.

.

Aug 29, 2016

රෙද්දේ සංහිදියා - Intractable Coexistence


 

රෙද්දේ සංහිදියා   
************  
ලිව් වාට පොත් තමිලිනි
ගත් තාට පොත් දුවමිනි
වැඩක් නෑ පද්මිනි
නිවෙන් නෑ බං ඒ ගිනි


උතුරට මුකුත් නැත
ට්‍රිපක් පමණක් යත
පොටෝ යහමින් ඇත
එහෙත් සහ ජීවනේ නම් නැත

නඩරාජා උතුරු කරේ
අපෙ රාජලා දකුණු කරේ
කඩු පොලු ටික අයින් කරේ
ආයෙත් ගන්නමලු දොරේ

එහේ ඉන්න තංගම්මා
මෙහේ ඉන්න අපේ අම්මා
ගින්දර දිගටම දැම්මා
ඇවිලේ නැතිවම නිම්මා

අනේ තොපේ සංහිදියා
දෙමලා හැමදා කොටියා
උතුරට මක්කත් නැතියා
ෆයිටර් ජෙට් එන සැටියා

යුද්දේ නතුව පාලුයි බං
සුද්දේ නතිව පාඩුයි බං
ගින්නට පිඹපං මදි දුම්
සංහාරය අරඹමු බං

කලටි පෝල් වැල් බයිලා
කොමිසොන් නම් වැහි වැහලා
උතුරු දකුණ එකතු වෙලා
වනසමු මුන් ගිනි තියලා


-x-

- මාතලන් -

20 comments:

  1. හැබෑය අලුතෙන් පයිටර් ජෙට් ගත්තයි කියන්නේ ..

    ReplyDelete
    Replies
    1. Indian or Pakistan ?

      Delete
    2. දොස්තර මාෆියාවට ගහන්න නේ...

      Delete
  2. පහන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
    ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං :)

    ReplyDelete
    Replies
    1. දෙයියන් පල් වී ඇත...

      Delete
    2. දෙවියන් නැති තැනකට යන්න ඕන.

      Delete
  3. හිතට එන කථා
    හොදින් එකට කලතා
    දුර දිග නොසිතා
    දෙසයි උන් බලයම පතා

    හුස්මක් ගන්නට නං
    නිදහසේ සීතල හුළං
    එළවා දමන්නට උං
    පෙලගැසෙමු අපි අදම බං

    උතුරෙන් වගේම දකුණෙන්
    එක්වී එකා වන්
    පන්නා දමමු උන්
    නැතිනම් රට සුනේ සුන්....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බෑ නේ...
      අම්මා කියා තිබෙන්නේ..
      මැරිය යුතුමයයි කියා..
      අවසාන දෙමළා තෙක්ම..

      Delete
  4. "උතුරු දකුණ එකතු වෙලා
    වනසමු මුන් ගිනි තියලා"

    මාතට මේක ඉබේ ආවද නැහ්නං හිතල කීවද ??? මේක තමයි චිරාත් කාලයක් කියන්නෙ. ඒත් තේරුම් ගන්නෙ නෑනෙ - නෑ නෙමෙයි ඕන්නෑ මයි හිතේ-

    ReplyDelete
    Replies
    1. තුන් හතර පාරක් දෙගොල්ලොම ට්‍රයි කරා කොහෙද මේ කාලකන්නි නේ දින්නේ...

      Delete
    2. අපිම තමයිබං මේ කාල කන්නින්ව දිනවන්නෙ

      Delete
  5. උතුරට මුකුත්ම නෑ කියන එක නම් පිළිගන්න අමාරුයි. මට කියන්න පුළුවන් සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇථුලේ දේවල් විතරයි.

    ඇම්බියුලන්ස් එකක් හරියට නැති රෝහල් දකුණේ තියෙනවා. යාපනය දිස්ත්‍රික්කයේ ඇම්බියුලන්ස් හැම රෝහලටම තියෙනවා වගේම ඇම්බියුලන්ස් පූල් එකකින් අමතර රාජකාරි ආවරණය වෙනවා.

    යාපනයේ රෝහල් වලට සෑහෙන්න උපකරණ සහ භෞතික සම්පත් තියෙනවා. නැත්තේ මානව සම්පත්.

    යාපනේ මිනිස්සු ඩයස්පෝරාව නිසා කම්මැලියෝ වෙලා. පිටරටින් සල්ලි එන නිසා මහන්සි වෙලා වැඩ කරන්න කාටවත් ඕන නෑ.

    ReplyDelete
    Replies
    1. උතුර කියන්නේ යාපනේ ඉස්පිරිතාලේ නෙමෙයි බං

      Delete
  6. උතුරේ නැති බැරි මිනිහා
    දෙමළ නිසා බොට *කිලා
    දකුණේ නැති බැරි මිනිහා
    යුද්ධෙ නිසා බොට *කිලා
    කිය කිය රට ගිණි තිබ්බා
    මැති ඇමතිල සැප ගත්තා
    ගත් සැප තව මදි කියලා
    ජහමනයට තව ඇරලා
    ජෝඩු වෙලා හැමනෙනවා

    ජයවේවා..!!

    ReplyDelete
  7. දෝරේ ගලන යහපාලනේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න