.

.

Dec 11, 2016

මාගම්පුරේ බර බරේ සහ කැප්ටන් හැඩොක් - Captain Haddock at Hambantota



හම්බන්තොට වරාය ගැන මක්කත් ලියන්නේ නැත්තේ ඇයි කියා කීප දෙනෙක්ම විමසනවාය. මාතලන් නම් හම්බන්තොට තියා මොන ලෝකයේවත් වරායක් හදනවාට විරුද්ධ වන්නේ නැතිය. මොකෝ වරායක් කියන්නේ සල්ලි උල්පතක් නිසාය. එහෙත් වරායක් හදනවා කියා පවුලක් හැදෙනවා නම් එතන ප්‍රශ්ණයක් තියෙනවාය. මහින්ද මහත්තයාගේ කාළේ තිබුන හැම ප්‍රොජෙක්ට් එකක්ම හොඳ ඉන්වෙස්ට්මන්ට් උනාට ඒවා හැදුවායින් පස්සේ කොරන්නේ කුමක්ද කියා ප්ලෑනක් තිබුනේ නැතිය. 

ඕක හදලා තියෙන්නේ සිංගප්පූරුවේ හාබර් එකට කෙලින්න හිතාගෙනය. අපේ ළිං මැඩියෝ ඉතරක් නොව, යමක් කමක් උගත් එකා පවා හිතාගෙන ඉන්නේ, දැන් සිංගප්පූරුවට කෙලින්න පුළුවන් කියලාය. සිංගප්පූරුව කියන්නේ ලෝකයේ තියෙනා හාබර් වලින් සෙකන්ඩ් ප්ලේස් එකේ ඉන්නා එකය. බර්ත්ස් 56 තිබෙනා කොළඹට ලෝකයේ වරායන් අතරින් හිමි වන්නේ 32 වන ස්ථානය නම්, බර්ත්ස් 3 ක් තිබෙනා මාගම්පුර මහින්ද රාජපක්ෂ එක වැටෙන්නේ කී වෙන තැනටද කියා ඔහේලාම හිතා ගන්නා එක හොඳය.

නැව් එන්නේ නැති වරායකට නැව් ගෙන්න ගන්න ක්‍රමය දන්නේත් නැත්නම්, ඕක තියාගෙන උන්නා කියා, ජාතිකාභිමානෙයි, බෞමික අන්ඩවාතෙයි, ඒකීයබාවෙයි, උන්ඩුකපුච්ඡෙයි තියාගෙන ආඩම්බරේට උන්නාට, ලැබෙනා ලබ්බක් නැතිය. කොරන්න තියෙන හොඳම දේ, කර ගන්න පුළුවන් එකෙකුට දී කීයක් හරි හොයා ගන්නා එකය. අපේ උන්ට ඕවා තියා, සළුසලවත් කොර ගන්න බෑ කියා 1948 ඉඳන්, හිතේ හැටියට පෙන්නලා තියෙනවාය. 

ඒ ගැන පසෙක තබා, දැන් එන්නේ නාවික හමුදාවෙන් කරපු ඔපරේසොන් එක ගැන කතා කොරන්නය. මේ ඒ ගැන මගේ සත පනහාය. නාවික හමුදාපති "ටින් ටින්" කාටුන් කතා මාලාවේ, "කැප්ටන් හැඩොක්ට" සමාන කොරමි,න් බුකියේ අපූරූ සටහන් හෝ ගාලා යනවාය. ඒක දැක්කාම මට හිනා ගියේ කැප්ටන් හැඩොක්ද මේ වාගෙම  ගිනි පුක් කාරයෙක් නිසා නෙමේය. කැප්ටන් හැඩොක්ගේ අති ජාත මිත්තරයා වන ටින් ටින්ද, මාද්දියවේදියෙක් නිසාය. ඒ කතාවේ, දෙන්නා ගජ මිතුරන් වූවාට, ඊයේ උනේ ඊට වඩා වෙනස් දෙයක්ය. 

නාවික හමුදාපතිගේ ක්‍රියා දාමය මාතලන් කිසි සේත්ම අනුමත කරන්නේ නැතිය. මේ වෙනුවට වෙනත් නිළධාරියෙක් එවීමට ඕනෑ තරම් ඉඩ තිබිනි.  ඒත් මේ මාද්දියවේදින්ට ගහලා කියනා කතාව බේරා ගත යුතුය. ඇත්තටම මුන් මාද්දියවේදීන්ද? එහි වරදද ඇත්තේ වෙන කිසිම ස්ථානයක් නොව, ආන්ඩුවේමය. එනම්, ඕනෑම ගොනෙකුට මාද්දියවේදි හැඳුනුම්පත් දෙන එකටය.  කාඩ්බෝඩ් කැබැල්ලක් එල්ලාගෙන උන්නද, මොහු මාද්දියවේදියෙක් ලෙස පිලි ගැනීමට මාතලන් නම් කිසි සේත් කැමති නැතිය. මුන්ට අවශ්‍ය වන්නේ කෙසේ හෝ මෙවන් ප්‍රශ්ණයක් ඇති කර ගැනීමය. 

අනෙක් කරුන නම්, අම්මට සිරි ලංකාවේ නාවික හමුදාපති වරයා අඳුනන්නේ නැති එකා, මාද්දියවේදියෙක් වන්නේ කෙසේද කියනා එකය.  වැරද්ද ඇත්තේ මෙතනයි. මුන් ලෝකය ගැන තියා, ලංකව ගැනවත් දැණුම්වත් අය නොවේ. ඒ තබා මෙවන් අවස්ථාවක හැසිරෙන ආකාරයවත් දන්නා උන් නොවේ. මාද්දියවේදින් පිරිසක් අතරින් එකෙක් පමණක් ගුටි කන්නේ කේසේද යන්න අනිවාරයයෙන් සොයා බැලිය යුතුමය. 

මුන් මාද්දියවේදින් නොව, දිනේෂ් ගුණවර්ධන වගේම හමුදාව ආන්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණ කරමින්, මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙන ඒමට පුළුවන් කියා සිතනා බත් බැලයන්ය. බුද්ධි අංශයේ මිනීමරුවන්, අමු ජාතිවාදි කහකඩ කරුවන් වෙනුවෙන් පෙනි සිටිනා ආන්ඩු විරෝධීන්ය. මේ ගන් වස්සා මෙන්ම, එතන විරෝධතා ව්‍යාපාරයේ යෙදි උන් අම්බරුවන්ද සිතුවේද, හමුදාව උන්ගෙ පැත්ත ගනී කියලාය. ඒ උන්ගේ ගොන්කම මිස වෙන කිසිවක් නොවේ.

හමුදාව හැමදාම ඉන්නේ කොයි පැත්තේද කියා නොදන්නා හරකෙක් මාද්දියවේදියෙක්ද.?

මුන් මාද්දියවේදීන් නම් පෙනි සිටිය යුත්තේ මාධ්‍යවේදින් ලෙස මියගිය ලසන්තලාගේ පැත්තේය, එක්නැළිගොඩලාගේ පැත්තේය. එහෙත් මුන් කිසි දිනෙක ඔවුන් වෙනුවෙන් හඬක් නගා තිබේද? මොවුන් හඬ නගන්නේ මිනීමරුවන් වෙනුවෙනි. මාද්දියවේදීන් ඝාතනය කළ උන් වෙනුවෙනි. ඒ වෙනුවෙත් අත් අඩංගුවට ගෙන සිරගත් කළ බුද්ධි අංශයේ මිනීමරුවන් වෙනුවෙනි.  

මෑතදි සිඳූවූ උද්ඝෝෂණ හා විරෝධතා කිසිම තේරුමක් ඇති ඒවා නෙමේය. ඒ සියල්ල පිටුපස් සිටින්නේ කවුදැයි කියා බොහෝම පැහැදිලිය. අබාධිත රණවිරුවන් නිස්කාරනේ පාරට බැස්සුවේ කව්දැයි කියා අවසානයේ සියල්ලෝම දැන් ගත්තේය. එහෙත් පරිප්පුව කෑවේ උන් නොවේය. උන්ගේ ගුලි කාපු ගොනෙක්ය. අන්තීමේදි ඒ ගොන් වස්සාගේ ඇසක් අහිමි උනේය. උන්ට තියෙන්නේ පුළුවන්නම් පාරට බස්සපු එකෙක්ගේ ඇහැක් ගලවනා එකය. 

බස් වර්ජනයද ඒසේමය. ඊළඟට පැමිනියේ මෙයයි. මේවා පිටුපස සිටිනා උන් මේ ගැන කෑ ගැසීම සාධරනය. මන්ද ඔය ජොබ් ලබා දෙන්න ලක්ෂ ගනනින් මුදල් ගත්තේ ඔවුන්ය. මේවා තංගල්ල පැත්තේ පොඩි උන් පවා දන්නා කාරනාවන්ය. අනෙක් කරුණ නම් ඩොලර් මිලියන් 1000 ගනනක් වියදම් කලා යැයි කියපු එකට දැන් කියන්නේ, වියදම් කළේ 400 යි කියාය. ඉතිරි ඒවාට උනේ මක්කාද කියා දන්නේ උඩ ඉන්නා දෙයියන්ම ඉතරය.

ආන්ඩුවද ප්‍රශ්ණ ආවාම හත් පොලේ ගාගෙන නාගන්නවා මිස ඒවාට සොලියුෂන් දීමේදී තාමත් අසමත්ය. සිඳුවීම තුල පෙනෙන්නේ මොවුන් චීන සමාගමට අනුයුක්ත කරනා බවක් හෝ ඉවත් කරනා බවක් හෝ කිසිවක් සඳහන් කර නොමැති බවකි. චීනාට මේවා දීමට කලින් එම ගැටළු නිරාකරනය කර ගත යුතුව තිබිනි. මේවා ආයෝජකයන් දිරි ගන්වනා දේ නොවේ.

සමහර විට නාවික හමුදාපති මෙතනදි සිතන්නට ඇත්තේ පොලිස්පතිට සෙකන්ඩ් වෙන්නේ මක්කාටද කියාය. ඒ කෙසේ වෙතත්, මෙතනදි ඔහු මහින්දගේ බත් බැලයන්ට ලබා දුන් පනිවිඩය නම් ඉතා වටිනවාය. කරුමය කියන්නේ මේ ගොබ්බ ආන්ඩුවට මෙතුවක් කල් ඔය දේ කර ගන්න බැරිව සිටීමය. අපි එදා ඉඳන් කියන්නේ, මේ රටට ආයෝජකයෝ ගෙන්න ඕනා නම් මේ වාගේ පිස්සු කෙලීම හමුවේ ඔවුන් කිසි දිනෙක මෙහේ ආයෝජන කරන්න එන්නේ නැතැයි කියාය. මේ රට වෙනුවට, අළුතෙන් ඉන්වෙස්ට් කිරීමට මේ ප්‍රදේශයේම ඕනා තරම් රටවල් තිබෙනවාය. 

කෙසේ වෙතත් අපේ අතිගරු ජනාධිපති තුමා මේ ගැන කියන්නේ මක්කැයි කියා බලන්නට හැමෝම බලාගෙන ඉන්නවාය. ඒත් උන්නැහේ තාමත් පත්තරේ බලලා නැතුව වාගේය. 

79 comments:

  1. යහපාලන ආන්ඩුව යනු ගොබ්බ මෝඩයන් ගේ සැබැ චරිත ලක්ශන එලිපහලියට එන කාලයයි...

    කොක්කක් දා ගන්න ඕනෑ නම් රවී කියන බඩතඩියාට කොරන්න තිබුනේ නේවි එකේ නැගෙනහිර පලාතේ ලොක්කාට කන පැලෙන්න කකුලට ගැසූ අබ්දුල් මජීඩ් මහ ඇමැත්ටා ට පාට් එකක් දැමීමයි... ඒවා නොදැක්කා මෙන් ඉඳලා තුට්ටු දෙකේ මාජ්ජ කාරයෙක් දැක්කාම බීලා වෙරිවෙලා ගෙදර ගෑනිට ගහන්න පනිනා කවට අන්දරේ කෙනෙකු මෙන් හැසිරෙන්නේ ගොන්කවඩියෙකි!

    ආඩ්ම්බරයි!

    ReplyDelete
    Replies
    1. කොයි ආන්ඩුවේ උන්ගේත් කෙරුවාව ඕක තමයි...
      කලින් එකේ මේකේ කියලා වෙනසක් නෑ...

      Delete
  2. ලසන්තලා එක්නැලිගොඩලා කියන්නෙ ඕයි රටේ හිටපු ආරක්ෂක ලේකම්ව අදුනපු නැති උන්නෙ. උන්ගෙ මළදානවලට මොකටද යන්නෙ

    ReplyDelete
  3. හම්බන්තොට ව්‍යාජ සංවර්ධනයම රටට ශාපයක්. නාමල්ගෙ හෙංචයියන්ටට රස්සා දෙන්න අපි පවු ගෙවන්න ඕන නෑ.කොළඹ වරායෙ අාදායමින් හම්බන්තොට පාඩු පියවනව කියන්නෙ අපරාධයක්.
    කතාවක් තිබ්බ කොළඹට එන නැවු හම්බන්තොටට හරවල බඩු බාල ඒ බඩු අායෙ කොළඹ ගේනව කියල.
    වරාය විතරක් නෙමෙයි කැලයක් මැද්දෙ හදපු ගුවන් තොටුපල , ක්‍රීඩාංගන,සම්මන්ත්‍රනශාලාත් කාටහරි දෙන්න තියනවනම් රටට හොදයි.

    පැහැදිලිවම වර්ජකයො වැරදියි. කොළඹ වරාය පසුකරමින් සිංගප්පූරුව ඉදිරියට යාමට හේතුවත් වාමාංශිකයන්ගෙ කඩාකප්පල්කාරී වැඩ.

    මේ අය බලය යොදා ඉවත්කිරීම සාධාරනයි.
    මාධ්‍යවේදියගෙ ප්‍රශ්නෙ ගත්තොත් ඔහුකලේ ඔහුගෙ රාජකාරිය. දේශපාලනයක් හැමෝටම තියනවනෙ. හමුදාවට අවශ්‍ය ලෙස වීඩියෝ කල යුතුය. හමුදාවට අවශ්‍ය ලෙස පුවත් සංස්කකරනය කල යුතුය කියන්න බෑ.
    එහෙම වුනානම් හමුදාවන් කල අපරාධ අදටත් කාලයේ වැලිතලාවෙන් යටවෙන්න තිබුන.
    මාධ්‍යවේදීන්ගෙ වැරදි තියනව. නමුත් ඔවුන්ට රාජකාරිය කිරීමට ඉඩ දිය යුතුයි.ඔහු පාර්ශ්වකරුවෙක් නෙවෙයි.
    තමන්ගෙ එකා වෙනුවෙන් පෙනීසිටියද අහවලා දුටු පමනින් අදුරගන්න පුලුවන්ද කියල ප්‍රමිති හදන එක සාධාරන නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම නම් කෑවයින් පස්සෙ අඬන්නත් නරකයි....

      මොකෝ අදීන මිනිස්සු අඬන්නේ නෑ නේ... ගේමමයි ඉල්ලන්නේ..

      කැමරාවෙන් කෙලින්න තිබුනේ...

      මොළයක් තියෙන එකෙක් යනවද හමුදා එක්ක තියා කොස්සෙක් එක්කවත් හැප්පෙන්න...

      Delete
    2. //මොළයක් තියෙන එකෙක් යනවද හමුදා එක්ක තියා කොස්සෙක් එක්කවත් හැප්පෙන්න...//
      Navy එකෙන් එතනට ඇවිල්ලා බැස්සේ ලේ දීපු එවුන්ට කළගුණ සලකන්න නෙමෙයිනේ. පිට රටවලට අයිති නැව් ලංකාවේ වරායක් ඇතුලේ secure කරන්න ගිය හමුදාවක ප්‍රධානියෙක් media කාරයෙක් ඉන්නවා දැකලා ආපහු හැරිලා යන්නද? විරෝධතා දක්වන එක වෙනයි. කන්න වෙනවා කියලා දැන දැන බලන් ඉඳිල්ල වෙනයි.

      Delete
  4. මංනං කියන්නේ නාවික ලොක්කා කලගුණ සලකන්නට ගොස් අනාගත් බවකි. පොලිස් ලොක්කත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්කාරයත් මීට පෙර කලගුණ සලකන්නට ගොස් අනාගත්තේ ය.මේ වගේ කලගුණ දන්න පොරවල් වලට ආණ්ඩුව පච කරනඋන් පෙන්නන්න බැරි ය.තමන් ම ගේමට බසින්නේ ඒ නිසා ය. මේකත් නිකන් අර රජා පරිස්සන් කොරපු රිලාවගේ සීන් එක වගේ එකකි.
    එම්.ආර්

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැත්තෙමත් නෑ

      Delete
    2. මටත් එහෙම හිතෙනවා.
      -SAM

      Delete
  5. ගොඩක් එවුන්ගේ සැබෑ චරිත ලක්ෂණ මේ තරම් හෙළි වුණු කාලයක් මෑත දේශපාලන ඉතිහාසයේ මටනම් මතක නෑ...යහපාලනේ කැඳ හැළියක් හින්ද සේරමලා නාගන්න හැටි, නාවන හැටි නියමෙට පේනවා...කලින් එවුන් වැරද්දක් වුණත් ස්මාට් විදිහට කළා...නැත්තම් මොන විදිහකින් හරි ඒව වහල ගැහුවා...

    අසංක

    ReplyDelete
    Replies
    1. යහපාලන සාපයට උඹත් හවුල්

      Delete
    2. මේක අලි බබා සහ හොරුන්ගේ එකට වඩා දාහක් හොඳයි... වහලෝ

      Delete
    3. // Shenal MendisDecember 11, 2016 at 6:40 AM
      යහපාලන සාපයට උඹත් හවුල් //

      ලැජ්ජත් හිතෙනවා වෙලාවකට හිටන්!

      Delete
    4. ලැජ්ජා වෙන්න දෙයක් නෑ මහින්ද වගේ එකාධිපතියෙක් එලෙව්ව එක අපිට ආඩම්බරයක්..

      එයත් පිලිගන්නවා එයා බුල් කෙලියා කියලා... තා මොන කතාද...?

      Delete
    5. ඔවු ඔවු උඹලා වෙග් යූඅැන්පී කාරයන්ට නන් අාඩම්බරයක් තමා.... එ

      Delete
  6. ආණ්ඩුව මේ ගෙවන්නේ ජනවාරි 9 වෙනිදායි, අගෝස්තු 17 වෙනිදායි හොරු අල්ලන්නේ නැතිව උන් එක්ක හැමිනෙන්න ගිය එකේ පාපකර්මයයි.
    පරක්කු වෙලා හරි දැන් දැන් ආණ්ඩුවත් ඒ බව තේරුම් අරගෙන වගේ ඉන්නේ. සිංහල ද දෙමළද, බෞද්ධද මුස්ලිම්ද , සිවිල් ද ආමිද කියලා නොබලා බත් බැලයින්ට පුක පැලෙන්න නෙලන්නේ ඒ නිසාය.
    හිරු එකෙයි දෙරනෙයි ඉන්න බත් ගොට්ටෝ ටික නම් තව දෙතුන්පාරක්වත් මිලිටරි මසාජ් පාරවල් කෑ යුතුම යි.
    ඒ වෙන කිසිම දෙයක් නිසා නොව මාධ්‍යවෙදිකම බල්ලා ට දාලා ,කුඩු මුදලාලිලා සහ කොටස් වෙළඳපොල හොරුන්ගේ කීමට රට ගිනි තැබීමේ පාපකර්මයට ඒ පක්කලි චැනල් දෙක හොඳ හැටි සම්මාදම් වී ඇති බැවිනි.

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැත්තේමත් නෑ....

      Delete
    2. තමන්ට වෙනස් මත දරන මාධ්‍ය මර්ධනය කල යුතුය කියන එක සාධාරන නෑ.
      පැටිකිරිය බලන්න ගියොත් කිසිම මාධ්‍යයකට ඉඩදෙන්න බැරිවෙනවා.
      ඔබට විරුද්ෂ පැත්තෙ කෙනෙක් කීවොත් ඔබේ මතයට මුකවාඩම්දැමිය යුතුය කියල ඒක පිලිගන්නවද.
      ඔබ කියන්නෙ ඔබට සාපේක්ෂ සත්‍යයනෙ.

      හොරු අල්ලන්න ගියොත්නම් දේශපාලනය කරන්න කෙනෙක් ඉතිරිවෙන්නෙ නෑ.
      පුක පැලෙන්න ගහලම අාංඩු ගෙනියන්න බෑ. ලෝක ඉතිහාසය ඊට සාක්ෂියි

      Delete
    3. Then there's no issue in Killing known LTTE sympathizer like Lasantha....

      Delete
  7. ඉංගලන්තේ නාවික හමුදාපතිත් මාජ්ජ කාරයෙකුට ගහනව...මං දෑහින්ම දැක්ක ආයුබොවං...ලැජ්ජයි...අම්මප !

    ReplyDelete
  8. යහපාලන ප්‍රේමීන් වන අප සතුරාගේ ප්‍රචාරක හැකියාවට බියවිය යුතු නැත. කල යුත්තේ අපද කවුන්ටර් අැටෑක් එක පටන් ගැනීමයි. සිරිමා යුගයේ පත්තර රජයට ගත්තාට එම රජය සදාකාලික නැත.
    මහිංදගේ සංවර්ධන උගුල ගැන දැනුවත් කල යුතුය.යහපාලනයට විරුද්ධ නඩාකප්පල්කාරීනට නීතිමය රාමුව තුල දඩුවම් කල යුතුය.
    රජය සැබෑ සංවර්ධනය ඉදිරියට ගෙනාවොත් මහිංදවාදීන්ට කට උත්තර නැතිවේ.අාර්ථිකය හැදීම ප්‍රධාන අභියෝගයයි. මහිංද හම්බන්තොට කල විකාර ඉදිකිරීම් කාට හෝ නිකම් හෝ දී ණය බරෙන් මිදිය යුතුය.

    ReplyDelete
    Replies
    1. මුන්ට ඒ දේ කරන්න බැරි නම් හමුදාවට හරි බාර දෙන්න ඕන..

      මේ රටට කොන්දක් තියෙන නායකත්වයක් අවශ්‍යයි...

      Delete
    2. මොකද්ද බං කොන්ද කියන්නෙ

      Delete
  9. Problem with being a Bully is that on the flip-side of that particular coin, you will find the imprint of a coward හිටන්!

    ReplyDelete
    Replies
    1. මට නම් පාර්ෂව තුනම කුජීතයි.... එකෙක් හොඳයි එකෙක් නරකයි වෙන්න බෑ...

      Delete
  10. https://youtu.be/ytMXSLeqFMY

    ReplyDelete
    Replies
    1. ඕකනේ මචෝ කියන්නේ උබල සාර්ථක ක්‍රමයක කෑල්ලයි දකින්නේ සමස්ත ක්‍රමය ගැන කිව්වහම ඇඅබරෙනවා

      Delete
    2. මේ සතියේ රාවයේ 2 වන පිටුව කියවන්න ලොක්කා...

      Delete
  11. මමයි නාවුක හමුදාපති, මමයි පොලිස්පති කියාගෙන බෝඩ් ගහගෙන එන්ඩ ඕනෑ නෑ මාතලන්. පාලකයන්ට කරන්ඩ තියෙන්නේ නාවුක හමුදාපතිගේ ක්‍රියාව පුර්වාදර්ශයක් හැටියට අරගෙන. ජන ජීවිතය පයිසෙකට මායිම් නොකර, වීදි අවහිර කරන අර ඉල්ලීම මේ ඉල්ලීම කරන නුතන ත්‍රස්තවාදී පෙරමුණු කාරයන්ට ගහල එලවන එකයි. එහෙම නැත්නම් කොළඹ වීදි සේරම අවහිර කරගෙන මුන් ය යකා නටාවි. මේ යහපාලන මගුලක් ඉස්සරහට දාගෙන නයි පොළොංගු එක්ක රට පාලනය කරන්ඩ බෑ . මේ හැම සිද්දියක් පසුපසම බලගතු අදිසි පුද්ගලයන් කිහිප දෙනෙක් ඉන්නා බව හොඳින් මතක තියාගෙන දැන්වත් කොන්ද පණ ඇතිව රට පාලනය කරන එකයි තියෙන්නේ. එහෙම නැත්නම් 1956 කාලේදී බණ්ඩාරනායක උන්නැහේ අනාගත්තා වගේ රට බල්ලට යන කල් වැඩ වර්ජන, උද්ඝෝෂණ, විරෝධතා අවුරුද්දේ හැම දවසකම තියෙයි. දැන් හිරේ හිටපු විප්ලවවාදියෙකුත් එලියට ඇවිල්ලා ඉන්න එකේ ධර්මිෂ්ට අදහස් බල්ලට දාලා JR උන්නැහේ කළා වගේ දුවන්ඩ දෙන්ඩයි තියෙන්නේ. බොදු බල සේනා, රාවණා බලකා, හනුමා සේනා, පාදෙණිය සේනා ...මේ හැමෝටම දුවන්ඩ බෙදුව නම් කනක් ඇහිලා රට පාලනය කරන්ඩ පුළුවන් වෙයි. ඒ එක්කම පාර්ලිමේන්තුවේ ඉන්නා කාණු කටවල් ටික ගැනත් දැඩි පියවරක් ගන්ඩ වෙයි. කිසි කෙනෙකුට නැගිටලා අදහස් දැක්වීමක් කරන්ඩ බෑ . වල් සත්තු වගේ කෑ ගහන්නේ. නම රත්වත්තේ වුනාට වැඩ පංචිකාවත්තේ කියලා මට හිතුනා ටික දවසකට කලින්. ඒ පාර රජගෙදර රිලවා පාරම් බාන්නේ උගේ ගෙදර මිනිහෙක් මැරුනනම් හරි මැරුවනම් හරි පොලිසිය හරියට රාජකාරි කරන්ඩ එපායැ කියලා. හොරු එක්ක ලිච්චවී සමාජ ඇතිකරන්ඩ බෑ අගමැතිතුමා.

    ReplyDelete
    Replies
    1. මේ මළදානේ ආපු දා ඉඳලා අපි කියන්නෙ ඕක තමයි..

      ගෝත්‍රිකයන්ට මොන ප්‍රජාතන්ත්‍රවාදද අප්පා...

      Delete
    2. /////ධර්මිෂ්ට අදහස් බල්ලට දාලා JR උන්නැහේ කළා වගේ දුවන්ඩ දෙන්ඩයි තියෙන්නේ//////

      මොකද බං මේ ටිලාන්....පිස්සුද හැටිද...ඒකද රටට දැන් අඩු,

      Delete
    3. අරුණ ලොක්ක. එයා තිස්ස. මම මෙහෙ... 🙄

      Delete
    4. බීමත්ව රිය පැදවීම මෙන්ම බ්ලොග් කීයවිමෙන්ද අන්තුරු සිඳු විය හැක...

      Delete
    5. සමාවෙයන් ටිලාන්. ඒ කතාව තිස්සට ඩිරෙක්ට් කරමු.

      Delete
    6. අරුණ, මේවා මේ "හිතේ දුකට කියවෙන කවි" ජාතියේ ඒවා මිසක්, අපේ ලේවල තියෙන සටන්කාමී අදහස් නෙවෙයි. රටේ දැන් සිද්ධ වෙන දේවල් වල හැටියට මාතලන් කියනවා වගේ අපිට අවශ්‍ය සෞම්‍ය ඒකාධිපතියෙක් විනා හිටං හරි ලිච්චවී ජාතියේ අය නෙවෙයි.

      Delete
  12. මචං මාතේ.

    ඔය මාද්‍ය කාරයොයි පොලිස් කාරයොයි හරියට නරි හම පොරවගත්ත බැටළුවෝ වගේ. කාකි සූට් එකයි මීඩියා බැච් එකයි එල්ල ගත්තහම හිතං ඉන්නෙ ඕන ලබ්බක යන්ට පුළුවන් ඕන ලබ්බක් කොරන්ට පුළුවන් ඒත් උන්ට අතපය දික් කොරන්ට විතරයි කියල.

    අනික මහින්දය ඉස්සරහ බයාදු විදිහට හැසිරෙන මුං මේ ජඩ පාලනය ඉස්සරහ පොර වෙන්ට දඟලන හැටි දැක්කහමනම් සබාවේ හිනා ඕයි 😂

    මම කමියගේ පොස්ට් එකෙත් කිව්වෙ මාතේ, ඔය වරාය අදිකාරියේ පර්මනන්ට් ජොබ් ඉල්ලන අවුං 500 ම නාමල් ට හරි මහින්දට හරි කඩේ යන්නම විතරක් පුළුවන් ඒත් කිසිම වුර්තිය සුදුසුකමක් පළපුරුද්දක් නැති නිකං බත් බැලයෝ ටිකක් විතරයි.

    අනික මුං ඒ දවස්වලම වරාය අදිකාරියට නොදා වෙනමම හම්බන්තොට වරායට අනුයුක්ත කරන් තියන්ට අත්තේ මහින්ද මාමි ඇතුළු පවුල ජිවිත කාලයටම රට පාලනය කොරයි හම්බන්තොට වරාය කවදාහරි තමන්ගෙ දේපලක් වෙයි කියල හිතං.

    ඒත් ඉතිං මයිත්‍රී නමැති අශෝක අදිරජ්‍යයා දැහැමින් රට පාලනය කරන මේ සමයේ, මහින්ද නමැති පුද්ගලයෙකුගෙන් ලැබෙන දුරකථන ඇමතුමක් මගින් එක්‌ රැයකින් කලින් කියන බත් බැලයන් 500 ටම වරාය අදිකාරියේ ස්ථිර රැකියා ලැබුනත්, ඔන්න ඔහෙලා එහෙම කලබල වෙනවා එහෙම නෙමෙයි.

    කලබල උනත් මොනවා කරන්නද ඔයි තවම මේ රට පාලනය කොරන්නෙ හිටපු ජනාදිපති තුමා නෙ හිටං 😜

    ReplyDelete
  13. හරිම අනුවේදනීය කතාවක්

    ReplyDelete
  14. කොළඹ වරායේ කාර්මිකයන්ගේ හිඟයක් පවතිනවා විශේෂයෙන්ම ගැන්ට්‍රි දෙඹකර නඩත්තු අංශවල . මේ හම්බන්තොට පුහුණු කාර්මිකයින්වත් කොළඹ වරායේ පුරප්පාඩු පිරවීමට බඳවා ගන්න පුළුවන් . අනෙක් අංශවලත් පුහුණුව තියෙන සේවකයො කොළඹට බඳවාගන්න පුළුවන් .

    ReplyDelete
    Replies
    1. එහෙම බෑ ඒකම තමයි ඕන...

      Delete
  15. පොඩි පොඩි සිද්ධි මහා ඉශූස් බවට හිතා මතා පරිවර්තනය කරලා රටේ කතාබහක් ඇති කරලා කාලෙ ගෙවාගන්න සීන් එකක් මට නම් පෙනෙන්නෙ.මේ නිලධාරීන් හැසිරෙන්නෙ අර කෑල්ලට පෙනෙන්න ශිල්ප දක්වන මෝඩ නව යෞවනයො වගේ.මුහුකුරාගිය හැසිරීමක් නම් පෙනෙන්නෙම නෑ.
    පාණ්ඩුවේ අඩුපාඩු වහගන්න රඟ දැක්වෙන ඊලඟ ජවනිකාව මොකද්ද?
    එදා කළු ජූලියක් මවලා ගොඩ ගියාවගේ එකක් නම් එපා මහත්තයෝ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මාද්දියවේදියා හොඳට මුහුකුරා ගියපු කෙනෙක්...

      Delete
    2. ඌ මෝඩයාමයි කියමු... ප්‍රාදේශීය මාධ්‍යවේදී කබලක් කියමු.
      එතන තිබුන හොඳම විසඳුම සඳහා හොඳම තෝරාගැනීම් කරන්න මිනිහව පුහුණු කරල නෑ.පරිපාලන හැකියාවන් ඔප්නංවලා නෑ.දෙස් විදෙස් පුහුණු ලබාදීල නෑ.
      වැඩේ කියන්න අපේ 'සුධීමත්හූන්' මේ බව හිතන්නෙත් නෑ

      Delete
    3. මහින්දගේ බත් බැලයන්ට ඔහොම නෙමෙයි සළකන්න ඕන...

      Delete
  16. කොහොම හරි බ්ලොග් කාරයොන්ටයි මාජ්ජ කාරයොන්ටයි සතියකට මාතෘකාවක් ලැබුණා, එච්චරයි.

    ReplyDelete
    Replies
    1. සතියක් මදි. අපිත් ලියන්න හිතාගෙන ඉන්නවා.

      Delete
  17. ඇත්තක් නැත්තෙමත් නෑ, lol

    ReplyDelete
  18. ඉස්සෙල්ලා කිව්වේ හිරු එකේ නිවුස් රිපෝටර් කියලා, දැන් කියනවා එයා දිවයිනෙත් රිපෝටර්ලූ, අයිඩෙන්ටිටී දෙකම පෙන්නුව නම් මම ඩබල් රිපෝටර් කෙනෙක්ය කියල වැඩි සැලකිල්ලක් දක්කන්න තිබ්බා කියලයි මට හිතෙන්නේ. කිව්වා වගේ නිවුස් ඒජන්සි දෙන ලිස්ට් වල ඉන්න හැම බල්ලටයි බූරුවටයි හැදුනුම්පත් නොදී නිවුස් රිපෝර්ටින් ගැන හොඳ පරිචයක් ඇති එවුන් ට විතරක් මීඩියා හැදුණුම් පත් නිකුත් කරන එක නම් හැදුනුම්පත නිකුත් කරන ආයතනයේ වියදම කවර් කරන අපටත් කරන සාධාරනයක්. ඒකට සහයෝගය දීල තමුන්ගේ ක්ෂේත්‍රයේ නම්බුව රැක ගන්න එක උඩුවලගේ තරුණ මාධ්‍යෙව්දීන්ගේ යුතුකමක්, පුංචි කැමරා කට්ටත් උස්සගෙන අස්සේ රිංගන ඔය ගුටි කෑවා කියන මාධ්‍ය වේදියගේ රොල් එකට ආයේ අමුතුවෙන් හැදුනුම්පත් දීලා මිනිස්සු දාන්න ඕන නෑ, ඒක ඔතන ඉන්න උද්ගෝෂණයේ අයම කරනවා.

    ReplyDelete
    Replies
    1. ගොන් හරක් හිතාගෙන ඉන්නෙ උන්ට හැම තැනම කිසි අවසරයක් නැතිව රිංගන්න පුළුවන් කියලා...

      මාද්දියවේදියෝ කියන්නේ වෙනම පිරිසක්.. පැපරාසි කියන්නෙ වෙනත් පිරිසක්..

      Delete
  19. කොහේ හරි මම දැක්කා ඉත්තෑවත් එතනට රිංගලා හිටියා.එයා මොකටද වරායට යන්නේ?

    ReplyDelete
    Replies
    1. එය හැම තැනටම එනවා හැමිනෙන්න..

      Delete
  20. ජනමාධ්‍ය වේදියො නම් අම්මප නාවික හමුදාපති නෙමේ කොස් ගහ පොල් ගහවත් හදුනන් නැති මැටි හරක් ජාතියක්නේ.. පොලිටිකල් ප්‍රොජෙක්ට් වල අරමුණ ශුද්ධ ලාබය නේ..සුබසාධනය පරමාර්ථය වෙන්න මේක කොමියුනිස්ට් රාජ්ජයක්ද මාතලමෝ..

    ReplyDelete
    Replies
    1. එහෙම ගතියකුත් තියෙනවා නේ.. දැන් බලන්න වී ගොවිතැන..

      ඒ තියා වෛද්‍ය වෘත්තිය..

      Delete
  21. "මුන් මාද්දියවේදීන් නම් පෙනි සිටිය යුත්තේ මාධ්‍යවේදින් ලෙස මියගිය ලසන්තලාගේ පැත්තේය, එක්නැළිගොඩලාගේ පැත්තේය."

    යන්න

    "මුන් මාද්දියවේදීන් නම් පෙනි සිටිය යුත්තේ මාධ්‍යවේදින් ලෙස මියගිය ලසන්තලාගේ පැත්තේය."

    ලෙස නිවැරදි විය යුතුය.ලසන්ත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාධ්‍යවේදියෙකි.ඔහු සිටිය යුත්තේ ඒ කුලකයේය.. එක්නැලිගොඩ සිටිය යුත්තේ අතුරුදහන් කළා වූ හෝ මරාදැමු නිසා සාදාරනය අත්වියයුතු මිනිසුන්ගේ කුලකයේය...

    හාල්පාරුවන්ට සොයා නොබලා මාධ්‍ය හැඳුනුම්පත් දීම වහාම නතර කල යුතුය...

    ReplyDelete
    Replies
    1. ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියෙක් බව මාධ්‍යවේදීන්වත් දන්නෙ නෑ...

      Delete
    2. මම නම් හිතන්නේ නෑ "ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියෙක්" කියල මම නම් හිතන්නේ නෑ, මිනීමරුවන්ට රට පාවා දෙන්න හදපු ඇත්ත වසන් කිරීමට උත්සහ කරපු මිනිහෙක් මාද්යවෙදියෙක් වෙන්නේ කොහොමද ? නමුත් ඔහුව මරපු විදිය වැරදියි.

      Delete
    3. ඒවා ඔක්කෝම බොරු... මිනීමරුවෝ නිදහස් වෙන්න හදපු බේගල්...

      Delete
  22. මුන් මාද්දියවේදීන් නම් පෙනි සිටිය යුත්තේ මාධ්‍යවේදින් ලෙස මියගිය ලසන්තලාගේ පැත්තේය, එක්නැළිගොඩලාගේ පැත්තේය. එහෙත් මුන් කිසි දිනෙක ඔවුන් වෙනුවෙන් හඬක් නගා තිබේද? මොවුන් හඬ නගන්නේ මිනීමරුවන් වෙනුවෙනි.

    ReplyDelete
  23. නාවික හමුදාපතිවරයාව විදේශ දූතමණ්ඩලයක මහ කොමසාරිස් හෝ තානිපති තනතුරක් දියයුතුය.
    The Navy Commander should be appointed as the Head of Missions abroad for Sri Lanka.

    ReplyDelete
    Replies
    1. Head of the pirates of Somalia.

      මෙයා විතරක් නෙමේ...මීට ඉස්සෙල්ලා අය ගැනත් මරු ස්ටෝරිස් අහලා තියෙනවා. මේ ලොක්කෝ නේවී කමාන්ඩර්ස්ලා නෙමෙ සී මර්චන්ට්ස්ලා.

      Delete
    2. මහින්දගේ දේ මහින්දටම ලබා දීම....

      Delete
  24. උද්ඝෝෂණ යනු අපේ එවුන්ට සුදුරුදු දෙයක්ය. පාරවල් කොන්ක්‍රීට් දමන්නට, වතුර ගන්නට, ලයිට් ගන්නට, දඩ අඩු කරන්නට ඔය ඕනෑ දේකට පාරක් වසා ටෑර් පුච්චා තමුන්ගේම පැලැන්තියේ මිනිස්සුන්ගේ එදිනෙදා ගමනක් බිමනක්, උවමනා එපාකමක් වනසා දමන වසලයෝ අපේ රටේ ඉඳිති. පාරක් කාපට් කරගන්නට නම් අදාල ආයතනයට ගොස් ඒ ගැන අරගල නොකර තමුංගේ පැලැන්තියේම දහදුක් විඳින එවුන්ගේ ගමනාගමනය අවහිර කරාට වැඩක් ඇතිද? දැං එවැනි අරගලවලදී උන්ට ඕනෑ හැටියක් කරගන්නට ඉඩ දෙනු ලැබේ. එවිට උද්ඝෝෂණය කරවුන්ටම එපාවී එය නවත්තයි. පීඩනයට පත්වන ජහමනයාද එය විඳ දරාගනී.

    නමුත් මෙතැනදී ප්‍රශ්ණය දුරදිග යයි. ජාත්‍යන්තරය මේ වැනි අඩත්තේට්ටම් ඉවසන්නේ නැත. අපේ රටේ එවුන්ගේ මානසික ප්‍රශ්නවලට ජාත්‍යන්තර නැව් නවත්තාගෙන කොරන විගඩම් නිසා රටට වෙන අලාභහානිය, රටේ නමට වෙන අලාභහානිය විශාල විය හැක. ප්‍රමාද වූ දවස් දෙකත් එවැනි දේකට හොඳටම ප්‍රමාණවත්ය. එබැවින් මේ වසල වැඩය නවත්තන්න තිබුනේ එදාමය. ඒ කිව්වේ දවස් දෙකකට පෙරය.

    මේ වසල වැඩේ නවත්තපු ක්‍රමය නිත්‍යානුකූලද යන්න මම නොදනිමි. නාවුක හමුදාපතිට අවසරයක් හෝ නියෝගයක් ලැබී මෙලෙස කටයුතු කලානම් අවුලක් නැත. ඔහුට මේ නිසා ගැහැටක් නොවේවායි පතමි.

    එහිදී ජනමාධයවේදියෙකුට පහර දෙන ලද බවද සඳහන් වේ. මං දන්නා තරමින් අද රටේ ජනමාධ්‍යවේදියෝ නැත. ඉන්නේ කුණු විකුණන ඕපාදූපකාරයෝ සහ ලයික් හිඟන්නෝ පමණි. කැමරාව සහ මයික් එක යනු හැමතැනටම ඇල්ලිය යුතු ගුදයක් හෝ යෝනියක් වැනි දෙයක් නොවන බව ඔවුන් දත යුතුය. රට හරිමග ගෙනයා හැකි ප්‍රබලතම වෘත්තියක් වන ජනමාධ්‍යකරණය ඕනෑම කුණුගොඩක් බහාලන තාච්චියක්ව ඇති කළෙක ඒ කුණුගොඩට වදින පහර එහි අණ්ඩෙන් අල්ලා ඉන්නා එකාටද වදින්නට බැරිකමක් නැතිය.

    ReplyDelete
    Replies
    1. මුන් මොන මාද්දියවේදියෝද බං... මුන් මහින්ද මහත්තයගේ සල්ලි වලට අරක්කු වලට ලැප් ටොප් වලට කඩේ යන බත් බැලයෝ නේ... උන්ට අවශ්‍ය මේ දේ තමයි...

      උන් දැනට කරලා තියෙන විනාශය ඊයේ අර්ජුන කිව්වා.. මම ඇමති නම් ඕකුන්ට කිසි දෙයක් දෙන්නේ නෑ...

      Delete
  25. නාවික හමුදාපති හරියටම හරි. එයාට තිබුන ඕනේනම් ඔය කණුවකට කවර් වෙලා ඉඳගෙන, කෝප්‍රල්, සාජන් වගේ රෑන්ක් එකක එකෙකුට කියල ඔය අම්බරුවන්ට කෙලවන්න. එත් මෑන් පොඩිඑවුන්ව බිල්ලට නොදී මිනිහම ගේමට බැස්සේ consequence
    නොදැනම වෙන්න බෑනේ.

    මේ නිර්භීත හමුදා ප්‍රධානියාගේ කාලෝචිත ක්‍රියාව පුර්වදර්ශයට අරගෙන, යහපාලනයට කෙලවන්න එන සියලුම අකාරයේ 'පාරේ ත්‍රස්තවාදීන්ට' පුකවල් පැලෙන්න නෙලලා උන්ව චොන්ට්‍රෝල් කරේ නැත්නම්, යහපාලනයට හොම්බෙන් තමයි යන්නවෙන්නේ හිටං.

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැත්තෙමත් නෑ....

      Delete
  26. නාවික හමුදාපතියට බැනල වැඩක් නෑ.
    මිනිහගෙන් ගන්න තියෙන දේ ගන්න ඕනේ.
    මෙතැනදී මිනිහ කොහොම හරි ගැන්සියක් ගෙනල්ල ඉට්ටයික් කරන 'හු..තිගේ පුතාලට' නෙළුව.
    දැන් තියෙන්නේ වෙන කොහේහරි ඉට්ටැයික් එකක් තිබුනොත් මිනිහට කොන්ට්‍රැක් එක දෙන එක විතරයි.
    ශෝටක් ගහල ටී සේට් එකක් කාරිය ඇඳගෙන ඇවිල්ල දෙයි නැව් ගුටි.
    කොහොමද ඉට්ටයික් කාරයෝ දුවනකොට ලිප්ටන් වට රවුම වටේ.

    ReplyDelete
    Replies
    1. එහෙම එන්න මෙයාලට අයිතියක් නෑ... වරායා නම් බාර මුන්නැහේලට තමයි....

      Delete
  27. මට මෙහෙමත් හිතෙනවා . ලංකාවේ උන් නොකරන්නෙම , උන්ට අයිති රාජකාරිය විතරයි . බස් රියදුරෙක් ගන්න , ඌ නොකරන්නේ හරියට බස් එක එලවන එක , දොස්තර ලා නොකරන්නේ උන්ගේ රාජකාරිය , නළුවෝ නොකරන්නේ රඟ පාන එක , පොලීසිය නොකරන්නේ නීතිය සාමය රැකීම ... ඉතින් ඒ අතින් කැප්ටන් හැ ඩොක් එක අතකට උගේ රාජකාරිය කලාද කියලත් හිතෙනවා .. ඌ කළා , නොකළා ... කවුරු හරි එහෙම කලාම පෙනෙන්නේ අවුලට .

    මගේ යාලුවෙක් කිව්වා , අර හම්බන්තොට තියෙනවා කියුව ගල නම ෂෝට අස්සෙන් පෙනුනා කියලා

    ReplyDelete
    Replies
    1. අන්තිම කෑල්ල බොහෝම රසවත්... යාලුවෙක් නම් නෙමෙයි, උඹ තමයි ඕක කියන්න ඇත්තේ...

      Delete
  28. මාතා ..
    අර අලිවංගුවේ ANO comments දාන්න බැහැ.
    I tried to wish him. but failed . Please delete this once you seen as not related to the subject .
    -SAM

    ReplyDelete
    Replies
    1. සමහර අය කැමති නෑ මචෝ....

      Delete
  29. මහින්ද මාමා එක අතකින් වැඩකාරයෙකු...ඒකා රතු පස්වල්දි මාධ්‍ය කාරයොන්ට ඇඩ්‍රස් නැති වෙන්න නෙළුවාය. ඒ අතින් බැලුවාම මුන්ගේ ඇති ප්‍රජාතන්ත්‍ර වාදයයකුත් නැත..එකාධිපති පාලනයකුත් නැත. නිකන් පතෝල වගේය. හරියට නිකන් මහ එකා වගේමය

    ReplyDelete
    Replies
    1. ඔන්න අද මහින්දගේ බත් බැලයෝ පරාජර බාර අරගෙන..

      අර්ජුන උන්නයින් හොඳට ගියා... හිටන් උනත් ගොන් ජෝක් දැම්මෙ නෑ..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න