.

.

Dec 27, 2016

නිදහසින් පසු ඇදගෙන නානා රටක් - Fall Apart Since Independence



අම්මට සිරි ලංකාවේ ඉන්නා බටහිර විරෝධි ජාතිකත්වය කර තබාගෙන යන පිරිසද, මාස්වාදය කියන්නේ තියා, කල් මාක්ස් හා ලේනින් වෙන් වෙන්ව හඳුනන්නේ නැති උග්‍ර වාමාංශිකයෝද, චේ හා බොබ් මාලේ හඳුනන්නේ නැති විප්ලවවාදියෝද, අම්මට සිරි ලංකාව කියුබාවක් කිරීමට වෙහෙසෙන කොම්‍රඩ් කැස්ත්‍රෝ සහෝදරයාගේ මල්ලිලාද, නොදැනුවත්තම කියනා, පොදු ප්‍රකාශණයක් තියෙනවාය.

ඒ, "නිදහසෙන් පසු මෙතුවක් පත් වූ ආන්ඩු කලේ මක්කාද...?" කියා අහනා එකය. මේ ප්‍රකාෂය තුල, මාතලන් කලින් සඳහන් කළ පිරිස් නොයෙකුත් ආකාරයේ බයිලාවන් හා වැල්වටාරම් ගසා ප්‍රතික්ෂේප කර දැම්මද, මහා පරම සත්‍යයයක් ගැබ්ව තියෙනවාය. එනම් නිදහසෙන් පසු මේ රට අගාදයට ගිය බවය. ඒ තුල ඇති වඩා වටිනාම දේ, සුද්දා මේ රටට ලබ දුන් නිදහස හා ආර්ථික ශක්තිය, අද වන විට නන්න පෝල් වී ඇති බවය.

ඇත්තටම සුද්දා අපිට දුන් නිදහස කෙසේ වෙතත්, සුද්දා අපෙන් නිදහස් වීම ගැන නම් බොහෝ සතුටු වනවා ඇතිය. වැඩවසම් රාජාන්ඩූ පාළනයකට නතුව උන් ජනතාවකට, ප්‍රජාතන්ත්‍රවාදි නිදහසක් ලබා දුන්නා පමණක් නොව, ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමයද, තාක්ෂණයද, මහා මාර්ග පද්දතින්ද, සියල්ලම ලබා දෙමින්, එතෙක් කුළු බඩු කර්මාන්තයට පමණක් ප්‍රසිද්ධව තිබූ රට , තේ පොල් හා රබර් වගාවෙන්ද ලොව අංක එකේ රටක් බවට පත් කොට දියුණු කෘෂි ආර්ථිකයක් ඇති රටක් බවට පත් කරන්නේය. 

දැන් මොන ජාතියේ අප්පච්චිලා හා උන්ගේ හොරුන් පිරිසද, මේ රට උඩු යටිකුරු කරනවා කිව් ලිබරල් නායකයන් මෙන්ම, උදේ හවා ටී වී වල පොර ටෝක් දෙන, උගතුන් හා බුද්ධිමතුන් ‍යයි කියා ගන්නා උන් වැල් බයිලා ගැසුවද, හැම එකාම ජීවත් වන්නේ මැද පෙරදිග වහල් සේවය ලෙස හඳුන්වන, මැදපෙරදිග රැකියාවලින් ලැබෙනා කම්කරු වැටුපෙන්මය. ඒ සොච්චම් වැටුපෙන් ඉහගෙන කනවා පමණක් නොව, ලෝකයේ සුපිරිම රටවල රාජ්ජ නායකයන්ටවත් නොමැති සැප සම්පත් විඳිනා උන් මංකොල්ලකාරයෝ පිරිසක් මිස වෙන මක්කුන්වත් නොවේමය.

මෙතුවක් රට පාලනය කළ පාලකයන් පමනක් නොව, මේ පාලකයන්ද, නිළධාරින්ද, උපදේශකයන්ද පන්ඩිතයින් හා උගතුන්ද, එකෙකුට හෝ මේ රට දියුණු රටක් බවට පත්කිරීමේ කිසිම වැඩපිලිවලක් දැක්මක් මෙන්ම හැකිවක්ද ඇත්තේ නැතිය. එවන් අවස්ථාවක හම්බන්තොට වරාය චීනාට නොව, දෙන්න පුළුවන් මොකාට හෝ දී දමන එක විශාල දෙයක්ය.

රාජපක්ෂ පවුල හම්බන්තොට වරායේ කළ දේ බොහෝ පැහැදිලිය. ඔවුන් කර ඇත්තේ, කොළඹ වරායේ ලාබය හම්බන්තොට යවා, එයින් තම පවුලේ "වෙල්ත්" එක වැඩි කොර ගන්නා එකය. එයින් එයාලාගේ වෙල්ත් මෙන්ම හෙල්ත් එකද හොඳ වූවාට, රටට තියා එහි උන් සේවයකුටවත් ලැබූ දෙයක් නැතිය. සේවකයන්ද ගොනාට අන්දා, වරායේ රැකියා ලබා දෙනවා කියා, ඔවුන්ගෙන් ලක්ෂ ගනනින් මුදල්ද රැගෙන කර ඇත්තේ, ඔවුන් අවුට්සෝස් කොම්පැනියකට තල්ලු කරලා ගොනාට අන්දන එකය. උන්ගේ පඩියෙන්ද වැඩියෙන් කා ඇත්තේ රාජපක්ෂවරුන්ය.

අද මේ පාඩු ලබන සුදු අලි ආයෝජකයකුට දෙන විට, ඒවාට විරුද්ධව එන පිරිස් දෙකක් වෙති. ඉන් පළමු පිරිස වන්නේ අලි බබා සහ හොරු හතලිහේ කල්ලියයි. ඒ මෙතක් ගසා කෑ රජ කෑම් හා කොමිස් කුට්ටිවලට කෙලවී යෑමයි. අනික මේවන් දෙයක් කර ගැනීමට ඔවුනට මොලයක් නොතිබීමේ වේදනවායි. ඔවුන්ගේ කාළයේ මේ රටට ආයෝජකයෝ නොආවේ මන්දැයි යන කාරනය කාත කවුරුත් දන්නවාය. එකෙකුට 20% කි, තා එකෙකුට 10% කි. තා එකෙක් රගර් මැච් වලට ගානක් කඩා ගනිති. තා එකෙක් රොකට් යවති. ගසා කෑමේ කෙලවරක් ඇත්තේ නැතිය. ඒ නිසා චීනාට පවා මෙය වනයක් වන්නට ඇතිය.

අනෙක් පිරිස මේ රටේ හැම දේටම විරුද්ධව බෝඩ් උස්සාගෙන පාරට බසිනා ජෙප්පෝය. මොවුන් තවමත් ජීවත් වන්නේ ගල් වැදි යුගයේය. ඇත්තම කියනවා නම්, වැදි නායකයා මොවුන්ට වඩා ඉදිරියෙන් ඉන්නා බව සිරසේ ඔහු සසභාගී වූ වැඩ සටහනෙන් මුළු රටටම පෙන්වා සිටියේය. වරාය සේවකයන්ගේ සටන ජයගන්නා තෙක් ඔවුන් හා ඉන්නවා යැයි කියු මහා කම්කරු නායකයා පච වෙලාම ගියේ සේවකයන් පිරිස මී හරක් නොවී තම රැකියාව බේරා ගත් නිසාවෙන්මය. 

මුන් හදන්නේ මොකා හෝ බිල්ලට දී තමන්ගේ බඩ වඩා ගන්නා එකය. 80 ජූලී වර්ජනය ගැන අබ මල් රේනුවක් දැණීමක් ඇති එකෙක් ඉස්ට්‍රයික් කියන ඒවා කරන්නට යන්නේ නැතිය. කරුමය වී ඇත්තේ අද ඒවා ග්න මතක් කර දිමට එකෙක් ඇත්තේ නැති වීමය. මුන්ගේ ගුලි කෑ එකෙකුටවත් අත් වූ සෙතක් නම් අප ජීවිතයට අසා නැති අතර පරිප්පු කෑ උන් ගැන නම් මහාවංශයටත් වඩා විශාල පොතක් වුවද ලියා තැබිය හැකිය. 

දැන් කරන්නේ මිනිස්සුන්ගේ ඉඩම් චීනාට දෙනවා යැයි කියමින් ජනතාව මී හරකුන්ට අන්දවා එකම විකාරයක් කිරීමයි. එක අතකින් බලනා විට, මේ ආන්ඩුවේම ඇති, බැරි බැරියාවයි. ජනතාව දැනුම්වත් කිරීම ආන්ඩුවේ යුතු කමයි. එහෙත් ජනතාවට කතා කළ හැකි එකඳු නායකයෙක් හෝ ආන්ඩුවට ඇත්තේ නැති අතර, හැම එකාම බෙරිහන් දෙන්නේ, රට හැදීමට නොව, පක්ෂේ හදාගන්නා එක කොරන්නටය, ඒ අස්සේ අනික් උන් මුන්ගේ පශ්චාත්භාගයේ ටිං කිරි ගානවා පෙනෙන්නේ, එහෙන් මෙහෙන් බේරෙනා විටය. 

හැම වැඩේටම එන්ටර් වෙන්නේ හත් පොලේ ගාගෙන චා උනායින් පස්සේය. පනත් ගැන මහ ඇමතිලා දැණුම්වත් කරන්නේ උන් පනතෙන් පුක පිහිදලා ෆල්ෂ් කොරලාත් දැම්මායින් පස්සේය. මේවාට මිනිස්සු කියන්නේ ආන්ඩු කිරීම් කියලා නෙමේය. ඇදගෙන නෑම් කියලාය. රනිල්ට ඕන ඕන ඒවා මුන් එක්ක කොරන්න බෑ කියලා දැන්වත් තේරුම් ගන්නවා නම් ලොකු දෙයක්ය. 

කෙසේ හෝ එක එක කාළකන්නින්ට ජෝගී නැටීමට ඉඩ තබා මේ ආයෝජකයා අහිමි කර ගන්නේ නම්, මේ රටට කිසිම අනාගතයක් නැති බවත් ලියා තැබිය යුතුමය. මන්ද මොන පුරසාරම් දෙඩුවත්, මේ රටේ භෞතික සම්පත් තියා නියමාකාරයේ මිනිස් සම්පත්වත් නැති නිසාත්. ඇත්තේ එදා වෙල ටුවර්ස්ලා පමණක්මය. කළමණාකරනය පට්ට ෆේල්ය, දන්නේ හොරකම් කිරීම පමණි. අනෙක මහා පරිමානයෙන් ආයෝජනය කිරීමට තරම් ධනවතුන් ඇත්තේද නැත. ඉන්නේ ආන්ඩුවේ උන් හා එක්ව රටේ සල්ලිවලින් හොරා කාපු ධනපතියෝය. ආන්ඩුවලට කෙල උන ගමන් උන්ටත් කෙලවෙන්නේ ඒ නිසාය. ඒ නිසා, නිදහසින් පසු ලද මේ අවස්ථාවෙන් අප උපරිම ප්‍රයෝජනය ගත යුතුය. එයින් ජතාවට සෙතක් අත් වනවා මිස ඇතිවන අහිතක් ඇත්තේ නැතිය.

ඒ කෙසේද යත්, කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැති.. නිදහසට පෙර යටත් විජිත යුගය, ඉතා වටිනා යුගයක්ම වූ නිසාය. මේ කියන්නේ යලිත් යටත් විජිතයක් වන්නට කියා නොවේ. හැකිතාක් විදෙස් ආයෝජයකන් හා කර්මාන්ත ගෙන්වා ගන්නා ලෙසය. එමෙන්ම අඩුම ගනනේ 50% වත් රැකියා අවස්ථා අපේ උන්ට ලබා ගන්නා ලෙසය. එමෙන්ම ආයෝජකයන්ට සියළු පහසුකම් කඩිනමින් සලසනා ලෙසය. එයින් තොර දියුණුවක් ඇත්තේ නැතිය. 

48 comments:

  1. 黑猫白猫抓住耗子就是好猫

    ReplyDelete
    Replies

    1. 马辛达先生和迈特里先生都是猫一般公众似乎都是老鼠

      Delete
    2. ලියන හුත්තක් තේරෙන්න ලියාපියව්.

      Delete
    3. 一百万中国申请斯里兰卡签证 - 新闻

      Delete
    4. බ්ලැක් කැට් White Cat අතට උඩ පන්දුවක් මීයන් හොඳ පූසා

      Delete
    5. මහතා මා Xinda මයිටේ ආපහු මහතා ලී සහ පොදු ජනතාවට බළලුන් මීයන් බවක් ඇත

      Delete
    6. ලක්ෂ චීන ශ්රී ලංකාව තුළ වීසා බලපත්රයක් සඳහා අයදුම් - පුවත්

      Delete
    7. one million chinese apply Sri Lanka visa - News

      Delete
    8. ලඟදීම හොඳ චීන සිංහල පරිවර්තන මෘදුකාංගයක් හැදෙයි.

      Delete
    9. umbama hadapan wena wada nathi eke

      Delete
  2. "ආයෝජකයන්ට සියළු පහසුකම් කඩිනමින් සලසනා ලෙස"
    ඔන්න ඕක තමයි අමාරුම වැඩේ.
    කම්කරු පනත්වලට අත තියන්න ගියොත් කෂ්ටිය මහ පාරෙ.

    ReplyDelete
    Replies
    1. ඒ හුකාරිස් හන්දා තමයි රටේ මනුස්සයෙකුටවත් බිස්නස් එකක් කොර ගන්න බැරි... ලෝකේ දියුණුම රටවල තියෙන ෆැසිලිටි තියෙනවා... හැබයි පුක කහන්න නියපොත්ත නෑ...

      Delete
  3. එකඟයි මාතෙ. තාක්ෂණික නව සොයා ගැනීමෙ නොකෙරෙන, විශාල දේශීය වෙලඳ පොළක් නැති, තේ වැනි පාරම්පරික භෝග වලට වෙලඳපොල අඩුවීගෙන යන, දැරිය නොහැකි ණය බරක් ඇති රටකට මෙවන් ක්‍රියා මාර්ග හැර වෙන ක්‍රමයක් ඇත්ද යන්න ගැන ජේවීපී සහ අනික් විවේචකයන් කිසිවක් නොකියන එක ගැන පුදුම විය යුතු නැත.

    ReplyDelete
    Replies
    1. ඕක කර ගන්න බරි උනොත් ඉතින් සදා සොත්ති බවන්තුතේ තමයි... යුරෝපෙන් එන්නේ නෑ.. ඇමරිකාවෙන් කොහොමත් එන්නේ නෑ... ඉන්නේ චීනෙයි ඉන්දියාවයි විතරයි... මේවට විරුද්ධ වෙන උන්ට තියන්න ඕන අර රතුපස්වල වගේ.... එහෙම නැතිව මේ රට හැදිලි බොරු...

      Delete
  4. වැදි නායතයා නම් අච්චර හොඳට උත්තර දුන්නේ කලින් උත්තර ටික කියලා දුන්නු හින්දා කියලා කට්ටියක් කියනවා. තව කට්ටියක් කියන්නේ එතන කොම්පියුරේ ස්ක්‍රීන් එකේ උත්තර ටික පේන්න දාලා තිබුණ නිසා කියලා කියනවා. කොහොම වුනත් ඒක මාර්කටින් වැඩක් කියලා නම් කවුරුත් දන්නවා.

    ReplyDelete
    Replies
    1. ජෙප්පන්ට බෑ නේ එහෙමවත් මාකට් වෙන්න.

      Delete
    2. එ්ක නම් සහතික ඇත්ත. කැස්ත්‍රෝ මැරුණු වෙලාවෙවත් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ නේ.
      -මීට ගුණපාල මලයා-

      Delete
  5. මාතා,
    මහින්ද යුද්දය දිනීමට අමතරව කරපු එකම වැඩදායක දේ හම්බන්තොට වරාය සැදීමයි, නමුත් මහින්ද රාජ්‍ය අංශය ඉතාම අක්ර්යක්ෂම කළා, හොද පරිපාලනයක් කරන්න බැරිනම් කරන්න පුළුවන් හොදම දේ චිනට දෙන එක තමයි

    ReplyDelete
    Replies
    1. රටම දුන්නත් අවුලක් නෑ මට නම්...

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මාතලන් හැමදාම කියන දෙයක් තමයි අපේ රටට අවශ්‍ය සෞම්‍ය ඒකාධිපතියෙක් කියලා. මටත් හිතෙන්නේ අපේ රට හදන්ඩ නම් කරන්ඩ තියෙන්නේ ඒ දේ විතරමයි කියලයි . මේ හොරුන්ගේ හොරුනුත්, යහපාලන හිටං හොරුනුත් සේරම ආණ්ඩුවේ බෝඩිමට දාලා, ගෝඨාභයත් සරත් ෆොන්සේකාත් සමගි කරවලා රට හදන්ඩ භාර දෙන එකයි කරන්ඩ ඕනෑ. එක්කෝ රටත් රට්ටුත් හැදෙයි, නැත්තම් අපි නැත්තටම නැති වෙලා යයි. ජෙප්පොන්ට රට ගිහින් දස දුක් විඳිනවාට වැඩිය ඒ ඒකාධිපති පාලනය සැපදායක වෙන්ඩ පුළුවනි.

    ReplyDelete
    Replies
    1. අපිට හිටපු සෞම්‍ය ඒකාධිපතියා තමයි ජේ. ආර්. ජයවර්ධන. 1977-1982 කාලේ ඇති වුණු ආර්ථික පිබිදීම ඊට පෙර වත්, ඊට පසුව වත් සිද්ධ වුණේ නෑ.

      Delete
    2. අනිවා... හිතේ කෙනෙක් ඉන්නවා... බලමුකෝ ආවොත්....

      Delete
  8. චීන්නුත් මනුෂ්‍යයෝය. බඩගින්න දැනෙන්නේ උන්ට විතරය. රස්සා නැත්තේ උන්ට විතරය.

    නමුත් චීන්නුන්ට ඡන්ද බලය නැත. අපිට තිබේ.

    ReplyDelete
    Replies
    1. අපි භූමී පුත්තරයෝ වම්හ...

      Delete
  9. මාතේ. මටනම් තේරෙන්නේ නැත්තේ බං පාට පක්ෂ අමතක කරල මොන කාලකන්ණි දේශපාලකයෝ කල කාලකන්නි වැඩ තේරුම් ගන්නෙ නැත්තෙ ඇයි කියල.

    ඕක මහින්දට වගේම බැදුන්කර රනිල්ටත් පත්තර බලන ජනාදිපති තුමාටත් අදාලයි.

    මමනම් ඔය සුපිරිද මොකාද උනත් ඒ ඇමති කමටනම් මනාපයි. මොකද ආයෝජනය කරන්න එන සුද්ද හෝ චීන ට මේ රටේ දෙයක් කරගන්න තියෙන අමාරුව උන්ට වැඩිය හොඳට අපි දන්නා නිසයි. හිතපන් උන් එකෙක් "ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට" ගියොත්, හිකිල තියෙයි.

    හැබැයි ඉතිං මහින්ද ගේ කාලෙත් නිල වශයෙන්ම සුපිරි බලතල සහිත සුපර් ආර්ථික ඔස්තාද් මිස්ට බැසිල් මාමි ඉන්නකොට නං කස්ටියම කටපුක වහං හිටිය.

    මම දන්නා මිනිහෙක් ඒ මාමිලගේ කාලෙ 8 වෙනි කොන්ත්‍රාත් කරුගෙන් කොන්ත්‍රාත් එක අරගෙනත් මිලියන ගානක් ලාබ තියාගෙන ජයග්‍රාහී 9 වෙනි කොන්ත්‍රාත් කරුට එම කොන්ත්‍රාත් එක විකුණුව.

    ඉතිං එහෙව් එකේ හැම එකාම කොමිස් ගිලින එකේ එක ස්පොට් එකකින් හරි එක සැරයක් කොමිස් දීල හරි ආයෝජකයෝන්ගේ වැඩේ වෙනවනම් කමක් නැහැ.

    ඔය හවුල් ආණ්ඩුවේ ඩිලාන් පෙරේරලා වගේ අය එකට උඩ බුරන්නෙත් තණ්හාවට කෑදර කමට උන්ට කොටහ නොලැබෙන බවට කියලයි මගේ මොළේට තේරෙන්නෙ හිටං.

    අනික නම් දැන් මුං සුද්දාගෙන් රට බේර ගත්ත කියල බෙරිහන් දුන්නත් සුද්ද ගියේ මහපාරවල් කොච්චි තේ පොල් රබර් වගේම ස්වයන්පෝෂිත රටක් කොරල. ඉන් එහාට නිකං ලැබුන දේ හරියට කළමනාකරගන්ට බැරි උණ අවුං ගෙන් උබ හිතනවද බං ණයට අරං හරි මුං වැඩක් ඇති දෙයක් කොරයි කියල. හීනෙන් තමයි.

    මම නං හරි ආසයි චීන ඇවිදින් මහින්ද රාජපක්ෂ වරාය බාරගෙන වැඩ කරනව බලන්ට. කොහොමත් එතන ඉන්න බත් බලයන්ට ඉතිං මහින්ද මාමි සරණන් ගච්චාමි වගේම පුකට දෙකක් ගහල එලියට දැම්මහම ලස්සන චීන බඩුවක් බලං අතේ ගහන්න තමයි වෙන්නෙ.

    ඔය චීන කියන්නෙ ලෙහෙසියෙන් සත පහක් වියදං කොරන්නෙ නැති රුපියලක් වියදං කොරල රුපියල් 1000ක් හොයන්න බලන පැන්ස පණහේ චුවිංගම් එකක් අරං එකෙත් වැට් රිසිට් එක ඉල්ලන ජාතියක් නිසා අරුන්ට නං බඩුම තමයි.

    අනිත් කරනේ නං මචෝ, ඔය මයිත්‍රී පහණෙන් එළිය බලන පැරෂුට් බලලුන්ටත් පුකට පයින් දෙකක් ගහල එලෙව්වෙ නැතිනම් ඒකෙ කරුමේත් අපිටම තමයි. මහින්දගේ කාලේ කටපුක වහං ඉඳල උඩින් මේ ආණ්ඩුවටත් පහත් වෙලා කලින් කාපු තරම කන්න බැරි උනහම දොඩවන දොඩවිල්ල දැක්කහමනම් t v එක උස්සල පොලවේ ගහන්ට තියෙනව.

    බලාගෙන ඉමු ඉතින් 2017 නන්දන වින්දන වලටත් මුං මොනවද පෙන්නන්නෙ කියල.

    බොලා අපිට සුභ නව වසරක් විතරක් වේවා..!! 🍻👊🏽👍🏽🙏

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ලොකු කොමෙන්ට් එකට..

      උඹටත් වසර සුභම වේවා....

      Delete
  10. //දැන් මොන ජාතියේ අප්පච්චිලා හා උන්ගේ හොරුන් පිරිසද, මේ රට උඩු යටිකුරු කරනවා කිව් ලිබරල් නායකයන් මෙන්ම, උදේ හවා ටී වී වල පොර ටෝක් දෙන, උගතුන් හා බුද්ධිමතුන් ‍යයි කියා ගන්නා උන් වැල් බයිලා ගැසුවද, හැම එකාම ජීවත් වන්නේ මැද පෙරදිග වහල් සේවය ලෙස හඳුන්වන, මැදපෙරදිග රැකියාවලින් ලැබෙනා කම්කරු වැටුපෙන්මය// එකඟයි . ඒ වගේම අනිත් රටවල ඉන්න කට්ටියත් අමතක කරන්න එපා. කොරියාවේ , මැලේසියාවේ ආදී වශයෙන්. අනිත් ඒවා ගාමන්ට් කොම්පැනි ටික.

    ReplyDelete
    Replies
    1. බැලන්ස් ෂීට් එකක් හැදුවහම ගාමන්ට් කොම්පැනිවලින් එන ආදායම අඩුයි. මොකද රෙදි, බොත්තම්, සිප්, යන්ත්‍ර සූත්‍ර, වාහන කියන මෙකී නොකී සෑම දෙයක් ම ආනයනය කරලා, ඒකට පොඩි වටිනාකමක් එකතු කරලා අපනයනය තමයි ගාමන්ට් කාරයෝ කරන්නේ. මැදපෙරදිග, ජපන්, කොරියා කියන රටවල් වලින් එන අදායම රටට ශුද්ධ ආදයමක්.

      Delete
    2. //මැදපෙරදිග, ජපන්, කොරියා කියන රටවල් වලින් එන අදායම රටට ශුද්ධ ආදයමක්// ඔබ හරි. නමුත් ගාමන්ට් කොම්පැනි හා ඒ වගේ තවත් එවලින් කරන අනිත් සහයෝගය ඒ කියන්නේ පවුලක් නඩත්තු කරන එක අමතක කරන්න එපා. ඒවා නිසා වටේ හැදෙන අනිත් ව්‍යාපාර. මේක ගැන ලිපියක් ලියන්න වුනත් කරුණු හොයා ගන්න පුළුවන්. මම ලංකාවට යන හැම වෙලේම දැකපු දෙයක් තමා හොරණ බොඩි ලයින් හා ඒ අවට ගාමන්ට් නිසා ජන ජීවිතය වෙනස් වුන හැටි. භෞතික දේවල් දියුණුව කියා ගත්තොත්: අවුරුදු දහයකට කලින් බොහෝ සේවක සේවිකාවන් වැඩට ආවේ කොම්පැනි එකෙන් ඇරෙන්ජ් කරන වෑන් වලින් . පහුගිය කාලය අතරතුර කොම්පැනියෙන් ණය දීල වාහන ගන්න. ත්‍රිවිල් වලට අමතරව (මේවා පෞද්ගලික ත්‍රිවිල් ) තව හුඟක් වාහන ඒ රථ ගාලේ තිබෙනවා. අනිත් පැත්තට - ගෙවල් වල වටිනාකම ඉහල ගිහින්. අහල පහල ය කුලියට කාමර දීල අමතර අදායම් ලබනවා . අමතර ව්‍යාපාරික ස්ථාන හැදිලා. මේ සියල්ල එකතු කරලා වටිනාකම බලන්න ඕනේ.

      Delete
    3. අනිවා ඔවුනුත් අයත් විය යුතුමයි....

      Delete
  11. චීනෙන් නෙවෙයි ඒරොප්පෙන් ගෙනාවත් මුලින්ම කරන්න ඕනේ වැඩේ ඉහළ ඉන්නා ඉහඳ පනුවෝ ටික තොලොංචි කර දාන එකයි!

    ReplyDelete
    Replies
    1. කොහෙද.... මුන් කරන්නෙත් හොරු ආරක්ෂා කොරන එකම නේ....

      Delete
  12. මටත් හිතෙන්නෙ, රටට මේ කෙළවිල්ල ඇරඹුනේ ඔය කියන බහුබූත 'නිදහස' ලබුනයින් පස්සේ කියලයි.

    ඊට පස්සේ හොරගොල්ලේ බණ්ඩාගේ 'සිංහල ඔන්ලි' අදූරදර්ශී මෝඩ ප්‍රතිපත්තිය ගෙනත් රට ඔලුවෙන් සිටුවා, සිංහලයින්, දෙමල කතා කරන ජනයාගේ සදාකාලික තුරන් බවට පත්කර, රටට සැරසිල්ලක් බඳුවූ උගත් බර්ගර් ජනයාට රටින් පිටවෙන තැනට කටුයුතු කෙරුවා.

    දැන් ඒ විනාශයේම දීර්ගයක් වූ එකාබධ්දේ නන්නත්තාරවූ තක්කඩි හොර රැලයි, හිටං හා ලිච්චවීගේ හොර රැලයි, ළිංමැඩි ජෙප්පොයි එකතුවෙලා රට තවදුරටත් වලපල්ලට ගෙනයනව බලා ඉන්නවට වඩා, චීනාට ඇවිත් මේ රට ගොඩ ගන්න ඉඩ දෙන එක හොඳ නැද්ද?

    ReplyDelete
    Replies
    1. කොන්දක් නැති නිවටයෙක් උනත් ඒ බව පෙන්නන්න එපා... උඹලා වගේ ‍ගෝතයෝ තමා රටෙන් කෑල්ලක් දීලා හරි සාමෙන් ඉමු කිව්වෙ....

      Delete
    2. @ Sundara Warna ---

      උඹේ කියමන හරියටම හරි.

      @ Shenal Mendis ----
      ජාති මාමක වෙන්න කලින් උඹේ පෘතුගීසි නම වෙනස් කර ගනින්.

      Delete
    3. චීනා නෙමෙයි හරියට කොරනවා නම් ස්වාසිලන්තෙට දුන්නත් කමක් නෑ අපේ උන් නැතිව....

      Delete
    4. නමෙන් ඇති වැඩක් නෑ බොල... තම තමන් කරන දෙයින් තමා තමන් කවුද කියල තීරණය වෙන්නෙ....

      Delete
  13. සුද්දා හිටියානම් වෙන මොකවත් නැතත් අඩුම තරමේ අපේ පාස්පෝට් එකවත් පිටරටවලින් ගණන් ගන්නවා. රටත් හොංකොං වගේවත් හදයි. නොදකින් මේ නිදහස කියලා මගුලක් අරගෙන අපිත් කොරගත්ත විනාසයක්.

    ReplyDelete
    Replies
    1. මට තරහා තියෙන්නේ ඉන්දියාවේ නිදහස වෙනුවෙන් සටන් කරපු උන් එක්ක... අපේ එහෙම උන් උන්නේ නෑ නේ... සුද්දා එහෙන් යනකොට, මෙහෙනුත් ගියා... අපරාදේ....

      Delete
  14. ඒක අතකට මේ ඉන්න ආණ්ඩුව කරන වැඩ දිහා බැලුවම රනිලගෙයි මෛත්‍රියගෙයි මොලේ පරීක්ෂණයක් කරානම්
    හොදයි කියලා හිතෙනවා ඒ තරමට ගොන්

    ReplyDelete
    Replies
    1. මුතුහෙට්ටිගේ ඩොකා ගාවට යැව්වා නම් හොඳයි තමයි....

      Delete
  15. කතාවනං සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරුවක් කියන්නේ බොහෝම කලාතුරකින් තමයි හිටන්...

      Delete
    2. අපි ඒක නොදන්නවයැ හිටං..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න