.

.

Jul 4, 2014

ජෙප්පන්ට ප්‍රශ්ණයක්...? - A Question for JVP


ඕන් දැන් ජනාධිපතිවරනේ තියනවා. අනිවා මහින්ද මහත්තයා ඉල්ලනවනේ. දැන්ම වෙන කවුරුත් දාන එකක් නෑ. අර ටී ෂේට් එකකුත් ගහලා තිබුනේ එතුමගේ පොටෝ එකක් එහෙම දාලා. නාමල් බේබි උනත් ෂුවර් නෑනේ. පෙන්නේ නැද්ද සැටලයිට් නෝනලාට වෙලා තියෙන දේවල්.

රනිලුත් ඉල්ලනවානේ. කින්ග්ස්ලිටත් කිව්වේ චෙස් ගේම් එක තාම ඉවර නැතිය. විශ්‍රාම යන්නත් හිතේ නැතිය කියලා.

කව්ද එකෙක් කියලා තිබුනා, රනිලුයි සජිතුයි එකම වේදීකාවට ආවොත්, අනිවා දිනුම් කියලා. ඒ කියන්නේ නිකන් පෝරුව සෙරමනි වගේ එකක්.

ඕන්.. තිස්ස අත්තනායක රනිල්ව පොරුවට නග්ගනවා. සජිත්ව නග්ගන්නේ ඉමිතියාස් බාකිර් මාකර්ය කියමුකෝ. එතකොට කරූ ජයසූරිය අතපැන් වක්කරලා අස්ටකද මක්කද කියනවා.

රෝසි සෙනනායක, තලතා අතුකෝරල, රේණුකා හේරත්, අනෝමා ගමගේ, චන්ද්‍රානි බන්ඩාරයි. ළමා සාරි ඇඳලා. ජයමංගල ගාථා කියනවා. කුළේ මාට්ටු වෙන නිසා, කබීර් හෂීම් පොල් ගෙඩිය පලනවා.

අලි පාටියේ උන්ට පට්ට ආතල්. ඔක්කෝම හරි. දැන් ඉතින් උන්ට ජනාධිපතිවරණෙට මක්කා උනත් එකයි. ඇයි මේ දෙන්නා සෙට් නේ. බොකෝ හරාම් එකට උනත් ගහන්න පුළුවන්. ආයේ නෑ මහින්ද මහත්තයා පිරබාහරන්ට ගැහුවා වගේ. ඒත් ඉතින් එහෙම එකක් වෙන්නෙ නෑ නේ.

එතකොට අපේ ජෙප්පෝ ගේනවා පොදු අපේක්ෂකයා. මොකෝ එයාලට යූ ඇන් පී එකත් එක්ක මොකක්ද ගේමක් තියෙනවා. හරියට කියන්නෙත් නෑ. ඇහුවම වෙන මක්කද කුණුහබ්බ වගයක් කියවනවා. ඒවා වැඩක් නෑ.

අපි හිතමුකෝ. වෙනරබල් සෝභිත හරි, දඹර අමිල හරි, එහෙම නැත්නම්, අපි විහිළුවට හිතමුකෝ නානසාර හාමුදුරුවෝ කියලා. ඒත් ඉතින් හාමුදුරු කෙනෙක් නේ.

අනික සෝභිත හාන්දුරුවෝ, දඹර හාන්දුරුවෝ වගේ නෙමේ නේ. මහා නාහිමිවරු හිටන් බෞද්ධතීස්ම කරපු හාන්දුරු නමක්නේ. හරි හරි... එහෙම අකමැති නම් අපි ගමුකෝ බද්දේගම සමිත හිමි. පට්ට හාන්දුරු කෙනෙක්නේ.

එත ඉතින් මෙච්චර අන්තර් පිස්සු බල මණ්ඩලයක් තිබුනත්, හාන්දුරු කෙනෙක් ජෙප්පන්ගෙන් ඉල්ලුවේ නැති නිසා. අපි හිතමුකෝ පොදු අපේක්ෂකයා. අපේ ජෙනරාල් තුමා කියලා.

හුටා එයාට ඉල්ලන්න බෑ නේ.

රයිට් අපි දානවා... කව්ද මේ.. අර 6% සටන දින්නේ ආන් එයා.. කව්ද මේ... නිර්මාල් රංජිත් දේවසිරි.. නමත් පිස්සු පීකුදු.

ම්..හූ.... හරියන්නේ නෑ. එයා කතාකරලා ඉවර වෙන කොට, අනුර කුමාරලට, ටිල්වින්ලට තියා, අපේ ලාල් කාන්ත සහෝදරයටවත් කතාවක් හම්බ වෙන්නේ නෑ.

මොකෝ සහෝදර සහෝදරවරුනී කියන්න විනාඩි 10 ක් වත් යනවා. ඉතින් ජනාධිපති පදවිය නැති කරන්න අවුරුදු 500 ක් වත් යාවි. හරි හරි අදින්න ඕන නෑ. අපි දාමුකෝ අපේ වෙලේ ඉන්න පඹයා.

මොකෝ, මෙයාලට මාර ෂුවර් එකක් තියෙනවා නේ පොදු අපේක්ෂක ලෙස මොකෙක් දැම්මත් දිනනවය කියලා..

ඇයි අර මේයා..

කව්ද..?

අර ටැට්ටර් සාධු..?

පලයන් බං යන්න, මේ වැදගත් දෙයක් ලියන වෙලාවේ.

ඉතින් බන් එයත් සාධු කෙනෙක් නේ..?

හරි හරි... සමහර වෙලාවට එයා වෙනම ඉල්ලයි. ඔය සිරසෙන් සපෝට් එකක් දෙයි නේ. කොහොමත් සිරසෙනුත් එකෙක් දානවා. සිරස සුපර් ඉස්ටාර් වගේ..

ඕ...න් ඡන්දේ තියනවා. මහින්ද මහත්තයගේ ප්‍රතිසතේ අම්බානක බහිනවා.

ඈ.. වෙන්න බෑ..?

වෙන්න බැරි මොකෝ...? ඇයි යකෝ අමු මිරිස් කිළෝ එක රුපියල් 800 ක් නේ.

අනේ පල යකෝ යන්න. අම්මිරිස් කිළෝ ගනන් කනවද හරකෝ. කරල් දෙකක් තිබුනාම මදෑ.?

එතකොට මොකෝ මේ මහින්ද මහත්තයගේ ප්‍රතිසතේ බැහැලා තියෙන්නේ?

මක්කා හරි වෙලා වෙන්න අති බං. ජගහනයෙන් 20% විතර කොහොමත්ම දෙන්නේ නෑ නේ. රයිට් අපි හිතමු මහින්ද මහත්තය 48.00%

එතකොට අර ජෝඩුවට?

මොන ජෝඩුවටද? උන් බැන්දය.?

ෂොරි අමතක උනා,

අර රෝයල් පච කෙලින රනිල් මහත්තයට . ඒයාට 47.01%

එතකොට අර පඹයට.

මොන පඹයටද?

අර පොද්දට... ඌට වෙනදා වගේම 3% යි.

දැන් පට්ට සීන් එක. දෙවනි මනාපේ සීන් එක එනවා. ජෙප්පෝ තීරණාත්මක සාධකේ.. දැන් තමයි මගේ ප්‍රශ්ණේ..

ජෙප්පන්ගේ 3 දෙන්නේ කාටද?

අනේ ෂොරි ඈ.. අර රනිල්ගෙයි සජිත්ගෙයි වෙඩින් එකට සයින් කරන්නේ. අපේ ගරු මහින්ද මහත්තයයි. බැසිල් මහත්තයයි හොඳේ. එයාලා නැතුව මොන මඟුල්ද අනේ..

119 comments:

  1. //නිල්ගෙයි සජිත්ගෙයි වෙඩින් එකට සයින් කරන්නේ. අපේ ගරු මහින්ද මහත්තයයි. බැසිල් මහත්තයයි හොඳේ//
    ඔක්කොම කෙටියෙන් මෙතැන තියනවානේ..

    ReplyDelete
    Replies
    1. කයි මඟුල්, ලොක්කා නැතුව..

      Delete
    2. මාතලන් උන්නැහ
      කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ කඩේ ගියාට කමක් නැහැ ලොක්කට . එත් මෙහම කඩේ යාම නම් අනේ සේම සොටු පෙරාගෙන යාමක්ය . ජෙප්පෝ බැරිනම් ගේම්බො සමග ඇති ආරවුල් එයත් සමග විසදගන්න්ව මිසක් උන්ගෙන් පලිගන්න රට විකුණන කලකන්නින්ව ප්රෝමොටේ කොරන්න එපාය . කන්න ඕන උනහම කබරගොයන් තලගොයන් කොර ගන්නවය

      Delete
    3. මට කාවවත් ප්‍රොමෝට් කොරන්න ඕන නෑ.. මම මේ මහ පොළොවේ සිඳුවෙන දේ ඒ සැටියෙන්ම කියන්න උත්සාහ කරනවා. ලංකාවේ තියෙන මාධ්‍ය මර්ධනය ගැනත් අවබෝධයකින්. ඉතින් මට ගුරු හරු කම් දෙන්න එන්නේ. ඔහේලා ලියනවකෝ විකල්ප බ්ලොග්. මම ලියන්නේ මට ඕන එක මිසක් ඔහේලට ඕන එක නෙමෙයි.

      Delete
    4. /ඉතින් මට ගුරු හරු කම් දෙන්න එන්නේ. ඔහේලා ලියනවකෝ විකල්ප බ්ලොග්. මම ලියන්නේ මට ඕන එක මිසක් ඔහේලට ඕන එක නෙමෙයි./

      අන්න අන්න අරුණි ශපීරෝගෙ කෑල්ලක් දැම්මා.

      Delete
    5. කාගේ කෑල්ලක් උනත් ඇත්ත ඒකනේ. අපේ කතන්දරත් ඔය ගැන් පෝස්ට් එකක්ම ලිව්වා..

      Delete
    6. ඒ වුණාට මාතලන් ඔයාව අන්ෆ්‍රෙන්ඩ් කරපු, දැන් ඔයාව මෝඩයා කරන්න මාගල් වගේ ලියන අරුණි ශපීරෝ ගෙන්ම කෑලි උපුටා දක්වන එක චාටර් වැඩක් නෙවෙයිද?

      Delete
    7. එයා ලියන ඒවා එයාටවත් තේරෙනවද කියන එකයි ප්‍රශ්ණේ. ෆොන්ටෙරා එකේ ෂෙයාර්ස් නිසා එයා මා එක්ක තරහා වෙලා මෙයා. මම මක් කොරන්නද? එයාට බහුජාතික සමාගම් වල කොටස් තිබුනට අපිට නෑ නේ. ඉතින් අපිත් පවු.

      Delete
  2. අමු මිරිස් 800 තොග මිල. අච්චාරුවක් දාන්න අමුමිරිස් ගන්න අපේ පවුල ගියාම කිලෝ එක රුපියල් දාහයිලු.

    ReplyDelete
    Replies
    1. අපේ නෝනත් ඊයේ අම්මිරිස් ඉල්ලනවා. මම ඇහුවා ඇයි දොලදුකද කියලා.. ඇයි මචෝ හොයන්න අමාරු, ගේන්න අමාරු ඒවා ඉල්ලන්නේ ඒ කාලෙට නේ. බැලුවම පරිප්පු හොද්දට දාන්න. රුපියල් 10 ක් දීලා අම්මිරිස් කරල් තුනක් අරගෙන ආවා. මම අහන්නේ මේ අම්මන්ඩිලාටත් අමුමිරිස් නැතිව බෑ නේ. බටහිර කුමන්ත්‍රණ කාරයොද කොහෙද?. කෝකටත් මම පොලීසියට කෝල් කරලා කිව්වා ආන්ඩු විරෝධි ප්‍රකාශ නිකුත් කරනවය කියලා. අපේ නෝනා..

      Delete
    2. අනේ මන්ද අපේ පොළේ නම් 100ක් 70යි

      Delete
    3. අද මාත් ගෙනාවා බේරෙන්න බැරි කමට 100 ක් 70 යි. ඕකෙන් වෙන්නෙ හැන්දෑවට මගේ 100 කට කෙලවෙන එක..

      Delete
  3. //ජෙප්පන්ගේ 3 දෙන්නේ කාටද?//
    අර සීයා පිටේ ගහගෙන ඉන්නෙ .
    Che ට.

    ReplyDelete
    Replies
    1. චේ පපුවේ මාලේ ගෙලේ කිසිම දෙයක් නෑ ඔළුවේ...

      Delete
    2. ඉවාන් මලයට එහෙම මඩ ගහන්නේ නැ කස්ටිය

      Delete
    3. හැක් එකනේ නලින් අය්යා , හැබැයි ආඩම්බරයි අප්පා " මාලේ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ" වුනාට චේ දැක්කම මාව මතක්වෙන එකට

      Delete
  4. I'm a little infant. So cannot understand this bullshit!!

    ReplyDelete
    Replies
    1. අයි ඩෝන්ට් නෝ මෙළෝ දෙයක් හින්ගල නම් ඕන දෙයක්.. ෂිට් කියන්නේ නම් කක්කි කියලා දන්නවා..

      Delete
    2. යකෝ දේශකයා ට සිංහල අමතකම වෙලානේ... ඒකනේ මේ ළදරුවෙක් වෙලා ඉන්නේ

      Delete
  5. කොහොමත් ඊට පස්සේ අර GL අන්කල්ගේ තියරි එකේ හැටියට චන්දෙ නොදාපු එවූවෝ ටිකේ මනාපෙත් රජතුමාටම එකතු කරලා ඉහලින්ම දිනුව කියයි.

    ReplyDelete
    Replies
    1. නෑ ඒ උනාට ඔක්කෝම දායි. මොකෝ ඇමරිකන් ප්‍රොජෙක්ට් එකක් එනවා. ඔක්කෝටම ඡන්දේ දාන්න කියලා. ඇන් ජී ඕ ප්‍රොජෙක්ට් එකක්. ඉතින් ඡන්දේ දාන උන්ට කීයක් හරි දෙයි. මාත් දානවා දෙසරයක් තුන් සැරයක් වත් අඩුම ගානේ..

      Delete
  6. ඔය දෙවනි තුන්වෙනි මනාප ගැන හිතන්න එපා. කවදාවත් අපි එතෙන්ට යන්නෙ නෑ. එහෙම යන්න තරම් අපේ සමාජය මෝරලා නැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්න එපා. බලගතු ආන්ඩු ගෙදර යැව්වෙත් මේ ජනතාවම තමා..

      Delete
    2. ඒ 1978 ට කලින්. ඊට පස්සෙ එකම බලගතු ආණ්ඩුවක් වත් ගෙදර යවන්න බැරිවුණා. ගෙදර යැව්ව නම් යැව්වෙ ලොං හැලුණු කුජීත වුණු දුර්වල ආණ්ඩු විතරයි.

      Delete
    3. ඒත් ඉතින් විධායකේ තියෙද්දිත් දෙසරයක්ම කෙළ උනේ..

      Delete
  7. /කුළේ මාට්ටු වෙන නිසා, කබීර් හෂීම් පොල් ගෙඩිය පලනවා./

    මොකද්ද මේකෙ තේරුම? පොල් ගෙඩිය පලන්න ඕනැ තමන්ගෙම කුලේ එකෙක්ද?

    ReplyDelete
    Replies
    1. සිංහල බෞද්ධද? ක්‍රිස්මස්ද? නැත්නම් මුස්ලිම්ද?

      Delete
    2. දන්නෙ නැති දෙයක් ඇහුවම ආඩම්බර නොකර කියල දෙන යහපත් ගුණයක් මාතලන් ලොක්කා

      Delete
    3. මචෝ ලංකාවේ කුළ බේදය දරුණු ලෙස බලපාන තැනක් තමයි දේශපාළනය. ඔය මැති ඇමතිකම් දෙන කොටත් ඕවා සෑහෙන බලලා දෙන්නේ. ඉතින් මම මෙතන පොල් ගෙඩිය පලන එකට හින්ගල එකෙක්ගේ නම දැම්මා නම් ඌ මට එරෙහිව අපහාස නඩු යන්න උනත් පුළුවන්.

      හේතුව බොහෝ පැතිවල මේ පොල් ගෙඩිය පලන්නේ අඩු කුළේ කෙනෙක් වීම.

      Delete
    4. වැරදි මතයක් මාතලං. මෙම පොල් ගෙඩිය බිඳින්න නියමිතව ඇත්තේ මනාලියගේ පොඩි මාමටයි. එනම් මනාලියගේ මවගේ බාල සහෝදරයාටයි. එතනදී අඩු කුලයේ පිට අය ගෙනෙන සිරිතක් නැහැ.

      Delete
    5. ලංකාවේ එක එක පලාත් වල තියෙන සිරිත් විරිත් වෙනස්. අපේ ගම්වල තියෙන සිරිත මම කිව්වේ. ඔහෙලයි පොඩි මාමා පලනවා ඇති.

      Delete
    6. සියනෑව හාපිටිගම් කෝරළය පැත්තෙත් මාමා කෙනෙක් තමා පොල් ගෙඩිය බිඳින්නේ.

      Delete
    7. මොකා පැලුවම මොකද බං. මගේ ප්‍රශ්ණේ ඒක නෙමේනේ.. තුන් දෙන්නේ කාටද කියන එක නේ. මේකත් අර ටී වී එකේ ආන්ඩුවේ වැරදි ගැන කතා කරන කොට අවුරුදු 20 කට විතර එහා කිටපි අලි මරාගෙන කනවා වගේ වැඩක් නේ.

      Delete
    8. මගේ යාලුවෙක් මනාලියට නැන්දම්මා වැඩිය කැමති නෑ. මේ ගෑනි කලේ හෝම් කමින් එක ඉවර වෙලා ගෙදරට ඇතුල්වෙනකොට ඔය පොල්ගෙඩිය කඩන්න මනමාලිටම දුන්න එක . මං එහෙම සීන් එකක් ජීවිතේටම දැක්කමයි. අනික් අය ටිකක් ඔරොප්පු වුනා සීන් එකට ඒත් කරන්න දෙයක් නෑ.

      කෙල්ල බයවෙච්ච පාර කෙලියා පොල්ගෙඩිය හරියටම බටර් කපුවා වගේ බෑ දෙක දෙපැත්තේ , මනමාලිගේ අම්මා ඔලුවේ අත ගහ ගත්තා . බලද්දී ගෙට ඇතුල් වෙන තැනම ටයිල් එක කුඩු, අර තියලා තිබ්බ රවුම් වලල්ලත් කපාගෙන ගිහින් වැදිලා පොළොවටම

      Delete
    9. /සියනෑව හාපිටිගම් කෝරළය පැත්තෙත් මාමා කෙනෙක් තමා පොල් ගෙඩිය බිඳින්නේ./

      අනේ මට මාමා කෙනෙක් නෑනෙ. නලින් මාමෙ උඹට බැරිද ඇවිත් මගේ වෙඩින් එක දවසෙ පොල් ගෙඩිය පලලා දෙන්න?

      Delete
  8. කොච්චර කෑ ගැහුවත් ජෙප්පන්ගේ තුන දෙන්නේ මයින්දටය.. එතකොට එයා දිනනවාය.. මටනං හිතෙන්නේ මහින්දට එච්චර ගේමක් හම්බෙනකක් නැතිය.. අඩුම ගානේ 50.001% හරි දාගෙන වැඩේ ගොඩ දාගන්නවාය..

    මාත් බලන් ඉන්නේ අරුං දෙන්නා පොරුවට නගිනකං තමයිය..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අනිවා ජෙප්පෝ ඉන්නේ මහින්දගේ පැත්තේය.

      Delete
  9. අර ගියපාර නාම යෝජනා ගන්ඩ බැරිවෙච්ච නිළියන්ගෙන් 'හොඳටම වැඩ කිඩ දාන එක්කෙනා' පොදු අපේක්ෂිකාව කරනවා. අම්මපා ඔය ඔක්කොම එවුන්ට කෙලවෙලා යන්න.

    ReplyDelete
    Replies
    1. ජින්ජර් ටී එක දැන් බීලා බලන්න..

      Delete
  10. අර උඩ ඇනෝ කෙනෙක් කියන්නා වගේ අපේ රටේ මේ කපේට දෙවනි තුන් වෙනි මනාපයක් ගණින්න දෙයක් තියෙනවැයි. මොක කොහොම උනත් අපේ උන් දුවගෙන ගිහින් මහින්ද අංකල්ට කෙළලා එන එවිල්ලට පළවෙනි වටෙන්ම උන්දැ දිනුම්. අපේ ජනතාව ඒ තරමටම බුජ්ජිමච් නොවැ.

    හැබැයි මහින්දගෙ පාරුවෙ පුවක් නිසා හරි දෙවනි මනාපෙ ගැන්නත් ඉතිං 'කොම්පූටර් ජිල්මාට්' එකක් දාලා හරි වැඩේ කෙරෙයි.

    ReplyDelete
    Replies
    1. මේ පරත් මහින්ද මහත්තයට යයි කියලා තමයි මාත් හිතන්නේ. විපක්ෂේ උන් නාලා එනකොට. පෙරහැර ගිහිල්ලා. පොලිස් ජීප් එකෙත් ගිහිල්ලා. කසකාරයෝ ගෙදර ගිහින් නිදි.

      Delete
  11. මේක තමයි මම දැක්ක මාතලන්ගේ වටිනාම පොස්ට් එක ...... හරිම වැදගත් ලිපියක් .(මේ මට)

    දැන් බලන්න ලංකාවේ අමුමිරිස් කිලෝ එක 800ක් නම් .....අමු මිරිස් ව්‍යාපාරයක් අරඹ කරන්න ඉන්න කෙනෙක්ට මිරිස් දෙන්න මට පුළුවන් ..... කොලබ වාරායටම එවන්න මම ගන්නේ රුපියල් වලින්නම් 320යි. ටැක්ස් වලට (හෝ පගාව ජරාව වගේ ඒවාට) තව රුපියල් 100ක් ම තිබ්බත් ... කිලෝ එක 720කට විතර වික්කොත් 300ක ලාබයක්.......
    ටොන් එකකට 300*1000 :D ............

    ReplyDelete
    Replies
    1. මගේ කාගෝ ෂිප් එක එවන්නම් ටොන් දෙක තුනක් දාලා එවපන්. හොඳ වෙලාවට ටී වී එකේ ඇඩ් එකක් දාන්නේ මාගම් රුහුණු පුරේ තොට වෙත යාත්‍රා කරන්නේ සවුබාග්ගයේ නව්කා කියලා. මම මොන්ටිකාලෝ වල තිබුන කෲ ෂිප් එකත් එහේට ගෙනාවා. දැන් සුද්දෝ මී කිරි කනවා ඇති. මත්තල ප්ලේන් බල බල.

      Delete
  12. ඈ මාතලං ජෙප්පො මහින්දත් එක්ක ඉන්නකොටනෙ රනිල් කරුත් එක්කම කංඩායමක් එව්වෙ මහින්දගෙ දෑත් ශක්තිමත් කොරන්නෙයි කියල. ආපු කට්ටිය දෑත් විතරක් නොවෙයි අහවල් එකත් ශක්තිමත් කොරනවද කොහෙද දැන්. ඒ කට්ටිය රනිල් එව්වෙ ජෙප්පන්ව අනාත කරවන්නනෙ. 88-89 කාලෙදි රනිල්ල බටලන්දෙදි එහෙම ජෙප්පන්ගෙ අහවල් එකෙත් ඇරල නිකං හිටියෙ නැහැ ජෙප්පන්ව ලක්ෂයක් විතර ප්ලැට් කරලම දැම්ම. ඒවට ඔය දැන් තියන එක්සත් ජාතීන්ගෙ කොමිසං අරව මේව මොකුත්ම නැහැ. ඔය දැන් මාතලෙන් එහෙමත් හම්බ උනෙ ඔලුවට ඇන ගහල එහෙම මරපු කට්ටියගෙ ඇට එහෙම. ඉතිං ජෙප්පන්ට ලැජ්ජාවක් තියනවනං පුලුවන්ද රනිල්ලත් එක්ක සජිත්ට වගේ දීග කන්න.

    ReplyDelete
    Replies
    1. ඉතින් එහෙම ආවා කියලා මහින්ද දාලා යන්න ජෙප්පෝ කියන්නේ ගොන් මී හරක් රැලක්ද...

      අප්ප්ට හුඩු මට දැනුයි තෙරුනේ සොරිම වෙන්න ඕන. 72 දී ඔය චන්ද්‍රිකත් හිටපු ආන්ඩුවේ චන්ද්‍රිකාගේ අම්මා කී දාහක්ද මන්දා ඔඩොක්කුවේ තියාගෙන හිල් පොල්කට්ටෙන් නෑව්වා නේ. ඔඩොක්කුවෙන් වැටුන උන් වෙන්ටෑ අර ගඟවල් වල එහෙම පා වෙවී ගියේ.

      ඔහේ ඉපදුනේ 77 පස්සෙ වෙන්න ඕන. තාත්තගෙන අහගන්න පුතේ 72 කතන්දරේ..

      Delete
    2. මාතලං පොඩි උන්ව රවට්ටන්න හදන්න එපා ඇත්ත විකෘති කරලා. මැතිණිගේ ආණ්ඩුව බොහෝම සාධාරණ විදියට පත් උන ආණ්ඩුවක්. සාධාරණ මැතිවරණ ක්‍රමයකින් මහජන ඡන්දයෙන් බලයට පත් උන රජයක් පත් වෙලා වසර දෙකක් ඉක්ම යන්නත් කලින් තමා හැත්තෑ එකේ කැරැල්ල ඇතිවෙන්නේ. ඇත්තටම කාලයක් තිස්සේ පැවති තරුණ අසහනය එතැනින් එළියට පැන්නා උනත් මැතිණිගේ රජයට කිසිම විදියකින් කාලයක් නොදි ඇති උන අසාධාරණ කැරැල්ලක් උනත් මැතිණී ඒක මැඩ පැවත්වන්න යෙදුනේ හැකි උපරිම සහනශීලී විදියට. හැකි තරම් අත්අඩංගුවට ගැනීම්, සිරගත කිරීම්, හා අවසානයේ නඩු විභාග මෙන්ම වැරදි කරුවන්ට පුනරුත්ථාපන වැඩසටහන් ආදී වශයෙන් ඉතා විධිමත් ක්‍රියා පටිපාටියක් යටතේයි ඒ කැරැල්ල මැඩ පැවැත්වීම සිද්ධ උනේ. කෙටියෙන් කිව්වොත් ජේවීපී නායක රෝහණ විජේවීර පවා සිරගත කලා මිසක් ගෝනියක දාලා පණ පිටින්ම මාර ගහක ගහලා වෙඩි තියලා මැරෙන්නත් කලින් බොරැල්ල කනත්තේ මිනී පුච්චන උදුනට දැම්මේ නැහැ.

      එහෙත් 77 යූ ඇන්පී රජය පත් උනාට පස්සේ ඊ ළග මැතිවරණය ජනමත විචාරණ ප්‍රෝඩාවක් මගින් නොපවත්වා හිතු මතේට දීර්ඝ කරගත්ත ලංකා ඉතිහාසයේ දූෂිතම දේශපාලනයකට අත් පොත් තබාපු මාතලං සහ මාතලංගේ අදහස්වලට ප්ලස් එකතු කරන කෙන්ජි නමින් පෙනී ඉන්න වයස්ගත මහළු පුද්ගලයා ඇතුළු කාඩරයන්ගේ අසාහය නායක ජූනියස් රිචඩ් ජයවර්ධනගේ පාලන කාලය අවසන්ව ගොස් 88/89 වන විට පත්ව තිබී රජය කියන්නේ මැතිවරණ දූෂණ අක්‍රමිකතා රැසක් මැද, විපක්ෂනායිකාවගේ මැතිවරණ අයිතිය අහෝසි කර තිබියදී පවත්වන ලද පට්ටම අසාධාරණ මැතිවරණයකින් පත් වෙච්ච රජයක්. කිසිසේත්ම මැතිණීගේ රජයත් ප්‍රේමදාසගේ රජයත් සමාන කරලා පෙන්නන්න උත්සහ කරන්න එපා මෑතකදී උපන්න ඉතිහාසය නොදන්නා දරුවන්ට. ඔබ මේ බ්ලොග් හරහා හුග දෙනෙකුගේ මොල හෝදන ව්‍යාපෘතියක නිරත වන අන්දම මා කලක සිට දුටු අයකු වශයෙන් මේ කියන්නේ. කරුණාකරලා ඇත්ත ඇති සැටියෙන් කියන්න.

      මැතිණිගේ පාලනය යටතේ කැරැල්ල මර්ධනය කිරීම සඳහා සිදු වූ ක්‍රියා දාමයට අලගු තියන්නවත් ප්‍රේමදාස ප්‍රධානව රනිල් ඇමතිකම් දරමින් භීෂණයට සක්‍රීයවම දායක වූ කැරලි මර්ධන වැඩ පිළිවෙලට පුළුවන්ද?

      අන්න ඒ වෙනස තමා ජේවීපි කාරයා තුල ශ්‍රීලංකා නිදහස් පක්ෂයට මහා වෛරයක් නොතියෙන්නත්, යූඇන්පීය හා බද්ධ වෛරයක් ඇති වීමටත් හේතුව.

      මැතිණි විසින් සිරගත කර ආරක්ෂා කල ඔවුන්ගේ නායකයා පණ පිටින් පෝරණුවට විසි කලේ කවුද? කාගේ රජයක්ද? ඒ රජය යටතේ වත්මන් විපක්ෂනායක රනිල් අහිංසකයෙක්ද? නැත්තං බටලන්ද වැනි වධකාගාරයන්ට සෘජුවම අණ දෙමින් කැරැල්ල මර්ධනය සදහා කුරිරු භීෂණයක් මුදා හැරිය පුද්ගලයෙක් නෙවෙයිද?

      ඔබ මේවා දන්න බව මම දන්නවා. මට කණගාටු ඔබ මේ දේවල් විකෘති කර අළුත් ළමයින්ගේ ඔළුවලට දමන්නට ගන්නා නින්දිත උත්සහය පිළිබඳවයි.

      අනික මැතිණිගේ රජය පැත්තකින් තිබ්බත් මහින්ද කියන්නේ 88/89 කලබල කාලේ ජේවීපියේ කොල්ලන්ගේ ජීවිත බේරන්න මහන්සි උන පුද්ගලයෙක්. මහින්ද අද කොතැන කොහොම හිටියත් එදා මහින්ද හින්දා පණ බේරගත්ත දකුණේ මිනිස්සු අද වැඩිහිටියෝ. ඒ අය කිසිම වෙලාවක තමන්ගේ දරුවන්ට උගන්නයිද තමන්ගේ ගැලවුම් කරුවා උන මහින්ද පරාද කරවලා තමුන්ගේ වධකයා උන රනිල්ට බලය දෙන්න?

      Delete
    3. පට්ට කමෙන්ට් එක ලොක්කා+++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. ඇනෝ , මේක දාන්නේ මාතලන් වැරදීම නැහැ කියන්න. හේතුව 10000 කට වැඩිය ගංගාවල පාවුණා 1971. මේකට මැතිනි ම පලි කියල කියන්නත් බැහැ . පළාත් වල ඉන්න පොලිසි හා හමුදා ගෙනාපු සිර කාරයෝ ජාත්‍යන්තර නීති වලටත් විරුධ්දව ගහල මරල දැම්ම ඒ කාලේ මුල් දවස් වල. ඊට පස්සේ මැතිනි කොහොම හරි ඉතිරි අය මරන්න දුන්නේ නැහැ. සිංහල බෞද්ද රටේ කොහොමොද පොලසිය හමුදාව ජනතාව ඕක කලේ කියල ප්‍රශ්නයක් මතු වෙනෙවා. .හැබැයි 88-89 ඊට වැඩ දරුණුයි කියා තමා මම හිතන්නෙත්.

      Delete
    5. මැතිනි බබා !!!

      Delete
    6. ඕන් පුංචි දරුවනේ දැන් මම ඔහේලට අර ඇනෝ මමා දාලා තියෙන කතාව පැහැද්ලිව කියා දෙන්නම්කෝ. පිහිටවලා අවුරුදු දෙකක් වත් කොරේ නැති හින්දා චෙගූවේරා කියලා කොල්ලෝ කෙල්ලෝ වගයක් සිරිමා ආන්ටිගේ ආන්ඩුව පෙරලන්න හැදුවා. මුන් පොඩි කොල්ලෝනේ. ඒ නිසා සිරිමාවෝ ආන්ටිට දුක හිතුනා. ඉතින් එයා කරේ මේ අයව දඹදිව, මක්කම, වතිකානුවේ එහෙම වන්දනාවේ යැවුවා. යූ ඇන් පී එකේ උන් හරි කැත වැඩක් කලා. උන් මොකද දන්නවද කලේ. ඔය ගම් වල ලෙඩ හැදිලා මැරෙණ මිනිස්සු ගංගාවල පා කරලා ඇරියා. ආන්ඩුව අපහසුතාවයට පත් කරන්න. අර චේගුවෙරා නායකයෝ ටික වන්දනාවේ යන්න බෑ කියලා. යාපනේ හිර ගෙදරට ගියා.

      ඔය උඹලයිඔ වැඩිහිටියෝ කියාවී, ඒ නායකයෝ එළියට දැම්මේ ජේ ආර් මුත්තා කියලා. බොරු. අමූලික පට්ට පල් බොරු. සිරිමාවෝ ආන්ටිමයි එයාලා එලියට දැම්මේ. අනික තව පොඩ්ඩෙන් අමතක වෙනවා. ඒ කාළේ ලංකාව මොන්ටිකාළෝ වගේ. ඔයාලට කියන්න. එක සැරයක් එලිසබෙත් රැජින හැදුවා ලංකාවේ පදිංචි වෙන්න. එංගලන්තේ වැඩක්ම නෑ කියලා. ළෝකයේ ජීවත් වෙන්න හොඳම රට ලෙස පිට පිට අවුරුදු හතක්ම තේරුනේ අම්මට සිරි ලංකාව. ඕකට ඉරිසියා හුතුන යූ ඇන් පී කාරයෝ ඕකට කිව්වේ හත් අවුරුදු සාපය කියලා. එයාලා ජේ වී පී එකේ එක කොල්ලෙක් මැරුවේ නෑ. හමුදාවෙන් මැරුවක් කිව්වත් විස්වාස කොරන්න එහෙම එපා.

      ඊට පස්සේ 88/89 ... ඕන් පුතේ උතුරේ කොටිගහනය වැඩි වෙන්න ගත්තනේ. ඒකට නම් පප්පා තමයි වැරදි ආයේ මොකා කිව්වත්. ඉතින් ඔය කොටි ගහනය මර්ධනය කරන්න පලා බබා කියලා ඉන්ජැස්සන් එකක් ඉන්දියාවෙන් දෙන්නම් කියලා. ඕකට ගිවිසුම් අත්සන් කරන වෙලාවේ. එදා අර වන්දනාවේ ගිහින් ඇවිත් හිටිය චේ ගුවේරා කොල්ලොයි සිරිමා ආන්ටියි පිටකොටුවේ බෝ ගහ ගාවින් පටන් අරගෙන මුළු රටම ගිනි තිබ්බා. පුක පිහින කොලේ හිටන් මුත්තා මරමු කියලා රතු පාටින් ලිව්වා. ඒ අස්සේ පප්පා ගෙදර ගිහින් දුප්පතාගේ හිතවතා ප්‍රේමදාස රජපුත ආවා. නිකන් ආවේ නෑ අනේ. චන්දයකින් ආවේ ඔය උඩ මාමා කියනවා වගේ.

      දැන් උඹළඟේ වැඩිහිටියෝ කියාවි. ඔය ඡන්දේ දාන ගිය පලවෙනි එකා චේ ගුවේඅරා කොල්ලෝ මැරුවය. තුන්ඩු දීලා කඩ වැහුවය. බස් එලවපු මාමලා මැරුවය. වී ගබඩා. ආන්ඩුවේ බස්, ට්‍රාන්ස්ෆෝමර්, ආන්ඩුවේ කන්තොරු බැංකු මකොල්ල කෑවය අරකයි මේකයි කියලා. පට්ට පල් අමූලික බොරු පුතේ. ආ තව කියයි. අහිංසක ග්‍රාමසේවා බල්ලෝ වගේ මරලා දැම්මය. හංදියේ කසිප්පු ටිකක් විකුනපු එකා මරලා දැම්මය, මිනී පෙට්ටිය ද්නිහෙන් පල්ලෙහා ගෙනියන්න කිව්වය. අරක මේක කියලා. ඒවත් පට්ට පල් අමූලික බොරු.

      බටලන්දේ නෙමෙයි රටේ හැම තැනම ඔය මාමා කියන ජාතියේ ඒවා තිබුනා. මේ මාමට මොලේ පැත්තයි වැඩ කරන්නේ. ඔය දැන් ආන්ඩුවේ ඉන්න වමේ මුත්තලත් තවත් අයයි ඒ වගේම බටලන්දවල් දාලා තිබුනා. ඒවා මෙයාලට මතක නෑ. අනේ ඉතින් මේ බටලන්ද ගැන කතා කරන මාමලා. මහින්ද මහත්තයා යුද්දෙට යන්න බෑ කියද්දි බලෙන් ඇදගෙන ගිහින් අර උතුරේ ජනතාව ලක්ෂ ගනන් මරලා දැම්මා.

      72 චේ ගුවේරා කොල්ලෝ පාවලා දීලා හිරේ ගිහින් බේරුනාට. 88/89 ඒ සෙල්ලම් කරන්න ඕකේ ලොක්කන්ට බැරි උනා. කොල්ලෝ 60000 විතර බිල්ලට දීපු එකේ. අන්තීමට රැවුලයි කැඳයි දෙකම නැතිව ඇවිත්. ජාතික රූපවාහිනීයෙන් යටත් වෙන්නෙයි කියලා අර බස් ගිනි තියපු අයිඩෙන්ටි කොල්ල කාපු මෝඩ කොල්ලෝ ටිකට කිව්වා. ඒත් ඉතින් මේ සැරේ නෝ චාන්ස්. එයාගේ අවසන් කටයුතු රජයේ වියදමින් නොමිලේම කරලා දුන්නා. මොකෝ රට සෙවයක් කළ අයගේ මරණේ කටයුතු කරන්නේ රජයේ වියදමෙන් පුතේ. රාජ්‍ය ගෞරව සහිතව. ඒකයි උනේ වෙන මක්කත් උනේ නෑ. මහින්ද මහත්තයගේ කතාවත් භාගයක් ඇත්ත.

      ඔය අලි ඉන්නවා නේද. ඕකුන් වන අලි කලාට වල් අලියමයි. කොටින්ම ඕකුන්ට නම දාන්න තිබුනේ සල් වන අලි කියලා. මේ ජේ වී පී මල් වට්ටිය අතේ තියාගෙන, උදේ හවා පන්සල් පල්ලි යන. චූටී බබාලා. සිරිමවොත් බබා. මහීන්ද මහත්තයත් බබා. මේ මමිත් බබා. රනිල් මාමා විතරක් නසරානියා.

      ඔය කතාව ඔයිට වඩා ගොඩක් ලොකුයි බබෝ. මහාවංසෙටත් වඩා ළොකු පොතක් ලියන්න පුළුවන්. ඕන නම් ඔය කොල්ලෝ ෆෝම් කරලා පැනලා ගියපු සෝමවංස මුත්තගෙන් අහලා බලන්නකෝ.

      හා දැන් බබාලා ඩොයියගන්න.

      Delete
    7. මොනවද මාතලං මේ දාන විකාර?
      මම අර උඩ ඇනෝගේ කතාවයි මාතලංගේ ලිපිය සහ මේ කමෙන්ට් එකයි දෙකම කියෙව්වම මටනං තේරුනේ මාතලං ඇනෝට හරියට උත්තර දුන්නේ නැහැ කියලා. ඇනෝ පැහැදිලිව කියන දේවල් ටික කියවන පොඩි එකෙකුට උනත් තේරෙනවා. ඒත් මාතලං ඇනෝගේ ඉදිරිපත් කිරීම සුළු කර දැක්වීමේ අරමුණින් සහ තමන්ගේ අදහස කොහොම හරි අනිත් අයට කාන්දු කරවීමේ අරමුණින් ඔහේ වැල් වටාරං සහ දෙපැත්තටම නැති කතා වැලක් කියාගෙන ගිහින් තියෙනවා.
      කරුණාකරලා වැදගත් ඉතිහාසයක් ගැන විහිළු කරලා නොමඟ යවන සුළු ප්‍රකාශ නොකර පැහැදිලිව උත්තරයක් ලියන්න. ඒක කියවන අපිටත් කරන සාධාරණයක් වේවි.

      Delete
    8. ඔයාට පැහැදිලි මදිම නම්. පරණ පත්තර ටිකක් හොයාගෙන කියවන්නකෝ. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ගිහිල්ලා.. මම හිතන්නේ සල්ලි ගන්නෙත් නෑ. ඊට පස්සේ පොඩි දරුවන්ට ළමා කතා කීපයක් ලියන්න. පොත් වලට නම් ඕන නම් මම දෙන්නම්. අපි හරි බැලන්ස් ඇනෝ.. මෙමරියත් තාම ඒ හැටි අවුල් නෑ..

      Delete
    9. oya hama thissema hari matthan ayyaa... anith okkoma waradi...

      Delete
    10. ඔයා ඔයාට හරි දේ මෙතන ලියන්න මල්ලි. කිසි අවුලක් නෑ. කවුද හරි කියලා. කියවන අය තීරණය කරයි.

      Delete
    11. මැතිනි බබා කිව්වා එකට මන් උත්තරයක් දැම්ම ඒක අතුරුදන් වෙලා. මාතලන් ඕන කෙනෙකුගේ අදහස් පල කර නිසා ගූගල් මප්‍රශ්නයක් වෙන්නේ ඕනේ. මතිනිව 60 හනන්වල හැසිරෙව්වේ එක පිරිසක්. 70වේ තව පිරිසක්. 73න පස්සේ ෆිලික්ස්. මතකයිනේ පාන් පොලු හාල් පොලු . ඒවා ගෙනාවේ වමේ උන් ටික.

      Delete
    12. මේක මම අහපු දෙයක්. මතිනිට ඩඩ්ලි හා ජේ ආර් සහයෝගය පල කලාට පස්සේ එංගලන්තෙත් යුධ ආධාර දෙන්න අහල. ඒ අතරේ අම්බානක ගංගාවල වැව් වල වැඩේ නියමෙට යනවා. හෙක්ටර් කොබ්බැකඩුව (මතකද මන්ද) මැතිනිට කතා කරලා කියල තියෙනවා සීන් එක. ඊට පස්සේ තමා මැතිනි ඔඩරේ දුන්නේ අල්ල ගත්තු අය හිරේ දාන්න කියල. හැබැයි එංගලන්තෙන් (සහ ඉන්දියාවෙන්) කියල තියෙනෙව 1968 මැලේසියාවේ ගේම දුන්න විධිහට දෙන්න කියල. මුලින් කට්ටිය මරාගෙන ගියේ එකලු.

      Delete
    13. මගේ බ්ලොග් එකේ මම මාක්ස්වාදය ගැන දාන්නේ ඔය චේ ගුවේර වාදය නැවත නොඑන්නයි. ජනතවට බලෙන් විමුක්තිය දෙන්න ගියොත් කෙල වෙනවා. චෙට බොලිවියාවේ වුනේත් එකයි. ඔය සුන්දර සිනි බෝල විප්ලවවවාදී කතා ඇත ඇරලා හරියට මාක්ස්වදයවත් ඉගෙන ගනිල්ලා තමා කියන්න තියෙන්නේ. මෙන්න මගේ අත් දැකීම 1971 ගැන. කැමති නම් බලන්න.
      http://kolambagamaya.blogspot.co.uk/2014/03/1971.html
      මට මතකයි අපේ තාත්තා කියනවා මා ඔයේ පාලමේ තියල වෙඩි තියන හැටි. ආයි නම් ඔය වගේ අරගල කරන්න එපා ජෙප්පනේ.

      Delete
    14. මැතිනි කළාද, නැත්නම් වෙන කවුරුත් කළාද දන්නෙ නෑ. හැබැයි 1971 දි කොල්ලන්ට සම්බෝල දුන්න එක නම් ඇත්ත. ගණන් හිලව් නම් ඉතින් කියන එකා මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඒක මේ සිද්ධිය සම්බන්ධයෙන් විතරක් නෙවෙයි අනෙක් සිද්ධීන් සම්බන්ධයෙනුත් ඇත්ත. දහයක් මැරුවොත් 100 ක් මැරුවා කියන්නත් පුළුවන්. 1,000 ක් මැරුවත් 200 ක් මැරුවා කියන්නත් පුළුවන්. ඕවා ගණන් කරලා කියන දේවල් නෙවෙයි හැමෝම තමන්ගෙ හිතට එන ගානක් කියනවා.

      සිරගත කළ ජවිපෙ නායකයින් නිදහස් කළේ මැතිනිය නෙවෙයි ජේ. ආර්. ඒක කරන්න බලපෑම් කලේ (විජේවීර පෞද්ගලිකව දැන සිටි) රොනී ද මෙල්. දින වකවානු ගැටළුවක් නම් මට මතකයි වික්ටර් අයිවන් කොතැනක හෝ ලියලා තිබුණා ඔහු නිදහස් වුණේ කොවුර් මිය ගිය දිනයේමයි කියලා. කොවුර් මිය ගිය දිනය හොයා ගෙන බලන්න එතකොට බලයේ හිටියේ මැතින්ද ජේ. ආර් ද කියලා.

      Delete
    15. ජේ ආර් තමා විජේවීරව නිදහස් කලේ. මොකද මම විජේවීරගේ පලවෙනි රැස්වීමට ගියා . නගර සභා ශාලාවේ තිබුනේ.

      Delete
  13. ජෙප්පන්ගේ තු න වැදගත් වෙන්නේ රනිල් සජිත් එකතු උනොත් නේ එකතු උනත් සජිත් රනිල්ට දිනන්න දෙන්නේ නැත.. මහින්දව ගොඩ යවා රනිල් එලවන්න දත කනවා.. එච්චරයි නූලෙන් හරි මහින්ද දිනුම්...

    ජ ය වේවා!!!

    ReplyDelete
    Replies
    1. නගරේ රනිල් දිනයි. ගමේ දිනන්නේ මහින්ද. කොහොමත් මහින්ද මහත්තයාට තව පාරක් කස්ටියම දෙයි මම හිතන්නේ.

      Delete
  14. රනිල් මේක කියෙව්වොත් සජිත් හට "ඇරීමට" නීත්යානුකූල තත්වයක් ලබගැනීම සඳහා පෝරුවට නගින්නම සෙට් වෙන්න පුලුවන්..............

    ReplyDelete
    Replies
    1. රනිල් කියවනවද දන්නේ නෑ. ඒ උනාට අලි පාටියේ ගොඩක් දෙනෙක් කියවනවා.

      Delete
  15. ++++++++++
    අනේ පවු ජෙප්පො

    ReplyDelete
    Replies
    1. පව් අප්පා.. මම හිතන්නේ ඕකුන්ට රාජ යෝග නැතුව ඇති. නැත්තං ඉතින් කටේ දාගත්ත ටොපිය හලලා ආපු උන් නේ..

      Delete
  16. නොකෙරෙන දීගෙට අර මොනවද මහ ගොඩාක් ඕන වගේ, ඔය කාටවත් මේ රට ආපහු හදන්න ඕන පාටක් නැහැ. මාමාලා වගේ මීමලා රට ගල් යුගයට ගෙනියන කම් මේ ගොල්ලෝ අල්ලන සෙල්ලම, හැංඟිමුත්තම්, ටින් පෙරලිලි කර කර ඉඳියි. ලැජ්ජයි, කැතයි. එකෙන්ම දෙන්න ඕන කාලය ඇවිල්ලා තියෙද්දි, තුනෙන් දෙන්න බලන් ඉන්නේ ...මේක නොකෙරන හින්දාම තමයි බන්.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි අරූ. පොලිටික්කෝ හැම එකාම දන්නවා. මහින්ද මහත්තයට තව පාරක් රජ වෙන එක සිම්පල් කියලා. අනික මොන හුටප්පරයක් හරි වෙලා අනික් උන් දින්නත්. විධායකෙයි, අනිත් ෆැසිලිටියි ඔක්කෝම ඕන උන්ටත් විඳින්න.

      තව ප්‍රධාන හේතුවක් තියෙනවා. ලංකාවේ පොලිටික්ස් කරන ඕන එකෙක්ගේ වැඩක් ලොක්කා කරලා දෙනවා තමන්ගේ දෙයක් වගේ. ඉතින් මක්කටෙයි වෙන රජවරු.

      Delete
    2. //තව ප්‍රධාන හේතුවක් තියෙනවා. ලංකාවේ පොලිටික්ස් කරන ඕන එකෙක්ගේ වැඩක් ලොක්කා කරලා දෙනවා තමන්ගේ දෙයක් වගේ. ඉතින් මක්කටෙයි වෙන රජවරු.//

      සතියේ කියමන++++++++++++++++++++++++

      Delete
  17. ජෙප්පෝ හැමදාම කරේ ඔය 3 අතේ තියාගෙන හොලව හොලව හිටපු එක. වැඩේ කරන්නෙත් නෑ.. හරියට කරගන්ටත් බැ, කයිය විතරයි...මෙද සැරෙත් ඔය කෙලියම තමයි, මොකද එකපාරටම 48% ගනී කියලා යැ?

    ReplyDelete
    Replies
    1. නැත අන් සරණා..
      එල්ලෙනු මිසකා..
      කා...ගේ හෝ.....
      වල්ලේ.....

      Delete
    2. ෆොටෝ එකේ ඉන්නෙ පරණ ලොක්කා 3 ටියුන් කර කර.

      Delete
  18. ජෙප්පොන්ගේ ඔක්කෝටම වැඩිය වැඩි කයිවාරුව..ඔය හැම පොලිටික්කම කයියෙන් තමයි ඉතින් වැඩ ගන්නේ..ඒ වුණත් ජෙප්පො කයිය ගහන්න ගියහම නෑමෙත් බුදු නෑමක් නානවා අපරාදේ කියන්න බෑ..අනික උන්ගේ අර සුපුරුදු කුහක ගතිය එළියට එනවා..එතකොට නම් ඉතින් එන්න තිබ්බ ඡන්දත් ඩෝං ගාල බිම වැටෙනවා..අනික ඉතින් එයාලටත් ඉන්නේ රනිල් පප්පා වගේ බදං කන්න උපන් සෝමවංශ...එයැයි කට ඇරියොත් ඡන්ද ටිකක් ෂුවර් රජතුමාට.. :D

    ReplyDelete
    Replies
    1. සෝමවංශ මුත්තා පැන්සොන් ගියා නෙව. දැන් ඉන්නේ අනුර අයියා..

      Delete
  19. අනේ ලමාතන් මේ ඉන්න පොඩි එවුන්ගේ ඔලු කොලප්පන් කරන්නේ නැතිව හිටින් .ප්‍රතිෂතේ කියලා. ජෙප්පගේ ලෝක්කා මෙහෙ ඇවිල්ල කිව්වා ඔක්කොටම වෙනසක් ඕනෙලු. එත් චන්දෙ දෙනෙවුන් උන් ගැන හිත හිත චන්ද පොලට ගිහිල්ලා ලොක්කාට හරි සොක්කාට හරි චන්දෙ දෙනවලු .ඉතින් මොකා ආවත් වෙනසක් නෑලු . වෙනසක් ඔනම නම් අපිට දෙන්නලු .මැරී කෑන්ස් හා හොඳයි කිව්වා කමක් නැද්ද

    ReplyDelete
    Replies
    1. මම එයාලට දුන්නා. අර එයාලම එපා කියපු පලා බබා එකේදී. මගේ ඡන්ද අහක ගිහින් නෑ කවදාවත්. දාපු තුනම ගොඩ. ලාල් කාන්ත, ලක්ෂ්මන් නිපුනාරච්චි, සුනිල් වටගල.

      Delete
  20. ප්ලස් ම්යිනස් පොයින්ට් ඇතත්, කවුරු කැමති වුවත් අකමැති වුවත්, අවසානයට සිද්ද වෙන එක මොකක්ද කියල කොමෙන්ට් කල හැම දෙනාටම අවබෝදයක් තියෙන එක ගැන මාගේ බලවත් අහවල් එක

    ReplyDelete
    Replies
    1. හිත ඇතුලෙන් දන්නවා වෙන්නේ මොකක්ද කියලා. ඒකනේ මේ වීරයෝ වගේ හිටපු ජෙප්පොත් දැන් වැල් බයිලා ගහන්නේ. උන්ට ඕන නෑ මහින්ද මහත්තයව තරහා කර ගන්න.

      Delete
  21. අවංකවම කියන්නම් (මට බැන්නත්) ලංකාවේ දැනට හිටි නායකයන් අතරෙන් මහින්ද රාජපක්ෂ තමා හොඳම. (ගොඩක් වැරදි තිබ්බත් මම කියන්නේ සාපේක්ෂව) . දැනට විපක්ෂයේ මහින්දට ගැලපෙන්න කවුරුත් නැහැ. මන් ඊයේ පෙරේද දැක්ක විල් චෙයාර් එකක හිටිය කලා කාරයෙකුගේ ලගට ගිහින් අය්ය කියල කතා කලා (හරි මල්ලි කියල හරි) . ඊට පස්සේ එයාගේ මුළු පරම්පරාවේම චන්ද ෂුවර් . ඒ වගේ කෑලි ගොඩක් දානවා. ඊට අමතරව යුධය දිනීම සහ පාරවල් හැදීම ගත්තට පස්සේ පොදු අපෙස්සකය ඉවරයි. අවු මිරිස් ගත්තොත් - ලන්ඩන් වල අවුමිරිස් විස්සක් රුපියල් 200. පිටි කිරි (500) පැකට් එකක් රුපියල් 220. ලංකාවේ ඊට වැඩිය ගණන්. ඉතින් කැබිනට් ඇමතිවරුන් කියයි බලපල්ලා අපි එංගලන්තෙට වැඩිය දියුණුයි කියල. ඉතින් කොහොමත් ඔය .....වරණයත් දිනනවා.

    ReplyDelete
    Replies
    1. අනේ අජෝ...ඔය පිස්සුද හැටිද... මඤ්ඤංද විස්කිරිඤ්ඤ්ංද....

      Delete
    2. මචෝ අරු , මම කිව්වනේ සාපේක්ෂව කියල . ඒ කියන්නේ ඩි එස් ගේ සිට චන්ද්‍රිකා දක්වා ගත්තම හොඳයි සාපේක්ෂව ධනවාදය හොඳටම ගෙනියන රජා කවුද? එතකොට රනිල්ට වඩා මීඩියා එක හසුරුවන්නේ කවුද? සරම ඇඳගෙන ලුණු මිරිස් එක්ක කිරිබත් කන්නේ කවුද ? මචෝ තමන්ව දාපන් ලංකාවේ සිංහල බවුද්ද චන්ද දායකයාගේ තැනට ? ඒකයි මම කියන්නේ . ලංකවේ අවු මිරිස් වල ගණන් නම් දන්නේ නැ රජෝ. හෙට මලයාගෙන් අහල කියන්නම්. අනික මට මඤ්ඤං කියල යාළුවොත් කියනවා. ඒකෙ අවුලක් නැහැ.

      Delete
    3. මට නම් හොඳම නායකයා ජේ ආර්. මොකෝ ඒක තමයි කවුරුත් තාමත් දුම් අල්ලලා, පුද පූජා පවත්වගෙන, සන්සෝදන එකතු කරගෙන වඩම්මගෙන යන්නේ.

      හැබයි බලවත්ම නායකයා මහින්ද මහත්තයා. මම මහින්ද මහත්තයට කැමති මම හොඳ යූ ඇන් පී කාරයෙක් නිසා. හැබයි මහින්ද මහත්තයට ආර්ථිකේටයි, විදෙස් ප්‍රතිපත්තියටයි බුලට් බඩු නෑ.

      Delete
    4. අජෝ...මඤ්ඤං කියලා කිව්වේ විහිළුවට. ගණන් ගන්න එපා. අපි ඔක්කොම මඤ්ඤං තමයි.

      Delete
  22. මොන කතා කිව්වත් මගේ පලවෙනි ජන්දේ නිසා දෙන්නෙ නම් ලොක්කාටමය ,... :D : D

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඇයි අර ලියපු ඇත්ත මකලා දැම්මේ.. ආන්ඩුවේ අයත් මේවා කියවනවා. එයාලට පොඩ්ඩක් දැන ගන්නත් එක්ක තියන්නයි තිබ්බේ..

      Delete
  23. මාතා දැන් ෆුල් දේසපාලු ටෝක්ස්මනෙ දෙන්නෙ... ගුඩ් ගුඩ් ම්යි ෆේවරිට් ..... දෙමු ලොක්කා ඇස්ටි හැලෙන්න

    ReplyDelete
    Replies
    1. මම කවදත් කැමති සබ්ජෙක්ට් එකක් මේක. මොකෝ අපි හැමෝම දෙශපාළණ සත්වයෝ නේ..

      Delete
  24. කට ඉස්සර කරගන්නැතිව ඉන්නම්කො..

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම එකක් නෑ. බ්ලොග් කියන්නේ ඒකනේ...

      Delete
  25. අර සජිත්ගෙයි රනිල්ගෙයි වෙඩිමේ දයාසිරිට ෂින්දුවක් කියන්ඩ … … ආ සොරි සොරි . එයා දැං අනික් පැත්‍තෙ නෙවැ.. චැහ්. වැරදුනා.
    ඒත් ඉතිං ලොක්ක අස්සං කරනවනං සොක්කො පොඩි එන්ටටේන්මන් පාරක් දුන්නට කාරි නෑ නේ බං.. ??

    ReplyDelete
    Replies
    1. දයාසිරි එන එකක් නෑ.. එයා මනමාලයයි, මනමාලියි දෙන්නම් එක්ක තරහයි නේ..

      Delete
  26. කෝම කොම හරි මේ පාරත් ලොක්කම ගේම ගහයි..

    ReplyDelete
    Replies
    1. බොහෝ විට... මොකෝ විකල්පයක් තවම නෑ..

      Delete
  27. ඔය කිව්වට ඔය වෙඩිමේදීත් සජිතයා අර විචාරක කිව්වා වගේ හොරෙන්ම "කෝල් අ ෆ්‍රෙන්ඩ්" අවස්තාව ලබා ගන්නවා ආයේ දෙකක් නෑ

    ReplyDelete
    Replies
    1. පොඩි ප්‍රේමේ ළොකු ප්‍රෙමෙගේ නමත් කනවා...

      Delete
  28. මහ රජාණන්ට තව සැරයක් දෙකක් ආයුබෝ වූවාට මටනම් කමක් නැතිය. මම එක්ක විනාඩි පහක් විතර අල්ලාප සල්ලාපයේ යෙදිලත් තියෙනවාය. රත්තරන් මනුස්සයාය... මාතා කියන්නැහෙ නියමෙට බඩ කොනිත්තනවාය.
    ඒ වුනාට අවුරුදු පහක් නම් ටූ මච්ය... දැන් නම් මොන ලබ්බක් හරි කරන්නම වෙනවාය. ඔය තියනවයි කියන කතිර හටනට (පලා බබා නොව) කලින් පඩි වැඩි කර ඔය මොනවා හරි කෙහෙල් මල් ටිකක මිල අඩු කලොත් හොඳය.
    හැම මල දානෙම චීනාට දුන්නාට, චීනෙන් ණය ගත්තාට අපිටනම් කමක් නැතිය. මොකද ආණ්ඩුවකට ණයට දෙන්නට මටනම් වත්කමක් නැතිය. හැබැයි කොමිස් කුට්ටියනම් බාගයකින් අඩු කරන්නම ඕනය.
    සිංහාසනයකුත් නැති එකේ අර මොකක්ද එකට කිරුළ දාගත්තාට අපිටනම් වගේ වගක් නැතිය... අවුරුද්දටම එක පාරයි නොව.

    ReplyDelete
    Replies
    1. කතා කොලානම් විනාසය. අපිත් මේ පරිප්පු කන්නේ බඩ මිරිකා ගත් නිසාය. ඉනා බේත් කෑවාට හපන්ය.

      Delete
  29. මං දැක්ක පත්තරේක කාටුන් එකක්...
    මහින්ද අංකල් කියනව විපක්ෂය තියෙන්නෙත් ආංඩුව ඇතුලෙ කියල
    ඕක අහගෙන ඉන්න සනිල් මාමි විපස්ස නායක පුටුව බදාගෙන ඒකෙ එල්ලිල ඉදං කියනව...
    එහෙ තිබ්බට කමක් නෑ.. පුටුව නං දෙන්නෙ නැ කියල

    ReplyDelete
    Replies
    1. මැරෙනකන් දෙන්නාම ඉඳිය වගේ තමයි පේන්නේ... මේ යන විදියට..

      Delete
  30. ඇදලා යන කෑල්ල තමයි රනිල්ගෙයි සජිත්ගෙයි වෙඩින් කෑල්ල......... එලස් ය..

    හැබැයි මාතලන් ආණ්ඩුව නහුතෙට බය වෙලාය. විපක්ෂය එකතු වෙලා ඉල්ලුවොත් අනාථයි කියලා දන්නා හැඩය...............

    ReplyDelete
    Replies
    1. ඇත්තට එහෙම කේස් එකක් තියෙනවා. ඒකට සප් එක නොදි කරන මේ දහජරා වැඩේ නිසාමයි මම මේක ලිව්වේ..

      Delete
  31. කප් සයිස් ප්ලීස්...

    ReplyDelete
  32. මාතලන්! මහින්ද මාමාගේ පාලනය දිගටම පවත්වාගෙන ආර්ථික ප්‍රශ්න ඇතුළු බොහෝ ගැටළු එක්ක ජීවත් වෙන්නද අප සුදානම් විය යුත්තේ.පොදු අපේක්ෂකයා නම් සංකල්පය විහිළුවකට නොගෙන එය හරවත් සංවාදයකට රැගෙන යාම සුදුසු නොවේද?

    ReplyDelete
    Replies
    1. මමද ඒක විහිළුවකට ලක් කලේ. නැත්නම් ජෙප්පොද? ඒකම තමයි මම මේක ලිව්වේ.

      විපක්ෂය කියන්නේ ආන්ඩුවටත් එහා පිස්සෝ සෙට් එකක්. නැත්නම් හාමුදුරු කෙනෙක් ගේන්න කතා කරාවිය මොළේ තියෙන එකෙක්. ඔය එකෙක් කරපු විනාසේ පේන්නේ නෑ. තව කොහොමද ඕකුන්ට බලෙත් හම්බ උනොත්. මොන සංඝයා වහන්සේද කටක් ඇරලා මේවා වැරදියි කියන ශක්තිමත් හඬක් නැඟුවේ. මහානායකාලා වැඩේ ෂේප් වෙන්න කාර් රේස් එකක් ගැන කතා කලා. අන්තීමෙදි බේබී රෙසුත් පැද්දා. ගිනි තියපු එකෙක් අද වෙනකන් නෑ. ඔක්කෝම බයිලා ගහනවා. අන්තීමෙදි වෙන දේ කියන්න ඕන නෑ නේ. ඒ පාර අපිව මරගෙන කනවා කඩේ යනවා කියලා.

      Delete
    2. රනිල් හෝ සජිත් යනු පොදු අපේක්ෂකයන් වන්නේ නැහැනේ.ඔවුන් එ ජා ප අපේක්ෂකයන්.ජෙප්පෝ කෙසේවෙතත් මා වැනි කලකිරුණු ශ්‍රීලංකා කාරයන්ගේ චන්දය වත් මේ දෙපලට ලබාදෙන්න සිතෙන්නේ නැහැ.නියම විදිහේ පොදු අපේක්ෂකයෙක් සිටිය යුතු වන්නේ මේ නිසයි.

      Delete
    3. දැන් මහත්තයෝ, පොදු අපේක්ෂක කතා ඉවරයි. දැන් ඉන්නේ විකල්ප අපේක්ෂකයා. ඉතින් ඔහේලට අබ සරණයි....!!!

      Delete
  33. මේක මෙතනට අදාල නැහැ කියල හිතෙනවනම් ඩිලීට් කලාට අමනාපයක් නැතිය.
    මමනම් බොගට අලුත් බුවෙක්‍ ය. 2010 කතන්දරට පින් දෙන පෝස්ටුවෙන් පටන් ගෙන උඩට කියවාගෙන එනවාය. හපොයි කියවන එක මෙච්චර අමාරු නම් බොග දාන එක කොච්චර අමාරු වෙන්නට ඇතිදැයි හිතුනු වාර අනන්තය අප්‍රමානය.
    කියවන එකත් ලේසි නැත්තේ කියවන ගමන් රස විඳින නිසාය. කොමෙන්ටුත් එක්කම කියවන නිසා වැඩේ තවත් අමාරුය. මුල් පෝස්ටුනම් සුටුස් ගා කියවිය හැකිය. කොමෙන්ටු අඩුය. පෙලක් ඒවාට ඇත්තේම නැතිය. එන්න එන්නම වැඩේ වල්ල පට්ට අමාරුය. අර කවුද එකෙක් කිව්වා වගේ පහලට යන්න ටැක්සියක් හයර් කරන්නට වෙනවාය. එහෙම කියලා අත අරින්නේනම් නැතිය. වැඩේ ගොඩදානවාමය. මාතලන් පල්ල මේ ඇත්තමය.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකක් ලියන්න හිතා ගෙන ඉන්න එකෙකුට මේවා හොඳ පාඩම්ය. කතන්දර ජීවීතේට අමතක වෙන්නේ නැතිය. මොකෝ අනික් උන්ගෙන් ඇහුවාට එකෙක් වත් කියා දුන්නේ නැතිය. ගොඩාක් උන්ට ඇහේ කටු අනින් සැල්බේරෙසන් එකකුත් ළඟදීම එනවාය.

      Delete
    2. මම මාතලන් උනානම් කතන්දරට පින් දෙන පෝස්ටුව ඩිලීට් කර ගොඩක් කල්‍ වෙනවාය. මම විතරක් නෙවෙයි පොරවල් උන ගොඩක් අම්මට සිරි ලංකාවෙ බුවාල එහෙමය. This is something strange. තව තවත් ලියන්න ශක්තිය ලැබේවා දෙදෙනාටම.... මමත් පට්ට ආසයි ලියන්න. තව කාලයක් ඉගෙන ගන්න වෙනව වැඩේට.

      Delete
  34. මාතා මට තියෙන්නෙ අහන්න වෙන ප්‍රශ්නයක් ජෙප්පන්ගෙන්.. අළුත් ලොක්කා බටහිර දනපති රටකට ගිහිල්ලා බටහිර දනපති බී බී සී එකෙන් අපේ උන්ට නෑහෙන්න අර 89/90 කාලෙ කල වැරදිවලට සමාව ඉල්ලුවානෙ. ඇයි එයාලට ඕක අපේ රටේදි කාටත් තේරෙන සිංහලෙන් සහ දෙමලෙන් කියන්න බැරි ? ඕක අර මොකක්ද හංගාගෙන අනික් දෙකෙන් කරන්න යනවා වගේ වැඩක්නෙ..

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ සරා ඒවයේ තියෙන ආතල් වින්දම, කතා කරන්නේ මක්කද කියලා අමතක වෙනවා. රනිල් ලොක්කා එල් ටී ටී ඊ එක කැඩුවෙත් එහෙමනේ. ඔය මහින්ද මහත්තයා රට යන කොට සද්දේ දාන උන් අරගෙන යන්නෙත් ඒකනේ. ඔක්කෝම යට වෙන පුදුම මැසිමක් තියෙනවනේ..

      Delete
  35. මාතා මේ වෙලාවේ ජේවිපි එක කරන්න ඕනේ අතීත සිදුවීම් අමතක කරලා රනිල්ට සපෝට් එක දෙන එකයි.අතීතයේ කා අතිනුත් වැරදි වෙලා තියෙනවනේ.දැන් ඒ වැරදි වලට එකිනෙකාට ඇගිල්ල දිග්කරගන්නේ නැතුව ජේවිපිය රනිල් එක්ක එකතු වෙලා මහින්ද පරාජ කරන්න සැරසෙන්න ඕනේ.
    නැතිනම් වෙන්නේ රට පරාජය වෙන එකයි.මොකද තව පාරක් මහින්ද බලයට එනවා කියන්නේ දැනටමත් ආර්ථික වලක ඉන්න අපි තව,තවත් ඒ වලේ ඇතුලටම යනවා කියන එකයි.

    ReplyDelete
    Replies
    1. මේ පාර මේ රෙජීමය පරදන්න වැඩ නොකරන කාට කාටත් අබ සරණයි!!කියලා හිතා ගත්තොත් හොඳයි.

      Delete
    2. මුන් රනිල්ට වඩා රෙජීම් එකට කැමතියි. මොකෝ රනිල් එක්ක බබ හුකුං කරන්න බෑ කියලා මුන් දන්නවා. රනිල් සිරා පොර නේ. මහින්ද මහත්තයා එහෙමද. බර්ත් ඩේ එකට කෝල් දෙනවා. පවුලේ මරණයක් උනොත් ලොක්කා එතන. ළමයෙක් කොළඹ ඉස්කෝලෙකට දාගන්න ඕන නම් එක කෝල් එකයි. පවුලේ කාර හරි රස්සාවක් ඕන නම් ටිකිස් ගාලා දාලා දෙනවා. ඉතින් මොකාද බන්ස් කැමති ඒවා නැති කර ගන්න.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න