.

.

Sep 11, 2015

ලැයික් කොරන්න... - Please Click Like



මෙන්න මගේ පික්චැර් එක,
ලැයික් කොරන්න..
පවුලට පොඩි එකෙක් ඇවිත්,
ලැයික් කොරන්න..
ආච්චිගේ මල ගම අද,
ලැයික් කොරන්න..
අම්මා අප්පා මලා උනත්,
ලැයික් කොරන්න..


පී ඇස් ඩියෙ පහක් මැරිලා,
ලැයික් කොරන්න..
සෙල්වා ඇතුලට ගිහිල්ලා,
ලැයික් කොරන්න..
ප්‍රගිත් තාම හොයනවාලු,
ලැයික් කොරන්න..
තාජුඩින්ට හෙන ගැහුවත්,
ලැයික් කොරන්න..

සිරියාවේ පොඩි එකාට,
ලැයික් කොරන්න..
අයිසිස්ලා බෙලි කපනවා,
ලැයික් කොරන්න..
සම්පන්තන් රජෙක් වෙලා,
ලැයික් කොරන්න..
ඔන්න යකෝ පෙඩරල් එයි,
ලැයික් කොරන්න..

මිහින් ළොක්කා පැරදිල්ලාලූ,
ලැයික් කොරන්න..
ටොයියෝ දැන් රජ වෙලාලූ,
ලැයික් කොරන්න..
බයියෝ ටොයියෝ එකතුවෙලා,
ලැයික් කොරන්න..
දෙගොල්ලො සෙට් වෙලා අරී,
ලැයික් කොරන්න..

ඩීව් තිස්ස විනාසයිලු,
ලැයික් කොරන්න..
ගොන් මන් පිල නාගන්නවා,
ලැයික් කොරන්න..
විමලේ සංධාන හදයි,
ලැයික් කොරන්න..
නාන එකේ නිමක් නැතේ,
ලැයික් කොරන්න..

තැටියත් දැන් රත් වෙලාලූ,
ලැයික් කොරන්න..
රොටියක් ගන් රත් කරන්න,
ලැයික් කොරන්න..
තැටි රොටි දෙක කරවෙලාලූ,
ලැයික් කොරන්න..
සෝභිතටත් මල පැනලලු,
ලැයික් කොරන්න..

බුද්ධිකයට කෙල වෙලාලූ,
ලැයික් කොරන්න..
රන්ජන් එස් බීට සැකොන්ඩ්,
ලැයික් කොරන්න..
මුතු හෙට්ටිත් ඇමිතියෙක්ලු,
ලැයික් කොරන්න..
දුමියා ගිහින් ලන්සා ඇවිත්,
ලැයික් කොරන්න..

ඔක්කොම ඇමතියො වෙලාලූ,
ලැයික් කොරන්න..
කැබිනට් එක ගිගා සයිස්,
ලැයික් කොරන්න..
ටොයියෝ දැන් ගොළු වෙලාලූ,
ලැයික් කොරන්න..
මේකද බං යහපාලනේ,
ලැයික් කොරන්න..

අනේ ලැයික් කොරන්න....
Darling ලැයික් කොරන්න....
Like එකක් දාන්න...
මෙයා Share කොරන්න...



53 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like Like

    ReplyDelete
  3. මාතාගේ පෝස්ටි එකට ලයික් කොරන්න

    ReplyDelete
    Replies
    1. මාතේ මගේ බිලොග් එකේ අලුත් පෝස්ටි එකක් දැමිමා ඒ පැත්තේ ගිහින් ඒ ගැන දොස් ඇත්නමි කියලම එමු එහෙනමි.

      අමනුෂ්‍ය ආවෙෂ,හොර දේවාල සහ හොර දේවගැතිවරැ

      Delete
  4. මම හිතන්නේ facebookට කාලෙ හරි තව අලුතෙන් බටන් කීපයක් හඳුන්වලා දෙන්න.
    මේවගේ:
    Dislike button
    Shit button
    Fuck U2 button
    Up Yours button

    ReplyDelete
    Replies
    1. ඩූඩ් , චන්ද කාලෙ shit button එක තිබුනනම් මරු.

      Delete
    2. සම්පූර්ණයෙන් එකඟයි. ඔය ලැයික් ඉල්ලන අඩවියක් දැක්ක ගමන් මම වහාම එයින් ඉවත්වෙනවා. හොර හිඟන්නන්ට මම සල්ලි දෙන්නේ නෑ.

      Delete
    3. හි හි මං ඉල්ලපු ජාතියේ බට්න් එක නම් හම්බුණා. 5000 ම එක පාර අන්ෆ්රෙන්ඩ් කළා

      Delete
  5. පිස්සු හැදෙනවා නේද බං? ඉල්ලලා අඬනවා.

    ReplyDelete
  6. පේජ් එකකට ලැයික් කොලත් වෝල් පෝස්ට් එකකට ලැයික් කොරලා නැති නිසා දුකක් නෑ. ඕනෙම නැති බටන් එකක් ඕක නම්.

    ReplyDelete
  7. FB එකේ ලයික් හිගන්නො ඉන්නව නේන්නම්, හරියට අර ට්‍රැෆික් ලයිට් ගාව වගේ. වෝල් එකේ උඩ පහල යද්දි අහක බලාගෙන යන්න වෙනව.

    ReplyDelete
  8. "ලැයික් කොරන්න" කෑල්ල වරහනක් දාලා පිටට ගන්න පුළුවනි නේද?

    ReplyDelete
  9. පට්ට ලයික් ආ........ නියමයි...........
    නිදහස් වෙලාවක ඇවිත් යන්න..............
    http://hudekalasithuwili.blogspot.com/

    ReplyDelete
  10. I am curios.why did Maathalan remove Rasikalogist's comment?
    Or did rasika do that him self?
    Cos maathalan normally allows any thing in his blog.

    ReplyDelete
    Replies
    1. මාතලන් නෙමෙයි ආතර් නේද කමෙන්ට් එක මකල තියෙන්නේ...

      Delete
  11. මාත් ලැයික්........

    ෆේස් බුක් වනන්තරේ
    සැරිසරනා අතරතුරේ
    ආයෙත් නුඹව හමුවුණා
    නම් ගම් වෙනස් වෙලා-රූපෙත් අලුත් වෙලා
    මේකප් වළාවක්ද
    ෆොටෝ ෂොප් මුලාවක්ද
    කියන්න ඉතින් මස්සිනා

    ඉලන්දාරි ඕනැතරම් හිටියත් මගතොට
    ආල කතා හිත නළියන මී පැණි රසවිත
    බාලචන්ද්‍ර ප‍ටු නළලත හෙමිහිට සිඹ සිඹ
    කියඹු ලතා කතා කරයි ආදර හුළඟට
    ලයික් එකක් දානවාද කියන්න සකිසඳ

    වාත්තු කළ රත්තරනින් දිලිහෙන හෙටකට
    කැන්දං යන හීන මුකුළු පෑවත් හනිකට
    පාන්දරක් වගේ සොඳුරු පිනිබර මධු පෙම
    තාම ළයට තුරුලු කරන් මම ඉමි නුඹ ලඟ
    කමෙන්ට් එකක් ලියනවාද නොමැකෙන හිත මත

    ගායනය- අහල්යා සාරධී සෙනවිරත්න
    පද රචනය- අනුරාධ දේවප්‍රිය
    තනුව- තරිඳු ජයතිලකයික් ......හැක්

    ReplyDelete
    Replies
    1. සිරාවටම මෙහෙම සින්දුවක් තියෙනවද? මාරයිනේ බං.

      Delete
    2. ඇයි නැතුව, මේ තියෙන්නෙ
      බොල සිංදුවො කොහොමද මේව හොයාගන්නෙ.

      Delete
  12. නෙළුම් යායට ත් ලයික් කරන්න එහෙනම් ඔය ඉන්න ගමන්.
    http://nelumyaya.com/?p=4207

    ReplyDelete
  13. මැගලින් ගුණවතී (82)September 11, 2015 at 8:34 PM

    මටත් කොරන්න.

    ReplyDelete
  14. අම්මපා මාතා ඔය නාඩගං ටිකක් හරි අඩු නිසයි අපි බ්ලොග් වල විතරක් ඉන්නේ..... ඔය නාඩගමට තාම යටත් නොවීම ගැන තියෙන්නේ මාර සතුටක්..... ප්‍රතිපත්තියක් විදිහට රැක ගන්න ට්‍රයි කරනවා.. ජයවේවා

    ReplyDelete
  15. එකෙක් තමුන්ගෙ තාත්තගෙ මිනිය එක්ක සෙල්ෆියක් ගහලා ෆීලිං සෑඩ් කියලා දාල තිබුනෙ ලැයික් මේනියාවට.සමහරක් ඉන්බොක්ස් මැසේජ් දානවා ලැයික් කොරන්න කියලා.. වසංගතේ..
    හැබැයි මාතයියා කියන දේ තමයි වෙන්නෙ.. මොන මඟුල උනත් ලැයික් එකක් දාල උඩින් පැනලා යනවා ඇරෙන්න වෙන දෙයක් සිද්ධවෙන පාටක් නෑ.. හැඟීම් විරහිත වෙලා බුද්ධියෙන් මොට වෙලා චූං එකේ ලයිකෙකක් දාලා ඉන්න එකයි තියෙන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
  16. ලයික් එකක් වෙනුවට ඕනිම නං ඉතින් කමෙන්ට් එකක් දාන්නත් පුලුවන්නෙ බුකියෙත්....මාතා ඉතින් ඌ කැමති නැති දෙයක්නම් කෙලලා අරිනවනේ දොඹෙන්ම....
    අර හිටපු ලොක්කා කිව්වා වගේ ඕක ආතල් ගන්න තැනක් විතරයි..මොකෝ බුකි විප්ලවෙන් දිනුවෙත් ඒ ලොක්කගේ සෙට් එක අන්තිමට..නැද්ද ලැයික් ඒකට ඈ...

    ReplyDelete
  17. http://firstandgeek.com/increase-facebook-likes/

    ReplyDelete
  18. මක්කම දොඹකරයක් කඩන් වැටිල එකසියගානක් මැරිලා...

    ලයික් කරන්න.....

    ReplyDelete
  19. වෙල් විදානේSeptember 12, 2015 at 1:45 AM

    මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වී ගබඩාවට
    අපි පට්ට ලයික් ඈ.....

    ReplyDelete
  20. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  21. හායි යාලුවනේ! මට "හු" යන්නෙන් ලයික් 500ක් දෙන්නකෝ..ප්ලීස් (අනේ මගේ කට)

    ReplyDelete
  22. ඔන්න මාතේ ලයික් ලයික් !!
    ප.ලි.
    මුගෙ කෙහෙල්මල් ලයිකක් හින්දා මං බැනුම් ඇහුවා. (අර උඩ පින්තූරය දුටු සැනින් අපේ අක්කා මගේ ඇඟට කඩා පැන තව පොඩ්ඩෙන් දරුවෙකු සේ රැක බලාගන්නා ලැප පොලවේ ගසන්නට හැදුවාය.) යන්තම් පෝස්ට් එක පෙන්වා බේරුනාය.

    ReplyDelete
  23. සමාජ ජාල වලින් කරන විකාර, වන හානි සමගම ඒවායින් විශාල සේවයක්ද සිදුවෙයි. ලෝකයේ එක් එක් කොන්වල ජීවත් වන දෙමව්පියන්, දරුවන්, සහෝදරයින්, නෑදෑයන් යහළුවන් අතර පරතරය අඩු කිරීම වැනි වාසි සහ ඒකාධිපතියන් මාධ්‍ය මර්ධනය කර සඟවන්නට උත්සහා කළ දේවල් මහජනයාට ගලා යාමට මාධ්‍යයක් වීම වැනි වාසි සළකා බලන විට පොඩි අඩුපාඩු වලින් වන නරක සහ හාස්‍යය දනවන දේවල් ඉවසා දරා ගැනීමට මම නම් සූදානම්.

    ReplyDelete
  24. ගොඩක් දෙනකුට ඉස්සෙල්ල එවාපු මගේ ලැයික් එක තවම පේන්න නෑ නේ

    ReplyDelete
  25. අද බඩ පොඩ්ඩක් වේලලා වගේ . ලයික්

    ඊයේ කොත්තුව ඇල්ලුවේ නෑ වගේ , බඩ බුරුලට ..ලයික්

    සත්‍ය කතාවක් ඇසුරෙනි

    ReplyDelete
  26. අද බඩ පොඩ්ඩක් වේලලා වගේ . ලයික්

    ඊයේ කොත්තුව ඇල්ලුවේ නෑ වගේ , බඩ බුරුලට ..ලයික්

    සත්‍ය කතාවක් ඇසුරෙනි

    ReplyDelete
  27. අම්මට හුඩු ඔන්න ලැයික් කොලා , මදැයි කොලා

    ReplyDelete
  28. මටත් ඒ ඉල්ලිම් පෙනේනෙ හිගාකනවා වගේ

    ReplyDelete
  29. ෆේස් බුක් එකෙන් ගෙනැල්ල බ්ලොග් වලට ඉන්ට්‍රොඩියුස් කරපු කෙල්ලක් ආපහු පැල් බැඳගෙන බුකියේ ලියනවා.. ඇහුවම කියුවේ කවියක් දාල දවසක් යනකොට ලයික් පන්සියක් විතර වැටෙනවලු.. කාට කියන්නද ඉතින්..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න