.

.

Apr 7, 2016

සිපිරි ගෙදර, සුපිරි මානව හිමිකම් - Human Rights in Prison


 

උපුටා ගැන්ම EතලයNews.com

මේ උසස් පෙළ විභාගයට ඉගෙනුම ලබන, අම්බලන්ෙගාඩ පදිංචි කරුවකු වන සජිත් මධුෂාන් අප වෙත එවන ලද ලිපියකි. සංස්කරණය නොකර පලකර ඇත

මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. පසුව ඔහු මාව පිටුපස හරවා නවා, අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න පළල් කරන්න කිව්වා. මා එසේ කලා. ඔහු අත තිබූ පොල්ල මගේ ගුද මාර්ගය තුලට යවන්න තද කලා. මා විලාප තියා කෑගැහුව්වා. ඊට පස්සේ මට පයින් ගැහුව්වා. මාව වැටුනා. මාව නැගිට්ටවලා කම්මුල් දෙකට ගැහුව්වා..........

රාත‍්‍රීය 10.00ට පමණ නියාමකවරු දෙදෙනෙක් පැමිණ මට කලිසම ගලවන්න කිව්වා. ඊට පස්සේ පුරුෂ ලිංගය හම පස්සට ගසා එ් වෙලාවේ වාට්ටුවේ හිටිය 22 නාටම පෙන්වන්න කිව්වා................


බුදු පිළීමය ලඟදි අවට ලයිට් නිව්වා. ඔලූවට ගෝනියක් දමා, මුහුණ වැහෙන්න බෙල්ලට තබා තද කලා. බිම වැටෙනකන් පොලූවලින් පයින් ගැහුව්වා, බිම වැටුනාට පස්සෙත් ගැහුව්වා..............

වාට්ටුව බාර කොල්ලාට කියා මාව එළීවෙනකන් නැව්වා.......

මෙම අපරාධය ෙමහයවුෙය් ගාල්ල බන්ධනාගාරෙය් නියාමක නුවන් මෙන්ඩිස්, මංකොල්ලා කෑම්, පිහි අැනුම් අැතුලු අපරාධ කිහිපයක සැකකරුවකු වන අතර, ගාල්ල බන්ධණාගාරයේම රිමාන්ඞ් ගතව සිටි කිහිප වතාවක් වැඩතහනම් වූ අයෙකි.

ගාල්ල බන්ධණාගාරය තුල මෙෙස් අමානුෂික ලෙසට වධයට, නින්දිත සැලකිලි වලට, ලිංගික හිරිහැරයට භාජනය වූයේ උසස් පෙළ විභාගයට ඉගෙනුම ලබන, අම්බලන්ෙගාඩ පදිංචි කරුවකුවන සජිත් මධුෂාන් තරුණයාය.

ඔහු, මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට කරන ලද පැමිණිල්ලේ මෙසේය.

2013.10.24 වන දින, රාත‍්‍රියේ අම්බලන්ගොඩ, පටබැඳිමුල්ල, පිහිටි ”ජොනා ප්ලේස්” නැමැති අවන්හලේ, සේවය කරන ගැමුණූ නැමැති අරක්කැමියාට දෙදෙනෙකු පහරදී තුවාල සිදු කර තිබේ. මෙම සිද්ධියට මා සම්බන්ධ බවට සැකකර තිබේ.... සිද්ධියට පසු දින, අම්බලන්ගොඩ පොලිසියේ පොලිස් නිලධාරීන් තිදෙනෙක් සිවිල් ඇඳුමින් ත‍්‍රී රෝද රථයකින් දහවල් 1.00 ට පමණ පැමිණින ”පැටී” පුතා නේද කියා මවගෙන් අසා ඇත. මව, මා සිටින්නේ කොළඹ බාප්පලාගේ ගෙදර බව ඔවුන්ට කියා තිබේ. එදින රාත‍්‍රියේදී ද පොලිසියෙන් පැමිණ ඇත.

මා, 2013.10.23 දින සිට 2013.11.03 දක්වාම හිටියේ බොරලැස්ගමුවේ බාප්පලාගේ ගෙදරය. මට, ගෙදරින් පණිවුඩයක් ලැබුනා,ඉහත සිද්ධිය අදාලව මාව පොලිසියට අවශ්‍ය බව හා මාව පොලිසියට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා සිටින බව.

එ් අනුව, 2013.09.03 දින මා ගෙදර පැමිණ, 2013.09.04 වන දින නීතිඥ මහතකු මගින් අම්බලන්ගොඩ පොලිසියට ඉදිරිපත් වුණෙමි. පොලිසියේදී මා ගෙන් ප‍්‍රකාශයක් ගෙන සවස 3.00 ට විතර, බලපිටිය අධිකරණයට ඉදිරිපත් කලා.

එ් අවස්ථාවේ, සිද්ධියට අදාලව තවත් සැකකරුවෙක් සිටින බව පොලීසිය ප‍්‍රකාශ කිරිම නිසා, මාව 2013.09.11 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. එදින, සවස 6.45 ට පමණ, බන්ධානාගරයේ බස් රථයෙන් තවත් අයෙකු සමග එකක්ර මාංචු දමා ගාල්ල බන්ධණාගාරයට ගෙන ගියා. ගාල්ල බන්ධණාගාරයට ගෙන යන විට රාත‍්‍රී 7.30 ට පමණ වුනා...........

එ් අවස්ථාවේ, මා නිවස අසල පදිංචි, ගාල්ල බන්ධණාගාරයේ නියාමකවරයෙකු වන නුවන් මෙන්ඩිස් එතැන හිටගෙන හිටියා.ඔහු ඉදිරියට පැමිණ, මාගේ කමිස කොළරයෙන් කරකවා අල්ලා ඇද, උඹව හමගහනවා කියා කිව්වා. ඔහු ඇඳ සිටියේ සුදු පාට ටී ෂර්ට් එකක් හා ඩෙනිම් කලිසමක්.

මාව, බන්ධණාගාරයේ ඇතුලේ කාමරයකට ගෙන ගියා. එහිදී සියලූම දෙනාව පේලියකට තබා, ලියාපදිංචි කලා. එම නිලධාරියා ලියාපදිංචි කල පොතද රැගෙන ඉන් පිට වුනා.ඊට පසුව අනෙක් අයව, පරීක්ෂා කර, බන්ධනාගාරයේ වාට්ටු වලට පිටත් කර හැරියා.

අන්තිමට මාව ඉතුරු වුනා. මාව කාමරයකට ගත්තා. .... මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන් පසු ඔහු මට පිටුපස හරවා නැමෙන්න යැයි පවසා මට අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න පළල් කරන්න කිව්වා. මා එසේ කලා. ඔහු අත තිබූ පොල්ල මගේ ගුද මාර්ගය තුලට යවන්න තද කලා. මා විලාප තියා කෑගැහුව්වා. ඊට පස්සේ මට පයින් ගැහුව්වා. මාව වැටුනා. මාව නැගිට්ටවලා කම්මුල් දෙකට ගැහුව්වා. හතර පාරක් විතර ගැහුව්වා....... එයින් පසුව, මාව කාමරයෙන් එළීයට දැම්මා. එලියේ සිටිය නියාමකවරු තුන්දෙනෙක් මට ගැහුව්වා. එසේ ගහන කොට, බන්ධණාගාරය තුලට යන ගේට්ටුවට අනෙක් පැත්තෙන් (බන්දණාගාර ගොඩනැගිලි පැත්තේ) සිටි නියාමකවරු ” ඕකාව විනාඩි පහකට මට දෙන්න” කියමින් මාව ඉල්ලා සිටියා.......

මා බන්ධණාගාර ගේට්ටුවෙන්, බන්ධණාගාර ගොඩනැගිලි තිබෙන තැනට තල්ලූ කලා. එතැන බුදු පිළීමය තිබුනා. අවට ලයිට් නිව්වා. මට අතින් පයින් පහර දුන්නා. එතැනදී බිම වැටුනාට පස්සෙත් ගැහුව්වා.

ඉන්පසු නැගිට්ටවා, වරෙන් උඹව වාට්ටුවට දාන්න කියා දිග පොල්ලක් අතේ තිබුන නියාමකවරයා මාව ඇදගෙන ඇතුලට ගෙන ගියා. කණූවල තිබුන ලයිට් නිව්වා. මගේ ඔලූවට දුගඳ හමන ගෝනියක් දමා, මුහුණ වැහෙන්න බෙල්ලට තබා තද කලා. බිම වැටෙනකන් පොලූවලින් සහ පයින් ගැහුව්වා........ පසුව පහරදීම නැවැත්වුවා. මූණ වසා තිබුන ගොනිය ඉවත් කලා. ලයිට් දාලා තිබුනා. පොල්ල අතේ තිබුන නියාමක පමණයි සිටියේ. අනෙක් අය පේන්න හිටියේ නැහැ.............

එතැන වොලිබොල් කෝඩ් එක ළඟට මාව ගෙන ගියා. එතැන ලයිට් එකද නිව්වා. ඔහු මාව පිටුපස හරවා, අත් දෙක බිත්තියට තියන්න කියා. මගේ දණහිස් වලට පොල්ලෙන් පහර දුන්නා. මාව වැටෙනකන් ගැහුව්වා. මාව නැගිට්ටවා ඇදගෙන ගොස් වාට්ටුවක් ඇතුලට දැම්මා. වාට්ටුවට දැම්මේ කම්මුලටද පාරවල් හතරක් ගසාය. වාට්ටුවේ විනාඩි පහක් පමණ ඉන්නකොට, නියාමක වරයෙක් පැමිණ, මගේ කම්මුලට ගසමින් එළීයට ඇදගෙන ආවා. එලියට ගත්තු ගමන්, යලිත් ඔහු අත තිබුන පොල්ලෙන් මගේ දණහිස් වලට ගැහුව්වා.

එතැනින් අරන් ගිහිල්ලා වෙනත් වාට්ටුවකට දැමමා. එය ”G” වාට්ටුව. එ් වාට්ටුව ඇතුලට දාන්න ඉස්සෙල්ලා පොලූ පාරවල් තුනක් දණහිස්වලට ගසා ඇතුලට තල්ලූ කලා. වාට්ටුව බාර කොල්ලාට කතාකොට කිව්වා, මූට නිදාගන්න දෙන්න එපා කියා කිව්වා. මාව තල්ලූ කලා වැසිකිලිය ලඟට. මා එ් අසල වාඩි වුනා. ඔලූව දණහිස් උඩ තියා ගත්තා. එවිට නැවත මට නියාමකවරු දෙන්නා කතාකොට, බොට ඔහොම ඉන්න දෙන්න බෑ කිව්වා. කොන්ද කෙළින් තියාගෙන වාට්ටුවේ කෙළවරට ගොස් නැවත ගේට්ටුව ළඟට දණගාගෙන එන්න කිව්වා.

එසේ දණගාන කොට, මා වැටෙනවා. වැටුන හැම වේලාවේම නැවත මුල ඉඳලාම දණගාන්න කිව්වා. එ් ආකාරයට මම හතර පස් වතාවක්ම ගියා. ඉන් පසුව, නියාමකවරු වාට්ටුව බාර කොල්ලාට කිව්වා මූව එළීවෙනකන් නාවන්න කියා. ඔහු මාව වතුර බැරල් එක ගාවට ගෙන ගිහින්, කලිසමයි, ෂර්ට් එකයි ගලවා වාඩි කරවා මාව නෑව්වා. එසේ මාව හත් අට වතාවක් නෑව්වා. ඊට පස්සේ නියාමක මට, වතුර බැරලයට බැහැලා ඉන්න කිව්වා. උදේ පාන්දර නියාමකවරයෙක් කිව්වා මට බැරලයෙන් බහින්න කියා.

මම එදින (05දා) වාට්ටුවට වී ඉන්නකොට, දවල් 11.30 පමණ, නියාමක නුවන් මෙන්ඩස් පැමිණ මාව එළීයට ගත්තා. එ් වෙලාවේ, අනෙක් සිරකරුවන් කෑමට ගිහිල්ලා. මාව ඔහු කාටවත් නොපෙනෙන තැනකට (කුස්සිය පැත්තට) ගෙනිච්චා. ”බොට දුන්නේ ටිකයි, අදත් තියෙනවා බොට ”පෝරියල්” එක කියා ඔහු අත තිබූ පොල්ලෙන් මගේ දණහිස්වලට තුන් හතර පාරක් ගැහුව්වා. මට ඔහු කිව්වා පලයන් වාට්ටුවට කියා. මම වැටි වැටී වාට්ටුවට ගියා.

වාට්ටුවේ ඉන්න කොට, දවල් එකට විතර, මගේ නම කියනවා ඇහුණා. මම නැගිට්ටා. විසිට් එකක් ඇවිල්ලා කිව්වා. මට කෙළීන් හිටගන්න බැරිව හිටියේ. එවිට, අච්චු විඳින සිරකරුවන් දෙන්නෙක් පැමිණ මාව වත්තම් කරගෙන, ඉස්සරහාට ගෙනවිත්, විසිට් කූඩුවට දැම්මා. මගේ අම්මයි, නංගියි මා බලන්න ඇවිත් හිටියා. මම ඔවුන්ට කිව්වා, නියාමක නුවන් මෙන්ඩිස් මට ගැහුව්වා. ඔහු කියවලා, එළීවෙනකම් මට ගැස්සුවා, අදත් ගහනවා කිව්වා කියා. මාව මැරෙයි කියා මා පැවසුවා. මගේ මව, එ් අවස්ථාවේදීම අධීකාරී ළඟට ගොස්, මට පහරදීම ගැන පැමිණීලි කලා. ටික වේලාවකින්, මාව අධීකාරීවරයා ළඟට ගෙන ගියා. ඔහු මගෙන් ඇහුව්වා ගැහුව්වාද කියා. ඔහුුට මම පාරවල් පෙන්නුවා. විස්තර කිව්වා. ඔහු සියලූ විස්තර අසා පහරදීමක් වෙලා තියෙනවා කියා, තවත් නිලධාරී මහතෙකුට මගෙන් කටඋත්තරයක් ගන්න කිව්වා. එ් මහතා මගෙන් විස්තර අසා ලියා ගත්තා. එ් අවස්ථාවේ මට පහරදුන්න හා මට ගැස්සවූ නියාමක නුවන් මෙන්ඩිස් ද එතැන හිටියා.

කටඋත්තර ලියා ගත්තු නිලධාරී මගෙන් ඇහුව්වා - ගැහුව්වේ හිරකාරයෝද, ගාඞ් මහතුන්ද කියා. මම කිව්වා සිරකාරයෝ සපත්තු දාන්නේ නැහැනේ කියා. එවිට අසල සිටි නුවන් මෙන්ඩිස් ඉදිරියට පැමිණ මගේ බෙල්ලට අතින් ගසා, ආ පරයෝ තෝ දන්නවාද කාටද කතා කරන්නේ කියා අසා, මූව ගෙනියන්න කියා නියාමකවරයෙකුට මාව බාර දුන්නා. එ් වෙලාවේ මගෙන් ප‍්‍රකාශයක් ගතත්තු නිලධාරියා මට අත්සන් කරන්න කිව්වා. මම කිව්වා කියවන්න කියා. කියවන්න දුන්නේ නෑ. නුවන් මෙන්ඩිස් මට බැන අත්සන් කරන්න බලකලා. මම අත්සන් කලා. මාව ඊට පස්සේ වාට්ටුවට ගෙනහින් දැම්මා.

එදින (05 දා), රාත‍්‍රීයේ 10.00ට පමණ නියාමකවරු දෙදෙනෙක් පැමිණ මට කලිසම ගලවන්න කිව්වා. ඊට පස්සේ පුරුෂ ලිංගය හම පස්සට ගසා, එවෙලාවේ වාට්ටුවේ හිටිය 22 නාටම පෙන්වන්න කිව්වා. මම එ් අනුව පෙන්වා සිටියා.

පසුදින (06දා) උදේ කෑම වේලාවේ සිරකරුවෙක් (රිමාන්ඞ්) වාට්ටුව ළඟට ඇවිත් මාදම්පේ ඉඳලා ආපු කොල්ලා කෝ කියා ඇසුවා. මම එළියට ආවා. එ් වෙලාවේ උදේ කෑම ගන්න යන්න වාට්ටුව ඇරලා තිබුනේ. ඔහු - ”උඹ නුවන් මෙන්ඩිස් මහත්තයාගේ මස්සිනාට කරදර කළේ ඇයි කියා අසා", ඔහු මට කිව්වා ”නුවන් මෙන්ඩිස් මට කිව්වා උඹට කණේ පාරවල් හතක් ගහන්න කියලා, නමුත් මම .උඹට එහෙම කරන්නේ නැහැ, කෑම වේලවෙදි ගහපු විදිහට ඉන්න” කිව්වා.

සිකුරාදා (08දා) උසාවි ගෙන එන්න වොලිබෝල් කෝඞ් එක ළඟ පෝලිම් කරලා ඉන්න කොට නුවන් මෙන්ඩිස් හා තවත් නියාමකයෙක් මගේ ළඟට ආවා. එම නියාමක මට ‘‘නුවන් මෙන්ඩිස් ව පෙන්වා’’ කිව්වා එළීයට ගිහිල්ලා කරදර කරන්න එපා,උඹ ආයෙත් ආවොත් පෝරියල් එක දෙන්නේ බාල්කවල එල්ලලා කියා.

මාව උසාවියට ගේන කොට, මගේ සෙරප්පු දෙක පවා දුන්නේ නැහැ. උසාවයේදී, මගේ මව නීතිඥ මහතෙකු මාර්ගයෙන් මට පහරදීම පිළිබඳව දිවුරුම් ප‍්‍රකාශ්‍යක් ඉදිරිපත් කරලා තිබුනා. එතැනදී දැනගත්තා, මගේ මව 07දා මෝසමක් මගින් මට පහරදීම ගැන උසාවියට දැනුම් දීලා තියෙන බව හා එ් නිසා 8දා මාව උසාවි ගෙන ආ බවත්.

නඩුව කථා කළ විට, මහේස්ත‍්‍රාත්තුමා මාව ඉදිරියට ගෙන්නුවා. මගෙන් විමසුවා. පහරදුන්නාද කියා. මම ඔව් කිව්වා. තුවාල පෙන්නුවා. මහේස්ත‍්‍රාත්තුමා, බන්ධනාගාරයට නියම කලා එ් වෙලාවේම බලපිටිය මූලික රෝහලේ අධීකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාව ගෙන එන්න කියා කිව්ව. බන්ධානගාර නිලධාරීන් මට මාංචු දමා පයින්, මීටර් 100 පමණ ගෙන ගිහින්, බන්ධණාගාර බස් එකට නැග්ගුවා. මට ගෙදරින් ගෙනත් දීපු සෙරප්පු දෙක දාන්න දුන්නේ නැහැ. බලපිටිිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී තුමා මාව පරීක්ෂා කර, වාර්තාව බන්ධණාගාර නිලධාරීන්ට බාර දුන්නා. නැවත මාව අධිකරණයට ගෙන ආවා.

නැවත නඩුව කැඳවූ විට, වෛද්‍ය වාර්තාව මහේස්ත‍්‍රාත්තුමාට ඉදිරිපත් කලා. මගෙන් මට පහරදුන්න නිලධාරියාව විමසුවා. මම අධීකරණයට ප‍්‍රකාශ කලා නියාමක නුවන් මෙන්ඩිස් සහ ඔහුගේ අවශ්‍යතාවයට තවත් නිලධාරීන් පහරදුන් බව. අධීකරණය බන්ධණාගාරයට නියම කලා මට පහරදීම ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට. මට ඇප ලබාදුන්නා.

දැනට මාගේ දකූණු කණ වෙදනා ගෙන දෙයි. ඇසිම දුර්වලයි. එමෙන්ම මට නින්දයන්නේ නැත. සිනෙන් භයවි ඇහරේ..............

මා 2013. 11. 11 දින මේ සම්බ්ධයේන් ගාල්ල පොලීසියේ පැමිණිලි කළෙමි..... නමුත් මේ දක්වාම පියවරක් ගෙන නැති බව ප‍්‍රකාශ කරමි.

74 comments:

  1. Replies
    1. ලංකාවේ ජීවත්වන කාළයේ මගේ සිතේ නිරන්තරයෙන්ම රැව්දුන් ප්‍රශ්නයකි මෙය.
      'අප මේ තරම් අසරණ ඇයි?'
      දුක්මහන්සියෙන් ඉගෙනගත් දෙයකට පින්සිදුවන්නට රස්සාවක් කර ජීවත්වන මිනිසුන්ට ලංකාවේ ඇති පිළිසරණ කුමක්ද?

      Delete
    2. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා....
      බුදු හාමුදුරුවනේ....

      කියලා ලස්සන ගීතයක් තියෙනවා රඹුක්කන සිද්ධාර්ථ හාන්දුරුවන්ගේ... හැබයි එක වෙනස් වෙන්න ඕන කාළේ ඇවිල්ලා කියලයි මම නම් හිතන්නේ...

      Delete
  2. ඔය නුවන් මෙන්ඩිස් කියන එකාටත් ඔය වැඩේම අල්ලලා කරන්න ඕනෑ. මුන්ට දෙන්න ඕනෑ මුන්ගේම බෙහෙත්

    ReplyDelete
    Replies
    1. https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xaf1/v/t1.0-9/11887919_1632698173682240_8180335083270016419_n.jpg?oh=4e276ecd64e4a1a02d44fd65114ef07b&oe=57894CDB&__gda__=1467326060_2affa5b66785fc8ea4c7d3094c9a5375

      Delete
    2. එහෙම කලොත් අපිත් ඌගෙම තත්ව්ට පත් වෙනවා නේද....?

      Delete
  3. අැති ෙවච්ච කම්පාව විස්තර කර ගන්න බෑ

    ReplyDelete
    Replies
    1. මේවා අළුත් දෙවල් නෙමෙයි... ඒත් මගෙත් හදවත සසල උනා.. ඒකමයි මේ අනුන්ගේ එකක් මෙතන දැම්මේ....

      Delete
  4. අද මෙහෙම දේවල් වෙන්නේ නෑ මම හිතන්නේ....2013 තිබුන ලොකුකම් අද නෑ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඇත්ත... දැන් යහපාලනේනෙ නේද ?

      අයිය පුන්නක්කු ද කන්නෙ.. ?

      Delete
    2. ඇයි 2013න් පස්සේ ලංකාවේ මිනිස්සු වෙනස් වුනාද?
      මහින්ද වෙනුවට මෛත්‍රි ආව කියල ලංකාවේ වෙන දේවල් පොඩ්ඩක්වත් වෙනස්වුනේ නැහැ, ඒවා පරණ පුරුදු විදිහටම තවමත් සිද්දවෙනව...

      Delete
    3. මල්ලි පුන්නක්කු බොන දෙයක් නේද?

      Delete
    4. @c-a, එදානම් ලුණු මදි

      Delete
    5. මම හිතං හිටියේ මයිත්‍රී ආවෙ ඒවා වෙනස් කරන්නය කියලා...!

      Delete
    6. මල්ලි පුන්නක්කු බොන දෙයක් නේද?

      Delete
    7. චෙෆාකී... මචෝ උඹ අර ලන්ඩන් අජියගේ පෝස්ට් එක කියෙව්වද....? මේවා එක පාර නවත්තන්න අමාරුයි.. ඒත් යහ පාලනේ යටතෙත් මේවා අනුමටහ් කරනවද කියන එකයි ප්‍රශ්ණය...

      (මේ ඇනෝලට ආතල් දෙන්න යන්න එපා.. එයාලා කොමෙන්ට් එක දාලා ගන්න ආතල් එක හොඳටම ඇති. ආතල් වැඩි උනාම වෙන දේ දන්නවනේ.. අර කුකුල් ලෙඩේ...)

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අඩෝ කම්මලයා...!

      Delete
    2. හෙක්....මට බැනල හරියනවද ? දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්න මේවට අයියා. සාදු....සාදු සා.......දු.

      Delete
  6. ලංකාවේ පොලීසිය ගැන මහජනයාට තිබෙන ආකල්පය වෙනස් කරන්න කවදාවත් බෑ. මේ වගේ පහත් වැඩ කරන එවුන්ටත් ඔය විදිහටම සලකන්න කාලය හරි වගේ.

    ReplyDelete
    Replies
    1. මූ බන්ධනාගාර නියාමකයෙක්.

      Delete
    2. මේ පොලොස් කොට්ටෝරුවෝ නෙමෙයි අනේ...

      Delete
  7. සමාජස්තර පහත්ලෙස බෙදී වෙන්වීම...

    ReplyDelete
    Replies
    1. කෲරත්වය කියන දේට ඒක අදාල වෙන්නේ නෑ නේද...?

      Delete
  8. මීටත් වඩා ජරා අවාසනාවන්ත කාලකන්ණි සිද්ධි දැනගන්න පුළුවන් විවෘතව කතාකරන කාන්තා රිමාන්ඩ් සිරකාරියක් සම්මුඛ පරීක්ෂණයකට භාජනය කරන්න පුළුවන් නම්.

    ReplyDelete
    Replies
    1. හමුදාවේ කට්ටිය මෙහෙම කරන්නේ නැහැ නේද....
      විචාරකල හමුදාවේ හිටපුකාලේ අත්අඩංගුවට ගත්ත කට්ටියට බොන්න දුන්නේ කිරිද?
      හමුදාවේ ඉන්න කාන්තා සෙබලියොද ඇගපත මසාජ් කරල උණුවතුර එහෙම නාවන්නේ

      Delete
    2. මම හිතන්නේ ඒ හැම සිද්දියකට වඩා මේක දරුණුයි....

      Delete
  9. මෙ ඉන්නෙ බන්ධනාගාර නියාමකවරයා තමයි
    https://www.facebook.com/profile.php?id=100008262189333&ref=br_rs

    ReplyDelete
    Replies
    1. AnonymousApril 7, 2016 at 9:22 AM,

      ඔබ හරියටම දන්නවානම් ප්‍රශ්නයක් නෑ. නමුත් තව සොයාබලන්න ඔය නමින්ම බන්දනාගාරයේ තව නිලදාරියෙක් ඉන්නවා. මම ඒ ලින්ක් එක මෙතන දාන්නේ නෑ.

      ඔබ මේ පෙන්වන පුද්ගලයා කියල හොදටම විශ්වාසනම් කිසි ප්‍රස්නයක් නෑ එහෙම නැතිඋනොත් අහිංසක මිනිහෙකුට විශාල චිත්ත පිඩාවක් මෙයින් ඇති වෙයි.

      Delete
  10. http://off-guardian.org/2016/04/07/video-what-has-george-soros-funded-over-the-years/

    ReplyDelete
  11. Menna aththa- ranilayi my 3yi moo hitapu hotaleta giyama moo awe nana thuwaya andagena piliganna -menna hethuwa
    http://off-guardian.org/2016/04/07/video-what-has-george-soros-funded-over-the-years/

    ReplyDelete
  12. පොලිසියට පැමිණිලි කරාම ඇක්ෂන් එකක් ගත්තේ නෑ කියන එකට විරුද්දව කටයුතු කරන්න බැරිද? මම ඒ යකාගේ ෆේස් බුක් එකේ මේකේ ලින්ක් එක දාන්න හැදුවා. ෆ්‍රෙන්ඩ් කෙනෙක් නොවන නිසා දාන්න බෑ. මේකව හිරිකිතයක් නැතුව ෆ්‍රෙන්ඩ් කෙනෙක් කරගන්න පුළුවන් කාටද?
    (ප.ලි.) කොල්ලාත් කියන තරම්ම 'හුරතල්' නැති බවක් මගේ මෙව්වා එකට හිතේ..

    ReplyDelete
    Replies
    1. කොල්ලා පැත්තකින් තියමුකෝ. දැන් මහත්තයා අර පොටෝ සීන් එකට අල්ලං ගියාම මහත්තයට හිරේදී අතවර කරේ නැද්ද?

      Delete
    2. කොල්ලාගේ හුරතල් බව හෝ පාදඩ බව මේ කතාවට අදාල නැත

      Delete
    3. ඇඳුමෙන්වත්, මූනෙන්වත් මිනිස්සු මනින්න එපා බං....

      Delete
  13. aruta wiruddawa dan mokakda aran thiyena action eka..

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මටත් තියෙන ප්‍රශ්ණය... මේක බුකියේ නැගලා ගියෙත් නෑ... එහෙම උනා නම් මීට වඩා පියවරක් ඉදිරියට යනවා....

      Delete
    2. podi eka ganu lamaya wenuwen hire giya thana idan, kathawa mula idalama me tike thiyenawa..
      http://­www.elakiri.com/­forum/­showthread.php?t=1730­453
      http://­www.elakiri.com/­forum/­showthread.php?t=1731­944
      http://­www.elakiri.com/­forum/­showthread.php?t=1735­639&page=4

      Delete
  14. what the hell's going on in Sri Lanka...! :(

    ReplyDelete
  15. කාගෙ උනත් හයියක් තියෙනවා නම් ඔව්වා මොනවද? ඔය එක්කෙනෙක්ගෙ සීන් එකක්.තාම ඇක්ශන් නෑ..
    වත්තල ජෝන් බාස් ගෙ සීන් එක මුළු රටක් බලාගෙන.බලධාරියෝ ඔක්කොම පුකේ ඇඟිල්ල ගහගෙන බලන් ඉන්නව.එකෙක් වත් දන්නෑ.එතන මුළු මහජනතාවටම අරිනවා දිග දාල.
    මුන් ඔක්කොම අල්ලල දාන්න ඕනෙ කුඹුල්ලුන්ට.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලංකාවේ තියෙනවා නේද මානව හිමිකම් ගැන කතා කරන ඇන් ජි ඕ ගොඩාක්....

      Delete
  16. දැන්නම් බන් මාතේ, මම යහපාලනෙන් විතද්‍රව් උනා. අර මහින්දයට කඩේ ගිය මනුශයටත් ඇමතිකමක් ලැබුණ. තව මගේ එක වසරෙ ඉඳල හිටිය තිසර ගුණසිංහ (නන්ද ගුණසිංහගේ පුතා), හිටපු කථා නායක කඩේ ගිහින් මහින්දට ගාල්ලේ බර්ගර් දන්සල් දීල, උගේමා තාත්තගේ දානේ ඉවරවෙලා මර්වින් සිල්වගෙ පුතාල එක්ක උණවටුනේ පාර්ටි දාල කලිසමක් දාගෙන ඇවිත් මෛත්රිගෙන් මොකක්ද එකකුත් ගත්ත ටෙලිවිසෝන් එකෙන්ම දැක්ක. හය්යෝ සල්ලි ඔයි මිස්ටර් මාතලන්. අනාගතය අදයි හිටන්..!!

    ReplyDelete
    Replies
    1. එයා ඉස්සර ඔළු හෝදලා.... දැන් පුක හෝදනවා... ගනන් ගන්න එපා මචෝ...

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. මම මේ සිදුවීම ගැන හොයන්නම්
    පොලිස් පහරදීම් කියන්නේ අපේ කලාපයේ තියෙන ලොකුම ප්‍රශ්ණයක්.
    මං මීට කලින් වරක් කීවා වගේ නව ව්‍යාවස්ථාවට අදහස් ඉදිරිපත් කරපු ජනතාව ජනාධිපති ක්‍රමය, මැතිවරණ ක්‍රමය, බලය බෙදීම නෙවෙයි ඉල්ලුවේ මේ ආයතන වලින් (රාජ්‍යෙයන්) ආරක්ෂාව දෙන්න කියල

    ReplyDelete
    Replies
    1. මුන්ට නීතිය ඉටු කරන එක උඹලා වගේ උන්ගේ යුතු කමක්.. එහෙම දෙයක් උනොත් අපටත් සතුටු වෙන්න පුළුවන්...

      Delete
    2. බහුතරයක් වෘත්තිය මාධ්‍යවේදිනුත් (උඩුවා නොවේ ) මේ වගේම දේවල් කරනවා, තොරතුරු ටිකක් හොයාගෙන පත්තරවල දානව කියල බය කරල මිනිස්සුන්ගෙන් කප්පන් ගන්නව, සමහර සමාගම් වලින් මුදල් අරගෙන තවත් සමාගමක වැරදි කියනවා. ඒ වගේම මේ වගේම සිද්ධිවලට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දෙනව පාර්ශව දෙකෙන්ම කිසිම දෙයක් පිලිබදව සාධාරණව විමසිමක් කරන්නේ නැතුව, ඒකෙන් බොහෝවිට එක් පාර්ශවයකට අඩුපාඩුවක් වෙනව සහ අපහසුතාවයකට පත් වෙනව.

      මම මෙතන බන්ධනාගාර නිලධාරියා වෙනුවෙන් පෙනි සිටිනවා නොවෙයි සමහර විට මේ කියල තියෙන දේවල් සිදුවීමට වඩා වෙනස් දෙයක් වන්නටත් ඉඩක් තියෙනවා, මොකද මෙම සිද්ධිය මෙම පවුල් දෙකක් (හෝ හිතවතුන් දෙපිරිසක්) අතර ආරවුලක් කියන එක ලිපිය ප්‍රසිද්ධ කිරීමේදීම අමතක කරල තියෙනව,(සමහර වෙලාවට දෙන්නෙක් රණ්ඩු වුනහාම පොලිසියේ ගිහින් පැමිණිල්ල දාන්නේ මාලයක් කඩා ගත්තා, අතවර කරන්න ආව වගේ දේවල් කියල, පැමිණිල්ල බලාගෙන විතරක් තිරණයකට එන්න ගියොත් බොහොවිට වැරදි තිරණයක් තමයි ගන්නේ)


      කවුරුන් හෝ උඩුවා යම් සමාගමක් පිලිබදව ලිපියක් ලියන බව පවසා මුදලක් ලබාගෙන ඇතැයි කවුරුන් හෝ ප්‍රකාශ කලහොත් උඩුවා දෙස බලන්නේ පොදුවේ මාධ්‍යවේදින් දෙස බලන ආකාරයට. සමහර විටක ජාතිවාදී පාර්ශවයකට හෝ උඩුවාගේ තරහාකාරයෙකුට මෙම සමාජයේ පවතින පොදු විරෝධය භාවිතාකර උඩුවාට මෙවැනි දෙයක් කල හැකියි සහ සමාජයතුල මෙවැනි දේවල් නිරන්තරයෙන්ම සිදුවනවා....

      Delete
    3. බන්ධනාගාරය ඇතුලට ගිහිල්ලා වුදිතයෙක් සමඟ සාකච්චා කොට ඔහුකෙරේ ජනතා අනුකම්පාව ලබාගැනීමට උත්සාහ කරපු එක්තරා "ප්‍රවීණ මාධ්‍යවේදියෙක් " !? ගැන පහුගිය කාලේ උසාවියකදී ප්‍රශ්ණ කරා මතකද ?

      Delete
  19. ආයතන පද්දතියේ විතරක් නෙමෙයි මේක හැම තැනම තියෙන තත්වයක්....

    කවුරුහරි අපේ ගමේ කොල්ලේකුට ගැහුවට පස්සේ ඒ ගහපු එකෙක් (සමහරවිට ඒ ගමේ වෙන අහිංසක එකෙක් හරි) අපේ ගමට ආවොත් අපේ ගමේ කට්ටියත් ඌට හොදට නෙලනව. තමන්ට හැකියාව තියෙන තැන්වලදි මානව හිමිකම් නීතී රීතී පිලිබදව තකන්නේ නැහැ වැඩිය.

    පොලිසියට, හමුදාවට, බන්ධනාගාරයට වගේ ආවහමත් තත්වය මේ වගේම තමයි. පොලිසියේ කාටහරි හෝ පොලිසියේ කෙනෙක්ගේ ඥතියෙකුට හෝ ගහල පොලිසියට ගිහිල්ල බේරෙන්න ටිකක් අමාරුයි, බන්ධනාගාරය ඊටත් වඩා ටිකක් නරකයි මම හිතන්නේ, මොකද නවත්තගෙනම කෙලින්න පුලුවන්නේ ආපහු එලියෙදි ගැහුවත් එන්න වෙන්නේ ඒකටමනේ. මතකද දන්නේ නැහැ මීගමුවෙදි වැරදිලා බන්ධනාගාර නිලධාරියෙක්ට කඩේකදී ගහපු එකක විඩියෝ එකක් නිවුස් වලට පෙන්නුව, ඒ කට්ටියටත් පස්සේ හොදට සලකල තියෙනව කියල තමයි ආරංචිය....

    අනෙක් රාජ්‍ය ආයතන වලත් මේ වගේම තමයි. කවුරුහරි නිලධාරියෙක්ට බැනල හරි ඌගේ පවුලේ ඥතියෙක්ට හරි කරදරයක් කරල පස්සේ කාලෙක කාර්යාලයට වැඩක් කරගන්න ආවහාම කරන්න තියෙන වැඩේ නොකෙරෙන තැනට වැඩ කරනව. ශරිරික හිංසනය විතරයි අඩු....

    මෙතන සිද්ධිය ඇතිවෙලා තියෙන්නේ ඥතින් අතර ගැටුමක් හින්ද, කොල්ලගේ කතාව 100%ක් ඇත්ත නොවෙන්න පුලුවන් හැබැයි සිද්ධිය සිද්දවෙන්න ඇති. අන්තිමට කොහොම හරි කන්ගැටිටා කඩු හොරකම් කලා වගේම මේකත් රුදවියන් ගහල කියල ඔප්පු වෙන්න පුලුවන්. බන්ධනාගාර ඇතුලේ තත්වය සමහර වෙලාවට මෙයිටත් වඩා වෙනස්, වැරදි කරල රිමන්ඩ් එකට ගිහාම මුලින්ම බන්ධනාගාර නිලධාරින් නැතත් රුදවියන් හරි දඩුවම් දෙනව ඊට ප්සසේ තව අපරාධ ටිකක් කරන්න පුරුදු කරනවාග සුදු කොල්ලේක් එහෙම ගියොත් ටිකක් ලොකු කරගෙන එහෙම එන්න පුලුවන් ....

    පුනුරුත්තාපනය කෙසේ වෙතත් ස්වයං රුකියාවක්නම් පුරුදුවෙලා තමයි ගොඩක් වෙලාවට එලියට එන්නේ ලංකාවේ බන්ධනාගාර වලට යන ගොඩාක් කට්ටිය,

    ReplyDelete
    Replies
    1. ප්‍රදීප් එක්ක එකඟයි. ඕක ලංකාවේ (වෙනත් රටවලත් ඇති) තියෙන මානසිකත්වයක්. අපේ එකෙක්ට ගැහැව්වොත් අපි උන්ගේ එකෙක්ට ගහන්න ඕන කියන මානසිකත්වය. වැඩිය ඕන නැහැ, ඉස්කෝල ඉස්කෝල අතර වලියක් ගත්තොත් මුලින් ගුටිකාපු ඉස්කෝලේ සිසුන් අනෙක් පාසලේ සිසුන් හොය හොය පහර දෙන සිද්ධි ගැන මම අත්දැකීමෙන් දන්නවා. සමහර විට අන්තිමට පැත්තක ඉන්න අහිංසකයන්ටත් ගුටි කන්න වෙනවා. ඒක එකක්,

      අනික, නොයෙකුත් මානසික ව්‍යාකූලතා තියෙන මිනිස්සුන්ට බලය ලැබුනාම ඒ බලය යොදාගෙන තමාගේ ඒ විකෘති ආශා ඉෂ්ඨ කරගන්න පෙළඹෙනවා. කොහොමත් මනුස්සයා කියන එකා ස්වභාවයෙන්ම බලයට කෑදරයි, ඒවගේම අනෙකා මත බලය පතුරවන්න ආසයි. සමහරුන්ට මේ තත්වය කොච්චර තදින් තියෙනවාද කියනවා නම්, ඔවුන් වෙනත් මිනිසුන් මත ශාරීරිකව තමාගේ බලය පතුරවද්දි ඔවුන්ට ලිංගික උද්දීපනයක් ලැබෙනවා. ඒ වගේ මිනිස්සු ක්‍රම ක්‍රමයෙන් ඒකට ඇබ්බැහි වෙලා භයානක මිනීමරුවන් බවට පත් වුන අවස්ථා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ තත්වය අඩු/වැඩි වශයෙන් තියෙන මනුස්සයෙක්ට බන්ධනාගාර නිලධාරියෙක්/පොලිස් නිලධාරියෙක්/හමුදා නිලධාරියෙක් වගේ රස්සාවක් හම්බුනාම සහ ඔවුන් වෙතට සැකකරුවෙක්/අපරාධකරුවෙක් ගෙනාවම නරියට කුකුල්ලු ලැබුනා වගේ වෙනව.

      මම හිතන්නේ නෑ මේවා කිසි දවසක නැති කරන්න පුළුවන් වෙයි කියල. මේවා අවම කරන එකයි කල යුත්තෙ. මේ වගේ සිද්ධි වාර්තා වුනාම නීතිය අකුරටම ක්‍රියාත්මක කල යුතුයි, සහ මේ වැනි මානව හිමිකම් කඩ කිරීමේ සිදුවීම් සම්බන්ධව නීති දැඩි කල යුතුයි. (මේ සියල්ල අපේ රටට පමණක් ආවේණික දේවල් නෙමේ)

      තව එකක් කියන්න ඕන, ඔය අදාල තරුණයා කියන තරම් බබෙක් නොවේය.. මේ නිලධාරීන්ට මීට වඩා අන්ත වධ දෙන්න ඕනය කියන කතාත් අශිෂ්ඨයන්ගේ කතා මිසක තේරුමක් ඇති කතා නෙමේ.

      මොකද, කොල්ලා බබෙක් වුනත් නැතත්.. කොල්ලා ඇත්තටම ඔප්පු වුන මිනීමරුවෙක් වුනත්.. එවැනි අපරාධකාරයෙක්ට පවා අයිතිවාසකම් තියෙනවා. දඬුවම් තීරණය කෙරෙන්නේ නීතියට අනුව උසාවියෙන් මිසක කොහේවත් ඉන්න නිලධාරීන් නෙමේ.

      ඊළඟ කරුණ, මේ නිලධාරීන්ටත් මීට වඩා වධ දෙන්න ඕනෑය කියන කාරණයත් 'ඇසට ඇස, දතට දත'.. එහෙම නැත්නම් මගෙ මල්ලිව මැරුවනෙ උඹ, මම උඹෙ මල්ලිව මරණවා ලොජික් එකම තමා.. ඒ වගේ කතා වලත් තියෙන්නේ කලින් කිව්වා වගේ අශිෂ්ඨ බව පමණයි.

      Delete
    2. මේවා එදත් උනා, අදත් වෙනවා, හෙටත් වෙයි... කියන එක නම් නෙමේ උත්තරය... අවම කිරීමත් නෙමෙයි... නැවත්වීමයි...

      Delete
  20. අපේ රටවල්වල නිල ඇදුම් අඳින ගොඩක් අය හැසිරෙන්නේ ඔය විදියට තමන්ගේ සුළු හෝ අධිකාරී බලය අයුතු විදියට පාවිච්චි කරමින් තමන්ට බලපෑම් කරන්න පුළුවන් අයට තමන්ගේ උපරිම බලය අයුතු විදියට පෙන්වමින්.ඕක පොලිසිය,බන්ධනාගාර නියමක විතරක් නෙමේ වෙනසක් නැතුව පුද්ගලික ආරක්ෂකයින් දක්වාම එහෙමයි.
    මේක බොහොම අවසනාවන්ත තත්වයක්.නඩු අහන්න,දඬුවම් නියම කරන්න බලය තියෙන්නේ අධිකරණයට වුනත් ඒ බලය පොලිසිය,බන්ධනාගාරය තමන් සතු කරගෙන තියෙන්නේ.මෙව්වාට විරුද්ධව කතා කරන්න,පෙනි සිටින්න ඕනේ.නිහඬව හිටියොත් හැමදාම මේ තත්වයන් පවතීවි.

    ReplyDelete
    Replies
    1. හන්දියේ වාහනයකට මනුස්සයෙක් හැප්පුනාම නීතිය අතට අරගෙන වාහනය කුඩු කරල ගිණිතියල, ඩ්‍රයිවර්ගෙ අඬු කඩන එක සාමාන්‍ය දෙයක් වුන සමාජයක, මනුස්සයෙක්ට නිලතල/බලය ලැබිලා තමාගේ 'එකෙක්ට' ගැහැව්වයි කියල සැකකරන මනුස්සයෙක්ව හම්බවුනාම මේ වගේ සැලකිලි ලැබෙන එක ඒ තරම්ම පුදුම වෙන්න දෙයක් නෙමේ. මේක තමයි අපේ සමාජයේ මානසිකත්වය. මේවගේ සිද්ධි වලින් කැපීපෙනෙන විදියට එළියට එන්නේ ඒ මානසිකත්වයෙ ප්‍රතිඵලම තමා

      Delete
    2. මනෝජ් එක්ක එකඟයි... සංජයගේ කතාව පිලිගන්න අමාරුයි..

      උදාහරනයක් කියන්නම්.. මම මෑත කාලයක වැඩ කරපු ආයතනය ඉදිරිපිට ඇක්සිඩන්ට් එකක් උනා.. ගමේ ත්‍රී විලර් එකකුයි.. පිට වාහනෙකුයි.. වැරද්ද දෙන්නගෙම නෙමෙයි හරකගේ... (මම මේක ඇස් දෙකෙන්ම දැක්කා). ගමේ උන් එන්නත් කලින්.. පාරේ ආපු ත්‍රී වීලර් එකක, ත්‍රී වීලර් ඩැයිවර් පටවලා ඇරියා.. ගමේ අයියලා ආවා.. කාරේකේ ෆැමලි එකක්.. ඩ්‍රයිව් කරපු එකා ෂොක්.. වයිෆ් පොඩි එකාවත් වඩාගෙනම ෆේන්ට් උනා.. ඒ පාර ගෝලයන්ට කිව්වා එයා ගැන බලන්න කියලා.. ගමේ අයියලා ආවා.. මම අර වාහනේ ඩැයිවර්ට කිව්වා.. කලබල වෙන්න එපා.. බය වෙන්න එපා.. රිලැක්ස් වෙන්න කියලා.. අයියලා මට ගේම ඇද්දා එහෙම කොහොමද අපේ එකෙක් හප්පලා තියෙන්නේ කියලා... මම අයියලාගෙන ඇහුවා එතකොට මූ අපේ එකෙක් නෙමද කියලා.. නෑ නේ ලොක්කා මූ පිට එකෙක් නේ කිව්වා.. මම ඇහුවා ඉන්දියාවෙද කියලා.. දැන් අරුන්ට ඕන මට නෙලන්න... කොහොම හරි අර මනුස්සයට අතක් තියන්න දුන්නේ නෑ.. මම අරුන්ට කිව්වා.. තොපේ නෑයෙක් තමයි ඇක්සිඩන්ට් එක කලේ මෙයාලා නෙමෙයි කියලා.. කව්ද කව්ද කියලා අරුන් අහනවා... මම කිව්වා කව්ම තමයි... අර ඉන්නේ අන්න ඌ කියලා...

      Delete
  21. https://en.wikipedia.org/wiki/Prisoner_abuse
    https://en.wikipedia.org/wiki/Prison_rape

    බොහෝ (මං හිතන්නේ සියලු)රටවල මේ ප්‍රශ්නය ඇත. සිදුවන දේ පාලනය කිරීමට අසීරුම ආයතන වන්නේ සිරගෙවල්ය.

    ReplyDelete
    Replies
    1. එහෙනම් එහෙම හිතලා සැනසෙමු....

      හැබයි හැම රටේම නම් මෙහෙම නෑ කියලා මම හොඳට දන්නවා...

      Delete
  22. අදත් අනුවේදනීය කතාවක්.

    ReplyDelete
  23. මාත,

    මේවා මිනිසුන් දැනගන්න ඕනේ වගේම මේවගේ තිරිසනුන්ට දනුවම් දීම පර්ක්කුවෙන්නේ ඇයි කියල දැඩි පීඩනයක් එල්ල කරන්න ඕනේ.

    උබට මතකද ආචර්ය මෙර්වින් සිල්වා සමුර්ධි නිලදරියෙක් ගස්බැන්ද? දැන් ආණ්ඩු මාරු වී වසර 2කට කිට්ටුයි ම්ර්විය මාද්‍ය නිවේදන ඉදිරිපත් කරනවා.

    පහත මම දමන්නේ මෙගේ අඩවියේ මම දමපු කොමෙන්ටුවක් මේ රටේ ජනමාද්යේ නිරුවත පෙන්වන්න.

    මෙය පොස්ට් එකක් ලියල නාස්තිකරනවට වඩා කරුනාකර මේ ලින්ක් 2කට ගොස් බලල හිතන්න පුරුදු වෙන්න.

    ප්‍රථම link එක https://www.youtube.com/watch?v=PvQV9xMZXY0
    මෙහි ඇති දේශනය අසා data නාස්තිකලයුතු නෑ ,ඒ තමයි රටට අතිශයෙන් වැදගත් "බීජ පනත" ඉන්දිරිපත් වුනහම මාද්‍ය සහබගිත්වය කරුනාකර මයික්‍රෆෝන් මගින් මාද්‍ය ආයතන හදුනා ගන්න.

    රටේම මාද්‍ය ආයතන 2 කයි තියෙන්නේ දෙකම ගුවන් විදුලි.

    දැන් බලන්න Link 2 ක http://www.dailymirror.lk/108000/Playing-host

    මේ ඉන්නේ කිසිම වැඩකට නැති මිනිහෙක් කරන දේශනයක්.

    ඔබ ටිකක් හිතන්න ඇයි මෙහෙම වෙන්නේ ? දැන්වත් කල්පනා කරන්න පුරුදු වෙන්න.

    රටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසදන්න නෙමෙයි ජනමාද්‍ය තියෙන්නේ එකයි ගෙතුව.

    ඔබ මෙය පමණක් කල්පනා කළහැකි ඉනානම් මට සතුටු විය හැකියි මෙය ලිවීමට කාලය දැමීම ගැන

    ReplyDelete
    Replies
    1. එකෙක්ට දඬුවම් කලා නම් අනික් උන් මේ දේවල් කරන්න කලින් දෙසරයක් කල්පනා කරනවා....

      Delete
  24. මේ තරම් සිද්දියක් අදහා ගන්න බෑ... පුළුවන් නම් ... නඩු වාර්තා ගෙන්න ගෙන මෙලෙස ඉදිරිපත් කරන්න . මේ case එක විශේෂයි ....මාතලන් අයියේ ...

    ReplyDelete
    Replies
    1. මමත් මොහොතකට සසල උනා....

      Delete
  25. ලෝකේ කිසිම රටක මම හිතන්නේ නැහැ හිරගෙවල් තුල මානව හිමිකම් ආරක්ෂා වෙනවා ඇති කියලා. හැම තැනම අඩු වැඩි වශයෙන් ඔහොම දේවල් වෙනවා. මෙතන තිබෙන්නේ මේ සිසුවාගේ පැත්තෙන් කතාව පමණයි. අනික් අයගේ පැත්තෙනුත් කතාව අහන්න තිබුනානම් හොඳයි. මට හිතෙන්නේත් ඔය සිසුවාත් පෙනෙන තරම් අහිංසක නැහැ. කෙසේ උනත් මේ සිද්ධියේදී වැරදි කරුවන්ට උපරිම දඬුවම් ලබා දීම නම් සිදුවිය යුතුයි.

    මේවගේ දේවල් ආණ්ඩු වෙනස් කරලාවත්, ඔය කියන නුවන් මෙන්දිස්ව එල්ලලාවත් හදන්න පුළුවන් දේවල් නෙවෙයි. අපේ සමාජයේ අධ්‍යාපනික හා ආකල්පමය වශයෙන් ලොකු වෙනසක් අවශ්‍යයි. මාතලන්ලා මේවා ගැන මෙහෙම හරි කතා කරන එක හොඳයි. මේවගේ කතිකා වලින් කිහිප දෙනෙක්ගේ හරි ආකල්ප යම් වෙනසක් වේවි.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++

      Delete
    2. මේවා එතකොට මානව හිමිකම් කඩ කිරීම යටතට වැටෙන්නේ නැද්ද....?

      Delete
  26. ළමාතන් ඔය කොලුවට MIDNIGHT EXPRESS සො එක හොයලා බලන්න කියපන් ඕකා ඔහොමවත් එලියට ඇවිල්ල ඉන්න එක ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. පුදුමයි මූ එල්ලිලා මැරුනේ නැති එක... එහෙම ඒවත් වෙනවනේ... මරණ පරීක්ෂණ අරවා මේවා මුකුත් නැතුව මහේස්ත්‍රාත්ලත් ඒවා අනුමටහ කරනවා.. අම්මගේ රෙද්දේ රටක් අප්පා...

      Delete
  27. හිරේ උනත් ආතල් එකේ ඉන්ඩ පුළුවන් සල්ලි තියෙනවනම්...කොල්ලගේ ෆේස් කට් එකත් එච්චර හොද නෑ...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මානව හිමිකම් ඇත්තේ ෆේස් කට් එක හොඳ අය සඳහා පමණක් නොවේ :)

      Delete
    3. පොතේ කවරෙන් පොත මනින්න යන්න එපා....

      කොල්ලෝ කොහොමත් එහෙම තමයි...

      Delete
  28. This is an old story. I read about this a few months ago.

    ReplyDelete
  29. https://www.facebook.com/100008429025338/videos/vb.100008429025338/1591751037782515/?type=3 ඔය news එක බොරුවක්.ඔය කොල්ල අගේට ඉන්නවා.මේ වීඩියෝ එක බලපන්

    ReplyDelete
  30. ඇත්තටම මට තියන ප්‍රශ්නයක් ලංකාව වගේ නිතර ආගමට ලැදි බන අහන බන කියන මනුස්සකම් දන්න රටක මිනිස්සු තමන්ගේ මතය වගේම අනිත් කෙනාවත් ඉවසන්නේ නැත්තේ ඇයි???? ආයතන විතරක් නෙමෙනේ, තමන්ගේ පවුල ඇතුලේ, පාසැල් ඇතුලේ, සංගිත සංදර්ශන වල හැමතැනම මේ ගැටුම්...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න