.

.

Oct 17, 2016

ජම්බූ ගහෙන් වැටුන මල්වර නැකත - Menses & Censors



රෝස කැලයෙන් ආව රතු රෝස මල්    කැකුළි
උඹේ පා තැවරු තැන පිපුනි රතු මල්        පියලි
එහෙත් අද උඹ නැතිව ගඟ අසල තන      පිඩලි
කොයිද ඒ සෙව්වන්දි විමසාවී ඟං        කොමලි

ගැට පේ කිරි රසද බලන්නට හැකි       වේද
බන්ඩි කුඹුරක පහස කිති කවයි මගේ      හද 
මුව අයා බලා හුන් සියොත් කැල විම      සාද
ප්‍රේමයට පහස දුන් තුරු ලතා වැල       පේද

සුදෝ සුදු කිරි ගරුඬ ගල් අතර ගලා            ගිය
හඬ දෙමින් පෙන නැඟු ජලපහර නිමා         විය
සෙල්ලමට මෙන් පෙමට ලැබු පහරවල්      නිය
වේදනා දෙයි ගතට සිසිලසක් නැතේ           දිය 

මල් වරවු නැකත මුලු පව්ලටම  බෝ      සුබලූ
නාව ගෙට ගන්න තුරු උඹ දකින්නට     බැරිලු
ජම්බු ගහකින් වැටී කියයි ගම් රෑන        කොලු
මින් පසුව ගැට පේර කන්න නම් බැරි      වේලූ

- .oOo. -

50 comments:

  1. ගැට පෙර මක්කටෙයි? ටිකක් ඉවසලා හිටපන් පැණි දොඩම්, රන් තැඹිලි, කන්න පුළුවන්. හැබැයි ඉතිං වැටකොළු තමයි අන්තිමට ඉතුරුවෙන්නේ.

    හොඳ කවි සංකල්පනාවක්, හොඳ පද සංයෝජනයක්.

    ReplyDelete
    Replies
    1. බෑ නේ... කෑළි කෑළි කපලා මූදේ දැම්මත් කවි සංකල්පනාව ආපු එකාට දෙන්නෙම නැතෙයි කිව්වනේ...

      Delete
  2. අන්නේකයි උඹ කවි කිව්වම හරි අගෙයි.. අර උඩුරාවනත් එක්ක උඹ උඩුගුවනට ගිහින් තියෙනෝ දැක්කා.. හැක්.. ජය

    ReplyDelete
    Replies
    1. උගේ ආසවක්නේ... ඌව අල්ලනවට වඩා ලේසියි හිටන්ව අල්ලගන්න එක..

      Delete
    2. මේ අවුරුද්ද පටන් ගනිද්දි ඇතිවුණ ආසාවක් ඊයෙ තමා ඉටු කරගත්තෙ

      Delete
  3. මාතලං ගුරුතුමාට පරණ සිද්ධියක් ඊයේ හීනෙන් පෙනුනා නේද හික් හික්. කොහොම උනත් පොඩිකාලේ කැලේ පැනලා, ඇලේ නාලා, ගලේ නැගලා ගැට පේර ඇඹුල් පේර කාපු එකේ ආතල් ගතිය අද ස්විමන් ෆූල් එකක නාලා, චයිනීස්, තායි, රුසියන් කෑම කාලා, සැප මෙට්ටයක් උඩ නිදා ගත්තට දැනේනේ නෑ නේද.

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නම් නෑ.. මාතලන්ට ඕන තැනක් දිවිය ළෝකයක්...

      Delete
  4. ගැට පේර මක්කැයි කන්න බැරි

    ReplyDelete
    Replies
    1. නඩු දාන්න ඕනේ මේ දෙන්නට

      Delete
    2. ඒ මොකටද Ajith Dharma?? ගැට පේර යනු රස පළතුරක් නොවැ

      Delete
  5. කබාය ඉරිලා ඊට කමක් නෑ කවුරු බලන්නද කවුරු දකින්නද? 🙈.. මේ දෑස මක්කටෙයි කියල හිතුන බන්... පස්ට කවි පෙළ... 🎶🎶👊🏽

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා මෙයා... තාමත් පින ඵල දෙන වෙලාවන් නැතුවාමත් නොවේ... ඒත් ගැට පේර නම් නෙමෙයි...

      Delete
    2. පින් එලදෙන ?

      Delete
  6. ගැට අන්නාසි නොකා ඕනෑ එකක් හිටන්!

    ReplyDelete
    Replies
    1. කිසිම දැණීමක් නැතිවත් ඒ කාළේ උන් අතින් ඒ වගේ දෙයක් උනේ බොහෝම කලාතුරකින්... මොකෝ ගොඩක් වෙලාවට පිටකෝට්ටෙම නේ සෙල්ලම් කලේ.... ඇතුල්කෝට්ටේ සෙල්ලම් කලේ ඇන්ටිලත් එක්ක..

      Delete
  7. දං කැලේ හැංගිමුත්තන්
    ඇටඹ ගහයට වලේ දියසුළියේ ආලවට්ටං
    චීත්ත ගවුමේ මල්‍ රටා ඉඟිකරනා
    ආරාධනා ගම්මුන්ගෙන් හංගං
    අරගෙන ගොහින් ඈ කිලෝ පේර විකුනන අබරං...

    ReplyDelete
    Replies
    1. හික්ස්... හොඳ වෙලාවට අපේ කාළේ බාල අපචාර, කාන්තා අයිතිවාසිකම්, මානුෂික අයිතිවාසිකම් වගේ ඒවා නොතිබුනේ.. එහෙනම් අපි ඔක්කෝම හිර ගෙවල් වල...

      Delete
  8. ආදි කාලේ මතක් වුණා. මරු කවි පන්තිය මාතෙ.

    ReplyDelete
  9. ඔ්නෑකම නෑකමටත් වඩා ලොකුවුන හින්දා අපි නම් ගැටපේර කෑවේ නෑයන්ගේ වතුවල තමයි.

    ReplyDelete
    Replies
    1. ඥාතී සංග්‍රහය හොඳ දෙයක්ය කියලා බුදු සාධුත් කියලා තියෙනවනේ...

      Delete
  10. ඔන්න ඒ කයිය නම් මටත් කිරි ගහට මෝල්ගහෙන් ඇන්න වගෙ තේරුණා.. සමහර කවි තියෙනවා බං මට හිතෙනවා මම මෙච්චර මෝඩද මේක තේරෙන්නෙ නැත්තෙ කියලා. :D

    ReplyDelete
    Replies
    1. එහෙම තේරෙන්නේ විඳපු නිසා... අනෙක්වත් ඔය වගේම තමයි.. හැබයි අපි ලියපු එකාගේ බූට් එකට බහින්න ඕන...

      Delete
  11. බනිස්,ගල් බනිස් වීම සහ ජම්බු, පිනි ජම්බු වීමේ කතා පුවත...

    ReplyDelete
  12. මේ සින්දුවෙ අර්ථය ආයි හිතල බලහන්, ඔයි කවිය ලිව්ව හිතෙන්ම.

    සුදු පාට රැලි ගවුම කරදාසි සිරි සිරිය
    වැහිදාට තෙත බරිත වීදෝ
    හුණු කූරු ගෙවිලා සිතුවම් පොතේ
    ඇඳුනේම බලි රූප නේදෝ

    ගඳපාන ගැට පේර නෑ දැන් වැටෙන්නේ
    හැමදාම දැන්නම් අවාරේ
    මගෙ පන්තියේ උන් මා දැන් කොහේදෝ
    මොනවා උනාදැයි නොතේරේ

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් විඳින්නගේ දක්ෂතාවය...

      Delete
  13. ගැටජම්බු ගැටපේර ආදියේ රස බලපු කාලය මතක් උනා බං. පැණි බේරෙන පට්ට කවි ටික යකෝ.

    ReplyDelete
    Replies
    1. මොන කරුමෙකටද මන්දා.... මේ සිතිවිල්ලක් ජනිත උන ගමන්... මට ඉස්සෙල්ලම මතක් වෙන්නේ උඹව....

      Delete
  14. ගැට පෙර නොකෑ කට-- උගේ කට වැඩක් නැත...

    ReplyDelete
    Replies
    1. අද ගොඩක් උන්ට ඒ චෑන්ස් නෑ... අඩුම ගානේ ගම්වලවත්...

      Delete
  15. ගැට පේර කිරි රසද බලන්නට හැකි වේද
    බන්ඩි කුඹුරක පහස කිති කවයි මගේ හද

    - අපොයි මෙහෙමත් පව්කාරයෙක්

    ReplyDelete
    Replies
    1. පවු අප්පෙ උන් ටිකට මාතයියෙ

      Delete
    2. බුදු හාමුදුර්වෝ බුදු වෙන්න ගියෙත් ගන්න පුළුවන් ආතල් ඔක්කෝම අරගෙන ඉවර උනාට පස්සෙ ලොක්කෝ...

      Delete
  16. අඩේ අන්න ඒකනම් තේරුණා ලෙසටම...
    අපිත් ඉතින් කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ ඥාති සංග්‍රහ හරහා ගැටපෙර රහ විඳලා තියෙනවා...
    දැන් අඩුවක් නැතුව හෝටල් වල සහ දන්සල් වල ඔය තියෙන්නේ ඇති පදං...

    ReplyDelete
  17. මින් පසුව ගැට පේර කන්න නම් බැරි වේලූ
    ට්‍රයි එකක් දුන්නොතින් අබ්බානක ගුටි කයිලූ

    ReplyDelete
    Replies
    1. ඔහේට නම් කිසි අවුලක් වෙන්නේ නෑ... තාම 18-20 මූණක් තියෙන්නේ...

      Delete
  18. මේ ඉතින් පොලිටිකල් ඒව ලියලා කෑ ගහන මාතලන්ම නොවැ. වැඩිය එළියට නොපැන්නට මරු කවියෙක් මේකා අස්සෙ ඉන්නවනේ. මරු ඈ..

    ReplyDelete
    Replies
    1. ලැජ්ජා හිතෙන කතා කියන්නෙපා දිනේස් කොලුවෝ....

      Delete
  19. මොකෝ බැරි ගැට පේර කන්න මින් පස්සේ මට
    හැම එකම කන්න හැකි නම් තාමත් නුඹට
    තිර රෙද්ද මෑත් කර බලාපන් අවැසි නම් නුඹට
    දැනේවි මෙතෙක් නොවිඳි හැම රසම නුඹට

    ඟං දිය කිසිදා ගලන මඟ නොනවතී
    ඟං මෝය දකින තුරු ගලායයි නොනැවතී
    සියොලඟම සලිත වු නුඹේ දෑත නොනවතී
    ගිනියම් වූ සිත දවයි නුඹ යදියි නොනැවතී

    රතු රොසේ මල් පෙත්ත නුඹේ පයට පෑගිලා
    ගැලූ කඳුලු බිඳු යාවි ඟං දියේ පාවෙලා
    එන්නෙපා ලං වෙන්න ඟං කොමලි දුර ඈත යයි ගලා
    රතු රෝස පිපුනාවේ දෙන සුවඳ නැවිලා......

    ReplyDelete
    Replies
    1. අපූරු පිළිතුරු කයිය... ස්තූතියි

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න