නොසිටීම.
  • වෙනත් බනානා සමඟ, ඔබ කන්‍යාවියක් නොවනා බව පවසා නොසිටීම.
  • ඔබ කැමති ප්‍රමානයක් රස විඳිමේ හැකියාව.
  • බනානවට කැමති වෙලාවක නොව, ඔබ කැමති වේලාවක පමණක් රස විඳිමේ හැකියාව.
  • ඔබේ ප්‍රතිචාරයන් බනානාවට නොවැදගත් වීම.
  • කිසි දිනක, "මමද වැඩකාරයා..?", "ඔයා සැටිස්ද..?", "කී සැරයක් ගැස්සුනාද...?" වැනි අනවශ්‍ය ප්‍රශ්ණ තුලින් ඔබ අමාරුවේ නොදැමීම.
  • අම්මාට හොරෙන්, ශීතකරණයේ සැගවීමට ඇති හැකියාව.
  • ඔබ කුමන වයසක සිටියත්, නැවුම් බනානාවක් ලබා ගැනීමේ හැකියාව.
  • ඇඳේදී බාවිතා කලද. ඇඳ හා ඇඳ ඇතිරිලි තෙත් නොවීම.
  • බනානා, ඔබේ වර්ණයේ, මුහුණේ, කොන්ඩයේ හෝ අඟ පසඟවල ඇද කුද නොසෙවීම.
  • ඔබේ බනානාව, ඔබ අතහැර, වෙනත් කානතාවක්, පිරිමියෙක් හෝ බනානාවක් සමග හෝ නොයෑම.
  • ඔබේ බනානාව සිටින්නේ කොහෙදැයි, ඔබ නිතරම දැන සිටීම.
  • බනානා, ඔබෙන් කුඩා බනානාවන් බලාපොරොත්තු නොවීම.
  • අකමැතිනම්, වෙනත් කෙනෙකුට දීමට හෝ කුණු කූඩයට විසි කිරිමේ හැකියාව.
  • චොරවී තිබුනත් රසේ වෙනසක් නොවීම.
  • ගිල දමන්නට ආසා හිතීම හා හැකියාව.
  • මිතුරියන් හා බෙදාගත හැකි වීම.
  • භාවිතය ඉතා ඉක්මන් හා පහසුවීම.
  • ඔබ කැමති ප්‍රමාණයකින් ගත හැකි වීම.
  • ඔබ අවසන් කර නොමැති නම්, පසුව ආහාරයට ගත හැකි වීම.
  • විකීමේදි හෝ සැපීමේදි බෙරිහන් නොදීම.
  • පොදු ස්ථානයකදි වුව, ආහාරයට ගත හැකි වීම.
  • "මම හයියයි..." කියා, ඔබව නින්දෙන් අවදි නොකිරීම.
  • මුළු ඇඳම අයිති කර නොගැනීම.
  • ගෙරවීම් හා පඩ ඇරීම සිඳු නොකිරීම.
  • ඔබ තවත් එකක් කෑවත්, ඉරිසියා නොකිරීම.
  • කුමන ප්‍රමාණයන්ගෙත් පැමිණියද, රස එක සමාන වීම.
-x-

* පරිවර්ථනය කොට දේශීයකරණයට ලක් කලේ මහාචාර්ය මාතලන් වන මා විසිනි.

* පරිවර්ථන අයිතිය මහාචාර්ය මාතලන් සතුයි.
-------------------------------------------------------------------------------

මෙන්න මාතලන්ගෙ තුන..
සමාවෙන්න..
මාතලන්ගේ බ්ලොග් පාඩමේ තුන..

ඇඟේ ගා ගන්නේ නැතිව බොග දැමීම.>>>

දේශකයගෙන් බේරිල්ලක් නෑ මේන් මේක එල්ලන්න කියලා..... මළවදේ..


96 comments:

  1. හච්චේ එච්චර කෙසෙල් කතාන්දර තියේද බං.. කවන්න ඕන කෙසෙල්..

    ReplyDelete
    Replies
    1. බනානා නොකියා කෙසෙල් ගෙඩිය කියලා වාසි ටික ලිව්වා නම් රසවත් බව වැඩි වෙන්න තිබුණා.

      Delete
    2. උඹ කතාව නොකියවද දෙශිකාට කෙසෙල් කවන්න හදන්නේ ?
      බොක්ක පිරිමින්ට ගුණයි කියල තියෙන්නේ.

      Delete
    3. ඇයි අද වෙනකන් කවලා නැතෙයි..

      Delete
  2. හම්මේ කෙහෙල් වල වටිනාකම. දැන් ඉතින් කාපන් කෙහෙල් :/

    ReplyDelete
    Replies
    1. ඇටි කෙහෙල් නැතිව ඕන කෙහෙල් මලක්..

      Delete
  3. මම නම් පොඩි කාලේ ඉදලා කන්න ආසම පලතුරක්ය.

    ReplyDelete
    Replies
    1. මේ ඔයාට අර කෙන්ජයියා හම්බවෙනවානම් එහෙම පොරට කියනවද මේ පැත්තේ එන්න කියලා හරි හමන් කොමෙන්ට් එකක් දාලා යන්න.

      Delete
    2. ඒ කෙන්ජිගේ ජරා ඒවා වගේද මල්ලි අපේ ලොක්ක දැන් දවස ගානේ දාන එල පරිවර්තන.
      එයා දැන් ඒවා ලියන් නෑමලු.

      Delete
    3. මම දන්නේ නෑ නේ ඒ කතාව...

      Delete
  4. කාන්තාවන්ට පමණයි කියා තියෙන නිසා අපි කියෙව්වේ නැත .ඒ නිසා කොමෙන්ට් කරන්නේද නැත.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි කියන්නේ කාන්තාවක් බැවින් එය ලෙසටම කියවා ඇත.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. වැදගත් විදියට හැදුන මල් වගේ දරුවෝ එහෙම තමයි..

      Delete
  5. යකඩෝ කෙසෙල් වලත් ඔච්චර සීන් තියෙනවද??

    ෆොටෝ ටිකනම් බැලුවෙ නෑ ඕන්. ඒවා දැක්කම කෙසෙල් වෙනුවට වෙන වෙන ඒවා ආදේශ වෙලා පේනවා. :D.

    ReplyDelete
    Replies
    1. කැත හිත බෙලාගෙ :D

      Delete
    2. හයියෝ....කෙසෙල් කාලත් හමාරයි....

      Delete
    3. ඒ ඉතින් උඹලැයි වනචර කමට.. එහෙම නම් උඹ පොලේ යන්නෙත් බලාගෙන..

      Delete
  6. අඩේ මම නම් කියෙව්වෙ නෑ රූප ටික නම් බැලුවා අවසාන රුපේ කැටයමක් කපපු කෙසේල් ගෙඩියක් නේ ...අලුත් චින්තන කෙසෙල් වෙන්නෑ , :)

    ReplyDelete
    Replies
    1. පොඩි උන් ඔහොම දත් පාරවල් ගහනවා.. එහෙම කෙසෙල් ගෙඩියක් ඒ..

      Delete
  7. ශිහ්,පිරිමින්ව අනාතම කරලා දාලනෙ.හපනකොට බෙරිහන් දෙන්නෙ නැති එක තමා වැදගත්ම,යකෝ මටත් පරණ සීන් එකක් මතක් උනානෙ.ඒ හැපුවෙ නං තරහටමයි.අනේ අම්මේ මතක් වෙනකොටත් ඇඟ හිරිවැටෙනව මාර අමාරුවෙන් ඔලුව බේරගත්තෙ බං,දෙයියොම බලල.

    ReplyDelete
    Replies
    1. හැලපයියේ ලියපන්කො බන් අපිට දැනකියාගන්නත් එක්ක.

      Delete
    2. >> මාර අමාරුවෙන් ඔලුව බේරගත්තෙ බං,දෙයියොම බලල.<<
      ස්ත්‍රී පරානෙකෙන් නම් වෙන්න බැහැ.
      කොයි ඔලුවද දන්නෙ නැහැ මචන්.

      Delete
    3. අනේ ඔව් හැලපයියේ උඩ ඇනෝ කිවා වගේ එක ලියහන්කෝ බං.

      Delete
    4. බාගයක් නැද්ද කොහෙද

      Delete
    5. ඔව් තෝ දැක්කනෙ

      Delete
    6. පොස්ටෙක මාතා කියවන්න එපා කිව්වා නිසා කොමෙන්ට් ටික විතරයි බැලුවේ...... අටමා උබේ කොමෙන්ටුවේ රහස කුමක්ද (කොමද එක දැක්කේ)

      Delete
    7. අපේ පැත්තෙත් එකෙක් ඉන්නව.. දවසක් ඌ අහනවලු.. ගිලිල්ලඩ ගිලිල්ලඩ කියලා..

      Delete
  8. දැං ඉතිං මාරකැට් එකේ බෙහෙතකටවත් කෙසෙලක් හොයාගන්න හම්බවෙන එකක් නෑ.
    කාන්තාවන්ට පමණයි පෝස්ට් එකකට මෙච්චර වෙලා කාන්තාවක් ප්‍රතිචාර දක්වල නෑ නේද.

    ReplyDelete
    Replies
    1. කාන්තාවො කොහෙ එනවද ප්‍රසා..
      පින්තුර ටිකයි පරිවර්තනේ යි කියෙව්වලින් පස්සේ මගෙත් තාම හිරි වැටිලා වගේ මුළු ගතම ...

      Delete
    2. කීප දෙනෙක් ඊට පස්සෙ නම් ආවා..

      Delete
  9. කෙලි කොල්ලෝ නම් ඕනෑම කෙසෙල් වලට ආසයි කියා මා අසා ඇත.
    සත්‍යය ද කියා නම් මා දන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඉන්න එකාගෙන් අහල බලපන්

      Delete
    2. මාත් ඕවා ගැන යමක් කියන්න දන්නේ නැත.. අපි නම් මල් වාගේ දරුවන්ය..

      Delete
  10. හා එහෙනම් කාපියකො කෙසෙල්ම...
    බට්ටේ රස නැට්ටේ කිව්වට බටු නැටි විතරක් වෑන්ජන මෙලෝ රහක් නෑ මාතලන් තුමෝ..

    ReplyDelete
    Replies
    1. අනේ මංද, කාගිල්ස් කීල්ස් යන හාදය කන්නෙ බටු නැටියි, කොමඩු පොතුයි නෙ.

      Delete
    2. මම දැක්කා එකෙක් දවසක් බටු විකුණනවා..

      "ආ...... එන්න නෝනා...... බටු ගන්න... පලා ගන්න.... කියලා...."

      Delete
  11. කෙසෙල් වලින් එච්චර වැඩ කොරන්න පුලුවන් කියලා දන්නවා නම්...මහින්ද මාමා කෙසෙල් බද්දක් දායි...

    ReplyDelete
    Replies
    1. මේ උඹ කෑ නොගහ ඉන්නවයි... නිකං ලෙඩ දාන්නේ නැතිව..

      Delete
  12. කොල්ලනේ වරෙල්ලා,
    බඩු මිල,ජිනීවා,පළත් සභා වගේ ඒවා පැත්තකට විසික් කරලා දාලා කොලුකම රැක ගන්න පෙරමුණ ගමු.වහාම"කෙසෙල් ගෙඩි පිටු දැකීමේ ජාතික ව්‍යාපාරයක්"හදමු.නැතිනම් ඉදලා හමාරයි....:(

    ReplyDelete
    Replies
    1. අර බොදු බල සේනාවට කිව්වා නම් හරි...

      Delete
  13. කෙසෙල් ගැන මාත් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා මේල් වලින්. ෆොටෝ ටිකනම් හෙලා දකිනවා . ඉස්සර කතාවක් තිබ්බා an apple a day keeps doctor away kiyalaa ඒත් ඒක දැන් කියන්න පුළුවන් "'A BANANA a day keeps the doctor away!" කියලා ඇපල් වලට සාපේක්ෂව 4 ගුණයක් ප්‍රෝටීන් තියෙනවා කෙසෙල් වල ,
    ඒ වගේම දෙගුණයක් කාබෝහයිඩ්‍රේටත්
    3 ගුණයක් පොස්පරසුත් තියෙනවා
    ඒ වගේම යකඩ විටමින්A 5 ගුණයක් වැඩි.

    ටෙනිස් ක්‍රීඩිකා මාරියා ක්‍රීඩාකරන අතරතුරත් කෙසෙල් කන්න හේතුව , කෙසෙල් වලට පුළුවන් ක්ෂණිකව විශාල ශක්තියක් ලබාදෙන්න.මං හිතන්නේ ඒකට හේතුව කෙසෙල් වල සීනි සුක්‍රෝස් ,ෆ්රක්ටෝස් ,ගැලක්ටෝස් විදියට සරලව තියෙන නිසා වෙන්න ඇති.

    ඒ වගේම කෙසෙල් වලට පුළුවන් අපේ ලේ වල හිමොග්ලොබින් ප්‍රමාණය වැඩිකරන්න මොකද කෙසෙල් වල අනිත් පලතුරුවලට සාපේක්ෂව වැඩි යකඩ ප්‍රතිශතයක් තියෙන නිසා.

    ඒ වගේම තායිලන්තේ වගේ රටවල මිනිස්සු ගර්භනී මවුවරුන්ට කෙසෙල් නිතර ලබාදෙනවා,මොකද කෙසෙල් වලට පුළුවන් ශරිරය සිසිල් කරන්න. ඒ වගේම මානසික ආතතිය අඩුකරන්න .

    ඒ වගේම මාතලන් කිවා වගේ කළු ඩොට් තියෙන කෙසෙල් වලට පිළිකා නාශක ගුණය තියෙනවා. .හැම පලතුරකම සෑහෙන්න ගුණ තියෙනවා ඒ අතර කෙසෙල් විශේෂයි පුලුවන්නම් දවසට එකක් කන්න ගොඩක් හොදයි

    "Bananas must be the reason monkeys are so happy all the time" හි හි so why we cant try මෙයාලා ...

    ReplyDelete
    Replies
    1. ඔය මගුලම තමා මාතලනුත් තේරුම් යන හිංගලෙන් කියල තියෙන්නෙත් ළමයෝ...

      Delete
    2. @අපූර්වී
      අපි නම් අහල තියෙන්නේ :
      An apple a day keeps the doctor away,
      If the doctor is handsome throw the apple away :D :D

      Delete
    3. @නිරෝ.....හා හා හ දැට්ස් වට් යූ කෝල් හියුමර්!!!

      Delete
    4. කව්ද එකෙක් කිව්වා "දුරට ඇපල් වගේ පේන එවා ලඟට පැපොල් වගේලු..."

      Delete
    5. මාතලං
      අපිනං ඕක කියන්නෙ දුරට පැමෙල, ලගට සුමන කියල

      Delete
  14. ///කැඩපත් පවුර.....

    මොනව හරි කුරුටු ගාලා යන්න/// මේකේ කැඩපත් කියලා තියෙන්නේ ඇයි ? මං මෙච්චර දවස් දැක්කට ඇහුවේ නැහැ ,, කණ්නාඩි පවුරද ? නැත්නම් කැටපත් කියලා නිවැරදි වෙන්න ඕනෙද ? ඈ මහාචාර්ය තුමණි

    ReplyDelete
    Replies
    1. ඕකට ඉන්ගිරිසියෙන් කියන්නේ "මිරර් වෝල්", "මිරර්" කියන්නේ, මූණ බලන කන්නාඩියට, ඒකට තවත් නමක් තමයි කැඩපත. ඒ නිසා නිවැරදි වදන. කැඩපත් පවුර.. තේරුනාද....? ඉඳගෙන..

      Delete
    2. thanks , ඇකචුවලි මං අදයි දැනගත්තේ ,මෙච්චර කල් හිතන් හිටියේ කැටපත් පවුර කියලා.

      Delete
    3. අපූර්වී නංගා,
      ඔබ මෙච්චර කාලයක් හිතන් හිටපු විදියත් හරි.එනම් කැඩපත් / කැටපත් දෙකම නිවැරදියි.මම වගකීමෙන් කියන්නේ.

      දුලා-Sandun Dulanjana
              (BA)Sinhala

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ස්තුතී ඔයාට .ඒකනේ සින්දු වල පවා තියෙනවා ඒ වචනේ.

      ඔමා _ කුවේණි රාජපස්ස MBBS (joke)

      Delete
  15. එතකොට වම්බටු කාටද හොද?

    ReplyDelete
  16. එතකොට උබ කියන විදියට අපේ කෙසෙල් කුණු උනාට කම් නෑ....

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද බන් පන්සලේ ඇවරි පිටින් කුණුවෙලා යනවා කියලා කියන්නේ..

      Delete
  17. කෙසෙල් භංග වේවා!
    මචං මේකෙ තවත් වර්ෂන් එකක් තියෙනවා නේද Why ........... is better than women කියලා?
    ඒකත් ලියාපං

    ReplyDelete
    Replies
    1. හොඩක් ඒවා තියෙනවා මචෝ.. බ්ලෑන්ක් තියෙන තැන වචනෙත් දැම්මා නම් ලියන්න තිබුනා අපේ කරලා.. ඒක නෙමෙයි අර ඇන්ඩියගේ තව කතා නැද්ද බන්..

      Delete
  18. එදා වම්බට්ට නිසා ඉස්පිරිතාල ගත වූ අය මෙය දැකිමෙන් පසු කෙසෙල් නිසා හොස්පිටලයිස් වේවි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ඕන දෙයක් බදාගෙන කන්නත් හොඳ නෑ.. වැඩියෙ කන්නත් හොඳ නෑ..

      Delete
  19. කියවන්න එපා කිව්ව හන්දා මං නම් බැලුවෙ නෑ.. :D

    ReplyDelete
    Replies
    1. වැදගත් දෙම්ව්පියන්ගේ දරුවෝ එහෙම තමයි.. මල් වගේ..

      Delete
  20. දැන් ඉතින් කෙසෙල් ගෙඩියක්වත් කන්න ලැබෙන එකක් නැ.

    ReplyDelete
    Replies
    1. කුණුවෙච්චි එකක්වත් හොයා ගන්න බැරි වෙන එකක් නෑ..

      Delete
  21. පිරිම් අපිටනම් ආනමළු තමයි :D

    ReplyDelete
    Replies
    1. ඕකට කියන කොමෙන්ට් එක මෙතන දාන්න බෑ.. සිංහයා බලු වෙනවා... ඒකයි..

      Delete
  22. කියන්න දෙයක් හිතාගන්න බෑ අප්පා :D :D :D

    ReplyDelete
    Replies
    1. කියවල හිතට ගන්න නංගි ඒ ඇති.

      Delete
  23. මාතලන් රෙන අලුත්ම ක්‍රමය. තමන් රීගෙන පුක් හිල අතගා මූනේ උලා ගැනීම. අනික් එව්වන්ගේත් උලන්න තැත්කිරීම. මූ UKK නාමධාරියෙකි. UKK = උපන් කුපාඩි කැරි

    ReplyDelete
    Replies
    1. අර උඩින් තියෙන අන්තුරු දැක්වීම දැක්කේ නැතෙයි.. මානසිකව අවුට් ගිය එකෙක්.. මම කිව්වේ ඒකනේ මෙයා.. ඔයා වගේ බබාලා ආවම.. රීලා නානවා.. අම්මිට කියලා හෝදගන්න පැටියෝ.. අංගොඩ යවන්න කලින්..

      Delete
  24. ඒ ඒ බන්ස් වලට ඒ ඒ බනානාස්ද නැත්නම් ඕනම බනානාස් ඕකේද?

    ReplyDelete
    Replies
    1. ඕනම බනනා එකක් හරියන්නේ නෑ.. ඒ ඒ ඒවට වෙන වෙනම තියෙනවා..

      Delete
  25. මහාචාර්‍යතුමා වටින ලිපියක් හැබැයි ඉතිං අපේ සායම ඉවරද මංදා...නරකද වම්බටු ගැනත් මේ වගේ ලිව්වනම්???

    ReplyDelete
    Replies
    1. ඕකම වම්බඩ්ට් වලට ආදේශ කලාම හරි..

      Delete
  26. නියම බනානා කථාවක්!

    ReplyDelete
  27. නියම බනානා කථාවක්!

    ReplyDelete
  28. අර බනානා ලැන්ගිවේජ් එක ගැනත් මක්ක හරි ක්විවනං සර්ව සම්පුරුණයි නේද පැටියෝ..

    ReplyDelete
    Replies
    1. මළ වදයක් උනා නේ.... ඉඳගෙන...

      Delete
  29. ලස්සන ලිපියක් අය්යේ මම හිනා වේවි කියෙව්වේ. මම දන්නේ නැහැ කෙහෙල්වල රූප දකිද්දී නම් පොඩි ලැජ්ජාවක් හිතුනා.

    ReplyDelete
    Replies
    1. කෑමට බීමට ලැජ්ජා වෙන්න නරකයි..

      Delete
  30. කෙහෙල් ගෙඩියක තියෙන ගුණ එක පලතුරකවත් නෑලු.
    මම නම් වැඩිය කැමති නැති පලතුරක් කෝලිකුට්ටු ඇර.
    අලු කෙසෙල් පිරිමි ලමයින්ට හොඳ නෑලු කියලා අපේ අත්තම්මා කියනවා.

    ReplyDelete
    Replies
    1. කෝලීකුට්ටු නම් පලල් වැඩියි තමයි..

      Delete
    2. අපි නම් අලු කෙසෙල් කාල හැදුනෙ.. තාම කිසි අව්ලක් නම් නෑ...

      Delete
    3. කොන්ද කෙලින් වෙන්නේ නැති එකේ අනිත් ඒවා කොහොමද දන්නෑ

      Delete
  31. බනානාය කීවම මතක් උනේ

    එකෝමත් එක තාලෙක එකෝමත් එක රටක හිටියලු කැතම කැත ගෑනියෙක්
    මුන්දැ කොච්චර කැතද කීවොත්
    පිරිමියෙක් වැරදිලාවත් මූන බලන්නෙ නෑලු
    මේ ගෑනුකෙනා මේ ගැන කල්පනා කරල කරල
    පොර සෝකය ඉවසාගන්න බැරිම තැන
    තීරනය කලාලු සියදිවි හානිකරගන්න
    මෙයා මේකට තෝරගත්තලු හයිවේ එකකට උඩින් යන පාලමක්
    මැරෙන්න හිතාගත්ත දවසෙ හවස හතට විතර
    පාලම උඩට නැග්ග මේ ගෑනු දරුව පැන්නලු පහලට
    හයිවේ එකේ වේගෙන් යන වාහනේකට යටවෙලා මැරෙන්න
    වාසනාවකටදෝ අවාසනාවකටදෝ මෙයා මැරුනෙ නෑලු
    මෙයා වැටුනෙ ඒ වෙලාවෙ පහලින් ගිය බනානාස් ලෝඩ් එකක් පටවගත්ත ලොරියකට
    වැටුනපාරට සිහිය නැතුවගිය මේ ගෑනු දරුවට
    සිහිය එද්දි සෑහෙන්න රෑ උනා
    සිහිය එද්දි මෙයාට මොකුත්ම පේන්නෙ නැති ගානට කරුවලයි
    ගෑනි කල්පනා කලාලු . . . . යකෝ මම දැං මැරිල නේද ??
    එහෙනං මේ ඉන්නෙ දිව්‍ය ලෝකෙවත්ද කියල
    කෝකටත් ටිකක් කරුවලේ වටා පිටාව අතගාල බලද්දි
    මෙයාට අහුඋනාලු . . . . වටේට තියන බනානාස් ගොඩක්
    ලොකු සුසුමක් පිටකරපු මෙයා
    කට කොනකට හිනාවක් දාගෙන
    කීවලු
    "ප්ලීස් ජෙන්ට්ලිමන් . . . . වන් ඇට් අ ටයිම්"
    කියල

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ පෝස්ට් එක කෙසේ වෙතත් උබේ කමෙන්ට් එක නම් සුපිරි

      Delete
    2. උඹලා මේවා නොලියන එකයි දුක...

      Delete
    3. කෝ බං ඔවුව ලියන්න වෙලාවක් :D

      Delete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. අනේ මං නං ඕවා කියවන්ට ගියේ නෑ..
    ආදේශකයක් ලෙස කැරට් පාවිච්චි කරන්නත් පුලුවන්ලුනේ..මං දන්නෙත් නෑ එහා ගෙදර පොඩි කෙල්ල කිව්වේ!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න