.

.

Jan 2, 2015

ළිඳේ වැටුනි කළු නැන්දා... - Fell into a Well



මීට අවුරුදු 30 කට පමණ පෙර කැළණිය කියන්නේත් පට්ට ගමක්ය. "රොකට් රෝහිණි කතා වස්තුවෙන්" කියන්න ගියේ ඒ ගම ගැනය. ඒත් ඉල්ලන්නෙත් නැතුව ලොක්කා දුන්න ගේම් එක නිසා ඒවා යට ගියේය. "හැලපයාට" මල පැනලා තියෙන්නේ මේකටය. ඒත් ඉතින් මාතලන්ටත් විනෝදාංශ කියා දෙයක් ඇත්තේය. විනෝදංශ ගැන කියන කොට මතක් වෙන්නේ, ඒ කාළේ තිබුන "සතුට" හා "සිත්තර" චිත්තර කතා පත්තර දෙකය. ඕවායේ මිතුරු හවුල් පිටුවක් තිබුනේය. ඒ පිටුවේ පාස් පෝට් සයිස් පූස් පාට් පින්තූරයක් දාලා. නම, ගම, වයස සහ විනෝදෙට කරන්නේ මක්කා දැයි කියා ලියා තිබුනේය.

කෙල්ලෝ උන්නේ චීත්ත ගවුන් කෑලී ඇඳලා, තෙල් ගාලා හිස පීරන් නෑනෝලා වගේය. පොල් තෙල් අතුල්ලලා, කොන්ඩෙ ගොතලා, ඉස්ටූඩියෝ එකකට ගිහිල්ලා ගත්ත පාස්පෝට් සයිස් පොටෝ එකක් අරගෙන පත්තරේට එවලා තිබුනේය. කොල්ලෝ උන්නේ කන වැහෙන්න කොන්ඩා වවලාය. එල්විස් ප්‍රෙස්ලි සයිස් කොලර් තියෙන කමිසයක් ඇඳලා, අමුඩ ලේන්සුවක් තරම් ටයි එකක් දාලා, උන්ගේ පොටෝ එකත් එවලා තිබුනේය. එහෙම ඉස්ටූඩියෝ ගිහින් පොටෝ ගත්තේ, ඒ කාලේ "සෙල්ෆි" තිබුනේ නැති හන්දාය. කොටින්ම ඒ කාළේ ෆේස් බුක් නොහොත්, බුකිය උනේ මේ මිතුරු හවුල් පිටුවය.

නා නා ප්‍රකාර හොබීස් අස්සේ කෙල්ලන්ගේ ප්‍රධාන හොබි එක උනේ මිතුරු ඇසුරයි, කොල්ලන්ගේ හොබි එක උනේ මිතුරියන් ඇසුරයි. සම හරක් නම් මිතුරු මිතුරියන් ඇසුර කියලා දාලා සධාචාර සම්පන්න වෙන්න වග බලා ගත්තේය. මෙහෙම සෙට් එන උන්ට කිව්වේ පෑනේ මිතුරෝ කියලාය. අද වගේම මේ සීන් නිසා කෙල උන් මෙන්ම, ගොඩ ගිය උන්ද සිටියේය. 

ඒ වගේම මාතලන්ටත් විනෝදංශ ඇත්තේය. ඒවා කාළය දීපය දේශය කුලය හා නානාප්‍රකාර අර බැලුම් මේ බැලුම් අනුව වෙනස් වෙනවාය. ඒ කාලේ ඉඳන් මාතලන්ගේ ප්‍රියතම හොබී එක අහුවෙන ඕන මළදානයක් කියවන එකය. කොටින්ම කියනවා නම් රේස් පත්තරෙත් කියවනවාය. ඒකත් පිච්චුම හැදෙන සබ්ජෙක්ට් එකක්ය. කාලයක් මාතලනුත් එංගලන්තේ අස්සයන්ගේ පිටේ නැග්ගේය. එහෙම නැග්ගා කියා වාසියක් මිස පාඩුවක් නම් උනේ නැතිය.

ඊට පස්සේ තියෙන්නේ කස්ටිය එක්ක සෙට් වෙලා අනුමත වෙන එකය. මේ හේතුවෙන් මාතලන්ට ඉන්නා මිතුරු මිතුරියන් පිරිස අනන්තය අප්‍රමාණය. අනික පොලිටික්ස්ය. ආතල් එකට සෙට් වෙන වෙලාවටත් පොලිට්‍රික්ස් කතා කොරන්න ගිහිල්ලා අම්මා මතක කර අහගත්ත වෙලාවලුත් අනන්තය. ඒවා මාතලන් පයිසෙකට මායිම් කොරන්නේ නැතිය. ඒ පොලිටික්ස් ලේ නහර තුල දුවන නිසාය. "කතන්දර" උන්නෑහේ නිසා බ්ලොග් ලියන්න පටන් ගත්තායින් පස්සේ, කුඩු ගැහුවා වගේ, දැන් තියෙන හොබිය බොග දාන එකය. බොගේ පොලිට්‍රික්ස් ලියනවා තරම් ආතල් එකක් මාතලන්ට දැන් ඇත්තේම නැතිය. ඒත් අද කියන්න යන්නේ, පොලිටික්ස් කතාවක් නම් නෙමෙය. අපේ නැන්දා කෙනෙක් ළිදේ වැටුන කතාවක්ය.

මේ කේස් එක උනේ මීට අවුරුදු 30 කට විතර උඩදීය. දැන් අපේ වත්තේ ගෙවල් හයක් තිබුනාට, ඒ කාළේ තිබුනේ හතරකි. වරාගොඩ පාර අයිනේ ඉඩම් දෙකේ, ගෙවල් දෙකක් තිබුනේය. ඊට පස්සේ ඉඩම් දෙක අමු කැළෑවය. එයින් පස්සෙ තිබුනේ මාතලන්ගේ හොම් ටවුන් විලා සහ කුළියට දුන්න නිවසය. මේ ගෙවල් දෙක තිබුනේ එක වත්තේය. මේ වත්තේ තුන් පැත්තකින් අදටත් තිබෙන්නේ වෙලක්ය. අපි පොඩි කාළේ මේ වෙල අස්වැද්දු කුඹුරක් උනේය. කුඹුරු කළේ අලි කලිසමයාය. අලි කලිසමයා ගැන මීට කලින් මාතලන් ලියලා තියෙනවාය.

කැළණියට අපේ තාත්තාගේ පවුල් වලින් ඉස්සෙල්ලාම ඇවිත් තියෙන්නේ අපේ අප්පච්චිය. ඒ කියන්නේ මහින්ද මහත්තයා නෙමේය. කාගෙත් හිතවතෙක් උන මිස්ටර් සැම්සන්ය. මිස්ටර් සැම්සන් ආවයින් පස්සේ ගාල්ලේ උන්න එඩ්වඩ්ලා, ඩග්ලස්ලා, ෂෙල්ටන්ලා, මෙන්ම ආනන්දලා, විමලජීවලා, ජිනදාසලාත් ආවේය. ඒ නිසා කුළියට දෙන්න හදපු ගෙදර, නිතරම වගේ උන්නේ තාත්තාගේ නෑයෝ වෙන උන්ය.

මේ ගෙදර බොහෝම වාසනාවන්ත ගෙදරක් ලෙස මුලු පවුලේම ප්‍රසිද්ධ උනේය. ඇත්තටම ඒ ගෙදර කුළියට ආපු හැම එකාම ගොඩේම ගොඩ ගියේය. එක කාළයක් ඔය ගෙදර උන්නේ අපේ බාප්පා කෙනෙක් වෙන වීරසේන උන්නැහේය. ඒ ගෙදරට එයා ආවේ තනියෙන් නෙමේය. නෝනා මහත්තයාත් එක්කය. ඒ කියන්නේ අපේ පුංචිත් එක්කමය. වීරසේන උන්නැහේ උදේ කාළේ, ධර්මාළෝකේ, ඉකෝන් ඉගැන්නුවේය. හවසට පිටකොටුවේ තිබුන පොඩි සීයාගේ රෙදි කඩේට ගියේය. අද ලංකාවේ ප්‍රසිද්ධම ඉලෙක්ට්‍රිකල් හෝල්සේල් සාප්පුවක් වන, ජිනදාස ඉලෙක්ට්‍රිකල් අයිති උන්නැහේටය. දැන් උන්නැහේ ඉන්නේ මාතලන් අර කලින් කියපු කැළේ තිබුන ඉඩමකය.

එයාලා කුළියට ඉන්න කාලයේ ඒ ගෙදරටත් කාළෙන් කාළෙට ගමේ කස්ටිය එනවාය. යනවාය. ඕන් ඔහොම එන අය අතරේ බාප්පාගේ නංගි කෙනෙකුත් කාළයක් ඇවිත් පදිංචි වෙලා උන්නේය. ඒ එයාට පට්ටිය හංදියේ රෙදි කඩේක එකෙකුට කතා කරලා තිබුන නිසාය. ගෙවල් දෙකේ වැඩට යන අයයි, ඉස්කෝලේ යන අයයි ගියයින් පස්සේ, මේ ගෙවල් දෙකේ ඉතුරු උනේ අපේ අම්මයි, පුංචියි, නැන්දයි විතරය. මේ වත්තේ ගෙවල් දෙක මැද්දේ තිබුන මිදුලෙන් භාගයක් පිරි තිබුනේ ඒ කාලේ ක්‍රමයට වට කරලා බැඳලා තිබුනු ළිඳකිනි. ගෙවල් දෙකේම නාන කාමර තිබුනාට. ඔක්කෝම වගේ ඇදගෙන නෑවේ නිලට නිලේ කූල් වෝටර් වලින් පිරි තිබුන මේ ළිඳෙන්ය. ඒක අම්මට සිරි ලංකාවේ සංස්කෘතියේ ප්‍රධානම අංගයක නිසා, අදටත් ඕන වෙලාවක ඇදගෙන නාන්න අපේ උන් බොහෝම සමත්ය.

එක දවසක් මේ වත්තෙන් එක පාරටම ඇහිලා තියෙන්නේ, "බුදු අම්මෝ.......... මාව බේරගනියෝ.. ", "බුදු අක්කේ...... නංගි ළිඳට වැටුනෝ....." කියනා මර ලතෝනියකි. අම්මා ළිඳ ළඟට දුවගෙන යන කොට, පුංචි, තන පටේ පිටින් මර හඬ තියනවාය. අම්මා ළිඳට එබිලා බැලුවාම, නැන්දා ළිඳේ නිර්වස්තරෙන් කකුල් දෙක දෙපැත්තේ ගහගෙන, ඔළු ගෙඩිය යාන්තන් උඩට දාගෙන ඉන්නවාය. එහෙම කකුල් දෙක ගහගෙන තියෙන්නේ, යට ගිහින් උඩ ආපු වෙලාවේය. අම්මා ළිඳට එබෙන අතරේ, පුංචි, තන පටේ පිටින්ම, මහ පාරට දුවලාය. අම්මා ඉනිමග උස්සගෙන එන කොට. පුංචි කීප දෙනෙක් එක්ක ළිඳ ළඟට ඇවිල්ලාය.

දැන් නැන්දාට මහන්සිය හා විලි ලැජ්ජාව නිසා උඩට එන්නට බැරිය. පුංචිගේ භාගෙට පටාචාරා ඩාන්ස් එකට ඇවිල්ලා ඉඳලා තියෙන්නේත් ගෙවල් වල උන්න ගෑණු පරාණ ටික විතරය. උන් ඔක්කෝම කරලා තියෙන්නේ අහල පහළ තිබුන රෙදි ඔක්කෝම ළිඳට දාන එකය. ඒ රෙදි අස්සෙන් ඉනිමග බස්සන එක ලෙඩක් වෙලා තිබෙන අතරේ, වීරයා ආවේය. ඌ අපි දන්නා කියන ඒ පැත්තේ එකෙක් නෙමේය. ඌ ඉනිමඟ ළිඳට දාලා, ළිඳට බැහැලා නැන්දා ගොඩ ගත්තේය. 

දැන් වැඩේ ගොඩය. මුළු වත්තම පිරෙන්න සෙනඟ පිරිලාය. දැන් පැවැත්වෙන්නේ ළිඳට වැටුන ආකාරය පිළිබඳ සම්මන්ත්‍රණය. එසේ නොවැටි නාන්නේ කෙසේද යන්න ගැන, විශේෂඥ දේශණාය. රෝහිණි අක්කාගේ මූලිකත්වයෙන්, මේ පිළිබඳ ළිඳ ළඟ සංගමය කොමිසම නමින් කොමිසමකද පත් කල අතර. ඒ වාර්ථාව නම් අද වෙනකන් ලැබුනේත් නැතිය.

දකුණේ මිනිස්සුන්ගේ කවදත් සුපුරුදු සංග්‍රහා සත්කාර වලින් අනතුරුව, පිරිස විසිර ගොස් ඇති අතර වීරයා සහ කීප දෙනෙක් පමණක් ඉතිරිව ඇත. වීරයාගේ චරිතය ඒ තරම් දිරෙව්වේ නැති මුදලාලි ආච්චි මුල පටන්ම මූ ඇණයක් වන වග දැනගෙන, ගෙදරින් හෙල්ලිලා නැතිය. කෙසේ හෝ මේ කරපු උදව්වට මිළක් නියම කළ වීරයා ගානකුත් කඩාගෙන ගිහින් තියෙන්නේ, එයත් දකුණේ පොරක් කියලාය.

ඊට ටික දවසකට පසු මූ ආයෙත් ඇවිත් කළ ගුණ සැලකීම ගැන දේශණයක් තබා, ගානක් කඩා ගෙන ගිහිල්ලාය. මූ කියන්නේ ඌ ආවේ නැත්නම්, අපේ නැන්දා නැති වෙනවා කියාය. කොහොම හරි ආයෙත් මූ ආපු දවසක මාතලන් ගෙදර උන්නේය. එදත් මූ කිව්වේ කළගුණ සලකන්න කියාය. දැන් මූ එන්නේ කෙලින්ම බ්ලෑක් මේල් කිරීමකටය. ආයේ මේ පැත්ත පලාතේ එන්නේ නෑ කියලා ගානක් කඩාගෙන ගිය එකා. ආයෙත් දවසක් ඇවිල්ලා තිබුනේය.

දැන් මූ බලන්නේ අපි ජීවත් වෙලා ඉන්නකන් වගේම, ඌ ජීවත් වෙලා ඉන්නකන් කළගුණ සලකන්න කියා, අපිව බ්ලැක් මේල් කොරන්නටය, නැන්දා කිව්වේ මේ මළ වදේට වඩා ළිඳේ වැටි මලා නම් මීට හොඳා කියලාය. ඊට පස්සේ මූ ඇවිත් තියෙන්නේ තගෙන්ය. ඒ කියන්නේ නෑයෝ හා යාළුවෝ එක්කය. ඒ මාතලන් මූට සත්තම දාපු නිසාය.

කෙසේ හෝ එක දිනක් සතියේ දවසක මාතලන් තොරණ හංදියේ සෙට් එකත් එක්ක සෙට් වෙලා ඉන්න වෙලාවක, මූ තව දෙන්නෙක් එක්ක අපේ වත්ත පැත්තට වීරයා වගේ යනවා දුටුවේය. මූ ආයෙත් එන්නේ කළ ගුණ සලකන්න කියලා, බ්ලැක් මේල් පාරක් දා, හොඳට කා බී ගානකුත් කඩගෙන යන්නය. මේ කෙහෙල්මල හරියන්නේ නැතිය. හංදියේ ඒ වෙලාවේ උන්න කුඩු කාරයොයි, බඩු කාරයෝයි, සෙට් එකේ උනුයි ඔක්කෝම එක්ක මාතලන් ප්‍රමුඛ චතුරංග සෙනාවෝ, ටික වෙලාවකින් අපේ වත්තට ආවේය. 

අරු ඌගේ සුපුරුදු සින්දුව කිව්වේය. දෙකක් දමාගෙන සිටි පාල අයියා වීරයා ඇදලා ගත්තේය. මුක්කං ජයසේන තව එකෙක් ඇදලා ගත්තේය. චන්දන අයියා අනිකා ගන්න යනකොට, ඌ චන්දන අයියාට හුලිජ්ජා යන්න ෂොට් එකක් දුන්නේය. දුටුගැමුණු එළාර යුද්දේ නැගලාම ගියේය. රෝහිණි අක්කාත් කිතුල් පොල්ලක් අරගෙන ආවේය. ටැක්සි ජිනේගේ නෝනා අරගෙන ආවේ මෝල් ගහක්ය. කසිප්පු සුනන්දගේ ගෑණි සුපුරුදු පරිදි කඩුවක් අරගෙන ආවේය. 

විරායාට හා කුලියට කහිනා මදාවියන්  තුන් දෙනාට, කැළණියේ ක්‍රමයට උපරිමයෙන්ම සංග්‍රහා කොට, ආයේ මේ පැත්තේ ආවොත් හෙම මැරෙන්නම බලාගෙන වරෙව් කියා, කලිසම් තුනත් ඔළුවේ ඔතා, තොරණ හංදියට පෙරහරෙන් වඩම්මවා, හංදියේදි කලසන් අන්දවා. කොළඹ යන බස් එකකට නග්ගවා, අපේ කළ ගුණ සැලකීම එතනින් අහවර කර දැම්මේය.

කළ ගුණ මතක් කොර කොර, කළ හොඳ පස්සෙන් එලවිල්ලත්, කාළ ගුණේ දික්තලාට එපා උනා වගේ, එපා වෙන වෙලාවකුත් තියෙනවාය. ඒ වෙලාවට දිකතල නොව, හිඟන්නෙක් උනත් පෙනෙන්නේ රාජ කුමාරයෙක් වගේය

122 comments:

  1. මදැයි දේශපාලනේ නැති ලිපියක් කියලා හිතාගෙන කියවන්න් ආවා ,අම්මපා මාතලන්ගේ දේශපාලනෙත් හරියට අර පොඩි එකාගේ රචනාවේ මැක්කා වගේය.

    දැන් මාතලන්ටත් පොදු අපේක්ෂකයා වෙන්න සුදුසුකම් ඉහේ කෙස් ගානට තිබේ . මේ තියෙන්නේ එකක්. හැම තැනම මාතලන්ගේ ගුණ අගුණ කතාවෙන නිසා පොද්දා කරන්න හොඳයි කියා සිතුනි

    මම හිතන්නේ කවුරුත් ඔහුගැන දන්නාවාය. ඔහුද අමුතුම පොරකි. කොතරම් රැඩිකල් බව පෙන්වුවත් රනිල් වන්දනා කරන්නෙකි. පසුගිය සති දෙකතුනේ මහින්ද වෙනුවෙන් බොරුවට කඩේ ගිය ඔහු දැන් නියම ස්රුපයෙන් පෙනී සිටී. නාවතම ප්‍රචාරක කටයුතු වන්නේ පදනම් විරහිත කටකතා වලින් පෝෂිත බ්ලොග් ලිපි සහ කමෙන්ට් පළකිරීමයි. ඔහු ගේ ජොබ් එක බ්ලොග් ලිවීම තරමට ලිපි ලියන සහ කමෙන්ට් කරන ඔහු සින්ඩි දෙකක ඇඩ්ඩින් කෙනෙකි. සින්ඩි ඇඩ්ඩින් කෙනෙක් නිසාද. ප්‍රබල කමෙන්ට් කරුවෙක් නිසාද. ප්‍රවීණ බ්ලොග් කරුවෙක් නිසාද මොහු හෙළුවෙන් සිටියත් බොහෝ බ්ලොග් කරුවන් එය විවේචනය නොකරන බැවින් ඔහු මනසින් ලොකු පොරක් වී ඇත. මංකොල්ල කරුවෙකුගේ නමින් පෙනී සිටින මොහු ගේ නම් නොකියුවත් මේ කතා කරන්නේ මාතලන් ගැන බව කවුරුත් දනී.

    ReplyDelete
    Replies
    1. මාධ්‍යකරණය හා දේශපාළණය කියන දෙකේම බොහෝම ඉවසලිමත් වෙන්න ඕන. ඒ වගේම ගල් හා මල් දෙකම බලාපොරොත්තු වෙන්න ඕන. මක්සියා මක්කා කිව්වත් මම ඌට මාර මනාපයි. හේතුව පෞද්ගලික පහර ගැසීම් නැතිවීම.. මක්සිලා එකෙක් නෙමෙයි නේ අනන්තවත් ඉන්නවා.. ඉතින් උනුත් ඉන්න ඕන. අපිත් ඉන්න ඕන.. හැබයි වැදගත් ලෙස සංවාදයෙන්.. තර්ජන ගර්ජන වලින් නෙමෙයි..

      Delete
    2. //""මාධ්‍යකරණය හා දේශපාළණය කියන දෙකේම බොහෝම ඉවසලිමත් වෙන්න ඕන""// අන්න එක තේරුම් ගන්න අද මාධ්‍යවෙදීන්ටත් ,දේශපාලකයන්ටත් කියන දෙගොල්ලනටම බැරිවෙලා තියෙනවා. මකසිගේ මමත් දකින හොඳ ගුණය තමයි ,කොච්චර කෙන්තිගියත් පෞද්ගලිකත්වය ඇදගන්නේ නැති එක .

      Delete
    3. මහා කළු සිංහලය කියන්නේ තමන්ගේ මතවාදය හැකි අයුරින් ඉදිරිපත් කරන කෙනෙක්. මරා ගන්නේ නැතුව සංවාද කරනවානම් විරුද්ධ මත හප්පුනම හොඳ එක මතුවෙයි. දයලෙක්තිකය කියන්නේ ඒකට.
      මාතලන් අන්තිමට එනකම්ම තේරුනේ නැහැ කියන්න ගියේ මොකක්ද කියල. සුපර්බ්. අපට කතන්දරකාරය මිස් වුනේ කොහොමද කියල කල්පනා කලේ. මාත් කියවනවා ඉස්සර.

      Delete
    4. මම මරා ගන්න එන්නේ නැහැ මරාට චන්දෙ දෙනවා. චන්ද්‍රිකා, රනිල්, TNA සහ රට බෙදන අනෙක් සෙට් එක පස්සෙන් නොහිටියා නම් සිරිසේන ගැනත් සලකා බලන්න තිබුනා.

      මම දාන්න ඉඳපු ලින්ක් එකක් උබ දාපු එකට ස්තුතියි ඉවාන්.

      මාතලන් වගේ විවේචන ඉවසන්නට විචාරක මහතා අසමත් වීම ගැන නම් මට දුකයි.

      Delete
    5. මුහුණු පොතේ මගේ නමින් සිටින්නේ වෙන කෙනෙක් බව කරුණාවෙන් සලකන්න. සමහර උන් මට බනින්නේ ඌ කියලා හිතලා

      Delete
    6. විවේචන ඉවසන්න මට හොඳට පුළුවන්. නමුත් අපහාස ඉවසන්නේ නැහැ. විවේචනය සහ අපහාසය අතර වෙනස නොදන්නා අබ්බ ගොබයන් ගැන කනගාටු වෙනවා. තමන්ගේ ලිපි ගැන කියා කියා බ්ලොග් අඩවි ගානේ යන යාචකයන්ට අනුකම්පා කරනවා.

      Delete
    7. යම් ලිපියක මාතෘකා වට සම්බන්ද දෙයක් හෝ එම ලිපිය කියවන්නාට දැනම් දිය යුතු කාලීන වැදගත් කමක් ඇති දෙයක් සහිත ලින්ක් එකක් කමෙන්ට් එකකට දැමීම ස්පෑම් කිරීමක් නොවේ. රුපවාහිනීය බලන විට බලන දෙයට කිසිම සම්බන්දයක් නැති වෙළඳ දැන්වීම් දැමීමට වඩා මම කරන දෙය නිවැරැදියි. ස්පෑම් සහ ස්පෑම් නොවන ලින්ක් හඳුනා ගත නොහැකි ඔබට ගොබ්බයා කියා මට කියන්න හිතෙන්නේ නැත්තේ ඔබට මගේ ඇති ගරු කිරීම තවමත් ඇති බැවිනි.

      මගේ ලිපියේ පැහැදිලිව පෙන්වන්නේ පිළිගත හැකි කිසම සාක්ෂියක් රහිතව ලියන ලද ඔබගේ එම ලිපිය සම්පුර්ණයෙන්ම රජයට විරුද්දව ඔබ පතුරවන ලද මඩ කතාවක් බවයි. ඔබ කියන්නේ වැඩිදුර තොරතුරු කිව නොහැක්කේ ජීවිත අවධානම නිසා බවයි. මහින්දට විරුද්ද අදහස් මර්ධනය කරන්නෙක් නොවේ. පුවත් පත්වල ,රුපවාහිනීයේ සහ බ්ලොග් වල ඔහුට විරුද්දව ලිපි පලවෙන්නේ මාධ්‍ය නිදහස ඇති නිසාය.ඔබ ඉහත ලිපිය මගින් මාධ්‍ය මර්ධන භීතිකාවක් පාවා සමාජ ගත කරන්න උත්සාහ කරයි. ඔබට සාධක තියෙනවා නම් ඔබ කියන දෙය නිර්නාමිකව හෝ ජාතික මාධ්‍යකට දෙන්න ඔවුන් ප්‍රචාරය නොකරයි නම් නිර්නාමිකව වෙන බ්ලොග් වල කමෙන්ට් වල හෝ එම කරුණු දමන්න. එසේ නොමැතිව ඔබ හැසිරුණු විදිය ලැජ්ජාවට කරුණකි. ඔබගේ දේශප්‍රේමය පමණක් නොව මහත්මා කමද රෙද්ද පල්ලෙන් බේරෙනවා අපිට පෙනේ. බුදු පිළිම හැදුවට බුදුදහම කියවුවාට ඔබගේ දැක්ම බොළඳ බව පැහැදිලිවම ඔබ කමෙන්ට් වලින් සහ ඉහත සඳහන් ලිපියෙන් පෙනේ.

      විවේචන සහ අපාහස අතර ඇත්තේ සුළු වෙනසකි ඔබට කරන විවේචනය ඔබට අපාහසයක් ලෙස පෙනෙන්නේ ඔබගේ චින්තනය පටු බැවිනි. කරුණාකර හ්රදසාක්ෂියට එකඟව මගේ ලිපියේ විවේචනය නැවත කියවන්න. විවේචනය සහ අපාහසය අඳුනාගත නොහැකි ඔබට මම ගොබ්බයා කියා නොකියමි.

      Delete
  2. විධායක බලතල තිබේනම් ටෙනිසන් කුරේත් රට පාලනය කරයිලූ.........
    කළ ගුණ සලකන්නේ නැති තරමින් සාරධර්ම විනාශ කළ හෝ කරන රටක පාලකයාට කෙසේ කළගුණ සලකන්නද.................
    අහෝ......... ලැම්බෝගිණි ටිකත් ගුවන්ගත කළාලු නේද..............

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ සෝභිත හාමුදුරුවෝ නිර්මාල්ලා කියාපු වෙනස නම් නෙවෙයි ඇති වෙන්න යන්නේ.. ඊට හපන් මළ විකාරයක් වගේ දැනට නම් පෙනෙන්නේ...

      Delete
    2. ඔවු එහෙම බියකුත් දැනෙනවා.
      එකනේ අපි චරිත සහතික දුන්නේ නැත්තේ.

      Delete
    3. මාතලන් නැවත හීන් නූලනේ මරාගන්න කඩේ යන පාටයි...

      Delete
    4. ඔල්ඩ් මේජර් ලා, නැපොලියන් ලා, ස්ක්වීලර් ලා, ස්නෝ බෝල් ලා, බොක්සර් ලා ඔක්කොම එකතු වෙලා...

      අන්තිමට කොහෙන් නවතීවිද??

      Delete
    5. චරිත සහතික නොදුන්න උන්දැලාට දුමින්ද නාගමුව චන්ද ලක්සෙ පැනල ගත්තාම ශ්‍රි ලාන්කීය දෙශපාලනේ මරන සහතිකය නම් ලැබෙනවාමයි

      Delete
    6. දුමින්ද නාගමුව ඡන්ද 5000 ක් ගත්තොත් මම බ්ලොග් ලිවිල්ල නවත්තනවා...

      Delete
    7. // න්ද නාගමුව ඡන්ද 5000 ක් ගත්තාත් මම ලාග් ලිල්ල නවත්තනවා...//
      එච්චර අවදානමක් ගන්න එපා!

      Delete
    8. //දුමින්ද නාගමුව ඡන්ද 5000 ක් ගත්තොත් මම බ්ලොග් ලිවිල්ල නවත්තනවා...//

      ඒ් අවධානම ගන්න ඒපා. සමාන්‍යෙයන් වැරැදී වැටෙන ඡන්ද බොහෝ තියෙනවා.
      2010 ජනාධිපතිවරණ ය - මේ ප්‍රතිඵල බලන්න.

      Delete
    9. එහෙනම් ඕන් උඹලා දෙන්නා නිසාම අගට තව බින්දුවක් එකතු කළා... දැන් අවුලක් නෑ නේ.. අනික එකතු කළේ බින්දුවක්නේ...

      Delete
    10. නාගමුව ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් ගනීවි යයි මගේ තක්සේරුවක් ඇත.

      Delete
    11. //දුමින්ද නාගමුව ඡන්ද 5000 ක් ගත්තොත් මම බ්ලොග් ලිවිල්ල නවත්තනවා...//

      //එහෙනම් ඕන් උඹලා දෙන්නා නිසාම අගට තව බින්දුවක් එකතු කළා... දැන් අවුලක් නෑ නේ.. අනික එකතු කළේ බින්දුවක්නේ...//

      Hmmm final few days of Maathalan's blog.

      මාලුවා නසින්නේ බිලී කොක්කේ අග අමුනා ඇති පනුවා නිසාය...

      දුමින්ද සහොදරයා චන්ද 5000 ට වඩා ගැනීම සහතිකය..... මාතලන්.... බයි බායි කියන්න මට දුකයි....

      Delete
  3. 'දේශපාලනෙ නැති' හරි අපූරු ලිපියක් කියෙව්වා.. හැක් හැක්.. වීරයා කොහොමද බ්ලැක් මේල් කරන්න හැදුවේ.. නැන්ද ලිඳේ ඉන්නකොට හරි පුංචිගෙ අර්ධ පටාචාර රංගනය හරි මූ වීඩියෝ කරලද? හැක් හැක්.. අර කිව්වත් වගේ 'දේශපාලනේ නැති' නිසා පට්ට රහයි.. කළගුණ සළකලා නම් ඇතිවෙලා තියෙන්නේ. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. වසරේ හොඳම බ්ලොගේ නිර්මාතෘ වරයාට සුභ පැතුම්! ඒක අමතකවෙනෝ තව පොඩ්ඩෙං.. තෑගි ප්‍රධානෝත්සවේදී වත් සෙට් වෙමු.. අර දෙවෙනි විනෝදාංසෙට.

      Delete
    2. මාත් එනකං හිටපියව් ඩිංගක් !!! :D

      Delete
    3. බොහෝම ස්තූතියි... මේ බ්ලෑක් මේල් කිරිල්ල මහා අපරාධයක්..

      Delete
  4. මර්වින් මහත්තයා එදා සිල් අරන් ඉන්න ඇත්තෙ ෂුවර් එකටම. නැත්නම් එතුම නම් ඔය වගේ වැඩ වලට සුප්ප. හිටිය නම් තොරණ හන්දියෙ හෝල්ට් එක ළඟ තියෙන කොට්ටම්බ හහේ තමයි ඌව ගැට ගහන්නෙ. පොලිටික්ස් කොච්චර නීරස වුනත් මේ වගේ චොකලට් කෑල්ලක දවටලා දෙන කොට හරි රසයි.

    ReplyDelete
    Replies
    1. කැළණියේ උන්ට නම් මර්විනුත් ළොකු නෑ.. දැක්කා නේ බව්වා වෙලා නෝන්ඩි වෙලාම ගියේ.. හැබයි අද ඉන්න උන් ටික නම් එයාටත් අන්ත රස්තියාදුකාරයෝ සෙට් එකක්.. උන් විතරක් නෙමෙයි, මුළු ලංකාවෙම එහෙමයි...

      Delete
  5. මුගුරක් ඇවැසි තැන මුගුරක් ගෙන නැඟෙනු
    කඩුවක් ඇවැසි තැන කඩුවක් ගෙන කොටනු
    සංග්රාමයට නවගුණවැල ගෙන නොයනු
    සංග්රාමයෙන් පසු නවගුණවැල ගනිනු!!!

    ReplyDelete
    Replies
    1. ඒ වැඩේට නම් තව සෑහෙන කාළයක් යයි...

      Delete
  6. APE LOKU APPACHCHITH OYA WAGEMAYA .... IDAMA BERA GATTA KIYA APENMA KAPPAMA ILLAYI.

    ReplyDelete
    Replies
    1. ඒ මදිවට අපේ ඉඩමටත් කෙලිනවා නේ...

      Delete
  7. ගෙදර නිදහසේ ඉන්ට ඉඩ සලස්වා දීමත් එක්තරා විධියක කලගුණ සැලකීමක්

    ReplyDelete
    Replies
    1. ඔවු විශ්‍රාම දිවිය අර්තවත් කරමු.

      Delete
    2. කොටි බිය වෙනුවට දැන් තියෙන්නේ මර බිය..

      Delete
  8. අළුත්ම උපහැරණේ....."වේස පාලනය නැති මාතලන්ගේ පෝස්ටු වගේ".
    ජය වේවා......

    ReplyDelete
    Replies
    1. අපි සියල්ලෝම දේශපාළණ සත්වයෝ වන්නේය...

      Delete
  9. හොඳ වෙලාවට නැන්ද කිව්වෙ නැත්තෙ " කොයිතරම් වැරදි තිබුණත් එයාට තේජස තියනවනෙ" කියල

    ReplyDelete
    Replies
    1. අනේ නිකං යන්ඩ ප්‍රා … :D

      මම නං කියන්නෙ හරියටම හරියන කෙනා තමා නැදුන්ගමුවෙ රාජා … හප්පා බලන්ඩෙපෑ පෙරහැරේ යද්දි තියන රැෂ්පොට් එක. තේජස වැක්කෙරෙනවා . ඕ යේස් !!!

      Delete
    2. ඇත්තටම PM ? කකුල් කීයද?

      ඒක නෙමෙයි නැදුන්ගමුවේ රාජා මලා නේද? වෙන සමහර පංසල් වල ඉන්න සත්තුන්ගේ කුමණ්ත්‍රනයකින් කියනව නේද? ඔය ඉතාලිය වගේ රටවල පන්සල්වලින් බලපෑම තිබුනද? :-D

      Delete
    3. කකුල් පහයි නෙවැ.. මූලික සුදුසුකම ඉහටත් උඩිං !! කුලෙත් හරි … සද්ධන්ත . තව ඕනැනං ආචාර කරන්ඩත් දන්නවා ටොපටම :D

      ඔය ඉතාලිය වගේ බටහිර රටවල් වල කුමන්ත්‍රණේකිං තමා මලේ.,වැඩේ ඇත්ත.. ඩොලර් ඕං කොච්චරද මන්දා කොන්තරාත් එක ..හරියට විස්තරේ දන්නෙ ගලබොඩ අත්තෙ සෑර් ..මට ඔය ලොකු ඉලක්කං හරියට කියවෙන්නෙ නෑ පැටලෙනවා ..හැක්

      අපරාදෙ රාජ්‍ය ගෞරව සහිතව භූමදාන වෙන්ඩ තිබුණ චෑන්ස් එක තව ටික දොහක් අල්ලල හිටියනං

      Delete
    4. කතරගම දේවාලෙ නං එකෙක් ඉන්නවා … හැබැයි ඌ තාම පැටියා :D චැහ් .

      Delete
    5. හොඳ වෙලාවට නැන්දා බහ දීලා, ඌ කසාද බැඳලා උන්නේ... නැත්නම් මළමගුලක් වෙනවා.. ඌ ඒ වැඩේට තමයී ඊළඟට එන්න ලෑස්ති උනේ.. බැරි උනා නම් රේප් කරයි..

      Delete
    6. දල දෙක වෙනුවට උඩ රැවුලක් තියන එකෙක් නැද්ද?

      මං දැනගත්තා බටහිර කුමණ්ත්‍රනයකින් වෙන්න ඇති කියල. ඒ පංසලේ රිලවෙක් හිටියනම් දිවි හිමියෙන් ආරක්ශාකොරල දෙනවනෙ.
      (මේ ෂ් ෂ් ෂ් ඔය ඉතාලියෙ හෝටල් , නීති වගේ කරන අයත් ඔව්වට හවුල්ලු නේ)

      ටිකක් වැඩියෙන් කමෙන්ට් දාන්නකො PM පොලිටිකල් බ්ලොග්වල. ගොඩක් අය හරි සැරයි . ඉස්සර කැකුන වගේ බෑ. අම්මෝ මටත් ලඟදි මෙහෙ කළු යාලුවෙක් බැන්න තව කතාකරන්න එපා මෝඩකම පෙනෙයි කියල. ඒත් ඉතින් අපිට පෙන්නන්න තේජසකුත් නැති නිසා මෝඩකමවත් පෙන්නන්න පාර්ට්නර්කෙනෙක් හොයනව

      Delete
    7. ඇඟ පුරා විතරක් නෙමෙයි මයිල් වලත් මොළේ තියෙන උන් එක්ක ගැටෙන්නේ බලාගෙන ප්‍රා...

      Delete
    8. අපොයි ගැටුමක් නෑ. මට වීරයොත් නෑ. කුමණ්ත්‍රන පේන්නෙත් නෑ. දේශපාලන පක්ශයකුත් නෑ.
      හැමදාම එක්කො විපක්ශයට (UNP, PA, UPFA රජයන්ට විරූද්ධව) චන්දෙ දීල තියනව (JVPඑකට හෝ සමාජවාදී හෝ ජාති ආගම්වාදී පක්ශවලට නෙමෙයි)

      එහෙම නැත්තම් චන්දෙ දෙන්න නොගිහින් ඉඳල තියනව.

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. Pra j,
      හැමදාම කැකුන තලන්න බෑ. නීමොලර් තියරිය අනුව අවසානයේ තමා වෙතටත් එනව. ;-)

      Delete
    11. ප්‍රා මචෝ
      මොකාද බොල මගෙ පාට්නර්ට් බැන්නේ :D චැහ් .අපේ කැකුණ ඩීල් එකත් ආලපාලු වෙලා ගියා නෙවැ... සැරයි නේන්නං අම්මෝ වස ..අපිට දැනුං තේරුං මදිවෙච්චි දෙන දෙයක් කාල ඉම්මු :D
      . ඔය හෝටල් වල ඉන්න උං නං අහිංසකයිලු.. කන්සල්ටිං කරන කස්ටිය තමා සේරම ඕව කරන්නේ ..හැක් .

      Delete
    12. ප්‍රා ජේ කිවම මම හිතන් හිටියේ ඇත්තටම වෙන කෙනෙක් ගැන. පස්සෙයි දැන ගත්තේ.

      Delete
    13. මට බ්ලොග් කියවන්න හම්බ වුනේ නෑ අද. කොහෙද මම රවුම් ගහලා ගෙදර ආවේ දැන් නේ.
      ප්‍රා ටයි පත්තරේ ටයි මොනවා හරි ඕන වෙලා වගේ නේද?
      ඔය අලියෝ ඉන්නවා නේ? එයාලා බොහොම අහිංසක සත්තු. මිනිස්සු නම් කතා කියනවා ඇති. ඒ වුනාට ඒවා බොරු. අලියෝ කාටවත් කරදර කරන්නේ නෑ නේ. ඒ වුනාට ගාම්භීර පාට් එකෙන් ඉන්නවා. මම නම් අලියෙක් නෙමෙයි හරි ;)

      Delete
    14. ඔව් ඔව් ඔය බුරු, අලි වගේ සත්තු එකතුවෙලා පත්තර විරෝදී කැම්පේන් එකක් කරන්නවෙයි

      Delete
    15. බූරු කියන එකනං මැචින් :D ඔව් අලිය කියන එකත් නරකම නෑ . හැක්

      Delete
    16. අහිංසක බුරු බබාට අපහාස කිරීම හේතුවෙන් බොලාව මහින්දගේ ආණ්ඩුවේ දඬුවම් ලබා දෙමි. ) මෙන මොකුත් නෑ)

      Delete
  10. අනේ අම්මප මූට මේ මිනිහ නැතුව හුස්ම ගන්නවත් බැරි හැටි හැබෑට.ගමේ රස කතාවක් කියල හිතං කියෝගෙන ආව මදැයි.

    ReplyDelete
    Replies
    1. නෑ ඒ මිනිහා නැවතත් හිටියොත් තමා මාතලංට වාගේම අපි හැමෝටමත් හුසුම ගන්න අපහසු.

      Delete
    2. උඹ හින්දම ගමේ කතාවක් ලිව්වා.. ඒකත් මේ යක්කු දේශපාළනේට හරවගෙන.. මං මක් කොරන්නද හැලපේ...

      Delete
    3. ඔව් මේ අපි හරවගෙන , මෙයා ලියලා නෑ :P

      Delete
  11. උඹ එදා පේස්බුක් ගැන කිව්වම මතක් උනේ, ඩැන් ඉන්න එවුන්ට එහා පැත්තෙන් චට් එක එනකල් ඉවසිල්ලක් නෑ. ඒ කාලෙ ලියුමක් එන්නත් සතියක් යනව.

    වීරයො උනත් ටික කලක් හිටියම ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ කාළේ ලව් එක හරි ස්ලෝ නේ අනේ... ඒ නිසා මැරේජ් එකත් ස්ලෝ එකේ ගියා.. අද ලව් එකත් ඉන්ස්ටන්ට්.. ඩිවෝස් එකත් ඉන්ස්ටන්ට්.. ඇයි බං පැය 24 ම ලව් කරලා.. බැන්දයින් පස්සේ කොරන්න කෙහෙල්මලක් නෑ නේ..

      Delete
  12. Congratulations on නෙලුම් යායෙ blog award

    ReplyDelete
  13. දේශපාලන ලිපියක් නොමෙයි කිව්වාහම මම කියවන එක නවත්තන්නයි හැදුවෙ. හොද වෙලාවට ඉතිරි ටිකත් කියෙව්වා.

    අම්මපා.. මේ ප්‍රධාන අපේක්ශකයන් දෙන්නගේ දැන්වීම් හදන උන් එකෙක් ලගවත් මේ නිර්මාණශීලිත්වය නැති හැටි. උන් හදන ඇඩ් හරියට නිකන් අමුවෙන් කසිප්පු බොනව වගේ.

    ReplyDelete
    Replies
    1. හරක්ට පුන්නක්කු දෙනවා මිසක් ෆ්‍රයිඩ් රයිස් දෙන්නෙ නෑ නේ...

      Delete
    2. //හරක්ට පුන්නක්කු දෙනවා මිසක් ෆ්‍රයිඩ් රයිස් දෙන්නෙ නෑ නේ...//

      සටිපිකේට් ඇත්ත. ඒ වුනාට දෙන පුන්නක්කු ටිකෙත් අම්බානකට මඩ.

      Delete
    3. මඩ ඇත්ත සේ දකින්නේ හරක්ම තමයි.

      Delete
    4. ඔන්න අවා ඉතින් !!!

      Delete
  14. මොකද මාතලන් මගේ බ්ලොග් එක සින්ඩියෙන් අයින් කළේ.???
    :/

    ReplyDelete
    Replies
    1. මාස දෙකක් නොලිව්වොත් බඩුම තමයි.. ආයේ මේල් එකක් දාන්න...

      Delete
    2. හුටා මගෙත් දෙක පැනලා

      Delete
    3. ටක් ගාලා ඇතුලට දාගනින්... කවුරු හරි දකින්න කලින්...

      Delete
    4. මොන මේල්ද හලෝ
      දානවා සින්ඩියට

      Delete
    5. ආන් එහෙම කියන්න එපාය..
      ඕන් දැම්මා මළ වදේ....

      Delete
    6. අම්මට සිරි ඒකත් එහෙමද

      Delete
  15. කාලගෝල
    දික්තලා
    දික්පිටි

    ReplyDelete
    Replies
    1. පාන් පිටි, කුරක්කන් පිටි...

      Delete
    2. අබ පිටි වෙනුවට අබ පේස්ට්


      තව සතියකින් 4 වෙනි තට්ටුවට ගෙනියයිද දිප්පිටි ඇමති තුමා
      :D :D

      Delete
  16. My congrats!!!

    අර කතාවෙ මොරාල් එකනං අපිට තේරුන්නෑ හොඳේ.

    ReplyDelete
    Replies
    1. තැන්කූ... එහෙනම් ඉතින් අවුලක් නෑ.. නැන්දගෙ කතාවක් නේ.. ඕන් මාමගේ කතාවක් නම් පොඩ්ඩක් අවුල් වෙන්න තිබුනා...

      Delete
  17. මුලින් ම උඹට සුබ පැතුම් අර සම්මානය ගත්තාට... ඒකේ දෙකක් නැහැ උඹ තමයි සුදුස්සා....

    මාතා මේ දේශපාලනික කතා සමග අපි ඒකට හිටගන්නවා කියලා උඹ හොදට ම දන්නවා... ඒ වගේ ම මේ අැති වෙලා තියෙන සවිඥානික බ්ලොග් සමාජය ගැනත් අපිට හරිම සතුටුයි... මේක තමයි වෙන්න ඔ්නේ මාතා...... ඒ අතර ඔබේ හඩ නින්නාද දෙනවා මචං............... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කයි පද බඳින රෙජිමයට... අපි මේක කොහොම හරි ඉදිරියට ගෙනියන්න ඕන.. මොකෝ.. මේකේ උන් බුකියට ඇබ්බැහිවීම මහා කරුමයක්.. ඒ නිසා හොඳ උන් සෙට් එකක්ම අපිට නැති උනා..

      Delete
  18. අපේ ගෙවල් ලඟ නංගි කෙනෙකුටත් ඔයවැඩේම උනා. නංගි ළිදේ ගමේ කට්ටියම ළිඳවටේ එක එක උපදෙස් පු‍ටුවක් ළිඳට බස්සල ඇදල ගන්න. ඉනිමගක් බස්සන්න. තව එක එක උපදෙස් හැබැයි ලිඳට බහින්න කවුරුවත් නැහැ. දැන් නංගි ගිලෙන්නත් ලඟයි. ඔන්න එක පාරටම පැනපි එකෙක් ළිඳට, තව පොඩ්ඩෙන් ඌ පනින්නෙත් නංගිගෙ ඇඟ උඩට, කොහොමහරි දෙන්නම ළිඳේ, නංගි යන්තම් මුලක එල්ලිල නංගිගෙ ඇඟේ මූ එල්ලිලා.වෙලාවට මට මතක් උනා අපේ ගෙදර ඉනි මං කෙටියක් තියෙනව නේද කියල.උස්සගෙන ඇවිත් දැම්ම ලිඳට , මල කෙලියයි මේක කොටයි. කොට උනාට කමක් නැහැ නංගියෙ ඉනිමග දිගේ වරෙන් අපි උඹව කොහොමහරි බේරගන්නම් කියල කිව්ව. මොකද ළිඳ ඇතුලෙදිත් ළිඳට පැනපු එකාගෙ වැඩ පිලිවෙල මට ඇල්ලුවෙ නැහැ. මේකිත් කොහොමහරි බඩගාගෙන ඉනිමගේ උඩ පෙල්ලටම ආපි . අපි දෙන්නෙක්ම අත්දෙක දාල නංගිව තෙමිච්ච සරුංගලයක් වගේ උඩට ඇදල ගත්ත.අරූ තාම ලිඳ ඇතුලෙ.ඌ ළිඳ ඇතුලෙ ඉඳගෙනත් හෙන කයිය. මම තමයි කෙල්ලව බේරගත්තෙ. මම නැත්තං කෙල්ලව මැරෙනව. ඔයවගේ තව තව කතා. මට මුගෙ කතාවලට මල පැන්න ඇයි යකෝ කෙල්ලව බේරගන්න සැලසුම් මෙහෙයුම් මගෙ. කයිය උගෙ. ළිඳට පැනපු එකානෙ කියල බොහොම අමාරුවෙන් හරකෙක් වගේ මූවත් ගොඩට ඇදල ගත්ත. ගොඩට ආපු වෙලාවෙ ඉඳල පපුවත් ඉස්සරහට දාගෙන බුරුසු ‍රැවුලත් පිහිදදා එක එක ජාති ඉල්ලනව. මුලින්ම තුවායක් ඉල්ලුව ඒක දුන්න .ඊට පස්සෙ සරම ඉරිල කියල සරමක් ඉල්ලුව අලුත්ම සරමක් දුන්න. ඊට පස්සෙ මූව පු‍ටුවක ඉන්දවල කිරි තේ දිල බඩපැලෙන්න කන්නත් දුන්න. ඒත් මුගෙ යන පාටක් නැහැ දිගටම කයිය. ඔන්නබොලේ මෙතෙන්ට පත්තරකාරයෙකුයි, ටී.වී කාරයෙකුයි කඩන් පැනපි. එහෙන් පොටෝ අල්ලනව මෙහෙන් පොටෝ අල්ලනව එක වැඩයි.ඒ අස්සෙ වොයිස් කට් ගන්නවමෙන්න මෙහෙම "පාතාලයක්වගේ ලිඳකට පැනල ජීවිතයක් බේරගත්ත වීරය, ඔබට ජාතියේ ප්‍රනාමය හිමිවෙන්න ඕනැ."ඔය වගේ එක එක කතා, අපේ වීරයත් එකසිය ගානට දෙනව.මුං දෙන්නවම ගොඩගත්ත අපි නරඹන්නො උනා.
    මටත් ඉවසන්න බැරිම තැන මම හෙමින් මු ලඟට ගිහින් ඇහුව ඇත්තටම උඹ ළිඳට පැන්නද නැත්නම් උඹව කවුරුහරි ළිඳට තල්ලු කරාද කියල, මූ මුගෙ බුරුසු ‍රැවුල කරකවල, ඇස්ගෙඩි දෙක ඔරවල මට කියනව " ‍තෝ ජේ.වී.පී කාරයෙක්වගේ හැම මගුලෙම ඇඟිලි ගහනවනෙ යකෝ" කියල.

    ReplyDelete
    Replies
    1. හා හා .....පොස්ටුවකට හොඳ කතාවක් ඒකත්.

      Delete
    2. උඹ බ්ලොග් නොලියන එකෙක් නම්, වහාම ලියන්න පටන් ගනින්.. අපූරූ කොමෙන්ට් එක...

      Delete
  19. අර, කළගුණ මොබයිල් පැකේජ් එකටත් මේ වගේ සලකන්ඩ ඇත්නම් මරු.

    ReplyDelete
    Replies
    1. දෙන තරමක් දුන්නේ ගුලි... දැන් දෙන්නේ කුමන්ත්‍රණ ගුලිය...

      Delete
  20. Kalaguna salakeema Wathawak,wedima wathadekak kalama ethi,Eeta wedi unama lede.(Ranjan)

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ කළ හොඳ පස්සෙන් එලවනවාය...

      Delete
  21. අම්මප මැක්කගේ කතාව වගේ ඒකත් දේසපාලනෙම්මද කොහෙද ඉවර උනේ.

    සුබ නව වසරක් මාතලන් අයියණ්ඩී..

    ReplyDelete
    Replies
    1. උඹටත් එසේම වේවා...!!!
      පිස්සුද බං අපේ වත්තේ කතාවක්...

      Delete
  22. අඩ්ඩඩ්ඩා.. සම්මානයක් හම්බෙලා නේද... සුබ පැතුම් මාතලන් අයියණ්ඩිට... ලැබිය යුතුම සම්මානයක්..

    ReplyDelete
    Replies
    1. උඹ කැන්වසින් ගියාද ?

      Delete
    2. බොහෝම ස්තූතියි... මොකෑ බං උඹට උනේ.. ෆොරින් ටුවර් එකක් වත් ගියාද...?

      Delete
  23. මාතලන් අතින් ලියවුනු, දේශපාලනය හතර මායිමට වැද්ද ගෙන නැති අති විශිෂ්ට බ්ලොග් කතාවක්.

    ------------
    මාතලන් ඔයිට ගොඩක් සමාන සිද්ධියක් සිද්ද වෙලා තියෙනවා ඉල්ලන්කාවේ.
    මට මතක හැටියට 2009-2010 වගේ කාලෙදී...

    පොඩ්ඩක් හොයල බැලුවනම් මොකෝ වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. සම්මානයක් ලබල තියෙනවා කියල දැක්කා..

      විභීෂණ ගේ උණුසුම් උණුසුම් උණුසුම්ම සුබ පැතුම්....

      Delete
    2. ස්තූතියි මචෝ... දැන් උඹලා ඉන්න නිසා අපි නොලිව්වත් අවුලක් නෑ...

      Delete
  24. මාතලන් අයියට නෙළුම් යාය සහෘද සමුහයෙන් ලැබුණු සම්මානයට උණුසුම් සුභ පැතුම් මගෙනුත්. මේ කතාවත් සුපිරි. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනා.....

      Delete
  25. Mathalan lebuna sammanayata subapethum.(Ranjan)

    ReplyDelete
  26. මං කැමතිම කෑල්ල මෙන්න!

    /* මේ පිළිබඳ ළිඳ ළඟ සංගමය කොමිසම නමින් කොමිසමකද පත් කල අතර. ඒ වාර්ථාව නම් අද වෙනකන් ලැබුනේත් නැතිය. */

    ReplyDelete
    Replies
    1. මාත් මාර ආසයි මේ කොමිසොන් වලට.. මම බලයට ආවෝත් කොමිසන් ගැන හොයන්න කොමිසම් හත අටක් පත් කරනවා...

      Delete
  27. වීරයාට දෙපාරක් කප්පම් දුන්නාම හොඳටෝම ඇති. තුන්වෙනි පාරටත් ආවාම ඉතිං සොරි ඩොට් කොම් තමයි.

    ReplyDelete
    Replies
    1. ඔච්චර දුර බැහරක ඉදං වීරයාට නෙලන්න ලෑස්ති වෙන්නෙ ලියාපදින්චි තැපෑලෙන් ද?

      අපි නම් සිරි ලන්කාවෙ ඉන්නෙ....මේ පාරත් වීරයාට කප්පම් දෙන්නයි බලං ඉන්නෙ......

      ඔච්චර වීරයා ව අප්‍රිය වෙලා නම් ලන්කාවට අවිත් ෆේස් ටු ෆේස් ගේමක් දෙන්න චන්දෙ දාන්න එපායැ....

      Delete
    2. ඔව් ඉතින් අපි එයාට කළගුණ සැලකුවට.. එයා අපිට එහෙම සැලකුවේ නෑ නේ..

      Delete
  28. සම්මානයට සුබ පැතුම් ..
    රොකට් රොහණිට වුනේ මක්කෙයි .

    ReplyDelete
    Replies
    1. ඡන්දෙන් පස්සෙ රෝහිණි අක්කා එයි...

      Delete
  29. මුලින්ම ඔබතුමාට ලැබුන සම්මානය ගැන මගේ සුබ පැතුම්
    මේ ලිපියේ වතු ආශ්‍රිත ජනතාවගේ ප්‍රචන්ඩ හැසිරීම හා අපචාර වලට නැඹුරුතාව ගැන කොටසක් තිබුනා.ඒ ගැන මගෙ අදහසක් කියන්න හිතුන.
    රටේ අපරාධවලට වැඩියෙන් දායක වන විශේෂ ප්‍රදේශ තිබෙනව.මේ ප්‍රදේශවල ජීවත්වන ජනයා දකුනේ විවිධ ප්‍රදේශවලින් ආ අය.
    අපරාධ සහ ජාන අතර කිට්ටු සම්බන්දතාවක් තිබෙන බව සමහර විද්වතුන් කියනව.අන්තිම ඡේද වල රස කර කර කියන ප්‍රචන්ඩ හැසිරීම ඔය ප්‍රදේශවලට ආවේණිකයි.වීරත්වයක් ලෙස අර්ථ දැක්වෙන්නෙ ඔය ගෝත්‍රික සටන්කාමීත්වයයි. මේ මිනිසුන් කවුද?
    සංක්‍රමන ගැන බලන විට සංක්‍රමනය වී ඇත්තේ තමන් උපන් ප්‍රදේශයේ පදනමක් නැති අයයි.බ්‍රිතාන්‍යයෙන් පලාගිය පියුරිටන් වරු (වන්දනාකාර පියවරු ) ,ඕස්ට්‍රේලියාවේ පදිංචි වූ බ්‍රිතාන්‍ය අපරාධකරුවන් මීට හොඳම උදාහරනයි.
    ලංකාවෙත් බොරැල්ල වනාතමුල්ල වැනි ප්‍රදේශවල ජනයාගේත් සම්භවය ගත්තම ඒ අය ඇවිත් තිබෙන්නෙ දකුනෙත් ඉතාම සාටර් පැතිවලින් බව පේනව.දකුනෙත් ඉතාම සාටර් පැති වලට මේ මිනිසුන් ආවේ කෙසේද යන්නත් විමසිය යුතුයි.සමහර ගම් තිබෙනවාලු ඒ ගම්වල මිනිසුන්ට වලියක් දවසකට ඕනමලු.වචනෙ වරදුනත් කඩු පොලු අරන් එනවලු.මේ අය විශේෂ කාර්යයන් සඳහා මෙරටට ගෙන්වූ ඉන්දියානු ගෝත්‍ර බව පේනව.කවුරුත් මේ ගැන කතා කරන්නෙ නැහැ.සමාජමය කරුනක් නිසා.

    මේ විශය ගැන මුලින්ම පර්යේශන කළේ නාසි ජර්මනියෙ.හෙයින්‍රික් හිම්ලර් මේ සදහා පර්යේශන මධ්‍යස්ථානයක් පවා පවත්වාගෙන ගියා.ඔහු ට වුවමනා වුනේ යුදෙව්වන් හා රෝමාවරු වැනි අය අපරාධ සහ සිෆිලිස් වැනි සමාජ රෝග අතර සම්බන්ධය පෙන්වන්නයි.
    පසුව ඉතාලි විද්‍යාඥයන් ගුරුකුලයක් ලෙස මෙය ඉදිරියට ගෙන ගියා.සැමුවෙල් හන්ටින්ටන්, චාල්ස් මුරේ ආදී ඇමරිකානු විද්‍යාඥයන් දෙදෙනෙක් මෑතකදීත් මෙම විශයට ආලෝකයක් දෙන්න හැදුවත් ඊට සමාජ විරෝධයක් ආවේ මෙම පර්යේශන වර්ග සමූලඝාතනවලට හේතු විය හැකි බව කියමිනුයි.නමුත් විද්‍යාවට දේශපාලන බැරියර් දැමීම සාධාරන නැහැ.

    අපරාධ සහ ජාන අතර සම්බන්ධය ට ස්වාභාවික අපරාධකාරී චර්යා දැක්වූ නෙදර්ලන්ත පවුලක් ඇසුරින් පර්යේශන ක් කර තිබුනා.

    ලංකාවේ අපරාධකරුවන් සමාජ දූෂකයන් දෙස බැලූ විට ඔවුන්ගේ ඥාතීන් සහ මීමුත්තන්ද එවැනි චර්යා දක්වා ඇති බව පේනවා.

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ට් එක රටක් වටිනවා... මටත් අවශ්‍ය අපේ රටේ වෙනස් විදියට හිතන මිනිස්සු බ්ලොග් ලියන්න උනන්දු කරවන්න.. ඕනම වෙලාවක මේ වගේ වැදගත් ළිපි ලියලා එවන්න. මාතලන් ඕන වෙලාවක ලෑස්තියි මගේ බ්ලොග් එකේම දාන්න. ඇත්තටම මේක ලංකාව තුලම පරම සත්‍යයක්. වහාම මේ ක්‍රමය දරුණු නීතී රීති මගින් හෝ නැවත්විය යුතුමයි. නැත්නම් සමාජයම පාදඩකරණය වෙනවා.

      Delete
  30. කලු නැන්දයි කලු මාමයි දෙන්නම ලිඳේ වැටුනත් ලබන අට වෙනිදා අපි නම් චන්දෙ දෙන්නේ මහින්ද මමාටයි...

    ReplyDelete
    Replies
    1. උඹ තනි නෑ සා රස.. තව ගොඩාක් ඉන්නවා.. ඒත් මෛත්‍රී දිනනවා...

      Delete
    2. දිනීම පැරදීම My3 ගේ වැඩකි
      මහින්ද මාමාට චන්දය දීම ස ර ස වන මම තුමා ගේ වැඩකි...
      එයට අන් බොහෝ අය එක් වේ නම් මට ගොඩක් හැපී ය.

      Delete
  31. මේකටත් දේශපාලනයෙ ගාවන්න ගියා කියන්නේ උබ හරිම ක්රියෙටිවූ. ඒ වගේම හොඳ වෙලාවට මේක කලින් ලියුවේ නැත්තේ එහෙම නම් මේක දේශපාලනයෙන් තොර වෙනාවා.

    ReplyDelete
    Replies
    1. බලහන් මකසි පවුලේ කතාවක් වත් ලියන්න බෑ නේ බං මේ මිනිස්සු එක්ක...

      Delete
  32. Harima lassana post ekak! Me sare ehemama thamayi kalaguna salakanna wrnne!

    ReplyDelete
    Replies
    1. මේ සැරෙත් කළගුණ සලකන්න ගියොත් එහෙම රටේ උන්ට වහ කන්නයි වෙන්නේ...

      Delete
  33. මචං දැන් නම් පොලිටිකල් කතා ඇති වෙලා වැඩි වෙලා ඕවර් ලෝඩ් වෙලා ඉන්නේ. එහෙව් එකේ ලියපන්කෝ මෙන්න මේ වගේ ගමේ කතා. අපි එනවා එතකොට බොට පාලු මකන්න.

    ඒ උඹට මතකද ඔය ගම් වල ඉස්සර ශුද්ද කරන්නේ මිනිස්සුම එකතු වෙලා. එතකොට මෝටර් හෝස් අනන්මනම් නෑ. අපේ ගමේ පොදු ලිං සුද්ද කරන්න මාත් බට්ටා කාලේ ගිහින් තියෙනවා. ඒවා තිබුනෙත් අපේ කුඹුරේමයි. කොහෙන් හරි මොකක් හරි හොර වැඩක් කරලා ලිඳට බහින්න මාත් ඉස්සර උඩ පනිනවා. කොහෙද ඒ කාලේ බටු ඇටේ වගේ නේ. චාන්ස් එකක් ලැබුනේම නෑ.
    දැන් එහෙම ලිං තිබුනද කියලා අපේ පුතාලා වත් දන්නේ නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. තව අපේ ඉරිදා ඉස්කෝලේ හරි කොහේ හරි අපි කරපු හොඳ වැඩ කරන්න පොතක් තිබ්බා. ඒ කාලේ මම ලිඳ ගාවට කවුරු ආවත් ගිහින් පදිංචි වෙනවා. ඔය වතුර බාල්දියක් එහෙම උස්සලා දීලා ක්‍රෙඩිට් දාගන්න. හොඳ වැඩ පොත මගේ සතියෙන් ඉවරයි. ඒ තරම් හොඳ වැඩ ඒ කාලේ... කතා ගොඩයි අප්පා. නොස්ටල්ජියා...... !!!!!

      Delete
    2. ළිඳ කියන්නේ ගමේ ජීවයක්.. විශේෂයෙන් ඔය වෙල් අයිනේ තිබුන පොදු ළිං...

      Delete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. උඹල මොකටද බං නැන්දව බන්දල නුදුන්නෙ ලිඳෙන් ගත්තු අළුතම? ඒකනෙ මේ සේරම කැටයං. දැන්වත් හොඳ මිනිහෙක් හොයල උන්දැව බන්දල දීහන්.

    ReplyDelete
    Replies
    1. කාළේ හොඳ වෙනකං උන්නේ මාමේ.. ඒ කියන්නේ මේ මෛත්‍රී යුගයක් වගේ යුගයක් එනකන්..

      Delete
  36. I have read couple of your articles. Really interesting. Keep it up. Really appreciate. P.S. Apologies for comment in English. Sinhala typing is difficult.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න