.

.

Nov 4, 2016

අමරදේව, රසිකත්වය හා සින්ඩ්‍රොමය - Amaradeva, Fans and Syndrome


පට්ට රහ චරිත තුනක්.. - අමරදේව, අජන්තා සහ ජෝතී
මාතලන් අමරදේවගේ නොම්මර එකේ රසිකයෙකි. ඔහුගේ කට හඬට සමකල කට හඬක් මා කිසි දිනෙක් අසා නැත. සුනිල් පෙරේරා හා අමරදේවගේ ගීත අනුකරණය කරනා එකම එක වීඩියෝවක, අමරදේවයන්ට බොහෝ සෙයින් සමාන හඬක් අසා ඇත. අමරදේවයන් සමඟ ජම්මාන්තර වෛරයක් ඇතිකර ගත් කේමදාසයන් ගෙනා W D ආරියසිංහයන්ගේ කට හඬෙහිත් ඒ ගැඹුරු බව හා සංවේදීතාවය ඇත්තේ නැත. අමරදේවලා සිටිය හැක්කේ එකෙකු පමණි. ඔහු අද නික්ම ගොසින්ය.

ඔහු පොඩි මිනිසෙකි. ශරීරයෙන්ද උපතින්ද එසේමය. එහෙත් සංගීතය පිළිබඳ ඔහුගේ දැණුම බොහෝ ඉහළ තලයක පැවතිනි. බටහිර සංගීතය ගැනද ඔහුට හොඳ දැනීමක් තිබින. අදද ඔහු ජනප්‍රියව ඇත්තේ සාශ්ත්‍රීය සංගීතය හේතුවෙන්වත්, උත්තර භාරතීය සංගීතය හේතුවෙන්වත් නොවේ. සුභාවිත සංගීත යැයි කියා ගන්නා  මේ කුළකය මාතලන් නම් දකින්නේ, අමු කුහක කුළකයක් ලෙසින්ය. ඔවුන්ට අනුව පැවතිය යුත්තේ සුභාවිත සංගීතය පමණි. ඔවුන්ගේ තර්කය නම්, මිනිසුන්ගේ ස්වාධීන රසිකත්වයට ඉඩ නොදී ඔවුන්ගේ රසිකත්වය ජනතාවට ලබා දිය යුතු බවය.

මේ කුළකය 70-77 යුගයේදි තම ආධිපත්‍ය ගුවන් විදුලිය පුරා පැතිරූ අතර, ගීත ගැයීමේ අවසරය ලැබුනේ ඔවුන්ගේ පරීක්ෂණ වලින් සමත් වන අයට පමණි. මෙය දේශාපාලන බලපෑම් මෙන්ම, ලිංගික අල්ලසද රජ කළ යුගයක් විය. බෝතලයට සින්දු ලියපු උන්ද, තමන් හා නිදා ගන්නා අය පළවන ශ්‍රේණීයේ අග්‍රගන්‍ය ගායිකාවන් බවට පත් වන්නේද මේ යුගයේය. මේ මාෆියාවේ එක ගොඳුරක් වූයේ අමරදේවයන්ය.

ඔහු පොඩි මිනිසෙකි. ශරීරයෙන්ද, උපන් සමාජය හා පරිසරය අනුවද එය එසේමය. එහෙත් සංගීතය පිළිබඳ ඔහුගේ දැණුම බොහෝ ඉහළ තලයක පැවතිනි. බටහිර සංගීතය ගැනද ඔහුට හොඳ දැනීමක් තිබින. අදද ඔහු ජනප්‍රියව ඇත්තේ සාශ්ත්‍රීය සංගීතය හේතුවෙන්වත්, උත්තර භාරතීය සංගීතය හේතුවෙන්වත් නොවේ. මේ කාළකන්නි යුගයෙන් පසු බිහිවූ ජනප්‍රිය ගීත ගොන්නේ හේතුවෙනි. 

ආර්ථිකය විවෘත වූවා සේම, සෑම ක්ෂේශ්ත්‍රයක්ම විවෘත වන්නේ මෙයින් පසුවය. ලාංකීය සරළ ගීතයට අරක්ගත් මළ පෙරේතයය්න්ට හා කුම්බාන්ඩයන්ට හැමිනිලාම යන්නේ මෙයින් පසුවය. මේ කාළකන්නි සමයේ ජෝතිපාලගේ ගිත පමණක් නොව. ක්ලෙරන්ස්ලාගේ ගීතවටල පවා ඉඩක් තිබුනේ නැත. ක්ලැරන්ස්ලාගේ ගීත වලට විනාඩි 15 ක් ලබා දුන්නේ විජය කොරයා විසින් ක්ලැරන්ස්ලාගේ ගී වලට ඉන්ගිරිසි සේවයේ ඉඩ ලබා දීමෙන් පසුවය.

මේ කාළයේ අමරදේවයන්, ලංකාවේ තවත් අමරවරුන් පිරිසක් වන සේකර, මානවසිංහ, ඩෝල්ටන් අල්විස් වැනි අය සමඟ කලේ අපේ ජන ගායනා උත්තර භාරතීය රාගධාරී සංගීතයට හැරවීමය. එය කිසි සේත්ම අපේ දෙයක් නොවේ. එහි කිසිම ලාංකීය අනන්‍යතාවක් නොමැති අතර අපේ කීමට ඇත්තේ පද මාලාව පමණි. එවකට ඇසීමට වෙනත් ගී නොමැති බැවින්, මේ ගීත බොහෝ සෙයින් ජනප්‍රිය වූ බවද බොරුවක් නොවේ.

අනෙක් පිරිස අසරණව ගියද, ඔනෑම කෙනෙක් සමඟ සිටිය හැකි අමරදේවයන් එයින් පසුව නව පරපුර හා එක් වුනේය. එයට තවත් විශේෂ හේතුවක් විය. ඒ ඔහු සතු වූ ඉන්ගිරිසි දැණීමයි. මෙය සිඳු වන්නේ මෙසේයි. ලංකාවේ සම්භාව්‍ය කළාවක් පටන් ගන්නේ සුද්දාට පින් අත් වන්නටයි. සුද්දාගේ කාළයේ ඉහළ සමාජයට ගිය අපේ පිරිසට රසවිඳිමට අපේ කළාවක අඩුව බොහෝ සෙයින් තිබින. ඒ අඩුව පිරවූයේ සරත්චන්ද්‍ර, චිත්‍රසේන වැනි අයයි. ඔවුන් කලේද අර ගුවන් විදුලියේ අය කලාක් මෙන් අමරදේවය්න්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමයි.

නිකන්ම නිකන් උන්, වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, අමරදේවයන් ලෙස බව්තීස්මය ලබන්නේ ඒ ඇසුරෙනි. මෙය ඔහු ජනතාවාදී ගයකයකු වීමට මග ඇහිරූ තැනයි. 

මාතලන්  සිතන්නේ, අමරදේව ජනප්‍රිය ගායකයකු වන්නේ ගුවන් විදුලි මාෆියාවෙන් මිදුණු පසුව බවයි. අප අතර බොහෝ සෙයින් ජනප්‍රිය, "මහ වැස්සට පෙර", "නිම් හිම් සෙව්වා මා සසරේ", "සඳ හොරෙන් හොරෙන්", "ආරාධනා" වැනී ගීත බිහි වන්නේ, එයින් පසුවයි. මේවා සුභාවිත ගනයට අයත් වන ගීත නොවේ. මේ හේතුන් නිසාද, රූකාන්ත, භාතිය සංතුෂ්, නලීන් පෙරේරා සමඟ එක වේදිකාවේ ගී ගැයීමෙන්ද පමණක් නොව, මෑතකදි උමාරියා සිංහවංශ සමග ගැයූ "හන්තාන සිහිනේ" ගීතය නිසාද ඔහු එවර් ග්‍රීන් ගායකයකු බවත්, අනෙක් කාළකන්නින් මෙන් කුහකයකු නොවන බවත් මනාව පසක් කළේය.



අමරදේව කාළයක් ජීවිතයද එපා වී අන්ත අසරණව උන් කාළයේ ඔහුට පිහිටවන්නට මේ එකෙක්වත් උන්නේ නැත. ඔහු කොතරම් අසරණව උන්නේද යත්, ඔහුගේ කටහඬ මෙන්ම ගාහන හැකියාවද මිය ගොස් තිබින. එවිට ඔහුටම කියා නිවසක් පවා නොතිබින. මේ කාළයේ ඔහුට පිහිට වූයේ සෙලින්කෝ සමූහයේ සභාපති හා සේලාන් බැංකුවයි. මේ අතරතුර කාළයේ නැවතත් අර කාළකන්නි මළ පෙරේතයන් ගොඩ යන්නේ, මහින්ද රාජපක්ෂයන්ගේ වන්දිභඨ්ඨයන් පිරිස වීමෙනි.

උන් කරන්නේ අමරදේවයන්ගේ ප්‍රතිභාව මහින්ද ඉදිරියේ බල්ලාට දමමින් අමරදේවයන්ගේ එළියෙන් ඔවුන් බැබලීමයි. එහෙත් වාසනාවකට මෙන්, උන්ට රජයේ ඉහළ නිල තල හා ඉහඟෙන කෑම ලැබුන බැවින් නැවතත් ගුවන් විදුලියේ සුභාවිත මාෆියාවන් දැමීමට හෝ රූපවාහිනිය කාබාසීනීයා කර දැමීමේ වරම අහිමි විය. මොන ජාතියෙන් උත්සාහ කළද, නව පරපුරට නිගා කළද, ස්වාධීන රසිකත්වයකට උරුමකම් කියන් වත්මන් පරපුරට හානියක් කිරීමට නොහැකි වීම, වත්මන් පරපුරේ වාසනාවක් විය.

මුන් දේශිය සංගීතය කියන්නේ උත්තර භාරතීය සංගීතයටයි. සංගීතය කියන්නේ එය පමණක් නොවේ. අද භාරතයේ පවා නොමැති සංගීතයක් මුන් බලන්නේ බලෙන් මිනිසුන්ට පොවන්නය. රසිකත්වය යනු බලෙන් දිය හැකි දෙයක් නොවේ. ඒය කාළය, දීපය දේශය, පරිසරය, හා තවත් බොහෝ හේතූන් මත තීරණය වන දෙයකි. නිරමාණ කරුවාට ඇත්තේ නිර්මාණය එලි දැක්වීමයි. වැළඳ ගැනීම රසිකයා සතුය. බලෙන් දෙන්න ගියාම වෙන්නේ තිබුන මාරකට් එකත් නැති වී පීචංම වී යාම පමණකි.

මෙතක් කළක් කිසිම තැනකට වද්දා නොගත් මේ කාළකන්නි කුහකයෝ අද අමරදේවයන්ගේ මළකුනෙහි එල්ලි රූපවාහිනි චැනල හා ගුවන් විදුලිය අරක්ගෙන බයිලා ගසමින් සිටි. මුන්ට අනුව මේ ලෝකයේම සංගීතය මෙයින් පසු අවසානය. ඇත්තටම මේ කාළකන්නින්ට පිස්සුය.

අපේ කාළයේ, පැරණි ගී කියා වැඩ සටහන්ක් ගියේය. ඉතින් අපි දැන් කළ යුත්තේ පට්ට නාකීන් උනත්, ඩයි දමාගෙන, දත් දමාගෙන, ඉන්ජැක්සන් ගසාගෙන, පොඩි කෙල්ලන් හා කොල්ලන් ඉදිරියේ, අයියලා අක්කලා වෙන්න දඟලන මේ එක්ස්පයර් අවුට් ඩේටඩ් බම්මන්නලාට හා බම්මැනීයන් හෙවත්, මේ හද්දා නාකි සීයලාට හා ආච්චිලාට එවන් විනාඩි කීපයක් වෙන් කර දීමයි.

මේ කාලකන්නින් ජීවත් වුවද මිය ගොස් බොහෝ කල්ය. අමරදේව යාන්තම් ගැට ගසා ගත්තේ ඔහුගේ නම්‍යශීලී බව හා සරළ බව නිසාවෙනි. ඔහු අඩියක් පුඩියක් ගසා බොහෝ සරළ ලෙස ජීවත් වූ මිනිසෙකි. විමලාවන් නොවන්නට, ඔහුට අත් වන්නේද, සේකරලාට, ඩෝල්ටන්ලාට, මානවසිංහලාට අත් වූ ඉරනමය. එබැවින් මේ ජාතික වස්තුව දුකේදීත් සැපේදීත් මව් කෙන්ක් මෙන් ආරක්ෂා කළ එතුමියටත්, අපේ ප්‍රණාමය මෙයින් පුද කර සිටිනවාය.

අමරදේව රසිකත්වය හා අමරදේව කල්ට් එක හෝ අමරදේව සින්ඩ්‍රමය යනු එකක් නොව දෙකකි. අමරදේව බබලන්නේ මේ රසික කැල නිසාවෙනි. එහෙත් හින්ගල සමාජයේ එක්තරා පිරිසක් අහන්නේ අමරදේවයන්ම පමණි. ඒ ලෙඩකි. ප්‍රියතම ගායකයාද අමරදේවය. එහෙත් අමරදේවගේ එකම ගීතයක්වත් උන් දන්නේ නැත. මේ රෝගය අමරසිරි පීරිස් මෙන්ම, වත්මනෙහි කසුන් කල්හාර වෙනුවෙන්ද අදාලය. ඒ රසිකයන් නොව අමරදේවගෙන් බැබලෙන්නන්ය. ආන්ඩුවද එසේමය.

මට නම් අමරදේවගේ මළගම එකම විකාරයකි. මෙතක් කලක් ඔහුගෙන් වැජඹුන කාලකන්නින්, අඩුම ගනනේ ඔහුගේ අවසන් කැමත්ත අනුව වත් අපෙන් සමු ගැන්මට ඉඩක් දී නොමැත. ඔහුගේ අවසාන කැමත්ත වූයේ තම මෘත ශරිරය වෛද්‍ය විද්‍යාලයට බාරදීමටයි. එහෙත් හැම දේශපාලුවාම මෙන් අන්ත අසරණව ඉන්නා ගොබ්බ ආන්ඩුවද සතියක් ජීවත් වීම සඳහා අමරදේව භාවිතා කරමින් සිටි. සුභාවිත නිළ මැස්සෝ දේහය වටා කැරකෙමින් සිටිති. 

මෙතක් අපට අපට මෙන්ම ඔබෙන් වැජඹුන කාළකන්නින්ටද ලබා දුන් සියළු රසයන්ට ස්තූතියි...

සුබ ගමන් අමරදේව මාස්ටර්..!!!

ඉපිද මැරේ.. යලි ඉපදේ..
නොතිර සසර සාගරේ..
අතර තුරේ.. නොමැරි මැරේ..
දස දහස් වරේ..
නිසල නැතේ.. සසල වෙතේ..
නොතිර සසර සාගරේ..

107 comments:

  1. ලයනල් පෙරේරා නෙවී බං.. වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා

    ReplyDelete
    Replies
    1. තැන්කිව් වේවා. බඩු හැදුවා...

      Delete
  2. //ඔහු පොඩි මිනිසෙකි. ශරීරයෙන්ද, උපන් සමාජය හා පරිසරය අනුවද එය එසේමය. එහෙත් සංගීතය පිළිබඳ ඔහුගේ දැණුම බොහෝ ඉහළ තලයක පැවතිනි. බටහිර සංගීතය ගැනද ඔහුට හොඳ දැනීමක් තිබින. අදද ඔහු ජනප්‍රියව ඇත්තේ සාශ්ත්‍රීය සංගීතය හේතුවෙන්වත්, උත්තර භාරතීය සංගීතය හේතුවෙන්වත් නොවේ. // මේ ටික රිපීට් වෙලා..

    ReplyDelete
    Replies
    1. ප්‍රින්ටින් මිස්ටේක්... ප්ලීස් එක්ස් කියුස් මී කිව්වා... බොහොම කළබලයෙන් ලිව්වේ... නොලියා බැරි හේතුවේන්...

      Delete
  3. මතකද, දවසක් සින්හල සාහිත්ය සන්ගමේ කලා උලෙලට සින්දු කියන්න ඇවිත්, මේන් හෝල් එකේ.....1984 දී පමන???

    අපේ තබ්ලා ගහන සිස්ය මහත්තයා වැරදියට තබ්ලා ගහලා අමරදේව මහත්තයා තුන් පාරක් සින්දුව නවත්තමින්, සිස්ය මහත්තයට තබ්ලාව ගහන හැටි කියලා දීලා බොහොම නිහතමානීව සින්දුව කීවා???

    ReplyDelete
    Replies
    1. Yeah Man

      I remember the incident. He is such a beautiful human being! Salute to maestro Amardev! A true legend of our time.

      Delete
    2. අපට තිබුන වාසනාව එයයි.. ඒත් පිටිසර කොල්ලොනට කෙල්ලන්ට එහෙම අවස්ථාවක් තිබුනේ නෑ...

      මම හිතන්නේ උඹට මම කියන දේ තේරේවී...

      Delete
    3. මගේ ඉස්කෝල කාලෙත් සිදුවීමක් වුනා. එසෙම්බ්ලි එකේ අමරදේවයන් ගීතයක් ගායනා කලා. තබ්ලා ගැහුවේ අපේ පන්තිවල හිටපු වාළුකාරාම පාරේ පේලි ගෙයක හිටපු ධර්මසිරි. තමන්ගේ දරුවෙක් තබ්ලා ගහනවා වගේ ,තමයි ලොක්කා ධර්මේ දිහා බලන් හිටියේ. මේවා කියවන අය සාක්කි දරයි.

      Delete
    4. 1983 නේ සරසා. 84 වෙන්න බැහැ.

      Delete
    5. ඔය සිද්ධිය උනේ 93 - 94 කාලේ නෙමෙයි ද? එහෙම නැත්නම් එකම දේ ආයෙත් රිපීට් වෙලා තියනවා.

      නව රඟහලේ තිබ්බ සාහිත්‍ය සංගමෙන් කරපු එකකට අමරදේව ඇවිත් සින්දු කිව්වා. එකේ තබ්ලා ගැහුවෙත් එහා පන්තියේ එකෙක්. වරද්ද වරද්ද ගහනකොට අමරදේව මෑන් ට පොඩ්ඩක් කියලත් දුන්නා. හැබැයි සින්දු කියල ඉවර වෙලා තබලා මෑන්ට පිටට තට්ටුවකුත් දාල බොහොම හොඳයි කියලත් කිව්වා.

      Delete
    6. මම කියන්නේ 77-79 අතර කාලේ. මම එලියට ආවේ 79-80 වගේ කාලේ.

      Delete
    7. අමරදේව බොහෝ වෙලාවට සිහළ කළා උළෙලට සහබාගී උනා... නීලා වික්‍රමසිංහත් ආවා..

      Delete
  4. මමත් ඔබ සම්ග සමහර දේවල් වලට එකඟයි. උදා: අන්තිම කැමැත්ත බල්ලට දාපු එක හරිම වැරදියි.

    අමරදේවගෙ ජනප්‍රියත්වය හරිම පුදුමයි. පරම්පරා 3 ක් අල්ලගෙන ඉන්නවා කියන එක ලෙහෙසි වැඩක් නෙවෙයි. මට මතක් වෙනවා UK වල Rolling Stones, ඒ ගොල්ලත් අවුරුදු 50 ක් විතර, අමරදේව ඊටත් වැඩියි.

    අමරදේව සිංහල ජන සංගීතය උත්තර භාරතීය කලා කියන එක ගැන මගෙ අදහස වෙනස්. හැම තිස්සෙම නව ආරක් එනකොට විවේචන වෙලා තියෙනවා. අමරදේවට විතරක් නොවෙයි, සරත්චන්ද්‍රගෙ මනමෙට කොච්චර බැනලා තියෙනවද, එතකොට මාර්ටින් වික්‍රමසිංහට, ක්ලැරන්ස්, ජෝතිපාල ? ලෙස්ටර්ටත් බනින්න ඇති.







    ReplyDelete
    Replies
    1. ලෙස්ටර් කිව්වේ KP ද?

      Delete
    2. ඒ කවුරුන්වත් අපවත් මුනිවරුන් නොවේ... මන්ද මුනිවරුන්ටද වැරදුන් තැන් බෝ වෙති...

      Delete
  5. මමනම් වැඩියෙන්ම කැමති ක්ලැරන්ස්ට.
    අමරදේව ගැන ගායකයෙක් හැටියට කියනවනම් (සංගීතඥයෙක් හා වාදකයෙක් හැටියට ඔහු ගැන කියන්න මට දැනුම නෑ) ඔහු මහගම සේකරගේ ගීත වලින් තමයි වඩා සාර්ථක වුනේ.

    ReplyDelete
    Replies
    1. තවත් අය හිටියා මචෝ... දෙන්නට දෙන්නා වැජඹුනා දෙන්නගෙම ටැලන්ට්ස් වලින්...

      Delete
  6. අමරදේව යාන්තම් ගැට ගසා ගත්තේ ඔහුගේ නම්‍යශීලී බව හා සරළ බව නිසාවෙනි. ඔහු අඩියක් පුඩියක් ගසා බොහෝ සරළ ලෙස ජීවත් වූ මිනිසෙකි. විමලාවන් නොවන්නට, ඔහුට අත් වන්නේද, සේකරලාට, ඩෝල්ටන්ලාට, මානවසිංහලාට අත් වූ ඉරනමය. එබැවින් මේ ජාතික වස්තුව දුකේදීත් සැපේදීත් මව් කෙන්ක් මෙන් ආරක්ෂා කළ එතුමියටත්, අපේ ප්‍රණාමය මෙයින් පුද කර සිටිනවාය.i like this part

    ReplyDelete
    Replies
    1. ඔව්, අන්තිම උත්සවයෙත් එතුමට සීමාව මතක් කරන්නෙ විමලා. සුනිල් සරත් පෙරේර, වික්ටර් රත්නායක, මිල්ටන් මල්ලවාරච්චි වගේම තමන්ගෙ ජනප්‍රිත්වය නිසා ලැබෙන දේ වලින් පවුල අවුල් නොකරගෙන පවුල එක්ක හොඳට හිටිය මිනිහෙක් වීම සහ ලැබෙන දේ වලින් අවුල් නොවෙච්චි පවුලක් හිටපු එක අමරදේව මාස්ටර් ටත් වාසනාවක් උනා.

      Delete
    2. ////තමන්ගෙ ජනප්‍රිත්වය නිසා ලැබෙන දේ වලින් පවුල අවුල් නොකරගෙන පවුල එක්ක හොඳට හිටිය මිනිහෙක් වීම සහ ලැබෙන දේ වලින් අවුල් නොවෙච්චි පවුලක් හිටපු එක අමරදේව මාස්ටර් ටත් වාසනාවක් උනා./////////////

      +++++++++++++++++++++=

      Delete
  7. Replies
    1. මාතලන් බොරු කියන්නේ බොහෝ අඩුවෙනි....

      Delete
  8. අමරදේව නම් දේශපාලන සත්වයා මැරෙන්න ඇති මාතා... ඒත් ඊට වඩා දහස් ගුණයක් ඉස්සරහින් සිටි අමරදේව නම් සංගීතඥයත් ඒත් එක්කම මැරිලා මචං........

    ReplyDelete
    Replies
    1. ගොඩක් කල් මචෝ.... මම එච්චර එක්ස්ට්‍රීම් ගියේ නෑ පෝස්ට් එකේදී...

      Delete
    2. //////ඒත් ඊට වඩා දහස් ගුණයක් ඉස්සරහින් සිටි අමරදේව නම් සංගීතඥයත් ඒත් එක්කම මැරිලා ම/////////

      කුරුටුස්......මේ උපුටා දැක්වීම මීට වඩා ටිකක් තේරෙන විදිහට ලිව්වොත්, අපිටත් අදහස් දක්වන්න පුලුවන්. බුරාගෙන බෙල්ල හපන ජාතියේ නොවන පැහැදිලි කිරීම් කරගමු :D

      Delete
  9. ඇස්කොට් ඩ්‍ර‍යිNovember 4, 2016 at 8:48 AM

    මචං මා ,රටේ මාර පොරවල් කියන නිසා මටත් අමරේ සහ නන්දා ඇලජික් වී අනෙකුත් රැඩිකල් ගායක ගායිකාවන්ගේ සහ බැන්ඩ්ස් වල සිංදු ඇසුවෙමි.සරල ගීත ,ජනප්‍රිය ගීත ,දේශපාලන ගීත,අර ගීත මේ ගීත හොය හෙයා ඇසුවෙමි.මට දැනුනා මා,මේ පරණ මිනිස්සුන්ගෙ ගයනා මාරයි,ලිරික්ස් මාරයි,මියුසික් වල ඩෙප්ත් මාරයි.
    අපේ කාලේ උන්ට මා,අමරේ සහ නන්දාලාගේ මියුසික් සහ සිගින්ග්ස් වලට තව අවුරුදු 50කටවත් කිට්ටු කරන්න බෑ එච්චරයි.
    ඒ මිනිස්සු මාරයි.
    අමරේ මාරයි,සදාකාලිකයි!

    ReplyDelete
    Replies
    1. වෑසක ඩයල් එකක් වගෙයි... අවුලක් නෑ ලොක්කෝ.....

      Delete
  10. මැරුනයින් පස්සෙ,අමරදේව වර්නනා කරන ගොඩක් දෙනෙකුට එයාගෙ සින්දු රස විඳින්නට පුලුවන් තරමෙ,රසිකත්වයක් තියෙනව කියල නම් හිතන්න කොහොමටවත් බැහැ.අපි ලබාගත් සතුට වෙනුවෙන්,එතුමට පින්.

    ReplyDelete
    Replies
    1. එහෙන්ම... බහුතරය පට්ට බොරු කාරයෝ... මීගමුවේ මළ ගෙවල් වල කුලියට අඬන ගෑණූ වගේ... පව් අප්පා...

      Delete
  11. අමරදේවගේ අභාවය ගැන ටීවී රේඩියෝ වල අඬන නලාකාරයෝ දැක්කම දුක හිතෙනවා. මාතලංගේ ලිපිය ඇත්තම රසිකයෙකුගේ හැඟිම දැනෙන ලිපියක්.

    ReplyDelete
    Replies
    1. අපි තමයි උන්නැහේට උන්න හොඳම රසිකයෝ...

      Delete
  12. අමරදේවගේ අභාවය ගැන ටීවී රේඩියෝ වල අඬන නලාකාරයෝ දැක්කම දුක හිතෙනවා. මාතලංගේ ලිපිය ඇත්තම රසිකයෙකුගේ හැඟිම දැනෙන ලිපියක්.

    ReplyDelete
    Replies
    1. මට දිරවන්නේ නැත්තේ ගොන් බිජ්ජෝ අමරදේවගෙන් බැබලෙන්න දඟළන දැඟලිල්ල..

      Delete
  13. අමරදේව පිලිබඳ මම එක්යුගයක සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහිමිකිරීමේ සිදුවීමට එරෙහිව එහි ක්‍රියාකාරිකයෙක්වූ අමරබන්දු රූපසිංහලාගේ ෆස්ට් හෑන්ඩ් අත්දැකීම් අසා ඇත්තෙමි. ඒවා බොරු නොවේය. අමු ගඳය. නමුත් මට අමරදේව වඩාත් වැදගත් වෙන්නේ දේශපාලන අරුතකින් නෙමේ. මට සුනිල් පෙරේරා වැදගත් වන්නේ දේශපාලන අරුතකට වඩා මිනිස් අර්තයෙන්ය. සුනිල්ගේ ගීතය මගේ ගීතය නොවේ. මේ සියල්ල නිවැරදිව වටහා ගැනීම කපුගේ පිලිබඳ පෝස්ට් ලියා කඳුලු හෙලනවාට වඩාත්, ජෝති, මිල්ටන්ලාට මල්මාලා දමමින් ගුණ සමරනවාටත් වඩා වැදගත්ය. ක්ලැරන්ස්ලා, රූකාන්තලා ගැන කියන්න තියෙන්නෙත් ඔය ටිකමය. මේ අපේ සංගීතය පෝශනය කෙරූ මිනිසුන්ය. සංගීතය තුල ඉරි අඳින්නේ ඒ තුල දේශපාලනය හෝ වෙන යම් රෙද්දවල් දකිනා එවුන්ය. එහෙමත් නැත්නම් මොන රෙද්දක් හෝ ලියන්නටය. මාතා මේක උඹටත් අදාලය.

    ReplyDelete
    Replies
    1. අරූ... කළාකාරයා දේශපාලනය කරන්න යනවා නම් අපිට ඒක කතා කරන්න වෙනවා.. ජැක්සන් වගේ ටැලන්ට් එකක් ගූ ගොඩක් වෙන්නේ දේශපාලනය නිසා. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. උඹට සුනිල් විඳින්න බරි උනාට මට නම් සුනිල් විඳින්නත් පුළුවන් අමරදේව විඳින්නත් පුළුවන් ඇඩේල් විඳින්නත් පුළුවන් ඉරාජ් විඳින්නත් පුළුවන්, බස් අජිත් විඳින්නත් පුළුවන්... සංගීතය කියන්නේ ඒකට. ඒත් සෙට් එකක් අපි සුප්‍රබුද්ධ කියලා අනෙක් උන් පීචං කියලා කියනවා නම්, රසිකයෝ හැටියට ඒ දේ අපි කතා නොකර කව්ද කතා කරන්නේ.. මට නිර්මාණ ගැන අවුලක් නෑ... මම කතා කරන්නේ කුහකයෝ ගැන.. එහේම කියලා ජැකාගේ ඇක්ටින්වත් එඩවඩ් ජයකොඩිගේ මාරම්බරීවත් මට අවුලක් නෑ.. කොහේ හිටියත් කුහකයන්ට පොන්නයන්ට මම ගහනවා...

      Delete
  14. //ඔහු කොතරම් අසරණව උන්නේද යත්, ඔහුගේ කටහඬ මෙන්ම ගායන හැකියාවද මිය ගොස් තිබින
    ටක්කෙට හරි බං.වැඩේ දරුණුවට යද්දී මෙමරිය පවා අවුල් ගියා.විමලා මහත්මියත්,පුතාත් පිටිපස්සෙන් නොහිටින්න අමරදේවයන්ට හුටා තමා.

    ReplyDelete
    Replies
    1. ඔය එක කැරියෙක් උන්නේ නෑ එතකොට.... හැම එකාම මග ඇරියා...

      Delete
  15. මේ ආණ්ඩුවෙත් වේස බල්ලොටිකක් මලකුණු විකිණිල්ලක් පටන් අරන්.. ඕනම මිනිහෙකුගෙ ඩිග්නිටියත් එක්ක සෙල්ලම් කරන එක පට්ට වැරදියි.සෝභිත හාමුදුරුවන්ගෙ අවසන් කැමැත්ත උඩ රීවා.. දැන් අමරදේව මහත්තයාගෙ අවසන් කැමැත්ත උඩ රෙනවා...

    නිදහස් චතුරශ්‍රයේ වොයිස් කට් මහත්තුරු පිටිපස්සෙන් කැමරාවට පෙනෙන්න ශිල්ප දක්වන නලා කාරයෝ දැක්ක නං අමරදේව මහත්තයා නැගිටලා ඇනටොමි ලැබ් එකට දුවනවා... නෙද්දකින් ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කොහොමද කාපු පරිප්පුව... උන් ටික එකතු වෙලා අමරදේව ඝාතනය කලා... කෝ සෙනඟ.. මම ඕක කලින්ම බුකියෙදි කිව්වා...

      Delete
  16. හරියට හරි... අපේ සමහර පොරවල් සිංදු අහන්නේ තමන්ගේ තත්වය පෙන්නන්න. මම නම් සාමානයයෙන් සින්දු අහනේ වාහනය එලවනකොට තමා. හැබැයි මම ලග එක එක සීඩී තියනවා ඒ වෙලාවේ ඉන්න මූඩ් එක අනුව අහන්න. වික්ටර්, අමරදේව, ක්ලැරන්ස්, මිල්ටන්, ජෝතිපාල, භාතිය/සංතුශ්, චිත්ති ඕන එකක් තියනවා

    ReplyDelete
    Replies
    1. නියම රසිකත්වය කියන්නේ ඒකට.. අරවා පඩ ෂෝ...

      Delete
  17. //මරදේවයන් සමඟ ජම්මාන්තර වෛරයක් ඇතිකර ගත් කේමදාසයන් ගෙනා W D ආරියවංශයන්ගේ කට හඬෙහිත් ඒ ගැඹුරු බව හා සංවේදීතාවය ඇත්තේ නැත// මොකක්ද මේ කතාව මාතලන් . ටිකක් පැහැදිලි කරානම්

    ReplyDelete
    Replies
    1. අජිත් පහළ කොමෙන්ටුවක මේ ගැන සුපැහිදිලි විස්තරයක් තියෙනවා... එතන නම සඳහන් නොවන ආයතනය "තොරාණා"

      Delete
  18. මේ මාෆියාවේ එක ගොඳුරක් වූයේ අමරදේවයන්ය.//

    අමරදේව කිසිකලෙකත් ගොදුරක් වූ බව සිතන්නට බෑ නේද.
    ඔහු හැමදාම සිටියේ අධිපති මතවාදය සමගයි.පොඩි තැනකින් ආවත් ඔහු සංගීත ජීවිතය ගත කලේ ප්‍රභූන් සමගයි. මට විශ්වාස කරන්න අමාරුයි ඔහු ගොදුරක් වුනා කියන එක.
    අමරදේව කුසලතා සහිත කෙනෙක්.මාටින් වික්‍රමසිංහ , සරච්චන්ද්‍ර හා ගාමිනී පොන්සේකා මෙන්ම තම ක්ශේත්‍රවල දේවත්වයට ලක්වූ ( පත් කල ) අයෙක්.මාධ්‍ය සීමිතව තිබුන සංවෘත යුගවල මෙවන් දෙවිවරු පහලවෙනවා.
    මටනම් මහ ලොකූ සීන් එකක් මෙතන පේන්නෙ නෑ.

    කොහොම වුනත් අමරදේව මහතා ඔහුගේ යුග මෙහෙවර සාර්ථකව අවසන් කලා .මනුස්සකම් තියන කෙනෙක් බව අපටත් පේනව. ප්‍රබුද්ධ පීචන් බේද අරක මේක නැතිව හැමෝටම උදවු කල නිසා. ඔහුට නිවන් සුව

    ReplyDelete
    Replies
    1. අවසානයේ මිය ගිය අමරදේවයන්ද කාලකන්නි දේශපාලුවන්ගේ ගොදුරක් උනා...

      අමරදේව ජනතාවගේ ගායකයෙක් නොවන බව මනාව ඔප්පු උනා... මම ඕක බුකියේ කිව්වම මාත් එක්ක සම හරක් මරා ගන්න ආවා... නමුත් අද ඒක මුලු රටම දැක ගත්තා

      Delete
  19. අමරදේවයන් සමඟ ජම්මාන්තර වෛරයක් ඇතිකර ගත් කේමදාසයන් ????? ඒ කේස් එක මොකක්ද මාතෙ ?

    ReplyDelete
    Replies
    1. රුවන්... උඩ කොමෙන්ටුවක තියෙනවා සම්පූර්ණ විස්තරය... වෙන මුකුත් නෙමෙයි... සල්ලි

      Delete
  20. //එහෙත් හින්ගල සමාජයේ එක්තරා පිරිසක් අහන්නේ අමරදේවයන්ම පමණි. ඒ ලෙඩකි. ප්‍රියතම ගායකයාද අමරදේවය. එහෙත් අමරදේවගේ එකම ගීතයක්වත් උන් දන්නේ නැත.//
    මෙවැනි අය තමන්ගේ ප්‍රියතම ගායකයා තමන්ගේ සේවකයාගේ ප්‍රියතම ගායකයා බවට පත්වනවාට කැමති නැත.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... අර ශේක්ෂ්පියර්ගේ ප්‍රසිද්ද කියමනක් තියෙනවා නේ.. මේ ලෝකයම රඟහලකි... අපි එහි රඟන නලු නිලියෝ වෙමු කියලා... ගිඩක් උන් ළඟ ඉන්නේ ඇත්ත පුදගලයා නෙමෙයි... මවාගත් නළු නිලියෝ...

      Delete
  21. //මේ කාළයේ ඔහුට පිහිට වූයේ සෙලින්කෝ සමූහයේ සභාපති හා සේලාන් බැංකුවයි.

    මා දන්නා තරමින්, ඔහුගේ නිවෙස සින්න වී තිබුණේ සෙලාන් බැංකුවටයි. චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය මැදිහත්වී, ඔහුගේ ණය අහෝසි කර නිවෙස ඔහුටම ලබා දුනි. මේ නිවෙස තිබුණේ මහරගම පතිරගොඩ පාරේයි. කලෙකට පසුව ඔහු නාවින්නේ දැනට පදිංචි නිවෙස අළුතින් තනා ගත්තා.

    ReplyDelete
    Replies
    1. හා... තර්කවලට යන එක බොරු වැඩක්...

      Delete
  22. //අමරදේවයන් සමඟ ජම්මාන්තර වෛරයක් ඇතිකර ගත් කේමදාසයන්

    අමරදේව සහ නන්දා මාලිනී ඔපෙරා ගැයීම ප්‍රතික්ෂේප කල නිසා යයි අසා තිබෙනවා. නන්දා මාලිනී විසින් "උඩු බුරුලන්න බෑ" වැනි කතා වක් පැවසීම නිසා කේමදාස මාස්ටර් යක්ෂාවේශ වුණා කියලයි කියන්නේ.

    ReplyDelete
    Replies
    1. නන්දා මාලිනිට ඉහල ස්වරයෙන් ගායනා කරන්න කොහොමත් බැහැ.

      Delete
    2. මම දෙන්න ඕන උත්තරේ මොකෙක් හරි දීලා තියෙනවා.. ඒත් එක්තරා ලෙඩෙක් තමයි... දැන් පොඩ්ඩක් වෙනස් වෙලා...

      Delete
    3. kemdaasakaarayath hithuwe loke lokuma sangeethaya operaa lankaawe inna operaa ayithikaarayaa eyaa kiyalaa kemayaa hama welaawema anik ungen gema illagena hitiya ginipuk kaarayek. ikmanata kajja gahuwe e nisayi.

      Delete
    4. ඒ කෙසේ වෙතත් කේමදාස අහලකටවත් එන්න එකෙක්වත් නෑ...

      Delete
  23. සුභාවිත කලා කරුවන් කල වැඩ කිඩ ටිකම ඊටත් අඩු නැතුවම ක්ලැරන්ස් ප්‍රමුඛ විකල්ප සෙට් එකත් කල බව නම් රහසක් නොවෙයි. අදටත් සංගීත් විජේසූරිය කැලිප්සෝ ගායනා කරනවාට විරුද්ධව පුක පුම්බාගෙන කෑගහන්නේ, යටින් කපන්නේ මේ සෙට් එකමයි. සුභාවිත සෙට් එකට තිබුණේ කල්ට් මානසිකත්වයක් නම්, විකල්ප සෙට් එකට තිබුණේ ආගමික මතවාදයක් සමග අවුලකි. මේ කතාවල් දන්නෝ දනිති. මාතලන් සුභාවිත සෙට් එකට බණින්නේ ඔහුගේ ඇරියස් පියවා ගන්නටය.

    මම නම් කියන්නේ, මහත්වරුණි, මිනිස්සු දිහා බලන එක නවත්තමු. ගීත දිහා බලලා අපේ ආතල් එක අපි ගනිමු කියලා විතරය්.

    ReplyDelete
    Replies
    1. ඊටත් හපන් ක්ලැරන්ස්ගෙ වයිෆරේ හිතන් ඉන්නෙ ක්ලැරන්ස්ගේ සංගීතය උන්දැගේ බූදලය කියලනේ

      Delete
    2. ඉතින් මට කියන්නේ...
      ඔයාගෙන්ම ඒක පටන් ගන්නකෝ...
      මම ලියලා තියෙන දේ බලලා ඔයා මෙතන නාගන්නේ නැතිව,
      පාඩුවේ ඉන්න බඩා මාමේ...

      එරියස් කාරයන්ගේ එරියස් ගැන බ්ලොග් ලොව ඉන්නා නොම්මර එකේ එරියස් කරුවෙකුගේ කොමෙන්ටුවකි...

      Delete
  24. මාතලන් මමනම් අමරදේවගෙ ඉදලා kaiser kaiz ගෙ වෙනකම්(ඔව් ඔව් අර අම්මට **පන් කිව්වෙ) සින්දු හොදටම රසවිදිනවා.සුභාවිත ඔස්තාද් ලට වගේ මටනම් මානසික ගැටළු නෑ මොන කුලකේ උනත් මට වැදෙනවා නම් අහනවා.
    ඔය "මහ වැස්සට පෙර" වගේ ගීත ගැන කියනකොටත් මාර හැගීමක් එනවා සරළ සුගම විදියට ගායනා කරලා හිතේ මුල්ලෙම තියෙන තැන් වලට කතා කරන ගීත එව්වා.
    මාත් දන්න විදියටනම් කේමදාස මාස්ටරුයි අමරදේවයි අතර එච්චර ඇයි හොදයියක් නෑ. කේමදාස මාස්ටරුත් කුකුල් කේන්ති කාරයනෙ. අපරාදේ මොකද කේමදාස මාස්ටර් තමයි මට දැනෙන සංගීතයේ සලකුණ. හොද සංයෝගයක් වෙන්න තිබ්බා. මොකද කේමදාස මාස්ටරුත් හැම ශෛලයකටම අනුගත වෙන්ට පුළුවන් කෙනෙක්

    ReplyDelete
    Replies
    1. ඒ සිත් නොහොදකම් කලකදි අවසන් වුනා. ඩබ්.ඩී.ආරියවංශව ගෙනාවේ නම් කේමදාස මාස්ටර් තමයි. ඔහු ආර්.ඒ.චන්ද්‍රසේන මාස්ටර්ගේ බෑනා.

      Delete
    2. අමරදේව මහත්මයා ඒකට මොකුත් කිව්වේ නෑ. වරක් මම ඕක එතුමාගෙන් ඇහුවා. ගීත වල අයිතිය එයාට නිසා මම මොනව කරන්නද කියල හිනාවක් දාල කිව්ව. වෙන බුවෙක් නම් පොළොවේ පස් කනවා.

      Delete
    3. ආරියසිංහ වරක් ඔමානයට ආවා. ඒ වෙලාවකදි අපි ඔහුගෙන් මේ ගැන ඇහුවා. කේමදාසගේ අවසර මතයි ගයන්නේ කිව්වා. එතන ආරියසිංහ අතරමැදියෙක් පමනක් බව තේරුනා.

      Delete
    4. /////නමුත් ඔබ සහ ඔබේ ගායනයන් සමාජයේ වඩාත්ම කතාබහට ලක්වුණේ අමරදේවයන් ගායනා කළ ගීත ඔබ විසින් ප්‍රේම සැඳෑවෝ සීඩී පටයට ගායනා කළ නිසා නේද?

      ඇත්තෙන්ම ඔව්. මම එලෙස ගායනා කළේ සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසයන් විසින් අමරදේවයන් වෙනුවෙන් නිර්මාණය කළ තනු ඇතුළත් ගීත. ඒ ගීත එකතුව ගයන්න තිබුණේ අමරදේව ශූරීන්. නමුත් කිසියම් වූ හේතුවක් නිසා ඒ වන විටත් පටිගත කර තිබු සංගීතයට මට එම ගීත ගයන්න සිදුවුණා. කේමදාස මාස්ටර් එම ගීත ගයන්න මට අවස්ථාව ලබා දුන්නේ මා ගැන පැහැදුණු නිසයි. . නමුත් එම සීඩී පටිය පිළිබඳව සමාජයේ විශාල ආන්දෝලනයක් ඇතිවුණා නේද?

      ඔව් ඒක ඇත්ත. ඒකට හේතුවක් තියනවනේ. බුදු බණ අපි කොහොමද පිළිපදින්නේ. ඉතාම ගෞරවයෙන් නේද? ඒ වගේ තමයි අමරදේවයන්ගේ ගායනය පිළිබඳව මේ රටේ ප්‍රබුද්ධ සංගීත රසිකයන්ගේ විද්වතුන්ගේ සුවිශේෂ මතයක් තිබුණා. අමරදේවයන් ගායනා කළ ගීත වෙන කෙනෙකුට ගයන්න බැහැ; එහෙම ගායනා කරන එක වැරැදියි කියන මතය සමාජයේ තිබුණා. මම ඒ මතයන්ට කවදාවත්ම අභියෝග කරන්නේ නෑ. ඕනෑම කෙනකුට ඕනෑම මතයක් දරන්න පුළුවනි. මම අමරදේවයන්ගේ ගීත ගායනා කිරීම පිළිබඳව සමාජයෙන් විරෝධතාවයක් ආවේ අමරදේවයන්ට සමාජයේ සෑම දෙනා තුළම තිබූ අසීමිත ගෞරවය නිසයි. ඒ සෑම ගීතයකම තනු අමරදේවයන්ට නිර්මාණය කර දී තිබෙන්නේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන් විසින්. හැබැයි ඔය සීඩී තැටිය නිර්මාණය වීම පිළිබඳව කවුරුත් නොදන්නා රහසක් තිබෙනවා. cont..


      Delete
    5. . මොකක්ද ඒ රහස?

      ‘ප්‍රේම සැඳෑවෝ’ පටයට නුගේගොඩ ‍සොනිත් ශබ්දාගාරයේදී සංගීතය පටිගත කළේ ගීත මට ගායනා කිරීමට නෙමෙයි. අමරදේවයන් සඳහා තමයි එම සංගීතය මුලින් පටිගත වුණේ. ඒ දවස්වල සංගීතඥ සමන්ත පෙරේරා කේමදාසයන්ට නිතර ඇවිටිලි කරල තියනවා, “මාස්ටර්, මාස්ටර්ගෙ පරණ සින්දු ටික ආයෙත් පටිගත කරමුකො’ කියලා. තුන් හතර වතාවක් මෙහෙම කියන විට මාස්ටර් සමන්තට කියලා තියෙනවා “එහෙමනම් සමන්ත ඔයා වැඩේ ලැහැස්ති කරන්න” කියලා. සමන්ත නිෂ්පාදකවරයකුත් සමඟ සාකච්ඡා කරලා ආචාර්ය අජන්තා රණසිංහයන් සමඟත් සාකච්ඡා කරලා තමයි සංගීතය පටිගත කරන්න සූදානම් වුණේ. ඒ වන විට මගේ කිසිම සම්බන්ධයක් ඒ කිසි දේකට තිබුණේ නෑ. ඒ වගේම සංගීතය පටිගත කළාට අමරදේවයන්ට තදබල විදියට මේ සඳහා ආරාධනා කරලා තිබුණෙත් නෑ. නමුත් සංගීතය පටිගත කළේ අමරදේවයන්ට ගයන්නයි.

      නුගේගොඩ සොනිත් ශබ්දාගාරයේ අමරදේවයන්ගේ ගීතවල සංගීතය පටිගත කරන විට එම පටිගත කිරීම අසාගෙන සිටි එතැනට පැමිණි කෙනෙක් ‘ඇයි මේ අමරදේවයන්ගේ ගීතවල සංගීතය නැවත පටිගත කරන්නේ කියලා’ වාදන ශිල්පියකුගෙන් අසා තිබෙනවා. එවිට වාදන ශිල්පියා කියලා තියෙනවා අමරදේවයන්ට ගායනා කරන්නයි මේ සංගීතය පටිගත කරන්නේ කියලා. මේ ආරංචිය එම පුද්ගලයා දැනට ජීවතුන් අතර නැති එකල සිටි දක්ෂතම සංගීතඥයකුට ගිහින් කිව්වා. එම සංගීතඥයා ඒ දවස්වල පැරැණි ගීත අලුතින් පටිගත කිරීම පිළිබඳව උනන්දුවෙන් සිටි කෙනෙක්.

      එම සංගීතඥයා වහාම ගියා අමරදේවයන් හමුවෙන්න. ගිහින් අමරදේවයන්ට යෝජනාවක් කළා අරමදේවයන්ගේ පැරැණි ගීත අලුතින් පටිගත කරන්න.

      “අපි සීඩී පටි 3 ක් කරමු, ළඟදීම වැඩේ පටන් ගමු” කියලා අත්තිකාරම් මුදලකුත් අමරදේවයන් අත තබලයි ඒ සංගීතඥයා ආවේ. අමරදේවයනුත් ඒකට එකඟ වුණා. මේ බව කේමදාසයන් දන්නේ නෑ. කොහොමහරි සොනිත් ශබ්දාගාරයේ ‘ප්‍රේම සැඳෑවෝ’ සීඩී පටයේ සංගීතය පටිගත වුණාට පස්සේ එහි නිෂ්පාදකවරයාත් සමන්ත පෙරේරාත් කේමදාස මාස්ටර් හමුවෙලා අමරදේවයන්ට ගායනා කරන්න ආරාධනය කරමු කියලා කිව්වා. ඒ වන විට මේ පිළිබඳව අමරදේවයන්ට ලොකුවට කියලා තිබුණේ නෑ. කේමදාසයන් අමරදේවයන්ට දුරකතන ඇමැතුමක් අරන් “අමරෙ අපි පරණ සින්දු ටික ආයෙ කරමුද” කියලා අහලා තියෙනවා. එතකොට අමරදේවයන් “අනේ කේමා... මාර වැඩේනේ... මම දැන් සීඩී තුනකට ඇග්‍රිමන්ට් එකක් ගහලනේ තියෙන්නේ” කියලා අමරදේවයන් කියලා තියෙනවා. ඒ වෙලාවේ කේමදාස මාස්ටර්ට හොඳටම කේන්ති ගිහින්, “අමරේ ඒ සීඩීවලට ඔයා ඕන සින්දුවක් ගන්න, හැබැයි මම කරපු සින්දු එකක්වත් ගන්න එපා” කියලා කේමදාස මාස්ටර් අමරදේවයන්ට කියලා තියෙනවා. එතැනින් ඒ වැඩේ ඉවර වුණා.

      නමුත් ඒ වන විට විශාල මුදලක් වැය කරලා සොනිත් ශබ්දාගාරයේ ‘ප්‍රේම සැඳෑවෝ’ සංගීතය පටිගත කරලා ඉවරයි. නිෂ්පාදකවරයා අතරමං වෙලා. එහිදී කේමදාස මාස්ටර් සමන්තගෙන් අහලා තියෙනවා ‘දැන් සමන්ත මොනවද කරන්නෙ’ කියලා. ඒ වෙලාවෙ සමන්ත කියලා තියෙනවා ‘මාස්ටර් මේ සින්දු ටික “ආරි” දාල කියමු’ කියලා. ‘හා... එහෙමනම් ආරිව එක්කගෙන එන්න’ කියලා මාස්ටර් කියලා තියෙනවා. සමන්ත එදාම අපේ ගෙදර ආවා. ඇවිත් කතා කළා සේරම දේවල්. ඒ වෙලාවේ සමන්තට මම කිව්වා ‘සමන්ත මේක ඉතාම බාරදූර වැඩක් ප්‍රශ්න ගොඩක් ඇතිවන වැඩක්... ඒ නිසා මේකට එකපාරටම උත්තරයක් දෙන්න බෑ’ කියලා. නිෂ්පාදකවරයෙක් එක්ක තිබුණු ගනුදෙනුව ගැන මම ඒ වෙනකොට දැනගෙන හිටියේ නෑ. කොහොමහරි මම ඒ ගීත ගායනා කළා. ඒකට ප්‍රධානම හේතුව තමයි ඒ ගීතවලට මගේ හිතේ තිබුණු ආදරය.

      ඇත්තෙන්ම මට එහිදී ලැබුණේ සුළු මුදලක්. ධර්මසිරි ගමගේ මහතා ඇතුළු ප්‍රධාන පෙළේ මාධ්‍යවේදීන් කීපදෙනකුගේ සංවිධානයෙන් සහ සහභාගිත්වයෙන් මරදාන බේක්හවුස් ආයතනයේ ශ්‍රවණාගාරයේදී තමයි මේ සීඩී පටය එළිදැක්වූයේ. ඒ වුණාට සීඩී පටය නිකුත් කරලා, ටික දවසකින් විවිධ මාධ්‍යයන් ඔස්සේ විවිධ ප්‍රචාරයන් මෙම සීඩී පටය සම්බන්ධව පළවුණා.

      උපුටා ගැනීම 2015/10/25 සිළුමිණ.

      Delete
    6. කේමදාස කියන්නේ කුකුල් කේන්ති කාරයෙක්. එයාගේ පන්තියකට ගිය එකෙක් දන්නවා එයා යකෙක් කියලා.. ඒ වගේම තමයි මුලු පව්ලම... අදටත් අමරසිරි පීරිස්ට කේමදාසගේ සින්දු කියන්න තහනම්..

      ඒත් අමරදේව කියන්නේ බොහෝම නිවිච්ච නිහතමානි මනුස්සයෙක්... විමලාවන් නොවන්නට, අමරදේවත් තව කපුගේ කෙනෙක් වෙන්න තිබ්බා..

      සම හරක් කපුගේ සහ අමරදේව සසඳන්න බලනවා... ඒකත් බොරු වැඩක්... මොකෝ දෙන්නගෙ සුසංයෝගයෙන් බිහි උන පුදුම ර්ස ගීයක් තමයි... "කොළොම් තොට නැත මහළු වී..."

      Delete
    7. අමරසිරි පීරිස් කියන්නේ ඔලුව ඉදිමිච්ච කුකුල් කේන්ති කාරයෙක්. ඌට ෂෝ එකකට ආරාධනා කරන්න ගියාම අපි උගේ වහල්ලු වගේ හිතලා කතාකරන්නේ

      Delete
    8. Aruna perera නියම කතාවක් ඒකනම්.බොහොම ස්තූතියි

      Delete
    9. W.D Amaradeva's old songs were re-recorded with W.D. Ariyasinghe by Samantha Perera with the instructions of Keemadasa.

      But he was forced to sing the songs by Samantha Perera and Sonic Studio producer (I can't remember his name)

      Ariyasinghe refused to sing Amaradeva's songs....not once...but several times.

      I know few things about what really happened.
      Bcs the basic and few rounds of discussions happened in our home...
      I was there when Ariyasinghe told them that he cannot sing those songs without the blessings of Amaradeva.

      After they recorded the voices Keemadasa's instructions came as not to mention his name on the DC cover as the music director.

      Even Samantha Perera who orchestrated the whole betrayal told the printing press to remove his name from the Cover of the CD. Because he later understood the gravity of this bad and bold move which lead by his greedy intentions will cost him his future music life.
      But unfortunately the printing press was already printed the cover paper.Then they had to print the whole thing again. But the producer doesn't want to spend money again for printing. Printer agreed to "Cover the name with Black Ink" which nobody can identify.

      Later on Ariyasinghe labeled as a traitor.

      But others those who planed the plot became heros of the present day in the music industry....and I saw them on the stage while the whole group of singers sang "Mee Sinhala Apage Ratai".

      ===============
      The story behind the discovery of old songs of Amaradeva also a beautiful story.

      Some of the songs were not recorded into "Audio Cassettes" at that time. (Only available with LP Vinyl Records.)
      They found many those songs from my home which was a personal collection.

      That's how they got the idea to Double Cross Amaradeva while playing trump card called W.D. Ariyasinghe.
      When they were recording the music the news has gone to the other producer who later went to see Amaradeva to sign a contract. The 2nd producer understood that Keemadasa or Samantha Perera didnt have a contract signed with Amaradeva.....then he pay an advance payment to Amaradeva and made him to sign the legal contract papers.

      @Aruna Perera. ....
      The truth is bitter....
      Everyone who envolve with this plot will deny the true facts now...because of the fame and fortune which they got now (in the present)

      ===Adrian from Toronto

      Delete
    10. Thanks for the comment Adrian. Truth is bitter always.

      What a shame...

      Delete
    11. ඒඩ්‍රියන් තෑන්ක්ස් මේ තොරතුරුවලට.

      Delete
  25. matha .. hari .. sangeerthaya danumak nathi nari tikak Amaradewa ussagena natuwa,,,

    ReplyDelete
    Replies
    1. කාළකන්නි ටික ආන්ඩුවත් එක්ක එකතුවෙලා අමරදේව ඝාතනය කළා...

      Delete
  26. නියම ලිපිය මාතේ. W D ආරියවංශ, W D ආරියසිංහ ලෙස නිවැරදි විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... වැරැද්ද නිවැරදි කළා

      Delete
  27. 1. කලාකරුවකුගේ වැදගත් විය යුත්තේ කලානිර්මාන මිස ඔවුන්ගේ පීආර් එක (නිහතමානිත්වය, කුහකකම එට්c එට්c) නොවේ. මට අනුව අමරදේව බුහුමනට ලක්වීමට පමනටත් වඩා සුදුසුකම් සපුරා ඇත.

    2. මාතලන් වගේ කෙනෙක් කියන්න පුලුවන් අමරදේව උමාරියා එක්ක සින්දුව කිව්වෙ ඔහුගේ අනෙක් කාළකන්නින් මෙන් කුහකයකු නොවන හින්දා, නිහතමානිකම් හින්දා, සුබාවිත මෙව්ව එක අතහැරපු හින්දා, තරුන පරපුර එක්ක ප්‍රශ්නයක් නැති කෙනෙක් හින්දා..අනිත් පැත්තට කියන්න පුලුවන් ඔහුගෙ ජනප්‍රියතාව බැහැගෙන යන නිසා ඒක ගොඩ දාගන්න හින්දා කියලා.. සල්ලි හින්දා කියලා..ඒ සින්දුවට අර මුදලාලි මෙච්චර ගෙව්ව නිසා කියලා. මම නම් කියන්නේ මම ඒවා දන්නේ නැහැ. (දැනගන්න උවමනාවක් තිබුනත්,) කවදාවත් සැක හැර දැනගන්න විදියක් නැති නිසා එච්චර වොරි වෙන්නෙ නැහැ ඇයි එහෙම සින්දුවක් කිව්වේ කියලා. අපි දන්න දේ තමයි..... මාර සින්දුවක් දෙන්නා එක්ක කියලා තියෙනවා... හුස්ම හිරකරවන, හදවත තදින් ගැහෙන, හිරිගඩු පිපෙන හැඟීමක් මටනම් ඒ සින්දුව දෙන්නේ. ඔන්න අමරදේව.. ඔන්න උමාරියා... එච්චරයි!

    3. ඔය කියන සුභාවිත සැට් එකක් දැන් ඉන්නවද? නමක් දෙකක් කියන්න බලන්න. බෙදීමක් තිබුනු බව ඇත්ත. නමුත් දැන් එහෙම පේන්න ඇටෑක් කරගන්නව අහලා තියෙනවද? විවෘත ආර්තිකේ නිසා හරි, 4 වෙනි කාර්තුවේ අනිවාර්ය ප්‍රතිපලයක් නිසා හරි ඒ තිබුන බෙදීම නැත්තටම නැතිවෙන්න තුනී වෙලා.

    4. "දැන් කාලෙ ඉන්න ගායකයොයි කියන සින්දුයි පල්.......... ඒකට අපේ කාලෙ අපි කියපු ඒවා....... " කියල කියන පරන ගායකයො කියන ඒවා නම් තේරුම් ගන්න ඕනෙ ඒ ඒ අයගෙ මාකට් වලට එන තර්ජන වලට දාන රියැක්ශන් විදියට.

    5. ඇත්තටම බෙදීමක් තිබුන කාලයක් තිබුනා. මම හිතන්නේ ඒක ඉවර වුනා කේමදාස , සුචරිත ගම්ලත් වගේ අයගෙන් පස්සෙ. ඒ බෙදීම අප්සෙට් එකක් අර්ථ විරහිත එකක් නෙවෙයි. උදාහරනයක් විදියට ගයන්ත වගේ පිච් එකට කියන්න බැරි ගායකයොන්ටයි ඒවා වැලඳ ගන්න රසිකයොන්ටයි කේමදාස වගේ කෙනෙක් පලු යන්න බැන්නොත් මම නම් එකේ වැරැද්දක් දකින්නේ නැහැ.

    6, ඇත්ත නම්, අප්සැට් අය පරන සෙට් එකෙත් හිටියා, අලුත් සෙට් එකෙත් ඉන්නවා. මාතලන්ලා වගේ අය සෙට් එකක් ඉන්නව කිසි සෙවිල්ලක් නැතුව අලුත් සෙට් එක වෙනුවෙන් මරාගෙන මැරෙන්න ඇවිල්ල. ඇත්තම කියනවනම් අලුත් සෙට් එකට එහෙම අභියෝගයක් තර්ජනයක් නැහැ. තමන්ට ඕන විදියට පිච් එකන් පිටද ඇතුලෙද මෙලෝ රහක් නැති වාක්‍ය රචනාවල්ද ඕන විදියකට කියන්න පුලුවන්. රසිකයො ඕන තරම් ඉන්නවා ඒවා හිට් බවට පත් කරලා වැලඳ ගන්න බලාගෙන!

    7. උත්ප්‍රාසය තමයි මේ අලුත් සෙට් එක උඩ දාන බොහොමයක්, කාලයක් පොදු ජනයාගේ අව්‍යාජ ගායකයා වුන තරුන බස් අජිත්ට නක්කලේ දාපු හැටි! මම හිතන්නේ නැහැ මාතලන් එහෙම කලා කියලා. බස් අජිත් සුබාවිතත් නෙවෙයි, අලුත් සෙට් එකෙත් නෙවෙයි! ක්ලැරන්ස්ට අඩුගාන විජය කොරෙයා සහ තව ගොඩක් අය්ය හිටියා. බස් අජිත්ට කවුද හිටියෙ අවච්නා කරපු අය ඇරෙන්න. සින්දු අහන ගමන් අවඥා කරනවා. මාතලන් ඒ ගැන මොකෝ කියන්නෙ?

    8. අලුත්ද පරනද සුබාවිතද පීචන්ද කියලා නෙවෙයි.. සින්දු (හෝ ඕනම කලා නිර්මානයක් ) කේස් බයි කේස් ගමු! (අමරදේවගෙ' සඳ හොරෙන් හොරෙන්' මල් හතයි. 'තාත්තා වුනත් මා බත සරි කරන' මට එච්චරම සෙට් වෙන්නේ නැහැ. දෙකම ඔය කියන සුබාවිත කාලේ ඒවා නෙවෙයි. උමාරියාගේ 'හන්තාන සිහිනේ' මල් හතයි, ඒ වුනාට 'කස්තුරි සුවඳට අන්ද මන්ද කල..' නම් පලේ පල්)

    මාතලන් අන්තිම හරියේ අවසාන කැමැත්ත ගැන කියන දේ ගැන සපුරා එකඟයි.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. 1. එකඟයි...

      2. හා

      3. නැතිවෙලා නෑ.. අදටත් අවස්ථාවක් ලද විටදි ගහනවා.. කරුමය නම් ඔවුන් අද පයිසෙකට ගනන් නොගැනීම...

      4. ඒකට තමයි කුහකත්වය කියන්නේ..

      5. ගයන්න බැරි ගායකයන් ගැන මාතලන්ද කතා කරන්නේ නැත..

      6. මාතලන් පනී ඉන්නේ නව පරපුරේ ටැලන්ට්ස් එක්ක.. සංගීතයේ බේද මට ඇත්තේ නෑ.. වයසෙ ප්‍රශ්ණයකුත් නෑ.. පරණ උන් හක්කේ තියාගෙන සෙම අරින්න පුළුවන් උන් දැන් ඉන්නවා..

      7. මට බස් අජිත් ගයකයෙක්... ඔහුගේ සමහර ගී මම විඳිනවා.. සමහර ඒවා මට අරහන්... එහෙම එකක් අමරදේවගෙත් තියෙනවා.. හොමොම හරි ඌ සාමාන්‍ය ජනතාවගේ ගායකයෙක්.. උන් එක්ක ඉන්න එකෙක්..

      8. අංක 7 කියවන්න..

      ස්තූතියි දිමිත්‍රි...

      Delete
  28. Amaradewata pahugiya kale Mahindage anduwe Dinesh amathi UDA eka bara kale idamak dunna kolamage mawathen.
    Namuth awruddakata 90,0000/=baddak gewanna ona nisa eka athhariya man hithanne.-Bandula

    ReplyDelete
    Replies
    1. පස්සේ දිනේෂ ඒක ගන්න ඇති... එහෙම ගේම් තමයි එයාලා දෙන්නේ... ප්‍රේමදාස විතරයි කළාකරුවන්ට බේදයක් නැතිව සැලකුවේ..

      Delete
  29. Amaradewata pahugiya kale Mahindage anduwe Dinesh amathi UDA eka bara kale idamak dunna kolamage mawathen.
    Namuth awruddakata 90,0000/=baddak gewanna ona nisa eka athhariya man hithanne.-Bandula

    ReplyDelete
  30. පොඩි කාලයේ මම කල්පනා සඟරාවක ඇල්බට් පෙරේරා අමරදේව වෙච්ච හැටි කියෙව්වා . ඔහුගේ ගීතත් කණ පැලෙන්න අහලා ඇති . මම ඇත්තටම අමරදේවගේ ගීත රසවිඳින්න වුනේ දවසක් බමන මතින් මා මිතුරෙක් කෑ ගහලා " බෝධියෙන් වට බෝපතක් සේ " කියනවා අහන හිටපු දවසේ . ඊට පස්සේ ඔහුම මාව ප්‍රේම සැන්දෑ වෝ වෙත යොමු කරනවා . පස්සේ ඔරිජිනල් එක අහනකොට ,මට වෙනසක් දැනෙනවා . අපරාදේ මේ මනුස්සයා කේමදාස ගේ වැඩේට එකතු නොවුනේ කියලා හිතෙනවා . පස්සේ දවසක මාස්ටර් ගයපු පැදුරු පාටියක පැදුරක් අයිනේ ඉඳන් අහන ඉන්නවා . සංගීතය අජුත වුන ඒ සාදයේ , අමරදේව ගේ වියපත් බව මට දැනෙනවා .
    මමත් සටහනක් ලියනවා , අමරදේව ගැන නෙමෙයි , අර බමන මතින් කෑ ගහලා අමරදේවගේ සින්දුව කිව්ව එකා ගැන

    ReplyDelete
    Replies
    1. මම නම් පොඩි කාළේ ඉඳන් අමරදේවට කැමතියි... පස්සෙ කාළෙක මගේ බාප්පා කෙනෙක් නිසා එතුමා සමඟ කතා කිරීමේ වාසනාව ලැබෙනවා. ඔහුගේ නිවසේ උත්සව වලදි අමරදේව කියන්නේ රස සාගරයක් කියලා දැන ගත්තා.. මම ඔහුගේ ගීතවලටත් වඩා කැමති කතාවට.. අමරදේව වගේම කතා බහ කරන කෙනෙක් තමයි අරිසෙන් අහුබුදු ශූරින්..

      Delete
    2. මම අහුබුදු ගාවට ගිහින් තියෙනවා දුවට නම තියා ගන්න . කාලයක් ට්‍රෙන්ඩ් එකනේ ඒක ... පොරත් රෂියන් බේබි නෙම්ස් බලලා තේරුමක් හදලා කියනවා .. හැබැයි කීප දවසක යන නිසා , කතාවට අහුවුණා ... අර හෙළ බසින් කතාකරනකොට මෙව්වා එකක් තියෙනවා ...ඔන්න ඔහොම කතාකර ඉන්නකොට , පෙට්ටි සබන් විකුණන එකෙක් ආවා ...සබන් සබන් .. මු එළියේ ඉඳන් කෑ ගහනවා ... අහුබුදු ශුරින් ..හෙළයෙන් කිව්වා ...අපිට අවැසි නෑ (වගේ දෙයක්) ..අරු කෑ ගහනවා ...අහුබුදු ශුරීන් එලියටේ ගිහින් කිව්වා "නෝනා ගෙදර නෑ , පස්සේ එන්න " කියලා ...එහෙම කියලා ඔහුලව නමා ගෙන ඇතුළට ගියා ..අපි දිහා ඉතා අහිංසක ලෙස බලා හිනාවෙලා ...මට එදා නම් දුක හිතුනා , මේ මිනිස්සුන්ගේ කර මත අපි තියලා තියෙන ප්‍රතිරූප කොච්චර ඒ මිනිස්සුන්ට බරද කියලා හිතුනා

      Delete
    3. :)

      තව අගය කළ යුතු දෙයක් තමයි ඔවුන්ගේ සරළ බව...

      ඔළුව ඉදිම්මුව ගත්ත මෝඩයෝ නෙමෙයි...

      Delete
  31. මේ දවස්ටිකේ, අමරදේව ගැන බ්ලොග් ලිපි ගණනාවක් කියෙව්වා. අමරදේව ගැන, විවිධ දෘෂ්ටිකෝණ ඔස්සේ ලියවුනු ලිපි වගේම, කමෙන්ට් සියගණනක් කියෙව්වා.

    අන්තිමට වැටහුනා, අපි, 1960 දශකයේදී නල දමයන්ති නාටකයෙන් හඳුනාගත් අමරදේව, අද පරපුරේ හදවත් වලත් ඉන්න බව.

    එය ලොකු සතුටක්.

    ReplyDelete
    Replies
    1. අද පරපුරේ අයගෙ හදවත් වල නම් නෑ... නමුත් අමරදේව කව්ද කියලා දන්නවා... මහින්ද රාජපක්ෂ වගේ... (ඒ කියන්නේ ප්‍රසිද්ධයී)

      Delete
  32. ය(ජ)හපාලන සගයිනි,

    දිවංගත අමරදෙවයන් ද කෑ බිව් මිනිසෙකි.

    වත්මනෙහි සිරනිලංකා දුම්කොළ සහ මධ්‍යසාර ජනරජයෙහි අළෙවිවන පරිමාවෙන් මිලි ලීටර සත්සිය පනසක් (750 ml) වූ බෝතලයක වන “ගල්” යන අවියත් පදයෙන් හැඳින්වෙන “අති විසෙස්” මත්පැන සඳහා දැරිය යුතු බරපැන රුපියලින් දක්වන කල එක්දහස් සාරසිය සතලිසකි (රු.1,440.00 කි). මිලි ලීටරයක මිල රුපියල් එකකුත් සත අනූ දෙකකි (01 ml = රු.1.92 කි.).

    දුම්කොළ අඩංගු කොටසෙහි දිග මිලි මීටර පනස් පසක් (55 mm) වන “රන්පත්” දුම්වැටියක් සඳහා දැරිය යුතු බරපැන රුපියලින් දක්වන කල පනසකි (රු.50.00 කි). එනම් මිලි මීටරයක මිල ශත අනූ එකක් පමණය (01mm = රු 0.91 කි.).

    මේ නම් රට නැගුමට මුදල් සෙවුම පිණිස “සිරිසෙන් - විකුම්සිහ දෙබාන” විසින් නිමවන ලද මනරම් “අර්ථ සත් නයක්” හෙවත් ආර්ථික ශාස්ත්‍ර/විද්‍යා න්‍යායයකි. මේ “සිරිසෙන් - විකුම්සිහ දෙබාන” අබිමුව නිසැකව අර්ථ සත් නය පිළිබඳ වෙසරද ඇඩම් ස්මිත්හු සහ මාක්ස්හු පවා පසුබාති. එසේම වසර දෙදහස් දහසය සඳහා වන “අර්ථ සත” හෙවත් ආර්ථික ශාස්ත්‍රය/විද්‍යාව පිලිබඳ නොබෙල් තෑග්ග මේ “සිරිසෙන් - විකුම්සිහ දෙබාන” වෙත ලබන වසරේදීවත් පිරිනැමෙනු නිසැකය.

    ය(ජ)හපාලන සගයිනි, මේ දෙබාන වෙත නිසැකව ලැබෙන බුහුමනින් තොප මෙන්ම රටද අමන්දානන්දයට පත්විය යුතුමය. එබැවින් අවම ලෙස අට දෙනකුවත් එකතුව “අති විසෙස්” මත්පැන් බෝතලයක් සහ “රන්පත්” දුම්වැටි අටක් සඳහා මුදලින් සම්මාදම්ව මේ දෙබානෙහි මව් පියන් ද සිහිපත් කරමින් මේ සතුට දැන්ම සැමරුව මනාය. කටගැස්මට අඩුම මිලැති “චිප් අල” (potato chips) වැනි දෑ නොසෙව්ව මනාය. මක්නිසාද යත් දුරුතු මස අටවැනි දින බැස්ම ඇරඹි “ය(ජ)හපාලන විප් - අල” දැන් නොමිලේම ලැබෙන බැවිනි.

    ය(ජ)හපාලන සගයිනි, සාදය ලබන වසරට කල් දැමීම නොමනාය. මක්නිසාද ලබන වසර වනවිට කටගැස්මට පමණක් නොව තුන් වේලටම කන්න ලැබෙන්නේ පානුයි ලුකයි බව පෙනෙන බැවිනි. එය නිසැකව කට කැස්මට නම් හේතුවේ.

    අවසන මා වැනිම කා බිව් දිවංගත “සිතුම් ජයසෙනයන්” උපුටා දක්වමි.

    “ඇත්තෝ කති බොති සුඛති. නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.”

    - මයුරවිල මි.

    පසු ලියුම : අප හා ඇතැම් තැන්හි සම අදහසෙක නැතත් මේ පිළිබඳව පළමුව ලියු මාතලනුන්ට තුති පුදමි.

    ReplyDelete
    Replies
    1. වැට් වලින් එකතු කිරීමට බලාපොරොත්තු වන මුදල කෝටී 180 කි..

      සබීතා පෙරේරාට දුමින්ද දිසානායක දුන් මුදල කෝටී 250 කි..

      මෙයට යහපාලනය යැයි කියනු ලැබේ..

      Delete
    2. සගය මාතලන,

      තොප හා අප අතර ඇතැම් විට ඇති විවාද පසෙකලා මේ දෙබාන කළ මේ අකටයුත්ත පිලිබඳ තවතවත් හඬ නැගිය යුතුමය.

      අප දන්නා පරිදි අප ජන කැලෙහි අඩකටද වඩා වනුයේ ඉතිරීහු නොහොත් ස්ත්‍රීහුය. ඉන් බොහෝ දෙන මාසිකව කිලි පැමිණි කල වෙළඳසලින් ගෙන කොමුපිලි යට උතුකඩ හඳිති.

      ඊළඟ බදු පනවනුයේ ඊටය, ඒ බොහෝ විට පරිසර බද්දකි. සගය කල් තබා ලියනු යෙහෙකි.

      - මයුරවිල මි.

      Delete
    3. එහෙම එකක් එයිද....? එහෙම නැත්නම් ලැට් බද්දක් එයිද...?

      Delete
    4. සගය මාතලන, ඔය දෙකෙහිම වැඩි වෙනසක් නොමැත. තොප කෙලිය මනාය. මම ද සිටිමි.
      - මයුරවිල මි.

      Delete
    5. - මයුරවිල මි.

      ආපහු කියවලා බලපන් සුත්ත පිට පෙරලා බලති කියලා නෙවෙයි තියෙන්නේ.

      Delete
  33. ගීතයක රස දන්නා කෙනෙක් වේ නම් ඌ රාමුවක සිටිය නොහැක්කේය. රාමුවක සිටිය හැක්කේ බූරුවෙකුට හා කුහකයෙකුට පමණක්මය.
    අමරදේවගේ සිට කයිසර් කයිස් දක්වා ම විඳිය නොහැක්කා රසවතෙකු නොවේය. මරි මෝඩයෙක් වූ k g දිනුශ්ක පවා විඳීමට කොච්චියාට ඇහැක් ය.

    ReplyDelete
    Replies
    1. නියම රසිකයයෙක්... එළ

      Delete
    2. කයිසර් කයිස් පැකට් එකක් බයිට් එකට තියේනම් ගල් බෝතල් දෙකතුනකට වැඩේ දෙන්න පුළුවන් මචෝ.

      Delete
    3. රාමු වෙච්ච එවුන් රසය විඳින්නෙ නැහැ කවදාවත්. ඇල්බට් පෙරේරා කුහකයෙක් නෙවෙයි...කුහකයන්ගෙ නිදර්ශකයක් වෙච්ච තවත් එක් සිස්ටම් එක ඇතුලේ හිටපු අසරණයෙක්..

      Delete
  34. තවත් එක අමරදේව පොස්ට් එකක් කියල නොකියවා ඉඳල නිකමට බැලුවහම සෑහෙන්න හොඳ දේවල් ටිකක් ගැන දැනගත්ත. උබ දේශපාලනේ වගේම රටේ තොටේ තියන අනිත් දේවල් ගැනත් තියෙන දැනීමට මෙන්න රෙස්පෙක්ට් එක.

    අද ස්වර්ණවාහිනී නිවුස් බලනකොට මුල් විනාඩි 10-15 ම මළම මළ ඇදෝවැඩියාවක්.

    ඔය කියන විදිහට හෙළ සංගීතේ ඊයේන් ඉවරයි. හනේද කියන්නෙ 🙄

    මමනම් අමරදේව මාස්ටර්ගේ ලොකු ෆෑන් කෙනෙක් නොවුනත් වෙලාව කලාව lamb of god ඉඳල back street boys වෙනකනුත් ජෝතිපාල මහත්තයාගේ ඉඳල ෂිහාන් මිහිරංග දක්වාත් රස විඳිනව. සංගීතය කලාව කියන්නෙ රස විඳින්න තියෙන දෙයක් මිසක් කැපුවත් කොළ කැපුවත් නිල් වගේ දෙයක් නෙමෙයි කියලයි මගෙ අදහස.

    ස්තුතියි. 👊🏽

    ReplyDelete
    Replies
    1. උඹ අපේ වයසෙ වගේ කෙනෙක් නම්... උඹට මතක ඇති අපි පොඩි කාලේ තාත්තලා නිතර ගායනා කරන... "පීනමුකෝ කළු ගඟේ...", "ශාන්ත මේ රෑ යාමේ..." වගේ සින්දු... මාස්ටර් ඔය දෙකම ලියලා තනු දාලා සින්දු හදලා තියෙන්නේ ඉස්කෝලේ යන කාළේ.. ඉතින් මචෝ තව කතා කරන්න දෙයක් නෑ නේ ටැලන්ට් එක ගැන.

      Delete
    2. අපිත් මාතෙ ඔහෙලගෙ පිප්ටි පිප්ටි ගැන්සියේ තමයි හොඳේ.. 😜😜😂😂

      Delete
  35. සිංදු ගැන මගෙ දැනීම අඩුයි. වාදනය ගැන ඊටත් අඩුයි.
    ඒත් අමරදේව, සමන් සිල්වා හා උමාරියාගේ වොයිස් වලට කැමතියි

    ReplyDelete
    Replies
    1. මචෝ මියුසික් කියන්නේ එකක් සිඟින් කියන්නෙ තව එකක්.. උඹගේ චොයිස් එක ස්ටයිල්ස් තුනක්.. අනික ඔය කටහඬවල් තුනම තවත් මියුසික් එකක්..

      එක වතාවක ලතා වල්පොලට හොඳම ගායිකාව සම්මානය හම්බ වෙනවා එක වචනයක්වත් නැති ගීතයකට.. ඒකේදි කේමදාස ලතාගේ කට හඬ යොදා ගන්නේ වාදනයක් විදියට.. ඒ තවත් සුපිරි වොයිස් එකක්..

      Delete
    2. "මාල ගිරා ගෙන" සින්දුව වෙන්න ඕන.

      Delete
  36. There are so many disgusting comments.Shem on you people!.

    ReplyDelete
  37. හැමදාම වගේ විකුණන්න පුලුවන් හැමදේම මේ සමාජේ විකිණෙනවනෙ. අමරදේව මාස්ටර්වත් වික්ක පුලුවන් හැම එකාම. අන්තිමටම මළගමත් වික්ක.

    අමරදේවයන් ගීතයෙන් පෙන්වන සුන්දරත්වය, පුද්ගලයා තුලත් තිබීම ගරුකටයුතුයි. ඒ ගෞරවය නැසෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. සුන්දර මනුස්සයෙක්...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න