.

.

Jan 16, 2017

යා දෙක නොරත රත(න) හා ෆීල්ඩ් මාර්සොල් වීරකුමාර දිසානායක



යහපාලනය ගෙන ඒමේ පුරෝගාමි මෙහෙවරක් කොරාපු, රතන හාන්දුරුවෝ ඊයේ ආන්ඩුවෙන් එළියට වැඩලා ස්වාධීනව ඉන්නවැයි කියලා කිව්වාය. හැබයි ඉතින් මේ අම්මට සිරි ලංකාව කියන රටේ, ස්වාධීන කියන වචනේ නිර්වචනය වෙන්නේ කොහොමද කියන එක හිතා ගන්න අමාරූ, ස්වාධීන රූපවාහිනියයි, ස්වාධීන පත්තර සමාගමුයි දැක්කමය. උන්ටත් අවුල්ම වගේ තේරෙන නිසාද කොහෙදෝ, ඔය සුවාධීන රූපවාහිනියට, පවුලේ නාලිකාවෙයි කියලත් කියනවාය. ඒ නිසා රතන හාන්දුරුවන්ගේ ස්වාධීනේ මොන ජාතියේ එකක්ද කියලා බලාගන්න වෙන්නේ අනාගතේදීය.

උන් වහන්සෙගේ ස්වාධීනේ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවාය. උන්නාන්සේ මේ සැරේ ගවමඩුවට වඩින්නේ, එජාපේ ජාතික ලැයිස්තුවෙන්ය. මේවා එජාපේ උන්ගේ සිත් පාරපු ඒවා උනත්, කුමටද කුසලට කම්මැලි වන්නේ කියලා ඒ පුන්‍යකර්මයට කොක්ක අදින්නේ නැතිව ඉන්න ඇතිය. අනික ඉතින් ඒ කාළේ තිබුනේ අමුතුම වාතාවරණයක් නිසා, හැම එකාටම අකමැත්තෙන් උනත් මේන් ටාගර්ට් එකට යන්නට උනේය.

එජාපයේ ප්‍රතිපත්තිත් බල්ලට දාලා, එහේ මෙහේ උන්න හෙන සෙට් එකක් ගවමඩුවට රිංග ගන්නේ ඒ චෑන්ස් එකෙන්ය. අපරාදේ කියන්නේ එහෙම පැනගත්ත උන්ගේ කෙලෙහි ගුණ නම් මේ වෙලාවේ දෝරේ ගලමින් තියෙනවා කියන්නේ ආයිබෝවන්ඩ, කට දෙපැත්තෙන් බේරෙනවාත් එක්කය. අහක යන නයි කලිසම අස්සේ දාගත්තට, රනිල් ලොක්ක දැන් දුක් වෙනවත් ඇතිය. ඒකෙන් උනේ රෝසිලා වගේ උපන් ගෙයි හූ ඇන් පී කාරයන්ට කෙලවෙන එකය.

රතන හාන්දුර්වෝ කරන්න තිබුනේ සුවාදීන වෙන එක නෙමේය. පාර්ලිමේන්තුවෙන්ම එලියට වඩිනා එකය. පාර්ලිමේන්තුවේ උන්නා කියා ලැබෙන්නේ එක ලක්සිරි වෙහිකල් එක උනාට, එලියේ වැඩ හිට් උන්, ලක්සිරි ඒවා හය හතකම වැඩලා තියෙනවාය. අද උන්නාන්සේලාට එහෙම දාන පාරමිතා පුරන ඇමතිලා නැති නිසා, දැන් ඉන්න උන්ගේ අම්මලා මතක් කොරලා පින් දෙනවාය. එහෙම සුවීප් එකක් ඇදිච්ච නැන්දා කෙනෙක් FCID එක ඉස්සරහට ඇවිත්, එයාගේ උතුම් පුතාට කරපු දේට, මේ ආන්ඩුවෙ හුත්තිගේ පුතාලාට හෙනත් ඉල්ලලා ගියේය.

වස විස නැති හෙටට කෙල උනත්, හාන්දුරුවන්ට පනසල් වල ඉඳන් ලෝකෝත්තර සේවේ කොරගන්න ඉඩ දෙනවා මිසක්, ගවගාලට වැඩ ලෝකයෝ වෙන්නේ ඉඩ නොදෙන්න හැම එකාම හිතා ගන්නවා නම් බොහෝම හොඳය. මොකෝ අවුරුදු 2500 ට එහා තියරියක් ඇඟේ ඔතාගෙන යන සෙට් එකක්, වත්මන් ලෝකයට කිසි සේත්ම ගැලපෙන්නේ නැති නිසාය. එයාලාට ඕනම නම්, පාරත්  වහගෙන එන්නා එකේ, ඔය දළදාව වටේ, වතිකානුව වගේ වෙනම පාලනයක් සහිත රාජ්ජයක් දුන්නාම අහවරය.

ඒ අවු අස්සේ රනිල්ට ජම්පර් අන්දන්න බලාගෙන ඉන්නා වීරකුමාර දිසානායකත් ඇල් ටී ටී ඊ එකට ගේම දෙන එකේ ප්‍රමුඛ කාර්යබාරයක් කොරලා තියෙනවා කියා දැන ගත්තේ, ඊයේ උන්නැහේ FCID එකට ආපු වෙලාවේය. එයාට විමල් වීරවංශ දන් දීපූ වාහනේ එයා අවභාවිතා කරලා තියෙන්නේ, යුද්දේ ඉවර කරන්නය. සමහර විට මෙයා ඒ වෙහිකල් එකෙන් ගිහින් ගරිල්ලා ගේමක් දෙන්නත් ඇතිය.

මේවන් වීර කුමාරයන් ගැන කරුණු සඟවා සිටිනා එක බොහෝම වැරදිය. ඒ පිළිබඳ මේ කුමාරවරුන්, කමල් ගුණරත්න වගේ පොත් ලියන්නේ නැතිනම් ආරක්ෂක අමාත්තියන්සෙන් හෝ මෙවන් රණවුරුවන්ගේ කෙරුවාව රට හෙලි කල යුතුය. අනෙක ප්‍රාඩෝ වලින් යුද්ධ කරන්න පුළුවන් කම තිබියදි, ඒ වෙනුවට කෆීර් හා මල්ටි බැරල් රෝකට් ලෝන්චර් ගෙනත් ජාතික ධනය ගසා කෑම ගැන වහාම පරීක්ෂණ ආරම්බ කළ යුතුය.

එපමණක් නොව, මේවන් විරුවන් තවත් ඇත්දැයි සොයා බලා, එළඹෙන නිදහස් දින උළෙලේදීවත්, මඟුල් මඩුවේදි උස්සවයක් සංවිධානය කොට, මඟුල් ඇතුන් පිට නංවා, විසේස පෙරහරෙන් වඩම්මවා,  මැණික් එබ්බු රනින් කල සන්නස් පිලිගන්වා  ෆීල්ඩ් මාසොල් තනතුරෙන් පුදනා එක ආන්ඩුවේ යුතුකම්ය.

බලාගෙන ගියාම යුද්දේ ඉවර කලා කියා, වෙල් විදානේලා, ඝෝඨලා, මහින්දලා, කමල් ගුණරත්නලා, නේවී කොමාන්ඩර්ලා කියන්නේ අමු කෙප්පය. ගේම දීලා තියෙන්නේ, වීරකුමාරලා, බෙංගමුවේ ආලවකලා හා ඉත්තෑවෝය.

ඒ වගත් මෙසේය....


රතන
******
ඊයේ එතන
අද මෙතන
හෙට අතන
හිමි රතන
-x-

38 comments:

  1. "එයාගේ උතුම් පුතාට කරපු දේට, මේ ආන්ඩුවෙ හුත්තිගේ පුතාලාට හෙනත් ඉල්ලලා ගියේය"
    කරුණාකර මේ වීඩියො එකේ එකක් දමන්න, පිං අයිති වෙයි

    ReplyDelete
  2. ඒ මේක ද
    වීරවංශගේ නැන්දා විමල් නැති දුකෙන් වැළපෙයි.(Video)

    අපොයි හඬනවා හිමියනි යසෝධරා !!!!!!!

    ReplyDelete
  3. උන්නාන්සේලාට මක්කවත් කියන්න එපා හිටං
    ඔය ඇවිල්ලා වාරියපොල හාමුදුරුවන් ගෙ පරම්පරාවලු නෙව ආයිබංඩ

    වැඩේකියන්නෙ වාරියපොල උන්නාන්සෙගෙ නමත් විකුණ විකුණ හත් පොලේම ගොම ගාගන්න එක නෙ

    නිකංය කියන්නෙ නැට්ටෙ ඉදං ගොම කියල.

    රනිල්ට ඕන කම තිබ්බෙ හරක් ගාල ට ගිහිං මහ ගොනෙක් වෙන්න විතරයි. ඒත් ඉතිං උන්නැහේ එළ හරක් ගාලට ගත්තෙ මී හරක්. ඒකයි වැරදුනේ

    ReplyDelete
    Replies
    1. මක්කා කොරන්නෙයි.... උන්න හැටියට මළා මදැයි කිව්වලු හිටන්...

      Delete
  4. උන්නාන්සේලාට මක්කවත් කියන්න එපා හිටං
    ඔය ඇවිල්ලා වාරියපොල හාමුදුරුවන් ගෙ පරම්පරාවලු නෙව ආයිබංඩ

    වැඩේකියන්නෙ වාරියපොල උන්නාන්සෙගෙ නමත් විකුණ විකුණ හත් පොලේම ගොම ගාගන්න එක නෙ

    නිකංය කියන්නෙ නැට්ටෙ ඉදං ගොම කියල.

    රනිල්ට ඕන කම තිබ්බෙ හරක් ගාල ට ගිහිං මහ ගොනෙක් වෙන්න විතරයි. ඒත් ඉතිං උන්නැහේ එළ හරක් ගාලට ගත්තෙ මී හරක්. ඒකයි වැරදුනේ

    ReplyDelete
  5. බැඳුම්කරේ අමතක නොකරමු!
    අයවැය ඉදිරිපත් කරනු!

    ReplyDelete
    Replies
    1. බැඳුමකරේ අමත නොකෙරේ..

      ඒ බජට් එක ඉල්ලනවා නම්, උඹලයි ගෙදර බජට් එකත් පබිලිස් කොරන්න වෙයි....

      Delete
    2. // ඒ බජට් එක ඉල්ලනවා නම්, උඹලයි ගෙදර බජට් එකත් පබිලිස් කොරන්න වෙයි.... //

      :D

      Delete
  6. රතන හාමුදුරුවෝ මොන තරම් ස්වාධීනද කිව්වොත් හෙළ උරුමයෙන් අයින් උනා කියන්න බැරි තරමට ස්වාධීනය. උජුපටිපන්නො භගවතෝ සාවක සංඝෝ.....

    ReplyDelete
    Replies
    1. රතන සූත්තරේ තෙවරක් සජ්ජායනා කොරනු...

      Delete
  7. මෙවැනි රණවිරුවන් විසින් වාහන අව භාවිතාව යයි හැඳින්වීම වචන අව භාවිතාවක් වේ. මේවා වීර භාවිතාය.
    (බුලට් පෲෆ් එකෙන්ද ගිහිල්ලද යුද්ධෙ ඉවර කරල තියෙන්නෙ?)

    ReplyDelete
    Replies
    1. ආමර්ඩ් කාර්ස්ද දන්නෙ නෑ දීලා තිබ්බේ...

      Delete
    2. ප්‍රා ජේ ට එරෙහිව සත්‍යග්‍රහය අද කොටුවේදී :D

      Delete

  8. හිමි රතන
    හෙට කොතන
    දැන් මෙතන
    අපිද අමන

    ReplyDelete
    Replies
    1. හෙට කොතන
      කොටකෙතන

      Delete
    2. අමන
      රතන
      තන
      කන

      Delete
    3. ඔක්කොම න යන්නෙන් ඉවරකරලා තියෙන නිසා මමත්"නන්නානේ නා නා" කියලා ලියන්නම්.

      Delete
  9. yakoo Ranila and gang ekabanku kola kawe rathanayata pin sidda wenna umbala maha guna maku jara set ekak

    ReplyDelete
    Replies
    1. රතනේ පින් දෙන්න ඕන රනිල්ලට මෙහෙම ආතල් ගන්න දෙනවට...

      Delete
  10. නරි බුරති...බල්ලෝ හූ කියති.

    හක්ගෙඩි වගේද සැක්සෆෝන්.

    පෙර වැරදි...අද වැරදි සහ හෙට වැරදි...
    රතන තැන ඔතන නැත.
    ඔතන නැත රතන නැත.

    සංතුෂ්ඨි පරමං ධනං නෙමේ ලොක්කා...ධනං සංතුෂ්ඨි පරමං. අපි නොදන්න රතන තෙරො..සාදු .සාදු. හෙට මරාගේ ඔඩොක්කුවේ හිටියොත් පුදුමයක් නොවේ. වැඩ රාත්තලෙන් කිව්වුට අවුන්සත් නැහැ. මේ වෙනම ඩීල් එකක්. රනිලයා දන්නවා ඇති පිරිකර තියෙන්නේ බුදු මැදුරෙද, සිටු මැදුරෙද කියලා. හොර හැත්ත.

    ReplyDelete
    Replies
    1. /////රනිලයා දන්නවා ඇති පිරිකර තියෙන්නේ බුදු මැදුරෙද, සිටු මැදුරෙද කියලා. හොර හැත්ත.//////
      ඔතනට මහින්දයා කියන එකත් එකතුවිය යුතුය.

      Delete
    2. ///ඔතන නැත රතන නැත.////
      මෙය "ඔතන තැන රතන නැත" කියා හදාගමි.

      Delete
    3. යන යන තැන රතන, රතන.

      Delete
    4. කොහොමට තියේද සෝභිතත් වැඩ්ඩා නම්...

      Delete
  11. රතන පහුගිය කලේ කැලෑ වැදිලා කරපු වස විශ නැති සංග්‍රාමය පුස්සක් බව ගොය්යෝම කියන්න පටන් අරගෙන නිසා වනවාසය අතෑරලා බත්තර මුල්ල අසපුවේ වස් සමාදන් වෙන්න දෝ කොහෙද යන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකෙන් චොර වෙලා ගියා ඉතරක් නෙමෙයි .. ලොක්කත් ගොනා කළා...

      Delete
  12. මම පුත්තලම් දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී ( Focal Point in Mental Health ) ලෙස සේවය කල කාලයේ 2008 විතර රතන භික්‍ෂුව පුත්තලම් නගරයේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට මාවත් කැඳවලා තිබ්බා. එහිදී මම කිව්වා මාදම්පේ සේනානායක පාසල ආසන්නයේ ක්‍රීඩා පිටියක ලයන් බියර් ලොකු බිල් බෝඩ් එකක් නීති විරෝධීව අටවලා තියනවා කියලා. එහිදී රතන මහතා එය වහාම ඉවත් කරන බවට කිව්වා. නමුත් මම පුත්තලම් දිස්ත්‍රිකයෙන් එන තෙක් ඒ බිල් බෝඩ් එක එතන.
    රතනලා සම්බන්ධයෙන් මට තේරුම් ගිය කරුණ නම් මොවුන් සමාජ ප්‍රශ්න යොදා ගන්නේ ඒවා ඉන්වෙස්ට් කර දේශපාලනමය වශයෙන් බැබලෙන්නට මිසක් සමාජ ප්‍රශ්න විසඳීමේ අවංක අභිලාශයකින් නොවන බව

    ReplyDelete
    Replies
    1. පලයන් ඩෝ.. සිංහයා කියන්නේ ජාතියේ අනන්නතාව. ඒක අහක් කරල කෝමද?

      Delete
    2. අර උඩ එකා කියලා තියෙනවා වගේ එහෙම සීන් එකක් වෙන්ටෑ.. රුවන්ලත් මාර ගේම් දෙන්න යන්නේ.. ඊට පස්සෙ කියයි කොඩියේ සිංහයත් අයින් කරන්නෙයි කියලා...

      Delete
  13. ලංකාවේ දේසපාලනේ ගැන කොච්චර කතාකරත් ඔච්චර තමා බන්..මට රතනට වඩා ඉන්ට්‍රෙස්ට් උඹ "ස්වාදීන " කියන වචනෙට දීපු අර්ථකථනය තියන චේදයට... නැවතිල්ලේ සිතියයුතු දෙයක්.. ස්වාදීන කියන වචනය ගැන සිංහල භාෂාව ඇතුලේ වෙනම සාකච්චාකළයුතුයි කියල මට හිතුන.. මම හිතන්නේ ස්වාදීන කියන වචනය ඒ තිබ්බ තැනින් අයින් කරලා ඒ තිබ්බ තැනට වෙනම වචනයක් ආදේශ කල යුතුයි කියලයි.. සිංහල භාෂාව ගැන පරියේෂණ කරන උදවියගේ අවධානයට ලක්වියයුතු කාරනාවක් මේක..

    ReplyDelete
    Replies
    1. නිකමට හින්ගල ඩික්ෂනරිය අරගෙන බලහන් ගොඩාක් වච්නවලට දීලා තියෙන තේරුම සම්පූර්ණයෙන්ම වැරදියි... දැන් බලහන් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක...

      Delete
    2. හරි වචනෙ ප්‍රජාචන්ත්‍රවාදය නේද? මම හිතුවා.

      Delete
    3. අම්මපා හැබෑව...

      Delete
  14. ඔබ හිතන
    මා පතන
    රට කොතන
    නෑ එතැන

    හිම රතන !!

    ReplyDelete
    Replies
    1. එතනට එක පාරට යන්න බෑ සෑම්... කොම්පැනියක් උනත් පටන් ගත්ත ගමන් ප්‍රොෆිට් එන්නේ නෑ.. අනික කාබාසිනියා කරපු කොම්පැනියක් එහෙම ලේසියෙන් ගොඩ දාන්නත් බෑ. ජේ ආර් පප්පාටත් අවුරුදු 3-4 ක් ගියා රට ගොඩ දාන්න.. නමුත් ජේ ආර් එයිට කලින් විපක්ෂය මැඩලුවා. මෙයාලට ඒක කොර ගන්න බෑ..

      Delete
  15. //ඒ අවු අස්සේ රනිල්ට ජම්පර් අන්දන්න බලාගෙන ඉන්නා වීරකුමාර දිසානායකත් ඇල් ටී ටී ඊ එකට ගේම දෙන එකේ ප්‍රමුඛ කාර්යබාරයක් කොරලා තියෙනවා කියා දැන ගත්තේ, ඊයේ උන්නැහේ FCID එකට ආපු වෙලාවේය. එයාට විමල් වීරවංශ දන් දීපූ වාහනේ එයා අවභාවිතා කරලා තියෙන්නේ, යුද්දේ ඉවර කරන්නය. සමහර විට මෙයා ඒ වෙහිකල් එකෙන් ගිහින් ගරිල්ලා ගේමක් දෙන්නත් ඇතිය.// ඇත්තද බං. ??

    අර අන්තිම හයිකු වගේ හබරල කයිය නම් මරු.
    අතන රතන

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න