.

.

Nov 26, 2016

"කැස්ත්‍රෝ, ඔබට අමා නිවන් සුව ලැබේවා..!!!" - Fidel Castro - May He Attain Nibbana



කැස්ත්‍රො උන්නේ කියුබාවේය.
සීමන් අයියා උන්නේ අපේ ගමේය.
සීමන් අයියා හිතාගෙන උන්නේ එයත් කැස්ත්‍රෝ වගේය කියලාය.
එයා පොඩි කාලේ ඉඳන්, මෙහේ උන්න කාල් මාක්ස්ලා, වී අයි ලෙනින්ලා, මා ඕලා මෙන්ම,  කැස්ත්‍රෝලා හා චේ ගුවේරාලා එක්කත් ඉඳලා තියෙනවාය.
සීමන් අයියාටත් ඇමරිකාව පෙන්නන්න බැරිය.

ඒ උනාට මුණුබුරෙක් ඉන්නේ ඇමරිකාවේය. තා එකෙක් ඉන්නේ ජපානයේය. තා එකෙක් ඔට්ටේලියාවේය.
ඒ එවන් රටවල තිබෙන්නේ සමාජවාදය නිසාය.
උන් ගෙනත් දෙන බෙන්සන් ඇන්ඩ් හේජස් අපි එක්කත් බෙදා ගත්තාට,
කැස්ත්‍රෝගේ හවාන සුරුට්ටු නම් සීමන් අයියාට ලැබුන බවක් දන්නෙ නැතිය.
ඇමරිකාව එහෙන් මෙහෙන් කියුබාවට ගේම අදින කොට,
"කියුබාවට අත නොතබනු" කියා. සීමන් පහළ වෙලේ ලිං කන්ඩියේ අමු හිංගලෙන් ලිව්වේය.
ඕක දැකපු CIA කාරයෙක් ඔය බව ඇමරිකාවට කියූ පසු,
කැස්ත්‍රොට ගේම අදින එක ඇමරිකාව නැවත්තුවේය.
ඊයේ පෙරේදා ඔබාමා ලොක්කත් මිසෙල් නෝනා එක්ක කියුබාවට ගියේ,
කැස්ත්‍රෝ බලන්නත් එක්ක වෙන්න ඇතිය.
එහෙම ගිහින් සමහර විට පීස් ඇග්‍රිමන්ට් එකකුත් ගහන්නට ඇතිය.
සීමන් අයියලා එක කාලයක් "ජේ ආර් මරමු" කියා ළිං පඩියේ ලිව්වේය.
එත් කැස්ත්‍රෝ නම් ජේ ආර් බදා ගත්තේය.
සම හරක් නම් කිව්වේ දෙන්නම එකම ජාතියේ බඩු කියලාය.
අද එහේ කැස්ත්‍රො යන්න ගියේය.
කියුබාවේ උන් උතුරු කොරියාවෙ කිම් ජොන්ග් ඉල් මැරුණ වෙලාවේ වගේ හොටු පෙරාගෙන අඬනවාය.
කියුබාව වන් සුරපුරක් එපා කියා ඇමරිකාව වන් අපායකට පැනගත්ත උන් මහ පාරේ නටනවාය.
ස්ම හරක් විට ඒක කියුබාවේ සඟිස්කුර්තිය වෙන්න ඇතිය.
එක්කෝ ඇමරිකාවේ සිස්ටොන් එක වෙන්න ඇතිය.
කෙසේ හෝ අනුර කුමාර දිසානායකලා අපට ලබා දෙන්නට වලි කන ප්‍රජාතන්ත්‍රවාදය කැස්ත්‍රො මිය යන තෙක්ම කියුබාවට ලබා දුන්නේය.
තමන්ට බැරි වන විට ප්‍රජාත්නත්‍රවදයට ගරු කරමින්,
කිසි ලෝබ කමක් නැතිව බලය මලයාට දුන්නේය.
මෙහෙත් එහෙම සහෝදර සෙට් එකක් ජනතාවට ප්‍රජාචන්ච්‍රවාදේද මක්කද එක්ක දෙන්න ගියාට,
එ සෙට් එකේම එකෙක්, ආප්පයක් කා බල්ටියක් ගසා, ජනවාරි 8 විප්ලවයද මොකක්ද බඩකඩුත්තුවක් ලබා දුන්නේය.
ඒ විප්ලවයට සහභාගී උන උන් අද ඒකට අම්මමෝ නැතිව බනිනවාය.
විප්ලව වල හැටි එහෙමය.
අපේ අය නම් කියන්නේ, ප්‍රජාචන්ච්‍රවාදේ නම් ප්‍රජාතන්ත්‍රවාදේටත් වඩා හොඳයි කියලාය.
එහේ කැස්ත්‍රොත් මවු භාෂාවෙන දේසපාලන මණ්ඩලය අමතනවාද කියා හරියටම දන්නේ නැතිය.
ඒත් මෙහේ කැස්ත්‍රෝ නම්, අගමැතිට "පකයා" කියා ආදරයෙන් ඇමතුවේය.
එවිට බන්දුල නම් අම්බරුවා කීවේ,
කැස්ත්‍රෝ හෙළුවෙන් වනනවා කියලාය.
කියුබාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දුන් චේ ගුවේරා තවත් රටකට එය ලබාගෙන දෙන්නට ගොස් මරා දැමුවේය. 
මෙහේ චේ ගුවේරාත් මෙහේදීම යන්නට ගියේය.
එයාගේ ගෝලයෝ, පාර්ලිමේන්තුවේ ඉඳන් මහා ව්ප්ලවයක් කොරනවාය.
එයාලා කැස්ත්‍රෝගේ ප්‍රජාතන්ත්‍රවාදයට කියන්නෙ විප්ලවය කියලාය.
2020 ඒක ලබා දෙනවා කියා එයාලා සපත කොට සිටිනවාය.
සීමන් අයියාද කළකට පෙර මිය ගියේය.
එතකොට ඒ මළ ගෙදර ගහලා තිබුනේ.
සීමන් අයියාට "නිවන් සුව ලැබේවා..!!!" කියලාය.
සීමන් අයියා අද උන්නා නම්,
පහළ වෙලේ ළිං කන්ඩියේ ලොකු අකුරු වලින් මෙසේ ලියනු ඇත..
"සදාදරණීය කැස්ත්‍රෝ, ඔබට අමා නිවන් සුව ලැබේවා..!!!"

ඒ සීමන් අයියාගේ හැටිය.
ඒ අපේ හැටිය.

අපි ලෝකයේ අනෙක් සත්තුන්ට වඩා වෙනස් ජාතියක් වන්නේ ඒ නිසාමය.



පසුව ලියූ ෆේස්බුක් සටහන් කීපයක් - බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි...

ශ්‍රේෂ්ඨ නායකයෝ කියන්නේ,
**********************************
නාකි වෙලා, ලොම් හැලිලා, ජනතාව ඉස්සරහ හොම්බෙන් ගිහින්, නන්න පෝල් උනාම, බලය මල්ලිට දීලා, මැරෙණකම් නායකකම් කරන කැස්ත්‍රෝලා නෙමෙයි.
ජනතාව වෙනුවෙන් සටන් කරලා, අවුරුදු ගානක් හිරබත් කාලා, නිදහස ලබලා, ඡන්දයෙන් ජනපති වෙලා, එක පාරක් ඒක කරලා, ඒ වෙලාවෙත් හතුරාගෙන පලි නොගෙන, සැමට සාධාරන ක්‍රමයකුත් හදලා දීලා, ගෙදර ගිය, "නෙල්සන් මැන්ඩේලා" වගේ මිනිස්සු..

ලෝකේ තියෙන්නේ මාර බොරු හා කැස්ත්‍රෝ
***************************************************
දැන් ඔය කැස්ත්‍රො ලොක්කා මරන්න ගියාය කියනවනේ ඇමරිකාවෙන්,
එක් කෝටී පන් ලක්ෂ වතාවක්ද කොහෙද?
දැන් එහෙම කියන්නේ...?
CIA කාරයොද? කැස්ත්‍රොගේ බේගල් හමුදාවද?
ඕකත් අර මෙහේ එකෙක් පපුවට ගහගත්තේ .
මාව විදුලි පුටුවට ගෙනියන්න යනෝ.. මාව බේරගනියෝ කියලා..
ආන් ඒ වගේම තමයි...

මම මචං ගෙවල් දොරවල් විකුණලා කියුබාවේ යන්නෙයි කියලා..
*******************************************************************
අපරාදේ ග්‍රීන් කාඩ් ඇප්ලයි කොරාපු සල්ලි..
අපේ උන් කියන විදියට මාර රටක් ඕයි ඒක..
අම්මට සිරි ලංකාවේ ගොඩක් උන් මයිග්‍රේට් කරනවා කියලා ගිහින් තියෙන්නේ එහේ..

55 comments:

  1. අප්පච්චි මළා...බාප්පොච්චි ආවා ! (ඕකට තමයි හලෝ...විප්ලවීය සමාජවාදෙ කියන්නෙ...පවුල් පාලනේ...පිස්සුද ගෑවිලවත්නෑ )

    ReplyDelete
    Replies
    1. මාරයි නේ.... 21 වන සියවසෙත් වහලුන් බිහි කරන්න පුළුවන් කියන්නෙම කොතරම් විප්ලවයක්ද ඈ....

      Delete
    2. "කෙසේ හෝ අනුර කුමාර දිසානායකලා අපට ලබා දෙන්නට වලි කන ප්‍රජාතන්ත්‍රවාදය කැස්ත්‍රො මිය යන තෙක්ම කියුබාවට ලබා දුන්නේය."


      අනුර කුමාරට ලක්ස 25හේ කැල්ලක් දුන්නහම වලි විතරක් නෙමයි වලිගෙත් විකාගන්නවා

      Delete
  2. හවානා සුරුට්ටුවට වඩා ඉහල මිලක් ලඟදීම ශිකරැට්ටුවට හිමිවන අතර එදාට ලංකාවට සුරුට්ටු අපනයනය කිරීමෙන් කියුබාවට ගොඩ යත හැක.ෆිදෙල් උන්නා නම් සතුටුවනු ඇත.මක් උනත් ඔච්චර කලක් රටක් අල්ලාහිටීමේ හැකියාවට හැට්ස් ඕෆ් ය.
    අඩියොස් කොම්‍රාඩ්..!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මෙහේ එකාට එහම අල්ලාගෙන ඉන්න බැරි උනේ ඇයි කියා දැන් දහ අතේ කල්පනා කොරනවා ඇතිය...

      Delete
  3. විප්ලවීය සහෝදරවරු කතෝලික පියතුමනලා මෙන් අවිවාහක වියයුතුයි. එවිට ඔය අපවාද නෑ.

    ReplyDelete
  4. කැස්ත්‍රෝට නිවන් සුව පැතීම උඹ වගේ හෙන පොෂ් නිවන ගැනවත් විශ්වාසයක් නැති පඬියෙකුට තරම් නොවන මෝඩ වැඩක් නේද බන් මාතේ.

    ReplyDelete
    Replies
    1. නෑ දැන් පිලිගන්නවා... මොකෝ නිවන් මීටරයක් හම්බ උනා නේ...

      Delete
  5. එකෙකි දාලා කැස්ට්‍රෝ මැතිතුමනි නිවන් සුව කියලා ඇත්තටම

    ReplyDelete
    Replies
    1. එකම තමයි මාත් දැම්මේ.... මොකෝ මෙහේ සම හරක් හිතනවා මුලු ලෝකෙම අදහන්නේ ථේරවාද බුද්ධාගමය කියලා හිටන්...

      Delete
  6. නිවන්සුව ලැබෙනුයේ ජීවත්ව සිටියදීමය.
    නිවන්සුව ලැබූවෙක් මියයාම පිරිනිවන්පෑමයි.
    නැතිව නිවන්සුව ලැබීම යනු දිව්‍යලෝකයට යාම වන් දෙයක් නොවේ

    ReplyDelete
    Replies
    1. එහෙනම් පිරිනිවන් පාන්න ඇති...

      Delete
  7. සරුවෝදය ලොක්කත් ඊලඟට සරුවෝදය නායකයා වසයෙන් තමන් ගේ දෝනිඇන්දා පත් කොලාට පසුවත් උන්නැහේ ව වියවස්තා සබාවට පත් කොල පවුල් වාදෙ පිටුදකින රටක් මේක හිටන්!

    ReplyDelete
    Replies
    1. කියලා වැඩකුත් නෑ.... ලියලා වැඩකුත් නෑ....

      Delete
    2. මහින්දයි , චමලුයි, ගෝටයි , බැසිලුයි , නිර්මලයි, බුෂ් දෙපලයි , විකුම්සිහ, ජයවොර්ද්න පරපුරයි, බණ්ඩාරනායක, රත්වත්තේ පරපුරයි කමක් නෑ හිටන්.

      Delete
  8. ෆිදෙල් ඔබට සුභ ගමන්........

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්... මීට කැස්ත්‍රෝ...

      Delete
    2. ඕවා සුළු දේවල් බැටිස්ටා..... ආ නෑ නෑ මාතලන්......

      Delete
  9. අපේ කාලයේ ඇත්තම වීරයෙක්

    ReplyDelete
    Replies
    1. වීරයෙක්, ඒකාධිපතියෙක්... රෙජීමයක් තැනූවෙක්...

      Delete
  10. කියුබා කීවාට ඇත්නම කූබා ලු. කස්ත්‍රෝ වීරයාණෙනි ඔබ මීට වසර 20-30 කට පෙර මියගියානම් මීට වඩා සෙතක් මිලියන 10-11 වන කූබා වැසියන්ට අත්වීමට ඉඩ තිබුණි. අදින් පසුවවත් ඔවුන් නිදහසේ ඉන්නවානම් ඒ පින ඔබට අත්වේවි. ඔබ යන්න ඇත්තේ බැටිස්ටා ගියා දිහාවටම නිසා එයාව හම්බුවුණොත් මතක් කලා කියන්න.

    ReplyDelete
    Replies
    1. මම හිතනවා විප්ලවේදි මිය ගියා නම් කැස්ත්‍රෝගේ වටිනාකම මීට වඩා බොහෝ වැඩිවෙයි කියලා...

      Delete
  11. ඔන්න මාතලන්ටයි ඉයන්ටයි පිළිතුරක් ලිව්වා.
    කස්ත්‍රෝ සහ කියුබානුවන්ගේ නිදහස

    ReplyDelete
    Replies
    1. ඕන් ඒකට අපිත් උත්තර බැන්දා... උසාවියේදි හම්බ වෙමු...

      Delete
    2. කියුබාවේ ආතල් හා සඟිස්කුරුතිය
      *************************************
      අනික් දේ තමයි කියුබාව හා එහි ජනතාවගේ සඟිස්කුරුතිය නොදැන කරන කතාව. ඔය මිනිස්සු සතුටින් ඉන්නේ කස්ත්‍රෝ හින්දා නෙමෙයි. ඒ මිනිස්සු ස්පාඥ්ඥ සම්බවයක් සහිත මිනිස්සු නිසා. කස්ත්‍රෝ එන්න කලින් තිබුන ජීවන රටාවම තමයි කස්ත්‍රො මැරෙණ තුරා තිබුනේ.
      ස්පාඥ්ඥ සඟිස්කුරුතියේ තමයි හොඳට කාලා බීලා බයිලයක් ගහලා ඩාන්ස් එකක් දාල, හෙට මැරුනත් හිතට සැමප්යි ද ජොලි කරලා කියන සඟිස්කුරුතිය. ඒ සඟිස්කුරුතිය කැස්ත්‍රෝ නැතත් අනෙක් ලතින් ඇමරිකාණු රටවලත් තියෙනවා. බටහිර කොදෙව් දූපත් වලත් තියෙනවා.
      එහෙම නැතිව ඒක මේ ෆිදෙල්ගේ කල්ට් එකක් කියලා කියනවා නම්, ඒක කියුබානු හා ලතින් ඇමරිකානු ඉතිහාසය නොදැන කරන කතාවක් කියලා තමයි කියන්න වෙන්නේ. ක්‍රීඩාවේ හා අජ්ජාපනයේ හැකියාවන් ඒ ජාන වලින් එන දේවල් සහ පැවති දේ. එකම හොඳ දේ කැස්ත්‍රෝ ඒවා වෙනස් කරන්න ගියේ නෑ. එහෙම නැතිව කැස්ත්‍රෝ කරපු මඟුලක් නෑ..

      Delete
  12. COMMENT එකට පින්තුරයක් ඇඩ් කරන්නේ කොහොමෙයි....පිදෙල් ක්‍රස්තෝ ගැන යමක් එක් කිරීමිට.

    ReplyDelete
    Replies
    1. ඒවා නම් දන්නේ විචාරක උන්නැහේ තමයි...

      Delete
  13. ෆිදෙල් කැස්ත්‍රෝ ගැන අපි කාටත් කියන්ඩ තියෙන්නේ මාතලන්ගේ සීමන් අයියා හිටියානම් කියන දේමය. ඒ මොකද කියනවා නම් නිවන් දැක්කාම ආයේ මේ ලෝකේ හරි වෙන ලෝකෙක හරි නුපදින බව අපිට කියා දී තිබෙන නිසාය. එක ආත්මයක් තුල මේ යක්ෂයා කියුබාවටත් එහි ජනතාවටත් කළ විනාශය මේ තරම් නම් මේකා ආයෙමත් ආවොත් මොනවා කරයිද කියලා හිතා ගන්නට බැරිය. කැස්ත්‍රෝ කළ හොඳ වැඩත් තිබෙන බව අපි පිළිගත යුතුය. ජනතාවට නිදහස් අධ්‍යාපනය හා ඉහල වෛද්‍ය පහසුකම් ලබා දීම හා ජන වාර්ගික සමගිය ඇතිකිරීම ඒ අතරින් මුල් තැන ගනී. ඒ හැරෙන්නට ඇමෙරිකාව මට්ටු කරන්නට පාරම් බාමින් විප්ලවය අපනයනය කරන්නට නැටුවා මිසක් රට සංවර්ධනය කරන්නට හෝ මිනිසුන්ගේ ජීවන තත්වය ඉහල නංවන්නට හෝ මේ ඒකාධිපතියාට අවශ්‍ය නොවීය. අන්තිමේදී සිද්ධ වුනේ සෝවියට් පාලකයන්ගේ අතකොළුවක් වී නිකම්ම නිකම් පඹයෙක් වීම පමණි. අපේ රටේ ඉන්නා මාක්ස්වාදීන් කියා ගන්නා උත්තමයන් තවමත් හිතන්නේත් මෝඩ අනුගාමිකයන්ට කියා දෙන්නේත් කියුබාව යනු පාරාදීසය කියාය. සෝවියට් දේශය/රුසියාව යනු තව්තිසා දෙව්ලොව කියාය. නමුත් හැබෑ තත්ත්වය දන්නේ ඒ රටවල ජිවත්වන අවාසනාවන්ත මිනිසුන්ය. පිං ටිකට් වලින් මොස්කව් ගොස් කොමියුනිස්ට් පක්ෂයේ හෝටලයේ නැවතී සැප විඳ ආපසු එන වහන්සේලා එරට සාමාන්‍ය වැසියන් විඳින දුක දකින්නේ නැත, දුටුවත් කියන්නේද නැත. අම්මට සිරි ලංකා වැසියන්ගේ වාසනාවට ජෙප්පන්ගේ කරනම් වැලකී රට බේරුණේය. බැරි වෙලාවත් උන් දිනුවා නම් අද බ්ලොග් නැත. කසි කබල් විද්‍යුත් නාලිකා හෝ ෆේස්බුක්, වයිබර්, ඉස්කයිප්, වට්ස්ඇප් මෙකී නොකී දේවල් කිසිවක් නැත. මාතලන්ලාද නැත. ඒත් අපේ ගොබ්බයන් තවමත් හිතන්නේ 2020දී ආණ්ඩුවක් පිහිටුවන්නටය. ඒ හීන කොහොම වෙතත් කස්ත්‍රෝ එලොව ගිය බව අසා දුක්වන්නන්ට වඩා ප්‍රීති වන්නන් වැඩිය. දැන්වත් කියුබාවට නිදහසේ හිරු උදා වී එරට ඉන්නා හිත හොඳ මිනිසුන්ට සතුටින් ජීවත් වන්නට කාලයක් උදා වේ නම් අපිට ඒ ඇතිය.

    ReplyDelete
    Replies
    1. මම මේ ගැන කොමෙන්ට් එකක් දැම්මා විතරයි... ඒකම මෙතන ආයෙත් දාන්නම්..

      කියුබාවේ ආතල් හා සඟිස්කුරුතිය
      *************************************
      අනික් දේ තමයි කියුබාව හා එහි ජනතාවගේ සඟිස්කුරුතිය නොදැන කරන කතාව. ඔය මිනිස්සු සතුටින් ඉන්නේ කස්ත්‍රෝ හින්දා නෙමෙයි. ඒ මිනිස්සු ස්පාඥ්ඥ සම්බවයක් සහිත මිනිස්සු නිසා. කස්ත්‍රෝ එන්න කලින් තිබුන ජීවන රටාවම තමයි කස්ත්‍රො මැරෙණ තුරා තිබුනේ.
      ස්පාඥ්ඥ සඟිස්කුරුතියේ තමයි හොඳට කාලා බීලා බයිලයක් ගහලා ඩාන්ස් එකක් දාල, හෙට මැරුනත් හිතට සැමප්යි ද ජොලි කරලා කියන සඟිස්කුරුතිය. ඒ සඟිස්කුරුතිය කැස්ත්‍රෝ නැතත් අනෙක් ලතින් ඇමරිකාණු රටවලත් තියෙනවා. බටහිර කොදෙව් දූපත් වලත් තියෙනවා.
      එහෙම නැතිව ඒක මේ ෆිදෙල්ගේ කල්ට් එකක් කියලා කියනවා නම්, ඒක කියුබානු හා ලතින් ඇමරිකානු ඉතිහාසය නොදැන කරන කතාවක් කියලා තමයි කියන්න වෙන්නේ. ක්‍රීඩාවේ හා අජ්ජාපනයේ හැකියාවන් ඒ ජාන වලින් එන දේවල් සහ පැවති දේ. එකම හොඳ දේ කැස්ත්‍රෝ ඒවා වෙනස් කරන්න ගියේ නෑ. එහෙම නැතිව කැස්ත්‍රෝ කරපු මඟුලක් නෑ..

      Delete
    2. |ජනතාවට නිදහස් අධ්‍යාපනය හා ඉහල වෛද්‍ය පහසුකම් ලබා දීම හා ජන වාර්ගික සමගිය ඇතිකිරීම ඒ අතරින් මුල් තැන ගනී. ඒ හැරෙන්නට ඇමෙරිකාව මට්ටු කරන්නට පාරම් බාමින් විප්ලවය අපනයනය කරන්නට නැටුවා මිසක් රට සංවර්ධනය කරන්නට හෝ මිනිසුන්ගේ ජීවන තත්වය ඉහල නංවන්නට හෝ මේ ඒකාධිපතියාට අවශ්‍ය නොවීය.|
      කතාව පොඩ්ඩක් පරස්පර විරෝධීයි නේද? ඔය ඉහලින් කියලා තියෙන හොඳ වැඩක් රටක මිනිසුන්ගේ ජීවන තත්වට නංවලා උසස් ජීවන තත්වයක් ලබා දෙන්න පුළුවන් දේවල්. එකෙම පහල තියෙනවා ඒකට උවමනාවක් තිබුනේ නැහැ කියලා‍.

      Delete
    3. ඇත්තම කියනවානම් මෙතන පරස්පර විරෝධී කමක් නෑ KAS. ඔය මම මුලින්ම කීව දේවල් ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනය, ඉහල වෛද්‍ය පහසුකම් වාගේ දේවල් ෆිදෙල් එන්ඩ කලිනුත් කියුබානු සමාජයේ තිබුණා . ජන වාර්ගික සමගියත් එහෙමයි. එත් කියුබාවේ ෆිදෙල් බලයට ආවහම වලන් කඩේට පැන්න ගොනා වගේ පැරණි දේවල් සේරම විනාස කළේ නෑ . මුලින් කියාපු දේවල් දිගටම පවත්වාගෙන ගියා, ඒවගේ තිබුන අඩුපාඩු නැති කරලා වැඩි දියුණු කළා. ඒක ෆිදෙල්ම කරපු දෙයක් නොවුනත් ඒ දේවල් විනාශ නොකර ඉදිරියට ගෙන ගිය හින්දයි එයාට ප්‍රශංසා කලේ. හැබැයි විරුද්ධ මත ඉවසීම හා ගරු කිරීමට හැකියාවක් නොතිබීම හින්දා සිය රටවැසියන් මරා දැමීම, හිරේ දැමීම, දස වද දීම, ලිවීමේ නිදහස හා මාධ්‍ය නිදහස සම්පුර්ණයෙන්ම නැතිකිරීම වගේ දේවල් ගැන මම ලිව්වේ නෑ . කියුබානු සමාජය කොච්චර දියුණුවුනාද කිව්වොත් ඒ රටේ වැඩි දෙනෙක් බලාගෙන ඉන්නේ ඇමෙරිකාවට ගිය ඥාතීන්ගෙන් මුදල්, ආහාර පාර්සල්, ඇඳුම් පාර්සල් එනකල්. කියුබාව දවසෙන් දවස පිරිහුණා මිසක් ඒ රට බටහිර අර්ධ ගෝලයේ අනික් රටවල් වගේ ආර්ථික අතින් දියුණු වුනේ නෑ . ඇමෙරිකානු විරෝධී, ධනවාදී විරෝධී සටන් පාඨ වලින් ජනතාව මංමුලා කළාම පාලකයින්ට හැමදාමත් බලයේ ඉන්ඩ පුළුවන් බව ෆිදෙල් දැනගෙන හිටියා. එකනේ ඇවිදගන්ඩ බැරි වෙනකල්ම රජකම කළේ . 1970 ගණන් වල ශ්‍රී ලංකාවේ තිබුන හාල් පොලු මතක නම්, පාන් පෝලිම්, ලාම්පුතෙල් ගඳ රෙදි මතක නම් කියුබාව වගේ රටවල් වල මිනිස්සු කොයි තරම් අමාරුවෙන් ඉන්ඩ ඇත්ද, ඉන්නවද කියලා හිතා ගන්ඩ ලේසි වෙයි. ඔය සමාජවාදය කියාගෙන කරන්නේ ලොකු බොරුවක්. අහිංසක මිනිස්සු රවටනවා විතරයි. හැබැයි අපි කොච්චර කිව්වත් රැවටෙන කල් කිසි කෙනෙක් පිළිගන්නෙත් නෑ . එකයි අභාග්‍යය.

      Delete
  14. Hope country would get into the development path now. So close to USA it would have been like Hong Kong to China.Thanks to castro, country is well behind the developed world. One has to go there to see the real picture. limited or no internet. poor transport system with people, even ladies, having to wait by road side for hours until a willing hiring vehicle comes-which are usually back of motorbikes for transport. few cars on the road ;few big late 50's old american cars seen on roads occasionally. few high rises, city with building that are not renovated or painted for years, co-operatives with more empty shelves and the few remainder with goods are nearly empty ,locals are prohibited to enter tourist hotels. bread available at few bakeries are not baked fully and are with raw flour inside.two pesos(currency) -one for locals and the other foreigners(this has very higher value & it is prohibited for locals) are some of the true sides of this country. worse than Sri Lanka in 70 -77 times.

    ReplyDelete
    Replies
    1. බිත්තර දෙක තුනක් විකුණන මිනිස්සු ඕන තරම් ඉන්නවා කියලා කියන්නේ..

      අනික ඉතින් ඕක මාර රටක් නම්.. මෙහේ අය ඇයි තමන්ගේ දරුවෝ එහේ යවන්නේ නැත්තේ...

      Delete
  15. ඇත්තම කියනවනම් මාතෙ. ඔය කියන සමජවාදේ, මර්ක්ස්වාදේ ගැන මටනං මෙලෝ දැනීමක් නැත. ඔය වචන වල ඉන්න මිනිස්සුනම් විජේවීර, ලෙනින්, කැස්ත්‍රෝ, චේ වගේ අය ගැන අහල තියෙනව විතරයි. කවුරු උනත් කැස්ත්‍රෝ කියන මනුස්සය හොඳක් කොරල ගියානං එච්චරයි, සුභ ගමන්. 🙏

    මේකට තව එකක් අමුනන්නන්. යාළුවෙක් හිටිය චේ ගුවේරාගේ පට්ට හාර්ඩ් කෝ ෆෑන්.
    ගහගත්ත කියහන්කො එයාගේ මුනේ පච්චයක් පපුවේ. හැබැයි ඉතින් කොච්චර හාර්ඩ් කෝ ෆෑන් උනත් තනිකරම ඉන්නෙ ළඟ ඉන්න එකාගේ පොකට් එක සුද්ද කරලා අනුන්ගෙ සල්ලි වලින් තමන්ගෙ වියදමින්. ඒකට කියන්නෙ සමජවාදේ නම්, සමජවාදේ කියන්නෙ තාල වර්ගයට අයත් සතෙකි කියලයි මටනං කියන්ට තියෙන්නේ.

    ස්තුතියි.. 👊🏽

    ReplyDelete
    Replies
    1. ඔය් මිනිස්සු පහළ ලෝකයට ලැබුන හොඳ දේවලුත් නැතිවා නෙමෙයි

      * විප්ලව හේතුවෙන් ජනගහනය අඩු වීම
      * බල කඳවුරු දෙකක් නිර්මාණය වීම
      * ධනවාදී ඒකාධිපතියන් පිස්සු කෙලීම අඩු වීම
      * ආයුධ වෙළඳාම දියුණු වීම
      * පුක සේදීමට පමණක් භාවිතා කළ වම, ආතල් ගැනීමටත් යොදා ගැනීම
      * මොලයක් නැති බූරුවන්ටත් පක්ෂයක් ලැබීම

      Delete
  16. ස ර ස තුමා නම් වඩාත් කැමති ෆිඩෙල් කැස්ට්‍රෝ තුමා ලියාපු "කියුබාවේ ප්‍රොබෝදය" නැමති වාක්ය රචනාවට...

    අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ එම වාක්ය රචනාව මාර හිට් හිටන්!

    ReplyDelete
    Replies
    1. ඒක දාහන්කෝ ස රස තුමා....

      Delete
  17. 50 දශකයට පෙර කියුබාව

    කියුබාව ගැන කථා කරන විට බොහෝ අය සිතන්නේ එකල බතිස්ටා නැමැති දරුනු පාලකයෙක් සිටි බවත්, කැස්ත්‍රෝගෙ පැමිනීමට පෙර කියුබාව සෝමාලියාව,හයිති රාජ්‍ය වැනි දුප්පත් කමින් මිරිකී සිටි රටක් ව තිබූ බවත්‍ ය..

    ලතින් ඇමරිකාවේ පිහිටි ශ්‍රේෂ්ඨතම රටක ඉතිහාසය නොදැන බහුබූත කතා කරන අයටයි මේ..

    1) සමාජවාදය පැමිනීමට පෙර කියුබාව ලතින් ඇමරිකාවේ තෙවැනි ධනවත්ම රටය. හවානා නුවර ලොකයේ තෙවැනි දියුනුතම අග නගරය විය. කියුබාව ඒක පුද්ගල ආදායම අතින් ලොකයේ හය වෙනි තැනය. ඉතාලිය, පෘතුගාලය , ජපානය ,ස්පාඤ්ඤය , ඔස්ට්‍රියාව පවා සිටියේ කියුබාවට පසු පසිනි.1956 වන විට කියුබාවේ සාක්ෂරතාවය අතින් ලතින් ඇමරිකාවේ දෙවැනි ස්ථානයේ පසු විය. කියුබාවේ සාක්ෂරතාව 76.8% වූ අතර හයිති රාජ්‍යයෙ එය 10% ක් සහ ස්පාඤ්ඤය , එල් සැල්වදෝර්, වැනිසියුලාව, බ්‍රසීලය , පෙරු , ගව්තමාලා, ඩොමිනිකන් ජනරජය යන රටවල සාක්ෂරතාවය 50% කි.

    2) 1957 දී කියුබාවේ වෙද්‍යවරුන්‍ ගේ සංඛ්‍යාව අතින් ලතින් ඇමරිකාවේ ප්‍රථම ස්තානයේ සිටි අතර no of doctors per capita 1 per 957 population. කැලරි පරිභෝජනය අතින් ලතින් ඇමරිකාවේ පලවැනියා විය. Calories 2870 per capita. ගෘහස්ථ විදුලිය අතින් උරුගුවේ සමග සම තත්වයේ පසු විය.

    3) 1951 දී මධ්‍යස්ථ වායු සමීකරණයක් central air condition system සහිත ලෝකයේ ප්‍රතම හෝටලය කියුබාවේ හවානා නුවර ඉදිවිය. The Riviera Hotel .( මා මුලින් හවානා නුවරට ගිය විට ගුවන්තොටුපලේ ඇති කවුන්ටරයෙන් වෙන් කර ගත්තේ ඉහත හෝටලය වන අතර, විශාල කමර, බැල්කනි, නාන කාමර වලින් සමන්විත වූ මුත් වායු සමීකරන පද්ධතිය නම් දවසින් අඩක් පමන නිතරම ක්‍රියා විරහිත වේ..)

    4) දුම්රිය ගමනාගමනය අතින් ලතින් ඇමරිකාවේ පලවෙනියා වූ අතර ලෝකයේ ඔවුනට ඉදිරියෙන් සිටියේ ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයට පමනි. 1837 දී මුල්ම කෝච්ච් පාර ඉදිවිය .

    5) කියුබාවේ විශිෂ්ඨ වෙද්‍ය අද්‍යාපනයක් තිබූ අතර සොයාගැනීම් research සඳහා විශාල මුදලක් වෙන් කෙරුනු අතර, 1881 දී කහ උන රෝගය සහ එය වැලැක්වීමට හේතු කාරක සොයා ගැනින. 1847 දී සිහිනැතිකර anesthesia කරමින් ප්‍රතිකාර කල පලමු ලතින් ඇමරිකානු රට විය. 1907 දී ලතින් ඇමරිකාවේ ප්‍රතම එක්ස් කිරන x-ray යන්ත්‍රය කියුබාව සතු විය.

    6) 1889 දී ලතින් ඇමරිකාවේ ප්‍රතම විදුලිය පද්ධතිය ඉදිකෙරෙන .. ඒ වන විට ස්පාඤ්ඤය වත් එවන් පද්ධතියක් නොතිබිණි .

    7)1825 - 1900 අතර කාලයේ ස්පාඤ්ඤයට වැඩිපුරම විදේශ විනිමය රැගෙන ආවේ කියුබාවෙනි. එය මුලු ගනනින් 75% කි.

    8) ලතින් ඇමරිකානු රටක ප්‍රථම ටෑම් tram රථය ධාවනය වූයේ හවානා නුවරය. ඒ 1900දීය.

    9) 1900 දීම අනෙක් සියලුම ලතින් ඇමරිකානු රටකට පෙර ප්‍රතම කාර් රථය හවානා නුවර ඔබ මොබ ධාවනය වන්නට විය.

    10) ලොකයේ ප්‍රතම කෙලින්ම ඇමතිය හැකි direct dialing ( ඔපරේටර් කෙනෙකු නොමැතිව ) ටෙලිෆෝන් ක්‍රියාත්මක වූයේ හවානා නුවරය.. ඒ 1906 දීය.

    ReplyDelete
  18. 11) 1913 මැයි 19 වෙනිදා ලතින් ඇමරිකාවේ ගුවන් යානයක් පැදවූ ප්‍රතමයන් වීමට කියුබානුවන් වන Agustin Parla සහ Rosillo සමත් විය. පැයකුත් විනාඩි හතලිහක ගමනකින් පසු ඔවුන් ෆ්ලොරිඩා ගුවන් තොටුපොළ වෙත ලඟා විය.

    12) 1922 දී ගුවන් විදුලි සේවයක් ආරම්භ කල ලොව දෙවන රට වන අතර සංගීත වැඩසටහනක් සජීවීව විකාශය කල ලොව පලමු රටයි.. 1928 වන විට කියුබාවේ ගුවන් විදුලි සේවා 61 තිබූ අතර ඉන් 43 ක්ම හවානා නුවරය. එවකට ජනගහනය අනුපාතය අනුව ගුවන් විදුලි සේවා ගනනින් කියුබාවට ඉහලින් සිටියේ ඇමරිකාව , කැනඩාව සහ රුසියාව පමනි.

    13) 1937 දී සේවා වැඩ මුරය පැය අට දක්වා අඩු කෙරුනු ලතින් ඇමරිකාවේ ප්‍රතම රට වූ අතර අවම වැටුපක් ස්තාපිත කෙරුනි. විශ්වවිද්‍යාල සියල්ල ස්වාදීන කෙරින.. කැස්ත්‍රෝ රෙජීමයත් සමග එය නැති විය.

    14) 1940 දී කියුබාව ලොව අනෙකුත් සියලු ව්‍යවස්ථාවන්ට වඩා දියුනුතම ව්‍යවස්ථාවක් සම්මත කලේය. ස්ත්‍රී චන්ද අයිතිය ලැබු ලතින් ඇමරිකාවේ දෙවැනි රට වූ අතර එම ව්‍යවස්ථාවෙන් ස්ත්‍රී, පුරුෂ, සියලු ජාතීන් සම තත්වයේ සැලකුනු අතර ස්ත්‍රීන්ගේ රැකියා අයිතිවාසිකම් තහවුරු කෙරින.

    15)1950 දි පුද්ගලික ටෙලවිෂන් ආයතන ඇරඹි දෙවන රට වන අතර ,ඇමරිකාවේ අවස්තා නොලැබුනු කලාකරුවන් බොහෝමයක් කියුබාවේ ආයතන වල රැකියා සඳහා ගියේය.

    16) අධිබලැති කොන්ක්‍රීට් මගින් reinforced concrete මගින් ඉදිකෙරුනු ලොව ප්‍රතම ගොඩනැගිල්ල ඉදිවූයේ කියුබාවේ ය..එය 1952 දී ඉදිකල Fosca ගොඩනැගිල්ලය.

    17) 1954 දී මස් අනුභවය අතින් පිටුපසින් සිටියෙ ආර්ජන්ටිනාවට සහ උරුගුවේ ට පමනි.

    18) 1940 දී සුදු ජාතිකයන් බහුතරයක් සිටින රටක බහුතර ඡන්දයෙන් පත්වූ ලොව ප්‍රථම කලු ජාතික ජනාධිපති වරයා බිහිවූයේ කියුබාවෙන් මිස ඇමරිකාවෙන් නොවේ..

    19) 1955 දී ලදරු මරණ අනුපාතය අතින් ලතින් ඇමරිකානු රටවල් අතුරින් දෙවෙනි ස්ථානය හිමි වූ අතර එය 33.4 per thousand ..

    20) 1950 වන විට කියුබාවේ හවානා නුවර පමනක් සංසරණය වූ කාර් ප්‍රමානය මුලු බ්‍රසීලයේම තිබූ කාර් රථ වලට වඩා වැඩිය .

    21) වර්ණ රූපවාහිනී පාවිච්ච් කල ලතින් ඇමරිකාවේ පලමු රට කියුබාවයි

    22) 1958 දී වර්ණ රූප විකාශනය කිරීමට පටන් ගත් දෙවැනි රටයි..

    23) 1959 දී ලොව වැඩිම සිනමා ශාලා තිබු නගරය හවානා නුවරයි. එය 358 කි. පිලිවෙලින් නිව් යෝර්ක් සහ පැරිසිය සිටියේ පසු පසිනි.

    *** අද "විප්ලවය " න් පසු අර්ධ ශතකයකට වඩා කාලයක් කැස්ත්‍රෝ ගේ සමාජවාදී යැයි කියාගන්නා මිහිපිට දීර්ඝතම ඒකාධිපති පාලනය තුල කියුබාව කෙසේද ?

    මානව හිමිකම් තුට්ටුවකට මායිම් නොකරන, වදහිංසා, නීති විරෝධී අත් අඩංගුවට ගැනීම් arbitrary arrest , අසාධාරණ උසාවි unfair trials , නීතිවිරෝධී ලෙස ඝාතනය කිරීම් ( also know as The Wall ).
    ජනතාව සියලුම අයිතීන් .. එනම්
    Supression of almost all forms of political dissent and that the cubans are systematically denied fundamental rights to freedom of expression ,Association , Assembly , Movement and Privacy ..Citizens can't get out or go back to the country without first obtaining a permit from the political officials .
    අද ඛේදනීය තත්වය නම් කියුබාවේ සුරුට්ටුවක් හැර වෙනත් නිෂ්පාදනයක් නැත. ජනතාව වැඩ නොකරති .. ඇත්තටම කරන්න කියා වැඩකුත් නැත .. ඒ වෙනුවට සිඟන්නන් සහ ගණිකාවන් පිරී ඇත . දැනට යන්තම් හෝ ජීවත් වන්නේ වෙනිසියුලාවේ නැතිනම් එක්වදෝරයේ සාරය උරා බොමිනි.
    කොමියුනිස්ට් සමාජවාදය කියුබාව නැමැති සුන්දර රට විනාශ කලේය..

    @ ප්‍රියන්ත ජයවර්ධන 27/11/2016

    ReplyDelete
    Replies
    1. ඉතින් මේ ලිස්ට් එක කියෝපු හාදයෙක් ජීවිතේට ආයෙ ජෙප්පන් ට චන්දේ දෙයිද හිටන්?

      අයියූ 2020 ජනාදොපති වෙන්න හිටි ජෙප්පෝ!

      Delete
    2. මාතලං අපි ලංකාව ගැන බැලුවත් ඉතිහාසය මෙහෙමම තමා..... ක්‍රිස්තු පූර්ව ගණන් වලදිත් අපි මාර ශිෂ්ඨාචාරයක් තිබුණ රටක්. අපිට මාර වාරිතාක්ෂණයක් තිබුණා. අපි මහා දාගැබ් හැදුවා. ඒ කාලේ ඇමරිකාවේ රතු ඉන්දියානුවෝ රෙදි නැතුව හෙලුවෙන් ඉන්න ඇත්තේ. ඉතින් ඇයි හත්තිලව්වේ අපි නායක්කාර් වාංශික පාලකයෝ ටික පන්නගත්තේ... අපරාදෙනේ...........

      ඇයි සුද්දාගේ කාලේ. ලංකාව තමා බොහෝ රටවල් වලට කලින් දියුණු මහාමාර්ග පද්ධතියක් හැදුණ රට. පළවෙනියට ම ප්‍රවාහණය දියුණු ම මට්ටමකට පත්වුණ දකුණු ආසියාතික රට. සර්වජන ඡන්ද බලය භාවිතා කරපු රට..... ඉතින් හත්තිලව්වේ ඇයි අපි සුද්දා පන්නා ගත්තේ. මේවා හෙන අපරාද ද බං...............

      Delete
  19. අගුනකොල පැල්ලස්සේ "කියුබාවට අත නොතබනු" කියලා ගහලා තියනවා දැක්ක දවසේ මටත් හිනා ගියා ..
    අනික අපේ ගොඩක් උන් චේ ගේ පින්තුරේ ගහගෙන ඉන්නේ බොබ්මාලේ කියලා හිතලා

    ReplyDelete
    Replies
    1. මේ චේ නෙමෙයි යකෝ... ෆිදෙල් කැස්ත්‍රෝ... වෙන එකෙක්.. දෙන්නා යාළුවෝ...

      Delete
    2. හරි බං මගේ දේශපාලන දැනුමට ඔය කොයිකත් එකයි

      Delete
  20. මොන සමාජවාද ද බන් මෙව්වා

    ReplyDelete
    Replies
    1. පිච්චු බම්ප් වෙනවා නේ...

      Delete
  21. කොළඹ උන්නනං මාත් උඹත් එක්ක ක්‍රැස්තෝ ආතල් එකට සෙට් වෙනව. කරුමෙට මළගෙදරකට ගිහින් ඉඳලා අදයි කොළඹ ආවේ

    ReplyDelete
    Replies
    1. බුකිය මරු බං... එතන සංවාද නගලම යනවා..

      Delete
    2. උබ උගේ මල ගෙදරත් ගියාද

      Delete
  22. මාතලන්,

    "කියුබාවෙ ප්‍රබෝධය" වගේ දෙයක් ගැන ලිව්වොත් නරකද?

    -මොණරවිල

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න