.

.

Oct 16, 2014

එක්සත් ජාතික පක්ෂයට ආර්ථික ප්‍රතිපත්තියක් වහාම ඕනෑකර තිබේ. - Does UNP have an economic policy?


- චානුක වත්තේගම -

තව මාස කිහිපයකින් පවත්වන්ට නියමිතය කියන ජනාධිපතිවරණයේදී නායකත්වයේ වෙනසක් සිදු වනු ඇතැයි නොසිතමි. වැඩි සම්භාවිතාවක් ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාම පට්ට වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජය ගැන්මෙහිය. ඒ මේ ලියන මොහොතහි (ඔක්තෝබර් මුල) පවත්නා සමාජ-ආර්ථික-දේශපාලන වාතාවරණයට අනුව මගේ කියැවීමයි. තදහර එක්සත් ජාතික පාක්ෂිකයින්ට මීට වඩා වෙනස් කියැවීම් තියෙන්ට පිළිවන. මම ඔවුන් හා වාදයට නොයමි. දේශපාලන පොර බිමෙහි ඉන්නා තෙසක්-රිය පක්ෂ නායකයින්ගෙන් ප්‍රශ්න කළද තමන් කවදා හෝ රටේ නායකත්වයට පත්වනු නිසැකය කියනු ඇත්තේය. මහගමසේකරගේ 'නොමියෙමි' කාව්‍ය සංග්‍රහයේ එන චරිතයක් වන අළුත උපන් චන්දන පස්ගම්මන ළදරුවාගේ  දෙමාපියන්ද සිතන්නේ ඔහු කවදා හෝ ලංකාවේ අගැමැති වන බවය. (අගැමැති වන්ට සිටි චන්දන පස්ගම්මන දින කිහිපයකින් මියයයි.)  මේ සිහිනයන්හි ස්වභාවයයි. ඒ සිහින වලට සාපේක්ෂව, ලංකාවේ දෙවන විශාලතම මොනොලිතික පක්ෂයේ නායකයා වූද, අගැමැතිකම දෙවරක් දරා ඇත්තා වූද රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති සිහිනය අනිවා-ඩෙෆා වඩා අර්ථාන්විතය. මගේ පෞද්ගලික කියැවීම් ඒ සිහිනයට බාධාවක් කර ගත යුතු නැතැයි හඟිමි. මට වැරදිය හැකිය. කාලානුරූපව සමහර දේ වෙනස් විය හැකිය.

හැබැයි, සිහිනයක් සැබෑවක් වන්නේ නිදා ගැනීමෙන් නොව අවදියෙන් සිටීමෙනි. එසේම තවදුරටත් නොදියුණුම, දිළිඳුම රටක් නොවන ලංකාවේ ඡන්දදායකයා ඡන්දය ප්‍රකාශ කරන්නේද අපේක්ෂකයාගේ මුහුණෙහි සිරියාවට වඩා ප්‍රතිපත්ති වලටය. ජනාධිපති සිහිනය දකිමින් සිටින එක්සත් ජාතික පක්ෂය මෙතක් කොට නැත්තේ තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති පැහැදිළිව ජනතාවට ඉදිරිපත් කිරීමය. ඔවුන් ජනාධිපතිවරණය සීරියස් ගන්නේ නම් මේ වහා කළ යුතු දෙයකැයි සිතමි. එසේම එය 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාගේ පිටු දෙකේ අර්ථශූන්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන් නොව ඉන් එපිට ගිය විස්තරාත්මක ලියවිල්ලක් විය යුතු බවද හඟිමි. එක් පිළක් පිටු සියයක දෙසියයක දීර්ඝ හා විස්තරාත්මක පට්ට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරද්දී එදිරි පිළ අඩුම ගණනේ ඡන්දදායකුගේ දරුවකුට දෙකට තුනට නවා කඩදාසි බෝට්ටුවක් හදා ගන්ට පුළුවන් ලියුං කරදහියක් වත් දිය යුතුය. මේවාට ජනාධිපතිවරණය තෙක් ඉන්ට පිළිවන. දැනට අවශ්‍ය විස්තරාත්මක වාචික ප්‍රකාශයකි.

මා මෙසේ කියන්නේ හේතු ගණනාවක් නිසාය. පළමුව, එක්සත් ජාතික පක්ෂය යනු නිදහස ලැබීමේ පටන්ම කිහිපවාරයත්ම තම ආර්ථික ප්‍රතිපත්ති කාලානුරූපව මාරු කළ පක්ෂයකි. එනිසා ඒ පිළිබඳ වාමාංශික කියැවීම කවරක් වුවද සේනානායක ජයවර්ධන ප්‍රතිපත්තීන් වත්මන් එජාපය තුළද එසේම ක්‍රියාත්මක වේය උපකල්පනය වරදකි. දෙවනුව පසුගිය වසර දහයක පමණ කාලයත් තිස්සේ එජාපය අවම වශයෙන් පළාත් සභාවක හෝ බලය දරා නැත. එහි පැරැණි නායකයින් කිහිපදෙනකු හැරුණු විට ඇත්තේ අළුත් මුහුණුය. අළුත් මොළය. මේ මොළ සිතන්නේ කෙසේද පුරවැසියන් වන අපි නොදනිමු. තෙවනුව හා වඩාත් වැදගත්ව, එජාපයට අද්‍යතන වාතාවරණය තුළ තම පැරැණි ප්‍රතිපත්ති එසේම ක්‍රියාත්මක කළ හැක්කේද යන ප්‍රශ්නය පැණ නැඟෙයි. මේ ලිපියෙන් මේ කරුණු එකින් එක කෙටියෙන් සාකච්ඡා කරන්ට අදහස් කරමි.

නිදහසට ඒක්ෂණ එක්සත් ජාතික පක්ෂ රජයන්ට තම ප්‍රතිපත්ති ගැන ලොකුවට හිතන්ට දෙයක් වීය නොසිතමි. 'ජාතියේ පියා' ගේ වගකීම වූයේ සුද්දා ඒ වන තෙක් පදවාගෙන ආ අඟුරු කෝච්චියම, දේශීය ඌරුවට ඉස්සරිහින් පුවක් මලක් ගසාගෙන පැදවීමය. මේ හැරුණු විට මහ සේනානායක ආණ්ඩුව කළ ලොකුම දෙය වියළි කලාපයේ එවකට ජනශූන්‍ය ප්‍රදේශයන්හි කෘෂිකාර්මික ජනපද ඇති කිරීමය. මෙය රට සහළින් ස්වයං පෝෂිත කිරීම මෙන්ම රටේ ජනගහණයෙන් සැලකියයුතු ප්‍රතිශතයක් වන ගොවීන්ගේ ඡන්දය බලාපොරොත්තුවෙන් කළ දෙයක් ලෙසද සැලකිය හැකිය. 1970 පමණ වනතුරු මේ නිද්‍රාශීලී ප්‍රතිපත්ති එජාපයේ ට්‍රේඩ් මාක් එක විය. එයින් වැඩිම වාසිය ගත්තෝ ප්‍රතිවාදීහුය. ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා වාමාංශිකයෝ මේවන විට සිය ජනහිත (පොපියුලිස්ට්) ප්‍රතිපත්ති මත එජාපයට වඩා බොහෝ සෙයින් ජනතාවට සමීපව සිටියෝය.

හැත්තෑ ගණන් වල මැදහරියේදී ජුනියස් ජයවර්ධන මේ අඟුරු කකා කොළඹ දුවන ගමනේ වරද වටහා ගන්නේය. ඇත්තටම 70-77 සමගි පෙරමුණු රජයේ ගොන්කම් විසින් ජයවර්ධන එතැනට තල්ලු කරලනු ලබයි. 1978 දී ලංකා ආර්ථිකයේ එතෙක් මෙතෙක් වූ රැඩිකල්ම විපර්යාසය කරන්නේ ජයවර්ධනය. (1977 දී එජාපය බලයට පත් වුවද මේ වෙනසට ආදාළ බොහෝ දේ සිදුවන්නේ ඉන් වසරකට පසුව 1978 දීය.)  එතෙක් රාජ්‍ය කේන්ද්‍රීය වූ ආර්ථිකයට 1978 දී නිදහසින් පසුව මුල් වරට පෞද්ගලික අංශය තීරණාත්මකව ඇතුලු වෙයි. ජාත්‍යන්තර වෙළඳාම ලිබරලීකරණය වන අතර ඒ වන තෙක් බලපැවැත්වූ දැඩි ආනයන රෙගුලාසි බලා සිටියදීම වගේ ලිහිල් වෙයි. පෞද්ගලික බැංකු, පෞද්ගලික රෝහල් ආරම්භ වේ. 'ඔරෙංජං බාර්ලි' වෙනුවට කොකාකෝලා ආදේශ වෙයි. හාල් පොත අවලංගු කෙරෙන අතර ආහාර ද්‍රව්‍ය වෙළඳාම රජයේ පාලනයෙන් නිදහස් වෙයි. පෞද්ගලික අංශය ගමනාගමනයට් එක් වෙයි. මොරිස් මයිනර් ටැක්සි වෙනුවට තෙසක්-රිය බිහි වෙයි.

ඉන්පසු සුක්කානම අතට ගන්නා රණසිංහ ප්‍රේමදාසට දළ රළ පෙළ මැදින් යාත්‍රා කරන්ට ලැබෙන්නේ බලාපොරොත්තු වූවාට වඩා කෙටි  දුරකි. මේ කෙටිකාලය තුළ ඔහුගේ ලොකුම සම්මාදම ධනවාදය යනු ලොක්කන්ට පමණක් නොව සොක්කන්ටද එක සේ මහඟු ඵල මහානිසංස ගෙනෙන කප් රුකක්ය යන මතය ජන ගත කිරීමයි. එපිණිස ඔහු යොදා ගනු ලබන්නේ ගම් නියම් ගම් විනිවිදින ඇඟැලුම් කර්මාන්ත ශාලාය. 1990 මැද හරිය වන විට, ජුනියස් ජයවර්ධන විසින් හඳුන්වා දෙනු ලැබූ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය, රණසිංහ ප්‍රේමදාස විසින් තෙම්පරාදු කරනු ලදුව, කෙතෙක් ඓන්ද්‍රියව ජන ජීවිතයට බද්ධ වන්නේද කියතොත් ප්‍රතිවාදීන්ට පවා එයින් තොරව තම ප්‍රතිපත්ති ප්‍රකාශය ලිවිය නොහැකි වන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ උපරිම නවලිබරල් පාලනය අපට හමුවන්නේ රනිල් වික්‍රමසිංහ යටතේය. 2001 දී ඔහුගේ අගැමැතිකමින් ඇරැඹෙන රජය මෙරට සියළු රජයන් අතුරින් නවලිබරල්වාදී මූලධර්ම වඩාත් සමීපව ක්‍රියාත්මක කරන්ට උත්සාහ ගත් රජය සේ ඉතිහාස ගත වනු නිසැකය. හැම එකක්ම නොවතුදු වොෂින්ටන් සමාහිතයේ කරුණු දහය අතුරින් වැඩි හරියක් ක්‍රියාත්මක කරන්ට මේ රජය උත්සාහ දරයි. අයවැය හිඟය අඩු කරන්ට උත්සාහ දැරෙන අතර ඉන් පෙර වසරෙහි ඍණ 1.5 % ක් වූ වර්ධන වේගය 2002 දී 4% දක්වා වැඩිවේ. පාඩු ලබන රාජ්‍ය ආයතන රාශියක් මේ සමයේදී පුද්ගලික අංශය වෙත පවරා දී තියේ.  තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉන් පෙර නුවූ විරූ උත්සාහයන් ගැනෙන්නේද මේ සමය තුළදීයි. රාජ්‍ය හා ව්‍යාපාර අංශයන්හි පුළුල් ලෙස තාක්ෂණය භාවිතය ඇරැඹේ. අද ඇති වී තීබෙන තොරතුරු තාක්ෂණ බූම් එකේ මූලාරම්භයද එතැනය. ලංකාවේ පළමු වතාවට රජයක් මූල්‍ය කළමණාකරණ උත්සාහයක් දරන්නේ මේ යුගයේදීය. හැබැයි මේ උත්සාහයම ජනතාවගේ පැත්තෙන් අවම ජනප්‍රිය තීරණය ගන්ට රජය පොළඹවයි. ඒ ඒ වන විට 350,000 පමණ වූ රාජ්‍ය සේවකයින් ගණන වැඩි නොකරන්ට රජය ගන්නා තීරණයයි. මේ මෑත කාලීන රජයන් අතුරින් කිසිවකුට රැකියා නොදුන් එකම රජයයි. එය වසර දෙකකට මඳක් වැඩි කාලයක් තුළ, කොස් ගෙඩියක් කඩා වැටෙන්නාක් සේ, කඩා වැටෙන්ට දෙවන ප්‍රබල හේතුව වන්නේද එයයි.

ඉහත විවිධ ප්‍රතිපත්ති සෙට් අතුරින් තමන් නැවත බලයට එතොත් එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කරන්නේ කවර සෙට් එකද? එසේ නැතහොත් ඔවුන් මේ සියල්ල ඉවත දමා අළුත් ප්‍රතිපත්ති සෙට් එකක් තෝරා ගන්නේද? එක්සත් ජාතික පක්ෂය විසින් මේ ප්‍රශ්න වලට ජනතාව හමුවේ පැහැදිළි පිළිතුරු දිය යුතුය මම සිතමි. එසේම ඔවුන්ගේ ප්‍රතිපත්ති වර්තමාන රජයේ ප්‍රතිපත්ති වලින් වෙනස් වන්නේ කෙසේද යන්නද පැහැදිළි කළ යුතුය සිතමි. අවසනාවකට මේ දක්වා මේ සම්බන්ධයෙන් ඔවුන් විසින් දී ඇත්තේ එකිනෙකට පරස්පර, අපැහැදිළි ප්‍රතිචාරයන්ය. නිදසුන් කිහිපයක් පහත දැක්වේ.

අද එක්සත් ජාතික පක්ෂ නායකයෝ ආවේගශීලීව 'කැසිනෝ සංස්කෘතියකට' එරෙහිව කතා කරති. නමුත් සංචාරක ව්‍යාපාරය රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් කර ගන්ට තැත් කරන කවර හෝ රජයකට 'කැසිනෝ සංස්කෘතියකින්' තොරව එය කළ හැක්කේද? ශ්‍රී ලංකන් එයා ලයින්ස් තායිලන්තයේ බැංකොක් නුවරට දිනකට ගමන් වාර දෙකක් පියාසර කරයි. දේශපාලන ස්ථාවර භාවයක් නැති, වරින් වර කලබල ඇතිවන, පියාසර නොකළ යුතුය රටවල් ගණනාවක් අවවාද කොට ඇති තැනකට කොළඹ නගරය වැනි තැනක සිට ගමන්වාර දෙකක්ම අවශ්‍ය ඇයි? මෙයින් අදහස් වන්නේ මේ මොන ප්‍රශ්න තිබුණත් තවමත් බැංකොක් නගරයේ කැසිනෝ-කාම-විනෝද-ෂොපින් සංස්කෘතිය විසින් ආකර්ෂණය කරනු ලබන විශාල ජන සංඛ්‍යාවක් සිටින බව නේද? මේ රට වලට තරගකාරී ලෙස සංචාරක ව්‍යාපාරය දියුණු කරන්ට උත්සාහ දරණ රටක් වශයෙන් අපට හුදෙක් අනුරාධපුරයේ ගල් කණු, හික්කඩුවේ කොරල්පර පෙන්වීම තුළින් පමණක්ම සංචාරක කේන්ද්‍රයක් විය හැක්කේද? ආගමික තහංචි කවරක් වුවද තායිලන්තය පමණක් නොව සිංගප්පුරුව, මැලේසියාව වැනි රටවල් ගණනාවක් දැනටම අනුගත වී ඇති මෙ ඊනියා 'කැසිනෝ සංස්කෘතියෙන්' පරිබාහිරව අපට අපේ සංචාරක ව්‍යාපාරය කෙතෙක් දියුණු කළ හැකිද? එජාපය උගුරට හොරා බෙහෙත් කන්ට තැත් කරන්නේ එය නොදැනද?

එක්සත් ජාතික පක්ෂය වත්මන් ආණ්ඩුව චීනයෙන් ණය ගැනීම ගැනද සංවේගයෙන් කතා කරයි. හරියට අනේ මොන නවනිංගිරාවක්ද අපි ආවාම නම් ඔය ණය ගැනිල්ල අනිවා-ඩෙෆා නවත්වනවා ස්වරයෙනි. ඔව්, චීනයෙන් ණය ගැනීම නවත්වන්ට එජාපයට පිළිවන. හැබැයි ඒ චීනය වෙනුවට වෙන කෙරුම්කාරයකුට ලංවීමෙනි. චීනයෙන් ණය ගැනීම හා ඇමෙරිකාවෙන් ණය ගැනීම අතර වෙනසක් තිබේද? ණය නොගෙන රට දියුණු කරන්ට හැකි නම් පට්ටය. හැබැයි අද වන විට ලංකාව වැනි රටකට එය ප්‍රායෝගික දුෂ්කරතාවයකි. ණය නොගන්නේ නම් සංවර්ධන කටයුතු පිණිස වැය කරන්ට වන්නේ සමාජ ආරක්ෂණය සඳහා යෙදවිය යුතු මුදල්ය. නැතිනම් සංවර්ධන කටයුතු සම්පූර්ණයෙන් අත්හිටවිය යුතු වේ. ණය නොගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය නොකළ හැකි බව දන්නා එජාපය වැරදි චිත්‍රයක් ම්වා පාන්නේ ඇයි? (1982 දී රෝහණ විජේවීරටද මේ උභතකෝටිකයටම මුහුණ දෙන්ට විය. ඔහු එය විසඳා ගත්තේ “අපි බලයට ආවොත් ධනපති ආණ්ඩු වලින් ගත් සියළු ණය අහෝසි කරනවා” කීමෙනි. අවංකව එය විශ්වාස කළෝද එකල වූහ.)

මේ සියල්ලට වඩා තීරණාත්මක, රජයේ රැකියා පිනට දීමේ ගැටළුවට දැන් යොමු වෙමු. 1970 ගණන් වල සිට බලයට පත් වූ හැම රජයක්ම (2001 වික්‍රමසිංහ රජය හැරුණු විට)  පාක්ෂිකයින්ට මහා පරිමාණයෙන් රැකියා මවා දීමේ වෙස්සන්තර ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත්තේ කිසිම හිරිකිතයකින් තොරවය. අද රාජ්‍ය බැංකු, විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, දුම්රිය දෙපාර්තමේන්තුව, නැවත ඇති කරන ලද ගමනාගමන මණ්ඩලය, පොලිසිය, විශ්ව විද්‍යාල, රජයේ පාසල් වැනි දැවැන්ත රාජ්‍ය සේවා සපයන සංස්ථාන හැම එකකම පාහේ මෙසේ පිනට රැකියා ලබා ගත් පාක්ෂිකයෝ සුළු පිරිසක් හෝ වෙති. මීට අමතරව පෞද්ගලික අංශය අත් මේස් එකක් දමාගෙන වත් නාල්ලන දේශීය උපාධිධරයින් රාශියකට පිනට රැකියා ලබා දෙන්ටද 2005 සිට රජයට සිදුවන්නේය. පිනට කියන්නේ මෙයින් අති බහුතරය කරන ප්‍රයෝජනවත් කාර්යයක් නැති නිසාය.

මේ වෙස්සන්තර ප්‍රතිපත්තිය නිසාම අද රජයේ සේවය මිලියන 1.3 දක්වා පිම්බී ඇත්තේය. එසේම මෙසේ රැකියා මැවීම අපේ රටේ දේශපාලන සංස්කෘතියේ එක් අනිවාර්ය අංගයක්ව තියේ. ගම්බද දිළිඳු තරුණයින්, තරුණියන් යම් පක්ෂයකට බැල මෙහෙවරකම් කරන්නේ ඒ පක්ෂය ජයග්‍රහණය කළොත් රජයේ රැකියාවක් බලාපොරොත්තුවෙනි. එහිදී ඔවුහු තමන්ට රැකියා ලබා ගැනීමේ වැඩි අවස්ථාවක් සහිත පක්ෂයට සහාය දක්වති. මේ වන විට තව දුරටත් රැකියා ජනනය කළ නොහැකි තරමට රාජ්‍ය සේවය පිම්බී පවතී. එහිදී එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරන ක්‍රියාමාර්ගය කවරේද? 2001-3 සමය සේ කිසිවකුටත් රැකියා නොදීමද? නැතිනම් අංශක එකසිය අසූවක ටර්න් එකක් ගෙන අන් සියළු රජයන් පරයමින් පාක්ෂිකයින්ට රැකියා මවා දීමද? ඒ වෙනුවෙන්ම රටේ ණය බර ඉහළ යැවීමද?

කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන්ද එක්සත් ජාතික පක්ෂය පිළිතුරු දිය යුතු ප්‍රශ්න ගණනාවක් වේ. 2001-3 සමයේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය වූයේ බස්නාහිර පළාත කෘෂිකාර්මික කටයුතු පිණිස යොදා නොගැන්මයි. මෙය හොඳ දෙයකි. මිළ වැඩි බස්නාහිර පළාතේ ඉඩම් මඩ ඉඩම් සේ පවත්වා  ගැනීමේ තේරුමක් නැත. ඒවා ගොඩ කර විකිණීමට අයිතිකරුවන්ට අවකාශ ලැබිය යුතුය. එජාපය තවම සිටින්නේ ඒ ආස්ථානයේද? බජට්ටුවට බරක් වෙමින් හා පරිසර දූෂණයට හේතු කාරක වෙමින් පවත්වාගෙන යනු ලබන පොහොර සහනාධාරය එජාප රජයක් යටතේද එසේම පවතිනු ඇතිද? නො එසේ නම් තවත් වැඩිවනු ඇතිද? (එය අතිශය කාර්යක්ෂ්ම ඡන්ද මැසිමක් බව මේ වන විට ඔප්පු වේ තිබේ.) හේතුව හඳුනා නොගත් වකගුඩු රෝගයට හේතු කාරක විය හැකිය සැක කෙරෙන රසායනික පොහොර, කෘමි නාශක හා පලිබෝධ නාශක භාවිතය ගැන එජාපයේ ප්‍රතිපත්තිය කුමක්ද? නිතර දේශීය ගොවියා ගැන කඳුළු හෙළන එක්සත් ජාතික පක්ෂය වත්මන් රජය සේම 'දේශීය ගොවියා ආරක්ෂා කිරීම' පිණිස ආරක්ෂණවාදී (ප්‍රොටෙක්ෂනිස්ට්) ප්‍රතිපත්ති අනුගමනය කරනු ඇතිද? තම නිෂ්පාදන පිණිස සහතික මිළක් තිබිය යුතුය යන ගොවි ජනතාවගේ සදාතනික මැසිවිල්ල එජාපය ආමන්ත්‍රණය කරනු ඇත්තේ කෙසේද? ජල කළමණාකරණයේදී, ආර්ථිකයට යම් ඍණාත්මක බලපෑමක් ඇතිව හෝ, කෘෂිකර්මාන්තයට ප්‍රමුඛ ස්ථානය ලබා දීමේ ප්‍රතිපත්තිය තව දුරටත් අනුගමනය කරනු ඇත්තේද?

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් විය යුතුය කියන්ට තවත් හේතුවක් නම් එය ජනාධිපතිවරණයට පෙනී සිටින්නේ තනිව නොවිය හැකි වීම නිසාය. පසුගිය සමයේදී එක්සත් ජාතික පක්ෂය සමහර වාමාංශික පක්ෂ වල ඍජු දේශපාලන සහයෝගය ලබා ගත්තේය. උදාහරණයක් හැටියට නව සමසමාජ පක්ෂයේ නායකයා නිතර එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සමඟ දකින්ට ලැබිණි. 2010 ජනාධිපතිවරණයේදී එජාපය එකම අපේක්ෂකයකු වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමඟ වේදිකාවට ගොඩවිය. ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායකයා  තම සගයින්ට වඩා එජාපය ගැන සංවේදී වන්නෙකි. මේ සංවේදීතාවය 2015 ජනාධිපතිවරණයේදී ඍජු හෝ වක්‍ර සහායක් බවට පත් වන ඉඩක් තියේ. හැබැයි ගැටළුව මේ වාමාංශික පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති එජාපයේ පැරැණි ආර්ථික ප්‍රතිපත්ති වලට විශ්කම්භීයව වෙනස් වීමයි. නිදසුනක් ලෙස අධ්‍යාපන සේවා සැපැයීමට පෞද්ගලික අංශයට ඉඩ දිය යුතුද යන ගැටළුවේදී එජාපය හා ජවිපෙ ඉන්නේ ප්‍රතිවිරුද්ධ තැන් දෙකකය. එවන් අවස්ථාවක එජාපය ගන්නා ආස්ථානය කිමෙක්ද? එය තමන්ගේ පැරැණි ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිනවාද? එසේ නොවේ නම් ඉන්දියාවේ හිටපු අගැමැති මන්මෝහන් සිං (සිතට විරුද්ධව) සිය සන්ධානය තුළ වූ වාමාංශික සගයින් වෙනුවෙන් පෙනී සිටි ආකාරයටම ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවාද?

මේවාට පිළිතුරු දීම එක්සත් ජාතික පක්ෂය විසින් අවසාන මොහොත දක්වා කල් තැබිය යුතු දේවල් නොවේ. ප්‍රතිපත්තියක් ඇතිනම් ඡන්දදායකයා එය වහා දැන ගන්ට ඇවැසිය. එසේම ඉදිරියේදී බලයට පත්වන එජාප ආණ්ඩුවක් වෙතොත් එය වත්මන් රජයෙන් වෙනස් වන්නේ කෙසේද ජනතාව දත යුතුය. ඔවුනට නිවැරදි තීරණයක් ගන්ට ලැබෙන්නේ එවිටය. එසේම පිළිමලුන්ට මේ ප්‍රතිපත්ති වල වරදක් ඇති නම් ඒ විවේචනයට කල් ලැබෙන්නේද එවිටය. ප්‍රජාතන්ත්‍රවාදයේ ගතිකත්වය ගැන විශ්වාසයක් තියේ නම් එජාපය වහා තම ප්‍රතිපත්ති ජනතාව හමුවේ තැබිය යුතු වන්නේ එහෙයිනි.

64 comments:

  1. දිගටම ලියන්න අපි එනවා කියවන්න

    ReplyDelete
    Replies
    1. අනේ හැම දෙනාම මාව එහෙම මතක තියා ගන්නවා නම් කොච්චර දෙයක්ද! ටැංකිව් ලින්ක් එකත් දාලා දුන්නට.

      Delete
  2. <<මේවාට පිළිතුරු දීම එක්සත් ජාතික පක්ෂය විසින් අවසාන මොහොත දක්වා කල් තැබිය යුතු දේවල් නොවේ. ප්‍රතිපත්තියක් ඇතිනම් ඡන්දදායකයා එය වහා දැන ගන්ට ඇවැසිය. එසේම ඉදිරියේදී බලයට පත්වන එජාප ආණ්ඩුවක් වෙතොත් එය වත්මන් රජයෙන් වෙනස් වන්නේ කෙසේද ජනතාව දත යුතුය. ඔවුනට නිවැරදි තීරණයක් ගන්ට ලැබෙන්නේ එවිටය. එසේම පිළිමලුන්ට මේ ප්‍රතිපත්ති වල වරදක් ඇති නම් ඒ විවේචනයට කල් ලැබෙන්නේද එවිටය. ප්‍රජාතන්ත්‍රවාදයේ ගතිකත්වය ගැන විශ්වාසයක් තියේ නම් එජාපය වහා තම ප්‍රතිපත්ති ජනතාව හමුවේ තැබිය යුතු වන්නේ එහෙයිනි. <<
    ඒක නම් ඇත්ත.......

    ReplyDelete
    Replies
    1. උඹට මොනවත්ම හිතල කියන්න බැරිද බං

      Delete
    2. U hamadama cut and paste!

      Delete
  3. මේ ගැන එජාප නායකයින් වහ වහා සිතා බැලිය යුතුයි. ඌවෙන් මත්වී, සැලොන් දොරින් වඩිනා තෙක් බලාගෙන සිටීමෙන් ලබන ස්වයං වින්දනයෙන් පසු කල හැකිවෙන්නේ ,ගෑවිච්ච තැන් හෝදාගෙන අනිත් පැත්තට පෙරලී නිදාගැනීමට පමණි. ඒකටත් කම්මැලි එවුන් පහුවදාට හෝදගනී. ඉක්මන් නොවුවොත් යුඇන්පිය මෙවර අනාගන්නේ මේ ස්වයං-චූන් එකෙන්ය.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන් එකඟයි. ආචාර්ය හර්ෂ ද සිල්වාට ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කට වහගෙන ඉන්න සිදුවීමෙන් යථාර්ථය පැහැදිලි වුණා. හැදෙනවානම් යූ ඇන් පියට දැන් තමා අන්තිම අවස්ථාව.

      Delete
    2. මාත් සම්පූර්ණයෙන්ම එකඟ වන ගොඩට එක්වේවා

      Delete
    3. හරියටම හරි මෙ වෙලාවෙ මිනිසුන්ව නියමාකරව හසුරවා ගැනිම කල යුතුයි.ඔවුන් නිවරදිව ඔවුන්ගෙ දැක්ම ඉදිරිපත් කරන්න ඔන.එහෙම නැතුව ඉයෙ පාලිමන්ට් එකෙ රවි පෙට්‍රල් 50 අඩුකරනව කිවුව වගෙ නිකන් සිල්ලර කතා කියල වැඩක් නැ.

      Delete
  4. මේ ලිපියද මගේ අනෙකුත් හැම ලිපියක් සේම කල් ඇතිව රාවයට යොමු කළෙමි. නමුත් එය පළව නැත. මේ ගැන මම පුදුම නොවෙමි. රාවය අද ඉන්නේ කවර හෝ ආකාරයකින් ජනාධිපති මහින්ද රාජපක්ෂ පරදවිය යුතුය ආස්ථානයේය. එපිණිස ඔවුහු ඉතාම බොළඳ, ගිලෙන්න යන මිනිහා පිදුරු ගහේ එල්ලෙන්නාක් මෙන් වූ වැඩද කරති. උදාහරණයක් හැටියට මෙතෙක් කල් උන්නාද මළාද කියා නොදන්නාක් සේ හැසිරුණු අතුරලියේ රතන හිමි රාවයට හදිසියේම මහා පොරක් වී තියේ. අද ජනරංජනගේ කාටූන් එකත් රතන හිමි කුළු ගෙඩියක් ගෙන මහින්ද රාජපක්ෂගේ පිළිරුවක් කඩන්ට උත්සාහ දරණ එකකි. (අපට නම් මේවාට හිනා යන්නේ රතන හිමිගේ හා චම්පික රණවකගේ ගේම් දන්නා බැවිනි.) කෙසේ වෙතත් මේ අවස්ථාවේ මා යූ එන් පිය දරුණු ලෙස ප්‍රශ්න කිරීම රාවය මවා ගෙන යන සබන් බුබුළ බිඳෙන්ට හේතුවකි. එනිසා ඔවුන්ගේ පැත්තෙන් මගේ පිලිය පළ නොකිරීම තේරුම් ගත හැකිය. (එය වෙනත් පුවත්පත් වලට යවමි.)

    තමන්ගේ දේශපාලන මතවාදය කවරක් වුවද මේ ලිපියට ප්‍රසිද්ධියක් ලබා දෙන්ට එය බාධාවක් නොකර ගැනීම ගැන මාතලන්ට ස්තූතිවන්ත වෙමි.

    ඇයි අපි ඇත්ත කතා කරන්න මේ තරම් බය?

    ReplyDelete
    Replies
    1. කනගාටු වෙන්න එපා.. ඒක ඇවිල්ලා වික්ටර් අයිවන් මුදලාලිගේ පත්තරේ.. කෝටී ගානක් එක්කාසු කරලා මොන ලබ්බද කලේ. ඒත් හෙටත් සල්ලි දීලා අරගෙන කියවනවා.. කියවන්න තියෙන්නේ ඒක විතරක් නිසා.

      මෙන්න චානුක මම වික්ටර් අයිවන්ගේ පටිසෝතගාමි වන්දනාව බලන්න ගිහින් ලියපු කවිය..

      පටි ගලවා අමු හෙළුවෙන් උඩු ගං බලා යන පටිසෝතගාමී වන්දනාව - Ravaya Silver Jubilee


      (පටිසෝතගාමී = ගලන අතට නොව, උඩු ගං බලා පිහිනීම)
      .
      වික්ටර් අයිවන්ගේ පටිසෝතගාමී කයිය.
      ---------------------------------------------------
      අඩෝ තොපිලා දැනගනියව්...!
      ලෝකේ ඉන්න හොඳම කර්තෘ,
      ඒ විතරක් නොවෙයි යකෝ..
      මාක්ස්, ලෙනින්, ගාන්ධි මොන බලු කුක්කොද
      වික්ටර් අයිවන් කිව්වම
      ෆිලෝසිපර් වන් ඇන්ඩ් ඔන්ලි...
      පාන්ඩු වැනි ආන්ඩු දෙන
      හිතුනම ඒවා පෙරලන

      ජේ. ආර්. නම් මූසලයගේ,
      මළ මූසල ව්‍යවස්ථා..
      රටට කොඩිවිනේ මේකයි.
      ක්‍රමේ වෙනස් කළ යුතුමයි...!
      18 එක් කරලා හරි

      ප්‍රේමදාස, විජේතුංග, චන්දිරිකා.
      වගේ නෙමෙයි..
      ඕන තැනක, දැක්ක ගමන්,
      බඩ මිරිකනවා හයියෙන්..
      සල්ලි දීලා රාවය කන
      තොපි වගේද මහ රජානෝ..

      යූ ඇන් පී මට අරහං..
      මට හිතුනම ඕන එකෙක්.
      කරනවා මම සුපර් මෑන්...
      ප්‍රභා පවර් ෆුල් කාලේ,
      ඌ මගේ හීරෝ රාළේ
      යුද්ද කොරලා හරියන් නෑ
      බලේ බෙදමු අපි රාලේ..
      වට කරලා දෙන කාළේ,
      "විප්ලවයෙන්" බෑනේ මලේ..
      උගේ ඔළුව පැලු කාළේ,
      දැන මොකටෙයි බෙදා බලේ..

      තොපි දකින්නේ දවල් හීන..
      කරනවා මම ප්‍රතිශෝධන..
      සම්පන්තන් රනිල් සැවොම,
      මම කියනා දේම අසන,
      අපි ඔක්කොම එකතුවෙලා,
      ගේනවා සුභ අනාගතේ...!!!
      අඩන් නැතුව එතකන් තොපි
      බලන් හිටන් දෙන දේ කා..

      .oOo.

      සිල්වර් ජුබිලි කයිය
      ------------------------
      ජනරංජන, විමලරත්න,
      නුවන් උදය, රුහුණුගේලා...
      ටිරන් කුමා, කුසල්, එරික්,
      පාඨකයොයි එකතුවෙලා..
      ගං ඉවුරේ බලා සිටියි,
      අත් දෙක කම්මුලේ උලා..

      බුදු අම්මෝ මට බැරියෝ...!!!
      "අයිවනයා පීනනවෝ".
      උඩ පැත්තට නෙමෙයි යකෝ,..
      ගලන අතට අමු හෙළුවෙන්...

      සුනිල් වෙජේ සිරිවර්ධන,
      වියන්ගොඩද, කම්මැල්ල වීර..
      රාවය අද තෙක් කියවන.
      මුදල් දිදි ඇදගෙන යන,
      බුද්ධිමත්ම පාඨක කැල..
      "හූ" තියනවා උඩ පැන පැන
      අයිවන් හෙළුවෙන් පීනන
      ඒ ගං ඉවුරේ හිටගෙන...
      කකුල් දෙකෙන්,
      කොන්ද කෙලින්....
      .oOo.

      මාතලන්ගෙන් වික්ටර් අයිවන්ට...
      -------------------------------------------

      පොලිටික්කෙක් වෙන්නට නම් පොත් ලියන්න ඕන නේ ද
      මහින්ද අයියා එතකොට ලියලා තියෙන පොත මොකක් ද
      චෞර රැජින වගේ එකක් වැඩිය නොකර සද්ද බද් ද
      ඔහේ ලියා එයා නමින් පල කෙරුවොත් හොඳයි නේ ද

      .oOo.

      රාවයේ 25 වන සංවත්සර සංග්‍රහයේ පල කොරන්නේයි කියලා ලිපීයක් ලියලා දැම්මා ඒක ඒ සාර සංග්‍රහයේ පළ උනේ නෑ. කැමතිනම් මෙතනින් බලන්න. අකමැතිනම් ඒත් බලන්න.

      Delete
    2. http://maathalan.blogspot.com/2012/03/ravaya-silver-jubilee.html

      Delete
    3. http://maathalan.blogspot.com/2011/05/25-25-years-of-experience-with-ravaya.html

      Delete
    4. චානුක වත්තේගම ට කවුරු හරි ගිහින් කියල දෙන්න එයා මැරිල කියල. එයා තාම දන්නේ නෑ එයා මැරිල කියල. ඒ හින්ද සුපුරුදු විදියට මළවුන්ට කියවීමට සුදුසු දේවල් ලියනවා.

      ෆේස් බුක් එකේ පොරක් වෙන්න දගලන චානුක ගැන අනුකම්පා හිතෙනව. එයාගේ කාලෙ ඉවරවෙලා සියවස් ගානක් ගෙවිලා.

      Delete
    5. මචං මාතලන්....................

      වික්ටර් අයිවන් ඇතුළු ඔබ විසින් ගෙන එන්නා වූ සුනිල් විජේසිරිවර්ධන, සහ අනෙකුත් සෙට් එක ගැන කතා කරනවානම් කතා කරන්න දේවල් අනන්තයි. ඒත් ඇත්ත තමයි ඒ මිනිස්සු එදා සටන් කරපු හෝ සත්‍ය වෙනුවෙන් පෙනී සිටියා යැයි කියන්නවුන් නෙමෙයි දැන්. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ රිංගලා ඉදලා ඒක ඉවර වුණාම චෞර රැජිණ ලියලා හම්බකරගත්තා මනුස්සයෙක් දැන් කරන වැඩේ ගැන අමුතුවෙන් කියන්න ඕන වෙන්නෑනේ............... ඇත්ත කතාව ඕකයි.............

      වික්ටර් අයිවන් ආණ්ඩුවට හේත්තු වෙන්න කලින් කියපු කතා මගේ කන් දෙකෙන් අහන්නයි. ඒ කියන විදිහ මගේ ඇස් දෙකෙන් දකින්නයි. ඒ දවස් වල උදේ හවහා ගණුදෙනු කරන්නයි තරම් මං පව් කරලා තිබුණා. මනුස්සයා ප්‍රතිපත්ති වෙනස් කරලා කරණම ගහනවා ඇස් ඇරගෙන බලාගෙන ඉන්න තරම් මට පවක් තිබුණා. ආයේ ඉතින් මොන කතාද මාතලන්.......................

      කවි ටික රත්තරන් වටිනවා

      Delete
    6. මා කළ විමසීමකට අනුව ලබන සතියේ මේ ලිපිය පළ කළ හැකි බව රාවය දැනුම් දුන්නේය. එනිසා එය වෙනත් පුවත්පත් වලට යොමු නොකරමි. මෙම ලිපියේ ඉංගිලිසි පිටපතත් පුවත්පත් කිහිපයකට යොමුකොට ඇත.

      Delete
    7. අනේ ලැජ්ජාවක් නැද්ද චානුක වත්තේගම ඔහෙට? ඔහේගේ හෑලි දාන්න රාවය කැමතිත් නෑ, ඒත් පිංසෙන්ඩු වේවි යනවා ලිපියක් පත්තරේ දාගන්න. අපි රාවය ගන්නේ ඔහේ ලියනා දේවල් බලන්න නොවන බව දැනගත්තොත් හොදයි. ඔය ජරාවල් ටික දාගන්නව්කෝ අර ගොටාභය මහත්තයට නම්බුනාම පිරිනමපු ඔහේගේ බ්ලොග් එකේ. එතකොට ඕනි එවුන් ඒක කියවයි. නිකන් හොදට තියෙන බ්ලොග් සහ පත්තර කන්න යන්නේ නැතිව.

      ජනරංජනට කියන්න ඕනි වහාම මේ හෑලි පල කරන එක නවත්තන්න කියලා.

      Delete
    8. මේ පිළිබඳ මගේ මතය මා වෙනම ලිපියකින් ලියන්නම්...

      Delete
    9. මම නං කියන්නෙ ලබන සතියෙ හරි ලිපිය පලකරන්නම් කිව්ව නං අවුලක් නෑ. රාවයට ගහන්න කලින් හිතල බැලුවනං හොඳයි 'මාධ්‍ය' නම තියන අනිත් තැන් ගැන.

      Delete
    10. පිල් මාරුකරන ප්‍රතිපත්ති නැතිකමනම් අන්තිම නරකයි. හැබැයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මේ රටටත් විශේෂයෙන් රටේ කාන්තා පරපුරටත් විශාල කාර්යභාරයක් කළා.

      Delete
    11. ඔය සිංහල බෞද්ධ කියන කාලකන්ණි රැල රටේම ප්‍රගතියට බාධාවක්. දියුණු වෙන ලෝකේ අපට ඉස්සරහට යන්න තියෙන හැකියාව නැතිකරදාන්නේ මේ අයයි.

      Delete
    12. වාව්! වනිතා ඇවිල්ලා!! කාලෙකින්!

      Delete
    13. දැන් රාවය දුවන්නෙ බහුභූත මාක්ස්වාදී සෙට් එකකුයි, NGO කුක්කො ටිකකුයි එකතු කරලා දුන්නු සල්ලි වලින්නෙ. ඒක නිසා ඔය ලිපියනම් පල වෙන්නෙ නෑ. මාද්ය නිදහස ගැන කෑ මොර දෙන උන් ඇත්තටම මාඩ්ය නිදහසක් ගැන විශ්වාස නොකරන උන් බව මොනවට පැහැදිලි වෙන අවස්තාවක්.

      Delete
    14. @බස්සි (Yash)October 17, 2014 at 3:03 AM
      //වාව්! වනිතා ඇවිල්ලා!! කාලෙකින්!//
      වාව්! පුදුමාතලං!

      Delete
  5. අවුරුදු 33ක් තිස්සේ ප්‍රතිපත්ති ගෙනාවනේ. තවත් ගේන්න තියෙනවද?

    ReplyDelete
  6. මැදමුලනට පායන සඳ
    ලස්සනයිද කියන්න.....
    මා නොපදින ලැම්බෝගිනි
    ඔබට හැකිය පදින්න.......

    බඩුවල මිළ වැඩි වෙන කල
    පොකට් එකම හිඳේන්න......
    චොපර් එකෙන් ඔබ යන කල
    එපා බිමට වැටෙන්න ......

    චීන්නු ඇවිත් අත වනාවි
    එපා අහක බලන්න......
    අපිවත් උන්ටම විකුණලා
    වෙන රටකට පනින්න....

    ReplyDelete
  7. හොඳ ලිපියක්.
    මට හිතෙන හැටියට නං යූඇන්පීයට වේවා වෙනත් ඕනෑම කණ්ඩායමකට වේවා බලය ලබාගැනීම සඳහා සෑහෙන්න සටනක් දෙන්න වෙනව. ඒ සටනෙදි ඒ ඒ පක්ෂ වලට ඇතිවිය හැකි ව්‍යාකූලතාවයන් ටිකක් තියනව.
    ප්‍රශ්නයේ තියන 'විවිධ ලෙවෙල්' සලකා බැලුවම මට අහුවෙන අභ්‍යන්තරම අවුල තමයි 'සමාජයේ ඉල්ලීම' කියන අවුල. රාජපක්ෂ මහත්තය වපුරල තියන දේශප්‍රේමී බීජ මේ වෙද්දි සමාජය ඇතුලෙ සරුවට පැලවෙලා තියෙන්නෙ. යුද්ධය අවසන් වෙලා සෑහෙන්න කාලයක් ගියත් මේ දේශප්‍රේමී වල්පැල එහෙමම තියනව. මහින්ද මහත්තය හැමදාම දිනන රහස මේකයි. ඒ වගේම සජිත් ලදරුව සහ ඔහුගේ කණ්ඩායම ට්‍රයි එක දෙන්නෙත් මෙන්න මේ වල්පැල ඇතුලෙ සාර්ථකව පැලවෙන්න ඔහුට පුළුවන් නිසා (රනිල්ට සාපේක්ෂව). මගේ ප්‍රශ්නය, සමාජය ඉල්ලන්නෙ දැන් මහින්ද මහත්තය දෙන දේ නම් එජාපය මොනව කලත් වැඩක් වෙයිද කියන එක. රනිල් මේනව කිව්වත් ඔහු කලින් ක්‍රියාත්මක කල ලිබරල් ආර්ථික වැඩපිලිවෙලම ඉස්සරහට ගෙනියයි බලය ලැබුනොත්. නමුත් රනිල්ගෙ ක්‍රමය මාකට් කරන්න බෑ. ඇත්තටම රනිල් ණය ගන්නවට විරුද්ධ නෑ, කැසිනෝ වලට විරුද්ධ නෑ, රාසේ ක්ෂුද්‍ර කිරීමට කැමතියි. නමුත් මේව කියන්නෙ කොහොමද? කිව්ව ගමන් ද්‍රෝහිය වෙනව!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. රාජ් ඇහුවද LTTE ට එරෙහි සම්බාධක EU විසින් ලිහිල් කිරීමට හේතුව දේශප්‍රෙමියෙක් ඊයෙ හොයා ගෙන තියනව?

      Delete
    3. නෑනෙ! නිව්ස් බලන්න ලැබුනෙ නෑ.

      Delete
    4. ප්‍රා......රනිල් ලන්ඩන් ආවට පස්සේ කියලාවත් කිව්වද ...

      Delete
    5. කිව්වා කිව්වා.. ඇට්ටි හැලෙන්න දුන්නා ඔක්කෝම චැනල්ස් වලින්, රනිල්ගේ පුක නැතිවෙන්න. රනිල් බටහිර ටරවල කරපු සංචාරයේදි කොටි ඡායා කැබිනෙට්ටුව සමඟ සාකඡ්චා පවත්වලාලු.. ඒකලු මෙහේ මාළු අපනයනයට රෙඩ් කාඩ් උස්සලා තියෙන්නේ, යුරොපියන් යුනියන් එක එල් ටී ටී ඊ තහනම ඉවත් කරලා තියෙන්නේ. විමලෙගෙ වෙබ් එක බැලුවම ඔක්කෝම තේරෙනවා.. ඒකලු විදේශිකයන්ට උතුරත් තහනම් කලේ.. දැන් යනවා නම් තව වීසා එකක් ගහන්න ඕන..

      ර්නිලුත් මාර පවර්ෆුල් පොරක්නේ බලාගෙන ගියාම..

      Delete
    6. නැතුව, නැතුව මාතලන්, EU විතරක් නෙමෙයි එහෙ නඩුතීන්දුත් ඉන්ෆ්ලුවන්ස්කරන්න පුලුවන් පොරක්.
      ජයලලිතත් රනිල්ගෙන් ඉල්ලන්නයනව ඇප !

      Delete
    7. බටහිර රන්දෙවොල වැදන් ඉන්න උන්ට ඉතින් මෙවා විහිලු උනාට අපි වගෙ රටවල ප්‍රශ්න වලදී උන්ගෙ අධිකරන ස්වාධීන නෑ. දෙශපාලකයොන්ට, lobbyist ලාට පීඩනයක් ඇති කරන්න පුලුවන්. එන්ගලන්තෙ ඉදන් කැනඩාව දක්වා හැම බටහිර රටටම ඔනෙ වෙලා තියෙන්නෙ රජ්ජුරුවො එලවලා රනිල් බලයට ගෙන්න බව නොතෙරෙන ලදරුවොත් ඉන්නවනෙ මෙ රටෙ.

      Delete
    8. AnonymousOctober 17, 2014 at 6:45 AM

      එතකොට මේවගේ වැඩ කරාම රනිල්ට ලංකාවේ තියන ප්‍රසාදය අඩු වෙනවා කියලා ඒ රටවල් දන්නේ නැද්ද??
      බැලුවම පේන්නේ ඒ රටවලුත් මහින්දට කඩේ යනවා වගේ

      Delete
  8. ආවා...කියෙව්වා..ගියා..
    අපි පොඩි ළමයි.

    ReplyDelete
    Replies
    1. පත්තර
      ලඟදි ‍ලොකු ළමයෙක් උනා නේද?

      Delete
    2. පාටිය ගන්න බෑ බ්‍රෑන්ඩ් එක නැතුව
      බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    3. වාසනා වේවා !!!

      Delete
    4. රාජ් අයියා
      උනා නං තමා.… ඒ උනාට නෑ වාගෙ බං :D

      Delete
  9. "දිළිඳුම රටක් නොවන ලංකාවේ ඡන්දදායකයා ඡන්දය ප්‍රකාශ කරන්නේද අපේක්ෂකයාගේ මුහුණෙහි සිරියාවට වඩා ප්‍රතිපත්ති වලටය" මේක ඇත්තටම කියපු එකක්ද නැත්නම් උපහාසයට කියපු එකක්ද?
    ලංකාවේ බහුතර ජනතාව මේකෙ අනිත් පැත්ත..... ශෂින්ද්‍ර ට ඡන්දේ දුන්නේ මේක බලලද? ඒ වගේම ආන්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ගොඩක් අයට ඡන්දේ දුන්නේ මේ ප්‍රතිපත්ති බලලද?

    ReplyDelete
    Replies
    1. උබෙ මට්ටමෙන් අනිත් මිනිස්සු මනින්න එපා. මිනිස්සු ප්‍රතිපත්ති බලන නිසා තමයි කොටියා එක්ක ගිවිසුම් ගහපු උන්ට ගෙදර යන්නෙ උනෙ.

      Delete
    2. නෑ මිනිස්සු එහෙම කරේ ප්‍රතිපත්ති බලන නිසා නෙවෙයි. මින්සුන්ව හොදටම බය කරලා තිබුන නිසා. අදත් ඒකයි ඡන්දයක් ලං වෙද්දි හිටපු කොටි කීපදෙනෙක් පිටරටවල ඉදලා ප්ලෑන් ගහද්දි අල්ල ගත්තා කියලා මිනිස්සුන්ව බය කරන්නේ.

      මම රටේ හැම විදිහකම මිනිස්සු අශ්‍රය කරන නිසා අත්දැකීමෙන් දන්නවා මිනිස්සු හිතන විදිහ. පොඩ්ඩක් ඇහැ ඇරලා පාට කන්නාඩි ගලවලා බලන්න මිනිස්සු මොන තරම් අන්ධ භක්තියෙන්ද ඡන්දය පාවිච්චි කරන්නේ කියලා

      Delete
  10. අනුන්ගේ ප්‍රතිපත්ති ගැන කතා කරන වත්තේගමට හරිහමන් ප්‍රතිපත්තියක් තියෙනවද?

    ඇත්තම කිව්වොත් මාතලන් මම නං මේ බ්ලොග් එකට එන්නේ ඔබ ලියනා දේවල් බලන්න. කරුණාකර මෙවැනි වැඩකට නැති පල්හෑලි දමනා විට අදාල ලිපියේ මාතෘකාවට පසු රචකයාගේ නම සදහන් කරන්න. එතකොට මට සින්ඩියේදීම ඔබ ලියනා ලිපි පමණක් තෝරාගෙන ඒවා කියවීමට මෙහි ආ හැකියි.

    ReplyDelete
    Replies
    1. අලි නිරුවත පෙනෙද්දී අවුල් නෙද?

      Delete
  11. මොනවා නැතත් එයාල ලඟ ඉන්න අයියලාටත් මෙයාලට වගේම වල ඉහගැනීමේ ආර්ථික ප්‍රතිපත්තිය නො අඩුව තියෙනවා. කාලයක් බඩගින්නෙ හිටි හින්දා ලදොත් වල ඉහගෙනම කයි..

    ReplyDelete
  12. ලංකාවේ ඡන්ද වලට ඕන ප්‍රතිපත්ති ප්‍රකාශන නෙවේ... තමන්ගෙ හීනෙ මොකක්ද කියලා ඇඬෙන්ට ලියපු සුරංගනා කතාවක් විතරයි!

    ReplyDelete
  13. ඇත්තටම මමත් හිතනවා එක්සත් ජාතික පක්ෂය නැවතත් බලයට පැමිණියහොත් ඒක මේ තියෙන ආණ්ඩුවට වඩා යහපත් එකක් වෙයි කියලා. විශේෂයෙන් කාන්තාවන්ගේ පැත්තෙන්. කාන්තාවන්ට තම අභියෝග ජයගනිමින් ඉස්සරහට යන්න හොඳම ඉඩ ප්‍රස්ථාව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවලින් ලැබෙනවයි කියල තමයි මමත් හිතන්නේ. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංග මැතිතුමාගේ නායකත්වය යටතේ මේ තත්වය වඩා පුළුල්ව රටේ කාන්තා පරපුරටත් මුලුමහත් ප්‍රගතිශීලී ජනතාවටත් ලැබෙයි කියන එක තමයි මගේ විශ්වාසය.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඒ මැතිතුමා වනීට කැමතිවෙයිද කියන එකයි ප්‍රශ්නෙ.වෙන මැතිතුමෙකුට ට්‍රයි එකක් දුන්න නං නරකද?

      Delete
  14. ආවා.... බැළුවා...
    කමෙන්ට් එකකුත් ලියන්න අරගෙන, ආපහු ඒක මකලා දාල... යන්න ගියා....

    ReplyDelete
    Replies
    1. අපේ සෙල්ලං ගෙදර ගැන්සියේ පොරක්..

      Delete
    2. ඔව් බන්... අපි පොඩි ළමයි.
      වැරදිලා හරි මොනවා හරි කියවුනොත් ඊට පස්සේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න දන්නේ නැති නිසා කට වහගෙන ඉන්න එක හොඳයි බං..... :)
      කොහොමද ටිකිරි මොළේ...

      Delete
  15. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිවියයුතුමයි. ඒක ස්තිරව වෙන්න ඕනේ. නැත්නම් මේ රටේ විශේෂයෙන් කාන්තා පරපුරට අනාගතයක් නෑ.

    ReplyDelete
    Replies
    1. කොලබ 7, පිටරටින් ඩොලර් ලැබෙන විවිධ සන්විධාන වල වැඩ කරපු නොනලා මහත්තයලාටනම් මෙ ආණ්ඩුව ආපු එකෙන් කෙල උනා.

      Delete
  16. මම හිතන්නේ කාටත් වඩා හොඳින් මේක රනිල් දන්නවා , අනික් අය දඟලන්නේ අයි කියලවත් නොබලන්නේ ඒ නිසා.

    ReplyDelete
  17. එක්සත් ජාතික පක්ෂයට - ජය වේවා !!

    ReplyDelete
  18. දන්නැති හින්ද අහන්නෙ. මොකද්ද යට කැඩපත් පවුර කියල තියෙන්නෙ. අපි නං අහල තියෙන්නෙ කැටපත් පවුර කියල.

    ReplyDelete
    Replies
    1. කැටපත් පවුර = යන එන අයට යමක් ලියා තබා යන්නට හැදූ තාප්පය. කැඩපත් පවුර =කන්නාඩියක් වගේ දිලිසෙන්නට හදා තියන තාප්පය.

      Delete
    2. කැඩපත් පවුර තමයි කැටපත් පවුර කරගෙන තියෙන්නේ..

      Delete
  19. මම නම් රනිල් ගෙ ප්‍රතිපත්තිවලට කැමති නෑ. විශේශයෙන් LTTE ප්‍රස්නයෙදි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න