.

.

Jun 16, 2016

වැඳපන් අම්මාට අයියේ දන ගහලා...! - Love Between Mother & Wife


 

D M Timraan Keerthi
නිමිත්ත - මෑතක "වෙඩ්ඩා" විසින් පබ්ලිසිටියක් දී, නැගලාම ගිය. "ටිමා" හෙවත් "ටිම්රාන්" හෙවත් ඩී. එම්. ටිම්රාන් කීර්තිගේ, "අපේ අම්මා හැර , සේරම බුදු වේවා...!" කවි පන්තියට, පිලිතුරු ලෙස ලියනා ලදි...

මේ කවිය බුකියේ බොහෝම කතා බහට ලක් වුනා.. එදාමයි මට හිතුනේ මේ පරිසරයට අදාලවම මීට පිළිතුරු කවියක් ලියන්න ඕනා කියලා.. ඒත් මාතලන්ට කවි ලියන්න නම් මල් සුවඳ විඳින්නම ඕන. ඉතින් මල් සුවඳ ආපූ වෙලාවක මගේ සිතට ආපු සිතුවිලි ටික තමයි මේ.

මේ ගැන අපූරූ විචාරයක් ලියලා තිබුනා අපේ පැරා හෙවත් අජිත් පැරකුම් ජයසිංහ.. << මෙතනින් බලන්න >> ඒ වගේම දෙයක් කියන්න ඕන. පැරාගේ කවිත් ඉස්තරන්ය කියන එක. ඒ වගේම අපේ බස්සිගේ කවියකුත් බුකියේ නැගලම ගියා.

ඒක මේ << ලින්ක් එකෙන් බලන්න...>>
















වැඳපන් අම්මාට අයියේ දන ගහලා...!
Love Between Mother & Wife
 
නිමිත්ත - මෑතක "වෙඩ්ඩා" විසින් පබ්ලිසිටියක් දී, නැගලාම ගිය. "ටිමා" හෙවත් "ටිම්රාන්" හෙවත් ඩී. එම්. ටිම්රාන් කීර්තිගේ, "අපේ අම්මා හැර , සේරම බුදු වේවා...!" කවි පන්තියට, පිලිතුරු ලෙස ලියනා ලදි...

අප්පෙක් නැතිව අප රැකගත්, අපෙ අම්මා
උඹ කිව්වා වගේ, ගුණ කඳ නැත නිම්මා
වීල් එකේ පසු පස බුදු වූ අම්මා
ගෑණී.. ආ දා පටන්, ඒ අම්මා.. සුම්මා


ආ දා පටන්, උඹගේ පෙම්බර බාරී
උඹ නැති විටදි, නිතරම අඳිනවා ගෝරී
මම ඉවසුවත්, බර බර මේ කට කාරී
අම්මා වෙසීයක් කියනවා පව් කාරී


කතන්දර එපා ! වැඳපන් අම්මාට...
කියමින් කම්මුලට උඹ පත බෑවාට
රැවටී පත්තිනියගේ සිව් සැට මායමට
පත බෑවේ ඇයි පොල්ලෙන් අම්මාට


අම්මද බිරින්දද වැඩියෙන් ළොකු කියලා
එම් එස්, පීස් එකෙනුත් කිව්වා බයිලා
බඩු තව ඉන්නවා වත්තේ වැහි වැහැලා
වැඳපන් අම්මාට..! අයියේ දන ගහලා...


සමනලයින් වුවද මී වීත ළඟ ඹබරූ
උන් වැඳ වැටෙති පා මුල නිතඹක් ඇඹරූ
දුදනන් සොයා ඇස් මහ පාරේ කැ
රූ
නිල් දිය නොවේ මඩ දිය උරුමය තඹරූ

-------------------- x ----------------------

මේ ටිම්රාන් ගේ ඔරිජිනල් කවිය

 
 
 
 
 
 
 
 
 
 
 
 
අපේ අම්මා හැර සේරම බුදු වේවා...!

නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට ඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව

පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනෙ අපි නිසයි ඈ වැරදි ද කෝම
බක්මහෙ කොවුල් බිත්තර පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් ඉල්ලනවද ගේම

තනේ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වණේ පාරන්නේ වන පල විස වී නම්
නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!

'සතා' කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා! වැඳපන් අම්මාට....

දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
ලොකු හාමුදුරුවොත් අණකර බණ පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුළක් නැටුවා
අම්මා බණ කතාවක් බුදු මැදුරෙත් ලිව්වා

රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
--------------------- x ----------------------- 

30 comments:

  1. මේ දවස්වල මතක් වෙන තවත් කවියක් තියෙනවා. කවියක් කිව්වට සිංදුවක කෑල්ලක්.

    සිරි අයියේ පැනයක් අසමි
    අම්මද තාත්තද වැඩිය හොඳ
    කරුණාකර සිරි අයියා අප හට
    තෝරා දෙනවා ද

    සිරි අයියාට සුබ ගමන්!

    ReplyDelete
    Replies
    1. මම දැක්කා එකෙක් බුකියේ දාලා තිබුනා සිරි අයියා නිසා ඔක්කෝම එකතු වෙලා කියලා... ජෙප්පොයි, පෙරට්ටොයි, රිලවයි, පොල්ගම්පොලලයි, නන්දනලයි ඔක්කෝම එතනලු...

      Delete
  2. Replies
    1. හරියට හරි... කවි ටිකේ හෙඩිම ඒක තමයි වෙන්න ඕනා...

      Delete
  3. නියම පිළිතුරු කවිය මාතේ.

    ReplyDelete
  4. mathe

    +++++++++++++++++++++++++++++ 100%

    ReplyDelete
  5. මගේ යාලුවෙක් සූ සැට මායම් වලට අහුවෙලා මලා

    ReplyDelete
    Replies
    1. අපිත් මේ පණ අඳිනවා....

      Delete
    2. කොහෙන්ද යකෝ මේකට මෙච්චර යාලුවෝ

      Delete
  6. පිළිතුරු කවියයි මුල් කවියයි දෙකම කියෙව්වා.
    සුපිරි. මල් සුවඳත් ආවා කියහංකො.

    ReplyDelete
  7. ටිම්රාන්ගේ නිර්මාණය වගේම ඔබේ නිර්මාණයත් බොහෝ සේ වින්දා...අවසාන පද පෙළ බොහොමත්ම රසවත්...

    ReplyDelete
  8. මට ලැම්බෝගිනියක් අරන් දීපියව්

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මගේ දෙමාපියන්ද මේ බඩකඩුත්තුව කියවනා බැවින්, සරමේ පිසදැමිය යුතු සුනඛයාගේ කොමෙන්ටුව ඉවත් කරන ලදි..

      Delete
  10. පිලිතුරු කවිය වටිනවා මාතලන්.

    ජයවේවා!!!

    ReplyDelete
  11. කුහකයන්ගේ පපු පැලෙන්න මාතලං ලස්සන පද්‍යයක් ලියලා. ජය..

    ReplyDelete
  12. ///දුදනන් සොයා ඇස් මහ පාරේ කැඹරූ
    නිල් දිය නොවේ මඩ දිය උරුමය තඹරූ ////

    ReplyDelete
  13. ගස්ලබ්බා මාතයියගෙන් දැකපු සුපිරිම කවිය... හරිම ඉහලයි..
    (ඒ මල් ගහේ ඇට පැලකරගත්තත් පාඩු නෑ)
    ජයවේවා..!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න