.

.

Mar 15, 2015

මේ විප්ලවයකට කාළයයි...! - Time for Revolution...!

 
සාමාන්නියන් ජොබක් සෙට් උනාම ඒක පර්මනන්ට් ජොබ් එකක් වෙන්නේ, ප්‍රොබෙසොන් කාළේ බොසාලා සැටිස් උනොත් විතරය. ඒ වගේම ඕන තැනක ප්‍රොබේසොන් ඉන්න එකෙක් ඉන්නේ බය බිරන් තට්ටු වෙලාය. ඒ පර්මනන්ට් කරයිදෝ නොකරයිදෝ කියලාය. එහෙම ඉන්න කාළේ හොරකම් කොරන්න හිතන්නේ වත් නැතිය. එයිට පස්සේ පර්මනන්ට් උනත් ඇල්පෙනෙත්තක්, ඒ පෝ පේපොර් එකක් උස්සන්නෙත් කාළයක් ගියාට පස්සේය. පෑනේන් කොල කෑල්ලෙන් පටන් ගන්නා හොරකම වැට් බදු වංචා දක්වා දිග්ගැස්සෙන්නේ එහෙමය. සත පහක් අතේ නැති මදාවි කොල්ලෙක් ආසියාවේ නොම්මර එකේ කෝටිපතියෙක් වන්නේත් එහෙමය. ඒ ජාතියේ දරුවන්ගේ අප්පොච්චී, ජනතාවගේ කැමැත්තෙන් රටේ සජ්ජුරුවෝ වීමේ පින පල දීලාය.

උන්ගේ හත්මුතු පරම්පාරාවම හොරකම් කොරන්න පටන් ගත්තේ කාළයක් ගිහිල්ලාය. අනික පටන් ගත්තේ පොඩි පොඩි හොරකම් වලින්ය. ඒත් හොරකම පරමාදාර්ශය කර ගත් දේශපාළණයක් තුල, එජාපේ අර්ජුන මහේන්ද්‍රන්ලා, රනිල්ලාගේ ආශීර්වාදයෙන් හොරකම් කරන්නේ ප්‍රොබේසොන් පීරියඩ් එකේමය. ඇත්තටම මේක ප්‍රොබේසොන් එකකුත් නෙමේය. අර නිල් බලු කායේන් දුන්නා ජාතියේ ටැම්පරියක්ය.

ටැම්පරි එකේ මෙහෙම ගේම් දෙන්නේ, සමහර විට ප්‍රොබේසොන් පීරීයඩ් එකක් වත් ෂුවර් නැති හින්දා වෙන්නත් පුළුවන්ය. මුන් ටැම්පරියේ මෙහෙම ගේම් දෙනවානම්, බලේට ආවොත් කොහොමට තියේද කියලා හිතා ගන්න පුළුවන්ය. සිරිසේන ගොයියාත්, රනිල් ගොයියාත් කටක් හොලවන්නේ නැත්තේ, එයාලා ගෙනියන්න හදන්නෙත් මේ සිස්ටොම් එකම නිසාය.

ළෝකයේ පැවති දරුණුම ත්‍රස්ථවාදය පරාජය කලේ, සම්ප්‍රදාය අනුව සටන් කරලා වත්, සම්ප්‍රදාය අනුව ක්‍රියා කරලා වත් නෙමේය. සරත් ෆොන්සේකාට හමුදාපති කම දෙනවාට හමුදාවේ උන් මෙන්ම දේශපාළණයෙන් රට කාපු උන්ද අකමැති වූයේ, ෆොන්සේකාත් එක්ක සෙල්ලම් හොරකම් බැරි හින්දාය. කෙසේ හෝ ෆොන්සේකා හමුදාපති උනායින් පස්සේ, බෑ... බෑ... ගාපු පොන්න නිළධාරිත් එක්ක යුද්ධ කරන්න ගියේ නැතිය. 

ෆොන්සේකා කලේ, පහළ නිලවල උන්, ෂවෙන්ද්‍රලා, ප්‍රසන්නලා, චාගීලා, ජගත් ඩයස්ලා, කමල් ගුණරත්නලාට ගේම් එක බාරදීමය. කරන්න බෑ කියපු යුද්දේ ඉවර කළේ මේ පොඩි කොල්ලෝය. පොන්න නිළධාරින්, පොන්න දේශ්පාළකයන් ඉතරක් නොව, ළෝකෙම හෙල්ලිලා ගියේ එකෙකුටවත් කරන්න බැරි දේ කොරපු නිසාය. එහෙම ගේමක් දුන්නේ සම්ප්‍රදායේ එල්ලිලා ඉඳලා නෙමේය. සම්ප්‍රදායට අනුව සටන් උපක්‍රම යොදලාත් නේමය. ඒ ඒ බනිස් ගෙඩි වලට ඒ ඒ කෙසෙල් ගෙඩි කියන්නැහේ, ගේම දුන්නේ අළුත්ම මැතොඩ් එකකකටය.

වත්මන් ජනාධිපති සිරිසේන මහත්තයා බලයට ගේන ගේමෙත්, සරත් ෆොන්සේකා නම් සම්ප්‍රදාය කුඩේ කුඩු කර දැමූ සරත් ෆොන්සේකත් උන්නේය. එහෙත් අද වන තෙක් ඔහුට යුක්තිය ඉටුවී නැත. ඔහුට යටින් ගේමක් දෙන්නේ, අලි පාටියේ උන් කියලා කියන්නේත් ෆොන්සේකාය. නැති උන තනතුරු, හිඟ පඩි දීලා වැඩක් නැත. මේ පුද්ගලායගෙන් මීට වඩා සේවයක් රටට ලබා ගත් හැක. එහෙත් ඒ සඳහා ඔහුට අවස්ථාවක් ලබා දෙන්නේ නැත. 

හේතුව ඉතා පැහැදිලිය. සියළුම දේශපාලුවෝ සරත් ෆොන්සේකාට ගූ බයය. මොකෝ ෆොන්සේකාට එරෙහිව කිසිඳු දූෂණ හෝ හොරකම් නැත. ඔහු රටට ආදරය කරනා නියම නායකයෙකි. මහින්ද රාජපක්ෂ හොර ආන්ඩුවෙන් අත් යටින් ලබා දුන් සියළුම වරප්‍රසාද වරදාන සියල්ලම ඔහු ප්‍රතික්ෂේප කළෙය. එමෙන්ම ජීවීතය පරදුවට තබා, මහින්ද රාජපක්ෂ බව අමු හොරෙක් බව කිසිඳු බියක් නැතිවම ප්‍රකාෂ කළේය. එවන් නිර්භීත පුදගලයකුට මේ හොර හැත්ත බිය වීම පුදුමයක් නොවේ.

වත්මන් පාළණය බලයට පත් වීම සඳහා හමුදාවේ සහාය ලබා ගැනීමට හමුදාවේ ඉහළ නායකයන්ට ෆොන්සේකාගෙන කිසිඳු අතුරු ආන්තරාවක් නොවනා බවට, සිරිසේන මෙන්ම රනිල්ද සහතියක් දී ඇති බව ප්‍රසිද්ධ රහසකි. වත්මන් ආන්ඩුවේ හොරු ඇල්ලීමේ බලය ෆොන්සේකා වන් කෙනෙකුට බාර දුන්නේ නම්, අද පක්ෂ විපක්ෂ වැඩි පිරිසක් සිටිනුයේ වැලිකඩය. විය යුත්තේ ඇත්තටම එකයි. නමුත් අද සිඳුව ඇත්තේ, රට කෑ කම්බ හොරුන්, හංදියක් හංදියක් ගානේ මීටින් තබමින්, බෝධී පූජා තබමින්, දේශප්‍රේමී බයිලා ගසමින්, හරකුන්ට ගොන් ආතල් දෙමින් යහ පාළණයට පුක පෙන්වීමයි.

වත්මන් දේශපාළණය තුල පොදු පෙරමුණේ කම්බ හොරුන් මෙන්ම, එජාපය ගැනද කළකිරී ඇති ප්‍රමාණය අති විශාලය. සිරි ලංකා නිදහස් පක්ෂය තුල නායකයෙක් නැත. එමෙන්ම අනාගත නායකත්වයක්ද නැත. එජාපයේ නායකත්වයට කැමැත්තෙන් උන් පිරිසද දැන් ඔහු කෙරේ කරකිරී ඇත. සජිත්ට නායකත්වය හිමි වීමට නම්, රනිල් උන්නැහේ නිවන් යන තෙක් සිටීමට සිඳුව ඇත. එහෙත් එජාපයේ වටිනාකම නම්. මීට වඩා ශක්තිමත් නායකත්වයක් මෙන්ම පක්ෂයක් සජිත් ප්‍රේමදාස යටතේ බිහි වීමයි. එය කුමන ආකාරයේ පක්ෂයක් වන්නේද යන්න අනාවැකී පල කිරීමට කල් වැඩිය.

ඇත්තටම මේ අවස්ථාවේ මේ රටේ ජාතික නායකත්වයකට විශාල අවස්ථාවක් උදා වී ඇත. කැපුවත් කොල, කැපුවත් නිල්, කැපුවත් රතු කියනා සම්ප්‍රදායික ගොන් වස්සන්ගෙන් පරිභාහිරව පාවෙන චන්දයන් විශාළ ප්‍රමාණයක් අද රට තුල ඇත. එමෙන්ම සම්ප්‍රදාය කඩා ගෙන ඉස්මතු වන අවංක නායකත්වයක් බලාපොරොත්තුවෙන් සිටිනා පිරිසද අති විශාලය. ශක්තිමත් නයකත්වයකට එජාපයේ මෙන්ම සිරි ලංකා කාරයන්ගේද, වමේ උන්ගේද කැමත්ත ලබා ගැනීම ඉතා සුළු දෙයකි. එමෙන්ම බුද්ධිමත්, බලවත් නාය්කත්වයකට, සිරි ලංකා නිදහස් පක්ෂයේ නායකයකු ලෙස ඉස්මතු වීමේ අවස්ථාවද බොහෝම පැහැදිලිව ඇත.

සජිත් එජාපයේ අනාගත් නායකයා වීමට සිටිනා පුද්ගලයා හේතුවෙන්ම, මේ අවස්ථාවේ ඔහු නායකයකු ලෙස ඉස්මතු වන්නේ නැත. අනුර කුමාර දිසානායක් යනු, ජෙප්පන්ගේ නාය්කයාය. ජෙප්පන්ගේ පෙර වැරදි වලට අදටත් ඔවුන් වන්දි ගෙවමින් සිටී. එපමණක් නොව ඔවුන් කාළයට හා පරිසරයට අනුව හැඩගැසී නැති බව මාතලන්ගේ මතයයි.

මාතලන් දකින ජාතික නායකයන් දෙදෙනෙක් සිටි. ඉන් පළමු අවස්ථාව හිමි වන්නේ පාඨලි චම්පික රණවකටයි. බොදු බලු සේනාව බල්ලා මාක් වීම හේතුවෙන්, ලංකාවේ අති බහුතර, දෙමළ විරෝධි බුද්ධාගමේ මට්ට හරකුන්ගේ ඡන්ද්ය ඔහුට ලබා ගැනීම පහසු දෙයකි. එමෙන්ම පසු ගිය ජනපති මැතිවරණය තුල ඔවුන්ගේ හැසිරීම තුල, සුළු ජාතින්ගේ යම් පිරිසකගේ හෝ සහයෝගය ඔවුනට හිමි වනු ඇත. 

එමෙන්ම දේශපාළණය තුල ඔහුට ඇති පළපුරුද්ද හා ලබා ගත් ජයග්‍රහණයන්ද විශාළය. එමෙන්ම සෝභිත හිමිගෙන් පසු බල පෙරලියේ අභීත හඬ වූ අතුරලියේ රත්නද ඔහුගේ ටීම් මැම්බර් කෙනෙක් වීමද වාසියකි. එපමණක් නොව, සෝභිත හිමි ප්‍රමුඛ පිරිසගේද, යහ පාළණයක වෙනුවෙන් පෙනී සිටිනා සිවිල් සංවිධාන වලද සහයෝගයද නිතැතින්ම ඔහුට හිමිවනු ඇත. මන්ද යහ පාළණ ජනපති කෙනෙක් උන්නද, යහ පාළණ අගමැතිවරයකු පත් නොවූ බැවිනි. 

ලැබෙන වාර්ථා අනුව නම් පෙනී යන්නේ, ඔවුන් පොදු පෙරමුණ හා සංධානගත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. එමගිනි ඔහුට මෙන්ම පක්ෂයේ කීප දෙනෙකුට ගොඩ ගිය හැකි මුත්, මේ රටට අවංකව ආදරය කරනා ජනතාවටත්, රටටත්, එයින් අත්වන ලබ්බක් නැත. ඇත්තටම රට ගොඩගැනීමේ අවස්ථාවක් හිමි එවන් නායකත්වයක්, තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් ක්‍රියා කරන්නේ නම්, එක ජාතියේ මෙන්ම රටේ අවාසනාවක්මය.

මාතලන් දකින අනෙක් නායකයා කලින් කතා කලා වූ ෆොන්සේකා මහතාය. මේ අවස්ථාවේ ඔහුටද යලිත් මතු වීමේ විශාල අවස්ථාවක් ඇතත්, ඔහුගේ දරදඬු ක්‍රියාකාරිත්වය හේතුවෙන්, පක්ෂය තුලවත් බලයක් ගොඩ නගා ගැනීමට නොහැකිවීම අවාසනාවක්මය.

එහෙත් ෆොන්සේකා හා චම්පික සාධකයන් යහ පාළණයක් ගොඩ නැගීමට දිවි හිමියෙන් ක්‍රියා කල නායකයන් හා සිවිල් සංවිධාන සමඟ පෙල ගැසෙන්නේ නම්, එජාපයේ මෙන්ම සිරි ලංකා කාරයන්ගේ බහුතරයක්ද ඒ වටා එක්වනු නොඅනුමානය.

මේ රට සිරි ලංකා කාරයන්ගේවත්, යූ ඇන් පී කාරයන්ගේවත් බූදලයක් නොවේ. නවදිල්ලියේ සීදුවූ ආකාරයේ වෙනසක් සිඳු කිරීමේ මහඟු අවස්ථාවක් රටේ උදා වී ඇත. කරුමය නම්, එයට නායකත්වයක් දීමට කෙනෙකුන් නොමැති වීමයි.

පරණ කාළකාන්නි දේෂපාළණ පක්ෂ වලට මේ රටට කරන්න පුළුවන් ලබ්බක් නොමැති බව, නිදහසෙන් පසු සෑම ආන්ඩුවක් විසින්ම ඔප්පු කර අවසානය. මේ අළුත් විප්ලවයකට කාළයයි...

81 comments:

  1. සොර දෙටුවෙක් කස තැලුම් කකා
    දං ගෙඩියට ගෙන යන ගමනේ
    වධක බෙරේ දැක සොරා ගන්ට එය
    කදිමයි ලොබ සිතුවාලූ

    අනේ මෙහෙම තණ්හාවක්
    අනේ මෙහෙම ආශාවක්
    මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

    බුදු පුතෙකුන් පිඞු සිඟා වැඩිය හොත්
    දෙන්නට වේ යැයි සැක සිතලා
    මහ ඉසුරෙක් උඩු මහලේ සැඟවී
    පැණි කොමු පිස කෑවේලූ

    අනේ මෙහෙම තණ්හාවක්
    අනේ මෙහෙම ආශාවක්
    මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

    සුරා සොඞෙක් ගිරි කුලකින් විසිවී
    මහ පොළොවට පාවී එද්දී
    ගත දැවටෙන මේ සීත පවන් ‍රැලි
    අහෝ සැපයි කීවාලූ

    අනේ මෙහෙම තණ්හාවක්
    අනේ මෙහෙම ආශාවක්
    මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

    ගී පද - පරාක්‍රම කොඩිතුවක්කු
    ගී තනු - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. තැටිය මැද්දෙ කළු කරාපු
      පහන් තිරය මැදට ආපු
      හනුමන්තත් පුදුම හිතනවා....
      රාමටත් බැරි වුනා වු
      මහ වැඩකට පෙළඹුනා වු
      අපි දැකල එයා හඬනවා....
      ඇයි මොකද එයා...
      නෑ නෑ දැන් එයා මෙහේ නෑ...

      ඉරට එළිය අඩු වුනාට
      සඳට එළිය අඩු වුනාට
      අපිට මොටද කනා මැදිරියෝ....
      මදුරු තුඩට අහු වුනාට
      ඇඟෙන් බිඳක් අඩු වුනාට
      නෑ නෑ නෑනේ දෙනෙත් අඬන්නෙ....

      ඉසුරු අහුරු මලු පුරාපු
      අමුතු ලොවක අප රඳාපු
      සිහින සිහින නොවේ හැම දිනේ....
      දිනක අපට අප පතාපු
      ලොවක රජව නං දරාපු
      පෑදෙ පෑදේ වාසනාවේ....

      පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව හා සංගීතය: අර්නස්ට් සොයිසා
      ගායනය: එච්. ආර්. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු සහ පිරිස

      Delete
    2. සින්දු දෙකම නියමෙට ගැලපෙනවා...

      Delete
    3. මහාචාර්ය මාතර සුනිල්.
      ජනදිපතිකම කොහොම වෙතත් ඊලග සැරේ මූ මන්ත්රී කමවත් රැකගත්තොත් ලොකු දෙයක්.

      Delete
  2. ෆොන්සේකා වගේ කෙනෙකුගෙන් වැඩක් නොගැනීම අවුලක් තමයි. නමුත් දැං දැං සිදුවන දේවල් දිහා බැලුවම ෆොන්සේක එක්ක මේ ගමන යන්න යූඇන්පී නඩයට බෑ. රනිල් යලි නා ගැනීමක් අබියස ඉන්න බව පේනව.

    ReplyDelete
    Replies
    1. //රනිල් යලි නා ගැනීමක් අබියස ඉන්න බව පේනව.//
      සම්පූර්ණ ඇත්ත.. රනිල් කියන්නෙ මේ සම්ම ජාතියකට හැදෙන එකෙක් නෙවෙි.

      ෆොන්සේකා දූෂණ වංචා චෝදනා රහිත පුද්ගලයෙක් කියන එක ඇත්ත. ඒත් ඔහුගෙන් තවමත් විද්‍යාමාන වෙන්නෙ හමුදා නායකයෙකුගෙ ගති ලක්ෂණ මිසක් සාමාන්‍ය ජනනායකකයෙකුගෙ ගක්ෂණ නෙවෙයි. මමනම් පෞද්ගලිකව හමුදාකාරයෙකුගෙ පාලනයට යටත්ව ඉන්න අකමැතියි. හේතුව කාලයක්ම ගෝටගෙයි උගෙ සට්ටැඹි හමුදාකාරයො රොත්තකගෙයි ගොන්පාට් දැකපු නිසා.

      Delete
    2. වං ගෙඩියක් ඕනෑකර තිබේ

      Delete
    3. රනිල්ට තිබුනේ පාඨලි, රත්න හා ෆොන්සේකා වගේ අය එක්ක එකතුව ආන්ඩුවක් කරන එක. ඒත් යූ ඇන් පී උන් අධි මාන්නයකින් පෙලෙන්නේ. ඒකේ කරුමය විඳ ගන්න වෙන්නේ රටේ ජනතාවට. ඔය වැඩෙන් මෙළෝ රහක් නැති පොදු පෙරමුණ ආයේ බලයට එනවා. ඊට පස්සෙ මේ රටට අබ සරණයි....

      Delete
  3. හොඳ අදහසක්. ඉතාම හොඳ කාලෝචිත අදහසක්. හැබැයි ෆොන්සේකාට දේශපාලන න්‍යායන් තව ටිකක් උගන්නන්න ඕනේ කවුරුහරි. (පාඨලී වගේ අවංක මිනිහෙක්)

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකට කාගෙන්වත් මොනවත් ඉගෙන ගන්න ඕන නෑ. කට ටිකක් පරිස්සන් කරගත්තනම් හරි.දැන් රික්තයකුත් තියන වෙලාවෙ.

      Delete
    2. අපිට සාමකාමී සහජිවන සමාජයක ජීවත් වෙන්න නම්, ෆොන්සේකා ඇතුළු (ඉහල සහ පහල) යුද්දෙට ගිය සියළු දෙනා සියළු වරප්‍රසාද සහිතව විශ්‍රාම ගන්වන්න ඕන, යුද්ධ කරපු සෙබළු (දෙපැත්තෙම අය) සාමකාමී සහජිවන සමාජයකට හුරු කරවන්න ඕන. දෙපැත්තෙම චියර් ලීඩර් ලටත් එහෙම කරන්න වෙයි. මේ අය බොහෝ දෙනෙකුට යුද්ධහෙන් තොර දිවියක් නැතිවීම අවුලක්, යුද්ධ කිරීම, සහ ප්‍රමෝට් කිරීම වෙනුවට වෙනත් යහපත් විනෝදාංශ ගැන කියාදෙන්න වෙනවා. ඒ අතින් විචාරක තුමා ගේ විනොදාංශය ගොඩක් හොඳයි, යුද්ධය ප්‍රෙමා්ට් නොකර යුද්ධයක් / හමුදාවක් කියන්නේ මොකක්ද කියා නොදන්නා අපට නිවැරදිව කියා දෙනවා.

      Delete
    3. මම කියන දේ හරි.කට පරිස්සම් කරගන්න පුළුවන් නම් තව පිරිස් දිනා ගන්න ඔහුට පුළුවන් වේවි.හැබැයි ඉස්සරට වඩා සංයමයක් ෆොන්සේකාගේ දකින්න පුළුවන්.

      Delete
    4. ෆොන්සේකා වෙනස් වෙන්න ඕන නෑ.... මිනිස්සුයි වෙනස් වෙන්න ඕනා...

      Delete
  4. Ela kiri.. Tika dawasakata passe hari kamak ne post ekak wetila. Thank you boss mathaa..

    ReplyDelete
  5. අන්න ඒ වගේ සංධානයක් ඇති වෙනකං මේ අපිත් බලං ඉන්නවා.. දේශපාළනේ ගැන ආපහු උනන්දු වෙන්න..

    ReplyDelete
  6. ෆොන්සේකට ජාතික නායකයෙක් ලෙස මතුවෙන්න බැරි නෑ. හොරකම් වලට විරුද්ධ අය පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව ඔහුට සහාය දෙයි. ඔහුට රටේ නායකය වෙන්න හොඳ ඉඩක් තියනවා.
    සිංහල බෞද්ධයන් අතර දැන් චම්පික ජනප්‍රිය නැහැ. ඔහු ඊලඟ ඉණිමේ දක්ෂ ලෙස සෙල්ලම් කරයිද කියන්න බැහැ.
    චම්පික ,රාජිත, රතන ,වගෙ අය මේ දින සීය තුල පුද්ගලභාවය ඉක්මවූ ව්‍යාජ දැවැන්ත පෞර්ෂයක් ගොඩනගාගෙන. ඇත්තටම ඒ එක්කෙනෙක් එජාපය වැනි පක්ෂෙකට වඩා බලවත්. දින සීය අවසන් වුනහම ඔවුන්ගෙ සැබෑ ස්වරූපය එළිවන නිසා ඔවුන් හදන්නෙ මෙම දින සීය ඇදගෙන යන්න.ඒ මිත්‍යාව ලගදීම පුපුරාවි. නමුත් ෆොන්සේකා එහෙම නොවෙයි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු සැබෑ නායකයෙක්

    ඊලඟට එන්නෙ අස්ථාවර එජාප රජයක්. එම රජය කොයි තරම් කල් තියෙයිද දන්නෙ නෑ. ඒ වියවුල් සමය තුල ඔබ කියන ජාතික නායකයෙකුට අවස්ථාව තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. [නමුත් ෆොන්සේකා එහෙම නොවෙයි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු සැබෑ නායකයෙක්]

      මොන පිස්සුද. ගොන් තඩියෙක්. හමුදා පාලනයයි, දේශපාලනයි අඳුනන්නේ නෑ

      Delete
    2. නායකයකු ලෙස ඉස්මතු වීමේ අවස්ථාව වැඩියෙන් තියෙන්නේ චම්පිකට. හේතුව මේ රටේ මට්ට ගොන් ජනතාව.. ඒත් චම්පික ෆොන්සේකා සුසංයෝගයක් කියන්නේ එළකිරි...

      Delete
  7. //සජිත් එජාපයේ අනාගත් නායකයා වීමට සිටිනා පුද්ගලයා හේතුවෙන්ම// මේ අනාගත් කියන වචනෙ හිතලමද දැම්මෙ?
    මොනා උනත් තුන්වන බලවේගයක් ඉස්මතු වෙනවාට මිනිස්සු කැමතියි. දවසින් දවස මිනිස්සු මේ ප්‍රධාන ප්‍රවාහ දෙකම ප්‍රතික්ෂෙප කරන තැනට තල්ලු වෙන්නෙ. බුකියේ වූනත් යහ පාලනේට කඩේ ගිය අය දැන් බනිනවා. ඒ කියලා එයාලා මහින්ද හොඳයි කියන්නෑ. ඒ කියන්නේ මිනිස්සුන්ට ඕනි සැබෑ වෙනසක්.

    ප/ලි. බ්ලොග් ලෝකයේ ජ්‍යෙෂ්ඨයෙක් වෙලත් හැම කොමෙන්ටුවටම පොඩි හරි උත්තරයක් දෙන්න තරම් නිහතමානී වීම ගැන මාතාට අපගේ උපහාරය!

    ReplyDelete
    Replies
    1. අපූරු දෙයක් ඔබ මතු කළේ. හුඟක් දේශපාලනඥයන්ට මාතලන්ගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තියනවා.

      Delete
    2. //ප/ලි. බ්ලොග් ලෝකයේ ජ්‍යෙෂ්ඨයෙක් වෙලත් හැම කොමෙන්ටුවටම පොඩි හරි උත්තරයක් දෙන්න තරම් නිහතමානී වීම ගැන මාතාට අපගේ උපහාරය!//
      ++++++++++++++++++
      සහතික ඇත්ත. බනින්න හරි උත්තර දෙනව.

      Delete
    3. ඇයි බොලං මාතලන් විතරක්...මේ කණිෂ්ඨ අපිව වටින්නෙ නැද්ද බොලාලට...අපිත් කොහොම කොහොම හරි අටවගෙන කමෙන්ට් නැතුව හරි උත්තර දෙනව නේද...ඉහි...ඉහි...දුකේ බෑ...ගී පවුර වෙනුවෙන් අසංකගේ බවලත්( මාධවීට - මාධවී යන නම අනුව බවලතෙක් බව විශ්වාස කරමි ) විරෝධය සමග සංවේගය...!!!

      Delete
    4. හා..හා හොටු පිහදාගනින් කුරුටු, උඹව මිස් වෙලානෙ

      Delete
    5. නාඩන් පුංචි කුරුට්ටේ... මං කිව්වෙ ජ්‍යෙෂ්ඨයො අතරෙනෙ. කණිෂ්ඨයො අතර බොලා වගේ කීප දෙනෙක්ම ඉන්නවා (ඇයි අපි?). මාධවී තුල සැඟවුනු බවලතා සහ බලවතාගේ පොටෝවක් ලඟදීම දාන්න ඉන්නෙ. (තාම එඩිට් කරනවා බං)

      Delete
    6. අම්මප...ඈස්චර්යා රායි වගේ ඇති නේ...හැක්...හැක්...

      Delete
    7. වෙනසකට සුදුසුම කාළය තමයි මේක.

      කොමෙන්ට්ස් වලට රිප්ලයි එකක් දාන්න බැරිනම්, කොමෙන්ට්ස් වහලා දාන එකයි තියෙන්නේ..

      Delete
  8. අයං විප්ලවාන කාලෝ

    ReplyDelete
    Replies
    1. කාලෝ ෆොන්සේකා නෙමෙයිනේ...

      Delete
  9. එකග නෑ මාතලන්. මොකද ෆොන්සේකාට මේ වෙලේ බලය දුන්නොත් මහා අවුලක් වෙන්නේ. උදාහරණයක්‌ විදියට ආරක්ෂක ඇමතිකම වගේ එකක් දුන්නා කියන්න. එහෙම වෙලා ඔය මාතලන් කියනවා වගේ හොරු අල්ලන්න ෆොන්සේකාට දුන්නා නං සැහෙන දෙනෙක් හිරේ දායි.

    හැබැයි ඒ හිරේ දාන ඔක්කොම ඊළගට වීරයෝ වෙන එකයි වෙන්නේ. උදාහරණයක් විදියට හිරේ ගියේ නැත්තං ෆොන්සේකා ඔච්චර වීරයෙක් වෙන්නේ නෑ. ඒ වගේ ෆොන්සේකා ක්‍රියා කරලා මහින්දගේ හිතවතුන් හොරකම් නිසා හිරේ දැම්මත් උන් ඊළගට කියන්නේ පලිගන්න හිරේ දැම්මා කියලා.

    දැන් රාජපක්ෂ කෙනෙක් හිරේ දැම්මා නං බාලානං රටේ වෙන තත්වේ, අඩන්න ඉන්න මිනිහට ඇගිල්ලෙන් ඇන්නා වගේ විරවංශ ඇතුළු නඩය කුලප්පු කරලා, රටේ දේශපාලන තත්වය එහෙන්ම අනික් පැත්ත ගහලා ආයේ ඊළගට ෂුවර් එකටම මරා එනවා බලයට.

    මොකද මේ වගේ හිටියම ටික දවසක් යනකොට මරා ගැන මිනිස්සුන්ට එච්චර ගානක් නැති වෙනවා. උදාහරණයක් විදියට බලන්න නුගේගොඩ රැස්වීම. ඒකට හොද අවධානයක් මිනිස්සුන්ගේ තිබුනා. හැබැයි ඊළගට මහනුවර රැස්වීම ගැන මිනිසුන්ගේ එච්චර තැකීමක් නෑ. ඊළගට ඔහේ හරි රැස්වීමක් තිබ්බොත් ඒකට කෙහෙත්ම අවධානයක් එන්නේ නෑ. ඒ වගේ අවධානය අඩු වෙන කොට මරා කොහොමත් එන්නේ නෑ ඔය රැස්වීම් වලට.

    ඒ උනත් ගොටාභය වගේ කෙනෙක් අත්තඩංගුවට ගත්තොත් (මාධ්‍ය වල තිබුනේ එහෙම දෙයක් ගැන) මිනිස්සු පර කකා ඊලග රැස්වීමට යනවා. එහෙම උනොත් ඒ කාරණය දඩමීමා කරගෙන මරාත් ඒ වේදිකාවට එන්න ඉඩ තියෙනවා.

    දේශපාලන කියන්නේ සැහෙන්න දීර්ඝ ගමනක්. හදිසි උනොත් ගමන කෙටියි. මහින්දත් බලයට ආවේ සැහෙන්න දීර්ඝ දේශපාලන ගමනක් ඇවිත්.

    ඉලග ජන්දෙට කලින් රාජපක්ෂලා හෝ ඔහුගේ වටේ සිටි අයව අල්ලා හිරේ නොදැමිය යුතුයි මේ තියෙන පද්ධතිය ඇතුලේ නං. එහෙම කරොත් ඒක පරා වළල්ලක් වෙනවා මයි. දැන් මෙතන හොරු අල්ලන්නේ නෑ කියලා කා ගහන උනුත් එදාට කියන්න ඉඩ තියෙනවා පළි ගැනීමක් කියලා. ගම්වල ඉන්න මිනිස්සුත් ඒ විදියට හිතන්න ඉඩ තියෙනවා.

    ඉතිං එහෙනං එක්කෝ කොමිෂන් සභා පිහිටුවලා මේ තියෙන ක්‍රමවේදය වෙනස් කරලා නඩු අහලා දඩුවම් දෙන්න ඕනි. එතකොට කාටවත් ඇගිල්ල දික්කරන්න බෑ පලිගැනීම් කරනවා කියලා. හැබැයි දීර්ඝ කාලයක් තිස්සේ ජරාජීර්ණ වෙලා තියෙන මේ රටේ ක්‍රමවේදය එහෙම මාස දෙක තුනකින් වෙනස් කරන්නත් බෑ.

    මගේ අදහස නං මේ යන විදියටම ගිහිං, පුළු පුළුවන් විදියට සාධනීය අණ පනත් ගෙනල්ලා, විධායකයේ ඒකාධිපති බලතල අහෝසි කරන්න ඕනි ඉතිරි මාසයක කාලය ඇතුලත.

    ඊට පස්සේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සහ අනිකුත් කරනා මත නව පාර්ලි‌‌මේන්තුවක් පිහිටුවලා ඒකට පවරන්න ඕනි දුෂිතයන්ට දඩුවම් දී ඔවුන් හොරා කෑ දේ රාජසන්තක කිරීම. එහෙම උනොත් ආයේ මරා ඇතුළු දුෂිත නඩය බලයට ඒමේ අවස්ථාවත් නැති වෙනවා.

    ReplyDelete
    Replies
    1. +++ උදා: වීරවංශ නෝනා.
      හිරේ දානවා කියලා බය කරාට කමන් නෑ නේද?

      Delete
    2. මමත් මේ ඇනෝ එක්ක එකඟයි.
      කඩිමුඩියේ හොරු අල්ලන්න යනවාට වඩා මුලිකත්වය දෙන්න ඕනේ ව්‍යවස්ථා සශෝධන වලට.නැතිනම් වෙන්නේ ඉන්න හොරු වෙනුවට අලුත් හොරු එන එකයි.එක නිසා හොරු නිර්මණය කරන ව්‍යවස්ථාව වෙනස් කරන්න ප්‍රධන වශයෙන් බලකරමු.
      මෙතන ගෝඨා ගැනත් තියෙන නිසා කියන්නම් ගෝඨාට එල්ල වෙලා තියෙන චෝදනා වලට කොයි තරම් වැරදි කාරයෙක් වුනත් ගෝඨා ඇතුලට දැම්මොත් එක ජන්දයක් කිට්ටු කරලා තියෙන මේ වෙලාවේ එක යහපලකයින්ට පාඩුයි.

      Delete
    3. මේ පිළිතුරේ තනිකා තියෙන්නේ සම්ප්‍රදාය..

      මම කියන්නේ සම්ප්‍රදායෙන් පිට හිතන්න කියන එකයි.. මේ තය අනුව කිසි දිනක දේශපාළකයෙක් හිරේ දාන්න බෑ.. ඒ කියන්නේ මේ වගේ කොමෙන්ට්ස් වලින් හොරකම දූෂණය වංචාව කෙලින්ම අනුමත කරනවා...

      Delete
  10. ෆොන්සේකට තරු පහක් දීල ශේප් කරල දාන්න හිතාගෙන ඇති. නීතිය ක්‍රියාත්මක කරන තැනකටනම් රනිල් කෙසේ වෙතත් රාජිත ෆොන්සේකට එන්න දෙයි කියල හිතන්න බෑ.
    මේ යන විදිහටනම් යහ පාලනේට ආයුශ නෑ.

    ReplyDelete
    Replies
    1. යහපාලනයට ආයුෂ නැත්තේ ඇයි කියල රාජ් ලියල තියනව

      Delete
    2. වත්මන් දේශපාළණ වට පිටාව අනුව නම් යහ පාළණයට කිසි අවුලක් නෑ. නමුත් මාතලන්ට තියෙන ප්‍රශ්ණය කම්බ හොරුන්ට නිදැල්ලේ ඉන්න ලැබීම හා යහපාළණය තුලත් ඒවා ඒ අයුරින්ම ක්‍රියාත්මක වීම...

      Delete
  11. සමහරවිට ආයිත් MR චන්දෙට ආවොත් අර පලවෙනිපාර ජනාදිපතිවරනෙට එනකොට වගේ මැද මුලනෙ වෙලයායක සරම කැහැපොට ගහගෙන දුවන "පැඩී ෆීල්ඩ් මාර්ෂල්" ඇඩ්වර්ටීස්මන්ට් එක ආයිත් දායි.

    (copied & pasted from Sahalluwa)

    ReplyDelete
    Replies
    1. ඒ ඉස්සර, දැං කැන්වසිං යන ස්කොඩ් එකේ ඇම්බ්යුලන්ස් එකකුත් යනවා.

      Delete
    2. මේ සැරේ ඇඩ් එකට දාන්නේ එක නෙමෙයි. හරක් අඬන ඒවා..

      ඒ කියන්නේ අර විදියටම කුඹුරේ නියර දිගේ එනවා.. ඡන්දේ දාපු හරක් වෙලේ ඉඳන් මර හඬ දීලා තප්පුලනවා..

      Delete
  12. මං ෆොන්සේකාට කැමති හා අකැමති කාරණා ඇත. කැමතිම කාරණය යුද්ධ කරනකොට කිසිම වෙලාවක්, රාහු කාලයක් බැලුවෙ නෑ කියපු එකට.
    ඉස්සර එයාර් ෆෝර්ස් කමාන්ඩර් වීරක්කොඩි එක්ක wedding එකකදි කතා කරනකොට මං විවාහ චාරිත්‍ර වෙලාවල් කරදරයි කිව්වහම මෑන් වොලට් එකෙන් රාහු කාල chart එකක් පෙන්නල කිව්ව එයා ඒකබලල යුද්ද තීරණ ගන්නව කියල !!!! ‍යුද්දෙ ඉවරකරන්න ෆොන්සේකාම අවශ්යවුන එක ඇයි කියල තේරෙනවනෙ :-D

    දුක හිතෙන්නෙ බහුතරය ඔය ගැන ආදර්ශයට ගන්නෙ රාහු කාලයවත් නොබලා යුද්දෙ දිනපු ෆොන්සේකා නෙමෙයි, වශී බෝලයක් මිරිකමින් සුමනදාසගෙ ලණුකාල චන්දෙ පැරදුන තාමත් ඒ බෝලෙ මිරිකන මිත්යාදෘශ්ටික රජකෙනෙක් සහ දේවාල ගස් ගල් පස්සෙ යන සියලු පාර්ශවික දේසපාලුවො

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකට පැහැදිලි අනාගතයක් තිබුනා.. ඒත් මල පැනීමේ හොඳම එක නිසා ඒක කා ගත්තා. අඩු ගානේ බලයට එනතෙක් හෝ පොඩි රඟපෑමක් කරන්න වෙනවා. මම නම් කියන්නේ මේ රට හදන්න හමුදා විනයම අවශ්‍යයි කියන එක. නැත්නම් මේක හොරුන්ට මංකොල්ලකාරයන්ට මිනීමරුවන්ට කප්පම් කාරයන්ට කුඩු කාරයන්ට යන රටක් වෙනවනේ...

      Delete
    2. වශී බෝලයක් මිරිකමින් සුමනදාසගෙ ලණුකාල චන්දෙ පැරදුන තාමත් ඒ බෝලෙ මිරිකන මිත්යාදෘශ්ටික රජකෙනෙක් සහ දේවාල ගස් ගල් පස්සෙ යන සියලු පාර්ශවික දේසපාලුවො//
      +++++++++++++++++++++++++++++++++++++++++++

      ප්‍රා ජේ මම ඔබට කැමතිත් ඔබ මිත්‍යා මතවලට එරෙහිව මෙහෙම ඍජුව පහර දෙන නිසා

      Delete
    3. අපොයි ඔහොම කියනවද MM, වස් වදියි ඇස් වහ කට වහ වදියි.
      මං යනවෝ ජම්බෝල කප්පවගන්න දෙහි හරියන්නෙ නෑ මේකට.
      කොල උල් ගහක යටට ගිහිල්ල විශ්වශක්ති කිරණ ටිකකුත් ගන්න ඕන

      Delete
  13. විප්ලවයට ජය වේවා !!!!

    ගුරුළු වෙස් දරා ඉදිබු ගමනේ යන්නා
    ලොවට බණ දෙසා හොරෙන් සිල් බිඳගන්නා
    මලෙක රොන් වනා එතැන රොනට වඩින්නා
    කියන් කවුරු මෙවන් මිනිස් වෙසින් සිටින්නා

    රෑ යාමේ සොර දෙටුවෝ මේ දහවල
    වෙසතුරු සේ දන් දුන්නා නම්
    මද්දහනේ මල් කොවුලෝ රෑ පානේ
    කපුටන් සේ හඬ තැලුවා නම්
    කුමට නොදුටු ඇසින් සිටිනු යාළුවේ
    අපට අපෙයි කියා ඉන්න තියෙන ලෝකයේ

    ලද ඉසුරෙන් මොණරුන් සේ විළිබිය සිඳ
    මහ සබැ මැද රඟ දුන්නා නම්
    බිව් මව් කිරි අමතක වී නැගී ඉණිමග
    පා පහරින් බිම දැමුවා නම්
    කුමට නිහඬ මුවින් සිටිනු යාළුවේ
    අපට අපෙයි කියා ඉන්න තියෙන ලෝකයේ

    ගී පද - වසන්ත කුමාර කොබවක
    ගී තනු - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
  14. මාතා,

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජතිකපක්ෂය සහ අනික් සියලුම පක්ෂ අයත් වන්නේ ජනතාව ගොනාට අන්දවන පක්ෂයටයි!
    ඔබට මතකද චන්ද්‍රිකා 1994 දී පැවසුවා "දුෂණ බිෂන මිලියන බිලියන " ලෙස නමුත් සිරගතවූ දෙසපලන්යය කවුද ?
    2001 දී රනිල් පැවසුවේ කුමක්ද "චන්ද්‍රික පචමල්ල කෝටිගණන් වංචා කල බව නේද ?" සිරගතවූ දෙසපලන්යය කවුද ?(මෙහිදී වික්ටර් අයිවන් පැවසු දෙයක් සිහිවේ, චන්ද්‍රිකාට හිමි විශාල මුදල් ප්‍රමාණයක් බැංකුවක රහස් සේප්පුවක ඇතිබව පුද්ගලිකව රනිල් වික්‍රමසිංහට තමා පැවසු බවත් ඔහු එය නොසලකා හරි බවත් )

    සරත් ෆොන්සේකා ගේ පර්ස්නය ඔහුට පාලනය කල හැකි පක්ෂයක් නොතිබීමයි, කෙසේ වෙතත් පාටලී රණවක සහ සරත් ෆොන්සේකා මහතා වැනි ය මුලික වූ තාක්ෂණික විගණනයක් කලොත් බොහෝ දෙනාට වැලිකඩ පදිංචි වීමට සිදු වනු ඇත.

    රනිල් ට සහ ඔහුගේ පක්ෂයට අවශ්‍ය තමන්ගේම රජයක් පත්කර ගැන දුෂණ දිගටම කරගෙන යාමයි (මේ ක්‍රමය දුෂණ නැති උනොත් ලක්ෂණ 800 ක් වියදම් කර ලක්ෂ 36 උපයාගැනීමට මොවුන්ට පිස්සු නැති බව ඔබ තේරුම් ගත යුතුය )

    මේ අවස්ථාවේ ඇති වැදගත් කම නම් මේ බලය ලබගමිමට කරන කේවල් කිරීමේදී මහජනයා වන අපට වැඩිම වාසි ලැබෙන බවයි! මෙහිදී අප උපරිම ලෙස දෙසපලනයනට පීඩනය යොමුකලයුතුය.

    ReplyDelete
    Replies
    1. //මෙහිදී වික්ටර් අයිවන් පැවසු දෙයක් සිහිවේ, චන්ද්‍රිකාට හිමි විශාල මුදල් ප්‍රමාණයක් බැංකුවක රහස් සේප්පුවක ඇතිබව පුද්ගලිකව රනිල් වික්‍රමසිංහට තමා පැවසු බවත් ඔහු එය නොසලකා හරි බවත් //
      මතක විදිහට ඇල්ලුවා තිබුනේ අනුරුද්ධ රත්වත්තෙගේ සේප්පුවල

      Delete
    2. කිසිම කෙනෙක් හිතන තරම් ලේසී වෙන්නේ නෑ ඊළඟ මැතිවරණය. කොහොමත් හොරු අල්ලන්නේ නැතිව ඡන්දයකට යන එක එජාපය කරන නොම්මර එකේම ගොන් කම..

      Delete
    3. ඊලඟ ඡන්දෙන් එජාපය දිනන එක වළක්වන්න කාටවත්ම බෑ. හැබැයි බිහිවෙන්නෙ අස්ථාවර ආණ්ඩුවක්. අද රටේ බලවත්ම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ. ඒ එජාප නායකයා ලෙස.
      ශ්‍රීලනිපය දෙකඩවෙන එක ඒකාන්තයි. ශ්‍රීලනිපයට තියන එකම ශක්තිය මහින්ද. වෙන ආකර්ශනයක් නෑ. මහින්දට ආයෙ එන්න දැණ් ඉන්න අය ඉඩ දෙන්නෙ නෑ
      දෙකඩවුන ශ්‍රීලනිපය දිගුකාලීන විපක්ෂ ජීවිතයකට හුරුවෙයි. මහින්ද විපක්ෂ නායකය වෙන්න ඉඩක් තියනවා. ඔහු එජාප විරෝධී බලවේගවල නායකත්වය ගනීවි. සමහරු කියන විදියට ජවිපෙ දෙවැනි තැනට දැන්ම එන්නෙ නෑ.
      මහින්ද පෙරමුණෙත් ආකර්ශනය තියෙන්නෙ මහින්දට විතරයි.

      Delete
  15. මුන් හොරු අල්ලනකල් බලාගෙන හිටිය. එක වෙන්නත් නෑ. හොරා කාපු එවුං පාරම්බානවා බලාගෙන ඉඳල එපා වෙලා. දින 100 චූං එක ඇතුලේ යම් දෙයක් සිද්ධ උනත් ඒක හරියට ක්රියාත්මකත් නෑ. මහින්ද පන්නන්න වචනෙකින් හරි යමක් කරපු මිනිස්සු අද අනාථ වෙලා. සිරිසේන මහත්තය ආයෙත් පරණ හොරුත් එක්ක හෙළුවෙන් හිටගන්න ලෑස්තියි. රනිල් සුපුරුදු පොන්න ජවනිකාවට පණ පොවනවා.කලින් විපක්ෂේ ඉඳල තාවකාලික බලය නිසා දත කට මැදගෙන ඊළඟට හොරකම් කරන්න බලාගෙන තවත් සෙට් එකක් ඉන්නවා . මිනිස්සු කරකෝල අතැරිය වගේ. දේශපාලකයොත් එහෙමයි. අවුරුදු උත්සවේකට වත් එකෙක් වත් කීයක් වත් දෙන්නෙ නෑ. එකෙක්ටවත් ෂුවර් නෑ ටිකට් එක වත් හම්බවෙයිද කියල. ආසනවල මෙලෝ වැඩක් කෙරෙන්නේ නෑ. බාගෙට හදපු පාරවල් වල යන්න බෑ වළවල්. පිච්චිච්ච ලයිට් එකක් වත් දාන්නෙ නෑ ප්‍රාදේශීය සභාවකින් වත්. අවිචාර සමයක් උදා වෙලා. මාතලන් සහෝදරයා කිව්වා වගේ දේශපාලන විප්ලවයකට කාලේ හරි. ඒත් ඕක වෙන්නෙ නැති ඒකයි කරුමෙ.

    ReplyDelete
    Replies
    1. අඩුගණනේ චම්පිකගේ ඒව වත් වැඩ නෑ, ඔන්ලයින් ලයිට් බිල් ගෙවපුවා අප්ඩේට් වෙන්නේ නෑ, නොවැම්බර් මාසෙත් යසට වැඩ කරා.

      Delete
    2. සජ්ජා කියන සමහර කාරනා නම් ආන්ඩුව අපහසු කිරීමේ කඩාකප්පල්කාරි වැඩ. මොකෝ හැමතැනම බලය තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ නොම්මර එකේ හොරුන්ට. අනිත් ප්‍රශ්න උදගත් වෙලා තියෙන්නේ ටෙන්ඩර් පටිපාටියක් නැතිව ගජ මිතුරන්ට දීපු ප්‍රොජෙක්ට් නිසා.. ඇත්ත අහිංසක මිනිස්සු එදිනෙදා ජීවිතේ ගැට ගහ ගන්න බැරුව අනාත් වෙලා තියෙනවා.. ඒකට කළ යුතුදේ ප්‍රොජෙක්ට් නවත්ත්න එක නෙමෙයි.. වහාම අළුත් පිරිසකට දෙන එක හරි.. රජයෙන් හෝ ඒවා දිගටම ක්‍රියාත්මක කරන එක.. එහෙම නැත්නම් අඩුම තරමේ වන්දියක් දීලා වහලා දාන එක.

      Delete
  16. පොන්සේකගෙන් හොද වැඩක් ගන්න පුලුවන්. දේශපාලනයෙන් නෙමෙයි බං වැඩ වලින්. හැබැයි ඌට උඩින් ඒකාව ආරක්ෂා කරන්න පොරක් ඉන්නම ඕන.. නැතිනං දන්නවා නේ.. මේ සිරි ලංකාවේ හැටි...

    ReplyDelete
    Replies
    1. ආරක්ෂක ඇමති කම දුන්නා නම් ඉවරනේ.. මොකෝ සිරිසේන ලොක්කා ඉහලින් ඉන්න්වනේ.. රාජ්‍ය එක දීපු එකත් පිස්සු කෙලින්න ගත්තම බල්ලා මාක් කරලා දැම්මේ..

      Delete
  17. /* හේතුව ඉතා පැහැදිලිය. සියළුම දේශපාලුවෝ සරත් ෆොන්සේකාට ගූ බයය. මොකෝ ෆොන්සේකාට එරෙහිව කිසිඳු දූෂණ හෝ හොරකම් නැත. */

    එතකොට සරත් ෆොන්සේකා පාපෝච්චාරණය කළ ලක්‍ෂ හයේ අල්ලස?

    ReplyDelete
    Replies
    1. ඒක නම් පෞද්ගලික ධනයෙන් හඉ ගන්න බැරිය.. එහෙමය ට්‍රිලියන ගනන් ගහපු උන් කටමැත දෙඩවීම...

      Delete
  18. අපො ඔව් බුලට් හොර සතයක්වත් ගත්ත එකෙක් නෙමෙ ..ආන්ඩුවෙ මුදලින් ලමයි රට යවල උගන්නල , ගොට දුන්න කොලබ ඉඩමත් මදි කියපු එකානෙ

    ReplyDelete
    Replies
    1. ගෝඨා දෙන්න උගේ අම්මගේ බූදලේ වෙන්න ඇති. හමුදාපති කෙනෙකුට නීතියෙන් ලැබෙන අයිතිවාසිකමක් ඒක.

      Delete
  19. මාතලන් වගෙ නිව්සීලන්ඩ් වස්සො ආණ්ඩුවෙ නැති එක හොදයි. තමන් ස්වාධීනයි කියලා පෙන්නන හදන පතලයො තමයි රටට තියෙන ලොකුම විනාශය.

    ලොකෙ කොහෙවත් තියෙනවද හොරු ඇල්ලීමෙ තනතුර කියලා එකක්? අහුවෙන අහුවෙන හැම එකාවම හිරෙ දාගෙන ගියා කියලා මෙ රට දියුනු වෙනවද? හොරු අල්ලන්න ක්‍රමවෙදයක් තියෙනවා. අනුරලා/චම්පිකලා චන්දෙට කලින් කියපු බොරු උඩ මිනිස්සු අත් අඩන්ගුවට ගන්න බෑ, ඒකට සාක්ශි ඔනෙ. එහෙම නැතුව ෆොන්සෙකා වගෙ වයිරී මිනිහෙක් හොරු අල්ලන්න දැම්මොත් අන්තිමට රනිල්වත් හිරෙ දාලා මිනිහා අගමැති වෙයි.

    අනික දැන් අර්ජුන්ට තියෙන චොදනාවම තමයි ෆොන්සෙකාටත් කලින් තිබුනෙ. අර්ජුන් හොරා වෙලා ෆොන්සෙකා හොද එකා වෙන්නෙ උබෙ පතොල කම නිසා නෙවෙද.

    ReplyDelete
    Replies
    1. මහින්දගේ පට්ටියේ ගොනෙක්ගේ කොමෙන්ට් එකක්..

      හොරු අල්ලනවා කියලා පෝස්ට් එකක් නෑ.. ඒත් ආරක්ෂක ඇමති කියලා පෝස්ට් එකක් තියෙනවා.. ඔය බයිලා ගහන උන් ඉන්න තැන් බලා ගන්න තිබුනා, එහෙම දුන්නා නම්.. නොදීපූ කරුමය තමයි මේ රට තව දුරටත් විඳවන්නේ..

      Delete
  20. ලමාතන් ,
    අප්පේ ඇති යන්තම් දැන්වත් සරත් ෆෝන්සේකා මහතාගේ අගය රටට ලක් ජනතාවට වටහා දුන්නාට මෙන්න මල් මිටක්

    ReplyDelete
    Replies
    1. තනමල්විල මල් නම් අවුලක් නෑ...

      Delete
  21. ලිපිය ලිව්ව මාතලන්ට අාචාරය

    ReplyDelete
  22. ෆොන්සේකා සිවිල් සමාජේදී සාර්ථක ටීම්වර්ක් එකක් හෝ හොඳ නායකත්වයක් පෙන්නුවේ නෑනේ තාම. අවස්තාව තිබ්බ , තමන්ගේම පක්ෂේ ඇතුලෙවත් ඒක කරගන්න. මේ පැත්තෙන් පරිණත වෙනවනම් ජාතික නායකයෙක් වෙන්න පුළුවන් වෙයි

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකා වරද්ද ගත්ත තැන තමයි ඒක. එයාටයි මහින්දටයි දෙන්නටම තෙරුනේ නෑ මේ යුද්ධය වෙන එකක්ය කියන එක..

      Delete
  23. මාතලන් , මම කලින් පෝස්ට් එකටත් කමෙන්ට් එකක් දැම්මා . උඹ බැලුවද මන්දා ... රිප්ලයි නම් තිබ්බේ නෑ ...

    උඹ වල්ගෙන්මයි බන් අල්ලා ගන්නේ ..චම්පික රණවක ගැන නම් කතා කරන්න එපා. පොර ආවොත් අපේ රට ඉවෙරටම ඉවරයි . සරත් ෆොන්සේකා කවදාවත් රටේ නායකයා වෙන්න හොඳ නැහැ .. නමුත් නීතිය හා සාමය ඇමති උනොත් අපේ රට ගොඩ.

    යු . එන් . පී එකේ ඊලග නායකයා සජිත් වෙනවට තමා මම වැඩියෙන්ම බය. කවදා හරි සජිත් අපේ රටේ නායකයා උනොත් ( මගේ පරම පැතුම එසේ නොවේවා යන්නයි ) උඹලට දෙවෙනි මහින්ද රාජපක්ෂව බලාගන්න පුළුවන් වෙයි.

    සැක නම් මේ දවස්වල ෆේස් බුක් වල වයිරල් වෙලා තියෙන සජියගෙයි මහිදානන්දගෙයි සින්දුව බලපන් .. සජියා හොරුන්ට හ‍රී ආදරෙයි බන්...

    ෂෙයාර් මාකට් කේස් එකට ආණ්ඩුව ගෙඩි පිටින් අල්ලා ගන්න හදන්න එපා බන්. වංචාවක් වෙලා තියෙනවානම් අපි බලමු නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. පොන්න සිරිපාලයලා ලොකු ටෝක් දුන්නට උන්ගේ කාලේ උන වැඩ වල හැටියට මේවා අග්ගලානේ බන් .. උන් ගිල්ලේ වෙහෙරවල් එක උගුරටනේ.. මේ ටික දවසට අපි මැරිලා උපන්නේ නෑනේ බන්..

    අනික කල්පනා කරලා බලපන් රනිල්ට කිරි කන්න වෙලා තියෙන්නේ දැලි පිහියෙන්නේ බන් ..පොර කිරි කන්නත් ඕනා .. තුවාල කර ගත්තොත් විනාසයි.

    ඔය තරම් රළු විවේචන එපා මචං .. රනිල් තරම් මජර ගේම් නිසා කට්ට කාපු වෙනත් දේශපාලන නායකයෙක් අපේ රටේ නැ . 2005 කොටින්ට සල්ලි දීලා මහින්දයා දුන්නු පාහර ගේම තමා හොඳම උදාහරණය ...

    මේ රට 1948 ඉඳන් ගොඩක් එවුන් පාලනය කළා. උන් අඩු වැඩි වශයෙන් රට කැවා . අපි රනිල්ට අවුරුදු 5 කට රට පාලනය කරන්න දීලා බලමු.

    මට නම් ෂුවර් රනිල් රට ගොඩ දානවා දානවාමයි . අපේ දුවා දරුවන්ට සැනසීමේ ඉන්න පුළුවන් රටක් හදා ගන්න නම් වෙනත් විකල්පයක් නෑ මාතා ....

    ReplyDelete
    Replies
    1. අළුත් පෝස්ට් එකක් දාන්න කලින් දාපු කොමෙන්ට්ස් සියල්ලටම රිප්ලයි කරනවා. ඒක නිසා එහෙම දෙයක් වෙන්න විදියක් නෑ..

      උඹ නඟන තර්කය, උඹම බිඳ දමලා. මගේ තර්කය නිවැරදියි කියන දේ උඹම ගොඩ නගනවා..//සරත් ෆොන්සේකා කවදාවත් රටේ නායකයා වෙන්න හොඳ නැහැ .. නමුත් නීතිය හා සාමය ඇමති උනොත් අපේ රට ගොඩ.//

      එතකොට උඹ කියන විදියටම මේ රටේ නීතිය හා සාමය ගොඩ නගන්න නම් මේ පක්ෂ සියල්ලටම බෑ කියලා ඔප්පු කරලා ඉවරයි..

      මේ රට හදන්න නම් ෆොන්සේකා වගේ සෘජූ නායකත්වයක් අත්‍යාවශ්‍යමයි.. කරුමේ වෙලා තියෙන්නේ, මිනිස්සු සම්ප්‍රදාය කඩාගෙන යන්න බිය වීම..

      Delete
    2. ඕන ඕන විදියට තර්ක ගොඩ නගන්න බෑ බං ... ඇමති කමයි රටේ නායකයි කියන්නේ බලතල අනුව අග්ගලයි,වෙහෙරයි වගේ බං

      Delete
    3. දරදඬු පාළණයකට ඇල්පෙනෙත්තක් හරි හොරකම් කරපු එකා බයයි බං.. ඇත්ත කතාව ඕකයි..

      Delete
  24. විප්ලවයක් වෙනවා නම් වෙන්න ඕනේ හරි විධිහට. විප්ලවයකට කතා කලට මදි. මෙතන වෙලා තියෙන්නේ හැමෝටම ඕන වෙලා තිබුනේ හිටපු කෙනා එලවන්න. අවට පස්සේ රට ගෙනියන්නේ කොහොම්ද කියල හිතන්නේ නැහැ. විප්ලවයක් වුනත් එහෙමයි. විප්ලවයක් කරන එක නෙමේ ප්‍රශ්නේ. කරාට පස්සේ රට ගෙනියන එක. ඔය පාවෙන චන්ද වලින් තමා ඊළඟ විප්ලවය එන්නේ.

    ReplyDelete
    Replies
    1. නමුත් මේ අවස්ථාවේ යහ පාළණයට ඡන්දය දීපූ මිනිස්සු බලාපොරොත්තු උනේ විප්ලවයක්. මේ අයට වැඩ පිලිවලක් නැති එක, ඡන්දය දුන්න මිනිස්සුන්ගේ වැරද්දක් නෙමෙයි නේ. දුන්න පොරොන්දු ටික මේ සැරෙත් පෙර පරිදිම පච කන්දරාවක් කියලා ඔප්පු කරලා ඉවරයි. මෙතන දේශපාළන ජයග්‍රහණයක් ලබා ගත්තට ඒ පිටිපස්සේ හිටියේ නිර්දේශපාළණික සිවිල් නායකයෝ. ඉදින් දැන් ඔවුනට අවශ්‍ය දේශපාළණ නායකත්වයක් පමණයි. සිරිසේනත් ඕකට ආවයින් පස්සෙ වෙනස් වෙනවා කියලා අපි ඒ දවස්වලමයි කිව්වේ.

      Delete
    2. සමහර යහපාලන පොරොන්දු ඉටුනොවුන බව නම් සැබෑව. ඒකට හේතුව දින සීය ඉවර වුනහම තමන්ගෙ ව්‍යාජ ප්‍රතිරූපත් බිදවැටෙන බව දන්න දෙතුන් දෙනෙකුගෙ දුෂ්ටකම. යහපාලනෙට සෙට්වුන අයගෙන් බලයක් තියෙන්නෙ එජාපය, ජවිපෙට හා දෙමළ මුස්ලිම් පක්ෂවලට. පැනපු අනෙක් අය නිකම් පුද්ගලයො විතරයි. නමුත් ඔවුන් අද ඡන්ද ලක්ෂ ගනන් ගන්න පක්ෂවලටත් වඩා බලවත්. කටවල් බොහොම සැරයි. එජාපය ඉක්මන් ඡන්දෙකට යන්න හදන්නෙ ඒ නිසා වෙන්න ඇති.

      Delete
  25. ෆොන්සෙකාට විතරයි කොන්ද පණ තියෙන්නෙ. රනිල් කියන්නෙ ආර්ථික ඔස්තාර් කෙනෙක් කියලා හිතන් හිටියට කිසි ආර්ථික වැඩපිලිවලක් නෑ, සරදියෙල් ක්‍රමයට ආර්ථිකය හදන්න බෑ කියලා ඊයෙ කෙලින්ම කිව්වා. රනිල්ගෙ රෙද්ද ගලවපු ෆොන්සෙකාට ප්‍රනාමය.

    ReplyDelete
    Replies
    1. රනිල්ට රට කරනවට වඩා තියෙන්නේ බලය ඩැහැගැනීම පිළිබඳ ප්‍රශ්ණයක්..

      Delete
  26. උඹට මම කලින් වතාවකත් කිව්වා... උඹේ මේ ලියවිල්ල නතර කරන්න ලැබෙන්නේ නැහැ කියලා...
    ඒකට හේතුව විප්ලවයක් කියල කරපු අහවල් එකෙන් උඹට ලියන්න තව තව කරුණු එකතුවෙන බව කළින් ඉඳලම මම අනුමාන කරපු නිසා...

    මොනවා උනත් රට දැන් තියෙන තත්වය හොඳ මදි.
    ආණ්ඩුවට ප්‍රොජෙක්ට් කරන්න සල්ලි නැහැ කියල ඒවා නතර කරන එකෙන් වෙන්නෙත් ලොකු හානියක්.
    පෝට් සිටි නතර කලොත් චීනා දාන බිල ගෙවන්න හිතා ගන්නවත් බැරි වෙනවා.
    තාවකාලිකව නතර කරලා ආපහු පටන් ගන්න කිව්වත් උන් ගේමට හරි දාන ක්ලේම් ටිකම ඇති වෙයි අපිව සැළකිය යුතු මට්ටමකට සල්ලම් වෙන්න.
    උන් දැන් කියන්නේ දවසක ලොස්ට් එක ලක්ෂ 500 ක් කියලා...
    උන් කොහොමත් පාඩු කරගන්නේ නැහැ, කෙළවෙන්නේ ඒකෙ වැඩ කරපු පොඩි මිනිහට.
    හොරකං නෑ කියල කිව්වත් මේ ලොස් වෙන්න අරින්නේ අපේ සල්ලි. වැඩේ යන්න ඇරලා චෙක් කරන මගුලක් කළානම් ඉවරයි. අනික ඕකේ කියන තරම් ලොකු අවුලක් තියෙන්න විදිහක් නැහැ කියල මම පෞද්ගලිකව විශ්වාස කරනවා...

    ඔකේ EIA, Feasibility කරන්න රටේ ප්‍රසිද්ධ පරිසරවේදියන්ට එහෙම නොදීපු එකේ ඇරියස් එකකුත් තියෙනවද කියලත් වෙලාවකට හිතෙනවා... මොකද මම ඕකුන්ව නොදන්න එකක්යැ...

    පාට ලී කවදහරි හරි රටේ නායකයා වෙන්න හිතාගෙන ගමනක් යන බව පේනවා. ඒ අතින් ඌ ඉදිරියෙන්.
    ඒත් ඌ ඒ ගමන යන විදිහට පෞද්ගලිකව මම කැමති නැහැ...

    SF ගැන දේශපාලන අදහස් දක්වන්න තරම් ඔහුගේ දේශපාලනයක් මම දැක්කේ නැහැ...
    ඔහු යමක් කළහැකි පුද්ගලයෙක් බවට අවිවාදයක් නැහැ, නමුත් දේශපාලනයේදී ක්‍රියාත්මක වී පෙන්වන තුරු විශ්වාස කල නොහැකියි...

    ReplyDelete
    Replies
    1. යහපාලකයො මාතලන්ලා ඇදන් හිටපු පොඩි අමුඩ කෑල්ලත් කඩලා දැම්මා. දැන් ඉතින් කලින් ජාතිවාදියො කියලා හන්වඩු ගහපු චම්පිකගෙ ඇගෙ හරි එල්ලෙන්න වෙනවා උන්ට. ඒක ප්‍රශ්න කරන්න ගිහිල්ලා මුන් වහ බිව්වොත් එහෙම ඔන්න වගකියන්න වෙයි.

      Delete
    2. 100% එලඟයි ළොකුපුතේ..

      පෝට් සිටි එක නවත්තපු එක අමුම අමු ගොන් කමක්.. හුට පට ටික බේර ගන්න තිබුනේ වැඩේ යන ගමන්.. ඔතන අපි සතයක් වත් ගෙවන්න ඕන නෑ නැවත්තුවා කියලා.. මොකෝ ඒ ප්‍රොජෙක්ට් එක තනිකර චීනගේ.. මේ රට ගොඩ යන්න ඒ ප්‍රොජෙක්ට් එකම ඇති.. ඉන්දියාවේ ගුලි කාලා නැවත්තුවා නම් අමුම අමු ගොන් කමක්..

      පරිසරවේදින් කියන ප්‍රදේශවල දැනටත් වෙරලක් නෑ.. අමු බයිලා...

      Delete
    3. නැහැ මාතලන්...
      ඒ වගේ ප්‍රොජෙක්ට් එකකදී උනත් නතර කලාට පස්සේ අපිට ගෙවන්න වෙනවා, උන් ඒ වෙනුවෙන් කල ඉන්වෙස්ට් එකට වන්දි වශයෙන්...

      ඊයේ TV එකේ Palm Island එක හදපු හැටි පෙන්නුවා. ඒක දැකපු ගමන් මට මතක් උනේ පෝට් සිටි එක.
      උඹ ඒ ප්‍රොජෙක්ට් එක පොසිටිව් මතයක් දරණ එක ගැන මම ගොඩක් සතුටුයි...

      Delete
  27. මට නම් හිතෙන්නේ රටේ පාලකයෙක් විදියට ෆොන්සේකා දරදඬු වැඩියි. මොකද සමහර දේවල් තියනවා ගෙමෙන් විතරක් කවර් කරන්න බැරි. හැබැයි වැඩක් ගන්නේ නහි එක නම් ලොකු පාඩුවක්. රටේ විනය නිතිය හදන්න දෙන්න නම් කියාපු මිනිහ.

    ReplyDelete
  28. ෆොන්සේකාට කැරට් අල කැවීම... (ෆීල්ඩ් මාර්ෂල්)
    ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් ධූරය පිරිනැමීම ගැන අැත්තවශයෙන් ම සතුටු යි. රණවිරුවෙක් වශයෙන් ඔහු අපගේ මාතෘභූමියට කළ සේවයට උපරිම ගෞරවය ලැබුණා. නමුත්, ෆොන්සේකා මහතා කෙරෙහි පමණක් නො වෙයි රට වෙනුවෙන් ජීවිතය පූජා කළ, කැප කළ සියලු ම රණවරුන් ගැන මගේ හිතේ තිබෙන්නේ ෆීල්ඩ් මාර්ෂල් ධූරයට එහා ගිය ගෞරවයක්. යුද්ධයේ ගෞරවය ෆොන්සේකා මහතා වෙත පමණක් පටවන්න මම කැමැති නැහැ. ඒ වගේ ම යුද්ධය සඳහා අවැසි දේශපාලන නායකත්වය සැපයූ නායකත්වයටත් එහි පූර්ණ, උපරිම ගෞරවය හිමි විය යුතු යි. මොකද රටේ යුද්ධයක් පවතිද්දි ජාත්‍යන්තර අභියෝගයන්ට මුහුණ දෙමින්, රටේ සංවර්ධන කටයුතුත් සිදු කරමින්, රට අභ්‍යන්තරයේ දේශපාල ව්‍යාකූලත්වයත් විසඳා ගනිමින් ලොකු කාර්යභාරයක් දේශපාලන නායකත්වය හරහා ඉටු වුණා. චන්ද්‍රිකා මැතිනිගෙ කාලේ අදූරදර්ශී දේශපාලන විසඳුම් නිසා අපේ වීරෝදාර රණවිරුවන් මරු කටට යවාපු හැටි අතීතය මතක ජනතාව දන්නවා. අනික ඔය දළදා මාළිගාව අභියස බෝම්බ පිපිරෙව්වෙත් කොටි නෙමෙයි චන්ද්‍රිකා මැඩම් ය කියලා ඇතැම් පිරිසක් විශ්වාස කරනවා යම් යම් සාධක සාක්ෂි අනුව.
    කොහොම වුණත් ෆොන්සේකා මහතාට හිමි වූ ෆීල්ඩ් මාර්ෂල් ධූරය කැරට් අලයක් හැටියට යි මම නම් දකින්නේ. යුද්ධයේ ගෞරවය නිතර ම තමන්ට හිමි විය යුතු යි කියා විශ්වාස කළ ෆොන්සේකාට මේ ලැබුණු තත්ත්වය ගැන අහිංසක සහ ආඩම්බරකාර තෘප්තියක් ඇති. නමුත් ඔහුගේ දේශපාලන අරමුණු නම් මෙයින් සපුරා අවුරා දැමෙන බව නම් විශ්වාස යි. මොකද මම දකින විදිහට ෆීල්ඩ් මාර්ෂල් ධූරය පිරිනැමීම හරහා රනිල් - සිරිසේන රජය කර තිබෙන්නේ ෆොන්සේකාව දේශපාලනයෙන් සදහට ම අතු ගා දැමීම යි. විශේෂයෙන් ඉන්දීය අගමැති මෝදි මහතාගේ ආගමනයත් එක්ක විශාල වෙනස්කම් දේශපාලනික වශයෙන් රටේ ජනතාවට වසන් කොට සිද්ධ වන බව පෙනෙන්නට තිබෙනවා. එතුමා බුදු දහමට කොතරම් ගරු කළත් ඔහුට අවශ්‍යය වන්නෙත් ලංකාව ඉන්දියාවට අවනත රාජ්‍යයක් වශයෙන් තබා ගැනීම. අනික ඉන්දියාව පිටුපස සිටින්නෙත් ඇමෙරිකාව. උතුරේ බෙදුම්වාදීන් සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීමට නම් පසු ගිය යුද්ධයට සහ දේශප්‍රේමී අරගලවල නිරත වූ ප්‍රධාන චරිත ලාංකීය දේශපාලන ප්‍රවාහයෙන් අතුගා දැමිය යුතු බව මෝදි මහතාගේ නිර්දේශය වූ බව කාටත් රහසක් නො වෙයි. ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් ධූරය පිරිනැමෙන්නෙත් අන්න ඒ පසුබිම හරහා. මොකද මේ ආණ්ඩුව පැහැදිලි ව දන්නවා රාජපක්ෂවරු දේශපාලනයෙන් වියුක්ත වන විට තමන්ට සිටින එක ම අභියෝගය ෆොන්සේකා බව. මහින්දගේ යළි පැමිණීමට බයේ මහමැතිවරණය කල් දමා නිදහස් පක්ෂයත් හවුල් කරගෙන ජාතික ආණ්ඩුවකට ප්‍රවිෂ්ට වුණේ අන්න ඒ අවශ්‍යතාව පදනම් කර ගෙන යි. දැන් ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් තනතුර දීලා අනෙක් අභියෝගයත් ජයග්‍රහණය කළා. සරල ව කියනවා නම් රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී - අනුර ගැටයට ෆොන්සේකා හසු වී අවසන්. සක්‍රීය දේශපාලනයේ නිරත වීමට ෆොන්සේකාට දැන් හැකියාවක් නැහැ. හමුදා නිලධාරියෙක් වශයෙන් දේශපාලනයට අවනත ව, කීකරු ව, හමුදා ගරුත්වය සහ විනය ආරක්ෂා කර ගනිමින් ඉහළින් ලැබෙන නියෝග පිළිපදින්න ෆොන්සේකාට සිද්ධ වෙනවා. ඉන් එහා කළ හැකි කිසිවක් නෑ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ෆොන්සේකාට තනි තීරණ ගන්න බෑ. දේශපාලනයේ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම පමණ යි කළ හැකි වන්නේ.
    කැබිනට් අමාත්‍යවරයෙකුට හිමි සියලු වරප්‍රසාද දැන් ෆොන්සේකාට හිමි වෙනවා. නමුත් දේශපාලන වරප්‍රසාද හිමි වන්නේ නෑ. ෆීල්ඩ් මාර්ෂල් ධූරයට හිමි වන්නේ මෙවැනි වරප්‍රසාද යි.
    1. නිලධාරීන් 13 ක් හා සෙසූ නිලයන් 135 දෙනෙකුගේ ආරක්ෂාව. (ඔවුන්ට මසකට ගෙවන වැටුප 5,450,000 ක් හෙවත් ලක්ෂ පනස් හතරක් වේ).
    2. ආරක්ෂක රථ 23 ක් හා ඉන්ධන.
    3. නිල නිවසක්, කාර්යාලයක් හා කාර්යාල සහායකයින් 14 ක්. (ඔවුන්ගේ වැටුපද රජයෙන් ගෙවයි).
    4. නොමිලේ දුරකථන, අන්තර්ජාල, ලිපි ද්‍රව්‍ය, මුද්දර, විදුලි බිල්, ජල බිල් ඇතුළු වරප්‍රසාද විශාල ප්‍රමාණයක්.
    මේ හැර ෆීල්ඩ් මාර්ෂල්වරයෙකුට කිසිදු රාජකාරියක් හෝ වගකීමක් පැවැරෙන්නේ නැත. එය ගරු කටයුතු තනතුරකි. එහෙත් ඉලක්කම් 6 ක වැටුපක්, වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පවා හිමි වේ. එසේම යුධ හමුදාවේ ඕනෑම උත්සවයකට අනාරාධිතව වුවද පැමිණෙන්න පුළුවන්. එහිදී ඔහුව ආචාර වෙඩිමුර ඇතුළු පූර්ණ රාජ්‍ය උත්තමාචාර සහිතව පිළිගත යුතු යි. ඒ වගේ ම කවදාවත් විශ්‍රාම යන්න ඕන නෑ. ෆොන්සේකා මහතා යුද ජයග්‍රහණයේ ආඩම්බරකාර සුවය විඳිමින් බෙදුම්වාදී පාලනයේ අතකොළුවක් බවට පත්වේවි. දිනෙන් දින ඉටු වන බෙදුම්වාදීන්ගේ අරමුණු හමුවේ ෆොන්සේකා මහතා කවර පියවරක් අනුගමනය කරාවි දැ යි බලා සිටිනවා......

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න