.

.

Mar 13, 2014

චන්ද්‍රිකාගේ සංහිදියා නාඩගම - Chandrika comes with SAPRI


බන්ඩාරණායකවරු කියන්නේ, මේ රට ජාතික වශයෙන්ද, ආර්ථික වශයෙන්ද, සංස්කෘතික වශයෙන්ද කාබාසීනීයා කර දැමු දේශපාළණ පවුලක්ය. එම පවුලේ අද දින දේශපාළණයේ ඉතිරිව සිටින්නේ, වාර දෙකක් ජනපති කම් කර, රට ජාතිය සෑම අංශයකින්ම කබාසීනීය කර දැමු සැටලයිට් නෝනා පමණය.

සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බන්ඩාරණායකට රටේ බලය ලබා ගැනීමට, දේශපාළකයකුට කළ හැකි පහත්ම ක්‍රියාව වන, ජාතිවාදය විකුණාගෙන කා, මේ රටේ ජාතිවාදි ප්‍රශ්ණයක් ඇති කලේය. දුප්පත් දරුවාට පවා ජාත්‍යන්තරය ජය ගැනීමට තිබූ ඉන්ගිරිසි අධ්‍යාපනය නැති බංගස්තාන කොර දමා, එයාලාගේ දරුවන් ලන්ඩනයේ පැරීසියේ ඉස්කෝලවලට ඇරියේය. සඟ වෙද ගුරු ගොවි කම්කරු ඔක්කෝම ආයේම සැරයක් බයියලාම කරලා දැම්මේය. 

සමාජවාදය නමට කරපින්නාගත්, වලව් කාරයෝ සැට් එකක් සමග සැට් වූ සිරිමාවෝ, ආර්ථික වශයෙන් ශක්තිමත්ව තිබූ රටක්, දවස් දෙකක් බත් කන්නේ නැති රටක් බවට පත් කලේය. අමුඩ ලේන්සු නැතිව මිනිස්සු යටට අඳින්නවත් බැරි තත්වයට පත් කලේය. බූමීතෙල් රෙදි දුන්නේ ජනතාව ගැරඬි කියා හිතා වෙන්න ඇතිය. අන්තීමේදී සිරි ලංකා නිදහස් පක්ෂය 8 බස්සා, පැන්සොන් ගියෝය. ලෙඩ මරගාතේ උන්නේ නැත්නම්, ආයෙත් ජනාධිපති වන්නේත් එයාම මිස එයාගේ දෝනීයන්දා නම් නොවේ. 

ඊළඟට ආවේ ලන්ඩන් වල හිටපු නෝනාය. අපේ හරක් රැලත් උන්දෑව පළාත් සභාවට පත් කලේ උඩින්ය, ඊට පස්සේ ජනාධිපති පුටුවේ තිබ්බේ, රැකෝඩ් බ්‍රේකින් ප්‍රසන්ටේජ් දීලාය. ආපු ගමන් මොන්ගලලා, ඇස් බීන්ලා දාගෙන, සුදු නෙළුමක් අරගෙන රට වටේ ගියේය. අන්තීමෙදි අපේ කොල්ලෝ මැරෙණා කොට, එයා රට මාරු උනේය. කොළඹට ඇටෑක් දෙන කොට එයා හෙමිහිට මාරු වෙනවාය. ඒ කරලාත් අන්තීමේදි ටවුන් හෝල් එකේ ඉල්ලාගෙනම කෑවේය. බෝම්බ පාරේ කඳුළු මැදින් දෙවනි පාරත් බලේට ඇවිත්, විස්කි ගගහා, යාලුවො සැට් එකත් එක්ක, රට කාලා විනාශ කොරලාම දැම්මේය.

පෙර පිනකට, ජනාධිපතිකම ටූ ටයිම්ස් නිසා, දාලා යන්න උනේ, රටේ උන් පින් කරලා තිබුන නිසාය. නැතිනම් ප්‍රභාකරන් රටම අල්ලා ගැනීම කෙසේ වෙතත්, සිල්ලර කඩවලට වඩා ලංකාවේ බාර් දා, සුරාමේරයෙන් ආසියාවේ ආස්චර්ය නොව, ළෝකෙන්ම නොම්බර එක වෙනවා නම් බුදු ෂුවර්ය. එහෙම ගියාට ආයෙත් ඇවිත් රට කන්න හිතිලා තියෙන්නේ, මහින්ද ලොක්කා කරපු පිස්සූ කේස් එක නිසාය.

හම්බ උන චාන්ස් එකෙන්, ආයෙත් බලන්නේ, කොහොම හරි බලේ ලබා ගන්නය. සෝභිත හාමුදුරුවෝ පොදු අපේක්ෂකයා කොරනවාට වඩා, මට ආයෙත් පාරක් බලේ ගන්න, මොන ගිනි විජ්ජුම්බරයක් හරි දාලා, කස්ටිය ගොනාට අන්දගන්න පුළුවන්ද කියා මුට්ටිය දාලා බලනවාය. ඉතින් ජනාධිපති ධූරේ නැති කරනවා කියා, හොරකම් කරපු උන් ගෝල්ෆේස් ගෙනත් පට්ට ගහනවා කියා, ආයෙත් බයිලා ගසාගෙන එන්න හොඳටෝම ඉඩ තිබෙනවාය.

එයාට එහෙම දේකට සපෝට් කරන්න, 94 ඉඳන් මේ රටට මෙළෝ දෙයක් නොකරපු, ගොබ්බ ඇමති සැට් එකකුත් එක්ක සාඛඡ්චාත් යනවා කියා, වටින් ගොඩින් ගොසිප් කතාත් එනවාය. කතන්දරේ ඇත්තය. සැටලයි නෝනා එක්ක දාපු සෙල්ලම්, දැන් ඉන්න ලොක්කා එක්ක දාන්න බැරිය. උන් ඔක්කෝගෙම වෘෂණ කෝෂ තියෙන්නේ, මහින්ද මහත්තයාගේ කබඩ් වලය. ඒ නිසා සැටලයි නෝනා පත් කලොත්, අරලිය ගහ මන්දිරේ තියෙන ඇට ටික ආයෙත් ලබා ගන්න පුළුවන් කියා එයාලා හිතනවාය.

ගේමට බහින්න ඕන නිසා, ආගමික සංහිදියාව නැතෙයි කියාගෙන, රිපෝට් එකක් ලියාගෙන රනිල් ලොක්කාට දෙනවාය. එයත් ඉතින් ඕන මළදානයක් හිනා වෙලා බාරගන්නවාය. කොහොමත්, ඊළඟ ජනාධිපති ඡන්දෙට ඉල්ලුවත්, කන්න වෙන බව දන්න රනිලානෝ, සෝභිත නැත්නම් මොකෙක් හරි දාලා ජාම බේරා ගන්න ඕනා නිසා, 2004 පුකට පයින් ගහලා එලවපු එකි, ඉඹලා, වැඳලා පිළිගන්නවාය.

එයාගේ ආගමික සංහිදියාවේ තියෙන ඒවා ඇත්ත වෙන්න ඇතිය. ඒත් ඉතින් මෙහේ තම්බිලා බලෙන් හලාල් දෙන්න යන ඒවා, හිජාබ් ඇඳගෙන ජිහාඩ් ඇති කරන්න යන ඒවා, රායාප්පු ජෝසප්ලාගේ වැල් බයිලා වගේ ඒවා ගැනත් සඳහනක් තිබුනා නම්, බොහෝම වටිනවාය. මොකෝ බොදු බලු සේනා වගේම තවත් බලු සේනා අනිත් ආගම් වලත් ඉන්නා නිසාය.

මේකේ අනිත් සංහිදියාවන් ගැන නොලියා ආගමික සංහිදියා ගැන විතරක් ලිව්වේ, අනිත් ඒවා ලිව්වා නම්, බැද්දගානේ සංජීවලා ගැනත්, පොට්ට නවුෆර්ලා ගැනත්, සරත් සිල්වා වගේ කම්බ හොරු ගැනත්, රූකාන්ත ඔපරේසොන්, අනෝජා ඔපරේසොන්, වගේ ඒවා ගැනත්, රෝහණ කුමාර ඝාතන ගැනත්, වයඹ ඡන්දේ කාන්තාවෝ උපන් ඇඳුමෙන් පාරේ යවපුවා ගැනත්, ලියන්න වෙන නිසාත් වෙන්න ඇතිය.

මෙයාට ඡන්දේ දීලා ආයෙත් ඉල්ලං කනවාට වඩා, සම්බන්ධන් ඉල්ලනවා නම් උන්නෑහේට දීලා දාන එක, නිවන් දකිනා තෙක් සසිරි බර මෙසිරි ලක ඉපදෙන්නට කරනා අනගි කුසල කර්මයක් වනවා නොඅනුමානය. රටට මක්කා උනත්, කන පාත්වෙන්න බොන්න කැමති උන් ඉන්නවානම්, එතුමියට තුනම දීලා දැම්මත්, මගේ නම් අමනාපයක් ඇත්තේම නැතිය.

62 comments:

  1. මෙතනදී රනිල් නිකං වැටඋඩ උත්තරයක් නේද දීල තියෙන්නේ... (කොහොමත් එයාගේ කෙලින් ඒවා නැහැනේ)
    ඉගුරු දීල මිරිස් අරන් ආයෙත් මිරිස් දීල ඉඟුරු ගන්න වගේ වැඩක් මේක..
    මට නං හිතෙන්නේ මෙයා මේ ගමන පොදු අපේක්ෂකය උනොත් සරත් ෆොන්සේකට වුනු දේම මෙයාටත් වෙනවා.


    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මොකා ආවත් මෙයත් එක්ක චන්ද දිනනවා බොරු.. 29 රෑට බලාගන්න බැරිය තත්වේ මොකක්ද කියලා...

      Delete
  2. කොහොඹ ගහට කරවිල වැල ගියා වගෙයි නොවැ.

    ReplyDelete
    Replies
    1. එහෙම උපමාවක් දාන එකත් අපරාදේ... ඒ දෙකේම අඩුම ගානේ තිත්ත රහ තියෙනවනේ.. මේ දෙකේම මෙළෝ රහක් නෑ...

      Delete
  3. 2003 දී වෙච්ච දේවල් මතකනම් සහ මොලේ මදටිය ඇටයක් තරම් වත් තියේ නම් රනිල් මහත්තයා මේ මැඩම් ව ලත් තැන ලොප් කරලා දාන්න ඕන...නැත්නම් ඉතින් තමන්ට අපරාධයක් කරගන්න ගමන් රටට සිද්දවෙන අපරාදයකට වගකියන්න ත් වෙයි උන්නැහැට ..

    ReplyDelete
    Replies
    1. රනිල් ලොක්ක කරන්නෙ රගපෑමක් බං .....
      ගාමිණි,විජය,ජෝ කට්ටිය මැරිලානේ ....

      Delete
    2. පැත්තකට වෙලා බණක් දහමක් අහගෙන ඉන්න දෙන්නේ නැතිව, ආයෙත් දේශපාළණේට ගේන්න හදන්නෙත් රනිල්ලම් තමයි.. හැබයි ඉතින් එහෙම ආවොත් හෙම, එයාගේ ගෝලයන්ගෙන්ම කැරක්ටර් සැටිපිකට් ටිකක් හම්බ වෙයි මදි නොකියන්න..

      Delete
  4. කොමෙන්ට් කරන්න තරම් දැනුමක් නැත්තේය..දේශපාලන බ්ලොග් කියවා යමක් ඉගෙනගන්නට ට්‍රයි කරමින් ඉන්නවාය

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් හරි ඉගෙන ගන්න... ඔක්සිජන් වලට වඩා වටිනවා...

      Delete
  5. ලෙසටම ලියල .... කියවද්දී උඹට ආදරේ හිතුන බං .....
    අපේ අයියල කි දෙනෙක්ට ඇඩෙයි ද මන්ද අප්පා....

    ReplyDelete
    Replies
    1. එහෙම නොවෙන්න ඉඩක් නෑ... මොකෝ මෙයාලටත් වඳින පුදන පිරිසක් ඉන්නවා...

      Delete
  6. >> බන්ඩාරණායකවරු කියන්නේ, මේ රට ජාතික වශයෙන්ද, ආර්ථික වශයෙන්ද, සංස්කෘතික වශයෙන්ද කාබාසීනීයා කර දැමු දේශපාළණ පවුලක්ය. <<
    මං ලයික්ම වචන ටික මචං මේ ටික.
    හැබැයි ඉතිං සම හරක් .......එක්කෝ ඕනෙම නැහැ බං .........

    ReplyDelete
    Replies
    1. මොකෑ බං ඉස්සර වගේ කන පැලෙන කොමෙන්ට් දාන්නේ නැත්තේ..

      Delete
    2. නැහැ මචං මගේ වචන සැට් එහෙමම තියෙනව...මේකේ අමුතු කෙලියක් කොරන්න හදන අයියල මල්ලිලා සුට්ට දෙනෙක් මගේ මෑණියන්ට හමන්නල රෙදි ගලවනවා කියල මේ ලගදි කියල තිබුණ ...ගැලෙව්වලින් පස්සෙ තවත් හොදටම හෙළුවෙන් ලියන්න බැලුවෙ මචෝ...
      දෙන්නම් බං මම ලෙසට ඉදිරියේදී...

      Delete
  7. මේක අපේ ඉන්න සම හරක් උන්ට කියවන්න මේල් කොරන්ට විදියක් නෑනෙ අප්ප අඩවලා දාන්න... සැක් ඉතරක්

    ReplyDelete
    Replies
    1. ඇයි මෙල් බොක්ස් එක කැඩිලද...?

      Delete
  8. මාතලන් මල්ලි ..
    මං මේ බ්ලොග් කියවන්නේ නෑ ..එත් මල්ලි නිකං ඉරිසියාව ඉහවහා ගිය ටෝකක් දාලා තියෙනවා කියලා කෙනෙක් කිව්ව නිසා මං මේක බැලුවේ ..

    මල්ලි ඕකට තමයි කියන්නේ අන් සැපතට ඉරිසියා නොකරනු කියලා. මල්ලිට කියන්න මල්ලි. චන්ද්‍රි එක්ක ඒ කාලේ ගත කරපු හැටි මතක් වෙනකොට එය ආපහු එන්න හදන එකට බකට් අදින උඹේ බොටුව මිරිකන්න හිතෙනවා .

    උඹ දන්නවද බං ඒ කාලේ මම නිකන් රජ ගෙදර පර්වියාටත් එහා ..අපේ විජේ "ඇය ඔබට බාරයි" කියලා අන්තිම ෆිල්ම් එක මගෙත් එක්ක රඟපානකොට කවුඩ් හිතුවේ ඇත්තටම ඒ ෆිල්ම් එකේ වගේ මෙයාව මට දීලා මින්හා ස්වර්ගස්ථ වෙයි කියලා .

    උඹ දන්නේ නෑ මාතලන් මල්ලි ඒ කාලේ සවුත් ඇෆරිකා වල , කෙන්යා වල අපි සෆාරි යද්දී..,අම්මේ ....ඒකාලේ රට කරේ "ජනාධිපතිනි" වුනාට කට්ටිය මට කිව්වේ "ජනාධිපති"කියලා. ඔය ඇමට්ටෝ ඔක්කොම මට සැලකුවේ දෙයියෙකුට වගේ .

    අර කුපාඩි වික්ටර් අයිවනයා "චෞර රැජින " කියලා පොතක් ගහලා කෙලියා හැබැයි අර චන්ද්‍රි කෙල්ල ගියාට පස්සේ ,නැත්තන් ඕකටත් මං
    අර චැනල් 9 කෙස් එකෙන් මට අන්චිය අදින්න හදපු ගාමිණි දිසානායක ලොක්කට වෙච්චදේ මතකනේ ..එතකොට අර ටැබ්ලොයිඩ් පත්තර කාරයා කවුද අර රෝහණ කුමාරයා ..දැක්කනේ ඉල්ලාගෙ කාපු හැටි ..උඹටත් කන්න හිතිලද මල්ලි ..

    උඹ දන්නවනේ මේ සනත් ගුණතිලක කියන්නේ කවුද කියලා , කොහොම හරි එයා ආවොත් එහෙම උඹ කේන්දරේ බලවලා තියාගනින් මාතලන් මල්ලි ...

    එහෙනම් අපි ගියා -- මම සනත් ගුණතිලක

    ReplyDelete
    Replies
    1. ගෙට ගිනිතියයි, නැත්නම් හැමෝම ඉස්සරහ කොන්ඩේ තැනින් තැනින් කපල දායි, එගෙම නැත්තනම්, වෑන් එකක් ඇතුලට දාල ගිනි තියයි..

      Delete
    2. @සනත් අයියා...මම කෙන්ජිය බයිස්කෝප් ඔලට ආපු මුල් කාලේ පුක් සයිකලේ පදින සිං එකක ඔයා සයිකල් පදින්න දන්නෙ නැතිව පොල්ල උඩ තියං පැද්ද එකා...
      වොව්...වොව්... ඒ පිචාර් එකේ තමා...

      Delete
    3. සනත් කියන්නේ, අන්තඃපුරේ උන්න එක බලු කුක්කෙක් විතරයි...

      අනික ඉතින් ඒවා පුද්ගලික දේවල්නේ.. මොකෝ අපි කියලත් හොඳ මිනිස්සුය.. අපි රජ උනත් ඔච්චර තමා.. මම කිව්වේ රජ උනොත් කියලා...

      Delete
    4. ලෝකයා නම් කියන්නේ රජ නොවුනත් වැඩ එහෙමයි කියාය ..අම්මප මේ ලෝකයා කියන බොරු නේද මාතලන් :D

      Delete
    5. උන්ට ළෝකයා කියන්නේ නිකංද බං......

      Delete
  9. මේ ගැන නම් කියන්න ඇත්තෙ මෙවා විජාතික බලවෙග කියලා පමණි .ඉතිරි හරිය විමලේ ලක්ශනට කොරනවා නියතය .

    කොම වුණත් රනිල්ට වඩා මං පොර නම් චන්ද්‍රිකාකා මැඩම්ට කැමතිය ,ඒකට හෙතු ගොඩක් ඇත .මං පොඩි කාලයේ තමා චන්ද්‍රිකා මැඩම් ජනාධිපතිනිය වෙලා හිටියේ ඒ කාලේ අපේ ගෙදර තිබුණ පොඩි කළු සුදු ටිවි එකෙන් කට ඇර බලන් හිටියා එයා යුද්දේ ඉවර කරන කන් ..

    ඇස්.බිට කිව්වා නම් හොද කතා ටිකක් අහන්න තිබුණා අයේත්

    ReplyDelete
    Replies
    1. තව එකක් කිමට ඇත ,ඔය ෆොන්සේකලාට ,රනිල්ලාට වඩා තවමත් චන්ද්‍රිකාට හොද මාකට් එකක් තියෙනවා ය .හදිස්සියේ ජන්දයකට ආවොත් එහෙම ලොක්කාට දැන්නෙන දෙන්න පුළුවන් චරිතයක් තමා මං හිතන්නෙ ඔය කොම කිව්වත්

      Delete
    2. දැනෙන්න දීම කෙසේ වෙතත්.. දැනෙන්න කන එක නම් බුදු ෂුවර්...

      Delete
  10. මොන පොදු අපේක්ෂකය පත් වුනත් බලය ගත්තොත් ඕක දාල යන්නෙ නෑ. හැබැයි ෆොන්සේක හරි සෝභිත හරි (එහෙම කියන්නෙ හාමුදුරුකම නමට විතරක් නිසා ) දිනුවොත් ඒ අයට ලොකු පක්ෂ නැති නිසා බලය පවත්වාගෙන යන්න අමාරු වෙනව. දෙපැත්තෙන්ම දෑත් ශක්තිමත් කරන්න කට්ටිය එන්න ඉඩ තිබෙනව. ෆොන්සේක ආවොත් හමුදාව මත රැදෙන්න ඉඩ තිබෙනව.

    හැබැයි චන්ද්‍රිකා ආවොත් ඔය සේරටම වඩා වෙනස්. ජනාධිපතිවරණෙ දිනුව හැටියෙ ආයෙ ශ්‍රීලනිප ආන්ඩුවක් බිහිවෙන්නෙ. චන්ද්‍රිකා ශ්‍රීලනිප නායකත්වයට පත් වෙනව. යූ ඇන් පියට හුලන් තමයි.කොහොමටත් යූ ඇන් පියට බිලිබෝයි කෙනෙක් හරි බිලි ගර්ල් කෙනෙක් හරි මේ චන්දෙටත් ඕන වෙයි. හැබැයි ඊට පස්සෙ නම් යූ ඇන් පියට තනියම ඔළුව උස්සන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකා නම් සංසාරෙදි එන්නේ නෑ... ඕන් ඊයෙත් මහා පරිමාන නාය යෑමක් සිද්ද වෙලා..

      සෝභිත ආවොත් වෙන්නේ, අර සාස්තර කියපෞ සෝභිතට උන කෙලියම තමයි,, දෙකක් නෑ සිවුරු අරිනවා..

      Delete
  11. මාත් හිතන විදිහට ලොක්කා ගත්ත ගොන් තීරණයක් තමා දෙක තුන කර ගත්ත එක.

    පුදුමෙ කියන්නෙ මේ සැටලයිට් ඇන්ටි කෙල්ලට දෙපාරක්ම ඉදලත් කරගන්න බැරි උනදේ තුන් වෙනි පාර කොරයි කියලා හීන මවාගෙන අපේ ගොන්නුත් මෙයාට ඡන්දෙ දුන්නොත් තමා.

    ඔය සැටලයිට් ඇන්ටි කෙල්ල වෙන කවුරුත් නෙමේ බොලවු 'අනුලා බිසවගෙ' නැවත ඉපදීමක්.

    ReplyDelete
    Replies
    1. ලොක්කට පොඩි වැඩයි කරන්න තිබුනේ, කලින් උන්න අයට එන්න බෑ කියලා, පොඩි කෑල්ලක් එකතු කරන එක විතරයි..

      කොහේද... මේ වගේ වැඩක් කරන කොට අපෙන් වත් පොඩ්ඩක් අහනවය..

      ඇත්ත... මේ වගේ චරිත කීපයක්ම අතීතයෙත් ඉඳලා තියෙනවා..

      Delete
  12. කවුරුන් හෝ ඉදිරිපත්වී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කලයුතුය.එවිට මේ මජර දේශපාලන සංස්කෘතියෙන් හරි අඩක්වත් යහපත් අතට හැරෙනු ඇත.මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට අකමැති නම් විපක්ෂ බලවේග එක්වී හෝ එය අහෝසිකලයුතුය.චන්ද්‍රිකා මහත්මියගේ අතීතය හෝ ඇගේ පවුලේ අතීතය සම්බන්දව විවේචනය කරනවාට වඩා ඇයට මේ ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ හැකියාව තිබේදැයි විමසීම වැදගත් වේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මේ විමසලා තියෙන්නේ.. ඇයි දෙපාරක් කළා මදිද...?

      Delete
  13. ෆට්ට...ඇඩේන්න දීලා තියෙනවා මරේ මරු...හෙබෙයි රුපවාහිනී itn බලන මන්දබුද්දික පෙක්ෂකයට නම් මෙඋවා අරහන් වන්නේය

    ReplyDelete
    Replies
    1. ඒවා ඇවිත් ඇස් ඇල් ඇෆ් පී කාරයන්ටම සින්න වෙච්චි චැනල් නෙවෑ...

      Delete
  14. //බන්ඩාරණායකවරු කියන්නේ, මේ රට ජාතික වශයෙන්ද, ආර්ථික වශයෙන්ද, සංස්කෘතික වශයෙන්ද කාබාසීනීයා කර දැමු දේශපාළණ පවුලක්ය.
    සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බන්ඩාරණායකට රටේ බලය ලබා ගැනීමට, දේශපාළකයකුට කළ හැකි පහත්ම ක්‍රියාව වන, ජාතිවාදය විකුණාගෙන කා, මේ රටේ ජාතිවාදි ප්‍රශ්ණයක් ඇති කලේය. දුප්පත් දරුවාට පවා ජාත්‍යන්තරය ජය ගැනීමට තිබූ ඉන්ගිරිසි අධ්‍යාපනය නැති බංගස්තාන කොර දමා, එයාලාගේ දරුවන් ලන්ඩනයේ පැරීසියේ ඉස්කෝලවලට ඇරියේය. සඟ වෙද ගුරු ගොවි කම්කරු ඔක්කෝම ආයේම සැරයක් බයියලාම කරලා දැම්මේය. //

    හරියටම හරි.....මාතලන් කොලුවෝ උඹේ නිර්භය ප්‍රකාශයට ඔලුව පාත් කරන්නම්.

    ඒ වගේම විජේතුංග ලොක්ක හැරෙන්නට ජඩාධිපොති කං කොරපු අවස්ථාවාදී හැම නඩයක්ම අඩුවැඩි විලසින් කොරේ රට කාපු එකටමය.
    දැන් ඒක මහපරිමානයෙන්ම කෙරෙනවාය. ජඩාධිපති කොරමෙය අහෝසි කොරන තාක් කල් මොකා ආවත් ඔය ටිකමය.

    ReplyDelete
    Replies
    1. ඩී බී විජේතුංගට උනේ කන්න වෙලාවක් හම්බ නොවෙච්චි එක.. නැත්නම් උන්න ටිකෙත් වරිගේ උන් කීප දෙනෙක් ගොඩ ආවා..

      Delete
  15. මාතලන් කියන ගොඩක් දේවල් වලට එකඟයි. ඒත් චන්දිකා ඉද්දි මොන ඉටිගෙඩියක්වත් හරියට නොවුනත් දැන් ඉන්න විදිහේ හීනමානය තියෙන සෙට් එකක් හිටියේ නැහැ. ටොයිලට් එකක් හැදුවත් නම දාගන්න අමාරුවක් තිබුණේ නැහැ.

    ReplyDelete
    Replies
    1. නම දාගන්න ටොයිලට් එකක් වත් හැදුවේ නෑ නේ...

      Delete
  16. pabata eka laksha ganak manapa deepu ape hatta inna nisa chandrikata hopes tiya ganna puluwaniya. eth lokkawa paradawana eka nam heenayakmaya.

    ReplyDelete
    Replies
    1. මේ කපේදී සැබෑ නොවන හීනයන්ය...

      Delete
  17. කෝ අර අපේ ඔය පවුලෙ පින්තුර ඔලට පිටොරට සිතල කාමර වල ඉදං තාමත් වදින අයියිලා/අක්කිලා....

    ReplyDelete
    Replies
    1. එහෙම කට්ටිය තාම ඉන්නවද කෙන්ජි? මෙහෙ නමි ඉන්නෙ සාටකෙන් එල්ලිලා මෑරෙන්න වුනත් කෑමති අය

      Delete
    2. එයාලට කතා කරන්න දෙයක් නෑ... මොකෝ මෙතන කිසිම බොරුවක් ලියලා නෑ නේ..

      Delete
    3. හැක් ... හැක් ... @ PJ & මාතලන් ... අනිවා....
      PJ මචෝ ...මම ගොඩක් කිව්වෙ නෝත් කුරු දිවයිනෙ ඉන්න ලොකු අයියල දෙන්නයි ඔටු දේසේ ගොඩ +නගන්න හදන අයියලාට...

      Delete
  18. API CHANDRIKATA BAYAI MALLIYE. APATA DAN CHOOTH YANAWA.

    ReplyDelete
  19. Chandrika regime was an utter failure, the main difference between chandrika and mahinda regimes is that those days the guys from the top to bottom ( Minster to Local government body memeber ) did not have this many easy and effective ways of stealing our money, chandrika did nothing , nothing productive at all and who ever who was with her during that time are still in power , the whole of her cabinet almost 90% the people are stil here, wat difference can we expcet from them now and wat else can we expect from them tomorrow... who ever who came to power from those days ( not every one a majority ) has some how found a way to still remain in power, example, S.B - became a minister in 94 and still the same, preime minister still in power, when these guys die or finally loose the elections they open up the path to some one else similar and that guy also stays in power till he dies,,,, so what im trying to say is even though the heads of state change still its the same people who run the show, unlike other western democracy's we can never expect a complete change of this system untill every one whos in power currently are eradicated....lets say we as voters want curruption to stop,,,, equal rights for every one,, freedom of speech,, changin the regime from MR to UNP will never work.,..... i still cant figure out how a person can come in to power some day and change this system with the politicians we have today.......life is about choices we make, whether we make the right or the wrong choice we have to live with it ..... and as voters, we will always make the wrong choice cz there is nt a right choice to make,,, either u vote for MR or UNP and both are the wrong choices to make

    ReplyDelete
    Replies
    1. මම පාවෙන ඡන්දයක්, මේ සැරේ පලා බබාගේ එකේ දෙන්නේ ජෙප්පන්ට.. ඒ උන් යූ ඇන් පී කාරයන්ට වඩා දෙයක් විපක්ෂේ ඉඳලා කරන නිසා.. ඒත් මහින්ද ඉල්ලන ජනාධිපතිවරණයකදි, අනිවාර්යයෙන් මනාපය දෙන්නේ මහින්දට. මොකෝ මහින්ද තරම් හොඳ යූ ඇන් පී කාරයෙක්, යූ ඇන් පී එකේවත් නෑ..

      Delete
    2. //මම පාවෙන ඡන්දයක්, මේ සැරේ පලා බබාගේ එකේ දෙන්නේ ජෙප්පන්ට.. ඒ උන් යූ ඇන් පී කාරයන්ට වඩා දෙයක් විපක්ෂේ ඉඳලා කරන නිසා.//මමත්
      හැබැයි මහින්දටනම් ලොවෙත් දෙන්නේ නැහැ නැහැ.....මයි.

      Delete
  20. ඔය සින්හල කරෙ තියාගෙන බන්ඩාරනායක ගොයිය කරපු වින්නැහියට තාමත් අපි ගෙවනව.සැටලයිට් ගැන හරියට කියෙවුවෙ අයිවන් ගොයියගෙ පොතෙන්.එව ඇත්තනම් අම්මපා මුන්ට හෙනගහන්නෙ නැ නේ.ඔය බඩ්ඩ දිනුවෙ මෙයාගෙ හොදකට නෙමෙයි.එ වෙනකොට මොල්ගහක් දැම්මත් දිනන සයිස් එකට යුඇම්පිය එපාවෙලා තිබුන නිසා.මොක වුනත් මුන්දැට ආයි දිනන්නනම් මැරිල ඉපදෙන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. අපේ සම හරක්ට ඕවා මතක නෑ... ඒකයි මේ මතක් කොරලා දෙන්නේ..

      Delete
  21. මට හිතෙනවා රනිල් චන්ද්‍රිකාව හරි වෙලාවට ගේමට බස්සවයි කියලා. අද අනුර බංඩාරනායක පදනමට හුළං ගහන්න චන්ද්‍රිකා ඇවිත් හිටියා. ශ්‍රීලනිප දේශපාලනයේ වෙනසක් වෙයි කියලා හිතනවා 29 පස්සේ. චන්ද්‍රිකා දේශපාලනික වශයෙන් ඉත්තෙක් කරගන්නවා මිසක් දේශපාලනයේ රඳවාගත යුතු චරිතයක් නොවේ. රනිල් මේ අවස්ථාව හරියට ප්‍රයෝජනයට ගනීද? මේ මොකා ආවත් අපිටනම් යමක් දැණෙන්න ලැබෙන්න ටිකක් වෙලා යයි.

    ReplyDelete
    Replies
    1. 29 පස්සෙත් මුකුත් වෙන්නේ නෑ.. අපි ඔහොම දවස් කීයක් දිහා බලාගෙන උන්නද..? කමක් නෑ මිනිස්සුන්ට හීන තියෙන එක හොඳයි.. මේ ආන්ඩුවේ දූෂණය හා නාස්තිය නැතිනම්, රටට සුදුසු නියම නායකත්වය මේක තමයි..

      Delete
  22. එක පාරක් වලේ වැටුන අපි ආයෙමත් පාරක් වලේ වැටෙන්න බොහෝම දක්ෂ ජාතියක් බව අමතක කරන්න එපා.වලේ වැටීම අපේ ජාතික පුරුද්දක්.හැබයි විධායකය අහෝසි කිරීමට චන්ද්‍රිකා චන්දය දෙනවා කියන එකනම් මහාම මහා මෝඩ වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම එන්නේ ඕක අහෝසී කරනවය කියලා.. දැන් දැන් වෙන පොරොන්දු දෙන්නෙත් නෑ.. ආවම කවදාවත් අහෝසි කරන්නෙත් නෑ.. ඒ නිසා කිසි එකෙක් මේ බොරුවට ආයෙත් අහු වෙන එකක් නෑ.. සෝභිත නෙමෙයි බුදු හාමුදුරුවෝ ආවත්..

      Delete
  23. බණ්ඩාරනායක මහත්තයා කරපු ලොකුම සේවය තමා ත්‍රීකුනාමලේ ඉංග්‍රීසි නාවික නඳුවුර ඉවත් කිරිම
    ඕක තිබුනනම් කවදාවත් ltte එක පරද්දන්න සුද්දෝ ඉඩදෙන්නේ නෑ
    සිංහල බාෂාව රාජ්‍ය බාෂාව කල විදිය නම් වැරදියි
    කරන්න තිබුනේ සිංහල දෙමල වැදි ආදී බෂා කීපයක්ම රාජ්‍ය බාෂා කරලා සිංහල සම්බන්ධීකරන බාශාව කරන්න
    දැන් වුනත් ඒකට පරක්කු වැඩි නෑ සුද්දොත් කරන්නෙ එහෙම තමා බලපං බ්‍රිටිෂ් කවුන්සිල් එක ඒක බ්‍රිටිෂ් කවුන්සිල් ද නැත්නම් ඉංග්ලිෂ් කවුන්සිල්ද
    අප් රටේ නිර් ආගමිකයන්ට ප්‍රියන්ත හේවගේ මහත්තයගෙන් ගන්න ආදර්ශයක් තියෙනවා ලංකාව නිර් ආගමින කරන්නනම් සිංහල බෞද්ධ අභිලාශයන්
    නිර් ආගමික ලෙස ඉෂ්ටවිය යුතුයි එතකොට මිනිස්සු නිර් ආගමික වෙනවා නැතුව නිර් ආගම බලෙන් ඇඟේ ගහන්න ඕන නෑ
    යුරෝපය නිර් ආගමික වුනේ යුරෝපයේ වැඩවසම් යුගයෙන් පසු බිහිවූ ජාතික රාජ්‍ය වල ස්වාධීනත්වයට කතෝලික සභාව කරදරයක් වුන නිසා ලංකාවේ දෙමෙල්ලු නිර් ආගමික වුනේ
    උන්ට හින්දු ආගමට වඩා ක්‍රිස්තියානි ආගම දේශපාලනිකව වටින නිසා. නිර් ආගමිකත්වය කියන එකේ මැජික් එකක් නෑ

    ReplyDelete
    Replies
    1. සුද්දෝ කරපු ළොකුම වැරැද්ද තමයි, ලංකාව දාලා ගිය එක. අපි ඒ තරම් පව් කාරයෝ.. බුද්ධාගමේ හැටියට..

      Delete
  24. @ ජගත් P බණ්ඩා ට්‍රින්කො අපිට අයිති කරලා දුන්නට වඩා අපේ රටේ තරුණ පරපුරට ලෝකයා ඉදිරියට ඉක්මනින් ලගාවන්න තිබුන එක නවත්තපු එකම ඇති වලවල් වලට හෙන ගහන්නත්....
    අද අපේ උන්ට ඉංගිරිස් කතා කරන්න ඒකාලේ ඉඩ තිබුන නම් සිංගප්පුරුව නෙමේ බන්....අද ලංකාව....
    අත් ටැට් ටරේ හදපු එකාට තාක්ශනේ පිට ලටට විකුණලා ..සුපියල් ඩොලර් කරලා ඒ මැසිම තම රටට ගෙන්නපු ලටේ ඉපදුන උඹ නේද ...අර බාසා ගැන කියන්නෙ ..???

    ReplyDelete
  25. සිංගප්පූරුවේ ලොක්කා එයාගේ 88 වෙනි උපන්දිනේ දී කියල තියෙනවා ඉංග්‍රීසි වගේම චීනත් ඉගෙන ගන්න කියලා

    ReplyDelete
    Replies
    1. වයසට යන කොට මැන්ටල් කියන්නේ නිකන්ද...

      Delete
  26. බන්ඩාරනායක පවුල ගැන මුලින්ම කියලා තියෙන දේට සම්පුර්නයෙන්ම එකඟ වෙන්න අමරුයි. ඒත් ආගමික සංහිඳියාව ගැන හිටපු ජනධිපතිනියගෙ හදිසි කැක්කුම ගැනනම් මටත් කියන්න තියෙන්නේ ඒක තවත් දේශපලන නාඩගමක්ම තමයි කියන එක. චන්ද්‍රිකා - රනිල් මේ සාකච්ජාව ගැන විද්වතුන් කිහිප දෙනෙක් එක්ක සාකච්ජා කරලා රාවය පත්තරේ වෙනුවෙන් ලිපියක් ලියන්න මට පුලුවන් උනා. එකෙදී නිර්මාල් රංජිත් දේවසිරි මහත්මයානම් කිව්වෙ රටේ ආගමික සංහිඳියාව ගැන බරපතල ප්‍රශ්නයක් තියනවා කියල. බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන්ගේ අදහස වුනේ ඊට සම්පූර්නයෙන්ම වෙනස් එකක්. ඒ ලිපිය මගේ බ්ලොග් අඩවියෙත් දාල තියනවා.
    http://sarungaleblog.blogspot.com/2014/03/blog-post.html

    ReplyDelete
    Replies
    1. දිලිනි මම සරුංගලේ පෝස්ට් එකට කොමෙන්ට් එකක් දැම්මා එතන බලන්න..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න