.

.

Jul 15, 2014

යුද්ධයට මම මාර ආසයි ඕයි..! - Love War


මම යුද්ධයට මාර ආසයි ඕයි. විහිළුවට නෙමෙයි ඕයි. ඇත්තමයි ඕයි. මේ දවස්වල මට මාර Thrill ඕයි. මගේ බුකියේ, ඊශ්‍රායල් කාරයෝ කෙලලා ඇරලා මැරෙන, බෝනික්කෝ වගේ පොඩි උනෙගේ Pictures update කරනවා ඕයි. රේස් ඔට්ටු අල්ලන බුකියේ නෙමෙයි ඕයි. Facebook එකේ ඕයි. අර ළමයි එල්ලලා මරන්නේ ඕයි. එහෙම ළමයි මැරෙන කොට, මට මාර Thrill ඕයි. ඒක මාරයි ඕයි. අපේ අය ඒ වගේ මරණවලට මාර Like ඕයි. මට Like පිරිලා ඕයි. මට මාර සන්තෝසයි ඕයි. හේතුවක් නැතුවම මාර ආඩම්බරයි ඕයි. ඉතින් මම ඒ පින්තූර Share කරන්න කියලා දානවා ඕයි. එහෙම Share වෙන ගාන දැක්කාම, මට මාර හැපි ඕයි. යුද්ධයට මම මාර ආසයි ඕයි.

ඊශ්‍රායල් කාරයා කුඩු වෙන්න ගහනවා ඕයි. පලස්තීන් උන් මැරෙනවා ඕයි. ඉතින් අපේ උන්ට දුකයි ඕයි. මට නම් මාර happy ඕයි. මොකෝ මැරෙන්නේ මරක්කල උන් ඕයි. ඊශ්‍රායල් කාරයෝ මෙහේ ගේන්න හිතෙනවා ඕයි. අළුත්ගම එහෙම, හරියට වැඩේ කර ගන්න බැරි උනා ඕයි. ආන්ඩුව ඇඳිරි නීතීය දාලා වැඩේ කෑවා ඕයි. මම හිතුවේ කොළඹටත් ඒවී කියලා ඕයි. ඔය පොඩි උන් මැරිච්ච Photo දැක්කාම, මට මාර ආසයි ඕයි. මොකෝ, මරණ එක, මොටෙයියගේ ඉඳලා මරන්න ඕන ඕයි. Biscuit  කන බාලචන්ද්‍රගේ පොටෝ එක දැක්කම් මට මල පනිනවා ඕයි. ඒත් මූසලය මරලා තියෙනවා දැක්කම මට මාර ත්‍රිල් ඕයි. යුද්ධයට මම මාර ආසයි ඕයි.

යුද්ධය මෙහේ තිබුන කාළේ, මම මාර ආසාවෙන් උදේම නැගිටින්නේ ඕයි. කොළඹ ඩෝං ගානකන් මම බලාගෙන ඉන්නේ ඕයි. ඊට පස්සෙ මැරුණ ගාන හොයනවා ඕයි. දෙකයි තුනයි නම් මට මාර දුකයි ඕයි. මරණ ගාන වැඩිනම්, මට මාර ජොලි ඕයි. කොළොන්නාව ගිනි ගන්න කොට, මට මාර ආසයි ඕයි. මම යාළුවොන්ට Call දෙනවා ඕයි. උන්ටත් මාර ආසයි ඕයි. ඊට පස්සේ ටෙරාලා හොයන Game ඕයි. උන් මරදානේ, කොටුවේ, පිටකොටුවේ බෝම්බ තියන කොට, මට මාර ආසයි ඕයි. Lake House එකේ Operation එකක් යන දවසේ, මට මාර සතුටුයි ඕයි. මම TV එකේ Live බලනවා ඕයි. අර Trailer Bike වල Soldiers එන කොට, මට English Film වගේ ඕයි. ඔක්කොම Clear උනයින් පස්සේ, මම ඒවා බලන්න යනවා ඕයි. යුද්ධයට මම මාර ආසයි ඕයි.

රෑටත් නින්ද යන්නේ නෑ ඕයි, Search Light ගහනවා ඕයි. ඒවා හඳටත් වදිනවා ඕයි. මම ඒ කාළේ මලක් වත් ගහන්නේ නෑ ඕයි. මොකෝ මලක් ගහලා, හඳට යන කොට, ඔය ලයිට් පාරට පෙනවා ඕයි. මල් ගහන්නේ මොකටද ඕයි. ඊට වඩා මාර ආතල් ඕයි. කැළණි ගඟ දිගේ, කුරුම්බැට්ටි මැසින් එනවා ඕයි. උන් උඩිනුත් ඇවිත්, බෝම්බ දානවා ඕයි. මෙහෙන් මල් වෙඩි ගහනවා ඕයි. මුළු කොළඹම Fire Works වර්ක්ස් ඕයි. Monte Carlo වලවත් ඒ වගේ නෑ ඕයි. Baghdad වගේමයි ඔයි. ඒවා එන එක නැවතුනේ අපරාදේ ඕයි. මේ යක්කු ඒ ආතල් කෑවා නේ ඕයි. මම යුද්ධයට මාර ආසයි ඕයි.


George Bush Junior මම වගේමයි ඕයි, උන් කොහොමත් Cow Boys ලා නේ ඕයි. අපෙත් ගොඩක් උන් Cow Boys ලා තමයි ඕයි. ඌත් යුද්ධයට මාර ආසයි ඕයි. Tony Blair ත් යුද්ධයට ආසයි ඕයි. ඉතින් දෙන්නා එක්ක Weapons of mass destruction හොයලා ඉරාකෙට ගහනවා ඕයි. අවුරුදු ගානක් ගහලත් දෙන්නම ගෙදර යනකන් ඔය Weapons of mass destruction හොයා ගන්න බැරි වෙනවා ඔයි. ඒත් මිනිස්සු මරණවා ඕයි. මට මාර ආසයි ඕයි. යුද්ධයට මම මාර ආසයි ඕයි.

Saddam Hussein නම් ගැඩිබිල්ලෙක් වගේ, පොළොව යට ඉඳලා ඇදලා ගන්නවා ඕයි. ඌට පොප්සිකල් නැතුව, කෝටුව විතරක් කවලා DNA චෙක්කරලා, ඌව එල්ලලා මරණවා ඕයි. මට මාර ආසයි ඕයි. ඊට පස්සේ Qaddafi ත් එහෙම මරණවා ඕයි. මට මාර ආසයි ඕයි. දැන් Syria වෙත් එහෙම මරණවා ඕයි. මාර ආසයි ඕයි. Iraq න්, America යනවා කිව්වම, මට ඇඬෙනවා ඕයි. මොකෝ යුද්ධෙ නවතිනවනේ ඕයි. ඒත් දැන් ISIS කියලා සෙට් එකක්, ආයෙත් පටන් අරගෙන ඕයි. මට හරි ආසයි ඕයි.මම Shakira's, Pit Bull's සින්දු බලනවා වගේ, Al-Jasira, CNN, BBC, Sky වල යුද්දේ බලනවා ඕයි. මම යුද්ධයට මාර ආසයි ඕයි.

2009, අපි TV එකේ ආසාවෙන් Live බල බලා හිටපු, යුද්ධයට නවත්තනවා ඕයි. මුන් වැඩේ කනවා ඕයි. ප්‍රභා මැරෙණවා ඕයි. කස්ටියට මාර ආසයි ඕයි. පාරේ කිරිබත් උයාගෙන කනවා ඕයි. මට මාර දුකයි ඕයි. ආයේ ඉතින් යුද්ධයක් කවදා දකින්නද ඕයි. මගේ ජීවීතේ 60% මම යුද්දේ එක්ක හිටියේ ඕයි. මේ Percentage බොරු කියලා සම හරක් කියනවා ඕයි. ඒත් මේවා, මට ඇත්ත ඕයි. මැරුණේ පොඩි Percentage එකක් ඕයි. තව මරන්න තිබුනා නේ ඕයි. අපරාදේ යුද්ධය නැවත්තුවේ ඕයි. මට මේක මාර විදියට දැනෙනවා ඕයි. මට ඇඬෙනවා ඕයි. මොකෝ මම යුද්ධයට මාර ආසයි ඕයි.

බලගෙන ගියාම, දුක් වෙන්නේ මම විතරයි ඕයි. නවත්තපු උනුත් ආයෙත් යුද්ධයක් එයි කියලා බයයි ඕයි. මම නම්, ආයේ යුද්ධයක් එනවනම් මාර ආසයි ඕයි. මොකෝ 83 ගෙනාපු බඩු, දැන් හරි පරණයි ඕයි. අනික ඉක්මනට යුද්ධයට ආවේ නැත්නම්, ළොකු TV එකක් තනියෙන් ගේන්න බැරි වෙනවා ඕයි. මම දැනටමත් TV දෙක තුනක්ම් බලලා තියෙන්නේ ඕයි. ඒ උනාට යුද්ධය එනවට, ආන්ඩුව කැමති නෑ ඕයි. ඒ උනාට කරපු යුද්ධය ගැන මාර ආඩම්බරයි ඕයි. රට ජාතිය වෙනුවෙන් මැරෙන්න උනත් කැමතියි කියනවා ඕයි. මම නම් මැරෙන්න ආස නෑ ඕයි. මොකෝ මැරෙණ එකත් මහ පණ යන වැඩක් ඕයි. මම යුද්ධයට මාර ආසයි ඕයි.

UNP  එක ආවොත් උතුරේ Armed Forces අයින් කරනවය, එහෙම උනොත් ආයේ යුද්ධයක් එනවය කියලා, Dulles මහත්තයා කියනවා ඕයි. එහෙම වහන්නේ නෑ කියලා, පුළුවන්නම් කියන්න කියලා එයා Challenge කරනවා ඕයි. මට Dulles මහත්තයට දෙකක් අනින්න හිතෙනව ඕයි. මොකෝ මම යුද්දෙට මාර ආසයි ඕයි. බටහිර කුමන්ත්‍රණයක් තියෙනවය කියලා විමල් සහෝ කියනවා ඕයි. ඉතින් එහෙම තියෙන එක හොඳයි නේ ඔයි. එතකොට යුද්දයක් එනවනේ ඕයි. මට එයාට, මහින්ද මහත්තයා තැඹිලි පොවන්න තැඹිලි ගත්ත, කෝම්බෙන් දෙන්න හිතෙනවා ඕයි. රනිල්ට දුන්නෝත් ආයෙත් 2002 වෙච්චි දේ වෙයි කියලා, JVP අනුර කියනවා ඕයි. ඉතින් හොඳයිනෙ ඕයි. යුද්දේ ආයෙත් එනවනේ ඕයි. සිහළ උරුමේ උනුත් වීරයෝ උනාට, ආයේ යුද්ධයක් එනවට බයයි ඕයි. මුන් චන්ඩි වගේ ටෝක් දුන්නට, යුද්ධයට මාර බයයි නේ ඕයි. බලාගෙන ගියාම යුද්ධයට ආස මම විතරනේ ඕයි. ඒත් මම යුද්ධයට මාර ආසයි ඕයි.


යුද්ධයක වටිනකම, මුන්ට තේරෙන්නේ නෑ ඕයි. බලනවා යුද්ධය නිසානේ, ලංකාව ළෝකෙම දන්නෙ ඔයි. නැත්නම් American President ලා මෙහේ එයිද ඕයි. එහෙම නම්, Tsunami යක්ම එන්න ඕන ඕයි. Ashusi Akasi ලා, Solehime ලා, Samaposa ලා එන්නේ යුද්ධය නිසානේ ඕයි. David Comoran, CHOGAM එකට එන්නෙත් යුද්ධය නිසා නේ ඕයි. Navanidan Pillai ආවනේ ඕයි. ඇයි Ban Kee Moon ආවා නේ ඕයි. Obama විතරයි එන්න ඉන්නේ ඕයි. මහින්ද මහත්තයලා, ඝෝඨාභය මහත්තයලා, උණහපුලුවෝ, පොරවල් වෙන්නේ යුද්ධය නිසා නේ ඕයි. රවීලා, කිරිඇල්ලලා, රනිල්ලා, පීචන් වෙන්නෙ යුද්ධය නිසානෙ ඕයි. කස්ටිය කතරගම යනවා වගේ, Geneva යන්නේ යුද්ධය නිසා නේ ඕයි. ඒ නිසා, මම යුද්ධයට මාර ආසයි ඕයි.

එහෙම යුද්ධයක් එපා කියනා එකා, හරක් නෙමේද ඕයි. බලනවා අදටත් මෙයාලා ජීවත් වෙන්නේ යුද්ධය නිසා නේ ඕයි. Backup Vehicles, Arm Guard, යුද්ධය නිසා හම්බ වෙච්ච ඒවා නේ ඕයි. ඌවටත් යුද්ධය ගේනවමයි ඕයි.  විදුලි පුටුවේ ඉන්දන්නෙත් යුද්ධය නිසා නේ ඕයි. පපුවට දෙයි දෙයි කියලා ගහගන්නෙත් යුද්ධය නිසා නේ ඕයි. අපි අපේ ලක් මාතවට, ඇඟිලි ගහන්න දෙන්නේ නෑ, අපේ හාන්දුරුවනේ කියලා, හාන්දුරුවන්ට වඳින්නේ, යුද්ධය නිසා නේ ඕයි. අපි උනත් අදටත් ආතල් එකක් ගන්නෙ, යුද්ධය නිසා නේ ඕයි. මම යුද්ධයට මාර ආසයි ඕයි.

අපේ උන් යුද්ධයට වඩා සුද්දයට ආසයි ඕයි. මේ ළඟදිත් සුද්දයක් තමයි දැම්මේ ඕයි. ඒ උනාට යුද්ධය කළේ නෑ ඕයි. මමත්, ඔය දෙකටම, මාර ආසයි ඕයි. මේ පාරත්, යුද්ධය එකසිය ගානට Market කරනවා ඕයි. යුද්ධය ඒ තරම් වටිනවා ඕයි. ඒ යුද්ධයට ගහන්න, යුද්ධයක් කර ගන්න බැරි උනොත්, යුද්ධය නවත්තපු උන්, යුද්ධය දිනනවාමයි ඕයි. මොකෝ අපි වීරයෝ කිව්වට, ආයෙත් යුද්ධ කරන්න බයයි ඕයි. ඒ උනාට මම නම් යුද්ධයට මාර ආසයි ඕයි. ඒක මාරයි ඕයි. ඇත්තමයි ඕයි. පොඩ්ඩක් කල්පනා කරලා බලනවා ඕයි. ඇත්ත නේද ඕයි.....?????

මොකක්ද..?

මම යුද්දෙට යන්න.???

මම මොකටද යුද්දෙට යන්නේ ඕයි.? ඔය ඉන්න එකෙක්වත් යුද්දෙට ගියාද ඕයි.? සද්දේ විතරනේ ඕයි. මම සද්දේ දාන්න යන්නෙත් නෑ නේ ඕයි.

ඒ උනත්.....

මම යුද්දෙට මාර ආසයි ඕයි....!!!

126 comments:

  1. චීනේ ණය දෙන්නෙත් යුද්ධෙ නිසා නේ ඔියි...

    ReplyDelete
  2. මූට පිස්සුව තද වෙලා ද කොහෙද ඕයි.....
    මට මාර දුකයි ඕයි..(ඉඳගෙන)

    ReplyDelete
    Replies
    1. උපහාසේ තේරුන්නැද්දෝයි..

      Delete
    2. මුන් ඉදගෙන ඉන්නේ මොලේ උඞ එකනේ අයියන්ඞි එකනේ උපහසේ අපහසේ තේරැම් ගන්න බැරි.

      Delete
    3. @Naleen Dilruksha

      තමුන් ලොක්කට රෙදි නැතිව කඩේ යන වග තමන්ටම තේරෙන්නෙ නෑ වගේම මටත් උපහාසේ තේරෙන්නෑ ඕයි.. ඉඳගෙන
      @sanjeewa mendis
      මොළේ උඩ ඉඳගන ඉන්න උඹ හොඳට දන්නවා ඇතිනෙ එහෙම උංගෙ තත්වේ. නේද මචං. ඔන්න ඔයාගෙ සරම බිම. අහුලලා ඇඳගන්න. කොහෙද කඩේ යන්න ගත්තම ඇඟේ රෙදි තියනවද කියලත් මතක නෑ ..හිටගෙන

      Delete
    4. පිස්සුද මචං කෝ ඉදගන්න වෙිලාවක්?

      Delete
    5. නෑ මචං හොදට ඇදගන දැනගන කඩේ යන්නේ.... අප්සෙට් ද ඒ ගැන මචං...

      Delete
    6. @Naleen Dilruksha
      ඇයි බං උඹලා කඩේ යන යන ගානට කෙලවෙන්නෙ රටේ සල්ලිනෙ යකෝ? ඉතින් අප්සැට් නොයන්නෙ උඹලා වගේ සම හරක්ට විතරයි.

      Delete
    7. ඔක්කෝටම පිස්සු ඕයි..
      ඔහේ පත්තරයක් පටන් අරගෙන නලින්ව කඩේ අරිනවා ඕයි.
      එතකොට නලියට ආන්ඩුවට කඩේ යන්න බෑ නේ ඕයි.

      Delete
    8. මං නොගියැයි කියල ඒ තැනට වෙන එකෙක් නොයා ඉදීද බං. හරි මාතලන් කියනව වගේ උඹ කියක් අවුරුදු කියකට ගෙවන්න කැමතිද කියපන්. අපි කෙළින්ම ගනු දෙනුව කතාකරමුකෝ අහවරයිනේ වැඩේ

      Delete
    9. @Naleen Dilruksha
      බූරුවො රට හරක් වගේ උං පත්තර කියවන කාලෙක පත්තරයක් ගහන්න හිතුනොත් උඹට කතා කරන්නම්. (උඹලගෙ බේරෙ ගෙදර පච පත්තර පත්තර කියවන කකුල් දෙකේ උනුත් ඉතින් රට හරක්නෙ) උඹලා වගේ උන් හරියන්නෙ ඒවගෙ උන් කියවන පත්තර කන්තෝරුවලත් කක්කුස්සි හෝදන්න අතුපතු ගාන්න තමයි හැබැයි. ආ. මාතලන්ව ගත්තහැකි එඩිටර් -ඉන්-චීෆ් පෝස්ට් එකට. ඌ සම හරක් ගැන හොඳට දන්නවනෙ

      Delete
    10. ඒත් ඉතින් තොපි වගේ ගොන් හරක්ගේ බුල්ටෝ ෆැක්ටරියකටවත් අපි නම් එන්නේ නෑ.

      Delete
  3. http://en.wikipedia.org/wiki/V-J_Day_in_Times_Square

    ReplyDelete
    Replies
    1. ළෝකයේ ප්‍රසිද්ධම ඡායාරූපයක්...

      Delete
  4. මට මතක් උනේ ඉන්දික ගුණවර්ධනයන්ගේ "හිතේ කෙටූ ටැටූ" පොතේ කවියක්.

    පෙට්ටි කීයක්නං
    විකුණුවද
    ඒ ජාමෙ

    වහකාල
    මැරෙන්නයි
    වෙන්නෙ මාමෙ

    මටනම්
    පෙන්නන්න බෑ
    මේ සාමෙ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හත්වලාමේ...

      Delete
    3. පට්ට කයියක් නේ ඕයි..

      Delete
  5. මේ සේරම සැප සම්පත් යුද්ධේ නිසානේ ඕයි..

    ReplyDelete
    Replies
    1. නැතිව....නැතිව..... ඕයි මල්ලි.....

      Delete
    2. නැතුව නැතුව ඕයි..

      Delete
  6. ආයත් අහලා මමත් ආසයි ඔියි මාර ආසයි යුද්දේට
    මෙ මගුල් සාමෙ කන්ඞද ඔියි.. ඒ වගේද යුද්දේ ෂා..ෂා..ඇගට තියන සනිපේ
    මොකක්ද මම යුද්දෙට යන්න???
    පිස්සුද හැටිද? මගේ දන්න එකෙකුටවත් යන්න දන්නේ නෑ!!!
    කොහෙම හරි කොටවලා මෙන මගුලක් හරි කරලා යුද්දයක් ඇති කරමු ඔයි.

    ReplyDelete
    Replies
    1. යුද්ධ නැතිව මොන එලද බ්‍රා......... ඕයි .........

      Delete
    2. අන්න දැක්කද අන්න දැක්ක ාකාලුවට තේරැනා කොල් දස්සයා.
      යුද්දේ කියන්නේ ඉතිං එල ද බ්‍රා.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මාත තවම ඒ පුරස්නෙ අහල නැති නිසා මමවත් අහන්නම්. වට් ඊස් ද කප් සයිස් ප්ලීස්?

      Delete
    5. අනිවා මොන දානෙන් හරි ආයෙත් ඕන ඕයි..

      @ කන්ගරූ
      ඒක මම අහලා ගොඩක් කල් ඕයි..

      Delete
  7. යුද්ධෙට මන් තමයි වැඩියෙන්ම ආස ඕයි......එතකොට මේ මේසන් හැන්දයි, මට්ටං ලීයයි තියලා AK 47 එකකුයි රොකට් ලෝන්චර්යකුයි දෙනවා ඕයි...

    ReplyDelete
    Replies
    1. ගමේ නිකන් හිටපු එකා රණාවිරුවා වෙනවා ඕයි
      ඊට පස්සේ පොලීසියත් ඌට බයයි ඕයි.

      Delete
  8. මමත් ආසයි ඕයි.....යුද්දෙට​

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ මම විතරයි කියලා ඕයි..

      Delete
  9. මටත් "මාර" යි කියල හිතුන ඕයි .....

    ReplyDelete
    Replies
    1. එහෙනම් අවුලක් නෑ ඕයි..

      Delete
  10. දැන් බලන් ගියාම ඔක්කොම යුද්ධෙට අකමැතියි. අපි විතරද යුද්ධෙට කැමති ඕය…

    හත්වලාමෙ ‍යුද්ධෙට අකමැති වෙන්නෙ අරුන්ට මඤ්ඤංද ඕයි……

    ReplyDelete
    Replies
    1. බලනවකො ඕයි. ආයෙ පටන් ගන්න දෙන්නේ නෑ නේ ඕයි.

      Delete
  11. ඌ ව යුද්ධෙත් ලොක්ක දිනනවා ඕයි .....

    ReplyDelete
    Replies
    1. අනිවා ඕයි. ඒවා කොහොමත් එයාලගේ ඒවා ඕයි. දුප්පත් එකා දෙන්නේ මහින්ද මහත්තයට ඕයි.

      Delete
  12. KATHANDARAKARAYATH MALALU NEDA OOI. OO DAN COMMENTS DANNETH NEHE NEDA OOI.

    ReplyDelete
    Replies
    1. අනේ මේ කැපිටල් ඇනෝ අංකල් කොපමණ පූරුවේ පවක් කරලා ඇද්ද?

      Delete
    2. කැපිටල් ඇනෝ අංකල්,කතන්තරකාරයාගේ සංසාරික මිතුරෙක් වගේ.කකා පොරට කරුණාවන්ත වෙන්න.

      Delete
    3. ඉතින් ඔහෙත් මැරෙණවකෝ ඕයි.

      Delete
  13. මටත් ලේ දකින්ඩ ඕනෑ මාතලන් අයියේ...යුද්ධේ නැතත් එක එකා මරා ගන්න එකට නං මං මනාපයි ඕයි

    ReplyDelete
    Replies
    1. මම ලේ වලට පොඩි කාලේ ඉඳන් ආසයි ඕයි. මාළු කපන තැන් වලින් හෙල්ලෙන්නේ නෑ ඕයි.

      Delete
  14. සිරා පෝස්ට් එක ඕයි.... බලාගෙන ගියහම මමත් යුද්ධෙට පට්ට ආසයි ඔයි (තවම පටි තද කරගෙන ඉන්න නිසා) තන් තෝසයි ඕයි.

    ReplyDelete
    Replies
    1. මටත් හේතුවක් නැතුව තන්තෝතයි ඕයි..

      Delete
  15. අපේ උන්ට යුද්ධෙ දකිද්දි මාර කික් ඕයි.
    යුද්ධ එපා කියන උන්ට පිස්සු ඕයි.

    ඒ මේ පෝස්ට් එකනම් මල් හතයි ඕයි! :P

    ReplyDelete
    Replies
    1. මේක දැකලවත් ආයෙත් පටන් ගත්තොත් නේද ඕයි.

      Delete
  16. Udda thiyenawanam thawa sindu liyatheki ooi!!!,(Anil suriyarathna)

    ReplyDelete
    Replies
    1. ලේ පැල්ලම් නෑ පිට පැත්තේ ඕයි.

      Delete
  17. යුද්ධෙ කියන්නේ මාර උල්පතක් ඔයි..
    විකුනන්න ඕනේ නැහැ..පෙන්නුවත් ඇති ඔයි..
    චන්ද උනනවා ඔයි..
    අයිය මලෝ දිනනවා ඔයි..
    ඇයි...
    තව එකක් තියෙනවා..

    අපිට
    අබ සරණයි
    ඔයි..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට සාමෙත් මාර වටිනවනේ ඕයි..

      Delete
  18. යුද්ධෙ නිසානේ ඕයි
    මහින්ද මහත්තයා පොරක් වුණේ
    ගෝඨා වීරයෙක් වුණේ
    පොන්සේකා නැති වුණේ
    රනිල් පැරදුණේ
    දේශා ප්‍රේමින්,දේශ ද්‍රෝහීන් ඇති වුණේ
    රටටම කෙලවුනේ
    කිහිප දෙනෙක්ට හරි ගියේ
    යුද්ධෙ නිසානේ ඕයි.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් මේ කිව්වේ ඕයි.

      Delete
  19. මාත් යුද්දෙට මාර ආසයි ඕයි.යකෝ මේ කාලෙ තිබ්බනං ඌවට අඩිය තියන්නෙත් නැතුව දින්නහැකි ඕයි.

    ReplyDelete
    Replies
    1. පැත්ත පලාතේ යන්න ඕන නෑ ඕයි.

      Delete
  20. අ.....ඩ්...ඩෝ.....ව්.......අපේ (නොබෙල්) ඩලස් මහත්තයාට මොකුත් කියනවා එහෙම නෙවෙයි හර්......ද? එයා තමයි මහින්ද මහත්තයාට යුද්දේ දිනන්න කියලා දුන්නේ. මහින්ද මහත්තයා තමයි උතුරටත් 'ප්‍රජාචන්ත්‍රවාදේ' දුන්නේ. ඔය කොබ්බෑකඩුව ලා ෆොන්සේකලා මොනවද කරේ...............? ඩලස් උන්නැහේලා නොහිටින්න අපි අද මූදේ තමයි. හර්.........ද.............

    ReplyDelete
  21. අයිසේ ටමුශේ මාර මුනියෙක් ඕයි....
    පස්ට සස පෝස්ට් එක ඕයි,,

    ඊශ්‍රායල් කාරයෝ ගාසා ස්ට්‍රිප් එකට රොකට් යවන්න කලින් ලෝකෙට පේන්න කියනවා මිනිස්සුන්ට අයින් වෙන්න කියලා, ඊට පස්සේ කුඩුකරනවා, එක රොකට් එකට 20ක් ගිහින් අතාරිනවා. පෝස්ට් එකට අදාළ නැතත් මගේ අදහස කියන්න හිතුණා, මුස්ලිම් මිනිස්සුන්ට ,අරාබිකාරයන්ට විශාල අරාබිකරයක්ම තියෙනවා ඒත් පුංචි ජාතියක් වෙච්ච යුදෙවුවන්ට තියෙන්නේ මේ පොඩි ඊශ්‍රායලය විතරයි, ඒක දීලා පිලිස්තිවරු ගියානම් හරිනේ , එක පැයකින් ගාසා ස්ට්‍රිප් එකම ෆ්ලැට් කරන්න යුධ ශක්තිය ඊශ්‍රායල් හමුදාවට තියෙනවා, ඒ වගේම ඊශ්‍රායල් ජාතිය හරිම ජාතිවාදී තමන්ගේ භුමිය වෙනුවෙන් ,ජාතිය වෙනුවෙන් ඕනේ තරම් මිනී මරන්න එයාලා ලෑස්ති...

    ශුද්ධ බයිබලයේ එළිදරව් පොත කියන විදියට 1933-45 කාලේ ඇතිවෙච්ච දෙවනි ලෝක යුද්ධෙන් පස්සේ ඊළගට ඇතිවෙන 3 වෙනි ලෝක යුද්ධේ තමයි ලෝකේ අවසානය, ඒකෙ නම "හර්මගදොන්" මගේ මතකය විදියට, මුළු ලෝකෙම ඒකට පැටලෙනවා ඕයි.. ඒ වෙනුවෙන් ඊශ්‍රායල් වල වෙනම මිටියාවතකුත් තියෙනවා ඒ යුද්ධෙන් පස්සේ වැගිරෙන ලේ එකතුවෙන්න,,

    ReplyDelete
    Replies
    1. ළෝකේ විනාසෙත් එන්නේ ඔතනින්ම තමයි ඕයි. අනික ඔතන නියම ගේමක් තියෙනවා ඕයි. ඒක වෙන වෙලාවක ලියන්නම් ඕයි.

      Delete
  22. මේ යුද්ධය හුදෙක් රජ සැප පිණිසක්මය...

    ReplyDelete
    Replies
    1. යුද්දේ නැතුවත් ඒකම විකුනන් කනවනේ ඕයි.

      Delete
  23. අපිත් ආස යුද්දෙට තමා

    ReplyDelete
  24. මම නම් යුද්ධවලට ආසා නෑ මාතලියෝ...:(

    ReplyDelete
    Replies
    1. ඊයා..නෝටි ගර්ල් මෙයා යුද්දේට කැමති නෑලු.

      Delete
    2. චැහ් .. විදේශික කුමන්ත්‍රනයක් !!!!

      Delete
    3. අපෝ ඔයාගෙන් වැඩක් නෑ ඕයි.

      Delete
  25. Replies
    1. ඇත්ත ඕයි. මම යුද්ධයට මාර ආසයි ඕයි.

      Delete
  26. සිරාවට යුද්දේ විකුණගෙන කෑ (කන) රටක, යුද්දේ නැතුව පාලුයි ඕයි...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ සෑම් යුද්දේ නැතිවුනාහම අපි විකුනන් කන්නේ පුකද?

      Delete
    2. දැන් නම් ඉවසුවා ඇති ඕයි.

      Delete
  27. හිනාව ලාභ නෑ... ඒත් කදුළු කියන්නෙ සිල්ලරයි...
    යුද්ධය නුවමනාවක්... සාමය ප්‍රෝඩාවක්...
    මරණය ලාභයි... ඒත් ජීවිතේ දුර්ලභයි...

    ඒ මට හිතෙන හැටි...
    ඇයි කියල දන්නෝ දනිති

    ReplyDelete
    Replies
    1. ඒ උනාට යුද්ධය මාර ආතල් ඕයි.

      Delete
  28. 1983 කලු ජූලියෙදි සිංහල අපි අහිංසක දෙමෙල්ලු මරපු හැටියට
    ඔය ඊස්‍රායෙල් කාරයො කරන්නේ මොනතරම් සුලු දෙයක්ද
    මම සිංහල ජාතිය වෙනුවෙනු දෙමලු ලඟ දෙනට නැමිලා පුකදීල සමාව ඉල්ලන්න ලෑස්තියි

    ReplyDelete
    Replies
    1. බලාගෙන නැමෙන්නෙ ඕයි. දෙමළු කෙසේ වෙතත් අපේ උන් අරියි ඕයි.

      Delete
  29. ඕයි කියන්න එපා ඕයි

    මමනම් යුද්දෙට කැමතිම නෑ මෙයා ..
    යුද්දේ හරිම නෝටි මෙයා ..
    යුද්දෙන් මිනිස්සුනේ මැරෙන්නේ මෙයා
    අපිනම් NGO එකක් දාගෙන යුද්දෙන් බැට කන අයට උදව් කරනවා මෙයා
    ඒ ගැන කතා කරන්න අපි පිටරවලත් යනවා මෙයා .
    කවුද මෙයා කියන්නේ එහෙම ගියාම කරන්නේ ෂොපින් යන එක විතරයි කියලා
    නොන්සන්ස් මෙයා ..
    අනික අපි ෆැමිලි එකම යන්නේ කාගෙවත් සල්ලි වලින් යයි මෙයා .
    අපි මේ සැරේ යුද්දෙන් අවතැන් වුනු අයට ටොයිලට් හදන්න එක පවුලකට රුපියල් පන්සීයක්ම දුන්නා මෙයා
    එකට සල්ලි අපිට NGO එකට එනවනේ මෙයා .
    අනික එහෙම හම්බවෙන ඒවා අපි ගසාකනවා කියන්නේ ජෙලස් අය මෙයා .
    අපිනම් යුද්දෙට හේට් කරනවා මෙයා ..
    අපිට යුද්දේ නතර කරන්න පුළුවන් හැම දේම කරනවා මෙයා මිනිස්සු වෙනුවෙන්

    හුටා මෙයා යුද්දේ නතර වුනොත් NGO එකට සල්ලි එන්නේ නෑනේ මෙයා
    ඔන්න් ඔහේ එක තිබිච්චදෙන් මෙයා

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++
      අනාආආආ... මේ කතාවනම් හලිම සුවීට් මෙයා...

      Delete
    2. හුරේ .. ජයවේවා !!!

      මාත් හරි ආසයි ලෑංකූසරයක් එලවන්ඩ. ඩැයිවර් ජොබක් තිබුනොත් කියහං ඈ.

      Delete
    3. ඔය කස්ටිය ගැන පැරා අද ලියලා තියෙනවා ඕයි. ඒකත් මරු බිසිනොස් එක ඕයි.

      Delete
  30. ටීම් එකේ එකොලොස් දෙනෙක් පිටිය මැද ක්‍රීඩා කරති..... ඔවුන් ගේ දක්සකම් සහ අදක්සකම් වලට මුලු රටේම ජනතාව හුරේ දමති... කම්පා වෙති... මැච් නැති දා ඊලඟ මැච් එක එනකම් හූල්ලති...

    පාසල් මට්ටමේදීත් සුලෝහිත සන්ග්‍රාමය කියති... බැට්ල් ඔෆ් ද බ්ලූස් කියති.... ඉඳ හිට ආදරවන්තයන්ගේ සටනේ දී උනු පරිදි ලේසටම ගුටි බැට හුවමාරු කරගනිති...

    යුද්දය ද එසේමය.... අපි වෙනුවෙන් කස්ටියක් ගහ මරා ගනිති... අපි බොහෝ දෙනෙක් හුරේ දමති...

    මේ වනාහී සතුන් ගෙන් පරිනාමය වූ මිනිසුන් ගේ මනුස්සකමය.

    ReplyDelete
    Replies
    1. ඕවා ඔක්කෝම බොරු ඕයි. මම නම් යුද්ධයට මාර ආසයි ඕයි.

      Delete
  31. යුද්ධෙ නැතුව කිසි ගතියක් නෑ නේ?

    ReplyDelete
  32. මේකේ මොකද 21+ කියලා දාලා නැත්තේ මේක වැඩිහිටියන්න වඩාත් සුදුසු පොස්ට් එකක් නේද මොකද වැඩියෙන්ම තියෙන්නේ "ඕයි" කියලා එක නරක වචනයක්නේ පොඩි ළමයින්ට හොඳ නෑ ඒ නිසා මම බැලුවෙත් නැ

    ReplyDelete
    Replies
    1. ඇයි බැලුවේ නැත්තේ කාම පැයේ වෙන වැඩක් තිබ්බද?

      Delete
    2. කොල්ල ඇදීල ගිහිං .!!!

      Delete
    3. බොලා දෙන්න දැන් කාසාද බැඳලද ..... ඕන වෙලාවක එකටමයි .... අමුඩෙයි පුකයි වගේ

      Delete
    4. අමුඩෙයි පුකයි කොහෙද බං එකට තියෙන්නේ , අමුඩේ ගැහුවම පුක එලියෙනේ , බලපන්කො පත්තරේ මේ රාළයා අමුඩ ගහපු එවුන්ව දැකලත් නෑ

      Delete
    5. එහෙනම් මක්කටෙයි බැලුවේ ඕයි

      Delete
  33. උඹ ගනිකා වෘත්තිය නීතිගත කරනවාට කැමතියි කියන්නෙ උඹේ ගෑනි ගනිකාවක් වෙනවාට කැමතියි කියන එක නෙමේ නම්
    උඹ ලංකාවේ ගෑනු මැදපෙරදිග වැඩකාර කමට යනවාට කැමතියි කියන්නේ උඹේ ගෑනි යවනවා කියන එනට නෙමෙයි නම්
    අපි යුද්දෙට කැමතියි කයන්නේ අපි යුද්දෙට යනවා කියන එකත් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. උඹ වගේ ගොන් හරකෙක් යකෝ... මෝඩ මූසලයෙක්..

      - මර්වින් සිල්වා

      Delete
  34. අද මාතලන්ගේ ලිපිය වැටහුනේ නැහැ.කාටද යුද්ධය ඕන?

    ReplyDelete
    Replies
    1. අන්න ප්‍රශ්නේ කාටද ඔිනේ?

      Delete
    2. හැම එකාටම ඕයි....

      Delete
    3. මට විතරයි ඕයි. වෙන එකෙකුටවත් ඕන නෑ ඕයි.

      Delete
  35. ඊශ්‍රායල කාරයන්ට බැනලා පලස්තීනුවන්ට දුක කියලා අනිතිමට හීනියට ආඩම්බරකාර තාත්තාට කඩේ ගිහින් තියෙනවා. මාතලන්ට මේ ලිපියෙන් කියන්න ඕන මොකක්ද කියලා මටනම් තේරෙන්නේ නැහැ. මතුපිටින් තියෙන දේට වඩා පොඩි කඩේ යාමක් තමයි තියෙන්නේ කියලා මටනම් හිතෙන්නේ.

    ඇඬෙනවා ඕයි.

    ReplyDelete
    Replies
    1. පාට කන්නඩි දාලා බැලුවම එහෙම පේනවා ඕයි. මටත් ඇඬෙනවා ඕයි.

      Delete
  36. මාත් යුද්දෙට ආසයි ඕයි.. අපේ හත්මුතු පරම්පරාවටම ඉතිරිකරගත්තෙ ඕකෙන් ඕයි ..මට ඕස්ට්‍රේලියාවෙ ගෙවල් දෙකයි යූ එස් ඒ වල දෙකයි ඕයි..ලංකාවෙත් ඉන්නෙ මන්දීරෙක ඕයි.. මගෙ කෙල්ලටයි බෑනය්ටයි මං දුන්නෙ ලෝකෙ වටේ යන හනිමූන් එකක් ඕයි.. මේක ඇත්ත ඕයි.. මං දන්න කෙනෙක් ගැන තමයි ඕයි..

    ReplyDelete
    Replies
    1. මෙන්න ඔයි යුද්දේන් ගොඞ ගිය අපි වගේම එකේක් ඔියි.

      Delete
    2. "අපි වගේම එකේක්"
      බ්‍රා එකෙයි යුද්දෙයි තියෙන සම්බන්දෙ මොකද්ද ඔයි

      Delete
    3. මෙතන කොහෙද බ්‍රා එකක් ගැන කියලා තියෙන්නේ ඕයි

      Delete
    4. අපිට නම් මක්කත් හම්බ උනේ නෑ ඕයි. ඒත් එකා මාරයි ඕයි. බ්‍රේකින් නිව්ස් යනවා ඕයි. මෙහෙ චැනල් කපනවා ඕයි. මම බී බී සී අහනවා ඕයි.

      Delete
    5. @ මැලේ රාළ
      ඇයි ඕයි ඒ දවස් කල කිව්වෙ ඕයි ප්‍රභාකරන්ගෙ නෝනගෙ බොඩිය හම්බ වුනා කියල. ඒක තමයි සම්බන්දෙ ඕයි

      Delete
  37. uddata akamethinam yatath wela thambinta puka deepiyaw ponna hethikare api yuddeta kemathi ne eth yuddeta bayath ne sinhala bauddaya dakunu indiyawe demalungen berila 2500 yr jathiya rekagaththe yudda karala thamai ponna ballo thopi blog katu wala thope ponnakama pennuwata sinhala jathiya kiyanne yuddeta baye dana gahana jathiyak neme api israyel karayo wagema ranakaami jathiyak ape jathiya rekaganna api mernna onenam merenawa maranna onenam maranawa thopi bayanam paduwe peththakata wela hitapiyaw api thopi ne kiyala yudda nokara inne ne

    ReplyDelete
    Replies
    1. ඉතින් තෝ මැරියන් ඕයි. මට පාන්ද ඕයි.

      https://www.youtube.com/watch?v=KlUR-TWItc8

      Delete
  38. දැන් අපිට සාමෙන් සමාදානෙන් ඉන්ට බැරිත් යුද්දෙ (වලි ) ඕන නිසානෙ ඕයි!

    ReplyDelete
  39. මෙක මාර වැඩක් ඔයි.එකක් බලන්න එනකොට තව එකක් දාල.මෙක කරන්න බැ ඔයි

    ReplyDelete
    Replies
    1. අපේ හැටි එහෙම තමයි ඕයි, ගහපු වෙලාවක ලිව්වේ ඕයි. දැනුත් අනුමත වෙලා ඉන්නේ ඕයි.

      Delete
  40. අනේ මට චූ බරයි ඕයි.. මම යනවා චු කරලා නිදා ගන්න.. :)

    ReplyDelete
    Replies
    1. යන්න ඉස්සර කියලා යනවා ඔියි යුද්දේට කැමතිද ඔියි?

      Delete
    2. මට නම් ඒ කාළේ චූ කරන්නවත් වෙලාවක් තිබුනේ නෑ ඕයි.

      Delete
  41. දුක් වෙන්න එපා ඕයි. හෙට අනිද්දා යුද්දේ ඇත්තටම කරපු එවුන් පාරට බහිනවා ඕයි. උන් තමන්ට අයිති යුද්දේ අරුන්ගෙන් උදුරලා ගන්නවා ඕයි.

    යුද්දේ තියන කාලේ ඩොලර් රේට් එක අඩුවුනා ඕයි. යුද්දේ නැතුව පාළුයි ඕයි!

    ReplyDelete
  42. පට්ට ඕයි ..ඉස්සරහට හේතුවක් නැතුවම ආඩම්බර වෙන්න පුළුවන් :P

    ReplyDelete
    Replies
    1. ඡාතියක් හැටියට අපිට ආඞම්බර වෙන්න පුලුවන් විකුනගෙන කන්න හරි යුද්දයක් තිබුනනම් ඔියි.

      Delete
    2. පිස්සු හැදෙනවනේ ඕයි.

      Delete
  43. මේක ලිවුවෙ අර දත් දොස්තර ගු අමරසේකරද ඕයි?

    ReplyDelete
    Replies
    1. කවුරැ ලිව්වත් ඒ හැම දෙයකටම වඞා වැදගත් යුද්දේ ඔියි.

      Delete
    2. p. k දෙන්නෙ නැතුව යනවද ඕයි

      Delete
    3. නෑ ඕයි වන් ඇන්ඩ් ඕන්ලී මාතලන් ඕයි.

      Delete
  44. අපි කකුල් පටලවගෙන මැරෙමු ඕයි.....අපිට පිස්සු ඕයි.....ගාසා වල ගහනකොට අපි ශුද්ධවූ බයිබලය අතට ගමු ඕයි. හමාස් ගහනකොට කුරානය අතට ගමු ඕයි..නානසාරයා ගහනකොට කටවහගෙන, චින්තනය අතට ගමු ඕයි.. මැරෙන්නෝ මොකා වුනත් අපි වාද කරමු ඕයි.. අනේ අපිට මඤ්ඤං, විස්කිරිඤ්ඤං ඕයි...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න