.

.

Sep 9, 2014

ජනාධිපතිතුමාගේ ලව් හුට පට - President's Angels



"එයා ප්‍රසිද්ධියේ කියන්නේ, එයා පොහොසත් අයට අකමැති.., දුප්පතුන්ට ආදරේ කරන කෙනෙක් කියලා. ඒවා අමූලික බොරු... ඇත්තටම එයාට දුප්පත් අය පේන්න බෑ.. එයා පෞද්ගලිකවම මට ඒවා කියලා තියෙනවා. එයා දුප්පත් අයට කියන්නේ "දත් නැති ලොම්බෝ" (The toothless) කියලා. ඔව්.. මුකුත්ම කන්න බැරි "ලොම්බෝ" කියලා."... මෙහෙම කියන්නේ ජනාධිපති තුමත් එක්ක අවුරුදු හතක්ම ප්‍රසිද්ධියේම ජීවත් උන කෙනා.

වාලරි නෝනා

"ඔයාලට කියන්න.. මටත් හොරෙන්.., නිලියක් එක්ක කේස් එකක් යනවා කියලා දැනගෙන, ඒක අහපු දවසේ කිව්වේ, ඇත්තටම එහෙම එකක් නෑ කියලා. ඒත් නිවාඩුවටත් මාව එක්ක යන්නේ නැතුව, වීක් එන්ඩ් වල තනියෙන් රවුම් ගහන්නේ කොහෙද කියලා හෙව්වාම තමයි වැඩේ මාට්ටු උනේ.... නිලි බට්ටියෙක් එක්ක යන එක..."

"මම ඒකිට කෝල් කරලා ඇහුවම...., මෙහෙම දෙයක් තියෙනවද කියලා.... ඒකී මට තර්ජනේ කළා, එයාගේ ලෝයර්ට කියලා, මට නඩු දානවය කියලා..."

"මේක දැනගත්ත වෙලේ මට ජීවිතේ එපා උනා... මේ මනුස්සයා කොච්චර බොරු කාරයෙක්ද කියලා. මම ස්ලීපින් ටැබ්ලට් පැකට් එක අතට අරගෙන කාමරේට දිව්වා. එයත් මගේ පස්සෙන් ආවා. ඊට පස්සෙ එයා ඒක උදුරගන්න ට්‍රයි කලා. ඒ වෙලාවේ පැකට් එක ඉරිලා, ස්ලීපින් ටැබල්ට් ඇඳ උඩයි කාමරේ පුරාමයි විසි උනා. මම අහුවුනු ටික අරගෙන කටේ ඔබා ගත්තා. එයා මාව බාතෲම් එකට අරගෙන ගිහින් වමනේ කොරවලා යන්න ගියා. ආදරේ කරන මනුස්සයෙක් නම් එහෙම කරයිද? මාව ඉස්පිරිතාලේ හරි ගෙනියන්න තිබුනා නේද?..."

"මෙයා කොහොම කෙනෙක්ද කියනවනම්..., මම එයාගෙන වෙන් වෙලා යන දවසෙත්, මල් බොකේ එකක් එවල, නිදාගන්න කතා කරලා තිබුනා ඔන්න මිනිහගෙ හැටි..."

මේ කතන්දර ඔක්කෝම තියෙන්නේ ප්‍රංශ ජනාධිපතිත් එක්ක එකට හිටපු "වාලරි ත්‍රයව'ල'" නෝනා (Valerie Trierweiler) ලියපු පොතේ. පොතේ නම "බොහොම ස්තූතියි මේ මොහොතට" (Merci Pour Ce Moment (Thanks for this moment)). පොත ප්‍රින්ට් කරලා තියෙන්නේ ප්‍රංශෙන් එලියේ බොහොම රහසිගතව. ඒ උනාට ප්‍රංශ මාකට් එකට දැම්මම, මේක උණු කැවුම් වගේ විකිනෙන්න ගත්තා.

මොකෝ.. ප්‍රංශෙත් ඇත්තේ, මාතලන් වගෙම, ගොසිප් වලට එකසිය ගානට කැමති උන් වෙන්න ඇතිනේ. දැනටම පොත් ලක්ෂ දෙකක් විකිනිලා. බඩු මදිවෙලා, අලුතෙන් අච්චු ගහලා ආයේත් සෙට් එකක් දාන්න යන්නේ. ළඟදිම මිලියන් භාගේ ටාගට් එකට ලේසියෙන්ම යයි කියලා, පොත් කාරයෝ කියන්නේ.

පරණ නෝනා
සම හරක් උඩ දාගෙන පොත විකුණුවට. සමහර පොත් සාප්පු කාරයෝ නම් පොත විකුනන්න කැමති නෑ. සමහර උන් කඩේ ඉසාරහ දාලා තියෙනවලු, මෙහේ ජනාධිපති මන්දිරේ කුණු රෙදි විකුණන්න නැතෙයිය කියලා.

වාලරිට පොත් ලියන එක මහ කජ්ජක් නෙමෙයි. මොකෝ එයා ජර්නලිස්ට් කෙනෙක්. ජනාධිපති තුමාගේ කැම්පෙන් එකෙත් ළොකු ගේමක් දීපු කෙනෙක්. හැබයි ඉතින් මෙයත් ලොරි ටෝක් දුන්නට, මේයා කරලා තියෙන්නේත් ඒ වැඩේම තමයි. ඒ කියන්න ජනාධිපති තුමාගේ කසාද නෝනා ඉඳිද්දිම තමයි, ජනාධිපති තුමා එක්ක හැමිනෙන්න පටන් අරගෙන තියෙන්නේ. එයාගේ නම් ස'ගොලෙන් රොයාල් (Ségolène Royal). එහෙම බැලුවාම, මේක ඇවිල්ලා දිඨ්ඨ ධම්ම වේදනිය කැටගරි එකට දාන්නත් පුළුවන්.

පොත ගැන එක එක අය එක එක ඒවා කියනවා. සමහර අය නම් කියන්නේ ඒක රබිෂ් කියලා. ඒ කියන්නේ වැද්ගැම්මකට නැති පොතක් කියලා. අළුත් කෑල්ල කියලා තියෙන්නෙත් එහෙමයි. ඒත් ඉතින් සම හරක් කියන්නේ කරපු ජරා වැඩේට දීපූ හොඳ උත්තරේ මේක තමයි කියලා. ඔලොන්දේ නම් පොත ගැනවත්, අළුත් කෑල්ල ගැනවත් මක්කත් කියලා නෑ. ඒත් ජනාධිපති ප්‍රකාෂකයෙක් නම් කියලා තියෙන්නේ එයාලට වෙන වැඩ තියෙනවා කියලා.
අළුත් නෝනා

ජනාධිපති තුමා කසාද නෝනගෙන් දික්කසාද උනේ 2007. ඒ නෝනත් ලේසි පාසු කෙනෙක් නෙමෙයි. කලින් හිටපු මනමාල ජනාධිපති, සාර්කෝසිත් එක්ක ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වෙච්චි මුල්ම ගෑණු කෙනා විදියටත් රෙකෝඩ් තියපු කෙනෙක්. දැන් ඔලොන්දේගේ කැබිනට් එකේ බලශක්ති ඇමතිනි. බලාගෙන ගියාම එහෙත් එහෙමයි නේ. තව කව්ද දන්නේ නෑ පවුලේ අය ඉන්නේ.

දැන් ඔලොන්දේ ලොක්කා සෙට් වෙලා ඉන්නේ නිලි බට්ටියෙක් එක්ක. එයාගේ නම ජුලි ගායේ, (Julie Ga yet) කෑල්ලට වයස 47 යි වාලරිට 50 යි. අවුරුදු තුනක් හරි බාලයිනේ. එයත් කසාද බැඳලා ළමයි බමයි ඔක්කෝම ඉන්න කෙනෙක්. තාම රජ ගෙදරට නම් උස්සගෙන ඇවිත් නෑ. ළඟදිම බඳීවී කියලා තමයි ආරංචිය නම්.

හැබයි ඉතින් අපේ අයගෙන් උපදෙස් ගත්තා නම්..., මෙහෙම හොර කේස්... නාගෙන, හත්පොලේ ගාගෙන, චොර කර ගන්නේ නැතිව, ෂේප් එකේ කරන හැටි යසට කියලා දෙයි. ඒ අතිනුත් ඉතින් කප් එක අපිටම තමයි.

116 comments:

  1. මෙහේ හැතිකරේට පොත් ලියන්න තියා හරියට හිංගල කතා කරන්නත් බෑනේ මචං.......

    ReplyDelete
    Replies
    1. උන්ගේ සාමන්‍ය දැණීම පේනවා. උන්ගෙම සමහර ගොබ්බ වැඩ සටහන් වලදි. මුන් සැප දෙන වැඩේවත් හරියට කරනවද දන්නේ නෑ. නැත්නම් ගණුදෙනුකරුවන්ටයි ඒකෙනුත් පාඩුව..

      Delete
  2. අනිච්චං ... හැක් හැක්

    ReplyDelete
    Replies
    1. අනිච්චේ... දුක්ඛේ... අනාතේ...

      Delete
  3. දුවගන ආව මදැයි.අපට රජවරු මිසක ජනාධිපතිවරු ඉන්නවයැ නේද බං පස්සෙනෙ කන්පනා වුණේ.

    ReplyDelete
    Replies
    1. මහරජානනේ කියලා සින්දුවකුත් තියෙන්නෙ බං..

      Delete
  4. අනුන්ගේ පුහුල් අපිට මෝටා
    අපේ ලබු අපිට හොඳා

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ කුණු ටිකක් හෙව්වේ නැත්නම් නින්ද නොයන ගතියක් මට නම් තියෙනවා..

      Delete
  5. මගෙ ඇඟේ මයිල් කෙලින් වෙලා ගියා අප්පේ ත්‍රාසය සහ භීතිය

    ReplyDelete
    Replies
    1. අද අනුවේදනීය කෑල්ල නැතෙයි..

      Delete
  6. නම් කිහිපයක උච්ඡාරණය නිවැරදි විය යුතුයි. (ප්‍රංශ උච්ඡාරණය ඉංගිලිසි උච්ඡාරණයට වඩා ටිකක් වෙනස්)

    Ségolène Royal - ස'ගොලෙන් රොයාල්

    ('e' සාමාන්‍ය උච්ඡාරණය [අ'] ලෙස නමුත් ඔය උඩින් දාලා තියෙන accent දෙක අනුව 'එ' ලෙස වෙනස් වෙනවා. Royal හි අවසාන අකුර l නොවුණා නම් නිහඬයි. c,r,f,l විතරයි අවසාන අකුරට ආවාම ශබ්ද කරන්නේ. ‘ෂ’ = ch)

    Valérie Trierweiler - වාලරි ත්‍රයව'ල' [හෝ ත්‍රයව(ර්)ල(ර්)]

    Julie Gayet -ජුලි ගායේ (අවසාන 't' නිහඬයි.)

    François Gérard Georges Nicolas Hollande - ප්‍රංශුවා ජෙරා ජෝර්ජෙ නිකොලා ඔලොන්දේ (නිහඬ අකුරු කිහිපයක්ම වේ.)

    Nicolas Paul Stéphane Sarközy: නිකොලා පෞල් ස්තෙපාන් සාකොසි

    ReplyDelete
    Replies
    1. සියල්ල නිවැරදි කළා.. බොහෝම ස්තූතියි...

      Delete
    2. මහ කළු සිංහලයාට උත්තර දෙනවාකෝ ප්‍රංශ උගන්වන්න කලින්.

      Delete
    3. Sorry. I will never reach my destination if I stop and throw stones at every dog that barks. :-)

      Delete
    4. is your destination means that sowing untruthful things in affable manner ?

      Delete
    5. තම ප්‍රදේශයේදී බුරන බල්ලා වෙනත් අන් ප්‍රදේශ වලදී නැට්ට කකුල්දෙක අස්සේ ගහ ගත්ත නිවට බල්ලෙකි. එසේ සිටින්නේ නැතිව ඔබගේ බිඳ වැටුණු තර්ක ගැන එකින් එක පිළිතුරු දෙන්න. අභියෝගය භාරගෙන එන්න.

      Delete
  7. Hebei maathalan, loken uthum Rataka oyawage poth palakalanam Babith sun Babige ammath sun.Achchu kanthoruwatath (Aba Saranai) "Eratawal wala ehema unata Lankawe ehema wennene" (R-D)

    ReplyDelete
    Replies
    1. මෙහේ ඕවා ලියන්න ගිය එකෙක් අදටත් අතුරුදහන්නේ.. ඒ සාමාන්‍ය ඇමතියෙක්ගේ ඒවා ලියලා.. හැබයි ඒ ළියපු විදියත් අනුමත කරන්න බෑ.. අමු කුණු ගොඩක් ඒ ළිපිය..

      අපේ උන්ට රහට, ව්‍යංගව ලියන්න බෑ.. අනික එහෙම ලියන දේ තේරුම් ගැනීමේ ශක්තියකුත් නෑ.. අමුවෙන්ම දෙන්න ඕන.. නැත්නම් තේරෙන්නේ නෑ..

      Delete
  8. අළුත් නෝනා ෆ්‍රී වීල් යන කෙනෙක් වගේ නේද ? ශැහ්... සීයට සීයක්ම එළකිරි.... මැලිබන් වගේ.....

    ReplyDelete
    Replies
    1. ඕ යේස් … කෝ අපේ මෙන්ඩියා.. ??

      අනේ බං අර නෝනට ඔය උඹලගෙ සාම්පල් ටිකක්වත් ඇරහං :D

      Delete
    2. මා කොමලවතී මා ආලවතී
      මා කොමලවතී කෝල නැතී කෝකිල දේවී
      මා ආලවතී ආලෙ හිතී ආදර කාරී
      මගේ රූපෙට ආශාවී සෝබනා
      මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ...

      ගිනි කුකුළු මුඩිය ලෙසට පිපුණු කොණ්ඩ කුඩිච්ච
      නයි පෙනය වැනිය කම්මුල් දෙක හැඩට පිපිච්ච
      ප්‍රේමිය ප්‍රිය සෝබනා...

      ළැමේ ප්‍රේම සාගරේ පීනයි තාරාවෝ
      බඳේ ආල ගමනටා කපුටන් ගී කීවෝ
      පෙමා දෑසෙ දර්ශනේ
      ඉතා රෑට නිලට පේන බළල් ඇස් දෙකක් වගේ...

      මගේ රූපෙට ආශාවී සෝබනා
      මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ...

      මා කොමලවතී මා ආලවතී
      මා කොමලවතී කෝල නැතී කෝකිල දේවී
      මා ආලවතී ආලෙ හිතී ආදර කාරී
      මගේ රූපෙට ආශාවී සෝබනා
      මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ...

      කිරි කවඩි කූඩ පොළොවෙ ගසනු වාගෙ කටහඬේ
      ගෙයි මුල්ලෙ තියෙන කුල්ල වැනිය සියොලඟේ හැඩේ
      ප්‍රේමිය පිය සෝබනා
      ප්‍රේමිය පිය සෝබනා...

      කිරි කවඩි කූඩ පොළොවෙ ගසනු වාගෙ කටහඬේ
      ගෙයි මුල්ලෙ තියෙන කුල්ල වැනිය සියොලඟේ හැඩේ
      අනේ යන්ටෙපා ප්‍රියේ මගේ හර්දය කඩලා
      පියඹාල අරගෙන ප්‍රිය රූබර කොමලා
      හිතේ දහිරි අරගෙන
      බොලේ සුබ නැකතයි දෙවි පිහිටයි
      ගියොත් හනිකට...

      මගේ රූපෙට ආශාවී සෝබනා
      මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ...

      මා කොමලවතී මා ආලවතී
      මා කොමලවතී කෝල නැතී කෝකිල දේවී
      මා ආලවතී ආලෙ හිතී ආදර කාරී
      මගේ රූපෙට ආශාවී සෝබනා
      මළ කෝලම් කරාවී බොහෝ ඈයෝ...


      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : එම්. කේ. රොක්සාමි
      ගායනය : එච්, ආර්. ජෝතිපාල සහ ෆ්‍රෙඩී සිල්වා

      Delete
    3. මගෙ ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩිය රත්තරං
      මං ආදරෙයි ඔයාට ලොවෙත් නැතිතරන්..

      මං ලඟ බොරු නෑ - බොරු මවලා කියන්නෑ
      සුරංගනා කතා කියල රවට්ටන්නෙ නෑ...
      කට්ට කාලා දාගත්ත කෙල්ල යාළු
      ආයේ මාව හම්බවෙන්ඩ එන්නෙ නෑලු..

      මේක සිරා කරපු මගේ ප්‍රථම ලව් එක
      මම බොක්ක වුනත් දෙන්ඩ හිටියෙ ඈ හට
      දැනුයි මට හැගෙන්නෙ ඇය ගැලෙව්වෙ මගෙ දත
      අද කනේරු ඇට කන්න හිතෙනවා මට…

      කියල වැඩක් නෑ නින්ද යන්නෙ නෑ
      මේවා හිතල හිතල මගේ නාඩි වැටෙන් නෑ

      මචං ඔව්ව ඔහොම තමයි කෙල්ලො හිටියට
      එයාලා අපිවදාලා යන්නෙ අනේ නොකියම
      උඹට සෙට් වෙනකන් හොද කෙල්ලෙක් ලඟදි
      මසිංදුවක් කියල ඉමු ආතල් එකෙ අද..

      ඉදල වැඩක් නෑ ආයෙ එන්නේ නෑ
      මේක ගැනම හිතල හිතල වැඩක් වෙන්නෙ නෑ
      එයා ගියා කියල අපි හඩන්නෙ නෑ
      වෙන කෙල්ලක් සෙට් වුනාම තනිය නෑ

      ගායනය- පද රචනය හා සංගීතය : SJS

      Delete
    4. ඇයි මේක
      හෝපළු වනපෙත කම්පිත කරවන
      මන්මද නර්තන රංගන කළ මැන...

      ලැම විල පියකරු හසුන් රකින්නී
      සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නී
      මන්මද නර්තන රංගන කළ මැන...

      අංජන ගල්වන පංකජ නයණී
      වෙණ චංචල කළ සත්සර දියණී
      මන්මද නර්තන රංගන කළ මැන...

      පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන
      සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

      Delete
    5. නටන්ඩ හිතුණා සාලෙ නටන්ඩ හිතුණා
      මගෙ පබී නෝන පෙනෙනා විට නටන්ඩ හිතුණා
      සාලෙ නටන්ඩ හිතුණා

      නටන්ඩ හොඳ නෑ සාලෙ නටන්ඩ හොඳ නෑ
      පිස්සෙක්ය සිතා සෙනග පිරේ නටන්ඩ හොඳ නෑ
      සාලෙ නටන්ඩ හොඳ නෑ

      හරි විහිළුකාරයා මේ මාගෙ පුරුෂයා //
      ලැජ්ජ නැද්ද මේ දොඩවන්නෙ පිස්ස සේ //
      පිස්සු කමට නොවෙයි විහිළු මගේ හැටි තමයි //
      සාලෙ නටන්ඩ හොඳ නෑ සාලෙ නටන්ඩ හොඳ නෑ
      ආදර මුහුණා හරි රූබර පානා
      ඉඟි බිඟි පෙන්නා මා පිස්සු කරන්නා
      නුඹේ ආදර මුහුණා හරි රූබර පානා
      ඉඟි බිඟි පෙන්නා මා පිස්සු කරන්නා
      කෝප ගන්ඩ එපා ආදරෙටයි කියන්නේ //
      නටන්ඩ හිතුණා සාලෙ නටන්ඩ හිතුණා
      සාලෙ නටන්ඩ හොඳ නෑ සාලෙ නටන්ඩ හොඳ නෑ
      නවනින්දා නොකර මෙ ලෙස
      වැදගත් ලෙස හැසිරියන්කො
      මගෙ හැටියක් උඹට මොටෝ
      හොඳ විදියට උඹ ඉඳින්කො
      තරහ ගියා
      තරහ ආව
      තරහ ගියා
      තරහ ආව

      ඔව්

      ඔව්
      නටන්ඩ හිතුණා සාලෙ නටන්ඩ හිතුණා
      සාලෙ නටන්ඩ හොද නෑ සාලෙ නටන්ඩ හොඳ නෑ

      ගායනය – එඩී ජයමාන්න / ජෙමිණි කාන්තා
      පද – පී. එල්. ජේ. නන්දනකීර්ති
      සංගීතය – බී. එස්. පෙරේරා

      Delete
    6. ඒ රටවල ගොඩක් නෝනලා එහෙම තමයි..

      රණ තිසර හොටේ
      පෙනේ හැටට හැටේ

      Delete
  9. හප්පේ අර අළුත් නෝනට අවුරුදු 47ක්ද? :o එච්චරක් කියන්න බෑනෙ! ඔය ඉන්නෙ දහඅටේ කෑල්ල වගේ! ;D

    මම නම් කැමතිම මේ කොටසට. //හැබයි ඉතින් අපේ අයගෙන් උපදෙස් ගත්තා නම්..., මෙහෙම හොර කේස්... නාගෙන, හත්පොලේ ගාගෙන, චොර කර ගන්නේ නැතිව, ෂේප් එකේ කරන හැටි යසට කියලා දෙයි. ඒ අතිනුත් ඉතින් කප් එක අපිටම තමයි.// ++++++++++++++++ හැක් හැක්. :D :D

    ReplyDelete
    Replies
    1. උන් මචෝ ඇඟ පත මේන්ටේන් කරනවා නේ.. අනික කෑම බීම ගන්නෙත් පිලිවලකට.. අපේ බත් ගිල්ලම, බඩ ඇවිල්ලා චොර වෙලා යනවා...

      Delete
  10. ජනාධිපති ද මනුෂ්‍යයෙකි !!!

    උණපුරුක සහ බලු වලිගය...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. උන පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ
      හුග දෙනෙක් ඒ වගේ - ටික දෙනෙක් එහෙම නෑ
      අපි ඉන්නේ එතනයි ……
      ලබා උපන් හැටි එතනේ බබා වැනෙන්නේ…!!

      ---- ආයිෂ් අම්මා ගුන්ඩූ ----

      Delete
    2. අනිවා... ඒත් ඉතින් තමන්ගේ ගෑණිට සලකන්නේ නැති එකා.. ජනතාවට සලකයිද...?

      Delete
  11. ප්‍රංශ හිටපු ජනාධිපති සාර්කොසි මහත්තයත් ඔහොම් නේද මාතේ , අර අලුත් නෝනා ගේ පොටෝ කීයක් කොහොම තියෙනවද දන්නේ නෑ ඔය පොතේ ... අපේ ඔය ජාතියේ පොතක් කියල අගහුවේ චෞර රැජින විතරයි මයේ හිතේ ... එකත් මෙලෝ රහක් නෑ ..

    ReplyDelete
    Replies
    1. ඊයා.. චෞර රැජිණ කක්කා ගොඩක්.. ඒකේ තියෙන්නේ තනිකර වෛරය විතරයි..

      ඒත් හොඳ පොතකට නියම බීජයක් එතන තියෙනවා..

      Delete
  12. අපේ එක්කෙනා නම් ලව් කොහොම වෙතත් කාටදෝ ඇඳේ දාලා වෙඩිතිබ්බා කියලා 'පැපරාසියා' කියලා තිබුණා.

    ReplyDelete
    Replies
    1. උන්ඩේ පිටවුනාද කියලා සැකයි.

      Delete
    2. ඒ පොලෝසියේ හොදම වෙඩික්කාරිට නේද......

      Delete
    3. අපේ කෙනා අද ඊයේ නෙමෙයි ඒ කාළේ ඉඳන් වැඩකරු...

      Delete
  13. ෂෝයි අනේ හිනා යනවා අප්පා
    - මීට අපූර්වි ඔමායා

    ReplyDelete
    Replies
    1. ඇයි අනී ....ඔයා.....ඇනෝ ආවෙ ......
      මං .....තලායි .......

      Delete
    2. ඒනං කමක් නෑ පනේ...

      Delete
  14. අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
    අප හමුවෙන්න කලින්
    සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
    අන් සතු ළඳකි මෙ මං ……

    ReplyDelete
    Replies
    1. අකලට වට මහ වරුසාවක් සේ
      අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
      මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
      ඇයි දෝ යළි ආවේ...

      පෙර දා මෙන් හද මල් පිපුණා දෝ
      සතුටු කඳුළු නුවනග මිදුණා දෝ
      අතීත ආදර නටබුන් අතරේ
      මන්දිර මැව්වා දෝ...

      සොවක් නැතේ නොසිතනු මැන සංකා
      ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
      රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
      සතුටයි කිරුළ අපේ...

      හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
      ඔබේ ඇරයුම පිළිගන්න හිතක් නෑ
      විමසන වදනට පිළිතුරු දෙන්නම්
      ළඟක දි ලබන දිනේ...


      ගී සංකල්පනාව: දයා ද අල්විස්
      තනුව සහ සංගීතය: නන්දා මාලිනී
      ගායනය: නිරංජලා සරෝජිනී

      Delete
    2. යනවානම් අනේ මං අරන්...
      යන තැනකට යන්න රත්තරන්....

      Delete
  15. අනේ මන්දය......
    උඹට මේව ලොකු ඉට්ටෝරිද......මචෝ......
    මම තුනකින්ම ....ඩිවෝස්........ඒ අය අදත් හිට කෑමක් කනව මා එක්ක ඉතුනම.....
    ලබන වසරෙ සකුර පිපෙන කාලෙ .......4 වැනි සැරයට බදිනව වසර 20 ක් බාල ....ඔසී ඔල ඉන්න අනී ව.....
    අවුල්......ද.....හෙක්....හෙක්....

    ReplyDelete
    Replies
    1. උඹ බඳින්නෙ ඔසී බඩු, නම ජපන්, ඉන්නෙ මැලේසියාවෙ. අනේ සකෝ බල ලෝ කිව්වලු :P

      Delete
    2. හෙහ්....හෙහ්......මොකෝ මචෝ.......අවුල් වගේ උඹට....... :)

      Delete
    3. සකුරා මල් පිපිලා හරි පුදුමයි
      ගේ දොරකඩ නිල් වන පියසේ
      නිදිමත නැති වී හිරු පායා ඇත
      උමතු වෙසින් මහ රෑ යාමේ

      මින් රැළ වෙරළේ සක්මන් කළ සඳ
      පා සටහන් ඇත වැලි තලයේ
      නාග පිඹුරු රුදු සිංහ වලස් කැල
      ඉඟිළෙති නගිමින් උඩු ගුවනේ

      යන එන සෙල්ලම් රිය පෙළ අතරේ
      පාසැල් යන විට බෝනික්කෝ
      අකුරු උගන්වති කූඹි සිසුන් හට
      වයසක ගුරුවර සූටික්කෝ

      සුදම් සභාවේ අරගලයක් වී
      අහසින් කොටසක් කඩා වැටේ
      වියපත් සඳ වත ගේ දොර නැති වී
      හැරමිටි සරණින් බලා සිටී

      පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
      සංගීතය - නන්දා මාලිනී.

      Delete
    4. ළොකු දේවල් නම් නෙමෙයි.. ඒත් ඉතින් මේවා ප්‍රසිද්ධ නිව්ස් නේ..

      Delete
  16. මේවා දකිද්දී පීලින් මාවලස් අප්පා....

    ReplyDelete
  17. ජනාධිපතිලාද මනුශ්ෂයෝය

    මාතලන් පලකල චානුක වත්තේගම ගේ කැත බොරුව. ගැන දැනගන්න ඇවිත් යන්න

    ReplyDelete
    Replies
    1. උඹ හැම තැනම ඇඩ් දදා ගියෙ නැතුවට ලිපිය හොඳනං බලන උන් ඇවිත් බලයි.

      Delete
    2. හැලපේ, මොකෝ කේස් එක.සීනි අඩු වෙලාද?

      Delete
    3. මේ අළුත් දෙයක් නොව මා වැරදිය ඔප්පු කළ දේවල්ම සඟවා වෙනත් විදිහකින් ඉදිරිපත් කිරීමකි. ලිපිය ලියන විටම වර්ගවාදී කඳවුරින් මෙවැනි දේවල් බලාපොරොත්තු වීමි. මන්ද මේ කේන්ද්‍රීය මෝඩ තර්කය බිඳ දමූ විට ඔවුන්ගේ පැවැත්වම ප්‍රශ්නයට ලක්වන නිසාය. මේ ප්‍රතිචාර වලින් අනවශ්‍ය ලෙස කලබල නොවෙන්නාක් සේම දැනටමත් ඒවා බොරුය ඔප්පු කර ඇති හෙයින් අමුතු ප්‍රතිචාරයක් අවශ්‍ය නොවේ. :-)

      (මාතලන් අදාළ නැති දෙයක් මෙහි ලියන්නේ ඉන්පසු උත්තර නොදී පැණ ගියාය මේ පුද්ගලයන්ගෙන් අභූත චෝදනා එල්ල වන නිසාය. මේ මේ ගැන මගේ අවසාන කමෙන්ට් එකයි.)

      Delete
    4. අනේ ඇත්තෙයි. මට බය වෙලා රෙවුනසේක.

      Delete
    5. අනිවා.. ඒත් ඉතින් ජනාධිපතිලා මේවා කරන්න ගියාම.. රටකට යන කළ මොකක්ද..?

      Delete
    6. The Central Bank of Sri Lanka has compared Onions with Leeks.

      "Sinhala" is a race. There are Buddhist, catholic, christian and even Islamic Sinhalese living in Sri Lanka.
      "Tamil" is also a race. There are Hindu, Buddhist, catholic, christian and even Tamils living in Sri Lanka.

      Muslim is NOT a race BUT a term used to describe people follow the Islamic faith.

      The correct term would be Sri Lankan Moors (ශ්‍රී ලංකා යෝනක). They are a mixture of Arabic males marrying Tamils and Sinhalese woman and having their descendants.

      Tamils can't convert in to Sinhalese and Sinhalese can't convert in to Tamils!
      But the Sinhalese and Tamils could convert in the Islam (Chanuka can be Mohomed Chanuka in an instant! ) and from that point, they become MUSLIM!

      Therefore any predictions based on the above "data" is not correct and any given time anybody could convert to Islam and the "Muslim" population will be skyrocketed!

      Delete
    7. @චානුක වත්තේගම
      ඔබ විසින් වෙන තැනක දුන් මගහැර යන පිළිතුර මෙතනද දුන් නිසා මම එතැන දුන් පිළිතුර මෙතනට දමමි.

      //මේ අළුත් දෙයක් නොව මා වැරදිය ඔප්පු කළ දේවල්ම සඟවා වෙනත් විදිහකින් ඉදිරිපත් කිරීමකි. // ඔබයි සත්‍ය සඟවා බොරුව ඉදිරිපත්ක්කලේ ඔබ සැඟවූ කරුණු වලින් ඇත්ත මතුවන ආකාරය මම පැහැදිලිව පෙන්වා ඇත. එසේ නම් මම සැඟවූ දෙයක් ඇත්නම් විස්තරාත්මකව එය පෙන්වන ලෙස මම ඔබට අභියෝග කරමි.

      //මේ ප්‍රතිචාර වලින් අනවශ්‍ය ලෙස කලබල නොවෙන්නාක් සේම දැනටමත් ඒවා බොරුය ඔප්පු කර ඇති හෙයින් අමුතු ප්‍රතිචාරයක් අවශ්‍ය නොවේ. // නොකළ දේට කළා යයි පවසමින් ඔබ තවත් පාඨකයා මුලා කරන්න උත්සහා නොකරන්න. ඔබ පෙන්වූ 3 වගුව ගණිතමය ලෙස හැසිරෙන ආකාරය මම පෙන්වා ඇත මම ගණනය කල වක්‍රය සංඝණන දත්ත නිරූපිත වක්‍රය නොකැඩී තනි වක්ක්‍රයක් වීමෙන් ගණිත මය ආකෘතියේ නිවැරදි තාව පෙන්වයි. එසේම අනාගත ජනග්‍රහණ දත්ත මගේ නිමානයන්ගෙන් අපගමන වන ආකාරයද මම පෙන්වාදී තිබේ. මගේ ලිපියේ සහ තර්කයේ වැරදි තිබේනම් ඒවා පෙන්වන ලෙස මම ඔබට අභියෝග කරමි.

      ඔබට මෙම අභියෝග පිළිගත නොහැකි බව සත්‍යය. ඔබට කල හැක්කේ තව බොරු කියා මගහැර යාමය. දැන්වත් බොරුව නොකර පාඩුවේ ඉන්න.

      Delete
    8. @චානුක වත්තේගම
      //(මාතලන් අදාළ නැති දෙයක් මෙහි ලියන්නේ ඉන්පසු උත්තර නොදී පැණ ගියාය මේ පුද්ගලයන්ගෙන් අභූත චෝදනා එල්ල වන නිසාය. මේ මේ ගැන මගේ අවසාන කමෙන්ට් එකයි.)//
      ඔබට දැන් මවු බසෙහි වියරණ අමතක වෙලාද? ඉහත වැකියේ අරුත පැහැදිලි නැත. නොදන්නා රෙද්දවල් ලියන්න ප්‍රථම සිංහල ඉගෙන ගෙන එන්න.

      Delete
  18. මෙන්න මූ(John Oliver) නියමෙට කියනව ලොක්ක ගැන
    http://youtu.be/75bWsqwwOgQ?list=UU3XTzVzaHQEd30rQbuvCtTQ

    අපේ යාලුව Tony Abbott ගොයිය ගැනත් එකක් තිබුන

    ReplyDelete
  19. ප්‍රංශේ හිටියට මූට මෙහෙ නෑදෑ කම් එහෙම තියෙනවද දන්නේ නැහැ.

    මටනම් හිතෙන්න පොඩි හරි මෙව්වා එකක් මෙහෙ රාජ පරම්පරා එක්ක තිබිල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා මූ අපේ එකෙක්ද කියලා.. අනිවාර්යයෙන් කොහේ හරි මුලක් ඇති...

      Delete
  20. මනුෂ්‍යත්වයේ බලපෑම .... රජගොල්ලට විතරක් නෙමේ කාටත් එකයි......

    ReplyDelete
    Replies
    1. සහතික කරණ ළද, අමුම අමු සත්‍යය.

      Delete
  21. එ අතින් අපෙ උන් පට්ටනෙ . අයෙ මලාට හොයන්න බැහැ . ඔය ඉදල හිටල පොඩි බාල්දි පෙරලුනාට . මුන්ට වඩා ලoකාවෙ කොල්ලො දෙන්නෙක් ගේමක් නැතුව කරන කෙල්ලො ඇඩ්වාන්ස් අයියො .....!

    ReplyDelete
    Replies
    1. ඒ අතින් නම් කප් එක අපිටම තමයි .. සැල්පෝන් හොයා ගත්ත එකා නම් මතු බුදු වෙනවමයි.. ආයේ දෙකක් නෑ..

      Delete
  22. ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ
    ඔබව පෙනේ
    ප්‍රංශ යුවතියන් හදේ කොන අරන් 
    ලිලී මල් සුළන් මීදුමෙන් වහන් 
    මායාවී.... පායාවී.... පමාවී...

    ෆ්රෑන්ක් මිටි ගණන් යුරෝපේ ඉදන්
    හම්බ කරන මගේ කර පිටින් 
    යන්න එනවනම් ඇයිද නෙතු පියන්
    බලා නොඉඳ තවත් කල් අරන්.... 

    රයින් ගඟ කොනෙන් පෙම් හසුන් අරන්
    යන්න එන්න මොකක්දෝ හැඟෙන්  
    කියන නෙතු පියන් අහනවද ඉතින්
    ස්වේත වර්ණ කරලියේ ඉදන් …

    සංගීතය - කසුන් කල්හාර
    පද - රුවන් නන්දික
    ගායනය - අමල් පෙරේරා

    ReplyDelete
    Replies
    1. ප්‍රංශය කියන්නේ දිව්‍ය භවන කියලයි ම්ම හිතන්නේ...

      Delete
    2. ප්‍රංශයෙන් රැජිනක් ආවා
      එනවද නැතිදැයි ඇසුවා
      ඔබ නිසා යන්නෑ..යන්නෑ
      කෙළෙසද ඔබ හැර යන්නේ...
      අයි ලව් මයි ඩියර්.. අයි ලව් ඩියර් යූ...

      සාලිය වින්ඩ්සර් ලා
      රජකමත් අතහැරලා උන්නේ...
      රොමියෝ ජුලියට් ලා
      ප්‍රේමයේ නමිනුයි දිවි දුන්නේ....//
      අයි ලව් මයි ඩියර් අයි ලව් ඩියර් යූ...

      ප්‍රේමය උතුරනවා
      හදවතේ ගිඩි ගිඩි ගගා තදින්..
      මා වෙත එන්න සුදෝ
      හඳ වගේ මගෙ ගෙයි වහල උඩින්..
      ඉන්පසු අපි දෙන්නා
      යමු ප්‍රියේ සුදු අස්සයෙකු පිටින්...
      අයි ලව් මයි ඩියර් අයි ලව් ඩියර් යූ..

      ලෝකය ගිනි ගත්තත්
      කමක් නෑ ඔහෙ ඇල් වතුර බිබී..
      ආලය කලොත් ඇතී..
      ඒකනේ නව පරපුරේ හැටී...
      දෙනු මැන මටත් ප්‍රියේ
      ඒ නිසා ප්‍රේමෙන් බිඳක් හරී....
      අයි ලව් මයි ඩියර් අයි ලව් ඩියර් යූ...

      පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
      සංගීතය - ටී.එෆ්. ලතීෆ්
      ගායනය - ෆ්‍රෙඩී සිල්වා

      Delete
  23. ඔව්වත් වැඩද - මාතෙ ඔව්වත් වැඩද
    ලංකාවේ අද එවුන්ට - කිට්ටු කොරන්ට
    ඉගෙන ගන්න ඕනමනම් - එන්න කියාපන් උන්දැට
    පත්තු නොවී කොරනා හැටි - කියාල දෙන්නම්...

    ReplyDelete
    Replies
    1. සුද්දන්ට එන්න කියමු
      අපේ රට බලන්න කියමු
      බලාලා.. ඉගෙන ගන්ට
      කියමු අපී..//

      Delete
  24. මචන්ලා.................................
    මාතට කෙන්ජිගේ ලෙඩේ බෝ වෙලෝ....................................
    මෙන්න මුත් වැල කතා සීරීස් එකකට සෙට් වෙන්න හදනෝ.................................

    ReplyDelete
    Replies
    1. http://maathalan.blogspot.com/2012/11/18-sex-scandals-18.html

      http://maathalan.blogspot.com/2013/06/18-from-russia-with-love-18.html

      Delete
  25. අනේ අර අළුත් නෝනගෙ කුක්කු එලියෙනේ. පවු අෆ්ෆා. අපිවත් යවමු එයාට ..... එකක්.

    ReplyDelete
    Replies
    1. නෑ නේ.. වහගෙන නේ ඉන්නේ...

      Delete
  26. මං හිතුවා මේ අහවල් රටේ ජනාධිපති ගැන කියන්න යනවා කියලා..

    ReplyDelete
    Replies
    1. අපේ රටේ ඉන්නේ රජෙක් නේ..

      අපටත් රජෙක් පහලව ඇතේ කියලා නේ කීමට කියන්නේ..

      Delete
  27. ඉතාමත් හොදයි මේ මාසෙ පොතක් ගැන ලියපු එක......
    වෙනසකටත් එක්ක ඉදගෙන .......
    වෙලාවට උඹට අහුවෙලා තියෙන්නෙත් .....හෙක්.....හෙක්.... හැමිනිච්චි පොතක් මචෝ.....

    ReplyDelete
    Replies
    1. පොත් කාරයන්ගේ මාසේ නේ මචෝ...

      Delete
  28. අපේ රටේ ටියුෂන් ක්ලාස් එකක් දාල ක්ලෝකෙ නායකයින්ට අනාගන්නෙ නැතුව කොරගන්න හැටි උගන්නමුද ?

    ReplyDelete
    Replies
    1. අපේ අයගෙන ඉගෙන ගන්න ගොඩාක් දේ තියෙනවා ළෝක නායකයින්ට.. ඇත්තටම වෙලාවකට හිතෙනවා.. උන් කරන්නෙත් මෙහෙන් ඉගෙන ගෙනද කියලත්...

      Delete
  29. වාලරි නෝනා පෙරට තැබූ පය තමා පය! මොකක් නැතත් මාතේ ඒ පින්තූරෙටනං තැංකුයි!

    ReplyDelete
    Replies
    1. සැක්සී කෑල්ල නේ.. ඒ වගේම මාර පර්සනැලටියක් තියෙන්නේ..

      Delete
  30. හැබයි ඉතින් අපේ අයගෙන් උපදෙස් ගත්තා නම්..., මෙහෙම හොර කේස්... නාගෙන, හත්පොලේ ගාගෙන, චොර කර ගන්නේ නැතිව, ෂේප් එකේ කරන හැටි යසට කියලා දෙයි////
    අම්මප මාතෙ... සචච් කතාව ඈ...
    ළග පාතක හිටිය නං සීනි ගෝනියක් ඔබනව කටේ....
    හිහික්

    ReplyDelete
    Replies
    1. හොදට ඉන්න එකාට දියවැඩියාව හදවන්නද.....බොලං .....හෙක්,,,,හෙක්....

      Delete
    2. අවුලක් නෑ.. තාම සීනී ලෙඩේ නම් ආවේ නෑ...

      Delete
  31. වාලරි ගෙ ගලට ෆොර්ටි 7 කියන්න බැහැ නේද........
    අලුත් කෙනාගෙ හංස ජෝඩුවත් 16 ගැටේ ක වගෙ මචෝ......
    එකම බදාගෙන ඉන්න එකත් මහ මෝඩ වැඩක් බං .... කියල හිතෙනව මට නං.......
    උඹට එහෙම නැතිව ඇති...... නියම හිංගල ....බහුද්දයො නොවැ ....නෙහ් .....

    ReplyDelete
    Replies
    1. එහෙමම කියලත් නෑ ඉතින්.. චෑන්ස් එකක් ආවොත් නම් අත අරින්නෙත් නෑ...

      Delete
  32. වැදගැම්මකට නැති පොකත් වගේ.

    ReplyDelete
    Replies
    1. එහෙම නම් ඔච්චර විකිනේවිය...

      Delete
  33. To which "camp" you belong?

    ******************************************************

    Nietzsche argued that there were two fundamental types of morality: 'Master morality' and 'slave morality'. Slave morality values things like kindness, humility and sympathy, while master morality values pride, strength, and nobility. Master morality weighs actions on a scale of good or bad consequences unlike slave morality which weighs actions on a scale of good or evil intentions. What he meant by 'morality' deviates from common understanding of this term. For Nietzsche, a particular morality is inseparable from the formation of a particular culture. This means that its language, codes and practices, narratives, and institutions are informed by the struggle between these two types of moral valuation.

    ReplyDelete
  34. ඔක්කොම වැඩ නවත්තලා මදැයි මරාගේ ඒන්ජල්ලා බලන්න ආවා....කෑවා වැඩේ....උන්ට ඕවා ගානක් නැතුව ඇති බං..මතකනේ බිල් ක්ලින්ටන් කටට දීලාත් බේරුනේ...
    @කෙන්ජි.... මචං කෙන්ජි.... මාතේ ලියලා තියෙන්නේ වාලරිට 50යි කියලා නේද? අලුත් එකට තමයි ෆොර්ටි7 වෙන්නේ..හැබැයි අලුත් එකනම් උඹ් කිව්වා වගේ 16 කෑල්ලක් මයෙ හිතේ...කුක්කු දෙකට වෙන්නැති 47...හෙක් හෙක්..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. ඇත්තටම අළුත් කෑල්ල සෑහෙන යන්ග ලුකින් තමයි..

      Delete
  35. මාතලන් - ලෝකය පවතින්නේ ආදරය සහ රාගය මත , රාගය ප්ර කාශ කරන විදිහට අපි කියනවා “ ඒක හරිම ශ්රුන්ගාරාත්මකයි කියලා, එතකොට එතැනදී ඒ සඳහා එක්වෙන දෙන්නගේ කැමැත්ත මිසක් ,නීතිය, සදාචාරය ගැන ගැටළු ඒ දෙපලට ඇතිවෙන්නේ නෑ, ඒත් පෙරදිග වේවා බටහිර වේවා මිනිසා කියන සත්වයා හදාගත්තු රීති සහ බැඳීම් මත මේවා ප්ර වෘත්ති වෙනවා .
    එත් ඒ දෙන්නට දැනෙන්නේ මෙච්චරයි .
    ***************
    රන් පැහැයෙන් දිලෙන භාග්ය වන්ත සරෝජාවිය නුඹ නෙලුම් විලේ සරණ හංසධේනුවක් වැනිය .ඉදින් මේ රාත්රි්ය පුරාවට මනිමෙක්ලාවෙන් (කාන්තාවන් අතවරයට ලක්වීම වැලක්වීමට අතීතයේ කාන්තාවන් පැළඳි යකඩින් කල පටියක් ) නිදහස් වී මා සමගින් රහසේ පෙමින් වෙලී අනුරාගයෙන් නොනිදා පහන් කරමු.
    අහස් ගඟුලේ ඇති චන්ද්රට නවුකාවෙන් අපි පෙම් රස විඳින්නට යමු තනිවම .ඔබේ රූ සිරියෙන් මා දැනටමත් කුල්මත් වී සිටී . ඉතින් ඔබේ වත මත සැතපෙන්නට අවසරයි .
    හිරු නැගෙන්නට පෙර ,අපි අපේ සෞම්යප වූ ගීතය ගයමු, අද හිරු නගින්නට එපා , රැය පුලුවන් තරම් දිගු වන්න ,
    අද ඔබගේ නළලේ ඇති තිලකය ,මාගේ දෙතොලින් මැකී යන්නට නියමිතයි ආදරිය .

    මුව මුක්තා ලතා පිපි හන්සාංඟනා විල් නෙලුමාසනෙන් ආ ල‍ඳේ
    නුඹ භාග්යා සරෝජා වියේ ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ

    මා හද ප්රේ මාංගනේ රෑ නුඹ රහසින් ල‍ඳේ
    බඳ මණිමේඛලාව මුදා අනුරාගේ නගන් නොනිදා

    ආකාශ ගං චන්ද්රන නෞකාවේ //
    තනි වෙන්න යන් පෙම් රසෝජාවේ//
    රූ සිරු කල්යා ණියේ, මා සැතපෙන්නම් ප්‍ිියයේ
    තුනු ශ්රීලයෙන් විපුල් වොරැන්දී මනසාලන්ද මන්දෝදරී

    නිස සනි සග ගම ......

    හිරු එන්න පෙර රාත්රි. මේ සීතේ// හා හා ගයන් සෞම්යන සංගීතේ//
    ඒ හිරු නොනගීවා රෑ තව දිගු වේවා
    ඔබෙ නලලේ සඳුන් තිලකේ අද ඉහිරේද දෙතොලින් මගේ

    මුව මුක්තා ලතා......

    ReplyDelete
    Replies
    1. මම හින්ගල සින්දු වලින් ආසම සින්දුවක්.. අදයි තේරුම දැන ගත්තේ.. ඇයි වචන සෙට් එක.. කව්ද යකෝ මේවා ලියලා තියෙන්නේ.. අමාවතුර ලියපු එකාද...

      Delete
    2. ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ
      සංගීතය - ආනන්ද පෙරේරා

      Delete
    3. ස්තූතියි සින්දු ඇනෝ.. උඹ නම් සින්දු දෙයියෙක්..

      Delete
  36. හම්මේ අලුත් නෝනා නම් ලත්තනේ බැරුවා.

    ReplyDelete
  37. මනිමෙක්ලාවෙන් (කාන්තාවන් අතවරයට ලක්වීම වැලක්වීමට අතීතයේ කාන්තාවන් පැළඳි යකඩින් කල පටියක් )

    මනිමෙක්ලා = Jeweled Girdle belt

    කාන්තාවන් අතවරයට ලක්වීම වැලක්වීමට අතීතයේ කාන්තාවන් පැළඳි යකඩින් කල පටියක් = chastity belt

    ReplyDelete
    Replies
    1. එතකොට චන්ද්‍රලේඛා මොකක්ද මේ මණිමේකලාවන්, දිව්‍යාගනාවන් ගාලා ගහන සින්දුව...

      Delete
    2. මදු මාධව ගයන "මිනි මෙවුල සොලවමින්" පදය මතකද?

      මනි මෙකලා කියන්නේ මැනික් සහ රන් වලින් සැදූ ඉඟ වටා බඳිනා ආබරනයක්.
      මනි = gems / jewels
      මේකලා = girdle

      එම ආබරනය පැලඳ අවිදින කොට, නටන කොට මැනික් රන් වල පැටලී මිහිරි නාදයක් ගෙන දෙනවා... එය තමා අර "මිනි මෙවුල හඬවමින්" කියන්නේ...

      අනික තමා සමහර මනි මේකලා ඇඳපු ගෑනු ඊට යටින් මොනොවත් ඇන්ඳෙ නැහැ. ඉතින් සමහර වෙලාවට ලස්සන ලස්සන දේවල් පෙනුනා.

      මතකද අර උම්මග්ග ජාතකයෙ චූලනි බ්‍රහ්මදත්ත රජතුමාගෙන් කාවද (මුහුදට) බිලිදෙන්නෙ කියලා (?) ඇහුවාම තමන් ගේ මෑනියන් වන තලතා දේවි ව පලමුව බිලි දෙනවා කියලා.
      ඒකට හේතු වසයෙන් එතුමා කියන්නේ ගොඩාක් වයසට ගියාට තලතා දේවි තවම ඔය මනි මේකලාව ඇඳගෙන තරුන ඇමතියො අතරින් "මිනි මෙවුල" සොලොවමින් ගමන් කිරීම කියලා නේ...

      Delete
  38. අපේ මහරජතුමාගෙ පැටිකිරියත් මේ ළඟින්ම යනව කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. කෝ... කෝ... කව්ද කියන්නේ... හොයලා ගනින් ඕකව.. අහින්සක මිනිස්සුන්ට මඩ ගහන වල් හැත්ත....

      Delete
  39. "ළොකු" , "ලොකු" විය යුතුයි නේද​???

    ReplyDelete
    Replies
    1. සමහර විට එහෙම වෙන්න ඇති.. ඒත් මම ඕවා ගනන් ගන්නේ නෑ..

      Delete
  40. "හැබයි ඉතින් අපේ අයගෙන් උපදෙස් ගත්තා නම්..., මෙහෙම හොර කේස්... නාගෙන, හත්පොලේ ගාගෙන, චොර කර ගන්නේ නැතිව, ෂේප් එකේ කරන හැටි යසට කියලා දෙයි. ඒ අතිනුත් ඉතින් කප් එක අපිටම තමයි."

    උඹට මුන්ගෙ මගුල් වලටත් අපේ උන්ව ගාවගනන් නැතුව බෑනේද? වැඩක් නැත්තන් බඩු ගහපන් තුට්ටු දෙකේ blog ලියන්නෙ නැතුව.

    ReplyDelete
  41. "වොරැන්දී" kiyana eke theruma mokadda?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න