.

.

May 5, 2016

කෞමාර කාමය හා රථ ගාය (බාලාපරාධිකාරි ආන්ඩූ) - Mad Max & Govt. with Pedophilia


 
මාතලන්ගේ පවුලේ උන් සෙට් වී වෙසක් මාසෙට පොඩි පින්කමක් කොරනවාය. ප්‍රධානත්වය දරන ධානපති විශාකා නැන්දා උපාසිකාව කිව්වේ, මේ සැරේ ඒ සල්ලි ටික කැන්සර් හොස්පිටල් එකේ, ඉස්කෑන් යනතරේ ගන්න පූජා කරමු කියාය. වාසනාවකට මෙන් මාතලන්ගේ සහායට අප පවුලේ බාර් ඇසෝසේසොන් එකේ සේනාවෝද, මහින්දට පෙම් කරනා බවලත් උපාසිකාවෝද වූ බැවින්, යාන්තම ඒ වැඩේ නවත්වා, පුරුදු පින්කමම කිරීමට අවසානයේ සියල්ලෝ එකඟ වූහ.

දැන් මාස ගානක් තිස්සේ ටී වී වල මෙන්ම පත්තර වලද මහරගම පිලිකා රෝහලට "පෙට් ඉස්කෑන් යන්තරයක්" ගන්න සම්මාදම් වෙන්නෙයි කියා ඇඩ් එකක් යනවාය. මාතලන් අහන්නේ මහ එකාගේ පටන් ඔය පාර්ලිමේන්තුවේ ඉන්නා අපේ සල්ලි වලින් පිනට කන කාලකන්නින්ගෙන් කී දෙනෙක් ඕකට කීයක් හරි දුන්නාද කියලාය. මුන්ගේ දවල් කෑම කැන්ටිමෙන් නොකා, මාසයක් ගෙදරින් ගෙනත් කෑවා නම් ඔය මුදල මාසයෙන් සොයා ගන්න පුළුවන්ය. එතකොට කෝටී ගනන් ලාභ ලැබුවා කියා ෆයිනල් එකවුන්ට් පත්තරෙන් පබිලිස් කොරනා බැංකු වලින් ඕකට කීයක් සම්මාදම් කලාද? අන්තීමට ආන්ඩුව කරන්න ඕනා වැඩ කරන්න වෙලා තියෙන්නේත් අපි වාගේ හිඟන්නන්ටය.

පීඩපයිල් කාරයෝ හෙවත් බාල අපරාධකාරයෝ කියන්නේ, සෙක්ස් කිරිමේල් කාරයන්ගෙන් බයානකම හා දුර්වලම සෙට් එකක්ය. උන්ගේ ටාගට් එක මහ උන් නොව, හයක් හතරක් නොතේරෙන, ශක්තියෙන් දුර්වල, පහසුවෙන් ගොඳුරු කර ගත හැකි කුඩා දරුවන්ය. ඇත්තටම උන් ලිංගික දුබලයෝය. එහෙම බැලුවාම මහ ළොකු ආර්ථික උස්තාද්ලා ඉන්නවා කිව්වාට, උන් ඔක්කෝම පීඩපයිල් මානසිකත්වයෙන් යුත් පාළකයන්ය, ඇමතිවරුය, නිළධාරීන්ය, උගත්තුය, ආචාර්යවරුය, මහාචාර්යවරුය. මහ උන්ගෙන් ලේසියෙන් ගන්න පුළුවන් ප්‍රාග්ධන බද්ද පැත්තක තියෙද්දි, හිඟන්නාටත් කෙලවෙන වැට් එකට ගේම දෙන්නේ ඒ නිසාය.

ඔය වැට් එක ගැන මක්කා කොලත් අපූරු කතාවක් මැයි දිනයේදි කිව්වේ, රජගෙදර රිලවා මහතාය. උන්නැහේ කිව්වේ කැබිනට් එකේ වැට් එක ගන කතා වෙන වෙලාවේ ලොක්කා හිතන්න ඇත්තේ වැට් 69 විස්කි එක වැඩි කරන්න යනවා වෙන්න ඇති කියලාය. ඇත්තටම සුරාව පෙන්නන්න බැරි ලොක්කා හිතන්න ඇත්තේ එහෙමය. ඒත් වෙන්න යන්නේ මක්කද කියා උන්නැහේ හරියට දැන් ගෙන ඇත්තේ පත්තරෙන්ය. අපරාදේ කියන්නේ, හදිසියේ මේ රට වෙන රටකින් යටත් කොර ගත්තත් එතුමා දැන ගන්නේ පත්තරයෙන්ය. එහෙම පත්තරෙන් දැකලා පොලොන්නරුවේදි සිරා ටෝක් එකක් දුන්නේ, ජනතාව පීඩාවට පත් කොරන ටැස් ගහන්න දෙන්නේ නෑ හිටං කියලාය. එහෙම ටැස් ගහන උන්ට මඩු වලිගෙන් ගහලා, ගෙදර යවනවා හිටං කියලා කිව්වේ පට්ට චියර් එකකුත් එක්කමය.

හැබයි ඉතින්, නම් කොරන ලද බඩු භාන්ඩ කීපෙකට හැර, පුක නැති වෙන්නම වැට් එක ගහලාය. පාන් ගෙඩිය එහෙමම තිබුනාට, අනිත් බේකරි ප්‍රොඩක්ට් අඩුම ගානේ සුපියල් පහකින් ඉහල දාලාය. හෝටල් කාරයෝත් උන්ගේ දහජරාව වැඩි කොරලාය. නිකං වයි පයි දෙනවා කියපු උන්, හයි පයි උන්ට ගහන්න ඕන ඒවා ඒකටත් ගහලාය. දැන් ඉතින් අපිට වෙන්නේ හරීන්ගේ ගූ ගල් බැලුබ් එක එනකන් බලාගෙන ඉන්නය. ලොක්කා තාම පත්තරේ කියවලා නැති හැඩය.

රනිල් ලොක්කා අපිට කිව්වේ ටික කාලෙකට තිත්ත බෙහෙත් බොන්න වෙනවා කියලාය. ඒක එයා අළුතෙන් කියන්න ඕනා නැතිය. එයාලාගේ රථ ගායට, නිදහස ලබපු දා පටන් තිත්ත බෙහෙත් බොන්නේ අපිය. ඉතින් කවදාවත් එයාලාගේ රථ ගාය සනීප වෙන්නේත් නැතිය. අපි බොන බෙහෙත් එයාලත් බොනවා නම්, අනේ හරි පව් නේද අප්පා කියා ඉවසාගෙනවත් ඉන්න පුළුවන්ය. ඒත් කරුමේ කියන්නේ අපිට තිත්ත බෙහෙත් දීලා එයාලා වැට් 69 ගහනා එකය.

ඊයේ පරිපූරක ඇස්තමේන්තුවක්ද මොකක්ද පුකක් උස්සගෙන එන්නේ අගමැතිට තව වාහන දෙකක් ගන්න කියලාය. තා එකක් අගමැති ආරක්ෂක සේවයේ වෙල් විදානේ උන්නැහේටය. රනිල් බේර ගන්නවාට, වෙල් විදානේ උන්නැහේට ලක්ෂ 300 යේ බැරිනම් 700 යේ එකක් දුන්නත් අපිට අවුලක් නැතිය. හැබයි ඒ එයාගේ අම්මගේ අප්පගෙ බූදලෙන් දෙනවානම්ය. එයිටාමතරව ටැක් ෆ්‍රී වැහිකොල් එක විකුණාගෙන කන නිසා, පක්ෂ විපක්ෂ ඔක්කෝම සන්තෝසෙන් තියන්න තවත්, පෝර්මිට් එකකුත් දෙනවාය. නිලියන්ගේ බිල්ඩින් වලට කී මනී දෙන්නේ අවුරුදු 5 කටය. මේවා ළොවෙත් නැති සීන්ය. ආන්ඩුවේ කිසිම වියදමක් උන් අඩු කරන්නේ නැතිය.

මේකට ආන්ඩුව කියන්නේ රාජපස්ස ටැස් එක කියලාය. ඒ කියන්නේ රාජපස්ස ගත්ත ණය ගෙවන්න වෙලා තියෙන්න අපි වාගේ හාල්පාරුවන්ටය. ඉස්සර ගමේ චන්ඩිත්, හෝටලෙන් කාල බිල ගෙවන්න කියන්නේ කන්න ආපු අනිත් උන්ටය. මේකත් එහෙම ගේමක්ය. යකෝ, රාජපස්සලා කාපු ඒවාට අපි පලි නැතිය. තොපි ඔතනට යැව්වේ ඒ රෙජිමේ උන් මුළු රටම කාලා දාන්න යන නිසා, ඒක නවත්තන කියලාය. එහෙම යවපු තොපි, උන් කාපු ඒවා හොයන්නේ නැතිව, උන් රෙද්ද අස්සේ දාගෙන, උන් එක්ක හැමිනි හැමිනි, කාලා නවත්තපු තැන ඉඳන් කිසි අවුලක් නැතිව කාගෙන යනවා නම්, රාජපස්සලාට දීපූ ගේම තොපිටත් දෙන්න දෙසරයක් හිතන්නේ නැතෙයි කියා ලිවිල්ල නවත්වා දමනවාය.

(තෝ, තොපි, තෙපි යන වදන හින්ගල භාෂාවේ සිලබස් එකේ තිබී ඉගෙන ගත් ඒවාය. ඒවායේ වටිනා කම තේරෙන්නේ දැන්ය.)

________________________________


රථ ගාය
******

උන්ගේ රථ ගායට,
තිත්ත බේත් අපිට,

පෙරලියව් තොපෙ ඔළුවලටත්
පොල් පරාල...

-x-

94 comments:

  1. පහු ගිය අවුරුද්දේ රෙපයාර් කරපු ඒවායේ බිල් ඊයේ ලැබුනාය. ඒවටත් ගහලායාය. පොඩි එකා ඉස්පෙසලිස්ට්ට පෙන්නීමට ගියාය. ඒකටත් කෙලලාය.. වදින වදින දේවාලේට කෙලලාය. පත්තරෙත් වැඩි වනු ඇත. ලොක්කා ඒකත් පත්තරෙන්ම දැනගත්තාම ඇතිය.. හැක්..

    බාර් ඇසෝසියේසන් කිව්වේ උමල විජේදාස රාජපක්සලගේ එකේද ඉන්නේ.. හැක් හැක්..

    මං කරන දේ
    ආණ්ඩුව
    මට කරනවා - (පින්තුරෙට) හැක්

    ReplyDelete
    Replies
    1. විජේදාස රාජපසා කීවේ අරා මාහා පරාග්නයාද මොකාද එකා වෙන්ඩෑ හිටං

      Delete
    2. වෙවත් වාහනද....

      ඔන්න ඒකට මිඩ්ලීස්ට් වල වාහන...

      බොරු නං තම්බින්ගෙ කාර් එළවපු ඩැයිවර් කෙනෙක්ගෙන් අහපල්ල...

      Delete
  2. රාජ පස්ස හොරකම් කෙරුවයි කියපු ඩොලර් බිලියනය කෝ ?

    ReplyDelete
    Replies
    1. ඩොලර් බිලියන් 18 කියලා නේද කිවුවේ?

      Delete
    2. තාම හොයනවා.... තා සෑහෙන කාළයක් යයි... හැබ්යි ඉතින් උන්නැහේ ආයේ ආවොත් නම්.. මෙයාලගේ ඇට දෙකත් හොයා ගන්න නම් හම්බ වෙන්නේ නෑ... වෙල් විදානේ ගැන හිතා ගන්නත් බෑ...

      Delete
    3. එතකොට අර ෆයිල් පෙන්නුවේ බොරැවටද? නැත්තන් අංජනන් බලලද හොරා කාපුවා ගැන කිව්වෙ?

      Delete
  3. ඔන්න ඔයි වගේ පැරඩි විරෝදතා ඉස්සරාට අරගෙන කෝමහරි ආන්ඩුව රැකගමු නේද මෙයා?

    ReplyDelete
    Replies
    1. ඒකා රැක ගන්න දෙයක් නෑ... ඒක කොහොමත් අවුරුදුදක් දෙකක් යනකන්වත් හොල්ලන්න වෙන්නේ නෑ... හෙල්ලුවොත් ඇටත් හොයා ගන්න වෙන්නේ නැති නිසා...

      ඔහේලට තියෙන්නේ "පවුල රැකේ" නම් ඕන දෙයක් කේස් එකක් නේ... ඕකටත් වයිද්ද විජ්ජාවේ නමක් තියෙනවා... ඔහේට මම කියලා දෙන්න ඕන නෑ නේ...

      Delete
    2. හුකෑස් මාතේ සාරසයාගේ පුක පැලුවා වගේ පට්ටයි උත්තරේ.

      Delete
    3. Ela ela Mathalan!!! Sarasa... the poor soul hikis...

      Delete
    4. මරා රජකරනවනම් තමන්ගේ ගෑණූ දරුවෝ උනත් මරාට දෙන්න සූදානම් අමන සෙට් එකක් තවම ඉන්නවා. අපිටනම් ඔය කෝකත් එකයි

      Delete
    5. //
      AnonymousMay 5, 2016 at 10:50 PM
      හුකෑස් මාතේ සාරසයාගේ පුක පැලුවා වගේ පට්ටයි උත්තරේ.


      AnonymousMay 6, 2016 at 1:25 AM
      Ela ela Mathalan!!! Sarasa... the poor soul hikis...


      AnonymousMay 6, 2016 at 2:39 AM
      මරා රජකරනවනම් තමන්ගේ ගෑණූ දරුවෝ උනත් මරාට දෙන්න සූදානම් අමන සෙට් එකක් තවම ඉන්නවා. අපිටනම් ඔය කෝකත් එකයි //

      :D

      Delete
    6. සරස .....ඔය විදිහට උත්තර දීලා කොහොමද කිරුළ පන කරගන්නේ...

      Delete
    7. අන්තිම කාලේ වෙනකොට මරා ඇතුලු පවුලේ සාමාජිකයෝ රට වැසියන්ගේ පුක පලන්න හදනකොටත් සරසලා ඔහොම හිනාවීගෙන මරාට පුක දීගෙන හිටියා

      Delete
    8. // සරස .....ඔය විදිහට උත්තර දීලා කොහොමද කිරුළ පන කරගන්නේ... //

      ස ර ස තුමාට සිල්ඩෙනෆිල් වත් බොන්න වේවි නේද අරූ තුමෝ?

      Delete
    9. // AnonymousMay 6, 2016 at 7:31 AM
      අන්තිම කාලේ වෙනකොට මරා ඇතුලු පවුලේ සාමාජිකයෝ රට වැසියන්ගේ පුක පලන්න හදනකොටත් සරසලා ඔහොම හිනාවීගෙන මරාට පුක දීගෙන හිටියා //

      මේ කතා ව නම් කීවේ පස්චාත් නූතනවාදී ඇනෝ තුමෙක්...

      නූතන ලන්කාවේ පස්චාත්බාගයට ලබුනු අපමන අගය නිසා ඒගොල්ලෝඅ අනුන් ගේ පස්චාත් බාග ගැනම නේ කතාව!

      Delete
    10. //මේ කතා ව නම් කීවේ පස්චාත් නූතනවාදී ඇනෝ තුමෙක්//...

      සරසෝ
      මේ හැම එකෙක්ම කරන්නේ පශ්චාත් භාගයයට කෙලින්න හදන එක තමයි. කරුමේ කියන්නේ උඹ තවත් පුක දීගෙන ඉන්නවා මිසක පුක බේර ගන්න හදන්නේම නෑනේ

      Delete
    11. /////ස ර ස තුමාට සිල්ඩෙනෆිල් වත් බොන්න වේවි නේද අරූ තුමෝ?//////

      සරසට දැන්මම ඒවා ඕන වෙන් නැහැ. ලොක්කට ,දිනේශ්ට කොහොමද දන්නෑ. අහලා බලන්න.

      Delete
  4. //පෙරලියව් තොපෙ ඔළුවලටත් පොල් පරාල...// එකෙන්ම. පරාල විතරක් නෙමේ මුන්ගෙ නම් ඔලුවලට පාර්ලිමේන්තුවේ වහල කඩාගෙන වැටුනත් මදි හිටං. සුමිත් මහත්තයට ෆොනීට දුන්න ඒවාට රිටර්න් එක හම්බ උනා කියලා තමයි ඔපිස් එකේ ඈයෝ කියන්නේ.

    ReplyDelete
    Replies
    1. පව් පින් කෙසේ වෙතත්.. ඇවර් ඇක්සොන් හෑස් ඒ රියැස්සොන් කියලා ගින්ගලෙන් කියන්නේ ඒකනේ....

      මහින්දලා කන්නෙත් ඒවම තමයි... ඒක ඕහෙටයි මටත් පොදුයි...

      Delete
  5. ..//අන්තීමට ආන්ඩුව කරන්න ඕනා වැඩ කරන්න වෙලා තියෙන්නේත් අපි වාගේ හිඟන්නන්ටය//..

    ++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. පැනඩෝල් ඇස්පිරින් එකෙන් පටම් අරගෙන දැන් ඉස්කෑන් යනතරේ ගන්නත් ඕන අපි.. තා ටික දවසකින් දොස්තරලගේ පවුල් නඩත්තුවත් අපිට දෙයි...

      Delete
  6. පොල් පරාල පෙරළිලාද පෙරළලාද??

    ReplyDelete
    Replies
    1. ඒවා නම් කියන්න දන්නේ නෑ... මරණේ ගෙදරට ගේන්නත් කලින් පොර එතන...

      Delete
  7. Dont wory Mithri drop vat soon. I dont know what do ranil. But Mithri no reponsible to VAT. He dont know about VAT go high. Sure Mithi no like to high go VAT. So my idea is Mithi think and do VAT down soon. That real yahapalanaya we see. If Mahinda stay he put VAT high too.

    ReplyDelete
  8. පෙට් ස්කෑන් යන්ත්‍රයක් ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් පමණ වේ. MI 17 හෙලිකොප්ටරයක් ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක් පමණ වේ (ගුවන් හමුදාව සතුව මේවා ඇත). මූල්‍ය දූෂණය නිසා ලංකාවට වසරකට අහිමි වන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1900 කට අඩු නැත (හැම වසරක් පාසා. සංක්‍යාව හරියට ටයිප් කර ඇත). බලාපල්ලා පෙට්‌ යන්ත්රයෙනුත් මේ කාලකන්නි ටික හොරකන් කරන හැටි.

    ReplyDelete
    Replies
    1. ඉතිරි වෙලා තියෙන ටික කන්න තමයි ක්‍රමයක් හොයන්නේ....

      Delete
  9. අල බහිනකං ඉන්න පුළුවං.. තැම්බෙනකන් ඉන්න බැරි හැටියක්..??

    දූෂණ කාලය පැමිනේවි
    තද පිළිකුල් වැඩ සිදුවේවි
    හොරු සමඟ හෙළුවෙන් පිනුම් ගසාවි
    එහෙත්..
    යහපාලනය එනවා සත්තයි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //දූෂණ කාලය පැමිනේවි
      තද පිළිකුල් වැඩ සිදුවේවි
      හොරු සමඟ හෙළුවෙන් පිනුම් ගසාවි
      එහෙත්..
      යහපාලනය එනවා සත්තයි..
      ජයවේවා..!! //

      :D

      Delete
    2. තැම්බෙන අලයක් නම් බලන් ඉන්නෑකී... මේක කුරෝලූ අලයක්...

      Delete
    3. ගස් ගීතය
      එළය
      ගස් ලබ්බ

      Delete
  10. //මහරගම පිලිකා රෝහලට "පෙට් ඉස්කෑන් යන්තරයක්" ගන්න සම්මාදම් වෙන්නෙයි කියා ඇඩ් එකක් යනවාය.//
    ඇඩ් නැතුවම පන්සල් දේවාල පල්ලිවලට නම් සල්ලි, රත්තරන් චේන්, වාහන පූජා කොරනවා, බොහොම අමාරුවෙන් දානෙ බුක් කර ගන්නවා, අලි පැටව් දෙනවා, රං වැටවල්, පිලිම, බිල්ඩිං, තාප්ප, ගේට්ටු හදා දෙනවා.
    නැති එකාට වඩා තියන පූජකයන්ට දෙන දේ පිං වැඩියි මං හිතන්නෙ.

    ඉන්කම් ටැක්ස් වගේ සෘජු බදු හරියට ක්‍රියාත්මක නොකර වැට් වගේ ලේසියෙන් ගන්න පුලුවන් ඉන්ඩිරෙක්ට් ටැක්ස් වැඩි කරන එක හරි අසාධාරණයි. ඉන්කම් ටැක්ස් වලින් හරියට ගෙවන්නෙ පඩියෙන් ගෙවන PAYE විතරයි

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම තමා උනේ එදා ඉදං. කහවණු 800 වියදන් කරල හදපු ජේතවනේ බුදුහාමුදුරුවො දුප්පතුන්ට දෙන්න කියල කිව්වෙ නෑනෙ. බුද්ධාගම කියන්නෙ උඹල හිතන විදිහෙ ප්‍රජාචන්ච්‍රවාදයක් එහෙම තියන එකක් නෙමේ. මේ රටේ වැඩිපුර සල්ලි හම්බවෙනව තමා පන්සල් පල්ලි වලට. ඒව බලාගෙන ඉන්න බැරිනම් ගැලපෙන රටකට පළයව්.

      Delete
    2. මල් වට්ටි වෙනදේසියක් වගේ එකක් ඕගනයිස් කරා නම් හරි සවුක්ක අමාත්තියන්සෙන්...

      Delete
  11. මම බුලට්පෲෆ් කාර් දෙකක් ගන්න රුපියල් ලක්ස 6000ක් වෙන් කරගත්තා.. වැඩිය නෑ එකකට කෝටි 30යි.. මීට ශුද්ධ වූ රනිල් වික්‍රමසිංහ නායක එඬේරාණන්.

    ReplyDelete
    Replies
    1. Ranil is priminister what wrong he use epencive car if Mahinda use his president seeson.

      Delete
    2. ඉස්සර ජනාධිපති විතරයි, දැන් ගවපාලනේ යටතේ ඒවා අගමැති පඹයටත් ඕනේ වෙලා
      ආආආආ, තා පොඩ්ඩෙන් මතක බැරි වෙනවා, කළවැද්දටත් ලොකු ලොකු වාහන ඕනේ වෙලා
      ඕන් නියම ගවපාලනය

      Delete
    3. කාර් එකක් නම් වෙන්ඩ බෑ හිටං... කෝටී 30 කට... පොඩි ජෙට් එකක් වෙන්න ඇති...

      Delete
  12. Balannako Punarjeewana kiyala swarnawahini karaya vikunana band eken kochchara mudalak ekathu wenawada danne kawda?Muralidaranla,Dilshanla wage cricket karayo apita wayidya upakarana ganna dayaka weeme wadagath kama gana deshana karanawa. Ea wage ewata kotiyak unath wiyadam karanna puluwan un apita thamayi ewath karanna kiyanne.

    ReplyDelete
    Replies
    1. හොරකන් කරන එකාට මොන ආන්ඩුවෙනුත් සපෝට්... ආන්ඩු නෙමෙයි ඕන තැනක, තැන තියෙන්නේ හොරකම් කරන එකාට...

      Delete
  13. ඊළඟ චන්ද වලදී මේවට පිළිතුරු ලැබේවි.මිනිස්සුන්ගේ ඇට තලන්න ගිය හැම එකාටම කෙලවුනබව මේ ආණ්ඩුවේ ලොක්කන්ට අමතක වෙලයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. චන්දයක් තිබ්බොත් තිබ්බොත් නේ කෙලවෙන්නේ. ඕකුන් 93 දකුණ පැරදිලා නොදී ඉන්නන මොන තරම් ගමක් දුන්නද ?

      Delete
    2. කරුමෙ කියන්නේ මුන්ගෙන් එහා දෙන්න එකෙක් නැති වීම...

      Delete
    3. So the general public stay at home when there is a vote..?

      Delete
  14. I was about to comment this.. no need sex anymore. . This fucking government fucks me everyday. Shit!!!

    ReplyDelete
    Replies
    1. නෝටි වචන කියන්න එපා මෙයා

      Delete
    2. ඇත්ත තමයි කෙල්ලෙක්ට නම් ඕක ඔය විදියට කියන්න පුළුවන්... පිරිමින්ට කෙලින්නේ ෂිට් එන පැත්තෙන්නේ....

      Delete
    3. මාතලන්ට සිරිකොත පැත්තේ ගිහින් ෂිට් එන පැත්තට කෙලගෙන පුරුදුයි වගේ
      :D

      Delete
  15. අනේ බන් මුන්ගේ සක්කිලි වැඩ ගැන උඹට අත්දැකීම් ඇත්තෙම නැද්ද බන්. උඹත් ඉපදුනේ 2005 ද ?

    ReplyDelete
    Replies
    1. ඔහේලා 2005 හේ ඉපදුනාට අපි ඉපදිලා තියෙන්නේ ඊට බොහෝම කාළෙකට කලින්...

      Delete
  16. මේ හැබෑටම "තා ටිකක්", "තා එකක්" වගේ ව්‍යාකරනෙකුත් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. අපි මහින්ද මහතත්තයගේ පැත්තේ මිනිස්සු හරිය....

      Delete
  17. There some wrong things in this garmet too. But no good to blame president Mithri. Because he do a grate work to drive Mahinda away. This is imported more than other things. I cetify president Mithri think about peoples dificelt and soon action to drop VAT. Any garment need tax to funtion. However VAT go up that reeson no all goods prises go up.

    ReplyDelete
  18. දැන් මාතලංලා ගේම පටන් අරගෙන තියෙන්නේ මෛත්‍රි ලොක්කා සමගය, මාතලංලාට ඕනෑ පිරිසිදු ඒජාප පාලනයක් හදාගෙන රනිල්ට කියල ආර්ථිකය සංවර්ධනය කර ගන්නටය, ඒකට දැන් තියෙන බාධාව මෛත්‍රි ලොක්කාය, ඒජාපයෛ් පාක්ෂිකයින් මොන තරම් බලාපොරොත්තු තියාගෙන ගියත් 2020 වෙනකම් මෙමත්‍රි එක්ක හවුලේ කන්න වෙනවාය, මහින්ද ඇතුලු නඩය එලවන්නට ලබාදුන් සහයෝගය නිසා 2020 වෙනකම් අමාරුවෙන් හරි කැපුවත් කොළ UNP පාක්ෂිකයින්ට මේවා ඉවසන්නට වෙනවාය......

    ආර්ථික ඔස්තාර්ලාට මේ වෙලාවේ නොව හැම වෙලාවේම කෙලින්න තියෙන්නේ සාමාන්‍ය ජනතාවට පමණය, තමන්ගේ චන්දවලට වියදම් සොයාගන්නට අනිත් කට්ටියගෙන් අතයටින් ටැක්ස් ගන්න නිසා වැඩි බරක් අදින්න වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ටය, ප්‍රශ්නය තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් එකතුකර ගන්නා බදු මුදල් වලින් එවා පාලනය කරන කට්ටිය කෙලින පිස්සු වලය. හැබැයි ගොඩක් දෙනෙක්ටනම් ළමයින්ට විශ්ව විද්‍යාලය දක්වා උගන්වන්නට, ඉස්පිරිතාලවල නිකන් බෙහෙත් දෙන්නට, මේ බදු මුදල් වියදම් කරන එකේ ලොකු අවුලක් ඇත.

    බොලොග් ලියන ගොඩක් දෙනෙක් ඇතුලු විශාල පිරිසක් සිතන්නේ මේ බදු මුදල් වලින් අධ්‍යපනයට, සෞඛ්‍යට කරන වියදම් කපා දැමුවානම් හොදයි කියලාය. රාජ්‍ය සේවයේ ඉතා වීශාල පිරිසක් නඩත්තු කිරීම වැඩකට නැති වැඩක් කියලාය, පාඩුලබන රාජ්‍ය ආයතනටික කාටහෝ කරගෙන යන්නට දියයුතු බවය, අවසානයේ මේ පාර්ලිමේන්තුවද, කැබිනට් මණ්ඩලයද නැතුව රට යන විදිහකට යන්න දුන්නානම් හොදයි කියලාය. එතකොට බදු ගෙවන්නට අවශ්‍ය නැත කියායය......

    මාතලංලාට රනිල් ඇතුලු UNPය ශුද්ධ ආණ්ඩුවක් ආකල තිත්ත බෙහෙත් පොවලාහරි ඉදිරියේදී හෝ රටේ ආර්ථිකය හදන බවට මහලොකු වීශ්වාසයක් ඇත. මටනම් කියන්න තියෙන්නේ එදාටත් කරන්නේ පොඩි මිනිස්සුන්ගේ සාක්කුවෙන් කීයක්හරි හොයාගෙන මේ විදිහටම පුලුවන් සෙට් එකකට හොරකම් කරන්න සහ සැප විදින්නට දෙන එකය. එබැවින් මිනිස්සු සමග එකතුවී මුන් සියලු දෙනාම ගෙදර යවා මිනිස්සුන්ගේ විශ්වාසයන්, සුන්දර සිහිනයන් හා ආකල්ප වෙනස් කරමින් අලුත් සමාජ තත්වයක් සකස්කර ගත යුතු බවය, නැත්නම් මිනිස්සුන්ට වෙන්නේ චන්දිකා හා මහින්ද විශ්වාස කලා සේ ආපහු නාමල් හෝ විමුක්ති විශ්වාස කරන්නටය.....

    ReplyDelete
    Replies
    1. මහින්ද පමණක් දැක ඇති ප්‍රදීප් මංගලලාට පිළිතුරු බැඳිම වචන නාස්තියකි. අදහස් දැක්වීමට ස්තූතියි...

      Delete
  19. පරිපූරක ඇස්තමේන්තුවක් (55 million Rupees only) සම්මත කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීම අත්හිටුවීමට සිදු වී තිබෙන්නේ ඡන්ද විමසීමේදී ඇතිවූ ගැටලුකාරී තත්වයක් හේතුවෙනි.

    පළමු පාර්ලිමේන්තු ඡන්දයයේ දී යෝජනාවට පක්ෂව ඡන්ද තිස් තුනක් සහ විපක්ෂව ඡන්ද තිස් එකක් ලැබුණ බව නිවේදනය කෙරුණත් පසුව විපක්ෂයෙන් එල්ල වූ විරෝධතා හමුවේ නැවත ගණන් කිරීමේදී පක්ෂව සහ විපක්ෂව ඡන්ද 31 බැගින් ප්‍රකාශ වී ඇති බව පෙනී යාම හේතුවෙන් එම ඡන්ද විමසීම අහෝසි කොට නැවත ඡන්ද විමසීමක් පැවැත්වීමට තීන්දු කොට ඇත. ඡන්දය විමසන ලද අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු ආණ්ඩුවේ යෝජනාව පරාජයට පත් වූ බව පවසමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස උද්ඝෝෂණය කරන්නට පටන් ගත්හ. ඒ අනුව අදාළ වීඩියෝ පට නිරීක්ෂණය කරනු ලැබීමේ දී දෙපාර්ශවය සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇති බව පෙනී ගොස් ඇත.

    පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුමට සම්බන්ධවීමේ චෝදනා මත නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ මන්ත්‍රී ප්‍රසන්න රනවීරට පාර්ලිමේන්තුව වාරණය කොට ඇත. මේ රටේ කොතෙකුත් සිදුවන්නේ පය බරවාට පිටිකර බෙහෙත් බැඳීමේ ක්‍රියාය.

    පාර්ලිමේන්තුව තුළ මෙවන් ගැටුම් ඇතිවූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. සිරිසේන ජනාධිපතිවරයාද ප්‍රකාශ කලේ තමන්ද 1992 දී මෙවැනිම පහරදීමකට ලක් වූ බවයි. මෙය මෙරටට පමනක් සීමා වූවක්ද නොවේ. මෙම ගැටුම සිදුවූ දිනම තුර්කි පාර්ලිමේන්තුවේද මෙවැනිම සිදුවීමක් වාර්ථා විය.

    ඒ කෙසේ වෙතත් වත්මන් පාර්ලිමේන්තුව මෙවන් තත්ත්වයකට පත් වීමේ සම්පූර්ණ වගකීම අගමැති රනිල් වික්‍රමසිංහ භාරගත යුතුය. අද කතානායකවරයා අගමැතිවරයා ගහන ගහන පදයට නටන ඉත්තෙකු පමණි.

    එක් අවස්ථාවකදි මන්ත්‍රී උදය ගම්මන්පිල ඉන්දියාව සහ ලංකාව අතර පාලමක් සෑදීම සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ වූ අදහස් දැක්වීමක් පිළිබඳ ලංකාවේ රජයේ ස්ථාවරය විමසා සිටියේය. රටේ ස්වෛරීත්වයට, පැවැත්මට ඉතා තදින් බලපාන කරුණක්, එට්කා ගිවිසුම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ ඉන්දියාවේ ග්‍රහනයට ලංකාව නතුවෙමින් ඇති මොහොතක විමසා සිටීම අත්‍යාවශ්‍ය වූවකි. නමුත් විරුද්ධ පක්ශයෙන් ඉදිරිපත් වූ එම පැනයට අගමැතිවරයා දුන් පිළිතුර කුමක්ද?

    ඔහු කීවේ තමන් හින්දි භාශාව නොදන්නා නිසා මේ පිළිබඳව කීමට නොහැකි බවයි. ඔබ හින්දි දන්නේදැයි ඔහු ගම්මන්පිලගෙන පෙරලා ප්‍රශ්න කළේය. හින්දි භාශාව දන්නා පරිවර්ථකයෙකු ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‍යාලයේ නැතිදැයි ඇසූ විට මහින්ද රාජපක්ශ සමයේ චින දන්න පිරිස් ඇමරිකාවට යැවීමක් පිළුබඳ බයිලා කියවන්නට විය. බල්ලාගෙන් පටන්ගෙන මැක්කාගෙන් අවසන් කරන පොඩි එකාගේ රචනය මෙන් මේසා අතිශ්‍ය වැදගත් තීරණාත්මක පැනයකට ප්‍රජාතන්ත්‍රවාදයෙන් අගතැම්පත්, බුද්ධියෙන් කෙළ පැමිනි අගමැතිවරයා දුන් පිළිතුර වූයේ රාජපක්ෂ රෙජීමයට බැන වැදීමයි.

    ගම්මන්පිළ මන්ත්‍රීවරයා අගනැතිවරයාගේ මෙම තුච්ච පාදඩ හැසිරීම හමුවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගණිකා වෘතියේ යෙදවීම හමුවේ ඉවසීමෙන් නිහඬ වුවද ජනතාව එදා සිතුවේ මොහුගේ හොම්බට දෙකක් ඇනීමට කිසිවෙකු ඉදිරිපත් නොවූයේ ඇයිද කියාය. වරෙක මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතාගේ කතාවකට නිර්ලජ්ජිත ලෙස අගමැතිවරයා කළ බාධා කිරීම දෝරෙ ගලා ගියේය.

    මෙවරද සිදුවූයේ එයමය. 30 වසරක ජාතිවාදී කැරැල්කක් මැඩළූ මහින්ද රාජපක්ෂ අදත් ත්‍රස්තවාදීන්ගේ සහ ඔවුන්ට සහාය දෙන මෙරට සහ පිටරට විරුද්ධවාදීන්ගේ අංක එකේ සතුරාය. සුදු කොඩි කතාව කියා යුධ හමුදාව පාවා දුන් සරත් ෆොන්සේකා, ත්‍රස්තවාදීන් නිදහස් කරමින් හමුදා නිලධාරීන් සිරගත කරන වත්මන් පාලකයින් මෙන් නොව ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාකළ මහින්ද රාජපක්ෂ එදත් අදත් එක ලෙස සතුරාගේ ඉලක්කයකි.

    හමුදා නිලධාරීන්, බුද්ධි අංශ සාමාජිකයින් නිසි සාක්ෂි නොමැතිව, අධිකරනය පවා අපහසුතාවට පත් කරවමින් සිරගත කරන වත්මන් පාලකයන් යුධ හමුදා ආරක්ෂාව ලබා ගැනීමට බියෙන් පසුවෙනවාදැයි නොදනිමි. ඒ කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂට ආරක්ෂාව ලබා දීම ජනාධිපතිවරයාගේත්, අගමැති ප්‍රමුඛ රජයේත් වගකීමකි. ඒ පිළිබඳව ප්‍රශ්න කළ විට සුපුරුදු පරිදි රනිල් වික්‍රමසිංහ හැසිරුනේ තුච්ඡ තක්කඩි විලාසයෙනි. ඒ පිළිබඳව තර්කානුකූලව කරුණු පැහැදිලි කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රශ්නය නිරාකරණය කරනු වෙනුවට තමාගේ හෙංචයියෙකු ඉදිරියට දමා මඩ ගැසීමයි.

    ඒ අනුව, පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකුට හිමි ප්‍රශ්න විමසීමේ හිමිකම යටපත් කරමින්, පිළිතුරු දීමට ඇති වගකීමෙන් නින්දාසහගත ලෙසින් පළා යමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කරන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ තක්කඩි ඒකාධිපති හැසිරීම මෙම තත්වයට හේතුවයි. දඬුවම් කළ යුත්තේ ඔහුටය. නමුත් කතානායකවරයාදා ඔහුගේ සුවච කීකරු සේවකයෙකු පමනක් වන තත්ත්වයක් තුළ එවන් සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකිය.

    ReplyDelete
    Replies
    1. රනිල් ගේ ප්‍රජාතන්ත්‍රවාදය යනු පොතට මුවා වී ඒකාධිපතිත්වය ක්‍රියාත්මක කිරීම ය. රනිල් ගේ ක්‍රමයට පක්‍ෂ නායකයෝ පක්‍ෂයේ ඒකාධිපතිවරු වෙති. රටේ නායකයෝ රටේ ම ඒකාධිපතිිවරු වෙති. සජිත්ලා කොපමණ බයිලා කීව ද ඔවුන්ට එ ජා පක්‍ෂයේ තැනක් නැත. සජිත්ට වඩා සරත් ෆොන්සේකා අද රනිල්ට වටියි. දිනේෂ්ගේ ප්‍රශ්නයට රනිල් සුපුරුදු විහිළු කතා කියා මහින්දට මඩ ගැසීමේ කොන්ත්‍රාත්තුව සරත් ෆොන්සේකාට භාර කෙළේ කලින් යොදාගත් සැලැස්මක් අනුව බව පැහැදිලි ය. දිනේෂ්ගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ෆොන්සේකාට කිසිම අයිතියක් නැති වුවත් කරු ජයසූරිය රනිල්ගේ අණ පරිදි බව පෙනෙන්නට සලසමින් සරත් ෆොන්සේකාට කතා කිරීමට ඉඩ දී තම නිවටකම ප්‍රදර්ශනය කෙළේ ය. අවුල හටගත්තේ මේ ඉඩදීම නිසා ය. සරත් ෆොන්සේකා සැලැස්මට අනුව අතින් හෝ යතුරු ලියනයෙන් හෝ ලියා ගෙන ආ පිලිතුරක් කියවී ය. නිල වශයෙන් කරු ජයසූරියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතු ය. එහෙත් එයට අනෙක් විශ්වාසභංගවලට සිදු වූ දේ ම සිදුවනු ඇත්තේ රනිල් ගේ බටහිර ඇංග්ලිකන් තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයේ රඟ විදහා පාමිනි.

      Delete
    2. මොකද පකෝ සරත් ෆොන්සේකාට අයිතියක් නැහැ කියන්නේ ආණ්ඩුවෙන් අහපු ප්‍රශ්නෙකට පිළිතුරු දෙන්න. මොන නීතියේද එහම තියෙන්නේ

      Delete
    3. ස්ථාවර නියෝග අනුව ප්‍රශ්නයක් ඇසූ විට පිළිතුර දිය යුත්තේ ප්‍රශ්නය යොමුවූ තැනැත්තායි. සම්ප්‍රධායක් ලෙස එයට ඌණපූර්ණයක් කිරීමට විෂයභාර අමාත්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට හැකි වුවත්, කැමති පරිද්දෙන් තෝරා ගනු ලැබූ (arbitrary) මන්ත්‍රීවරුන්ට "පිළිතුරු දීමේ" අවස්ථාව සැපයීම පාර්ලිමේන්තු රීති වලටත්, සම්ප්‍රධායටත් පටහැනියි.

      Delete
    4. රනිල් කරන්න හදන්නෙත්, මහින්ද කරපු දේ... මහින්ද හැංගි හොරා කල දේ රනිල් එලිපිට කරනවා ඒකයි එකම වෙනස... ඒත් රනිල්ට ඒ දේ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්ණයයි දැන් තියෙන්නේ...

      Delete
    5. රනිල් හැංගි හොරා රටත් සංවර්ධනය කරයි දවසක....

      Delete
  20. මතකයිද මා සොඳුර ගෙවා ගත් අයුරු රැය
    අඳුරෙ මුලූ ගැන්විලා බියෙන් තැති ගත් හදිනි
    අඳුර විනිවිදින සියුම් හක්‍ෂකින් පමණ
    සැලූනයුරු හද අපගෙ එම අඳුරු යුගය තුළ

    තුරුලූ කරගෙන පුතුන් වැතිර සිටි අයුරු අප
    නෙතින් නොව දෙසවනින විනිවිදින ගන අඳුර
    මැරි මැරී ඉපදෙමින මරණයේ පණිවිඩය
    දොරට ගසනා තුරා - අඳුරෙ නොපෙනීම

    නිතර තිතරම යළිත් රට අඳුරෙ ගිලෙන්නේ
    පෙර නිමිති පළ කරන්නද එවන් යුගයකට
    දූ පුතුන් නොමැත අද තුරුල් කර රැක ගන්න
    විසිර ගොස් ඇතිය උන් දිවියෙ බර කරට ගෙන

    දිනෙන් දින අගාදයකට ඇදෙන කලෙක රට
    එවන් බිහිසුණු කලක් වැඩි ඈත නැත සොඳුර
    යොවුන් විය ගෙවන උන් සුරැකෙයිද හෙට දවසෙ
    නගර ගම් දනවු වල සරන කල මරු රිසි සෙ

    තුරුලූ කර රැක ගන්න දරුවො අද නැත ගෙදර
    හද මගේ රිදුම් දෙයි ඔවුන් සිහි වී නිබඳ
    නිමා වූ අයුරු එම ධර්මිෂ්ට යුගය පෙර
    තැනින් තැන දැවෙන මළ සිරුරු මඟ ගොඩ ගැහුන

    ’විපරීත වීද හද අඳුර නුපුරුදු බැවින
    බුදුන් ගුණ සිහි කරන් නිදනු මා පි‍්‍රය සබඳ
    යුගයෙ යහපාලනයෙ බිය නොගන් පුතුන් ගැන
    අල්ල ගත් කල සොරුන් සුර පුරක් වෙයි මෙරට.

    -විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි

    ReplyDelete
    Replies
    1. ඒ යුගය ප්‍රාර්ථනා කරන කවියක්...

      Delete
  21. සාමාන්‍ය ජනතාවට මාසයකට දුරකතන ඇමතුම් සඳහා වැයවන්නේ රුපියල් 239ක් බැවින් වැට් බදු වැඩි කිරීම එතරම් දැනෙන්නේ නැතැයි නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා ඊයේ හිරු රූපවාහිනියේ පැවති බලය දේශපාලන වැඩසටහනේදී කියා සිටියේය.

    ඊට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේ වැඩිකල වැඞ් බදු සමඟ විනාඩියකට ජංගම දුරකතන ඇමතුම් ගාස්තුව රුපියල් 03.00ක් වන නිසා රුපියල් 239කින් මාසයකට විනාඩි 80ක් පමණ එනම් දිනකට විනාඩි තුනට අඩුවෙන් දුර ඇමතුම් ලබා ගන්නා බවට කරන ලද උපකල්පන මුලාවක් බවයි.

    ReplyDelete
    Replies
    1. මූට ආචාර්ය පට්ටම දුන්නෙ මැරවින් සිල්වට පට්ටම දුන්න තැනින්ම නොවේ. ඊටත් වඩා චාටර් තැනකින්.
      මුන් වගේ උන් තමයි අද යූ එන්පී එකේ ආර්ථික ඔස්තාර් ල​. ඉතින් රටට මෙහෙම වෙන එක අහන්න දෙයක් ද ?

      https://www.youtube.com/watch?time_continue=344&v=5AQ4OV-7Gjw

      Delete
    2. මෙයාලා පාර්ලිමන්ට් එන්න කලින්... මාස 3 ක විතර බූට් කෑම්ප් එකකට දාන්න ඕබ දුෂකර පැත්තක... අර ගුරු සේවයේ උන්ට, වෛද්‍ය සේවයේ උන්ට දෙනවා වගේ...

      Delete
  22. තමන් ඇතුළු පිරිසට උවමනා වූයේ මහින්ද රාජපක්‍ෂ එලවන්න විතරක් යයි කලාකරු ඩබ්ලිව්. ජයසිරි මහතා පවසයි.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    මහින්ද එලවා ගත් නිසා දැන් මොන මගුල වුණත් කමක් නැතැයිද ඔහු පැවසීය.

    https://www.youtube.com/watch?v=Nf1InvkyY28

    ReplyDelete
    Replies
    1. මෙ වසලයාගෙ කතාවෙන් හොදටම පැහැදිලිය් යහපාලනයට කඩේයන උන්ට ජාතියක් ජන්මයක් නැතිබව. උන් මෙ රටේ වැසුවත් කත්අදින්නෙ වෙන රට වලට බව. මුන්ට මහින්දගෙන් පලිගන්වා මිසක් අපේ රට අපේ අනාගතය ගැන කිසි තැකීමක් නැහැ.

      Delete
    2. මේ ගොරිල්ලගේ මොඩල් එකේ තව එවුන් දෙන්නෙක් තමා උපුල් ශාන්ත සන්නස්ගලයය්, ගාමිණී වියන්ගොඩ කියන එකයි. මුන් මුන්ට නැති බහුශ්‍රැත බවක් මවාපාන්න පෙනුම වෙනස් කර ගන්නවා. රැවුල, කොන්ඩේ, රවුම් කන්නාඩි මේ ජාතියේ උන්ගේ එක වගේ. කටේ තියෙන්නේ යහපලානේ, මාද්‍ය නිදහස, තොරතුරු දැන ගැනීමේ නිදහස වගේ උන්ටවත් නොතේරෙන බර වචන සැට් එකක්. රටට ජාතියට අබමල් රේණුවක වැඩක් කරලා නෑ, කරන්නෙත් නෑ. කරන්නත් බෑ, මොකද හැකියාවක් නෑ. ජීවත් වෙන්න මුකය, හා අදොමුකය පාවිච්චි කරන්න හැබැයි හොඳට දන්නවා. ඔය දෙක පාවිච්චි කරලා ජීවත් වෙන තව ශ්‍රමිකයෝ කොටසක් ඉන්නවා පාරවල් ගානේ.

      Delete
    3. ඩබ්ලිව් ජයසිරි ලොක්කගේ කටේ ගල් කාල් භාගයක් වක්කරන්න හිතුනා මට
      ඒ මසුරන් කතාවට....

      Delete
  23. හම්බන්තොට ගම් උදාව සංහිදගම ගම්මානය විවෘත්ත කර පැය 24කට පසු හම්බන්තොට ආශ්චර්‍ය. (නාම පුවරුව හොරු විසින් කපා දමා ඇත.)

    යහපාලන කුකුල්ලු සෙට් එක නරියෙක් එකක් එක්ක ‘සංහිදියාව‘ ඇති කර ගන්න ගිහින් මේ කර ගන්න දේවල් වලට හිනා යන්නෙත් නෑ. හම්බන්තොටට සංහිදියාව ඇති වෙන්නේ ‘හොරු ටික ඇල්ලුවෙත් විතරක් බව කාටත් නොතේරීම මත් ආශ්චර්යයක් ම තමයි.

    ReplyDelete
    Replies
    1. තාම හිතන් ඉන්නේ මහා රජ්ජුරුවෝ රටේ වැඩ ඉන්නවා කියල. සජිත් ලොක්කා කරන වැඩ බෝඩ් කපල නවත්තන්න බෑ. මහින්දගේ හෙන්චයියන්ට අමතක වෙලා සජිත් කියන්නේ ප්‍රේමදාසගේ පුතා කියල. ඉස්සර ප්‍රේමදාස site වලට එනකොට chief engineers ලාත් බය වෙනවලු. මහින්දගේ ගොන් රැල.

      Delete
    2. කවුද බය නොවුනෙ ප්‍රේමයා එනකොට, මිනිහ දිගට හරහට මැරුවනෙ yako :D :D :D

      Delete
    3. ඇස් චර්ය ඉවර වෙලා ගොඩාක් කල් නේ.... දැන් තියෙන්නේ යහ පාචනේ...

      Delete
  24. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරි සතියක කාලය ඇතුලත රුපියල් බිලියන 49ක බැඳුම්කර විකිනීමට නියමිතය. එන 11 වැනිදා රුපියල් බිලියන 30ක්ද, 12 වැනිදා බිලියන 19ක බැඳුම්කර නිකුත්වක්ද ලෙස එය සිදු කරයි.

    මේ අතර ගිය 04 වැනිදා මහ බැංකුව විසින් බිලියන 33ක බැඳුම්කර නිකුත් කර ඇත.

    ඒ අනුව මැයි මාසයේ මුල් සති දෙක තුල පමණක් විකිණෙන බැඳුම්කර ප‍්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 82කි. එනම් ඩොලර් බිලියන බාගයකට මදක් වැඩිය. මුල්‍ය අර්බුදය මාරාන්තිකයි.

    ReplyDelete
    Replies
    1. චන්දිකාගේ කාලේ මයිනස් ගියත් රටට මක්කත් උනේ නෑ නේ... ඔහේලා කලබල වෙන්න එපා...

      Delete
  25. Taxes grow without rain කියලා යුදෙව් කියමනක් තියෙනවලු.

    ReplyDelete
    Replies
    1. ඒක නම් මේ කාළෙට නියමෙටම ගැලපෙනවා....

      Delete
  26. One of the greatest speech by Sannasgala sir. We need leaders like this.
    https://www.youtube.com/watch?v=JTp9uHZ8n5o

    ReplyDelete
    Replies
    1. Sannasgala is an insecure man. He has this inert hatred about his race (Sinhalese) and himself. Most of the things he says are just factually incorrect.

      Delete
  27. කොහොමත් ඉස්සරහාට ඉස්පිරිතාල විතරක් නෙමෙයි ඉස්කෝල විදුලිබලාගර එහෙමත් අපිට ම තමා හදාගන්න වෙන්නේ. ඒ හින්දා නෙලුං යායෙන් එහෙම මේ කරන විදිහට පොඩි පොඩි වැඩ කරලා පුරුදු වෙන එක හොදයි........ මේ යන විදිහට ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුවවත් නඩත්තු කොරයි ද මන්දා...... සමහර විට ඔය කැන්ටිමටත් හෙට අනිද්දා ආධාර එකතු කරයි......

    ReplyDelete
    Replies
    1. දැනටත් ඒවා නඩත්තු කරන්නේ අපිම තමයි....

      Delete
  28. "(තෝ, තොපි, තෙපි යන වදන හින්ගල භාෂාවේ සිලබස් එකේ තිබී ඉගෙන ගත් ඒවාය. ඒවායේ වටිනා කම තේරෙන්නේ දැන්ය.)"
    ඕව කියල වෙන්න ඇති අර කැම්පස් උන් ටිකක් ඇතුළට දාල තියෙන්නෙ. තොපි වගේ හරක් ඉන්නකන් තමා රට හදන්න බැරි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව මොකක්ද කියන්න නම් දන්නේ නෑ.. හැබයි නවක වදේ දෙන උන්ගේ නම් ඇට දෙක කුඩු කරලා... යෝනියට කටු කම්බු දැම්මත් මගේ නම් අවුලක් නෑ... එතකොට වැඩේ සාපේක්ෂයි....

      Delete
  29. මේ ආණ්ඩුව අපිට දෙන ආතල්... හරි පුදුමයි නේද පුතේ... (වටවල කහට ඇඩ් එක ඇසුරෙනි)

    ReplyDelete
    Replies
    1. මේ ආන්ඩුව නෙමේ බං... ගිය ආන්ඩුවත් කළේ ඕකම තමයි...

      Delete
  30. රජ ගෙදරට පත්තරේ ගෙනියන එකාව ජාතික වීරයෙක් ව්දියට සැලකුවත් පවු නැහැ මාතො...

    ----------
    VB

    ReplyDelete
  31. Irh hucjug fughuten birdah hiyuk. Bulakho derenhk.

    ReplyDelete
  32. // නොමිළේ... වයි පයි..
    මල්ලි, සිරා මාමා දෙයි..
    බුකියෙ චැට් දැන් වැඩි වෙයි...
    නංගි දොයියා බෑ කියයි...

    මේවා... වයි පයි බයිලා..
    මල්ලි ඇහිඳ ගනිල්ලා...
    අපෙ සිරා... ඇවිල්ලා..
    දෙනවලු නොමිළේ බෙදලා..

    මේවා වයි පයි බයිලා.. //

    තුන් කල් දුටු මාතලන්ට අපේ ප්‍රමාණය!

    ReplyDelete
  33. හැමදාමත් අපි කරන්නෙ එක එකාට කඹුරලා ණය ගෙවන එකනෙ. වැඩේ කියන්නෙ ගෙවන්න ගෙවන්න එන එකාල තව ණය ගන්න එකනෙ. .

    ReplyDelete
  34. Deshapremi pavulwadi divaina saha deshapremi samajawadi JVP eka athara maha goriyak avilee etha. E sandaha madihathkaruwek less peratugamin kriya karai. Kelaniye paran jangi wagayak vikineemata etha.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න