.

.

Mar 11, 2016

චීවරයෙන් වසා ගත් පාතාලය - Under World under the Robe

 
 
කරුණාකර මෙම ළිපිය කියවීමට පෙර ප්‍රධාන පෙලේ ජනමාධ්‍යවලින් ප්‍රසිද්ධ නොකරන හා ප්‍රචාරයක් ලබා නොදෙන, පරසර හිතවාදියෙක් වන සජීව විජේවීර නම් වූ ඔහු, ඇලන් මැතිනියාරාමයට අලි පැටවා ගෙනත් දැමූ දිනයේ සිඳු වූවා යැයි කියනා සිඳුවීම් පෙල කියවා සිටින්න....

// මේක සෑහෙන්න දිග කතාවක් වර්ෂය 2005 ඉමදුව නගරයේ ධර්ම දේශනයක් සංවිධානය කළා. එයට ආපු ප්‍රධාන හිමියන් උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ. මට මතකයි උන්වහන්සේ පිළිගන්න තැන සිට ඉමදුව නගරයට පෙරහැරකින් වඩම්මවාගෙන යන පාර සරසන්න මම බෞද්ධ කොඩි හොයන්න සෑහෙන්න මහන්සි වුණා. එදා මම සැදැහැවත් බෞද්ධයෙක් විදියට මේ අවස්ථාවට සහභාගී වුණේ මා ඉතා ගරු කළ, ඇළුම් කළ උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් උපන් දැඩි ගෞරවයකින්.
 
ඊට පස්සේ යළිත් උඩුවේ ධම්මාලෝක හිමියන් මගේ ඇස් ඉදිරිපිට සත්‍ය වශයෙන් ම පෙනී සිටින්නේ 2011 අගෝස්තු මාසයේ 22 දා රාත්‍රියේ.
 
ඒ කතාව මෙන්න මෙහෙමයි.
 
මමත්, බිරිඳත් දරුවන් හා අම්මාත් සමග කොළඹ ගියේ අපේ මල්ලී ණඩීක Jඅයනත් Wඉජෙවීර ගේ නිවසට. ඇදිරි වැටීගෙන එද්දී අපි තීරණය කළා බිරිඳගේ නංගීගේ Mඅදවි ළොකුකරවිඅ නිවසට රාත්‍රී නවාතැන් සඳහා යාමට තලවතුගොඩ තිබූ මල්ලිගේ නිවසේ සිට මගේ වාහනය පාරට දමා මද දුරක් යද්දී ඉස්සරහා අසුනේ සිටි පොඩි පුතා කෑ ගහනවා.
 
‘‘අප්පච්චී, අප්පච්චී. අන්න අලි පැටියෙක්."
 
ඇත්තමයි. පුංචි අලිපැටියෙක් කොළඹ ප්‍රධාන මාර්ගයක යන ලොරියක පටවගෙන යනවා. ඒ වනවිට සිදුවෙමින් පැවති අලි ජාවාරම ගැන මා කරුණු සොයමින් සිටියේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව මේ තරම් පොඩි අලියෙක් සිටිය නොහැකි නිසා මා වහාම ඒ බව දැනුම් දීමට පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථනයෙන් කතාකළත් 119 සුපුරුදු පරිදි කාර්ය බහුලයි. අවසානයේ දී කරන්නට දෙයක් තිබුණේ නැහැ. තලවතුගොඩ පසුකර මද දුරරක් යන විට අලි ලොරිය පසු කර ගිය මම කාරය නවතා ලොරියේ ඡායාරූප කිහිපයක් ගත්තා.
 
නමුත් එයින් සෑහීමකට පත් නොවූ මම බත්තරමුල්ල ඉසුරුපාය පසු කර ගිය විට ඇති පාලම් තුන අසළ දී මේ ලොරිය නවතා ගැනීම සඳහා මගේ කාරයේ එක් පැත්තක් ලොරියේ ගැටීමට සැලුස්වුවත් ලොරිය නවැත්තුවේ නැහැ. අවසානයේ ඇතුල්කෝට්ටේ හන්දිය අසළ දී පාරේ සිටි පොලිස් නිලධාරියකුට මේ ලොරිය ගැන දන්වා ලොරිය නවතා ගැනීමට මට හැකිවුණා.
 
ඒ වනවිට මම මගේ මල්ලිටත්, මධුර ද සිල්වා නදීක හපුආරච්චි, ජගත් ගුණවර්ධන, සජීව චාමිකර, තිලක් කාරියවසම්, පුබුදු වීරරත්න වැනි කිහිප දෙනකුට මේ පණිවිඩය දී අවසන්. ඔවුන් ද එතැනට පැමිණෙමින් සිටියේ මගේ සහයට. (එදා ඔවුන් නොපැමිණෙන්නට අද මා ජීවතුන් අතර නොසිටින්නටත් ඉඩ තිබුණා.)
 
ලොරිය නැවැත්වූ වහාම එහි රියදුරා සහ ඇත්ගොව්වා පැමිණ කීවේ මේ අලියා උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ පන්සලට අරගෙන යන බවයි. අලියා ගෙන ආවේ පන්නිපිටියේ විහාරස්ථානයකින් (සියල්ලෝම දනිති) බවත් ඔවුන් කීවා. නමුත් ඔවුන් සතුව අලියාගේ බලපත්‍රයේ පිටපතක් හෝ අලියා ප්‍රවාහනය කිරීමේ බලපත්‍රයක් හෝ තිබුණේ නැහැ.
 
මේ වේලාවේ වාහන තදබදය හේතුවෙන් අලියා සහිත ලොරියටත් මටත් වැලිකඩ පොලිසියට යන ලෙස පොලිස් නිලධාරියා උපදෙස් දීම නිසා අපි එහි ගියෙමු. නමුත් පොලිසියට ගිය වහාම අපිට දෝෂාරෝපණය කළ පොලිසි ස්ථානාධිපතිවරයා කියා සිටියේ හාමුදුරුවන් තමන්ට කෝල් කළ බවයි. වහාම අලියා රැගෙන යන ලෙසත් පිස්සු නටන්නේ නැතිව ඉන්නා ලෙසත් පොලිසිය මටත් ඒ වනවිට එහි පැමිණි මගේ මිතුරන් කිහිප දෙනකුටත් දෝස්මුරයක් දැම්මා.
 
ලොරිය කඩිනමින් පොලිසියෙන් ඉවත්ව ගියත් අපේ නදීක හපුආරච්චි තවත් කිහිප දෙනකු සමග ලොරිය පසුපස හඹා ගොස් ලංකා හොස්පිට්ල් ඉදිරිපිට දී යළිත් ලොරිය කොටු කර ගත්තා.
 
මේ වනවිට රටේ මාධ්‍ය ආයතන රැසකට මා මේ පිළිබඳ දැනුම් දුන්නේ වනයෙන් ගෙන ආ පුංචි හොර අලි පැටවකු ප්‍රවාහණය කරමින් සිටිය දී පරිසරවේදීන් පිරිසක් විසින් අල්ලා වනජීවී දෙපාර්තමේන්තුවට බාර දීමට කටයුතු කරන බවයි. සියළු මාධ්‍ය ආයතනවලින් පුදුමාකාර සහයෝගයක් ලැබුණේ මොහොතකින්.
වනජීවී වැටලීම් නිලධාරීන් ද ක්ෂණයකින් එතැනට පැමිණිය. ඒ පැමිණි මොහොතේ පටන් රට පුරා සිටින වනජීවී විෂය භාර ඇමතිවරයා, ජාතික හෙළ උරුමයේ ප්‍රබලයන්, වෙනත් දේශපාලකයන් කතා කරමින් අලියා මුදා හරින ලෙස දැනුම් දුන්නා.
 
නමුත් මාධ්‍ය හමුවේ ඊට ඉඩක් ලැබුණේ නැහැ.
 
පැය ගණනක මහන්සියක ප්‍රතිඵලය වුණේ අලියා වනජීවී භාරයට පත්කර බත්තරමුල්ලට රැගෙන යාමයි. නමුත් අලි ජාවාරම් කරුවන් මෙය අවසන් කළේ නැහැ.
 
මා හැමදාමත් ගරු කළ උඩුවේ ධම්මාලෝක හිමියන් බත්තරමුල්ල වනජීවී කාර්යාලයට වැඩියා.
 
උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මෙතෙක් අසා තිබුණේ ධර්මය පිළිබඳ කරුණු පමණයි. නමුත් එදා අපි අපේ අම්මලා තාත්තලාගේ උප්පැන්න සහතිකත් අහ ගත්තේ ඒ ශ්‍රී මුඛයෙන්මයි.
 
අවසානයේ අපේ කණ්ඩායමත් 40ක් පමණ වුණා. ( කොළඹ සිටි මගේ යහළුවන් හා පරිසරයට හිතැති බොහෝ දෙනකු මෙතැනට පැමිණ විශාල සහයක් ශක්තියක් සැපයුවා මට මතකයි.)
 
මේ අතර එක් මිතුරෙක් සිය පුතු වඩාගෙන මධ්‍යම රාත්‍රිය පසුවන තුරු සිටියේ පරිසරයට ඇති ඇල්ම නිසා. පුතුට නින්ද ගිහින් තිබිය දී එතැනට ගිය හාමුදුරුවෝ මෙහෙම අහනවා.
 
‘‘මේ දරුව කාගෙද ? "
 
‘‘මගේ හාමුදුරුවනේ"
 
‘‘ වෙන්න බෑ. උඹලවගේ අවලම් එවුන්ට දරුවො ලැබෙන්නේ නැහැ. මේ අලි පැටියා මම කවලා පොවලා හදා ගත්තේ. උඹලා ඒවා විනාශ කරනවා. මේ දරුවෝ උඹලගේ නෝනා වල් කමේ ගිහින් හදා ගත්තුවා."
 
මගේ මිත්‍රයා මෙහෙම කිව්වා. - ‘‘හාමුදුරුවනේ ඒ කාලේ ඡන්දෙ ඉල්ලද්දී මම ඇවිත් වැඩ කළේ මේ වගේ කතා අහගන්න නෙවෙයි. ඔබ වහන්සේලා වගේ අය පාර්ලිමේන්තු යවලා උස්සල තියපු අපිට මේව හොඳ පාඩම්."
 
මා මෙහි සඳහන් කළේ එදා කී දේ වලින් ලිවිය හැකි දේ පමණයි. අනිත් දේවල් ලියන්න තියා අහගෙන ඉන්නවත් බැහැ.
 
මධ්‍යම රාත්‍රියත් පසුවන තුරු අලියා නීති විරෝධී බව හැඟවීමට අප කළ සටන අවසන් වුණේ රටේ ඉහළම පුරවැසියකුගෙන් ලැබුණු ඇමතුමක් සමගින්.
 
එදා අපි ගෙවල්වල යන්න එළියට බහිද්දී වනජීවී නිලධාරීන් කීවේ මහත්තයෝ යන්න එපා. වාහනවල ටයර් කපලා. එළියේ ලොරිවල ඉන්නවා පොලු තියාගෙන කණ්ඩායමක්. මහත්තයලාට ගහන්න ඇවිත්.
 
මෙන්න බෞද්ධ පිරුවටයට සැඟවී සිටින අලි ජාවාරම් කාරයන්ගේ කෙරුවාව.
 
අවසානයේ අපිට සිදුවුණා පොලිස් ආරක්ෂාව ඉල්ලන්න. පොලිසිය පැමිණ ලොරිවල සිටි පොලු සහිත මැරයන් යළි හරවා යැවූ පසු අපි ගෙවල්වල ගියේ පොලිස් ආරක්ෂාවත් සහිතව.
 
මේ තමයි එදා ක්‍රියාත්මක වූ අලි ජාවාරමේ සැබෑ තත්ත්වය.
 
මේ අලි පැටව් වනාන්තරයේ සිට කොළඹට ගෙන ආවේ පැටවාගේ මව මරා දාලා බව තහවුරු වූ කරුණක්.//

උඩුවේ නම් චීවරධාරියා අලි පැටියා පන්සලේ දමා ගිය දිනයේ නැටූ විගටම බොහෝ පැහැදිලිය. තමා බොරු කියන්නේ නැතයි මහ පොළොව දන්නේ යැයි කියනා චීවරධාරියා ඉන් පසු හැසිරෙන්නේ කෙසේද? මුලින්ම කිසිඳු රෝගයක් නැතිව පෞද්ගලික රෝහලක නවතින්නේය. මේවාට අත් අඩංගුවට ගත යුතු වන්නේ මේ චීවරධාරින් නොවේ. දොස්තරහොරුය. අපරාධකරුවන්  මෙන්ම, අපරාධකරුවන්ට රැකවරනය දෙන උන්ද අපරාධකාරයෝය.
 
ඉන් පසු මාද්දියවේදියෙකුට සඟිස්කුරුතියෙන් ධර්ම දේශනාවක් කල බවද අරාංචි විය. කිරිඇල්ලගේ ඇටවල්ල කඩාගෙන කන්න හදන අති සෙරේස්ඨ මාද්දියවේදියෝ ඒ වෙනුවෙන් නගපු හඬ කුමක්ද? උන් බය චීවරධාරියාටද, චීවරයටද, චීවර පාතාලයටද?
 
මේ රට කාබාසීනියා කල පසු ගිය රජය මේ රටේ මෙතෙක් නොතිබු සංවිධානාත්මක සංඝ පාතාලයක්ද බිහි කළේය. ඔවුන් කව්දැයි කියා මාතලන් නොකිව්වාට මේ රටේ සියල්ලෝම දන්නවාය. අද අන් සියළුම සමාජ විරෝධි කන්ඩායම් වලට වඩා, මේ රටට, නීතියට හා අධිකරණයට සාපයක් වී ඇත්තේ, මේ සංඝ පාතාලයයි. මුන්ගේ සියළු වැරදි වසා ගන්නේ සිවුරට මුවා වෙලාය. දැන් කතාව යන්නේ අපරාධකාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනවා කියා නෙමේය. බුද්ධාගමට හා සාසනේට ගහනවා කියාය.
 
රජගෙදර රිලවා මේ අලි හොරා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬ නගන්නේ ඒ නිසාය. අත් අඩංගුවට පත් වන වෙලේ රටේ ජනතාව කලබල විය යුතු නැතැයි කියන්නේද අලි හොරාමය. රටේ ජනතාවට මේ හොර දෙටුවන් ගැන ප්‍රශ්ණයක් නැත්තේය. මුන්ව ළොකු වෙලා තියෙන්නේ, රාජපක්ෂ ප්‍රමුඛ හොර නඩයට හා මේ රටේ මදාවියන්ට පමණය. සාධරනය හා යහපාලනය බලාපොරොත්තු වන යුක්ති ගරුක ජනතාව ඉල්ලා සිටින්නේ, කිසිම බේදයක් නැතිව මිනීමරුවන්ට, හොරුන්ට මෙන්ම අපරාධකරුවන්ට එරෙහිව නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමය.
 
මොහුට ඇප ලබා දෙන්නේ අස්ගිරි මහා නායකගේ ආදාහන කටයුතු සංවිධානය කිරීම සඳහා කියාය. එතකොට අනෙක් අපරාධකරුවන්ටත් තම දෙමව්පියන් මිය ගිය විට ඇප ලබා දෙන්නේද? ඇත්තටම අධිකරණයට පිස්සුද? එහෙම නැත්නම් හැටිද? මේ රටේ නීතිය සෑම එකාටම එක සමාන නැද්ද? එසේනම් පොට්ට නවුසර්ට අනිවාර්යයෙන් නිදහස ලබා දිය යුතුය. මන්ද උන්ගේ ආගම ධර්මයට අනුව ප්‍රාණ ඝාතය එතරම් අවුලක් නොවෙන නිසාය.
 
දැනට ලැබෙන තොරතුරු අනුව තිලින ගමගේ නම් නඩුකාර හාන්දුරුවන්ට අලියා විකුණා තිබෙන්නේද මේ චීවරධාරියාය. මේ චීවරධාරින් අලි ළඟ තබා ගත්තවුන් පමණක් නොවේ අලි බිස්නස්කාරයෝය. ලැබෙන තොරතුරු අනුව බිස්නස් හෙඩ් කුවාටර්ස් එක වී ඇත්තේ මහරගම පැත්තේ පන්සලකි. මාකටින් මැනේජර්ලා වී අත්තේ මේ අලි පචයා සහ දෙව්රම් වෙහෙරේ වැඩ හින්නා මහ රහතන් වහන්සේය. උන්ට එරෙහිව පරීක්ෂන කටයුතු ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. මේ කාරනයේදීද අනෙක් සියළුම අපරාධවල මෙන්ම ජලය ගලාගෙන යන්නේ පහත්ම තැනින්ය.
 
අලි රොෂාන් කියන්නේ මේ අලි මාෆියාවේ සේවකයකු පමනි. ඌ කර තිබෙන්නේ ඇතින්න මරා දමා පැටවුන් ඇල්ලීම පමණය. එයින් පසුව ප්‍රවාහනය, විකීනීම, හා මුදල් ගනුදෙනු සියල්ල සිඳුවී ඇත්තේ සර්වබලධාරි දෙවියන් වහන්සේ හා සංඝ මාෆියාවේ පූරණ සහභාගීත්වයෙන්ය.
 
පාතලයේද දේශප්‍රේමින් ඉන්නා බව කියමින් ආන්ඩුවට වෝනින් දෙන්නේද කාලකන්නි හාන්දුරුවරුය. උන් හාන්දුරුවරුන් නොව ආලවක යකුන්ය. ඇත්ත කතාව නම් පාතලයේ දේශප්‍රේමින් සිටීම නොව සංඝයා පාතාලයේ ඉන්නා බවය. මුන් අධිකරණවලට ගොඩවී තග දමන්නේ ඒ නිසාය. අධිකරණ තීන්දූ වලට ගෙම්බර් දාන්නේ ඒ නිසාය. ඇත්තටම කතාව නම් ආන්ඩුව මෙන්ම අධිකරණයද මේ සංඝ  මාෆියාවට අම්බානක බය බවය.
 
දැන් නීතී පති ළඟ කේස් ඇති සියළුම ගිහියන්ට නඩු වලින් ආරක්ෂා වීමට නම් කළ යුතේ එකම එක දෙයකි. වාහම බෞධාගමේ සාමනේර හිමි නමක් වීමය. ජොනීට නම් කියන්නට වන්නේ ෆාදර් කෙනෙක් උනාට වැඩක් නැති නිසා, වහාම ආගම මාරු කරගෙන, සිවුරක් පොරවා ගන්නා ලෙසය. අනික් උන්ට කිරීමට ඇත්තේ සිවුර පෙරවා ගැනිම පමණය. හිරේ ගියද එක දවසෙන් එලියේය. යෝෂිත හා නිශාන්තලාටද ඇප ලබා ගැනීමට නම් ඇතුලේදීම සිවුරක් පොරවා ගත්තා නම් වැඩේ අහවරය.
 
මොකෝ මේ ආන්ඩුව මහින්දට ඝෝඨාභයටත් වඩා, පඬු පාන්කඩේට බය නිසාය.
 
අලි රොෂාන්ලා දඩයමේ නොයා, මේ අපරාධයේද මහා මොළ කරුවන්ට දීමට හැකි උපරීම දඬුවම් ලබා දෙනු....!!!
 
අලි හොරුන්ට ඇප දීම තරයේ හෙලා දකිමු...!!!!
 

65 comments:

  1. කැලේ ඉන්න අලි පැටියෙකුට මෛත්‍රී කරන්න බැරි උන්නාන්සෙලා චීවරයට කරන නිගාව ගැනනම් හරිම දුකයි

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි ඉයන්,

      බුදුන් යනු ඉතා තර්කානුකූල දහමක් දෙසූ උතුම් මනුශ්‍යයෙක්. නමුත් අද සිවුරු ඇඳන් ඉන්න දූශිත පුද්ගලයින් නිසා බුදුන්ටත් වන්නේ අපහාසයක්.

      මිථ්‍යා මත ගැන තම අත්දැකීමක් විස්තර කරන සුනිල් පෙරෙරාගේ මෙම කතාව බලන්න.

      සුනිල් පෙරෙරාගේ මෙම කතාව බලන්න

      මෑත කාලයේ බුදු දහමේ යථා ස්වභාවය තේරුම් ගෙන මෙම මිථ්‍යා විගඩම් වලින් බේරාගැනීමට ඉදිරිපත්වූ භික්ෂුව ගංගොඩවිල සෝම නම් විය. නමුත් පසුව එවක පැවති දරුණු යුද්ධයත් රජයේ පොදු පෙරමුණු රජයේ විකාර සාම විගඩමුත්, රජය විසින් කරන ලද සුවහසක් කෙනෙහිලිත් නිසා එම භික්ෂුව සිංහල ජාතිවාදය දෙසට යොමුවී විනාශ වී ගිය සේක.

      Delete
  2. සජීව වීරසේකරලා එදා බේරුනා පුදුමයි ,

    ReplyDelete
    Replies
    1. Ivan

      "Those days" Sajeeva Wijeweera and his brother were little school kids.(in Galle)
      But they have seen what happened to the society and to the environment "those days".

      That's why he can write about the real situations now.

      ==Adrian Channa from Toronto = = =

      Delete
  3. නීතිය සැමට සමව පවත්වාගැනීමට නොහැකිවීම, පසුගිය රජයේ අභාවයට තදින්ම බලපෑවා. මේ රජයත්, ඒ තත්වයට පත්වුනොත්, ජනතාව, පසුගිය රජයට සැලකු ආකාරයෙන්, මේ රජයටද සලකනු නොඅනුමානයි.

    ReplyDelete
    Replies
    1. // මේ රජයත්, ඒ තත්වයට පත්වුනොත්// පේන විදිහටනම් පත් වෙලා ඉවරයි නේ

      Delete
    2. //කොළඹට ගෙන ආවේ පැටවාගේ මව මරා දාලා බව තහවුරු වූ කරුණක්.//

      සුවර් එකටම අලි රොෂාන්ට හොර තුවක්කු විකුනන්න ඇත්තේ අහවලා වෙන්නැති ආමි එකෙන් උස්සපු තුවක්කු ජීව උන්ඩ එක්ක එයාගාව තිබේ කියලා කොමන්ට් එකක් දාල තිබ්බා

      Delete
    3. අනුමානයක් නෑ අර තට්ට කන්නාඩි පොළඟා ඕකට ගෑවිලා ඇති.

      Delete
    4. AnonymousMarch 12, 2016 at 8:58 AM

      අනේ පලයන් යන්න. තෝ දැක්ක වගේ පට්ට පල් කෙබර කෙලින හැටි. තෝත් පැන්ශන් ගිය නාකි හම්පඩ ආමි කාරයෙක්ගෙ ගල් කොල්ලෙක්ද කොහෙද? තොපි තමයි යකෝ රට වනසන්නෙ. කාලකන්නි බයියොයි තොපියි ඔක්කොම එකයි.

      Delete
    5. මචෝ තට්ට කන්නාඩි පොළඟාගේ පුක සුදූ...........යි. but මචෝ his puk hila ලොකූ........යි. සුද්දෝ ඇරලා ඇරලා වෙච්චි දෙයක්.

      Delete
    6. AnonymousMarch 14, 2016 at 9:16 AM

      ඇයි තොගේ පුකට පයින් පාරවල් කාල හෙන සැප ඇති නේ? අනෙ තෝ වගේ පුක් පයින් වලින් යැපෙන හම්පඩ හිවලෙක්. නොදකින් තොපි වගේ බෝට්ටුවකින්වත් පිටරටකට යාගන්න බැරි පණ නැති කාලකන්නි. පන නැති කොක්කු. හුටා "පන නැති" නෙවෙයි පොන්නයින්ට ඉතින් මුකුත් නැහැ නොවැ. වැදගත් විදිහට පිටරට ගියපු මිනිස්සුන්ට ඉරිසියා නොකර හිටපිය පාහරයෝ. වැඩක් නැත්නම් නාකි පැන්සන් ආමි කාරයෙක්ගෙන් පුකට පාරක් කාගෙන හිටපිය අවලමා.

      Delete
  4. මං හිතුවේ මුන්නාන්සේ රහත් වෙලා කියල, බලපල්ලකො සරීර ලක්සොන ..............!!!

    ReplyDelete
  5. පොටෝඑක දැක්කම මතක්වුනේ ඉස්සර අපේ සීයත් එක්ක පන්සල් යනකොට එයා නායක හාමුදුරුවොන්ට පූජකරන්න කලු සුරුට්ටු දෙකක් ගෙනියනව​. හාමුදුරුවු බොහොම කැමතියි ඒකට (1980 - 82 වගේ කාලෙ)

    ReplyDelete
  6. හම්බයින්ට මාර චුන්ලු ඔයි!!!! මේ විකාර දැකලා උන්ටත් මහන වෙන්න පහසු තැනක් හොයනවා... පොල්හේන්ගොඩ ඇලන් ඩි හෝටලේ ඉඩ තියනවද කියලා අහනවා

    ReplyDelete
  7. විනිසුරාට ඇප දෙන්න ඉඩකඩ තමයි හදා ගත්තේ....නඩුත් බඩුත් හාන්දුරුවන්ගේ කියන්නේ නිකං නෙවේනේ.

    ReplyDelete
  8. මේ සංඝ පාතාලය නැතිකරලම දාන්න ඕන.ඒත් ඒක කරන්න හරි අමාරුයි.මොකද,කාලකන්නි දේසපාලුවො රැනක් මුං පස්සෙ ඉන්නව,බුද්ධාගමට වෙන්නෙත්,ඉස්සර හිටපු,ඩයිනෝසරයින්ට වුනදේම කියල අපි සේරටම වඩා මුං හොඳටම දන්නව.

    ReplyDelete
  9. මේකාට ඇප දෙන්න අර නාකි මනුස්සයාව මුන් මැරුවද දන්නෙත් නෑ බං...!!!

    ReplyDelete
  10. හෙඩ්කුවාර්ටර්ස් එකේ ලොක්කා කොලොන්නාවේ සුමංගල නෙහ්..

    ReplyDelete
    Replies
    1. // හෙඩ්කුවාර්ටර්ස් එකේ ලොක්කා කොලොන්නාවේ සුමංගල නෙහ්.. //


      කොලොන්නාවේ සුමංගල පස්ට යූ ඇන් පී කාරයෙක්...

      එතුමා ගේ පියා විලානගම විජේසින්හ නැමති සාත්තර කාරයා මැරෙනතෙක් ම කොලොන්නාව යූ සී එකේ කොරියාව හෙවත් සින්හ පුර නියෝජනය කල මැම්බරයෙකි. සුමන්ගල ගේ නිවස වැල්ලම්පිටිය පොලිසිය ඉස්සරහ රජයේ ගොඩනැගිල්ලකි.. වීරසින්හ මල්ලිමාරච්චි විසින් දෙන ලදී... සුමන්ගල ගෙ සොයුරා සහ බිස්නැස් මැනේජර් වන සාගර ද කලක් කොලොන්නාවේ යූ ඇන් පී මැම්බරයෙක් ව සිටියේය.

      අලි හොරු මූලස්තානේ ලොක්කා අලි සම්භවයකින් පැවාත එන බව මින් සනාත වේ!

      Delete
    2. සරස හාදයා සුමංගල ගැන කියන කතාව හරි. ඒක සුමංගලගේ පවුලේ කතාව. අක්කා කෙනෙක් ඉන්නවා අමරාවති කියලා. තව සොයුරියෙක් ඉන්නවා ඕස්ට්‍රෙලියාවේ. උන් මේවාට අදාල නැහැ. නමුත් සුමංගල නියම මර්සියා. පාර්ලිමේන්තුවෙදී මර්වින් එයාගේ ජුන්ඩා හයියෙන් මිරිකුවේ නැත්නම් ඔය හාදයායි, උඩුවේ ලොක්කගේ නමිනුයි පාතාලයකුත් බිහිවෙනවා. ඕවාට උඩගෙඩි දුන්නේ රාජපක්ශලාම තමයි. ඒ අවතාර තාමත් තියෙනව (හක්ගෙඩි සෙට් එක ) නම් ලැයිස්තුව දිග වැඩියි ලියන්න.

      Delete
    3. //ඕවාට උඩගෙඩි දුන්නේ රාජපක්ශලාම තමයි. ඒ අවතාර තාමත් තියෙනව (හක්ගෙඩි සෙට් එක ) //

      සිල් බිඳගෙන දර්මරාජ්යයට වඩින ගමන් කොල්ලෙක් ඇවිල්ලා හැප්පුවනේ මෙයා....

      Delete
  11. බුද්ධාගමට රාජ්‍ය අනුග්‍රහයක් තියනවනේ ඒක අනුව ඇප දෙන්න ඇති නේ !

    ReplyDelete
  12. ඊයේ පෙරේද පාර්ලිමේන්තුවේ සිසිර ජයකොඩි කියන ගොබ්බ මන්ත්‍රී කියනවා අස්ගිරි මහානායක අපවත්වුනේ අලිහොරාව අත් අඩංගුවට ගත්තු නිසා ඒ වේදනාවෙන් කියලා. බලපන් මුන් කියන බොරු.

    පාතාලයට වඩා භයානක සංඝ පාතාලයක් හදලා ඉවරයි. ඒ පාතාලය එලිපිට එකතුවෙමින් ඉන්නවා. සුදු අඳින උපාසකයෝ තමයි මේ ගැන්සිය ෆෝම් කරන්නේ. උඩුවේ එලියට දැමීම නරක පූර්වාදර්ශයක් වෙන එක වලක්වන්න බැහැ. අර අසාද් සාලි කියන බුවා එතන මොකද කරන්නේ. Aru

    ReplyDelete
  13. මාතා දැන් නැවතත් මේවා ගැන කතා කිරීම භයානක දෙයක් වේගෙන යනවා නේද?
    //ඌ කර තිබෙන්නේ ඇතින්න මරා දමා පැටවුන් ඇල්ලීම පමණය. // මෙතන ප්‍රානඝාතයක් වෙලා තිබෙනවානේ. පළමුවෙනි ශික්ෂා පදයම කඩල .

    ReplyDelete
    Replies
    1. දැන් ඔයැයිගේ නෙලුම් යාය නැතෙයි?

      Delete
  14. පාතාලයෙ නැගීම කාට නැතත් මාජ්ජ කාරයින්ට නම් හොද්ද බොර වෙලා, නොදෝමකින්.
    දැක්කද දෙරනෙ අර කරකුට්ට්ං වෙච්ච මලකුණු ටික රස කර කර හරව හරව පෙන්නනව.
    මල කුනු තියා ලේ පැල්ලමක්වත් ප්‍රසිද්ධ මාද්‍ය වල පෙන්න්නන්නෙ නෑ දියුණු රටවලනම්.
    අබම සරණයි.

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙමේ බං....හිරු එකේ පෙන්නුවා වෙඩි තියලා මරපු අම්මා ගැන ඒ පවුලේ අහිංසක දූ සිඟිත්තගෙන් වොයිස් කට් එකක්. ඒ නොදරුවා බැරි මරගාතේ අම්මටයි, තාත්තටයි ආපු එවුන් වෙඩි තියපු සිද්ධිය කියනවා. තව තවත් මානසික පීඩනයකට පත්කරනවා නොදරුවන්ව.පොලිසියෙන් කරන්න ඕන ඒවා මීඩියා කාරයෝ අතට අරන්. වෙන රටක වුනානම් මුන්ව හිරේ දානවා. මීඩියා එකට ගිය කලක්. මුලු රටේම ඉන්න එවුන් හිතන් ඉන්නේ උන් මීඩියා කාරයෝ කියලා. ප්‍රාගුන්‍යයක් නැති තැන්වල බිහිවෙන කක්කා පැකට් ගැන ඇතිවෙන්නේ කේන්තියක්.Aru

      Delete
    2. ඊයෙ ගොඩක් මාධ්‍ය පිළිස්සුන මලසිරුරු අඳුරු කරල පෙන්නුවා.ජාතික රූපවාහිනිය කිසිම අවුලක් නැතිව සමීප රූප පවා පෙන්නුවා.අද නාලිකා වල මාළු,කරවල වගේ අර මලසිරුරු පෙන්නනවා. සිද්ධියකින් දුකට පත්වූවන්ගෙන් පුන පුනා ප්‍රකාශ ගන්නවා... අජූවයි..අසික්කිතයි.

      Delete
    3. පිච්චිලා කරකුට්ටන්වෙලා තිබුන නිසා ගානක් නැතුව ඇති බං.මස් මාලු කෑවහම පව්සිද්දවෙන සමහර එවුන් කරෝල කන්නේ ඒ නිසානේ.

      Delete
  15. බොහොම හරි.චීවරේ ගෞරවේ රැකෙන්නෙත් කාලකණ්නි එලියට ඇදලා දල කඩපුවාම තමා.නීතිය ක්‍රියාත්මක විය යුතුමයි. ඒත්... නමට වත්... අඩු ගානෙ නමට වත් ඔය කැලෑකපන ගස් වැද්දො දිහා හොරෙන් වත් බලනවා නම්...එතනත් මැරෙන්නෙ සත්තු.කැඩෙන්නෙ මේ නීතිය මයි.
    රටේ මිනිස්සු අතර නොසන්සුන්කමක් වර්ධනය කරන්නම මේ අත්ඩංගුවට ගැනීම්,නීතිය ක්‍රියාත්මක කිරීම් සිද්ධකරනවා කියලයි හිතෙන්නෙ.ආයෙත් 83 ක් වගේ එකක් හදාගෙන වත් බලේ රැකගන්න ඇහැකි.
    ජයවේවා..!!

    ReplyDelete
  16. බුදුන්ගේ සිවුර පව්!
    බෞද්ධයින්ගේ මාසික වියදමෙන් සෑහෙන කොටසක් නිකරුණේ මේ මාෆියාව රන් කිරීමට අපි ඉතාම භක්තියෙන් පූජාකරමු. ඒ අය සිතා සිටින්නේ ඒ අය පින් කර ඇති බවකි. පවු කල අප විසින් පෙර පින් කල එවැනි මාෆියාවක් නඩත්තු කරනු ලැබේ.

    ReplyDelete
  17. අනේ හැබැට? උඹටත් මේ බුද්දගමෙන් පළිගන්නේ නැතුව ඉන්නම බෑ නේද? හැක හැක හැක..

    ReplyDelete
  18. //ජොනීට නම් කියන්නට වන්නේ ෆාදර් කෙනෙක් උනාට වැඩක් නැති නිසා, වහාම ආගම මාරු කරගෙන, සිවුරක් පොරවා ගන්නා ලෙසය/ලෝගුවක් දාගත්තොත් තවත් හොඳයි. සංවිධානාත්මකම පාතාලය තියෙන්නෙ එහෙ. අහුවෙන්නෙත් නෑ. අහු උනාට මොකෙක්වත් කථා කරන්නෙත් නෑ

    ReplyDelete
  19. අන්න ඔහෙලගේ හිටන්තුමා කියලා තියෙනවා මීට පස්සෙ හාමුදුරුවන් අතඩන්ගුවට ගන්න කලින් එයා ගෙන් අවසර ගන්න ලු!

    අහෝ විදායකය විසින් අදිකරනය හෑල්ලුවට ලක් කරනා ආකාරය...!

    මැන්ස් ට දෝශාභියෝගයක් ගෙන ආ හැකි මේ කිවුව ගොන් කතාවට!!

    ReplyDelete
    Replies
    1. තොගේ අම්මට හැමිනෙන්න කලින් හිටන් තාත්තා කිව්වලු ගමේ අයටත් සලකන්න කියලා.

      Delete
    2. //
      තොගේ අම්මට හැමිනෙන්න කලින් හිටන් තාත්තා කිව්වලු ගමේ අයටත් සලකන්න කියලා. //

      http://www.helabima.lk/read.php?as=14283&locationid=1457116526

      Delete
  20. දැන් නීතී පති ළඟ කේස් ඇති සියළුම ගිහියන්ට නඩු වලින් ආරක්ෂා වීමට නම් කළ යුතේ එකම එක දෙයකි. වාහම බෞධාගමේ සාමනේර හිමි නමක් වීමය//////////////////// ++++

    ReplyDelete
  21. බුදු දහමට අනුව ලංකා සමාජය කොටස් 5කට බෙදිය හැකියි.
    එනම්: භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා සහ මිත්‍යා දෘෂ්ඨික ලෙස.
    මගේ අදහස මිත්‍යා දෘෂ්ඨිකයන් හැර අනෙක් අය වැදගත්කමින් සමානයි නමුත් ඔවුන් එකිනෙකා වෙනස්. හොඳම දෙය වන්නේ භික්ෂුන්ගේ කටයුතු භික්ෂුවට කරගෙන යාමට ඔවුන්ගේම සංවිධානයක් ඇතිකර එයට බලය පැවරීම සහ ගිහියන් සඳහා තවත් සංවිධානයක් සැකසීමයි. එයට අයතුල්ලාවරු වැනි නායකත්වයක් අවශ්‍යයි. එයටත් සුදුසු බලතල පැවරිය යුතුයි. බුදුදහමට ප්‍රමුඛත්වය දෙනබව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙයි නම් මෙවැන්නක් ඉල්ලීමේ අයිතියක් තිබෙනවා.

    අලි පැටියා ගැන කියන්න හැදුවොක් ඒකීය කතාව කියවෙනවා. ඒ නිසා ඒක කියන්නෙ නෑ.

    ReplyDelete
  22. ඒ කාලේ වනජීවී ඇමතියා විජිතමුණියා නේ බන්.. හෙල උරුමයේ "ප්‍රබලයා" නම් චම්පිකයි. ජහපාලනේ කවුරුවත් මුන්ට කඩේ යන්නේ නෑ නේ.. අම්මප!

    ReplyDelete
  23. මුන් දැන් අත්අඩංගුවට ගත් හාමුදුරුවරුන් ගැන කවුන්ට් එකකුත් හදාගෙන. ඇත්ත ම කියනවා නම්, හරියට අත්අඩංගුවට ගන්නවා නම් ඒක ටැක්සි මීටරේ වගේ වෙන්න ඕනැ. හැබැයි, මේ හැම එකක් ම ජාතිවාදයට වර නගලා මේක සිංහලයාට, බෞද්ධයාට එරෙහිව කරන වැඩක් කියලා පැණිරස බේතක් මේ සමාජයට පොවනවා. සමාජයේ ජාතිවාදය නැති කිරීම ඉතාම දුෂ්කර වැඩක්.

    ReplyDelete
  24. http://www.lankahotnews.us/2016/03/president-to-be-consulted-before.html

    මෙන්න මෙහෙමලු උඩුවෙට ඇප ලැබුනේ. ඒත් මම බැලුවා අසාද් සාලි උඩුවේ ගාව කැරකෙන්නේ ඇයි කියලා. ඔක්කොම ගේම්ස්. උඩ ලින්ක් එකට ගිහින් ආටිකල් එක කියවන්න.Aru

    ReplyDelete
  25. <a href="http://www.lankahotnews.us/2016/03/president-to-be-consulted-before.html>අසාද් සාලි උඩුවේ ගාව කැරකෙන්නේ ඇයි</a>

    ReplyDelete
  26. මුලින්ම කරන්න ඕනෙ ඔය බහුබූත ව්‍යවස්ථාවේ තියෙන 'බුදු දහම පෝෂණය කර ආරක්ෂා කිරීම' කියන කොටස අයින් කරලා ආණ්ඩුව නිර්ආගමික කරන එක. බහු වාර්ගික ජනතාවක් ඉන්න රටක ආණ්ඩුවකට ආගමක් ඕනේ නෑ. මේක ගෝත්‍රික රටක්. මේ රටේ ඉන්න පාදඩ සිවුරු කාරයොයි, ගොබ්බ දේසපාලකයොයි, GMOA කාරයොයි ඔක්කොම පට්ට ගෝත්‍රිකයෝ.

    ReplyDelete
    Replies
    1. ඊට වඩා හොඳ නැද්ද් මේ රටේ බහුතරය වන පට්ට ගෝත්‍රිකයන් ට බාර දීලා ඔහෙලා ගෝත්‍රික නොවන රටකට යන එක?

      Delete
    2. මම බෞද්ධයක් 'බුදු දහම පෝෂණය කර ආරක්ෂා කිරීම' කියන කොටසෙන් මට කිසිම දෙයක් ලැබිලා නෑ.

      Delete
    3. //ඊට වඩා හොඳ නැද්ද් මේ රටේ බහුතරය වන පට්ට ගෝත්‍රිකයන් ට බාර දීලා ඔහෙලා ගෝත්‍රික නොවන රටකට යන එක?//
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. Sa rasa,

      You spot on mate ! Well said. This kind of useless idiots should have been addressed on this way.

      Delete
    5. //ඊට වඩා හොඳ නැද්ද් මේ රටේ බහුතරය වන පට්ට ගෝත්‍රිකයන් ට බාර දීලා ඔහෙලා ගෝත්‍රික නොවන රටකට යන එක?//

      වෙන රටකට කොහෙ යන්නද බන් ඔය වගේ මෙලෝ රහක් නැති ආතක් පාතක් නැති අමුම මැටි මෝල් කුඩු/ ගන්ජ ගහල වැල් බයිල කෙලින පයිත්තියන් මී හරක් හිපියන්ව කිසිම රටකින් බාර ගන්නෙ නැහැ. බටහිර දියුණු රටවලින් වීස (VISA) දෙන්නෙ නිසි උගත්කමක් සහ උන්ට අවශ්‍ය වෘත්තීය සුදුසුකම් තියෙන එවුන්වයි. සෞදි අරාබිය හෙම කෝමද? අප්‍රිකානු රටවල්, ඇෆ්ඝනිස්ථාන්, සිරියා, ඉරාක් වලනම් ටෙරා ගෲප් එකකට සෙට් වෙලා මහන්සිවෙලා වැඩ කරන්න/ දිවි පරදුවට තියල සටන් කරන්න වෙනවා. වෙන මොන රටකට ගියත් ඒ රටේ සංස්කෘතිය, නීතිය සහ පිලිවෙලට අනුව ජීවත් වෙන්න වෙනවා. ඔය වගේ අලුකුත්තේරු අපත හාල්පාරුවොන්ට ඔහොම බැන බැන හරි ජීවත් වෙන්න තියෙන්නෙ ඔය කියන පට්ට ගෝත්‍රික අමු ජාතිවාදී අමුම අමු ගොබ්බ්යොන්ගෙ පිහිටෙන් මේ පුංචි රටේ විතරයි ඕයි.

      Delete
    6. //AnonymousMarch 14, 2016 at 4:07 AM


      AnonymousMarch 14, 2016 at 4:22 AM //

      :D :D

      Delete
    7. //වෙන මොන රටකට ගියත් ඒ රටේ සංස්කෘතිය, නීතිය සහ පිලිවෙලට අනුව ජීවත් වෙන්න වෙනවා.//

      වෙන රටකට යන්න ඕනේ නෑ. මේ රටේ උන්ටත් වෙලා තියෙන්නේ මේ තියෙන "2500 Years old" සංස්කෘතියටයි, සිවුරු කාරයන්ගේ නඩු අහන විදියේ නීතියටයි අනුව ජීවත් වෙන්න තමයි .

      Delete
    8. // මේ රටේ උන්ටත් වෙලා තියෙන්නේ මේ තියෙන "2500 Years old" සංස්කෘතියටයි, සිවුරු කාරයන්ගේ නඩු අහන විදියේ නීතියටයි අනුව ජීවත් වෙන්න තමයි . //

      ඉතින් එහෙම සගුන්ස්කුරුති නැති සිවුරු කාරයෝ නැති දේසෙකට යන්න මෙයාලා...

      අපි 2500 Years old" සංස්කෘතියටයි, සිවුරු කාරයන්ගේ නඩු අහන විදියේ නීතියටයි එකඟව ජීවත් වෙන්නම්!

      Delete
  27. අලියා කියන්නේ බුද්ධිමත් සතෙක්. ඒත් මිනිහා කියන සතා ගැන ඌට තේරුම් ගන්න බෑනේ.....!

    ReplyDelete
  28. අඩෝ මිස්ටර් මාතලන්. මේ වගේ නම් ගම් එක්කම ප්‍රසිද්දියෙ පල කරපු දෙයකටවත් හරි හමන් නීතියක් ක්‍රියාත්මක කරගන්ට බැරි ආණ්ඩුවකින් තවදුරටත් මොනව බලාපොරොත්තු වෙන්ට පුලුවන්ද.? ප්‍රිසන් ගාඩ්ල නැතුව රිලීස් එකක් ගන්ට පුළුවන් තරමටම දැන් අඩිකරණය ෆුල් ෆ්ලෙක්සිබල්. කහ සිවුරට තියන ඩිමාන්ඩ් එක හප්පටසිරි..!! මාරයි අප්ප.. අති විශිෂ්ටයි...!!!

    ReplyDelete
  29. නීති විරෝධී මෘදුකාංග පාවිච්චි කිරීමේ වරදට ප්‍රියන්ත හේවගේ අත්අඩංගුවට ගනිව්.

    ReplyDelete
  30. lankawe palamu pathalya somaramaya. agama saha jathiya mishra kara nipadawannawu petrol bombaya nyashtika bombayata wada balagathuya.

    ReplyDelete
  31. මාතලන්ට පිස්සුද මන්දා. ඔය ව්‍යවස්ථාවේ තියෙන "බුදු දහම පෝෂණය කර ආරක්ෂා කිරීම" කියන දේ නෙමෙයිද මේ ඇස් ඉදිරිපිට අමු අමුවේම සිද්ධ වෙන්නේ හිටං?

    ReplyDelete
  32. මතලන්ට පෙන්නේ ඔය වැරදි විතරමද අර නපුංසකය කරන දේවලුත් එකක් හරි ලියන්නකෝ ,උට කඩේ යන්නේ නැත්නම් ,කොන්දක් තියෙන එකෙක්නම්

    ReplyDelete
  33. මාතලන්ට මතකද දන්නෙ නෑ 2005 ජනාධිපතිවරණෙ කාලෙ උඩුවේ රනිල්ට සපෝට් කරනකොට මංගලගෙන් වැරදිලා ධම්මාලෝක මහත්තයා කියවුනා කියලා රනිල්ලාගෙ කැම්පේන් එකෙන් මහින්දට ඇටෑක් කළා. "ආගමට දහමට මේ වගේ අපහාස කරන උන්ට චන්දෙ දුන්නොත් හෙට කොහොම හිටීවිද.."

    ReplyDelete
  34. Dear Maathalan lokkaa

    Another good topic. ....

    Sajeeva Wijeweera was a small guy with a big heart. He is a respected journalist in SriLanka with his Camera work (photographs).

    I knew him as a young student of Mahinda College Galle.

    It's a shame to hear about thesending kind of dirty activities of Buddhist priests. They are bringing shame to the country. ....nothing else.

    Law and Order gone to Dogs.
    Everyone can do anything whatever they like to do....in SriLanka.

    I hope your country men & Women will be regretting about what they have done to bring "The Change" to the country in 8th Jan 2015.

    -------------------------------------

    Maathalan
    I'm really happy to say that I read all your blogs.
    I'm sorry. ...if I don't make comments regularly.
    I know .... "Bloggers breath and write awesome blogs with the help of good comments of silent readers like us".

    Good luck to you...

    ====Adrian Channa from Toronto===

    ReplyDelete
  35. Dear Maathalan lokkaa

    Another good topic. ....

    Sajeeva Wijeweera was a small guy with a big heart. He is a respected journalist in SriLanka with his Camera work (photographs).

    I knew him as a young student of Mahinda College Galle.

    It's a shame to hear about thesending kind of dirty activities of Buddhist priests. They are bringing shame to the country. ....nothing else.

    Law and Order gone to Dogs.
    Everyone can do anything whatever they like to do....in SriLanka.

    I hope your country men & Women will be regretting about what they have done to bring "The Change" to the country in 8th Jan 2015.

    -------------------------------------

    Maathalan
    I'm really happy to say that I read all your blogs.
    I'm sorry. ...if I don't make comments regularly.
    I know .... "Bloggers breath and write awesome blogs with the help of good comments of silent readers like us".

    Good luck to you...

    ====Adrian Channa from Toronto===

    ReplyDelete
  36. ඔය පංසලේ තව මොනව අමතකවෙලා දාල ගිහිල්ල තියනවද දන්නෙ නෑ නේ?

    ReplyDelete
  37. මා පිලන් සහ උගේ පොන්න මාපිල් රැළ හික් හික් හික් මාපිලෝ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න