.

.

Apr 5, 2016

කෙහෙල් කොලේ කෑම, හොරා කෑම හා ඉල්ලාගෙන කෑම - Panama Papers, Corruption & Lumprice



අද රනිල් ලොක්කා පව් සමා කොර ගැනීම සඳහා චීනෙට යනවාය. යහපාචන ආන්ඩුව කාපු ළොකුම ඉල්ලාගෙන කෑම කෑවේ පෝට් සිටි එක නවත්තලාය. ඒ කාපු කෑම කොහොමද කියනවා නම්, අවුරුදු එකහාමාරක් වෙන්නත් ඇවිත් තාමත් දිරව ගන්න බැරිව, බඩ කොර වෙලා, අනාත නාත වෙලා ඉන්නවාය. මොකා කලත් ඒක ඉතා හොඳ වැඩක්ය. මේ රට ළෝකෙන් උතුම් රටෙයි කිව්වාට මෙහේ ඇති ලබ්බක් නැතිය. අපිට ගොඩ එනවා නම් ගොඩ එන්නේ වෙන්නේ, අනුන්ගේ පිහිටෙන්ය. අපිට ඕක මහා ළොකු ප්‍රොජෙක්ට් එකක් උනාට, චීනාට ඕක පඩයක් තරම් වත් වටින්නේ නැතිය. යහපාචනේට කොරන්න තිබ්බේ, ඕක තවකාලිකව හෝ නවත්තන එක නොව. අනේ චීනෝ පුළුවන්නම් තවත් එකක් හදපන් කියා චීනාට වඳින එකය.

රනිල් ලොක්කා ටයි කෝට් දාගෙන සුද්දා වගේ කෑවාට, සුද්දා කිඹුලා බනිස් කන්නවත් මෙහේ එන්නේ නැතිය. මොකෝ ආන්ඩු වෙනස් උන ගමන්, කරපු ඉන්වෙස්ට්මන්ට් මෙහේ දාලා ආයේ යන්න බැරි නිසාය. මේ ආන්ඩුව හාල්පාරු ආන්ඩුවක් කියා රටේ උන් දන්නවා නම්, පිර රට උන්ද එවා නොදැන් ඉන්න විදියක් නැත්තේය. ගිය ආන්ඩුවේ හොරා කාපු එක කේස් එකක්වත් අද වෙනකන් ඔප්පු කර ගන්න බැරි, අමු ගොබ්බ, ආන්ඩුවක් බව දැන් ඔප්පු වෙලා හමාරය. අළුතෙන් දාපු නීතිපතියා උන්නද මලාද නැතිය. FCID එකේ කේස් ඔක්කෝම නීතීපතියා ළඟ හිර වෙලාය. මනි ලොන්ඩරින් කලා කියා අත් අඩංගුවට ගත්ත උන් ගෙදර ගිහින් සරම උස්සා පුක පෙන්නනවාය.

අර කම්බා හොරු ටික ආයෙත් බලයට ඒදෝ කියනා සැකය අපට මෙන්ම සුද්දාටත් තියෙනවා ඇතිය. ඒකට කොරන්න තියෙන්නේ හොරු රජයේ සාක්කි කොර ගන්නා එක නොව, හොරා කාපු උන් මහ උළු ගෙදර යවා, දේපල රාජ සන්තක කොට,.ප්‍රජා අයිතිය අහෝසි කර දැමීමය. ඔය වගේ කේස් දෙක තුනක් කරන තෙක් ඉන්වෙස්ටර්ලා තියා සෙල්වෙස්ටර් ඉස්ටැලෝන්ලාවත් සෝ එකකටවත් මෙහේ එන්නේ නැතිය.

අපේ උන්ට හොරා කාපු උන්ට අල්ලන්න බැරි උනාට ජර්මනියේ මීඩීයා පොරවල් සෙට් එකක මූලිකත්වයෙන්, හොරා කාපු ළෝක හොරු සෙට් එකක්ම අල්ලලාය. එහේ මාද්දියවේදියෝ එහෙම උනාට, අපේ මාද්දියවේදියෝ ඉන්නේ හොරුන්ගෙන් කන්න බලාගෙනය. උන්ට තියෙන ළොකුම ප්‍රශ්නය හොරු ඇල්ලීම නොව, ටැක්ස් ගෙවන්නේ නැතිව මෝටර් බයිසිකොලයක් ගන්නා එකය. එහෙම බැලුවාම, පැනමා හොරුන්ගෙයි, අපේ කලටිපොල් හොරුන්ගෙයි, මාද්දියවේදියාගෙයි මහා ළොකු වෙනසකුත් ඇත්තේ නැතිය. උන්ගේ සමිති සමාගම් හැමදාම විසුරවලා දාන්නේත් හොරකම් නිසාමය.

දැන් ළෝකයම කතා වෙන්නේ පැනමා පේපර්ස් (Panama Papers) හෙවත් පැනමාවේ හොරා කෑම ගැනය. එහේ කොරලා තියෙන්නේ අක් වෙරළ සමාගම් හෙවත් ඕෆ්ෂෝ කොම්පැනිවලට (Offshore Companies) සපෝට් එක දුන්නා කියන මොසෑක් මහත්තයගෙයි ෆොන්සේකා මහත්තයගෙයි (Mossack & Fonseca)  කියන නීතී කොම්පැනිය මාර්ගයෙන් මනී ලොන්ඩරින් පාර දාන එක හෙවත් කළු සල්ලි සුදු කරනා එකය. අපේ උන්ට මනී ලොන්ඩරින්ග් අළුතෙන් හඳුන්වා දෙන්න ඕනා නැත්තේ, CSN කේස් එක නිසා, අපේ උන් ඒ ගැන හොඳින්ම දැනත් නිසාමය.

පැනමා පේපර්ස් (Panama Papers)  ගැන වැඩි විස්තර සඳහා මේ අකුරු උඩ කොටන්න...

අම්මට සිරි ලංකාවේ පින්බර ලක් පුතුන් ගැන පැනමාවෙන් තාම ආරංචියක් නැතත්, දැනට් පාලනයේ සිටිනා මෙන්ම, පාලනයෙන් විසි වූ එකාධිපති කෲර පාලකයන්ද ඇතුලුව, රාජ්‍ය නායකයින් 12 ක් මේ අතරේ ඉන්නා බව මාට්ටු වෙලා අහකය. ඒ අතර චීන ජනාධිපති සී ජින් පින්, යූක්‍රේන ජනපති ,ආජන්ටිනාවේ ජනපති, එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමරන්ගේ අප්පොච්චා මෙන්ම, පකිස්තාන් අගමැති නවාස් ෂරීෆ්ගේ ආදරනීය පුත්‍ර රත්නයන් හතරක්ද ඉන්නවාය.

මොවුන් අතරින් චෝදනා ඉදිරිපත් වූ අයිස්ලන්ත අගමැති මහත්මයා. චෝදනා ඔප්පු වීමටත් කලින් ජනතාවගේ බිත්තර හා කෙහෙල් ගෙඩි ප්‍රහාර සමග එල්ලවූ විරෝධය හමුවේ තම තනතුරෙන් ඉල්ලා අස්වෙලා ගෙදර ගියේය. ජනතාව ඉන් සෑහිමකට පත් වන්නේ නැතිය. උන් කියන්නේ හොරා කාපු එකා වගේම උගේ වටේ හිටිය එකෙක් අගමැති වෙනවාටත් උන් විරුද්ධ නිසා, වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයක් තියන්නෙයි කියලාය. කතා දෙකක් නැතිව අරුත් එක්ක හිටිය එකෙකුටවත් ආයේ පාර්ලිමේන්තුව පැත්ත පලාතේ එන්න වෙන්නේ නැතිය.

කරුමය කියන්නේ ඒ අයිස්ලන්තයේය. ඒකට මේ අම්මට සිරි ලංකාවේ හොරා කෑවා කිව්වාට අද වෙනකන් එකක්වත් ඔප්පු කර ගන්න බැරි වෙලාය. අල්ල ගත්ත උන් ගෙදර ගිහින් ආයේ පාරක් කන්නේ කොහොමද කියා ගේම් ගහනවාය. මාද්දියවේදියෝත් හොරකම් ගැන ඉන්වේස්ටිගේසොන් ජර්නලිසම් කොරනවා වෙනුවට, ඒවා කරන උන්ටත් කින්ඩිය දම දමා, ලැප් ටොප් එකයි, 50,000 මෝටර් බයිසිකොලෙයි, මාසෙකට සැරයක් හම්බ වෙන විස්කි ෂොට් එකයි බලාගෙන, කැමරා ටිකයි, මයික් ටිකයි, නෝට් පෑඩ් ටිකයි, උස්සාගෙන හොරු පස්සේ වන්දිබට්ට කමේ යනවාය. 

ජනතාව ඒ සේරෝටම වඩා හපන්ය. උන් ආයෙත් අර හොර සෙට් එකම ඉල්ලනවාය. පට්ටම ආතල් එක කියන්නේ, හොරා කාපු මහ එකා හයිඩ් පාක් පිට්ටනියට ඇවිල්ලා, පපුවට ගහගෙන, තොපි හොරා කන්න දන්නේ නැහ්නන් මට කන්න දීපීයෝ කියලා පපුවට ගහගෙන කෑ ගහනවාය.

ඒ ඔක්කෝම වෙන අතරේ කිසි අවුලක් නැතිව අපේ ලොක්කා කෙහෙල් කොලේ බත් කනවාය. ජී ඇල් පීරිස් ලොක්කා, දිනේස් ගොයියගෙයි, රජගෙදර රිලවාගෙයි ලණු කා, CID එකෙන් ඉල්ලාගෙන කනවාය. ලොක්කා කෙහෙල් කොලේ කෑවාට එයාගේ මල්ලි ටෙලිකොම් එක වවාගෙන කනවාය. හිටපු ලොක්කාටත් කෙල උනේ මල්ලිලා නිසාය. ඒ නිසා, මේ ලොක්කාත් ටෙලිකොම් එක ඉහගෙන කන මලයා ගැන පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳය. මොකෝ වැඩියෙන් කෑවාම, දිරවා ගන්න බැරුබ බඩේ අජීර්ණ වගේ ඒවා හැදෙන නිසාය. ඉස්මුරුත්තෙට ආවාම වමනේ කොරන්න වෙන නිසාය.

වමනේ කොලාම මෙන්ම, බඩේ අමාරු හැදිලා බඩ එලිය ගියාම, ගන්දස්සාරේ ඉන්න බැරිය. හරියට අයිස්ලන්තේ අගමැතිට උනා වගේය.

ඒ වගත් මෙසේය....

110 comments:

  1. Lumprice (Lamprais) වචනේ දැක්කාම මතක් වුනේ කොම්බිනේෂන් ප්‍රයිඩ් රයිස් යැයි නම් ලද කොන්ඩලීසා රයිස් නම් හිටපු ඇමරිකන් එ.ජ. රාජ්‍ය ලේකම්වරියයි.

    අපේ උං ගේ සල්ලි තියෙන්නේ ෂී ෂෙල්ස්වල නේද?

    ReplyDelete
    Replies
    1. මහින්ද ලොක්කා පැනමා පැත්තේ ගියේ නෑ නේද....?

      Delete
    2. පානම (Panama)පැත්තේ ආයා්ජනය කරන්න ගියා කියන්නේ

      Delete
    3. ඒවා ගැන මේ ආන්ඩුව නෝ කතා... රජ කාළේ ඉඳන් උන්න මිනිස්සු එලවලා ඉඩම් අත් පත් කර ගත්තේ....

      Delete
  2. ආ..ලංකාවෙත් කට්ටිය කේස් එකට මාට්‍ටු......

    තාම නම් ගම් හරියට එලියට ඇවිල්ලා නෑ.....

    ලංකාවේ පුද්ගල නාම 3 සමාගම 3 කුයි තියෙනවා....ශෙයාර් හොල්ඩර්ස්ලා 22 කුත් ඉන්නවා

    Tමොකක්ද මේ පැනමා පේපර්ස් කියන්නේ.....

    ReplyDelete
    Replies
    1. අපේ මොකෙකුටවත් උවමනාවක් නැතිව ඇති ඕවා හොයන්න.. නැහ්නන් ඉන්දියාවේ උනුයි පකිස්තානේ උනුයි වගේ අපේ දෙන්නා තුන් දෙනත් එලි වෙන්න එපාය...

      Delete
    2. නෑ මචං අපේ කට්ටිය මේ ගැන ඉන්කය්ර් කරලා තියෙන්වා....

      වැඩේ තියෙන්න මෙතැන තියෙන දත්ත ප්‍රමානය ගොඩක් විශාලයි.....2.5 ටෙට්‍රා බයිට්ස්.....මේක තමයි මේ වෙනකන් වෙච්චි විශාලම දත්ත හෙලිදර්ව්ව...ස්නෝඩන්ගේ ඒවාටත් වඩා විශාලයි...

      ජර්නලිස්ට් ලා 100 වැඩි ගානක් වැඩේ ගොඩ දා ගෙන යනවා..... එතකන් නම් ටික එන්න වෙලා යනවා..

      Delete
  3. යහ පාලනයෙන් වරායට දාපු අයියයි මල්ලියි හරි ශෝක් . වරාය නිල නිවාස ලස්ස ගනං වැය කොර ලොකු කොරනවාය. ඒ.සී., කොමොඩ් හයි කොරනවාය. මරාගේ හොරු ටික දැන් නියමෙට කඩේ යනවාය. මෙයාලා දන්න වරාය කලමනාකරනයක් නැත. රනිල්ට පයිත්තියංද මේ වගේ එවුන් තවත් තියාගෙන ඉන්නේ . හිටපු සභාපති වික්‍රම හොඳයි කියා මිනිස්සඑ කියන තැනට වරාය තල්ලු වීගෙන යයි. මෙහෙම ගියොත් හොරු ආපහු ආවත් කමක් නෑ. උන් වැඩක් කරයි කියා යහ පාලනය ගෙන ආ හුදී ජනයා තිරණය කොරන කාලය වැඩි අෑතක නොවේය !

    ReplyDelete
    Replies
    1. එයා මේ එක පාරක් ක්‍රිකට් වර්ල්ඩ් කප් එකක් දින්නා කියලා.... ළෝකෙම පාලණය කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න කෙනෙක් නේ.. එයා වරායට වඩ බලා ගන්නේ ක්‍රිකටුයි වෙන එකකුයි කියලා ඔය ගොසිප් සයිට් වල තියෙන්නේ... වැඩි කල් යන්න කලින් සභාපතියා සේවකයින්ගෙන් කන්නේ... හාබර් කෑම රහයිලූ නේ... ඊයෙත් ස්ට්‍රයික්...

      Delete
  4. අම්මට සිරි . පැනමාවලත් කළවැද්දො ඉන්නවද ?

    ReplyDelete
    Replies
    1. නැති තැනක් නෑ බලාගෙන ගියාම....

      Delete
    2. ///අම්මට සිරි . පැනමාවලත් කළවැද්දො ඉන්නවද ?///

      මුල ඔය පැත්තේ වෙන්ටැ...

      Delete
  5. බොරු කියන්නෙ මක්කටෙයි පැනමා පේපර්ස් මොන පාටද කියල දැනගත්තෙයි මයියගෙන් තමා..

    පැනමාව දිනේවා.. පුටින් බංගවේවා

    ReplyDelete
    Replies
    1. මාත් ඒකමයි පෝස්ට් එකේ ලින්ක් එකක් දැම්මේ.....

      Delete
    2. putinta බනින්නේ මක්ක කොලටද? උගේ නම වත් කොහෙවත් නැහැ. බටහිර මාජ්ජ කාරයන්ට හපන් මෙයාල. යාලුවෝ දාලානේ කරලා තියෙන්නේ. ලංකාවෙන් ඉගෙන ගෙන.

      Delete
  6. කෙලියා නේද එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමරන්ගේ අප්පොච්චා මෙන්ම, ලන්ඩන් අජියගේ නමත් තියනවද දන්නේ නැ ඔකේ. හරියට ඉංගිරිසි බාසාව දන්නා එකකුට කියලා හොයලා බලාපන් මාතලන්

    ReplyDelete
    Replies
    1. තාම හම්බ උනේ නෑ... උඹම පලපන්... උඹ හොඳට ඉන්ගිරිස් දන්නවා ඇති නේ...

      Delete
    2. අනිවාර්යයෙන්ම. නෙලුම් යයෙන් ගහ ගත්ත සල්ලි ටික. අනේ අපොයි.

      Delete
  7. බයියෙක් කිව්වලු පැනමා පේපර්ස් වලට සම්බන්ධ Mossack Fonseca සමාගම අයිති සරත් ෆොන්සේකා මහත්තයට කියල.

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද...? බෙංගමුවේ ආලවක කියලා තියෙන්නේ, යුද්ධය ඉවර කොළේ එයැයිය කියලා....

      Delete
  8. බදු ගැන:-

    බටහිර රටවල ආදායම් බදු හා රේගු බදු නොගෙවීම නිසා ලොකු ලොකු අය හිරේ ගියත් ලංකාවෙ අහුවුනත් වෙන්නේ දඩ මුදලක් සමග ගෙවා කේස් සෙට්ල් කර ගැනීමය.

    ජනතා ආකල්පත් වෙනස්ය. ඒ රටවල මහජනයා දන්නවා කවුරු හරි බදු නොගෙවීමෙන් වෙන්නේ ජනතා සුබසාධනයට ඇති රජයේ මුදල් අඩුවීම කියල. ඒ කියන්නේ ජනතාවට පාඩුවක් කියල.

    අපේ බදු ගැන තියන ආකල්පය බටහිර රටවලට වඩා වෙනස්,
    මෙහෙ අපි සේරම හිතන්නේ ආණ්ඩුවට යන සල්ලි නිසා ඒක මග හැරීම (අහු නොවී) හපන්කමක් කියල. මෙහෙ ආණ්ඩුවේ සල්ලි දේසපාලුවන් හොරකම් කිරීම හා නාස්තිය නිසා එසේ සිතීම ගැන පොඩි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගත හැකි වුනත් මහජන ක්‍රියාවලට යොදවන්නේත් බදු මුදල්.

    ලොකු මිනිසුන් සෘජු බදු පැහැර හැරීමෙන් පොඩි මිනිසුන්ට පැටවෙන ඉන්ඩිරෙක්ට් බදු (භාණ්ඩ හා සේවා මත ) අඩු කිරීමට නොහැකිවෙන එක ගැන පොඩි මිනිස්සු වැඩිය හිතන්නේ නෑ. ලංකාවෙ ආදායම් බදු හරියට ගෙවන්නේ PAYE ගෙවන වැටුප් ලබන්නන් පමණයි. ආදායම් වැඩි අය ආදායම් බදු නොගෙවීමෙන් ආණ්ඩුවට පමණක් නොව අපි හැමෝටම පාඩුවක් වෙන බව සාමාන්‍ය ජනතාවට හරියටම දැනෙන්නේ නෑ.

    පැනමා කොහොමවෙතත් පානම කැබිලිත්ත දේවාලෙ වගේ එකකින්වත් කිව්වොත් අපේ අයට තේරෙයි

    ReplyDelete
    Replies
    1. අපේ රටේ ළොකුම හොරකමේ වාර්ථා දෙකම තියෙන්නේ බදු සම්බන්ධ තැන් දෙකකට. එකක් ආදායම් බදු දෙපාර්තමේන්තුව, අනික කස්ටම් එක. ඒවයේ ඉන්න උනුත් කම්බා හොරු නම් තවත් කුමන කතාද...?

      පෞද්ගලික කොම්පැණි හොර එකවුන්ට්ස් හදලා ටැක්ස් වලින් ගැලවෙනවා. මම පෞදගලිකවම දන්න දෙයක් තමයි. සෙලින්කෝ එක නැති කලේ ලලිත් කොතලාවලටට ටැක්ස් වලින් ගහන හැටි කියලා ඒ වැඩේ කල එකා තමයි කියන එක. ඒ කාළකන්නියා එනකල් නියමාකාරයෙන් ටැක්ස් ගෙවපු ව්‍යාපාරිකයෙක් අද හිරබත් කනවා නිකරුනේ.. අර හොරු ගෙවල් වල ආතල් එකේ ඉන්නවා...

      වැටත් නියරත් ගොයම් කා නම්, කාට පවසම් ඒ අමාරුව.

      Delete
    2. @Pra : වත්කම් හෙලි නොකර සිටීමේ වරද පිලිගත්තාම රුපියල් 100ක් ගෙවල නිදහස් වෙන්න ඡන්දෙ ඉල්ලන්නම ඕනෙද? නැත්නම් ඕනම ව්‍යාපාරිකයෙකිට හැකියාවක් තියෙනවාද?

      Delete
  9. නියමයි මාතලන්

    ReplyDelete
    Replies
    1. මොකක්ද මචෝ.... හොරා කන එකද....?

      Delete
  10. //ගිය ආන්ඩුවේ හොරා කාපු එක කේස් එකක්වත් අද වෙනකන් ඔප්පු කර ගන්න බැරි, අමු ගොබ්බ, ආන්ඩුවක් බව දැන් ඔප්පු වෙලා හමාරය. අළුතෙන් දාපු නීතිපතියා උන්නද මලාද නැතිය. FCID එකේ කේස් ඔක්කෝම නීතීපතියා ළඟ හිර වෙලාය. මනි ලොන්ඩරින් කලා කියා අත් අඩංගුවට ගත්ත උන් ගෙදර ගිහින් සරම උස්සා පුක පෙන්නනවාය.//

    1977 ට පසු මේ දක්වා අල්ලපු හොරෙක් ඉන්නවද ?

    //කරුමය කියන්නේ ඒ අයිස්ලන්තයේය.//

    අපේ රටට කෙළවෙන්න එක ලොකු හේතුවක් උනේ පාර්ලිමෙන්තුවට නීතිඥයන් පත්වීමයි මේ නිසා නීතියේ විවිද හිලත්රින් තම සගයන්ට රින්ගිමටත්, මෙතෙක් හිල් නැති තැන්වල හිල්හදිමටත් හේතු වුනා.

    //මාද්දියවේදියෝත් හොරකම් ගැන ඉන්වේස්ටිගේසොන් ජර්නලිසම් කොරනවා වෙනුවට, ඒවා කරන උන්ටත් කින්ඩිය දම දමා, ලැප් ටොප් එකයි, 50,000 මෝටර් බයිසිකොලෙයි, මාසෙකට සැරයක් හම්බ වෙන විස්කි ෂොට් එකයි බලාගෙන, කැමරා ටිකයි, මයික් ටිකයි, නෝට් පෑඩ් ටිකයි, උස්සාගෙන හොරු පස්සේ වන්දිබට්ට කමේ යනවාය. //

    උබට මම පොඩි වැඩක් පෙන්වන්නම් මෙරටේ බිජ පනතට විරුද්ධ අදහස් ඉදිරිපත් කිරීමේදී https://www.youtube.com/watch?v=PvQV9xMZXY0
    ඉක්මනට බලපන් රන්ගිරි ගුවන්විදුලියත් සියත ගොවන් විදුලියත් තමයි මිට සහබාගි උනේ

    අනෙක් ඒවා පැත්ත පලාතෙවත් නෑ මොකද හේතුව කෘෂි සමාගම් වලින් ලැබෙන දැන්වීම් නැතිවෙනවා මේවා ප්‍රසිද්ධ කලොත්.

    අත්තටම අද තියෙන්නේ ජනමාද්යක් නෙමෙයි ජඩ මාද්යක්.

    ReplyDelete
    Replies
    1. පට්ට ජෝක් එක කියන්නේ.... අමු ජාතිවාදි, මහින්දවාදී චැනල් එකක් රටේ ජනතාවට දැලි පිහියෙන් කිරි කන හැටි කියලා දෙනවා... ඊට වඩා හොඳයි ඒකට නම දැම්මා නම්..

      දැලි පිහියෙන් ගූ කෑම කියලා....

      Delete
    2. ඒ මදිවට 'ඩිලීට්' ජයවීරයා ඒ සභාවේ ඉඳන් සිරසට හින්ට් ගහනවා.

      Delete
  11. ටෙරා බයිට්ම 2.5ක්, කජු ඇටද කොස් ඇටද.
    මගෙ පපුව හෝස් ගාල ගියා.

    ReplyDelete
    Replies
    1. බලාගෙන.... ගියපු ඒවා ආයේ ගන්න බෑ නේ අප්පා....

      Delete
  12. ලන්කාවේ හොරකම් කරපු කට්ටියව අල්ලන්නේ නැත්තේ අල්ලගන්නට බැරිවීම නිසාම පමනක් නොවේය තමන්ටද ලැබුනු අවස්තාවෙන් කියක් හෝ හොයගත යුතු බව ආණ්ඩුවේ ඉන්නා බහුතරයක් හිතන නිසාය. රනිල්ටද හොරකම් කරපු කට්ටියව පෙන්වමින් පමනක් සිටින්නට වෙලා තියෙන්නේ තමන්ගේ බලය රැක ගැනිමටය.

    ලන්කාවේ මිනිස්සුන්ටද අවශය වන්නේ දේශපාලකයින්වද රවට්ටමින් තමන්ට මොක්කහෝඅ කරගැනිමටය. එනිසා තමන්ටත් දෙයක් ලැබෙනවානම් මාධය සිටින මිනිසුන් ඇතුලු සියල්ලොම හැකි ඕනැම දෙයක් කරනවාය.

    මාතලන්වාගේ කිහිප දෙනෙකුට හොරු අල්ලන්නට අවශය වුනාට ලන්කවේ බහුතරයකට එලෙස අවශය නැත. ඔවුන්ටද අවශය කියක් හෝ හොය ගැනිමට පමණය.

    ලන්කාවට ණය අධාර දෙන කට්ටියද එවයින් කොටසක් හොරකන් කරනබව හොදටම දන්නවාය.

    [[මා මාතලන් මුදල් වලට ලියනබව සදහන් කර ඇතැයි යකගේ අඩවිය ලියන මධයස්ත මතධරියා ඔහුගේ බ්ලොග් 1කේ සටහනක ලියා ඇත. මා කිසිම විටක එවැනි දෙයක් පවසා නැති බවත් මා ලියන ලද comment 1කින් එලෙස හැගෙන්නේනම් එය නිවරදි විය යුතු බවත් මෙහි වැඩි දුරටත් සදහන් කරනවාය.]]

    ReplyDelete
    Replies
    1. සහතික කරන ලද සත්‍යය... අපේ උන් කැමති අපි වගේ උන්ට නෙමෙයි හොරුන්ට... සාමාන්‍ය හොරුන්ටත් නෙමෙයි... කම්බා හොරුන්ට...

      Delete
    2. මාතලන්වාගේ කිහිප දෙනෙකුට හොරු අල්ලන්නට අවශය වුනාට අහවල් එකේ බජට් කෝ කියලා ඇහුවම ඇපා කොගෙන් අහගනින් කියනවා

      Delete
    3. තව ටික දවසකින් ගෙදර බජට් එකත් ඉල්ලයි... ඔහේ ඒකට කියක් දීලද බජට් ඉල්ලන්නේ... එහම දීලා තියෙනවා නම් මේල් එකක් දාන්න, එතකොට දෙන්නම්...

      Delete
    4. 'දූෂණ විරෝධී පෙරමුණ සවිස්තරව ඉදිරිපත් කරලා මේල් එකක් දාන්න

      Delete
  13. ඔන්න බලහං මාතා පැනමා කේස් එකෙන් වුණත් ඇගබේරාගැනීමට අපේ ගොයියෝ ලංකාවේ කස්ටිය වීමේ වැදගත්කම.... මොකද මෙච්චර සල්ලි සුද්ද කොරලා පරිස්සමෙන් ජීවත් වෙන අපේ ගොයියෝ පැනමාවෙන් අයිස්ලන්තයෙන් නෙමෙයි ඒ රොප්පෙන් ආවත් ඇගබේරාගැනීමට දැන් ඕනවාටත් වැඩිය පෙර පුහුණුවීම් කොට හමාරය.... මටනං පේන විදිහට ආණ්ඩුව අවුරුදු දෙකකට කලින් ම අත්හැරීමත්, පොඩි එකෙක් ව දමා සල්ලි සුද්ද කිරීම ගැන අත්හදා බැලීමක් කිරීමත් සියල්ලට ම පසු මේ විස්තර ලීක් කිරීමත් අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා බං..... ෂුවර් එකට ම පොරම තමා මේක ලීක් කරපු එක පස්සෙත් ඉන්නේ... හා නෑ කියනවාද??????? මේවා කුමන්ත්‍රණ බං..... කුමන්ත්‍රණ....

    ReplyDelete
    Replies
    1. මහින්ද ආර්ථිකේ කොරන හැටි දන්නවා කියන්නේ, මේ වගේ ගේම් හොඳට දන්න නිසා තමයි... මහින්දගෙ කාළේ මේ රටේ ආර්ථිකයෙන් 50% කට වඩා තිබුනේ කළු සල්ලි.. ඉතින් ඒ ආර්ථිකය කඩාගෙන වැටුනාම හොල්මන්ද බේරේ පොල්කොල තමයි... මහින්ද හිටියා නම්.. මේක සිංගප්පූරුව කිරීම කෙසේ වෙතත්, තවත් සී ෂෙල්ස් එකක් හෝ පැනමාවක් කිරීමට නම් බොහෝ ඉඩ කඩ තිබුනා....

      Delete
  14. //අද රනිල් ලොක්කා පව් සමා කොර ගැනීම සඳහා චීනෙට යනවාය. යහපාචන ආන්ඩුව කාපු ළොකුම ඉල්ලාගෙන කෑම කෑවේ පෝට් සිටි එක නවත්තලාය. //

    ඔහෙත් ජනාදිපතිවරනෙට ඉස්සර හිටියේ ඔයි පෝට් සිටි නවතතපන් කියා කෑ ගැසූ ගමරාලලා එක්ක නෙවිද?

    අද සම්මන්ත්‍රන සාලාවෙ පැවැත්වෙන කෝටි තුනේ ගොන්පාලන උත්සවේට යනවැයි?

    ReplyDelete
    Replies
    1. ඇයි හදිසි වෙසක් ද!!!!! එතන පිනට කන්න {බොන්න} දෙන දන්සලක් ඇරලද මාතලන්ගෙන් අහන්නේ යනවද කියලා

      Delete
    2. ඔහේට පෙන්වන්න පුළුවන්ද පෝට් සිටි එකට විරුද්ධව මාතලන් කතා කරපු තැනක්... නිකං හිතලු මෙතන ලියන්න එපා ලොක්කා... උස්සවේ ගැන විවේචනේ පැරාගේ එකේ දැම්මා.... හැබයි එකක් තියෙනවා ඔහේලට මේවා කතා කරන්න අයිතියක් නෑ...

      Delete
    3. // ඔහේලට මේවා කතා කරන්න අයිතියක් නෑ... //

      නැති අයිතිය අතට අරන් තමයි අපි කතා කරන්නේ... ඇයි අවුල් ද?

      Delete
    4. නෑ අවුලක් නෑ උඹලයි පක්ෂේ උන්ට ලැජ්ජාවක් කියලා දෙයක් තියේය...

      ලැජ්ජාවක් තියේ නම් ආයේ හොරා කන්න ඉල්ලාවිය...

      Delete
    5. //නෑ අවුලක් නෑ උඹලයි පක්ෂේ උන්ට ලැජ්ජාවක් කියලා දෙයක් තියේය... //

      ලැජ්ජා නැති එකා චීනෙට ගියා වගේ?

      Delete
  15. මගේ සමීප ඥාතියෙක් වැඩ කරන්නේ ටෙලිකොම් එකේ. ඔහු ඇතුළු බහුතරය මරා සහ හිටපු සභාපතිගේ හොරා කෑමට විරුද්ධව එළිපිට වැඩ කරපු අය. නමුත් අද හිටපු උන් හොඳයි කියන තත්වයට ඔවුන් පත්වේගෙන යනවා. බොහෝ රාජ්‍ය මෙන්ම අර්ධ රාජ්‍ය ආයතනවල තත්වය මේකයි. මරා සහ රැලට ලොකුවට කැම්පේන් කරන්න අවශ්‍ය නෑ. මේ ආණ්ඩුවෙන්ම ඔවුන් මරාටත් වඩා අජූත රැලක් බව දිනෙන් දිනම ඔප්පු කරමින් යනවා.

    අපේ රටේ හොඳ දේශපාලකයෝ නැහැ. ඉන්නේ නරක අඩු සහ වැඩි උන් (නරක අඩු සහ වැඩි බව සාපේක්‍ෂ කාරණයක්). බහුතර මිනිස්සු හැමදාම කරන්නේ තමන්ට දැනෙන තරමින් නරක අඩු උන්ව තෝරන එක.

    යහපාලනයටත් ලංකාවටත් අබ සරණයි !

    ReplyDelete
    Replies
    1. අබ සරණ ඇර වෙන සරණක් නැත...

      Delete
    2. Ranil Hondayi eth moda kama thiyenawa . ekayi case eka. Moda kama nathnam rata palanaya kranna sudusuma pudgalya

      Delete
    3. යහපාලනට අබ සරණ නම්, අපිට මොන සරණද? මේ විදිහට වත් කතා කරන්න ඉඩ ලැබුනේ යහපාලනය නිසානේ?

      Delete
    4. කතා කර කර ඉමු....

      Delete
    5. @Ano //මේ විදිහට වත් කතා කරන්න ඉඩ ලැබුනේ යහපාලනය නිසානේ?// ඇත්ත. ඒ යහපාලනයම හත්පොලේ ගාගෙන නිදහස වල් බූරු විදියට පාවිච්චි කරනකොට වෙනසක් බලාපොරොත්තු වුන සාමාන්‍ය මිනිස්සු කළකිරෙන එක ස්වාභාවිකයි.

      Delete
  16. රාජපක්ෂ තමුන්ගේ පක්ෂයේ එවුනට නොදුන්නට රවී , වගේ යු එන් පී එවුනට දුන්නා කන්න. එක නිසා මහින්දට මොනවත් වෙන්නේ නැ . චන්දෙ දිනන්න කලින්ම මම කිව්වා. මාතලනුත් ඕක කිව්වා. ඔය ඔක්කොම රජ බයිලා ගහලා අපිව රවට්ටනවා .
    රනිල් කොහොමත් අසාර්ථක උද්දච්ච පාලකයෙක්. එකාව පුම්බන්න හුලන් ගහන එකත් අපරාදයක්. මාතලන් කියන්නාසේ අපිට ඇති දෙයක් නැ . හින්දුස්තාන් එවුන්ගෙන් නැතිව චීනාට ඉඩ දුන්නට කමක් නැ .නැත්නම් මේ නාරාවලෙන් ගොඩ ඒමක් නැ

    ReplyDelete
    Replies
    1. සුද්දෝ නම් එන්නේ නෑ.... චීනත් තරහා කර ගත්තා... ඉන්දියාව තමයි එකම පිහිට...

      Delete
  17. අයිස්ලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. හොරුන්ට තමයි ලංකාවේ උන් කැමති..

      Delete
  18. හොරු අල්ලන්නේ කොහොමද 'ජෝන්'බාස්ලාවත් මෙල්ල කරගන්න බැරි කොට?

    ReplyDelete
    Replies
    1. ජෝන් බාස් නම් චා වෙලා ඉන්නේ.... එහෙම තත්වයක් ඉස්සර තිබුනේ නෑ...

      Delete
  19. මමනම් දැන් මේව ලියන්නෙත් නෑ, කියවන්නෙත් නෑ. මීට හොඳයි අර උඹෙ ගමේ ආතල් ගැන ලිව්වනම්.

    ReplyDelete
    Replies
    1. ඇයි මාළු කතා වගේකුත් තියෙනවා නේ ලියන්නම් කියපු.?

      ඩේ ටු ඩේ ස්කැන්ඩල්ස් සීන්ස් දැන් එපා වෙලා බං.

      මොනවා වුනත් ලංකාව ගැන නම් කියනවා මට ඇහුනේ නැති වුනාට ඔය වගේ දේකට අපි වගේ කප් ගහපු රටක මිනිස්සු නැතිවෙන්න බෑ නෙව!

      Delete
    2. එවා මොන ආතල්ද බං... මේවා නේ ආතල්....

      Delete
  20. Replies
    1. ගොඩා..................................ක්

      Delete
  21. කෙහෙල් කොලේ බත් කනවද.... කෙහෙල් කොලේ කනවද....

    ReplyDelete
  22. මා තලන් පොන්නයා
    නහය තලන් කොර වෙලා මේ ලේ බොන මා පිලා
    සිරස බලන ගැඩවිලා
    රනිල්ට පුක දෙන රිලා
    අනේ පොන්න මාපිලා

    ReplyDelete
  23. ඉන්දියාව තමයි එකම පිහිට..??? onna onna ponnaya panna pitata

    ReplyDelete
  24. අපේ රටේ මිනිස්සු කොහොමත් සීනි බෝල කතා අහන්න කැමතිය.... අරක දෙන්නං මේක දෙන්නං කිව්වම ඡන්දය උන්ට පුදන්න කලියෙන් උන්ට මේවා කරන්න පුලුවන්දැයි විමසා බලන්න තරම් අපේ අය දැනුවත් නැත... හැමදාම වගේ වෙන්නේ මොකෙක් හරි රජ කරගෙන ඌ ආයෙත් පෙර එකා විදියටම පිස්සු කෙලින විට පාරට බැස පොලෝසියේ අවමබලය රස විඳීමය....

    ReplyDelete
    Replies
    1. සාපේක්ෂව මිනිස්සු බලන්නේ අඩුවෙන් හොරා කන උන්....

      Delete
  25. ...//ගිය ආන්ඩුවේ හොරා කාපු එක කේස් එකක්වත් අද වෙනකන් ඔප්පු කර ගන්න බැරි, අමු ගොබ්බ, ආන්ඩුවක් බව දැන් ඔප්පු වෙලා හමාරය//...

    මේ ආණ්ඩුව ලොකුවටම අනාගත්තේ ඔතන. ෂෝ එක දැම්මට ඕප්පු කර ගන්න බැරි වුනා. අනික සමහර හොරුත් මේකට පැන ගත්තනේ.

    ReplyDelete
    Replies
    1. හොරුත් එක්ක හෙළුවෙන්...

      Delete
  26. කියන්න තියෙන දේ ඕනාවටත් වඩා හොඳට කියල තියෙනව.ඒත් ඉතින් අපේ මී හරකුන්ට ඕව තේරෙන එකක්යැ.

    ReplyDelete
    Replies
    1. හරක්ට තේරෙනවා නම් ලක්ෂ 42 ක්ද කොහෙද ආයේ හොරෙක් ඉල්ලයිද....?

      Delete
  27. හෙහ් හෙහ් ඔය ටෙරා බයිට් ගාන ඔක්කොම පීරලා අපේ රැකෝඩ් එලියට එනකොට මොනවයින් මොනවා වෙයිද?

    ReplyDelete
    Replies
    1. මේකනේ විචා ළෝකේ ගේම් එක්ක බැලුවාම මේවා නිකං හූනූ පඩ වගේ...

      Delete
  28. ////David Cameron’s late father, Ian, ran an offshore fund, Blairmore Holdings Inc, that avoided ever having to pay tax in Britain by hiring a small army of Bahamas residents to sign its paperwork. The fund was founded in the early 1980s. It still exsits today, and has never paid a penny of tax in the UK on its profits. It has been registered with HM Revenue & Customs since its inception and has filed detailed tax returns every year.//////
    එංගලන්තේ ඉන්න එවුන් ගන්න පඩියෙන් හතර වටේ ටැක්ස් ගෙව්වාම අනාතයි. මේ බලපන් කැමරන්ලාගේ මැරිච්ච තාත්තාගේ වැඩ. කොහෙත් එකයි.

    අද සිරිලංකා පාර්ලිමේන්තුවේ වාසුදේව කියනවා, සිල් රෙදි බෙදපුවා ගැන හොයනවාට යොදන කාලයෙන් පැනමා පේපර්ස් ගැන හොයන්න යොදවන්නලු. පොර කියන්නේ මොනවද කියලා මොකෙකුටවත් තේරෙන්නේ නැහැ. Aru.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නෑ මුන් හොරු අල්ලයි කියලා... මොකෝ මුනුත් හොරකම් කරන්න ඇවිත් ඉන්නේ... ඊයේ සිරාගේ කතාවෙන් ඒක ඔප්පු වෙනවා...

      Delete
  29. දහපදුරා අපත්යෙක් වන මනුෂ නානායක්කාර වසලයාවත් නියෝජ්‍ය ඇමතියෙක් කරලා. සිරිසේන ගොයිය හිතාගෙන ඉන්නේ එයාට චන්දෙ දුන්නෙ ඔක්කොම මොලේ කළදක් නැති පොන්න බයියො කියල. මාතා කිව්ව වගේ මේක 'යහ පාචනයක්'. මුන්ට චන්දෙ දුන්න අපිට ගහන්න ඕනේ 'මඩු වල්ගෙන්' නෙවෙයි, 'ගොන් පයියකින්'. මුන් කවදාවත් එක හොරෙක්වත් ඇතුලට දන්නේ නෑ. Panama files වල මේ පට්ට හොරු හිටියත් උන්ට කිසි අවුලක් වෙන්නේ නෑ. රටට අබ සරනයි.

    ReplyDelete
    Replies
    1. මීට ම.රා.

      Delete
    2. නොවන් මෙවන් රටක් ළොවේ....

      Delete
  30. අපේ තෝරා බේරා ගත්ත කට්ටියකගේ නම් සෙට් එකක් මගේ හිතේ අවුරුදු පහු කරලම කියාවි.

    ReplyDelete
    Replies
    1. එතකොට පෙරහර ගිහින් පොලීසියත් ගිහින් නැට්ටුවොත් ගෙදර ගිහින්....

      Delete
  31. Menna aththa-- umbala danna redda thamayi

    http://off-guardian.org/2016/04/04/panama-papers-revealing-details-live-in-the-gaps-between-the-lines/

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ඇනෝ...... ලින්ක් එකේ ලිපියට වඩා ඒ තුල ඇති කමෙන්ට්ස් කියෙව්වා. ඒක වටිනවා. තවම සිද්ධිය හෙලිදරව්වී අවසන් නැති නිසා බලා ගෙන ඉමු.Aru

      Delete
    2. මේ වගේ මාධ්‍යවේදියෝ කොහෙත් ඉන්නවා.. අපේ රටේ ගොඩාක් ඉන්නවා... උන් හඳ පෙන්නුවාම, ඇඟිල්ල ගැන කතා කරන්නේ... මේවා කිව්වා කියලා සිද්ධිය බොරුවක් වෙන්නේ නෑ නේ... මේ ඇවිල්ලා හිතලු... සහ... ගොබ්බ සමාජවාදී මතවාද...

      Delete
    3. මම මයියාගේ පොස්ට් එකෙත් කිව්වේ ඒකමයි . මේක පුටින්ට යන ඇටැක් එකක්. මොකද එංගලන්තේ ගොඩක් මිනිස්සු යුරෝපා සංගමයෙන් එලියට යන් බලන් ඉන්නවා. ඒ අයගෙනුත් බහුතරයක් පත්තර මොනවා කිව්වත් පුටින්ට කැමතියි. අයිසිස් කාරයන්ට තදින් පහර දුන් නිසා කමරෝන්ට වැඩිය පුටින් ජනප්‍රියයි. මේ ලීක් එක පසු පස ඉන්නේ ඔබාමා මාම බව මගෙත් හැඟීමයි.
      No American citizens were named. No American companies were implicated. In espionage terms this is what they call a “limited hangout”: a vaguely worded and dishonestly presented partial truth, used to add credence to a backstory and increase the believability of the source.

      Delete
    4. පුටින් සමාජවාදියෙක් නෙමෙයි බන්. අර මගේ එර්දොගන් රාජපක්ෂ මහින්ද අමීර් පුටින් ලිපය කියවහන්. පුටින් ඒකාධිපතියෙක්. රුසියාව තවම කිසියම් මාෆියා එකෙකින් පාලනය වන්නේ. නමුත් පුටින් බටහිර එන්න එන්නම ජනප්‍රියයි. ඕක ප්‍රශ්නයක්.

      Delete
    5. කව්ද බං පුටින් සමාජවාදියෙක් කිව්වේ... මම කිව්වේ ඔය පෝස්ට් එක ලියපු එකා ගැන ...

      කොහොම හරි අපේ උන් මහින්ද ඉල්ලන එක එච්චරම අවුල් කේස් එකකුත් නෙමෙයි බලාගෙන ගියාම... මොකෝ උඹලා පුටින් ඉල්ලනවා.. ඇමරිකාව ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලනවා....

      Delete
    6. ඕක තමයි බන් කේස් එක. ට්‍රමෝ දිනුවොත් තකට තක පුටින් එක්ක. ලෝකය ඉතා සොඳුරු සාමයෙන් පිරි අර මොකක්ද එක වගේ වෙයි. මුන් වෙන ග්‍රහලෝකයක් හොයා ගන්නේ නැත්ද අපට යන්න.

      Delete
  32. තෑන්ක්ස් ඇනෝ...... ලින්ක් එකේ ලිපියට වඩා ඒ තුල ඇති කමෙන්ට්ස් කියෙව්වා. ඒක වටිනවා. තවම සිද්ධිය හෙලිදරව්වී අවසන් නැති නිසා බලා ගෙන ඉමු.Aru

    ReplyDelete
  33. රනිල් ගොනා. අපි ඕක කියන්නේ ගොඩාක් කල් ඉඳන්. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. Things were real busy at Sirikotha last few days with Ranil Wickremesinghe taking kowtowing classes ahead of his visit to China to beg for money, loans and investments — after abusing them in public and referring to them as "cheena hinganno" (Chinese beggars). Apparently Ranil is getting better and better at swallowing his pride, putting on a fake smile and getting on his knees for the sake of money.

      In Imperial Chinese protocol, the kowtow was performed before the Emperor of China. In the most solemn of ceremonies, the Emperor's subjects would undertake the ceremony of the "three kneelings and nine kowtows", the so-called grand kowtow, which involves kneeling from a standing position three times, and each time, performing the kowtow three times while kneeling.

      After running a massive hate campaign to stop the Colombo Port City project, Ranil is now saying that "The Port City will become a special financial and business district of Sri Lanka which will have its own laws." He goes onto state that a separate financial and legal system will operate in the Port City (http://goo.gl/095Elq)

      Ammatasiri. Ohoma yang yahapalanaya.

      Delete
    2. මේකම නේද මම පෝස්ට් එකේ මුලින්ම ලියලා තියෙන්නේ....

      ඒක ගොන් කමට කල දෙයක් නෙමෙයි කට්ට කමට කරපු ගොන් වැඩක්...

      Delete
  34. බටහිර රටවල් අපිට උදව් කරන්න කැමති නිසා බයවෙන්න දෙයක් නෑ. චීනගෙ පුක ලොවන බය්යන්ට හොදටම රිදෙයි. බටහිර රටවල අගේ දන්නෙ එහෙ ජීවත් වෙච්ච උන් විතරයි. සුද්ද එනකොට ඇදුමක් මහගන්න බැරි ජාතියක් සිංහලයො කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇඳුම් මහන්න නෙමෙයි බං... අඳින්නවත් ඇඳුමක් නැති ජාතියක්....

      Delete
  35. මේ දවස් වල වෙලාවක් නෑ හලෝ පැනමා තියා පානම යන්නවත්

    ReplyDelete
  36. මෙම රජය පත්කර ඇත්තේ බටහිරයන්ගේ සහ ඉන්දීය ඔත්තු සේවාවල අවශ්‍යතා ඉටුකරගැනීමටයි. ඔවුන්ගේ එක අවශ්‍ය තාවයක් වන්නේ දෙමළ ජාතිවාදට හිතකර ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවක් සකස්කර සිංහලත්වයට මෙරට හිමිතැන අහිමි කිරීමයි. වෙන වැඩක් නැතිවාක් මෙන් නව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවක් සාදා ගැනීමට රජය උනන්දු වන්නේ එම නිසයි. එය මේ රජය පිටුපස සිටින බලවේගවල ප්‍ර‍ධාන අවශ්‍ය තාවක්. නමුත් නමුත් මේ රජය පවත්වා ගැනීමට බටහිර ආධාර ලැබෙන්නේ නෑ. අවසානයේ රනිල්ට චීනය පසුපස ගොස් හිඟා කෑමට සිදුවෙලා.
    ආණ්ඩුක්‍ර‍ ව්‍යවස්ථා සංශෝධනය සැහැල්ලුවට නොගත යුතුයි. වසර 44ක් තිස්සේ බුදුදහමට ප්‍ර‍ුඛත්වය දෙන බව ආන්ඩුක්‍ර‍ ව්‍යවස්ථාවේ තිබියදීත් සිංහල බෞද්ධයන් එම වගන්තිය අවභාවිතා කලේ නෑ. නමුත් දෙමළාගෙන් එවැනි සදාචාරයක් බලා පොරොත්තු විය නොහැකියි. එමනිසා ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව වෙනස් කිරීම ගැන සිංහලයන් සැලකිලිමත් විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. එච්චර බිසිද මචෝආන්ඩුවට ඕන වෙලා තියෙන්නෙත් උඹ වගේ ගොන් හරක්ට ඕක පෙන්නලා රටේ දැවෙන ප්‍රශ්ණ අමතක කොරන්න...

      Delete
    2. මූට දෙමළෙක් ගෙන් මොකක්ද වෙලා මාතො...
      ඔය ඒ සිද්ධියේ සයිඩ් ඉෆෙක්ට්ස් ...
      ගණන් ගන්න එපා...

      Delete
  37. තව පොඩ්ඩක් පරක්කු වෙලා ඕක එලිඋනානං අර ටෙලිකොම් සිරිසේනයාගෙ නමත් ඕකෙ වැටෙයි හිටං.

    ReplyDelete
    Replies
    1. අනිවා... ඊයේ දැක්කා නේද උත්සව වියදම ගැන දුන්න ටෝක් එක...

      Delete
  38. මට මේකට මාතලන් තරහ නැතුව උත්තරයක් දීපන්. ටිකක් දිගට ඕන. කියපන් හිටංගෙ තැන උඹ හිටියනං උඹ රට කරන්නෙ කොහොමද? ඒත් එක්කම එදා මහින්දගෙ තැන හිටියනන් රට කරන්නෙ කොහොමද රටේ බෝම්බ පුපුරපු කාලෙ? මේවට උත්තර් දීපන්කො උඹ එහෙම වෙනවට කියනව නෙමේ උඹ චන්දෙ ඉල්ලුවොත් කවුරුත් චන්දෙ දෙන්නෙ නෑ. මේ රටේ මිනිස්සුන්ට මොලයක් නෑ උඹ වගේ එකෙක්ට චන්දෙ දෙන්න. කමක් නෑ අහපු ප්‍රශ්න දෙකට උත්තර දීපන්කො මචන්.

    ReplyDelete
    Replies
    1. කවුරුත් දෙන්නේ නෑ කියන්නේ මචෝ... මහින්දගෙන් ඉල්ලුවොත් ඇර අපේ හාමිනාගේ ඡන්දෙවත් මට නෑ....

      Delete
  39. අඩෝ මිස්ටර් මාතලන්. උබ කියන්ට ඕනි ටිකයි කොමෙන්ට් කොරන්ට ඕනි ටිකයි ඔක්කොම ලියලනේ. ඔය රහත් උන ගණයට බැරි වෙයිද අප්ප හිරුනිකාගේ ඩිෆෙන්ඩර් එකක් වත් යවන්ට. මේ ඔක්කොම මයිත්‍රී ඉල්ලගෙන කන්නෙ. ඌට කොන්දක් නෑ ජනාදිපතියෙක් විදිහට හැසිරෙන්ට හිටන්..!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය එහෙම කියනවා...

      Delete
  40. දැන්නම් බන් මාතේ, මම යහපාලනෙන් විතද්‍රව් උනා. අර මහින්දයට කඩේ ගිය මනුශයටත් ඇමතිකමක් ලැබුණ. තව මගේ එක වසරෙ ඉඳල හිටිය තිසර ගුණසිංහ (නන්ද ගුණසිංහගේ පුතා), හිටපු කථා නායක කඩේ ගිහින් මහින්දට ගාල්ලේ බර්ගර් දන්සල් දීල, උගේමා තාත්තගේ දානේ ඉවරවෙලා මර්වින් සිල්වගෙ පුතාල එක්ක උණවටුනේ පාර්ටි දාල කලිසමක් දාගෙන ඇවිත් මෛත්රිගෙන් මොකක්ද එකකුත් ගත්ත ටෙලිවිසෝන් එකෙන්ම දැක්ක. හය්යෝ සල්ලි ඔයි මිස්ටර් මාතලන්. අනාගතය අදයි හිටන්..!!

    ReplyDelete
  41. Maathalan lokkaa

    It's useless to talk about "stupidity" and the craziness of Srilankan People.
    That's the natural... I guess.

    So much of hopes....and promises. ...
    All gone for a six....

    I really appreciate your topics and the explanations. Bcs people like us live far away from SriLanka and looking forward to hear true "News & Views".
    So....
    This is the best source for that, rather than reading "Gossip News" online or reading Srilankan "Gobba News papers".

    Thank you again....

    ==Adrian Channa from Toronto===

    ReplyDelete
  42. //හොරා කාපු මහ එකා හයිඩ් පාක් පිට්ටනියට ඇවිල්ලා, පපුවට ගහගෙන, තොපි හොරා කන්න දන්නේ නැහ්නන් මට කන්න දීපීයෝ කියලා පපුවට ගහගෙන කෑ ගහනවාය//
    ------හිටපු එවුන් හොරා කනවා වැඩි නිසාත් , උන්ගේ වටේ කැරකී කැරකී උන්ට බුර බුර චෑන්ස් එක එනකම් හාමතේ හිටපු එවුන් රොත්තට අරුන්ව එල්වන්න්න පුළුවන් වුනාට තාම උන් වාගේ කන්න බෑ...හත්පොලේම ගෑවෙනවා...
    තව ටිකක් බලමු. ඉක්මනට ඉගෙනගනීවී.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න