.

.

Dec 6, 2016

ආන්ඩුව ඉන්නේ අමු හෙළුවෙන්ය - Naked Government


කැස්ත්‍රෝගෙන් නිරුවත වසා ගන්නා පක්ෂ නායකයන් දෙදෙනෙක් - අවන්ත ආටිගල

ගොඩක් උන් කියන්නේ, පොලිස්පති රෙදි ගලව ගත්තා කියලාය. ඝෝඨා උන්නැහෙත් ටැලිවිසොන් එකෙන් එහෙම කිව්වේය. එයා කිව්වේ, එයාලාගේ කාලේ උන්නේ ප්‍රොෆෙසනල් පොරවල් කියලය.  අපරාදේ කියන්නේ, කුඩු කාරයන්ගෙන් ගෙවල් හදාගත්, මහින්දගෙන් කාමරයේදි බඩ පිරෙන්නට කා, එයිට පස්සේ බ්‍රසීලය බලා ගිය එකා මොකෙක් උනෙත්, ඉලංගකෝන් ලොක්කා නම් පොලිස්පති කමේ ගෞරවය නියමාකාරයෙන් රැක්ක පොලිස්පති කෙනෙක්ය කියලාය. සමහර විට උන්නැහේට එහෙම ඉන්න ලැබුනේ, බලෙන් පොලිස්පතිකොම කරාපු අනුර සේනානායක උන්නැහේ නිසාමය. ස්වාමියා එලියේ ඉඳිද්දි, බල්ලා ඇතුලේ ඉන්නේ කළ හොඳ පස්සෙන් එනවාය කියන කතන්දරේ නිසා වෙන්නත් පුළුවන්ය.

ඒ මක්කා උනත්, ඝෝඨා උන්නැහේ කියනවා වාගෙම මේ පොලොස්පති නම් කිසිම ප්‍රොෆෙසොනල් බුවෙක් නම් නෙමේය. සභාවක් අමතද්දි ෆෝන් වලට ආන්සර් කරන්න, ඒ යකා ගොනෙක් වෙන්න ඕනාය. මේ එහෙම කරපු දෙවන අවස්ථාවය. එයා හිතන්නේ ඒක ලොකු කම්ක් කියලා වෙන්න පුළුවන්ය. ඒත් ඉතින්, වැදගත් කර්යබහුල මිනිසුන්ගේ ෆෝන් එක තියෙන්නේ තමන්ගේ අතේ නෙමේය. බඩි ළඟ හෝ සැක්‍රටරි කෙනෙක් ළඟය. මුන්නැහේ එහෙම නොදෙන්නේ, හොර කේස් අරවා මේවා තියෙන නිසාදෝ කියා කියන්න දන්නේත් උන්නැහේමය.

මේ ආන්ඩුවේ හොරු අල්ලන වැඩේ බොනිකර තරුවක් කියා අපි කියන්නේ, ගේම පටන් ගත්ත කාලයේ පටන්මය. ආන්ඩුව කරන්නේ තනිකර ඩීල් එකක් බවත් අපි එදා ඉඳලාම කීවේය. එහෙම කියනා කොට සම හරක් අපිට කීවේ, අපි කළබල වෙලාය කියලාය. ඒත් ආන්ඩුවේ හැම පාර්ෂවයක්ම කලේ රාජපක්ෂලා එක්ක හැමිනෙන්න යාමය.  පූජිත උන්නැහේ ලෝක පූජීත වෙලා අජූත වෙලා යන සීන් එකෙන් උනේ, ආන්ඩුව ඉන්නේ අමුම අමු හෙළුවෙන් කියා මුළු ලෝකයාම දැන ගත්ත එකය.

මීට කලින් ආන්ඩුවේ රෙදි ගැලෙව්වේ අධිකරණ ඇමතිවරයාය. ඒ, උන්නැහේ ඉන්නකන් ඝෝඨා අත් අඩංගුවට පත් වෙන්න දෙන්නේ නැතෙයි කියලාය. අපි දන්නා තරමින් අධිකරණ ඇමතියාට එහෙම බලයක් නැත්තේය. අද ඊ නිව්ස් එකට ගහන්න ගිය උන්දෑ, උන්නේ ජී නාගෙනය. විරෝධය ඇතුලෙන්මය. ඕනාවට වඩා මොලේ වැඩි උනාමත් කෙලින්නේ පිස්සුමය. ඔය ජී ඇල්ලාට, නලීන් ද සිල්වලාට ඉතරක් නොව බාහුලාට වෙලා තියෙන්නේත් එකමය.

ඊළඟට නෑවේ පත්තරෙන් ඔක්කෝම දැන ගන්නා පරණ පත්තරකාරයෙක්, ග්‍රාමසේවකයෙක්, රැහේ එකෙක්, අපේ එකෙක් මෙන්ම, සමහර විර බස් ඩැයිවර් කෙනෙක්ද විය හැකි, අපේ අතිගරු ජනාධිපති උතුමානන් වහන්සේය. හැබයි එතන උනේ වෙන එකක්ය. එයා නාහෙන් ඇඬුවේ, සිඳුවීම් සියල්ල සිද්ද වන්නේ එයාට ඕන විදියට නෙමෙයි කියලාය. එයා කිව්වේ FCID එකේ ඔක්කොම වෙන්න ඕන එයාව දැනුම්වත් කොරලා හිටන් කියලාය. සම හරක් විට දැන් වෙනවාත් ඇත්තේ එහෙමය. මොකෝ දැන් නාහෙන් අඬන්නේ නැති නිසාය.

ඒ බර බරෙන් උනේ රාජපක්ෂලා පමණක් නොව, ලසන්තලා, එක්නැලිගොඩලා මෙන්ම, තාජුඩින්ලාට ගේම දුන් මිනිමරුවෝ රොත්තද ආතල් එකේ ගෙදර යාමය. මුන්ට බලයට එන්න විකුණා කෑ උන්ටත් එහම නම්, ජනතාව පයිසෙකට මායිම් නොකරනා එක පුදුම විය යුතු කාරනා නෙමේය. දැන් උන්නැහේ රට කරවීම පැත්තකට තබා කොරන්නේ, තමන් බලයට ගෙනා යූ ඇන් පී කාරයන්ට කෙලවන්නේ කෙසේද කියා ගේම් ගහනා එකය. එපමණක් නොව ඒ අඳෝනාව අස්සේ හීන් සීරුවේ මෙත්පල් කුමාරයාගේ නයිට් ක්ලබ් කේස් එකත් යට ගහ ගත්තේ මහින්දගේ ජඩමාද්දියවේදීන්ටත් අමතක වන ආකාරයටය. කොහොම හරි, ඒ ගේම මෙත්පල් මැතිනියගේ වැඩක්ද කියා හිතෙන්නේ, ඒක ඒ තරමටම සක්සෙස් එකක් උන නිසාමය.

ඔය මක්කා උනත් පොලීසියට මොකෙක් හෝ අපතයෙක් ඕඩර්ස් දෙනවා කියන එක අර සිවිල් පොරවල් විශ්වාස කොලේ නැතිය. එයාලා යහපාලන ඇටේ වැටෙනකන් තාමත් එළුවාගේ පස්සෙන් යනවාය. උන්ටත් විලි ලැජ්ජාවක් කියලා එකක් ඇත්තේ නැතිය. එහෙම නැත්නම් කීයක් හරි හම්බ වෙනවා වෙන්නත් පුළුවන්ය. ඒත් පොලිස්පතිට ආපු කෝල් එකෙන් ඔක්කොම නන්න පෝල් වෙලා ගියේය. පොලිස්පති එයාගේ ඇඳුම් ගලවා ගත්තා පමණක් නොව මුළු ආන්ඩුවේම ඇඳුම් ගලවලා දැම්මේය. සියල්ල සිඳු වන්නේ එක එකාට ඕනා විදියට බවත්, FCID ය, කිසි සේත්ම ස්වාධීන ආයතනයක් නොවනා බවත්, අද උපන් පොඩි එකා පවා දැන ගත්තේය. 

කස්ටිය ඇහුවේ "සෑර්" කවුද? "නිළමේ" කව්ද කියලාය. නිළමේ මොකාද කියලා එළි උනාට, සෑර් කව්ද කියන එක ගැන අදටත් නෝ කතාය නෝ සිනාය. වැඩියෙන් යන්නේ සාගලගේ නමය. ඒ උනාට වෙච්ච දේවල හැටියට, මේ සෑර්, ජනපති වෙන්නත් පුළුවන්ය, අගමැති වෙන්නත් පුළුවන්ය, සාගල වෙන්නත් පුළුවන්ය, සමහර විට මහින්ද හෝ ඝෝඨා වෙන්නත් පුළුවන්ය. ඒ වගේම අපේ ඇල්ල ළඟ කිරී විකුණන ජෝකරයා කියනවා වාගේ පූජිත කොලුවාට උගන්නපු ඉස්කෝලේ සෑර් කෙනෙක් වෙන්නත් පුළුවන්ය.

අර කිව්වා වාගෙ මහින්දගේ උන් ඇවිල්ලා FCID එකේ පරීක්ෂණ පවත්වන උන් ගල් ගහලා මරලා දානවාට වඩා, ඔය මලදානේ වහලා දැම්මා නම් අහවරය. ඔතනින් පරීක්ෂණ කොරත් ගූ ගොඩක් උන නීතී පති දෙපාර්තමේන්තුව හා අන්ත දූෂිත අධිකරණයෙනුත් ඕවා නවතිනවාය. ඒ නැතත්, හිරේ දැම්මත් උන්ට රජ සැපය. එතන බන්ධනාගාර රෝහලට වෙලා ආතල් එකේ ඉන්නවාය. ගෙදරින් කෑම එනවාය. ලෑම සඳහා එලියටත් යනවා ඇතිය. ආයතන සියල්ලම එකම විකාරයක්ය.

තාජුඩින් කේස් එකට පරිප්පු කන්නේ ලාම්පුව අල්ලපු උන්ය, ගේම දුන් උන් එළියේය. කම්බ හොරුන් බව ඔප්පු වූ, යෝෂිතලා, නාමල්ලා, ජොනීලා, වෙල්ගමලා, මහින්දානන්දලා, බැසිල්ලා පමණක් නොව, ඩේසී ආච්චිලාත් එලියේ ආතල් එකේය. සම හරක් පක්ෂත් හදලා ආන්ඩුවට කෙලින්නත් යනවාය. ප්‍රාදේශිය හොරු, මිනිමරුවෝ, ළමා අපචාරකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, පිම්පියෝ, බඩු ඉස්පොට් කාරයෝ, බාර් කාරයෝ, රස්තියාදුකාරයෝ, හොර ගෑණු, ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොලට කෙලින්න එනවාය. මෙහෙම නාගන්නා ආන්ඩුවක් මේ ලොවේ තියා කිසිම ලෝකයක නැතිවාට සැක නැතිය. 

කුමා ගුණරත්නම් අවුරුද්දක් පරිප්පු කන කොට, විමල් වීරවංශයා අදටත් එලියේය. එයා බේර ගත්තේ අගමැතිය කියලා එයා ප්‍රසිද්ධියේම ප්‍රකාෂ කොරනවාය. එයාගේ කලසන් කෝට් එයාම ගලවලා දානවාය. අපිට කරදරයකුත් ඇත්තේ නැතිය. දැන් තියෙන්නේ, හරි නම් හොරුන්ට උදව් කරනවාට එයා අල්ලලා ඇතුලට දාන එකය. කොහොමත් මොකා නැතත් සිරිසේන උන්නැහේම ඒ දේ කොරන්නත් ඉඩ තියෙනවාය.

අපිට නම්, මේ ගොන් වහන්සේලාට කියන්න තියෙන්නේ හොරු ඇල්ලීම කෙසේ වෙතත් හොරුන්ට කියලා ඇර ගන්නා දිනය නම් පෙනෙන තේක් මානයේය කියලාය. 

මේ වගත් එසේය... 

42 comments:

  1. ///////ස්වාමියා එලියේ ඉඳිද්දි, බල්ලා ඇතුලේ ඉන්නේ කළ හොඳ පස්සෙන් එනවාය කියන කතන්දරේ නිසා වෙන්නත් පුළුවන්ය.///////////

    සහතික ඇත්ත. මේ කරුමයම තමයි පූජිතයා අරන් යන්නෙත්.. බාලසූරියලත් පීචං වුනා, ඉලංගකෝන්ලත් පීචං වුනා. කාලයක් තිස්සේ ඔක්කොම පොනිස්පතිලා පීචංම තමයි. පොනිස්පතිලා විතරක් නෙමේ රටේ නීතී අයියලාත් හෙලුවෙන්. පූජ්‍ය , පූජකයෝ, සිවුර , ලෝගුව, පූන නූල , නිකාබය මේ සේරම හෙලුවෙන්. රටම හෙලුවෙන්. පොඩි එව්වො හෙලුවෙන් ඉන්නේ උන්ට පෙන්නන්න මහා ලොකු ලබ්බක් නැති නිසා. ලැජ්ජයි බං.

    ReplyDelete
    Replies
    1. ලැජ්ජා නම් බිමුන් තියලා හරි සැනසෙන්න පුළුවන්..
      ඒත් පල පැනීම..
      සවුක්කට හොඳ නෑ නේ අප්පා....

      Delete
  2. අප නම් සෝ කෝල්ඩ් යහපාලනේ නොහැකියාව කලින් ම තේරුම් ගෙන සිටියෙමු හිටන්!

    ප.ලි: බැඳුම්කර හොරා අමතක නොකරනු!

    ReplyDelete
    Replies
    1. අපරාදේ කියන්නේ තාම උන්ගේ ගාවටවත් එන්න බෑ හිටන්..

      Delete
    2. //// බැඳුම්කර හොරා අමතක නොකරනු!//////
      බැඳුම්කර හොරා විතරක් නෙමේ...පිරිකර, අටපිරිකර හොරුන්වත් අමතක නොකරමු. පුහුල් හොරුන් කරෙන් නොව, අටපිරිකර, පිරිකර, බැඳුම්කර උරහිසේ සුදෙන්ද පෙනේ.

      කොකාගේ සුද පෙනෙන්නේ යනකොට ඉගිලීලා.......පරණ සින්දුවකුත් තියෙනවා ඔහොම.

      Delete
    3. බැඳුම්කර හොරා විතරක් නෙමේ...පිරිකර, අටපිරිකර හොරුන්වත් අමතක නොකරමු.
      අනේද කියන්නේ අපි එහම කලගුණ අමතක කරන මිනිස්සු නෙමයි

      Delete
  3. අපිට නම්, මේ ගොන් වහන්සේලාට කියන්න තියෙන්නේ හොරු ඇල්ලීම කෙසේ වෙතත් හොරුන්ට කියලා ඇර ගන්නා දිනය නම් පෙනෙන තේක් මානයේය කියලාය. //
    මරු ඕයි!

    ReplyDelete
    Replies
    1. දැන් සිදුවෙන්නේ අරිමින් පැවතීමය. ඇරිය දාට රීබෝරිං බැරිය.

      නිශ්මා...දැකීමත් සතුටක්. දවසක හැබැවින්ම හමුවෙමු. හැබැහින් කිව්වේ බොක්කෙම්ම කියන එකයි.

      Delete
    2. වෙන මක්කා කියන්නද බං... කොහොමෙයි බටරුත් නැතිව අරින කොට..

      අහෝ ෆොන්සේකා....

      Delete
    3. කවුද යකෝ ෆොන්සේකාට බනින කලවැද්දා?

      Delete
  4. කතාව නම් සහතික ඇත්ත. හැබැයි මේ විදියට ගියොත් අර ඩීල්දාස ගොයියා අද හෙටම මාතලන් ලොක්කා අත්අඩංගුවට ගන්ඩ කියලා ඉන්ටර්පෝල් එකෙන් ඉල්ලුවොත් පුදුම වෙන්ඩ දෙයක් නෑ. ඇයි මුන් සේරටම තියෙන්නේ ඇත්ත දිරවන්නේ නැති පිස්සුවනේ. ඒ වගේම ජයලලිතා නෝනගේ පික්චර් බැලුවා කියලා අනුස්මරණ උත්සවයක් තියයිද දන්නෙත් නෑ අපේ රාජ්‍ය නායක තුමා.

    ReplyDelete
    Replies
    1. ඩීල්දාස නම් නාගෙන ඉන්නේ..
      දෙවනියට සඳහන් කළ දේ නම් වෙන්න බැරි දෙයක් නම් නෙමෙයි...

      Delete
    2. ////ජයලලිතා නෝනගේ පික්චර් බැලුවා කියලා අනුස්මරණ උත්සවයක් තියයිද දන්නෙත් නෑ අපේ රාජ්‍ය නායක තුමා.//////////
      නැහැ තිස්ස ඒක නෙමේ පුදුමේ. අපේ මෝඩ හුකන්නලා ඇයි තාම රතිඤ්ඤා පත්තු නොකෙරුවේ කියලා. ඒකත් කරයි. අසල්වැසි ප්‍රේමය.

      Delete
  5. ////ඕනාවට වඩා මොලේ වැඩි උනාමත් කෙලින්නේ පිස්සුමය. ඔය ජී ඇල්ලාට, නලීන් ද සිල්වලාට ඉතරක් නොව බාහුලාට වෙලා තියෙන්නේත් එකමය.//// මේක ගැන තව ගොඩක් සීන් තියෙනව නොවැ පොස්ට් 10ක් වුනත් ලිව්ව හැකි

    ReplyDelete
    Replies
    1. ඉතින් ලියන්නකෝ අනේ...

      Delete
  6. ////ජයලලිතා නෝනගේ පික්චර් බැලුවා කියලා අනුස්මරණ උත්සවයක් තියයිද දන්නෙත් නෑ අපේ රාජ්‍ය නායක තුමා.//////////
    නැහැ තිස්ස ඒක නෙමේ පුදුමේ. අපේ මෝඩ හුකන්නලා ඇයි තාම රතිඤ්ඤා පත්තු නොකෙරුවේ කියලා. ඒකත් කරයි. අසල්වැසි ප්‍රේමය.

    ReplyDelete
    Replies
    1. මහින්ද හිටියා නම් ඒ දේ වෙනවා... තිරිසන් ගති පොඩ්ඩක් කොන්ට්‍රෝල් යහපාලනයෙන්...

      Delete
  7. \|...දැන් උන්නැහේ රට කරවීම පැත්තකට තබා කොරන්නේ, තමන් බලයට ගෙනා යූ ඇන් පී කාරයන්ට කෙලවන්නේ කෙසේද කියා ගේම් ගහනා එකය. ..//

    සැදැහැවත් පින්වතුනි..!! යහපාලනයට කැපවූ අප මයිත්‍රී නම් බෝසතුන්ගේ ජාතකය නිමවීමට පෙර දෙන්න හොඳ අත්පොලසන් නාදයක්..!!

    මීලගට වේදිකාවට සම්ප්‍රාප්ත වන්නේ පොහොට්ටුව සමග හෙලු .... වැල්ලේ....න්...!!

    සාදු සාදු සා...!! 🤘👏😇..

    ප..ලි

    දැන් නං මාතේ මචෝ උබේ ස්ටයිල් එක අස්සෙන් "සා රස" ඇක්සන්ට් එක මතු වෙනව හිටං 😂😂

    ReplyDelete
    Replies
    1. හුටා... මළ කෙලියක් වෙන්නේ... ඉක්මනටම හදා ගන්න ඕන දෙයක්...

      Delete
    2. ඔව් ඔව් බං. නැත්නම් රට්ටු කථා හදයි අපෙ මහාචාර්ය ඇති උතුම් මැල්කම් මාතලන් බොස් ට හිටං 😜

      Delete
  8. නලින් ද සිල්වා පිස්සු කෙලීම ගැන පොස්ටුවක් දමන්නකො ලොක්කා මාර ආතල් එකක්නෙ එයා දෙනනේ //නවීන විද්‍යාව බොරැවක්ය//

    ReplyDelete
    Replies
    1. ඕකට මරු උත්තරයක් තියෙනවා හොයලා දාන්නම්..

      මම හිතන්නේ මළ පෙරේතයෙක් වැහිලා...

      Delete
    2. ඒ මහත්තයා කියන්නේ මේකයි.
      ප්‍රියන්ත හේවගේ යනු බොරුවක්.
      ඒකීය පුද්ගලයා යනු පට්ට බොරුවක්.
      ජනතාව යනු පට්ටපල් ‍බොරුවක්.
      තේරුනෙයි.

      Delete
  9. "සභාවක් අමතද්දි ෆෝන් වලට ආන්සර් කරන්න, ඒ යකා ගොනෙක් වෙන්න ඕනාය. මේ එහෙම කරපු දෙවන අවස්ථාවය. එයා හිතන්නේ ඒක ලොකු කම්ක් කියලා වෙන්න පුළුවන්ය. ඒත් ඉතින්, වැදගත් කර්යබහුල මිනිසුන්ගේ ෆෝන් එක තියෙන්නේ තමන්ගේ අතේ නෙමේය. බඩි ළඟ හෝ සැක්‍රටරි කෙනෙක් ළඟය. මුන්නැහේ එහෙම නොදෙන්නේ, හොර කේස් අරවා මේවා තියෙන නිසාදෝ කියා කියන්න දන්නේත් උන්නැහේමය."
    Maratha, if u clearly see that video you can see that somebody is giving him the phone telling who is calling. One should know the consequences if he does not answer call of a big boss who can decide on ones job. He cannot say , I am at a meeting because then the man at the other see it as arrogant and it will become more troublesome for him. You can see him coming down from the stage to answer. He does not realise that he could be heard because he is under very much pressure as I see. Those who are at higher positions cannot survive or nobody , however much educated or talented he is , cannot go up unless he bends his backbone under current politician dependent system. It's happening to all of us. It has been happening everywhere, not only in police dept. You take a campus, can you get a degree if u argue with the lecturer? You may be 100% right in your argument, but if u want to succeed/survive & get the MBA you must obey or keep quite. One must put an end to this system. What Pujith did knowingly or unknowingly is correct. That incident helped open our eyes. Nobody is critical of the system(Sir ) but everybody is criticising the poor victim. Maatha , what's your openion?

    ReplyDelete
    Replies
    1. ප්‍රොටොකෝල් අවුල් ඇනෝ. ඒකයි මේ අවුල්වල මූලික හේතුව.

      Delete
    2. ඒකම තමයි මම කිව්වේ පොලිස්පතිත් ගලවලා අනික් අයගෙත් ගැලෙව්වා කියලා... සමහර විට මේක ළෝකෙටම පෙන්වන්න කළා වෙන්නත් පුළුවන්.. නමුත් එක දෙයක් තියෙනවා... ඕක හදන්නත් පුළුවන් පෑගෙන එකාට විතරයි... ඔහොම නැමෙන්න ගියාම වෙන්නේ තලන එකා උඩ පැන පැන තලන එකයි..

      Delete
  10. පුජිත ගැන මම අහලා තිබුනේ මත් ද්‍රව්‍ය නිවාරන කර්යන්ස්යේ ලොක්කා වෙලා ඉන්න කාලේ හෙරොයින් අල්ලන්න එයාටම ආවේනික උන ක්‍රමයක් තිබුන, කාටවත් නැමෙන්නේ නැති බය නැති සුපිරි වැඩ කරුවෙක් විදිහට ..පොර පොලිසියේ ලොක්කා වෙනකොට මමනම් හෙන කැමැත්තෙන් හිටියේ හෙරොයින් මේ රටෙන් අතුගලම දායි කියලා ..එත් හිතපු තරම් දෙයක් උනේ නැහැ

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද බං.... දැන් ඉස්සරටත් වඩා බඩු තියෙනවා හෝල් සේල් ගන්නත්... ඒකෙන්ම පේනවා මෙයාගේ වැඩ... ගොට්ට අල්ලලා ගත්ත පට්ටම්.. සුදුසු කමට ලද දේ නෙමෙයි...

      Delete
  11. සභාවක් අමතද්දි ෆෝන් වලට ආන්සර් කරන්න, ඒ යකා ගොනෙක් වෙන්න ඕනාය. ///// වරක් ඒඩ්ස් ගැන කොන්ෆරන්ස් එකකදී සුප්‍රකට විසේසඥයෙක් ප්‍රසන්්ට්‍ෂන් එක කරන ගමන් ආපු කෝල් එකකට 200 විතර ඉදිරිපිට මයික් එකෙන් මෙහෙම කියනවා; හා හර් හරි මම එනකොට ගෑස් එක ගේන්නම් .... බෑ බෑ ඔයා එ්ක ගේන්න , අද ළමයා ගන්න යනකොටත් පරක්කු වෙයි.... අනේ මම කිව්වනේ මට බෑ මම ලෙක්චර් එකක .

    ReplyDelete
  12. පූජිත ලොක්කා මේ කොල් එකට ආන්සර් කලේ ඔනේ කමින්මයි. තමන්ට නිදහසේ පොලිස්පති කම කොරන්න දෙන්නේ නැතිබව ලෝකෙටම පෙන්නුවා වෙන්න පුළුවන්. සිංහ සෙයියාවෙන් හිටපු කොයි වැඩකාරයත් ඔය පුටුවට ආවම දේශපාලුවන්ගේ සුරතල් බළල් පැටව් ගානට වැටෙනවා. නැත්නම් දේශපාලුවන්ගේ කක්කා කේස්වලට අත දලා හත්පලේ ගූ ගාගන්නවා.

    මේ ආන්ඩුවෙන් අල්ලපු හොරෙක් නැත. කරපු දෙයකුත් නැත. දේශපාලුවන් හිරේ දැම්මත් උන්ට එතන බන්ධනාගාර රෝහලේ රජ සැපය. ගෙදරින් එන කෑම කා ආතල් එකේ ඉන්නවාය.

    මේ රටේ මිනිස්සු හිටං තනිකර කෙලින්නේ පිස්සු.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු නම් පිස්සෝ නෙමෙයි.... මිනිස්සු හම තිස්සෙම වෙනස කරනවා... ඒත් එහෙම එන උන්ට නම් පිස්සු....

      Delete
  13. එක මහත්තයෙක් රැස්වීමක් රැස්වීමක් ගානේ ගිහින් “මමත් එහෙමයි. රැහේ එකෙක් කියනවා“. අනෙක් මහත්තයා මාස දෙක තුනකට සැරයක් ආර්ථික සංවර්ධනයට විශේෂ ප්‍රකාශ කරනවා. විශේෂ සැලැස්මවල් ඉදිරිපත් කරනවා. ඊට අමතරව ඇදගෙන නාන තමන්ගේ ගෝලයෝ ටික බේරගන්න ප්‍රකාශ ඉදිරිපත් කරනවා. රට එතනම නැවතිලා. ආණ්ඩුව නිව්ස්වලින් දුවනවා.

    ReplyDelete
    Replies
    1. ඒ අස්සේ කෑ ගහනවා පත්තරේ මුල්පිටුවේ සංවර්ධන පුවත් නෑ කියලා...

      වෙන මොනවා දාන්නද මුන්ගේ ගොන් කතා ඇරුනම....

      Delete
  14. අන්න බං ලිත් ද මොකක්ද මගුල් ප්‍රින්ට් කල කේස් එකේ නඩුවත් ඉල්ලා අස්කරගෙනලු. මේ යන විදිහට මයිත්‍රී මහත්තයත් ඒකාබද්ද විපක්ෂෙට එක්වුණා කියල ආරංචි උනත් වෝන්ට් බී සප්‍රයිස් 😜

    ReplyDelete
    Replies
    1. Onna illala askaragatthu naduwa ayeth daalau

      Delete
    2. නීතී පති දෙපාර්තමේන්තුව අංගොඩ ඉස්තාපනය කලා නම් හරි...

      Delete
  15. පොලිෂ්පති තුමා තොරතුරු දැනගැනීමේ පනත ප්‍රැක්ටිකලි ටෙස්ට් කරාදා මන්දා...

    ReplyDelete
    Replies
    1. ඇම්මපා හැබෑව...

      Delete
    2. හ්ම් .. ගොඩාක් දේවල් වලට මාත් Agreed.

      -SAM

      Delete
  16. ලංකාවේ ජීවත්වන මිනිසුන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කල හැකිය. ඒ ධනය, බලය ඇති පිරිස සහ සාමාන්‍ය මිනිසුන්ය. අපි බොහෝ දෙනෙක් අයිති වන්නේ ඔය දෙවන කොටසටය. එනම් කාටවත් හිරිහැරයක් නොකර රස්සාවක් කර එදා වේල හම්බුකරගෙන තම දරු පවුල රැකගෙන ජීවත්වන්නට මහන්සිවන පිරිසය. ඔය රටේ සියලු අසාධාරනකම්, නීති රීති, බදු බර බලපාන්නේ ඔය පිරිසටමය. එහෙත් පළමු කණ්ඩායමට පක්ෂ තොරව තම හිතුමතයට ඔය සමාජයේ කටයුතු පාලනය කල හැකිය. මීට අවුරුදු පහළොවකට පමණ පෙර මා ඔය රටින් පිටවුනේ ඔන්න ඔය හේතුව නිසාමය. මගේ ඒ තීරණය ගැන අද මා බොහෝ සතුටුවන්නෙමි. අවුරුදු පහළොවකට පසුත් සිදුවන්නේ එදා සිදුවූ සමාජ අසාධාරණයම මිස වෙන කුමක්ද?

    ReplyDelete
    Replies
    1. කිසිම වෙනසක් නැත. පනපිටින් දිවිය ලෝකයට ගොස් නවත් පැමිනීම ගැන අනේක වාරයක් දුක් වෙමි...

      පවට පින් දිය නොහැක...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න