.

.

Mar 6, 2015

සර්ව ජන ඡන්ද බළය අහෝසි කරණු...!!! - Why we need the Right to Vote....?

 

ර්ව ජන ඡන්ද බලය කියන්නේ ප්‍රජාතන්තරවාදයේ තියෙනා, ජය මනයාට හිමිව ඇති, අති උතුම්ම බලයයි. ජනතාවට පාර්ලිමන්ට් ජෝක්ස් පෙන්නන්න බැරි නිසා. දන්න කියන කුඩු කාරයෙක්, බඩු කාරයෙක්, මිනීමරුවෙක්, රේප් කාරයෙක්, කම්බ හොරෙක් හරි, උන්ටත් අන්ත, මහා ආචාර්යය, ආචාර්යය, උගත්ය, බුද්ධිමත්ය කියනා, නොම්මර එකේ හරකෙක් දියවන්නාවේ මොන්ටිසෝරියට යවන්නේ අපේ ගොන් කම ප්‍රදර්සොනේ කරන්නය.

ඇත්තටම එතන ඉන්න උන් ටික දැක්කාම, මේ රටේ චිත්‍රය බොහෝම අපූරුවට බලා ගන්න පුළුවන්ය. කතා කොරන්නේ, එළොවටත් මෙළොවටත් සංසාරේ වැදගත් කමක් නැති කුණුහබ්බය. හැම එකාම මැක්සා ට්‍රයි එක දෙන්නේ, නම්බර් වන් ජෝකරයෙක් වී, TV චැනල් වල, "ගොන් කථා" පොරෝගැරෑම වලට වොයිස් කට් එකක් දමා ගන්නය. පර්ලිමන්ට් ජෝකර් කෙනෙක් වෙන්නය. ජෙප්පෝ සහ එක අතක ඇඟිලි ගනනටත් අඩු ගනනක් හෝ පාර්ලිමේන්තුවට වටිනා කමක් දීම ගැන, ඇත්තටම උන්ට අපේ බොක්කේ ප්‍රමාණය හිමි වෙන්න ඕනාමය.

අපේ, "සර්ව ජන ඡන්ද බලේ" කියන්නේ, එක එක බසා වෙල්ලන්ට ඕනා විදියට අපහරණයේ යොදන්න පුළුවන් බඩුවක් නෙමේය. අම්මට සිරි ලංකාවේ ඕනෑම ගෙදරක කෙල්ලෝ හදන්නේ මල් වගේ බොහෝම ආදරයෙන් ආරක්ෂා කොරලාය. එහෙම ආරක්ෂා කොරලා, උගන්වලා, දෑවද්දකුත් එක්කම ආන්ඩුවේ රැජිස්ටොර් ගාව ලියලා, හත් මුතු පරම්පරාවටම කන්න බොන්න දීලා, මඟුලක් අරගෙන මොකෙකුට හෝ බාර දුන්නත්, ලංකාවේ නීතිය අනුව ඌට ඕන ඔනා වෙලාවට, ඌට ඕනා ඕනා ආකාරයට හැමිනෙන්න, හැරෙන්න, පෙරලෙන්න, තුරුල්වෙන්න, අර කෑල්ල බැඳිලා නැතිය. කොටින්ම තමන්ගේ බිරිඳට හෝ අපචාර කිරීමටවත්, අපහරණයේ යෙදීමටවත් කිසිම ඉඩක් නැත්තේය.

නමුත් අද සිඳු වන්නේ කුමක්ද? අපේ ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට යන කාළකන්නි, අපට පුක පෙන්නා, අපේ ඡන්දය හොඳ ගනනකට විකුණා, කිසි අවුලක් නැතිව ගොස්, ප්‍රතිපක්ෂය හා දීග කන එකය. ඒක හරියට අර කසාද බන්දලා දුන්න අපේ කෙලි පැටික්කිගේ පුකට පයින් ගසා, කෙල්ල අපිට දීලා, ඌ වෙන බඩුවක් එක්ක යනවා වගේය. 

කෙල්ලෙක් එහෙම දාලා නිකං යන්න බැරිය. අපේ එකෙක් හෙම දාලා ගියානම් අතින් පයින්ද සංග්‍රහයක්ද හිමි වෙනවාමය. එහෙත් ඒ වගේ ඉල්ලගෙන කන ගේම් වලට යන්න ඕනාත් නැතිය. කෙලින්ම ඩිවෝස් නඩුවක් දමා, වන්දි ඉල්ලා, නඩුවක් බැලවිය හැකිය. එහෙත් අපේ ඡන්දයට කෙළලා යන කාලකන්නින්ට විරුද්ධව අපට කිසිම දෙයක් කොරන්න බැරිය.

මුලින්ම මෙය තිබුනේ පාර්ලිමේන්තුවේය. දැන් පලා බබා සුදු අලි දෙපාර්තමේන්තුවලටත් වැඩේ බෝවී ඇත. ඉදිරියේදි පළාත් පාළණ, නගර බබාවලටත් එන්නට පුළුවන්ය. මේවා හෙන ගහනා වැඩය. "කේවල ඡන්ද සිස්ටොම්" එක තියෙන කාළේ මේ සෙල්ලම් දාන්න පුළුවන් කමක් තිබුනේ නැතිය. එහෙම එක එක පඩත්තලයන්ට ඕන විදියට ආතල් ගන්න ඉඩ කඩ තිබුනේ නැතිය. අතුරු මැතිවරන කියන ඒවා තිබුනේ ඒකටය. තම වාසියට පක්ෂ මාරුකරපු උන්ට මිනිස්සු සැලකුවේ තිරිසනුන් ලෙසය. 

මේ වැඩේ ලීගලයිස් කරලා දුන්නේ, දියවන්නාව ගාව බඩු ගහපු කාළකන්නියෙක්ය. ඌ ලංකාවේ නීතිය, අගවිනිසුරු කමේ වටිනාකම, බල්ලාට දමා ක්‍රියා කලා මදිවාට, අපේ උත්තරීතර බලය වූ සර්ව ජන ඡන්ද බලයටත් කෙලලාම යන මරි මෝඩ තීන්දුවක් දුන්නේය. ඒ අනුව පක්ෂය මාරු කළ එකාට කිසි අවුලක් නැතිය. පත් කරලා යවපු අපට හුප්පේය.

මේ පඩත්තල වැඩේ, යහපාළණේ දෙනවා කියා ආපු සිරිසේන ගොයියාගේ කාළයේත් වෙන එක ලැජ්ජාවට කාරණයක්ය. රනිල්ලා ගැන මිනිසුන්ට කිසි පැහැදීමක් නැත්තේය. බහුතරය තිබෙනුයේ අලි ඡන්ද බෙටි වුවද, ඒ මිනිස්සු ඡන්දය දුන්නේ මහින්ද එලවීමට පමණක් නොවේ. මේ රටේ කම්බ හොරුන්ට එදිරිව නීතිය ක්‍රියාත්මක කිරීමටය. ජනපති ක්‍රමේ අහෝසී කිරීමටය. මේ පඩත්තල සමානුපාත රෙද්දේ ඡන්ද ක්‍රමය වෙනස් කර, කේවල හා මළ මූසල දෙකම කලවම් එකක් හෝ වෙන මක්කා හෝ මළ මගුලක් ගෙනේ යැයි කියලාය. ඒත් මුන් කරන්නෙත් තිබුන තුප්පහි පාළණ ක්‍රමයම ඉදිරියට ගෙන යාමක්මය.

මෑතක සිඳුවූ පළාත් සභා බල පෙරලි සියල්ල්ම සිඳු වූයේ එවන් ක්‍රමයකයකටය. මේවා මහා තුප්පහි වැඩය. ඡන්දය දුන් ජනයාට කරනා නිග්‍රහයක්ය. මේ රටේ සිවිල් අයිතිවාසිකම් ගැන මහා හඬින් කතා කරනා එකඳු සංවිධානයක් අද වන තෙක් මේ තුප්පහි ක්‍රියාවට එරෙහිව උසාවියට ගොස් නැත. අපේ ඡන්දය වෙනස් කිරීමට කිසිඳු අයිතියක්, අපි නියෝජනය කරනා කාළකන්නියාට නැත. අප පත් කර යැවූ කාළය තුල ඌ අපගේ මනාපය අනුව කටයුතු කළ යුතුය. ඌට හෝ ඒකිට අපේ කැමත්ත දිරවන්නේ නැත්නම්, ඉන්නා ආයතනයෙන් ඉවත් වනවා මිස, අපේ ඡන්දය වේස කමේ යෙදවීමේ කිසිඳු අයිතියක් නැත්තේමය.

ඉදින් මේ දිනවල, විවස්ථාව හා ඡන්ද ක්‍රමය වෙනස් කිරීම ගැන දන්න කියනා හැම එකාම මහා සම්මන්ත්‍රණ කුමන්ත්‍රණ, රැස්වීම්, කොමිසොන්, මීටීන්, වැඩමුලු, අර මුලු, මේ මුළු හැම තැනම තිය තියා යනවාය. 

මාතලන්ට නම් කියන්න තියෙන්නේ තොපේ ලබ්බවල් ඕනා තරම් තියා ගත්තට අපට අවුලක් නැතිය. එහෙත් අපේ ඡන්දය වෙනස් කිරීමේ අයිතියට තව දුරටත් නීතියෙන් ඉඩ කඩ තබා කරනා වෙනසෙන් නම්, අපට වැඩක් නැතිය. එහෙම අපිට පුක පෙන්වා තොපිට ඕනා දේ කොරන්න ඕනා විදියට සිස්ටොම් හදා ගන්නවා නම්, අපට ඕනා සර්ව ජන ඡන්ද බලයක් නැත්තේය. ඒක අරගෙන රෝල් කරලා ඔහේලා කැමති තැනක පරෙස්සමට ගහ ගත්තාට අපට කිසිම අවුලකුත් නැත්තේය.

අපේ පාළකයන්ට කොහොමත් ඕනා, එංගලන්තේ සුද්දා එන්නට කලින් තිබුන විදියට, රාජන්ඩුවක රජවරුන් මෙන් බැබලි බැබලි, ප්‍රාවෙනිදාසයන් පිරිසක් පාළණය කරමින්, මේ රට උලා කෑමට මිස වෙන කිසි මළඳානයක් කිරීමට නොවේ. සුද්දා ගිය දවසේ පටන් හැම එකාම මේ රට විනාශ කළා මිස, රටට කළ කිසිම දෙයක් නැත්තේමය. 

සර්ව ජන බලය අපට ලැබුනේ 1931 දීය. ඒ සුද්දාට පින් සිඳු වන්නටය. එදා ඩොනමෝර් කොමිසමෙන් ඡන්ද බලය ලබා දෙන විට, වම, දකුණ, ජාතිවාදි, දෙශප්‍රේමි, ජාතිමාමක, අරක මේක, නියෝජනය කළ ප්‍රභූ පන්තියේ හැම එකාම මීට විරුද්ධ වූයේ නිකමට නොවේ. පාළකයින් පමණක් නොව මට්ට ගොන් බූරු ජනතාවගේ බහුතරයක්ද සිටුනුයේ ඒ මානසිකත්වයේමය. උන් කැමති ප්‍රාවෙනීදාසයින් ලෙස ජීවත්වීමටය. උන්ට එය ආඩම්බරයට කාරනයක්ය. 

එහෙත් පාළකයින් මතකයේ තබා ගත යුතු කරුණ නම්, එදා මෙන් නොව අද ළෝකයා ගැන දන්නා බහුතර පිරිසක් රට තුල ජීවත් වනා බවය.

මේ පඩත්තල වැඩේ තව දුරටත් සිඳු වේ නම්, මීට පස්සේ ඡන්ද තියන්න එපා. ජාතික ආන්ඩු බැරිනම්, පාන්ඩු හෝ හදාගෙන තොපිම ඔය ආයතන ටික ඔහොමම ගෙනියපියව්. එකෙක් මැරුනොත් උගේ ගෑණී හෝ දරුවෙක් දාගෙන වැඩේ දිගටම ගෙන යනු. මැතිවරණ දෙපාර්තමේන්තුව අහෝසි කර, හෝටලයකට දෙනු.

සර්ව ජන ඡන්ද බලයට වටිනාකමක් නොමැති ඡන්ද බලයකින් අපට නම් වැඩක් නැත.

38 comments:

  1. සර්ව ජන චන්ද බලය මොකක්ද බං උතුම්.. ඒ අපිට කියන විදිය.. ඒකේ ඇති උතුම් බවක් නෑ.. මේ වගේ රටක ජනතාවට ඇති එකම නිදහස් අයිතිය විතරයි..


    අනේ බං අර සුන්නි වහාබ්වාදය අයිසිස් හරක් කරන වැඩ ගැනත් ලියහංකෝ.. ඇයි බං ලංකාවේ මේ සුන්නියෝ එකෙක් වත් කටක් ඇරල ඒවා වැරදියි නොකියන්නේ.. මම කියන්නේ මිනි මරණ එක ගැන නෙමෙයි.. අර ඉරාකයේ mosul කෞතුකාගාරයට කරපු දේ දැක්කද මේ හරක්.. ලංකාවේ ඉන්නෙත් ඒ වගේම හරක් තමා. මොකද උනුත් සුන්නියෝ නෙව..

    ReplyDelete
    Replies
    1. උං ගැන වෙනම ලියන්නේ මක්කටෙයි බං.. දෙමළට පන වගේ ආදරය කරපු.. බද්දේගම සමිත හාන්දුරුවොත් වාසුලා වගේම අයිසිස්ලා වෙලා ඉන්න රටක.. උන්ගෙයි මෙ කාළකන්නින්ගෙයි වෙනස කියහන් උඹ පුළුවන් නම් මට...

      Delete
  2. ඕක තිබ්බත් වැඩක් ඇති ලබ්බක්නම් නෙමෙයි තමා.ඉස්සරනම් ඡන්දයක් තියෙද්දි ඇඳිරිනීතිය දායි කියල දවස් 3-4ට ඕන කරන දේවල් කුස්සියට දාගන නෑදෑයෝ එක්ක ආතල් එකේ ඡන්ද ඇහුවා.ඡන්ද පෙට්ටි ගෙනියනකොට ඇදිරිනීතිය දැම්මහම පාරේ සෙල්ලම්කලා.අද ඒ ආතල් එකවත් නෑ.ඡන්දෙට පහුවෙනිද ඉදන් වැඩට යන්නත් ඕනෙ.
    අනික මොකා දිනුවත් ඇති ලබ්බකුත් නෑ.එකම කාසියේ දෙපැත්තක් විතරයි.නොමිනේශන් ලැබෙන්නැතිවෙයි කියල බයවෙලා ඉන්න නපුන්සකයෝ ටිකක් 58 ලොකුයි කියල මහපාරවල් මැද්දේ ආතල් ගන්නවා.අර 60 ගානක් ගත්තවුන් 58ට බයවෙලා 60ගානම අමතක කරලා 58ට කෙළ හලනවා.මෙලෝ රහක් නෑ.

    ReplyDelete
    Replies
    1. මුන් එකෙක්වත් රට හදන්න එන උන් නෙමෙයි.. උන් හැදෙන්න එන්නේ.. දැන් අපි එක්කාසු වෙන්න ඕන කාළේ ඇවිල්ලා.. කරුමේ කියන්නේ ඒකට ඉන්න නායකත්වයත් අරුන්ගේ පුක පස්සේ යන එක...

      Delete
    2. //නොමිනේශන් ලැබෙන්නැතිවෙයි කියල බයවෙලා ඉන්න නපුන්සකයෝ ටිකක් 58 ලොකුයි කියල මහපාරවල් මැද්දේ ආතල් ගන්නවා.අර 60 ගානක් ගත්තවුන් 58ට බයවෙලා 60ගානම අමතක කරලා 58ට කෙළ හලනවා.මෙලෝ රහක් නෑ.// මේ කෑල්ල මමයි කියන්න හිටියෙ කටුසු ඒක හොරකම් කරගෙන

      Delete
  3. @ මාතලන් සහබ්,

    අඩේයප්පා දැන් නෙව මතක් උනේ........! සහබ්, මම ජනාධිපතිවරනේ ඉවර වෙච්චි ගමන්ම මේ ගැන පෝස්ටුවක් කෙටුවා මාමා ජීගේ බ්ලොගස්පොට් එකට (දැන් නම් ඉතින් පිල්ලියගේ බ්ලොග වගේ තමා......හික්z!!) යවන්න......!! ඒක එහෙම්ම බාගෙට කොටලා නෝට් පෑඩ් එකේ සේව් කලා...කලාමයි එහෙම්ම අමතක වෙලා ගියා....!! දැන් තමයි මට මතක් වෙන්නේ!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. සේව් කොරන් ඉඳලා වැඩක් නෑ... තැටි රත් උන වෙලාවේ රොටි පුච්ච්ගන්න ඕන...

      Delete
  4. ජෙප්පෝ සහ එක අතක ඇඟිලි ගනනටත් අඩු ගනනක් හෝ පාර්ලිමේන්තුවට වටිනා කමක් දීම ගැන, ඇත්තටම උන්ට අපේ බොක්කේ ප්‍රමාණය හිමි වෙන්න ඕනාමය.
    +++++++++++++++++++++

    ReplyDelete
  5. ජෙප්පන් පුන පුනා පෙන්වා දෙන්නේද මෙයමය. එහෙත් උන්ටද අවස්ථාව දුන් කල කරගන්නට බැරිය. කොහොමින් කොහොම හෝ යහපාලනය තුළ වෙන්නට යන්නේද පැරණි ක්‍රමයටම අලුත් පාට පොදක් ගැම පමණක් බව දෑනී ඇති සේය.

    ReplyDelete
    Replies
    1. පාළණ බලයක් හම්බ වෙයි කියලා හීනෙකින් වත් හිතලා නෑ කියලා නියමෙට පේනවා...

      Delete
  6. ඉන්ගලන්තෙ ඕක ලැබුනෙ අවු 900-1000ක අරගලයකින් පස්සෙ ( Witan, magna carta ඒවගෙන් සුලු වශයෙන් පටන්ගෙන )
    ප්‍රවේණී දාසභාවය වගේම ගැලරි එකට කතාකිරීම ලොකුම එක ලෙස සලකන ජනතාවකට ඉන් මිදීමට පෙර ඕක ලැබීම ප්‍රජාතන්ත්‍රවාදයට නිග්‍රහයක්

    ReplyDelete
    Replies
    1. එංගලන්තෙ එහෙම උණත් - ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ

      -ජිප්සීස් -

      Delete
    2. තාමත් ඉන්නේ කරකවලා ඇත් ඇරලා වගේ හොල්මන් වෙලා.. රජ කතා වලට මාර ආස හරක් ටිකක් නේ ඉන්නේ...

      Delete
  7. මමනම් හිතන්නේ නැහැ මේ වැඩේ හිතන තරම් ලේසියෙන් ආණ්ඩුවට ඕනෑ විදිහට කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි සිලි ලංකා කාරයොයි ඌඇම්පි කාරයොයි අතරේ ඉන්න එක වල්ලේ පොල් නිසා මේ වැඩේ ගොඩදාගන්න පහසුයි කියලා උන් දෙගොල්ලෝ හිතනවා. අපි ජේවීපී අදහස් මිනිස්සුන්ට පැහැදිලි කරලා දෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. පුරවැසි බලය එකසිය ගානට පෙන්වන්න ඕන...

      Delete
  8. මාතා......................

    මේක අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන දේශපාලනික නූගත් කමයි.... ඒ කියන්නේ උපාධි නෑ කියන ඒක නෙමෙයි. තමන්ට තියෙන අයිතිය සහ තමන්ගේ හැකියාව නොතේරෙන කමයි... ඉතින් මෙහෙම සමාජයකින් මීටත් වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකියි... අපි කළ යුත්තේ ජනතාව දැනුම්වත් කිරීමයි.. ඒතකොට ඔය නරින්නට නාඩගම් නටන්න බැරිව යනවා.............

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් සත්තරනේ මේ කොරන්නේ ඉඳගෙන...

      Delete
  9. මාතා උඹ කියපු විදිහටම අර දියවන්නාව ගාව බඩු ගහපු එකාගෙ බුරු ගුන්ඩුවලට ජෙප්පලත් අහුවෙලයි හිටියේ, මතකද මේ ජනපතිවරණයේදි ඔය කාලකණ්නියා කිව්වේ මහරජුට නැවත ජන්දේ ඉල්ලන්න බෑ, එහෙම ඉල්ලුවනම් රජුට විරුධ්දව නඩු කියන්නෙ තමන් කියා ජෙප්පන්ගෙ මීටින් වල පම්පෝරි ගගා රට වටෙ ගියාට මූ තනිකර කලේ රජුගේ කොන්තරාත්තුවයි....

    ReplyDelete
    Replies
    1. උන්ට නෙමෙයි ගහන්න ඕන. පඩත්තල වේසා බල්ලෝ ඉස්සර කරගෙන එන උන්ට...

      Delete
  10. හික්ස්... අයියෝ සල්ලි කිව්වලු... :(

    ReplyDelete
    Replies
    1. කාටෙයි කියන්නේ බං...

      Delete
  11. ගරු වෛද්‍ය නිලංග සමරසිංහ මහතාගෙන් විමසිය යුතු ප්‍රශ්න කිහිපයක් ඇති බව අපට පැහැදිළි වේ.

    ඉහත ප්‍රවෘත්තියේ සඳහන් පරිදි මන්ත්‍රීවරයකුට ඉල්ලා අස්වන ලෙස ලිඛිතව බලපෑම් කිරීමට ඔබට බලය ලැබී ඇත්තේ කුමන පනතකින්ද?
    ඔහු අස් නොවුණහොත් ඔබ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඔහු ගැන වාර්තා කරන්නේ කෙසේද?
    නඩුවකින් වැරදිකරුවකු නොවී චූදිතයකු වූ පමණින් කෙනෙකුට දඬුවම් කිරීමට හෝ තනතුර හැර යන්නැයි බල කිරීමට ඔබට ඇති අයිතිය කුමක්ද?

    http://lankaenews.com/news/1476/si

    ගෝඨාභය දේශපාලනේ කරනවා කියල මල පැනල හිටි යහපාලන මහත්තුරු දැක්කද මේ දොස්තරයා සිරස සටනට ඇවිල්ල දුන්නු දේශපාලන ටෝක් ටික. සමහර විට පේන්න නැතුව ඇති?

    ReplyDelete
  12. //සර්ව ජන ඡන්ද බළය අහෝසි කරණු...!!! - Why we need the Right to Vote....? //

    සර්ව ජන ඡන්ද බළය යනු Right to Vote නොවේ.

    එහි නිවැරදි ඉංගිරිසි වදන Universal suffrage යන්නයි....

    http://en.wikipedia.org/wiki/Universal_suffrage

    ReplyDelete
    Replies
    1. මම නම් සාරසා ට කියන්නේ මේ හඩු බ්ලොග් එකේ කමෙන්ට් කරන්න එපා කියලයි. මේ කුනුගොඩවල් වලට අනවශ්‍ය වටිනාකමක් දෙන්න එපා.

      Delete
    2. ඕක ලිව්වා නම් "සර්වළෝක පූට්ටුව" වගේ තියෙයි...

      Delete
  13. "දේශපාලනය පිටු දකිමු "

    එකතුවන්න

    "නිර්දේශපාලනික සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය "

    කැඳවුම්කරු
    ඉවාන් පවුලූශා

    ReplyDelete
    Replies
    1. ඔබ සංවිධානයට කොන්දේසි විරහිතව සහයෝගය දෙන බවට සතුටින් දැනුම් දෙමු...!!! මතින් තොර හෙටක් සඳහා කැපවෙමු.

      කැඳවුම්කරු
      - ගල් බලකාය -
      2015/03/07

      Delete
    2. මෙන්න මූ බලකාය පාවලා දෙනවෝ.....//මතින් තොර රටක්//......මේක හිතන්නවත් නරක මහ කක්කි යෝජනාවක්.

      Delete
    3. ටික කලකට ප්ලීස් එක්ස්කියුස් මී මචෝස්....

      Delete
  14. //එහෙත් පාළකයින් මතකයේ තබා ගත යුතු කරුණ නම්, එදා මෙන් නොව අද ළෝකයා ගැන දන්නා බහුතර පිරිසක් රට තුල ජීවත් වනා බවය.//
    ...සහ ඔවුන් සංඛ්‍යාෙවන් සිය දහස් ගණනින් දිනපතා ප්‍රගුණනය වන බවය.

    ReplyDelete
  15. //ඒකල ඡන්ද සිස්ටොම්//

    ඒකල නෙමෙයි ලොක්කා කේවල
    කේ වල

    ReplyDelete
  16. හරීන්ලා ඌවේ කෙරුව වැඩේ හරි සවුත්තුයි.කොහොමත් මේ තියෙන ක්‍රමය ඇතුළේ අපේ ජන්ද වලට තියෙන්නේ සීමිත වටිනාකමක්.මේ තරම් දේශපාලකයෝ ඉදිරියේ ජන්ද දායකයින් බාල්දු කරන,හෑල්ලු කරන රටවල් ලෝකේ තවත් තියෙනවාද ?

    ReplyDelete
  17. සර්ව ජන චන්ද බලයත් හොඳයි වෙච්ච ආණ්ඩු පෙරලියත් හොඳයි

    ReplyDelete
  18. ///අපේ පාළකයන්ට කොහොමත් ඕනා, එංගලන්තේ සුද්දා එන්නට කලින් තිබුන විදියට, රාජන්ඩුවක රජවරුන් මෙන් බැබලි බැබලි, ප්‍රාවෙනිදාසයන් පිරිසක් පාළණය කරමින්, මේ රට උලා කෑමට මිස වෙන කිසි මළඳානයක් කිරීමට නොවේ. සුද්දා ගිය දවසේ පටන් හැම එකාම මේ රට විනාශ කළා මිස, රටට කළ කිසිම දෙයක් නැත්තේමය. ///

    හරියටම හරි . ඕක තමයි හුඟක් අයට තේරෙන්නේ නැති කම . මුන් තම ජීවත් වෙන්නේ රාජධානියක . ජනරජයක නෙවෙයි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න