.

.

Nov 24, 2016

රන්ජන් රාමනායක හා රණසිංහ ප්‍රේමදාස - Ranjan Ramanayake & Ranasinghe Premadasa



රන්ජන්ගේ මේ ඡායාරූපය දුටු විගසම යමක් ලියන්නට සිතට ආවත්, කිසිවක් ලිව්වේ නැත්තේ, රන්ජාට පොඩි රැස්පෙක්ට් එකක් තියෙනා නිසාය. එහෙත්, බුකියේ ජනප්‍රිය තරු වන, මා හිතවත් මනෝරම මෙන්ම, සෙපාල්ද මේ පිළිබඳ බුකි සටහන් තැබූ හේතුවෙන්ම, රන්ජයියාට අවුල් වෙන්නට එපා යැයි කියමින්, මාතලන්ගේ අවංක අදහස මෙතන ලියලා දානවාය. 

සමහරක් විට රන්ජන්ගේ පැත්තෙනුත් මේ පිළිබඳව සාදාරන හේතු දැක්වීමක් කරන්නටත් හැක. ඒ හේතුව සම හරක් විට මේ වාගේ එකක් වෙන්න පුළුවන්ය.

අම්මට සිරි ලංකාවේ මෑත අතීතයේ රණසිංහ ප්‍රේමදාස කියලා ජනාධිපති කෙනෙක් උන්නේය. උන්නැහේ, ඔය මිනිසුන්ගේ උස ප්‍රමාණයන් අනුව රැකියා ලබා දෙන, තාත්තාගේ අඩි පාරේම යමින්, මිනිසුන්ට නිවාස ලබා දෙන සජිත් ප්‍රේමදාස මැති තුමාගේ තාත්තාය. 

ඇත්ත කතාවක් හෝ යාං හෑල්ලක් වේවා, මට මේ පින්තූරය දැකපු ගමන් මතක් උනේ ඒ කතාවයි. මා(තලන්) හිතන්නේ ලංකාවේ රාජ්ජ නායකයාගේ කාර්ය බාර්ය රට පාලනය නොව, පන්සල් දේවාල වන්දනාව බවට පත්කිරීමේ ගෞරවය හිමි වන්නේ එතුමානන්ටෙයි කියලාය. එතුමා හැම පෝයටම සිල් ගත්තේය. අම්මට සිරි ලංකාවේ සෑම පන්සලකටම මල් වට්ටියක් ඔළුව උඩ තියාගෙන යන රාජකාරිය ආරම්බ කිරීමේ ගෞරවයද උන් වහන්සේටමය. 

රාජ්ජය රැක ගැනීමට ජනතාව කෙරේ විස්වාසේ තබනවාට වඩා, හදි හූනියම්, කිරිදාන, තිරුපති යෑම, කන්‍යාවන් හා නිර්වස්තරෙන් නෑම , ආරක්ෂා, බන්දන, ශාන්ති කර්ම, පිරිත් නූලෙන් අත පිරවීම හා දෙවියන්ගේ මෙන්ම මළ පෙරේතයන්ගේ පිහිට ආරක්සාව ලබා ගැනිමේ පළමු පියවර තැබිමේ ගෞරවයත් එතුමාටමය. සම හරක් කියන්නෙ උන්නැහේට ආපු දෝසාබියෝගේ දින්නේ, පාර්මේන්තුවේ පුටු වල ජීවන් කළ ඌරු තෙල් ගාලා කියලාය. සමහර විට ඒ ඌරු තෙල් වල බලය තවමත් ඇතෙයි කියා හිතෙන්නේ, ඒ පුටුවල ඉඳගන්න හෑම එකාම පිස්සු කෙලිනා නිසාය. 

කෙසේ හෝ, ඔය ප්‍රේමදාස මහත්තයා පන්සල් ගානේ යද්දි, දහසින් බැදි පියලි අතේ තිබුනද, පිං කැටයට දමන්නේ කාසියක් දෙකක්ය. ඉදින් දවසක් උන්නෑහේට හිතවත් කෙනෙක් උන්නැහේගෙන අහලා තියෙන්නේ. සෑර්, සර්ට ඕකට දාහක් දෙදාහක් උනත් දාන්න පුළුවන් කම තියෙද්දි, පිං කැටේට සිල්ලර කාසි දාන්නේ මොකෑ සෑර් කියලාය. 

පෙම්දස් මැතිදුන් එවිට පවසා ඇත්තේ, ඕකට කොල දැම්මට සද්දෙ එන්නේ නෑ නේ අයිසේ, සද්දේ එන්න තමයි මම කාසි දාන්නේ, එහෙම නැත්නම් කොහොමද වටේ පිටේ උන් දන්නේ, මම කීයක් හරි දැම්මද කියලාය. හැබයි ඉතින් උන්නැහේගේ කාලේ හැම ආකරයෙන්ම සද්දෙයි වැඩයි දෙකම තිබුනේය. 

දැන් කතා කරන්න යන්නේ රනජන් උන්නැහේගේ වැඩේ ගැන අපේ අදහස කියලා දාන්නටය. සාමාන්නියෙන් මළ ගෙවල් වලට මුදලින් ආදරයක් කොරනා එක මහා දෙයක් නෙමේය. එහෙම දේ කරනා අය ඕනෑ තරම් ඉන්නවාය. ඒත් ඒවා දෙන්නේ මම කීයක් හරි දුන්නා කියා පෙන්වීමට්වත්, ලබාගන්නා අපහසුතාවයට පත් වෙන ආකාරයත් නොවේය. එහෙම ප්‍රසිද්දියේ දෙන්නේ මඟුල් ගෙවල්වලය. එතන නම්, එන උන් නිකං කාලා යන නිසා, ටීපෝවක තැපල් කවර තියලා තියෙන්නේ ප්ලේට් එකේ ගානවත් දීලා පලයන් යකෝ කියලාය. 

රන්ජන්ද කළා කාරයෙක්ය. මේ මෙසේ කළ පළමු අවස්ථාවද නොවන්නේය. මීට කලින් රෝගීව සිටි ප්‍රින්ස් උදය ප්‍රියන්තටද ඔහු මේ දෙයම කළේය. මෙතන බොහෝම පැහැදිලිව උඩින්ම ඇත්තේ 5000 කොලයක්ය ඊට යටින් තිබුනේත් 5000 හේ ඒවාමද, නැත්නම් 20 කොලද කියන්න අපි දන්නේ නැතිය. අනික මිනීයට ගෞරවය දක්වන අවස්ථාවේ මේ සල්ලි තිබෙන්නේ කවරයක් ඇතුලේය. ඒ කවරය දුන්නා නම් අඩු ගානේ හිත හදා ගන්න පුළුවන්ය. 

අනෙක කොස්තා වනි කළාකරුවකුට රන්ජන් මුදල් දීමටද අවශ්‍ය නොවේ. ඒවා රටක සඟිස්කුරුතික අමාත්තියන්සයේ යුතුකම්ය. සම හරක් විට එහෙම වෙන්කල මුදලක් එතන ඉන්නා උන් යටි මඩි ගසා ගන්නටත් ඇතිය. කෙසේ හෝ අපට නම් කියන්න තියෙන්නේ, කළාකරුවකු වන ඔබ, තවත් කළාකරුවකට කරනා මේ දෙය, ඔවුන් පහත් කොට සැලකීමක් කියලාය. කොටින්ම කියනවා නම්, ඔවුන් හිඟන්නන් පිරිසක් ලෙස සැලකීමක් ලෙසය. මෙසේ සැලකීම කළාවටම කරනා හානියක්ය කියලාය. මේ දේවල් ඔබට වැටහෙනුයේ, ඔබ යම් දිනෙක මේ තත්වයට පත් වූවොත් පමණක්මය. අපේ එකම ප්‍රාර්ථනාව, හිත හොඳ කොල්ලෙක් වන ඔබට එසේ නොවේවා කියලාය. 

තා එක දෙයක් කියා මේ පල් හැල්ල නවත්තලා දමනවාය. අර කලින් කී ප්‍රේමදාස උන්නැහේ ළඟ නම්, සද්දේ මෙන්ම වැඩත් තිබුනේය. ඒ කියන්නේ, විසිල් විතරක් නොව බල්ටිද අඩු නැතිවම තිබුනේය. එහෙත් රන්ජන් අයියලාගේ නම් තියෙන්නේ විසිල් විතරමයි ලොක්කා කියා කනගාටුවෙන් උනත් කියන්නම වෙනවාය. අර හොරු අල්ලන්න දුවපු රන්ජන් රාමණායක හොරුන් විසින් ඉස්සුවාදෝ කියා පොඩි සැකයක් ඇපිට දැන් තියෙනවාය.

මොකෝ, සිරිසේන ලොක්කා සද්දේ දාපු දා පටන්, ඒ රනජන් හොයා ගන්නත් බැරි නිසාමය. 

30 comments:

  1. හොඳා. ගෙදර ගිහින්ම කොමෙන්ට් කොරන්නම්. 👊🏽

    ReplyDelete
  2. රන්ජන්ට නළුවෙක් විදියට සෑහෙන වැඩක් කරන්න තියෙනවා...
    රන්ජන්ව දාලා ගොන් ෆිල්ම් හදන ගොන් අධ්‍යක්ෂවරුනුයි එයාව දේශපාලනයට ගෙනාපු ගොන්නුයි ආරාධනා පිළිගෙන ගොන් ෆිල්ම් සහ දේශපාලනයට යන රන්ජනුයි මේවට වගකියන්න ඕන...
    රන්ජන් සුපර්ස්ටාර් තමයි... හැබැයි ගොන් ෆිල්ම් හැදෙන ලංකාවෙ

    ReplyDelete
    Replies
    1. මහිසයන් සෛන්දවයන් මෙන් දිස්වෙන අයුරින් අංගරචනය කලද තම පැවැත්ම තුල නෛසර්ගික ගුණයන් මැනවින් ඉස්මතුවීම මහාබ්‍ර‍හ්මයාට වැලැක්විය නොහැක.

      ව්‍යාජවේද මංජරිය ඇසුරෙන්.

      Delete
    2. මම නම් හිතන්නේ රන්ජන් කියන නළුවට වඩා රන්ජන් කියන දේශපාලකයා සාර්ථකයි..

      Delete
  3. චිත්‍රපට රංගනය කෙසේ වෙතත් දේශපාලන රංගනය හොඳ මට්ටමක පවතී.

    ReplyDelete
  4. ඕක දාහෙ කොලවලින් දුන්නන්නං මිටිය ටිකක් ලොකුවට පේනවත් එක්ක..අපරාදෙ

    ReplyDelete
    Replies
    1. මම දුන්නා නම් දෙන්නේ සීයේ කොලවලින්.. බ්‍රීෆ් කේස් එකක දාලා,,,,

      Delete
  5. ඕකට කොල දැම්මට සද්දෙ එන්නේ නෑ නේ අයිසේ, සද්දේ එන්න තමයි මම කාසි දාන්නේ..ඒ් කියන්ෙන්.. නෑ ඔ්න්නෑ ඉතින්... ෙකා්ම වුණත් මරු ලියවිල්ල.. අැත්ත ෙගාඩක් ෙවලාවට ෙම් අය ප්‍රදර්ශනකාමීන් වෙග්ම දර්ශනකාමීන් පමණයි. රංජන්ෙග් ෙපාඩි පී අාර් ඒකක් තීනවා ඒ්ත් ෙම් ෙදන ඒක ලියුම් කවරයක දාල ෙදන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. මිනීයට ආචාර කරන කොට කවරෙක තමයි තිබුනේ... මට නම් රන්ජන්ට වඩා පෙනුනේ මේක.. ඒ කියන්නේ රන්ජන් සාර්ථකයි...

      Delete
  6. මං කලිනුත් කොහෙද දැක්කා සල්ලි දෙන්නේ පේන්නමයි

    ReplyDelete
    Replies
    1. ප්‍රින්ස් උදය ප්‍රියන්තට..., නවලෝකෙදි....

      Delete
  7. 5000 කොළේ අවලංගු කරන්න යන කතාවක් තියන නිසා රන්ජන් එයා ළඟ තියන 5000 කොළ බෙදලා දානවා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අම්මපා එහෙම කේස් එකක් වෙන්නත් බැරි නෑ....

      Delete
  8. සල්ලි කවරෙකට දමලා නොදුන්න එකයි දේශපාලනයයි රගපෑමයි පැත්තකින් දමලා අපි මනුස්සකමින් බලමු. මලගෙයක් වෙලා ආර්ථික හා මානසික පැත්තෙන් පහලට වැටිලා ඉන්න පවුලකට රංජන් කරපු දේ හොද නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒක නේ මම කිව්වේ... මේකේ පැති දෙකක් තියේය කියලා...

      Delete
  9. මාතලන් ලොක්කා

    අපි නම් ඉගෙනගෙන තියෙන්නේ "දකුනු අතින් කරන දේ වම් අතට වත් දැනගන්න නොලැබෙන ලෙස" උදව් උපකාර කරන්න කියලයි

    නමුත් රන්ජන් වටේ ඉන්න ගොබ්බ සම හරක් කට්ටිය රන්ජන්ට පිදුරු, පුන්නක්කු නිතරම කවන බවක් පෙනෙනවා

    ඉතින් රන්ජන් "හරක් කුලයට" එකතු වෙනවා මේ වගේ වැඩ කරලා.....

    By the way.....
    Thanks for introducing new bloggers for people like us those who don't surf much online to search for good reading materials.

    Maathalan need to get a thank you note from "Sarpayage diyaniya"

    ==Adrian from Toronto

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඔය ක්‍රමය බොහෝ වෙනස්... මම හිතන්නේ උදව් කරනවට වඩා වෙහෙසනවා තමන්ව පුම්බ ගන්න... මම නම් ඒවට කැමති නෑ..

      Delete
  10. ඉගෙනගන්න දේවල් තියෙන බ්ලොග් එකක් ගිගින් බලන්න.

    ReplyDelete
    Replies
    1. අපෝ අපි ගොඩක් කල් ඉඳලා බලන්නේ...

      ඔහේ අද නේ දැකලා තියෙන්නේ...

      Delete
  11. පළවෙනි පාරනම් කමක් නැහැ, මේ දෙවෙනි වතාව...
    ඔළුව උදුම්ම ගත්ත මෝඩයෙක්...

    ReplyDelete
    Replies
    1. මෝඩයෙක් නම් නෙමෙයි...

      Delete
  12. නළුවෙක හැටියට නම් කැමති නැහැ. මම රන්ජන්ගේ ෆිල්ම් එකක් බලල නැහැ. එක පාරක් වැරදිලා බැලුව ෆ්ලයිට් එකකදී එච්චර තමා. දේශපාලකයෙක් හැටියට අනිත් සමහර එවුන්ට වැඩිය නම් හොඳයි. නමුත් ඒත් ෆිල්ම් වල වගේ කෑලි දානකොට හිනා යනවා. අර මැද පෙරදිග මිනිස්සු ගැහැණු වෙනුවන් කතා කරන එකට නම් සහයෝගය දෙනවා මමත්. මේ සල්ලි දුන් වැඩේ කැමරාවට - එච්චර හරි වැඩක් නෙමේ කියල මමත් හිතන්නේ. හැබැයි අනිත් පැත්තට ඔය අනිත් හැම දේශපලකයෝමත් ඒවගේ දේ කරනවා. ප්‍රසිද්ධියට. අපිත් ලමයින්ට් පොත් පත් හෙම අරන් දීල පින්තුර දැම්ම. එතන පි හරිද කියලත් මට හිතුන කිහිප සැරයක්ම. නමුත් එතකොට තමා අනිත් අයත් එන්නේ උදව් කරන්න.

    ReplyDelete
  13. සහතික ඇත්ත මාතලන්. රන්ජන් රාමනායක හිත හොඳ මිනිහෙක් බව ඇත්ත. නමුත් එයාටත් අර ලිච්චවී ලෙඩේ බෝවෙලා. මොන දෙයක් කරත්, හොඳ හෝ නරක වේවා, හත්පොලේ ගාගෙන තමයි කරන්නේ. මේ යකාට සත පහක හරි මොලයක් තිබුනානම් මේ විදියට සල්ලි කොළ දික් කරගෙන හිඟන්නන්ට සල්ලි බෙදනවා වගේ බලු වැඩක් කරනවද? මළගෙදර ගිහින් ඒ අයගේ වියදමට කීයක් හරි දෙන්ඩ හිතේ තියෙනවා නම් ගෙදරින් යන්ඩ කලින් ලියුම් කවරෙක දාල ඕනනම් තමුන්ගේ නමත් ලියලා වැදගත් විදියට දෙන්ඩ තිබුනනේ. මුන් එකෙකුටවත් කිසි දෙයක් හරියට කරන්ඩ බෑ. පාර්ලිමේන්තුවට ගියාම ඒකේ රජ කරන්නේ හොරු කල්ලිය: දිනේෂ්, වාසු, රජගෙදර ව්‍යාග්රා රිලවා, කෙහෙළිය ජනේලෙන්පැන්නවැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ වගේ පිස්සු පොරවල් තමයි. ආණ්ඩුව පැත්තෙන් කට ඇරියොත් කිරිඇල්ලේ ගොන් කතා කියලා ගම කාගන්නවා. අනික් එවුන් ගල් බිල්ලෝ වගේ ඉන්නවා. අතිගරු ජනාධිපතිතුමා කැබිනට් එකත් එක්ක අනුමත කරන අයවැය යෝජනා නිකම්ම කපලා දානවා. මුදල් ඇමතියා ඉල්ලා අස්වෙන්නේ නැතිව ගොනා වගේ ඉන්නවා. ඩීල්දාස උන්නැහේ අමාත්‍ය මණ්ඩලේම ඉන්නා සගයෙකුට වෙල්මුලාදෑනියා කියලා ප්‍රසිද්ධියේ අපහාස කරනවා. ඒත් උගේ කට වහන්ඩ ජනාධිපතියටත් අගමැතියටත් බෑ . එක වැදගත් මිනිහයි යහපාලන ආණ්ඩුවේ හිටියේ: තිලක් මාරපන උන්නැහේ විතරමයි. ඒ අස්සේ මොලේ හොඳයි කියලා අපි හිතාගෙන හිටපු රන්ජන් රාමනායකත් ගොන් පාට් දානවා. නිල නිවාසේ ළඟ වෙඩි තියන්ඩ පුරුදු වෙනවා. අනුන්ගේ කාර් ගැන බොරු ඔත්තු දීලා සවුත්තු වෙනවා. අන්තිමේදී අල්ලස් හෝ දුෂණ කොමිසමට ගිහින් කරපු පැමිණිලි ගැන කතාවක් නෑ . මළ ගෙවල්වලට ගිහින් කැමරාවට පේන්ඩ සල්ලි බෙදනවා. මැරිච්ච මිනිහට මේ විදිහට අපහාස කරන්නේ නැතිව වැඩක් බලාගෙන ගෙදරට වෙලා හිටපන්කෝ. මාතලන්ට මේවා පෙනීම ගැනත් අපේ අවධානයට යොමු කිරීම ගැනත් බොහොම පින්.

    ReplyDelete
    Replies
    1. උබ කියල තියෙන ගොඩක් දේවල් මම කොමෙන්ට් එකකින් කියන්ට ගියේ. ගොඩක් දේවල් සමග එකගයි මචෝ. 👊🏽

      Delete
  14. කියන්ට ඕනි ටිකනම් කිහිපදෙනෙක්ම කියල ඉවරයි.

    රන්ජන් ඇමතිතුමා මේක බලනවානම් මට කියන්න තියෙන්නෙ මමනං ඔබගෙ කිසිම චිත්තර පටියක් බලන්නෙ නැත.

    ඒත් ඔබ කාලයකට ඉහත ආරම්බ කළ මැදපෙරදිග සිටින ගෘහ සේවක සේවිකාවන්ට සහාය වීම ඉතාම ඉහලින් අගය කරමි.

    ඒත් 2007 මගේ දැනීමේ හැටියට සරණ සොයා කටාර් සෞදි වල අම්මටසිරි ලංකාවේ එම්බසි වලට යන ගැහැනුන්ට සිදු වන්නේ හාම්පුතාගෙන් දුෂණය වෙලා ඒ ගැන දුක කියන්න යන ලංකාවේ තානාපති කාර්යාලයේ පියන්ගේ සිට ඩ්‍රයිවර් දක්වා ආයෙත් දුෂණය වී කෙසේ හෝ ලංකාවට ආව පසු, විදේශ සේවා නියුක්ති කාර්යාලයෙන් හා ජනමද්‍යයෙන් නැවත දුෂණය වීමයි.

    දැන් නම් ඔබගේ ඒ කාර්යය නැවතී ඇතැයි සිතමි.

    ඔබගේ හිත හොඳ කමට ෆේස් බුක් එකට හෝ මද්‍යයට පෙන්වන්ට හෝ මුදලින් උපකාර කොරන එකට මගේ කිසිම අකමැත්තක් නැත. මොකද දැනට රටේ පවතින තත්වය හැටියට ද්‍රව්‍ය වලින් අදාර කරනවට වඩා මුදලින් කරන අදාරය බොහොම වටින නිසාය.

    අන්තිමට මටනං අහන්න තියෙන්නේ මෙච්චරය. ඔබ යහපාලනය සමග එකතුවුන දවස්වලම මහින්ද සමග හොරු කණ්ඩායම දඩයම් කිරීම පටන්ගත්තේ ප්‍රේක්ෂක ජනතාවගේ විසිල් සහ බල්ටි සංදර්ශන මැද්දේය. කමල් හසන් වන් ෂොට් වැනි චරිත ඔබ තුලින් දේශපාලනයේදී දකිද්දී අපි ඇත්තටම සතුටු වුනේ "මේ යකා මේ තනියම දෙන ගේම හැටියට අරුන්ට බඩු බනිස් වෙයි" කියා හිතපු නිසාය.

    ඒත් එළුවා තාප්පයට හැරෙන්නේ පෝස්ටරය කන්න මිසක් තාප්පය පෙරලන්න නොවෙන බව දැන දැනත් ඔබගැන විශ්වාසය තිබ්බේ "මේක මොකක්හරි කරයි" කියාය. පේන හැටියටනම් ඔබ ඒවාට මොකක්හරි කොරන පාටක් නැත.

    මාතෙ. මටනං පේන්නේ ලොකු තැනකින් මේ මහත්තයාගේ කට වහලාය. එහෙම නැතිනම් ගේම අත්හැර දාලාය.

    මටනං ඒකත් කමක් නැත. මොකද අනුන්ගෙ සීනි තනියම කිරන්ට ගිහිං ටොපිය කන්න වෙන්නෙ අනුන් වෙනුවෙන් ඔබතුමා තනියමය.

    ඒ කොහොම උනත් රන්ජන් මහත්තයෝ, ඔබේ ලොක්කත් මයිත්‍රී ලොක්කත් දැන් රිසව් එකේ ගියත් ඊළඟ චන්දෙදි ඔබ තුමාලා වගේ ජනප්‍රිය අයගෙ චන්ද බලාපොරොත්තු වෙනවාය.

    ඔබතුමාලට චන්ද ටිකක් එක්කහු කොරගන්ට බැරි වෙලා ආණ්ඩු පෙරලුනොත් ප්ලෑන් B එකෙන් හරි උන් දැන්නම ගොඩ යනවාය. ඒ ගැන හිතා ඔය අල්ලාගෙන ඉන්නා කොටි වල්ගය අල්ලාගෙන සිටිනවාද ඇත අරිනවාද යන්න ඔබට බාරය.

    ඉදිරිය සිතා වැඩ කරන මෙන් ඉල්ලා සිටිමි. මොකද ආයෙත් මහින්ද නැගිට්ටෝත් , ඔබටත් බඩු බනිස් ය.

    ස්තුතියි.

    ReplyDelete
  15. කොළ පාට කණ්නාඩි දාල බලන උන්ට රන්ජා මාරු පොරකි ........රතු, නිල් දාල බලන උන්ට
    රන්ජා............. ගොන්ජෙකි .පාට කන්නාඩි නොදා කඩේ නොගිහින් රන්ජා දිහා බැලුවොත් .........
    සිනමාවේත්,දෙසපාලනයේත් ,පෙර සැබෑ ජිවිතයේත් .......පොර සුපර් ස්ටාර් කෙනෙකි.
    රිසානා නෆීක් වෙනුවෙන් කරපු සටන නරකද ?.........
    ජෝර්දානයට , තවත් මැදපෙරදිග රටවලට විසා දෙන්නේ නැත .අතුල්වී මට තහනම්........හේතුව මැදපෙරදිග දුක්විදින අපේ සොහොයුරියන් වෙනුවෙන් හඩක් නැගීම ............මේක අගය කල යුතු නේද ....?
    දිනකට රුපියල් පන්දාහ ගානේ නොමිලේ බෙදුවත් ගාන කීයද ..?
    මේ සල්ලි ඩීල් දාල , කොමිස් ගහලා , පගා ගහලා , රටේ සල්ලි හොරකම් කරලා ගත්ත ඒවාද ?
    ඒ සල්ලි වල ඒ මිනිහගේ දාඩිය සුවද තියනවා ......
    ජනවාරි අටට ඉස්සෙල්ලා හිටිය මහින්ද විරෝදී ගුඇම්පි වීරයෝ අද කොහිද ?
    ජාම බේරගන්න සහ හෙට බල්ටියට කටයි, පුකයි දෙකම වහගෙන ......එක දාගෙන දෙපැත්තටම පනවා දානවා ...
    ගොන්ජා තාමත් එහෙම වෙලා නැහැ නේද ?
    බල්ටි නැති උනත් කොන්ද කෙලින් තියන් අනික් හැති කරේ බුදියන් ඉද්දි මරාලටයි,හොරු සෙට් එකට ගේම දෙන්න ගහන විසිල් එක උනත් අගය කල යුතු යි නේද ..................?
    එතන රන්ජා හෝ ගොන්ජා වේවා ඌ රියල් පොරකි .......

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. උස සෙකියුරිටි මිටි කම්කරු ප්‍රශ්ණය පාර්ලිමේන්තුවේ අය වැය විවාදයේ දී ඒකාබද්ද විපක්ෂයේ හම්බන්තොට ඩී වී චානක මන්ත්‍රී තුමා මතුකරල තිබ්බා. ඒ කට උත්තර දුන්න සජිත් කිව්වේ උස බලා රැකියා බෙදුවත් ඔහු කිසි දිනෙක තන්ගල්ල තානයමේදී හෝ පොලවයට මාලිගයේ සම්මුක පරීක්ෂණ පවත්වා කිසිවකුට රැයා නොදුන් බවයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න