.

.

Nov 12, 2016

මේකප් සන්නිය - Wedding Makeup




නිමිත්ත - මේකප් දියවූ මනාලිය දුටු මනාලයා පැන දුවයි

තා නා තාම් දාන තා . . ම්
දන තාම් දන තන . . .
තා නා තම් දාන තා . .. ම්
දන තා . . නා . . ..

ගමන් යනේන සොඳ රූබර තාලේට පතිනිය කුළ ගෙට එන්නේ
බිමට යොමා නෙත ඇඹරෙන තාලේට අපටත් ලැජ්ජා එන්නේ
කියන්න පුදුමයි නෑ පිරිවර හා විශාකා වදෝ එන්නේ
අහන්න මැතිඳුනි මනාලියක් ගැන කවි පද මේ පැබදෙන්නේ

උඩරට නැට්ටුවෝ කස්තිරමක් පැන අහස් කුසේ ඉගිලෙන්නේ
චීන පටස් අලි ඩොං බට්ටෝ හඬ හෙන පුපුරනවා වැන්නේ
බොහෝම වැදගත් නෑදෑ පිරිවර ශාන්ත ගමනෙනි එන්නේ
කැමරා කාරයෝ අණ දෙන තාලේට පෙරහර ගමන් කරන්නේ

හෙළ කුළ සිරිතට පෝරුවෙ තිබුනට ඩී ජේ කැපි පෙනෙන්නේ
අෂ්ඨක බර බර කව් ගායන මැද පෝරුවටද ගොඩ වෙන්නේ
අහසේ වදිනා කේක් කපන්නට කේක් හදපු උන් එන්නේ
වෙන තැනකින් හෙම කැපුවෝතින් තොපි රෙජිෆෝම්ය වළඳන්නේ

හත් වසකින් කෑමක් දැක නැති උන් බුෆේ පෝලිමේ ඉන්නේ
වැදගත් මහතුන් සැම මග හරිමින් බෝතලේට සෙට් වන්නේ
ගොයින් අවේ කිට් අඳින්න ගිය සඳ මළ කෙලියකි අද වෙන්නේ
මල් කුමරියො සමඟින් අප පතිනිය හෙමිහිට දෙකක් දමන්නේ

කන් අඩි පුපුරණ ඉබේම නැටවෙන ඩී ජේ නද අත රින්නේ
දෙකක් දමා ගත් පතිනිය සමඟින් මල් කුමරියෝ වඩින්නේ
උඩරටත් නැති සබරගමුවෙ නැති නැටුමකි දැන් රඟ දෙන්නේ
18 සන්නිය වැළඳුන තාලේට අඩව්වකිය අල්ලන්නේ

තාජ් - ජිත්තක, කුංතක ජිංගත - 
හජ්ජිත්, කුංතක, තරිකිට කුං දං 
රොංතකජිත්, තජිතකුජිත්, රුඳන් ගජිත් තා 
කඩතක දැහිං තක ජිජි ගත - ගජ් ජිත්, 
තාත්, කඩතක, ගජි ගත කුඳ කුඳ තා 

ඇඹරෙන ඒ පුකවල් ටික දැක්කම නාකිත් තිරිහන් වන්නේ
සොකරි නටන තාලේට ඇඟ ලෙලදෙන ආච්චිලත් සෙට් වෙන්නේ
අම්මලා නලියනවා ආතල් දැක පොඩි උන් බෙරිහන් දෙන්නේ
හින්ගල හෙළ කුල සිරිතට අනුවම ඔක්කොම තොවිල් නටන්නේ

මේකප් දිය උන සුරඟන පිරිවර අමු යක්කුන් ලෙද දිස් වන්නේ
උඩරට හෙළ බොදු මනා පෙනුම ඇති වැදගත් කත කෝ නෑ නේ
උඩරට මැනිකෙට පට කුඩ දෙක දෙක අම්මාටම හැමිනෙන්නේ
කොතරම් දේපල තිබුනත් අම්මේ කොහොමද යකෙක් බඳින්නේ 

දොම්කිත - තකදොම් - දොදොම් - දොමිත දොම්
රොන්, තක ජිං තක - තරිකිට කුං දං -
තාගජිත්තක තරිකිට කුං දං
රොංතක ජින්තක තරිකිය කුං දං තා -

සත්‍ය කතාවක් ඇසුරෙන්, සකල කලා වල්ලභ, කාලා නිදි, කලා භූෂණ, කාව්ය ශිරෝමිණී වන මාතලන් වන මා විසින් රචනා කොට හුදී ජන පහන් සංවේගය උදෙසා ලියා පල කළ වගයි...

43 comments:

  1. කොතරම් දේපල තිබුනත් අම්මේ
    කොහොමද යකෙක් බඳින්නේ...!
    :)

    ReplyDelete
  2. වෙඩින් එකට හැමවේලෙම ලස්සනකට ඉන්න
    පිටින් ගාන ලාටුවලට ලිය කැමතියි ඔන්න
    හොඳින් ලියපු තොවිල් නටපු මඟුලක් ගැන මෙන්න
    ඉතින් මාතෙ උඹේ කවිය පට්ටයි නෑ බින්න.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹේ කයි පදත් ඉස්තරන්.. තෑන්කූ දුමී

      Delete
  3. බොරු ඇස් පිහාටු හයි කරලා ඇස් කොල පාටින් නිල් පාටින් පේන්න කාචත් දමලා සුර කුමරිය වගේ ඉන්න මනමාලිව මගුල් ගෙදර ඉවරවෙලා ටික දවසකට පස්සේ බැලුවොත් අදුනගන්න බැරිවෙනවා. එච්චරට වස කැතයි.
    මනාලිට විතරක් නෙමෙයි දැන් මානාලයටත් මේකප් තට්ටුවක් දානවා.

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ ඇත්ත මූණූ දැක්කම දෙන්නට දෙන්නා බය වෙනවා....

      Delete
  4. සහතික අැත්ත බොල. පැය ගානක් බියුටි සෙන්ටර් වල හරි ගෙදර කාමරයක් අස්සෙ හරි තට්ටු ගණං උලල එලියට දානකොට අල්ලපු ගෙදර එකාටවත් ඒ ගෑණු මනුස්සය අඳුනගන්න බෑ.

    ReplyDelete
  5. //සොකරි නටන තාලේට ඇඟ ලෙලදෙන ආච්චිලත් සෙට් වෙන්නේ//
    කොච්චර වියදම් කරල 'මඩුවලිග ඇඳුම' ඇන්දත් වැටකොළු වැටකොළුම නෙ.. හෙහ් හෙහ්
    හිතේ කරදරෙන් ඉන්න රට වැසියට මෙහෙමවත් ආතල් එකක් දුන්න මාතලංට ගල්භාගයක්ම ලැබේවා..!! සිගරට් පැකට්ටුවක්ම ලැබේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දැන් බොන්නේ බීඩී... සවුක්කටත් අහිතකර නෑලූ නේ...

      Delete
  6. මරු පබැඳුම බං. ලඟදි වෙඩිමකටවත් ගියාද?

    ReplyDelete
    Replies
    1. මීට වඩා ආතල් එකකට ගියා... ඒක ලියනන් බෑ.. උන් බොග කියවනවා...

      Delete
  7. මාතෙ ලොක්ක ඊයේ පෙරේද මගුලකට ගිහිල්ල ඇවිත් මගුලක් කථා කොරනව වගේ. 😜

    ඒ වගේද බං වෙඩින් සාරියට ලක්ෂ එකහමාරයි. ගොයින් අවේ එකට සුපියල් 75,000යි. හෝම් කමින් සාරියට ලක්ෂයයි. එතකොට සාරි මොනවද කොරනවට පනස්දාහයි. අර නුගේගොඩ මූණට කොන්ක්‍රීට් දාන ගෑනිට පනස්දාහයි ප්ලස් විසිපන්දාහයි.

    කට කැඩෙනකන් කිව්ව රත්තරනේ සල්ලි බාගයක් ඉතුරු කොරන් තව ටිකක් අතින් දාල රටවල් දෙක තුනක් බලල එමු කියල. කොහෙද ඉතින් ළේ දුන්නට මොලේ දෙන්ට පුලුවනෑ 😂😂😂😜

    ReplyDelete
  8. නෝ මේකප්.. නෝ වෙඩිම්.. නෝ බයිලා.
    උඩුවා බැන්දෙ එහෙමයි. උටත් හොරෙන්

    ReplyDelete
    Replies
    1. මාත් එහම තමයි... හනිමූන් ගියේ දවස් දෙකකට ඉතර පස්සෙ, හොඳ සිහිය ආවම..

      Delete
  9. කාගෙ වෙඩිමටද බං ගියේ............... ඔවානං අමුම අමු ඇත්ත...... කොහොමත් වෙඩිං කියන්නේ ඉතින් මගුල් නේ බං..............

    ReplyDelete
    Replies
    1. මඟුල් කනවා කියන්නේ නිකන්යෑ...

      Delete
  10. ලඟදි වෙඩිමක් සෙට් වුනාද ?

    එහෙම නැත්තන්...
    නෑ එක්කෝ ඕනේ නැහැ...

    ReplyDelete
    Replies
    1. මඟුල් වලින් කොහෙද බං අඩුවක්...

      Delete
  11. සමහර අය දාලා තියන මේකප් දැක්කමත් බයේ දුවන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අම්මප විචා මාමේ මගේ එක්ස් ගෑනි මගුල දවසෙ දකිද්දි මම හිතුවෙ වැරදිල මම මික්ස් රේස් චයිනීස් ගැනියෙක් වත් බඳින්න හදනවද කියල.
      ඇස් දෙක දෙපැත්තට ඇදිල මුණ සුදුම සුදුයි අතපය කළුම කලුයි නිකං ලා කළු වගේ.
      මෙන්න ඊට පස්සේ දවල්ට කෑවට පස්සේ ගෑනි පැය දෙකක් මිසිං. බලනකොට ගොයිම් අවේ එකට මේක් අප්. ඒ සැරේ දැක්කෙ හරියට දහම්පාසල් යන්ට හදන පොඩි කෙල්ලෙක් වගේ. මරු නන්දන වින්දන තමයි.. 😂😂😂

      Delete
    2. මෙහෙම විකාර රටක් ලොවෙත් නැතිව ඇති...

      Delete
  12. සකල කලා වල්ලභ, කාලා නිදි, කලා භූෂණ, කාව්ය ශිරෝමිණී වන මාතලන් /// අම්මටඋඩු

    ReplyDelete
    Replies
    1. තව මහාචාර්ය කෑල්ලකුත් තියෙනවා...

      Delete
  13. Replies
    1. මාතලන් බොරු කියනවා බොහොම අඩුයි...

      Delete
  14. කොතරම් දෑවැදි දුන්නත් අම්මේ කොහොමද යකෙක් බඳින්නේ ?

    ReplyDelete
  15. Hey I come back to blog and write new pot too. I apolojise my blog freds to I not write this days long time. I reed your post. Very intrest. I think very sad wedin insidant hapan this. The britegrome no way run to.

    ReplyDelete
  16. යකෙක් වත් බැඳ ගත්තොත් ඇති!

    ReplyDelete
    Replies
    1. මම බැන්දේ සුද්දියෙක්...

      Delete
  17. //හින්ගල හෙළ කුල සිරිතට අනුවම ඔක්කොම තොවිල් නටන්නේ//

    // මේකප් දිය උන සුරඟන පිරිවර අමු යක්කුන් ලෙද දිස් වන්නේ
    උඩරට හෙළ බොදු මනා පෙනුම ඇති වැදගත් කත කෝ නෑ නේ//

    +++++++++++

    ReplyDelete
  18. //සකල කලා වල්ලභ, කාලා නිදි, කලා භූෂණ, කාව්ය ශිරෝමිණී වන මාතලන් වන මා විසින් රචනා කොට හුදී ජන පහන් සංවේගය උදෙසා ලියා පල කළ වගයි...//


    කවුද මාතලන් මේ නම් ටික ඔබට දයාද කල අය... :) :)

    ReplyDelete
    Replies
    1. මමම දාගත්තා.. එහෙනම් ජෝසප් ස්ටාලින්ලා.. දේශබන්දු තෙන්නකෝන්ලා එහෙම ඉන්නේ...

      Delete
  19. අර මනාලයා දුවල ගිය කටහ්වට වෙන්න ඇති. පව් බං. බැඳලා ළමයෙක් හදාගන්න හීනි ආසාවක් හැම කෙල්ලෙකුටම වගේ තියනවනේ. ලස්සන කැත කියල නැතුව. මට නම් ඕකට හිනාවෙන්න බහ.

    ReplyDelete
    Replies
    1. ඇයි ඒකට බොරුව භාවිතා කරන්නේ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න