.

.

May 29, 2017

ඟං වතුර ඩිසාස්ටර් මැනේජ්මන්ට් ඉන් මාතලන්ස් වේ - Disaster Management in Maathalan's way




වැස්ස වහින එක සිරිසේනටවත්, රනිල්ට තියා මහින්දටවත් නවත්තන්න බැරිය. ඒ වාගේම 2020 ආන්ඩුවක් පිහිටුවන්න සිටිනා රතු තරුව බලකා බලගනයේ නායක අනුර කුමාරයාටත් බැරිය. ඒ තියා නිර්මාල්ට මෙන්ම වෛද්‍ය සංගමයටත් බැරිය. වහින්නේ නැතෙයි කියා හංදියක් ගානේ කන පැලෙන්න පීකර් දාගෙන පිරිත් කියපු නිසා, වැස්ස වලාහක දෙයියන්ට මළ පැනලා, ඉඳා කාලා වරෙන් කියා පුක නැති වෙන්නම දෙන එක දෙනවාය. 

එහෙම පුක නැතිවෙන්න දීලා 100 ක් දෙසීයක් මැරුණායින් පස්සේ සංඛ්‍යා ලේඛන ජනතාවට දීම සඳහා අමාත්තියන්ස හා දෙපාර්තමේන්තු කීපයක්ද පියිටුවලා තියෙනවාය. ඒවා හැඬල් කොරන්න ඩිසාස්ටර් මැනෙජ්මන්ට් සැන්ටර් කියා එකකුත්, මිනිස්ට්‍රියකුත් තියෙනවාය. ඒකේ ඇමතියාත් ඟං වතුරේ ගහගෙන ගොහින්ද කොහේදය. ඉතින් දන්න කියන අය, යා පකෝ යා පකෝ කියා එතුමා සොයනවාය.

අර සංඛ්‍යා ලේඛන සපයන එක දෙපාර්තමේන්තුවල් වන්නේ කාළගුණ විජ්ජා දෙපාර්තමේන්තුවය. එයාලා බෙලෙක්ක වගයක් තියාගෙන, අතෙන්ට මිලි මීටර මෙච්චරක් වැස්සාය, මෙතෙන්ට මිලි මීටර මෙච්චරක් වැස්සාය. ඒක බලාපොරොත්තු මට්ටමට වැඩි වෙලා බෙලෙක්කෙත් ගහගෙන ගියාය කියා ඉතා වැදගත් රාජකාරියක් කොරනවාය. ඔය ගොන්නුන්ට ගෙනත් දුන කෝටි ගානක් වටිනා රේඩාර් යනතරේ ගොන්ගල කන්දේ හයි කොරන්න ගිහින් කන්දෙන් පහලට ඩෝය්යා වෙලා ආයෙත් ගෙනාපු රටට රෙපයාර් එකට ඇරලාය. එතකොය කොමිස් ඩබල් වෙනවාය. 

ත්ව මොකක්ද රෙද්දේ දෙපාර්තමේන්තුවකින් හිරිකඩක් එනකොටම කඳු අවට ඉන්න අයට ඉවත් වෙන්නෙයි කියනවාය. ඒ නාය යන නිසාය. මට දුක මේ කාළකන්නි වේසිගේපුතාලා ඉන්න දෙපාර්තමේන්තුව හෝ මොකක් හෝ බඩකඩුත්තුව නාය යන කන්දක් පාමුල නොතිබ්බ එකය.

ඔය හැම කාළකන්නියාටම තව ටික දවසකින් වතුර බැහැලා ගියයින් පස්සේ ඔය ඔක්කෝම අමතක වෙනවාය. ලැබුනු සහනාධාර පරම්පරා ගානකට ඇති නිසා, කතරගම ගොහිල්ලා අනේ ආයෙත් එහෙම එකක් වරෙන් කියා බාර හාර වෙනවාය. ඉතින් කතරෙත් වැස්ස වලාහකට මැසේජ් එක දීලා රත්නපුරේ සමන්ටත් එක්කම නැති වෙන්නම  දෙනවාය. ඒ අතරේ ගං වතුර ඩිසාස්ටර් මැනෙජ්මන්ට් අයයි අනෙක් අයයි ඔක්කෝම වතුර හුවමාරුවේ යෙදෙනවාය. 

මේ කාළකන්නින්ට ඕවාට සොලියුසොන් ඇත්තේ නැති නිසා, ජාතිමාමක, දේසහිතයිසි බව්මික අන්ඩවාත පොරක් වන මාතලන්වත් මේ සඳහා සොලියුසොන් එකක් දෙන්න ඕනෙයි කියා සිතුවාය. එහෙම හිතලා අහසෙන් වැටෙන එක වතුර බින්දුවක්කත් මුහුදට යන්න දෙන්න එපැයි කියාපු උන්නැහේ හොයාගෙන පිටත් උනාය. මොකෝ මේ කාළකන්නි, මෝය කටවල් හාර හාරා ඔක්කෝම ටික මුහුදුට දමනා නිසාය.

මාතලන් උන්නැහේ හම්බ වෙන්න යන කොටත් උන්නැහේ ගස්ලබු කකා ආතල් එකේ ඉන්න අතරේ කින්ඩියට වගේ හිනා උනේය. මොකෝ මාතේ වෙලා තියෙන්නේ කියා විමසු කළ මාතලන් කීව්වේ කියලා වැඩක් නෑ සජතුමනි වෙන්න තියෙන ඔක්කෝම දැන් වෙනවාය කියලාය. මම මේ ආවේ ඔබ තුමා ඒ කාළේ මේවා කළේ කාට කොන්ට්‍රැක් දීලාද කියලා බලාගෙන ඒ ගැන රනිල් ලොක්කට කියන්නෙයි කියලාය කිව්වාම, උන්නැහේ කිව්වේ, ආ ඒකත් ඇත්තනේ දැන් පරාක්‍රම එයානේ කියලාය.

එකනේ බලන්නකෝ අදටත් වාහන දෙකක් මාරු වෙන්න ඔබ තුමාගේ සමුද්‍රේ වේල්ල බැඳලා තිබුනට, අපේ ගමේ තියෙන ගිං ගඟේ වේල්ලේ ත්‍රී වීල් දෙකක්කත් මාරු වෙන්න බෑ නේ කියා කිව්වාම උන්නැහේ කීවේ අපි අනාගතේ ගැන හිතුවට දැන් ඉන්න උන් හිතන්නේ අතීතේ ගැන නේ මාතේ, අර කලිම් හිටිය කෙලවෙලා ගිය සජ්ජුරුවෝ මං තීරූ තුනට පාස් වෙච්චි හයි වේ, මං තීරූ දෙකක් කොලේ ඒ නිසානේ කියලාය. ඒක නම් ඇත්ත ලොක්කා අද ඉන්නේ ඩෑම් හදන උන් නොව, ඩෑම් පූල් පොරවල් කිව්වාම, උන්නැහේ හිනා වෙලා ඇහුවේ දැන් ඉන්නේ අපේ පැත්තේ පොරක් නේද කියලාය.

ඔව් ඔව් දැන් සජ්ජුරුවෝ එයා තමයි මම මේ බැලුවේ රනිල්ට කියලා බැරි උනොත් මගේ යෝජනා එයැයිට දෙන්නෙයි කියලා හිටන්, මොකෝ එයා ගන්න තරම ගන්නේ දැඩි තීරණ නිසා, රනිල්ට දීලා වැඩක් වෙන්නෙම නැහ්නන් එයැයිට දෙනවා ලොක්කෝ කිව්වාම, උන්නැහේ කිව්වේ පුලතිසිපුර පොරවල් එහෙම තමයි කියලාය. දැන් ඉතින් මක්කැයි මාතෙගේ යෝජනා කියලා ඇහුවාම, මාතලන් කිව්වේ, ඔය ඩෑම් ඔක්කෝම හැම ගඟේම උඩහට යනකන් හදන්න ඕන පාරවල් විදියට එතකොට ගමනා ගමනෙට පාරවලුත් හැදෙනවා, වතුර ගලන්නේ නැති ඩෑම් එකත් හැදෙනවා කිව්වාම, උන්නැහේ කිව්වේ ඕක ඉතින් මගේ යෝජනාවක් නේ කියලාය.

නෑ මේක ඊට වඩා ටිකක් වෙනස්. දැන් ඔබ වහන්සෙගේ එකේ ඔක්කෝම සොයන්නේ බලනේ දැඩි තීරණ ගන්නේ ඔබ වහන්සෙම නේ. දැන් එහෙම බෑ. මේක හවුල් කැඳ හැලියක් නේ. එක පාරක් ජෝන් කෑ ගහනවා, ඕන් එතකොට දැඩි තීරණ පොර ජෝන්ට තා ඇමතිකමක් දෙනවා. දැන් ඒ පාර අර පිංගුත්තර සුසිල් කෑ ගහනවා, ඉතින් ඌටත් මක්කා හරි දෙන්න වෙනවා. නැත්නම් උන් මළබද්දෙට සෙට් වෙනවා. 

ආ එහෙමත් එකක්ද? එතකොට මොකක් ඔහේගේ යෝජනාව? මගේ යෝජනාව මෙහෙමයි. ඔහේගේ වගේම ජලාශයි ඩෑමුයි හැදෙනවා, හැබයි ඒ වගේම තවත් අමාත්තියන්ස කීපෙකුත් හැදෙනවා. ඒ කියන්නේ මෙහෙමයි රජෝ... මහ වැලි සංවර්ධන අමාත්තියන්සේ වගේ, හැම ගඟටම අමාත්තියන්සයක්, ඒ වෙනුවෙන් ඇමති, නියෝජ්ජ ඇමති, රාජ්ජ ඇමතිකන් තුනයි.. මේන් මෙහෙම

කැළණි සංවර්ධන අමාත්තියන්සය
ගරු කැළණි සංවර්ධන අමාත්තිය
ගරු කැළණි සංවර්ධන නියෝජ්ජ ඇමති
ගරු කැළණි සංවර්ධන රාජ්ජ ඇමති

කළු සංවර්ධන අමාත්තියන්සය
ගරු කළු සංවර්ධන අමාත්තිය
ගරු කළු සංවර්ධන නියෝජ්ජ ඇමති
ගරු කළු සංවර්ධන රාජ්ජ ඇමති

ගිං සංවර්ධන අමාත්තියන්සය
ගරු ගිං  සංවර්ධන අමාත්තිය
ගරු ගිං සංවර්ධන නියෝජ්ජ ඇමති
ගරු ගිං සංවර්ධන රාජ්ජ ඇමති

නිල්වලා සංවර්ධන අමාත්තියන්සය
ගරු නිල්වලා සංවර්ධන අමාත්තිය
ගරු නිල්වලා සංවර්ධන නියෝජ්ජ ඇමති
ගරු නිල්වලා සංවර්ධන රාජ්ජ ඇමති

වලවේ සංවර්ධන අමාත්තියන්සය
ගරු වලවේ සංවර්ධන අමාත්තිය
ගරු වලවේ සංවර්ධන නියෝජ්ජ ඇමති
ගරු වලවේ සංවර්ධන රාජ්ජ ඇමති

මැණික් සංවර්ධන අමාත්තියන්සය
ගරු මැණික් සංවර්ධන අමාත්තිය
ගරු මැණික් සංවර්ධන නියෝජ්ජ ඇමති
ගරු මැණික් සංවර්ධන රාජ්ජ ඇමති

දැන් ඔය සෙට් එක මළබද්දේ ඉන්න උන්ට දීලා, උන් ටිකත් මෙහාට ගත්තාම, ඔව වහන්සෙගේ පරාක්‍රම සමුද්දරේ වේල්ල වගේ, ආයේ මහින්දට තියා ඝෝඨටවත් හොල්ලන්න බැරි, ගල්ටික් ආන්ඩුවක් ආවම, ඕය ආන්ඩුව ගෙන්න පුක ඉරාගෙන කඩේ ගිය අපිටමනේ ලොක්කෝ ආඩම්බර... 

ඒ කාළේ සජවරු වැසි ජලයෙන් ප්‍රයෝජන ගැන්මට
ඩෑම් හා පූල් හැදුවෝය...
දැන් ඉන්න ඩෑම් පූල්ලාට

එහෙම ඒවා ගැන හිතන්නත් බැරිය

65 comments:

  1. ඇත්තටම යා පකෝ

    ReplyDelete
    Replies
    1. මාත් අහන්නේ කෝ යකොව්

      Delete
  2. දෙයියන්ට පින් සිද්ධ වෙච්චාවේ අපේ මාතලන් ලොක්කා යහතින් වැජඹෙනවා නොවැ . මං මේ ගිනි පත්තුවෙලා හිටියේ අපි වැනි පීඩිත පන්තිය වෙනුවෙන් කතා කොරන්ඩ ඉතිරි වෙලා උන්න මාතලන් ලොක්කා ගංවතුරට ගියා වත්ද කියලයි. කමක් නෑ කමක් නෑ රනිල් ලොක්කා එක්සත් ජනපදේද මොකක්දෝ එකකට ගියාට අපේ මාතලන් තුමා කිං පරාක්‍රම දකින්ඩ ගොහින් ආපහු ඇවිත් නොවැ . ප්‍රීතියි ප්‍රීතියි! ඉතින් මේ අලුත් යෝජනාව නම් බොහොම කදිම බව කියන්ඩ ඕනෑය . මොකද දියවන්නාවේ දියකෙළි ක්‍රීඩා කරන හැම ඇම්බට්ටයාම හිතන්නේ අට පාස් නුනත් ඌටත් රට පාලනය කොරන හැටි අගේට තේරෙනවා කියාය. උපාධි තියෙන උන් හිතන්නේ උන්ට මොකවත් කර ගන්ඩ බැරිය කියාය. එහෙව් අම්බරුවෝ තමයි රටට විනාශයක් වෙලා තියද්දී ඒ ගැන කටයුතු නොකර තවත් වාහන ගන්ඩ පරිපූරක ඇස්තමේන්තු ගෙනාවේ. මොළේ කඳුලක් තියෙනවා නම් ඔය වගේ බූරු වැඩ කොරයිද අප්පා. දැන් අපිට තියෙන ප්‍රශ්ණේ වැඩක් හරියට කොරන්නට පුළුවන් කොන්දක් තියෙන එකෙක් නායක කම නොකරන එකය. මේ වින්නැහිය වුනේ ෆිලික්ස් ඩයස් බන්ඩාරණායක පටන් ගත් ජේ.ආර්. ලොක්කා කාලේදී අගේට සම්පුර්ණ කළ රාජ්‍ය නිලධාරීන් සතුව තිබූ බලතල ඔවුන්ගෙන් උදුරාගෙන පාර්ලිමේන්තුවට පත්වෙන මදාවියන්ට හා පල් හොරුන්ට පැවරුවායින් පසුවය. දිසාපතිවරුන් ප්‍රධාන රාජ්‍ය නියෝජිතයා ලෙස ඒ ඒ දිස්ත්‍රික්ක පාලනය කල යුගයේදී මේ කටයුතු අගේට සම්බන්ධීකරණය කොට සහන සැලසුවා මට මතකය. දැන් ඉතින් සහන සපයන්නට වී තිබෙන්නේ බුකියේ ඉන්නා හිත උණු වෙන කොලු කෙලි රෑනටය . උන්ටත් වෙලා තියෙන්නේ රහල් අල්විස් වැනි ගොන් වහන්සේලාගේ ගෝරනාඩු අසමින් ආංඩුවේ පව් ගෙවන්නටය.

    ReplyDelete
    Replies
    1. සියල්ලටම හේතුව සුද්දා අප දමා ගිය එකය.. ඒ නිසා උන්ගේ අම්මාවරුන්ට පින් දී සිත නිවාගමු තිස්ස මහත්තයෝ...

      Delete
    2. සුද්දට උන්ගෙ රට පාලනය කොර ගන්න කොහොමද බන් අපේ රට පාලනය කරන්නෙ.. උඹ නන් රියල් කලු සුද්දෙක්....

      Delete
  3. මාතලන්ට ජයවේවා! ඒකාබද්දේ බංගවේවා! දැං එතකොට අපේ වතුර බහියි නේද? :)))

    ReplyDelete
    Replies
    1. බහින වෙලාවට බහියි බං... ආයේ එනකන් පුල් හෝප් එකේ ඉමු

      Delete
  4. කාළගුණ විජ්ජා දෙපාර්තමේන්තුව එයාලා බෙලෙක්ක වගයක් තියාගෙන, අතෙන්ට මිලි මීටර මෙච්චරක් වැස්සාය, මෙතෙන්ට මිලි මීටර මෙච්චරක් වැස්සාය. ඒක බලාපොරොත්තු මට්ටමට වැඩි වෙලා බෙලෙක්කෙත් ගහගෙන ගියාය කියා ඉතා වැදගත් රාජකාරියක් කොරනවාය.////////////////ha ha ha ha

    ReplyDelete
    Replies
    1. උන් කියන්නේ කාළගුණ අනාවැකි නෙමෙයි.. කෙල උන වාර්ථා

      Delete
  5. දවස් ගානකට පස්සේ පෝස්ට් එකක් බලලා හිනා උනා...

    ReplyDelete
    Replies
    1. නැව ගිලුනත් බෑන් චූන් කියන එක තමා මාතලන්ගේ ආදරුස පාටේ

      Delete
  6. ගෝඨා සැරයක් දාල ගංවතුරට බහින්න කිව්වනම් මෙලහට බැහැල ගිහිල්ල. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඇයි රනිල් කිවුවෙ කුකුලේ මිලි මීටර් 150 වෙනකොට උන්දැට කිවුව නං ගං වතුර නවත්තගන්න තිබ්බා කියල

      Delete
    2. අම්මපා ඒ කාළේ මෙව්වා ආවේ නැත්තේ ඒ නිසාම වෙන්ටෑ හිටන්

      Delete
  7. තව ටිකක් ජන ගහණය වැඩි වුනාම හරි යයි. තාම ඔස්ට්‍රේලියාව වගේ පොඩි රටක ඉන්න කෝටි දෙකයි තව පොඩ්ඩයිනෙ මෙහෙ ඉන්නෙ. කඳුවල ගස් පස් කපාගෙන ගෙවල් හදන්නෙ නෑනෙ

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට එකාට පහලොව ගානෙ දෙවිවරු ඉන්නෙ

      Delete
    2. ඒගොල්ල කෝප වුනානෙ.
      දැන් කන්නලව් මොඩරේෂන් දාල.

      Delete
    3. අන්නේකයි ප්‍රා තුමෝ අපි ගං වතුරෙත් උපරිම ගේමක් දෙන්නෝන වතුර හුවමාරු කොරලා හිටන් අපේ ජාතිය තා වැඩි කොරන්න

      Delete
  8. කාලෙකට පස්සේ ටිකක් හිනා වුනා පෝස්ට් එක කියවලා. මේක පත්තරේකවත් දැම්මොත් හිටං ලොක්කත් කියවයි.

    ReplyDelete
    Replies
    1. හිටන් වෙබ් සයිඩ් හිටන් කියවනවැයි කියලා ඔය කස්ටිය කියන්නේ

      Delete
    2. මාතෙ ලිවීම කවදත් වගේම සුපිරියි..යා පකෝ තමයි

      Delete
  9. BBC බැලුවනන් උන් සෝක් එකට කිව්ව

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් අප්පා... මුන්ගේ රෙද්දේ අනාවැකි

      Delete
  10. කැළණි සංවර්ධන අමාත්තියන්සය
    ගරු කැළණි සංවර්ධන අමාත්තිය
    ගරු කැළණි සංවර්ධන නියෝජ්ජ ඇමති
    ගරු කැළණි සංවර්ධන රාජ්ජ ඇමති

    කළු සංවර්ධන අමාත්තියන්සය
    ගරු කළු සංවර්ධන අමාත්තිය
    ගරු කළු සංවර්ධන නියෝජ්ජ ඇමති
    ගරු කළු සංවර්ධන රාජ්ජ ඇමති

    ගිං සංවර්ධන අමාත්තියන්සය
    ගරු ගිං සංවර්ධන අමාත්තිය
    ගරු ගිං සංවර්ධන නියෝජ්ජ ඇමති
    ගරු ගිං සංවර්ධන රාජ්ජ ඇමති

    නිල්වලා සංවර්ධන අමාත්තියන්සය
    ගරු නිල්වලා සංවර්ධන අමාත්තිය
    ගරු නිල්වලා සංවර්ධන නියෝජ්ජ ඇමති
    ගරු නිල්වලා සංවර්ධන රාජ්ජ ඇමති

    වලවේ සංවර්ධන අමාත්තියන්සය
    ගරු වලවේ සංවර්ධන අමාත්තිය
    ගරු වලවේ සංවර්ධන නියෝජ්ජ ඇමති
    ගරු වලවේ සංවර්ධන රාජ්ජ ඇමති

    මැණික් සංවර්ධන අමාත්තියන්සය
    ගරු මැණික් සංවර්ධන අමාත්තිය
    ගරු මැණික් සංවර්ධන නියෝජ්ජ ඇමති
    ගරු මැණික් සංවර්ධන රාජ්ජ ඇමති huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu..................

    ReplyDelete
  11. උඹව කාලෙකින් දකින්න නැතිව වටපිටාව පොඩ්ඩක් අවුල් වගේ දැනුන.

    ඒත් එල පොස්ටුව දැක්කම ඒ අවුල තුනී වුනා.

    //... ලැබුනු සහනාධාර පරම්පරා ගානකට ඇති නිසා, කතරගම ගොහිල්ලා අනේ ආයෙත් එහෙම එකක් වරෙන් කියා බාර හාර වෙනවාය...//

    ඒ කතාව සහසුද්දෙන් ඇත්ත බව මම අත්දැකීමෙන් දන්නවා.

    මීට අවුරුදු ගානකට කලින් (මට අවුරුද්ද හරියට මතක නෑ) මේ වගේ දරුණු ගං වතුරක් ආ වෙලාවේ දැන් වගේම ඉන්දියාවෙන්, අරහෙන් මෙහෙන් ආධාර එන්න ගත්ත. ඒ වෙලාවේ කොළඹ දිස්ත්‍රික්කයේ ආධාර බෙදීම භාර රජයේ ප්‍රධානම ආයතනයක විධායක නිලයක සිටි මගේ මිතුරෙක් අපේ ගෙදරට එවල තිබුණ ඉන්දියාවෙන් හම්බ වෙච්ච පාන් ගෙඩි දෙකක්. ඒවා පෙති කපල ඉස්තරම් විදියට ලස්සන ඉටි දවටන වලින් පැක් කරපු, බටර් නැතිව කන්න පුළුවන් පාන්.

    ඒ වෙලාවේ මම කල්පනා කෙළේ මේ යකා, යාලුවෙක් වෙච්ච මට පාන් ගෙඩි දෙකක් එවන්න ඉස්සරවෙලා උගේ ගෙදරට, සහෝදරයන්ගේ ගෙවල් වලට, ළඟ නෑයන්ට එහෙම බෙදල ඉන්න ඇති කියලත්, ඌ වගේම ඒ ආයතනයේ අනිත් නිලධාරීනුත්, ගං වතුර ආධාර තොගපිටින් ගෙවල් වලට ගෙනියන්න ඇති කියලයි.

    මා දන්නා තරමින් මෙවැනි අපදා අවස්තාවලදී විදේශ වලින් ලැබෙන පොඩි ජෙනරේටර්, මුළුතැන්ගෙයි උපකරණ, කුඩාරම් හා වෙනත් වටිනා භාණ්ඩ ආපදාවන්ට ලක්වූ අසරණයන්ට නොදී, ඒවා බෙදීමට පත්කළ හොරු අතරේ උනුන් බෙදාගන්නවා.

    හොරාගේ තරාතිරම අනුව හොරකම කරන ප්‍රමාණයේ වටිනාකම වෙනස් වෙනවා.

    මතකනේ 'හෙල්පින් හම්බන්තොට'

    ReplyDelete
    Replies
    1. ඇයි සරත් නන්ද සිල්වත් පස්සේ කාළේක කීවේ ඒ ගැන...

      පුදුම හිතේ අමාරුවෙන් ඇත්තේ ඒ කාළේ මේවා ආපු නැති එකට

      Delete
  12. පාඨලී ලොක්කටත් අර ගිගා පොලිස් එකෙන් තනියම කොරගන්න අමාරු ඇති. ඊටාමතරව තව කිලෝ පොලිස්, සෙන්ටි පොලිස්, මිලි පොලිස් කියලත් ඔය ඇමති පට්ටම් ටිකක් දුන්නනම් රට වේගයෙන් සංවර්දොනේ වෙනවනෙ

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත බයිට් ගානට එනකන් බෙදලා බයිට් ඇමති කෙනෙකුත් දැම්මා නම් මරු අප්පා

      Delete
  13. මාතා ,

    දැනට ඕස්ට්‍රේලියාවේ ඒක පුද්ගල ආදායම 56,327.72 USD, ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම 3,926.17 USD.
    ඒ කියන්නේ 56,327.72 USD / 3,926.17 USD = 14.34

    ඒ කියන්නේ ලංකාව වගේ 14 ගුණයක් ඒකපුද්ගල ආදායම ලබනවා ඕස්ට්‍රේලියාවේ, එහෙම උනත් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාවේ පර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ සන්කයාව බැලුවහම
    ඕස්ට්‍රේලියාවේ මන්ත්‍රී සංක්‍යාව = 150 වෙද්දී ශ්‍රී ලංකාවේ එක =225 මට ඉංග්‍රීසි කියමනක් මතක් වෙනවා "Too many cooks spoil the soup" කියන දේ.

    අපි ඉහත තොරතුරු සසදල ශ්‍රී ලංකාවට ඔබෙන පර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ප්‍රමාණය 225/14 = 16 පමණ උනා නම් හොදටම ඇති බවයි මගේ අදහස මොකද හිතන්න ඒකපුද්ගල ආදායම 56,327.72 USD ඇති රටේ 150 ක මන්ත්‍රී වරුන් සිටීම සාදාරනයි කියන්න පුළුවන් මොකද මේ ආර්ථිකයේ ප්‍රමාණයට මන්ත්‍රී වරුන් සිටියයුතු නිසා නමුත් ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම 3,926.17 USD නිසා එවැනි සුළු ආර්ථිකයක් පාලනයට මන්ත්‍රී වරු 16ක් හොදටම ප්‍රමාණවත්, යම් විදියකින් ඒකපුද්ගල ආදායම ඉහල යනවනම් අපට පුළුවන් තව මන්ත්‍රී වරු වැඩි කරන්න.

    ReplyDelete
    Replies
    1. 225 ක් ඉඳලත් ඔලුවක් ඇති එකෙක් හොයාගන්න නැතිකොට 16 හිටියා කියලත් වෙනසක් නෑ තමා. නොහිටියා කියලත් අවුලක්ම නෑනෙ

      Delete
    2. ඉවාන්,

      අඩුගානේ 209 කට වාහන අරන්දෙන්න යන වියදමවත් ඉතුරුයි නේ

      Delete
    3. ඇයි බං පලා බබාලා... ප්‍රාදෙශියේ කම්බා හොරු.... ඔක්කෝම නොම්මර එකේ හොරු....

      Delete
  14. මේ පෝස්ට් එක පරිස්සමිං තියාගං මාතෙ හැම ඇවුරුද්දෙම පෝස්ට් කරන්න පුලුවං

    ReplyDelete
    Replies
    1. අනිවා ඉවාන් කොලුවෝ මැරෙණකන් දාන්න පුළුවන්

      මේත් පරණ එකක්.. චරිතවල නම් ගම් ඉතරයි වෙනස්

      http://maathalan.blogspot.com/2010/05/commision-report-for-heavy-floods.html

      Delete
  15. ලොකු රාජ්‍ය නිලදාරියෙක් ගෙන් ඇහුවාම ඇයි ආපදා කලමනාකරණ දෙපාර්තමේන්තුවට අවශ්ය ජෙනි (200 ඔනෙලු ) ගබඩා කරගෙන තියාගන්න බැරි කියලා, එයා උත්තර දුන්නා ජෙනි ඉල්ලගන්නෙ විදුලිබල මන්ඩලෙන් ය, ආපදා වලට ලක්වූන්වන්ට පාවිච්චි කරලා ආපහු දෙන්න ඕනෙය කියලා...

    මන් ඉතින් එයාගෙන් ඇහුවා එහෙනම් අපෙන් වියලි ආහාර ඉල්ලන්නෙ, ආපදාවට ලක් වුනු අයට සතොසෙන් වියලි ආහාර ගන්න බැරියැ කියලා...

    ReplyDelete
    Replies
    1. නියම කතාව සා රස තුමෝ. ආදාර නැත්නම් උද්ගෝෂණ කරහන්. ඊයේ මේහේ එකෙක් මගෙන් ආධාර විදිහට සල්ලි ඉල්ලල කෝල් කරහම මගෙන් හොඳ කුණුහබ්බ ටිකක් නම් අහගත්ත.

      Delete
    2. මාතලන් ඔය මලහත්තිලව්වෙන් බැට කාපු එකෙක්... අපි නම් කළේ ඉඩ කඩම් වික්නලා දාලා වෙනත් පැති වලට යන එක... එකෙක්ටවත් සොලියුෂන් නෑ...

      Delete
  16. ලංකාවට ගැලපෙන ආපදා කලමණාකරන ඇමති මර්වින් සිල්වා . වෙන ඓකෙකුටවත් ඕක කරන්න බෑ

    ReplyDelete
    Replies
    1. මම නම් කියන්නේ යාපකෝම තමා... ඌ ආපදා ගැන දන්න නිසා නේ රටෙත් නොයිද පිට රටක ඉන්නේ... ආරස්සාවට...

      Delete
  17. ලංකාවට ගැලපෙන ආපදා කලමණාකරන ඇමති මර්වින් සිල්වා . වෙන ඓකෙකුටවත් ඕක කරන්න බෑ

    ReplyDelete
  18. අර හිරුනිකා නෑම්බි දැක්කෙ නෑ මීතොටමුල්ලෙන් පස්සෙ

    ReplyDelete
    Replies
    1. එයා එතනින් ඉවරයි... ආයේ ඉතින් එයැයිට ඡන්දේ දෙන්නේ ගොම දාන උන් ඉතරයි

      Delete
  19. ///අර කලිම් හිටිය කෙලවෙලා ගිය සජ්ජුරුවෝ මං තීරූ තුනට පාස් වෙච්චි හයි වේ, මං තීරූ දෙකක් කොලේ ඒ නිසානේ කියලාය.///
    අම්මපා කලිම් හිටපු රජා තමා දවසකටවත් රජා...

    කලිම් හිටපු සැටලයිට් එක දොඩම්ගොඩට වෙනකල් මංතීරු 4 ක් සහ ඉතුරු කොටහ මංතීරු 2 ට හදන්න පටන් ගත්තු හයිවේ එක හිටපු රජාගේ කාලේ හදාගෙන යද්දී තනි මංතීරුව මදි බව තේරිලා දිගටම මංතීරු දෙකක් වෙනකල් වැඩිකලා කියලත් බැනුම් ඇහුවා...
    කළුතරින් එහාට වාහන වැඩිය යන්නෙත් නැහැ, මොන මගුලකට මංතීරු 2 ක් හැදුවද කියලයි බැනුම් ඇහුවේ...

    ඒ මදිවට දැනට හදල තියෙන මංතීරු 4 ට අමතරව ඉදිරියේදී හදන්න නියමිත මංතීරු 2 ට අදාළ ඉඩ කඩම් පවා වෙන් කරගෙන වැටවල් ගහල තියෙන බව සහ Expressway එක උඩින් යන පාරවල් වල (overpasses) සියළුම පාලම් ඒ ඉතිරි මංතීරු දෙකටත් අදාළව ඉදි කර අවසන් බවත් දැකින්න බැරි උන්ට කණ්නාඩි කුට්ටමක් අරගෙන දෙන්න බැරි උනානේ ඔය හිටපු රජාට...

    එච්චර කරපු එකාට ඒකත් ඉවර කරන්න තිබ්බනේ, නැද්ද මචං...

    පිටත වටරවුම් මාර්ගය හිටපු රජා හදන්න හැදුවෙත් ඒ විදිහටමයි...
    "මෙම මාර්ගයේ මුළු දිගෙන් 63.3% ක් Viaduct මත ඉදි කලයුතු වේ. මෙහිදී මංතීරු 6 ක් සඳහා අවශ්‍ය සියළුම කටයුතු සම්පාදනය කිරීම, වගුරු බිම් වෙරගැන්විම සම්පුර්ණ කරනු ලබන අතර, මුලිකව සම්පුර්ණ වන්නේ මංතීරු 4 ක් පමණි."

    කලිම් හිටිය ලොක්කා මංතීරු 6 ට මුලික කටයුතු සියල්ල සිදු කරපු පිටත වටරවුම් මාර්ගය මංතීරු 4ක් පමණක් කරලා යහපාලනේ ආවම ගාන අඩුවෙන් හැදුව කියල පම්පෝරිත් ගැහුවා...

    බලහං ඉතින් හිටපු රජා, නෙහ්...
    ඌට ඕක හදල ඉවර වෙලාම පැරදිලා ගියානම් මොකද, නෙහ්...

    ReplyDelete
    Replies
    1. Well said. These people are cheated by false propaganda of this highly corrupted Yahapalana regime. Rajapakse regime also severely corrupted but these Yahapanala idiot's are the worst comparatively.

      The worst ever government in SL from 1948 is the current regime without any hesitation.

      Delete
    2. // ඒ මදිවට දැනට හදල තියෙන මංතීරු 4 ට අමතරව ඉදිරියේදී හදන්න නියමිත මංතීරු 2 ට අදාළ ඉඩ කඩම් පවා වෙන් කරගෙන වැටවල් ගහල තියෙන බව සහ Expressway එක උඩින් යන පාරවල් වල (overpasses) සියළුම පාලම් ඒ ඉතිරි මංතීරු දෙකටත් අදාළව ඉදි කර අවසන් බවත් දැකින්න බැරි උන්ට කණ්නාඩි කුට්ටමක් අරගෙන දෙන්න බැරි උනානේ ඔය හිටපු රජාට...//

      කොහේද බං එහෙම තියෙන්නේ... වෙනම ට්‍රිප් එකක් දාගෙන යන්න බලන්න

      Delete
    3. ///කොහේද බං එහෙම තියෙන්නේ... වෙනම ට්‍රිප් එකක් දාගෙන යන්න බලන්න ///

      මොකටද බන් සල්ලි වියදම් කරගෙන ඕක බලන්න යන්නේ, ගුගුල් දෙයියන්ගෙන් බලපන්...
      ඔන්න මම කොයිකටත් ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන දැම්මා...

      [IMG]http://i65.tinypic.com/fzc5er.jpg[/IMG]

      ඔය දකුණු පැත්තට වෙන්න තියෙන්නේ ඒ වැඩිපුර වෙන් කරගත්තු ඉඩම්, ඊට එහායින් වැට ගහල තියෙනවා...
      උඩින් යන පාළමත් ඒ කොටසටත් එක්ක හදපු බවත් පේනවනේ...

      Delete
    4. ඔව් ඔව්... දෙපැත්තෙ තව මංතීරූ දෙකක් වැටුනාම ඒ හරියෙදි යන් කොට දැන් අර වතුර පාරවල් උඩ දාලා තියෙන් හයි වේ කොටහේ වගේම යන්න පුළුවන්...

      Delete
    5. ///ඒ හරියෙදි යන් කොට දැන් අර වතුර පාරවල් උඩ දාලා තියෙන් හයි වේ කොටහේ වගේම යන්න පුළුවන්...///

      එහෙනම් ජෝන් බාස්ව ගෙන්නලා ඇවිදින මංතීරු ගැලෙව්වා වගේ හයිවේ එකත් ගලවල දාන එකද කරන්න ඕනේ...

      ඕක අපේ උන්ගේ නොදැනුවත්කම...
      ඔය වගේ ව්‍යාපෘති වලදී පෙර පැවතී ගංවතුර වල වාර්තා එහෙම අරගෙන ඒවා සැළකිල්ලට අරගෙන තමයි ඉදිකිරීම් කරන්නේ...
      එතැනදී ඊට කළින් කවදාවත් ආපු නැති ප්‍රමාණයේ ගංවතුරක් සඳහා ඉදි කිරීම සැළසුම් නොකරන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ...
      ඕක පිළිගන්නේ නැතිකම දේශපාලන කාරණාවක්, ඒක හරියට කලින් ප්ලෑන් කරලා තිබ්බ ලේන් ගානට වඩා වැඩිපුර ලේන් ගාණක් එක්ක පාර හදපු මහින්දට "තිබ්බ ලේන් ගාන අඩු කළා" කියල උඹ කරපු චෝදනාව වගේම එකක්...

      කවද්දවත් යට වෙච්ච නැති බදුරලිය ටවුන් එකේ මේ පාර අඩි තුන හතරක් යටඋනා එක දවසෙන්. ඒ හයිවේ එකට වඩා මීටර් 15 ත් 20 ත් අතරේ උසකින් තිබ්බ ටවුන් එකක් වෙලත්...
      එහෙ යට වෙද්දී හයිවේ එක යට වෙන්න හිතලවත් නැහැ...

      මමත් පෞද්ගලිකව කැමතියි පරිසර හානි අවම ඉදිකිරීම් වලට, එහෙම කලානම් ඔය හයිවේ එකේ වැඩි දුරක් හදන්න වෙන්නේ Viaduct ක්‍රමයට...
      එහෙම කලානම් ඔය ගොඩ කරන්න යන පස් වැඩි ප්‍රමාණයක් ඉතුරුයි...
      හැබැයි පස් කැපෙන තැන් වලින් සහ ගල් කැඩෙන තැන් වල වැඩි ප්‍රමාණයට කරන්න දෙයක් නැහැ...
      Viaduct උඩ හැදුවනම් ගංවතුර වෙලාවට හයිවේ එක නිසා ගංවතුර වැඩිඋනා කියල මෙහෙම ආතල් ගන්න වෙන්නෙත් නැහැ, හැබැයි එහෙම හදද්දී ගණන් වැඩියි කියල තමයි රට්ටු කියන්නේ...

      ඒ වගේම Viaduct අවශ්‍ය බවට තීරණය කරපු තැන්වල එහෙම කරලා තියෙනවා (කොට්ටාව සිට එහාට) සහ කරගෙන යනවා (මාතරින් එහා සමහර කොටස්)...

      Delete
  20. මාතලන්
    දැන් දැන් දාන පින්තුර වීඩියෝ වල පෙන්නේ තියෙන්නේ කට්ටිය ගන්වතුරේ ෆන් ගන්නවා. හුඟක් අයගේ කට කනේ ඇයි ඒ

    ReplyDelete
    Replies
    1. කොහොමත් දැන් වෙසක් ආතල් පොසොන් ආතල් වගේ මේ ආතල් එකත් හැම අවුරුද්දෙම ගන්න පුළුවන්

      Delete
  21. අනිවා ඔය කියන ඇමති පුටු ටික ඩෙෆා එනව මාතේ තුමෝ. ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුවට වඩා 200% ටක්කෙට කියනව අයිෆෝන් එකේ ෆ්‍රී වෙදර් ෆෝකාස්ට් ඇප් එක. මේ දවස් වල නිව්ස් නම් මරු.
    😂

    ReplyDelete
    Replies
    1. මම ඕක කලින් මේ බ්ලොග් එකෙත් එල්ලලා තිබුනා...

      කවදාවත් හැදෙන්නේ නැති රටක් බං

      Delete
  22. මේ පෝස්ට් එක පරිස්සමිං තියාගං මාතෙ හැම ඇවුරුද්දෙම පෝස්ට් කරන්න පුලුවං

    ReplyDelete
  23. ආන්න ඒකයි අපිටම තමයි ආඩම්බර

    ReplyDelete
    Replies
    1. ලෝකෙන් උතුම් රට නේ බං

      Delete
  24. ආපදා බාර උන්නැහේ ඇවිත් ලොකු පොර ටෝක් එකක් දීලා තිබුණා නේද. මම හිතාගෙන හිටියේ මෑනුත් ගං වතුරට ගිහින් කියලා.

    ReplyDelete
    Replies
    1. උන් ඕවට අහුවෙන්නේ නෑ බං... ප්‍රභාගෙනුත් බේරුන හැත්ත නේ

      Delete
  25. මාතේ එදා මං කිව්ව වගේම (http://yanhella.blogspot.com/2015/11/village-water-3.html) අදත් හොරකම ලෙසටම වෙනවලු. එක අතකින් ආපදාව වෙච්චි වෙලාවෙ මහජනයට ඕන විදිහට ආපදාව කළමනාකරගං කියලා ලොකු ලොකු ඇත්තො සේරම රට පැනපු එක හරි හොඳයි නේ. නැත්තං මේක තව අමාරු වෙන්ඩ තිබ්බා.

    ReplyDelete
    Replies
    1. එදා අද නෙමේයි බං අනාගතයත් එහෙම්ම තමා

      Delete
  26. මේකෙන් සමහර පලාත්වලට අසාධාරණයක් වෙන බැවින් , ගංගා නැති පළාත් වලට නාන ලිං සම්බන්ධ අමාත්‍යංශ ඇති කරන මෙන් ඉල්ලා සිටිමි.
    උදා
    හම්බන්තොට ගෑනු නාන ලිං සංවර්ධන ඇමති
    හම්බන්තොට පිරිමි නාන ලිං සංවර්ධන ඇමැති
    සියබලාණ්ඩුව මිශ්‍ර නාන ලිං සංවර්ධන ඇමැති

    ReplyDelete
    Replies
    1. ඉතා හොඳ යෝජනාවක්

      හිටන් වෙත යොමු කරමි හිටන්

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න