.

.

Sep 30, 2015

පොළොන්නරුවේ නයිට් රේස් - Pulathisi Night Race



යහපාල මහත්මයා නොහොත් ළොකු සිරා තුමාගේ පුත්, පොඩි සිරා නිව් යෝක් ගිහින් හෙන ගිනි විජ්ජුම්බරයක් වෙලාය. ඒ අස්සේ යහපාල තුමා සමුළුව ඇමතුවේ හින්ගලෙන්ය කියා මහින්ද මහත්තයාගේ කෑල්ලක් වන අපේ හාමිනා පත කින්ඩියක් දැම්මේය. අපේ හාමිනාට, මහින්ද මහත්තයා ඕකේ හින්ගලෙන් ඉතරක් නොව, දෙපැත්තේ වීදුරු දෙකෙන් බලාගෙන දෙමළෙනුත් පොරි හැලෙන්න දුන්නා අමතක වෙලාය. ඕක එයාගේ වැරැද්දක් නෙමේය. අපේ හින්ගලයාගේ හැටිය.

ඔය පොඩි සිරා නොහොත් දහම් මහත්තයා සම්මේලනේට ගියපු එක සිරා ගත්ත උන් වගේම, වැඩේ එච්චරම අප්ෂෙට් එකක් නෑ කියනා උනුත් වැහි වැහලාය. එච්චරම අවුලක් නැතෙයි කියා කියන්නේ යහපාලනේ ගැන තවමත් හීන් මවාගෙන ඉන්නා යහපාලන ටොයියෝය. උන් කියන්නේ, ඕවා ඉස්සරත් උනා නේ ඒ නිසා ඕවා එච්චර ගනන් ගන්නට එපා කියලාය.

එතකොට අපිට උන්ගෙන් අහන්න තියෙන්නේ, ජනවාරි 8 වෙනිදායින් පස්සේ ගෙන එනවාය කිව්වේ, රෙජීම් චෙන්ජ් එකක් නොව ඒකේම තවත් දිගහැරුමක්ද කියලාය. රාජපක්ෂගේ රෙද්ද ගලවලා දාලා වෙනස් ජාතියේ අලුත්ම රෙද්දක් ඇඳගන්නවාය කියාපු උන් ඉන්නේ, රෙද්ද කෙසේ වෙතත් අමු හැලිවැල්ලෙන් කියලාය.

ඔය පුත්තරයාත් එසේ මෙසේ බඩුවක් නෙමේය. අප්පුච්චා ඇමති කම් කොරපු කාලේ පොලීසියේ ලොක්කෙකුගේ පුත්තරයෙකුට ඔය නැගෙනහිර පැත්තේ පාසිකුඩා බීච් එකේ නෙලලා ඒ කාලේ පට්ට ලෙඩක් දාගත්තේය. ඒ කාළේ ඩෙංගු පතුරුවන මොස්කිටෝස්ලා එක්ක සාඛච්ඡා පවත්ත පවත්ත උන්නු සිරිසේන කිව්වේ, අපේ පුතා රත්තරන්ය, පුතා උනත් වැරද්දක් කොරලා තියෙනවා නම්, නීතිය ක්‍රියාත්මක කොරන්නෙයි කියා පොලිස්පතිතුමාටම කිව්වා හිටං.. කියලාය.

එහෙම කිව්වේ පොලිස්පතිතුමා මැති ඇමතිලාගේ පුත්තුන්ට එරෙහිව නීතිය ක්‍රියාවේ යොදන්නේ නැතෙයි කියා කවුරු හරි හිතනවානම් බොහෝම වැරදිය. එයැයි එහෙම කිව්වේ, ගුටි කෙලිය ගිහිල්ලා තියෙන්නේ පොලොස් ලොක්කෙකුගේ පුතෙක් එක්ක නිසා, පොලීසිය පැත්තට වාසි වෙන දෙයක් කලොත් හෙම මොළේ අවුට් වී පිච්චු කෙලිනා ගොන් බයියෝ සනසන්නට වෙන්න පුළුවන්ය.

අපි නම් ඒවා ඒ කාළේ එච්චර ගනන් ගත්තේ නැත්තේ, තාජුඩින්ලාට ගේම දුන් රජ පැටව් අස්සේ. මැති ඇමතිලාගේ පුත්තුන්ට ආමි කාරයෙකුට, පොලිස් කාරයෙකුගේ පුතෙකුට, සුද්දෙකුට, සුද්දියෙකුට ගහන්න බැරිනම්, නයිට් ක්ලබ් එකක ගුටිකෙල ගන්න බැරිනම්, ඒ ඇමතිකම අහවල් රෙද්දකටද කියා හිතුන නිසාය.

ඊළඟට සති දෙකකට වඩා ගිහින් නිසා අපේ උන්ට අමතක වෙච්චි අනික් කාරනේ, යහපාල ලොක්කා දිවුරුම් දුන්න දවසෙම ඩිෆෙන්ඩර් පිරිවරාගෙන නයිට් ක්ලබ් එකක් අස්ට රිංගපු දහම් පුතා දාගත්ත ගේමය. යහපාලනේ ආපු ගමන් නිසාත්, ගල උඩ රීපු පූචට වෙච්චි දේ ජනමාද්දිය කාරයොන්ට වෙන නිසාත්, ඔක්කෝම උන් සද්දේ වහලා ඉන්න අතරේ, ඔය නිව්ස් එක වේලෙන්නත් කලින් පත්තරේ දැම්මේ ලංකා නිව්ස් වෙබ් එකේ සෙට් එකය.

නිව්ස් එක දැකපු යහපාල ලොක්කා කළේ එදාම පොඩි සිරා ලන්ඩන් පටවපු එකය. ඉන් පස්සේ පොඩි මෑන් පේන්න උන්නේ නැතිය. ඒ වෙනුවට ආවේ චතුරිකාය. ඒ කිව්වේ චතුරිකා පීරිස් නෙමේය. චතුරිකා සිරිසේනය. එයා අප්පුච්චා රජ වෙච්චි ගමන් පොඩි හෝටලයක් දාගත්තේය. පටන් ගන්නේ එහෙමය. මොකෝ, ඒ කාලේ රාජපක්ෂලාට තේ කඩයක්වත් නැතෙයි කියපු වාහෙලා හම්බ කරපු විදිය කියන්න, අද සජින් වාස්ලා ආන්ඩුවේ සාක්කි කාරයෝ වෙලා තියෙන නිසාය.

අපරාදේ කියන්නේ මේ රටට කරන්න පුළුවන් ළොකුම විනාසේ කොරාපු මහින්ද මහත්තයා උනත්, පැටව් ටික ගේමට බැස්සුවේ යුද්දේ ඉවර කරලා සුද්දෙ පටන් ගත්තයින් පස්සේය. යුද්දේ ඉවරකරායින් පස්සේ කොරන්න දෙයක් නැති නිසා නිකන් හොබි එකට වගේ රට පාලනේ කොරාපු මහින්ද මහත්තයා, කුමාරයෝ තුන්දෙනාගේ හොබීස් වලටත් පට්ට පදිරි සහයෝගයක් දුන්නේය. 

ළොකු එකා එයාගේ හොබි එකට සැට් කොලේය. ඒ වගේම විනෝදාන්සයක් ලෙස ලෝ එක්සෑම් එකත් පාස් උනේය. ආයෙත් රජ උනා නම් හෙම ජපුරේ පස්තාච්චි අදින්නත් ලැහැස්ති වෙලා උන්නේය. අනිවාර්යෙන් ජනාධිපතිගේ නිතීන්ග මහතෙකුත් වෙන්න පුළුවන් කුසළ කර්ම ඒ ඇත්තෝ පෙරෑ ආත්ම වල කොරලා තිබුනේය. දෙවනි එකා රගර් කෑවේය. සමාවෙන්න රගර් ගැහුවේය. 

එයා රගර් වලට ඇවිල්ලා, රගර් කචල් වෙලා කිව්වේ රගර් ගැන දන්නේ නැති හාල් පාරුවෝය. රගර් කොහොමත් කචල්ය. ඔහේලා හිතන්නේ මාතලන් කියන්නේ බොරු කියලා නම්, මේ දවස්වල ගහන රගර් ළෝක කුසළාණේ බැලුවානම් හෙම එහෙම කියන්නේ නැතිය. කොටින්ම කියනවානම් රගර් වල බෝලෙත් කචල්ය. අපරාදේ කියන්නේ තුන් වැනි සරේ රජ උනා නම්, අර අතේ තියෙන බෝලේ බලෙන් රගර් බෝලෙත් රවුම් කරනවාමය.

බාලම එකා රොකට් කාරයාය. ඒ යකා චීනත් එක්ක එක්කාසු වෙලා රොකට් එකක් ඇරියා කිව්වාට, ටොයියෝ නම් කිව්වේ එහෙම එකක් ඇරලා නැතෙයි කියලාය. ඒ කුමාරයත් තව ටික කලක් උන්නා නම්, ධම්මික පෙරේරාට වෙන්නේ කළුතර පැත්තේ රා කට්ටක් ගහගෙන ඉන්නටය. 

කොහොම හරි මෙයාලාගේ හොබීස් වලට, මහා නායක උන්නාන්සේලා පවා, අර්ථයෙන් ධර්මයෙන් ඉතරක් නොව, බොක්කෙන්ම සප් එක දුන්නේය. මොකෝ සාසනේ රැකෙන්නේ මහ රජා රැකුනොත් නිසාය. එහෙම කලාට සංඝ බජව් දානා වෙලාවට, මහ රජ්ජුරුවන්ගේ අම්මාට පින් අනුමෝදන් කොරන්නටත් ඇතිය. එහෙම උනේ, මහ සජ්ජුරුවෝ ලෝඩ් බුද්ධාටත් වඩා පවර් පුල් නිසාය.

මහින්ද ලොක්කා ගෙදර යැව්වේ ඔය පුත්තු තුන් දෙනා සහ හදාගත්ත පුතා එකතුව පුත්‍ර සමාගමය. මොකෝ, අපේ උන්ට උන්ගේ හොබීස් එච්චරම ඇල්ලුවේ නැති හන්දාය. එක අතකට එහෙම උන එක හොඳය. නැත්නම් ඉතින් ශිරන්ති නෝනාට වෙන්නේ හච්චින් ගිහිල්ලාම මිය යන්නටය. 

යහපාලන කැඳ හැලිය පටන් ගත්තේම හත් පොලේ ගාගෙනය. එනම්, සෝමරත්න දිසානායක කියන මහින්දවාදි දෙපිටකාට්ටු කාළකන්ණියා රූපවාහිනියට දාලාය. අපි එදා ඔය ගැන කතා කොලාම, ආන්ඩුවේ උන් කිව්වේ, කලබල වෙන්න එපා මචෝ එයා දැම්මාට ගේම ගෙනියන්නේ වෙන උන් කියලාය. අවුරුදු පහෙන් වෙස්සන්තර අප්පුහාමි වගේ රජකමත් දාලා, විධායකෙත් අහෝසි කරලා, තපසට යනවැයි කියලා ආපු උන්දෑ අද කෙලින්නේ මහින්දටත් අන්ත පිස්සු හුටං වැඩය.

පොඩි එකා ඇමරිකා එක්ක ගියා මදිවාට, සම්මේලනේටත් එක්ක ගිහිල්ලාය. පොටෝ එකෙන් කැපුවා කියා දැන් වැඩේ වහ ගන්න බැරිය. වරායේ සභාපති එලවලා ඇමතියාගේ අයියා එතනට දමාගෙනය. ඔය යකා සැටලයිට් නෝනාගේ කාළේ BOI එකේ හොරා කාලා මාට්ටු වෙලා, කැනඩාවට පිටුවහල් කොරාපු එකෙක්ය. දෝනියන්දෑ, කප්පරක් ඇමතිවරු, අරුන් මුන් ඉන්දැද්දි, ජනතා ප්‍රශ්ණ විසඳන්න රාජ්ජ නිළධාරිත් පිරිවරාගෙන ගම් දනව් පුරා සැරිසරනවාය.

අපරාදේ කියන්නේ මෙහෙම බලාපුවාම. ජේ ආර්ලා, ප්‍රෙමෙලා ඉතරක් නොව බලයට මළ පෙරේත් පවුලක් වෙන බන්ඩාරණායක පවුලේ සැටලයිට් නෝනත් සත්තරන් වගේ ඉස්තරන්ය. තා ටික දවසකින් පොළොන්නරුවේ සත් මහල් ප්‍රාසාදේ, ගල් විහාරේ, තිවංක පිළිම ගේ හරහා පුලතිසි නයිට් රේස් තිබ්බොත් හෙම ඔහේලා කලබල වෙන්න ඕනත් නැතිය.

ඒ වගත් මෙසේය...

113 comments:

  1. මං එකද? හි හි.. පොඩ්ඩන් හිටං කියෝලා එන්නං..

    ReplyDelete
    Replies
    1. කියන්න දෙයක් නෑ.. සහතික ඇත්ත.. මේවා දෙකකම බෝලේ තව අද වෙනවා ඕයි.. සක්.

      Delete
    2. උඹේ බෝලේ ඇදවෙනවා... මගේ ඇටේ කහනවා...

      Delete
    3. ඔහොමම හොයල බලන්නකෝ අනේ අර යන්නෑ කියපු කොටුව මාලිගේ අද කවුද ඉන්නේ කියලා

      Delete
  2. අපිට ගහන්න ඕන.. මිනිස්සු විස්වාස කරනවට.. අනික මේ ලංකාවේ මිනිස්සු... පව් අනේ ඔයා කියෙව්වේ නැද්ද පේස්බුක් එකේ එයාගේ ළාමක බෑගිරිය..

    ReplyDelete
    Replies
    1. ඒ කාළේ, තනකොල කපන්ට කියලා හිටං, කිතුලට නැගලා තියෙන්නේ මෙයෑලයි මී මුත්තෙක් හරි කිරි කිත්තෙක් හරි වෙන්ටෑ

      Delete
  3. පොළොන්නරුවේ පූජාභූමිය තුළ තියන පාර මොටෝක්‍රොස් ට්‍රැක් එකක් කරලා, ඒකෙ නයිට් රේස් තියනකොට කොච්චර ජොලිද? දවල්ට පූජා භූමිය (සා...සා...සා...කියලා උපාසක උපාසිකාවෝ කියන සද්දේ ඇහෙනවා) රෑට රේස් ට්‍රැක් එක. ඊට අමතරව බියර් ගාර්ඩ්න්, කුඩු පොට්, කැරොකී, ඔව්ව නිකම් තියලා බැහැ. ආදායමක් තියෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඕව්.... ඔව්.... මට පේ..................නවා..... මේ මොහොතේ දහම් සිරිසේන විසින් චිචී රාජපක්ෂගේ අංක රහිත වායනය නෙළුම් පොකුණ අබියසදි පසු කරමින් ගමන් කරනවා....

      ඇයි අප්ෂට්ද...?

      තව ටික කාලෙකින් නාමල්, දහම්ගේ ඇඩවයිසර් කෙනෙක් උනත් ඔහේ කළබල වනවා එහෙම නෙමෙයි...

      Delete
  4. මේ ලැජ්ජාව දරාගන්න අමාරු හින්ද තමයි ජෙප්පන්ට චන්දෙ දීල , දරාගන්න පුළුවන් තරම් ලැජ්ජාවකට කලමණාකරනය කරගත්තෙ.

    ReplyDelete
    Replies
    1. මගෙනුත් කීප දෙනෙක්ම ඇහුවා තොගේ මොළේ අමාරුවක්ද ජෙප්පන්ට දෙන්නේ කියලා..

      හඳහන් බලලා අනාවැකි කියන්න බැරි උනාට, දින සීයේ නාපු නෑමෙන්ම ඕන කුළු හරකෙකුට තේරුනා මුන් ඉදිරියේදි රෙදි නැතුව නාන්නේ කියාලා...

      Delete
  5. තව අඩුපාඩු ටිකක් තියනවා

    සිංදුවක් කියවන්න ඕන "සිරාතුමාණනි" කියල
    තට්ටෙ තියන රැවුල් කාරයෙක් ලව්ව කියවන්න ඕනෙ " ජන මෝල නායක පරාක්‍රමබාහුගේ ලඟම නෑදෑයො" කියල
    නමක් නැතුව ඉතුරුවෙලා තියන ගොඩනැගිලි, හෝල්, පිට්ටනි, ගස්, ගල් ඔක්කොටම "අන්තර්ජාතික සිරිසේන අරක " කියල නම් කරන්න ඕනෙ
    ඇමතිලා ස්ටේජ්වල බඩ ගාල වඳින්න ඕන
    සිරිසේනට විරුද්ද්ව කතා ඕන එකෙක් ජාති ද්‍රෝහී කියන රිලා සෙට් එකක් හදන්න ඕන.

    ReplyDelete
    Replies
    1. Pra මගේ පෝස්ටි එකේ පෙන්වලා තිබුන අඩුපාඩුව හැදුවා.ඒක පෙන්නුවට ස්තුතියි.

      ..//තට්ටෙ තියන රැවුල් කාරයෙක් ලව්ව කියවන්න ඕනෙ " ජන මෝල නායක පරාක්‍රමබාහුගේ ලඟම නෑදෑයො" කියල//..

      ඒ වැඩෙට උපුල් ශාන්ත සන්නස්ගල ඉන්නවා.තටිටෙ ගාන්න විතරයි තියේනනේ.
      තව ජෝතිෂ්‍ය හොරැ දෙතුන් දෙනෙකුත් සෙටි උනනාමි පරන ෆිල්මි එකම අලුත් වෙදිකාවක බලනව වගේ තමයි.

      Delete
    2. ජැකා තරම් සන්නා ටැලන්ට් නෑ මචෝ... සන්නා වේදිකාවෙදි පට්ට ෆේල්...

      හැබයි මහින්දගේ කාළේ තිබුන ඇබෑර්තු කීපයක්ම තවමත් තියෙනවා... වැඩි කල් යන්න කලින් සුදු වෑන් වලත් වේකන්සිස් තියෙයි... කරන්න බැරි උනාම කරන්න තියෙන එකම දේ ඒක නේ....

      Delete
    3. ‍ෙහෙොද ‍ෙකෙ‍ෙටෙරියක් තියනව ගන්නවද

      Delete
  6. හිටපු කට්ටිය ගිය දුර සහ කරපු හාණිය ගැන හිතනකොට මේවගේ දේවල් මුලදිම කඩා ගන්න ඕන තමයි. මේ සිද්ධියට ලැබිච්ච ප්‍රචාර නිසා මට හිතෙනවා වෙනසක් වෙයි කියලා. ඒ උනාට අර පරන එකාගේ තියෙන මොංගල් පාට වත් උද්ධච්ච කමවත් මෙයාගෙ නම් නැහැ කියල කියන්නත් වෙනව.

    ReplyDelete
    Replies
    1. දෙපැත්තක් තියනව නේද?

      1. අපිට හිටපු රජ පාලනයේ ජරා බව දැකල එපා වුන නිසා මේවගේ දෙයක් දැකපු ගමන් අප්පිරියයි

      2. ඉස්සර තිබුන ජරා ගොඩේ විශාලත්වයට පුරුදු වුන අයට ඉඳල හිටල මෙහෙම දෙයක් දැක්කහම ගාණක් නෑ.

      රජතුමා සිරාතුමාට ලොකු උදව්වකුත් කරලම ගියේ.
      රජතුමාට (2010-2015) වැඩිය නරකට කරන්න අමාරුයි සිරාතුමා ට්‍රයි කලත්.
      හැමදාම ඉස්සර මීටවඩා නරකයි කිය කියා ඉන්න පුලුවන් විදිහට හදලනෙ ගියේ

      Delete
    2. ඒ උනාට පට්ට කුපාඩි හා අමු කයිරාටික පෙනුමක් නම් මම ඉස්සර ඉඳලම දකිනවා...

      Delete
    3. ඔය මොනදේ අපි කීවත්....මාතලන් මහතා ජනාදිපති උනදාට උනත්, .....කියල වැඩක් නෑ ඕයි..හෙනහුරාදට දෙකක් දාල කතා කරමු අයිසේ...

      Delete
    4. අපොයි නෑ... අපි තියෙන ෆැසිලිටි වත් යූස් කොරන්නේ නෑ කියලා ඔහේලම දන්නවා නේ...

      Delete
    5. මේ කතාව කවුරු හරි කිව්වා රහතන් වහන්සේ කෙනෙක් වුනත් ඔතනට ආවොත් සීලේ පිරිහෙනවා කියලා. ඉතින් අපි ගැන කවර කතාද?

      විද්‍යා පීටෙක ලොක්කෙක් මගෙත් එක්ක පත්තරයක් බලන ගමන් කිව්වා. ඉස්සෙල්ලාම කරන්නේ හොදවයින් බඩුවක් ගහන එක කියලා. මට ඉකෑයියා කියල හිතුනා.

      Delete
  7. එල මචන්. කියන්න වචන නැහැ. මේක මේ සිරි ලංකා කාරයන්ගේ ප්‍රස්නයක් ද? රනිල්ට ඉතින් ළමයි බමයි නැහැනේ.

    ReplyDelete
    Replies
    1. දැන් මචෝ එහෙම බේදයක් නෑ වගේ නේද....?

      කොහොමත් බයියෝ දාපු ඇඩ් එක වගේම, නම්බර් වන් කැඳ හැලියක් කියන එක නම් අගේට ඔප්පු කරලා අවසානයි...

      Delete
    2. ජේ. ආර්. ට හයෙන් පහක බලයක් තිබිලත්, පුතෙකුත්, මුනුබුරාලාත් ඉඳලත් මේ වගේ පිස්සු කෙළියාද? නැහැනේ.... 1948 න් පස්සේ අද වෙන කම් ජේ. ආර්. වගේ කට පුරා 'රාජ්‍යතන්ත්‍රඥයෙක්' කියලා කියන්න පුළුවන් එකම එක නායකයෙක් මේ රටේ නම් හිටියේ නැහැ. අවාසනාවකට එතුමා බලයට ආවේ වියපත් වෙලා. 1960 දශකයේ මුලදී එතුමා බලයට ආවා නම් අද මේකත් රටක් තමයි.

      Delete
    3. එහෙනම් ඊළාම් යුද්දේ එන්නේ 1966

      Delete
  8. සුපිරි... කතා දෙකක් නෑ ඕකත් වෙන්න පුලුවං යන විදිහට...........

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං පුළුවන්... අනිවා.... වෙනවා....

      Delete
  9. අපි ඔක්කොම මේ කාර් ඉස්ටෑක් කොරාන ජියර් පොල්ලට අත තියාන බලං ඉන්නෙ මාතෙ පුලතිසි නයිට් රේස් එනකල්.
    අන්තිමට බලනකොට කොයි එකත් එකයි.

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ අපේ උන්ට කාලම බලන්න එපාය...

      Delete
  10. යහපාලනය කීවට කලින් තැටියම තමයි කැරකෙන්නේ.උඩින් පේන ලේබල් එක විතරයි වෙනස් කරලා තියෙන්නේ.තව කල් යනකොට දහමිගෙන් තවත් නාමල් කෙනෙක් දැකගන්න පුලුවන් වෙවි.

    ReplyDelete
    Replies
    1. නාමල්ට එහා පොරක් වෙනවා නොඅනුමානවම....

      Delete
    2. යකෝ මූ මෙහෙම පුතයෙක් කියලා දැනං හිටියේ නෑනේ! පෙනුමට නම් ඇට නැති රිලවා වගේ ඉන්නේ!

      Delete
  11. මුන්ට කියල වැඩක් නෑ මාතා අයියේ.... මේ සිරි ලංකාවනේ

    ReplyDelete
    Replies
    1. නිකන්ම සිරි ලංකා නෙමෙයි රජෝ...

      අම්මට සිරි ලංකා...

      Delete
  12. //තා ටික දවසකින් පොළොන්නරුවේ සත් මහල් ප්‍රාසාදේ, ගල් විහාරේ, තිවංක පිළිම ගේ හරහා පුලතිසි නයිට් රේස් තිබ්බොත් හෙම ඔහේලා කලබල වෙන්න ඕනත් නැතිය.//

    ඕයි මා-තලං.... සංචෑරක වියාපාරෙ දියුණු කරන්න කියාපු අයිඩියා එක... තමුන්නාන්සෙගෙත් මඩිය තර වෙනව නෙ....
    දාමුද පොපෝසල් එකක් ?

    ReplyDelete
    Replies
    1. කෑ ගහලා වන කරන්න එපා බං... මම මේ ඒ අයිඩියාස් තමයි දෙන්නේ.. අපිත් කාලා ඇඳලා ඉන්න එපාය මචෝ...

      Delete
    2. උඹේ සම්මාණයට මගේ හද පිරි සුපැතුම් මචෝ...

      කොන්ග්‍රැට්ස් කිව්වා...

      Delete
    3. බොහොම ඉස්කෝතුයි ඉස්කෝතුයි....
      ඒක අපනයන කාරයො 600 කගෙ තරඟෙකින් ලැබුණෙ.... ටිකක් එක්ක ආඩම්බරත් හිටං....
      Orange Electrics එවුන්ට හරි අප්සට් ලු... ඉස්සර ඒගොල්ලො ලු ඔය කැටගරි එක රන් කරන්නෙ....

      Delete
    4. මොකක්ද සම්මාන සීන් එක , නොදැනුවත් කම ගැන සමාවෙන සේක්වා , මොකක් වුනත් බොක්කෙන්ම සුබ පැතුම් අපේ එකාට

      Delete
    5. https://www.facebook.com/piyal.ariyananda?ref=br_rs

      Delete
  13. පට්ටම පට්ට කතා.......මේව මෙහෙම නොවුණොත් තමයි පුදුමෙ..
    මොකා ආවත් ජනතාවට කොකා පෙන්නුවෙ නැත්නං උං සිරිලංකා ද්වීපයේ දේශපාලුවො වෙන්න බැහැ....නැත්නං මක්කටෙයි තියන සේසතම වියදම් කොරගෙන ජනතා සේවෙට එන්නෙ...

    ReplyDelete
    Replies
    1. නැති ඉතින් අහවල් දේ කොරන්නෙයි....

      Delete
  14. අත් දෙක උස්සලා කියන්න පුලුවන් ඔය පාපකර්මෙට මම හවුල් නෑ කියලා..

    ReplyDelete
    Replies
    1. මම දෙවනි කොටසට හවුල් නෑ... අපරාදේ මහින්ද එලෙව්වේ.. පොර උන්නා නම් මීට ආතල්...

      Delete
    2. මේ කතාවට නම් චියර්ස් කරලා අඩ්ඩක් ගහන්නම ඔනේ.

      Delete
  15. "මහින්ද මහත්තයාගේ කෑල්ලක් වන අපේ හාමිනා පත කින්ඩියක් දැම්මේය."
    රට්ටුන්ගෙ ඔලු හදන්න කලින් ගෑනිගෙ ඔලුව හදල ඉදපන්.

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයට කඩේ යන කෑල්ලක් කියල වෙනස් කරනවා අයිසේ.
      නැතිනම් මහින්ද මහත්තයගෙන් කෑවාට පස්සේ ඔයාට ඉතිරිවෙන්නේ කිති කවන්න විතරයි

      Delete
  16. සිංහලෙන් කථා කරපු එක නම් මොක නැතත් අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. බොරෝකන් කතා කරලා හත් පොලේ ගාගන්නවට වඩා ඒක සැපයි නෝනේ...

      Delete
    2. ඔය නෝනා කියන දේවල් වැඩිය සිතන්න එපා මචෝ.....තාමත් අඩනව අප්පච්චි පැදුරට වැටුන එකට....

      Delete
  17. අපරාදේ කියන්නේ මෙහෙම බලාපුවාම. ජේ ආර්ලා, ප්‍රෙමෙලා ඉතරක් නොව බලයට මළ පෙරේත් පවුලක් වෙන බන්ඩාරණායක පවුලේ සැටලයිට් නෝනත් සත්තරන් වගේ ඉස්තරන්ය. තා ටික දවසකින් පොළොන්නරුවේ සත් මහල් ප්‍රාසාදේ, ගල් විහාරේ, තිවංක පිළිම ගේ හරහා පුලතිසි නයිට් රේස් තිබ්බොත් හෙම ඔහේලා කලබල වෙන්න ඕනත් නැතිය.මේවට කොහෙන් හිනා වෙන්නද මාතා??????ජහ මනයාට වෙන්නේ අඩන්න තමා කවදහරි

    ReplyDelete
    Replies
    1. කවදා හරි නෙමෙයි බං... යමක් කමක් තේරෙන දවසේ ඉඳන් කොරන්නේ අඬන එකම තමා...

      Delete
    2. කවදා හරි නෙමෙයි බං... යමක් කමක් තේරෙන දවසේ ඉඳන් කොරන්නේ අඬන එකම තමා...

      Delete
  18. හැමදාම රෙජීම් චේන්ජ් කරන්න ගියාම ලැබෙන්නේ රෙජීම් රීප්ලේස් , ඒ නිසා ගනං ගන්න එපා, නැත්තං කොහොමෙයි කියන්නේ අපි මේ ඉන්නේ අම්මට සිරි ඉල්ලන්කාවේ කියලා . අනික ගූ කප්පරක් කාපු එකාට පඩ ගඳත් ගඳක් ද කියලා ඇහුවලු . ඒ නිසා අපේ මිනිස්සුන්ට ඕව නතිංග්

    ReplyDelete
    Replies
    1. මෝය කටෙන් පොල් ලෙලි යන සයිස් මචෝ....

      Delete
  19. මගෙ ඔය කිසිම දේශපාලුවෙකුට කැමැත්තක් නැති බව උඹ දන්නවනේ. ඒ නිසා මේක කාගෙවත් සුදු හුණු ගෑමක්වත්, අපහාස කිරිල්ලක් වත් නෙවෙයි.

    ඔය ජාත්‍යන්තර සමුළුවල මව් භාෂාවෙන් කතාකරන එක මට නම් කිසිම අවුලක් නෑ. කැඩිච්ච ඉංග්‍රීසියෙන් අමාරුවෙන් ගොත ගගහා කතාකරනවට වඩා, ව්‍යක්තව තමන්ගෙ භාෂාවෙන් තමන්ට ඕනෙ දේ කියන්න පුලුවන්නම්, හොඳ පරිවර්තකයෙකුත් ඉන්නවා නම් ඒකේ කිසිම අවුලක් නෑ. ඕවගෙ එකකට ලැජ්ජා වෙන්නේ අපේ වගේ මානසිකත්වයක් තියෙන උන් විතරයි. අපිට ඉංග්‍රීසි ලොකු වුනාට ලෝකෙ හැම එකාටම ඉංග්‍රීසි ලොකු නෑ.

    නැවත වතාවක්. මම කතාකරන්නේ ජනාධිපතිගෙ ගැන නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් ගෙ කථාවට මමත් එකඟයි.

      යමෙක් යමක් සිදුකල විට එය ප්‍රශංසා කිරීමත් , එයම තවකෙක් සිදුකල විට එය විවේචනය කිරීමත් අපි බලන කණ්නාඩි වල වරද නොවෑ ...

      ‍ෆිල්ම් රීමේක් කරන එක දැන් Tendency එක නේ, ඒ නිසා පරණ කථාවම සුළු වෙනස්කම් හා අළුත් නළුවෝ එක්ක බලමු.

      Delete
    2. මේක ඇත්ත ඩූඩ්, මට මතකයි අජන්ත මෙන්ඩිස් ට ඉංග්‍රීසි බැරිවීම ගැන සුද්දගේ ක්‍රීඩාව ගැන කැක්කුමක් තියෙන කළු සුදු මහත්වරු නෝනලා ඒ කාලේ දඟලපු තරම ගැන

      Delete
    3. ඕකට කියන්නේ ඩූඩියෝ "පිරුණු කළේ දිය නොසෑලේ..." කියලා.

      Delete
  20. මාතලන්, උඹ ටුවරිසම් කරනවා නම් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න එපැයි චතුරිකාගේ රෙස්ටොරන්ට් එකයි කාමර අටේ "හෝටලයයි" හැදුවේ යහපාලතුමා ජනාධිපති වෙන්න කලින් කියලා...¿?¿?¿

    ReplyDelete
    Replies
    1. හැබැයි කතාව නම් ඇත්ත, ඒ හෝටලේ හැදුවේ බොහොම කලින් , ඒ විතරක් නෙවෙයි ඩඩ්ලිත් හැදුවා හෝටලයක් වැව තාවුල්ලක. පැත්තෙම මිනිස්සු හෙන වලියකිකුත් ඇද්දා, එතකොට එයා සෞඛ්‍ය ඇමති වෙන්නත් කලින් හිටං

      Delete
    2. Travelling to Polonnaruwa to open a chain of cottages of a hotel owned by his daughter Chaturika Sirisena by 7.00 am today (06), president Maithripala Sirisena came to Colombo in the afternoon to be a witness to the marriage of Hirunika Premachandra.

      After signing for the marriage, the president left for Kandy, and has been uncontactable since. The ex-president Chandrika Bandaranaike Kumaratunga and prime minister Ranil Wickremesinghe both tried to get in contact with him over mobile phone, but all those attempts had failed. The president s security has refused to give any firm detail regarding the whereabouts of the president.

      The president last night promised the ex-president and the PM that he would summon SLFP general secretary Anura Priyadarshana Yapa and obtain his resignation letter. The two have tried to contact him to ask him about the status of his promise.

      Party seniors too, are trying to contact the president to decide on the nominations. For a reason best known to himself, the president has switched off his mobile phone and is keeping to himself.

      Delete
    3. @ මාතලන්,

      උඹ ඔය ක්වෝට් කරලා තියෙන්නේ 2015 ජූලි 6 වෙනිදා පළ වුණු නිව්ස් එකක්. යහපාල ජනාධිපති වෙන්නේ 2015 ජනවාරි 9 වෙනිදා. එතකොට ඒ දවසේ ඉඳලා ජූලි 6 වෙනිදා වෙනකොට, ඒ කියන්නේ මාස 6 කින් හෝටලයක් ප්ලෑන් කරලා, ඩිසයින් කරලා, බිල්ඩින් කොන්ට්‍රැක්ට් භාර දීලා, හදලා ඉවර කරලා, ඉන්ටීරියර් ඩෙකෝර් එකත් කරලා, සම්පූර්ණ වැඩ ඉවර කරන්න පුළුවන්ද මචං?

      උඹ ටුවරිසම් කරනවා නම් දැනගෙන හිටියේ නැද්ද යහපාල නොමිනේෂන් භාර දුන්නාට පස්සේ චතුරිකාගේ රෙස්ටොරන්ට් එකට තිබුණු බියර් ලයිසන්ස් එක මහින්දලා එකතු වෙලා කැන්සල් කරපු විත්තිය?

      Delete
    4. @ ඉවාන් පවුලූශා,

      අනේ, දන්න දෙයක් කතා කරපන්, පුකේ වමෝ.

      ඩඩ්ලි හෝටලයක් හැදුවේ නෑ. ඩඩ්ලි කළේ හදලා තිබුණු හෝටලයක් මිළට ගත්තු එක විතරයි. ඔය කියන ඩඩ්ලිගේ හෝටලය හැදුවේ 1973 දී. කොළඹ ක්වික්ෂෝව්ස් සමාගම තමයි ඒ හෝටලයේ මුල් අයිතිකාරයෝ. පරාක්‍රම සමුද්‍රයේ බැම්මට දකුණින් හෝටල් හදන්න පුළුවන් වෙන විදියට ඒ ප්‍රදේශය "සංචාරක කලාපයක්" හැටියට වෙන් කළේ සිරිමා බණ්ඩාරනායක. එතන හෝටල් 3 ක් හැදුණා.

      1. ක්වික්ෂෝව්ස් සමාගමේ "අරලිය" හෝටලය (දැන් ඩඩ්ලිගේ "සුදු අරලිය").

      2. ලංකා හෝටල් සංස්ථාවේ "සේරුව" හෝටලය (දැන් ගාලු මුවදොර හෝටලයෙන් මැනේජ් කරන "ද ලේක්").

      3. ඉන්දියන් කාරයෙක් (නම: කෞෂික් අමාලියන්) හදපු "අමාලියන් නිවාස් " හෝටලය (දැන් "ද විලේජ්").

      ඔය හෝටල් තුන ම තියෙන්නේ එකට එක ගෑවෙන විදියට. ඒ තියා, ඩඩ්ලි මිළදී ගත්තු හෝටලයේ ස්විමිං පූල් එක හැටියට මුලදී පාවිච්චියට ගත්තේ "සේරුව" හෝටලයේ පූල් එක (ඒ වෙන කොට "සේරුව" තාවකාලිකව වහලා දාලා තිබුණා). 1988/89 ජේ.වී.පී. කචල් එක කාලේ ක්වික්ෂෝව්ස් සමාගමේ "අරලිය" හෝටලය අමුත්තන් නැති කමින් වැහිලා ගියා. ඒ විදියට අවුරුදු 10 ක් වැහිලා තිබුණු හෝටලය තමයි ඩඩ්ලි 1999 දී මිළදී ගත්තේ. එහෙම නැතුව ඩඩ්ලි අමුතුවෙන් ඔතන හෝටලයක් හැදුවේ නැහැ.

      ඔය මිනිස්සු ඇද්දායි කියන "වලිය" ගැනත් මං කියන්නම්. යල කන්නයේ වැහි වහින කොට පරාක්‍රම සමුද්‍රය කට ගාවටම පිරෙනවා. එතකොට වාරි ඉංජිනේරුවන්ට සිද්ද වෙනවා වැවේ වාන් දොරටු අරින්න. එහෙම ඇරපු වෙලාවක ජේ.වී.පී.කාරයෝ (මට මතක හැටියට සුබසිංහ කියන ජේ.වී.පී. මන්ත්‍රී) මිනිස්සුන්ගේ ඔළු ඇතුලේ සිතුවිල්ලක් පැළ කළා, වාන් දොරටු අරින්නේ ඩඩ්ලිගේ හෝටලය වතුරට යටවෙන එක නවත්වන්න කියලා. ඒක සම්පූර්ණයෙන්ම බොරු කතාවක්. එහෙම වතුරට යටවෙනවා නම්, ඩඩ්ලිගේ හෝටලය යටවෙන්න කලින් වතුරට යටවෙන්නේ "ද ලේක්" හෝටලය, මොකද ඒක වැවට වඩා ළඟින් පිහිටලා තියෙන නිසා.

      ඉවාන් පවුලූශා, බොරු පච ගහලා උඹ පුකේ වමෙක් වෙන්න එපා.

      Delete
    5. ***(ඔතන ඉහළින් මම ලියලා තියෙන යල කන්නය කියන එක "මහ කන්නය" වශයෙන් නිවැරදි විය යුතුයි.)

      Delete
    6. එතකොට ඒ ලයිසොන් එක ආයේ දුන්නෙත් මහින්දද.....?

      Delete
    7. උඹ ඉස්සෙල්ලාම කියපං මාස 6 කින් (කාමර 8 ක වුණත්) හෝටලයක් හදන්න පුළුවන්ද කියලා.

      ඒ ලැයිසොම ආපහු ලැබුණේ අභියාචනයකින්. ලංකාවේ ඩර්ටි පොලිටික්ස් කල්චර් එකේ හැටියට උන් ලැයිසොමක් ගත්තු එකම හොඳ නැද්ද බං?

      Delete
    8. @ Anonymous October 1, 2015 at 1:56 AM
      එල විස්තරයක් මචෝ , ස්තුතියි .

      එතකොට හෝටලේ රස්සාවෙන් උඹේ පුකේ දකුණට පයින් ගහලා එලෙව්වට පස්සේ ආපහු රස්සාව දුන්නද

      Delete
    9. @ ඉවාන් පවුලූශා,

      මම ජීවිතේට හෝටලේක රස්සාවක් කරලා නෑ මචං. මම ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ඉතිහාසය හදාරන කෙනෙක්.

      Delete
    10. ඇනෝ මහත්තයාගේ උඩ තියෙන කොමෙන්ට් එක, එයාම දාපු දෙවනි කොමෙන්ට් එකෙන් ඉබේම කිච වෙලා පීචං වෙනවා නේ...

      Delete
    11. මම කිසිම විදියකින් පීචං වෙලා නෑ, මාතලන්.

      උඹ පෝස්ට් එකේ ලිව්වේ මොකද්ද?

      /////චතුරිකා සිරිසේනය. එයා අප්පුච්චා රජ වෙච්චි ගමන් පොඩි හෝටලයක් දාගත්තේය./////

      මම ඒක එහෙම නෙවෙයි කිව්වම උඹ කොහේද තිබුණු නිව්ස් අයිටම් එකක් ක්වෝට් කරලා පෙන්නනවා හෝටලය ඕපන් කළේ ජූලි මාසයේ කියලා. දැන් මෙතනදී පීචං වෙලා තියෙන්නේ උඹ. මොකද කියනවා නම් උඹ පෝස්ට් එකේ කියනවා චතුරිකා හෝටලය දා ගත්තේ අප්පුච්චා රජ වෙච්චි ගමන් (ඒ කියන්නේ ජනවාරි ) කියලා. ඊට පස්සෙ කියනවා ජූලි කියලා.... ජූලි කියන්නේ රජ වුණු ගමන් නෙවෙයි නේ... රජ වෙලා මාස 6 කට පස්සේ.

      Delete
    12. චතුරිකාගේ "තිදස් අරණ" සංචාරක භෝජනශාලාව/හෝටලය බොහොම සුළුවෙන් පටන් ගත්තු එකක්.

      2010 දී පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ විදේශීය සංචාරකයින්ට ආහාරපාන සැපයීම සඳහා 20 දෙනෙකුට පමණ අසුන් ගත හැකි පිදුරු සෙවිලි කළ මඩුවක් ගසා ව්‍යාපාරය පටන් ගත්තා (ඇගේ පියා මෛත්‍රීපාල එකල සෞඛ්‍ය ඇමති ).

      යුද්ධයේ අවසානයත් සමඟ විදේශීය සංචාරකයන්ගේ පැමිණීම විශාල වශයෙන් ඉහළ යෑම නිසා මේ මඩුව ඉඩ මදි වුණා. ඒ නිසා 2012 අවසාන භාගයේදී ඊට පිටු පසින් ශාලාවක් ඉදි කර සංචාරකයින් හට එහි ආහාරපාන ගැනීමට සැළස්වූවා. [කලින් කී මඩුව තවමත් සුරක්ෂිතව පවතිනවා. දැන් එතැන තමයි සංචාරක රථ රියැදුරන් ආහාර ගන්නේ].

      පොළොන්නරුව ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ බොහෝ දෙනා කරනවා වගේ චතුරිකාටත් කුඩා "හෝටලයක්" තැනීමට අදහසක් ආවා. ඒ අනුව, 2014 මුල් භාගයේ කාමර 8 ක් ඉදි කිරීමට පටන් ගත්තා. ඒ කාමර අට තනා අවසන් වුණේ 2015 ජූනි මාසයේදී. විවෘත කළේ ජූලි මාසයේ. ඕකයි ඇත්ත. ඔය කාමර 8 හදන කාලේ මෛත්‍රීපාල ජනාධිපති වෙන්න හීනයක්වත් දැකලා නෑ.

      ඔය කියන "මහා ලොකු හෝටලයට" මෙන්න මේ ලින්කුවෙන් යන්න පුළුවන්:-

      Thidas Arana

      Delete
    13. හා මචං.

      Delete
  21. හොඳ හොඳ සෙල්ලං...

    ReplyDelete
  22. Replies
    1. ඒ කාළේ, තනකොල කපන්ට කියලා හිටං, කිතුලට නැගලා තියෙන්නේ මෙයෑලයි මී මුත්තෙක් හරි කිරි කිත්තෙක් හරි වෙන්ටෑ

      Delete
  23. පිස්සුද, කොල්ලව එක්කන් ගියේ ඔබාමගේ දුවට ප්‍රොපෝස් කරන්න හිටං..

    ReplyDelete
    Replies
    1. එහෙමම නොවෙයි කියලා කියන්නත් බෑ බං...

      Delete
  24. Replies
    1. අඩු ගානේ එහෙම කෑල්ලක් වත් අරගෙන ගියා නම් දුකක් නෑ...

      Delete
  25. "මම නම් හිතන්නේ කොල්ලව අරගෙන ගියේ විශ්වාසවන්ත කමට සහ ඔත්තු බලන්න කියල. විශේෂයෙන්ම අනික් යන එවුන් සුරුස් බුරුස් ගාල ඉංගිරිසියෙන් සුද්දෝ එක්ක දොඩවන ඒවා දැනගන්න. මොකද ඔය වගේ වෙලාවල් වල භාෂා පරිවර්තකයෝ පොඩි පොඩි වංගු ගහන වෙලාවල් නැතුව නෙවෙයි. අනික සිරාට මහින්දගෙන් සහ වටේ ඉන්න සෙට් එකෙන් බොහොම කුමන්ත්‍රණ වතුර බෝතල් කතා එහෙමත් අපු එකේ, මුන් ඉංගිරිසියෙන් දොඩවන ඒවාට ටිකක් ඉන්න කණ දාගෙන ඉන්න පුත්තරය ගෙනියපු එකේ ලොකු වැරද්දක් නැතිවෙන්නත් පුළුවන්. විශේෂයෙන් ජනපතිගේ පක්ෂේ නෙවෙයි අනික් උදවිය. ඒවගේම විජේදසල මංගලලා සහ සමරසිංහ ල මහින්ද එක්ක එකට කාපු උන්දලා. සිරාට ඉංගිරිසි බැරිකමක් නැති වුනාට එයාගේ ඉංගිරිසි විශිෂ්ට මට්ටමක නැතිබව කවුරුත් දන්නවනේ. රටේ ජනාදිපති ඉස්සරහම ඇමතිලා සුද්දෝ එක්ක සුරුස් බුරුස් ගාල කුණු වැඩකට එකග වුනොත් එහෙම ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්." මේ අදහස මගේ නෙවෙයි...මම කලේ පොඩ්ඩක් විස්තර කරලා ලියපු එක...එත් මම හිතන්නේ මේ කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන් කියල.....

    ReplyDelete
    Replies
    1. එයාට කොල්ලා විස්වාශ උනාට අනික් උන්ට එයා ගැන තියෙන විස්වාශේ නිනාසයි නේද....?

      Delete
    2. මහින්ද මල්ලි වුන නිසාම ඝෝට ආරක්ෂක ලේඛම් කල එක අගයකරමින් ඝෝටගේ පුක සොදපු උබල දැන් සිරාට පුතා ගැන විශ්වසේ ගැන කතකොරනවා. ඔයවගේ කියපු දේ වෙනස් කොරන්න පුළුවන් උබ අඩු කුලේ හකුරු මිනිහෙක් වුන නිසාම වෙන්න ඇති බං. උබේ ගැනිවත් උබ වගේ හකුරෙක් කියන දේ සත පහකට ගණන්ගන්නේ නැති එකේ බ්ලොග් එක බලල මිස්ටර් මාතලන් මම එක්කගයි කියල උබවගේ ටුවර් ගයිඩ් කෙනෙකුට පශ්චාත් භාගය දෙන මෝඩයෝ සහ මොඩියෝ ටිකටම කියපන් හකුරු ප්‍රියන්ත ඔය කතාව.

      Delete
    3. හා මචන් කියලා උත්තරේකුත් උබට කොපි කොරල දාන්න ලේසි වෙන්න ලියන්න බැරි වුනා. වෙන උත්තරයක් නෑ නේද ? හා මචන් කියල දාපන් හොදේ.

      Delete
    4. @ Anonymous October 1, 2015 at 8:42 AM -----

      මාතලන්ගේ ගොන් බූරු කතාවලින් මට තේරිච්ච දේ තමයි ඌ ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් නොවන බව. ලංකා සංචාරක මණ්ඩලයේ නැෂනල් ටුවරිස්ට් ගයිඩ් ලෙක්චරර් බලපත්‍රය ගන්න අමාරුයි. ඒකට විභාගයක් පාස් කරන්නත් තියනවා. මගේ කල්පනාවේ හැටියට මාතලන් ටුවරිස්ට් කාර් ඩ්‍රයිවර් කෙනෙක්.

      Delete
    5. උඹ වගේ හරෙකෙකුට වෙන මොනවා කියන්නද මචං

      Delete
    6. ගයිඩින් තියෙන්නේ නැෂනල් ඉතරක් නෙමෙයි තව ඕන තරම් තියෙනවා.. මට තේරෙන්නේ ඔහෙත් මෙළෝ මඟුලක් නොදන්න බවයි... අනික මගේ රැකියාව මගේ අදහස් ප්‍රකාෂ කිරීම් වලට බලපාන්නේ නෑ නේ.. මාර්ටින් වික්‍රමසිංහ ඉස්කෝළේ ගිහ්න් තියෙන්නේ පහේ පන්තියට විතරයි.. නමුත් එයාට තිබුන දැක්ම ඒ කාළේ උන්න මහාචාරයවරුන්ටවත් තිබුනේ නෑ..

      ඔහේ මගේ පුකේ ඇඟිල්ල ගහලා ඉඹින්නේ නැතිව.. ඔහේගේ පුකේ ඇඟිල්ල ගහගෙන ආතල් එකක් ගන්න..

      Delete
    7. ඇත්ත, මාතලන්.... ඔහේගේ රැකියාව ඔහේගේ අදහස් ප්‍රකාශ කිරීමට බලපාන්නේ නැති වග ඇත්ත, නමුත් ඔහේ උගතෙක් නොවන වග ඔහේගේ අදහස්වලින් පැහැදිලි වෙනවා.

      මාර්ටින් වික්‍රමසිංහට තිබුණු දැක්ම ඒ කාලේ හිටපු උගතුන්ට නොතිබුණා කියන එක උන්නැහේගේ බෑණා එස්. ඩී. සපරමාදු ප්‍රචලිත කරවපු කෙප්පයක්. ගෝබල්ස් න්‍යාය අනුව ඒ කෙප්පය නැවත නැවතත් පුනරුච්ඡාරණය කළාම ඔහේ වගේ මස්තිෂකය නැති ගොන් වහන්සේලා ආයේ දෙපාරක් හිතන්නේ නැතිව ඒක පිළිගන්නවා.

      හොඳයි කියමු බලන්න ඒ කාලේ හිටපු මහාචාර්යවරු කවුද, ඒ අයට නොතිබුණු නමුත් මාර්ටින් ගොයියාට විතරක් තිබුණු දැක්ම මොකද්ද කියලා....

      ඔහේගේ පුකේ ඇඟිලි ගහන්න මම ආවේ නැහැ. ඔහේ මේ බොක් අවකාසේ පඩින කොට උහුලන්න බැරි තරම් ගඳයි. ඒ නිසා තමයි මේ ටික හරි ලිව්වේ.

      Delete
  26. පුතාව ළමා අපචාර කාරයන්ගෙන් පරිස්සං කරගන්න රට එක්ක ගියා. සික් විතරක් උඹල කියන කතා.

    http://raj1st.blogspot.com/2015/09/blog-post.html

    ReplyDelete
    Replies
    1. මාතා,

      ඇත්තටම රනිල් 2002 කාලයේ කරපු හොද වැඩක් උබට මතක්කරන්න සිතුන, මේකට ගොඩක් එවුන් කිව්වේ නරක වැඩක් කියල, එක තමයි රාජ්‍ය සේවය සිමා කිරීම, රාජ් උබත් රාජ්‍ය සේවකයෙක් නිසා මේක හොදට තේරෙයි.

      මාතා මතක ඇති මිට සති 3 ට විතර ඉස්සර මගේ මිතුරකුගේ උපාධි සහතිකය විදේශ කටයුතු අමත්යන්සය මහින් සහතික කරවා ගැනීමට මා ගිය සිද්දිය.
      දැනට දින 2ට පෙර එහි දෙවැනි ජවනිකාව අවසාන කිරීමට මට හැකි උනා.

      මුලින් සති 3 ට පෙර මොරටුව සරසවියෙන් සහතික කරවා ගත් එම සහතිකය විදේශ කටයුතු අමාත්‍යංශයේ Consular Affairs Division වෙත ඉදිරි පත් කළා
      එහිදී ඔවුන් සදහන් කලේ 0094 (0) 11 2385571 අංකය අමතන ලෙසයි මෙය කිසිවකු පිළිතුරු නොදෙන බව තේරුම් ගත් මම ඔවුන්ගේ ප්‍රදාන නොම්මරය මගින් අදාල අංශය ඇමතුවා ඔවුන් සදහන් කලේ අදාළ සහතිකය නැවත විශ්ව විද්‍යාලයට fax කරන ලද බවයි නමුත් විශ්වවිද්‍යාලය ඔවුන්ට නැවත fax නොකරනලද බව සදහන් කළා. මෙවිට විශ්වදිද්යාලය ඇමතු මට දැනගන්න උනේ ඔවුන්ට එවැනි fax පතක් නොලැබුණු බවයි.

      නැවත Consular Affairs Division ඇමතු මට ඔවුන් සදහන් කලේ මෙය විශ්ව විද්‍යාලයේ වරදක් බවයි.

      මෙලෙස දෙපසට බෝලය යැවීමෙන් දුරකථන ඇමතුම් 15 පමණ පසු විශ්වවිද්‍යාලයට අදාළ සහතිකය ලැබුණු බවත් එය සහතිකර නැවත නැවත Consular Affairs Division යැවූ බවත් සදහන් කළා.

      දෙවැනි දිනයේ දී Consular Affairs Division ඇමතු මට සදහන් කලේ අදාළ සහතිකය සුදානම් බවයි, දැන් මම අදාළ අංශයට ගිය විට Consular Affairs Division හි මෙය ලබාදීමට පැයක් පමණ ගතවන බව සදහන් කළා, අවසානය එය ලැබුනේ පැය 2 ට පසුවයි.

      විනාඩි 20ක වැඩක් සදහා දින 12කුත් පැය 2 ගතවුනා. මෙහිදී මා තේරුම් ගත්තේ නිලදාරීන් බොහෝදෙනා කිසිදු වැඩක් නොකරමින් කාලය කාදමන අයුරුයි. ඔවුන්ගේ වැඩ අවසන් වීමට විනාඩි 10 පමණ කාලයේදී එකයකු අත්සන් කල අතර තවයකු මුද්දර ඇලවීමත්, තවෙකකු stiker ඇලවීමත් තවකකු
      සිල් ගැසීමත් බලාසිටිම පිළිකුල් සහගතයි.

      හිටපු කාලකන්නි පාලකයා රාජ්‍ය සේවය කිසිදු සැලැස්මකින් තොරව වැඩිකිරීමේ ප්‍රතිපලයි මේ.

      දැන් නැවතත් ඔබට සිංගප්පුරුව මතක් කරන්න සිතුනේ ඕනෑම සංකීර්ණ කර්යක් සිංගප්පුරු රාජ්‍ය ආයතනයක් තුලින් සිදු කිරීමට ගතවන්නේ විනාඩි 30 වැනි
      කාලයක් බව මගේ මිතුරකු ම දැනුවත් කල බැවිනුයි.

      Delete
    2. උඹේ පෝස්ට් එක පට්ට්යි රාජ් මචෝ....

      Delete
    3. @ ලංකා සිතිවිලි

      මගේ ගෙස්ට් කෙනෙක්ම මෙහේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඇවිත් සංසාරෙත් එපා වෙලා මියන්මාර් ගියා මචෝ

      Delete
    4. මාතා,

      මම හිතනේ උබේ බෝගේ මේක මම කිව්වා කලින්, නැත්නම් මම මතක්කරන්නම් ,මගේ විදේශීය ගනුදෙනු කරුවකුට
      ලංකාවේ නිපදවන leather bag වගයක් ඇමරිකාවට අපනයනය කිරීමට උවමනා උනා. වැඩේ හරිගියා නම්
      රැකියා සෑහෙන ප්‍රමාණයක් අපට ලබාගතහැකි වෙනවා.

      මේසදහා customs tariff දැනගැනීමටත් අපනයනය කිරීමේ ක්‍රමය දැනගැනීමටත් sri lanka customs ඇමතු මට සිදු උනේ
      ආයතනයෙන් ආයතනයට මාරුකර අවසානයේ වන සහ වෘක්ෂලතා අදිකරියෙන් අවසන් වීමයි.

      මචෝ අපිට ඕනේ නැද්ද අපේ අපනයන වර්දනය කරගන්න? මේවිදියට රට තව අරුරුදු කීපයක් ඇද්දොත් මුළු රටම හිගමනේ තමයි.

      අපිට අන්තර්ජාතික වෙළදාම කිරීමට උවමනානම් ආණ්ඩුවේ කන්තෝරුවකින් සේවාවක් ලබාගැනීමේදී උපරිමව පැයකදී ඕනෑම සංකීර්ණ
      ලේකනයක් සහතික කරගැනීමට නොහැකිනම් අපට ඉදිරියක් නෑ

      Delete
    5. මාතේ,
      /////මගේ ගෙස්ට් කෙනෙක්ම මෙහේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඇවිත් සංසාරෙත් එපා වෙලා මියන්මාර් ගියා මචෝ//////

      මියන්මාර් එක ලංකාවට වඩා 10 ගුණයක් අන්තයි මචෝ. හොඳට හොයලා බලපන් උඹේ ගෙස්ට් දැන් මියන්මාර් එකේ ඉඳන් කැම්බෝඩියා ගිහිල්ලද කියලා ඉන්වෙස්ට් කරන්න.

      Delete
    6. @ ලංකා සිතිවිලි

      ඔයාගේ විදේශීය ගනුදෙනුකාරයා ලංකාවෙන් leather bags ගන්න එක හරි ගියත් shipment දෙකකට වැඩිය විකිණෙන්නේ නැහැ. හේතුව ලංකාවේ leather හැටියට පාවිච්චි කරන්නේ හරක් හම් විතරයි. අනික ලංකාවේ හම් පදම් කරන තාක්ෂණය (leather tanning) ප්‍රගුණ කරලා නැහැ කවුරුත්. ඒ නිසා ලංකාවේ හම් හරිම ගොරෝසුයි. එහෙම නෙවෙයි, ඉන්දියාවේ තියෙනවා නොයෙකුත් හම් වර්ග. විශේෂයෙන්ම බැටළු හම්. ඒවායින් හදන බෑග් සිල්ක් රෙද්ද වගේ සිනිඳුයි. ඔයාම හිතලා බලන්න ලංකාවේ හම්වලින් ජැකට් මහන්න පුළුවන්ද කියලා. අනික, ඉන්දියාවේ සම්භාණ්ඩවල මිළ ලංකාවේ ඒවාට වඩා හරිම අඩුයි. යුරෝපයට ආනයනය කරන බොහොමයක් සම් සහ සම්භාණ්ඩ එන්නේ වියට්නාමයෙන්. උතුරු වියට්නාමයේ අනර්ඝ තත්ත්වයේ සම් ලබා ගත හැකි සත්ත්වයන්ට සුදුසු දේශගුණයක් තියනවා. උතුරු වියට්නාමය තියෙන්නේ ඝර්ම කලාපයෙන් පිට. ඒකයි ඒකට හේතුව.

      Delete
    7. ස්තුතී ඔබේ අදහසට,මම ඔහුට පෙන්නුවේ ලංකාවේ සම් බෑගයක පින්තුරයක් එහි නිමාවට ඔහු කැමති උනා.
      ශ්‍රී ලංකාව නිදහස ලබනවිට ආසියාවේ තිබුන දියුණුම රටක් (ජපානයට පමණයි දෙවෙනි උනේ )
      හිතන්න ඔබකියන පරිදි //ලංකාවේ හම් පදම් කරන තාක්ෂණය (leather tanning) ප්‍රගුණ කරලා නැහැ//
      සිදුවුයේ ඇයි ? මුලින් සිදුවන්නේ විදේශීය ගනුදෙනු කරුවා හදුනා ගැනීමයි දෙවනුව අපට ඇති බෑගය ඔහුට
      විකුනනවා, ඔබ කියන ලෙස ඔහු එහි වැරදි පෙන්වා දෙවි දෙවැනි වර අපට මෙය පහසුවෙන් නිවැරදි කර ගත හැකියි
      මිට තාක්ෂනය උවමනා කරනවා https://www.youtube.com/watch?v=VQTNOYD81fM
      බලන්න මෙය තමයි තක්ෂණය මිට ආයෝජනයක් ලබාගැනීම අපහසු නෑ.

      ප්‍රශ්නය වන්නේ රජයේ අනුමැතිය ලබාගැනීමට දින ගණන් මාස ගණන් කල් යාමයි. සිංගප්පුරුවේ ආයතනයක් ලියාපදිංචි කිරීමටත්
      අදාළ කර්මාන්තය ආරම්බ කිරීමටත් ගතවන්නේ ඉතා සුළු කාලයක් (මගේ මිතුරකු පැවසුවේ ඕනෑම සංකීර්ණ වැඩක් සිංගප්පුරු රජයෙ ආයතනයකින්
      කරගැනීමට ගත වන්නේ විනාඩි 30 පමණ බවයි.

      ඉස්සල්ල බෝට්ටුව වතුරට දාගන්න ඕනේ ගමන වේගයෙන් හෝ හෙමින් යන්න. අති විශාල රාජ්‍ය සේවය කරන්නේ බෝට්ටුව වතුරට දාගැනීමට කළහැකි
      සියලු බාදක පැනවීමයි.

      Delete
    8. ලංකා සිතුවිලි,
      ඔය කතාව මම කිව්වෙ සෑහෙන්න කාලෙකට ඉස්සර මේං බලප‍ං

      http://raj1st.blogspot.com/2011/12/blog-post_07.html

      Delete
    9. ඒ යකා ඒ යකාගේ කෙසෙල් වගාව සහ අපනයනය මියන්මාරයේ අගේට කරනවා....

      Delete
    10. රාජ්,

      මචෝ උබේ අදහසට සම්පුර්ණයෙන් එකයි "රාජ්‍ය සේවය තුල වැඩ ඒකක ක්‍රමයක් ඇතිකිරීම හෙවත් උපයන ප්‍රමාණයට ගෙවීම." අදහසත් හොදයි.
      නමුත් මෙය ෂණික ලෙස නිවැරදි කළහැකි ක්‍රමයක් කියන්නම්.

      01. පාර්ලිමේන්තු පනතක් මගින් අනවශ්‍ය රජය සේවකයන් අදාල දෙපර්තෙමේන්තු වලින් ඉවත් කර වෙන පලදායි ආයතන වලට අනුයුක්ත කිරීම.

      මෙය ඉතා සරලව කිරීමට ඇති විදිය නම් දෙපාර්තමෙනුවක් තෝරාගෙන ගනුදෙනු කරුවකුගේ වැඩක් සම්පුර්ණ කිරීමට උපරිම ලෙස පැය 1 තුල කලයුතු බව දැන්වීම.

      පැය 1ට අඩුවෙන් කළහැකිනම් එයට A grade ලබාදීම (ආයතනයේ සේවා හොදයි )
      පය 1 ට වැඩි නම් B grade ලබාදීම (ප්‍රමාදයට හේතු සෙවීම )
      පැය 2 ගතවේ නම් (මෙය තව එකවරක් සිදුවුනොත් අදාල දෙපාර්තමේන්තුව වසා දැමීම ) සහ වෙනම පුරුදු කල සේවකයන් අනුයුක්ත කර නැවත ඇරබීම.

      මෙවැනි deadline ලබාදීම ට පෙර රජයේ සේවකයන් මෙම වැඩපිළිවල ගැන දැනුවත් කර තම ආයතනයට පැය 1 දී කිරීමට අපහසු මන්දැයි කරුණු දැනගෙන
      නිවැරදි කිරීමට උවමනා පරිගණක පද්දතිය ලබාදීම.

      මෙහිදී සිදුවන්නේ සියලු දෙනාගේම රැකියා නැතිවීමේ අවදානමක් ඇතිවීම නිසා සියලු දෙනා මෙම ක්‍රමයට අනුගතවනු ඇති.

      මම හොද උදාහරණයක් උබට දෙන්නම් මතකද ශ්‍රී ලංකා telicom ආයතනය පුද්ගලික අයතනට පැවරීමට පෙර ඔබට දුරකතනයක් උවමනා නම් වසර 10
      පමණ බලාසිටීමට සිදුඋනා (1987 අපිට අවුරුදු 8 හෝ 9 සිටීමට සිදුඋනා ) එම කාලයදී රුපියක් 15000 ගෙවීමට සිදුවූ බවයි මගේ මතකය එය අද මුදලින්
      රුපියක් 300000 පමණ, අද දින 7ත් ඇතුලත රුපියල් 7000 පමණ මුදලකට ලබාගත හැකියි (ඔවුන්ගේ ප්‍රවර්දන පහසුකමක් මගින් අපේ දෙවැනි දුරකතනයට ගියේ රුපියල් 3000 පමණයි )

      මෙයින් පහර වදින්නේ අපේ අපනයන වෙලදාමටයි, ලෝකය සමග තරග කිරීමට නම් අපනයන වලදී, රාජ්‍ය ආයතන වලින් සිදුවන කාලය කාදමිම නැවතිය
      යුතුයි, විදේශීය ආයෝජකයන් බලන්නේ ලංකාවේ නිෂ්පාදනය කරනවානම් අදාළ නිමි නිෂ්පාදිතය ලබාගැනීමට ගතවන මුළු පිරිවැය සහ කාලයයි
      යන කාලය වැඩිනම් ඔවුන් මෙහි ආයෝජන වලට නොඑනු ඇති.

      Delete
  27. අම්මපා මාතා............... විලිලැජ්ජයි....

    මට නං පොළව පලාගෙන යන්න හිතෙනවා.... ඒත් මෙහෙම දේකුත් තියෙනවානේ මචං.... අර පැරදිච්ච හැත්ත ගෙනැල්ලා උන්ට අැමතිකම් දීලා කරෙන් තියාගන්න තරං ලැජ්ජාවක් නැති ජනතාවගේ කැමැත්තට පයින් ගහපු ලොක්කෙකුට මේවත් වැඩද බං.... තව වැඩ ඉස්සරහට කොරයි...... අම්මපා හිරිකිතයි බං..... මුංට ඔලුවක් කියලා නාමයක්වත් නැද්ද?????

    ReplyDelete
    Replies
    1. මෙයා මහින්දට කලින් සීතාම්බර පට සළුව ඇඳගෙන අමු හෙළුවෙන් යනවා මචෝ....

      Delete
    2. ඔතනට ගියාම මිනිස්සු ටිකක් ෂොක් වෙන ඒක සාධාරණයි..... ඒත් යකෝ අප්පට ඔලුව නැත්තං පුතන්ඩියාටවත් ඔලුවක් තියෙන්න ඒපැයි පුතාලා හින්දා තමයි කලින් ලොක්කත් ගෙදර ගියේ....මටත් ඒ විසේම තියෙන නිසා පරිස්සමෙන් ඉන්න ඔ්නේ කියලා..... අනික කලින් ලොක්කට කෙලපු උන් ටිකම අායෙම සෙට් වෙලා ඉන්න ඒකේ උන් කියන්න අැති ඔ්ක මොකක්ද කමක් නැහැ කියලා...... ඔතනට මදි හිටපු අාචාර්‍ය අැමතියයි සංචාර සහායක සජින් ලොක්කයි විතරයි බං.... උනුත් හිටියානම් තවත් වටිනවා....

      Delete
  28. අනේ පලයන් මාතලන් යන්න.ඒ පොඩි එකාව එක්කන් ගියේ අම්මට යන්න බැරි නිසානෙ.අපරාදෙනෙ බන් UN වලින් හම්බෙන කෑම පිගාන අප්තෙ යවන්නේ.ඒ පොඩි එකත් ආස නැතෑ UN පයිඩ් රයිස් ව්ල රස බලන්න.ඕනම තාත්තෙක් කැමතී තමන්ගේ දරුවට හොද කෑම පිගානක් අරන් දෙන්න හිටන්

    ReplyDelete
    Replies
    1. දරුවන්ටයි හොඳම දේ කියලා කතාවකුත් තියෙනවා නේ...

      Delete
  29. මහින්දගේ අධම පාලනය පරාජය කරන්න ජනවාරි අටවෙනිදා යහපාලකයාට දුන්නා.
    ජාතික ආණ්ඩු කතාව නිසාත්,ජෝන්,රවී,සුජීවලාගේ වැඩ නිසාත් විශේෂයෙන්ම මහා බැංකු කේස් එක හින්දාත් මහා ජන්දේදී ජවිපෙට දුන්නා.හැබැයි මහින්ද ගිය පාරේම යන්න "හිටං"යන්න හැදුවොත් මහින්ද ගිය දුරවත් යන්ට ලැබෙන්නේ නැති බව මතක තියා ගත්තොත් හොඳයි.

    ReplyDelete
  30. කාටවත් මෙතනදි අවුලක් වෙන්නේ නෑ... මෙතන මම කාටවත් කියලා අදහස් කරේ "බයි" ලොක්කන්ටයි "ටොයි" ලොක්කන්ටයි.. මොකද දෙපැත්තට බෝලේ මාරු කර කර උන්ගේ ගමන උන් යනවා කොහොමත්... ඒක නතර කරන්න හරි ඒ ගමන බාල කරන්න හරි ඕනේ නම් '"සැබෑ වෙනසක්"' තමයි ඕනේ වෙන්නේ... අපි බලන් ඉමු... තව ඉස්සරහට මොනවා වෙයි ද කියලා...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න