.

.

Oct 19, 2016

දිල්රුක්ෂි නෝනේ, රාජිත දොඩන්නේ ඇත්තෙයි....? - Who lets the dogs out...?



අපේ ගීත සාහිත්තෙත් අමුතු අමුතු කේස් තියෙනවාය. අම්මට සිරි ලංකාව ගැන කියන ගීත වලට කියන්නේ ජාතිකාභිමානි ගී කියලාය. ඒ ගී වල තියෙන අකුරු හෙවත් ගේය පද රචනාවද මක්කද එකේ තියෙන්නේ අම්මට සිරි ලංකාවේ සිරි විභූතිය ගැනය. ඉන්දියන් සාගරේ අමුතු ඇටේට ජාතික ගීයක් ඕනෑ උන වෙලාවේ මෙහෙම සින්දු සෑට් එකක් ලියවිලා තියෙනවාය. අදටත් ටිපක් එහෙම යන වෙලාවටත්, දෙකක් දාගෙන ආතල් එකක් ගන්නා වෙලාවටත්, කියන්නේ ඒ ගීතය. 

මාතලන් මේවායින් ආසම එක, "හෙළ ජාතික අභිමානේ..." නම්, සී ටී ෆර්නෑන්ඩු නම් විශ්ව කර්මයාගේ ගීයටය. එයිට පස්සේ, සිරිමා කරත්තේ බැඳගෙන ලන්ඩන් සමාජවාදි කාරයෝ ඒ ඇටේ අපායක් කරපු කාලයෙත්, උදේ හවා ඇහුනේ, ජාතිකාභිමානි ගීතමය. ගුවන් විදුලියට අරක්ගත් සුභාවිතා ගාන්දර්වයෝ හා ගාන්දර්වියෝ නම් කුම්භාන්ඩයින් පිරිසක් විසින් ලියාපු, අමරදේව, නන්දා, ටී ඇම්, අයිවෝ එහෙම ගායනා කොල මේ රටේ නැති, ඒත් වෙන කොහේදෝ රටක තියෙන ලෝකෙන් උතුම්ම රටක් ගැන සින්දු වගයක් ගියේය.

ඔය ආකාරයට යුද්ධ කාලයේ සෝල්ජර්ලා වගේම, සිවුරු දාගත්ත මිනිමරුවෝ ලියාපු ගීතත් නැගලාම ගියේය. පට්ට සීන් එක කියන්නේ මෙයින් සම හරක් ගීත කිව්වේ විප්ලව ගීත ගායනා කල ජාතියේ මහා ගායිකාවන්ම වීය. ඔය කොහොම කොහොම හරි මේ අංජබජල් අස්සේ, ජාතික ගීය ලෙස ගායනා කළ හැකි ගී දෙකක්ම "දීපාල් සිල්වා" ගායනා කොලත් ගීත දෙකම මහින්ද ලොක්කා විසින් තහනම් කොලේය.

ඉන් එක් ගීතයක් "ඔළුව තදින් නරක් වෙච්චි... මිනිසුන් පිරිසක් පිරිච්චි.." නම් ජාතික ගීතයට සුදුසු ගීතයයි. අනෙක් නම්, "කන්න දෙනවා නම්... අපිට බොන්න දෙනවා නම්.. මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නේ..." කියනා එකයි.. ඉස්සර සින්දු හෝ බයිලා අහන්න ගායකයෙක්ම් ඕනා උනාට, දැන් රටේ නායකයා හා ඇමති මණ්ඩලේ ගහනා බයිලා නිසා මිනිසුන්ට සංගීත බලන්න යන්නට ඕනා නැතිය. අපරාදේ කියන්නේ, ටැලිවිසොන් එකේ හැම චැනල් එකේම ඒවා නොමිලේම පෙන්වන නිසා, ගෙයින් එලියට බහින්න, වැස්සේ තෙමෙන්න, ඔළු පලාගන්න වගේ එවා වෙන්නේත් නැතිය. 

මෙහෙම බයිලා ගහන්නේ වෙන කොරන්න දෙයක් නැති නිසාය. ලොක්කාගේ පුතා බේරා ගන්නට අප්පුච්චා නැගලාම යන බයිලයක් ගැහුවේය. බයිලේ කොච්චර නැගලා ගියාද කියනවා නම්, හිටපු ජාතියේ අප්පුච්චයි එයාගේ රිලවයි කම්බා හොරුනුයි ඉතරක් නොව හැම එකාම තරඟෙට බයිලා කියන්න පටන් ගත්තේය. සම හරක් කියන විදියට එයා කියපු බයිලේ අපිට තේරිලා නැතිය. සම හරක් කියන්නේ අපි බයිලේ පටලාගෙන කියලාය. කොහොමින් කොහොම හරි උනේ, මක්කා හෝ දෙයක් කරනවා කියා පෙනුන උන්, දෙපැත්තෙන්ම හොඳි නැතිවම කාගෙන, අල්ලස් හා දුෂණ එකේ ලොක්කිට ගෙදර යන්න වීමය. 

ඊයේ රාජිත කියනා විදියට යහපාලනේ ගේන්න බැරි දිල්රුක්ෂිලා වගේ අය නිසාය. ඇත්තටම නම් රාජිතලා දිල්රුක්ෂිලාට පින් දෙන්න ඕනාය. හරියටම රස්සාව කොලා නම්, රාජිත ලොක්කා ඊයේ ඉන්න ඕනා ප්‍රෙස් කොන්පරන්ස් එකේ නෙමේය, වැලිකඩය. සමහර වෙලාවට එයාට තද වෙලා තියෙන්නේ, එයාව අල්ලලා ඇතුලට නොදාපු එක වෙන්නත් ඇතිය. මොකෝ එයාලා ආවේ යහපාලනයක්ද මක්කද මළ විගඩමක් කොරන්න කියපු නිසාය.

මේවාට බයිලා නොකියා වෙන කියන්නේ මොකක්ද කියා අපට නම් තේරෙන්නේ නැතිය. විධායකේ අත් අරිනවා කියා බලේ ගත්ත ලොක්කා කියන්නේ, දිල්රුක්ෂි නෝනලා කරන ඒවා එයාට කියන්නේ නැතිව කොරනවාය කියලාය. රාජිත කියනා විදියට ඒ නෝනා සිරිසේන ලොක්කාට කියන්නේ නැති උනාට ඔක්කෝම ටික මහින්දට කියනවාය. ඇත්තටම එහෙම එකක් උනා නම් බොහෝම කැතය. මහින්දලාගේ එකවුන්ට් එකේ සල්ලි ගන්න එමිරේට්ස් වල එමීර් තුමාට ලියාපු ලිපිය මහින්ද මහත්තයාට පෙන්නුවා නම්, ඒක හෙණ ගහනා අපරාදයක්ය. ඒ අස්සේ බුද්ධි අංශේ ලොක්කා එලවලා කියලා කියනවාය. මේ කේස් දෙකෙන් අපිට නම් ලකුණක් දිය හැක්කේ දෙවනි කාරණාවට පමණමය. 

සිරිසේන ලොක්කා ළඟ මෙන්ම ආන්ඩුවේ ඉන්නේ ඔක්කෝම මහින්දගේ බත් බැලයන්ය. උන් මහින්දට හැම දේම කියනවා කියන එක ලොක්කා දන්නේ නැති උනාට දේශපාලනය ගැන දන්න හැම එකාම දන්නවාය. කැබිනට් එකේ ඒවා නොව, සිරි ලංකා නිදහස් පක්ෂේ කන්ඩයමේ වෙන ඒවාත්, දෙන්නා තුන් දෙනා කරනා කතාත් මහින්ද මහත්තයා දන්නවාය. කොහොම නමුත් දේවල් සිද්ධ උන ආකාරයට නම් අපිට කීප දෙනෙක්ම සැකය. පළමු කෙනා අධිකරණ ඇමතිය. සමහර විට දිල්රුක්ෂි නෝනා මේක නීතිපති දෙපාර්තමේන්තුවට දැන්වූවාම, එතනින් ඇමතිටත්, ඇමතිගෙන් මහින්දටත් යන්නට ඇතිය. එමෙන්ම කවුරුත් දන්නා පරිදි, ජනපති ලේඛම් හා ආරක්ෂක ලේඛම් යන දෙන්නාම මහින්දගේ බත් බැලයන්ය. එතන තවත් සැකයකි. 

මේ සියල්ල බොරු නම් රාජිත කියන්නේ බොරුවක් වෙන්නත් පුළුවන්ය. කෙසේ වෙතත් එකවුන්ට් එක ගැන ඉන්ෆෝමේසොන් අල්ලස් කොමිසමට දීමෙන් පසුත් එකවුන්ට් එකෙන් සල්ලි දෙසරයක්ම ඇද තිබිමේ හේතුවත්, බොහෝ පිරිසක් ඩීල් කාරයන් ලෙස මතුවීමත්, තවත් බොහෝ කරුණුත් සලකා බැලූ කල, මේන් මෙහෙම සම්භාවිතා කීපයක් අපට සාදා ගත හැක. 

1. දිල් රුක්ෂි නෝනා මහින්ද මහත්තයාට ගින්න දීම
2. මහින්ද මහත්තයා දිල් රුක්ෂි නෝනාගෙන් ඉන්ෆොමේසොන් ගැනීම
3. මෛත්‍රී ලොක්කා මහින්දට ගින්න දීම
4. මහින්ද ලොක්කා මෛත්‍රි ලොක්කාගෙන් ඉන්ෆොමේසොන් ඉල්ලීම 
5. තුන්වන පාර්ෂවයකින් ගින්න මහින්ද මහත්තයාට දීම
6. මහින්ද මහත්තයා තුන්වන පාර්ෂවයකින් ඉන්ෆොමේසොන් ඉල්ලීම. 
7. නීතීපති දෙපාර්තමෙන්තුවෙන් ලීක් වීම. 
8. අල්ලස් කොමිසමෙන් ලීක් වීම.
9. රාජිත පුවත් පත් සාකච්ඡාවේදි බොරු කීම.

කෙසේ වෙතත් මාතලන් නම් හිතන්නේ මෙයින් 3 හා 5 යන ඒවා සිඳුවිය හැකි දේවල් බවය. 

කොයින් කොහොම උනත්, මෙයින් නම් උනේ, කෙලින් වැඩ කලා කියා පෙන්නු දිල්රුක්ෂි නොනා ඩීල් කාරයෙක් කියා එලිපිටම ඔප්පු වීමය. නෝනා නිවැරදි නම්, රාජිත කියන්නේ බොරු කියා කිව යුතුය. එහෙම නැත්නම් අපිට සිඳු වන්නේ ලොක්කාට මල පැනීම සාධාරනය කියලාය. 

ඒ වගත් මේසේය. 

50 comments:

  1. තුමා මේ ගලෙන් කුරුල්ලන් කිහිප දෙනෙකු බිම දැම්මේය
    1 නයිට් කල්බ් කේස් එක ගැන කථාව ෂේප් එකෙන් නැවතුනේය. දැන් කට්ටියගේ කථාව දිල් ගැනය
    2 ශ්රී් ලංකා එකේ මහින්ද/ මෛත්රී පාර්ශව දෙකේම මන්ත්රී්න්ට, ඇමතීන්ට ෆන් එකක් දී වීරයා විය. දැන් ඒ සෙට් දෙකම “අන්න දැක්කද ලොක්කට දැන් තේරිලා“ කියති.
    3 ලඟදීම තනි ශ්රීැ ලංකා ආණ්ඩුවක් හැදීමට දුන් සිග්ලන් එකක් හැටියට පෙන්නා කාට කාටත් පොඩි මොරාල් අප් එකක් ලබා දුන්නේය.
    4 මේ සියල්ලටම වැඩියෙන් මේ ආණ්ඩුවේ ලොක්කා අගමැති නොව ජනාධිපති බව පෙන්වා දුන්නේය.

    ReplyDelete
    Replies
    1. එයාලට විතරක් නෙමෙයි ඔක්කෝටම ෆන් දෙනවා ඉස්සර කාලේ කිං කැකිල්ලේ වගේ දැන් කාලේ නම් ආටක නාටක එකේ සුරන් වගේ...

      Delete
  2. ඔය ෆොටෝ එකේ ඉන්න මනුස්සය ඉල්ලා අස් වෙලාද බන්? එහෙනම් ඒ මනුස්සයාගේ වේකන්ට් උන පොසිෂන් එකට මමනම් නොමිනේට් කරන්නෙ
    01. නාමල් බබා
    02. විමල් වීරවංස මහතා

    ඔතෙන්ට ඔහොම එකෙක් නාවොත් තමයි පුදුමෙ බන්.

    ඔන්න උබේ පිළිවෙල අනුව නොම්මර 03 කියල කියනව. ඒත් මේ සිරි ලංකාවේ සොරි අම්මටසිරි ලංකාවේ උබ ලියපු ඔක්කොම දේවල් වෙන්නත් බැරි කමක් නැහැ.

    මොකද ශ්‍රී ලංකා වෙ තවමත් ජනපති "ශ්‍රී මහින්ද රාජපක්ෂ" මහතා නිසා.

    සුභ දවසක් මාතෙ 👊🏽

    ReplyDelete
    Replies
    1. බුකියේ උන් නම් සජෙස්ට් කොරලා තිබුනෙ මේන් මේ අය.. සමහරක් විට කාන්තාවක් උන්නු නිසා වෙන්ටෑ...

      * ශිරන්ති රාජපක්ෂ
      * ශෂී වීරවංශ
      * චතුරිකා සීරිසේන
      * පවිත්‍රා වන්නිආරච්චි

      Delete
    2. මම නම් හිතන්නේ මේකට හොඳම කෙනා තිරූගේ වයිෆ් නිරූ... නඩුයි, බඩුයි දෙකම එයාගේ.

      Delete
    3. මාතලන්,අරුණ,

      පොඩි වෙනසකටත් එක්ක නිලූකා ඒකනායක හොඳ නැද්ද?

      Delete
    4. එක්ස්පීරියන්ස් මදි යකෝ එක්ස්පීරියන්ස් මදි. අන්න ඒකට ඔය උඩ ඉන්න සෙට් එක.

      Delete
    5. සැලෙන ලෙළෙන දළුව විලස…

      හැක් හැක්

      Delete
  3. මමනම් හිතන්නේ රාජිත මහින්දට ඉන්ෆමේශන් දෙනවා කියලයි. ඕන වෙලාවක දෙපැත්ත බේරගන්න මිනිහ දක්ෂයි.

    ReplyDelete
    Replies
    1. ඒකත් එක සම්භාවිතාවක්.....

      Delete
  4. ඔය දාල තියෙන පින්තූරෙන් ඩිලෘක්ෂි නෝනා පෙන්වන්නේ මෛත්‍රී ගේ අරකේ සයිස් එක කියලා කවුද කිව්වා.

    ReplyDelete
    Replies
    1. ඒ යූ ඇන් පී අය හිතාන ඉන්න හැටි.. ඒ උනාට යූ ඇන් පී ඔක්කෝටම ඇරලා ඉවරයි සිරිසේන ලොක්කා... පෝඩ්ඩක් අත ගාලා බලන්න... ඉයන් ලොක්කට උනත් ෂුවර් නෑ...

      Delete
    2. /*ඔය දාල තියෙන පින්තූරෙන් ඩිලෘක්ෂි නෝනා පෙන්වන්නේ මෛත්‍රී ගේ අරකේ සයිස් එක කියලා කවුද කිව්වා.*/

      ඔය අරක කියල කිව්වේ මොකක්ද?
      පැහැදිලි කලොත් ස්තුතියි

      Delete
  5. මාතේ එදා ඉදන් කීයපු මේ අම්මට සිරි ලංකාව හෙටානිද්දට අම්මට සොරි ලංකාවක් වෙන එක වලක්වන්න සක්කරයාගේ පුතා වයිමා ආවත් බැරිය(හැබැයි බන්දුල ගුණවර්ධනට පුළුවන් වෙයිද කියා මං දන්නේ නැත). කොයි හැටි වෙතත්, ලඟදීම අපි කාගෙ කාගෙත් #@$ටහිකෙන බව එකෙන්ම කිවහැක.......

    ReplyDelete
    Replies
    1. තව ටහිකෙන්න දෙයක් නෑ. දැන් බජට් එකෙන් ආයෙත් බෝතලේට කෙලියාම තව ටිකක් ගෙදර කෑම අඩු වෙන එකයි වෙන්නේ.. බන්දුලට නම් පුළුවන් වෙයි අර හැමදාම ප්‍රෙස් කොන්ෆරන්ස් තිය තියා කියනේ ගෙවුම් සේසේ මෙහෙම වෙන්න ඕනය විදේස සන්චිත අරහෙම තියෙන්න ඕනය වැට් ගහන්න ඕන මෙහෙමය ප්‍රාග්දන බද්ද ගහන්න ඕන මෙහෙමය වගේ කියලා හිටන්... මොකෝ 2500 පවුලකට කන්න දුන්න එකා නේ, ගොනා උනත්....

      Delete
  6. නෝනා නානවනම් නාන්න නෝනා කියලා පඹ ලොක්කා කිව්වා විතරයි නෝනා සබන් නැතුවම නෑවද මන්දා

    ReplyDelete
    Replies
    1. මටත් පේන්නේ නෝනා ඇදගෙනම නෑවා වගේ.... හාම් හූම් නෑ...

      Delete
  7. දැං සතුටුයිද?
    -මීට සාරස

    ReplyDelete
  8. ඔබට සතුටුයිද දැන්?
    මීට ඇනෝ!

    ReplyDelete
  9. අන්න බලන්....සොරිසේන සහ ඔහු ගේ සහචරයන් ට රනිල් තුමා සහ අනෙකුත් රාජකීය ඇමෑත්ත්යෝ සබන් කොල තබා අරිනා අන්දම්......

    ReplyDelete
    Replies
    1. දැන් උන් හොඳ වෙලා හිටන්.
      ඔය සැට් එක තමයි සරසෝ හිටපු එක්කෙනාට සබන් කොළ නැතුවම ඇරියේ.

      Delete
    2. මහින්ද කියන්නේ රාජිත කිව්වොත් කියන්නේ බොරුය කියලා...

      Delete
  10. මේ ආයතන වසා දැමීම හෝ දියකර දැමීමේ උවමනාවේ එක් එක් නාටකීය අවස්තා තමයි මේ එලියට එන්නේ. දීපාල් සිල්වගේ සින්දුව ජාතික ගීය කරලා, ගංජා මල ජාතික පුෂ්පය කරන්න ඕන. එතකොට ජාතික නායකයෙක් ඕන නැහැ.

    ReplyDelete
    Replies
    1. අරුණ,

      එතකොට මචෝ බ්‍රා එක රාජ්‍ය ලාංචනේ කරමුද?

      Delete
    2. නෑ බං. මම නම් කියන්නේ රාජ්‍ය ලාංජනෙට ඩේසි ආච්චිගේ මැණික් මල්ල දාමු. අපේ රටටම ගැලපෙන භාණ්ඩේ. මැණික්නේ.
      බ්‍රා එක ජාතික කොඩිය කරමු. කාටද ආඩම්බර තැන් තැන් වල එල්ලලා තියෙනකොට. උස්සනවා, පාත්කරනවා. පසුබිමෙන් "ඔළුව තදින් නරක් වෙච්චි... මිනිසුන් පිරිසක් පිරිච්චි".වාදනය වෙනවා.
      මරු ඕයි. මම යනවා ජාතික පුෂ්පයක් ගහලා එන්න.

      Delete
    3. මට පේන්නේ රට කරවන උන් මල් ගහනවද කොහෙද බං....

      Delete
    4. අරුණ,

      කොමොමද මගුල් ගෙවල් වලට පාරේ අලුත් ජාතික කොඩි(ය) දාල තියෙනකොට.
      මැවිලා පේනවා මචන්!

      Delete
    5. මොන පාටද බං ඕකට හරියන්නේ.

      Delete
    6. මචෝ මේක නැගලයනවා.
      පාර හරහට ලනුව ඇදල නේ කොඩිය දාන්නේ. අපි මචන් අර බකට් එල්ලෙනවා වගේ හත අටක් වත් එල්ලෙමු. එකක් විතරක් එල්ලලා ගතියක් නෑ.
      කොපිරයිට් එක ඉක්මනට රිජිස්ටර් කරමු මචෝ නැත්තන් 'ඉයනය' ඇවිල්ල එකයි එල්ලන්න ඕනේ කියල ස්වයන් වාරණයකට චන්දෙ ඉල්ලවී හිටන්.

      Delete
  11. ඇලඩින් ගේ පුදුම පහන
    දැන් තියෙන්නෙ මගේ ගාව...
    එපා නිවන්න මිතුරෝ
    එපා නිවන්න...

    අලි බබා ගෙ හොරු හතලිහ
    දැන් ඉන්නේ මගේ ගාව...
    කතා එපා මිතුරෝ වැඩි
    කතා එපා මිතුරෝ...

    මළකඩ කෑ කඩු කොපුවේ
    නූලෙනි බොහො තැන් කැපුවේ
    හිත ඇතුලෙන් ලිත ඇතුලෙන්
    දෙවිදියක් ය ලොව හිතුවේ...

    වරම් දෙන්න රැකවරණේ
    හරෝ හරා පිළිසරණේ...

    හරෝ හරා...

    මොකටද මිතුරෝ......

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : වික්ටර් දළුගම
    යුග ගායනය : ෆ්‍රෙඩී සිල්වා සහ නිහාල් නෙල්සන්

    ReplyDelete
    Replies
    1. හුඟ කාලේකින් මතක් උනේ මේ සින්දුව

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. මගේ යාලුවෙක් දිල්රුක්ෂි නෝනට යටවෙලා මළා.

    ReplyDelete
  14. ජාති ආගම් කුල පක්ෂ බේද ටික අයින් කරල දැන් ඉඳන් පාසල් මට්ටමෙන් වත් මොළ ටික හේදුවොත් තව ඇවුරුදු 30කින් විතර මොනව හරි කරන්න පුලුවන් :) ඒත් මොළ හෝදන්න ඉන්න එවුනුත් ඔය මොකක් හරි එකකට බෙදිලනෙ ඉන්නෙ.හදවතින්ම සොරි ලංකා!

    ReplyDelete
    Replies
    1. සංසාරයේදි නොහැදෙන රටක්....

      Delete
  15. කවදා හරි මෙච්චර රැඩිකල් මාතලන්ටයි..අච්චර භාවානායෝගී ඉයන්ටයි... බය සැක පාට පක්ෂ නැති අහිංසාවාදී සිතිවිලි වලින් ජහමනයා හරක්‍ යැයි නොසිතා...තමන්ගේ හැකියාව අම්මට සිරිලංකාව ඊශ්‍රායලය හෝ කැනඩාව නොව අම්මට සිරි ලංකාව මැයි උපකල්පනය කොට මෙවන් අවස්ථාවල්වල හැසිරේයයි සිතමින් උපේක්ශාවෙන් මලා සිටිමි...
    අහිංසකවෙන්න අනේ..!!!

    ReplyDelete
    Replies
    1. උපේක්ශාවෙන් මලා ?

      Delete
    2. මේක ලංකාවෙයි කියලා මාත් හැමදාම කියනවා කෝ අහනවැයි?

      එහෙම හිතුවොත් ඒක ඇරෙන්න ලියන්න දෙයක් නැති වෙන නිසා වෙන්න ඇති

      Delete
    3. බයන්න ගාව නයන්න ඊලඟට මයන්න..කොහොමද අප්පා මයන්න ඉස්සර උනේ...ඔන්න ඔහොමලු උනේ..

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. පැහැදිලි මදි... මම හිතන්නේ හිතේ තියෙන අදහස ලියවිලා නෑ කියලා....

      Delete
  16. ලකා ලක්කාලා කේ.. ලකා ලක්කාලා කේ.. ල-කාලක් කාලා කේ!!
    මාතලන් මේ සින්දුවට මනාප නැතෙයි?

    ReplyDelete
  17. 3 සහ 5 කොහොම වෙතත්, දැන් තුනපහ ගානට අඹරලා දෙන්න යන්නේ. අපිට තියෙන්නේ හොද්දට බැහැලා බලන එක විතරයි අලුත් කෑලි තියනවද කියලා.

    ReplyDelete
    Replies
    1. දන් කන්නේ හොදි නැතුවම....

      Delete
  18. එළ හරකයි මී හරකයි

    ReplyDelete
    Replies
    1. එක එළ හරකෙක්වත් නෑ ඔක්කෝම මී හරක්...

      Delete
  19. දිල්රුක්ෂි තාමත් ආණ්ඩුවේ ලොකු පෝස්ට් එකක් දරන නිසා ප්‍රසිද්ධ ප්‍රකාශ නොකර සිටීම ඇයගේ ශරීර සෞඛ්‍යයට හොඳයි. හැබෑවටම අර නයිට් ක්ලබ් කේස් එකට මොකද වුනේ?

    ReplyDelete
    Replies
    1. මොන නයිට් ක්ල්බ් එකක්ද... කොහේද... කවදද.. මොකක්ද...??????????????

      Delete
  20. මාතලන්ට නොපෙනෙන පොසිබිලිටි

    1. ගිණුම අප්පුච්චාගේ නොවීම
    2. ඉන්ෆොමේසන් හාමු විසින් අප්පුච්චාට විකිණීම

    ReplyDelete
  21. Why this kolavery " Mathe"..

    I don't know why.. ehema venne aye?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න