.

.

Sep 18, 2015

සාහිත්ත මාසෙට පොත් - Books to Read



සාහිත්ත මාසෙට හැම අවුරුද්දේම දාන පොත් ලයිස්තුව මේ පාර දැම්මේ නැත්තේ ඇයි කියා කීප දෙනෙක් අහලා තිබුනාය. ඒ නිසා මේ සාහිත්ත මාසෙට බන්ඩාරනායක සම්මන්ත්‍රොන සාලාවෙ තිබෙන පොත් මංගල්ලෙන් ඔහේලාට තෝරා ගන්න පොත් ටිකක් කියනා එක මාතලන්ගේ යුතු කමක්ය. ඒ නිසා මේ පොත් අමාරුවෙන් හෝ හොයාගෙන කියවන්න කියලා ආදරයෙන් මෙන්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවාය.

මේ සාහිත්ත මාසය වෙනුවෙන් මාතලන් ලියනා පළමු පෝස්ට් එකය. සාහිත්ත මාසය වෙනුවෙන් මාතලන්ගේ බ්ලොග් ගුරු ජී වන කතන්දර නොහොත් රසිකලොජිස්ට් මහතාද පෝස්ට් දානවාය මේ ඒ මහතා ඔට්ටේලියාවෙ සිට සාහිත්ත මාසය වෙනුවෙන් ලියනා ලද නවතම පෝස්ටුවය.

යහපාලනය - ජයම්පති වික්‍රමරත්න - සුරංගනා කතාවක්

නාන්නා සහ බාල්දිය - ආචාර්ය දයාන් ජයතිලක - පර්යේසොන් ග්‍රන්තයක්

හුට්ට පටං හිටං හුටං - යහපාල සිරිසේන - මාරාන්තික නව කතාවක්

පකයා - වාසුදේව නානායක්කාර - සඟිස්කුරුතික අමාත්තන්සේ ප්‍රකාසොනයක්

අයිසෙ මහත්තයා - රනිල් විකුම්සිහ - සිරිකොත ප්‍රකාසොනයක්

අප්පච්චි මලා - විජිත් විජිතමුනි සොයිසා - සෝක කෙටි කතාවක්

උට්ටානය උනා - අප්පච්චි මලා (දෙවන කොටස.) විජිත් විජිතමුනි සොයිසා - නව කතාවක්

ඉල්ලාගෙන කෑම - බුද්ධික පතිරණ - දේසපාලන අත් පොතක්

ගස් මාරුවීම  - දයාසිරි ජයසේකර -ජන ක්‍රීඩා පොතක්

සරත් හා ශිරානී - ඩලස් අලහප්පෙරුම - සාස්ත්‍රීය නිබන්ධනයකි

රට බෙදා අපි මැරෙමු හා පෙඩරල් පාළණය - ගොන් මන් පිල - හොල්මන් කතාවක්

කූඤ්ඤය ගලවා ගත් රිලවා - විමලසිරි ගම්ලත් - ළමා පොතක්

රජෙක් බල්ලෙක් කරන්නෙ කෙසේද - විමලසිරි ගම්ලත් - දේසපාලන අත් පොතක්

විපස්ස නායක හීනය - කුමාර වෙලගම - වැඩිහිටියන්ට පමණයි

නිවැරදිව රොටි පිච්චීම - මාදුළුවාවේ සෝභිත - ධර්ම ග්‍රන්ථයක්

නයාට පොල්ලෙන් ගැසීම - නානසාර හිමි - කෙටි කතාවක්

වමෙන් කළ හැකි දේ - ඩීව් හා තිස්ස සම ප්‍රොකාසනයක්

කුඩු කෑ කුමාරයා - දුමින්ද සිල්වා - රහස් පරීක්සොක කතාවක්

ගේ කුරුල්ලෝ - සිරිකොත ප්‍රකාසොනයක් - වැඩිහිටියන්ට පමණයි

සීපාට අපි බයයි මල්ලියේ - විමලසිරි ගම්ලත් - කාව්ය සන්ග්‍රහයක්

පෙරකදෝරුවකු වන්නේ කෙසේද - නාමල් රාජපක්ස - නීතී පොතක්

අප්පච්ච්ගෙ රොකට් එක - චිචී රාජපස්ස - තාක්සන විජ්ජා පොතක්

රජ ගෙදර සිට මැදමුලන දක්වා - මහින්ද රාජපක්ස - චරිතාපදානයක්

පිතිකරුවන්ගේ ඉස්තාන - අර්ජුන රණතුංග - ක්‍රිකට් පාඩම් පොතක්

වහ බොන හැටි - ඩිලාන් පෙරේරා - කෑම බීම පොතක්

හරාකිරි - බන්ධුල ගුණවර්ධන - සෙප්පඩ විජ්ජා පොතක්

දෙපත් නයි - සුසිල් ප්‍රේමජයන්ත - නව කතාවක්

බලු සිංහයෝ හා සිංහයෝ බලු වීම - දිනේස් ගුණවර්ධන - පාරම්පරික වෙද පොතක්

සිරිලිය - මාසික සඟරාවක් - මැදමුලන ප්‍රකාසොනයක්

How to Issue Treasury Bonds by Arjun Mahendran -  ආර්ථික විජ්ජා පොතක්

වෙන කරන්න දෙයක් නෑ - චන්දිරිකා කුමාරතුන්ග - පෙල පොතක්

අලි දිවිය ළෝකේ යාම - මුතුහෙට්ටිගම - ළමා පොතක්

අභයාරාමේ විප්ලවේ - නර්ස් ඉස්තවිර - විහිළු කතා පොතක්

එල්ලා මරන්නේ කෙසේද - දඹර අමිල හිමි - ධර්ම ග්‍රන්ථයක්

Defender by  PSD - රථ ධාවනය පිළිබඳ අත් පොතක් 

සාහිත්තේ කන්නද ඕයි - ජේ ආර් ජයවර්ධන - සාහිත්ත ග්‍රන්තයක්



පොත් ගැන ලියූ පළවන ළිපිය

112 comments:

  1. යහපාලනය තෙලෙන් බැදීම - කෑම වට්ටෝරු පොතක්

    ReplyDelete
    Replies
    1. හිර ගෙදරින් රෝහලට - වෛද්‍ය උපදෙස් පොත

      Delete
    2. අර දෙවනි පොත නම් මාර වටින පොතක් අප්පා...

      Delete
    3. ianගෙ පොත් දෙකම මරු ඒත් කර්තෘ සඳහන් කළේ නැති හන්ද හොයාගන්න අමාරුයි

      Delete


  2. හිනාවෙලා ඉළඇටත් කැඩුනද මන්ද
    පොත් ඔක්කොම පට්ටටම පට්ට

    ඔක්කොම කියවන්න වෙලාවක් නැති හින්ද
    රජෙක් බල්ලෙක් කරන්නේ කෙසේද කියන පොතයි නිවැරදිව රොටී පුච්චන්නේ කෙසේද කියන පොතයි කුඩු කෑ කුමාරයා පොතයි පෙරකදෝරුවෙකු වෙන්නේ කෙසේද කියන පොතයි ගේ කුරුල්ලෝ පොතයි නම් කොහොමහරි හොයාගෙන කියවන්න ඕන.

    මොනව නැතත් රජෙක් බල්ලෙක් කරන්නේ කෙසේද කියන පොතනම් පට්ට සුපිරි ඇති. මං කියන්නෙ ඒකට රාජ්‍ය සම්මාන හම්බවෙයි.

    ReplyDelete
    Replies
    1. රාජ්ජ සම්මානේ ගියේ හාන්දුරු නමකට නේද....?

      Delete
    2. ඒ ස්වර්ණ පුස්තක සම්මානෙ මාතෙ රන් කරඩුවට
      රාජ්‍ය සාහිච්ච සම්මානෙ ඔක්තෝබර් වලට කල් ගිහිල්ල.. සිරාට කලිං කීවෙ නෑ කියල.. තමයි කයන්නෙ ඇත්ත නං මොකද්ද හරියටම දන්නෑ ඒත් ඔක්තෝබර් 22 රාජ්‍ය සාහිත්‍ය සම්මාල උළෙල තියෙයි..
      මට ඕක ඇහුව ගමන් හිතුනෙම
      සාහිත්තේ කන්නද ඕයි - ජේ ආර් ජයවර්ධන - සාහිත්ත ග්‍රන්තයේ//
      හික්ස්

      Delete
  3. අන්තිමට මෙහෙම එකක් දැක්කා.. No comments! කියලා.. හැක හැක හැක.. වල්ලා පට්ට සුදෝ!

    ReplyDelete
    Replies
    1. පබිලිෂ් වෙනකොට 3 comments වෙලා.. :/

      Delete
    2. කලබල උනාම කොරොස් කටෙත් අත දාගන්න අමාරුලු...

      Delete
  4. අධිරාජ්‍යවාදී ගැටේ - V .විමලසේන - ළමා හොල්මන් පොතක්
    රජ ගෙදර ගේට්ටු කැඩීම - පැණි මාධව - ත්‍රාසජනක පොතක්.
    ඈස්චැර්ය්‍ය ප්‍රකාශකයෝ වෙතින් ලබගත හැක.

    තව පොඩ්ඩෙන් අමතක වෙනව.
    ගල් කොක්ටේල් - මහාචාර්‍ය මාතලං - මිතුරන් අතරේ බෙදාහැරීම සදහා රහස් බේත් පොතක්

    ReplyDelete
    Replies
    1. එක දෙක වෙන හැටි - කම්මල් මයා - ටැක්නොලොජි පොතක්

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. දෙක දාන්නේ කෙසේද - කම්මල - ගුණ කිරීමේ මූලාශ්‍ර හැඳින්වීමක් :D

      Delete
    2. ගුණ කිරීමේ මූලාශ්‍ර නේමේ බං මේක හදුනානොගත් ලෙඩක්.

      Delete
  6. එල ද බ්‍රා
    හිනාවෙලා බඩත් කොර

    ReplyDelete
    Replies
    1. 13 වන පාඨය - බ්‍රා මෙන්ඩා -

      Delete
  7. අන්තිම කෘතිය නං හැමදාම කියවනවා මං..

    ReplyDelete
    Replies
    1. හැමදාම ලෙඩක් - දේසොකයා

      Delete
  8. මරේ මරු ඕයි.... මාතලන් මෙන්න මෙහෙම එපැයි අයිසේ ලියන්න ඕනි...

    ReplyDelete
    Replies
    1. ඔහේටත් අයිසෙ ලෙඩේ බෝ උනයි...

      හඬ මිස වැඩ නැත කියලා තිබ්බේ.. දුන්නා නම් පෙන්නන්න තිබ්බා වැඩ...

      Delete
  9. මරු මරු! හෙට බුක් ෆෙයාර් යන්න ඉන්නෙ. ඒකෙ තියෙනවද දන්නෑ ඔයතරම් බරසාර පොත් හැබැයි.

    මම හිතන් ඉන්නෙ පොත් ගැන ලිපි දෙකතුනක් ඔක්තෝම්බර් මාසෙ පබ්ලිෂ් කරන්න. සැප්තැම්බර් මාසෙ විතරක් බුබුළු දාන ලංකාවෙ සාහිත්‍ය උණුහුම අපිවත් පොඩ්ඩක් කල් ඇදගෙන යන්ට එපායැ. නැත්තම් නිකම් සෝඩ බෝතලේ කැඩුව වගේ තමා.

    ReplyDelete
    Replies
    1. පුළුවන් උනොත් යන්න ඕන

      බුක්ස් බලන්න නෙමෙයි... පුක්ස් බලන්න...

      Delete
    2. අනේ ඔය දෙන්න ගියොත් පුරාවස්තු රැක ගැනීම පිළිබඳව චක්‍රවර්ති උන්නාන්සේ ලියාපු පොත ඇවිත් තියනවද බලල කියන්න කො.

      Delete
  10. නියමයි............. පට්ට පොත් ටිකක්.................. හෙහ් හෙහ්.............

    ReplyDelete
  11. මේ පොත් ටික එකම තැනකින් ගන්න හැකිවෙයිද? නැත්තං තැන් තැන්වල හොය හොය යන්න වේවිද?

    ReplyDelete
    Replies
    1. දෙක තුනක් ගන්න මැදමුලන පැත්තේ යන්න වෙනවා නේ...

      Delete
  12. "සිය වෙනි ස්ත්‍රිය" පොත,
    තව
    "නවතම සමාන පද" පොත,
    (කතුවරු දන්නවා ඇතිනේ...)

    ReplyDelete
    Replies
    1. අපොයි මොකෝ නොදන්නේ... පොරසිද්ද කතුවරු වෙච්චි කොට..

      Delete
  13. උඩත් මෛත්‍රී යටත් මෛත්‍රී -තුන් තේරවිලි, ආර් විකුම්සිහ

    කැබිනට් එක කඩා අල්මාරි සෑදීම - ලී වැඩ - ආර් ඒ සිරිසේන

    පවුල් වාදයේ සීමා නීර්ණය - අ රණතුන්ග

    මීලඟ රැල්ල එන්නේ කොහෙන්ද- ආර් සෙනාරත්න

    තෙල් මිල සූත්‍ර හා වෙනත් සූත්තර - රනවක

    මාලු හඳුනා ගැනීමේ නොවරදින මග ආර් පක්ශ

    උපාසකම්මාගේ ඔලුවට අසූචි විදින ක්‍රම සහ විධි-වී වන්ශ

    ReplyDelete
    Replies
    1. අති විසිස්ටයි... අනර්ඝයි...

      Delete
  14. Ha Machan - P.Hewage. . A manual on self defence.


    pra jay (from phone)

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධ නීතිග්න මහතකුගේ උපදෙස් මත සකසනා ලද කුරුතියකි...

      Delete
    2. නීතිඥ නීතීඥ , නීතිග්න නෙවෙයි

      Delete
    3. ආ මස්සිනා .. පෲෆ් බලනව වගේ ඈ :D

      Delete
    4. ඇයි අපිට නරකද? අපිත් යමක් කමක් තියෙන වැදගත් වංශවත් මිනිස්සු :P

      Delete
  15. Saloon Door by Hon. Mahinda Rajapakse

    // puka dige roos paan Mr.Maathalan. Hina wela pana yanawa poth set ekata..//

    Den ithin "Chichi baby" ta handata yanna wenne joint ekak gahala thanayi hitan.. :)

    ReplyDelete
    Replies
    1. උන් ජොයින්ට් ගහන්නේ නෑ බං... උන් ගහන්නේ ඇක්ස්ටොසි...

      Delete
  16. "තනි ඉරේ ඉස්සර කිරීම" - මාර්ග නීති - අම්මටසිරි ලංකා පොලෝසිය
    "අඩුවට වාහනයක් " - සුරංගනා කතා / ජහපාලන ප්‍රකාශන

    පොත් හතක් අටක් දැනටත් ලියා දාල
    තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

    ඇත්ත නැත්ත ගැන මම නෑ වෙහෙසෙන්නේ
    නිතරම පත්තරේට මගෙනුයි විස්තර යන්නේ

    පුස්තකාලෙමයි කාලය ගතවෙන්නේ
    ඒකයි ගත්කතුයි කියා කවුරුත් අමතන්නේ

    පොත් හතක් අටක් දැනටත් ලියා දාල
    තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

    අන් විදෙස්වලත් තොරතුරු සපයන්නේ
    ඔහෙලට මං නැතොත් වෙන කවුරුද ඉන්නේ

    කාණුවෙත් නොයෙක් බිහිසුණු වැඩ වෙන්නේ
    මෙ පුවත් පාලනේ මගින් කැපිලයි පලවෙන්නේ

    පොත් හතක් අටක් දැනටත් ලියා දාල
    තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා....

    නා‍ට්‍ය‍ය‍ - මී පුර වැසියෝ

    ReplyDelete
    Replies
    1. අර පොත් දෙක නම් මරු...

      Delete
    2. දවසක්දා හැන්දෑවක පොතක් බලන්නට සිතුනා....

      Delete
    3. දවසක්දා හැන්දෑවක
      පොතක් බලන්නට සිතුණා ....
      සිතුවෙත් නෑ ඒ මොහොතේ
      ඔබව මතක් වෙයි කියලා...

      ඈ මගේ ගතේ හැගුමන් පෙලා
      ඈ මගේ සිතේ සක්මන් කළා
      මා දිහා බලා සුසුමන් සලා
      ආදරෙයි කියා නොකියා ගියා
      කියා පොතේ ලියැවී තිබුණා....

      රේණු රේණු මල් මිටේ රේණු
      ඈට පෙම් කරන්න මට බැලූ
      රන්සමනල තටු මට ලැබෙන්නේ නෑලු
      රොන් පිරී සැලෙන්න මල් රෙනූ...

      ගායනය - රූකාන්ත ගුණතිලක

      Delete
  17. එපා කරපු මරා: එම්. සිරා.
    කැබිනට් හැදීමේ විද්‍යාත්මක ක්‍රමය: ආර්. විසුලුසිංහ (වඩු කාර්මිකයන් සඳහා අත් පොතකි)
    ඉර කපමු දඩ ගෙවමු: පොලිස් ප්‍රකාෂන අන්ෂය
    ඕං: ගංටාර දිසානායක
    මෙන්න කොඳු: මැතිවරන කොමසාරිස්

    පට්ටයි මාතෙ

    ReplyDelete
    Replies
    1. එපා කරපු මරා: එම්. සිරා niyamayi

      Delete
    2. මැතිවරණ කොමාට නම් කොන්දක් නෑ.. ඒකම දේ යහපාලනය තුල මෑන් පොරක් උනා...

      Delete
  18. Treasury Island by Arjun Mahendran - ආර්ථික විජ්ජා
    ඇහේ පොල් පරාල - රාජිත සේනාරත්න - අක්‍ෂි වෛද්‍ය විද්‍යා
    දෙපත් නයා - සරත් නන්ද සිල්වා - පැරසිටොලොජි

    ReplyDelete
    Replies
    1. අර්ජුනගේ පොතට ඒ නම තමයි නියමෙටම ගැලපෙන්නේ

      Delete
  19. බැංකු කොල්ලය - රහස් පරීක්ෂක කතාවක්
    හිර ගෙදරට රවුමක් යමු - සංචාරක අත් පොතක්
    කොපීටර ජිල්මාට් දමමු - පරිගණක විද්‍යාව
    අසිරිමත් වෙද(හිර) ගෙදර - කාලීන වාර්ථා
    චන්ද්‍රිකාවක් හදමු - අභ්‍යවකාශ විද්‍යාව
    තක්සේරු හා කොමිස් වෙන් කිරීම - (කැමති එකකට)
    2500යි මාසයයි - විහිළු කතා

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ පොත් ඕන තරම්

      Delete
  20. ඇයි බං තව වටිනා පොතක් තියෙනවා
    ලිංගික රහස්--සාරැවා ලියනගේ සුනිල්-ප්‍රකාශනය මහින්ද සහ පුත්‍රයෝ

    හෙට මරදානේ යනවා.කඩ වලින් ගහයිද බං මෙ ටික හොයන්න ගියාම

    ReplyDelete
    Replies
    1. හෙටනම් මරදානේ යන්න එපා මනෝ. හෙට පොත් ප්‍රදර්ෂනේ නේද? එතනට ගියානම් මේ ඔක්කොමටික ගන්න පුලුවන්. මාතා නිවාඩු අරන් ඉස්ටෝල් එකක් දාලා මේ පොත් සෙට් එකම විකුනනවා කියල අර කැමා කිවුවා. එහෙමනම් මාතෙට ඕඩරේ දෙන්න.

      Delete
    2. කසුන්
      ඔය පොත් උනු කැවුමි වගේ විකෙනන හින්දා හොයාගන්න අමාරැ වෙයි බං

      මාතේ තව අලුත් පොත් ටිකක් තියනවා

      මමයි අප්පචිචි--කතෘ එම්.ආර්-මැදමූලන ප්‍රකාශන-ස්වයං ලිඛිත චරිතාප්‍රධානයකි
      අකමැතිතුමාගේ අගමැතිකම--කතෘ ආර් වික්‍රමසිංහ-සිරිකොත ප්‍රකාශයෝ-හාස්‍ය
      නොදැන ලැබුන ඇමතිකම-දයාසිරි ජයසේකර-කෙටි කතා
      පිංගොනාට ඇමතිකමක් ලැබුන හැටි-එස් බි දිසානායක-කෙටි කතා
      අවසන් රාත්‍රි භෝජනය-එමි සිරා-
      පැරදුන ඔටිටුව-පචවංශ
      මම දැන් ලොකු ලමයෙක්-ගිතා කුමාරසිංහ
      කවුදෝ මට ආදරේ-මර්වින් සිල්වා-විරහී ගී
      දැන් මට මතක නැ-දුමින්ද දිසානායක-කියවිය යුතුම පොතකි
      බොදවුන සිහින-නාමල් රාජපක්ෂ-දස වසරක ජීවන අත්දැකීමි ලියා ඇති කෘතියකි





      Delete
    3. මරදානට වඩා ඔය පොත් ගන්න ලේසිම තැන තමයි ජයවර්ධනපුර..

      Delete
  21. බලං ගියාම අපි පොත් කියලා මොනවත් කියවලා නෑනේ , හැක මෙන්න පොත්, සාහිත්ත ප්‍රදර්ශනේ වත් බලමු, අර පින්තුරේ ඉන්න ගෑණුලමයා මොකක්ද බලන පොත?

    ReplyDelete
    Replies
    1. මැතිවරණ ප්‍රකාසොනයක් වෙන්ටෑ... මහින්දගෙ එකේ පට්ට පච ටිකක් තිබ්බේ...

      Delete
    2. ඇත්තටම ඒ ගෑණුළමයා පොතක් බලන බව ඉස්සෙල්ල දැක්කෙ නැහැ. ඇහැ ගියේ වෙන දිහාවක. නාකි විසේ ගෙටත් උසේ ද මොකද්ද තියෙන්නෙ.

      Delete
  22. එල කිරි අයියේ මාත් 20 යන්ඩයි හිතං ඉන්නේ.වැඩේ කියන්නේ අපේ නංගි බටු ඇටෙත් මාත් එක්ක එල්ලිලා එනවනේ.ඔයි පොත් ගන්නව දැකල කුණුහබ්බ පොත් ගත්ත කියල ගෙදර උසාවියට දායිද මන්දා

    ReplyDelete
    Replies
    1. ගෙදර උනුත් ආසාවෙන් කියවයි මචෝ....

      Delete
  23. සිව් රහස් සලකුණ - උදය ගම්මන්පිල, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර (සම කතෘවරුන්)
    නාවුක ගිවිසුමේ අභිරහස - කතෘ අප්‍රසිද්ධයි
    සුනඛ ශාපය - මුශාන්ත නිතුහෙට්ටිගම
    මලගිය ඇත්තෝ ශාක්ෂි දෙති - රාෂිත යෝජපක්ස
    තව තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටිකත් දාලා උඹත් පෝස්ට් එකක් දාපන්.. ඉස්සර තිබුනා එහෙම ට්‍රෙන්ඩ් එකක්...

      Delete
  24. ඔය තියෙන්නේ කියවනවනං පොත්!

    ReplyDelete
    Replies
    1. සාහිත්ත මාසෙට වෙනම ගහපුවා...

      Delete
  25. ජනවාරි අට - නාට්‍ය පිටපතක් - හැට ‍දෙක ප්‍රකාශනයක්.

    ReplyDelete
    Replies
    1. හැබයි හරි අගේ ඇති නාට්ටියක්...

      Delete
  26. අර ගේ කුරුල්ලෝ gay කුරුල්ලෝ වෙන්න ඕනේ නේද?

    සිරිලිය සමග අයිඩින් සෑදීම - ශෂිකලා මල්කුමාරි රිලාවංශ

    ReplyDelete
    Replies
    1. ඒ විදියට ගේ කුරුල්ලෝ කියලා යහපාලනේ පළවෙනි වික්ටිම් එක වෙන්නෙයි ඔහේ කියන්නේ...

      Delete
  27. දින සියයේ සිහින සිතුවම - ශෘගාරාත්මක නව කතාවකි. යහපාලන කර්තෘ සංසදයේ ප්‍රකාශනයකි.

    ReplyDelete
  28. කිචි කවාගෙන හිනා වෙන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම හරි හිනා වෙයන් බං... මුස්පේන්තුවෙක් වගේ ඉන්නේ නැතිව...

      Delete
  29. මේං පොත්. මෙව්වටනෙ සම්මාන දෙන්න ඕනෙ. පට්ට පොත් සෙට් එක මාතො. :D

    ReplyDelete
    Replies
    1. ඒ උනාට සමහර ඒවා පස්සෙ මතක් වෙන්නේ...

      Delete
  30. මෙන්න බොලේ පොත්.. මේවයේ මම හිතන්නේ මිල ගනන් සෑහෙන අධික ඇති නේ..

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්.... සෑහෙන ගනන් මචෝ...

      Delete
  31. අ(නාථ) දේව රහස් සහ පූජා ක්‍රම ආචාර්ය සිලීන් ද නල්වා පර්යේශන ග්‍රන්තයක්

    ReplyDelete
    Replies
    1. නලියා දැන් ගූ බෙට්ටක් ගානයි නේ...

      Delete
  32. දිය කොහෛ් කිඹුලන් දැකීම - වි වීරවංස මයා- අත්පොතකි

    ReplyDelete
  33. Goodbye Testicles පොතක් ඇත්තටම තියනවා කියහංකෝ.

    ReplyDelete
    Replies
    1. ඇයි බං "පාවුල් කොයියෝ" කියලා පොත් ලියන එකෙකුත් ඉන්නේ...

      Delete
  34. සැබෑ රත්තරන් හඳුනා ගන්නේ කෙසේද?-කලුතර අබේගුණවර්ධන,ස්වර්ණාභරන කර්මාන්තය ගැන අත් පොතක්. (රන්ජන්)

    ReplyDelete
    Replies
    1. දැන් නිකන් පිත්තල වෙලා නේ....

      Delete
  35. http://matalan-me.com/
    මාතලන්, ඔහේ මෙහෙ බ්ලොග් ලියලා හම්බවෙන ඩොලර් කුට්ටි වලින් අරාබියේ රෙදි කඩයක් දාලා නේද හොරෙන්ම. ඒ ගැනත් ලියනවකෝ පොතක් "ඩොලර් මවන කී බෝඩ් රහස්" කියලා.

    ReplyDelete
    Replies
    1. එහේ නෙමෙයි එංගලන්තෙත් තියෙනවා

      http://www.matalan.co.uk/

      Delete
  36. පොයින් ඔෆ් ඕඩර්- රනිල් විකුම්සිරි(පකයා2-පාර්ලිමේන්තු අත්පොතකි.)
    නිහතමානීවෙමු-සුජී සේන( ළමාකතා)
    අල්ලයි මගෙ නැට්ට- මහින්ද ආනන්ද (වීර කතා.)
    ජයවේවා..!!

    ReplyDelete
  37. මහාචාර්ය ප්‍රියන්ත හේවගේ විසින් රචිත ග්‍රන්ථ

    -අම්මට සිරි ලංකාවෙ ගෝත්‍රික ජනතාව
    -මන් ඇරෙන්න ඔක්කොම මෝඩයො
    -ශ්වේත චර්ම දෙවියා වන්දනාව (දෙවියාගේ ශිෂ්ණය තම මුඛයෙන් වන්දනා කිරීමෙන් හා තම පශ්චාත් භාගය දෙවියාට පූජා කිරීමෙන් තම ධනස්කන්ධය වැඩිකර ගන්නා ආකාරය අත්දැකීම් සහිතව පැහැදිළි කර ඇත )
    -පොර ලෙස රගන හීනමානයෙන් පෙළෙන පුද්ගලයෙකුගේ අදෝනාවය

    ReplyDelete
    Replies
    1. මෝඩකමට මෙන්ම හීනමානයටද බෙහෙත් නැත...

      Delete
    2. Patta Oyi ! Maru poth set eka !

      Delete
    3. The third book is the best. Well done & creative thoughts :)

      Delete
  38. තව පොත් තියෙනවා මාතයියේ.. ඊ ලඟ අවුරුද්ද වෙනකන් කියෙව්වහැකි.

    අහසින් පොලොවට- ආර්.ආර්.ආර්.චිචී - ළමා නවකතාවක්.
    රන් දම්වැල් - නව සංස්කරණය - ආර්.ඒ.නුගුණවර්ධන- ස්වයං ලිඛිත චාරිතාපදානය.
    කොලිටි බඩු සහ බාල බඩු - භාණ්ඩ පරිභෝජනය පිළිබඳ විශ්ලේශණාත්මක කෘතියක්- කර්තෘ වල්ගම කුමාර
    හරක් මස් අමුවෙන් කෑම - සූප ශාස්ත්‍ර අත්පොත- පාත්ත ඇන්ටි

    ReplyDelete
    Replies
    1. අපේ උන් අවුරුදු ගනන් කියවන්නේ නෑ බං... උපරිම සති දෙකයි...

      Delete
  39. මාතලන් ප්‍රකාශකයෝ...

    ReplyDelete
    Replies
    1. කත්තුරු භාගේ හරියට දෙයිද දන්නේ නෑ..

      Delete
  40. දවස් කීයක් ඇවිදින්න වෙයිද දන්නේ නැහැ ඔය පොත් ටික හොයාගන්න...

    නෑ මේ මම මේ ඇහුවේ නොදන්නා කමට...
    -------------

    මාතො...සිම්පල් ඇන්ඩ් සුපර්...ආයේ දෙකක් නැහැ..

    ReplyDelete
    Replies
    1. එක දවසයි එක දවසයි.... හැබයි සති දෙකෙන් පොත් ආවද කියලා මතකත් නෑ..

      Delete
  41. පට්ට.
    විජාතික කුමන්ත්‍රණ හඳුනා ගන්නේ කෙසේද? - වීර වංශය - අධ්‍යාපනික

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. "ගිටාර් වාදනය අද නොවේ හෙට " - පින් මනා - වැදී බණ .. හැක් හැක්

      Delete
    2. විමලසිරි ගම්ලත් කියන්නෙත් එයාමයි..

      Delete
    3. සංකිලි පනික්කියාගේ විමලසේන තමයි එයාගේ හරි නම.

      Delete
  42. මේ රටේ ඉන්නේ ම පිස්සෝ, ඕයි.

    ReplyDelete
  43. ඇයි සර් මරල හරි ගත්තෙ නැත්තෙ ? - අලුත්ම ගීතය - රචනය නීලා වික්‍රමසිංහ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න