.

.

Oct 8, 2014

පොල්ල, රබර් කෑල්ල හා සීයා (23+) - An old man with a Stick (13+)


මාතලන් හිතන්නේ, ළෝකේ පට්ටම බස් සෝර්විස් එක තියෙන්නේ, ලංකාවේ කියාය. අපේ බස් වල වෙනම් සඟිස්කුරුතියක් තියෙනවාය. ගමේ බස්වල එකකි. නගරේ බස්වල තව එකකි, ඒ සී බස් වල තව එකකි. ඒ අස්සේ දැන් අළුත්ම එක ඇවිල්ලා, ඇක්ස්ප්‍රස් වේ එකේ පුල් ලක්සිරි බස්ය. තාම ආසාවට වත් ඒකක යන්න බැරි උනත්, නෝනා නම්, මළ ගෙදරක් ගිහින්, මාතර ඉඳන් මහරගමට ඇවිත් ඒ බස්වලට බොහෝ පින් දුන්නාය.

එකෝමත් එක කාළ්යක මාතර ඉඳලා කොළඹ එන්න පැය හතරහමාරක් පහක් විතර ගත් උනාය. ඒන ගමන් තේ බොන්නත් නවත්තනවාය. එතන තේ බීම කෙසේ වෙතත්, තේ ගහන එකාගේ හොම්බට දෙක දමලා අනින්න හිතෙනවාය. ඒ ගැන වෙනම කතා කොරන්න පුළුවන්ය. මාතලන් ඒ ගැන කතා කොරලත් තියෙනවාය.

ඒත් මේ ආසියාවේ අර්ශෂ් යුගයේ, මාතර සිට මහරගමට පැය 1 1/2 කි. ඒ කියන්නේ වන් ඇන්ඩ් හාප් අවර්ස්ය.. හැබයි මහරගම ඉඳලා පිටඔටුවට පැය දෙකකි. ඒ කියන්නේ ටූ අවර්ස්ය.. එතකොට තියෙන්නේ පැයක වාසියක් පමණය. කෝටී ගනන් වියදම් කරලා හදපු පාරේ ආස්චර්යේ එහෙමය.

පරිසර අම්මාත්තියන්සෙන් බස් වල අලි එලවන හෝන් ගලවන්න යනවාය කියා, ගොසිප් සයිට් එකක තියෙනවා දැක්කාම, බොහෝම සන්තෝසයක් හිතට ආවාය.සමහර විට මේක නවත්තන්න යන්නේ, කොළබ ඉට්ටේසොන් එක ඉස්සරහා කෙලලා අරින හෝන් පාරවල් වලට, හාබර් එකේ නැව් කළබල වෙන නිසා වෙන්නත් පුළුවන්ය. සමහර වෙලාවට මේ බස් ඔක්කෝම, සීමන් ගිහින් හම්බ කරගෙන ආපු උන්ගේද කියා සිතෙනවාය. මොකෝ සම හරක් බස් වල තියෙන්නේ, නැව් හෝන් හින්දාය. අපේ උන් නැවෙන් බහින කොට, හෝන් එකත් ගලවගෙනම බැස්සා වෙන්නත් පුළුවන්ය. ඒ අපේ උන්ගේ හැටිය. ඒක හොරකම් නෙවේය. කලෙක්න්ටින් ඔප් සුවනියර් කියනා, පෙර කළ සිට පැවත් එන පරම්පරාගත රෝගයක්ය. සමා වෙන්න පරම්පරාගත හොබි එකක්ය.

ඒ වගේම බස් වල සීට් යටයි, හුඩ් රැක් එකෙයි දාලා, අප සවන් පිනවන, කන්කලු නද පතුරුවන, ඉස්පීකර්ද ගලවා දමන්නට යනවාය කියාද තිබුනේය. ඒක නම් ගලවන්නේ අපරාදේය. බස් වල නිදාගන්නා උන් අවදිකරවා ගෙන යන්නේ ඒවායෙන්ය. නිර්භිත සේස්ඨ ජාතියක්ය, අරකය, මේකය, කිව්වාට, බස් එකට නැග්ග ගමන් නින්ද යනවාය. ඉතින් අහල පහල අවදිව ඉන්න එකා කොට්ටේ වෙනුවට උරහිස දෙන්න ඕනාය. සම හරක් හිට ගෙනත් නිදිය. "හෙළයිනි අවදි වව්...." කියා කියලා තියෙන්නේ, හිටගෙනත් නිදා ගන්න ජාතියක් නිසා වෙන්න පුළුවන්ය.

දවසක් ඔය බස් එකක යන ගමන්, රථයේ මාතලි සංගීතයක් දැම්මේය. මාතලිට අන දුන්නේ දොස්තර මහතාය. මේ දොස්තර මහතා ඇඳ ඉන්නා ලෝගුව ක්‍රීම් පාටය. ඩැයිවරුත් එසේය. ඔරිජිනල් පාට, ඔපීසියල් පාට උනාට, ගොඩක් ඒවා කළු පාටය. මට දුක මුන්ට ඒක කළු පාටින්ම දුන්නේ නැත්තේ ඇයි කියාය. සම හරක් ඕක අඳින්නේ අනිත් පැත්තට යන බස් එකේ උන්, ඉස්සරහා ගමනා ගමනේ පොලොස් ඉන්නවා කිව්වාමය. ඒ වෙලාවට සංසාරෙදි නොලැබෙන ටිකටුත් බෙදනවාය.

ඉතින් කොන්දාගේ අණ පරිදි, මාතලි මොකක්ද කෑල්ලක් දැම්මේය. ගුරුප් එකක් පොරි හැලෙන්න දෙනවාය. මාතලිගේ උඩ තියෙන ටැලිවිසොන් එකෙන් විසුවලුත් දෙනවාය. ජින්ජර් ඇවිල්ලා අම්බ කුණු හබ්බ ටිකක් කෙලලා ගියේය. සමහර කෙල්ලන්ගේ මූණු රතු විය. පිරිමින්ගේ කන් පාත් විය. හාමුදුරුවෝ සතිපඨ්ඨානේට වැඩියේය. ජින්ජර් බස් එක කොර කළේය. මාතලන්ටත් විලි ලැජ්ජාව කියනා එක ආවේය. බසයෙන් පිට තියෙනා පුක වල් දෙස නෙත් ‍යොමු කලේය.

අම්මටම හැමිනෙන්න... ඊ ගාවට ආවේ නන්දා මාලනීය. මම අහලා තියෙන්නේ, නන්දා අක්කා ("නන්දා මාලනිය" නම් වූ, විප්ලව වාදී ගායිකාව, 2005 දී මිය ගියායා. උන් පැතු සාධාරණ සමාජය මේ පින් බිමේ පහලව තිබෙනු දක්නට පින් කර නොතිබීම, බොහෝ කනකාටු දායකය.)ඉස්ටේජ් කියන්නේ නෑ කියාය. මාතලියාගේ ඉහ උඩින් තියෙනා ටැලිවොසොන් එක දිහා බැලුවාම, නන්දා අක්කා නෙමේය. පොඩි කොළු පැටියෙක්ය.. දැන් මට හිතා ගන්න බැරි, නන්දා අක්කාට තියෙන්නේ කොළු වොයිස් එකක්ද. කොලුවාට තියෙන්නේ ගෑණු වොයිස් එකක්ද කියනා එකය. හැබයි ඉතින් ඒකත් පට්ට ටැලන්ට් එකක්ය. ඉස්ටේජ් එක පහල උන්, නන්දා අක්කාගේ ඒවාට, දහ අට පාලිය නටනවාය.

ඩෙනිම් ගහගත්ත කෙල්ලෝත් නටනවාය. පට්ටම ආතල්ය. අප්පුඩි ඉල්ලගෙන ගහගන්නවාය. "කෝ..... සද්දේ........." කියලා අහනවාය. "සද්දේ.... සද්දේ උඹලගේ අම්මගේ රෙද්දේ...." කියා කියන්න හිතෙනවාය. එතකොට මාතලන්ගේ වැදගත් කොමට කෙල වෙනවාය. ඒ නිසා මාතලුනුත් කොන්දා වාගේ පට්ට ආතල් එකේ යනවාය. මොකෝ බස් එක මගේ නෙමේය. ඒවා නැව් කාරයන්ගේය.

මේවා මතක් උනේ, ළඟදි බස් එකක යන වෙලාවේ, හැරමිට්ටකුත් අරගෙන සීයා කෙනෙක් නැගපු වෙලාවේ, පරණ කතන්දරයක් මතක් උන නිසාය. එකෝමත් එක කාළෙක තිබුන එකෝමත් එකම රටේ මිනිස්සුන්ට වඩා, අපේ රටේ මිනිස්සු බොහෝ වෙනස්ය. දැන් ගොඩා..........ක් වෙනස්ය.

වයසක කෙනෙක්, බඩ දරු අම්මා කෙනෙක්, පොඩි එකෙක් වඩා ගත්ත කෙනෙක් නැග්ග ගමන්, බස් එකේ ඉඳගෙන ඉන්න උන් ඔක්කෝටම නින්ද යනවාය. කොන්දා සීට් එකක් දෙන්න කියා එනවුන්ස් කලාම විතරක්, මාර අකමැත්තෙන් මොකෙක් හෝ සීට් එකක් දෙනවාය. ඊට පස්සේ සීට් එක හම්බ වෙච්ච එකා, වෙන එකෙකුට සීට් එක දීලා බහිනවාය. හරියට, එයා ගෙදරින් ගෙනාපු එකක් වාගෙය.

ඔන්න බස් එකකට නාකී සීය කෙනෙක් හැරමිටියකුත් අරගෙන ගොඩ උනාය. බස් එකේ ඔක්කෝටම නින්ද ගියේය. සියා වව්ලා වගේ එල්ලිලා, හැරමිටියත් බැලන්ස් කරගෙන, කමලා සර්කස් පෙන්න පෙන්නා යනවාය. මොකෝ හැරමිට්ට ලිස්සනවාය. ඔය අතරේ ඩැයිවරයා තව බස් එකකට කෙලවෙන්නම කපපු වෙලාවේ, සීයා "තපක්.." ගා බිම ඇදගෙන වැටුනේය..

ඒත් ඔක්කෝම නිදිය.. සියා අමාරුවෙන් නැගිටලා, ආයෙත් ඩෝප් කාර්යා වාගේ වැනෙනවාය. ඔය අස්සේ, සීට් එකක හිටපු, අවුරුදු හතක විතර ඇම්ඩෙක් සීයාට කිව්වේ, " අයියෝ සීයේ ඔය පොල්ලේ කෙලවරට පොඩි රබර් කෑල්ලක් දාගත්තා නම්, පොල්ල ලිස්සන්නෙ නෑ නේ. එහෙනම් සීය වැටෙන්නේත් නෑ නේ..." කියාය.

"ලොහ් ලොහ්... තනිකොල ඇත්ත පුතේ.. තොගේ තාත්තත්, පොල්ල කෙලවරේ රබර් එකක් දා ගත්තා නම්, අද මට ඔය සීට් එකේ ඉඳගෙන යන්න තිබුනා නේ බං... එලවා මෙතොන පොල්ලෙ හබර් දාල්ල.. වේස් කොල්ලා.." කියා, සීයා ආදරෙයෙන් කීවෝය...


අනුවර්ථනය කොට, අපේ එකක් කොට, ලියා පල කොලේ, මහාචාර්ය මාතලන් වන මා විසිනි...

195 comments:

  1. Replies
    1. ඇයි යකෝ මාව දන්නෙ නැද්ද.. මම ඇනෝනෙ..

      Delete
    2. Mathalan ge thaththa pandura yatata ringana welawe pollata rubber kaella daagaththa nam ratata Loku sewayak. Budhdhagamath waradiy, nanda malanith honda Naha, kawuruwath honda Naha, highway ekath honda naha, peyaka wasiya madiylu. Ane manda mokatada appa me wage super human genius kenek me duppath rate,duppath ammekuta hakurek welaa upanne......? Meyage molen wadak ganna puluwan ratakata yawannako kawuruhari. Makakada danne naha sarwa sampuurna aanduwak thiyana, corruption nathi, purawasiyo neethima neethigaruka, mal gaheema saha Badu gaheema legalise karapu, Buddhist laa nathi, hamineta winadi 5 n malagedara gihin enna puluwan widihata malagedaratama highway thiyana, rata. Aannaa ekata mohu parissamata gihin bassawanna.

      Delete
    3. මෙන්න ඇනෝ උඹට මගේ රිප්ලයි එක..

      https://www.youtube.com/watch?v=KlUR-TWItc8

      Delete
    4. 40 ශ්‍රී ලොරියක් තියනවා මරු භාන්ඩෙ.... ලෑල්ලට පෑගුවහැකි.... ගන්නවද... අයිතිකාරයා රට යන්න හදන නිසා විකුනන්න දාලා තියෙන්නෙ....

      Delete
  2. \\"නන්දා මාලනිය" නම් වූ, විප්ලව වාදී ගායිකාව, 2005 දී මිය ගියායා. //

    එකෙන්ම එකඟ වෙමි. මටනම් හිතෙන්නෙ ඊටත් කලින්ම කියලයි. ඇය විතරක් නෙවෙයි, සුනිල් ආරියරත්නත් මිය ගියා. ඔවුන්ගේ හඬ එදාටත් වඩා නැඟිය යුතු මෙකල්හි ඔවුන් නිහඬ වී ඇත. නිහඬ වීමටත් වඩා අද ප්‍රශස්තී ගැයීමට පටන්ගෙන ඇත. වරේක මට හිතෙන්නේ කපුගේ මෙහෙම කිව්වෙ මෙයාලටමද කියලයි.

    "මන්දිර මණ්ඩප සිහසුන් අරනා
    රාජ ඉසුරුබර නිරිදුන් හමුවේ
    පේලි ගැනී හිද ගැති හඩ නගනා
    ප‍්‍රශස්ති ගීයට නොබිදින් මා තත"

    කොහොම උනත් නන්දා මාලිනියගේ ගී නපුන්සක හඬින් ගයන අර කොලුවන් ගැනනම් මමත් කලින් මෙහෙම කියල තිබුනා.

    \\මේ තුලම මසිතට දැනෙන කණාගාටුදායකම සිදුවීම නම් නන්දා මාලිනියගේ හඬ පෞර්ෂය අනුකරණය කිරීමට කාන්තාවක්වත් උත්සාහ නොකරන පසුබිමක ගැහැනුත් නොවන පිරිමිත් නොවන අමුතුම ආකාරයේ නපුංසකයන් කිහිප දෙනෙකු ඇගේ ගීත අනුකරණය කරමින් ගැයීමට පටන්ගෙන තිබීමයි. එය අනුකාරක ගායනාවක් ලෙස හැඳින්වීමද වරදක් වන අතර අමුතුම වූ අප්‍රසන්න ඇඟ කිලිපොලා යන අමිහිරි නපුංසක හඬකින් ඔවුන් එම ගීත විකෘති කරමින් සිටීම මහා ඛේදවාචයකි. කරුමය නම් එම විලාපය අසන, ඊට නටන, කකුල් වලට ගීත අසන එවැනිම නපුංසක රසික පිරිසක්ද සිටීමයි.//

    ReplyDelete
    Replies
    1. නන්දලා සුනිල්ලා රෙදි නැතුව අමු හෙළුවෙන් නටන එක.. උන්ගෙම සින්දු වලට කොල්ලෝ නටන එක මට නම් පේන්නේ වෙනත් ආකාරයකට. අනික් ඒ සින්දු කියන්නේ පොන්නයෝ නම්, නන්දා අක්කට තියෙන්නෙත් පොන්න කට හඬක්ද..? වෙනත් රටවලත් මේ වගේ ටැලන්ට් ඉන්නවා.. උන් ටැලන්ට් ෂෝ වලදි අගය කිරීමකටත් ලක් වෙනවා.. මම දන්න තරමින් කිසි අවුලක් නැතුව ලංකාවේ ඒ දේ කරන්න දෙන්නේ ජිප්සීස් සුනිල් විතරයි..

      Delete
    2. මේ අය නියමෙට මාකට් එක දන්නවා.තව ටික දවසකින් ආයෙ එළියට එයි මොකක් හරි කියමින්.89 වන විට රටේ තත්ත්වය සහ අවශ්‍යයතාවය බවට පත් වී තිබූ දේශපාලනයට නන්දා ගැයූ පවන මාර මාර්කට් වුණා වගේ ඊට පස්සෙ ඇති වූ භීෂණයේ ප්‍රතිපලයක් වූ සමාජ නිහැඩියාවේ දී ඒ රික්තකය ඉල්ලා සිටි නානවනම් නාන්න නෝනා ගැයුවා.පවන අහලා නා ගත්තු පරපුරේ ඊ ළග පරපුර ඉහළ රස වින්දනය ආදී කරුණු සියල්ල පසෙක දමා නෑවා.

      Delete
    3. නිශ්මං, උඹ හරියට හරි!

      Delete
    4. @මාතලන්,

      \\ඒ සින්දු කියන්නේ පොන්නයෝ නම්, නන්දා අක්කට තියෙන්නෙත් පොන්න කට හඬක්ද..?//

      මේ කියන්නෙ නන්දාගේ හඬට මේ අයගේ හඬවල් සමානයි කියලද? හොඬ්ට කන් ඇහෙන ඕනි මනුස්සයෙක්ට තේරෙනවා ඒ හඬවල් දෙකේ වෙනස.

      @නිශ්මං,

      ඔබේ කතාව හරියටම හරි. ඒක නියම විග්‍රහයක්. ඇත්තටම උනේ ඒක තමයි.

      Delete
    5. මට නම් ඒ හඬවල් දෙක එක සමානයි...

      හැබයි ඊට වඩා සන්ෆ්ලවර්ස්ලා උන්ගෙම වොයිස් එකෙන් ගහන, "කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන..." නන්දා අක්කාටත් වඩා ලස්සනට කියනවා උන්..

      Delete
    6. මේ සිංහල අපගෙ රටයි කියන්න බැරි වුන් මොන විප්ලව වාදියොද බං

      Delete
    7. මටනම් ඒ හඬවල් දෙක අහසට පොළොව වගේ වෙනස්. අර අනිත් කාරණේ අවුලක් නෑ. සන්ෆ්ලවර්ස්ලා නෙවෙයි ඕනි කෙනෙක් තමන්ගෙම හඬින් කියනවානම් කිසිම අවුලක් නෑ. අතන මහ විකෘතියක් නිර්මාණය වෙන්නෙ.

      Delete
    8. ඔතන තියෙන්නේ මනෝෂ් කටහඬේ අවුලක් නෙමෙයි උඹලගේ චින්තනේ අවුලක්.. රාවයේ සිව්මංසල කොළු ගැටයා උඹලා වගේ අය ගැන ළිපි පෙලක් ලියනවා මේ ටිකේ.. ගිය සතියෙත් පට්ට ලිපියක් තිබුනා.. මම මේවා කියන්නේ උඹ මාත් එක්ක අවුල් නොවන බව දන්න නිසා.. තව ළෝකය ගැන දැන ගන්න කොට, ඔය ගති, නැති වෙලා යනවා.. මම නම් තාමත් ඉගෙන ගන්නවා..

      Delete
    9. මෙහෙමයි මාතලන් අයියේ, නව පරපුරේ කොල්ලො ඉන්නවා හරිම අපූරුවට පැරණි ගීත ගායනා කරන. මෑතක බිහිවුන එම් ජී ඒකට හොඳ උදාහරණයක්. උනට අපි කවුරුත් හරිම මනාපයි, ආදරෙයි. ඔබ කියන විදියට මේ අපේ චින්තනේ අවුලක් නම් අපි ඒ හැම එකා දිහාම බලන්නෙ එකම විදියටනේ. මෙටහ තියෙන්නෙ එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. කොහොමත් අරුන් දෙන්නගේ විකෘතියක් තියෙනවා ඒක අපි පිළිගන්නෝනි.

      අපි හැමෝම තිඹිරිගෙදර ඉඳල සුසානය දක්වාම අපි හැමෝම ඉගෙන ගන්නවා. මේ මොහොතෙත් එහෙමයි.

      \\මම මේවා කියන්නේ උඹ මාත් එක්ක අවුල් නොවන බව දන්න නිසා..//

      ඒකනම් සහතිකෙන්ම ඇත්ත. මේ සංවාද වල මං ඔබත් එක්ක යෙදෙන්න හරිම කැමැත්තෙන්. ඔබම උඩින් කියනවා වගේ මේ හැම දේකින්ම අපි ඉගෙන ගන්නවා. ඒව වටිනවා.

      Delete
    10. කාගෙ හරි සිංදුවකට කැමතිනම් ඒක රස විඳල අගය කලහම ඇති නේ. සිංදුව කියන එක්කෙනා වීරයෙක් කරන්න යන්නවත්, ඔහු හෝ ඇය වෙනත් වර්ගයේ ගීතයක් ගැයූ විට ඒකට තරහ හෝ දුක හිතෙන්නයන එක මෝඩකමක් නේද?
      මාකට් එකට හරියන සීංදු කියනවා, පාරිභෝගිකයින්වන අපි කැමති සිංදුවක් අහනව(බස් වල නම් බෑ).
      සිංදුව හොඳනම් රසවිඳිනවා, ගායකයා මොකා වුනත් ඉස්සර හෝ පස්සෙ මොනව කිව්වත් අපිට මොකද?

      Delete
    11. එහෙම නම් ඉතින් විජේවීරලට, ජේ ආර්ලට, මහින්දලට, රනිල්ලට බනින්නත් ඕන නෑ.. ඕන දෙයක් කරහන් කියලා, දෙන දේ කාලා, වෙන දේ බලාගෙන, මරලා දාලා ගියත්, බුදු සරණයි කියාගෙන ඉන්නවා...

      Delete
    12. //විජේවීරලට, ජේ ආර්ලට, මහින්දලට, රනිල්ල// දේශ"පාලනේ" නෙ මාතලන්. අපේ අකමැත්තෙන්වුනත් අපේ ජීවිතත් පාලනේ කරනවනෙ උන්.
      මේ සිංදුකියන උන්ගෙන් මගෙ නම්(පුද්ගලික මතය පමණි ) ජීවිතේට බලපෑමක් නෑ. ඔහෙ අහනවා එච්චරයි.

      Delete
    13. අමිල් තරංග ගේ කටහඬ නන්දා මාලිනීගේ කටහඬ තමා , එක නෑ කියන්නනම් බෑ. එක සැරයක් අමලි තරංග ගායනා කරපු "රත්තරනේ ඔබ පොදියක් අහක බලනකම් ඉඳලා , හොරැහින් මට ඉඟි කරනවා ඔබේ ලඟම යාලු මිත්‍රයා "
      කියා සිංදුව ගැන ප්‍රසිද්ධ සංගීත වේදියෙක් කිව්වා ,

      "මම මුලින්ම රැවටුනා මේ නන්දාමාලිනියගේ ගීතයක් කියලා , පස්සෙනේ දන්නේ ඒක කියන්නේ මේ බදුල්ල පැත්තේ නපුංසකයෙක් කියලා "
      ඔන්න කතාව , විස්තරේ දැනගන්න කලින් සින්දුව හොඳයි ,දැනගත්තට පස්සේ නරකයි. ඔන්න් ප්‍රබුද්ධයෝ

      Delete
    14. This comment has been removed by the author.

      Delete
    15. ඔබලා නන්දා මාලනී ගැන දකිනිය‍ේ වැරැදියට. ඇය ඇයට හැකි කාලය‍ේ පැවති සමාජ වාතාවරණය මත ගීත ගායනා කළා. ජවිප‍ේ විමුක්ති ගී ගයන විට ඇය පවන කළා.
      විමුක්ති ගීතවල සාරය අණ කිරීමකට ලක් වූ අතර, පවන බුද්ධියට ප්‍රව‍ේශකට ලක් විය. මෙම ගීත සියල්ල‍ෙන්ම දැඩි ප්‍රහාරයක් එළ්ල වූය‍ේ සහ විව‍ේචනය එදා පාලනයයි. තවද එකී හ‍ේතුව නිසාද‍ෝ ඇය වැනි කලා කරුවන් විව‍ේචනය කරන ප්‍රධානම කර්තව්‍ය මූලිකත්වය ඔහුන් දරයි.

      මීට ආසන්න වකවානුවලම සන්ෆලවර් සලාද‍ේ සහ ජිෆ්සීස් ලුණු දෙහි වැනි කැසට් කළා.
      කපුග‍ේ, එඩ්වඩ් ජයක‍ොඩි වැනි අයද විප්ලවීය ගීත ගායනය කළා.
      නමුත්, පවන එළිපිට ඇසීම‍ේ වාතාවරණයක්වත් ඇති වී නැහැ. සලාද‍ේ ඇසිය හැකියි. ගුවන් විදුලිය‍ේ ගීත තහනමකට ලක් විය. ම‍ෙරටේ ජීවත් වීමට තහනම් විය. අවසානය‍ේ කලා ක්ෂේත්‍රය‍ේ කීප දෙන‍ෙක්ම රටින් පැන ගත්තා. ඔහුන්ග‍ේ තරුණ අවධිය‍ේ කළ සමාජ මැදිහත්වීම දැන් කිරීමට අපහසුවීම තවත් හ‍ේතුවක් විය හැකිය. නමුත්, නන්දා මාලනී යනු අදටත් නිහතමානී ගැහැණීයකි.
      ඇය ම‍ග‍ේ කාලය‍ේ හමුවූ විශිෂ්ඨ ගායිකාවකි. නමුත්, අප‍ේ දරුවන්ට ඔහුන්ග‍ේ කාලය‍ේ දක්නට ඇති කලාව....

      අප තවත් ඔහුන් මතම යැපිය යුතුද?
      එවැනි කළා කරුවන් අද බිහි න‍ොවනුය‍ේ ඇයි?

      --------
      ස්ව හැකියාව නැති අය, ජනප්‍රියත්වයට පැමිණීමට ව‍ෙර දරන අය..... තවත් අය‍ෙකුග‍ේ ගීත අනුකරනය කරයි. නමුත්, එම ගායකයා/ගායිකාව මත දිගින් දිගටම යැපීම සදාචාරාත්මක නැති බව මට සිත‍ේ.
      සිදුවනුය‍ේ එයනම්, MS ප්‍රනාන්දු වැනි අයග‍ේ ගීත SMS ප්‍රනාන්දු (MG) වැනි අයම ගායනා කරාවි.

      Delete
    16. @ ප්‍රා ජේ

      නමුත් නන්දලා සුනිල්ලා කරෙත් දේශපාළණය විකුණන් කාපු එකද මන්දා.. එයාල ඒ ෂෝ නොමිලේ පෙන්නුවේ නෑ නේද..? දේශපාලඥ්ඥයන්ට වඩා බයානකයි.. නලා කාරයෝ..

      Delete
    17. @ Pra Jay,

      ඔබගේ අදහස ගැන මාතල්න්ගේ අදහසට මමද එකඟ වෙමි. කලා කරුවාට හැකියාව තියෙනවා සමාජයක් උඩුයටිකුරු කරන්න. ඒ වෙනස හොඳ වෙන්සක්ද නරක වෙනසක්ද කියන එක තීරණය වෙන්නෙ ඒ කලා නිර්මාණය මත. ඒ නිසා දේශපාලකායට එහා ගියපු අසීමිත බලයක් කලා කරුවාට තියෙනවා. ඒ නිසා ඔහුගේ නිර්මාණ වගකීමෙන් යුතු වියයුතුයි. ඒ නිසාම අපිට අයිතියක් හා යුතුකමක් තියෙනවා මේ නිර්මාණ ගැන කතාකරන්න, අගේ කරන්න, වගේම විවේචනය කරන්නත්.

      Delete
    18. @ නිර්මලා

      නන්දා ආච්චිලගේ සින්දු අපිට ඕන නෑ.. ඒත් එදා එයාලා විරුද්ධ උන ක්‍රමයට අද රෙදි නැතුව කඩේ යන්නේ ඇයි.... අපිට තියෙන ප්‍රශ්ණේ ඒකයි..

      Delete
    19. @නිර්මලා,

      ඔබගේ අදහස් ඇත්තෙන්ම මේ බ්ලොග් අවකාශයට ඉතාමත්ම වටිනවා. ඔබ බොහොම බුද්ධිමත්, තර්කාණුකූල මතවාද ගොඩනඟනවා. ඒ පිළිබඳ මුලින්ම ස්තූතියි.

      මං කියන්නෙ, නන්දා මාලිනීලගේ එදා නැඟි හඬ නිහඬ වීම අපරාදයක් කියලයි. හිතා මතාම එලෙස ඇස්කන් පියාගෙන සිටීම කලා කරුවෙකුට තරම් නොවේ. අපිට තවමත් ඔවුන් මිණි මුතු වගේ වටිනවා ඔවුන් එදා කී ගීත නිසා. ඒ වගේම ඔවුන් මේ පවතින දූෂිත රට හදන්න තව තවත් හඬ නැඟිය යුතුයි. එය පැහැර හැර ඒ වෙනුවට ප්‍රශස්ති ගැයීම යුහ්ටු නෑ.

      Delete
    20. @ ඉවාන්

      ලංකාවේ අති බහුතරය එහෙමයි.. අර නලියා දාලා තියෙන, රන්ජන් අමරරත්නගේ පොත් විවේචනය කියෙව්වම ප්‍රබුද්ධයෝ කියන්නේ මුක්කුද කියලා හිතා ගන්න පුළුවන්..

      Delete
    21. @Maathalan, //දේශපාලඥ්ඥයන්ට වඩා බයානකයි.. නලා කාරයෝ..//

      ඔක්කොටම වඩා භයානක තත්වය උන් දෙගොල්ලන්ම වීරයන් කරගෙන රැවටෙන ජහමනයා බහුතරයවීම. දේශපාලකයන්ට රැවටීම අපේ ජන්ම උරුමය.
      අඩු ගන්නෙ මේ සින්දු කියන උන් හා අනික් කලාකාරයින්ටවත් රැවටෙන්නෙ නැතුව ඉන්න බැරිද අපිට?

      @Manosh
      //අපිට අයිතියක් හා යුතුකමක් තියෙනවා මේ නිර්මාණ ගැන කතාකරන්න, අගේ කරන්න, වගේම විවේචනය කරන්නත්//
      නිර්මාණය හා පුද්ගලයා වෙනම සලකන්න ට්‍රයි කලොත් තරහ යාම අඩු කර ගත හැක කියන එක තමයි මං කිව්වෙ

      Delete
    22. ඔය නපුංසක හඬ ආවෙ "ප්‍රොමිසස්" කියන ගෲප් එකත් එක්කනෙ. ඒ කාලෙ උන්ගෙ නන්ස්ටොප් බස් වල පලු යන්න දැම්ම. ඌ දක්ෂයෙක් තමයි. හැබැයි නන්දගෙ සින්දු දිගටම කියල හම්බු කරන් කන එක කිසිසේත්ම පිලිගන්න බෑ.

      අනික් පැත්තෙන් නන්දගෙ බිස්නස් ගැන කියනකොට, මතක තියා ගන්න ඔය අවුරුදු ගානක් එක එක ඒකපුද්ගල, යුගල අරව මේව ප්‍රසංග කරල ලක්ෂ ගනන් හොයන එක ගායකයෙක්වත් තමන්ගෙ සින්දුවල පද/ සංගීතය හදාපු අයට අර තම්න් ලබාපු ලාභෙන් ටිකක් දෙන්න තියා සමහරවිට මැරුණම මලගමටවත් ගියෙන් නෑ. ඒත් නන්දගෙ "ශ්වේත රාත්‍රියෙන්" පස්සෙ එච් එමෙලට ලක්ෂ වලින් ලාභෙ බෙදුව.

      පවන ප්‍රසංගය නිකං පෙන්නවෙ නෑ. මොකද හෝල්, ලයිට්, සංගීතෙ නිකන් ලැබෙන්නෙ නෑනෙ. උන්ටත් ගෙවන්න ඔනේ, සින්දු කියන උනුත් ජීවත් වෙන්න ඕන. නමුත් එහෙම හරි ඒ කාලෙ හඬක් තිබ්බෙ නැත්තන් ඒකටත් මිනිස්සු දොස් කියාවි.

      අන්තිමට, ප්‍රා කියන කතාව වැදගත්. ගීත වලට මිස ගායකයන්ට, ප්‍රථිරූප වලට වඳින්නෙ නැතුව හිටියනං ඔය කිසි කෙනෙක්ගෙ වෙනස්වීම් ගැන වද නොවී, ඒ ඒ කල දේ විඳල සතුටු වෙන්න තිබ්බ. මොකද කළා කාරයො කියන්නෙ, අපිව පාළනය කරන්න, අපිව මෙහෙයවන්න අපි පත්කරගන්න පිරිසක් නෙමෙයි හින්ද.

      Delete
    23. ඒ කතාව හරි පුදගල ප්‍රතිරූපයන් සහ කලා කෘති අපි වෙන වෙනම ගත යුතුමයි. නමුත් නන්දා මාලිනීලගෙන් මේ වර්ථමාන සමාජයට මෙහෙවරක් වෙන්නෙ නැති එක ගැන කණගාටුයි. කලා කරුවන්ට අපිව මෙහෙයවීමට ඉඩ නොදිය යුතුයි. ඒත් සමාජය යහ මඟට ගැනීමේ විස්මිත හැකියාවක් කලා කරුවෙක්ට තියෙනවා. හැම විටම අවියට වඩා පෑන මුවහත් කියන්නෙ ඒ නිසයි.

      Delete
    24. නන්දා මාලනිලා සකුරා මල් පිපිලා කියලා විතරක් කිව්වා නම් අපිටත් මලක් ගහලා නිකන් ඔහේ ජුන්ඩා වන වනා ඉන්න තිබුනා.. එත් කොටන්න ඕන තැන කොටපියව්.. අරකයි මේකයි කියලා කොටපු උන් ටයර් එක්ක ෆයර් වෙන කොර වයර් මාරු වෙච්ච පිස්සෝ වගේ අමු හෙළුවෙන් කඩේ යනකොට කොහොමද අප්පා කටක් වහගෙන ඉන්නේ..

      Delete
    25. මාතලන් ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    26. මේ එකක් - https://www.youtube.com/watch?v=JLFhnPHPfOA
      තව එකක් -https://www.youtube.com/watch?v=k7dYvu7Q4w4
      තවත් එකක් - https://www.youtube.com/watch?v=iuTmk_8-m2k
      මෙන්න - https://www.youtube.com/watch?v=04MZCv7IcPA
      තව එකෙක් - https://www.youtube.com/watch?v=HSXm35KUTas

      Delete
    27. සකුරා මල් පිපිළා කියපු ගීතයද අරගලයක ප‍ෙර නිමිති කර ගත් ගීතයක්.

      නන්දා මාලනී යනු වෘත්තීය ගායකය‍ෙකි. ඇය කරනුය‍ේද කළා නිර්මාණ විකුණන එකය. එහි විවාදයක් නැහැ. ඇය දේශපාලකය‍ෙක් නොව. නමුත් ඇය දරන දේශපාලන මතවාදයට ඇය පණ පොවන ලදී. සමාජය පිරීහිම උද‍ෙස‍ා ගී ගැයුවා හැරුන කොට පිරීහීමට දායක වූය‍ේ නැත. කලාව යනු මුදල්නම්, ඇයට ඇග‍ේ ගී සන්ෆලවර් සංගීතයට මුසු කළ හැකි යි.

      යතාර්තය සෞනදර්යාත්මකව මිනිස් මනස‍ේ ප්‍රකෘත්තිමත් කිරීම හොඳ කලා කෘතියක ලක්ෂණයකි. නමුත් සමාජයට මුදාහරින ඕනෑම කළා කෘතියක් විවාදයට, විව‍ේචනයට ලක් කිරීම ගැටලුවක් නැහැ. එය විය යුතුය. විචාරක කලාව ද අඩපණ වීම අද සමාජය‍ේ හොඳ නිර්මාන බිහි නොවීමට බලපා ඇත. නමුත්, විචාරයක කලාව ලෙස ආච්චි වැනි උපහාසාත්මක වදන් භාවිත කරීම න‍ොගැලප‍ේ යැයි කියා සිතමි. මා අසා ඇත්ත‍ේ කළා කරුවන් වයසට යන්න‍ේ නැති බවය.

      ඇය පරෙ කියූ පරිදි පවන‍ේ එකදු ගීතයක් හ‍ෝ අසන්න, තව අය‍ෙකුට අසන්න දෙන්න අකැමැති අය පවා අද කියනවා ම‍ෙයාලා සිංදු කියන‍ේ නැහැන‍ේ කියා. එය එස‍ේනම් විහිළුවකි.

      මා දන්නා පරිදි නැවත කිසි‍ව‍ෙකුට විප්ලවීය ගීත ගායනා කිරීමට නැවත සුදුසු පරිදි කලා පසුභිමක් අද සමාජය‍ේ නැත. විශේෂය‍ෙන්ම එය මිනිස් මනස‍ේ රැදී නැත. සියල්ල සමාන්‍යකරණය වී ඇත. මැතිණියගේ සමය‍ේ සිට, ජේ ආර් සමය එළඹීම‍ේ දී සිදුවූ ක්ෂණීක සමාජ පරිවර්තනය .... ජනතාවග‍ේ පිඹිදීම මොටවීම .... සමස්ථ කලා කරුවන්ම නිහඩ වීම ..... ම‍ෙයට බලපානවා විය හැකියි. එදා ගැයුුව‍ේද තනි අය‍ෙක් ලෙස නොව. කලා කරුවන් පිරිසක්ම සිටීය.

      ඒ විතරක් න‍ොව,
      ලෙස්ටර් ජේම්ස් පීරීස්,
      ටයිටස් ත‍ොටවත්ත,
      ධර්මසිරි පතිරාජ,
      .......
      පමණක් නොව රඹුක්කන සිද්ධාර්ත හිමි, වැනි අය පවා අද බිහිවීම ඉතාම අඩුයි.
      මෙම වෙනස ඇත්ත‍ේ තනි අයකේ තුළ නො‍ව‍ේ. එබැවින්, හුදකලාවූ, නිහඩවූ, අය‍ෙක් දේශපාලන අවශ්‍යතාවය මත තවත් පසකට තල්ලු කිරීම වටීද.?

      Delete
    28. කළාකාරයෝ ඕන තරම් ඉන්නවා.. ඒත් නිහඬයි.. අතීතකාමයේ ඇලී ගැලී ජීවත් වෙන්න ඕන නෑ.. ජිප්සිස් සුනිල්ලා.. රන්ජන් රාමනායකලා කියන්න ඕන දේ කියනවා..

      Delete
    29. @මහේෂ්

      නන්නදා මාලනී යන තනි චරිතයක් න‍ොව නිහඩ. අද නීතිය වාග‍ේම සමස්ථ කලා ක්‍ෂ‍ේත්‍රයම නිහඩය. එවැනි අවස්ථාවක තනි පුද්ගලයකුග‍ේ නැගීටීමක් බලාප‍ොරොත්තු න‍ොව‍ෙන්න. නමුත්, කඩේ ග‍ොස් නැත.

      Delete
    30. එතනදි මට එකඟ වෙන්න බෑ නිර්මලා. මොකද මං දැකල තියෙනවා සුනිල් ආරියරත්න සහ නන්දා මලිනිය පහුගිය දවස් ටිකේම කොන්දේසි විරහිතව මහ රජාණන්ට කඩේ ගිය විදිය. අනිත් එක අදටත් වඩා බොහෝ පසුගාමී සමාජයක්, අවනීතියක් එදා ටජ කලා. ඒ දේවල් ඇතුලෙත් නිර්මාණ කරපු මේ අයගේ අද නිහඬ බව හරි පුදුමයි.

      Delete
    31. සුනිල් පෙ‍ර‍ේරා කලකරුවකු ලෙස මා පිළිගනිමි. නමුත්,
      ඔහුග‍ේ කලා ක‍ේෂත්‍රය‍ෙදී මෙවන් සමාජය විකෘත්තිකරන සිද්ධීද වර්තා වී ඇත.

      https://www.facebook.com/permalink.php?story_fbid=308513159196770&id=300935703287849

      Delete
    32. මාතලන්, මගේ අදහස කමෙන්ට් එකකට දිග වැඩි නිසා පෝස්ට් එකක් විදියටම දැම්ම. ගිහින් බලහන් ඉඩක් තියෙනං.

      Delete
    33. https://www.facebook.com/permalink.php?story_fbid=732845800085157&id=446481418721598 නන්නා මාලනී ගායිකාව ගැන විව‍ේචනය කරන සැමට.... http://l.facebook.com/l.php?u=http%3A%2F%2Fupashantha.blogspot.com%2F2014%2F10%2Fblog-post_9.html%3FshowComment%3D1412860314843%23c701239760231999942&h=YAQHMGjS9AQH5V_0tpi0J5KZAAjRLwQbp5p6PUpVffjxyfA&enc=AZO0ShcKdEXJcQgPaTuUIlLJ16QN0EdYT8Dg21JN0BoD551d8inwHzw_YuSJSF6AYudP1r2CQ6NfVav-x4vpbmlawMvaObOgwqyQx1kHlyEsDAKPVfIWr1JF-GssA21lLdirqFQZDQojbJgMlMExiVmHTDBHB5rwc1kupVbSpFOGgw ....
      ජෙප්පන්ගේ රිටර්න් එක!!!

      Delete
    34. @ නිර්මලා

      ඔබ වැනි කෙනෙක් එවන් උපුටා දැක්වීමක් මාතලන් අඩවියේ ලියා පලකිරීම වෙනුවෙන් අතිශයින් කනගාටු වෙමි...

      එතකොට ජෙප්පන්ගේ තියරියත්... නාකි උනාම පන්සල් යන්න ඕන කියන එකද..

      සුනිල්ගේ පුතාට වැඩියේ බුද්ධාගමට හානියක් කරනවා පන්සල් වල ලවුස්පීකර්

      Delete
    35. @ ඉන්දික

      කවදත් මෙන් සිංහයා නාගෙන ඇත..

      මා කිසි දිනෙක අගය කර නැති දේ මා ඉතා අගය කරනා දේ බව එහි ලියා ඇත.

      සිහින අකුරු ගත කිරීමෙන් වලකින්න..

      Delete
    36. නිර්මලා කියන කතාව එන්නෙ ඇයට නන්දා මාලනිය වටිනා කෙනේ වීම නිසා.එහෙම වුණාම ඇය කොයි පැත්තෙන් බැලුවත් හොදයි.නන්දා මටත් හොද ගායිකාවක්.නමුත් විමසිල්ලෙන් බැලුවම සමාජ අවශ්‍යයතාවයන් මාකට් වෙනව කියන එක පිළි ගන්න වෙනවා.

      ඔබට උදාහරණ කිහිපයක් දෙන්නම්.

      නන්දා කියනවා නේද කොළම ඉහළ පාසල් වල පන්දු කෙළින අමනයන් ගැන.මේ විවේචනය කරන ක්‍රිකට් ගැන නන්දා 96 දී කතා කළේ කොහොමද?ලෝක කුසලාන ජයග්‍රහණය ගැන එළැඹෙන ඉරිදාවේ දිවයිනට බුද්ධදාස ගලප්පත්ති ලියන ලිපිය බලන්න.

      මට මතක විදිහට එදා වැඩිම වරක් තරගය පරදියිද කියන කාරණය ගැන බද්ධි අයියට කෝල් කරල තිබුණෙ නන්ද අක්ක.ගුරා හෙමින් ගහන නිසා අපි පරදියි මට නම් බයේ බැහැ වගේ කතා කියලා තිබුණා.ඒ නන්දගෙ ගීතයේ පන්දු කෙළින අමනයෝ හිටපු සෙල්ලම.

      දෙවැන්න මා සදහන් කළ නානවනම් නාන්න නෝනා,යනවානම් අනේ මං අරං වැනි දේශපාලන බීෂනයකින් පසු එළැඹි රික්තකය පිරවීමට ගැයූ ගීත.ඒ වගේම ජාතික ගීය සීඩී කරන ක්‍රියා මාර්ගයෙ හිටියෙ කවුද?රනිල් අගමැති කාලෙ.බන්දුල පද්මකුමාර,සුනිල් ආරියරත්න සහ නන්දාවන්ම නේද?

      ම‍ා මේ කියන කාරණා නිබොරුනම් කියන්න තියෙන්නෙ ඒත් නන්දා හොදයි යනුවෙන්.ඇය ගයන්නට හොදයි.ඒත් කාලයත් සමග පවතින සමාජ දේශපාලනයේ ඉල්ලුම සපයන්න ඇය දන්නවා.නොබෝ දිනකින් ඇය යළිත් පවන වනි ගීත සමුච්චයක් කරන්න ඉඩ තියෙනවා.

      අවස්ථානුකූලව දේශපාලන අවශ්‍යයතාවය තේරුම් ගෙන ක්‍රියා කිරීම කල කරුවාගේ වගකීම.ඒත් මේ කියන කාරණා අතරේ තමන්ගේ අවශ්‍යයතාවයට දේශපාලනය කිරීම කියන කාරණය පිළිබදව සැකයක්වත් නිර්මලාට ඇති නොවන්නේ නම්....

      ඉදිකටු ඇණ ඇගිළිතුඩට දෙතිස් වදයට පත් වුණ පුතනුවන්ගේ ඉතිහාසයේ වේදනාකාරි මතකයේ ඉද පිවිසෙන්න

      Delete
  3. සීයාගෙ කියවිල්ල පට්ට මචෝ.....හෙහ්...හෙහ්....

    ReplyDelete
    Replies
    1. අපි උඹලා වගේ සීයා කෙනෙක් වෙන්න ඇති...

      Delete
    2. හු හු හු හු ඈ kenji,,,,,,, :D

      Delete
    3. කවුද මගේ කෙන්ජි මල්ලට සීයා කියන්නේ . :P

      Delete
    4. Kenjige duwatath lamay hambawena wayase. Ithin eya thamay blog lokaye see ya.............!

      Delete
    5. Menna bus eka. Makuluwa,walahanduwa, yaggaha, bataduwa, Karandeniya, Karandeniya ,Karandeniya ...........................!

      Delete
  4. සීයගෙ කතාව මරු!

    ReplyDelete
    Replies
    1. පට්ට පරණ කතාවක්.. බස්සි ලියලා තියෙන එක ඊටත් වඩා මරු...

      Delete
    2. ඇම්ඩා කොල්ලා හිටියනං කියයි "ඇයි සීයේ බස් එකේ යන්නේ බක්-ෆියට්ටෙක කැඩිලා ද?" කියලා!

      Delete
    3. ඔය කතාව උනේ බක්-ෆියට් සියයි මුනුපුරයි අතරේලු , බස් එකේදිත් නෙමෙයිලු ගෙදරදිලු , සියියා ලිස්සල වැටුන වෙලාවකලු ඔය සිද්දිය උනේ

      Delete
    4. අඩෝ අපේ සීයට එක එක ඒවා කියන්න එපා හරිද... අර වැව් ඉස්මත්තයට කියලා ඉස්ම බේරෙන්න දෙන්න ඩප්පියකින්..

      Delete
  5. අපේ නංගිගේ ප්‍රියතම ගායකයා...එතකොට අපේ ගේ ඉස්සරහා ඉන්න පොර...තරංගයා...නෙදෝකින් !!ගේ ඉස්සරහා ඉන්න පොර නෙවේ ogiv #$@$%%!!

    ReplyDelete
    Replies
    1. පට්ට ටැලන්ට් එකක් බං.... ඒ වගේ උන්ට මම නම් මාර ආදරෙයි... තව එකෙක් ඉන්න්වා නිහාල් නෙල්සන්මයි...

      Delete
    2. ඔගිව් බේස් ගහනවා පොඩ්ඩක් බලපන් සිං කරන ගමන් … මට නං කිසිම වරදක් නෑ.

      Delete
    3. පත්තරේ මෙන්න ...

      https://www.youtube.com/watch?v=cZySe9ddi3I

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ඔය රැල්ල එන කොට තමයි මේ සින්දුවත් ආවේ .....

      කොන්ඩේ බැඳලා අපේ පුතා කොළඹ ඉදන් ගෙදර ඇවිත් හරි වෙනස් වෙලා
      ගමන බිමන කතාව දැන් හරි අමුතු වෙලා .....//
      අතේ වළලු කරේ මාල ඒ මදිවට කරාඹුවක් කනටත් දාලා
      දිග කලිසම අදින්නේ නැ බාච්චුවක් වාගේ කොට කලිසම ඇඳලා
      පුංචි කාලේ වාගේ කොට කලිසම ඇඳලා ...
      ජෝතිගේ මිල්ටන්ගේ සින්දු වෙනදා වගේ කියන්නේ නැ උරුවම් බාලා
      ගායිකාවෝ කියන සින්දු ගැණු හඩින් නැලවී නැලවී පුතා කියන්නා ..
      යසට හිටිය දරුවට මක් උනාද මන්දා ...
      කොන්ඩේ බැඳලා ....

      ගායනය - මාලනී බුලත්සිංහල

      Delete
    6.  මෙතන ලීඩ් ගහනවාඅපූරුයි සිංදුවෝ !!!
      . දැන් සකුරා බේසා උණාට ලස්සනට ලීඩ් ගහනවා ..මේ බලහං :D


      Delete
  6. පරණ කැසට් කෑලි අහ අහ හිටිය නිසා මන්දා නාලනී මිය ගිය බව මං දැනගත්තේ කාලෙකට පස්සෙයි!

    ReplyDelete
    Replies
    1. 2005 දී මලේ කකෝ... ජෝඩුවම මලා.. පව් අප්පා...

      Delete
    2. 2005 හේ....මලාට.....funeral රාජ්‍ය උත්සවය ...කවදද....ලොක්ක....???
      නිදහස් ...හතරැස් කොටුවෙ .....ඒ කිව්වෙ ....ආප්ප කඩේ ඉස්සහරද.....

      Delete
    3. දුක තමා. අද සමාජය‍ේ එවන් අය‍ෙක් බිහි න‍ොවීම.

      Delete
  7. දැන් දැන්.. AC බස් වල ලයිව් නෝටි ඇමරිකා ෂෝ හිටං යනවාය ඒවා ටිකක් වීඩියෝ කරගෙන විකුණන ක්‍රමයක් හොයාගත්තා නම් විදේශ විනිමය හොයන ඉටිකිරිස් අයිටම් එකක් වෙනවාට කිසිදු සැකයක් නැත

    ReplyDelete
    Replies
    1. නෝටී ඇමරිකා නම් දැක්කේ නෑ... අංගනාවෝ නම් හෙළුවෙන් නටනවා සම හරක් සින්දු වලට..

      Delete
    2. ඇයි අර කුලියාපිටිය කොළඹ බස් එකක වීඩියෝ කරලා දීලා තිබ්බේ!

      Delete
  8. මේන් මම අහල තියෙන වර්ශන් එක. ඕකට වඩා ටිකාක් වෙනස්. :D

    A husband and wife are waiting at the bus stop with their nine children. A blind man joins them after a few minutes. When the bus arrives, they find it overloaded and only the wife and the nine kids are able to fit onto the bus. So the husband and the blind man decide to walk. After a while, the husband gets irritated by the ticking of the stick of the blind man as he taps it on the sidewalk, and says to him, "Why don't you put a piece of rubber at the end of your stick? That ticking sound is driving me crazy."

    The blind man replies, "If you had put a rubber at the end of your stick, we'd be riding the bus. So shut up."

    ReplyDelete
    Replies
    1. මේක පට්ට.. ඩර්ටි ජෝක්ස් තියෙනවනම් ඊයක් විදහන් බස්සියෝ...

      Delete
    2. thatis the point earlier we got wrong..who the hell told "punchi pawla raththaran" hahaa like the blind one... :p ....pissu nea

      Delete
    3. තිත් දෙකයි ඩී දෙකයි

      Delete
    4. ක්‍රෙඩිට් තුනයි.... ඇස් දෙකයි..

      Delete
  9. ගාලු ඇස්ප්‍රස් එකේ මාත් යනවා එනවා සතිපතා. මහරගම ඉන්නවනම් ඒක වෙලාව ඉතුරුවක් . නැත්තං ඉතින් ඈස්චර්‍ය තමා.

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තේ ඉන්න අයට නම් මාර ලේසියි තමයි.. කොළඹට එන්න කලින්, මාතරටම යන්න පුළුවන්..

      Delete
  10. එල ද බ්‍රා අයියන්ඩි..නැව් හෝන් හයිකරගෙන යන බස් කාරයෝ, නින්ද යන නෝනා මහත්තුරැ අර පොඩි එකාවත් නෙමෙයි ලිපිය සහ සියාගේ උත්තරය.

    ReplyDelete
    Replies
    1. මොකක්ද කියන්නේ කියලා පැහැදිලි මදි. උඹ කියන්නේ සීයගෙ කතාවද හොඳම එක කියලා...

      Delete
    2. ලිපිය එල ද බ්‍රා
      සියාගේ උත්තරය එල ද බ්‍රා

      Delete
  11. ඔය කියන කොල්ලාට ගායනය කිරීමේ හැකියාවක් තියනවා.. නමුත් හඬ අනුකරනය කිරීම අසාර්ථකයි.. (දෙදෙනාගේම ගීත අසා බලන්න)
    නමුත් වේදීකාවේද ගී ගයන්නේ අසන්නට නොවේ නටන්නට නිසා ලොකු අවුලක් නෑ.. මේව්වාට අකමැති අයට නොබලා ඉන්න පුළුවං..
    කරුමේ කියන්නේ ප්‍රයිවට් බස්වල මේවා ගෙඩිිය පිටින්ම පෙන්නන එකයි. එතකොට ඕන එකා බලනවා. ඕන නැති එකාට පේනවා...

    සීයාගේ රබර් කෑල්ලේ ස්ටෝරිය ටොප්..

    ජය වේ වා!!!!

    ReplyDelete
    Replies
    1. ඉස්ටේජ් සෝ කියන්නේ වෙනම සංගීත කළාවක්.. සමහර උන් ඔතන ෆේල්.. විශේෂයෙන් පිබිදෙන ගායක පරපුර...

      Delete
    2. ඔය තරුණයා ගේ සින්දුවක යු ටියුබ් කෑල්ලක් නැද්ද?

      මං දැකලා තියෙනවා ගෑණු-පිරිමි දෙහඬින් තෙරේ මේරේ සින්දුව කියන ඉන්දියන් මනුස්සයෙක් ගේ වීඩියෝවක්.

      ලංකාවේත් ඉස්සර හිටියා සුජාතා/ඇන්ජලීන් ගේ සින්දුවක් කියපු කොල්ලෙක්.

      Delete
    3. මේ තියෙන්නේ .." තෙරේ මේරේ.."
      එතකොට මේත් පොන්නයොද...?

      https://www.youtube.com/watch?v=pOLd9F4xP10

      Delete
    4. මේකත් බලන්න..

      https://www.youtube.com/watch?v=nD6sFdxMF70

      Delete
    5. thnx ...මචෝ.....ලින්ක් ඔලට....

      Delete
  12. මෙන්න මගේ සීයා බස් එකේ ගිය කතන්දරවලින් එකක්. සීයාට හාමුදුරුවන් සරෙන්ඩර් වුණු හැටි!

    http://kathandara.blogspot.com/2010/11/blog-post_22.html

    ReplyDelete
    Replies
    1. බුද්ධාගමට අපහාස කොරන කතාවක් නේද කකා ලියලා තියෙන්නේ..

      Delete
    2. Naha..! Eka awillaa hakuro dennekge kathawak. Ekek comment karana Kota anika reply karanawa.

      Delete
    3. ඇනෝ සක්කිලිද අනුන්ගේ ගූ ගොඩවල් අදින..

      Delete
    4. Mathalan sakkilida hamadama guu godawalma adina?

      Delete
  13. සීයාගෙ උත්තරේ නම් පට්ටයි කියන්නෙ උපරිමයි!

    ReplyDelete
    Replies
    1. කෙන්ජි වගේ සීයා කෙනෙක් වෙන්න ඇති...

      Delete
    2. අඩෝ.....දසය.......හෙක්....හෙක්.....

      Delete
    3. මට මතක් උනේ අර සොසේජස් කතාව.

      Delete
  14. හි හි ෂෝයි දැන් ෆ්‍රෙෂ් එකේ දවස පටන් ගන්න පුළුවන්,,,, good මොර්නින්ග්
    ඒ වගේ සීයලා එක්ක කතා කරන්න මන් හරි ආසයි..

    ReplyDelete
    Replies
    1. ආ ඔයා ඉන්නවනේ

      Delete
    2. එහෙනම් ඉතින් ඔය විචාරක එක්ක කතා කොලාම හරි...

      Delete
  15. අනේ ඉතින් මෙහෙම කතාවක් අහගන්න අපිට මාතලන්තුමාම ඉන්න එපැයි.
    පට්ට කතාව ඈ.

    ReplyDelete
  16. මාතලන්ටත් අහුවෙන්නෙ පට්ටම ටොපික් තමයි.බස්වල නින්ද යන එකනම් මටත් තියෙනව මදි නොකියන්න.රොදෙ රවුම් දෙක කැරකෙන කොට මම නිදි.කොලඹ මාතර යන්නනම් හොදම ට්‍රෙන් එක.වැඩෙ කියන්නෙ අද උනුත් ස්ටැයික්.මහරගම .කඩුවෙල කිට්ටුව ඉන්නවනම් එක්ස්ප්‍රස් වෙ බස් මරු.
    නන්ද ගෙ කටහඩින් කියනකොට ඇත්තටම මමත් රසවිදිනව.එතනත් තියෙනව පොඩි ගතියක්.
    //මාතලන්ටත් විලි ලැජ්ජාව කියනා එක ආවේය.//
    අම්මට උඩු ඒ කොහේ තිබිලද?
    සීයට ජයවෙවා.......

    ReplyDelete
    Replies
    1. //මාතලන්ටත් විලි ලැජ්ජාව කියනා එක ආවේය.//
      අම්මට උඩු ඒ කොහේ තිබිලද?

      මම අහන්න ආපු එක දමියා අහලා , මම යනවා යන්න

      Delete
    2. ඇයි බං අපිත් දකුණේ මිනිස්සුනේ...

      Delete
  17. කතාවේ මත්තුරුකාව වෙන එකක් වුනාට මේකේ හිත වුනේ අමිල් තරංග හෙවත් නන්දාමාලිනිගේ හැඳින් සින්දු කියන අපේ මිත්‍රයා, මිනිහට බනින හැම එකාම කියන්නේ ඌ පොන්නයෙක් කියා වචනේ කියලා, ඒ ක ටැලන්ට් එකක් කියලා පිළිගන්න කැමති නැත්තේ ඇයි.
    එතකොට ඩබින් ආටිස්ට්ලා ඔක්කොම පොන්නයෝද ?
    අමිල් තරංග විතරක් නෙවෙයි , කපුගේ හඬින්ම සින්දු කියන මන්තිලක දැක්කොත් මොනවා කියයිද ? මන්තිලක ප්‍රසිද්ධ වුනේ නෑ මිනිහා රස්සාවේ වැඩ නිසා බදුල්ලෙන් පිට ෂෝ වලට යන්නේ නැති නිසා ,අමිල් එකතැන හිරවෙන්නේ නැතිව ,තමන්ගේම සිංදු කරලා CD එකක් කළා. මෙතන අමිල් තරංග එක්ක ප්‍රශ්නයක් තියෙනවනම් තියෙන්න ඕන ,නන්දා මාලිනි කියපු සින්දු අවසාර නොගෙන කිව්වනම් . එත් ගීතයේ අයිතිය තියෙන්නේ පද රචකයාට සහ සංගීත නිර්මාපකයාට නීතිය අනුව . ඒ දෙන්නගේ අවසරය තියෙනවනම් වෙන කෙනෙකුට ගායනා කරන්න් පුළුවන්. ඒක නීතියේ හිඩැසක්

    නන්දා මාලිනිද?

    ReplyDelete
    Replies
    1. අපේ අළුත් උන් මේ රටේ උන්ගේ සින්දු නොකියා.. අසර්බයිජානේ උන්ගේ සින්දු කියන්නද මචෝ.. එතකොට ගෲප් ගහන උන් කියන්නත් ඕන මෙසපොටේමියාවේ සින්දුද.. නොදකින් මෙහෙම කාළකන්නි ගායක ගායිකාවෝ..

      Delete
    2. මංතිලක මගේ ගමේ එකා. ඒ නිසා කියනවා නෙවෙයි. ඌ කපුගේගෙ සිංදු කියනකොට අපි ආසාවෙන් අහන් ඉන්නවා. මොකා උනත් කාගෙ හරි ගීයක් ප්‍රමිතියට කියනකොට අපි අහන් ඉන්නවා. මෙතන ප්‍රශ්නෙ ඒක නෙවෙයි, ගෑනියෙක් කියන ගීතයක් ගෑණු හඬින් පිරිමියෙක් කියන්න දඟලනකොට එතන මහා අප්‍රසන්න විකෘතියක් නිර්මාණය වෙනවා. ඒක හාස්‍යමය නිරූපණයක්වත්, නාට්‍යක්වත් නෙවෙයිනේ. ඇයි ඌට බැරි උගේ පිරිමි හඬින් ඕක කියන්න. නැත්නම් පිරිමියෙක්ගෙ සිංදුවක් කියන්න. උන් හොඳයි මනමාළියෝ අන්දන්න.

      Delete
  18. ඔය ගෑණු කට හඬින් සිංදු කියන එක ගොඩාක් ජනප්‍රිය වුනේ මීට අවුරුදු 15- 16 කට කලින් ප්‍රොමිසස් සංගීත කණ්ඩායමෙන්.. ඒ දවස් වල මුලින්ම ප්‍රොමිසස් එකේ ගෑණු කටහඩින් සිංදු කිව්වෙ ඔය නන්දා මාලිනීගේ කටහඬින් සින්දු කියන ඉවාන් සඳහන් කරපු අමිල් තරංග ගේ අයියා.. අසංක.. ඉස්කෝලෙ යන කාලේ උගෙ කාඩ් එක උනෙ 'නාරි'.. හැබැයි කටහඬට වඩා අනිත් ඇක්ශන් නිසා තමයි එහෙම උනේ. ඒ කියන්නේ උගේ ජානවලින්ම තිබිල තියෙනව යම් කිසි දෙයක්.. ඇත්තටම ඒක පුදුමයි.. බලං හිටියෙ නැත්නම් කොහොමත් හොයන්න බෑ කොල්ලෙක් කියල.. අමිල් තරංගගේ කටහඬත් නන්දා මාලිනියට බොහෝ කිට්ටුයි.. (හැම සින්දුවකම නෙවෙයි..නන්දාගේ තියෙන්නේ බොහොම පුළුල් හඬ පරාසක් නිසා සමහර සින්දු ඊට ආසන්න හඬක් ගන්නවා.) කොහොම හරි මේ රැල්ල ජනප්‍රිය උනු නිසා බාගෙට ගොඩක් දෙනෙක් අනුකරණය කරන්න ගත්තා. ඒ අතරින් සමහරුන්ගේ කටහඬේ කිසිම කොලිටියක් නෑ.. අර කියන 'පොන්න වොයිස්' එකක් තමයි එන්නේ. කටහඬ හොඳ සමහරුන්ට සිංදු කියන්න බෑ.. සින්දුව අමු අමුවේම කනවා. ඕනෑම දෙයක් යම් තාක් දුරට හොඳයි. නමුත් සීමාවක්, ප්‍රමිතියක්, වාරණයක් තියෙන්න ඕනි. එළිමහන් කණ්ඩායම් සංගීතය ගැන උනත් එහෙමමයි. මං සාමාන්‍යයෙන් වෙනස් දෙයක් කරන එහෙම උත්සාහයක් ගන්න කාටවත් බනින්නේ නැහැ. උපේක්ශාවෙන් ඒ දිහා බලං ඉන්නව එහෙම නැත්නම් මඟ අරිනවා. හැබැයි 'ජින්ජර්' ගැනනම් මට තියෙන්නේ පුදුම අප්පිරියාවක්.

    ReplyDelete
    Replies
    1. මම දන්න තරමින් නන්දා මාලනී විශාරද නෙමෙයි.. ඒ වගේම ඇයට ස්වර මත පිහිටා ගායනා කිරීමටත් නොහැකියි.. ඊට වඩා බෝන් ටැලන්ට් එකක් තියෙනවා උමාරියාට..මේවා මේ සංගීතයේ කෙල පැමිණි මේ රටේම කළාකරුවන් සියල්ල දන්නා දේ.. ඒත් හැමෝම නිහඬයි.. හොඳට බලන්න නන්දා ගායනා කරන්නේ එකම පිච් එකේ..

      Delete
    2. මහාචාර්‍ය සුනිල් ආරියරත්න තමයි ඉස්සෙල්ලාම අමිල තරංගට, ප්‍රසිද්ධියේ නපුංසකයා කියන ගැරහීම කලේ...තමංගේම කියලා ලමයෙක් ඉන්න මනුස්සයෙක් කිසිම දිනක තවත් ලමයෙකුගේ හැකියාවට (තමන්ට වූ පෞද්ගලික හානිය නිසා) එහෙම අගෞරව කරන්නේ නෑ...
      නන්දා මාලිනී සහ සුනිල් ආරියරත්න විමුක්ති ගී ප්‍රසංගයේ තිබූ සාර්ථකත්වය දැක පවනින් සල්ලි හෙව්වා සහ තරුණ ජීවිත රාශියක් ටයර් වල බාබෙකිව් වෙන්න මනස හදලා දුන්නා. අද රටින් පිට සිටින, 80 දශකයේ හිතින් ලංකාවේ ජීවත්වෙන, පොල් සම්බොලේ 5 ස්ටාර් අහාරයක් වෙන ඩුවල් සිටිසන්ලාට ප්‍රසංග කිරීම පමනක් ආදායම් මාර්ගය කරගෙන තියෙන්නේ, ඇයි බැරිද අද සමාජයටත් එහෙමනම් පවන 14 ගෙනල්ලා වැඩක් කොරන්න..
      අපි නොදන්න චෙස්..

      Delete
    3. මාතේ . උමාරියාගෙ වේරියේෂන්ස් ගැන නං මචෝ ආයෙ කතා දෙකක් නෑ !!!

      හිතාගන්න බෑ බං ඒකිගෙ හැකියාව. ෂා !!!!

      Delete
    4. ඇයි හාල්මැස්සෝ.. කරවල... ගඳ ගගහා පැකට් කරගෙන යන්නේ.. ලන්ඩන් ගියත් බන්ඩා බන්ඩාමයි...

      Delete
    5. අමිල් තමයි අසංක නවත්තපු තැනින් එහාට අරන් ගියේ, නාරිව අමතක වෙන්න් විදිහක් නෑ කල්‍යාණ මිත්‍ර හෙවත් කලණට

      Delete
    6. මතකද නාමෙල් වීරමුනිගේ " රටගිය ඇත්තෝ" ටෙලි නාට්ටියේ, මිරිස් ගලකුත් අරන් ගියේ ලන්ඩන්...!!!!!

      Delete
    7. ඕක මොකක්ද බං.. වීකෙන්ඩ් පැකේජ් එකට බැංකොක් යන්නේ ඇඹුල් තියාල් සීනී සම්බල් හදාගෙන. කොක් බෑන්ක් කරන්න..

      Delete
    8. @ මාතේ & චෙෆාකි. මං සංගීතය ගැන නම් මෙලෝ දෙයක් දන්නෙ නෑ ඒක නිසා නන්දා මාලීනී ගෙයි උමාරියාගෙයි පිච් ගැන කතා කරන්ඩ බෑ. (ඔය දෙකෙන් එකකවත් බැට් කරලත් නෑනේ.) විශාරද පට්ටං ගැනනම් මං කොහොමත් තකන්නෙ නෑ. පවනයි විමුක්තියි අයින් කරල දැම්මත් මම නන්දා මාලිනීගේ පට්ට රසිකයෙක්.. යමුණා ගං තෙර ඉඳන් ලසොවින් හඩන උඩඟු ලියන්ගේ රුවල් ඉරීගිය ප්‍රේමය ගැන කියද්දී අනන්ත වූ අහසකින් ගලන රම්‍ය සඳ කිරණ දෙවියන් දුන් පඬුරක් මෙන් සුරකින කඩමණඩියේ රත්තරං දූවරු ගැන කියද්දී ඇස් පියාගෙන අහං ඉඳල මෙතනදි කට පියන් ඉන්න එක කුහක කමක් කියල හිතුන නිසයි මේ ලියන්නේ. නන්දාට විතරක් නෙවෙයි මං උමාරියාගෙත් රසිකයෙක්. දවසක මෙහෙම විවේචන අමරදේවයන්ටත් එල්ල උනොත්? මට හිතෙන්නෙ ඔවුන්ගෙන් විය යුතු දේ ඔවුන් කර අවසානයි. ඇයි උමාරියාට හෝ වෙනත් තරුණ කටහඩකට බැරි පවන 14 වෙන්න? සංවාදය බොහොම අගෙයි.
      @ ඉවාන්, මගෙ රෙදි ලිහලම දැම්මද මංදා.. ඔව් කොහොම අමතක කරන්නද අසංකයව.. කාලෙකින් නම් දැක්කෙවත් නෑ.

      Delete
    9. https://www.facebook.com/permalink.php?story_fbid=732845800085157&id=446481418721598 නන්නා මාලනී ගායිකාව ගැන විව‍ේචනය කරන සැමට.... http://l.facebook.com/l.php?u=http%3A%2F%2Fupashantha.blogspot.com%2F2014%2F10%2Fblog-post_9.html%3FshowComment%3D1412860314843%23c701239760231999942&h=YAQHMGjS9AQH5V_0tpi0J5KZAAjRLwQbp5p6PUpVffjxyfA&enc=AZO0ShcKdEXJcQgPaTuUIlLJ16QN0EdYT8Dg21JN0BoD551d8inwHzw_YuSJSF6AYudP1r2CQ6NfVav-x4vpbmlawMvaObOgwqyQx1kHlyEsDAKPVfIWr1JF-GssA21lLdirqFQZDQojbJgMlMExiVmHTDBHB5rwc1kupVbSpFOGgw ....
      ජෙප්පන්ගේ රිටර්න් එක!!!

      Delete
    10. ස්තූතියි මාධව.. අපේ සිංහයාගේ පෝස්ටුව..මං කියෙව්ව.. මම ඔය කඳවුරු දෙකේම නෙවෙයි. සිංදු අහන කඳවුරේ. :D

      Delete
    11. කියන්න හිතාගෙන ආපු එක කල්‍යාණ මිත්‍ර අන්තිම හරියෙන් හරිම අපූරුවට එයාගෙ අන්තිමට එකට කලින් කමෙන්ට් එකෙන් කියලා.

      ඒ වගේම චෙෆ්ටත් කියන්න දෙයක් තියෙනවා.

      \\තරුණ ජීවිත රාශියක් ටයර් වල බාබෙකිව් වෙන්න//

      උන්ට එව්වා ඉබේ නෙද උනේ? උන් පාරෙ යනකොට පාරෙ අයිනෙ තිබුන් ටයර් පෙට්‍රල් කෑන් එක්ක දුවගෙන ඇවිත් උන්ගෙ ඇඟට කඩා පැනල ගිණි තියාගත්තා.

      ඕකෙ වැරැද්ද නෙවෙයි, කොල්ලො ඒ තත්වෙට පත් කරපු පාලනේ වැරද්ද දකින්න. කොල්ලො එහෙම බල්ලො වගේ මරල දාපු පාලකායාගේ වැරැද්ද දකින්න. ඔහොම හිතුවොත් ඉතින්, පුරන් අප්පුලා, කැප්පෙටිපොලලා, මද්ධුම බංඩාරලලා, කුඩාපොල හාමුදුරුවෝ, සොක්‍රටීස්, මක්සිම් ගෝර්කි, ආදී ක්වීරයන්, කලාකරුවන්, සාහිත්‍යවේදීන්, කතුවරු සියල්ලම වැරද්යි. ඇස් කන් පියාගෙන තියෙන පාලනයකට ප්‍රශස්තියක් කියාගෙන හිටියනම් හොඳයි.

      Delete
  19. අද මට කන්ඩෝනැත් නෑ බොන්ඩෝනැත් නෑ මාතෙ !!!!

    පංකාදු පෝෂ්‍ට් පොඩ්ඩ.

    ReplyDelete
  20. උඹට මේ පොඩි ජනප්‍රිය කතා කෑල්ල හෙන නැගල යන පෝස්ට් එකක් කරන්න තීන අපූරු දස්සකම ගැන පහක් නෙමේ දහයක්ම දැම්ම ඔන්න.

    අනෙක් එව්ව ගැන උඩ කියල ආවෙ.

    ReplyDelete
    Replies
    1. අනේ... ඔය ඉතින්.. ලැජ්ජා හිතෙන කතා කියන්න එපා මෙයා...

      Delete
  21. කෝ අපේ ජීවන අයියා ??? චැහ් . ඉන්ඩම ඕනැ පොරක් මෙතන. !!!!

    ReplyDelete
    Replies
    1. අද වැඩට ගිහින් නැතිව ඇති.. වැඩට ගියාම තමයි ගොඩක් අයට නිවාඩූ...

      Delete
    2. මෙන්න මාතලන් මඩ ගහනෝ.........

      Delete
    3. බඩු ඇවිල්ලා !!!!

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    4. උඩින් පල්ලෙන් කියෙව්වා මිසක් හරියට බැලුවේ නැතෝ........
      ගෙදර ගියාට පස්සේ රෑ වෙලා එනෝ..........
      බිසියෝ...........

      Delete
  22. Replies
    1. එළකිරි... ජලය මුසු නොකරන ලද...

      Delete
    2. සංගීතේ කියුවොත් මේකට රජ මගුල්

      Delete
  23. මං නං කෝච්චි මගියෙක්. බස් වල මල විකාර නිසා බස් වර්ජනය කරලා සෑහෙන කල්.

    ඒක නෙවේ මචෝ...නන්දක්කගෙ 'ශ්වේත රාත්‍රියේ' අලුත් සිංදු නැත්ද?

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ.. දැන් මට එයා අප්පිරියයි..

      කෝච්චිවල හිඟන්නොයි.. කඩු ගිලින උනුයි.. ඩොල්කි කාරයොයි.. ඊට අන්තයි.. බස් තව හොඳයි...

      Delete
    2. ඉන්ටසිටි කෝච්චි වල ඔය බහුබූතයෝ නෑ මචෝ. පැය දෙක හමාරෙන් නුවර කොළඹ ගමන අහවරයි!
      මේ පලාතේ ඉන්නකොට ගමන බයිසිකලේ නැත්නං දෙපයින්.
      මගේ රස්සාවෙ හැටියට බාගයක් එහේ බාගයක් මෙහේ :-)

      Delete
  24. මචං මාතලන්....................

    සීයාගෙයි ළමයිගෙයි රබර් කෑල්ලේ කතාව පට්ටය.............. තාම හිනාය... කකුල් දෙක උඩය...... කට කනේය.....................

    ඒ වෙනුවෙන් අපගේ ස්තූතිය.................

    ReplyDelete
  25. අමිල තරංගගේ ගීත ඇසුවේ දැන්. මාර ටැලෙන්ට් එකක්. වෙන රටවල නම් අගය කරන දෙයක්. cross acting, cross singing ඒ රටවල සාමාන්‍ය දේවල්. මෙතැන ඇති එකම වරද අවසර නොලබා ගායනා කිරීම.

    ReplyDelete
    Replies
    1. එකතු කරන්න මතක නැති වුණා. අමිලගේ හඬ වර්තමානයේ නන්දා මාලිනීගේ හඬට වඩා හොඳයි. හැබැයි නන්දා මාලිනී තරුණ කාලයේඔයිට වඩා හොඳ හඬක් තිබුණා.

      Delete
    2. අපේ රට ළොකේ අනික් රටවලට වඩා ගොඩා.........ක් වෙනස්නේ...

      Delete
  26. පට්ට කතාව. :D

    අර අමිල් තරංගගෙ සිංදු ටික නම් මටත් අවුලක් නෑ. මිනිහ වෙනම කැසට් එකකුත් කලා ඒ දවස් වල. එයාගෙම සිංදු ද නන්දා මාලනීගෙ සිංදු ද කියන්න නම් දන්නෙ නෑ. ඇහුවෙ නම් ඒ කැසට් එකෙන් තමයි. ප්‍රොමිසස් ලගෙ, එහෙම කියන්න පුළුවන් තව එකෙක් හිටිය, නම මතක නෑ.

    ReplyDelete
    Replies
    1. සතුට සුරංග ද බොසා ???

      Delete
    2. නෑ පත්තරේ.. වෙන මොකක් ද නමක්. ප්‍රොමිසස් එකේ හිටිය වග මතකයි. මට කියන්න අමතක වුනා, ඔය මං කියපු එකා නන්දා මාලනී ගෙ සින්දු කිව්ව ද කියන එක හරියටම මතක නෑ. වෙන පැරණි ගායිකාවන් කිහිප දෙනෙක්ගෙ සින්දු ටිකකින් කැසට් එකක් ගහල තිබුන. කටහඬ නම් ඒ වගෙ ම තමයි. සතුට සුරංග පර්පල් රේන්ජ් නේද ?

      අපි එක්ක හිටියා ප්‍රොමිසස් පිස්සෙක්. ඌට ප්‍රොමිසස් කිව්වොත් කන්න ඕනත් නෑ. ඌ නම් දන්නව ප්‍රොමිසස් බෑන්ඩ් එකේ උන්වත් නොදන්න විස්තර ඕව ගැන :D

      Delete
    3. මචෝ "අසංක දීපාල් " නේද ? මුලින් ප්‍රොමිසස් ගහලා පස්සේ බ්ලු සැඩොස් ගියා වගේ මතකයි .
      මේ සින්ග් කරන එකාද බලපන් ....
      https://www.youtube.com/watch?v=jJ1TLLoYoiM

      Delete
    4. සමහර උන් නන්දටත් වඩා හොඳයි.. සම හරක්ට නම් අර පොන්න කතාව කිව්වත් අවුල් නෑ.. කරනවනම් හරියට කරන්න ඕන.. අර ඇම් ජී වගේ.. ඌ කරන්නේ ඊටත් හොඳට..

      Delete
    5. සිංදු ඇනෝ- අසංක තමා ,අමිල් තරංග ගේ අයියා ... මිනිහට කිව්වේ "නාරි" කියලා

      Delete
    6. ඉවාන් හරියටම හරි ....අසංක ජාතික රුපවාහිනියේ සුජාතාගේ සින්දුවක් කිවා මට මතකයි .හේම නලින් වගේ කෙනෙක් තමයි ගෙනාවේ .අමිල් සහ නාරි ගියේ බණ්ඩාරවෙල ම.ම.ව්‍ .95/96 වගේ කාලෙක .අසංක නම් පට්ට ඇණයක් ...(හැබැයි සමිතාගේ ,සුජාතාගේ සින්දු ඒවගේම කියනවා මචෝ )

      Delete
    7. සිංදු,

      නෑ බං. ඒකාත් නෙවෙයි. මං කියන මෑන් ට මොකක් හරි සම්බන්ධයක් තිබුන බලංගොඩ පැත්තට. ගම එහෙ ද මන්දා. හැම කැසට් එකේම හිටියෙත් නෑ. ඒකා ගහපු කැසට් එකේ "මඩේ ලගින තාරාවුන්" සිංදුව තිබුන වගෙ මතකයි. අනිත් සිංදු ටික මතක් කරන්න ට්‍රයි කලා, ම්හු.. මතක් වෙන්නෙ නෑ.

      මාතලන් අයිය කිව්ව වගෙ සමහර උන්ගෙ වොයිස් නම් අහන්න ටිකක් අප්‍රසන්නයි වගෙ. ඒ අර රැල්ල කොපි කරන්න ට්‍රයි කරපු උන්. ඒ වොයිස් නම් එහාටත් නෑ, මෙහාටත් නෑ. ඔය කාලෙ නියමෙට ම හඬ අනුකරණය කරපු සෙට් එකක් හිටිය මහින්ද සිල්වා ගෙ බෑන්ඩ් එකේ..

      කොහොම හරි ඒ කාලෙ, කලින් අහන්න ලැබුනු නැති පරණ සිංදු ටිකක් අහන්න ලැබුනා ඒ රැල්ල නිසා.

      Delete
    8. සිංදු,

      මටනම් අසංකයා ඇණයක් වුනේ ඌට බැට් කරන්න යනකොට.. ඔව් ඔව්.. ක්‍රිකට් ගහනකොට තමයි.. ඔය ඉතින්.. වරදියටමනෙ බලන්නේ.. ඊය වගේ දුවං ඇවිත් කරකවල දානව කකුල් දෙක මැද්දෙන් ගිහින් මැද පොල්ල ගලවල යන්න.. ඌ ක්‍රිකට් වලටත් හෙන දස්සයි බං..

      Delete
    9. කල්‍යාණ මිත්‍ර ,
      මචං ඒ ඔක්කොමත් හරි ස්කුල් බස් එකේ යද්දී මේකා ගැණියෙක් වගේ සින්දු කියන එක .
      මු වැඩිපුර ආශ්‍රය කලෙත් කෙල්ලෝම තමයි මට මතක විදිහට ..KM මචෝ උඹත් උගේ ක්ලාස් එකේද ?

      Delete
  27. සීයගෙ ටෝක තමා ටෝක.. කට කන ගාව :D

    ReplyDelete
    Replies
    1. ඉක්මනට ඇදලා ගනින් නහය ළඟට...

      Delete
  28. ////මාතර සිට මහරගමට පැය 1 1/2 කි. ඒ කියන්නේ වන් ඇන්ඩ් හාප් අවර්ස්ය.. හැබයි මහරගම ඉඳලා පිටඔටුවට පැය දෙකකි//////
    අපේ අම්මාට තියෙන ප්‍රශ්නේත් ඕකමය. සනීපෙට ආවාත් මහරගමට...එතනින් එහාට යාගන්න විඳින වදේය.
    මම දන්න තරුන සුද්දෙක් ලංකාවට ගිහින් ඔය ඒසී බස් එකක ගිහින්ය. ඌ කියන්නේ බස් කොම්පැනියට නඩු දාන්න ඕන කියාය. ඒ තරමට සද්දේ සැප බව ඌ කියයි.

    අර සීයා නම් කෙන්ජියා බව සහසුදක්සේ විශ්වාසය.
    ඉස්සර කොන්ඩම් එක දාගන්නවාට කිව්වෙත් රබර් කෑල්ලක් දාගන්නවා කියාය. එය පසුව ප්‍රීතිය විය. සමහරු එයට FL (French Letter) එකද කීවේය. දැන් නම් කොන්ඩම්ය. සුද්දෝ කියන්නේ ජොනී කියාය. මදැයි සීයාගෙ රබර් කෑල්ල ගැන කියන්න ගිහිල්ලා කියවුනු දේ.

    ReplyDelete
    Replies
    1. මාත් කිව්වේ ඒකයි.. අනිවා කෙන්ජියාමද දන්නේ නෑ..

      Delete
  29. කොමෙන්ටු කියවල ඉවර වෙනකොට ලියන්න හිතන් හිටපු ටික මතක නැහැ. ලංකාවේ බස් වල ටෙලිවිෂන් දාල යන එකනම් අන්තිමයි. ඕන නැතිවුනත් අහන ඉන්න ඕනේ . ඉබේටම බලේනවත් එක්ක.
    අර නන්ද මාලිනි ගැන කොමෙන්ටු ටිකයි, චිෆ් අර්කිටෙක්ට් ගේ කොමෙටුවයිනුත් මාරු. පොල් සම්බෝලේ 5 ස්ටාර් කරගෙන ඉන්න එවුන්ට සින්දු කියන්න එන එක.

    ReplyDelete
    Replies
    1. පොල් සම්බෝලේ තව හොඳයි.. කුණු කරවල ගෙනියනවා කිව්වාම ඇඳුම් ටිකත් ගඳ ගගහා..

      Delete
    2. ඒක නම් සම්පුර්ණ ඇත්ත . මම කවදාවත් ගෙනියල නැහැ.නමුත් මේ ලඟදි කවුද බොම්බිලි කරවල වගයක් හොඳට ඔතල ගෙන ඇවිල්ල. හිත්රෝව් එයාර්පෝට් එකේ. කස්ටම් එකේ බල්ලා මෙසේ උඩින් පැනල ඇවිල්ල තියෙන්නේ. පවුම් 1000 කෙලින්ම දඩ. ආසියානු ෆැමිලි දෙකක් වත් එක ෆ්ලයිට් එකකට නවත්ත ගන්නවා.

      Delete
  30. කතාව ලොල් වූවට කතාවට වඩා සිත ඇදී ගියේ නන්දා මාලනිය ගැන ඇති කොමෙන්ටු වලටය.සමහරුන්ට ඔවුන් වීරයන් වුවත් මටනම් ඔවුන් කලදුටු කල වල ඉහගන්නා මුදලාලි වරුන්මය.දහසක් තරුණයන් හට "හෙළන්න පුතුනෙ හෙළන්න ලේ කද-මියෙන්න පුතුනෙ මියෙන්න වද විද" යනුවෙන් පවසා ,ඔවුන්ගේ සිත කිසිදා දිනීමට නොහැකි විප්ලවයක් වෙත යොමු කරවා ,දහසක් මවු වරුන්ට තම දරුවන් සෙවීමට ටයර් සෑ පීරීමට සිදු කරවා තම දිවි හා සහචරයන්ගේ දිවි බේරාගැනීමට ඉන්දියාවට පැනගිය මිනීමරුවන්මය.ඔවුන්ගේ හැකියාවන් තිබුන මුත් ඒ හැකියාවන් හා තමන් විශ්වාස කල දහසක් දෙනාගේ විශ්වාසය මුදල් මත තීරණය කල මුදලාලිවරුන්මය.ශ්වේත රත්‍රියේ ඉපැයු මුදලින් කොටසක් එම ගීතවල සෙසු අයිතිකරුවන්ට දුන් සිදුවීම ගැන කතාකර තිබුනි.එය සිදුවිය යුත්තක්මය.ඔවුන් මෙපමන කලක් හම්බ කරගත් වෙළදභාන්ඩය නිපදවුවේ ඔවුන් බැවිනි.විය යුත්තක් වුවත් බොහො අය නොකරන දෙයක් බැවින් එයට හිස නමමි. අමිල තරන්ග පිළිබදව ඇත්තේ වෙනස් කියවීමකි.ඔහුගේ හැකියාව එළය.හැබැයි ඒ හැකියාව යොදාගන දිගටම ගායන කටයුතු වල යෙදීමට ඔහුට ඕනනම් ඔහුට ඔහුගේ ගීත ඒ සදහා යොදාගත හැක.අවසානයට නන්දාගේ පිච් එක ගැනය.මෙහිදි මාතලන්ට එකග වෙමි.ඇයට ඇත්තේ එකම පිච් එකකි..උමාරියා ගැන නොකියමි.
    සීයාගේ රබර් කතාවද එළය.බැරිවෙලාවත් මාගේ තාත්තා මෙය දුටුවොත් පවසන්නේද මෙයමය.

    ReplyDelete
    Replies
    1. සම හරක් හිතාගෙන ඉන්නේ.. අපි මේ ගීත වලට විරුද්ධය කියලා..

      එහෙම එකක් නෑ.. ඒත් ඒ ගීතවල තියෙන දේ බයිලා කරන කොට නම් පොඩි අපුලක් තියෙනවා...

      Delete
    2. උන්ට එව්වා ඉබේ නෙද උනේ? උන් පාරෙ යනකොට පාරෙ අයිනෙ තිබුන් ටයර් පෙට්‍රල් කෑන් එක්ක දුවගෙන ඇවිත් උන්ගෙ ඇඟට කඩා පැනල ගිණි තියාගත්තා.

      ඕකෙ වැරැද්ද නෙවෙයි, කොල්ලො ඒ තත්වෙට පත් කරපු පාලනේ වැරද්ද දකින්න. කොල්ලො එහෙම බල්ලො වගේ මරල දාපු පාලකායාගේ වැරැද්ද දකින්න. ඔහොම හිතුවොත් ඉතින්, පුරන් අප්පුලා, කැප්පෙටිපොලලා, මද්ධුම බංඩාරලලා, කුඩාපොල හාමුදුරුවෝ, සොක්‍රටීස්, මක්සිම් ගෝර්කි, ආදී ක්වීරයන්, කලාකරුවන්, සාහිත්‍යවේදීන්, කතුවරු සියල්ලම වැරද්යි. ඇස් කන් පියාගෙන තියෙන පාලනයකට ප්‍රශස්තියක් කියාගෙන හිටියනම් හොඳයි.

      (මෙතනටත් කියන්න තියෙන්නෙ මේකම තමයි)

      Delete
  31. හි..හි.. දුර යන බස් වල වෙන්නේ ඔයවගේ දේවල් .. සීට් එකක් නම් කවුරු ආවත් හම්බවෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දුර බස්වලට සීට් එකක් බලාපොරොත්තුවෙන් නගින ඕනම කෙනෙක් කරන්නේ ළොකු වැරද්දක්.. මූලික මිනිස් අයිතිවාසිකම්, දැන දැන් උල්ලංගනය කිරීමක්..

      Delete
    2. ඔව්.. සීට් එක කාට හරි දීලා ගමනාන්තේ වෙනකන් හිටන් යන්නදනේ..

      Delete
  32. මචං මාතේ උඹ අහල තියනවද කුමාර අත්තනායක කියන නන්දක්කගේ බත් කඩේ කියන සින්දුව
    පට්ට පද රචනේ මචං . සංගිතෙත් එල . ඊට හපන් කුමාර අත්තනායකගේ වොයිස්

    ReplyDelete
    Replies
    1. කොහොමද ටිකිරි මොලේ

      Delete
    2. අහලා නෑ බං.. තිස්ස අත්තනායකගේ, "දැන් හරි" සින්දුව නම් අහලා තියෙනවා..

      Delete
  33. එදා නන්දා මාලනී ගැයූ විරෝධාකල්ප ගී එදාට වඩා අදට ගැලපෙනවාද නැද්ද? අද ඔවුන් කට වහගෙන ඉන්නේ සුනිල් ආරියරත්නගේ මොලය කොලොප්පම් වී අත කොරවී, නන්දාගේ කටේ ගෙඩි දමා තිබෙන නිසාද එහෙම නැත්නම් අරළු බීපු ගොළුවන් බවට පත්වී තිබෙන නිසාද?

    දන්සල් දොරෙහි නැත යදියෝ ගීතය වඩාත් ගැලපෙන්නේ එදාටද අදටද?

    https://www.youtube.com/watch?v=tWz367iJeq0

    ReplyDelete
    Replies
    1. ස්වේත රාතියේදීවත් පවනේ ගීතයක් කියනකන් බලා ගෙන ඉමු.. හරි පව් අප්පා...

      Delete
    2. නන්දා අක්කා යූන්පියට කඩේ යනවා කියලා මම කියනවා. මේ බලහංක‍ෝ.

      1- රට කරවන්නම් මසුරන් සමග ඉතින්... කීවානම් යූ ඇන් පිය කප‍ෝතියි.
      2- යදමින් බැද කීවානම් යූ ඇන් පිය කප‍ෝතියි.
      3- දසමසක් මා කුස තුල උන් පුතුන‍ේ කීවානම් යූ ඇන් පිය කප‍ෝතියි.
      4- මැරෙන්න පුතුණ‍ේ කීවානම් යූ ඇන් පිය කප‍ෝතියි.

      බැලින්නම් නන්දා අක්කා එදා ගහුවත්, දැන් UNP එකන‍ේ බේරලා තිය‍ෙන් න‍ේ. ඕවා කීවානම් අද මාලන් මහචාර්යතුමා කියයි අක්කා ආණ්ඩුවට ගිහින් UNP ට මඩ ගහනවා කියලා. ඒ කියන්න‍ේ නන්දා අක්කා UNP ය රකිනවා.

      (අනිත් සිංදු කීවානම් ආණ්ඩුව‍ෙත් රෙදි නැ)

      Delete
  34. ලීයලෙ ලාලෙ ලබල් ලෑලි ලිබුලෙ ලැලි හිල්ලල පලිපෙල වගේ හලල ලියෙල්ලෙ?

    ReplyDelete
    Replies
    1. සීයලගේ කාළේ තිබ්බේ ගැට අන්නාසි, අච්චාරු.. අරවා මේවා..

      Delete
  35. ඔය බස් වල නිදාගන්න අය ගැන ලස්සන කෙටි කතාවක් මං දවසක් කියෙව්වා මතක නෑ.. විස්තරේ.

    ReplyDelete
    Replies
    1. නියමෙටම තියෙන්න ඇති...

      Delete
  36. සීයගේ කතාවත් හරිනේ බොලේ

    ReplyDelete
    Replies
    1. පට්ට සීයා කෙනෙක් නේ..

      Delete
  37. බස් එකක මුදල් ගෙවා වාඩිවී යන අයෙක් ට එම ගමන් කාලය තුල තම අසුන ඒකීය පුද්ගල දේපොලක් එය කැමැත්තෙන් ලබා දෙවනවා මිස බලෙන් ලබා නොගත යුතුයි
    ඔබ තවම ඒකීය පුද්ගලයා හඳුනන්නෙ නෑ

    ReplyDelete
  38. This comment has been removed by the author.

    ReplyDelete
  39. මාතලන් ගොයියා , අර කොමෙන්ට් ගැන දුන් උපදේශයට ස්තුතියි. මේ සිංහලෙන් පට්ට අරහේ මෙහෙ කියල check box ලබල් වෙනාස් කලේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං කියන්නේ පැහැදිලි මදි...

      Delete
    2. Design --- Layout --- ගිහින් Blog Post කියන කොටුවේ Edit උඩ ක්ලික් කලාම එනවා Configure Blog Posts කියලා ඩයලොග් බොක්ස් එකක් එතනින් හදාගන්න ඕන විදිහට , එකේ Post Page Options වල හත් වෙනි කොටුව ටික් එකක් දාලා ඕන විදිහට එඩිට් කරගන්න

      Delete
    3. ලේබල් කියන එක වෙනස් වෙලා වැදිලා තියෙන්නේ . පවුලුෂ මල්ලි ස්පසිබා බල්ෂෝයි.

      Delete
  40. ඔය පොන්නයො ගයනවා කියන එකට නම් මම කැමති නැහැ.ඒ වෙනස්කම් වලට කුමන හෝ විද්‍යාත්මක පදනමක් ඇති.නමුත් මේ මිනිස්සුන්ගෙ ජෛව විද්‍යාත්මක කාරණා නිසා ඇති වන ඇවතුම් පැවතුම් වල සිදුවන වෙනස හේතු කර ගෙන කොන් කිරීම මනුස්සකමට නොගැලපෙන දෙයක්.උන්ට ගයන්න පුළුවන්නම් ගයන්න ඕනි.නන්දගෙ නෙමෙයි කාගෙ සිංදුවක් ගැයූවත් මටනම් අවුලක් නැහැ
    වැදගත් වෙන්නෙ අහන් ඉන්න පුළුවන් විදිහට නිවැරදි සෘතියට ගැයීම.නිවැරදි ස්වර ස්ථාන වල පිහිටා තාලය නොකඩා නොසලවා ගැයීමට හැකි නම් ඒකයි වැදගත් ගායනයෙදි.මිනිහගෙ ලිංගයෙ හැඩය වැදගත් නැහැනෙ ගායනයකට.

    කවුරුහරි කියනවන ද දෙකටම නැති එකෙක් මෙලෝ දෙයක් නොකර පුත දිදී පමණක් ජීවත් විය යුතු බව.නැතිනම් මනමාලියන් හැඩ ගැන්වීම් වැනි දේ කළ යුතු බව.මම නම් කියන්නෙ පිරිමි ද,ගැහැණුද නපුංසක ද කියන කාරණය වෙනුවට ඔවුන්ගේ හැකියාව ඇගයීම කළ යුතුයි.දැණිම අගය කළ යුතුයි.අවස්ථාව ලැබිය යුතු සුදුසුකම දැණුම හැකියාව පමණක්මයි

    ReplyDelete
    Replies
    1. පොන්නයන්ට ගහන උන් ඊට වඩා පොන්නයෝ...

      Delete
    2. ඒක ඇත්ත. පොන්නයෝ කියන්නේ නිකන් ගරහන වචනයක් නේද?

      Delete
  41. පට්ටම ලොල් කතාව..

    //ඊට පස්සේ සීට් එක හම්බ වෙච්ච එකා, වෙන එකෙකුට සීට් එක දීලා බහිනවාය. හරියට, එයා ගෙදරින් ගෙනාපු එකක් වාගෙය.//

    මේ ටික අපූරුයි.. ආදර්ශමත්.... :)

    ReplyDelete
    Replies
    1. මාතලන් ඉතින් කවදත් ලියන්නේ ආදරසුමත් කත නේ සැමා කොලුවො...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න