.

.

Jun 26, 2016

රත්තරන්ට නීතී උපදෙස් හා ටිම්රාන් කීරිති - Timraan Keerthi & Raththaran



කොළොන්නාව ප්‍රදේශයේ සිඳු වූ කුප්‍රකට දේශපාලන ඝාතනයක් පිළිබඳව අමතක වීමේ රෝගයකින් පෙලෙන කඩවසම් තරුණයෙකුට උපදෙස් ලබා දෙන නීතීඥ්ඥයකු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රත්තරන් මහතාගේ හදිසි අනතුර පිටුපස සිටින බවට වාර්තා වේ.

නීතීඥ්ඥයාගේ උපදෙස් අනුව, ඔහුව සුළු තුවාලවීමක් සඳහා යකඩ බැරියරය උඩට තල්ලු කරන මෙන් උපදෙස් ලැබී ඇති අතර, අනපේක්ෂිත ලෙස තවත් බැරියරයක් ඔහුගේ හිස මත පතිත වීමෙන් තත්වය සැලසුම් කළ ආකාරයටත් වඩා හොඳින් සිද්ද වීම නීතිඥ්ඥ මහතාගේ බලවත් ප්‍රීතියට හේතු වී ඇතයිද වාර්තා වේ.

රෝහලේ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත, මොළයට යම් කිසි හානියක් සිඳු වී ඇතිදැයි සැක හැර දැන ගැනීම සඳහා, සී ටී ස්කෑන් පරීක්ෂණයක් සඳහා රෝගියා සූදානම් කර තිබුනද, විශේෂඥ වෛද්‍යවරයා එය නිෂ්ප්‍රභා කර ඇත්තේ රෝගියා බැලීමට පැමිණ සිටි කළු ඇඳගත් පිරිස දැකීමෙන් අනතුරුවය. 

ඒ අනුව ඉදිරියේදි රත්තරන් මහතාටද "මට මතක නෑ" රෝගය වැළඳීමේ දැඩි ප්‍රවනතාවයක් පවතින බව නවලෝක රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේය. 

විශේෂඥ වෛද්‍ය මහින්ද  රාජපක්ෂ මහතාද රෝගියා පරීක්ෂා කිරීමෙන් අනතුරව මාධ්‍යයට පවසා සිටියේ, දැන් ඔහුගේ සෞඛ්‍ය තත්වය හොඳ අතට හැරෙමින් තිබෙනා බවයි.

මේ අතර කළුතර ප්‍රදේශයේ පැතිර යන කට කතාවකින් කියවෙන්නේ සීනීගම පොල් ගෙඩිය වැරදි පැත්තට ගලේ ගැසූ හේතුවෙන් මෙම අනතුර සිඳු වූ බවෙකි.

<< මෙතන තියෙන්නේ >> මේ ගැන, මාතලන් බුකියේ ලියපු පල් හෑල්ල

-x-

ටිම්රාන් කීර්ති කියන්නේ රාජ්‍ය සම්මානයෙන් පිඳුම් ලද නව පරපුරේ කවියෙක්. ඔහුගේ යන්නම් චන්දරේ කවි පොතට තමයි ඒ සම්මානය ලැබුනේ. ඔහු රැකියා අයදුම් පතක් ඉදිරිපත් කර ඇත්තේ රජයේ ස්ථිර කම්කරු පත්වීමක් සඳහායි. එහෙත් එය නිශ්ප්‍රභා කොට ඇත්තේ පක්ෂයට වැඩ කර ඇති බවට ලියුමක් රැගෙන එන ලෙස දන්වමිනි. බොහො දෙනෙක් අගමැති තුමාට ජනපති තුමට මේ පිළිබඳ දැනගැනීමට සටහන් තබා ඇති මුත් මා නම් ඉල්ලා සිටින්නේ කලාවට ලැදි ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතානයන්ට මේ සඳහා මැදිහත්වීමක් කරනා ලෙසයි. මේ මා ටිම්රාන්ට ලියු, බුකියේ පල වූ හබරල කවියකි.


ටිම්රාන්ට
*******

කන්න ටෙයි අම්මපා,
සම් මාන,
සා හිත්තේ..

වසා පන් ඉගි ලී ගිහින් උඹ,
දැන් තියෙන
ළොකු අත්තේ..

ලියා පං බැති ගීත...,
නැහී යන්
උන් මත්තේ

පතා පන් ඉප දෙන්න
මෙහෙ නෙමෙයි
පෝ ලන්තේ

ඉපදුනොත් අනා තයි
ආයෙමත්
මේ #ත්තෙ..

- x -

47 comments:

  1. ඉපදුනොත් අනා තයි
    ආයෙමත්
    මේ #ත්තෙ..
    +++++++++++

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ වෙන්න ඇති ඉයන්.හදල දාන්න.

      Delete
    2. මේ මල දානෙට කොයි අකුර් දැම්මත් එකයි...

      Delete
  2. ලංකාවෙ ඔය පැත්ත ගැන මංජුල වෙඩිවර්ධන පහුගිය කාලෙ හොඳ කවියක් ලිවුව. මට දැන් මතක නෑ.මතක කෙනෙක් ඉන්නවා නං දාන්න. ඇත්තමයි දැන් නං මේක කරුමක්කාර රටක්. හැබැයි ඒකෙ වැරැද්ද රටේ නෙමෙයි. මිනිස්සුන්ගෙ.

    ReplyDelete
    Replies
    1. මංජුල වෙඩිවර්ධන කියන්නෙ අර සිංහල කොටියනෙ. ඔක යුද්දෙ කාලෙ කොටි කොළබ බෝම්බ ට්‍රාස්න්පෝට් කරපු එකෙක්නෙ

      Delete
    2. මිනිසුන්ගෙද.... පාලකයන්ගෙද....?

      Delete
  3. මේ නීතීඥයා හේමන්ත වර්ණකුලසූරිය නේද?

    ReplyDelete
    Replies
    1. මිනිහගේ මූණ රොබට් මුගාබේගේ වගේ නේද

      Delete
    2. දන්නෙ නෑ අනේ....

      Delete
  4. //රෝහලේ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත, මොළයට යම් කිසි හානියක් සිඳු වී ඇතිදැයි සැක හැර දැන ගැනීම සඳහා //
    මාතයියෙ රත්තරං සෑර්ගෙ පස්ස පැත්ත බේරිලා ඔලුව උඩටනෙ බැරියරේ වැටුනෙ ..අවුලක් වෙන්ඩ නං විදියක් නෑ .ඕ යේස්

    ReplyDelete
    Replies
    1. කෝච්චි බැරියර් එකක් නෙමෙයිනේද?

      Delete
    2. ඒ පැත්ත බේරගෙන තමයි මූ වැටෙන්නේ.... ගල් ආඳෝ නේ...

      Delete
  5. ටිම්රාන් වෙනුවෙන් අකුරු වුනු කවිය නම් පට්ට.

    තාමත් රජයේ පත්වීම් ගන්න එක එකාගේ පක්ෂවලට කඩේ යනවා කියන ලියුම් දෙන්න ඕනෑද? අම්මගේ රෙද්දේ යහපාලනය.

    ReplyDelete
    Replies
    1. යහපාලනයක් නෙමෙයි මේක පිලුනු වෙච්චි අච්චාරුවක්

      Delete
  6. චන්ද්‍රකුමාර වික්‍රමරත්න ගැන දැනගත්තෙ නොකී කතා ලියන හෙන්රි අයියගෙ නොකී කතා පොතෙන්. මේ ලිපිය සහ කවියා දැක්කම චන්ද්‍රකුමාර වික්‍රමරත්න මතක් උනා. පහල පීඩිත පංතියේ ඇතුලාන්තයෙන් පොහොසත් කොච්චර නම් මිනිස්සු ඉන්නවද. හැබැයි ජීවිත සටනේදී ඒ මිනිස්සු ඔක්කොම ෆේල්.

    ReplyDelete
    Replies
    1. නිකමට වගේ මේ ලිපියත් කියවන්න ආරාධනා කරන්නම්...

      http://www.boondi.lk/article.php?ArtID=669

      Delete
    2. ජීවිත සටනෙදි ෆේල් කියන එක සාපෙක්ෂ දෙය්ක් නේ මචෝ... මෙතන මට තියෙන මල් තමයි ඌට සුදුසුකම් තිබෙද්දි රැකියාව නොදෙන එක... ඩිරෙක්ටර් පෝස්ට් එකක් නෙමෙයි නේ ඉල්ලන්නේ කම්කරු රැකියාවක්...

      Delete
  7. කවි ටික නම් මල් මසුරන්. ඉතාම හොඳයි. මේ කතාව අපිට අපි ගැනම දුකක් කනගාටුවක් ඇති කරනවා. ටිම්රාන් විතරක් නෙමේ අපි කවුරුත් අසරණයි. අපි හිතා ඉන්නව අපි පොරවල් කියලා. නැහැ කවදාවත් එහෙම වෙන්නෙ නැහැ..අපි මොක්කුද? කවි ලිව්ව කියලාවත්, විද්‍යාව කළා කියලවත් අපිට සලකන්නෙ නැහැ මේ රටේ.

    ReplyDelete
    Replies
    1. එහෙම සලකන්න ඕනත් නෑ වෙද මහත්තයෝ... මට තියෙන එකම ගැටළුව සුදුසුකම් තියෙද්දි ඌට රැකියාව නොදෙන එක.. සුදුසුකම් ලෙස ඉල්ලන්නේ පක්ෂයට වැඩ කලේ නෑ කියන එක. මේක මහින්ද හරි කිරිඇල්ල හරි ජෙප්ප්ක් හරි කිව්වා නම් අවුල් නෑ.. ඒත් මේක කියන්නේ යහපාලන රජයක් තුල..

      Delete
  8. //එහෙත් එය නිශ්ප්‍රභා කොට ඇත්තේ පක්ෂයට වැඩ කර ඇති බවට ලියුමක් රැගෙන එන ලෙස දන්වමිනි.// machan is this true ??

    what the fuck bloody so called fucking yahapalane . . damn !!!

    ReplyDelete
  9. ලියුම් වලට තියෙන බලේ. වෙනසත්, වැඩි වෙනසක් නැති හැටි.

    ReplyDelete
    Replies
    1. කිසිම වෙනසක් නෑ... හොරා කන්න දෙයක් නැතිව පිස්සු වැටිලා ඉන්නේ... එහෙම නැත්නම් ආන්ඩුව වැටෙයි කියලා කුඩු කාරයෝ අත් අඩංගුවට ගන්නේ නෑ කියන කෙනෙක් ජනාධිපතිකන් කොරන රටක් කියහන්කෝ..

      Delete
  10. ආයෙනම් මේ හුත්තේ,
    ඉපදෙන්නේ නෑ මුත්තේ...

    ReplyDelete
    Replies
    1. සසර වසන තුරු ගීතය වෙනස් කොරන්න වෙයි වගේ...

      Delete
  11. වෙන රටක පදිංචිවෙලා ඉන්න අපිට ලංකාවට බනින එක තරම් ආතල් එකක් නෑ. තව ලියපන් මචන් ඔය වගේම.

    ReplyDelete
    Replies
    1. මචං, 'මාතා' වගේ උන් මේවා ලියන්නේ 'ලංකාවත්' එක්ක තියෙන තරහකින් නෙවෙයි.

      'ලංකාවට' තියෙන සැබෑ ආදරයට.

      Delete
  12. පෝස්ට් එකක් දාන්න ඕන නිසා අමුණලා දාපු පෝස්ට් එකක් වගේ. මාතලන්ගෙ අනික් ලිපි කියවද්දි දැනෙන හැඟීම මේක කියවද්දි ආවෙ නෑ. කොලිටියෙ අවුලක් වගෙ. කමක් නෑ. හොඳම බෝලර්ස්ලා අතිනුත් ඉඳල හිටල වයිඩ්, නෝ බෝල් එහෙම යනවනෙ.

    [බොක්කෙන්ම එන අවංක අදහස කිව්වෙ. අවුලක් නෑනෙ? :)]

    ReplyDelete
    Replies
    1. ඔබ හරි.... මේ මොහොතක සුව දෙන බුකියේ දඩි බිඩි ගාලා දාපු ඒවා දෙකක්...

      Delete
  13. //ඉපදුනොත් අනා තයි
    ආයෙමත්
    මේ #ත්තෙ.... //


    නෑ මචෝ, අප්සෙට් එක තියෙන්නෙ මේ "#ත්තෙ" නෙවෙයි. මේ "#ත්තෙ සිස්ටම්" එකේ.

    ඒකට හොඳම උදාහරණය තමයි ඔස්ට්‍රලියාව වගේ රටවල සේවය කරන ලංකාවේ GMOA දොස්තරලා.

    උන් මේ රටවලට ඇවිල්ල මේ රටවල තියෙන සැබෑ 'යහපාලන' සිස්ටම් යටතේ රෝගීන්ට ඉතා කාරුණික සේවයක් ලබාදෙමින් බොහොම ලස්සනට සේවය කරනවා.

    එහෙම නැතුව ඒ එකෙක්වත් මේ රටවලදී ඩියුටි ෆ්‍රී වාහන, දරුවන්ට ලොකු ඉස්කෝල, වැඩි පඩි වැනි බඩගෝස්තරවාදී ඉල්ලීම් වෙනුවෙන් රෝගීන් බිලිදෙන විදියේ වර්ජන හෝ උද්ඝෝෂණ කරන්නේ නෑ.

    මේ '#ත්තෙ' සිස්ටම එක තියෙනකං ටිම්රාන්ලයි, අපියි, රටයි වලේ. රත්තරංලගේ රැහේ බයියොයි, ටොයියොයි ඔක්කොම ගොඩ.

    ReplyDelete
    Replies
    1. සිස්ටම් එක වෙනස් කරන්න වෙන්නේ උඹටයි මටයි තමයි...

      Delete
  14. මම නම් හිතන්නෙ ටිමාට වැලපුනා හොදටම ඇති කියාය.....රස්සව නෙවේ මම හිතන විදිහට ප්‍රශ්නෙ ඔහුගෙ අතේ තියන ලෙඩේ....ඒකාට ප්‍රතිකාර කාරන්ඩ කට්ටියට පොඩි උදව්වක් වෙනඩ පුලුවන්නන් හොඳයි නේද?තාඅම ටිමාවත් මේ ගැම කිසිම සටහනක් තියල නෑ...මම හිතන්නෙ ඔහු මේ දේවල් හිංද පීඩනයක ඇත්තෙ...

    ජය මාතෙ!

    ReplyDelete
    Replies
    1. ඊට වඩා වටිනවා ඌ ඉල්ලපු රැකියාව ලබා දීම...

      Delete
  15. I happy mahinda people in the trubals. That god give punishments to they.

    ReplyDelete
  16. කවිය කියෙව්වට පස්සේ කියන්න තියෙන්නේ ඉතිං, 'සාදු කියන්න පින්වත්නී සා...............' කියලා තමයි.

    ReplyDelete
  17. අර රත්තරනයා ගැන නම් කතා කරලා වැඩක් නැහැ,.

    එත් ටිම්රාන් ගැන නම් කතා කල යුතුමයි. ඒ අපිත් එක්ක ජීවත් වෙන සහෝදර කවියෙක් නිසයි.

    මාතො, උඹ හිතන පරිදිම කරු පරණවිතානගේ අවධානය යොමු වෙනවා නම් බොහොම අගෙයි.

    ReplyDelete
    Replies
    1. කරූලට මෙහෙම දෙයක් වත් කරන්න බැරි නම්, එයාලගෙනුත් වැඩක් නෑ කියලා තමයි කියන්න තියෙන්නේ...

      Delete
  18. මල්ලි සුනිල් සාන්ත රේඩියෝ හදාපු රට මේක

    ReplyDelete
    Replies
    1. රාගම ඉන්න එකා නේද? ඌට රේඩියෝ දෙන්න එපා මචෝ කනවා.

      Delete
    2. කරෝල විකනපු කතාවක් නේද කියන්නේ...

      Delete
  19. MILF bikini models of Sri Lanka.
    http://www.saaravita.lk/events/431094/colombo-fashion-week

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ගෑනු කොච්චර චොරද කියනවනම් ෆැෂන් ෂෝ එකකට ගන්න ලස්සන කෙල්ලෙක් නෑ ඒකටත් ඉන්නෙ පිටරට මොඩල්ස්ල. පෝලන්තෙ ස්වීඩන් වගේ රටක ඉපදෙන්න ප්‍රාර්ථනා කරපන් වෙන මුකුත් නෙමේ සුරන්ගනාවියො වගේ කෙල්ලො ඉන්න හින්ද.

      Delete
  20. කාලින රචනයක් මාතලන්... මොකද කියන්නේ ඇති හැකි බ්ලොගේර්ස්ලා ගොඩක් ඉන්න එකේ කට්ටිය එකතුවෙලා ටිම්රාන්ට ස්වයං රැකියාවක් පටන් ගන්න උදව් කරමුද ? නෙළුම් යාය , අපේ කලාහිතලා එහෙම පෙරමුණ ගත්තානම් වැඩේ නැගලා යයි.. අපිටත් පුළුවන් හැටියකට උදව් කරතහැකියි. කලා කරුවෙක් නිසා රජයේ රැකියාවක් ඉල්ලනවාට වඩා දහස් ගුණයක් වටිනවා තමන්ව අගය කරන මිනිසුන්ගේ උදව් ඇතිව තමන්ගේම වැඩක් කරනවා .. මාතලන් ට වුනත් පුළුවනි ලීඩ් එක ගන්න...

    ReplyDelete
  21. පෙනෙන්න රණ්ඩු වෙලා නොපෙනෙන්න ඩීල් දාන උන් එක්ක මොන සමාජ සාධාරණයක්ද..
    ජයවේවා..!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න