.

.

Jul 15, 2017

දෙසැමබර් 31 ට පෙර කෙලෙවෙන්නේ මහින්දටද, රනිල්ටද නැත්නම් දෙදෙනාටමද...?




රනිල්ගේ හා මෛත්‍රිගේ හවුල් ව්‍යාපාරය හද්දා බංකොලොත් ව්‍යාපාරයක් බව ලොවටම කියන්නේ එකේම ඉන්නා උන් මිස අප නොවේය. පනීන්නට පෙර සිතා බලන්ට, ඇමතිකම් වලට තව කෑලී එකතු කළ ජෝන් සෙනෙවිරත්න ගොයියා නොකියා කියන්නේ ඒ කතාවය. උන් මේ බංකොලොත් සමාගමෙන් ඉවත්ව නව අධ්‍යක්ෂක දූරයක් බලාපොරොත්තු වන්නේ රනිල්ගේ සමාගමේ නොවේය. එක්කෝ මහින්දගේ සමාගමේය. එසේ නොමැතිනම් මෛත්‍රිගේ සමාගමේය. රනිල්ගේ සමාගමේ උන් මොන බයිලා ගැසුවත්, වැඩි ඩිරැක්ටොර්ලා පිරිසක් උන්නත්, සමාගමේ විධායක සභාපති කම තිබෙන්නේ සිරිසෙන් මහ රජානෝ අතය. 


මේ බුන්වත් සමාගමේ සිටීමෙන් ඇති ඵලයක් නැතයි කියමින් මහින්දගේ සමාගම හා එක්වීමට යන 18 දෙනාට සිරිසෙන් උතුමෝ කියා ඇත්තේ, දෙසැම්බර 31 වනදා තෙක් ඉවසා සිටින්නය යැයි කියාය. 2020 නැවතත් රජ වීමට නම් සිරිසේන් උතුමානන්ට විකල්ප තුනක් ඇත. 

1. 2015 පත්වූ ආකාරයට එජාපය හා සිවිල් සංවිධාන මෙන්ම ඉතිරිවන සිරි ලංකා කාරයන් සමඟ ගේමට බැසීම. 

2. මහින්ද හා එක්වීම.

3. රනිල් හා මහින්ද යන දෙදෙනාම කපා දමා, උන් හා කළ කිරුනු පිරිස් හා එක්ව නව බලවේගයක් ගොඩ නගා ගැනීම. 

මෙහි සඳහන් අංක 1 හා අංක 3 එතරම් හානිකර විකල්පයන් නොවනාතර, අංක දෙක යනු අති භයානක මෙන්ම අතිශය හානිකර විකල්පයක් වන්නේ මැදමුලනේ බඩු එතරම් ෂුවර් නැති නිසාය.

2015 කෙසේ වූවද, අදටත් රටේ බලවත්ම පුදගලයා ලෙස ජනතාව පිලිගන්නේ මහින්ද මහත්තයාය. දන්නා යකා මේ ගරා යක්කුන්ට වඩා හොඳ බව කියන්නේ, යකා දුම්මල ගසා පන්නා දැමූ පිරිසමය. ඒ මේ රටට කෙලවෙලා ඇති ප්‍රමාණය ඔනෑම එකෙකුට ප්‍රත්‍යක්ෂයෙන්ම පෙනෙනා නිසාය. ආන්ඩුව සෑම ක්ෂේශ්තෙයකම අන්ත අනාතය, අසරණය, නන්න පෝල්ය.  

රනිල් හා මෛත්‍රී බලාපොරොත්තු වූ ආකරයට, බටහිර රටවල උන් මෙහේ ආයෝජනයට එන්නේ නැතිය. අද උන් ජීවත් වන්නේත් චිනාට පින් සිඳු වන්නටය. එනවා නම් එන්නේ, චීනය පමණමය. එහෙත් චීනා මේ පැත්ත පලාතේ එන බවක් පෙනෙන්නට නැතිය. මහින්දගේ කාළයේ තම හිතුමතය පරිදි ආයෝජන කර ගෙන ගියද, දෙපැත්තකටම දොල පිදේනී දීමට ඇති අකමැත්ත මත, උන්ද සිටින්නේ මහින්ද නැවතත් බලයට පැමිනෙනා තෙක්ය. 

ආන්ඩු පක්ෂයේ ඉන්නා මහින්දට වඩා විපක්ෂයේ සිටිනා මහින්ද ඉතා බලවත් බව පෙන්නුවේ 1994 චන්ද්‍රිකා බලයට ගෙන ඒමෙන්ය. ඒ කාළයේ එජාප ආන්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වූ විරෝධතාවන් සියල්ලේම නායකත්වය ගත්තේ වෙන කිසිවකුත් නොව මහින්ද රාජපක්ෂමය. අදද මහින්ද රාජපක්ෂ ආන්ඩුවට වඩා ඉතා බලවත් බව ඔප්පු කොට හමාරය. ආන්ඩුව අඩියක් පස්සට ගෙන, නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම පසුපස සිටිනා බලවේගයද වෙන කිසිවකුත් නොව, මහින්ද රාජපක්ෂමය. 

ඉදින් එවන් පුදගලයකු හා පයුරු පාසානම් පැවැත්වීමට යාම දැලි පිහියෙන් කිරි පැණි කනවා වගේ ගේමක් බව කාටත් වඩා හොඳින්ම දන්නේ, පොල්වත්තක් මැද හැංගිලා පවුල් පිටින් රටෙන් චුත වෙන්න බලා හුන් සිරිසේන උන්නැහේමය. එම නිසා මහින්ද අඩපන කිරීම ඔහුගේ ඉදිරි පැවැත්මට අතිශයින්ම අත්‍යාවශ්‍යම කරුණක්ව ඇත්තේය. 

රනිල් හා පිරිස නම් හත් පොලේ ගාගෙන නාගෙන අවසානය. ආරම්බයේදීම බැඳුමකර මගඩියෙන් නා ගන්නා රනිල්, දැන් නාන්නේ හාමුදුරුවරුන්ට කෙලින්න ගිහිල්ලාය. ජේ ආර් පප්පාද හාන්දුරුවරු පයිසෙකට මායිම් නොකෙරුවද, එදා විධායක බලය තිබුනේද ඔහු අතේය. එහෙත් අද විධායක පවතිනුයේ ලිබරල් නායකයකු අත නොව, ගල් යුගයේ වැදි නායකයකු අතය. ඔහුට ජාතිය හා සාසනයෙන් තොර පැවැත්මක් ඇත්තේ නැතිය. දෙමලාට එක බයිලාවක් ගසා හාන්දුරුවරුන්ට තව බයිලාවක් ගසන්නේ ඒ නිසාය. එහෙත් සුපැහැදිලි කරුන නම්, අවසානයේ ඔහු සිට ගන්නේ හාන්දුරුවරුන් හා සමඟය යන්නය. 

හැම එකාම කියනා පරිදි රනිල්ට මහින්ද හා ඩීල් එකක් ඇත්තේය. ජනවාරි 9 වනදා උදෑසන මහින්ද සිහසුනෙන් බැස මැදමුලන බලා යන්නේ රනිල් දුන් පොරොන්දුවක් මතය. එනම් රාජපක්ෂවරුන් ආරක්ෂා කරන බවට දුන් පොරොන්දුවක් මතය. එමෙන්ම මෛත්‍රීද කිසි දිනෙක රාජපක්ෂවරුන්ට අත නොතබන බවට අපට වහෙන් ඔරෝ කියා දෙන්නේ මහින්ද අමරවීර නම් නව නායකයාය. මේ කාරනයේදි තුන් කට්ටුවම නටන්නේ එකම නාඩගමක්මය. මගේ උන් හොරා කෑවාට කමක් නැතයි කියන්නේ වෙන කවුරුවත් නොව හොරු අල්ලන්න ආ සිරිසේන උන්නැහේමය. එයාට අමාරුව ඇත්තේ අලි පාටියේ උන් හොරා කන එක ගැනය. රනිල්ට හා මහින්දට මොකා හොරා කැවත් ඇති අමාරුවක් නැතිය. හොරකම් සීන් එකේදී සියල්ලෝම කරන්නේ ජනතාවට පොඩි ත්‍රිල් එකක් දීමක්ම පමණය. එහෙත් බලය හමුවේ සියල්ලන්ම සතුරන්ය.

මාතලන්ට පෙනෙනාකාරයට නම් සිරිසේන සැරසෙන්නේ දෙදෙනාටම කෙලින්නටය. එසේ කිරීමට ශක්තියක් ඇත්නම්, එය සිරිසේනගේ විජයග්‍රහනයක් වනවා මෙන්ම, ජනතාව තුලද නැවුම් බලාපොරොත්තුවක් ඇති කරනවා ඇත. එමෙන්ම තමා කටින් බතල හිටවන්නෙකු නොව, බතල වවා, ලුණු මිරිසද සමඟ කෙහෙල් කොලේ දා අඹරන නියම පොරක් නේ ඩෝ කියා අපටද සිතෙනවා ඇතිය. 

ඒ වගත් මෙසේය. 

54 comments:

  1. //මාතලන්ට පෙනෙනාකාරයට නම් සිරිසේන සැරසෙන්නේ දෙදෙනාටම කෙලින්නටය. එසේ කිරීමට ශක්තියක් ඇත්නම්, එය සිරිසේනගේ විජයග්‍රහනයක් වනවා මෙන්ම, ජනතාව තුලද නැවුම් බලාපොරොත්තුවක් ඇති කරනවා ඇත.//
    සිරා කවදාවත්ම මහිදන්දට කෙලින්නේ නැත. චන්ද්‍රිකා කළාටත් වඩා හොඳින් රනිල් හාමුට වැඩේ දී ඌ මුළු රටම අරින බව නම් සහතිකය. ගල්යුගයේ වැදි රජෙකුට යල් පැන ගිය අදහස් වලින් මේ කාලේ රටක් පාලනය කරන්නට කොහොමවත් බැරිය. අන්තිමේදී අපිට වෙන්නේ සිම්බාබ්වේ වැනි තවත් හිඟන රටක්, දූෂණයෙන් කෙල පැමිණි රටක් වන්නටය.

    ReplyDelete
    Replies
    1. බොහෝ විට මෙය නිවැරදිම අනාවැකිය වන්නට පුළුවන්

      Delete
  2. මේ ගෝතලං බක පණ්ඩිතය පොර බව පෙන්නන්න පච කෙලිනවා... මු චන්දෙ කාලෙ ලියපු ඒවගෙ කොහොමද රනිල් ආර්තිකය හදන්නේ මෛත්‍රි ප්‍රජාතන්ත්‍රවාදය ගේන්නෙ කියල රූල් ගහල පාර ඇදල ලියල.... දැන් මොකුත් කරල නෑලු

    ReplyDelete
    Replies
    1. උඹේ පුක මැද්දේ ඉර වෙන්ටෑ

      Delete
  3. කරුනාරත්නJuly 15, 2017 at 12:18 PM

    //දෙසැමබර් 31 ට පෙර කෙලෙවෙන්නේ මහින්දටද, රනිල්ටද නැත්නම් දෙදෙනාටමද...?//

    මේ එකෙකුටවත් නෙවෙයි කෙලෙවෙන්නේ මමත් ඇතුළුව නොව මුන්ට ඡන්දෙ දීපු උන්ට සහ අනාගත ලාංකික දරුපරපුරට.
    පල් හොරු අද අපෙන් අහනව වෙනස සනීපද කියල,ඇත්ත උන් අදත් සනීපෙන් ඉන්නව, ඒත් අපි අද ජනවාරි 08 වඩා අමාරුවෙන් ජීවත්වෙනවා
    දූෂිතයන් රකින දූෂිත යහපාලනේ.මේ රටට අනාතගයක් නෑ.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ නෑ මේ මොකා ආවත් මොළයක් තියෙන මිනිස්සුන්ට කෙලවෙයි කියලා... උන් මැද පෙරදිග ගිහිල්ලා හරි ගොඩ යනවා... නමුත් එහෙම ජීවත් වෙන උන්ගෙන් හූරගෙන කාලා ජීවත් වෙන මේ කාළකන්නින්ට නම් හෙන හත නෙමෙයි 70 ක් ගැහුවත් කිසි අවුලක් නෑ..

      මහින්දගේ කාළෙයි මේ කාළෙයි අතර ආර්ථිකයෙත් ඇති වෙනසක් නෑ.. මහින්දටත් කෙල උනේ මිනිස්සුන්ගේ බඩට ගහපු නිසා.. අපි මේවා මහින්දට ඇති වෙනකන් කිව්වා.. ඇහුවේ නෑ.. අද බයිලා ගහනවා...

      නමුත් අනෙක් සියළුම අංශයන්ගෙන් ජනවාරි 8 තිබුන තත්වයට වඩා අති දරුණු කඩා වැටීමක් තියෙන බව නම් ඕන එකෙකුට පේනවා..

      Delete
  4. මාතලන් ගොයියෝ මේක මම 2015 ලියපු එකක්. කියවල බලහන්. වවිපස්සය කියල මේකේ ලියල තියෙනේ කා ගැනද දන්නවනේ. (සදාකාලික විපස්ස නායකයා). හිටපු මහා රජ්ජුරුවන් ගේ ප්ලෑන
    පුටින් ගේ අපේ ටිකිරි මොළේ (හෙවත් රජ්ජුරුවන්ගේ ප්ලෑන)

    ReplyDelete
    Replies
    1. මම ඕක කිව්වේ ඊටත් කලියෙන්... යහපාලනයේ පළමු ලිපියෙන්...

      Delete
  5. මාතා,

    // ඒ මේ රටට කෙලවෙලා ඇති ප්‍රමාණය ඔනෑම එකෙකුට ප්‍රත්‍යක්ෂයෙන්ම පෙනෙනා නිසාය.//
    එහෙම පෙන්නේ නෑ මාතා, පෙන්නේ රට සංවර්දනය කලේ මහින්ද කියලයි. උබ ඔය කියන ඇත්ත මිනිසුන්ට තේරෙන්න නම්

    http://lankasithuwili.blogspot.com/2017/07/blog-post.html


    මේ වගේ ගිණුම් ක්‍රමයක් වත් ගේන්න වෙනවා කරුමේ කියන්නේ රටේ උගතුන්ට තේරෙන්නේ නෑ මුලින්ම කරන්න ඕනේ දෙසපාලකයන් හදන එක නෙමෙයි ජනතාවගේ මනස හදන එකයි කියල.

    මටනම් පෙන්නේ
    //3. රනිල් හා මහින්ද යන දෙදෙනාම කපා දමා, උන් හා කළ කිරුනු පිරිස් හා එක්ව නව බලවේගයක් ගොඩ නගා ගැනීම. //
    මේක ක‍රන්න නම් අතිවිශාල සන්වර්දනයක් කරන්න ඕනේ, උබට හිතනවද ඉදිරි අවුරුදු 2 දී සිරිසේන ගොය්යට ඕක කරන්න පුළුවන් කියල.

    //1. 2015 පත්වූ ආකාරයට එජාපය හා සිවිල් සංවිධාන මෙන්ම ඉතිරිවන සිරි ලංකා කාරයන් සමඟ ගේමට බැසීම. //
    මේක නම් ලජ්ජා නැතිව මයිත්රිට කරන්න පුළුවන් නමුත් රෙද්දක් ඇදගෙන සිවිල් සන්විදාන වලට මයිත්රිට උදව් කරන්න පුලුවන්ද ? අනෙක් අතට නව තරුණ පරපුර උදව් කරයිද ?

    හැබැයි මට හිතෙනවා //2. මහින්ද හා එක්වීම.//
    බොහෝ විට වෙන්න පලුවන් කියල මොකද එහෙම නොවුනොත් මහින්ද පර්ශවය තනියම දින්නොත් සිරිසේනට වන හානිය වැඩියි.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට හොඳට තේරෙනවා... ඒකෙදි ළොකුද පොඩිද කියලා නෑ... හැම එකාම ආන්ඩුවට බනින්නේ ඒවා හොඳට දන්න නිසා... මේ කාළකන්නින්ට ජනතාවට මක්කත් කරන්න බැරි උනාට උන් හොඳට කන එකත් ඕන එකෙක් දන්නවා.. බදු ගෙවන්නේ මුන්ට කන්න කියන එකත් දන්නවා.. ඒක ඡන්දයක් ආවම් මිනිස්සු පෙන්නයි... මුන්ට ඇපත් හම්බ වෙන්නේ නෑ... අන්ක සිරිසේන කියන්නෙත් හොරු ආරක්ෂා කරන ගල් ආන්දෙක් කියන එකත් මිනිස්සු හොඳට දන්නවා... කවදාටත් වඩා මිනිස්සු සවිඥ්ඥානිකයි..

      ඉදිරි අවුරුදු දෙකේ තබා රනිල්ටවත් මෛත්‍රිටවත් කිසිම දෙයක් කරන්න බෑ කියන එක දැන් තහවුරුයි... ටීම් එකකට ඉන්න ඕන එක කැප්ටන් කෙනයි... එක බෝලර් කෙනෙක් තමයි ඕවර් එක යවන්නේ.. මේකේ ඕවර් එක දාන්න 6 දෙනෙක් ඉන්නවා...

      දේශපාලුවන්ටත් සිවිල් පොරවල්ටත් ලැජ්ජා නහරය කියන එක නෑ... උන්ට රෙදි අඳින්න ඕනත් නෑ... කොහොමත් උන් ඉන්නේ අමු හෙළුවෙන්...

      බොහෝ විට සිඳුවිය හැක්කේ මෙයයි... මේක අත් බේතක් උනාට... අතුරු ආබාධ බොහෝමයක් ඇති වෙන්න පුළුවන් විකල්පය...

      Delete
    2. //එක බෝලර් කෙනෙක් තමයි ඕවර් එක යවන්නේ.. මේකේ ඕවර් එක දාන්න 6 දෙනෙක් ඉන්නවා...//

      පිස්සුද බං මේකේ දුවන් එන්ට එකයි අත කරකවන්ට එකයි බෝලෙ දාන්ඩ එකයි වශයෙන් 18ක් ඉන්නව. විකට් එකක් ගියොත් එහෙම අයිතිය කියන්ඩ චම්-පක, ප්‍රා-ජිත වගෙ තව දෙන්නෙක් විතරත් ඉස්සරහට එනව.

      නමුත් අවුල තියෙන්නෙ වැඩියෙන් වෙන්නේ 6 ඒවා වදින එකයි. ඒවා ඔක්කොම රනිල් ගෙ අකවුන්ට් එකට තමා යන්නෙ.

      Delete
  6. රාජ්‍ය දූෂණය සහ නිලධාරිවාදය දිනෙන් දින වර්ධනය වේ.පක්ෂ විපක්ෂ දේශපාලකයින් යනු මාධ්‍ය සංදර්ශකයින් පමණයි.රටේ නීති පන්සල් පල්ලී වලින් ක්‍රියාත්මක කරවයි.වාමාංශික පක්ෂ ප්‍ර‍ධන පක්ෂ දෙකට මුක්කු ගසා ජීවත් වේ. ජාතිවාදියෝ රට ගිනිතියයි. එන්ජීඹ් කපුටෝ ගැන කියල වැඩක් නැත.
    මෛත්‍රි.රනිල්,මහින්ද,කවුරු ආවත් තමන්ගෙ ගජමිතුරන්ගෙ සහ උන්ගෙ පවුලේ දියුනුව මිස කෝටි 2 කට වැඩි අනෙක් මිනිස්සු ගැන නොසිතන බැවින් රටට අලුත් දේශපාලන ව්‍යාපාරයක් අත්‍යවශ්‍යයයි.

    ReplyDelete
  7. ඇයි බන් මේ අවුල දැන් උඹට කඩේ යන්න පැත්තක් හොයා ගැන බැරිව නේද මේ
    ඔන්න ඔය බත්තරමුල්ලේ ටට්ටරයා පස්සෙන් ගිහින් කවුරු හරි දෙන දෙයක් කාලා ඉඳහන් මුකුත් නොදුන්නොත් නොකා හිටං

    ReplyDelete
    Replies
    1. එක එකාට කඩේ යන එකට කියන්නේ දේශපාලනය නෙමෙයි... ඒකට කියන්නේ වහල් බව හා ගොන් කම කියලයි..

      Delete
    2. //ඒකට කියන්නේ වහල් බව හා ගොන් කම කියලයි..//
      තරහ වෙන්ඩ එපා මාතේ.. ඔබට වෙලා තියෙන්නෙ ඔය 2 ම තමා

      Delete
  8. මොකා මොකෙක් එක්ක එකතු වුනත්, දෙසැම්බර් 31 ට පෙරත් ඊට පස්සෙත් කෙලවෙන්නේ රනිල්ටවත්, මහින්දයටවත්, සිරිසේනයටවත් නෙවෙයි..... කෙලවෙන්නේ යමක් කමක් කරගන්න බැරි දුප්පත් රටවැසියට විතරයි.

    මොන විපරියාසය වුනත් දියවන්නාවේ ඉන්න තක්කඩින්ගේ තනතුරක් එහාමෙහා වෙනවා ඇරෙන්න උන් එකෙකකුටවත් කිසිම හෙනයක් පාත් වෙන්නේ නෑ.එතනෙදී තනතුරේ අඩුවක් වුන උන්ට හා වැඩියෙන් සද්ද දාන 'වාත පොරවල්' වලට අලුතෙන් තව SUV වාහන එක හෝ දෙක ගානේ බෙදාවී..

    ඒ අතරෙ 'රෝං ටෝක්' දාන නායක සිවුරු කාරයන්ටත් SUV කීපයක් පිරිකරට පුජා කරලා උන්දලාවත් ශේප් කර දායි.

    ඊට පස්සේ 2020 වෙනකන් පක්ෂ නායක ග්‍රාම සේවක උන්නාන්සෙ, හොරුන්ට තවදුරටත් පුරුදු විධියට රට හුරා කන්න ඉඩ දීල, අස්ගිරියේ නායකයා ප්‍රධාන සිවුරු කාරයො කියන විධියට රට වල පල්ලටම දක්කාගෙන යාවි.

    ඊට වැඩියෙ දෙයක් සිරිසේන ගොයිය ජනාධිපතිකමේ ඉන්නකම් බලාපොරොත්තුවෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත... මූ ව්‍යවස්ථාව වෙනස් කරන්නෙත් නෑ කහකඩයෝ පිට දාලා... මේ ක්‍රමය බොහෝ දුරට අඩු කර ගන්න පුළුවන් පැරණි ආසන ක්‍රමයට ගියා නම්..

      Delete
  9. As I understand option 2 is the only viable one. Other two options are two aspirations of non-practical people whose thinking is far beyond from the reality.

    ReplyDelete
  10. //අදද මහින්ද රාජපක්ෂ ආන්ඩුවට වඩා ඉතා බලවත් බව ඔප්පු කොට හමාරය. ආන්ඩුව අඩියක් පස්සට ගෙන, නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම පසුපස සිටිනා බලවේගයද වෙන කිසිවකුත් නොව, මහින්ද රාජපක්ෂමය. ///

    කතාව සහතික ඇත්ත. දැන් රඟදැක්වෙන්නේ 2004 කාළයේ වුනුදේවල් වගේම දේවල්.

    කොහොම වුනත්, මහින්ද එනවනම් හොඳයි.

    මේ ගෝතයෝ දෙන්නට දුන්නට මුන්ට කොන්දක්වත්, හැකියාවක් වත් නෑනෙ. රනිල් රයිට්-ඕෆ් කරන්න කාලේ හරි. මෛත්‍රී.... ඩී බී විජේතුන්ග වගේ පිනට ජනපති වෙලා ඔක්කොම කාලා ගිය එකෙක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝ විට සිඳු වීමට නියමිතව ඇත...

      Delete
  11. රටට බලාපොරොත්තු තැබිය හැකි නායකයෙකු පේනතෙක් මානයක නැත.මොලයක් යයි සිතූ රනිල් අලයක් වී හමාරය.අප්පොච්චි එක්ස්පයර්ය.දැන් කෙලින්නේ පිස්සුමය.පරණ පිනක් කඩා වැටුනු සිරා ගොයියා පොරටෝක් ඔස්තාද් කෙනෙකු බව ඔප්පු කොට හමාරය.මේ ඇමති මණ්ඩලයේ ඉන්නේ නොම්මර එකේ වැඩ බැරි දාසල ටිකකි.හින්නික්කිතර අමාත්‍යංශයක් නා ගන්නා මුංට රටක් දුන්නොත් කොහොමට හිටීද?අමාත්‍ය මණ්ඩලේ ඩිංගක් හරි වැඩ කරන සජියා ගෙවල් ගහනවා වගේ සිල්ලර වැඩට මිස රටක නායකත්වයට නොමේරු ළදරුවෙකි.සජියා රට කරවන්න සුදුසු නම් නාමල්ට අගමැති කම දුන්නාට කම් නැත.සජිත්, නවින් නාමල් ඔක්කොම තාත්තලාගේ පහනින් එලිය බැලූ ගොන් පුත්තුය.එහෙම බැලුවම අත්හදා බැලීමට වත් තියෙන එකම ඔප්ෂන් එක ගෝඨය .ඒත් රට කියන්නේ කොළොඹ නොවන බවත් පාලනය කියන්නේ කුණු ටික කාපට් එක යටට දමා වේවැල් පහර දීම නොවන බවත් මතක් වන විට ඒකත් ලත් තැනම ලොප්ය.ඒ නිසා සිරාගේ පොර ටෝක් රනිල්ගේ ඩිල් සහ මහින්දගේ හොරගල් ඇහිලීම් බලමින් තව දුරටත් සිටිමි.ඔයත් එහෙම හුරුවෙන්න.ඒකත් එක විදියකට පට්ට!

    ReplyDelete
    Replies
    1. අම්මපා ඒකත් ඇත්තය
      මේක පට්ටම පට්ටය

      Delete
  12. ආදරණීය මාතලන්..හැමදාම කියනාකාරයට ඔබ වැන්නවුන් ..ඒ කිව්වෙ ඕඩියන්ස් එකක් ඉන්න එවුන්...ගැත්තන්ව හරි මග දැක්කවිය යුතුය..දැක්කවිය යන වචනය පාවිච්චි කලේ අප මීහරකුන් නිසාවෙනි..!
    අප මේ ඉන්නේ හතරමං හංදියකට ලඟාවෙමින් නිසා දක්කන එක පිළිවෙලකට කරන්න යැයි බොහෝ බැගෑපත්ව ඉල්ල සිටිමි....!

    ReplyDelete
    Replies
    1. 2015 දී දැක්කුවා සේ ඉදිරියටත් නිවැරදිව දක්කමි

      මන්ද එදා එසේ නොවූවා නම්.. අපේ ඇල්බට් අයියාගේ බුලත් විඩ කඩයත් නාමල්ගේ වීමට බොහෝ සෙයින් ඉඩ කඩ තිබිනි...

      Delete
  13. There some week points garment in side too. But all you tell things no coret. Ranil and Sirisena joint garment sucsesfull. Mahinda cant come to any post agane. All theefs go to jale nearly futhure. this garment go front to front day to day.

    ReplyDelete
    Replies
    1. Ranil cunt... Maithri cunt
      both cunt

      Delete
    2. Some time Ranil cunt, but Mithri can. I no trust cunt. I tell both can.

      Delete
  14. හෆොයි....

    ගලේ රීපු බලල්
    යහපාලනේ ගෙනවිත්
    ආන්ඩුව සියඹලාන්ඩුව බවට පත් කර
    වට පිට බලන සඳ....

    ReplyDelete
  15. සිරිසේන දැන් කල්පනා කරනවා ඇත්තේ මම මොකට මේ කරුමෙට කර ගැහුවද කියල.
    මනුස්සයව වටේ ඉදන් චන්ද්‍රිකා ඔය වලට තල්ලු කරා මිසක් , කලින් ඉදන් පනින්න ඉදපු මනුස්සයෙක් නෙමේ නේ.
    සිරිසේන පුළුවන් නම්, ආයෙම මහින්දව ජනාධිපති කරලා ඇමති කට්ටක් කරන් ඉන්න පුළුවන් ඩීල් එකක් ගහයි.
    එත් එහෙම එකක් කරන්න බෑ.

    රනිල්ට ඕන දේ ව්‍යවස්ථාව වෙනස් කරගන්න, හැබැයි ඕක කරන්න ගිහින් නා ගත්තොත් යු.එන්.පී එකේ සිංහල චන්ද වලින් විතරක් එන මන්ත්‍රීලාට අබසරණයි තමා.
    රනිල්ට එහෙම ප්‍රශ්නයක් නැ , කොළඹින් එන ගොඩ දෙනෙක්ට ඔය ප්‍රශ්නේ නෑ .
    රනිල්ට පස්සේ රවීට පුටුව දෙන පොටක් තමා තියෙන්නේ.
    එහම උනොත් සජිත් සහ සිංහල චන්ද වලින් එන යු.එන්.පී කස්ටියට පෙනෙන තෙක් මානෙක හරිහමන් බලයක් නම් එන් නෑ .

    සිරිසේනට කරන්න තියෙන හොදම දේ තමයි , යු එන් පි එකේ සජිත් එක්ක ඉන්න කොටහයි , අතෙන් ආපු සෙට් එකයි එක්ක ආණ්ඩුවක් හදන එක.
    ව්‍යවස්ථා නාඩගමේ යකා , යකදුරාටයි ආතුරයටයි දෙන්නටම ගහන්නේ එහෙම උනොත් තමයි.

    ReplyDelete
    Replies
    1. තෙවන විකල්පයේ විග්‍රහයක්... ස්තූතියි

      Delete
  16. //රනිල් හා මහින්ද යන දෙදෙනාම කපා දමා, උන් හා කළ කිරුනු පිරිස් හා එක්ව නව බලවේගයක් ගොඩ නගා ගැනීම. // මේක තමා සිරා ලොක්කට කරනවානම් හොදම විකල්පය. කිව්වත් වගේ තමන් වැටකොළු පතෝල පොරක් නොව සිරා පොරක් බව පෙන්නන්න ලොක්කා තවමත් පරක්කු නෑ.

    ReplyDelete
  17. //මාතලන්ට පෙනෙනාකාරයට නම් සිරිසේන සැරසෙන්නේ දෙදෙනාටම කෙලින්නටය// මටත් සිතෙන්නේ සිදුවන්නේ මෙය බවය. බොහෝවිට විකල්පය වියහැක්කේ අලි පාටියේ කලකිරුණු සෙට් එකද, ශ්‍රී ලංකා එකේ කස්ටියක්ද සෙට් කරගෙන නැවත අච්චාරු ආණ්ඩුවකට යාමය. බොහෝවිට අගමැතිකම දියවන්නාවේ කාථාවට නායකත්වය දෙන කෙනෙකුට දෙතැයි සිතිය හැකිය. හැබැයි ඊලඟ ඡන්දයේදී මහින්ද පාර්ශවයේ ජයග්‍රහණයත් ගෝඨාගේ ආගමනයත් වැලැක්වීමට ලොවෙත් නැති තුරුම්පු ගැසුවත් නොහැකිවනු ඇත.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න නම් සෙට් එකම නිවාස අඩස්සියට දාන්න වෙනවා... එයින් මෙපිට සොලියුසොන් එකක් නෑ...

      Delete
  18. රසිකොලොජිස්ට් - Rasikologist11 July 2017 at 17:54

    @ Anonymous 11 July 2017 at 04:12

    ඔබ විසින් උපුටා දක්වා තිබුණේ විචාරක බ්ලොග්කරුවා විසින්, අද ද කුණුහරුප සහ පවුලේ අයට අපහාස පිරි සිංහල බ්ලොගයක් පවත්වාගෙන යන ජනප්‍රියම සම්මානය හම්බුනායයි කියා කියා ඔලුව උදුමාවගෙන සිටිනා අයෙකු පිළිබඳ ලියූවකි. එය මට හෝ මේ ලිපියට අදාල නැති නිසා ඉවත් කළෙමි.

    ...

    ගුතලන් ගැන නේද මේ රසික කියන්නේ.

    ReplyDelete
    Replies
    1. විචාරකලා මෙ ගූ හොරුන් ගැන අන්තීමටම කළකිරිලා උන්නේ... ඔහු මිය යන්න කලින් සත්‍ය වටහා ගත්තා... ගූ හොරු කව්ද කියලා... 4 දෙනාම පොන්නයෝ කියලා ඔහු හොඳින් වටහාගෙන උන්නේ.. ඉකොනොමැට්ටා කියලා ඌම නම දාගෙන තියෙන්නේ නිකන්ද...

      Delete
  19. ඔන්න මාතේ, උඹලාගේ ටුවරිසම් සෙක්ටර් එකේ ලොක්කා හැටියට උඹලාගේ ආණ්ඩුවේ සාගල ඇමතිගේ අයියා, කාවන්තිස්ස රත්නායක පත් කරලා තිබෙනවාය. එයා මම හිතන විදියට රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ උඹේ බැච් මේට් කෙනෙක්ය.

    ReplyDelete
    Replies
    1. මම දැන් ඒ ෆීල්ඩ් එකේ නෑ මචෝ

      Delete
  20. කිසිදු වැඩක් නොකර හුදෙක් කටවාචාල කමට බහුබූත දොඩවමින් ආණ්ඩුව හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කටයුතු විවේචනය කරන්නේ නම් වහා ඇමති ධුරයෙන් හා ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක හෙවත් "ගොංජා"ට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.

    කිසිදු පැහැදිලි සාක්ෂියක් නොමැතිව මලවිකාර දොඩවමින් අගමැතිවරයා විසින් හොරු රකින බවට නියොජ්‍ය ඇමති රන්ජන් නොහොත් "පිස්සු ගොන්ජන්" විසින් පසුගියදා කරනු ලැබූ ප‍්‍රකාශයක් මත අගමැතිවරයා විසින් මෙසේ දැඩිව ප‍්‍රකාශ කර ඇත්තේ හිල්ටන් හෝටලයේදී පැවති එජාප මැති ඇමතිවරුන්ගේ හමුවකදීය.

    තමන් කිසිසේත්ම හොරු ආරක්‍ෂා නොකරන බවත් තම පක්‍ෂයේ නායකයා විශ්වාස නැතිනම් ආණ්ඩුවන් ඉවත්ව ගොස් කැමති තරම් විවේචනය කරන ලෙසද අගමැතිවරයා එහිදී පවසා ඇත. මෙහිදී "මුඛ පූට්ටුවී" කසාය බිව් ගොලුවකු මෙන්ද බූමිතෙල් ගෑවුණු ගැරඬියෙක් මෙන්ද රැඟූ ඔහු කුජීත ලෙස කිච වී නැවත හැරී ගිය බව සැලයි. කෙසේ නමුත් අගමැතිතුමා දිගටම ඇමති මණ්ඩලයේ විනය ඇතිකොට සංධාන හාල්පාරු රැලටද තදින් හිඳ නාහෙට අහන්නේ නැති රිලවුන් එලවා දැමුවොත් නම් රටට පැවැත්මක් තියෙනු ඇත, නැත්නම් අබසරණය.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. රන්ජගේ කතාවේ ඇත්තක් තියෙනවා.

      මහින්දය වටේ හිටපු හොරුන්ට වැඩියෙ සුපිරි හොරු ටිකක් ඉන්නවා රනිල් වටේ. 2020 න් පස්සේ අනාගතෙත් ඒ තරම් 'කලර් ෆුල්' එකක් වේයැයි ෂුවර් නැති ඒ කට්ටිය තක්කඩි නිලධාරින් සෙට් එකකුත් අල්ලගෙන එකසිය ගානට ගේම දෙනවා.

      හොරෙක් නොවෙන එකෙකුටත් හොරකම් කරන්න හිතෙන් විධියේ වටපිටාවක් 'සිරා-රනිල්' මගෝඩි යහපාලනය විසින් නිර්මාණය කරලා තියෙනවා. එනම්:

      * මහින්දගේ හොර හවුලේ එක හොරෙකුටවත් අපේක්ෂිත දඬුවමක් නොලැබීම.

      * එවන් හොරු දිලිබඳ පරීක්ෂණ කිරීම සඳහා පිහිටවූ FCID, අල්ලස් කොමිසම හා ඒ හා සම්බන්ධිත අනුකුත් ආයතන
      අකර්මන්‍ය කිරීම.

      * හොරුන්ට දඬුවම් දීමේ බලය හිමි, නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණය බලවත් හොරුන් ගේ වාසිය සඳහා, ජනතාව
      කෝප ගැන්වෙන අකාරයේ, නම්‍ය හා දියාරු ප්‍රතිපත්තියක් අනුගමන කිරීම.

      මහින්දයගේ හොර රෙජීමයේ හොරුන්ට දඬුවම් කිරීම කෙසේ වෙතත් දැන් තමන්ගේ වටේ ඉන්න හොරු ගැන ඇස් කන් පියාගෙන සිටීමෙන් තේරුම් යන්නේ 'රනිල් හොරු ආරක්ෂා කරනවා' යන්න හැර අන් කිසිවක් නොවේ.

      ඒ අනුව රන්ජගේ ප්‍රකාශය 100% සත්‍යයකි. රනිල්ට තද වුනේ රංජ ඒ 'ඇචිලස් හීල්' එකට ඇන්න නිසයි.

      ඒ වගේම නළු පාට් තිබුනට, අනිත් උන්ට සාපේක්ෂව රංජ හොරෙක් නොවෙයි.

      Delete
    3. රන්ජන් කියනා දේ වල වටිනා කමක් නැත්තේ, ඌත් හොරු එක්කම හෙළුවෙන් එක පෙලට ඉන්න නිසා...

      Delete
  21. චන්දේ දෙන උන් ඒ වෙලාවට උන්ට හිතෙන විදිහට දෙනවා. ඒ වෙලාවෙ හිතෙන දේ තමයි සිරි ලන්කාවෙ වැදගත්

    ReplyDelete
    Replies
    1. එහෙම පිරිසට තමයි පාවෙන චන්ද කියන්නේ... උන්ගේ ඡන්දවල තමා වැඩි වටිනාකම තියෙන්නේ... එහෙම නැතිව එක එකාට වහල් කම් කරන උන්ගේ ඡන්දවල නෙමෙයි...

      Delete
  22. රනිලටනම් ඉතින් ගානක්වත් නෑ.ගොන් ජෝක් එකක් දාන් හිටිඅයම ඇති

    ReplyDelete
    Replies
    1. රනිල්ට මේ රට ගොඩ ගන්න බෑ... කරනවා නම් පුළුවන් සිරාටම විතරයි... රනිල් මහ බැංකු සීන් එකෙන් හත් පොලේ ගාගෙන ඉන්නේ....

      Delete
  23. විජේවර්ධන පරපුර රාජපක්ෂලාට වඩා සෑම විටම සෑම අතින්ම බලවත් වූහ.
    රනිල් යනු ඉතිහාසගත ෆේලියර් එකකි.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම... ජයවර්ධන විජේවර්ධන නම්වලටත් නිගාවක්...

      Delete
  24. මාතලන් ඔබ සිතන්නේ මී හරකුන්ට ත් වඩා අන්ත ගොන්නු සිටින රටේ පාලකයන්, බොග කරුවන් පමණක් හෙන බුද්ධිමතුන් කියා ද? ඔය වටපඩ කෙලින් කාළයේ පොතක් පතක් බැලුවා නම් උඹත් හෙන මොළකාරයෙකි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න